Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2801-2900 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTභාසිතාසු ඛො පන භික්ඛවෙ සක්කෙන දෙවානමින්දෙන ගාථාසු දෙවා අනුමොදිංසු. අසුරා තුණ්හී අහෙසුං.
Sinhala BJTමහණෙනි, සක්දෙවිඳු විසින් ගාථා කියන ලද කල්හි දෙවියෝ සතුටු වූහ. අසුරයෝ නිහඬ වූහ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ දෙවානඤ්ච අසුරානඤ්ච පාරිසජ්ජා එතදවොචුං: භාසිතා ඛො වෙපචිත්තිනා අසුරින්දෙන ගාථායො. තා ච ඛො සදණ්ඩාවචරා සසත්ථාවචරා{1} ඉති භණ්ඩනං ඉති විග්ගහො ඉති කලහො. භාසිතා ඛො පන{2} සක්කෙන දෙවානමින්දෙන ගාථායො. තා ච ඛො අදණ්ඩාවචරා අසත්ථාවචරා ඉති අභණ්ඩනං ඉති අවිග්ගහො ඉති අකලහො. සක්කස්ස දෙවානමින්දස්ස සුභාසිතෙන ජයොති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති දෙවියන්ගේත් අසුරයන්ගේත් පාරිෂදයෝ (විනිසකරුවෝ) මෙය කීහ. වේපචිත්ති අසුරිඳු විසින් ගාථාවෝ කියන ලදහ. ඒ ගාථාවෝ වනාහි සදණ්ඩයෙන් ඇසිරි ඇතියහ. සශස්ත්‍රයන් ඇසිරි ඇතියහ. භණ්ඩන මෙසේය, විග්‍රහ මෙසේය, කලහ මෙසේය කියායි. සක්දෙවිඳු විසින් ද ගාථාවෝ කියන ලදහ. ඒ ගාථාවෝ වනාහි දඬුමුගුරු සහිත පැවතුම් ඇත්තවුන් පිළිබඳ නොවෙත්. අවි සහිත පැවතුම් ඇත්තවුන් පිළිබඳ නො වෙත්. අභණ්ඩන මෙසේය, අවිග්‍රහ මෙසේය, අකලහ මෙසේය කියායි. (එහෙයින්) සක්දෙවිඳුහට සුභාෂිතයෙන් ජය වෙයි.
Pali BJTඉති ඛො භික්ඛවෙ සක්කස්ස දෙවානමින්දස්ස සුභාසිතෙන ජයො අහොසීති.
Sinhala BJTමහණෙනි, මෙසේ සක්දෙවිඳුහට සුභාෂිතයෙන් ජය වී ය.
Pali BJT11. 1. 6.
Sinhala BJT11. 1. 6.
Pali BJTකුලාවකසුත්තං.
Sinhala BJTකුලාවක සූත්‍රය
Pali BJT252. සාවත්ථියං–
Sinhala BJT252. සැවැත්නුවර–
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ දෙවාසුරසඞ්ගාමො සමුපබ්බූළ්හො අහොසි. තස්මිං ඛො පන භික්ඛවෙ සඞ්ගාමෙ අසුරා ජිනිංසු. දෙවා පරාජිංසු.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. දේවාසුරසංග්‍රාමයෙක් එළඹ සිටියේ විය. මහණෙනි, ඒ සංග්‍රාමයෙහිදී අසුරයෝ දිනූහ. දෙවියෝ පැරදුනහ.
Pali BJTපරාජිතා ච{1} ඛො භික්ඛවෙ දෙවා අපායංස්වෙව උත්තරෙන මුඛා, අභියංස්වෙව නෙ අසුරා. අථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො මාතලීසඞ්ගාහකං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTමහණෙනි, දෙවියෝ පැරදුනාහු උතුරුදිග බලා පලා ගියාහු ම ය. අසුරයෝ ඔවුන් ලුහු බැඳ ගියාහු ම ය. මහණෙනි, එකල්හි සක්දෙවිඳු මාතලී රියදුරුහට ගාථායෙන් කීය:
Pali BJTකුලාවකා මාතලි සිම්බලිස්මිං ඊසාමුඛෙන පරිවජ්ජයස්සු, කාමං චජාම අසුරෙසු පාණං මායිමෙ දිජා විකුලාවකා{2} අහෙසුන්ති.
Sinhala BJTමාතලි, හිඹුල්වෙනෙහි (ගුරුළු) කැදලි වේ. (ඔවුන්) රියහිසින් දුරු කරව. ඒකාන්තයෙන් අසුරයන් කෙරෙහි ප්‍රාණය හරිමු. මේ පක්‍ෂීහු (ගුරුළු පොව්වෝ) නහමක් තට කැදලි ඇති වෙත්වා යි.
Pali BJTඑවං භද්දන්තවාති ඛො භික්ඛවෙ මාතලි සඞ්ගාහකො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා සහස්සයුත්තං ආජඤ්ඤරථං පච්චුදාවත්තෙසි.
Sinhala BJTමහණෙනි, “එසේය, මුඹට සෙතෙක් වේවා”යි මාතලි රියැදුරු සක්දෙවිඳුහට පිළිතුරු දී සහස්‍රයුක්ත ආජන්‍යරථය වටාලා පැදැවී.
Pali BJTඅථ ඛො භික්ඛවෙ අසුරානං එතදහොසි: පච්චුදාවත්තො ඛො දානි සක්කස්ස දෙවානමින්දස්ස සහස්සයුත්තො ආජඤ්ඤරථො. දුතියම්පි ඛො දෙවා අසුරෙහි සඞ්ගාමෙස්සන්තීති භීතා අසුරපුරමෙව පාවිසිංසු.
Sinhala BJTමහණෙනි, එකල්හි අසුරයන්ට මේ සිත විය. දැන් සක්දෙවිඳුගේ සහස්‍රයුක්ත ආජන්‍යරථය වටා වැටින. (එහෙයින්) දෙවනවට දු දෙවියෝ අසුරයන් හා යුද කරන්නාහ යි බියට පැමිණියාහු අසුරපුරට ම පිවිසිය හ.
Pali BJTඉති ඛො භික්ඛවෙ සක්කස්ස දෙවානමින්දස්ස ධම්මෙනෙව ජයො අහොසි.
Sinhala BJTමහණෙනි, මෙසේ සක්දෙවිඳුහට දැහැමින් ම ජය වී ය.
Pali BJT11. 1. 7.
Sinhala BJT11. 1. 7.
Pali BJTනදුබ්භියසුත්තං.
