Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 3101-3200 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTබුද්ධවග්ගො පඨමො.
Sinhala BJTබුද්ධවර්‍ගය පළමුවැනි යි
Pali BJTතස්සුද්දානං{1}:
Sinhala BJTඋද්දානය:
Pali BJTදෙසනා විභඞ්ග පටිපදා ච{2} විපස්සී සිඛී ච වෙස්සභූ, කකුසන්ධො{3} කොණාගමනො ච{4} කස්සපො (මහායසො සක්යමුනී ච) ගොතමොති{5}
Sinhala BJTදේසනා, විභඞ්ග, පටිපදා, විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසන්‍ධ, කෝණාගමන, කස්සප, (මහායස සක්‍යමුනි) ගොතම ය යි සූත්‍ර දශයෙකි.
Pali BJT2. ආහාරවග්ගො
Sinhala BJT2. ආහාර වර්‍ගය
Pali BJT1. 2. 1.
Sinhala BJT1. 2. 1.
Pali BJTආහාරසුත්තං
Sinhala BJTආහාර සූත්‍රය
Pali BJT11. සාවත්ථියං–
Sinhala BJT11. සැවැත්නුවර–
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය. කතමෙ චත්තාරො? කබළිඞ්කාරො{1} ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ආහාරා භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය.
Sinhala BJTමහණෙනි, උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිසත්, උපදින්නා වූ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර සතරෙකි: කවර සතරෙක් ද? යත්: දළ වූ හෝ සියුම් වූ හෝ කබලීකාර (=පිඬු කොට බුදින බත් ආදි) ආහාරය, ස්පර්‍ශය දෙවැන්න ය, මනෝසඤ්චේතනාව තෙවැන්න ය, විඥානය සිවුවැන්න ය. මහණෙනි, මේ සතර ආහාරයෝ උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිසත් වෙති.
Pali BJTඉමෙ ඛො භික්ඛවෙ,{2} චත්තාරො ආහාරා කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවා? ඉමෙ චත්තාරො ආහාරා තණ්හානිදානා, තණ්හාසමුදයා, තණ්හාජාතිකා, තණ්හාපභවා{3}
Sinhala BJTමහණෙනි, මේ ආහාර සතර කුමක් නිදාන (කරුණු) කොට, කුමක් හේතු කොට, කුමක් ප්‍රභව කොට ඇත්තෝ ද? මේ සතර ආහාරයෝ තෘෂ්ණාව නිදාන කොට, තෘෂ්ණාව හේතු කොට, තෘෂ්ණාව ජාති කොට, තෘෂ්ණාව ප්‍රභව කොට ඇත්තෝ ය.
Pali BJTතණ්හා චායං භික්ඛවෙ, කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවා? තණ්හා වෙදනානිදානා, වෙදනාසමුදයා, වෙදනාජාතිකා, වෙදනාපභවා.
Sinhala BJTමහණෙනි, මේ තෘෂ්ණාව කුමක් නිදාන කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට, ඇත්තී ද? තෘෂ්ණාව වේදනාව නිදාන කොට, වේදනාව හේතු කොට, වේදනාව ජාති කොට, වේදනාව ප්‍රභව කොට ඇත්තී ය.
Pali BJTවෙදනා චායං භික්ඛවෙ, කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවා? වෙදනා ඵස්සනිදානා, ඵස්සසමුදයා, ඵස්සජාතිකා, ඵස්සප්පභවා.
Sinhala BJTමහණෙනි, මේ වේදනාවත් කුමක් නිදාන කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තී ද? වේදනාව ස්පර්‍ශය නිදාන කොට, ස්පර්‍ශය හේතු කොට, ස්පර්‍ශය ජාති කොට, ස්පර්‍ශය ප්‍රභව කොට ඇත්තී ය.
Pali BJTඵස්සො චායං භික්ඛවෙ, කින්නිදානො? කිංසමුදයො? කිඤ්ජාතිකො? කිම්පභවො? ඵස්සො සළායතනනිදානො, සළායතනසමුදයො, සළායතනජාතිකො, සළායතනප්පභවො.
Sinhala BJTමහණෙනි, මේ ස්පර්‍ශය කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට කුමක් ප්‍රභව කොට, ඇත්තේ ද? ස්පර්‍ශය ෂඩායතනය කරුණු කොට, ෂඩායතනය හේතු කොට, ෂඩායතනය ජාති කොට, ෂඩායතනය ප්‍රභව කොට ඇත්තේ ය.
Pali BJTසළායතනඤ්චිදං භික්ඛවෙ, කින්නිදානං? කිංසමුදයං? කිඤ්ජාතිකං? කිම්පභවං? සළායතනං නාමරූපනිදානං, නාමරූපසමුදයං, නාමරූපජාතිකං, නාමරූපප්පභවං.
Sinhala BJTමහණෙනි, මේ ෂඩායතනය කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද? ෂඩායතනය නාමරූප කරුණු කොට, නාමරූප හේතු කොට, නාමරූප ජාති කොට, නාමරූප ප්‍රභව කොට ඇත්තේ ය.
Pali BJTනාමරූපඤ්චිදං භික්ඛවෙ, කින්නිදානං? කිංසමුදයං? කිඤ්ජාතිකං? කිම්පභවං? නාමරූපං විඤ්ඤාණනිදානං, විඤ්ඤාණසමුදයං, විඤ්ඤාණජාතිකං, විඤ්ඤාණප්පභවං.
Sinhala BJTමහණෙනි, මේ නාමරූප කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද? නාමරූප විඥානය කරුණු කොට, විඥානය හේතු කොට, විඥානය ජාති කොට, විඥානය ප්‍රභව කොට ඇත්තේ ය.
Pali BJTවිඤ්ඤාණඤ්චිදං භික්ඛවෙ, කින්නිදානං? කිංසමුදයං? කිඤ්ජාතිකං? කිම්පභවං? විඤ්ඤාණං සඞ්ඛාරනිදානං, සඞ්ඛාරසමුදයං, සඞ්ඛාරජාතිකං, සඞ්ඛාරප්පභවං.
Sinhala BJTමහණෙනි, මේ විඥානය කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තේ ද? විඥානය සංස්කාරයන් කරුණු කොට, සංස්කාරයන් හේතු කොට, සංස්කාරයන් ජාති කොට, සංස්කාරයන් ප්‍රභව කොට ඇත්තේ ය.
Pali BJTසඞ්ඛාරා චිමෙ භික්ඛවෙ, කින්නිදානා? කිංසමුදයා? කිඤ්ජාතිකා? කිම්පභවා? සඞ්ඛාරා අවිජ්ජානිදානා, අවිජ්ජාසමුදයා, අවිජ්ජාජාතිකා, අවිජ්ජාපභවා.
Sinhala BJTමහණෙනි, මේ සංස්කාරයෝ කුමක් කරුණු කොට, කුමක් හේතු කොට, කුමක් ජාති කොට, කුමක් ප්‍රභව කොට ඇත්තාහු ද? සංස්කාරයෝ අවිද්‍යාව කරුණු කොට, අවිද්‍යාව හේතු කොට, අවිද්‍යාව ජාති කොට, අවිද්‍යාව ප්‍රභව කොට ඇත්තාහු ය.
Pali BJTඉති ඛො භික්ඛවෙ, අවිජ්ජාපච්චයා සඞ්ඛාරා. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, මෙසේ අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTඅවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTඅවිද්‍යාවේ ම අනවශේෂවිරාග සඞ්ඛ්‍යාත නිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJT1. 2. 2.
Sinhala BJT1. 2. 2.
Pali BJTමොළියඵග්ගුන{1}සුත්තං
Sinhala BJTමොළියඵග්ගුන සූත්‍රය
Pali BJT12. සාවත්ථියං–
Sinhala BJT12. සැවැත්නුවර–
Pali BJTචත්තාරො’මෙ භික්ඛවෙ, ආහාරා භූතානං වා සත්තානං ඨිතියා, සම්භවෙසීනං වා අනුග්ගහාය. කතමෙ චත්තාරො? කබළිඞ්කාරො ආහාරො ඔළාරිකො වා සුඛුමො වා, ඵස්සො දුතියො, මනොසඤ්චෙතනා තතියා, විඤ්ඤාණං චතුත්ථං. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ආහාරා භූතානං වා සත්තානං ඨිතියා, සම්භවෙසීනං වා අනුග්ගහායාති.
Sinhala BJTමහණෙනි, උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්ත්‍වයන්ට අනුග්‍රහ පිණිසත් මේ ආහාර සතරෙකි. කවර සතරෙක් ද? දළ වූ හෝ සියුම් වූ හෝ කබලීකාර ආහාරය ය, ස්පර්‍ශය දෙවැන්න ය, මනෝසඤ්චේතනාව තෙවැන්න ය, විඥානය සිවුවැන්න ය. මහණෙනි, මේ ආහාර සතර උපන් සත්ත්‍වයන්ගේ පැවැත්ම පිණිසත් උපදින්නා වූ සත්ත්‍වයන්ට අනුග්‍රහය පිණිසත් වේ.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා මොළියඵග්ගුනො භගවන්තං එතදවොච: කො නු ඛො භන්තෙ විඤ්ඤාණාහාරං ආහාරෙතීති? නො කල්ලො පඤ්හොති භගවා අවොච: ආහාරෙතීති අහං න වදාමි. ආහාරෙතීති චාහං වදෙය්යං, තත්රස්ස කල්ලො පඤ්හො ‘කො නු ඛො භන්තෙ, ආහාරෙතී’ති. එවඤ්චාහං න වදාමි. එවං මං අවදන්තං යො එවං පුච්ඡෙය්ය: ‘කිස්ස නු ඛො භන්තෙ විඤ්ඤාණාහාරො’ති, එස කල්ලො පඤ්හො. තත්ර කල්ලං වෙය්යාකරණං, විඤ්ඤාණාහාරො ආයතිං පුනබ්භවාභිනිබ්බත්තියා පච්චයො. තස්මිං භූතෙ සති සළායතනං, සළායතනපච්චයා ඵස්සොති.
