Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2901-3000 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTචත්තාරො ච පටිපන්නා චත්තාරො ච ඵලෙ ඨිතා, එස සඞ්ඝො උජුභූතො පඤ්ඤාසීලසමාහිතො.
Sinhala BJTමාර්‍ගප්‍රතිපන්නයෝ සිවුදෙන ද, ඵලස්ථයෝ සිවුදෙන දැයි මේ (අෂ්ටාර්‍ය්‍යපුද්ගල) සඞ්ඝ තෙමේ ඍජු වූයේ ය. ප්‍රඥාශීලසමාධීන් යුක්ත ය.
Pali BJTයජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පාණිනං, කරොතං ඔපධිකං පුඤ්ඤං සඞ්ඝෙ දින්නං මහප්ඵලන්ති.
Sinhala BJTපින් කැමති ව යාග කරන්නා වූ උපධිවිපාක ඇති පින් කරන්නා වූ මනුෂ්‍යප්‍රාණීන් විසින් ඒ සඞ්ඝයාහට දෙන ලද්ද මහත්ඵල වේ.
Pali BJT11. 2. 7.
Sinhala BJT11. 2. 7.
Pali BJTවන්දනාසුත්තං.
Sinhala BJTවන්‍දනා සූත්‍රය
Pali BJT263. සාවත්ථියං–
Sinhala BJT263. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා දිවාවිහාරගතො හොති, පටිසල්ලීනො. අථ ඛො සක්කො ච දෙවානමින්දො බ්රහ්මා ච සහම්පතී යෙන භගවා තෙනුපසඞ්කමිංසු, උපසඞ්කමිත්වා පච්චෙකං ද්වාරබාහං නිස්සාය අට්ඨංසු. අථ ඛො සක්කො දෙවානමින්දො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහරණයට වැඩිසේක් පිළිසලන ඇති සේක. ඉක්බිති සක්දෙව් රජසහම්පති බඹු ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ වෙන වෙන දොරබා ඇසුරු කොට සිටියහ. එකල්හි සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය.
Pali BJTඋට්ඨෙහි{1} වීර විජිතසඞ්ගාම පන්නභාර අනණ විචර ලොකෙ, චිත්තඤ්ච තෙ සුවිමුත්තං චන්දො යථා පණ්ණරසාය රත්තින්ති.
Sinhala BJTවීරයන් වහන්ස, දිනන ලද සඞ්ග්‍රාම ඇත්තානෙනි, බහා තබන ලද බර ඇත්තවුන් වහන්ස, ණය නැත්තානෙනි, නැගී සිටිනු මැනවි. ලොව හැසිරෙණු මැනවි. මුබ වහන්සේගේ සිතත් පුණුරැසි රැයක් සඳ මෙන් මැනවින් මිදුනේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්තු:]
Pali BJTන ඛො දෙවානමින්ද තථාගතා එවං වන්දිතබ්බා. එවඤ්ච ඛො දෙවානමින්ද තථාගතා වන්දිතබ්බා:
Sinhala BJTදේවේන්‍ද්‍රය. තථාගතයෝ මෙසේ නො ම වැඳිය යුත්තාහ. දේවේන්‍ද්‍රය. තථාගතයෝ මෙසේ වැඳිය යුත්තාහ.
Pali BJTඋට්ඨෙහි{1} වීර විජිතසඞ්ගාම සත්ථවාහ අනණ විචර ලොකෙ, දෙසස්සු{2} භගවා ධම්මං අඤ්ඤාතාරො භවිස්සන්තීති.
Sinhala BJTවීරයන් වහන්ස, විජිතසඞ්ග්‍රාමයන් වහන්ස, සාර්‍ත්‍ථවාහයන් වහන්ස, අනණයන් වහන්ස, නැඟී සිටිනු මැනවි. ලොව හැසිරෙණු මැනව. භාග්‍යවතුන් වහන්ස, ධර්‍මය දේශනා කරණු මැනව අවබෝධ කරන්නෝ ඇත.
Pali BJT11. 2. 8.
Sinhala BJT11. 2. 8.
Pali BJTසක්ක නමස්සන සුත්තං{3}
Sinhala BJTසක්කනමස්සන සූත්‍රය
Pali BJT264. සාවත්ථියං–
Sinhala BJT264. සැවැත්නුවර–
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ සක්කො දෙවානමින්දො මාතලිං සඞ්ගාහකං ආමන්තෙසි: යොජෙහි සම්ම මාතලි, සහස්සයුත්තං ආජඤ්ඤරථං. උය්යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායාති.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. සක් දෙවිඳු මාතලි රියදුරු ඇමතී ය: සගය, මාතලි, දහසින් යුත් ආජඤ්ඤරථය යොදව. මනා බිම වූ උයන්බිම දක්නට යමු.
Pali BJTඑවං භද්දන්තවාති ඛො භික්ඛවෙ මාතලි සඞ්ගාහකො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා සහස්සයුත්තං ආජඤ්ඤරථං යොජෙත්වා සක්කස්ස දෙවානමින්දස්ස පටිවෙදෙසි: යුත්තො ඛො තෙ මාරිස, සහස්සයුත්තො ආජඤ්ඤරථො. යස්ස දානි කාලං මඤ්ඤසීති.
