Pali BJTයක්ඛසංයුත්තං සමත්තං.
Sinhala BJTයක්ඛ සංයුත්තය නිමියේ ය.
Pali BJT11. සක්කසංයුත්තං
Sinhala BJT11. සක්ක සංයුත්තය
Pali BJT1. සුවීරවග්ගො
Sinhala BJT1. සුවීර වර්‍ගය
Pali BJT11. 1. 1.
Sinhala BJT11. 1. 1.
Pali BJTසුවීරසුත්තං.
Sinhala BJTසුවීර සූත්‍රය
Pali BJT247. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT247. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ අසුරා දෙවෙ අභියංසු. අථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො සුවීරං දෙවපුත්තං ආමන්තෙසි. එතෙ තාත සුවීර, අසුරා දෙවෙ අභියන්ති. ගච්ඡ, තාත සුවීර, අසුරෙ පච්චුය්යාහීති. වං භද්දං තවාති ඛො භික්ඛවෙ සුවීරො දෙවපුත්තො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා පමාදං ආපාදෙසි.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණියාහු ය. මහණෙනි, එකල්හි ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේ සුවීර දෙව්පුත් ඇමතී ය:- “පුත, සුවීර, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත සුවීර, යා. අසුරයන් පෙරළා ඉදිරියට යව”යි. මහණෙනි, සුවීර දෙව්පුත් තෙමේ “එසේ ය, මුඹට වැඩෙක් වේව”යි සක්දෙවිඳුහට පිළිවදන් දී (ගමන) පමා කළේ ය.
Pali BJTදුතියම්පි ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො සුවීරං දෙවපුත්තං ආමන්තෙසි: එතෙ තාත සුවීර, අසුරා දෙවෙ අභියන්ති. ගච්ඡ තාත සුවීර, අසුරෙ පච්චුය්යාහීති. එවං භද්දං තවාති ඛො භික්ඛවෙ සුවීරො දෙවපුත්තො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා දුතියම්පි{3} පමාදං ආපාදෙසි.
Sinhala BJTමහණෙනි, දෙවන වට දු සක්දෙවිඳු තෙමේ සුවීර දෙව්පුතු ඇමතී ය: “පුත, සුවීර, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත, සුවීර, යා. අසුරයන් පෙරළා ඉදිරියට යව”යි. මහණෙනි, සුවීර දෙව්පුත් තෙමේ “එසේ ය, මුඹට වැඩෙක් වේව”යි සක්දෙවිඳුහට පිළිවදන් අස්වා දෙවන වට දු (ගමන) පමා කළේ ය.
Pali BJTතතියම්පි ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො සුවීරං දෙවපුත්තං ආමන්තෙසි: එතෙ තාත සුවීර, අසුරා දෙවෙ අභියන්ති. ගච්ඡ තාත සුවීර, අසුරෙ පච්චුය්යාහීති. එවං භද්දං තවාති ඛො භික්ඛවෙ සුවීරො දෙවපුත්තො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා තතියම්පි{4} පමාදං ආපාදෙසි.
Sinhala BJTමහණෙනි, තෙවන වට දු ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේ සුවීර දෙව්පුතු ඇමතී ය: “පුත, සුවීර, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත, සුවීර, යා. අසුරයන් පෙරළා ඉදිරියට යව”යි. මහණෙනි, සුවීර දෙව්පුත් තෙමේ “එසේ ය, මුඹට වැඩෙක් වේව”යි සක්දෙවිඳුට පිළිවදන් අස්වා තෙවන වට දු (ගමන) පමා කළේ ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො සුවීරං දෙවපුත්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTමහණෙනි, ඉක්බිති ශක්‍රදේවේන්‍ද්‍ර තෙමේ සුවීර දෙව්පුත්හට ගාථායෙන් කී ය:
Pali BJTඅනුට්ඨහං අවායමං{1} සුඛං යත්රාධිගච්ඡති, සුවීර තත්ථ ගච්ඡාහි මඤ්ච තත්ථෙව පාපයාති.
Sinhala BJT(කායිකවීර්‍ය්‍ය වශයෙන්) නො නැගී සිටුනේ (චෛතසික වීර්‍ය්‍ය වශයෙන්) වෑයම් නො කරණුයේ යම් තැනෙක්හි සුඛයට පැමිණේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.
Pali BJT[සුවීරො:]
Sinhala BJT[සුවීරදෙව්පුත්:]
Pali BJTඅලසස්ස{2} අනුට්ඨාතා න ච කිච්චානි කාරයෙ, සබ්බකාමසමිද්ධස්ස තම්මෙ සක්ක වරං දිසාති{3}.
Sinhala BJTඋත්‍ථානවීර්‍ය්‍ය නැත්තේ අලස වන්නේ ය. කිසි කිසක් නො ද කරන්නේ ය. (එබන්දෙක්) සියලු කාමයෙන් සමෘද්ධයෙක් වන්නේ නම් සක්දෙවිඳුනි, ඒ උත්තමස්ථානය මට කියනු මැනවි යි.
Pali BJT[සක්කො:]
Sinhala BJT[සක්දෙවිඳු:]
Pali BJTයත්ථාලසො අනුට්ඨාතා අච්චන්තං{4} සුඛමෙධති, සුවීර තත්ථ ගච්ඡාහි මඤ්ච තත්ථෙව පාපයාති.
Sinhala BJTඋත්‍ථානවීර්‍ය්‍ය නැත්තා වූ අලසපුද්ගලයෙක් යම් තැනෙක අත්‍යන්තයෙන් සුඛයට පැමිණේ ද, නොහොත් අතිශයින් සැපසේ වැඩේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.
Pali BJT[සුවීරො:]
Sinhala BJT[සුවීර:]
Pali BJTඅකම්මුනා{5} දෙවසෙට්ඨ සක්ක වින්දෙමු යං සුඛං, අසොකං අනුපායාසං තං මෙ සක්ක වරං දිසාති.