Sinhala BJTමෙසේ වදාළ කල ආයුෂ්මත් මොළියඑග්ගුන ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ “වහන්ස, කවරෙක් විඥානාහාරය අනුභව කෙරේ දැ” යි විචාළේ ය. “ප්‍රශ්නය යුක්ත නො වේ ය” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘(පුද්ගලයෙක්) අනුභව කෙරේ ය’යි මම නො කියමි. ඉදින් (පුද්ගලයෙක්) අනුභව කෙරේ ය යි මම කියන්නෙම් නම්, එහි ලා ‘වහන්ස, කවරෙක් අනුභව කෙරේ දැ’යි යන ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො කියමි. එසේ නොකියන මාගෙන් යමෙක් ‘වහන්ස, විඥානය කුමකට ආහාරය (ප්‍රත්‍යය) වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම් මේ ප්‍රශ්නය යුක්ත ය. ‘විඥානාහාරය (ප්‍රතිසන්‍ධිය) මතු පුනර්‍භවය (නාම රූප) හටගැණීම පිණිස ප්‍රත්‍යය වෙයි. ඒ පුනබ්භවාභිනිබබ්ත්ති සඞ්ඛ්‍යාත නාමරූප ඇති වු කල්හි ෂඩායතන වෙයි. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ ය’ යි එයි ලා විසඳීම සුදුසු ය.
Pali BJTකො නු ඛො භන්තෙ, ඵුසතීති. නො කල්ලො පඤ්හොති භගවා අවොච. ඵුසතීති අහං න වදාමි. ඵුසතීති චාහං වදෙය්යං, තත්රස්ස කල්ලො පඤ්හො ‘කො නු ඛො භන්තෙ, ඵුසතී’ති. එවං චාහං න වදාමි. එවං මං අවදන්තං යො එවං පුච්ඡෙය්ය ‘කිම්පච්චයා නු ඛො භන්තෙ, ඵස්සො’ති, එස කල්ලො පඤ්හො. තත්ර කල්ලං වෙය්යාකරණං ‘සළායතනපච්චයා ඵස්සො. ඵස්සපච්චයා වෙදනා’ති.
Sinhala BJTවහන්ස, කවරෙක් ස්පර්‍ශ කෙරේ ද? මේ ප්‍රශ්නය යුක්ත නො වේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක (සත්ත්‍වයෙක් හො පුද්ගලයෙක්) ස්පර්‍ශ කෙරේ ය යි මම නො කියමි. ඉදින් ස්පර්‍ශ කෙරේ ය යි මම කියන්නෙම් නම්, එහි ලා ‘වහන්ස, කවරෙක් ස්පර්‍ශ කෙරේ ද?’ යන මේ ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො ම කියමි. එසේ නොකියන මාගෙන් යමෙක් “වහන්ස, කිනම් ප්‍රත්‍යයයකින් ස්පර්‍ශය වේ දැ” යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහි ලා “ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වෙයි. ස්පර්‍ශ ප්‍රත්‍යයයෙන් වේදනාව වේ ය”යි විසඳීම යුක්ත ය.
Pali BJTකො නු ඛො භන්තෙ, වෙදියතීති{1}. නො කල්ලො පඤ්හොති භගවා අවොච. වෙදියතීති අහං න වදාමි. වෙදියතීති චාහං වදෙය්යං, තත්රස්ස කල්ලො පඤ්හො “කො නු ඛො භන්තෙ, වෙදියතී”ති. එවං චාහං න වදාමි. එවං මං අවදන්තං යො එවං පුච්ඡෙය්ය ‘කිම්පච්චයා නු ඛො භන්තෙ වෙදනා’ති, එස කල්ලො පඤ්හො. තත්ර කල්ලං වෙය්යාකරණං “ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා”ති.
Sinhala BJT“වහන්ස, කවරෙක් විඳී ද?”. ප්‍රශ්නය යුක්ත නො වේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. විඳී ය යි මම නො කියමි. ඉදින් විඳී ය යි මම කියන්නෙම් නම්, එහි ලා “වහන්ස, කවරෙක් විඳී ද?” යන මේ ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො ම කියමි. එසේ නො කියන මාගෙන් යමෙක් ‘වහන්ස, කිනම් ප්‍රත්‍යයයෙකින් වේදනාව වේ දැ’ යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහිලා “ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ. වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ය”යි විසඳීම යුක්ත ය.
Pali BJTකො නු ඛො භන්තෙ, තණ්හීයතීති{2}. නො කල්ලො පඤ්හොති භගවා අවොච. තණ්හීයතීති අහං න වදාමි. තණ්හීයතීති චාහං වදෙය්යං, තත්රස්ස කල්ලො පඤ්හො “කො නු ඛො භන්තෙ, තණ්හීයතී”ති. එවං චාහං න වදාමි. එවං මං අවදන්තං යො එවං පුච්ඡෙය්ය “කිම්පච්චයා නු ඛො භන්තෙ, තණ්හා”ති, එස කල්ලො පඤ්හො. තත්ර කල්ලං වෙය්යාකරණං “වෙදනාපච්චයා තණ්හා. තණ්හාපච්චයා උපාදාන”න්ති.
Sinhala BJTවහන්ස, කවරෙක් තෘෂ්ණාව කෙරේ ද?. ප්‍රශ්නය යුක්ත නො වේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. තෘෂ්ණාව කෙරේ ය යි මම නො කියමි. ඉදින් මම තෘෂ්ණාව කෙරේ ය යි කියන්නෙම් නම්, එහි ලා ‘වහන්ස, කවරෙක් තෘෂ්ණාව කෙරේ ද?’ යන ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො කියමි. එසේ නො නො කියන මාගෙන් යමෙක් ‘වහන්ස, කිනම් ප්‍රත්‍යයයෙකින් තෘෂ්ණාව වේ දැ’යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහි ලා ‘වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ ය’යි විසඳීම යුක්ත ය.
Pali BJTකො නු ඛො භන්තෙ, උපාදියතීති. නො කල්ලො පඤ්හොති භගවා අවොච. උපාදියතීති අහං න වදාමි. උපාදියතීති චාහං වදෙය්යං, තත්රස්ස කල්ලො පඤ්හො “කො නු ඛො භන්තෙ, උපාදියතී”ති. එවං චාහං න වදාමි. එවං මං අවදන්තං යො එවං පුච්ඡෙය්ය “කිම්පච්චයා නු ඛො භන්තෙ, උපාදාන”න්ති එස කල්ලො පඤ්හො. තත්ර කල්ලං වෙය්යාකරණං “තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.”
Sinhala BJTවහන්ස, කවරෙක් උපාදානය කෙරේ (දැඩි කොට ගණී) ද?. ප්‍රශ්නය යුක්ත නොවේ ය යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. උපාදානය කෙරේ ය යි මම නො කියමි. ඉදින් මම උපාදානය කෙරේ ය යි කියන්නෙම් නම්, එහි ලා “වහන්ස, කවරෙක් උපාදානය කෙරේ ද?” යන ප්‍රශ්නය යුක්ත වන්නේ ය. මම එසේ නො කියමි. එසේ නො කියන මාගෙන් යමෙක් ‘වහන්ස, කිනම් ප්‍රත්‍යයයෙකින් උපාදානය වේ දැ’යි මෙසේ විචාරන්නේ නම්, මේ ප්‍රශ්නය යුක්ත ය. එහි ලා ‘තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ ය යි විසඳීම යුක්ත ය. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTඡන්නං ත්වෙව ඵග්ගුන, ඵස්සායතනානං අසෙසවිරාගනිරොධා ඵස්සනිරොධො. ඵස්සනිරොධා වෙදනානිරොධො. වෙදනානිරොධා තණ්හානිරොධො. තණ්හානිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො. භවනිරොධා ජාතිනිරොධො. ජාතිනිරොධා ජරාමරණං සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTඵග්ගුන, ස්පර්‍ශායතන සයෙහි ම නිරවශේෂවිරාගනිරෝධයෙන් ස්පර්‍ශනිරෝධය වේ ස්පර්‍ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වෙදනානිරෝධයෙන් තණ්හානිරෝධය වේ. තණ්හානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණසෝකපරිදේව දුක්ඛදොමනස්සඋපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ ය යි වදාළ සේක.
Pali BJT1. 2. 3.
Sinhala BJT1. 2. 3.
