Pali BJTසතීමතො සදා භද්දං සතිමා සුඛමෙධති, සතීමතො සුවෙ සෙය්යො වෙරා න පරිමුච්චති.
Sinhala BJTසිහි ඇත්තාහට හැමකල්හි යහපත වේ. සිහි ඇත්තේ සුවය වඩයි. සිහි ඇත්තහුගේ (ස්වාභාවය) හැමකල්හි ශ්‍රේෂ්ඨ ය. (එහෙත් එපමණකින්) වෛරයෙන් නො මිදේ.
Pali BJTයස්ස සබ්බමහොරත්තං අහිංසාය රතො මනො, මෙත්තං සො සබ්බභූතෙසු වෙරං තස්ස න කෙනචීති.
Sinhala BJTයමෙකුගේ සිත මුළු රෑදෙවෙහි අහිංසාවෙහි ඇලුනේ ද, හෙ තෙමේ සියලු සත්‍වයන් කෙරෙහි මෛත්‍රිය වඩයි. ඕහට කිසිවකු හා වෛරයෙක් නැත.
Pali BJT10. 1. 5.
Sinhala BJT10. 1. 5.
Pali BJTසානුසුත්තං.
Sinhala BJTසානු සූත්‍රය
Pali BJT239. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරිස්සා උපාසිකාය සානු{5} නාම පුත්තො යක්ඛෙන ගහිතො හොති. අථ ඛො සා උපාසිකා පරිදෙවමානා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
Sinhala BJT239. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි එක්තරා උවැසියකගේ සානු නම් පුතෙක් යකකු විසින් ගන්නා ලද්දේ වෙයි. ඉක්බිති ඒ උවැසිය හඬන්නී ඒ වෙලායෙහි මේ ගාථා කිවුය:
Pali BJTචාතුද්දසිං පඤ්චදසිං යා ව{6} පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං{7}, උපොසථං උපවසන්ති බ්රහ්මචරියං චරන්ති යෙ.
Sinhala BJTතුදුවක්හි ද පසළොස්වක්හි ද අඩමසක් පිළිබඳ වූ යම් අටවකෙකුදු වේ නම් එවක්හි ද ප්‍රාතිහාර්‍ය්‍යය පක්‍ෂයෙහි ද යම් කෙනෙක් අෂ්ටාඞ්ගයෙන් සමන්‍වාගත වූ පෙහෙවස් වෙසෙද්ද, බඹසර හැසිරෙද්ද,
Pali BJTන තෙහි යක්ඛා කීළන්ති ඉති මෙ අරහතං සුතං, සා දානි අජ්ජ පස්සාමි යක්ඛා කීළන්ති සානුනාති.
Sinhala BJTයක්‍ෂයෝ ඔවුන් හා නො කෙළිති යන රහතුන්ගේ බස මා විසින් අසන ලදී. ඒ මම දන් දකිමි. සානු සමග යක්‍ෂයෝ කෙළිත්.
Pali BJT[යක්ඛො:]
Sinhala BJT[යක්‍ෂයා:]
Pali BJTචාතුද්දසිං පඤ්චදසිං යා ච පක්ඛස්ස අට්ඨමී, පාටිහාරියපක්ඛඤ්ච අට්ඨඞ්ගසුසමාගතං, උපොසථං උපවසන්ති බ්රහ්මචරියං චරන්ති යෙ.
Sinhala BJTතුදුස්වක්හි ද පසළොස්වක්හි ද අඩමසක් පිළිබඳ යම් අටවකෙක් වේ නම් එදින ද ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහි ද, යම් කෙනෙක් අෂ්ටාඞ්ගයෙන් සමන්‍වාගත වූ පෙහෙවස් වෙසෙද්ද බඹසර හැසිරෙද්ද,
Pali BJTන තෙහි යක්ඛා කීළන්ති සාහු තෙ අරහතං සුතං, සානුං පබුද්ධං වජ්ජාසි යක්ඛානං වචනං ඉදං:
Sinhala BJTඔවුන් හා යක්‍ෂයෝ නො කෙළිති යන රහතුන්ගේ වදන තී විසින් අසන ලදී. මැනවි.
Pali BJT“මාකාසි පාපකං කම්මං ආවි{1} වා යදි වා රහො, යඤ්චෙව{2} පාපකං කම්මං කරිස්සසි කරොසි වා, න තෙ දුක්ඛා පමුත්යත්ථි උප්පච්චාපි පලායතො”ති.
Sinhala BJTහමුවෙහි හෝ ඉදින් රහසෙහි හෝ පව්කම් නො කරව. යම් පව්කමක් කරන්නෙහි ද, (යම් පව් කමකුත්) කෙරෙහි ද, අහසට පැන නැඟී පලායන්නා වූ ද, තට ඒ දුකින් මිදීමෙක් නැත. මේ යකුන්ගේ වදනැයි පිබිදියා වූ සානුහට කියව.
Pali BJT[සානු:]
Sinhala BJT[සානු:]
Pali BJTමතං වා අම්ම රොදන්ති යො වා ජීවං න දිස්සති, ජීවන්තං අම්ම පස්සන්තී කස්මා මං අම්ම රොදසීති?
Sinhala BJTමෑනියනි, (මිනිස්සු) මළ එකකු නිසා හෝ හඬති. මෑනියනි, යමෙක් ජීවත්වන්නේ නො පැණේ නම් (ඔහු නිසා ද හඬති.) මෑනියනි, ජීවත් වන්නා වූ මා දකිමින් කුමක් හෙයින හඬව?