Sinhala BJTමහණෙනි, ‘එසේ ය මුබට යෙහෙක් වේවායි’ මාතලි රියදුරු තෙමේ සක්දෙවිඳුහට පිළිවදන් දී දහසින් යුතු ආජඤ්ඤරථය යොදා සක්දෙවිඳුහට නිදුකානෙනි, දහසින් යුත් ආජඤ්ඤරථය යොදන ලදී. එයට කල් දනුව යි සැළ කෙළේ ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො වෙජයන්තපාසාදා ඔරොහන්තො පඤ්ජලිකො{4} සුදං පුථුද්දිසා නමස්සති. අථ ඛො භික්ඛවෙ මාතලිසඞ්ගාහකො සක්කං දෙවානමින්දං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTමහණෙනි, ඉක්බිති සක්දෙව්රජ විජයොත් පහයෙන් බස්නේ බඳැඳිලි ව ම හැම දිගුන් නමඳියි. මහණෙනි, එකල්හි මාතලි රියදුරු සක්දෙව්රජුට ගාථායෙන් කී ය:
Pali BJTතං නමස්සන්ති තෙවිජ්ජා සබ්බෙ භුම්මා ච ඛත්තියා, චත්තාරො ච මහාරාජා තිදසා ච යසස්සිනො, අථ කො නාම සො යක්ඛො යං ත්වං සක්ක නමස්සසීති.
Sinhala BJTවේදත්‍රය හදාරණ සියලු භූලෝකවාසීහු ද, ක්‍ෂත්‍රියයෝ ද, සතරවරම්දෙවිමහරජහු ද, යශස් ඇති දෙවියෝ ද, මුබ වඳිත්. වැලි සක්දෙවිඳුනි, මුබ යමකු වඳනාහු නම් හේ කිනම් සත්ත්‍වයෙක් ද?
Pali BJT[සක්කො:]
Sinhala BJT[සක්දෙවිඳු:]
Pali BJTමං නමස්සන්ති තෙවිජ්ජා සබ්බෙ භුම්මා ච ඛත්තියා, චත්තාරො ච මහාරාජා තිදසා ච යසස්සිනො.
Sinhala BJTත්‍රිවේදය හදාරණ පොළෝතල වැසි සියල්ලෝ ද ක්‍ෂත්‍රියයෝ ද සිවුවරම් දෙව්මහරජහු ද යශස් ඇති දෙවියෝ ද මා නමඳිත්.
Pali BJTඅහඤ්ච සීලසම්පන්නෙ චිරරත්තසමාහිතෙ, සම්මාපබ්බජිතෙ වන්දෙ බ්රහ්මචරියපරායනෙ.
Sinhala BJTමම ද ශීලයෙන් සමන්‍විත වූ බොහෝ කලක් මුළුල්ලෙහි එකඟ කළ සිත් ඇති බඹසරවිසුම්හි තත්පර වූ පැවිද්දන් මැනවින් වඳිම්.
Pali BJTයෙ ගහට්ඨා පුඤ්ඤකරා සීලවන්තො උපාසකා, ධම්මෙන දාරං පොසෙන්ති තෙ නමස්සාමි මාතලීති.
Sinhala BJTපින් කරණ සිල්වත් වූ ගෘහස්ථ යම් උවසු කෙනෙක් දැහැමින් අඹුදරුවන් පුසිද්ද. මාතලි, මම ඔවුන් නමඳිමි.
Pali BJT[මාතලි:]
Sinhala BJT[මාතලි:]
Pali BJTසෙට්ඨා හි කිර ලොකස්මිං යෙ ත්වං සක්ක නමස්සසි, අහම්පි තෙ නමස්සාමි යෙ නමස්සසි වාසවාති.
Sinhala BJTසක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් වඳනාහු ද, ඔහු ලොව්හි ශ්‍රේෂ්ඨයෝ ම ය. සක්දෙව්රදුනි, (මුබ) යම් කෙනකුන් වඳනාහු ද මම ද ඔවුන් නමඳිමි.
Pali BJT[ථෙරා:]
Sinhala BJT[තෙරහු:]
Pali BJTඉදං වත්වාන මඝවා දෙවරාජා සුජම්පති, පුථුද්දිසා නමස්සිත්වා පමුඛො රථමාරුහීති.
Sinhala BJTදෙවියන්ට රජ වූ සුජාවගේ සැමියා වූ මඝවන්තු නම් වූ සක්දෙව්රජ තෙමේ මෙය කියා හැම දිගුන් නැමඳ රියට නැංගේ ය.
Pali BJT11. 2. 9.
Sinhala BJT11. 2. 9.
Pali BJTදුතියසක්කනමස්සන සුත්තං{1}
Sinhala BJTදුතියසක්කනමස්සන සූත්‍රය
Pali BJT265. සාවත්ථියං–{2}
Sinhala BJT265. සැවැත්නුවර–
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ සක්කො දෙවානමින්දො මාතලිසඞ්ගාහකං{3} ආමන්තෙසි: යොජෙහි සම්ම මාතලි, සහස්සයුත්තං ආජඤ්ඤරථං. උය්යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායාති.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. සක්දෙවිඳු තෙමේ මාතලි රියැදුරා ඇමතීය: ‘සගය මාතලි, සහස්‍රයුක්ත ආජඤ්ඤරථය යොදව. මනහර බිම වූ උයන් බිම දක්නට යමු’යි.