Pali BJTසමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTසමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT13. සාවත්ථියං–
Sinhala BJT13. සැවැත්නුවර–
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං නප්පජානන්ති, ජරාමරණසමුදයං නප්පජානන්ති, ජරාමරණනිරොධං නප්පජානන්ති, ජරාමරණනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති. ජාතිං -පෙ- භවං - උපාදානං - තණ්හං - වෙදනං - ඵස්සං - සළායතනං - නාමරූපං - විඤ්ඤාණං - සඞ්ඛාරෙ නප්පජානන්ති, සඞ්ඛාරසමුදයං නප්පජානන්ති, සඞ්ඛාරනිරොධං නප්පජානන්ති, සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං{3} නප්පජානන්ති. න මෙ තෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා. බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා. න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJTමහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ නො දනිත් ද, ඔහු තුමූ ජරාමරණ සමුදය නො දනිත්. ජරාමරණනිරෝධය නො දනිත්. ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්. ජාතිය ... භවය - උපාදානය - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සඞ්ඛාර නො දනිද් ද, ඔහු සඞ්ඛාරසමුදය නො දනිත්. සඞ්ඛාරනිරෝධය නො දනිත්. සඞ්ඛාරනිරෝධගාමිනීපටිපදාව නො දනිත්. මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහි ශ්‍රමණසම්මත වූවෝත් බ්‍රාහ්මණයන් කෙරෙහි බ්‍රාහ්මණසම්මත වූවෝත් නො වෙත්. ඒ ආයුෂ්මත්හු (ආර්‍ය්‍යඵල සඞ්ඛ්‍යාත) ශ්‍රමණයන් පිළිබඳ අර්‍ත්‍ථයත් බමුණන් පිළිබඳ අර්‍ත්‍ථයත් මෙ ලෙව්හි දී ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ නො ද වෙසෙති.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ජරාමරණං පජානන්ති, ජරාමරණසමුදයං පජානන්ති. ජරාමරණනිරොධං පජානන්ති. ජරාමරණනිරොධගාමිනිං පටිපදං පජානන්ති. ජාතිං -පෙ- භවං - උපාදානං - තණ්හං - වෙදනං - ඵස්සං - සළායතනං - නාමරූපං - විඤ්ඤාණං - සඞ්ඛාරෙ පජානන්ති, සඞ්ඛාරසමුදයං පජානන්ති. සඞ්ඛාරනිරොධං පජානන්ති. සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානන්ති. තෙ ඛො මෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව සමණසම්මතා. බ්රාහ්මණෙසු ච බ්රාහ්මණසම්මතා. තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ජරාමරණ දනිද් ද, ඔහු ජරාමරණසමුදය දනිත්. ජරාමරණනිරෝධය දනිත්. ජරාමරණනිරෝධගාමිනීපටිපදාව දනිත්, ජාතිය -පෙ- භවය - උපාදාන - තෘෂ්ණාව - වේදනාව - ස්පර්‍ශය - ෂඩායතන - නාමරූප - විඥානය - සංස්කාරයන් දනිද් ද, ඔහු සංස්කාරසමුදය දනිත්. සංස්කාරනිරෝධය දනිත්. සංස්කාරනිරොධගාමිණීප්‍රතිපත්තිය දනිත්. මහණෙනි, ඒ ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණ ය යි සම්මතයහ. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණ ය යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හු ද ආර්‍ය්‍යඵලසඞ්ඛ්‍යාත ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථයත් බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථයත් මේ අත්බැව්හි දී ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට (ඊට) පැමිණ වෙසෙත්.
Pali BJT1. 2. 4.
Sinhala BJT1. 2. 4.
Pali BJTදුතියසමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTදුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT14. සාවත්ථියං–
Sinhala BJT14 සැවැත්නුවර–
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙ ධම්මෙ නප්පජානන්ති, ඉමෙසං ධම්මානං සමුදයං නප්පජානන්ති. ඉමෙසං ධම්මානං නිරොධං නප්පජානන්ති. ඉමෙසං ධම්මානං නිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති. කතමෙ ධම්මෙ නප්පජානන්ති? කතමෙසං ධම්මානං සමුදයං නප්පජානන්ති? කතමෙසං ධම්මානං නිරොධං නප්පජානන්ති? කතමෙසං ධම්මානං නිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති? ජරාමරණං නප්පජානන්ති. ජරාමරණසමුදයං නප්පජානන්ති. ජරාමරණනිරොධං නප්පජානන්ති. ජරාමරණනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති. ජාතිං -පෙ- භවං - උපාදානං - තණ්හං - වෙදනං - ඵස්සං - සළායතනං - නාමරූපං - විඤ්ඤාණං - සඞ්ඛාරෙ නප්පජානන්ති, සඞ්ඛාරසමුදයං නප්පජානන්ති. සඞ්ඛාරනිරොධං නප්පජානන්ති. සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති.
Sinhala BJTමහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ ධර්‍මයන් නො දනිද් ද, ඔහු තුමූ මේ ධර්‍මයන්ගේ සමුදය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපත්තිය නො දනිත්. කවර ධර්‍මයන් නො දනිද් ද? කවර ධර්‍මයන්ගේ සමුදය නො දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරෝධය නො දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරොධගාමිණීප්‍රතිපදාව නො දනිද් ද? ජරාමරණ නො දනිත්. ජරාමරණසමුදය නෙ දනිත්. ජරාමරණනිරෝධය නො දනිත්. ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්. ජාතිය ... භවය - උපාදාන - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සඞ්ඛාර නො දනිද් ද? සඞ්ඛාරසමුදය නො දනිත්. සඞ්ඛාරනිරෝධය නො දනිත්. සඞ්ඛාරනිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්.
Pali BJTඉමෙ ධම්මෙ නප්පජානන්ති, ඉමෙසං ධම්මානං සමුදයං නප්පජානන්ති. ඉමෙසං ධම්මානං නිරොධං නප්පජානන්ති. ඉමෙසං ධම්මානං නිරොධගාමිනිං පටිපදං නප්පජානන්ති. න මෙ තෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා. න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJT(යම් කෙනෙක්) මේ ධර්‍මයන් නො දනිද් ද, (ඔහුතුමූ). මේ ධර්‍මයන්ගේ සමුදය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය නො දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදාව නො දනිත්. මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝත් බ්‍රාහ්මණයෝත් ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණයෝ ය යි සම්මත නො වෙති. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණයෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු ද ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථය හෝ මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට (ඊට) පැමිණ නො වෙසෙත්.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙ ධම්මෙ පජානන්ති, ඉමෙසං ධම්මානං සමුදයං පජානන්ති, ඉමෙසං ධම්මානං නිරොධං පජානන්ති, ඉමෙසං ධම්මානං නිරොධගාමිනිං පටිපදං පජානන්ති. කතමෙ ධම්මෙ පජානන්ති? කතමෙසං ධම්මානං සමුදයං පජානන්ති? කතමෙසං ධම්මානං නිරොධං පජානන්ති? කතමෙසං ධම්මානං නිරොධගාමිනිං පටිපදං පජානන්ති? ජරාමරණං පජානන්ති. ජරාමරණසමුදයං පජානන්ති. ජරාමරණනිරොධං පජානන්ති. ජරාමරණනිරොධගාමිනිං පටිපදං පජානන්ති. ජාතිං -පෙ- භවං - උපාදානං - තණ්හං - වෙදනං - ඵස්සං - සළායතනං - නාමරූපං - විඤ්ඤාණං - සඞ්ඛාරෙ පජානන්ති, සඞ්ඛාරසමුදයං පජානන්ති. සඞ්ඛාරනිරොධං පජානන්ති. සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං පජානන්ති.
Sinhala BJTමහණෙනි, යම් කිසි ශ්‍රමණ කෙනෙක් හෝ බ්‍රාහ්මණ කෙනෙක් හෝ මේ ධර්‍මයන් දනිද් ද, ඔහු මේ ධර්‍මයන්ගේ සමුදය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදාව දනිත්. කවර ධර්‍මයන් දනිද් ද? කවර ධර්‍මයන්ගේ සමුදය දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරෝධය දනිද් ද? කවර ධර්‍මයන්ගේ නිරෝධගාමිනීප්‍රතිපදාව දනිද් ද? ජරාමරණ දනිත්. ජරාමරණසමුදය දනිත්. ජරාමරණනිරෝධය දනිත්. ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත්. ජාතිය ... භවය - උපාදාන - තණ්හාව - වේදනාව - ඵස්සය - සළායතන - නාමරූප - විඤ්ඤාණය - සඞ්ඛාර දනිද් ද, සඞ්ඛාරසමුදය දනිත්. සඞ්ඛාරනිරෝධය දනිත්. සඞ්ඛාරනිරෝධගාමිනීප්‍රතිපදාව දනිත්.
Pali BJTඉමෙ ධම්මෙ පජානන්ති, ඉමෙසං ධම්මානං සමුදයං පජානන්ති. ඉමෙසං ධම්මානං නිරොධං පජානන්ති. ඉමෙසං ධම්මානං නිරොධගාමිනිං පටිපදං පජානන්ති. තෙ ඛොමෙ භික්ඛවෙ සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව සමණසම්මතා බ්රාහ්මණෙසු ච බ්රාහ්මණසම්මතා. තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJT(යම් කෙනෙක්) මේ ධර්‍මයන් දනිද් ද, (ඔහු) මේ ධර්‍මයන්ගේ සමුදය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධය දනිත්. මේ ධර්‍මයන්ගේ නිරෝධගාමිනී ප්‍රතිපදාව දනිත්. මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝත් බ්‍රාහ්මණයෝත් ශ්‍රමණයන් කෙරෙහිත් ශ්‍රමණ ය යි සම්මතයහ. බ්‍රාහ්මණයන් කෙරෙහිත් බ්‍රාහ්මණ ය යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හුත් ශ්‍රමණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථයත් බ්‍රාහ්මණත්‍වය පිළිබඳ අර්‍ත්‍ථයත් මේ අත්බව්හි ම විශිෂ්ටඥානයෙන් දැන් ප්‍රත්‍යක්‍ෂ කොට ඊට පැමිණ වෙසෙත් ය යි වදාළ සේක.
Pali BJT1. 2. 5.
Sinhala BJT1. 2. 5.
Pali BJTකච්චානගොත්තසුත්තං
Sinhala BJTකච්චානගොත්ත සූත්‍රය
Pali BJT15. සාවත්ථියං–
Sinhala BJT15. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො ආයස්මා කච්චානගොත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා කච්චානගොත්තො භගවන්තං එතදවොච: “සම්මාදිට්ඨි සම්මාදිට්ඨි”ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ සම්මාදිට්ඨි හොතීති?