Sinhala BJTශක්‍රදේවේන්‍ද්‍රය, කර්‍ම නො කිරීමෙන් යම් සැපතක් ලබමෝ ද, ශක්‍රදේවේන්‍ද්‍රය, ශෝක නැති දැඩි ආයාස නැති ඒ උතුම් මග කියනු මැනවි.
Pali BJT[සක්කො:]
Sinhala BJT[සක්දෙවිඳු:]
Pali BJTසචෙ අත්ථි අකම්මෙන කොචි ක්වචි න ජීවති, නිබ්බානස්ස හි සො මග්ගො සුවීර තත්ථ ගච්ඡාහි මඤ්ච තත්ථෙව පාපයාති.
Sinhala BJTකිසි පුද්ගලයෙක් කිසි තැනෙක්හි ජීවත් නොවේ ද, (කෘෂි වණික් ආදි) කර්‍ම නො කිරීමෙන් පැමිණිය යුතු එබඳු තැනෙක් ඉදින් ඇත් ද, ඒ මග නිර්‍වාණයාගේ (මග) ම ය. සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.
Pali BJTසො හි නාම භික්ඛවෙ, සක්කො දෙවානමින්දො සකං පුඤ්ඤඵලං උපජීවමානො දෙවානං තාවතිංසානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙන්තො{6} උට්ඨානවිරියස්ස වණ්ණවාදී භවිස්සති. ඉධ ඛො තං භික්ඛවෙ සොභෙථ, යං තුම්හෙ එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා උට්ඨහෙය්යාථ ඝටෙය්යාථ වායමෙය්යාථ අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායාති.
Sinhala BJTමහණෙනි, ඒ සක්දෙව්රජ තෙමේ නම් සිය පින්පල නිසා ජීවත්වන්නේ තව්තිසා වැසි දෙවියන් පිළිබඳ ඉසුරු බව හා අධිපති බව ඇති රජය කරන්නේ උත්‍ථානවීර්‍ය්‍ය පිළිබඳ ගුණ කියන්නෙක් වෙයි. මහණෙනි, තෙපි මෙසේ ස්වාක්ඛාත ශාසනයෙහි පැවිදි වූවාහු ම මේ සස්නෙහි නො පැමිණි ගුණයකට පැමිණීම පිණිස ද, අවබෝධ නොකළ දහමක් අවබෝධ කිරීම පිණිස ද, පසක් නො කළ දහමක් පසක් කිරීම පිණිස ද යම් වීර්‍ය්‍යයෙකින් උත්සහා කරන්නහු ද, ඝටනය කරන්නහු ද, වෑයම් කරන්නහු ද, මේ සස්නෙහි ලා ඒ වීර්‍ය්‍යය හොබනේ ය.
Pali BJT11. 1. 2.
Sinhala BJT11. 1. 2.
Pali BJTසුසීමසුත්තං.
Sinhala BJTසුසීම සූත්‍රය
Pali BJT248. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT248. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ අසුරා දෙවෙ අභියංසු. අථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො සුසීමං{7} දෙවපුත්තං ආමන්තෙසි: එතෙ තාත සුසීම, අසුරා දෙවෙ අභියන්ති. ගච්ඡ තාත සුසීම, අසුරෙ පච්චුය්යාහීති. එවං භද්දන්තවාති ඛො භික්ඛවෙ සුසීමො දෙවපුත්තො සක්කස්ස දෙවානමින්දස්ස පටිස්සුත්වා පමාදං ආපාදෙසි.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි: අසුරයෝ දෙවියන් අභිමුඛවැ ගියහ. මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ සුසීම දෙව්පුත් ඇමතී ය: “පුත, සුසීම, මේ අසුරයෝ දෙවියන් ඉදිරියට පැමිණෙති. පුත, සුසීම යා. අසුරයන් බලා නැඟ යා”යි. මහණෙනි, සුසීම දෙව්පුත් තෙමේ ‘එසේ ය. මුඹට මැනැවෙක් වේවා’යි සක්දෙව්රජුහට පිළිවදන් දී (ගමන) පමා කළේ ය.
Pali BJTදුතියම්පි ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො සුසීමං දෙවපුත්තං ආමන්තෙසි -පෙ- දුතියම්පි පමාදං ආපාදෙසි.
Sinhala BJTදෙවන වට දු සක්දෙව්රජ සුසීම දෙව්පුත් ඇමතී ය. ... දෙවන වට දු පමා කළේ ය.
Pali BJTතතියම්පි ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො සුසීමං දෙවපුත්තං ආමන්තෙසි -පෙ- තතියම්පි පමාදං ආපාදෙසි. අථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො සුසීමං දෙවපුත්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTමහණෙනි, තෙවන වට දු සක්දෙව්රජ සුසීම දෙව්පුත් ඇමතී ය. තෙවන වට දු පමා කළේ ය. මහණෙනි, ඉක්බිති සක්දෙව්රජ සුසීම දෙව්පුතුහට ගාථායෙන් කී ය.
Pali BJTඅනුට්ඨහං අවායමං සුඛං යත්රාධිගච්ඡති, සුසීම තත්ථ ගච්ඡාහි මඤ්ච තත්ථෙව පාපයාති.
Sinhala BJT(කායික වීර්‍ය්‍ය වශයෙන්) නො නැගී සිටුනේ (චෛතසික වීර්‍ය්‍ය වශයෙන්) වෑයම් නො කරණුයේ යම් තැනෙක්හි සුඛයට පැමිණේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.
Pali BJT[සුසීමො:]
Sinhala BJT[සුසීම:]
Pali BJTඅලසස්ස අනුට්ඨාතා න ච කිච්චානි කාරයෙ, සබ්බකාමසමිද්ධස්ස තම්මෙ සක්ක වරං දිසාති.
Sinhala BJTඋත්‍ථානවීර්‍ය්‍ය නැත්තේ අලස වන්නේ ය. කිසි කිසක් නො ද කරන්නේය. (එබන්දෙක්) සියලු කාමයෙන් සමෘද්ධයෙක් වන්නේ නම් ඒ උත්තමස්ථානය මට කියනු මැනවි යි.
