Pali BJTඣත්වා දුබ්බණ්ණිය මායා අච්චයෙන අකොධනො, දෙසිතං බුද්ධසෙට්ඨෙන ඉදං හි සක්කපඤ්චකන්ති.
Sinhala BJTඣත්වා, දුබ්බණ්ණිය, මායා, අච්චය, අක්කෝධන යයි මේ සක්කපඤ්චකය බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරණ ලදී.
Pali BJTසක්කසංයුත්තං සමත්තං.
Sinhala BJTසක්ක සංයුත්තය සමාප්ත යි.
Pali BJTදෙවතා දෙවපුත්තො ච රාජා මාරො ච භික්ඛුනී, බ්රහ්මා බ්රාහ්මණ වඞ්ගීසො වන යක්ඛෙන වාසවොති.
Sinhala BJT(සංයුත්තනාමාවලිය:) දේවතා, දේවපුත්ත, (කෝසල) රාජ, මාර, භික්ඛුනී, බ්රහ්ම, බ්රාහ්මණ, වඞ්ගීස, වන, යක්ඛ, වාසව (- සක්ක) යි සංයුත්ත එකොළොසෙකි.
Pali BJTසගාථවග්ගො නිට්ඨිතො.
Sinhala BJTසගාථවර්ගය නිමියේ ය.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසුත්රාන්තපිටකයෙහි
Pali BJTසංයුත්තනිකායො
Sinhala BJTසංයුත්තනිකාය
Pali BJTදුතියො භාගො
Sinhala BJTද්විතීය භාගය
Pali BJTනිදානවග්ගො
Sinhala BJTනිදාන වර්ගය
Pali BJT1. අභිසමයසංයුත්තං
Sinhala BJT1. අභිසමය සංයුත්තය
Pali BJT1. බුද්ධවග්ගො
Sinhala BJT1. බුද්ධ වර්ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT1. 1. 1.
Sinhala BJT1. 1. 1.
Pali BJTපටිච්චසමුප්පාදසුත්තං
Sinhala BJTපටිච්චසමුප්පාද සූත්රය
Pali BJT1.එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි ‘භික්ඛවො’ති. ‘භදන්තෙ’ති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා{1} එතදවොච:
Sinhala BJT1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්ෂූන් ඇමතූ සේක. ඒ භික්ෂූහු ‘පින්වතුන් වහන්සැ’යි භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTපටිච්චසමුප්පාදං වො භික්ඛවෙ, දෙසිස්සාමි. තං සුණාථ. සාධුකං මනසි කරොථ. භාසිස්සාමීති. ‘එවං භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා{1} එතදවොච:
Sinhala BJTමහණෙනි, තොපට පටිච්චසමුප්පාදය දේශනා කරමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවු. දේශනා කරමි. ‘එසේ ය, වහන්සැ’යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTකතමො ච භික්ඛවෙ, පටිච්චසමුප්පාදො? අවිජ්ජාපච්චයා භික්ඛවෙ සඞ්ඛාරා. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං. විඤ්ඤාණපච්චයා නාමරූපං. නාමරූපපච්චයා සළායතනං. සළායතනපච්චයා ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා. තණ්හාපච්චයා උපාදානං. උපාදානපච්චයා භවො. භවපච්චයා ජාති. ජාතිපච්චයා ජරාමරණං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අයං වුච්චති භික්ඛවෙ පටිච්චසමුප්පාදො.
Sinhala BJTමහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද? මහණෙනි, අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්රත්යයයෙන් විඥානය වේ. විඥානප්රත්යයයෙන් (නාමය ද, රූපය ද,) නාමරූපය ද වේ. නාමරූපප්රත්යයයෙන් (ෂ ෂ්ඨායතනයද) ෂඩායතනය ද වේ. ෂඩායතනප්රත්යයයෙන් ස්පර්ශය වේ. ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ. වේදනාප්රත්යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්රත්යයයෙන් උපාදානය වේ. උපාදානප්රත්යයයෙන් භවය වේ. භවප්රත්යයයෙන් ජාතිය වේ. ජාතිප්රත්යයයෙන් ජරාමරණ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුඃඛස්කන්ධයාගේ උත්පත්තිය වේ. මහණෙනි, මේ (ප්රත්යයාකාරය) පටිච්චසමුප්පාද ය යයි කියනු ලැබේ.
Pali BJTඅවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො. විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො. නාමරූපනිරොධා සළායතනනිරොධො. සළායතනනිරොධා ඵස්සනිරොධො. ඵස්සනිරොධා වෙදනානිරොධො. වෙදනානිරොධා තණ්හානිරොධො. තණ්හානිරොධා උපාදානනිරොධො. උපාදානනිරොධා භවනිරොධො. භවනිරොධා ජාතිනිරොධො. ජාතිනිරොධා ජරාමරණං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති. {*}ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTඅවිද්යාවේ ම අශේෂවිරාග (අනුශය සමුදඝාත) නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. විඥානනිරෝධයෙන් නාමරූපනිරෝධය වේ. නාමරූපනිරෝධයෙන් ෂඩායතනනිරෝධය වේ. ෂඩායතනනිරෝධයෙන් ස්පර්ශනිරෝධය වේ. ස්පර්ශනිරෝධයෙන් වේදනානිරෝධය වේ. වේදනානිරෝධයෙන් තෘෂ්ණානිරෝධය වේ. තෘෂ්ණානිරෝධයෙන් උපාදානනිරෝධය වේ. උපාදානනිරෝධයෙන් භාවනිරෝධය වේ. භවනිරෝධයෙන් ජාතිනිරෝධය වේ. ජාතිනිරෝධයෙන් ජරාමරණ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. මෙසේ මේ හුදු දුක් රැසේ නිරෝධය වෙයි. මෙය භාග්යවතුන් වහන්සේ වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.