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් කච්චානගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් කච්චානගොත්ත ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, සම්මාදිට්ඨි සම්මාදිට්ඨි ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් සම්මාදිට්ඨි ඇත්තේ වේ ද?
Pali BJT{2}ද්වයංනිස්සිතො ඛො’යං කච්චාන ලොකො යෙභුය්යෙන අත්ථිතඤ්චෙව නත්ථිතඤ්ච. ලොකසමුදයඤ්ච ඛො කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා ලොකෙ නත්ථිතා, සා න හොති. ලොකනිරොධං ඛො කච්චාන යථාභූතං සම්මප්පඤ්ඤාය පස්සතො යා ලොකෙ අත්ථිතා, සා න හොති. උපායුපාදානාභිනිවෙසවිනිබද්ධො{3} ඛ්වායං කච්චාන ලොකො යෙභුය්යෙන තඤ්ච උපායුපාදානං චෙතසො අධිට්ඨානං අභිනිවෙසානුසයං න උපෙති, න උපාදියති, නාධිට්ඨාති ‘අත්තා මෙ’ති. දුක්ඛමෙව උප්පජ්ජමානං උප්පජ්ජති, දුක්ඛං නිරුජ්ඣමානං නිරුජ්ඣතීති න කඞ්ඛති. න විචිකිච්ඡති. අපරප්පච්චයා ඤාණමෙවස්ස එත්ථ හොති. එත්තාවතා{4} ඛො කච්චාන, සම්මාදිට්ඨි හොති.
Sinhala BJTකච්චාන, මේ ලෝකයා අස්තිත්‍වය (ශාශ්වතය) ද නාස්තිත්‍වය (උච්ඡේදය) ද යන දෙ කොටස බෙහෙවින් ඇසුරු කෙළේ වේ. කච්චාන, ලෝකසමුදයය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් නාස්තිත්‍වයෙක් ඇද් ද, එය නො වේ. කච්චාන, ලෝකනිරෝධය තත් වූ පරිද්දෙන් මනා නුවණින් දක්නාහට, ලෝකයෙහි යම් අස්තිත්‍වයෙක් ඇද් ද, එය නො වේ. කච්චාන, මේ ලෝකයා තෘෂ්ණාදාෂ්ටිසඞ්ඛ්‍යාත උපාය උපාදාන අභිනිවේසයන්ගෙන් බැඳුනේ සිත පිහිටන තැන වූ ඒ උපාය උපාදාන සඞ්ඛ්‍යාත තෘෂ්ණා දෘෂ්ටි අභිනිවෙශානුශයයට බෙහෙවින් නො පැමිණේ. ‘මාගේ ආත්මය’යි නො ගණී. නො ඉටයි. ‘උපදින්නේ දුක ම උපදියි. නිරුද්ධ වන්නේ දුක ම නිරුද්ධ වේ ය’යි (සලකයි. අන්‍ය වූ සත්ත්‍වයෙක් හෝ පුද්ගලයෙක් ඇතැයි) සැක නො කෙරේ. විචිකිච්ඡා නූපදවයි. මෙහි ලා ඔහුට පරප්‍රත්‍යයරහිතභාවයෙන් ආත්මප්‍රත්‍යක්‍ෂඥානයම වේ. කච්චාන, මෙතෙකින් ම සම්‍යග්දෘෂ්ටි ඇත්තේ වෙයි.
Pali BJTසබ්බමත්ථීති ඛො කච්චාන, අයමෙකො අන්තො. සබ්බං නත්ථීති අයං දුතියො අන්තො. එතෙ තෙ කච්චාන උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති. අවිජ්ජාපච්චයා සඞ්ඛාරා. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTකච්චාන, සියල්ල ඇතැයි යන මෙය එක් අන්තයෙකි. සියල්ල නැතැ යි යන මෙය දෙවෙනි අන්තය යි. කච්චාන, ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම්පිළිවෙතින් තථාගත තෙමේ දහම් දෙසයි. “අවිද්‍යා ප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැන්ම වෙයි. අවිද්‍යාවගේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ ය.” කියා යි.
Pali BJT1. 2. 6.
Sinhala BJT1. 2. 6.
Pali BJTධම්මකථිකසුත්තං
Sinhala BJTධම්මකථික සූත්‍රය
Pali BJT16. සාවත්ථියං–
Sinhala BJT16. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: ‘ධම්මකථිකො ධම්මකථිකො’ති භන්තෙ වුච්චති, කිත්තාවතා නු ඛො භන්තෙ, ධම්මකථිකො හොතී’ති?
Sinhala BJTඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහ්නසේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේය: වහන්ස, ධර්‍මකථික ය, ධර්‍මකථික ය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ධර්‍මකථික වේ ද?
Pali BJTජරාමරණස්ස චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති, ධම්මකථිකො භික්ඛූති අලං වචනාය.
Sinhala BJTමහණ, ඉදින් මහණ තෙමේ ජරාමරණ පිළිබඳ ව කළකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස දහම් දෙසා නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මකථික’ ය යි කීමට යුතු වෙයි.
Pali BJTජරාමරණස්ස චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති, ධම්මානුධම්මපටිපන්නො භික්ඛූති අලං වචනාය.
Sinhala BJTමහණ තෙමේ ජරාමරණ දෙක්හි කළකිරීම පිණිස නැති කිරීම පිණිස පිළිපන්නේ වේ නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මානුධර්‍මප්‍රතිපන්න’ ය යි කීමට යුතු වෙයි.
Pali BJTජරාමරණස්ස චෙ භික්ඛු නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති, දිට්ඨධම්මනිබ්බාණප්පත්තො භික්ඛූති අලං වචනාය.
Sinhala BJTඉදින් මහණ තෙමේ ජරාමරණ පිළිබඳ ව කළකිරීමෙන් නො ඇලීමෙන් නැති කිරීමෙන් (කිසි ධර්‍මයක්) දැඩි ව නො ගෙණ මිදුනේ නම්, ඒ මහණ තෙමේ ‘මේ අත්බැව්හි ම නිවණට පැමිණියේ’ ය යි කීමට යුතු වෙයි.
Pali BJTජාතියා චෙ භික්ඛු -පෙ- භවස්ස චෙ භික්ඛු - උපාදානස්ස චෙ භික්ඛු - තණ්හාය චෙ භික්ඛු - වෙදනාය චෙ භික්ඛු - ඵස්සස්ස චෙ භික්ඛු - සළායතනස්ස චෙ භික්ඛු - නාමරූපස්ස චෙ භික්ඛු - විඤ්ඤාණස්ස චෙ භික්ඛු - සඞ්ඛාරානං චෙ භික්ඛු - අවිජ්ජාය චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය ධම්මං දෙසෙති, ධම්මකථිකො භික්ඛූති අලං වචනාය.
Sinhala BJTඉදින් මහණ තෙමේ ඉපැද්ම පිළිබඳ ව - ... - ඉදින් මහණ තෙමේ භවය පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ උපාදාන පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ තෘෂ්ණාව පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ වේදනාව පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ ස්පර්‍ශය පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ ෂඩායතන පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ නාමරූප පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ විඤ්ඤාණය පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ සඞ්ඛාර පිළිබඳ ව - ඉදින් මහණ තෙමේ අවිද්‍යාව පිළිබඳ ව කළකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස දහම් දෙසා නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මකථික’ ය යි කීමට යුතු වෙයි.
Pali BJT[ජාතියා චෙ භික්ඛු -පෙ-] අවිජ්ජාය චෙ භික්ඛු නිබ්බිදාය විරාගාය නිරොධාය පටිපන්නො හොති, ධම්මානුධම්මපටිපන්නො භික්ඛූති අලං වචනාය.
Sinhala BJTඉදින් මහණ තෙමේ ජාතිය පිළිබඳ ව ... ඉදින් මහණ තෙමේ අවිද්‍යාව පිළිබඳ ව කළකිරීම පිණිස නො ඇලීම පිණිස නැති කිරීම පිණිස පිළිපන්නේ වේ නම්, ඒ මහණ තෙමේ ‘ධර්‍මානුධර්‍මප්‍රතිපන්න’ ය යි කීමට යුතු වෙයි.
Pali BJT[ජාතියා චෙ භික්ඛු -පෙ-] අවිජ්ජාය චෙ භික්ඛු නිබ්බිදා විරාගා නිරොධා අනුපාදා විමුත්තො හොති, දිට්ඨධම්මනිබ්බාණප්පත්තො භික්ඛූති අලං වචනායාති.
Sinhala BJTඉදින් මහණ තෙමේ ජාතිය පිළිබඳ ව ... ඉදින් මහණ තෙමේ අවිද්‍යාව පිළිබඳ ව කළකිරීමෙන් නො ඇලීමෙන් නැති කිරීමෙන් (කිසි ධර්‍මයක්) දැඩි ව නො ගෙණ මිදුනේ වේ නම්, ඒ මහණ තෙමේ ‘මේ අත්බැව්හි ම නිවණට පැමිණියේ’ ය යි කීමට යුතු වෙයි.
Pali BJT1. 2. 7.
Sinhala BJT1. 2. 7.
Pali BJTඅචෙලකස්සපසුත්තං
Sinhala BJTඅචේලකස්සප සූත්‍රය
Pali BJT17. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො අචෙලො කස්සපො{1} භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො අචෙලො කස්සපො භගවන්තං එතදවොච: පුච්ඡෙය්යාම මයං භවන්තං ගොතමං කඤ්චිදෙව දෙසං, සචෙ නො භවං ගොතමො ඔකාසං කරොති පඤ්හස්ස වෙය්යාකරණායාති.