Sinhala BJTනදුබ්භිය සූත්‍රය
Pali BJT253. සාවත්ථියං–
Sinhala BJT253. සැවැත්නුවර–
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ සක්කස්ස දෙවානමින්දස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: යොපි මෙ අස්ස පච්චත්ථිකො{3} තස්ස පාහං න දුබ්භෙය්යන්ති.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. එකලා වූ විවේකයෙන් යුත් සක්දෙවිඳුහට “මාගේ යම් පසමිතුරෙක් වන්නේ නම් ඔහුට ද මම ද්‍රෝහ නො කරන්නෙමි”යි මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් පහළ විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො සක්කස්ස දෙවානමින්දස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය යෙන සක්කො දෙවානමින්දො තෙනුපසඞ්කමි.
Sinhala BJTමහණෙනි, එකල්හි වේපචිත්ති අසුරිඳු තමසිතින් සක්දෙවිඳුගේ චිත්තපරිවිතර්‍කය දැන සක්දෙවිඳු වෙත එළඹියේ ය.
Pali BJTඅද්දසා ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො වෙපචිත්තිං අසුරින්දං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන වෙපචිත්තිං අසුරින්දං එතදවොච: තිට්ඨ වෙපචිත්ති ගහිතොසීති.
Sinhala BJTමහණෙනි, සක්දෙවිඳු එන්නා වූ වේපචිත්ති අසුරිඳු දුරදී ම දැක්කේ ය. දැක වේපචිත්ති අසුරිඳුහට “වේපචිත්ති සිටුවා (තෝ) ගන්නා ලද්දෙහිය”යි මෙය කී ය.
Pali BJTයදෙව තෙ මාරිස පුබ්බෙ චිත්තං තදෙව ත්වං මාරිස පහාසීති{4}. සපස්සු ච මෙ වෙපචිත්ති අදුබ්භායාති.
Sinhala BJTනිදුකානෙනි, පෙර මුබට යම් සිතෙක් වී ද, නිදුකානෙනි, මුබ ඒ සිත ම පහ කළහු ද? වේපචිත්ති, මට ද්‍රෝහ නොකරණ බවට දිවුරව.
Pali BJTයං මුසාභණතො පාපං යං පාපං{1} අරියූපවාදිනො, මිත්තද්දුනො ච යං පාපං යං පාපං අකතඤ්ඤුනො, තමෙව පාපං ඵුසති{2} යො තෙ දුබ්භෙ සුජම්පතීති.
Sinhala BJTබොරු කියන්නාහට යම් පවෙක් වේ ද, ආර්‍ය්‍යෝපවාද කරන්නහුට යම් පවෙක් වේ ද, මිත්‍රද්‍රෝහියාට යම් පවෙක් වේ ද, ආකෘතඥයාට යම් පවෙක් වේ ද, සක්දෙවිඳුනි, යමෙක් මුබට ද්‍රෝහ කෙරේ නම් එබඳු පවක් ම (හෙ තෙමේ) ස්පර්‍ශ කෙරෙයි (ලබයි).
Pali BJT11. 1. 8.
Sinhala BJT11. 1. 8.
Pali BJTවෙරොචනඅසුරින්දසුත්තං
Sinhala BJTවෙරොචන අසුරින්‍ද සූත්‍රය
Pali BJT254. සාවත්ථියං–
Sinhala BJT254. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා දිවාවිහාරගතො හොති පටිසල්ලීනො. අථ ඛො සක්කො ච දෙවානමින්දො වෙරොචනො ච අසුරින්දො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා පච්චෙකං ද්වාරබාහං අට්ඨංසු. අථ ඛො වෙරොචනො අසුරින්දො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහරණයට වැඩි සේක් පිළිසලන ඇතිසේක. ඉක්බිති සක්දෙවිඳුවෙරොචන අසුරිඳු ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ වෙන වෙන ම දොරඹා ඇසුරු කොට සිටියහ. එකල්හි වෙරොචන අසුරිඳු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
Pali BJTවායමෙථෙව පුරිසො යාව අත්ථස්ස නිප්ඵදා, නිප්ඵන්නසොභිනො අත්ථා{3} වෙරොචනවචො ඉදන්ති.
Sinhala BJTඅර්‍ත්‍ථනිෂ්පත්තිය තෙක් පුරුෂ තෙමේ වෑයම් කරන්නේ ම ය. අර්‍ත්‍ථයෝ නිෂ්පත්තිය නිසා හොබනසුලු වෙත්. මේ වෙරොචන අසුරිඳුගේ බස යි.
Pali BJT[සක්කො:]
Sinhala BJT[සක්දෙවිඳු:]
Pali BJTවායමෙථෙව පුරිසො යාව අත්ථස්ස නිප්ඵදා, නිප්ඵන්නසොභිනො අත්ථා{3} ඛන්ත්යා භිය්යො න විජ්ජතීති.
Sinhala BJTඅර්‍ත්‍ථනිෂ්පත්තිය තෙක් පුරුෂ තෙමේ වෑයම් කරන්නේ ම ය. අර්‍ත්‍ථයෝ නිෂ්පත්තිය නිසා හොබනසුලු වෙත්. ඉවසීමට වඩා වැඩසිටි අරුතෙක් නැත. (මේ සක්දෙවිඳුගේ බසයි.)
Pali BJT[වෙරාචනො:]
Sinhala BJT[වෙරොචන:]
Pali BJTසබ්බෙ සත්තා අත්ථජාතා තත්ථ තත්ථ යථාරහං, සංයොගපරමාත්වෙව සම්භොගා සබ්බපාණිනං, නිප්ඵන්නසොභිනො අත්ථා{3} වෙරොචනවචො ඉදන්ති.
Sinhala BJTසියලු සත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිද්දෙන් හටගත් කටයුතු ඇත්තෝ ය. සියලු සතුන්ගේ සම්භෝගයෝ සංයෝගය පරම කොට ඇත්තෝ ම ය. අර්‍ත්‍ථයෝ නිෂ්පත්තිය නිසා බබලනසුලු වෙත්. මේ වෙරොචන අසුරිඳුගේ බස යි.
Pali BJT[සක්කො:]
Sinhala BJT[සක්දෙවිඳු:]
Pali BJTසබ්බෙ සත්තා අත්ථජාතා තත්ථ තත්ථ යථාරහං, සංයොගපරමාත්වෙව සම්භොගා සබ්බපාණිනං, නිප්ඵන්නසොභිනො අත්ථා ඛන්ත්යා භිය්යො න විජ්ජතීති.
Sinhala BJTසියලු සත්‍වයෝ ඒ ඒ තන්හි සුදුසු පරිද්දෙන් හටගත් කටයුතු ඇත්තෝ ය. සියලු සතුන්ගේ සම්භෝගයෝ සංයෝගය පරම කොට ඇත්තාහු ම ය. අර්‍ත්‍ථයෝ නිෂ්පත්තිය නිසා හොබනාහු වෙත්. ඉවසීමට වඩා වැඩසිටි අරුතෙක් නැත. (මේ සක්දෙවිඳුගේ බසයි).