Pali BJT[සක්කො:]
Sinhala BJT[සක්දෙවිඳු:]
Pali BJTයත්ථාලසො අනුට්ඨාතා අච්චන්තං සුඛමෙධති, සුසීම තත්ථ ගච්ඡාහි මඤ්ච තත්ථෙව පාපයාති.
Sinhala BJTඋත්‍ථානවීර්‍ය්‍ය නැත්තා වූ අලස පුද්ගලයෙක් යම් තැනෙක ඒකාන්ත සුඛයට පැමිණේ ද, නොහොත් අතිශයින් සැපසේ වැඩේ ද, සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.
Pali BJT[සුසීමො:]
Sinhala BJT[සුසීම:]
Pali BJTඅකම්මුනා දෙවසෙට්ඨ සක්ක වින්දෙමු යං සුඛං, අසොකං අනුපායාසං තම්මෙ සක්ක වරං දිසාති.
Sinhala BJTශක්‍ර දේවේන්‍ද්‍රය, කර්‍ම නොකිරීමෙන් යම් සැපතක් ලබමෝ ද, ශක්‍රදේවේන්‍ද්‍රය, ශෝක නැති දැඩි ආයාස නැති ඒ උතුම් මග කියනු මැනවි.
Pali BJT[සක්කො:]
Sinhala BJT[සක්දෙවිඳු:]
Pali BJTසචෙ අත්ථි අකම්මෙන කොචි ක්වචි න ජීවති, නිබ්බානස්ස හි සො මග්ගො සුසීම තත්ථ ගච්ඡාහි මඤ්ච තත්ථෙව පාපයාති.
Sinhala BJTකිසි පුද්ගලයෙක් කිසි තැනෙක්හි ජීවත් නො වේ ද, (කෘෂිවණික් ආදි) කර්‍ම නොකිරීමෙන් පැමිණිය යුතු එබඳු තැනෙක් ඉදින් ඇත් ද, ඒ මග නිර්‍වාණයාගේ (මග) ම ය. සුවීර, එහි යා. මා ද එහි ම පමුණුව යි.
Pali BJTසො හි නාම භික්ඛවෙ සක්කො දෙවානමින්දො සකං පුඤ්ඤඵලං උපජීවමානො දෙවානං තාවතිංසානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙන්තො උට්ඨානවීරියස්ස වණ්ණවාදී භවිස්සති. ඉධ ඛො තං භික්ඛවෙ සොභෙථ, යං තුම්හෙ එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා උට්ඨහෙය්යාථ ඝටෙය්යාථ වායමෙය්යාථ අප්පත්තස්ස පත්තියා අනධිගතස්ස අධිගමාය අසච්ඡිකතස්ස සච්ඡිකිරියායාති.
Sinhala BJTමහණෙනි, ඒ සක්දෙව්රජ නම් සිය පින්පල නිසා ජීවත් වන්නේ තව්තිසාවැසි දෙවියන් පිළිබඳ ඉසුරු බව හා අධිපති බව ඇති රජය කරන්නේ උත්‍ථානවීර්‍ය්‍ය පිළිබඳ ගුණ කියන්නෙක් වෙයි. මහණෙනි, තෙපි මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි පැවිදි වූවහු ම මේ සස්නෙහි නො පැමිණි ගුණයකට පැමිණීම පිණිස ද, අවබෝධ නො කළ දහමක් අවබෝධ කිරීම පිණිස ද, පසක් නොකළ දහමක් පසක් කිරීම පිණිස ද, යම් වීර්‍ය්‍යයෙකින් උත්සහා කරන්නහු ද, ඝටනය කරන්නහු ද, වෑයම් කරන්නහු ද, මේ සස්නෙහි ලා ඒ වීර්‍ය්‍ය හොබනේ ය.
Pali BJT11. 1. 3.
Sinhala BJT11. 1. 3.
Pali BJTධජග්ගසුත්තං.
Sinhala BJTධජග්ග සූත්‍රය
Pali BJT249. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT249. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ දෙවාසුරසඞ්ගාමො සමුපබ්බූළ්හො අහොසි. අථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි: සචෙ මාරිසා දෙවානං සඞ්ගාමගතානං උප්පජ්ජෙය්ය භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා මමෙව තස්මිං සමයෙ ධජග්ගං උල්ලොකෙය්යාථ. මමං හි වො ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. දෙවියන්ගේ හා අසුරයන්ගේ යුද්ධයෙක් එක්තැන් වැදගත්තේ ය. මහණෙනි, එකල්හි සක් දෙව් රජ තව්තිසා වැසි දෙවියන් ඇමතී ය: භවත්නි, ඉදින් යුද්ධයට ගිය දෙවියන්ට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ උපදනේ නම්, එකල්හි මාගේ ධ්වජාග්‍රය ම ඇස් නඟා බල ව. මාගේ ධ්වජාග්‍රය බලන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම් එය පහ වන්නේ ය.
Pali BJTනො චෙ මෙ ධජග්ගං උල්ලොකෙය්යාථ, අථ පජාපතිස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්යාථ. පජාපතිස්ස හි වො දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති.
Sinhala BJTඉදින් මාගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි පජාපති දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. පජාපති දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.
Pali BJTනො චෙ පජාපතිස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්යාථ, අථ වරුණස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්යාථ. වරුණස්ස හි වො දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති.
Sinhala BJTඉදින් පජාපති දෙව්රජුහුගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි වරුණ දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. වරුණ දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.
Pali BJTනො චෙ වරුණස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්යාථ, අථ ඊසානස්ස දෙවරාජස්ස ධජග්ගං උල්ලොකෙය්යාථ. ඊසානස්ස හි වො දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති.
Sinhala BJTඉදින් වරුණ දෙව්රජුහුගේ ධ්වජාග්‍රය නො දක්නහු නම්, එකල්හි ඊසාන දෙව්රජුහුගේ ධ්වජාග්‍රය බලව. ඊසාන දෙව්රජුගේ ධ්වජාග්‍රය දක්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ය.