Sinhala BJT17. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසි සේක. අචේලකාශ්‍යප තෙමේ වැඩම කරන්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුයේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු වූ ද , සිත් ඇලවියයුතු වූ ද කථාව කොට නිමවා එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටියා වූ අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ඉදින් භවත් ගෞතම තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීම පිණිස අපට අවකාශ කෙරේ නම්, අපි භවත් ගෞතමයන්ගෙන් කිසි යම් කරුණක් විචාරන්නෙමු” යි මෙය සැළ කෙළ් ය.
Pali BJTඅකාලො ඛො තාව කස්සප, පඤ්හස්ස. අන්තරඝරං පවිට්ඨම්හාති. දුතියම්පි ඛො අචෙලො කස්සපො භගවන්තං එතදවොච: පුච්ඡෙය්යාම මයං භවන්තං ගොතමං කඤ්චිදෙව දෙසං, සචෙ නො භවං ගොතමො ඔකාසං කරොති පඤ්හස්ස වෙය්යාකරණායාති. අකාලො ඛො තාව කස්සප පඤ්හස්ස, අන්තරඝරං පවිට්ඨම්හාති. තතියම්පි ඛො අචෙලො කස්සපො භගවන්තං එතදවොච: පුච්ඡෙය්යාම මයං භවන්තං ගොතමං කඤ්චිදෙව දෙසං, සචෙ නො භවං ගොතමො ඔකාසං කරොති පඤ්හස්ස වෙය්යාකරණායාති. අකාලො ඛො තාව කස්සප පඤ්හස්ස, අන්තරඝරං පවිට්ඨම්හාති.
Sinhala BJT“කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෝ වෙමු. (එහෙයින්) ප්‍රශ්නයට තව ම කල් නො වෙයි.” දෙවනු ව ද අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ඉදින් භවත් ගෞතම තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීම පිණිස අපට අවකාශ කෙරේ නම්, අපි භවත් ගෞතමයන්ගෙන් කිසි යම් කරුණක් විචාරන්නෙමු” යි මෙය සැළ කෙළේ ය. “කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෝ වෙමු. (එහෙයින්) ප්‍රශ්නයට තව ම කල් නො වෙයි.” තෙවනු ව ද අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “ඉදින් භවත් ගෞතම තෙමේ ප්‍රශ්නයක් ප්‍රකාශ කිරීම පිණිස අපට අවකාශ කෙරේ නම්, අපි භවත් ගෞතමයන්ගෙන් කිසි යම් කරුණක් විචාරන්නෙමු” යි මෙය සැළ කෙළේ ය. “කාශ්‍යපය, ඇතුළුගමට පිවිසියෝ වෙමු. (එහෙයින්) ප්‍රශ්නයට තව ම කල් නො වෙයි.”
Pali BJTඑවං වුත්තෙ අචෙලකස්සපො භගවන්තං එතදවොච: න ඛො පන මයං භවන්තං ගොතමං බහුදෙව පුච්ඡිතුකාමාති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට “අපි භවත් ගෞතමයන්ගෙන් බොහෝ වූ යමක් ම විචාරණු කැමැත්තෝ නො වෙමු” යි මෙය කී ය.
Pali BJTපුච්ඡ කස්සප, යදාකඞ්ඛසීති.
Sinhala BJT“කාශ්‍යපය, යමක් කැමැතියෙහි නම් එය විචාරව.”
Pali BJTකින්නු ඛො භො ගොතම, සයංකතං දුක්ඛන්ති? මා හෙවං කස්සපාති භගවා අවොච.
Sinhala BJT“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසින් කරණ ලද්දක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTකිම්පන භො ගොතම, පරංකතං{1} දුක්ඛන්ති? මා හෙවං කස්සපාති භගවා අවොච.
Sinhala BJT“භවත් ගෞතමයෙනි, කිම, දුක මෙරමා විසින් කරණ ලද්දක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTකින්නු ඛො භො ගොතම, සයංකතඤ්ච පරංකතංච දුක්ඛන්ති? මා හෙවං කස්සපාති භගවා අවොච.
Sinhala BJT“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද්දක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTකිම්පන භො ගොතම, අසයංකාරං අපරං කාරං{2} අධිච්චසමුප්පන්නං දුක්ඛන්ති? මා හෙවං කස්සපාති භගවා අවොච.
Sinhala BJT“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් නො කරණ ලද්දේ මෙරමා විසිනුත් නො කරණ ලද්දේ ආකස්මිකව (ඉබේ) හටගත්තක් ද?” “කාශ්‍යපය, එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTකින්නු ඛො භො ගොතම, නත්ථි දුක්ඛන්ති. න ඛො කස්සප, නත්ථි දුක්ඛං. අත්ථි ඛො කස්සප, දුක්ඛන්ති.
Sinhala BJT“භවත් ගෞතමයෙනි, කිම, දුක නැත්තේ ද?” “කාශ්‍යපය, දුක නොම නැත්තේ ය. කාශ්‍යපය, දුක ඇත්තේ ම ය.”
Pali BJTතෙන හි භවං ගොතමො දුක්ඛං න ජානාති න පස්සතීති? නඛ්වාහං{3} කස්සප, දුක්ඛං න ජානාමි, න පස්සාමි. ජානාමි ඛ්වාහං{4} කස්සප, දුක්ඛං, පස්සාමි ඛ්වාහං කස්සප, දුක්ඛන්ති.
Sinhala BJT“එසේ නම් භවත් ගෞතම තෙමේ දුක නො දනී ද? නො දකී ද?” “කාශ්‍යපය, මම දුක නො ම නො දනිමි. නො ම නො දකිමි. කාශ්‍යපය, මම දුක දනිම් ම ය. කාශ්‍යපය, මම දුක දකිම් ම ය.”
Pali BJT‘කින්නු ඛො භො ගොතම, සයංකතං දුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං කස්සපා’ති වදෙසි. ‘කිම්පන භො ගොතම පරංකතංදුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං කස්සපා’ති වදෙසි. ‘කින්නු ඛො භො ගොතම, සයංකතඤ්ච පරකතඤ්ච දුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං කස්සපා’ති වදෙසි. ‘කිම්පන භො ගොතම අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං දුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘මා හෙවං කස්සපා’ති වදෙසි. ‘කින්නු ඛො භො ගොතම නත්ථි දුක්ඛ’න්ති ඉති පුට්ඨො සමානො ‘න ඛො කස්සප නත්ථි දුක්ඛං, අත්ථි ඛො කස්සප දුක්ඛ’න්ති වදෙසි. ‘තෙන හි භවං ගොතමො දුක්ඛං න ජානාති, න පස්සතී’ති ඉති පුට්ඨො සමානො ‘න ඛ්වාහං කස්සප, දුක්ඛං න ජානාමි, න පස්සාමි. ජානාමි ඛ්වාහං කස්සප දුක්ඛං, පස්සාමි ඛ්වාහං කස්සප දුක්ඛ’න්ති වදෙසි. ‘ආචික්ඛතු{5} මෙ භන්තෙ භගවා දුක්ඛං, දෙසෙතු{6} මෙ භන්තෙ භගවා දුක්ඛ’න්ති.
Sinhala BJT“භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසින් කරණ ලද්දක් දැ”යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, එසේ නො කියව”යි වදාරනෙහි යි. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක මෙරමා විසින් කරණ ලද්දක් දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය එසේ නො කියව”යි වදාරනෙහි ය. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද්දක් දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, එසේ නො කියව”යි වදාරනෙහි යි. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක තමා විසිනුත් මෙරමා විසිනුත් නොකරණ ලද්දේ ඉබේ හටගත්තක් දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, එසේ නො කියව”යි වදාරනෙහි ය. ‘භවත් ගෞතමයෙනි, කිම, දුක නැත්තේ දැ’යි මෙසේ විචාරණ ලද්දෙහි ම “කාශ්‍යපය, දුක නො ම නැත්තේ ය. කාශ්‍යපය, දුක ඇත්තේ ම ය”යි වදාරනෙහි ය. “එසේ නම් භවත් ගෞතම තෙමේ දුක නො දනී ද? දුක නො දකී දැ”යි මෙසේ විචාරණ ලද්දේ ම “කාශ්‍යපය; මම දුක නො ම නො දනිමි. නො ම නො දකිමි. කාශ්‍යපය, මම දුක දනිම් ම ය. කාශ්‍යපය, මම දුක දකිම් ම ය”යි වදාරනෙහි ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට දුක කියන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට දුක දේශනා කරණ සේක්වා.”
Pali BJT“සො කරොති සො පටිසංවෙදියතී”ති{1} ඛො කස්සප, ආදිතො සතො “සයං කතං දුක්ඛ”න්ති ඉති වදං සස්සතං එතං පරෙති. “අඤ්ඤො කරොති අඤ්ඤො පටිසංවෙදියතී”ති ඛො කස්සප, වෙදනාභිතුන්නස්ස සතො “පරංකතං දුක්ඛ”න්ති ඉති වදං උච්ඡෙදං එතං පරෙති.