Pali BJT1. 1. 2.
Sinhala BJT1. 1. 2.
Pali BJTවිභඞ්ගසුත්තං
Sinhala BJTවිභඞ්ග සූත්රය
Pali BJT2. සාවත්ථියං–{1}
Sinhala BJT2. සැවැත්නුවර–
Pali BJTපටිච්චසමුප්පාදං වො භික්ඛවෙ, දෙසිස්සාමි. විභජිස්සාමි. තං සුණාථ. සාධුකං මනසි කරොථ. භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, තොපට පටිච්චසමුප්පාදය දේශනා කරමි. බෙදා දක්වමි. එය අසවු. මනා කොට මෙනෙහි කරවු. කියමි. “එසේ ය වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTකතමො ච භික්ඛවෙ, පටිච්චසමුප්පාදො? අවිජ්ජාපච්චයා භික්ඛවෙ, සඞ්ඛාරා. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං. විඤ්ඤාණපච්චයා නාමරූපං. නාමරූපපච්චයා සළායතනං. සළායතනපච්චයා ඵස්සො. ඵස්සපච්චයා වෙදනා. වෙදනාපච්චයා තණ්හා. තණ්හාපච්චයා උපාදානං. උපාදානපච්චයා භවො. භවපච්චයා ජාති. ජාතිපච්චයා ජරාමරණං, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, පටිච්චසමුප්පාදය කවරේ ද? මහණෙනි, අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්රත්යයයෙන් විඥානය වේ. විඥානප්රත්යයයෙන් නාමරූප වේ. නාමරූපප්රත්යයයෙන් ෂඩායතනය වේ. ෂඩායතනප්රත්යයයෙන් ස්පර්ශය වේ. ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ. වේදනාප්රත්යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්රත්යයයෙන් උපාදානය වේ. උපාදානප්රත්යයයෙන් භවය වේ. භවප්රත්යයයෙන් ජාතිය වේ. ජාතිප්රත්යයයෙන් ජරාමරණ, සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෝ හටගණිත්. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, ජරාමරණං? යා{2} තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජරා ජීරණතා ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො, අයං වුච්චති ජරා.
Sinhala BJTමහණෙනි, ජරාමරණ කවරේ ද? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායයෙහි යම් දිරීමෙක් දිරණබවෙක් දත් වැටීමෙක් කෙහෙ පැසීමෙක් ඇඟ රැළි වැටීමෙක් ආයු පිරිහීමෙක් ඉඳුරන්ගේ පැසීමෙක් වේ ද, මේ ජරා ය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, මරණං? යා{2} තෙසං තෙසං සත්තානං තම්හා තම්හා සත්තනිකායා චුති චවනතා භෙදො අන්තරධානං මච්චුමරණං කාලකිරියා ඛන්ධානං භෙදො කලෙබරස්ස{3} නික්ඛෙපො ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදො{4}. ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං, ඉදං වුච්චති භික්ඛවෙ, ජරාමරණං.
Sinhala BJTමහණෙනි, මරණය කවරේ ද? ඒ ඒ සත්ත්වනිකායයෙන් ඒ ඒ සත්ත්වයන්ගේ යම් වෙන් වීමෙක් වෙන් වන බවෙක් බිඳීමෙක් අතුරුදන් වීමෙක් මච්චු නම් වූ මරණයෙක් කාලක්රියාවෙක් (සම්මුතිමරණයෙක්) ස්කන්ධයන්ගේ බිඳීමෙක් සිරුර හැර දැමීමෙක් ජීවිතේන්ද්රියයාගේ සිඳී යෑමෙක් වේ ද, මේ මරණ ය යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය ද යන මෙය, මහණෙනි, ජරාමරණ ය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, ජාති? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාති ඔක්කන්ති නිබ්බත්ති අභිනිබ්බත්ති ඛන්ධානං පාතුභාවො ආයතනානං පටිලාභො. අයං වුච්චති භික්ඛවෙ, ජාති.
Sinhala BJTමහණෙනි, ජාතිය කවරේ ද? ඒ ඒ සත්ත්වයන්ගේ ඒ ඒ සත්ත්වනිකායයෙහි හටගැණීමෙක් පිරිපුන් හටගැණීමෙක් කුසට බැස ගැන්මෙක් ඉපැද්මෙක් වෙසෙස් ඉපැද්මෙක් ස්කන්ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ පිළිලැබීමෙක් වේ ද, මහණෙනි, මේ ජාති ය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ, භවො? තයොමෙ භික්ඛවෙ, භවා: කාමභවො රූපභවො අරූපභවො. අයං වුච්චති භික්ඛවෙ, භවො.
Sinhala BJTමහණෙනි, භවය කවරේ ද? මහණෙනි, කාමභවය, රූපභවය, අරූපභවය යි මේ භව තුණෙකි. මහණෙනි, මේ භව ය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ උපාදානං? චත්තාරිමානි භික්ඛවෙ, උපාදානානි: කාමුපාදානං දිට්ඨුපාදානං සීලබ්බතූපාදානං අත්තවාදූපාදානං. ඉදං වුච්චති භික්ඛවෙ, උපාදානං.