Pali BJTඑවං භද්දන්තවාති ඛො භික්ඛවෙ මාතලිසඞ්ගාහකො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා සහස්සයුත්තං ආජඤ්ඤරථං යොජෙත්වා සක්කස්ස දෙවානමින්දස්ස පටිවෙදෙසි: යුත්තො ඛො තෙ මාරිස, සහස්සයුත්තො ආජඤ්ඤරථො යස්ස දානි කාලං මඤ්ඤසීති.
Sinhala BJT“මහණෙනි, මාතලි රියදුරු තෙමේ ‘එසේ ය, මුබට මැනැවෙකි’යි පිළිතුරු දී දහසින් යුත් ආජඤ්ඤරථය යොදා සක්දෙවිඳුට ‘නිදුකානෙනි, මුබගේ දහසින් යුත් ආජඤ්ඤරථය යොදන ලදී. එයට දැන් කල් දනුව’යි සැළ කෙළේ ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො වෙජයන්තපාසාදා ඔරොහන්තො පඤ්ජලිකො{4} සුදං භගවන්තං නමස්සති.
Sinhala BJTමහණෙනි, එකල්හි සක්දෙවිඳු විජයොත්පහයෙන් බස්නේ බැඳැදිලි වැ සිට භාග්‍යවතුන් වහන්සේ නමඳියි.
Pali BJTඅථ ඛො භික්ඛවෙ මාතලිසඞ්ගාහකො සක්කං දෙවානමින්දං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTමහණෙනි, එකල්හි මාතලි රියැදුරු තෙමේ සක් දෙවිඳුට ගාථායෙන් කී ය:
Pali BJTයං හි දෙවා මනුස්සා ච තං නමස්සන්ති වාසව, අථ කො නාම සො යක්ඛො යං ත්වං සක්ක නමස්සසීති?
Sinhala BJT‘සක්දෙවිඳුනි, යම් හෙයෙකින් දෙවියෝත් මිනිස්සුත් තොප වඳිද්ද, වැලි ඒ තෙපි යමකු වඳිවු නම් හෙ කිනම් සත්ත්‍වයෙක් ද?
Pali BJT[සක්කො:]
Sinhala BJT[සක්දෙවිඳු:]
Pali BJTයො{5} ඉධ සම්මාසම්බුද්ධො අස්මිං ලොකෙ සදෙවකෙ, අනොමනාමං සත්ථාරං තං නමස්සාමි මාතලි.
Sinhala BJTඑම්බා මාතලි, මෙහි දෙවියන් සහිත මේ ලොව්හි යම් සම්මාසම්බුදු කෙනෙක් වෙද්ද, අලාමක නම් ඇති ඒ ශාස්තෲන් වහන්සේ නමඳිමි.
Pali BJTයෙසං රාගො ච දොසො ච අවිජ්ජා ච විරාජිතා, ඛීණාසවා අරහන්තො තෙ නමස්සාමි මාතලි.
Sinhala BJTයම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් දුරු කරණ ලද්දාහු ද, ඔහු ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත්හු ය. මාතලි මම ඔවුන් නමඳිමි.
Pali BJTයෙ රාගදොසවිනයා අවිජ්ජාසමතික්කමා, සෙඛා{6} අපචයාරාමා අප්පමත්තානුසික්ඛරෙ, තෙ නමස්සාමි මාතලීති.
Sinhala BJTමාතලි, යම් කෙනෙක් රාගද්වේශයන් දුරු කිරීමෙන් අවිද්‍යාව ඉක්මීමෙන් ශෛක්‍ෂ වූවාහු සසරවට නැසීමෙහි ඇලුනාහු නොපමා ව හික්මෙද්ද, මම ඔවුන් නමඳිමි.
Pali BJT[මාතලි:]
Sinhala BJT[මාතලි:]
Pali BJTසෙට්ඨා හි කිර ලොකස්මිං යෙ ත්වං සක්ක නමස්සසි, අහම්පි තෙ නමස්සාමි යෙ නමස්සසි වාසවාති.
Sinhala BJTසක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් වඳනාහු ද, ඔහු ලොව්හි ශ්‍රේෂ්ඨයෝ ම වෙති. සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් නමඳනාහු නම් මමත් ඔවුන් නමඳිමි.
Pali BJT[ථෙරා:]
Sinhala BJT[තෙරහු:]
Pali BJTඉදං වත්වාන මඝවා දෙවරාජා සුජම්පති, භගවන්තං නමස්සිත්වා පමුඛො රථමාරුහීති.
Sinhala BJTමඝවත් නම් වූ දෙවියන්ට රජ වූ සුජාවගේ සැමියා වූ සක්දෙවිඳු තෙමේ මෙය කියා භාග්‍යවතුන් වහන්සේ නැමැඳ රියට නැංගේ ය.
Pali BJT11. 2. 10.
Sinhala BJT11. 2. 10.