Sinhala BJTකාශ්‍යප, “හේ කෙරෙයි, හේ විඳී ය”යි මුල දී ම මෙබඳු ලබ්ධි ඇති කල්හි (පසුව “දුක තමා විසින් ම කරණ ලද්දකැ”යි මෙබඳු ලබ්ධි වෙයි. එබැවින්) “දුක තමා විසින් කරණ ලදැ”යි මෙසේ කියන්නේ තෙල ශාශ්වතදෘෂ්ටියට පැමිණේ. කාශ්‍යප, “අනෙකෙක් කෙරෙයි, අනෙකෙක් විඳී ය”යි (මුලදී ම මෙබඳු ලබ්ධි ඇති කල්හි පසුව එයින් උපදනා උච්ඡේදදිට්ඨි සහගත) වේදනාවෙන් පෙළුනහුට (“දුක මෙරමා විසින් කරණ ලද්දකැ” යි මෙබඳු ලබ්ධි වෙයි එබැවින්) “දුක මෙරමා විසින් කරණ ලදැ”යි මෙසේ කියන්නේ තෙල උච්ඡේදදෘෂ්ටියට පැමිණෙයි.
Pali BJTඑතෙ තෙ කස්සප, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති: අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTකාශ්‍යප, තථාගත තෙමේ ඒ මේ දෙඅන්තයට නො පැමිණ මැදුම්පිළිවෙතෙහි සිටියේ දහම් දෙසයි: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වෙයි. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ” ය යි.
Pali BJTඑවං වුත්තෙ අචෙලො කස්සපො භගවන්තං එතදවොච: අභික්කන්තං භන්තෙ, අභික්කන්තං භන්තෙ: සෙය්යථාපි භන්තෙ, නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය -පෙ- චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං භගවතා අනෙකපරියායෙන ධම්මො පකාසිතො, එසාහං භන්තෙ භගවන්තං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහම්භන්තෙ, භගවතො සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පදන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: “වහන්ස, ඉතා මැනැවි. වහන්ස, ඉතා මැනැවි. වහන්ස, යටිකුරැ වූවක් හෝ යම් සේ උඩුකුරු කරන්නේ ද, ... ඇස් ඇත්තෝ රූප දකිනාහු ය යි එපරිද්දෙන් ම භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් ධර්‍මය ප්‍රකාශ කරන ලද්දේ ය. වහන්ස, මේ මම භාග්‍යවතුන් වහන්සේ ද ධර්‍මය ද සඞ්ඝයා ද සරණ යෙමි. වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබම්වා, උපසපුව ලබම්වා” යි.
Pali BJTයො ඛො කස්සප, අඤ්ඤතිත්ථියපුබ්බො ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛති පබ්බජ්ජං. ආකඞ්ඛති උපසම්පදං, සො චත්තාරො මාසෙ පරිවසති. චතුන්නං මාසානං අච්චයෙන පරිවුත්ථපරිවාසං{2} ආරද්ධචිත්තා භික්ඛූ. ආකඞ්ඛමානා{3} පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය, අපි ච මයා පුග්ගලවෙමත්තතා විදිතාති.
Sinhala BJTකාශ්‍යප, අන්තොටු වූ විරූ යමෙක් මෙසස්නෙහි පැවිද්ද කැමති වේ ද, උපසපුව කැමති වේ ද, හෙ තෙමේ සිවුමසක් පිරිවෙසෙයි. සිවුමස් ඇවෑමෙන් සතුටු කළ සිත් ඇති භික්‍ෂූහු කැමති වන්නාහු නම් වුසූ පිරිවෙස් ඇත්තහු භික්‍ෂුත්‍වය පිණිස පැවිදි කෙරෙත්, උපසපන් කෙරෙත්. එහෙත් මා විසින් පුද්ගලනානාත්‍වය දන්නාලද්දේ ය.
Pali BJTසචෙ භන්තෙ, අඤ්ඤතිත්ථියපුබ්බා ඉමස්මිං ධම්මවිනයෙ ආකඞ්ඛන්තා පබ්බජ්ජං, ආකඞ්ඛන්තා උපසම්පදං චත්තාරො මාසෙ පරිවසන්ති චතුන්නං මාසානං අච්චයෙන පරිවුත්ථපරිවාසෙ ආරද්ධචිත්තා භික්ඛූ ආකඞ්ඛමානා පබ්බාජෙන්ති උපසම්පාදෙන්ති භික්ඛුභාවාය, අහං චත්තාරි වස්සානි පරිවසිස්සාමි, චතුන්නඤ්ච වස්සානං අච්චයෙන පරිවුත්ථපරිවාසං ආරද්ධචිත්තා භික්ඛූ පබ්බාජෙන්තු උපසම්පාදෙන්තු භික්ඛුභාවායාති.{4}
Sinhala BJTවහන්ස, ඉදින් අන්තොටු වූ විරූවෝ මෙසස්නෙහි පැවිද්ද කැමැත්තාහු උපසපුව කැමැත්තාහු සිවුමසක් පිරිවෙසෙද්ද, සිවුමස ඇවෑමෙන් සතුටුකළ සිත් ඇති භික්‍ෂූහු කැමැත්තාහු නම් වුසූ පිරිවෙස් ඇත්තවුන් භික්‍ෂුත්‍වය පිණිස පැවිදි කෙරෙද්ද, උපසපන් කෙරෙද්ද, මම සිවුවසක් පිරිවෙසෙන් නෙමි. සිවුවස ඇවෑමෙන් සතුටු සිත් ඇති භික්‍ෂූහු වුසූ පිරිවෙස් ඇති මා භික්‍ෂුත්‍වය පිණිස පැවිදි කෙරෙත්වා, උපසපන් කෙරෙත්වා යි.
Pali BJTඅලත්ථ ඛො අචෙලො{5} කස්සපො භගවතො සන්තිකෙ පබ්බජ්ජං. අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ච පනායස්මා කස්සපො{6} එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා කස්සපො අරහතං අහොසීති.
Sinhala BJTඅචේලකාශ්‍යප තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලද්දේ ම ය. උපසපුව ලද්දේ ම ය. උපසපන් වූ නො බෝකල් ඇති අචේලකාශ්‍යප ආයුෂ්මත් තෙමේ එකලා ව (ගණයා කෙරෙන්) වෙන් ව නො පමා ව කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇති ව නිවන් පිණිස යෙදූ සිත් ඇති ව වෙසෙනුයේ නො බෝ කලෙකින් ම යමක් පිණිස කුලපුත්‍රයෝ මැනැවින් ම ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද් ද, මගබඹසර කෙළවර වූ ඒ නිරුත්තර වූ අර්‍හත්ත්‍වය මෙ ලොව්හි දී ම තෙමේ ම විශිෂ්ටඥානයෙන් දැන ප්‍රත්‍යක්‍ෂ කොට එයට පැමිණ විසුයේ ය. ඉපැද්ම ක්‍ෂීණ විය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණලදී. මේ අර්‍හත්ත්‍වය පිණිස කටයුතු අනෙකක් නැතැයි දැන ගත්තේ ය. ආයුෂ්මත් කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
Pali BJT1. 2. 8.
Sinhala BJT1. 2. 8.
Pali BJTතිම්බරුකසුත්තං
Sinhala BJTතිම්බරුක සූත්‍රය
Pali BJT18. සාවත්ථියං–
Sinhala BJT18. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො තිම්බරුකො{1} පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො තිම්බරුකො පරිබ්බාජකො භගවන්තං එතදවොච:
Sinhala BJTඉක්බිති තිම්බරුක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළැඹියේ ය. එළැඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් තිම්බරුක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:
Pali BJTකින්නු ඛො භො ගොතම, සයංකතං සුඛදුක්ඛන්ති? “මා හෙවං තිම්බරුකාති” භගවා අවොච. කිම්පන භො ගොතම, පරංකතං සුඛදුක්ඛන්ති? “මා හෙවං තිම්බරුකා”ති භගවා අවොච. කින්නු ඛො භො ගොතම, සයංකතඤ්ච පරංකතඤ්ච සුඛදුක්ඛන්ති? “මා හෙවං තිම්බරුකා”ති භගවා අවොච. කිම්පන භො ගොතම, අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛන්ති? “මා හෙවං තිම්බරුකා”ති භගවා අවොච. කින්නු ඛො භො ගොතම, නත්ථි සුඛදුක්ඛන්ති? න ඛො තිම්බරුක නත්ථි සුඛදුක්ඛං, අත්ථි ඛො තිම්බරුක, සුඛදුක්ඛන්ති. තෙන හි භවං ගොතමො සුඛදුක්ඛං න ජානාති, න පස්සති? නඛ්වාහං තිම්බරුක, සුඛදුක්ඛං න ජානාමි, න පස්සාමි. ජානාමි ඛො අහං තිම්බරුක, සුඛදුක්ඛං. පස්සාමි ඛ්වාහං තිම්බරුක, සුඛදුක්ඛන්ති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසින් කරණ ලද ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් මෙරමා විසින් කරණ ලද ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, තමා විසිනුත් මෙරමා විසිනුත් නො කරණ ලද්දේ, ඉබේ හට ගත්තේ ද? තිම්බරුක, “එසේ නො කියව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් නැත්තේ ද? තිම්බරුක, සුවදුක් නැත්තේ නො වේ. තිම්බරුක, සුවදුක් ඇත්තේ ම ය. එසේ නම් භවත් ගෞතම තෙමේ සුවදුක් නො දනී ද, නො දකී ද? තිම්බරුක, මම සුවදුක් නොම නො දනිමි. නො ම නො දකිමි. තිම්බරුක, මම සුවදුක් දනිම් ම ය. තිම්බරුක, මම සුවදුක් දකිම් ම ය.