Sinhala BJTමහණෙනි, උපාදාන කවරේ ද? මහණෙනි, කාමඋපාදානය දිට්ඨිඋපාදානය සීලබ්බතඋපාදානය අත්තවාදඋපාදාන ය යි මේ උපාදාන සතරෙකි. මහණෙනි, මේ උපාදාන ය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ තණ්හා? ඡයිමෙ භික්ඛවෙ, තණ්හාකායා: රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා. අයං වුච්චති භික්ඛවෙ තණ්හා.
Sinhala BJTමහණෙනි, තෘෂ්ණාව කවරේ ද? මහණෙනි, රූපතෘෂ්ණාව ශබ්දතෘෂ්ණාව ගන්ධතෘෂ්ණාව රසතෘෂ්ණාව ස්ප්රෂ්ටව්යතෘෂ්ණාව ධර්මතෘෂ්ණාව යි මේ තෘෂ්ණාරාශි සයෙකි. මහණෙනි, මේ තෘෂ්ණා යයි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ වෙදනා? ඡයිමෙ භික්ඛවෙ, වෙදනාකායා: චක්ඛුසම්ඵස්සජා වෙදනා, සොතසම්ඵස්සජා වෙදනා, ඝානසම්ඵස්සජා වෙදනා, ජිව්හාසම්ඵස්සජා වෙදනා, කායසම්ඵස්සජා වෙදනා, මනොසම්ඵස්සජා වෙදනා. අයං වුච්චති භික්ඛවෙ වෙදනා.
Sinhala BJTමහණෙනි, වේදනාව කවරේ ද? ඇසෙහි (අරමුණ) ගැටීමෙන් වන වේදනා ය, කණෙහි ගැටීමෙන් වන වේදනා ය, නැහැයෙහි ගැටීමෙන් වන වේදනා ය, දිවෙහි ගැටීමෙන් වන වේදනා ය, සිතෙහි ගැටීමෙන් වන වේදනා ය යි මේ වේදනාරාශී සයෙකි. මහණෙනි, මේ වේදනා ය යි කියනු ලැබේ.
Pali BJTකතමො ච භික්ඛවෙ ඵස්සො? ඡයිමෙ භික්ඛවෙ, ඵස්සකායා: චක්ඛුසම්ඵස්සො, සොතසම්ඵස්සො, ඝානසම්ඵස්සො, ජිව්හාසම්ඵස්සො, කායසම්ඵස්සො, මනොසම්ඵස්සො. අයං වුච්චති භික්ඛවෙ, ඵස්සො.
Sinhala BJTමහණෙනි, ස්පර්ශය කවරේ ද? මහණෙනි, ඇසෙහි (අරමුණ) ගැටීම ය, කණෙහි ගැටීම ය, නැහැයෙහි ගැටීම ය, දිවෙහි ගැටීම ය, කයෙහි ගැටීම ය, සිතෙහි ගැටීම ය යි මේ ස්පර්ශරාශි සයෙකි. මහණෙනි, මේ ස්පර්ශ ය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ සළායතනං? චක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං. ඉදං වුච්චති භික්ඛවෙ, සළායතනං.
Sinhala BJTමහණෙනි, ෂඩායතන කවරේ ද? චක්ඛුආයතනය, සෝතආයතනය, ඝාණආයතනය, ජිව්හාආයතනය, කායආයතනය, මනආයතනය, මහණෙනි, මේ ෂඩායතන ය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ නාමරූපං? වෙදනා සඤ්ඤා චෙතනා ඵස්සො මනසිකාරො, ඉදං වුච්චති නාමං. චත්තාරො ච මහාභූතා, චතුන්නං ච මහාභූතානං උපාදායරූපං. ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං, ඉදඤ්ච රූපං. ඉදං වුච්චති භික්ඛවෙ, නාමරූපං.
Sinhala BJTමහණෙනි, නාමරූප කවරේ ද? වේදනා ය, සංඥා ය, චේතනා ය, ස්පර්ශ ය, මනස්කාර ය යන මෙය නාම ය යි කියනු ලැබේ. සතර මහාභූතයෝ ද සතර මහාභූතයන්ගේ උපාදායරූප ද යන මෙය රූප ය යි කියනු ලැබේ. මහණෙනි, මෙසේ මේ නාමය ද රූපය ද යන මේ නාමරූප ය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ විඤ්ඤාණං? ඡයිමෙ භික්ඛවෙ, විඤ්ඤාණකායා: චක්ඛුවිඤ්ඤාණං සොතවිඤ්ඤාණං ඝානවිඤ්ඤාණං ජිව්හාවිඤ්ඤාණං කායවිඤ්ඤාණං මනොවිඤ්ඤාණං. ඉදං වුච්චති භික්ඛවෙ, විඤ්ඤාණං.
Sinhala BJTමහණෙනි, විඤ්ඤාණය කවරේ ද? මහණෙනි, චක්ඛුවිඤ්ඤාණය, සෝතවිඤ්ඤාණය, ඝාණවිඤ්ඤාණය, ජිව්හාවිඤ්ඤාණය, කායවිඤ්ඤාණය, මනෝවිඤ්ඤාණ ය, යි මේ විඤ්ඤාණ රාශි සයෙකි. මහණෙනි, මෙය විඤ්ඤාණය යි කියනු ලැබේ.
Pali BJTකතමෙ ච භික්ඛවෙ සඞ්ඛාරා? තයොමෙ භික්ඛවෙ, සඞ්ඛාරා: කායසඞ්ඛාරො වචීසඞ්ඛාරො චිත්තසඞ්ඛාරො. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, සඞ්ඛාරා.