Pali BJTතතිය සක්ක නමස්සන සුත්තං{7}
Sinhala BJTතතියසක්කනමස්සන සූත්‍රය
Pali BJT266. එවං මෙ සුතං:{8} එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT266. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ සක්කො දෙවානමින්දො මාතලිසඞ්ගාහකං ආමන්තෙසි: යොජෙහි සම්ම මාතලි, සහස්සයුත්තං ආජඤ්ඤරථං උය්යානභූමිං ගච්ඡාම සුභූමිං දස්සනායාති.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. සක්දෙව්රජ මාතලි රියැදුරා ඇමතී ය: “සගය මාතලි, දහසින් යුත් ආජඤ්ඤරථය යොදව, මනහර බිම වූ උයන්බිම දක්නට යමු”යි.
Pali BJTඑවං භද්දන්තවාති ඛො භික්ඛවෙ, මාතලි සඞ්ගාහකො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා, සහස්සයුත්තං ආජඤ්ඤරථං යොජෙත්වා සක්කස්ස දෙවානමින්දස්ස පටිවෙදෙසි: යුත්තො ඛො තෙ මාරිස, සහස්සයුත්තො ආජඤ්ඤරථො, යස්ස’ දානි කාලං මඤ්ඤසීති. අථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො වෙජයන්තපාසාදා ඔරොහන්තො පඤ්ජලිකො සුදං භික්ඛුසඞ්ඝං නමස්සති. අථ ඛො භික්ඛවෙ මාතලි සඞ්ගාහකො සක්කං දෙවානමින්දං ගාථාහි{1} අජ්ඣභාසි:
Sinhala BJTමහණෙනි, මාතලි රියදුරු “එසේ ය, මුබට මැනැවෙක් වේව”යි සක්දෙවිඳුට පිළිතුරු දී දහසින් යුත් ආජඤ්ඤරථය යොදා සක්දෙවිඳුට නිදුකානෙනි, දහසින් යුත් මුබගේ ආජඤ්ඤරථය යොදන ලද්දේ ය. දැන් එයට කල් දනුව”යි සැළ කෙළේ ය. මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ විජයොත්පහයෙන් බස්නේ බැඳැදිලි ව ම බික්සඟන නමඳියි. මහණෙනි, එකල්හි, මාතලි රියදුරු තෙමේ සක්දෙවිඳුට ගාථායෙන් කී ය:
Pali BJTතං හි එතෙ නමස්සෙය්යුං පූතිදෙහසයා නරා, නිමුග්ගා කුණපස්මෙතෙ{2} ඛුප්පිපාසා{3} සමප්පිතා.
Sinhala BJTදුගඳ සිරුර වැතිර ගෙණ හෝනා වූ මේ මිනිස්සු මුබවහන්සේ නමඳනාහ. මොහු කුණුපයෙහි (මවුකුසැ) ගැලුනාහ. සාපිපාසා දෙකින් මඬනා ලද්දාහුය.
Pali BJTකින්නු තෙසං පිහයසි අනාගාරාන වාසව, ආචාරං ඉසිනං{4} බ්රූහි තං සුණොම වචො තවාති.
Sinhala BJTසක්දෙවිඳුනි, ගෘහවාස නැති ඒ තව්තිසන්ගේ කිනම් අචාරයක් කැමැත්තෙහි ද? කියනු මැනව. මුබගේ ඒ වදන අසමු.
Pali BJT[සක්කො:]
Sinhala BJT[සක්දෙවිඳු:]
Pali BJTඑතං තෙසං පිහයාමි අනාගාරාන මාතලි, යම්හා ගාමා පක්කමන්ති අනපෙක්ඛා වජන්ති තෙ.
Sinhala BJTඑම්බා, මාතලි, ඔහු යම් ගමෙකින් බැහැර යෙත් නම් නිරපේක්‍ෂක ව යෙත්. ගෘහවාස රහිත වූ ඔවුන්ගේ මේ ගුණය කැමැත්තෙමු.
Pali BJTන තෙසං කොට්ඨෙ ඔපෙන්ති න කුම්භෙ{5} න ඛලොපියං{6}, පරනිට්ඨිතමෙසානා{7} තෙන යාපෙන්ති සුබ්බතා, සුමන්තමන්තිනො ධීරා තුණ්හීභූතා සමඤ්චරා.
Sinhala BJTඔවුන් සතු (ධාන්‍යයක්) කොටුවෙක නො බහත්. සැළෙක්හිදු නො බහත්. පැසෙක්හිදු නො බහත්. මෙරමා නිම වූ බත සොයන්නාහු මනා ව්‍රත ඇත්තාහු එයින් යැපෙත්. සුමන්ත්‍රණ මන්ත්‍රණය කරන්නාහ. ධෘතිසම්පන්නයහ. නිශ්ශබ්දයහ. සම ව හැසිරෙන්නාහ.
Pali BJTදෙවා විරුද්ධා අසුරෙහි පුථු මච්චා ච මාතලි, අවිරුද්ධා විරුද්ධෙසු අත්තදණ්ඩෙසු නිබ්බුතා, සාදානෙසු අනාදානා තෙ නමස්සාමි මාතලීති.