Pali BJTකින්නු ඛො භො ගොතම, “සයංකතං සුඛදුක්ඛන්ති” ඉති පුට්ඨො සමානො මා හෙවං තිම්බරුකාති වදෙසි. “කිම්පන භො ගොතම, පරංකතං සුඛදුක්ඛන්ති” ඉති පුට්ඨො සමානො මා හෙවං තිම්බරුකාති වදෙසි. “කින්නු ඛො භො ගොතම, සයංකතඤ්ච පරංකතඤ්ච සුඛදුක්ඛන්ති” ඉති පුට්ඨො සමානො මා හෙවං තිම්බරුකාති වදෙසි. “කිම්පන භො ගොතම, අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛන්ති” ඉති පුට්ඨො සමානො මා හෙවං තිම්බරුකාති වදෙසි. “කින්නු ඛො භො ගොතම, නත්ථි සුඛදුක්ඛන්ති” ඉති පුට්ඨො සමානො න ඛො තිම්බරුක, නත්ථි සුඛදුක්ඛං, අත්ථි ඛො තිම්බරුක, සුඛදුක්ඛන්ති වදෙසි. “තෙන හි භවං ගොතමො සුඛදුක්ඛං න ජානාති න පස්සතීති” ඉති පුට්ඨො සමානො ‘න ඛ්වාහං තිම්බරුක, සුඛදුක්ඛං න ජානාමි, න පස්සාමි. ජානාමි ඛ්වාහං තිම්බරුක, සුඛදුක්ඛං, පස්සාමි ඛ්වාහං තිම්බරුක, සුඛදුක්ඛ’න්ති වදෙසි. ආචික්ඛතු ච මෙ භවං ගොතමො සුඛදුක්ඛං. දෙසෙතු ච{2} මෙ භවං ගොතමො සුඛදුක්ඛන්ති.
Sinhala BJT“භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසින් කරණ ල දදැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නො කියව”යි කියහු. “භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් මෙරමා විසින් කරණ ලද දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නො කියව” යි කියහු. ‘භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසිනුත් මෙරමා විසිනුත් කරණ ලද දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නො කියව”යි කියහු. “භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් තමා විසිනුත් මෙරමා විසිනුත් නොකරණ ලද්දේ ඉබේ හට ගත්තේ දැ” යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, එසේ නොකියව”යි කියහු. “භවත් ගෞතමයෙනි, කිමෙක් ද, සුවදුක් නැත්තේ දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, සුවදුක් නො ම නැත්තේ ය. තිම්බරුක, සුවදුක් ඇත්තේ ම ය”යි කියහු. “එසේ නම් භවත් ගෞතම තෙමේ සුවදුක් නො දනීද, නො දකී දැ”යි මෙසේ විචාරණ ලද්හු “තිම්බරුක, මම සුවදුක් නො ම නො දනිමි. නො ම නො දකිමි. තිම්බරුක, මම සුවදුක් දනිම් ම ය. මම සුවදුක් දකිම් ම යි”යි කියහු. භවත් ගෞතමයන් වහන්සේ මට සුවදුක් වදාරණ සේක්වා, දේශනා කරණ සේක්වා.
Pali BJT“සා වෙදනා, සො වෙදියතී”ති ඛො තිම්බරුක, ආදිතො සතො “සයංකතං සුඛදුක්ඛ”න්ති එවම්පහං{3} න වදාමි. අඤ්ඤා වෙදනා “අඤ්ඤො වෙදියතී”ති ඛො තිම්බරුක, වෙදනාභිතුන්නස්ස සතො “පරංකතං සුඛදුක්ඛ”න්ති, එවම්පහං{3} න වදාමි.
Sinhala BJTතිම්බරුක,“ඕ වේදනා ය. හේ විඳී ය”යි මුල දී ම මේ ලබ්ධිය ඇති කල්හි (පසුව “සුවදුක් තමා විසින් කරණ ලදැ”යි මෙබඳු ලබ්ධි වෙයි. එබැවින්) සුවදුක් තමා විසින් කරණ ලදැ” යි මෙසේ මම නො කියමි. තිම්බරුක, “වේදනාව අනෙකක, අනෙකෙක් වි ඳී ය”යි (මුලදී ම මේ ලබ්ධිය ඇති කල්හි පසුව එයින් උපදනා උච්ඡේදදිට්ඨිසහගත) “වේදනාවෙන් පෙළුනහුට (සුවදුක් මෙරමා විසින් කරණ ලදැ”යි මෙබඳු ලබ්ධි වෙයි. එබැවින්) සුවදුක් මෙරමා විසින් කරණ ලදැ” යි මෙසේත් මම නො කියමි.
Pali BJTඑතෙ තෙ තිම්බරුක, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣෙන තථාගතො ධම්මං දෙසෙති: “අවිජ්ජාපච්චයා සඞ්ඛාරා. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති.
Sinhala BJTතිම්බරුක, තථාගත තෙමේ ඒ මේ අන්ත දෙකට නො පැමිණ මැදුම් පිළිවෙතින් දහම් දෙසයි: “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ. ... මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. මේ අවිද්‍යාවේ ම නිරවශේෂ විරාගනිරෝධයෙන් සංස්කාර නිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ ... මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ”යි.
Pali BJTඑවං වුත්තෙ තිම්බරුකො පරිබ්බාජකො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- එසාහං{1} භවන්තං{2} ගොතමං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි තිම්බරුක පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනව ... ඒ මම භවත් ගෞමයන් වහන්සේත් ධර්‍මයත් භික්‍ෂුසඞ්ඝයාත් ශරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් ශරණ ගිය මා උපාසකයකු කොට දරණසේක්වා යි.
Pali BJT1. 2. 9.
Sinhala BJT1. 2. 9.
Pali BJTබාලපණ්ඩිතසුත්තං
Sinhala BJTබාලපණ්ඩිත සූත්‍රය
Pali BJT19. සාවත්ථියං–
Sinhala BJT19. සැවැත්නුවර–
Pali BJTඅවිජ්ජානීවරණස්ස භික්ඛවෙ, බාලස්ස තණ්හාය සම්පයුත්තස්ස{3} එවමයං කායො සමුදාගතො. ඉති අයඤ්චෙව කායො බහිද්ධා ච නාමරූපං ඉත්ථෙතං ද්වයං ද්වයං පටිච්ච ඵස්සො, සළෙවායතනානි යෙහි පුට්ඨො බාලො සුඛදුක්ඛං පටිසංවෙදියති එතෙසං වා අඤ්ඤතරෙන.
Sinhala BJTමහණෙනි, අවිද්‍යානීවරණ ඇති තෘෂ්ණාවෙන් යුක්ත වූ බාලයාගේ මේ කය මෙසේ හටගත්තේ ය. මෙසේ මේ කය ද බාහිර නාමරූප ද මේ දෙකක් දෙකක් හේතු කොට ස්පර්‍ශය වේ. ආයතනයෝ සයෙකි. මෙයින් හෝ මෙයින් එක්තරා එකකින් හො පහස්නා ලද බාල තෙමේ සුවදුක් විඳී.
Pali BJTඅවිජ්ජානීවරණස්ස භික්ඛවෙ, පණ්ඩිතස්ස තණ්හාය සම්පයුත්තස්ස එවමයං කායො සමුදාගතො. ඉති අයඤ්චෙව කායො බහිද්ධා ච නාමරූපං ඉත්ථෙතං ද්වයං ද්වයං පටිච්ච ඵස්සො. සළෙවායතනානි යෙහි ඵුට්ඨො පණ්ඩිතො සුඛදුක්ඛං පටිසංවෙදියති එතෙසං වා අඤ්ඤතරෙන.
Sinhala BJTමහණෙනි, අවිද්‍යානීවරණ ඇති තෘෂ්ණාවෙන් යුක්ත වූ පණ්ඩිතයාගේ මේ කය මෙසේ හටගත්තේ ය මෙසේ මේ කය ද බාහිර නාමරූප ද මේ දෙකක් දෙකක් හේතු කොට ස්පර්‍ශය වේ. ආයතනයෝ සයෙකි. මෙයින් හො මෙයින් එක්තරා එකකින් හෝ පහස්නා ලද පණ්ඩිත තෙමේ සුවදුක් විඳී.
Pali BJTතත්ර හි{4} භික්ඛවෙ, කො විසෙසො කො අධිප්පායො{5} කිං නානාකරණං පණ්ඩිතස්ස බාලෙනාති?
Sinhala BJTමහණෙනි, එහි ලා බාලයා සමග පණ්ඩිතයාගේ කවර වෙසෙසෙක් ද? කිනම් වැඩි ප්‍රයෝගයෙක් ද? කුමන වෙනසෙක් දැ?යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා, භගවන්නෙත්තිකා භගවම්පටිසරණා. සාධු වත භන්තෙ, භගවන්තඤ්ඤෙව පටිභාතු එතස්ස භාසිතස්ස අත්ථො. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තීති. තෙන හි භික්ඛවෙ, සුණාථ සාධුකං මනසි කරොථ භාසිස්සාමීති. “එවම්භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTවහන්ස, අපගේ ධර්‍මෙයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට භාග්‍යවතුන් වහන්සේ නායක කොට භාග්‍යවතුන් වහන්සේ පිහිට කොට ඇත්තාහ. වහන්ස මේ දේශනාවෙහි අර්‍ත්‍ථය භාග්‍යවතුන් වහන්සේට ම වැටහේවා භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහු ය යි. මහණෙනි, එසේ නම් අසවු. මැනවින් මෙනෙහි කරවු. දේශනා කරන්නෙමි. වහන්ස, එසේ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTයාය ච භික්ඛවෙ, අවිජ්ජාය නිවුතස්ස බාලස්ස යාය ච තණ්හාය සම්පයුත්තස්ස අයං කායො සමුදාගතො, සා චෙව අවිජ්ජා බාලස්ස අප්පහීනා. සා ච තණ්හා අපරික්ඛීණා. තංකිස්ස හෙතු? න හි භික්ඛවෙ,{6} බාලො අචරි බ්රහ්මචරියං සම්මා දුක්ඛක්ඛයාය. තස්මා බාලො කායස්ස භෙදා කායූපගො හොති. සො කායූපගො සමානො න පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, යම් අවිද්‍යාවකින් වැසුනු යම් තෘෂ්ණාවකින් යුක්ත වූ බාලයාගේ මේ කය හටගත්තේ ද, බාලයාගේ ඒ අවිද්‍යාවත් ප්‍රහීණ නුවූවා ය. ඒ තෘෂ්ණාවෙන් ක්‍ෂීණ නුවූවාය. කවර හෙයින් යත්: මහණෙනි, බාලතෙමේ මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසර නො කෙළේ ය. එහෙයින් බාලතෙමේ කය බිඳීමෙන් (අනෙක් පටිසන්‍ධි) කයකය පැමිණියේ වේ. අන් කයකට පැමිණි හේ ජාතියෙන් ජරා මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුකින් දොම්නසින් උපායාසයෙන් නො මිදෙයි. (සියලු) දුකින් නො මිදේ යි කියමි.