Pali BJT[උපාසිකා:]
Sinhala BJT[උවැසි:]
Pali BJTමතං වා පුත්ත{3} රොදන්ති{4} යො වා{5} ජීවං න දිස්සති, යො ච කාමෙ චජිත්වාන{6} පුනරාගච්ඡතෙ ඉධ, තං වාපි පුත්ත රොදන්ති පුන ජීවං මතො හි සො.
Sinhala BJTපුත, මළ එකකු නිසා හෝ (මිනිස්සු) හඬති. යමෙක් ජීවත් වන්නේ (නමුත්) නො පෙණේ නම් (ඔහු නිසා ද හඬති) පුත, යමෙක් කාමයන් දුරු කොට (පැවිදි ව) නැවත මෙහි පැමිණේ නම් ඔහු නිසා ද හඬති. හෙ තෙමේ ජීවත් වන්නේ නමුත් මළේ ම ය.
Pali BJTකුක්කුළා{7} උබ්භතො තාත කුක්කුළං{8} පතිතුමිච්ඡසි, නරකා උබ්භතො තාත නරකං පතිතුමිච්ඡසි.
Sinhala BJTපුත, හුණුඅළුනිරයෙන් ගොඩනගන ලද්දේ (නැවතත්) හුණුඅළු නිරයට වැටෙන්නට කැමැත්තෙහි ද? පුත, නිරයෙන් ගොඩ නගන ලද්දේ (නැවතත්) නිරයට වැටෙන්නට කැමැත්තෙහි ද?
Pali BJTඅභිධාවථ භද්දං තෙ කස්ස උජ්ඣාපයාමසෙ, ආදිත්තා නීහටං{9} භණ්ඩං පුන ඩය්හිතුමිච්ඡසීති.
Sinhala BJTයන්නේ මැනව. තොපට වැඩෙක් වේවා. කහට දොස් නගවමො ද? දැවෙන ගෙයින් නෙරපූ බඩු නැවත දවන්නට කැමැත්තෙහි ද?
Pali BJT10. 1. 6.
Sinhala BJT10. 1. 6.
Pali BJTපියඞ්කරසුත්තං.
Sinhala BJTපියඞ්කර සූත්‍රය
Pali BJT240. එකං සමයං ආයස්මා අනුරුද්ධො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා අනුරුද්ධො රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය ධම්මපදානී භාසති. අථ ඛො පියඞ්කරමාතා යක්ඛිනී පුත්තකං එවං තොසෙසි:
Sinhala BJT240. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ රෑ අලුයම් වේලෙහි නැඟිට දහම්පද බෙණෙති. ඉක්බිති පියඞ්කරමව වූ යකින්න කුඩාපුතු මෙසේ නැළවූවා ය.
Pali BJTමා සද්දං කරි පියඞ්කර භික්ඛු ධම්මපදානි භාසති, අපි ච ධම්මපදං විජානිය පටිපජ්ජෙම හිතාය නො සියා.
Sinhala BJTපියඞ්කර, ශබ්ද නොකර, මහණ තෙමේ දහම්පද බෙණෙයි. ඉදින් දහම්පදයක් දැන පිළිපදිමු නම් (එය) අපට හිත පිණිස වන්නේ ය.
Pali BJTපාණෙසු ච සංයමාමසෙ සම්පජානමුසා න භණාමසෙ, සික්ඛෙම සුසීලමත්තනො{10} අපි මුච්චෙම පිසාචයොනියාති.
Sinhala BJTප්‍රාණීන් කෙරෙහි සංයත වමු. දැන දැන මුසාබස් නො බෙණෙමු. තමන්ගේ පවිත්‍ර ශීලයෙහි හික්මෙමු. (එසේ කල්හි) යෙහෙක, පිසාචයෝනියෙන් මිදෙන්නමෝ වමු.
Pali BJT10. 1. 7.
Sinhala BJT10. 1. 7.
Pali BJTපුනබ්බසුසුත්තං.
Sinhala BJTපුනබ්බසු සූත්‍රය
Pali BJT241. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT241. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා භික්ඛූ නිබ්බාණපටිසංයුත්තාය ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨිකත්වා{1} මනසි කත්වා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ නිවණ පිළිබඳ දැහැමි කථාවෙන් භික්‍ෂූන්ට (කරුණු) දක්වා වදාරණ සේක. (කරුණු) ගන්වන සේක. තෙද ගන්වන සේක. සතුටු කරවන සේක. ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් මොනොවට ගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්.
Pali BJTඅථ ඛො පුනබ්බසුමාතා යක්ඛිනී පුත්තකෙ එවං තොසෙසි:
Sinhala BJTඉක්බිති පුනබ්බසුමවු යැකිනි කුඩාපුතුන් මෙසේ නැළවූ:
Pali BJTතුණ්හී උත්තරිකෙ හොහි තුණ්හී හොහි පුනබ්බසු, යාවාහං බුද්ධසෙට්ඨස්ස ධම්මං සොස්සාමි සත්ථුනො.
Sinhala BJTබුද්ධශ්‍රේෂ්ඨ වූ ශාස්තෲන් වහන්සේගේ ධර්‍මය මම යම්තාක් අසන්නෙම් ද, උත්තරිකාවෙනි, ඒතාක් නිශ්ශබ්ද වව. පුනබ්බසුව, නිශ්ශබ්ද වව.