Sinhala BJTමහණෙනි, සංස්කාරයෝ කවරහු ද? මහණෙනි, කායසංස්කාර ය, වාක්සංස්කාර ය, චිත්තසංස්කාර ය යි මේ සංස්කාර තුණෙකි. මහණෙනි, මොහු සංස්කාරයෝ ය යි කියනු ලැබෙත්.
Pali BJTකතමා ච භික්ඛවෙ අවිජ්ජා? යං ඛො භික්ඛවෙ දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං. අයං වුච්චති භික්ඛවෙ, අවිජ්ජා.
Sinhala BJTමහණෙනි, අවිද්යාව කවරේ ද? මහණෙනි, දුඃඛසත්යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛසමුදයසත්යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛනිරෝධසත්යයෙහි යම් නො දැනීමෙක්, දුඃඛනිරෝධගාමිනීප්රතිපදාසත්යයෙහි යම් නො දැනීමෙක් වේ ද, මහණෙනි, මේ අවිද්යා ය යි කියනු ලැබේ.
Pali BJTඉති ඛො භික්ඛවෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමහණෙනි, මෙසේ අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ හටගණිත්. සංස්කාරප්රත්යයයෙන් විඥානය වෙයි. … මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJTඅවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතීති.
Sinhala BJTඅවිද්යාවගේ ම අශේෂවිරාග නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. … මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJT1. 1. 3.
Sinhala BJT1. 1. 3.
Pali BJTපටිපදාසුත්තං
Sinhala BJTපටිපදා සූත්රය
Pali BJT3. සාවත්ථියං–
Sinhala BJT3. සැවැත්නුවර–
Pali BJTමිච්ඡාපටිපදඤ්ච වො භික්ඛවෙ දෙසිස්සාමි සම්මාපටිපදඤ්ච. තං සුණාථ. සාධුකං මනසි කරොථ. භාසිස්සාමීති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTමහණෙනි, තොපට මිථ්යාප්රතිපදාව ද, සම්යක්ප්රතිපදාව ද දේශනා කිරීම. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. වහන්ස එසේ ය යි භික්ෂූහු භාග්යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTකතමා ච භික්ඛවෙ, මිච්ඡාපටිපදා? අවිජ්ජාපච්චයා භික්ඛවෙ, සඞ්ඛාරා. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අයං වුච්චති භික්ඛවෙ, මිච්ඡාපටිපදා.
Sinhala BJTමහණෙනි, මිථ්යාප්රතිපදාව කවරේ ද? මහණෙනි, අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ හටගණිත්. සංස්කාරප්රත්යයයෙන් විඥානය වේ. …. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ. මහණෙනි, මේ මිථ්යාප්රතිපදා යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, සම්මාපටිපදා? අවිජ්ජාය ත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති. අයං වුච්චති භික්ඛවෙ, සම්මාපටිපදාති.
Sinhala BJTමහණෙනි, සම්යක්ප්රතිපදාව කවරේද? අවිද්යාවගේ ම අනවශේෂ විරාග නම් වූ නිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ. … මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ. මහණෙනි, මේ සම්යක්ප්රතිපදා යි කියනු ලැබේ.
Pali BJT1. 1. 4.
Sinhala BJT1. 1. 4.
Pali BJTවිපස්සීසුත්තං
Sinhala BJTවිපස්සී සූත්රය
Pali BJT4. සාවත්ථියං–
Sinhala BJT4. සැවැත්නුවර–
Pali BJTවිපස්සිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: “කිච්ඡං{1} වතායං ලොකො ආපන්නො ජායති ච ජීයති ච මීයති ච චවති ච උපපජ්ජති ච. අථ ච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරාමරණස්ස. කුදස්සු{2} නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරාමරණස්සා”ති.
Sinhala BJTමහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්යවත් අරහත් විපස්සී සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් විය: “මේ ලෝවැසි තෙමේ දුක්පත් ම ය. උපදියි. දිරයි. මියෙයි චුත වෙයි. (නැවතත්) උපදියි. එහෙත් මේ ජරාමරණ දුකෙහි නික්ම යෑම නො දනී. කවදා නම් මේ ජරාමරණ දුකෙහි නික්ම යාමෙක් පෙණෙන්නේ දැ” යි.
Pali BJTඅථ ඛො භික්ඛවෙ විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති ජරාමරණං හොති? කිම්පච්චයා ජරාමරණ”න්ති? අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ජාතියා ඛො සති ජරාමරණං හොති, ජාතිපච්චයා ජරාමරණ”න්ති.
Sinhala BJTඉක්බිති විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේට “කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද? කිනම් ප්රත්යයයකින් ජරාමරණ වේ දැ”?යි මේ අදහස පහළ විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේට නුවණින් මෙනෙහි කිරීමෙන් ද ප්රඥායෙන්ද “ඉපදීම ඇති කල්හි ජරාමරණ වෙයි. ඉපදීම ප්රත්යයයෙන් ජරාමරණ වේ” යි අවබෝධ වි ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති ජාති හොති? කිම්පච්චයා ජාතී”ති? අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “භවෙ ඛො සති ජාති හොති, භවපච්චයා ජාතී”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්වයන් වහන්සේට “කුමක් ඇති කල්හි ඉපැද්ම වේ ද? කිනම් ප්රත්යයයකින් ඉපැද්ම වේ දැ”?යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “භවය ඇති කල්හි ඉපැද්ම වෙයි. භවය ප්රත්යයකොට ඉපැද්ම වේ”යි අවබෝධ වී ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති භවො හොති? කිම්පච්චයා භවො”ති? අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “උපාදානෙ ඛො සති භවො හොති, උපාදානපච්චයා{3} භවො”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්වයන් වහන්සේට “කුමක් ඇති කල්හි භවය වේ ද? කිනම් ප්රත්යයයකින් භවය වේ දැ?”යි මේ අදහස වීය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්ත්වයන් වහන්සේට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “උපාදාන ඇති කල්හි භවය වෙයි. උපාදානප්රත්යයයෙන් භවය වේ” යි අවබෝධ වී ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති උපාදානං හොති? කිම්පච්චයා උපාදාන”න්ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “තණ්හාය ඛො සති උපාදානං හොති. තණ්හාපච්චයා{1} උපාදාන”න්ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝධිසත්වයන්ට “කුමක් ඇති කල්හි උපාදාන වේ ද? කිනම් ප්රත්යයයෙකින් උපාදාන වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “තෘෂ්ණාව ඇති කල්හි උපාදාන වෙයි. තෘෂ්ණාප්රත්යයයෙන් උපාදාන වේ” යි අවබෝධ වී ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති තණ්හා හොති? කිම්පච්චයා තණ්හා”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “වෙදනාය ඛො සති තණ්හා හොති. වෙදනාපච්චයා{2} තණ්හා”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි තෘෂ්ණාව වේ ද? කිනම් ප්රත්යයයෙකින් තෘෂ්ණාව වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “වේදනාව ඇති කල්හි තෘෂ්ණාව වෙයි. වේදනාප්රත්යයයෙන් තෘෂ්ණාව වේ” යි අවබෝධ වී ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති වෙදනා හොති? කිම්පච්චයා වෙදනා”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ඵස්සෙ ඛො සති වෙදනා හොති. ඵස්සපච්චයා{3} වෙදනා”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි වේදනාව වේ ද? කිනම් ප්රත්යයයෙකින් වේදනාව වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “ස්පර්ශය ඇති කල්හි වේදනාව වෙයි. ස්පර්ශප්රත්යයයෙන් වේදනාව වේ” යි අවබෝධ වී ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති ඵස්සො හොති? කිම්පච්චයා ඵස්සො”ති: අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “සළායතනෙ ඛො සති ඵස්සො හොති. සළායතනපච්චයා{4} ඵස්සො”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි ස්පර්ශය වේ ද? කිනම් ප්රත්යයයෙකින් ස්පර්ශය වේ දැ?”යි මේ අදහස වීය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “ෂඩායතනය ඇති කල්හි ස්පර්ශය වෙයි. ෂඩායතනප්රත්යයයෙන් ස්පර්ශය වේ” යි අවබෝධ වී ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති සළායතනං හොති? කිම්පච්චයා සළායතන”න්ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො සති සළායතනං හොති. නාමරූපපච්චයා{5} සළායතන”න්ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි ෂඩායතනය වේ ද? කිනම් ප්රත්යයයෙකින් ෂඩායතනය වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “නාමරූප ඇති කල්හි ෂඩායතනය වෙයි. නාමරූපප්රත්යයයෙන් ෂඩායතනය වේ” යි අවබෝධ වී ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති නාමරූපං හොති? කිම්පච්චයා නාමරූප”න්ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “විඤ්ඤාණෙ ඛො සති නාමරූපං හොති. විඤ්ඤාණපච්චයා නාමරූප”න්ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇතිකල්හි නාමරූප වේ ද? කිනම් ප්රත්යයයෙකින් නාමරූප වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “විඥානය ඇති කල්හි නාමරූප වෙයි. විඥානප්රත්යයයෙන් නාමරූප වේ” යි අවබෝධ වී ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති විඤ්ඤාණං හොති? කිම්පච්චයා විඤ්ඤාණ”න්ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “සඞ්ඛාරෙසු{6} ඛො සති විඤ්ඤාණං හොති. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණ”න්ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇති කල්හි විඤ්ඤාණය වේ ද? කිනම් ප්රත්යයයෙකින් විඤ්ඤාණය වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “සංස්කාරය ඇති කල්හි විඥානය වෙයි. සංස්කාරප්රත්යයයෙන් විඥානය වේ” යි අවබෝධ වී ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො සති සඞ්ඛාරා හොන්ති. කිම්පච්චයා සඞ්ඛාරාති? අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “අවිජ්ජාය ඛො සති සඞ්ඛාරා හොන්ති. අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් ඇතිකල්හි සංස්කාරයෝ වෙත් ද? කිනම් ප්රත්යයයෙකින් සංස්කාරයෝ වෙත් ද?” යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “අවිද්යාව ඇති කල්හි සංස්කාරයෝ වෙත්. අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ වෙති”යි අවබෝධ වී ය.
Pali BJTඉති හිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. “සමුදයො සමුදයො”ති ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි. ඤාණං උදපාදි. පඤ්ඤා උදපාදි. විජ්ජා උදපාදි. ආලොකො උදපාදි.
Sinhala BJTමෙසේ මේ අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ වෙත්. සංස්කාර ප්රත්යයයෙන් විඥානය වෙයි … මෙසේ මේ හුදු දුක්රැසෙහි හට ගැණීම වෙයි. මහණෙනි, විපස්සී බෝසතුන්ට “සමුදය ය, සමුදය ය” යි පෙර නො ඇසූවිරූ දහම්හි දර්ශනය පහළ විය. නුවණ පහළ විය. ප්රඥාව පහළ විය. විද්යාව පහළ විය. ආලෝකය පහළ විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති ජරාමරණං න හොති? කිස්ස නිරොධා ජරාමරණනිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ජාතියා ඛො අසති ජරාමරණං න හොති. ජාතිනිරොධා ජරාමරණනිරොධො”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ජරා මරණ නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ජරාමරණනිරෝධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “ඉපැද්ම නැති කල්හි ජරාමරණ නො වේ. ඉපැද්ම නිරුද්ධ වීමෙන් ජරාමරණ නිරෝධය වේ”යි අවබෝධ විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති ජාති න හොති? කිස්ස නිරොධා ජාතිනිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “භවෙ ඛො අසති ජාති න හොති. භවනිරොධා ජාතිනිරොධො”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ඉපැද්ම නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ඉපැද්ම නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “භවය නැති කල්හි ඉපැද්ම නො වේ. භවය නිරුද්ධ වීමෙන් ඉපැද්ම නිරුද්ධ වේ”යි අවබෝධ විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති භවො න හොති? කිස්ස නිරොධා භවනිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “උපාදානෙ ඛො අසති භවො න හොති. උපාදානනිරොධා භවනිරොධො”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි භවය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “උපාදාන නැති කල්හි භවය නො වේ. උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ වේ”යි අවබෝධ විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති උපාදානං න හොති? කිස්ස නිරොධා උපාදානනිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “තණ්හාය ඛො අසති උපාදානං න හොති. තණ්හානිරොධා උපාදානනිරොධො”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි උපාදාන නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “තණ්හාව නැති කල්හි උපාදාන නො වේ. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදානනිරෝධය වේ”යි අවබෝධ විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති තණ්හා න හොති? කිස්ස නිරොධා තණ්හානිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “වෙදනාය ඛො අසති තණ්හා න හොති. වෙදනානිරොධා තණ්හානිරොධො”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි තණ්හාව නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් තණ්හාව නිරුද්ධ වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “වේදනාව නැති කල්හි තණ්හාව නො වේ. වේදනාව නිරුද්ධ වීමෙන් තණ්හානිරෝධය වේ”යි අවබෝධ විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති වෙදනා න හොති? කිස්ස නිරොධා වෙදනානිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ඵස්සෙ ඛො අසති වෙදනා න හොති. ඵස්සනිරොධා වෙදනානිරොධො”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි වේදනාව නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් වේදනානිරෝධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “ස්පර්ශය නැති කල්හි වේදනාව නො වේ. ස්පර්ශය නිරුද්ධ වීමෙන් වේදනානිරෝධය වේ”යි අවබෝධ විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති ඵස්සො න හොති? කිස්ස නිරොධා ඵස්සනිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “සළායතනෙ ඛො අසති ඵස්සො න හොති. සළායතනනිරොධා ඵස්සනිරොධො”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ස්පර්ශය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ස්පර්ශනිරෝධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “ෂඩායතනය නැති කල්හි ස්පර්ශය නො වේ. ෂඩායතනය නිරුද්ධ වීමෙන් ස්පර්ශනිරෝධය වේ”යි අවබෝධ විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති සළායතනං න හොති? කිස්ස නිරොධා සළායතනනිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “නාමරූපෙ ඛො අසති සළායතනං න හොති. නාමරූපනිරොධා සළායතනනිරොධො”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි ෂඩායතනය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ෂඩායතනනිරෝධය වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපාය ප්රඥායෙන් ද “නාමරූප නැති කල්හි ෂඩායතනය නො වේ. මනස්කාරයෙන්ද නාමරූප නිරුද්ධ වීමෙන් ෂඩායතනනිරෝධය වේ”යි අවබෝධ විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති නාමරූපං න හොති? කිස්ස නිරොධා නාමරූපනිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “විඤ්ඤාණෙ ඛො අසති නාමරූපං න හොති. විඤ්ඤාණනිරොධා නාමරූපනිරොධො”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි නාමරූප නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් නාමරූප නිරුද්ධ වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “විඤ්ඤාණය නැති කල්හි නාමරූප නො වේ. විඤ්ඤාණය නිරුද්ධ වීමෙන් නාමරූපනිරෝධය වේ”යි අවබෝධ වී ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති විඤ්ඤාණං න හොති? කිස්ස නිරොධා විඤ්ඤාණනිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “සඞ්ඛාරෙසු ඛො අසති විඤ්ඤාණං න හොති. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට “කුමක් නැති කල්හි විඤ්ඤාණය නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් විඤ්ඤාණය නිරුද්ධ වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමස්කාරයෙන් ද ප්රඥායෙන් ද “සංස්කාර නැති කල්හි විඤ්ඤාණය නො වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඤ්ඤාණනිරෝධය වේ”යි අවබෝධ විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස එතදහොසි: “කිම්හි නු ඛො අසති සඞ්ඛාරා න හොන්ති? කිස්ස නිරොධා සඞ්ඛාරනිරොධො?”ති. අථ ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “අවිජ්ජාය ඛො අසති සඞ්ඛාරා න හොන්ති. අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො”ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති විපස්සීබෝසතුන්ට “කුමක් නැති කල්හි සංස්කාර නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් සංස්කාර නිරුද්ධ වේ දැ?”යි මේ අදහස වී ය. මහණෙනි, ඉක්බිති විපස්සී බෝසතුන්ට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “අවිද්යාව නැති කල්හි සංස්කාර නො වේ. අවිද්යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධයවේ ය”යි අවබෝධ වී ය.
Pali BJTඉති හිදං අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTමෙසේ මේ අවිද්යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානනිරෝධය වේ. - … - මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJT“නිරොධො නිරොධො”ති ඛො භික්ඛවෙ, විපස්සිස්ස බොධිසත්තස්ස පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි. ඤාණං උදපාදි. පඤ්ඤා උදපාදි. විජ්ජා උදපාදි. ආලොකො උදපාදීති.
Sinhala BJTමහණෙනි, විපස්සී බෝසතුන්ට “නිරෝධය නිරෝධය” යි පෙර නො ඇසූවිරූ දහම්හි දර්ශනය පහළ වි ය. ඥානය පහළ විය. ප්රඥාව පහළ විය. විද්යාව පහළ විය. ආලෝකය පහළ විය.
Pali BJT(සත්තන්නම්පි බුද්ධානං එවං විත්ථාරෙතබ්බො).
Sinhala BJT(සත් බුදුවරයන් වහන්සේ පිළිබඳ ව ම මෙසේ විස්තර කටයුතු ය.)
Pali BJT1. 1. 5.
Sinhala BJT1. 1. 5.
Pali BJTසිඛීසුත්තං
Sinhala BJTසිඛී සූත්රය
Pali BJT5. සිඛිස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්ස එව සතො එතදහොසි -පෙ-
Sinhala BJT5. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නොපැමිණි, බෝසත් වූ ම භාග්යවත් අර්හත් සිඛී සම්මා සම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: ...
Pali BJT1. 1. 6.
Sinhala BJT1. 1. 6.
Pali BJTවෙස්සභූසුත්තං
Sinhala BJTවෙස්සභූ සූත්රය
Pali BJT6. වෙස්සභුස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්ස එව සතො එතදහොසි -පෙ-
Sinhala BJT6. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්යවත් අර්හත් වෙස්සභූ සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …
Pali BJT1. 1. 7.
Sinhala BJT1. 1. 7.
Pali BJTකකුසන්ධසුත්තං
Sinhala BJTකකුසන්ධ සූත්රය
Pali BJT7. කකුසන්ධස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි -පෙ-
Sinhala BJT7. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්යවත් අර්හත් කකුසඳ{1} සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …
Pali BJT1. 1. 8.
Sinhala BJT1. 1. 8.
Pali BJTකොණාගමනසුත්තං
Sinhala BJTකෝණාගමන සූත්රය
Pali BJT8. කොණාගමනස්ස{1} භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි -පෙ-
Sinhala BJT8. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්යවත් අර්හත් කෝණාගමන සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …
Pali BJT1. 1. 9.
Sinhala BJT1. 1. 9.
Pali BJTකස්සපසුත්තං
Sinhala BJTකස්සප සූත්රය
Pali BJT9. කස්සපස්ස භික්ඛවෙ, භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි -පෙ-
Sinhala BJT9. මහණෙනි, සම්බෝධියට පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම භාග්යවත් අර්හත් කසුප් සම්මාසම්බුදුරජානන් වහන්සේට මෙබඳු අදහසෙක් වී ය: …
Pali BJT[පෙය්යාලමුඛෙන නිද්දිට්ඨානි (5-9) ඉමානි සුත්තන්තානි විපස්සිසුත්තාගතපාළිනයෙනෙව විත්ථාරතො දට්ඨබ්බානි.]
Sinhala BJT[පෙය්යාලයෙන් සංක්ෂිප්ත වූ (5-9) මේ සුත්රාන්තයෝ විපස්සී සූත්රයෙහි ආ සැටියෙන් විස්තර විසින් දත යුතු වෙත්.]
Pali BJT1. 1. 10.
Sinhala BJT1. 1. 10.
Pali BJTගොතමසුත්තං
Sinhala BJTගොතම සූත්රය
Pali BJT10. පුබ්බෙව මෙ භික්ඛවෙ, සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: “කිච්ඡං වතායං ලොකො ආපන්නො. ජායති ච, ජීයති ච, මීයති ච, චවති ච, උපපජ්ජති{2} ච. අථ ච පනිමස්ස දුක්ඛස්ස නිස්සරණං නප්පජානාති ජරාමරණස්ස. කුදස්සු{3} නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං පඤ්ඤායිස්සති ජරාමරණස්සා”ති.
Sinhala BJT10. මහණෙනි, බුදු වීමට පෙර ම බුදු නො වූ බෝසත් වූ මට මේ සිත පහල විය: “ඒකාන්තයෙන් මේ ලෝකයා දුකට පැමිණියේ ය. උපදී. දිරයි. මියෙයි. ච්යුත වෙයි. නැවතත් උපදී. එහෙත් දිරීම මැරීම පිළිබඳ දුකින් නික්ම යෑමක් නො දනී. කවර කලෙක නම් ජරාමරණ සඞ්ඛ්යාත මේ දුකින් නික්ම යෑමෙක් පෙණේ දැ”යි.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො සති ජරාමරණං හොති? කිම්පච්චයා ජරාමරණ?”න්ති.{4} තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ජාතියා ඛො සති ජරාමරණං හොති. ජාතිපච්චයා ජරාමරණ”න්ති.
Sinhala BJTමහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ජරාමරණ වේ ද? කිනම් ප්රත්යයයෙකින් ජරාමරණ වේ දැ?”යි මේ අදහස පහළ විය. මහණෙනි, ඒ මට උපාය මනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “ඉපදීම ඇති කල්හි ජරාමරණ වෙයි. ඉපදීම්ප්රත්යයයෙන් ජරාමරණ වේ ය”යි අවබෝධ විය.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො සති ජාති හොති? -පෙ- භවො - උපාදානං - තණ්හා -වෙදනා - ඵස්සො - සළායතනං - නාමරූපං - විඤ්ඤාණං - සඞ්ඛාරා හොන්ති? කිම්පච්චයා සඞ්ඛාරා”ති? තස්ස මය්හං භික්ඛවෙ යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “අවිජ්ජාය ඛො සති සඞ්ඛාරා හොන්ති. අවිජ්ජාපච්චයා සඞ්ඛාරා”ති.
Sinhala BJTමහණෙනි, ඒ මට “කුමක් ඇති කල්හි ඉපැද්ම වේද? … භවය - උපාදාන - තෘෂ්ණාව - වේදනාව - ස්පර්ශය - ෂඩායතන - නාමරූප - විඥානය - සංස්කාරයෝ වෙද් ද? කිනම් ප්රත්යයයෙකින් සංස්කාරයෝ හටගණිද්දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඒ මට උපායමනස්කාරයෙන් ද ප්රඥායෙන් ද “අවිද්යාව ඇති කල්හි සංස්කාරයෝ වෙති. අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ හටගනිති”යි අවබෝධ විය.
Pali BJTඉති හිදං{5} අවිජ්ජාපච්චයා සඞ්ඛාරා. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
Sinhala BJTමෙසේ මේ අවිද්යාප්රත්යයයෙන් සංස්කාරයෝ වෙත්, සංස්කාරප්රත්යයයෙන් විඥානය හටගණී. …. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැණීම වේ.
Pali BJT“සමුදයො සමුදයො”ති ඛො මෙ භික්ඛවෙ පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි. ඤාණං උදපාදි. පඤ්ඤා උදපාදි. විජ්ජා උදපාදි. ආලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, “සමුදය සමුදය”යි පෙර නො ඇසූවිරූ දහම්හි මට දර්ශනය පහළ විය. ඥානය පහළ විය. ප්රඥාව පහළ විය. විද්යාව පහළ විය. ආලෝකය පහළ විය.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො අසති ජරාමරණං න හොති? කිස්ස නිරොධා ජරාමරණනිරොධො?”ති. තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “ජාතියා ඛො අසති ජරාමරණං න හොති. ජාතිනිරොධා ජරාමරණනිරොධො”ති.
Sinhala BJTමහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ජරාමරණ නො වේ ද? කුමක් නිරුද්ධ වීමෙන් ජරාමරණනිරෝධය වේ දැ?”යි මේ අදහස විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් ද ප්රඥායෙන් ද “ඉපැද්ම නැති කල්හි ජරාමරණ නො වේ. ඉපැද්ම නිරුද්ධ වීමෙන් ජරාමරණනිරෝධය වේ”යි අවබෝධ විය.
Pali BJTතස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “කිම්හි නු ඛො අසති ජාති න හොති? -පෙ- භවො - උපාදානං - තණ්හා - වෙදනා - ඵස්සො - සළායතනං - නාමරූපං - විඤ්ඤාණං - සඞ්ඛාරා න හොන්ති? කිස්ස නිරොධා සඞ්ඛාරනිරොධො?”ති. තස්ස මය්හං භික්ඛවෙ, යොනිසො මනසිකාරා අහු පඤ්ඤාය අභිසමයො: “අවිජ්ජාය ඛො අසති සඞ්ඛාරා න හොන්ති. අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො”ති.
Sinhala BJTමහණෙනි, ඒ මට “කුමක් නැති කල්හි ඉපැද්ම නො වේ ද?” … භවය - උපාදාන - තෘෂ්ණාව - වේදනාව - ස්පර්ශය - ෂඩායතන - නාමරූප - විඥානය - සංස්කාරයෝ නො වෙද් ද? කුමක් නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධය වේ දැ”?යි මේ අදහස විය. මහණෙනි, ඒ මට නුවණින් මෙනෙහි කිරීමෙන් ද ප්රඥායෙන් ද “අවිද්යාව නැති කල්හි සංස්කාරයෝ නො වෙත්. අවිද්යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධය වේ”යි අවබෝධ විය.
Pali BJTඉති හිදං අවිජ්ජානිරොධා සඞ්ඛාරනිරොධො. සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො -පෙ- එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොති.
Sinhala BJTමෙසේ මේ අවිද්යාව නිරුද්ධ වීමෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාර නිරුද්ධ වීමෙන් විඥානනිරෝධය වේ. …. මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ.
Pali BJT“නිරොධො නිරොධො”ති ඛො මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි. ඤාණං උදපාදි. පඤ්ඤා උදපාදි. විජ්ජා උදපාදි. ආලොකො උදපාදීති.
Sinhala BJTමහණෙනි, “නිරෝධය නිරෝධය”යි පෙර නො ඇසූවිරූ දහම්හි මට දර්ශනය පහළ විය. ඥානය පහළ විය. ප්රඥාව පහළ විය. විද්යාව පහළ විය. ආලෝකය පහළ විය.