Pali BJTතං ඛො පන භික්ඛවෙ සක්කස්ස වා දෙවානමින්දස්ස ධජග්ගං උල්ලොකයතං, පජාපතිස්ස වා දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං, වරුණස්ස වා දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං, ඊසානස්ස වා දෙවරාජස්ස ධජග්ගං උල්ලොකයතං, යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයෙථාපි නොපි පහීයෙථ. තං කිස්ස හෙතු? සක්කො හි භික්ඛවෙ දෙවානමින්දො අවීතරාගො අවීතදොසො අවීතමොහො භීරුච්ඡම්භී{1} උත්රාසී පලායීති.
Sinhala BJTමහණෙනි, සක්දෙව්රජහුගේ ඒ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, පජාපති දෙව්රජුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, වරුණ දෙව්රජුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ, ඊසාන දෙව්රජහුගේ ධ්වජාග්‍රය බලන්නවුන්ට හෝ යම් බියෙක් හෝ තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ වන්නේ ද, නො ද පහ වන්නේ ය. ඒ කවර හෙයින? යත්: මහණෙනි, සක්දෙව්රජ පහ නොවූ රාග ඇත්තේ ය. පහ නොවූ ද්වේෂ ඇත්තේ ය. පහ නො වූ මෝහ ඇත්තේ ය. බිය වන සුලු ය. තැති ගන්න සුලු ය. ත්‍රස්ත වන සුලුය. පලායන සුලු යි. (එහෙයිනි).
Pali BJTඅහං ච ඛො භික්ඛවෙ එවං වදාමි: සචෙ තුම්හාකං භික්ඛවෙ අරඤ්ඤගතානං වා රුක්ඛමූලගතානං වා සුඤ්ඤාගාරගතානං වා උප්පජ්ජෙය්ය භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, මමෙව තස්මිං සමයෙ අනුස්සරෙය්යාථ: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. මමං හි වො භික්ඛවෙ අනුස්සරතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති.
Sinhala BJTමහණෙනි, මම ද මෙසේ කියමි. මහණෙනි, ඉදින් අරණ්‍යයකට ගියා වූ හෝ රුක්මුලකට ගියා වූ හෝ ශුන්‍යාගාරයකට ගියා වූ හෝ තොපට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ උපදනේ නම්, එකල්හි “ඒ භාග්‍යවත් තෙමේ මෙ කරුණෙනුදු අර්‍හත් ය, සම්‍යක්සම්බුද්ධ ය, විද්‍යාචරණ සම්පන්න ය, සුගත ය, ලෝකවිදූ ය, අනුත්තරපුරිසදම්මසාරථි ය, දෙවි මිනිසුන් ට සාස්තෘ ය, බුද්ධ ය, භාග්‍යවත් ය”යි මා ම සිහි කරව. මහණෙනි, මා සිහි කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ ව යන්නේ ය.
Pali BJTනො චෙ මං අනුස්සරෙය්යාථ, අථ ධම්මං අනුස්සරෙය්යාථ: “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො{2} පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. ධම්මං හි වො භික්ඛවෙ අනුස්සරතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා, සො පහීයිස්සති.
Sinhala BJTඉදින් මා සිහි නො කරන්නහු නම්, එකල්හි “ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාක්ඛාත ය, සන්‍දිට්ඨික ය, අකාලික ය, ඒහිපස්සිකය, ඕපනයික ය, නුවණැත්තවුන් විසින් සිය සතන්හි ලා දතයුත්තේය”යි ධර්‍මය සිහි කරව. මහණෙනි, ධර්‍මය සිහි කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ ව යන්නේ ය.
Pali BJTනො චෙ ධම්මං අනුස්සරෙය්යාථ, අථ සඞ්ඝං අනුස්සරෙය්යාථ: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො. උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො. ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො. සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො. යදිදං චත්තාරි පුරිසයුගානි, අට්ඨපුරිස පුග්ගලා, එස භගවතො සාවකසඞ්ඝො, ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. සඞ්ඝං හි වො භික්ඛවෙ අනුස්සරතං යං භවිස්සති භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො වා සො පහීයිස්සති.
Sinhala BJTඉදින් ධර්‍මය සිහි නො කරන්නහු නම්, එකල්හි “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ උජුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ඤායපටිපන්නය, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සාමිචිපටිපන්න ය. යම් මේ පුරුෂයුග සතරෙක් වේ ද, පුරුෂපුද්ගලයෝ අටදෙනෙක් වෙද්ද, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ආහුනෙය්‍ය ය, පාහුනෙය්‍ය ය, දක්ඛිණෙය්‍ය ය, අඤ්ජාලිකරණිය ය, ලෝකයාගේ නිරුත්තර පින්කේතය” යි සඞ්ඝයා සිහි කරව. මහණෙනි, සඞ්ඝයා සිහි කරන්නා වූ තොපට යම් බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ වන්නේ නම්, එය පහ ව යන්නේ ය.
Pali BJTතං කිස්ස හෙතු? තථාගතො හි භික්ඛවෙ අරහං සම්මාසම්බුද්ධො වීතරාගො වීතදොසො වීතමොහො අභීරු අච්ඡම්භී අනුත්රාසී අපලායීති.
Sinhala BJTඒ කවර හෙයින? යත්: මහණෙනි, අර්‍හත් වූ සම්මාසම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ වනාහි පහ වූ රාග ඇත්තාහ. පහ වූ ද්වේෂ ඇත්තාහ. පහවූ මෝහ ඇත්තාහ. නොබානසුල්ල හ. නො තැතිගන්නා සුල්ලහ. ත්‍රස්තනොවන සුල්ලහ. පලානොයන සුල්ලහ. (එහෙයිනි.)