Pali BJTනිබ්බානං භගවා ආහ සබ්බගන්ථප්පමොචනං, අතිවෙලා ච මෙ හොති අස්මිං ධම්මෙ පියායනා.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ හැම ගැටෙන මිදීම නම් වූ නිවණ වදාරණ සේක. මේ දහම්හි මාගේ පැතීම ප්‍රමාණාතික්‍රාන්ත වෙයි.
Pali BJTපියො ලොකෙ සකො පුත්තො පියො ලොකෙ සකො පති, තතො පියතරා{2} මය්හං අස්ස ධම්මස්ස මග්ගනා.
Sinhala BJTලොව්හි සියපුත් තෙමේ ප්‍රිය වෙයි. ලොව්හි සිය හිමි තෙමේ ද ප්‍රිය වෙයි. මේ දහම සෙවීම එයටත් වඩා මට ඉතා ප්‍රිය වෙයි.
Pali BJTන හි පුත්තො පති වාපි පියො දුක්ඛා පමොචයෙ, යථා සද්ධම්මසවණං{3} දුක්ඛා මොචෙති පාණිනං.
Sinhala BJTසදහම් ඇසීම යම් සේ සත්‍වයා දුකින් මුදා ද, ප්‍රියපුත්‍රයා ද ප්‍රියහිමියා ද (එසේ) දුකින් නො ම මුදයි.
Pali BJTලොකෙ දුක්ඛපරෙතස්මිං ජරාමරණසංයුතෙ{4}, ජරාමරණමොක්ඛාය යං ධම්මං අභිසම්බුද්ධං{5}, තං ධම්මං සොතුමිච්ඡාමි තුණ්හී හොහි පුනබ්බසූති.
Sinhala BJTදුකින් පීඩිත වූ ජරාමරණයෙන් යුක්ත වූ ලොව්හි ජරාමරණයෙන් මිදීම පිණිස යම් ධර්‍මයක් අවබෝධ කරණ ලද්දේ ද, ඒ ධර්‍මය අසන්නට කැමැත්තෙමි. එම්බා පුනබ්බසු, නිශ්ශබ්ද වව.
Pali BJT[පුනබ්බසු:]
Sinhala BJT[පුනබ්බසු:]
Pali BJTඅම්ම{6} න බ්යාහරිස්සාමි තුණ්හීභූතායමුත්තරා, ධම්මමෙව නිසාමෙහි සද්ධම්මසවණං{3} සුඛං,
Sinhala BJTමෑණියෙනි, (මම) නිහඬ වෙමි. මේ උත්තරාව ද නිහඬ ය. දහම ම අසනු මැනවි. සදහම් ඇසීම සුව ය.
Pali BJTසද්ධම්මස්ස අනඤ්ඤාය අම්ම දුක්ඛං චරාමසෙ, එස දෙවමනුස්සානං සම්මූළ්හානං පභඞ්කරො, බුද්ධො අන්තිමසාරීරො ධම්මං දෙසෙති චක්ඛුමාති.
Sinhala BJTමෑණියෙනි, සදහම නො දැන්මෙන් දුකසේ හැසිරෙමු. ප්‍රභාකර වූ පසැස් ඇති පැසුලු අත්බැව් දරණ මේ බුදුරජානන් වහන්සේ අතිශයින් මුළා වූ දෙවිමිනිසුන්ට දහම් දෙසන සේක.
Pali BJT[පුනබ්බසුමාතා:]
Sinhala BJT[පුනබ්බසුමවු:]
Pali BJTසාධු ඛො පණ්ඩිතො නාම පුත්තො ජාතො උරෙසයො, පුත්තො මෙ බුද්ධසෙට්ඨස්ස ධම්මං සුද්ධං පියායති.
Sinhala BJTඋපන්නා වූ උරහොවින පුත් තෙමේ පණ්ඩිත වූයේ ම මැනවි. මාගේ පුත් තෙමේ ශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේගේ පිරිසිදු දහම පතයි.
Pali BJTපුනබ්බසු සුඛී හොහි අජ්ජාහම්හි සමුග්ගතා, දිට්ඨානි අරියසච්චානි උත්තරා පි සුණාතු මෙති.
Sinhala BJTඑම්බා පුනබ්බසු, සුවපත් වව. මම අද (සසරින්) ගොඩ නගුනෙම් වෙමි. ආර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලදහ. මාගේ උත්තරාව ද අසාවා.
Pali BJT10. 1. 8.
Sinhala BJT10. 1. 8.
Pali BJTසුදත්තසුත්තං.
Sinhala BJTසුදත්ත සූත්‍රය
Pali BJT242. එකං සමයං භගවා රාජගහෙ විහරති සීතවනෙ. තෙන ඛො පන සමයෙන අනාථපිණ්ඩිකො ගහපති රාජගහං අනුප්පත්තො හොති. කෙනචිදෙව කරණීයෙන. අස්සොසි ඛො අනාථපිණ්ඩිකො ගහපති බුද්ධො කිර ලොකෙ උප්පන්නොති. තාවදෙව ච{7} පන භගවන්තං දස්සනාය උපසඞ්කමිතුකාමො අහොසි{8}.
Sinhala BJT242. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි වූ ශීතවනයෙහි වැඩවසන සේක. එකල්හි අනාථපිණ්ඩික ගෘහපති තෙමේ කිසියම් කටයුත්තක් සඳහා රජගහනුවරට පැමිණියේ වෙයි. අනාථපිණ්ඩික ගැහැවි තෙමේ බුදුරජානන් වහන්සේ ලෝපහළ වූ සේකැයි ඇසී ය. භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එකෙණෙහි ම එළඹෙනු කැමැත්තේ ද විය.
Pali BJTඅථ ඛො{1} අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස එතදහොසි: අකාලො ඛො අජ්ජ භගවන්තං දස්සනාය උපසඞ්කමිතුං. ස්වෙදානාහං කාලෙන භගවන්තං දස්සනාය උපසඞ්කමිස්සාමීති, බුද්ධගතාය සතියා නිපජ්ජි. රත්තියා සුදං තික්ඛත්තුං වුට්ඨාසි පභාතන්ති මඤ්ඤමානො. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන සීවථිකද්වාරං{2} තෙනුපසඞ්කමි. අමනුස්සා ද්වාරං විවරිංසු.
Sinhala BJTඉක්බිති අනේපිඬු ගැහැවිහට මේ අදහස විය: භාග්‍යවතුන් වහන්සේ දැකීම පිණිස එළඹෙන්නට අද නොකල් ය. දන් මම හෙට කල් ඇති ව භාග්‍යවතුන් වහන්සේ දකිනු පිණිස එළඹෙනෙමියි බුදුන් කෙරෙහි ගිය සිහි ඇතිව හොත්තේ ය. අලුයම යයි හඟිමින් රෑ තුන්යලක් නැගී සිටියේ ය. එකල්හි අනාථපිණ්ඩික ගැහැවි තෙමේ සොහොන්දොර වෙත පැමිණියේ ය. අමනුෂ්‍යයෝ දොර විවර කළහ.
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නගරම්හා නික්ඛමන්තස්ස ආලොකො අන්තරධායි. අන්ධකාරො පාතුරහොසි. භයං ඡම්භිතත්තං ලොමහංසො උදපාදි. තතොව{3} පුන නිවත්තිතුකාමො අහොසි. අථ ඛො සීවකො{4} යක්ඛො අන්තරහිතො සද්දමනුස්සාවෙසි:
Sinhala BJTඉක්බිති අනේපිඬු ගැහැවියහු නුවරින් නික්මෙද්දී එළිය අතුරුදහන් විය. අඳුර පහළ විය. බිය තැති ගැණුම් ලොමුදහ ගැණුම් පහළ විය. එයින් ම පෙරළා යනු කැමැත්තේ ද විය. එකල්හි සීවක යක්‍ෂ තෙමේ අතුරුදන් වූයේ (මතු දැක්වෙන) ශබ්දය ඇස්වී ය:
Pali BJTසතං හත්ථී සතං අස්සා සතං අස්සතරී{5} රථා, සතං කඤ්ඤාසහස්සානි ආමුත්තමණිකුණ්ඩලා, එකස්ස පදවීතිහාරස්ස කලං නාග්ඝන්ති සොළසිං.
Sinhala BJTසියක්දහසක් ඇත්තු ද, සියක්දහසක් අස්හු ද, සියක්දහසක් අශ්වතරියෝ ද, සියක්දහසක් රිය ද, මිණිකොඬොල් අබරණින් සරසන ලද සියක්දහසක් කන්‍යාවෝ ද (යමකුට ලැබුනාහු ද, ඒ ලාභයෝ බුදුන් දක්නට යන්නහුගේ) එක්පියවරක සොළොස්වැනි කලාවෙන් කලාවටත් නො අගිත්.
Pali BJTඅභික්කම ගහපති, අභික්කම ගහපති, අභික්කමනං තෙ සෙය්යො නො{6} පටික්කමනන්ති.
Sinhala BJTගැහැවියෙනි, ඉදිරියට යව. ගැහැවියෙනි, ඉදිරියට යව. තොපගේ ඉදිරියට යෑම මැනැවි. ආපසු යෑම නො මැනැවි.
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස අන්ධකාරො අන්තරධායි, ආලොකො පාතුරහොසි. යං අහොසි භයං ඡම්භිතත්තං ලොමහංසො සො පටිප්පස්සම්භි.
Sinhala BJTඉක්බිති අනේපිඬු ගැහැවිහට අඳුර අතුරුදන් විය. එළිය පහළ විය යම් බියෙක් තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් වී නම් එය සන්සිඳිනි.
Pali BJTදුතියම්පි ඛො -පෙ-
Sinhala BJTදෙවන වට දු ...
Pali BJTතතියම්පි ඛො{7} අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස{8} ආලොකො අන්තරධායි, අන්ධකාරො පාතුරහොසි, භයං ඡම්භිතත්තං ලොමහංසො උදපාදි. තතොව පුන නිවත්තිතුකාමො අහොසි. තතියම්පි ඛො සීවකො යක්ඛො අන්තරහිතො සද්දමනුස්සාවෙසි:
Sinhala BJTතෙවන වට දු අනේපිඬු ගැහැවිහට එළිය අතුරුදන් වි ය. අඳුර පහළ විය. බිය තැති ගැණුම් ලොමුදහ ගැණුම් පහළ විය. එයින් ම පෙරළා යනු කැමැත්තේ ද විය. තෙවන වට දු සීවක යක්‍ෂ තෙමේ අතුරුදන් වූයේ (මතු දැක්වෙන) ශබ්දය ඇස්වී ය:
Pali BJTසතං හත්ථී සතං අස්සා සතං අස්සතරී{5} රථා, සතං කඤ්ඤාසහස්සානි ආමුත්තමණිකුණ්ඩලා, එකස්ස පදවීතිහාරස්ස කලං නාග්ඝන්ති සොළසිං.
Sinhala BJTසියක්දහසක් ඇත්තු ද, සියක්දහසක් අස්හු ද සියක්දහසක් අශ්වතරියෝ ද, මිණිකොඬොල් අබරණින් සරසන ලද සියක්දහසක් කන්‍යාවෝ ද (බුදුන් දක්නට යන්නහුගේ) එක් පියවරක් පිළිබඳ සොළොස්වැනි කලාවෙන් කලාවකුදු නො අගිත්.
Pali BJTඅභික්කම ගහපති, අභික්කම ගහපති, අභික්කමනං තෙ සෙය්යො නො පටික්කමනන්ති.
Sinhala BJTගැහැවියෙනි, ඉදිරියට යව. ගැහැවියෙනි, ඉදිරියට යව. තොපගේ ඉදිරියට යෑම මැනැව. ආපසු යෑම නො මැනැව.
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස අන්ධකාරො අන්තරධායි, ආලොකො පාතුරහොසි. යං අහොසි භයං ඡම්භිතත්තං ලොමහංසො සො පටිප්පස්සම්භි. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන සීතවනං{9} තෙනුපසඞ්කමි.
Sinhala BJTඉක්බිති අනේපිඬු ගැහැවිහට අඳුර අතුරුදන් විය. එළිය පහළ විය. යම් බියෙක් තැති ගැන්මෙක් ලොමුදහ ගැන්මෙක් වී නම් එය සන්සිඳිනි. ඉක්බිති අනේපිඬු ගැහැවි තෙමේ ශීතවනයට වෙත එළඹියේ ය.
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය අබ්භොකාසෙ චඞ්කමති. අද්දසා ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන චඞ්කමා ඔරොහිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච: එහි සුදත්තාති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ අලුයම නැගිට අබවස සක්මන් කරණ සේක. භාග්‍යවතුන් වහන්සේ එන්නා වූ අනේපිඬු ගැහැවිහු දුර දී ම දුටු සේක. දැක සක්මනින් බැස පැනවූ අසුනෙහි වැඩහුන් සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ අනේපිඬු ගැහැවිහට “සුදත්ත, (මෙහි) එව” යි මෙය වදාළ සේක.
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකො ගහපති නාමෙන මං භගවා ආලපතීති{1}, තත්ථෙව භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවන්තං එතදවොච: කච්චි භන්තෙ භගවා සුඛමසයිත්ථාති{2}?
Sinhala BJTඑකල්හි අනේපිඬු ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ නමින් මා අමතන සේකැ යි එහි ම භාග්‍යවතුන් වහන්සේගේ පා ලඟ හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේට ‘වහන්ස, කිම? භාග්‍යවතුන් වහන්සේ සුවසේ සැතපුනු සේක් දැ’යි මෙය සැළ කළේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසබ්බදා වෙ සුඛං සෙති බ්රාහ්මණො පරිනිබ්බුතො, යො න ලිම්පති කාමෙසු සීතිභූතො නිරූපධි.
Sinhala BJTයමෙක් කාමයන්හි නොතැවරේ ද, (කෙලෙස් ගිනි නැති බැවින්) සිහිල් වූයේ ද, උපධි රහිත ද පිරිනිවියා වූ (ඒ ක්‍ෂීණාස්‍රව) බමුණු තෙමේ හැමකල්හි ඒකාන්තයෙන් සුවසේ හොවී.
Pali BJTසබ්බා ආසත්තියො ඡෙත්වා විනෙය්ය හදයෙ දරං, උපසන්තො සුඛං සෙති සන්තිං පප්පුය්ය චෙතසොති.{3}
Sinhala BJTසියලු තෘෂ්ණාවන් සිඳ හෘදය ඇසුරු කළ විඩාව දුරු කොට සිත්හි සන්සිඳීමට පැමිණ උපශාන්ත වූයේ සුවසේ හොවී.
Pali BJT10. 1. 9.
Sinhala BJT10. 1. 9.
Pali BJTපඨම සුක්කාසුත්තං.
Sinhala BJTපඨමසුක්කා සූත්‍රය
Pali BJT243. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සුක්කා භික්ඛුනී මහතියා පරිසාය පරිවුතා ධම්මං දෙසෙති.
Sinhala BJT243. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සුක්කා මෙහෙණ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දී දහම් දෙසයි.
Pali BJTඅථ ඛො සුක්කාය භික්ඛුනියා අභිප්පසන්නො යක්ඛො රාජගහෙ රථිකාය රථිකං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඉක්බිති සුක්කා මෙහෙණ කෙරෙහි බෙහෙවින් පහන් යක්‍ෂයෙක් රජගහනුවර වීථියෙන් වීථියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට එළඹ ඒ වෙලාවෙහි මේ ගාථා කී ය:
Pali BJTකිම්මෙ කතා රාජගහෙ මනුස්සා මධුපීතාව සෙය්යරෙ{4}, යෙ සුක්කං න පයිරුපාසන්ති දෙසෙන්තිං අමතං පදං.
Sinhala BJTයම් කෙනෙක් නිවන්පදය දෙසන්නා වූ සුක්කා මෙහෙණ වෙත නො එළඹෙද්ද, රජගහනුවර (වෙසෙන) මේ මිනිස්සු කුමක් කෙරෙද්ද? සුරාපානය කළවුන්සේ හොවිත්.
Pali BJTතඤ්ච පන අප්පටිවානීයං අසෙචනකමොජවං, පිවන්ති මඤ්ඤෙ සප්පඤ්ඤා වලාහකමිවද්ධගූති.{5}
Sinhala BJTඇසීමෙන් තෘප්තියට නො පැමිණෙන ස්වභාවයෙන් ම මිහිරි වූ ඕජෝගුණවත් වූ ඒ දහම වලාකුළු අතරෙන් නික්මෙන දිය බොන මගියන් මෙන් නුවණැත්තන් බොන්නාක් මෙනි.
Pali BJT10. 1. 10.
Sinhala BJT10. 1. 10.
Pali BJTදුතිය සුක්කාසුත්තං.
Sinhala BJTදුතියසුක්කා සූත්‍රය
Pali BJT244. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො උපාසකො සුක්කාය භික්ඛුනියා භොජනං අදාසි. අථ ඛො සුක්කාය භික්ඛුනියා අභිප්පසන්නො යක්ඛො රාජගහෙ රථිකාය රථිකං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා තායං වෙලායං ඉමං ගාථං අභාසි:
Sinhala BJT244. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි එක්තරා උවසුවෙක් සුක්කා මෙහෙණහට බොදුනක් දිනි. ඉක්බිති සුක්කා මෙහෙණ කෙරෙහි බෙහෙවින් පහන් යකෙක් රජගහනුවර වීදියෙන් වීදියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට එළඹ ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
Pali BJTපුඤ්ඤං වත පසවි බහුං සප්පඤ්ඤො වතායමූපාසකො, යො සුක්කාය අදාසි භොජනං සබ්බගන්ථෙහි විප්පමුත්තායාති{6}.
Sinhala BJTයමෙක් සියලු කෙලෙස් ගැටෙන් මිදුනු සුක්කා මෙහෙණහට බොදුනක් දුන්නේ ද, ඒකාන්තයෙන් නුවණැති මේ උවසු තෙමේ බොහෝ වූ ම පින් රැස් කළේ ය.
Pali BJT10. 1. 11.
Sinhala BJT10. 1. 11.
Pali BJTචීරාසුත්තං.
Sinhala BJTචීරා සූත්‍රය
Pali BJT245. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො උපාසකො චීරාය භික්ඛුනියා චීවරං අදාසි. අථ ඛො චීරාය භික්ඛුනියා අභිප්පසන්නො යක්ඛො රාජගහෙ රථිකාය රථිකං සිඞ්ඝාටකෙන සිඞ්ඝාටකං උපසඞ්කමිත්වා තායං වෙලායං ඉමං ගාථං අභාසි:
Sinhala BJT245. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි එක්තරා උවසුවෙක් චීරා මෙහෙණහට සිවුරක් දිනි. ඉක්බිති චීරා මෙහෙණ කෙරෙහි බෙහෙවින් පහන් යකෙක් රජගහනුවර වීදියෙන් වීදියට මංසන්‍ධියෙන් මංසන්‍ධියට එළඹ ඒ වේලාවෙහි මේ ගාථාව කී ය:
Pali BJTපුඤ්ඤං වත පසවි බහුං සප්පඤ්ඤො වතායමුපාසකො, යො චීරාය අදාසි චීවරං සබ්බයොගෙහි විප්පමුත්තායාති.
Sinhala BJTයමෙක් සියලු යෝගවලින් මිදුනු චීරා මෙහෙණහට සිවුරක් දුන්නේ ද, ඒකාන්තයෙන් නුවණැති මේ උවසු තෙමේ බොහෝ වූ ම පින් රැස් කෙළේ ය.
Pali BJT10. 1. 12.
Sinhala BJT10. 1. 12.
Pali BJTආළවකසුත්තං.
Sinhala BJTආළවක සූත්‍රය
Pali BJT246. එවං මෙ සුතං: එකං සමයං භගවා ආළවියං විහරති ආළවකස්ස යක්ඛස්ස භවනෙ. අථ ඛො ආළවකො යක්ඛො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: නික්ඛම සමණාති, සාධාවුසොති භගවා නික්ඛමි. පවිස සමණාති, සාධාවුසොති භගවා පාවිසි.
Sinhala BJT246. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අළව්නුවර සමීපයෙහි ආළවක යකුගේ භවනයෙහි වැඩවසන සේක. එකල්හි ආළවක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක. මහණ, පිවිසෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක.
Pali BJTදුතියම්පි ඛො ආළවකො යක්ඛො භගවන්තං එතදවොච: නික්ඛම සමණාති. සාධාවුසොති භගවා නික්ඛමි. පවිස සමණාති. සාධාවුසොති භගවා පාවිසි. තතියම්පි ඛො ආළවකො යක්ඛො භගවන්තං එතදවොච: නික්ඛම සමණාති. සාධාවුසොති භගවා නික්ඛමි. පවිස සමණාති. සාධාවුසොති භගවා පාවිසි. චතුත්ථම්පි ඛො ආළවකො යක්ඛො භගවන්තං එතදවොච: නික්ඛම සමණාති. න ඛ්වාහං ආවුසො නික්ඛමිස්සාමි. යං තෙ කරණීයං තං කරොහීති.
Sinhala BJTදෙවන වට දු ආළවක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි, මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක. මහණ, පිවිසෙව යි. ඇවැත්නි, මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක. තෙවන වටදු ආළවක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ නික්මුනු සේක. මහණ, පිවිසෙව යි. ඇවැත්නි මැනවැ යි භාග්‍යවතුන් වහන්සේ පිවිසි සේක. සිවුවන වට දු ආළවක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, නික්මෙව යි. ඇවැත්නි, මම නො නික්මෙන්නෙමි. තා විසින් යමක් කටයුතු නම් එය කරව යි.
Pali BJT[ආළවකො:]
Sinhala BJT[අළව්:]
Pali BJTපඤ්හං තං සමණ පුච්ඡිස්සාමි. සචෙ මෙ න බ්යාකරිස්සසි, චිත්තං වා තෙ ඛිපිස්සාමි, හදයං වා තෙ ඵාලෙස්සාමි, පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපිස්සාමීති.
Sinhala BJTමහණ, තොපගෙන් පැණයක් විචාරන්නෙමි. ඉදින් මට (එය) නො විසඳන්නෙහි නම් තාගේ සිත හෝ වික්‍ෂේප කරන්නෙමි. තාගේ හෘදය හෝ පලන්නෙමි. පා ගෙණ ගඟපරතෙර හෝ දමන්නෙමි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTන ඛ්වාහං තං ආවුසො පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය, යෙ මෙ චිත්තං වා ඛිපෙය්ය හදයං වා ඵාලෙය්ය පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපෙය්ය. අපි ච ත්වං ආවුසො පුච්ඡ යදාකඞ්ඛසීති.
Sinhala BJTඇවැත්නි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි යමෙක් මාගේ සිත හෝ වික්‍ෂේප කරන්නේ ද, හෘදය හෝ පලන්නේ ද, පා ගෙණ ගඟපරතෙර හෝ දමන්නේ ද, එබන්දකු මම නො දකිමි. වැලි දු ඇවැත්නි, තෝ යමක් කැමැත්තෙහි ද (එය) විචාරව යි.
Pali BJTඅථ ඛො ආළවකො යක්ඛො භගවන්තං ගාථාය අජ්ඣභාසි{1}:
Sinhala BJTඉක්බිති ආළවක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කී ය:
Pali BJTකිං සූධ විත්තං පුරිසස්ස සෙට්ඨං කිං සු සුචිණ්ණං සුඛමාවහාති, කිං සු හවෙ සාදුතරං{2} රසානං කථං ජීවී ජීවිතමාහු සෙට්ඨන්ති?
Sinhala BJTමෙ ලොව සත්‍වයාට කිමෙක් ශ්‍රේෂ්ඨ ධනය වේ ද? කිමෙක් මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවා ද? රසයන් අතුරෙන් කුමක් ඉතා මිහිරි ද? කෙසේ ජීවත්වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කියද්ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසද්ධීධ විත්තං පුරිසස්ස සෙට්ඨං ධම්මො සුචිණ්ණො සුඛමාවහාති, සච්චං හවෙ සාදුතරං රසානං පඤ්ඤාජීවිං{1} ජීවිතමාහු සෙට්ඨන්ති.
Sinhala BJTමෙලොව සත්‍වයාට ශ්‍රද්ධාව ශ්‍රේෂ්ඨ ධනය වේ. දහම මැනවින් පුරුදු කරණ ලද්දේ සුව එළවයි. රසයන් අතුරෙන් සත්‍යය ඒකාන්තයෙන් ඉතා මිහිරි ය. නුවණින් ජිවත්වනහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨ යයි කියත්.
Pali BJT[ආළවකො:]
Sinhala BJT[අළව්:]
Pali BJTකථං සු තරති ඔඝං කථංසු තරති අණ්ණවං, කථං සු දුක්ඛං අච්චෙති කථං සු පරිසුජ්ඣතීති.
Sinhala BJTඕඝය කෙසේ තරණය කෙරේ ද? අණිවය කෙසේ තරණය කෙරේ ද? දුක කෙසේ ඉක්මවා ද? කෙසේ පිරිසිදු වේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසද්ධාය තරති ඔඝං අප්පමාදෙන අණ්ණවං, විරියෙන දුක්ඛං අච්චෙති පඤ්ඤාය පරිසුජ්ඣතීති.{2}
Sinhala BJTශ්‍රද්ධාවෙන් ඕඝය තරණය කෙරේ. අප්‍රමාදයෙන් අණිවය තරණය කෙරේ. වීර්‍ය්‍යයෙන් දුක ඉක්මවයි. ප්‍රඥාවෙන් පිරිසිදු වේ.
Pali BJT[ආළවකො:]
Sinhala BJT[අළව්:]
Pali BJTකථං සු ලභතෙ පඤ්ඤං කථංසු වින්දතෙ ධනං, කථං සු කිත්තිං පප්පොති කථං මිත්තානි ගන්ථති, අස්මා ලොකා පරං ලොකං කථං පෙච්ච න සොචතීති?
Sinhala BJTනුවණ කෙසේ ලබා ද? ධනය කෙසේ ලබා ද? කෙසේ කීර්තියට පැමිණේ ද? කෙසේ මිත්‍රයන් සපයා ගණී ද? මෙලොවින් පරලොවට පැමිණ කෙසේ ශෝක නො කෙරේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසද්දහානො අරහතං ධම්මං නිබ්බාණපත්තියා, සුස්සූසා{3} ලභතෙ පඤ්ඤං අප්පමත්තො විචක්ඛණො.
Sinhala BJTනො පමා වූ නුවණැත්තේ රහතුන්ගේ ධර්‍මය අදහන්නේ අසනු කැමැත්ත හේතු කොට ගෙණ නිවණට පැමිණීම පිණිස ප්‍රඥාව ලබයි.
Pali BJTපතිරූපකාරී{4} ධුරවා උට්ඨාතා වින්දතෙ ධනං, සච්චෙන කිත්තිං පප්පොති දදං මිත්තානි ගන්ථති.
Sinhala BJTසුදුසු කටයුතු කරණ බහා නො තැබූ ධූර ඇති උත්‍ථානවීර්‍ය්‍ය ඇත්තේ ධනය ලබයි. සත්‍යවචනය කරණකොට ගෙණ කීර්තියට පැමිණේ. දන් දෙන්නේ මිත්‍රයන් බැඳ ගණී.
Pali BJTයස්සෙතෙ චතුරො ධම්මා සද්ධස්ස ඝරමෙසිනො, සච්චං ධම්මො{5} ධිති චාගො ස චෙ පෙච්ච න සොචති, අස්මා ලොකා පරං ලොකං එවං පෙච්ච න සොචතීති.
Sinhala BJTගිහිගෙයි වෙසෙන ශ්‍රද්ධා ඇති යමකුහට සත්‍යයත්, ධර්‍මයත්, ධෘතියත්, ත්‍යාගයත් යන මේ සිවු දහම්හු වෙත් නම් හෙ තෙමේ පරලොවට පැමිණ ඒකාන්තයෙන් ශෝක නො කෙරෙයි. මෙලොවින් පරලොවට පැමිණ මෙසේ ශෝක නො කෙරෙයි.
Pali BJTඉඞ්ඝ අඤ්ඤෙපි පුච්ඡස්සු පුථූ සමණබ්රාහ්මණෙ, යදි සච්චා දමා{6} චාගා ඛන්ත්යා භිය්යොධ විජ්ජතීති.
Sinhala BJTසත්‍යයටත්, ඉන්‍ද්‍රියදමනයටත්, ත්‍යාගයටත්, ක්‍ෂාන්තියටත් අධික වූ යමක් මෙලොව ඉදින් ඇත් නම් (ඒ කුමැයි) බොහෝ වූ අනෙක් මහණබමුණන් ද විචාරව යි.
Pali BJT[ආළවකො:]
Sinhala BJT[අළව්:]
Pali BJTකථං නු දානි පුච්ඡෙය්යං පුථූ සමණබ්රාහ්මණෙ, සො’හං{7} අජ්ජ පජානාමි යො අත්ථො සම්පරායිකො.
Sinhala BJTසාම්පරායික වූ ද (දෘෂ්ටධාර්මිකවූ ද) යම් අර්‍ත්‍ථයෙක් වේ නම් (එය) ඒ මම අද දනිමි. (එහෙයින්) දැන් බොහෝ වූ මහණබමුණන් කුමකට විචාරන්නෙම් ද,
Pali BJTඅත්ථාය වත මෙ බුද්ධො වාසායාළවිමාගමා{8}, සො’හං අජ්ජ පජානාමි යත්ථ දින්නං මහප්ඵලං.
Sinhala BJTඒකාන්තයෙන් මට වැඩ පිණිස බුදුරජානන් වහන්සේ විසීම පිණිස අළව් නුවරට වැඩිසේක: යමකුට දෙන ලද්ද මහත්ඵල වේ නම් එය මම අද දනිමි.
Pali BJTසො අහං විචරිස්සාමි ගාමා ගාමං පුරා පුරං, නමස්සමානො සම්බුද්ධං ධම්මස්ස ච සුධම්මතන්ති.
Sinhala BJTඒ මම (බුද්ධසුබුද්ධතාව කියා) බුදුරජානන් වහන්සේ ද, (ධර්‍මසුධර්‍මතාව කියා) ධර්‍මය ද (සඞ්ඝසුසඞ්ඝතාව කියා) සඞ්ඝයා ද වඳිමින් ගමින් ගම නුවරින් නුවර හැසිරෙන්නෙමි.
Pali BJTඉන්දකවග්ගො පඨමො.
Sinhala BJTඉන්‍දක වර්‍ගය පළමුවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඉන්දකො සක්ක සූචි ච මණිභද්දො ච සානු{1} ච, පියඞ්කර පුනබ්බසු සුදත්තො ච ද්වෙ සුක්කා චීරා ආළවකෙන{2} ද්වාදසාති.
Sinhala BJTඉන්‍දක, සක්ක, සූචි, මණිභද්ද, සානු, පියඞ්කර, පුනබ්බසු, සුදත්ත ය, සුක්කාසූත්‍ර දෙක ය, චීරා සූත්‍රය, ආළවක සූත්‍ර යයි දොළොසෙකි.