Pali BJTයාය ච භික්ඛවෙ, අවිජ්ජාය නිවුතස්ස පණ්ඩිතස්ස යාය ච තණ්හාය සම්පයුත්තස්ස අයං කායො සමුදාගතො. සා චෙව අවිජ්ජා පණ්ඩිතස්ස පහීනා. සා ච තණ්හා පරික්ඛීණා. තං කිස්ස හෙතු? අචරි භික්ඛවෙ, පණ්ඩිතො බ්රහ්මචරියං සම්මා දුක්ඛක්ඛයාය. තස්මා පණ්ඩිතො කායස්ස භෙදා න කායූපගො හොති. සො අකායූපගො සමානො පරිමුච්චති ජාතියා ජරාමරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. පරිමුච්චති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණෙනි, යම් අවිද්‍යාවකින් වැසුනු යම් තෘෂ්ණාවකින් යුක්ත වූ පණ්ඩිතයාගේ මේ කය හට ගත්තේ ද, ඒ පණ්ඩිතයාට අවිද්‍යාවත් ප්‍රහීණ වූවා ය. ඒ තෘෂ්ණාවෙන් ක්‍ෂීණ වූවා ය. කවරහෙයින යත්: මහණෙනි, පණ්ඩිත තෙමේ මැනැවින් දුක් ගෙවීම පිණිස බඹසර කළේ ය. එහෙයින් පණ්ඩිත තෙමේ කය බිඳීමෙන් (අනෙක්) කයකට නො පැමිණියේ වේ. හෙතෙමේ (අනෙක්) කයකට නො පැමිණියේ ම ජාතියෙන් ජරාමරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙයි. (සියලු) දුකින් මිදේ යයි කියමි.
Pali BJTඅයං ඛො භික්ඛවෙ, විසෙසො අයං අධිප්පායො ඉදං නානාකරණං පණ්ඩිතස්ස බාලෙන, යදිදං බ්රහ්මචරියවාසොති.
Sinhala BJTමහණෙනි, යම් මේ බඹසර විසීමෙක් වේ ද, මේ වනාහි බාලයා හා පණ්ඩිතයාගේ වෙසෙස යි. මේ අධිකප්‍රයාග ය යි. මේ වෙනස යි.
Pali BJT1. 2. 10.
Sinhala BJT1. 2. 10.
Pali BJTපච්චය (පච්චයුප්පන්න) සුත්තං{*}
Sinhala BJTපච්චය (පච්චයුප්පන්න) සූත්‍රය
Pali BJT20. සාවත්ථියං–
Sinhala BJT20. සැවැත්නුවර–
Pali BJTපටිච්චසමුප්පාදඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි{1} පටිච්චසමුප්පන්නෙ ච ධම්මෙ. තං සුණාථ, සාධුකං මනසි කරොථ, භාසිස්සාමීති. එවම්භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, තොපට පටිච්චසමුප්පාදය ද පටිච්චසමුප්පන්න ධර්‍ම ද දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමියි. වහන්ස, එසේ යි භාග්‍යවතුන් වහන්සේට ඒ භික්‍ෂුහු පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTකතමො ච භික්ඛවෙ, පටිච්චසමුප්පාදො? ජාතිපච්චයා භික්ඛවෙ ජරාමරණං උප්පාදා වා{2} තථාගතානං අනුප්පාදා{2} වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා ඉදප්පච්චයතා. තං තථාගතො අභිසම්බුජ්ඣති, අභිසමෙති. අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤපෙති{3} පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති. පස්සථාති චාහ. “ජාතිපච්චයා භික්ඛවෙ ජරාමරණං”{4} [ඉති ඛො භික්ඛවෙ, යා තත්ර තථතා අවිතථතා අනඤ්ඤථතා ඉදපච්චයතා. අයං වුච්චති භික්ඛවෙ, පටිච්චසමුප්පාදො.]
Sinhala BJTමහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද යත්: මහණෙනි, තථාගතයන්ගේ උත්පාදයෙහි දු තථාගතයන්ගේ අනුත්පාදයෙහි දු ජාතිප්‍රත්‍යයයෙන් මරණය වේ යන ඒ ප්‍රත්‍යයස්වභාවය ධර්‍මස්ථිතිය (ප්‍රත්‍යයෝත්පන්න කාරණය) ධර්‍මනියාමය (ප්‍රත්‍යයසමුත්පන්නධර්‍මනියමය) ඉදප්පච්චයතාව (මේ ප්‍රතීත්‍යසමුත්පන්නභාවය) සිටියේ ම ය. (පවත්නේම ය) ඒ ඉදම්ප්‍රත්‍යයතාව තථාගත තෙමේ අවබෝධ කෙරෙයි. අභිසමය කෙරෙයි. අවබෝධ කොට අභිසමය කොට දක්වයි. දේශනා කරයි. පණවයි. පිහිටුවයි. විවෘත කරයි. බෙදයි. ප්‍රකට කෙරෙයි. බලවු යි පවසයි. “මහණෙනි, ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ.” මහණෙනි, මෙසේ “ජාතිප්‍රත්‍යයයෙන් ජරාමරණ වේ” (යන මෙහි යම් ප්‍රත්‍යය ස්වභාවයෙක්, යම් අමෘෂාභාවයෙක්, යම් අනන්‍ය ස්වභාවයෙක්, යම් ප්‍රත්‍යයොත්පන්නභාවයෙක් ඇද් ද, මේ ප්‍රතීත්‍යසමුත්පාදය යි කියනු ලැබේ.)
Pali BJTභවපච්චයා භික්ඛවෙ ජාති -පෙ- උපාදානපච්චයා භික්ඛවෙ භවො -පෙ- තණ්හාපච්චයා භික්ඛවෙ උපාදානං - වෙදනාපච්චයා භික්ඛවෙ තණ්හා - ඵස්සපච්චයා භික්ඛවෙ වෙදනා - සළායතනපච්චයා භික්ඛවෙ ඵස්සො - නාමරූපපච්චයා භික්ඛවෙ සළායතනං - විඤ්ඤාණපච්චයා භික්ඛවෙ නාමරූපං - සඞ්ඛාරපච්චයා භික්ඛවෙ විඤ්ඤාණං - අවිජ්ජාපච්චයා භික්ඛවෙ සඞ්ඛාරා උප්පාදා වා තථාගතානං අනුප්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා ඉදප්පච්චයතා. තං තථාගතො අභිසම්බුජ්ඣති, අභිසමෙති. අභිසම්බුජ්ඣිත්වා අභිසමෙත්වා ආචික්ඛති දෙසෙති පඤ්ඤපෙති පට්ඨපෙති විවරති විභජති උත්තානීකරොති. පස්සථාති චාහ. “අවිජ්ජාපච්චයා භික්ඛවෙ සඞ්ඛාරා” ඉති ඛො භික්ඛවෙ, යා තත්ර තථතා අවිතථතා අනඤ්ඤථතා ඉදප්පච්චයතා, අයං වුච්චති භික්ඛවෙ, පටිච්චසමුප්පාදො.{†}
Sinhala BJTමහණෙනි, භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ ... මහණෙනි, උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. ... මහණෙනි, තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ ... මහණෙනි, වේදනාප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ ... මහණෙනි, ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාව වේ ... මහණෙනි, ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ ... මහණෙනි, නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ ... මහණෙනි, විඥාන ප්‍රත්‍යයයෙන් නාමරූප වේ ... මහණෙනි, සංස්කාරප්‍රත්‍යයයෙන් විඥානය වේ ... මහණෙනි, තථාගතයන්ගේ උත්පාදයෙහි දු තථාගතයන්ගේ අනුත්පාදයෙහිදු අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති යන ඒ ප්‍රත්‍යයස්වභාවය ධර්‍මස්ථිතිය ධර්‍මනියාමය ඉදප්පච්චයතාව සිටියා ම ය. තථාගත තෙමේ එය අවබෝධ කෙරෙයි. අභිසමය කෙරෙයි අවබෝධ කොට අභිසමය කොට දක්වයි. දේශනා කරයි. පණවයි. පිහිටුවයි. විවරණ - විභජන කෙරෙයි. ප්‍රකට කෙරෙයි. බලවු යි දු පවසයි. “මහණෙනි, අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති.” යන මෙහි යම් ස්වභාවයෙක් අමෘෂාභාවයෙක් අනන්‍යථාත්‍වයෙක් ඉදම්ප්‍රත්‍යයතායෙක් ඇද් ද, මහණෙනි, මේ පටිච්චසමුප්පාද යයි කියනු ලැබේ.