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වාන සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත තෙල අන් ගාවැළ ද වදාළ සේක:
Pali BJTඅරඤ්ඤෙ රුක්ඛමූලෙ වා සුඤ්ඤාගාරෙව{1} භික්ඛවො, අනුස්සරෙථ සම්බුද්ධං භයං තුම්හාක{2} නො සියා.
Sinhala BJTමහණෙනි, අරණ්‍යයෙහි දී හෝ රුක්මුල දී හෝ ශුන්‍යාගාරයෙහි දී හෝ බුදුරජානන් වහන්සේ සිහි කරන්නේ ය. (එවිට) තොපට බියෙක් නො වන්නේ ය.
Pali BJTනො චෙ බුද්ධං සරෙය්යාථ ලොකජෙට්ඨං නරාසභං, අථ ධම්මං සරෙය්යාථ නිය්යානිකං සුදෙසිතං.
Sinhala BJTඉදින් ලෝකජේෂ්ඨ වූ නරශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ සිහි නො කරන්නහු නම්, එකල්හි නෛර්‍ය්‍යාණික වූ සුදේශිත වූ ධර්‍මය සිහි කරන්නේ ය.
Pali BJTනො චෙ ධම්මං සරෙය්යාථ නිය්යානිකං සුදෙසිතං, අථ සඞ්ඝං සරෙය්යාථ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං.
Sinhala BJTඉදින් නෛර්‍ය්‍යාණික වූ සුදේශිත වූ ධර්‍මය සිහි නො කරන්නහු නම්, එකල්හි නිරුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර වූ සඞ්ඝයා ද සිහි කරන්නේ ය.
Pali BJTඑවං බුද්ධං සරන්තානං ධම්මං සඞ්ඝඤ්ච භික්ඛවො, භයං වා ඡම්භිතත්තං වා ලොමහංසො න හෙස්සතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ බුදුරජානන් වහන්සේ ද, ධර්‍මය ද, සඞ්ඝයා ද සිහි කරන්නවුන්ට බියෙක් හෝ තැති ගැන්මෙක් හෝ ලොමුදහ ගැන්මෙක් හෝ නොවන්නේ ය යි.
Pali BJT11. 1. 4.
Sinhala BJT11. 1. 4.
Pali BJTවෙපචිත්තිසුත්තං.
Sinhala BJTවේපචිත්ති සූත්‍රය
Pali BJT250. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. -පෙ- භගවා එතදවොච:
Sinhala BJT250. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. ... භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ දෙවාසුරසඞ්ගාමො සමුපබ්බූළ්හො අහොසි. අථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො අසුරෙ ආමන්තෙසි: සචෙ මාරිසා දෙවාසුරසඞ්ගාමෙ{3} සමුපබ්බූළ්හෙ අසුරා ජිනෙය්යුං, දෙවා පරාජෙය්යුං.{4} යෙන තං{5} සක්කං දෙවානමින්දං කණ්ඨපඤ්චමෙහි{6} බන්ධනෙහි බන්ධිත්වා මම සන්තිකෙ ආනෙය්යාථ අසුරපුරන්ති.
Sinhala BJTමහණෙනි, පෙර වූ වක් කියමි. දෙවියන් හා අසුරයන්ගේ යුද්ධයෙක් එක්තැන් වැද සිටියේ ය. මහණෙනි, එකල්හි වේපචිත්ති අසුරිඳු අසුරයන් ඇමතී ය: “භවත්නි, ඉදින් දේවාසුරසංග්‍රාමයක් එළඹ සිටි කල්හි අසුරයෝ දිනන්නාහු නම්, දෙවියෝ පරදින්නාහු නම්, ඒ සක්දෙවිඳු ගෙල පස් වැනි කොට ඇති බැඳුමෙන් බැඳ අසුරපුර මා වෙතැ ගෙණ එව”යි.
Pali BJTසක්කොපි ඛො භික්ඛවෙ දෙවානමින්දො දෙවෙ තාවතිංසෙ ආමන්තෙසි:
Sinhala BJTමහණෙනි, සක්දෙව් රජ ද තව්තිසා වැසි දෙවියන් ඇමතී ය:
Pali BJTසචෙ මාරිසා දෙවාසුරසඞ්ගාමෙ සමුපබ්බූළ්හෙ දෙවා ජිනෙය්යුං, අසුරා පරාජෙය්යුං. යෙන තං වෙපචිත්තිං අසුරින්දං කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි බන්ධිත්වා මම සන්තිකෙ ආනෙය්යාථ සුධම්මං සභන්ති{1}.
Sinhala BJTපින්වත්නි, ඉදින් දේවාසුරසංග්‍රාමයක් එළඹ සිටි කල්හි දෙවියෝ දිනන්නාහු නම්, අසුරයෝ පරදින්නාහු නම්, ඒ වේපචිත්ති අසුරිඳු ගෙල පස් වැනි කොට ඇති බැම්මෙන් බැඳ සුධර්‍මා සභාවට මා වෙත ගෙණ එව යි.
Pali BJTතස්මිං ඛො පන භික්ඛවෙ සඞ්ගාමෙ දෙවා ජිනිංසු. අසුරා පරාජිංසු. අථ ඛො භික්ඛවෙ දෙවා තාවතිංසා වෙපචිත්තිං අසුරින්දං කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි බන්ධිත්වා සක්කස්ස දෙවානමින්දස්ස සන්තිකෙ ආනෙසුං සුධම්මසභං.
Sinhala BJTමහණෙනි, ඒ යුද්ධයෙහි දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුනහ. මහණෙනි, එකල්හි තව්තිසා වැසි දෙවියෝ වේපචිත්ති අසුරිඳු ගෙල පස්වැනි කොට ඇති බැඳුමෙන් බැඳ සක්දෙවිඳු සමීපයෙහි සුධර්‍මා සභාවට ගෙණාහ.
Pali BJTතත්ර සුදං භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො කණ්ඨපඤ්චමෙහි බන්ධනෙහි බද්ධො සක්කං දෙවානමින්දං සුධම්මං සභං පවිසන්තඤ්ච නික්ඛමන්තඤ්ච අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසති, පරිභාසති.