Sinhala BJTඑම්බා මාතලි, දෙවියෝ අසුරයන් හා විරුද්ධයහ. (එසේ ම) බොහෝ මිනිස්සු ද (ඔවුනොවුන් හා) විරුද්ධයහ. (එහෙත් මොහු) විරුද්ධයන් කෙරෙහි අවිරුද්ධයහ. ගත දඬු ඇත්තන් කෙරෙහි නිවුනහ. ආදාන (ග්‍රහණ) සහිතයන් අතරෙහි ආදාන රහිතයහ. මාතලි, ඔවුන් නමඳිමි.
Pali BJT[මාතලි:]
Sinhala BJT[මාතලි:]
Pali BJTසෙට්ඨා හි කිර ලොකස්මිං යෙ ත්වං සක්ක නමස්සසි, අහම්පි තෙ නමස්සාමි යෙ නමස්සසි වාසවාති.
Sinhala BJTසක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් නමඳනාහ නම් ඔහු ලොව්හි ශ්‍රේෂ්ඨයෝ ම වෙති. සක්දෙවිඳුනි, මුබ යම් කෙනකුන් නමඳනාහු නම් මමත් ඔවුන් නමඳිමි.
Pali BJT[ථෙරා:]
Sinhala BJT[තෙරහු:]
Pali BJTඉදං සුත්වාන මඝවා දෙවරාජා සුජම්පති, භික්ඛුසඞ්ඝං නමස්සිත්වා පමුඛො රථමාරුහීති.
Sinhala BJTමඝවත් නම් වූ දෙවියන්ට රජ වූ සුජාවගේ සැමියා වූ සක්දෙව්රජ මෙය අසා බික්සඟන නැමඳ රියට නැංගේ ය.
Pali BJTසත්තවතවග්ගො දුතියො.
Sinhala BJTසත්තවතවර්‍ගය දෙවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTවතපදෙන{8} තයො වුත්තා දළිද්දඤ්ච රාමණෙය්යකං, යජමානඤ්ච වන්දනා තයො සක්කනමස්සනාති.
Sinhala BJTවතපද සූත්‍ර තුණය, දළිද්ද, රාමණෙය්‍යක, යජමාන, වන්‍දනා සූත්‍රය, සක්කනමස්සනා සූත්‍ර තුණය යි සූත්‍ර දශයකි.
Pali BJT3. සක්කපඤ්චකං
Sinhala BJT3. සක්කපඤ්චකය
Pali BJT11. 3. 1.
Sinhala BJT11. 3. 1.
Pali BJTඣත්වා{1}සුත්තං
Sinhala BJTඣත්‍වා සූත්‍රය
Pali BJT267. {2}එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සක්කො දෙවානමින්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සක්කො දෙවානමින්දො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJT267. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් සැළ කෙළේ ය.
Pali BJTකිංසු ඣත්වා{3} සුඛං සෙති කිංසු ඣත්වා{3} න සොචති, කිස්සස්ස{4} එකධම්මස්ස වධං රොචෙසි ගොතමාති.
Sinhala BJTගෞතමයන් වහන්ස, කුමක් දවා සුවසේ වැටේ ද? කුමක් දවා නො සොස්නේ ද? කිනම් එක් දහමක්හුගේ නැස්ම රුස්නෙහි ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTකොධං ඣත්වා{3} සුඛං සෙති කොධං ඣත්වා{3} න සොචති, කොධස්ස විසමූලස්ස මධුරග්ගස්ස වාසව, වධං අරියා පසංසන්ති තං හි ඣත්වා{3} න සොචතී ති.
Sinhala BJTසක්දෙවිඳු, ක්‍රෝධය දවා සුවසේ වෙසෙයි. ක්‍රෝධය දවා ශෝක නො කෙරේ. විෂ වූ මුල ඇති මිහිරි අග ඇති ක්‍රෝධය නැස්ම ආර්‍ය්‍යයෝ පසසත්. එය දවා ම ශෝක නො කෙරෙයි.
Pali BJT11. 3. 2.
Sinhala BJT11. 3. 2.
Pali BJTදුබ්බණ්ණියසුත්තං
Sinhala BJTදුබ්බණ්ණිය සූත්‍රය
Pali BJT268. සාවත්ථියං–{5}
Sinhala BJT268. සැවැත්නුවර–
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, අඤ්ඤතරො යක්ඛො දුබ්බණ්ණො ඔකොටිමකො සක්කස්ස දෙවානමින්දස්ස ආසනෙ නිසින්නො අහොසි. තත්ර සුදං භික්ඛවෙ දෙවා තාවතිංසා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, අයං යක්ඛො දුබ්බණ්ණො ඔකොටිමකො සක්කස්ස දෙවානමින්දස්ස ආසනෙ නිසින්නොති{6} යථා යථා ඛො භික්ඛවෙ, දෙවා තාවතිංසා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, තථා තථා සො යක්ඛො අභිරූපතරො චෙව හොති දස්සනීයතරො ච පාසාදිකතරො ච.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. දුර්වර්‍ණ වූ මිටි වූ එක්තරා යකෙක් සක්දෙවිඳුගේ අසුන්හි හුන්නේ විය. මහණෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. දුර්වර්‍ණ වූ මිටි වූ මේ යක්‍ෂ තෙමේ සක් දෙවිඳුගේ අස්නෙහි හුන්නේ ය”යි නින්‍දා කෙරෙත්, දොස් කියත්, අවමන් කෙරෙත්. මහණෙනි, තව්තිසා වැසි දෙවියෝ යම් යම් පරිද්දකින් නින්‍දා කෙරෙත් ද, දොස් කියද්ද, අවමන් කෙරෙද්ද, ඒ ඒ පරිද්දෙන් ඒ යක්‍ෂ තෙමේ ඉතා විශිෂ්ට රූ ඇත්තේ ද ඉතා දැකුම්කලු වූයේ ද අතිශයින් ප්‍රසාද එළවන්නේ ද වෙයි.