Pali BJT11. 1. 9.
Sinhala BJT11. 1. 9.
Pali BJTඅරඤ්ඤායතනඉසිසුත්තං.
Sinhala BJTඅරඤ්ඤායතනඉසී සූත්‍රය
Pali BJT255. සාවත්ථියං–
Sinhala BJT255. සැවැත්නුවර–
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ සම්බහුලා ඉසයො සීලවන්තො කල්යාණධම්මා අරඤ්ඤායතනෙ පණ්ණකුටීසු සම්මන්ති. අථ ඛො භික්ඛවෙ සක්කො ච දෙවානමින්දො වෙපචිත්ති ච අසුරින්දො යෙන තෙ ඉසයො සීලවන්තො කල්යාණධම්මා තෙනුපසඞ්කමිංසු.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. සිල්වත් කලණදහම් ඇති බොහෝ රුසිහු වනසෙනසුනෙක පන්සල්හි වෙසෙත්. මහණෙනි, එකල්හි සක්දෙවිඳු ද වේපචිත්ති අසුරිඳු ද සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන් වෙත එළඹිය හ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො අටලියො{4} උපාහනා ආරොහිත්වා ඛග්ගං ඔලග්ගෙත්වා ඡත්තෙන ධාරියමානෙන අග්ගද්වාරෙන අස්සමං පවිසිත්වා තෙ ඉසයො සීලවන්තෙ කල්යාණධම්මෙ අපබ්යාමතො කරිත්වා අතික්කමි.
Sinhala BJTමහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු කීප පටක් ඇති වහන් නැගී කඩුව එල්ලා ගෙණ දරණු ලබන ඡත්‍රයෙන් යුක්ත ව ප්‍රධාන දොරටුවෙන් අසපුවට පිවිස සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන්ට නිගරු කොට නික්ම ගියේ ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො අටලියො උපාහනා ඔරොහිත්වා ඛග්ගං අඤ්ඤෙසං දත්වා ඡත්තං අපනාමෙත්වා ද්වාරෙනෙව අස්සමං පවිසිත්වා තෙ ඉසයො සීලවන්තෙ කල්යාණධම්මෙ අනුවාතං පඤ්ජලිකො නමස්සමානො අට්ඨාසි. අථ ඛො භික්ඛවෙ තෙ ඉසයො සීලවන්තො කල්යාණධම්මා සක්කං දෙවානමින්දං ගාථාය අජ්ඣභාසිංසු:
Sinhala BJTමහණෙනි, ඉක්බිති සක්දෙව්රජ කීප පටක් ඇති වහනින් බැස කඩුව අන් කෙනකුන්ට දී ඡත්‍රය බහා තබා දොරින් ම අසපුවට පිවිස සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන් නමදිමින් යටිසුළඟෙහි බැඳැදිලි ව සිටියේ ය. මහණෙනි, එකල්හි සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු සක්දෙවිඳුහට ගාථායෙන් කීහ.
Pali BJTගන්ධො ඉසීනං චිරදික්ඛිතානං{1} කායා චුතො ගච්ඡති මාලුතෙන, ඉතො පටික්කම{2} සහස්සනෙත්ත ගන්ධො ඉසීනං අසුචි දෙවරාජාති.
Sinhala BJTබොහෝ කලක් මුළුල්ලෙහි සමාදන් වූ ව්‍රත ඇති ඍෂීන්ගේ කයින් ච්‍යුත වූ (සිරුරු) ගඳ සුළගින් හමයි. ශක්‍රය, මෙයින් ඉවත් වව. දෙව්රජ, ඍෂීන්ගේ (සිරුරු) ගඳ අපවිත්‍ර ය.
Pali BJTගන්ධො ඉසීනං චිරදික්ඛිතානං{1} කායා චුතො ගච්ඡතු{3} මාලුතෙන, සුචිත්රපුප්ඵං සිරස්මිං ව මාලං ගන්ධං එතං පටිකඞ්ඛාම භන්තෙ, න හෙත්ථ දෙවා පටිකූලසඤ්ඤිනොති.
Sinhala BJTබොහෝ කලක් මුළුල්ලෙහි සමාදන් වූ ව්‍රත ඇති ඍෂීන්ගේ කයින් ච්‍යුත වූ (සිරුරු) ගඳ සුළගින් හමාවා. වහන්ස, මේ ගඳ හිසෙහි (පළඳනා ලද) විසිතුරු කුසුම් ඇති මල්දමක් මෙන් කැමැත්තමු. දෙවියෝ මෙහි පිළිකුල් ය යන හැඟීම් ඇත්තෝ නො ම වෙත්.
Pali BJT11. 1. 10.
Sinhala BJT11. 1. 10.
Pali BJTඉසයොසමුද්දකසුත්තං.
Sinhala BJTඉසයොසමුද්දක සූත්‍රය
Pali BJT256. සාවත්ථියං–
Sinhala BJT256. සැවැත්නුවර–
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ සම්බහුලා ඉසයො සීලවන්තො කල්යාණධම්මා සමුද්දතීරෙ පණ්ණකුටීසු සම්මන්ති.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. සිල්වත් කලණදහම් ඇති බොහෝ ඍෂීහු මුහුදුතෙර පන්සල්හි වෙසෙත්.
Pali BJTතෙන ඛො පන සමයෙන භික්ඛවෙ දෙවාසුරසඞ්ගාමො සමුපබ්බූළ්හො අහොසි. අථ ඛො භික්ඛවෙ තෙසං ඉසීනං සීලවන්තානං කල්යාණධම්මානං එතදහොසි. ධම්මිකා ඛො දෙවා, අධම්මිකා අසුරා. සියා පි නො අසුරතො භයං. යන්නූන මයං සම්බරං අසුරින්දං උපසඞ්කමිත්වා අභයදක්ඛිණං යාචෙය්යාමාති.