Sinhala BJTමහණෙනි, එහිදී ගෙල පස්වැනි කොට ඇති බැඳුමෙන් බඳනා ලද වේපචිත්ති අසුරිඳු සුධර්‍මා සභාවට පිවිසෙන්නා වූ ද නික්මෙන්නා වූ ද සක්දෙවිඳු හට අසභ්‍ය වූ පරුෂ වචනයෙන් අක්‍රෝශ කෙරෙයි, පරිභව කෙරෙයි.
Pali BJTඅථ ඛො භික්ඛවෙ මාතලී සඞ්ගාහකො සක්කං දෙවානමින්දං ගාථාය{2} අජ්ඣභාසි:
Sinhala BJTමහණෙනි, ඉක්බිති මාතලි රියදුරු තෙමේ සක්දෙව්රජහට ගාථායෙන් කී ය:
Pali BJTභයා නු මථවා{3} සක්ක දුබ්බල්යා{4} නො තිතික්ඛසි, සුණන්තො ඵරුසං වාචං සම්මුඛා වෙපචිත්තිනොති.
Sinhala BJTසක්දෙව්ඳුනි, වෙපචිත්තිහුගේ පරුස්බස් ඉදිරියෙහි අසමින් බියෙන් ඉවසහි ද? නොහොත් දුබල බැවින් ඉවසහි ද?
Pali BJT[සක්කො:]
Sinhala BJT[සක්දෙවිඳු:]
Pali BJTනාහං භයා න දුබ්බල්යා ඛමාමි වෙපචිත්තිනො, කථඤ්හි මාදිසො විඤ්ඤූ බාලෙන පටිසංයුජෙති.
Sinhala BJTමම වේපචිත්තිහුගේ (පරුස්බස්) බියෙන් නො ඉවසමි. දුබලබැවින් ද නො ඉවසමි. මා වැනි නුවණැත්තෙක් (එබඳු) බාලයකු හා කෙසේ නම් ප්‍රතිවිරූද්ධව සටන් කරන්නේ ද?
Pali BJTභිය්යො බාලා පභිජ්ජෙය්යුං{5} නො චස්ස පටිසෙධකො තස්මා භුසෙන දණ්ඩෙන ධීරො බාලං නිසෙධයෙති.
Sinhala BJTවළකන්නෙක් ඉදින් නො වන්නේ නම් අඥානයෝ බොහෝ සෙයින් බිඳෙන්නාහු ය. එහෙයින් නුවණැත්තේ දැඩි වූ දණ්ඩනයෙන් අඥානයා වළකන්නේ ය.
Pali BJTඑතදෙව අහං මඤ්ඤෙ බාලස්ස පටිසෙධනං, පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මතීති.
Sinhala BJTසතුරා ඉතා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, මම මේ සංසිඳීම ම අඥානයා වැළක්මවීම ය යි හඟිමි.
Pali BJT[මාතලි:]
Sinhala BJT[මාතලි:]
Pali BJTඑතදෙව තිතික්ඛාය වජ්ජං පස්සාමි වාසව, යදා නං මඤ්ඤති බාලො භයා ම්යායං තිතික්ඛති, අජ්ඣාරූහති{6} දුම්මෙධො ගො’ව භිය්යො පලායිනන්ති.
Sinhala BJTමේ තෙමේ මට බියෙන් ඉවසා යයි අඥාන තෙමේ යම් කලෙක ඒ ඉවැසීම හඟී ද, සක්දෙවිඳුනි, ඉවසීම පිළිබඳ මේ දෝෂය ම දකිමි. පලා යන ගොණකු (යට කර ගෙණ යන) ගවමුළක් මෙන් නුවණ මඳ තැනැත්තේ බොහෝ සෙයින් (ඉවසන්නාහු) යට කර ගෙණ යයි.
Pali BJT[සක්කො:]
Sinhala BJT[සක්දෙවිඳු:]
Pali BJTකාමං මඤ්ඤතු වා මා වා භයා ම්යායං තිතික්ඛති, සදත්ථපරමා අත්ථා ඛන්ත්යා භිය්යො න විජ්ජති.
Sinhala BJTමේ තෙමේ මට බියෙන් ඉවසා යයි ඒකාන්තයෙන් හඟීවා හෝ, නො හඟීවා හෝ, සර්‍වාර්‍ත්‍ථයෝ ස්වාර්‍ත්‍ථය පරම කොට ඇත්තාහ. ඉවසීමට වඩා උතුම් අන්‍යාර්‍ත්‍ථයෙක් නැත.
Pali BJTයො හවෙ බලවා සන්තො දුබ්බලස්ස තිතික්ඛති, තමාහු පරමං ඛන්තිං නිච්චං ඛමති දුබ්බලො.
Sinhala BJTයමෙක් ඒකාන්තයෙන් බලවත් වූයේ ම දුබලයාට ඉවසා ද එය උතුම් ඉවසීම යයි කියත්. දුබල තෙමේ නිතර ඉවසයි.
Pali BJTඅබලන්තං බලං ආහු යස්ස බාලබලං බලං, බලස්ස{7} ධම්මගුත්තස්ස පටිවත්තා න විජ්ජති.
Sinhala BJTඅඥානබලය යමකුගේ බලය වේ ද, බලයක් නො වූ ම එය බල යයි කියත්. ධර්‍මයෙන් සංවෘත වූ (ක්‍ෂාන්ති) බලයට ප්‍රතිවක්තෘ වූවෙක් හෙවත් එය අබිබවා කියන්නෙක් නැත.
Pali BJTතස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති, කුද්ධං අප්පටිකුජ්ඣන්තො සඞ්ගාමං ජෙති දුජ්ජයං.
Sinhala BJTයමෙක් කිපියකුට පෙරළා කිපේ ද, එයින් ඔහුට ම නො යහපත වේ. කිපියහුට පෙරළා නො කිපෙන්නේ නො දිනිය හැකි වූ සටන දිනයි.
Pali BJTඋභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච, පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මති.
Sinhala BJTමෙරමා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, (හෙ තෙමේ) තමහට ද මෙරමාහට ද (යන) දෙපසට ම වැඩ සාදයි.
Pali BJTඋභින්නං තිකිච්ඡන්තානං{1} අත්තනො ච පරස්ස ච, ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදාති.
Sinhala BJTයම් කෙනෙක් ධර්‍මයෙහි අදක්‍ෂ වෙද් ද, ඒ ජනයෝ තමහට ද මෙරමාහට ද (යන) දෙපසට ම වැඩ සදන්නාහු අඥාන යයි හඟිත්.
Pali BJTසො හි නාම භික්ඛවෙ සක්කො දෙවානමින්දො සකං පුඤ්ඤඵලං උපජීවමානො දෙවානං තාවතිංසානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙන්තො ඛන්තිසොරච්චස්ස වණ්ණවාදී භවිස්සති. “ඉධ ඛො තං භික්ඛවෙ සොභෙථ, යං තුම්හෙ එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතා සමානා ඛමා ච භවෙය්යාථ සොරතා චා”ති.
Sinhala BJTමහණෙනි, ඒ සක්දෙව්රජ තෙමේ වනාහි සිය පින්පල නිසා ජීවත් වන්නේ තව්තිසාවැසි දෙවියන් පිළිබඳ ඉසුරු හා අධිපතිබව ඇති රජය කරන්නේ ඉවසීමේ හා සුරත බැව්හි ගුණ කියන සුල්ලෙක් වෙයි. මහණෙනි, තෙපි මෙසේ ස්වාඛාත වූ ශාසනයෙහි පැවිදි වූවහු ම යම් ක්‍ෂමායෙකින් ඉවසන්නහු මෘදුබැව් ඇත්තහු වන්නහු නම් මේ ශාසනයෙහි ලා ඒ ගුණය හොබනේ ය.
Pali BJT11. 1. 5.
Sinhala BJT11. 1. 5.
Pali BJTසුභාසිතජයසුත්තං.
Sinhala BJTසුභාසිතජය සූත්‍රය
Pali BJT251. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. -පෙ- භගවා එතදවොච:
Sinhala BJT251. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ දෙවාසුරසඞ්ගාමො සමුපබ්බූළ්හො අහොසි. අථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො සක්කං දෙවානමින්දං එතදවොච: හොතු දෙවානමින්ද, සුභාසිතෙන ජයොති. හොතු වෙපචිත්ති, සුභාසිතෙන ජයොති.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි. දේවාසුරසංග්‍රාමයෙක් එළඹ සිටියේ වි ය. මහණෙනි, එකල්හි වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට “දෙවිඳුනි, සුභාෂිතයෙන් ජය වේවා”යි මෙය කී ය. “වේපචිත්ති, සුභාෂිතයෙන් ජය වේවා” යි (සක්දෙව්රජ කී ය).
Pali BJTඅථ ඛො භික්ඛවෙ දෙවා ච අසුරා ච පාරිසජ්ජෙ ඨපෙසුං: ඉමෙ නො සුභාසිතං දුබ්භාසිතං{2} ආජානිස්සන්තීති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති දෙවියෝ ද, අසුරයෝ ද මොහු අපගේ සුබැසි දුබැසි දැන ගන්නාහු යයි පාරිෂදයෙන් (විනිසකරුවන්) තැබූ හ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො සක්කං දෙවානමින්දං එතදවොච: භණ දෙවානමින්ද, ගාථන්ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට “දෙවිඳුනි, ගාථාවක් කියව” යි මෙය කී ය.
Pali BJTඑවං වුත්තෙ භික්ඛවෙ සක්කො දෙවානමින්දො වෙපචිත්ති අසුරින්දං එතදවොච: තුම්හෙ ඛ්වෙත්ථ{3} වෙපචිත්ති, පුබ්බදෙවා. භණ වෙපචිත්ති, ගාථන්ති. එවං වුත්තෙ භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො ඉමං ගාථං අභාසි:
Sinhala BJTමහණෙනි, මෙසේ කී කල්හි සක්දෙවිඳු වේපචිත්ති අසුරිඳුහට වේපචිත්ති, මෙහිලා තෙපි පළමුදෙවි වව. (එහෙයින්) වේපචිත්ති ගාථාවක් කියව යි මෙය කී ය. මහණෙනි, මෙසේ කී කල්හි වේපචිත්ති අසුරිඳු මේ ගාථාව කී ය:
Pali BJTභිය්යො බාලා පභිජ්ජෙය්යුං නො චස්ස පටිසෙධකො, තස්මා භුසෙන දණ්ඩෙන ධීරො බාලං නිසෙධයෙති.
Sinhala BJTවළකන්නෙක් ඉදින් නොවන්නේ නම් අඥානයෝ බොහෝ සෙයින් බිඳෙන්නාහු ය. (වැනසෙන්නාහු ය). එහෙයින් නුවණැත්තෝ දැඩි වූ දණ්ඩනයෙන් අඥානයා වළකන්නේ ය.
Pali BJTභාසිතාය ඛො පන භික්ඛවෙ වෙපචිත්තිනා අසුරින්දෙන ගාථාය අසුරා අනුමොදිංසු. දෙවා තුණ්හී අහෙසුං.
Sinhala BJTමහණෙනි, වේපචිත්ති අසුරිඳු විසින් ගාථාව කියන ලද කල්හි අසුරයෝ සතුටු වූහ. දෙවියෝ නිහඬ වූහ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො සක්කං දෙවානමින්දං එතදවොච: භණ දෙවානමින්ද, ගාථන්ති. එවං වුත්තෙ භික්ඛවෙ සක්කො දෙවානමින්දො ඉමං ගාථං අභාසි:
Sinhala BJTමහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට දෙවිඳුනි, ගාථාවක් කියව යි මෙය කී ය: මහණෙනි, මෙසේ කී කල්හි සක්දෙවිඳු තෙමේ මේ ගය කී ය:
Pali BJTඑතදෙව අහං මඤ්ඤෙ බාලස්ස පටිසෙධනං, පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මතීති.
Sinhala BJTසතුරා ඉතා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, මම මේ සංසිඳීම ම අඥානයා වැළකීම යයි හඟිමි.
Pali BJTභාසිතාය ඛො පන භික්ඛවෙ සක්කෙන දෙවානමින්දෙන ගාථාය දෙවා අනුමොදිංසු. අසුරා තුණ්හී අහෙසුං.
Sinhala BJTමහණෙනි, සක්දෙවිඳු විසින් ගාථාව කියන ලද කල්හි දෙවියෝ සතුටු වූහ. අසුරයෝ නිහඬ වූහ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සක්කො දෙවානමින්දො වෙපචිත්තිං අසුරින්දං එතදවොච: භණ වෙපචිත්ති ගාථන්ති. එවං වුත්තෙ භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො ඉමං ගාථං අභාසි:
Sinhala BJTමහණෙනි, ඉක්බිති සක්දෙවිඳු වේපචිත්ති අසුරිඳුහට වේපචිත්ති, ගාථාවක් කියවයි මෙය කී ය: මහණෙනි, මෙසේ කී කල්හි වේපචිත්ති අසුරිඳු මේ ගය කී ය:
Pali BJTඑතදෙව තිතික්ඛාය වජ්ජං පස්සාමි වාසව, යදා නං මඤ්ඤති බාලො භයා ම්යායං තිතික්ඛති, අජ්ඣාරුහති දුම්මෙධො ගො’ව භිය්යො පලායිනන්ති.
Sinhala BJTමේ තෙමේ මට බියෙන් ඉවසා යයි අඥාන තෙමේ යම් කලෙක ඒ ඉවසීම හඟී ද. සක්දෙවිඳුගේ, ඉවසීම පිළිබඳ මේ දෝෂය ම දකිමි. පලා යාම ගොණකු (යට කර ගෙණ යන) ගව මුළක් මෙන් නුවණ මඳ තැනැත්තේ බොහෝ සෙයින් (ඉවසන්නහු) යට කර ගෙණ යයි.
Pali BJTභාසිතාය ඛො පන භික්ඛවෙ වෙපචිත්තිනා අසුරින්දෙන ගාථාය අසුරා අනුමොදිංසු. දෙවා තුණ්හී අහෙසුං.
Sinhala BJTමහණෙනි, වේපචිත්ති අසුරිඳු විසින් ගාථාව කියන ලද කල්හි අසුරයෝ සතුටු වූහ. දෙවියෝ නිහඬ වූහ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ වෙපචිත්ති අසුරින්දො සක්කං දෙවානමින්දං එතදවොච: භණ දෙවානමින්ද ගාථන්ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති වේපචිත්ති අසුරිඳු සක්දෙවිඳුහට දෙවිඳුනි, ගාථාවක් කියව යි මෙය කී ය.
Pali BJTඑවං වුත්තෙ භික්ඛවෙ සක්කො දෙවානමින්දො ඉමා ගාථායො අභාසි:
Sinhala BJTමහණෙනි, මෙසේ කී කල්හි සක්දෙවිඳු මේ ගාථා කී ය:
Pali BJTකාමං මඤ්ඤතු වා මා වා භයා ම්යායං තිතික්ඛති, සදත්ථපරමා අත්ථා ඛන්ත්යා භිය්යො න විජ්ජති.
Sinhala BJTමේ තෙමේ ඒකාන්තයෙන් මට බියෙන් ඉවසා යයි හඟීවා හෝ, නොහඟීවා හෝ, සර්‍වාර්‍ත්‍ථයෝ ස්වාර්‍ත්‍ථය පරම කොට ඇත්තාහ. ඉවසීමට වඩා උතුම් අන් අරුතෙක් නැත.
Pali BJTයො හවෙ බලවා සන්තො දුබ්බලස්ස තිතික්ඛති, තමාහු පරමං ඛන්තිං නිච්චං ඛමති දුබ්බලො.
Sinhala BJTයමෙක් ඒකාන්තයෙන් බලවත් වූයේ ම දුබලයාට ඉවසා ද, එය උතුම් ඉවසීම යයි කියත්. දුබල තෙමේ නිතර ඉවසයි.
Pali BJTඅබලන්තං බලං ආහු යස්ස බාලබලං බලං, බලස්ස ධම්මගුත්තස්ස පටිවත්තා න විජ්ජති.
Sinhala BJTඅඥානබලය යමකුගේ බලය වේ ද, බලයක් නොවූ ම එය බලය යි කියත්. ධර්‍මයෙන් සංවෘත වූ (ක්‍ෂාන්ති) බලයට ප්‍රතිවක්තෘ වූවෙක් හෙවත් එය අබිබවා කියන්නෙක් නැත.
Pali BJTතස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති, කුද්ධං අප්පටිකුජ්ඣන්තො සඞ්ගාමං ජෙති දුජ්ජයං.
Sinhala BJTයමෙක් කිපියකුට පෙරළා කිපේ ද එයින් ඔහුට ම නොයහපත වේ. කිපියහුට පෙරළා නොකිපෙන්නේ නොදිනිය හැකි වූ සටන දිනයි.
Pali BJTඋභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච, පරං සඞ්කුපිතං ඤත්වා යො සතො උපසම්මති.
Sinhala BJTමෙරමා කිපියහු දැන යමෙක් සිහි ඇත්තේ සංසිඳේ ද, (හෙ තෙමේ ) තමහට ද මෙරමාහට ද යන දෙපසට ම වැඩ සාදයි.
Pali BJTඋභින්නං තිකිච්ඡන්තානං අත්තනො ච පරස්ස ච, ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදාති.
Sinhala BJTයම් කෙනෙක් ධර්‍මයෙහි අදක්‍ෂ වෙද් ද, ඒ ජනයෝ තමහට ද මෙරමාහට ද යන දෙපසට ම වැඩ සදන්නහු අඥාන යයි හඟිත්.