Pali BJTඅථ ඛො භික්ඛවෙ දෙවා තාවතිංසා යෙන සක්කො දෙවානමින්දො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා සක්කං දෙවානමින්දං එතදවොචුං: ඉධ තෙ මාරිස අඤ්ඤතරො යක්ඛො දුබ්බණ්ණො ඔකොටිමකො තුම්හාකං{7} ආසනෙ නිසින්නො. තත්ර සුදං මාරිස දෙවා තාවතිංසා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: අච්ඡරියං වත භො අබ්භුතං වත භො අයං යක්ඛො දුබ්බණ්ණො ඔකොටිමකො සක්කස්ස දෙවානමින්දස්ස ආසනෙ නිසින්නොති. යථා යථා ඛො මාරිස දෙවා තාවතිංසා උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති, තථා තථා සො යක්ඛො අභිරූපතරො චෙව හොති දස්සනීයතරො ච පාසාදිකතරො චාති. සො හි නූන මාරිසා කොධභක්ඛො යක්ඛො භවිස්සතී ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති තව්තිසා වැසි දෙවියෝ සක්දෙවිඳු වෙත එළඹියහ. එළඹ සක්දෙවිඳුහට මෙය සැළ කළහ. නිදුකානෙනි, මෙහි දුර්වර්‍ණ වූ මිටි වූ එක්තරා යකෙක් මුබගේ අස්නෙහි හුන්නේ ය. නිදුකානෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. දුර්වර්‍ණ වූ මිටි වූ මේ යක්‍ෂ තෙමේ සක්දෙවිඳුගේ අස්නෙහි හුන්නේ ය”යි නින්‍දා කෙරෙත්. දොස් කියත්. අගුණ පතුරුවත්. නිදුකානෙනි, තව්තිසා වැසි දෙවියෝ යම් යම් පරිද්දෙකින් නින්‍දා කෙරෙත් ද, දොස් කියත් ද, නුගුණ පතුරුවත් ද, ඒ ඒ පරිද්දෙන් ඒ යක්‍ෂ තෙමේ ඉතා මනහර රූ ඇත්තේ ද ඉතා දැකුම්කලු වූයේ ද අතිශයින් ප්‍රසාද එළවන්නේ ද වේ ම ය. පින්වත්නි, හෙ තෙමේ ඒකාන්තයෙන් ක්‍රෝධය බුදින යක්‍ෂයෙක් වන්නේ ය”යි.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, සක්කො දෙවානමින්දො යෙන සො කොධභක්ඛො යක්ඛො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණජාණුමණ්ඩලං පඨවියං නිහන්ත්වා යෙන සො කොධභක්ඛො යක්ඛො තෙනඤ්ජලිං පණාමෙත්වා තික්ඛත්තුං නාමං සාවෙති: සක්කො’හං{1} මාරිස දෙවානමින්දො, සක්කො’හං{2} මාරිස දෙවානමින්දොති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති සක්දෙවිඳු ඒ කෝධභක්ඛ යකු වෙත එළඹියේ ය. එළඹ උතුරුසළුව එකස් කොට දකුණු දණමඬල පොළොවෙහි හැන ඒ කෝධභක්ඛ යකු වෙත ඇඳිලි බැඳ “නිදුකානෙනි, මම සක් දෙවිඳුමි. නිදුකානෙනි, මම සක් දෙවිඳුමි”යි තෙවරක් නම ඇස්වී ය.
Pali BJTයථා යථා ඛො භික්ඛවෙ, සක්කො දෙවානමින්දො නාමං සාවෙති තථා තථා සො යක්ඛො දුබ්බණ්ණතරො චෙව අහොසි ඔකොටිමකතරො ච දුබ්බණ්ණතරො චෙව හුත්වා ඔකොටිමකතරො ච තත්ථෙවන්තරධායීති.
Sinhala BJTමහණෙනි, සක්දෙවිඳු යම් යම් පරිද්දෙන් නම අස්වා ද, ඒ යක්‍ෂ තෙමේ ඒ ඒ පරිද්දෙන් අතිශයින් දුර්වර්‍ණ ද, ඉතා මිටි ද වූයේ ය ඉතා දුර්වර්‍ණ ද, ඉතා මිටි ද වී එහි ම අතුරුදන් විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො සකෙ ආසනෙ නිසීදිත්වා දෙවෙ තාවතිංසෙ අනුනයමානො තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
Sinhala BJTමහණෙනි, එකල්හි සක්දෙවිඳු සිය අස්නෙහි හිඳ තව්තිසා වැසි දෙවියන් සතුටු කරමින් ඒ වෙලාවෙහි මේ ගාථා කී ය:
Pali BJTන සූපහතචිත්තො’ම්හි නාවත්තෙන{3} සුවානයො, න වො චිරාහං කුජ්ඣාමි කොධො මයි නාවතිට්ඨති.