Sinhala BJTමහණෙනි, එකල්හි දේවසුරසංග්‍රාමයෙක් එළඹ සිටියේ විය. මහණෙනි, ඉක්බිති සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන්ට “දෙවියෝ දැහැමිය හ. අසුරයෝ නො දැහැමිය හ. අපට අසුරයන්ගෙන් බියෙක් විය හෙයි. අපි සම්බර අසුරිඳු වෙත එළඹ අභයදානය යදින්නමෝ නම් මැනවැ”යි මේ සිත විය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ තෙ ඉසයො සීලවන්තො කල්යාණධම්මා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව සමුද්දතීරෙ පණ්ණකුටීසු අන්තරහිතා සම්බරස්ස අසුරින්දස්ස පමුඛෙ{4} පාතුරහෙසුං. අථ ඛො භික්ඛවෙ තෙ ඉසයො සීලවන්තො කල්යාණධම්මා සම්බරං අසුරින්දං ගාථාය අජ්ඣභාසිංසු:
Sinhala BJTමහණෙනි, ඉක්බිති සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම මුහුදුතෙර පන්සල්හි අතුරුදන් වූවාහු සම්බර අසුරිඳු ඉදිරියෙහි පහළ වූහ. මහණෙනි, එකල්හි සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු සම්බර අසුරිඳුහට ගාථායෙන් කීහ.
Pali BJTඉසයො සම්බරං පත්තා යාචන්ති අභයදක්ඛිණං, කාමං කරොහි{5} තෙ දාතුං භයස්ස අභයස්ස වාති.
Sinhala BJTඍෂීහු සම්බර වෙත පැමිණියාහු අභයදානය යදිත්. භය දෙන්නට හෝ අභය දෙන්නට හෝ (සමත් වූ) මුබට කැමැත්තක් කළ මැනව.
Pali BJTඉසීනං අභයං නත්ථි දුට්ඨානං සක්කසෙවිනං, අභයං යාචමානානං භයමෙව දදාමි වොති.
Sinhala BJT(අපට) විරුද්ධ වූ ශක්‍රයා සෙවුනා වූ ඍෂින්ට අභයෙක් නැත. අභය ඉල්ලන්නාවූ තොපට බිය ම දෙමි.
Pali BJTඅභයං යාචමානානං භයමෙව දදාසි නො, පටිග්ගණ්හාම තෙ එතං අක්ඛයං{6} හොතු තෙ භයං.
Sinhala BJTඅභය ඉල්ලන්නා වූ අපට බිය ම දෙන්නෙහි ය. තොපගේ මේ කීම පිළිගණිමු. තොපට බිය ක්‍ෂය නො වේවා.
Pali BJTයාදිසං වපතෙ බීජං තාදිසං හරතෙ ඵලං, කල්යාණකාරී කල්යාණං පාපකාරී ච පාපකං, පවුත්තං තාත තෙ බීජං ඵලං පච්චනුභොස්සසීති.
Sinhala BJTයම් බඳු බිජුවටක් වපුරා ද, එබඳු පල හැර ගණි. යහපත් ක්‍රියා කරණ තැනැත්තේ යහපත් විපාක ලබයි. පාපක්‍රියා කරණ තැනැත්තේ ලාමකවිපාක ලබයි. දරුවා, තා විසින් බිජුවටක් වපුරණ ලදී. එහි ඵලය විඳුනෙහි ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ තෙ ඉසයො සීලවන්තො කල්යාණධම්මා සම්බරං අසුරින්දං අභිසපිත්වා{1} සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය. එවමෙව සම්බරස්ස අසුරින්දස්ස පමුඛෙ අන්තරහිතා සමුද්දතීරෙ පණ්ණකුටීසු පාතුරහෙසුං.
Sinhala BJTමහණෙනි, ඉක්බිති, සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීහු සම්බර අසුරිඳුහට සාප කොට යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම සම්බර අසුරිඳුගේ හමුවෙහි අතුරුදන් වූවාහු මුහුදුතෙර පන්සල්හි පහළ වූහ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සම්බරො අසුරින්දො තෙහි ඉසීහි සීලවන්තෙහි කල්යාණධම්මෙහි අභිසපිතො රත්තියා සුදං තික්ඛත්තුං උබ්බිජ්ජතීති.{2}
Sinhala BJTමහණෙනි, ඉක්බිති සිල්වත් කලණදහම් ඇති ඒ ඍෂීන් විසින් සාප කරණ ලද සම්බර අසුරිඳු තෙමේ රෑ තුන්යලක් තැති ගෙණ නැගී සිටී.
Pali BJTසුවීරවග්ගො පඨමො.
Sinhala BJTසුවීර වර්‍ගය පළමුවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසුවීරං සුසීමඤ්චෙව ධජග්ගං වෙපචිත්තිනො, සුභාසිතං ජයඤ්චෙව කුලාවකං න දුබ්භියං, වෙරොචන අසුරින්දො ඉසයො අරඤ්ඤකඤ්චෙව ඉසයො ච සමුද්දකාති.
Sinhala BJTසුවීර, සුසීම, ධජග්ග, වේපචිත්ති, සුභාසිතජය, කුලාවක, නදුබ්භිය වේරෝචනඅසුරින්‍ද, ඉසයොආරඤ්ඤක, ඉසයොසමුද්දක ය යී සූත්‍ර දශයෙකි.
Pali BJT2. සත්තවතවග්ගො
Sinhala BJT2. සත්තවත වර්‍ගය
Pali BJT11. 2. 1.
Sinhala BJT11. 2. 1.
Pali BJTදෙවා[සත්තවතපද]සුත්තං.{3}
Sinhala BJTදේවා [සත්තවතපද] සූත්‍රය
Pali BJT257. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT257. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක:
Pali BJTතත්ර ඛො -පෙ- භගවා එතදවොච: සක්කස්ස භික්ඛවෙ දෙවානමින්දස්ස පුබ්බෙ මනුස්සභූතස්ස සත්ත වතපදානි{4} සමත්තානි සමාදින්නානි අහෙසුං, යෙසං සමාදින්නත්තා සක්කො සක්කත්තං අජ්ඣගා.
Sinhala BJTඑහිදී ... භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් සත්‍වතපද කෙනෙක් සමාත්තයහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් වූ බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමියේ ය.
Pali BJTකතමානි සත්ත වතපදානි? යාවජීවං මාතාපෙත්තිභරො අස්සං. යාවජීවං කුලෙජෙට්ඨාපචායී අස්සං. යාවජීවං සණ්හවාචො අස්සං. යාවජීවං අපිසුණවාචො අස්සං. යාවජීවං විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසෙය්යං, මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. යාවජීවං සච්චවාචො අස්සං. යාවජීවං අක්කොධනො අස්සං. සචෙපි මෙ කොධො උප්පජ්ජෙය්ය ඛිප්පමෙව නං පටිවිනෙය්යන්ති. සක්කස්ස භික්ඛවෙ දෙවානමින්දස්ස පුබ්බෙ මනුස්සභූතස්ස ඉමානි සත්ත වතපදානි සමත්තානි සමාදින්නානි අහෙසුං. යෙසං සමාදින්නත්තා සක්කො සක්කත්තං අජ්ඣගාති.
Sinhala BJTකවර සත්‍වත පද කෙනෙක් ද? යත්: දිවිහිමියෙන් මවුපියන් පුසින්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් කුලදෙටුවන් පුදන්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් මිහිරිවදන් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් පිසුණුවදන් නැත්තෙම් වන්නෙමි. මුදන ලද ත්‍යාග ඇත්තෙම්, දන් දෙනු පිණිස දෙවූ අත් ඇත්තෙම්, දීමෙහි ඇලුනෙම්, අනුන් විසින් ඉල්ලන්නට සුදුසු වූයෙම්, දානයෙහිත් සංවිභාගයෙහිත් ඇලුනෙම්, දිවිහිමියෙන් පහවූ මසුරු මලින් යුත් සිතින් යුක්ත ව ගිහිගෙයි වෙසෙන්නෙමි. දිවිහිමියෙන් සැබෑ තෙපුල් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් ක්‍රෝධ නොකරන්නෙම් වන්නෙමි. ඉදිනුදු මට ක්‍රෝධය උපදනේ නම් වහා ම එය දුරු කරන්නෙමි යි. මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙව්රජ විසින් මේ සත් ව්‍රතපදයෝ මොනවට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණ ලද බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමිණියේ ය.
Pali BJTමාතාපෙත්තිභරං ජන්තුං කුලෙ ජෙට්ඨාපචායිනං, සණ්හං සඛිලසම්භාසං පෙසුණෙය්යප්පහායිනං. මච්ඡෙරවිනයෙ යුත්තං සච්චං කොධාභිභුං නරං, තං වෙ දෙවා තාවතිංසා ආහු සප්පුරිසො ඉතීති.
Sinhala BJTමවුපියන් පුස්නා කුලදෙටුවන් පුදන මෘදු ප්‍රිය තෙපුල් බණන කේලමින් වැළකුනු මසුරුමල දුරුකිරීමෙහි යෙදුනු සැබෑ තෙපුල් බණන ක්‍රෝධය මැඩලන සුලු ඒ මනුෂ්‍ය සත්ත්‍වයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙකැයි තව්තිසාවැසි දෙවියෝ කියත්.
Pali BJT11. 2. 2.
Sinhala BJT11. 2. 2.
Pali BJT[දුතිය] දෙවා[සත්තවතපද]සුත්තං.{1}
Sinhala BJTදෙවන දේවා [සත්තවතපද] සූත්‍රය
Pali BJT258. {2}එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ -පෙ-{3} භගවා එතදවොච:
Sinhala BJT258. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට ... මෙය වදාළ සේක.
Pali BJTසක්කො භික්ඛවෙ දෙවානමින්දො පුබ්බෙ මනුස්සභූතො සමානො මඝො නාම මාණවො අහොසි. තස්මා මඝවාති වුච්චති. සක්කො භික්ඛවෙ දෙවානමින්දො පුබ්බෙ මනුස්සභූතො සමානො පුරෙ පුරෙ{4} දානං අදාසි. තස්මා පුරින්දදොති වුච්චති. සක්කො භික්ඛවෙ දෙවානමින්දො පුබ්බෙ මනුස්සභූතො සමානො සක්කච්චං දානං අදාසි. තස්මා සක්කොති වුච්චති. සක්කො භික්ඛවෙ දෙවානමින්දො පුබ්බෙ මනුස්සභූතො සමානො ආවසථං අදාසි. තස්මා වාසවොති වුච්චති. සක්කො භික්ඛවෙ දෙවානමින්දො සහස්සම්පි අත්ථානං මුහුත්තෙන චින්තෙති. තස්මා සහස්සක්ඛොති වුච්චති. සක්කස්ස භික්ඛවෙ දෙවානමින්දස්ස සුජා නාම අසුරකඤ්ඤා පජාපතී. තස්මා සුජම්පතීති වුච්චති. සක්කො භික්ඛවෙ දෙවානමින්දො දෙවානං තාවතිංසානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙති.{5} තස්මා දෙවානමින්දොති වුච්චති.
Sinhala BJTමහණෙනි, සක්දෙව්රජ පෙර මිනිස් වූයේ මඝ නම් මාණවකයෙක් වී ය. එහෙයින් “මඝවන්තු” යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ පළමු පළමු දන් දිනි. එහෙයින් “පුරින්‍දද”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ සකස් කොට දන් දිනි එහෙයින් “සක්ක”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ ආවාස දිනි. එහෙයින් “වාසව”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු අරුත් දහසකුදු මොහොතකින් සිතයි. (දකියි) එහෙයින් “සහස්සක්ඛ”යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳුහට සුජා නම් අසුර කන්‍යාවක් පජාපති (බිරිඳ) ය. එහෙයින් “සුජම්පති” යී කියනු ලැබේ. මහණෙනි, සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් පිළිබඳ ඉසුරු බව හා අධිපති බව ඇති රජය කරයි. එහෙයින් “දේවානමින්‍ද” යී කියනු ලැබේ.
Pali BJTසක්කස්ස භික්ඛවෙ දෙවානමින්දස්ස පුබ්බෙ මනුස්සභූතස්ස සත්තවතපදානි සමත්තානි සමාදින්නානි අහෙසුං. යෙසං සමාදින්නත්තා සක්කො සක්කත්තං අජ්ඣගා.
Sinhala BJTමහණෙනි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් සත්‍වතපද කෙනෙක් මොනවාට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණලද බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමිණියේ ය.
Pali BJTකතමානි සත්ත වතපදානි: යාවජීවං මාතාපෙත්තිභරො අස්සං. යාවජීවං කුලෙ ජෙට්ඨාපචායී අස්සං. යාවජීවං සණ්හවාචො අස්සං. යාවජීවං අපිසුණාවාචො අස්සං. යාවජීවං විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසෙය්යං, මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. යාවජීවං සච්චවාචො අස්සං. යාවජීවං අක්කොධනො අස්සං. සචෙපි මෙ කොධො උප්පජ්ජෙය්ය ඛිප්පමෙව නං පටිවිනෙය්යන්ති. සක්කස්ස භික්ඛවෙ දෙවානමින්දස්ස පුබ්බෙ මනුස්සභූතස්ස ඉමානි සත්ත වතපදානි සමත්තානි සමාදින්නානි අහෙසුං, යෙසං සමාදින්නත්තා සක්කො සක්කත්තං අජ්ඣගාති.
Sinhala BJTකවර සත්‍වතපද කෙනෙක් ද? යත්: දිවිහිමියෙන් මවුපියන් පුසින්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් කුලදෙටුවන් පුදන්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් මුදුවදන් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් පිසුණුබස් නැත්තෙම් වන්නෙමි. මුදන ලද ත්‍යාග ඇත්තෙම්, පවිත්‍ර කරණ ලද අත් ඇත්තෙම්, දන් දීමෙහි ඇලුනෙම්, අනුන් විසින් ඉල්ලන්නට සුදුසු වූයෙම්, දානයෙහි හා සංවිභාගයෙහි ද ඇලුනෙම්, දිවිහිමියෙන් පහ වූ මසුරුමල ඇති සිතින් යුක්ත ව ගිහිගෙයි වෙසෙන්නෙමි. දිවිහිමියෙන් සබවස ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් ක්‍රෝධ නොකරන්නෙකිම් වන්නෙමි. ඉදිනුදු මට ක්‍රෝධය උපදනේ නම් වහා ම එය දුරු කරන්නෙමි යි. මහණෙනි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් මේ සත්‍වතපදයෝ මොනවට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණ ලද බැවින් ශක්‍ර තෙමේ ශක්‍රබවට පැමිණියේ ය.
Pali BJTමාතාපෙත්තිභරං ජන්තුං කුලෙ ජෙට්ඨාපචායිනං සණ්හං සඛිලසම්භාසං පෙසුණෙය්යප්පහායිනං මච්ඡෙරවිනයෙ යුත්තං සච්චං කොධාභිභුං නරං තං වෙ දෙවා තාවතිංසා ආහු සප්පුරිසො ඉතීති.
Sinhala BJTමවුපියන් පුස්නා, කුලදෙටුවන් පුදන, මෘදුපියතෙපුල් බණන, පිසුණුබසින් වැළකුනු, මසුරුමල දුරු කිරීමෙහි යෙදුනු, සබවස් බණන, ක්‍රෝධය මැඩලන සුලු ඒ මනුෂ්‍ය සත්ත්‍වයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙකැයි තව්තිසාවැසි දෙවියෝ කියති.
Pali BJT11. 2. 3.
Sinhala BJT11. 2. 3.
Pali BJTමහාලි[සත්තවතපද]සුත්තං{6}.
Sinhala BJTමහාලි [සත්තවතපද] සූත්‍රය
Pali BJT259. එවං මෙ සුතං: එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො මහාලි{7} ලිච්ඡවි{8} යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJT259. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලාවෙහි වැඩවසන සේක. එකල්හි මහාලි ලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය.
Pali BJTඑකමන්තං නිසින්නො ඛො මහාලි ලිච්ඡවී භගවන්තං එතදවොච: දිට්ඨො. වො{1} භන්තෙ සක්කො දෙවානමින්දොති. දිට්ඨො මෙ මහාලි සක්කො දෙවානමින්දොති.
Sinhala BJTඑකත්පසෙක හුන් මහාලි ලිච්ඡවි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය: වහන්ස, මුබවහන්සේ විසින් සක්දෙවිඳු දක්නා ලද්දේ ද? මහාලි, මා විසින් සක්දෙවිඳු දක්නා ලද්දේ ය.
Pali BJTසො හි නූන භන්තෙ සක්කපතිරූපකො භවිස්සති. දුද්දසො හි භන්තෙ සක්කො දෙවානමින්දොති.
Sinhala BJTවහන්ස, හෙ තෙමේ ඒකාන්තයෙන් ශක්‍රප්‍රතිරූපක විය හෙයි. වහන්ස, සක්දෙවිඳු දැකීමට දුෂ්කර ය. එහෙයිනි.
Pali BJTසක්කඤ්චාහං මහාලි පජානාමි, සක්කකරණෙ ච ධම්මෙ. යෙසං ධම්මානං සමාදින්නත්තා සක්කො සක්කත්තං අජ්ඣගා, තඤ්ච පජානාමි.
Sinhala BJTමහාලි, මම ශක්‍රයා ද දනිමි ශක්‍රකාරක ධර්‍ම ද දනිමි. යම් දහම් කෙනකුන් සමාදන් වූ බැවින් ශක්‍රයා ශක්‍රබවට පැමිණියේ නම් එ ද දනිමි.
Pali BJTසක්කො මහාලි දෙවානමින්දො පුබ්බෙ මනුස්සභූතො සමානො මඝො නාම මාණවො අහොසි. තස්මා “මඝවාති” වුච්චති. සක්කො මහාලි දෙවානමින්දො පුබ්බෙ මනුස්සභූතො සමානො පුරෙ පුරෙ දානං අදාසි. තස්මා පුරින්දදොති වුච්චති. සක්කො මහාලි දෙවානමින්දො පුබ්බෙ මනුස්සභූතො සමානො සක්කච්චං දානං අදාසි. තස්මා සක්කොති වුච්චති. සක්කො මහාලි දෙවානමින්දො පුබ්බෙ මනුස්සභූතො සමානො ආවසථං අදාසි, තස්මා වාසවොති වුච්චති. සක්කො මහාලි දෙවානමින්දො සහස්සම්පි අත්ථානං මුහුත්තෙන චින්තෙති. තස්මා සහස්සක්ඛොති වුච්චති. සක්කස්ස මහාලි දෙවානමින්දස්ස සුජා නාම අසුරකඤ්ඤා පජාපතී. තස්මා සුජම්පතීති වුච්චති. සක්කො මහාලි දෙවානමින්දො දෙවානං තාවතිංසානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙති. තස්මා දෙවානමින්දොති වුච්චති.
Sinhala BJTමහාලි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ ම මඝ නම් මාණවකයෙක් විය. එහෙයින් “මඝවනතු” යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ ම පළමු පළමු දන් දිනි. එහෙයින් “පුරින්‍දද”යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ ම සකසා දන් දිනි. එහෙයින් “ශක්‍ර” යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳු පෙර මිනිස් වූයේ අවාස දිනි. එහෙයින් “වාසව”යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳු අරුත් දහසකුදු මොහොතින් සිතයි. එහෙයින් “සහස්සක්ඛ” යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳුහට සුජා නම් අසුර කන්‍යාවක් පජාපති බිරිඳ ය. එහෙයින් “සුජම්පති” යි කියනු ලැබේ. මහාලි, සක්දෙවිඳු තව්තිසා වැසි දෙවියන් පිළිබඳ ඉසුරු බව හා අධිපති බව ඇති රජය කරයි. එහෙයින් “දේවානමින්‍ද” යි කියනු ලැබේ.
Pali BJTසක්කස්ස මහාලි දෙවානමින්දස්ස පුබ්බෙ මනුස්සභූතස්ස සත්ත වතපදානි සමත්තානි සමාදින්නානි අහෙසුං, යෙසං සමාදින්නත්තා සක්කො සක්කත්තං අජ්ඣගා.
Sinhala BJTමහාලි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් සත්‍වතපද කෙනෙක් මොනවාට ගන්නා ලදහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් වූ බැවින් ශක්‍රයා ශක්‍රබවට පැමිණියේ ය.
Pali BJTකතමානි සත්ත වතපදානි: යාවජීවං මාතාපෙත්තිභරො අස්සං. යාවජීවං කුලෙ ජෙට්ඨාපචායී අස්සං. යාවජීවං සණ්හවාචො අස්සං. යාවජීවං අපිසුණවාචො අස්සං. යාවජීවං විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසෙය්යං, මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. යාවජීවං සච්චවාචො අස්සං. යාවජීවං අක්කොධනො අස්සං. සචෙපි මෙ කොධො උප්පජෙය්ය, ඛිප්පමෙව නං පටිවිනෙය්යන්ති.
Sinhala BJTකවර සත්‍වතපද කෙනෙක් ද යත්: දිවිහිමියෙන් මවුපියන් පුසින්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් කුලදෙටුවන් පුදන්නෙම් වන්නෙමි. දිවිහිමියෙන් මුදුවදන් ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් පිසුණුවදන් නැත්තෙම් වන්නෙමි. මුදන ලද ත්‍යාග ඇත්තෙම්, පවිත්‍ර කරණ ලද අත් ඇත්තෙම්, දීමෙහි ඇලුනෙම්, අනුන් විසින් ඉල්ලන්නට සුදුසු වූයෙම්, දානයෙහිත් හා සංවිභාගයෙහිත් ඇලුනෙම්, දිවිහිමියෙන් පහවූ මසුරුමල ඇති සිතින් යුක්ත ව ගිහිගෙයි වෙසෙන්නෙමි. දිවිහිමියෙන් සබවස ඇත්තෙම් වන්නෙමි. දිවිහිමියෙන් ක්‍රෝධ නැත්තෙම් වන්නෙමි. ඉදිනුදු මට ක්‍රෝධය උපදනේ නම් වහා ම එය දුරු කරන්නෙමි යී.
Pali BJTසක්කස්ස මහාලි දෙවානමින්දස්ස පුබ්බෙ මනුස්සභූතස්ස ඉමානි සත්ත වතපදානි සමත්තානි සමාදින්නානි අහෙසුං. යෙසං සමාදින්නත්තා සක්කො සක්කත්තං අජ්ඣගාති.
Sinhala BJTමහාලි, පෙර මිනිස් වූ සක්දෙවිඳු විසින් මේ සත්‍වතපදයෝ සමාත්තයහ. සමාදන් කරණ ලදහ. ඔවුන් සමාදන් කරණ ලද බැවින් ශක්‍රයා ශක්‍රබවට පැමිණියේ ය.
Pali BJTමාතාපෙත්තිභරං ජන්තුං කුලෙ ජෙට්ඨාපචායිනං සණ්හං සඛිලසම්භාසං පෙසුණෙය්යප්පහායිනං මච්ඡෙරවිනයෙ යුත්තං සච්චං කොධාභිභුං නරං තං වෙ දෙවා තාවතිංසා ආහු සප්පුරිසො ඉතීති.
Sinhala BJTමවුපියන් පුස්නා, කුලදෙටුවන් පුදන, මුදු පියතෙපුල් බණන, කේලමින් වැළකුනු, මසුරුමල දුරලීමෙහි යෙදුනු, සබවස් බණන, ක්‍රෝධය මැඩලනසුලු ඒ මනුෂ්‍ය සත්ත්‍වයා ඒකාන්තයෙන් සත්පුරුෂයෙකැයි තව්තිසාවැසි දෙවියෝ කියති යි.
Pali BJT11. 2. 4.
Sinhala BJT11. 2. 4.
Pali BJTදළිද්දසුත්තං.
Sinhala BJTදළිද්ද සූත්‍රය
Pali BJT260. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච: භූතපුබ්බං භික්ඛවෙ අඤ්ඤතරො පුරිසො ඉමස්මිං යෙව රාජගහෙ මනුස්සදළිද්දො අහොසි, මනුස්සකපණො මනුස්සවරාකො. සො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ සද්ධං සමාදියි. සීලං සමාදියි. සුතං සමාදියි. චාගං සමාදියි. පඤ්ඤං සමාදියි.
Sinhala BJT260. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, පෙර වූවක් කියමි. මේ රජගහනුවර ම මනුෂ්‍යදරිද්‍ර (දිළිඳු මිනිසකු) වූ මනුෂ්‍ය කෘපණ (මනුෂ්‍යයින්ගේ කරුණාවට භාජන) වූ මනුෂ්‍යවරාක (ලාමක මිනිසකු) වූ එක්තරා පුරුෂයෙක් විය. හෙ තෙමේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් වූයේ ය. ශීලය සමාදන් වූයේ ය. ශ්‍රැතය සමාදන් වූයේ ය. ත්‍යාගය සමාදන් වූයේ ය. ප්‍රඥාව සමාදන් වූයේ ය.
Pali BJTසො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ සද්ධං සමාදියිත්වා සීලං සමාදියිත්වා සුතං සමාදියිත්වා චාගං සමාදියිත්වා පඤ්ඤං සමාදියිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජි දෙවානං තාවතිංසානං සහව්යතං. සො අඤ්ඤෙ දෙවෙ අතිරොචති වණ්ණෙන චෙව යසසා ච.
Sinhala BJTහෙ තෙමේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් ව ශීලය සමාදන් ව ශ්‍රැතය සමාදන් ව ත්‍යාගය සමාදන් ව ප්‍රඥාව සමාදන් ව කාබුන් මරණින් මතු තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට, මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියේ ය. හෙ තෙමේ ශරීරවර්‍ණයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක්මවා බබලයි.
Pali BJTතත්ර සුදං භික්ඛවෙ දෙවා තාවතිංසා උජ්ඣායන්ති ඛිය්යන්ති විපාචෙන්ති: අච්ඡරියං වත භො අබ්භුතං වත භො අයං හි දෙවපුත්තො පුබ්බෙ මනුස්සභූතො සමානො මනුස්සදළිද්දො අහොසි, මනුස්සකපණො මනුස්සවරාකො. සො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නො දෙවානං තාවතිංසානං සහව්යතං. සො අඤ්ඤෙ දෙවෙ අතිරොචති වණ්ණෙන චෙව යසසා චාති.
Sinhala BJTමහණෙනි, එහි තව්තිසාවැසි දෙවියෝ නින්‍දා කෙරෙත්, දොස් කියත්, අවමන් කෙරෙත්: පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යය. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයි. මේ දෙව්පුත් තෙමේ වනාහි පූර්‍වයෙහි මිනිස් වූයේ මනුෂ්‍ය දරිද්‍රයෙක් විය. මනුෂ්‍ය කෘපණයෙක් විය. මනුෂ්‍ය වරාකයෙක් විය. හෙ තෙමේ කාබුන් මරණින් මැති තව්තිසාවැසි දෙවියන්ගේ සහභාවයට, මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියේ ය. හෙ තෙමේ ශරීර වර්‍ණයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක්මවා බබලයි.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි: මා ඛො තුම්හෙ මාරිසා එතස්ස දෙවපුත්තස්ස උජ්ඣායිත්ථ. එසො ඛො මාරිසා දෙවපුත්තො පුබ්බෙ මනුස්සභූතො සමානො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ සද්ධං සමාදියි. සීලං සමාදියි. සුතං සමාදියි. චාගං සමාදියි. පඤ්ඤං සමාදියි. සො තථාගතප්පවෙදිතෙ ධම්මවිනයෙ සද්ධං සමාදියිත්වා සීලං සමාදියිත්වා සුතං සමාදියිත්වා චාගං සමාදියිත්වා පඤ්ඤං සමාදියිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නො දෙවානං තාවතිංසානං සහව්යතං. සො අඤ්ඤෙ දෙවෙ අතිරොචති වණ්ණෙන චෙව යසසා චාති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති සක්දෙවිඳු තෙමේ තව්තිසාවැසි දෙවියන් ඇමතීය: පින්වත්නි, තෙපි මේ දෙව්පුත්හට නින්‍දා නො කරවු. පින්වත්නි, මේ දෙව්පුත් තෙමේ පෙර මිනිස් වූයේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් විය. ශීලය සමාදන් විය. ශ්‍රැතය සමාදන් විය. ත්‍යාගය සමාදන් විය. ප්‍රඥාව සමාදන් විය. හෙ තෙමේ තථාගතයන් වහන්සේ විසින් වදාළ ශාසනයෙහි ශ්‍රද්ධාව සමාදන් ව ශීලය සමාදන් ව ශ්‍රැතය සමාදන් ව ත්‍යාගය සමාදන් ව ප්‍රඥාව සමාදන් ව කාබුන් මරණින් මැති තව්තිසාවැසි දෙවියන්ගේ සහභාවයට මනාගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණියේ ය. හෙ තෙමේ වර්‍ණයෙන් ද යශසින් ද අන් දෙවියන් ඉක්මවා බබලයි.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ අනුනයමානො තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
Sinhala BJTමහණෙනි, ඉක්බිති සක්දෙවිඳු තෙමේ තව්තිසාවැසි දෙවියන් සතුටු කරමින් ඒ වෙලාවෙහි මේ ගාථාවන් කීය:
Pali BJTයස්ස සද්ධා තථාගතෙ අචලා සුප්පතිට්ඨිතා{1} සීලඤ්ච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතං.
Sinhala BJTයමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අචල ව මැනවින් පිහිටියා ද, යමකුගේ යහපත් වූ ශීලය ආර්‍ය්‍යකාන්ත වූයේ පසස්නා ලද්දේ ද,
Pali BJTසඞ්ඝෙ පසාදො යස්ස උජුභූතඤ්ච දස්සනං, අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං.
Sinhala BJTයමකුට සඞ්ඝයා කෙරෙහි පැහැදීම ඇත් ද, ඥානදර්‍ශනයත් ඍජු වූයේ වේ ද, ඔහු නො දිළින්දෙකැ යි (බුද්ධාදි උතුමෝ) කියති. ඔහුගේ ජීවිතය හිස් නො වේ.
Pali BJTතස්මා සද්ධඤ්ච සීලඤ්ච පසාදං ධම්මදස්සනං, අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධාන සාසනන්ති.
Sinhala BJTඑහෙයින් ප්‍රඥා තෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහි කරන්නේ ශ්‍රද්ධාව ද, ශීලය ද, පැහැදීම ද, ධර්‍මය දැකීම ද, අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේ ය.
Pali BJT11. 2. 5.
Sinhala BJT11. 2. 5.
Pali BJTරාමණෙය්යකසුත්තං.
Sinhala BJTරාමණෙය්‍යක සූත්‍රය
Pali BJT261. සාවත්ථියං–
Sinhala BJT261. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො සක්කො දෙවානමින්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සක්කො දෙවානමින්දො භගවන්තං එතදවොච: කින්නුඛො භන්තෙ භූමිරාමණෙය්යකන්ති?
Sinhala BJTඑකල්හි සක්දෙව්රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙව්රජ භාග්‍යවතුන් වහන්සේට “වහන්ස, බිම පිළිබඳ සිත්කලු බව කිමෙක් දැ”යි මෙය සැළ කළේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTආරාමචෙත්යා වනචෙත්යා පොක්ඛරඤ්ඤා{1} සුනිම්මිතා, මනුස්සරාමණෙය්යස්ස කලං නාග්ඝන්ති සොළසිං.
Sinhala BJTආරාමචෛත්‍යයෝ ද, වනචෛත්‍යයෝ ද, මැනවින් නිමවන ලද පොකුණු ද මනුෂ්‍ය රමණියත්‍වය පිළිබඳ සොළොස් වැනි කලාවෙන් කලාවකුත් නො අගිත්.
Pali BJTගාමෙ වා යදි වා රඤ්ඤෙ නින්නෙ වා යදි වා ථලෙ, යත්ථ අරහන්තො විහරන්ති තං භූමිං{2} රාමණෙය්යකන්ති.
Sinhala BJTඉදින් ගම්හි හෝ වෙනෙහි හෝ ඉදින් වලබිම්හි හෝ ගොඩබිම්හි හෝ යම් තැනෙක රහත්හු වෙසෙත් ද , ඒ බිම සිත්කලු බව යි.
Pali BJT11. 2. 6.
Sinhala BJT11. 2. 6.
Pali BJTයජමානසුත්තං
Sinhala BJTයජමාන සූත්‍රය
Pali BJT262. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො සක්කො දෙවානමින්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො සක්කො දෙවානමින්දො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJT262. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි සක්දෙවිඳු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සක්දෙවිඳු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTයජමානානං මනුස්සානං පුඤ්ඤපෙක්ඛාන පාණීනං, කරොතං ඔපධිකං පුඤ්ඤං කත්ථ දින්නං මහප්ඵලන්ති.
Sinhala BJTපින් කැමති ව යාග කරන්නා වූ උපධිවිපාක ඇති පින් කරන්නා වූ මනුෂ්‍යප්‍රාණීන් විසින් කවර කෙනකුන්ට දෙන ලද්ද මහත්ඵල වේදැ යි.