Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 201-300 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTපහාසි සඞ්ඛං{5} න විමාන{6} මජ්ඣගා අච්ඡෙච්ඡි{7} තණ්හං ඉධ නාම රූපෙ, තං ඡින්නගන්ථං අනීඝං නිරාසං පරියෙසමානා නාජ්ඣගමුං දෙවා මනුස්සා ඉධ වා හුරං වා සග්ගෙසු වා සබ්බනිවෙසනෙසු; සචෙ විජානාසි වදෙහි යක්ඛාති.
Sinhala BJTප්‍රඥප්තිය හළේ ය. විවිධ මානයට (=නවවිධි හෝ ත්‍රිවිධ මානයට) නො ගියේ ය. නොහොත් මවුකුසට නො යන්නේ ය. මේ නාමරූප සඞ්ඛ්‍යාත පඤ්චස්කන්‍ධයෙහි තෘෂ්ණාව මුලසුන් කළේය. සුන් කළ කෙලෙස් ගැට ඇති නිදුක් වු තෘෂ්ණා රහිත වූ ඒ ක්‍ෂීණාස්‍රවයා සොයන්නා වූ දෙවියෝ ද මනුෂ්‍යයෝ ද මෙලොව හෝ පරලොව හෝ ස්වර්‍ගයන්හි හෝ සියලු සත්ත්‍ව නිවේසනයන්හි හෝ නො දකිත්. එම්බා දෙව්දුව ඉදින් දනිහි නම් කියව.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙව්දූ:]
Pali BJTඉමස්සපි ඛ්වාහං භන්තෙ භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස එවං විත්ථාරෙන අත්ථං ආජානාමි.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි අරුත විතර විසින් මම මෙසේ දනිමි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTපාපං න කයිරා වචසා මනසා කායෙන වා කිඤ්චන සබ්බලොකෙ, කාමෙ පහාය සතිමා සම්පජානො දුක්ඛං න සෙවෙථ අනත්ථසංහිතන්ති.
Sinhala BJTවචනයෙන් ද සිතින් ද කයින් ද කිසි පවක් නො කරන්නේ ය. මුළු ලෙව්හි සියලු කාමයන් හැර සිහි ඇත්තේ මනා නුවණ ඇත්තේ අනර්‍ත්‍ථව සහිත වූ දුක නො සෙවුනේ ය.
Pali BJTනන්දනවග්ගො දුතියො.
Sinhala BJTනන්‍දන වර්‍ගය දෙවෙනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTනන්දනා නන්දති චෙව නත්ථිපුත්තසමෙන ච, ඛත්තියො සනමානො ච නිද්දා තන්දී ච දුක්කරං, හිරි කුටිකා නවමො දසමො වුත්තො සමිද්ධිනා’ති.
Sinhala BJTනන්‍දන, නන්‍දති, නත්‍ථිපුත්තසම, ඛත්තිය, සනමාන, නිද්දාතන්‍දි, දුක්කර, හිරි, නව වන කුටිකා, දසවන සමිද්ධි සූත්‍රය ද වේ.
Pali BJT3. සත්තිවග්ගො.
Sinhala BJT3. සත්ති වර්‍ගය
Pali BJT1. 3. 1.
Sinhala BJT1. 3. 1.
Pali BJTසත්තිසුත්තං.
Sinhala BJTසත්තී සූත්‍රය
Pali BJT21. සාවත්ථියං --
Sinhala BJT21. සැවැත්නුවර -
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:{1}
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTසත්තියා විය ඔමට්ඨො ඩය්හමානොව{2} මත්ථකෙ, කාමරාගප්පහාණාය සතො භික්ඛු පරිබ්බජෙ’ති.
Sinhala BJTසැතෙකින් පහර ලද්දෙකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද, මහණ තෙමේ කාමරාග ප්‍රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසත්තියා විය ඔමට්ඨො ඩය්හමානොව{2} මත්ථකෙ, සක්කායදිට්ඨිප්පහානාය සතො භික්ඛු පරිබ්බජෙ’ති.
Sinhala BJTසැතෙකින් පහර ලද්දකු මෙන් ද, හිසැ දැවෙන්නකු මෙන් ද මහණ තෙමේ සත්කායදෘෂ්ටි ප්‍රහාණය පිණිස සිහි ඇති ව වෙසෙන්නේ ය.
Pali BJT1. 3. 2.
Sinhala BJT1. 3. 2.
Pali BJTඵුසතිසුත්තං
Sinhala BJTඵුසති සූත්‍රය
Pali BJT22. සාවත්ථියං–
Sinhala BJT22. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTනාඵුසන්තං ඵුසති ච ඵුසන්තං ච තතො ඵුසෙ, තස්මා ඵුසන්තං ඵුසති අප්පදුට්ඨප්පදොසිනන්ති.
Sinhala BJTකර්‍මය නො පහස්නහු විපාකය තෙමේ ස්පර්‍ශ නො කෙරෙයි. එහෙයින් කර්‍මය පහස්නහු විපාකය තෙමේ ස්පර්‍ශ කරන්නේ ය. එහෙයින් නිදොස් පුඟුලන්ට ද්වේෂ කරණ කර්‍මය පහස්නහු විපාකය තෙමේ ස්පර්‍ශ කෙරෙයි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති, සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස, තමෙව බාලං පච්චෙති පාපං, සුඛුමො රජො පටිවාතංව ඛිත්තො’ති.
Sinhala BJTයමෙක් නිදොස් වූ පිරිසිදු වූ කෙලෙස් නැති පුද්ගලයකුට ද්වේෂ කෙරේ ද, ඒ පාපය තෙමේ උඩුසුලඟට දැමූ සියුම් රජසක් මෙන් ඒ බාලයා කරා ම පෙරළා එයි.
Pali BJT1. 3. 3.
Sinhala BJT1. 3. 3.
Pali BJTජටාසුත්තං
Sinhala BJTජටා සූත්‍රය
Pali BJT23. සාවත්ථියං–
Sinhala BJT23. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTඅන්තො ජටා බහි ජටා ජටාය ජටිතා පජා, තං තං ගොතම පුච්ඡාමි කො ඉමං විජටයෙ ජටන්ති.
Sinhala BJTඇතුළත අවුල් ය. පිටත අවුල් ය. සත්ත්‍ව ප්‍රජාව අවුලෙන් වේළුනී ය. එහෙයින් ගෞතමයන් වහන්ස, කවරෙක් මේ අවුල නිරවුල් කරන්නේ දැ යි? එකරුණ පුළුවුස්මි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤඤ්ච භාවයං, ආතාපි නිපකො භික්ඛු සො ඉමං විජටයෙ ජටන්ති.
Sinhala BJTපිළිසඳනුවණ ඇති කෙලෙස් තවන වෙර ඇති තීරණප්‍රඥායෙන් යුත් සසර බිය දක්නාසුලු ඒ සත්ත්‍ව තෙමේ ශීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව වඩමින් මේ අවුල නිරවුල් කරන්නේ යි.
Pali BJTයෙසං රාගො ච දොසො ච අවිජ්ජා ච විරාජිතා, ඛීණාසවා අරහන්තො තෙසං විජටිතා ජටා.
Sinhala BJTයම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් දුරු කරණ ලද්දාහු ද, (ඔහු) ක්‍ෂීණාස්‍රව රහත්හු ය. ඔවුන් විසින් තෘෂ්ණා නමැති අවුල නිරවුල් කරණ ලදී.
Pali BJTයත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති, පටිඝං රූපසඤ්ඤා ච එත්ථෙසා{1} ඡිජ්ජතෙ ජටාති.
Sinhala BJTයම් තැනෙක නාමයත් රූපයත් ප්‍රතිඝයත් රූපසංඥාවත් නිරවශේෂයෙන් නිරුද්ධ වෙද්ද. මෙහි මේ තෘෂ්ණා නමැති අවුල සිඳේ යි.
Pali BJT1. 3. 4.
Sinhala BJT1. 3. 4.
Pali BJTමනොනිවාරණසුත්තං
Sinhala BJTමනෝනිවාරණ සූත්‍රය
Pali BJT24. සාවත්ථියං–
Sinhala BJT24. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTයතො යතො මනො නිවාරයෙ න දුක්ඛමෙති නං තතො තතො, ස සබ්බතො මනො නිවාරයෙ ස සබ්බතො දුක්ඛා පමුච්චතීති{2}.
Sinhala BJTයමෙකින් යමෙකින් සිත වළකන්නේ ද? එයින් එයින් ඔහුට දුක් නො පැමිණෙයි. හෙතෙමේ සියල්ලෙන් සිත වළකන්නේ නම් හෙතෙමේ සියලු දුකෙන් මිදෙයි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTන සබ්බතො මනො නිවාරයෙ මනො යතත්තමාගතං,{3} යතො යතො ච පාපකං තතො තතො මනො නිවාරයෙ’ති.
Sinhala BJTසියල්ලෙන් සිත නො වළකන්නේය. සංයත භාවයට පැමිණි සිත නො වළක්වන්නේ ය. යමෙකින් යමෙකින් අකුසල් වේ නම් එයින් එයින් සිත වළක්වන්නේය යි.
Pali BJT1. 3. 5.
Sinhala BJT1. 3. 5.
Pali BJTඅරහන්තසුත්තං
Sinhala BJTඅරහන්ත සූත්‍රය
Pali BJT25. සාවත්ථියං–
Sinhala BJT25. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTයො හොති භික්ඛු අරහං කතාවී ඛීණාසවො අන්තිමදෙහධාරී, අහං වදාමීතිපි සො වදෙය්ය මමං වදන්තීතිපි සො වදෙය්යාති
Sinhala BJTසිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ද? හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයො හොති භික්ඛු අරහං කතාවී ඛීණාසවො අන්තිමදෙහධාරී, අහං වදාමීතිපි සො වදෙය්ය මමං වදන්තීතිපි සො වදෙය්ය ලොකෙ සමඤ්ඤං කුසලො විදිත්වා, වොහාරමත්තෙන සො වොහරෙය්යාති.
Sinhala BJTසිවුමගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද? හෙතෙමේ “මම කියමි”යි කියාත් කියන්නේ ය. හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ය. දක්‍ෂ වූ හෙතෙමේ ලෝකයෙහි ව්‍යවහාරය දැන ව්‍යවහාර මාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ යි.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTයො හොති භික්ඛු අරහං කතාවී ඛීණාසවො අන්තිමදෙහධාරී, මානං නු ඛො සො උපගම්ම භික්ඛු, අහං වදාමීතිපි සො වදෙය්ය මමං වදන්තීතිපි සො වදෙය්යාති.
Sinhala BJTසිවු මගින් කළ කිස ඇති ආස්‍රවයන් නැසූ පශ්චිම ශරීරය දරණ යම් රහත් මහණෙක් වේ ද? ඒ මහණ තෙමේ මානයට පැමිණ හෝ “මම කියමි” යි කියාත් කියන්නේ ද? හෙතෙමේ “මට කියති” යි කියාත් කියන්නේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTපහීණමානස්ස න සන්ති ගන්ථා, විධූපිතා මානගන්ථස්ස සබ්බෙ, සො වීතිවත්තො මඤ්ඤනං{1} සුමෙධො අහං වදාමීතිපි සො වදෙය්ය. මමං වදන්තීතිපි සො වදෙය්ය, ලොකෙ සමඤ්ඤං කුසලො විදිත්වා වොහාරමත්තෙන සො වොහරෙය්යා’ති.
Sinhala BJTප්‍රහීණ වූ මාන ඇති ඔහුට මානග්‍රන්‍ථිහු නැත. ඔහු විසින් සියලු මානග්‍රන්‍ථිහු වෙසෙසින් නසන ලද්දාහ. මනා නුවණ ඇති හෙතෙමේ මඤ්ඤන ඉක්ම වූයේ ය. හෙතෙමේ ‘මම කියමි’යි කියාත් කියන්නේ ය. හෙතෙමේ ‘මට කියති’යි කියාත් කියන්නේ ය. දක්‍ෂ වූ ඒ රහත් තෙමේ ලෝකයෙහි ව්‍යවහාරය දැන ව්‍යවහාරමාත්‍රයෙන් ව්‍යවහාර කරන්නේ යි.
Pali BJT1. 3. 6.
Sinhala BJT1. 3. 6.
Pali BJTපජ්ජොතසුත්තං
Sinhala BJTපජ්ජෝත සූත්‍රය
Pali BJT26. සාවත්ථියං–
Sinhala BJT26. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTකති ලොකස්මිං පජ්ජොතා යෙහි ලොකො පකාසති{2}, භගවන්තං{3} පුට්ඨුමාගම්ම කථං ජානෙමු තං මයං.
Sinhala BJTයමෙකින් ලොව බබළා නම් (එබඳු) එළි ලොව කෙතෙක් ද? භාග්‍යවතුන් වහන්සේ විචාරන්නට අවුත් (සිටින) අපි එය කෙසේ දනිමු ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTචත්තාරො ලොකෙ පජ්ජොතා පඤ්චමෙත්ථ න විජ්ජති, දිවා තපති ආදිච්චො රත්තිං ආභාති{4} චන්දිමා, අථ අග්ගි දිවාරත්තිං තත්ථ තත්ථ පකාසති{2}, සම්බුද්ධො තපතං සෙට්ඨො එසා ආභා අනුත්තරා’ති.
Sinhala BJTලොව එළි සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. හිරු දවල් බබලයි. සඳු රෑ බබලයි. තව ද, ගින්න දිවා රෑ දෙකෙහි ඒ ඒ තැන බබලයි. සර්‍වඥයන් වහන්සේ බබලන්නවුන් අතුරෙන් ශ්‍රේෂ්ඨයහ. මේ ආලෝකය නිරුත්තර යි.
Pali BJT1. 3. 7.
Sinhala BJT1. 3. 7.
Pali BJTසරසුත්තං
Sinhala BJTසර සූත්‍රය
Pali BJT27. සාවත්ථියං–
Sinhala BJT27. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථා යෙන් කී ය:
Pali BJTකුතො සරා නිවත්තන්ති. කත්ථ වට්ටං න වත්තති,{1} කත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣතීති.
Sinhala BJTසංසාර ප්‍රවාහයෝ කොහි නවතිද්ද? සසරවැසි කොහි නො වසී ද? නාමයත් රූපයත් කොතැන්හි නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයත්ථ ආපො ච පඨවී තෙජො වායො න ගාධති, අතො සරා නිවත්තන්ති එත්ථ වට්ටං න වත්තති,{1} එත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣතී’ති.
Sinhala BJTයම් තැනක අපෝ ධාතුවත් පඨවි ධාතුවත් තේජෝ ධාතුවත් වායෝ ධාතුවත් නො පිහිටා ද මෙහි සංසාරප්‍රවාහයෝ නවතිත්. මෙහි සසරවැසි නො වසී. මෙහි නාමයත් රූපයත් නිරවශේෂයෙන් නිරුද්ධ වේ යි.
Pali BJT1. 3. 8.
Sinhala BJT1. 3. 8.
Pali BJTමහද්ධනසුත්තං
Sinhala BJTමහද්ධන සූත්‍රය
Pali BJT28. සාවත්ථියං–
Sinhala BJT28. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTමහද්ධනා මහාභොගා රට්ඨවන්තො’පි ඛත්තියා, අඤ්ඤමඤ්ඤාභිගිජ්ඣන්ති කාමෙසු අනලඞ්කතා තෙසු උස්සුක්කජාතෙසු{2} භවසොතානුසාරිසු, කෙධ{3} තණ්හං පජහිංසු කෙ ලොකස්මිං අනුස්සුකාති.
Sinhala BJTමහත්ධන ඇති මහත්භෝග ඇති රටවල් ඇති ක්‍ෂත්‍රියයෝ ද කාමයන්හි සෑහීමකට නො පැමිණියාහු ඔවුනොවුන් සැපත පතත්. ඔවුන් (කාමයන්හි) උත්සාහවත් වූ කල්හි භවස්‍රෝතස අනු ව යන කල්හි මේ ලෝකයේ කවුරු තෘෂ්ණාව දුරු කළාහු ද? ලෝකයෙහි කවුරු (කාමයන්හි) උත්සාහ රහිත වූවාහු ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTහිත්වා අගාරං පබ්බජිතා{4} හිත්වා පුත්තං පසුං පියං, හිත්වා රාගඤ්ච දොසඤ්ච අවිජ්ජඤ්ච විරාජිය ඛීණාසවා අරහන්තො තෙ ලොකස්මිං අනුස්සුකා’ති.
Sinhala BJTගිහිගෙය හැර ප්‍රිය වූ දරුවන් ද සිවුපාවුන් ද හැර පැවිදි වූ රාගයත් ද්වේෂයත් දුරු කොට අවිද්‍යාවත් නසා (සිටි) ක්‍ෂීණාස්‍රව වූ ඒ රහත්හු ලෝකයෙහි (කාමයන් සෙවීමෙහි) උත්සාහ රහිතයෝ ය.
Pali BJT1. 3. 9.
Sinhala BJT1. 3. 9.
Pali BJTචතුචක්කසුත්තං
Sinhala BJTචතුචක්ක සූත්‍රය
Pali BJT29. සාවත්ථියං–
Sinhala BJT29. සැවැත්නුවර–
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTචතුචක්කං නවද්වාරං පුණ්ණං ලොභෙන සංයුතං, පඞ්කජාතං මහාවීර කථං යාත්රා භවිස්සති.
Sinhala BJTමහාවීරයන් වහන්ස, (මේ ශරීරයානය) සක් සතරක් ඇත්තේ ය. නව දොරක් ඇත්තේ ය. (අශුචියෙන්) පිරුණේ ය. ලෝභයෙන් යුක්ත ය. මඩෙහි උපන. එහි නික්ම යෑම මෙසේ වන්නේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඡෙත්වා නද්ධිං{5} වරත්තඤ්ච ඉච්ඡාලොභඤ්ච පාපකං, සමූලං තණ්හං අබ්බුය්හ එවං යාත්රා භවිස්සතී’ති.
Sinhala BJTරැහැන ද වරපට ද ලාමක ඉච්ඡාව ද ලෝභය ද සිඳ තෘෂ්ණාව සහමුලින් උදුරා (ලීමෙන්) මෙසේ නික්ම යෑම වන්නේ යි.
Pali BJT1. 3. 10.
Sinhala BJT1. 3. 10.
Pali BJTඑණිජඞ්ගසුත්තං.
Sinhala BJTඑණිජඞ්ඝ සූත්‍රය
Pali BJT30. සාවත්ථියං–
Sinhala BJT30. සැවැත්නුවර–
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTඑණිජඞ්ඝං කිසං වීරං අප්පාහාරං අලොලුපං, සීහං වෙකචරං නාගං කාමෙසු අනපෙක්ඛිනං, උපසඞ්කම්ම පුච්ඡාම කථං දුක්ඛා පමුච්චතීති.
Sinhala BJTඑණිමුවකුගේ මෙන් කෙණ්ඩා ඇති කෘෂ වූ ස්වල්පාහාර ඇති ලොල් බැව් නැති, සිංහයකු මෙන් ඇතකු මෙන් එකලාව හැසිරෙන, කාමයන්හි නිරපේක්‍ෂ වූ වීරයන් වහන්සේ වෙත එළඹ කෙසේ දුකින් මිදේ දැ?යි විචාරමි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTපඤ්ච කාම ගුණාලොකෙ මනොඡට්ඨා පවෙදිතා, එත්ථ ඡන්දං විරාජෙත්වා එවං දුක්ඛා පමුච්චතීති.
Sinhala BJTලොව මනස සවැනි කොට ඇති පඤ්චකාමගුණයෝ ප්‍රකාශ කරණ ලදහ. මෙහි ඇල්ම දුරු කොට ලීමෙන් මෙසේ දුකින් මිදෙයි.
Pali BJTසත්තිවග්ගො තතියො.
Sinhala BJTසත්තිවර්‍ගය තෙවෙනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTසත්තියා ඵුසති චෙව ජටා මනො නිවාරණා, අරහන්තෙන පජ්ජොතො සරා මහද්ධනෙන ච, චතුචක්කෙන නවමං එණිජඞ්ඝෙන තෙ දසාති.
Sinhala BJTසත්ති, ඵුසති, ජටා, මනෝනිවාරණ, අරහන්ත, පජේජාත, සර, මහද්ධන සූත්‍ර ද, නවවැනි චතුවක්ක සූත්‍රය ද, එණිජඞ්ඝ සූත්‍රය දැයි දශසූත්‍ර කෙනෙක් වෙත්.
Pali BJT4. සතුල්ලපකායිකවග්ගො
Sinhala BJT4. සතුල්ලපකායික වර්‍ගය
Pali BJT1. 4. 1.
Sinhala BJT1. 4. 1.
Pali BJTසබ්හිසුත්තං
Sinhala BJTසබ්භි සූත්‍රය
Pali BJT31. එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT31. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො සම්බහුලා සතුල්ලපකායිකා දෙවතායො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු.
Sinhala BJTඑකල්හි මනා ඡවිවර්‍ණ ඇති බොහෝ වූ සතුල්ලපකායික දේවතාවෝ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ.
Pali BJTඑකමන්තං ඨිතා ඛො එකා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි එක් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීයේ ය:
Pali BJTසබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං, සතං සද්ධම්මමඤ්ඤාය සෙය්යො හොති න පාපියොති.
Sinhala BJTසත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැන (සිටියහුට) අභිවෘද්ධිය වෙයි. පිරිහීමෙක් නො වෙයි.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTසබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං, සතං සද්ධම්මමඤ්ඤාය පඤ්ඤා ලබ්භති{1} නාඤ්ඤතොති.
Sinhala BJTසත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් ප්‍රඥාව ලැබේ. අනෙකකින් නො ලැබේ.
Pali BJTඅථ ඛො අපරා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඉක්බිති අන් දෙවියෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTසබ්භිරෙව සමාසෙථ සබ්භි කුබ්බෙථ සන්ථවං, සතං සද්ධම්මමඤ්ඤාය සොකමජ්ඣෙ න සොචතීති.
Sinhala BJTසත්පුරුෂයන් සමග ම එක් වන්නේ ය. සත්පුරුෂයන් සමග ම මිත්‍රසංස්තවය කරන්නේ ය. සත්පුරුෂයන්ගේ සද්ධර්‍මය දැනීමෙන් ශෝකකාරණයන් මැද ශෝක නො කෙරේ.