Sinhala BJTනො ඝැටුනු සිත් ඇත්තෙම් වෙමි. කෝවැටුමෙන් සුවසේ ගෙණ ඉය නො හෙමි. මම බොහෝ කලක් නො කිපෙමි. මා කෙරෙහි ක්‍රෝධය නො පිහිටයි.
Pali BJTකුද්ධො’හං{4} ඵරුසං බ්රූමි න ච ධම්මානි කිත්තයෙ, සන්නිග්ගණ්හාමි අත්තානං සම්පස්සං අත්ථමත්තනොති.
Sinhala BJTමම කිපියෙම් රළුබස් නො බෙණෙමි. දැහැමිබස් පවසමි. ආත්මාර්‍ත්‍ථය දකිමින් අතිශයින් තමා නිගනිමි.
Pali BJT11. 3. 3.
Sinhala BJT11. 3. 3.
Pali BJTමායාසුත්තං{5}
Sinhala BJTමායා සූත්‍රය
Pali BJT269. සාවත්ථියං{6}–
Sinhala BJT269. සැවැත්නුවර–
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, වෙපචිත්ති අසුරින්දො ආබාධිකො අහොසි, දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො භික්ඛවෙ, සක්කො දෙවානමින්දො යෙන වෙපචිත්ති අසුරින්දො තෙනුපසඞ්කමි ගිලානපුච්ඡකො.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. වෙපචිති අසිරිඳු (ඉසිගණයාගේ සාපයෙන්) හටගත් ආබාධ ඇත්තේ දුකට පත්වූයේ දැඩිසේ ගිලන් වූයේ විය. මහණෙනි, ඉක්බිති, සක්දෙවිඳු තෙමේ ගිලන්සේ විමසන්නක් ව වේපචිත්ති අසුරිඳු වේත එළඹියේ ය.
Pali BJTඅද්දසා ඛො භික්ඛවෙ, වෙපචිත්ති අසුරින්දො සක්කං දෙවානමින්දං දූරතො’ව ආගච්ඡන්තං. දිස්වාන සක්කං දෙවානමින්දං එතදවොච: තිකිච්ඡ මං දෙවානමින්දාති.
Sinhala BJTමහණෙනි, වේපචිත්ති අසුරිඳු එන්නා වූ සක්දෙවිඳු දුර දී ම දැක්කේ ය. දැක සක් දෙවිඳුට ‘දේවේන්‍ද්‍රය, මට පිළියම් කරව’යි මෙය කී ය.
Pali BJTවාචෙහි මං වෙපචිත්ති සම්බරීමායන්ති. න තාවාහං වාචෙමි යාවාහං මාරිස අසුරෙ පටිපුච්ඡාමීති.
Sinhala BJT‘වේපචිත්ති, මා සම්බරීමායාව හදාරවාලව’යි (සක්දෙව් කී ය.) නිදුකානෙනි, මම අසුරයන් පුළුවුස්නා තෙක් නො හදාරව’යි වේපචිත්ති කී ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො අසුරෙ පටිපුච්ඡි: වාචෙමහං මාරිසා සක්කං. දෙවානමින්දං සම්බරීමායන්ති. මා ඛො ත්වං මාරිස වාචෙසි සක්කං දෙවානමින්දං සම්බරීමායන්ති.
Sinhala BJTඉක්බිති වේපචිත්ති අසුරිඳු “පින්වත්නි, මම සක්දෙවිඳු සම්බරීමායාව හදාරවම් දැ යි අසුරයන් පිළිවිසී ය. නිදුකානෙනි, තෙපි සක් දෙවිඳු සම්බරීමායාව නො ම හදාරවාලවු.”
Pali BJTඅථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො සක්කං දෙවානමින්දං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTමහණෙනි, එකල්හි වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුට ගාථායෙන් කී ය:
Pali BJTමායාවී{7} මඝවා සක්ක දෙවරාජා{8} සුජම්පති, උපෙති නිරයං ඝොරං සම්බරො’ව සතං සමන්ති.
Sinhala BJT“මඝ යන නම් ඇත්තව, ශ්‍රක්‍රය, දේවේන්‍ද්‍රය, සුජාවගේ හිමිය, මායා ඇති පුද්ගල තෙමේ සම්බර නම් අසුරයා මෙන් සියවසක් පැසෙන දරුණු නිරයට පැමිණෙයි.”
Pali BJT11. 3. 4.
Sinhala BJT11. 3. 4.
Pali BJTඅච්චයසුත්තං
Sinhala BJTඅච්චය සූත්‍රය
Pali BJT270. {1}එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ සම්පයොජෙසුං. තත්රෙකො භික්ඛු අච්චසරා. අථ ඛො සො භික්ඛු තස්ස භික්ඛුනො සන්තිකෙ අච්චයං අච්චයතො දෙසෙති{2}. සො භික්ඛු න පටිගණ්හාති.{3}
Sinhala BJT270. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භික්‍ෂූහු දෙදෙනෙක් කලහ කළහ. එහි එක් මහණෙක් අභිභවා බිණී. එකල්හි ඒ මහණ ඒ මහණහු ලඟ වරද වරද වශයෙන් දෙසයි. ඒ මහණ එය නො පිළිගණී.
Pali BJTඅථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ භන්තෙ ද්වෙ භික්ඛූ සම්පයොජෙසුං. තත්රෙකො භික්ඛු අච්චසරා. අථ ඛො සො භන්තෙ භික්ඛු තස්ස භික්ඛුනො සන්තිකෙ අච්චයං අච්චයතො දෙසෙති. සො භික්ඛු න පටිගණ්හාතීති.
Sinhala BJTඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි මහණහු දෙදෙනෙක් කලහ කළහ. එහි එක් මහණෙක් අභිභවා බිණී. වහන්ස, එකල්හි ඒ මහණ තෙමේ ඒ මහණහු ලඟ වරද වරද වශයෙන් දෙසයි. ඒ මහණ තෙමේ එය නො පිළිගණී.
Pali BJTද්වෙ මෙ භික්ඛවෙ බාලා: යො ච අච්චයං අච්චයතො න පස්සති, යො ච අච්චයං දෙසෙන්තස්ස යථාධම්මං න පටිගණ්හාති. ඉමෙ ඛො භික්ඛවෙ, ද්වෙ බාලා. ද්වෙ මෙ භික්ඛවෙ පණ්ඩිතා: යො ච අච්චයං අච්චයතො පස්සති, යො ච අච්චයං දෙසෙන්තස්ස යථාධම්මං පටිගණ්හාති. ඉමෙ ඛො භික්ඛවෙ ද්වෙ පණ්ඩිතා.
Sinhala BJTමහණෙනි, මේ බාලයෝ දෙදෙනෙකි: යමෙක් වරද වරද වශයෙන් නො දකී ද, යමෙකුත් වරද දෙසන්නහුගේ යථාධර්‍මය නො පිළිගණී ද, මහණෙනි, මේ දෙදෙන බාලයෝ යි. මහණෙනි, මේ පණ්ඩිතයෝ දෙදෙනෙකි: යමෙක් වරද වරද වශයෙන් දකී ද, යමෙකුත් වරද දෙසන්නහුගේ යථාධර්‍මය පිළිගණී ද; මහණෙනි, මේ දෙදෙන පණ්ඩිතයෝ යි.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ සක්කො දෙවානමින්දො සුධම්මායං සභායං දෙවෙ තාවතිංසෙ අනුනයමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි:
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. සක් දෙව්රජ සුධර්‍මා සභායෙහි තව්තිසා වැසි දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය.
Pali BJTකොධො වො වසමායාතු මා ච මිත්තෙ හි වො ජරා, අගරහියං මා ගරහිත්ථ මා ච භාසිත්ථ පෙසුණං, අථ පාපජනං කොධො පබ්බතො වාභිමද්දතීති.
Sinhala BJTක්‍රෝධය තොපගේ වසයට පැමිණේවා. තොපගේ මිත්‍රධර්‍මයෙහි දිරීමෙක් නො වේවා. නොගැරහියයුතු (ක්‍ෂීණාස්‍රව) පුද්ගලයාට නො ගරහව. කේලාම් නො ද කියව. වැලි ක්‍රෝධය පර්‍වතයක් මෙන් ලාමක ජනයා අතිශයින් මඬී.
Pali BJT11. 3. 5.
Sinhala BJT11. 3. 5.
Pali BJTඅක්කොධසුත්තං
Sinhala BJTඅක්කෝධ සූත්‍රය
Pali BJT271. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන{4} ඛො පන සමයෙන ද්වෙ භික්ඛූ සම්පයොජෙසුං -පෙ-
Sinhala BJT271. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භික්‍ෂූහු දෙදෙනෙක් කලහ කළහ. … - …
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ සක්කො දෙවානමින්දො සුධම්මායං සභායං දෙවෙ තාවතිංසෙ අනුනයමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි:
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. සක්දෙවිඳු සුදම්සෙබෙහි තව්තිසා වැසි දෙවියන් සතුටු කරවමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
Pali BJTමා වො කොධො අජ්ඣභවි මා ච කුජ්ඣිත්ථ කුජ්ඣතං, අක්කොධො අවිහිංසා ච අරියෙසු වසතී සදා,{5} අථ පාපජනං කොධො පබ්බතො වාභිමද්දතීති.
Sinhala BJTක්‍රෝධය තෙමේ තොප නහමක් මඩීවා! කිපෙන්නවුන්ට නො ද කිපෙව. ක්‍රෝධ නො කිරීම ද අවිහිංසාව ද හැම කල්හි ආර්‍ය්‍යයන් කෙරෙහි පවතී. වැලි ක්‍රෝධය පර්‍වතයක් මෙන් ලාමක ජනයා වෙසෙසින් මඩියි.
Pali BJTසක්කපඤ්චකං.
Sinhala BJTසක්ක පඤ්චක යයි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය: