Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2501-2600 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකුලඝරණීසුත්තං.
Sinhala BJTකුලඝරණී සූත්‍රය
Pali BJT228. එකං සමයං අඤ්ඤතරො භික්ඛු කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන සො භික්ඛු අඤ්ඤතරස්මිං කුලෙ අතිවෙලං අජ්ඣොගාළ්හප්පත්තො විහරති.
Sinhala BJT228. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ එක්තරා කුලයක් කෙරෙහි අතිශය ඇතුළත් බවට පැමිණියේ අතිමාත්‍රකාලයක් වැඩ වෙසෙයි.
Pali BJTඅථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා තස්ස භික්ඛුනො අනුකම්පිකා අත්ථකාමා තං භික්ඛුං සංවෙජෙතුකාමා යා තස්මිං කුලෙ කුලඝරණී තස්සා වණ්ණං අභිනිම්මිනිත්වා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණ සංවිග්න කරවනු කැමැත්තේ ඒ කුලයෙහි ඒ කුලගෙහඹු වෙස් ගෙණ ඒ මහණ වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
Pali BJTනදීතීරෙසු සණ්ඨානෙ සභාසු රථියාසු ච, ජනා සඞ්ගම්ම මන්තෙන්ති මඤ්ච තඤ්ච කිමන්තරන්ති.
Sinhala BJTගං තෙර ද, විඩා සංහිඳුවන තැන ද, සභායෙහි ද, වීථියෙහි ද, ජනයෝ මුළු දී මා ගැණ ද, නුඹ වහන්සේ ගැණ ද කථා කෙරෙත්. කුමන හේතු ද?
Pali BJTබහූ හි සද්දා පච්චූහා ඛමිතබ්බා තපස්සිනා, න තෙන මඞ්කු හොතබ්බං න හි තෙන කිලිස්සති.
Sinhala BJTතපස්වීහු විසින් ඉවසියයුතු වූ ප්‍රතිලෝමශබ්දයෝ බොහෝහ. ඒ තපස්වීහු විසින් නිතෙද නො වියයුතුයි. එයින් නො ම කිලිටි වේ.
Pali BJTයො ච සද්දපරිත්තාසී වනෙ වාතමිගො යථා, ලහුචිත්තොති තං ආහු නාස්ස සම්පජ්ජතෙ වතන්ති.
Sinhala BJTයමෙක් වෙනෙහි වාතමෘගයකු මෙන් ශබ්දයෙන් තැති ගන්නාසුලු වේ ද, ඔහු ලුහු සිත් ඇතියහ යි කියත්. ඔහුගේ ව්‍රතය නොසැපයේ.
Pali BJT9. 1. 9.
Sinhala BJT9. 9. 9.
Pali BJTවජ්ජිපුත්තසුත්තං
Sinhala BJTවජ්ජිපුත්ත සූත්‍රය
Pali BJT229. එකං සමයං අඤ්ඤතරො වජ්ජිපුත්තකො භික්ඛු වෙසාලියං විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන වෙසාලියං{1} සබ්බරත්තිවාරො{2} හොති. අථ ඛො සො භික්ඛු වෙසාලියං තූරියතාළිතවාදිතනිග්ඝොසසද්දං සුත්වා පරිදෙවමානො තායං වෙලායං ඉමං ගාථං අභාසි:
Sinhala BJT229. එක්කලෙක එක්තරා වජ්ජිපුත්තක මහණෙක් විසල්පුර සමීපයෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි විසල්පුරයෙහි සව්රෑකෙළියෙක් වෙයි. ඉක්බිති ඒ මහණ තෙමේ විසල්පුරයෙහි තැළු තුරුයෙහි හා වැයු වෙණෙහි හා ගොස හා හඬ අසා හඬමින් ඒ වේලායෙහි මේගාථාව කී ය:
Pali BJTඑකකා මයං අරඤ්ඤෙ විහරාම අපවිද්ධංව{3} වනස්මිං දාරුකං, එතාදිසිකාය රත්තියා කො සු නාම අම්හෙහි{4} පාපියොති.
Sinhala BJTඅපි වෙනෙහි පියන ලද දරකඩක් මෙන් මෙබඳු රැයෙහි එකලාවමෝ අරණෙහි වසම්හ. කවරෙක් නම් අප වරා අතිශය පාප ඇතියෙක් වේ ද?
Pali BJTඅථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා තස්ස භික්ඛුනො අනුකම්පිකා අත්ථකාමා තං භික්ඛුං සංවෙජෙතුකාමා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමැති ඒ දෙවි ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
Pali BJTඑකකො{5} ත්වං අරඤ්ඤෙ විහරසි අපවිද්ධංව වනස්මිං දාරුකං, තස්ස තෙ බහුකා පිහයන්ති නෙරයිකා විය සග්ගගාමිනන්ති.
Sinhala BJTතෙපි වෙනෙහි ලූ දරකඩක් මෙන් අරණෙහි එකලා ව වසව. ඒ තොපට දෙව්ලොව යන්නවුන් ට (කැමති වන්නා වූ) නිරිසතුන් මෙන් බොහෝ දෙනෙක් කැමති වෙති.
Pali BJTඅථ ඛො සො භික්ඛු තාය දෙවතාය සංවෙජිතො සංවෙගමාපාදීති.
Sinhala BJTඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට (ඔතප් බියට) පමුණුවන ලද්දේ සංවිග්න වූයේ ය.
Pali BJT9. 1. 10.
Sinhala BJT9. 9. 10.
Pali BJTසජ්ඣායසුත්තං.
Sinhala BJTසජ්ඣාය සූත්‍රය
Pali BJT230. එකං සමයං අඤ්ඤතරො භික්ඛු කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන සො භික්ඛු යං සුදං පුබ්බෙ අතිවෙලං සජ්ඣායබහුලො විහරති. සො අපරෙන සමයෙන අප්පොස්සුක්කො තුණ්හීභූතො සංකසායති{6}.
Sinhala BJT230. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ පෙර අතිමාත්‍රකාලයක් හැදෑරීම් බහුල කොට ඇත්තේ වෙසෙයි. (එහෙත්) හෙ තෙමේ පසුකලෙක උත්සාහ රහිත වූයේ කල් ගෙවයි.
Pali BJTඅථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා තස්ස භික්ඛුනො ධම්මං අසුණන්තී යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ දෙවි ඒ මහණහුගේ ධර්‍මය නො අසන්නේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය.
Pali BJTකස්මා තුවං ධම්මපදානි භික්ඛු නාධීයසි භික්ඛූහි සංවසන්තො, සුත්වාන ධම්මං ලභතිප්පසාදං දිට්ඨෙව ධම්මෙ ලභතිප්පසංසන්ති.
Sinhala BJTමහණ, නුඹ වහන්සේ භික්‍ෂූන් සමග වෙසෙමින් කුමක් හෙයින් ධර්‍මපදයන් නොහදාරන්නහු ද? ධර්‍මය අසා පැහැදීම ලබ යි. ඉහාත්මයෙහි ම පැසැසීම ද ලබයි.
Pali BJTඅහු පුරෙ ධම්මපදෙසු ඡන්දො යාව විරාගෙන සමාගමිම්හ, යතො විරාගෙන සමාගමිම්හ යං කිඤ්චි දිට්ඨංව සුතං මුතං වා{7}, අඤ්ඤාය නික්ඛෙපනමාහු සන්තොති.
Sinhala BJTයම්තාක් ආර්‍ය්‍යමාර්‍ගය හා එක් වූවමෝ ද, (ඊට) පෙර ධර්‍මපදයන්හි ඡන්‍දරාගය වී ය. යම් හෙයකින් ආර්‍ය්‍යමාර්‍ගය හා එක් වූවමෝ ද (එහෙයින්) යම් කිසි ඇසින් දුටු රූපයෙක් හෝ කණින් ඇසූ ශබ්දයෙක් හෝ කයින් පහස්නා ලද ස්ප්‍රෂ්ටව්‍යයෙක් හෝ වේ ද, (ඒ සියල්ල අනිත්‍යාදි වශයෙන්) දැන දුර ලීම කළම්හ. ආර්‍ය්‍යයෝ එය කියත්.
Pali BJT9. 1. 11.
Sinhala BJT9. 9. 11.
Pali BJTඅයොනිසොසුත්තං.
Sinhala BJTඅයෝනිසෝ සූත්‍රය
Pali BJT231. එකං සමයං අඤ්ඤතරො භික්ඛු කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන සො භික්ඛු දිවාවිහාරගතො පාපකෙ අකුසලෙ විතක්කෙ විතක්කෙති, සෙය්යථිදං: කාමවිතක්කං, බ්යාපාදවිතක්කං, විහිංසාවිතක්කං.
Sinhala BJT231. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ දිවා විහාරයට ගියේ ලාමක අකුසල විතර්‍කයන් (කාමවිතර්‍කය, ව්‍යාපාද විතර්‍කය, විහිංසා විතර්‍කය) විතර්‍කණය කෙරෙයි.
Pali BJTඅථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා තස්ස භික්ඛුනො අනුකම්පිකා අත්ථකාමා තං භික්ඛුං සංවෙජෙතුකාමා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
Pali BJTඅයොනිසො මනසිකාරා සො විතක්කෙහි ඛජ්ජසි, අයොනිසො{1} පටිනිස්සජ්ජ යොනිසො අනුවිචින්තය{2}.
Sinhala BJTනුනුවණින් මෙනෙහි කිරීමෙන් ඒ තෙපි පාපවිතර්‍කයන් විසින් කනු ලැබහු. නුනුවණින් මෙනෙහි කිරීම බැහැර කොට නුවණින් මෙනෙහි කරව.
Pali BJTසත්ථාරං ධම්මමාරබ්භ{3} සඞ්ඝං සීලානි අත්තනො{4}, අධිගච්ඡසි පාමොජ්ජං පීතිසුඛමසංසයං, තතො පාමොජ්ජබහුලො දුක්ඛස්සන්තං කරිස්සසීති.
Sinhala BJTශාස්තෲන් වහන්සේ ද ධර්‍මය ද සඞ්ඝයා ද තමාගේ සිල් ද ඇරබ ඒකාන්තයෙන් ප්‍රමෝද්‍යයත් ප්‍රීතිය හා සුවත් ලබව. එයින් ප්‍රමෝදය බහුල කොට ඇතිව දුක් කෙළවර කරන්නාහු ය.
Pali BJTඅථ ඛො සො භික්ඛු තාය දෙවතාය සංවෙජිතො සංවෙගමාපාදීති.
Sinhala BJTඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වූයේ ය.
Pali BJT9. 1. 12.
Sinhala BJT9. 9. 12.
Pali BJTමජ්ඣන්තිකසුත්තං.
Sinhala BJTමජ්ඣන්තික සූත්‍රය
Pali BJT232. එකං සමයං අඤ්ඤතරො භික්ඛු කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. අථ ඛො තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තස්ස භික්ඛුනො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJT232. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ දෙවි ඒ මහණ වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහුගේ සමීපයෙහි මේ ගාථාව කී ය:
Pali BJTඨිතෙ මජ්ඣන්හිකෙ කාලෙ සන්නිසීවෙසු{5} පක්ඛිසු, සණතෙව බ්රහාරඤ්ඤං{6} තං භයං පටිභාති මන්ති.
Sinhala BJTසිටිමද්දහනෙහි පක්‍ෂීන් ඉසඹු ලනකල්හි මහවනය. (මහත්සේ) හඬ නගන්නාක් මෙනි. එය මට බියක් ව වැටහේ.
Pali BJT[භික්ඛු:]
Sinhala BJT[භික්‍ෂූ:]
Pali BJTඨිතෙ මජ්ඣන්තිකෙ කාලෙ සන්නිසීවෙසු{5} පක්ඛිසු, සණතෙව බ්රහාරඤ්ඤං{6} ‘සා රතී පටිභාති මන්ති.
Sinhala BJTසිටිමද්දහනෙහි පක්‍ෂීන් ඉසඹු ලනකල්හි මහවනය මහත් සේ හඬ නගන්නාක් මෙනි. එය මට සිත් පිණවන්නාක් ව වැටහේ.
Pali BJT9. 1. 13.
Sinhala BJT9. 9. 13.
Pali BJTපාකතින්ද්රියසුත්තං.
Sinhala BJTපාකතින්‍ද්‍රිය සූත්‍රය
Pali BJT233. එකං සමයං සම්බහුලා භික්ඛූ කොසලෙසු විහරන්ති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ, උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා මුට්ඨස්සතිනො අසම්පජානා අසමාහිතා විබ්භන්තචිත්තා පාකතින්ද්රියා.
Sinhala BJT233. එක්කලෙක උඩනු වූ නැඟූ මානනළ ඇති චපල වූ රළු වචන ඇති දොඩමලු වූ මුළා සිහි ඇති මනා නුවණ නැති නො එකඟ සිත් ඇති නො සන්සුන් සිත් ඇති පියවි ඉඳුරන් ඇති බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙත්.
Pali BJTඅථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා තෙසං භික්ඛූනං අනුකම්පිකා අත්ථකාමා තෙ භික්ඛූ සංවෙජෙතුකාමා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඑකල ඒ වනලැහැබ අරක් ගත ඒ භික්‍ෂූන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ භික්‍ෂූන්ට සංවේග දනවනු කැමැත්තේ ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන්ට ගාථායෙන් කී ය:
Pali BJTසුඛජීවිනො පුරෙ ආසුං භික්ඛූ ගොතමසාවකා, අනිච්ඡා පිණ්ඩමෙසනා අනිච්ඡා සයනාසනං, ලොකෙ අනිච්චතං ඤත්වා දුක්ඛස්සන්තං අකංසු තෙ.
Sinhala BJTපෙර ආශා රහිත ව පිඬු සොයන ආශා රහිත ව සෙනසුන් සොයන ගොයුම්සවු වූ මහණහු සුවදිවි ඇති වූහ. ඔහු ලොව අනිස් බැව් දැන දුක කෙළවර කළහ.
Pali BJTදුප්පොසං කත්වා අත්තානං ගාමෙ ගාමණිකා විය, භුත්වා භුත්වා නිපජ්ජන්ති පරාගාරෙසු මුච්ඡිතා. සඞ්ඝස්ස අඤ්ජලිං කත්වා ඉධෙකච්චෙ වදාමහං, අපවිද්ධා{1} අනාථා තෙ යථා පෙතා තථෙව තෙ.
Sinhala BJTමම සඞ්ඝයාට ඇඳිලි බැඳ කියමි. මෙහි ඇතැම්හු ගම්හි නින්‍දිත ගම් දෙටුවන් මෙන් තමන් දුකසේ පෝෂණය කළ හැක්කවුන් කොට අන්ගෙවල පුනපුනා බුදිමින් මුසපත් ව හොවිත්. සස්නෙන් බැහැර වූ ඔහු අසරණයෝ ය. සොහොනෙහි දමන ලද මළසිරුර බඳු වෙත්.
Pali BJTයෙ ඛො පමත්තා විහරන්ති තෙ මෙ සන්ධාය භාසිතං, යෙ අප්පමත්තා විහරන්ති නමො තෙසං කරොමහන්ති.
Sinhala BJTයම් කෙනෙක් ප්‍රමත්ත ව වෙසෙත් නම් මා විසින් ඔවුන් සඳහා කියන ලදී. යම් කෙනෙක් අප්‍රමත්ත ව වෙසෙත් නම් මම ඔවුන්ට නමස්කාර කරමි.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ තාය දෙවතාය සංවෙජිතා සංවෙගමාපාදුන්ති.
Sinhala BJTඉක්බිති ඒ භික්‍ෂූහු ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දාහු සංවේගයට පැමිණියහ.
Pali BJT9. 1. 14.
Sinhala BJT9. 9. 14.
Pali BJTපදුමපුප්ඵසුත්තං.
Sinhala BJTපදුමපුප්ඵ සූත්‍රය
Pali BJT234. එවං මෙ සුතං: එකං සමයං අඤ්ඤතරො භික්ඛු කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන සො භික්ඛු පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො පොක්ඛරණිං ඔගාහෙත්වා පදුමං උපසිඞ්ඝති.
Sinhala BJT234. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩ වෙසෙයි. එකල්හි ඒ මහණ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණේ පොකුණට බැස පියුමක් සිඹී.
Pali BJTඅථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා තස්ස භික්ඛුනො අනුකම්පිකා අත්ථකාමා තං භික්ඛුං සංවෙජෙතුකාමා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති ඒ වනලැහැබ අරක්ගත් ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ඒ මහණහට සංවේගය දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය.
Pali BJTයමෙතං වාරිජං පුප්ඵං අදින්නං උපසිඞ්ඝසි, එකඞ්ගමෙතං ථෙය්යානං ගන්ධත්ථෙනො’සි මාරිසාති.
Sinhala BJTනො දෙන ලද යම් ඒ පියුමක් සිඹිහි ද, මෙය සොරකම් අතුරෙන් එක් කොටසෙකි. නිදුකානන් වහන්ස, (එහෙයින්) ගන්‍ධත්‍ථේන (සුවඳ සොරෙක්) වෙහි ය.
Pali BJT[භික්ඛු:]
Sinhala BJT[භික්‍ෂු:]
Pali BJTන හරාමි න භඤ්ජාමි ආරා සිඞ්ඝාමි වාරිජං, අථ කෙන නු වණ්ණෙන ගන්ධත්ථෙනො’ති වුච්චති.
Sinhala BJTමේ පියුම ගෙණ නො යෙමි. නො කඩමි. දුර සිට සිඹිමි. එසේ ඇති කළ කිනම් කරුණෙකින් ගන්‍ධත්‍ථේන යයි කියනු ලැබේ ද,
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTය්වායං භිසානි{2} ඛණති පුණ්ඩරීකානි භඤ්ජති,{3} එවං ආකිණ්ණකම්මන්තො කස්මා එසො න වුච්චතීති.
Sinhala BJTයම් ඒ තවුසෙක් නෙලුඹල කණී ද, පියුම් නෙළා ද, මෙසේ අපිරිසිදු කර්‍මාන්ත ඇති මේ තවුස් කුමක් හෙයින් ගන්‍ධත්‍ථේන යයි නො කියනු ලැබේ ද.
Pali BJTආකිණ්ණලුද්දො පුරිසො ධාතිචෙලං’ව මක්ඛිතො, තස්මිං මෙ වචනං නත්ථි තඤ්ච අරහාමි{4} වත්තවෙ.
Sinhala BJTඒ පුරුෂ තෙමේ බොහෝ පව් ඇත්තෙකි. කිරි මව හැඳිවත උච්චාරපස්සාවා (මලමූත්‍රා) දියෙහි ගැවසී ගත්තාක් මෙන් (රාගදෝෂාදියෙන්) වැකුණෙකි. ඔහු කෙරෙහි මාගේ බසෙක් නැත. ඔබට නම් කියන්නට නිසි වෙමි.
Pali BJTඅනඞ්ගණස්ස පොසස්ස නිච්චං සුචිගවෙසිනො, වාළග්ගමත්තං පාපස්ස අබ්භාමත්තං’ව{5} ඛායතීති.
Sinhala BJTකෙලෙස් නැති නිතර පවිත්‍ර වූ ශීලාසමාධි ආදී ඥානයන් සොයන්නා වූ පුද්ගලයාට පාපය පිළිබඳ වලග පමණ වූ (ඉතා මඳ) දෝෂය පවා වලා පටලයක් පමණ වූවාක් මෙන් වැටහේ.
Pali BJT[භික්ඛු:]
Sinhala BJT[භික්‍ෂු:]
Pali BJTඅද්ධා මං යක්ඛ ජානාසි අථො මං{1} අනුකම්පසි, පුනපි යක්ඛ වජ්ජාසි යදා පස්සසි එදිසන්ති.{2}
Sinhala BJTයක්‍ෂය, මා ඒකාන්තයෙන් පිරිසිදු ය යි දන්නේ හි ය. මට අනුකම්පා කෙරෙහි. යම් කලෙක මෙබන්දක් දක්නෙහි නම් යක්‍ෂය, නැවතත් කියන්නෙහි ය.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTනෙව තං උපජීවාම{3} න පි තෙ භතකාම්හසෙ{4}, ත්වමෙව භික්ඛු ජානෙය්ය යෙන ගච්ඡෙය්ය සුග්ගතින්ති.
Sinhala BJTමහණ, තොප නිසා නො ම ජීවත් වම්හ. තොපගේ බැළයමෝ නො ද වම්හ. යම් කර්‍මයෙකින් සුගතියට යන්නේ ද, (එය) තො ම දන්නෙහි ය.
Pali BJTඅථ ඛො සො භික්ඛු තාය දෙවතාය සංවෙජිතො සංවෙගමාපාදීති.
Sinhala BJTඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවේගයට පැමිණියේ ය.
Pali BJTවනවග්ගො පඨමො.
Sinhala BJTවනවර්‍ගය පළමුවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTවිවෙකං{5} උපට්ඨානඤ්ච කස්සපගොත්තෙන{6} සම්බහුලා ආනන්දො අනුරුද්ධඤ්ච නාගදත්තඤ්ච කුලඝරණී වජ්ජිපුත්තො ච{7} වෙසාලී සජ්ඣායෙන{8} අයොනිසො මජ්ඣන්තිකාලම්හි පාකතින්ද්රියා පදුමපුප්ඵෙන චුද්දස භවෙති.
Sinhala BJTවිවෙක, උපට්ඨාන, කස්සපගොත්ත, සම්බහුලා, ආනන්‍ද, අනුරුද්ධ, නාගදත්ත, කුලඝරණී, වජ්ජිපුත්ත, සඡ්ඣාය, අයෝනිසෝ, මඡ්ඣන්තික, පාකතින්‍ද්‍රිය, පදුමපුප්ඵ යයි සූත්‍ර තුදුසෙකි.
Pali BJTවනසංයුත්තං සමත්තං.
Sinhala BJTවනසංයුත්තය නිමියේ ය.
Pali BJT10. යක්ඛසංයුත්තං
Sinhala BJT10. යක්ඛ සංයුත්තය
Pali BJT1. ඉන්දකවග්ගො
Sinhala BJT1. ඉන්‍දක වර්‍ගය
Pali BJT10. 1. 1.
Sinhala BJT10. 1. 1.
Pali BJTඉන්දකසුත්තං.
Sinhala BJTඉන්‍දක සූත්‍රය
Pali BJT235. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති ඉන්දකූටෙ පබ්බතෙ ඉන්දකස්ස යක්ඛස්ස භවනෙ. අථ ඛො ඉන්දකො යක්ඛො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJT235. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉන්‍දකූට පර්‍වතයෙහි ඉන්‍දක යක්‍ෂයාගේ භවනයෙහි වැඩ වසන සේක. එකල ඉන්‍දක යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTරූපං න ජීවන්ති වදන්ති බුද්ධා කථං න්වයං වින්දති’මං සරීරං, කුතස්ස අට්ඨීයකපිණ්ඩමෙති කථං න්වයං සජ්ජති ගබ්භරස්මින්ති.
Sinhala BJTබුදුවරයෝ රූපය ජීවය යි නොකියත්. (එසේ නම්) මේ සත්‍ව තෙමේ මේ සිරුර කෙසේ නම් ලබා ද? මොහුගේ ඇට හා අක්මාපිඬ කොයින් ඒ ද? මේ තෙමේ නම් මවුකුස ලැගේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTපඨමං කලලං හොති කලලා හොති අබ්බුදං, අබ්බුදා ජායතෙ පෙසී පෙසී නිබ්බත්තති ඝනො, ඝනා පසාඛා ජායන්ති කෙසා ලොමා නඛා’පි ච.
Sinhala BJTපළමු කොට කලලරූපය වේ. කලලයෙන් අබ්බුදය වේ. අබ්බුදයෙන් පේසිය හට ගණි. පේසියෙන් ඝන නම් මස්පිඬෙක් හට ගණී. ඒ ඝනයෙන් පිලක පසෙක් හට ගණී. ඉන්පසු කෙස් ලොම් ද නිය ද හට ගණිත්.
Pali BJTයඤ්චස්ස භුඤ්ජතෙ{9} මාතා අන්නං පානඤ්ච භොජනං, තෙන සො තත්ථ යාපෙති මාතුකුච්ඡිගතො නරොති.
Sinhala BJTඔහුගේ මව යම් අහරකුත්, බොන දැයකුත්, බොජුනකුත් වළඳා ද, මවුකුසට පැමිණ ඒ සත්‍ව තෙමේ ඒ ආහාර පානාදියෙන් එහි දී යැපේ.
Pali BJT10. 1. 2.
Sinhala BJT10. 1. 2.
Pali BJTසක්කසුත්තං.
Sinhala BJTසක්ක සූත්‍රය
Pali BJT236. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො සක්කනාමකො යක්ඛො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJT236. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩ වසන සේක. එකල සක්ක නම් යක්‍ෂයෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
Pali BJTසබ්බගන්ථ{*}ප්පහීනස්ස විප්පමුත්තස්ස තෙ සතො සමණස්ස න තං සාධු යදඤ්ඤමනුසාසතීති.
Sinhala BJTඅනුන්ට අනුශාසනා කෙරෙයි යන යමෙක් වේ ද, සියලු තන්හි ප්‍රහීණ වූ කෙලෙස්ගැට ඇති වෙසෙසින් මිදුනු ශ්‍රමණ වූ ම තොපට එය නො මැනවි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයෙන කෙනචි වණ්ණෙන සංවාසො සක්ක ජායති, න තං අරහති සප්පඤ්ඤො මනසා අනුකම්පිතුං.
Sinhala BJTඑම්බා සක්ක, යම්කිසි කාරණයෙකින් සංවාසය හෙවත් මිත්‍රධර්‍මය හට ගණී ද, සුප්‍රාඥ තෙමේ එයට සිතින් අනුකම්පා කරන්නට නොනිසි යි.
Pali BJTමනසා චෙ පසන්නෙන යදඤ්ඤමනුසාසති, න තෙන හොති සංයුත්තො සානුකම්පා{1} අනුද්දයාති.
Sinhala BJTඑහෙත් පහන් සිතින් අනුන්ට අනුශාසනා කෙරෙයි යන යමෙක් වේ ද, එයින් බැඳීමෙක් නො වේ. එය අනුකම්පාව යි. කරුණාව යි.
Pali BJT10. 1. 3.
Sinhala BJT10. 1. 3.
Pali BJTසූචිලොමසුත්තං.
Sinhala BJTසූචිලෝම සූත්‍රය
Pali BJT237. එකං සමයං භගවා ගයායං විහරති ටඞ්කිතමඤ්චෙ සූචිලොමස්ස{2} යක්ඛස්ස භවනෙ. තෙන ඛො පන සමයෙන ඛරො ච යක්ඛො සූචිලොමො ච යක්ඛො භගවතො අවිදූරෙ අතික්කමන්ති.
Sinhala BJT237. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගයාවට නුදුරෙහි සුචිලෝම යක්‍ෂයාගේ භවනෙහි ටඞ්කීතමඤ්චයෙහි වැඩ වසන සේක. එකල්හි ඛර යක්‍ෂ තෙමේ ද, සුචිලෝම යක්‍ෂ තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි ගමන් කෙරෙත්.
Pali BJTඅථ ඛො ඛරො යක්ඛො සූචිලොමං යක්ඛං එතදවොච: එසො සමණොති.
Sinhala BJTඉක්බිති ඛරලෝම යක්‍ෂ තෙමේ “මේ ශ්‍රමණයෙකැ”යි සූචිලෝම යක්‍ෂයාට මෙය කී ය.
Pali BJTනෙසො සමණො, සමණකො එසො. යාව ජානාමි යදි වා සො සමණො යදි වා පන සො සමණකොති. අථ ඛො සූචිලොමො යක්ඛො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො කායං උපනාමෙසි.
Sinhala BJTමේ ශ්‍රමණයෙක් නො වේ. මේ ශ්‍රමණකයෙකි, හෙ ශ්‍රමණයෙක් දෝ නොහොත් ශ්‍රමණකයෙක් දෝ යි දැන ගණිමි. ඉක්බිති සූචිලෝම යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට කය එළවීය.
Pali BJTඅථ ඛො භගවා කායං අපනාමෙසි.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ කය (මඳක්) ඉවත් කළ සේක.
Pali BJTඅථ ඛො සූචිලොමො යක්ඛො භගවන්තං එතදවොච: භායසි මං සමණාති.
Sinhala BJTඉක්බිති සූචිලෝම යක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, මා කෙරෙන් බියවෙහි ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTන ඛ්වාහන්තං ආවුසො භායාමි. අපි ච තෙ සම්ඵස්සො පාපකොති.
Sinhala BJTඇවැත්නි, මම තා කෙරෙන් නො බමි. එහෙත් තගේ පහස ලාමකය.
Pali BJT[සූචිලොමො:]
Sinhala BJT[සූචිලෝම:]
Pali BJTපඤ්හං තං සමණ පුච්ඡිස්සාමි. සචෙ මෙ සමණ{3} න බ්යාකරිස්සසි චිත්තං වා තෙ ඛිපිස්සාමි. හදයං වා තෙ ඵාලෙස්සාමි. පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපිස්සාමීති.
Sinhala BJTමහණ, තා ප්‍රශ්නයක් විචාරන්නෙමි. මහණ, ඉදින් මට නොවිසඳන්නෙහි නම් තාගේ සිත හෝ වික්‍ෂේප කරන්නෙමි. තාගේ හෘදය හෝ පලන්නෙමි. දෙපා ගෙණ හෝ ගඟ පරතෙර දමන්නෙමි යි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTන ඛ්වාහන්තං ආවුසො පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය, යො මෙ චිත්තං වා ඛිපෙය්ය හදයං වා ඵාලෙය්ය. පාදෙසු වා ගහෙත්වා පාරගඞ්ගාය ඛිපෙය්ය. අපි ච ත්වං ආවුසො පුච්ඡ යදාකඞ්ඛසීති.
Sinhala BJTඇවැත්නි, යමෙක් මාගේ සිත හෝ වික්‍ෂේප කරන්නේ ද, හෘදය හෝ පලන්නේ ද, දෙපා ගෙණ හෝ ගඟපරතෙර දමන්නේ ද, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දකු මම නොම දකිමි. ඇවැත්නි එහෙත් තෝ යමක් කැමැත්තෙහි නම් අස.
Pali BJT“අථ ඛො සූචිලොමො යක්ඛො භගවන්තං ගාථාය අජ්ඣභාසි:”{1}
Sinhala BJTඉක්බිති සූචිලෝම යක්‍ෂ තෙමේ ගාථායෙන් කී ය:
Pali BJTරාගො ච දොසො ච කුතො නිදානා අරතී රතී ලොමහංසො කුතොජා, කුතො සමුට්ඨාය මනොවිතක්කා කුමාරකා ධඞ්කමිවොස්සජන්තීති.
Sinhala BJTරාගයත් ද්වේෂයත් කුමක් මූලහේතු කොට ඇත්ද? (කුසල් දහම්හි) නො ඇල්මත් (පස්කම්හි) ඇල්මත් ලොමුදහ ගැණුමත් කුමකින් හට ගත්තෝ ද? ගම් දරුවන් (අල්ලා ගත්) කවුඩකු (බැහැර කරන්නාක්) මෙන් විතර්‍කයෝ කොතැනින් ඉපිද කුසල් සිත බැහැර කෙරෙත් ද,
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTරාගො ච දොසො ච ඉතො නිදානා අරතී රතී ලොමහංසො ඉතොජා, ඉතො සමුට්ඨාය මනොවිතක්කා කුමාරකා ධඞ්කමිවොස්සජන්ති.
Sinhala BJTරාගයත් ද්වේෂයත් මේ අත්බව මූලහේතු කොට ඇත. අරතියත් රතියත් ලොමුදහ ගැණුමත් මෙයින් ම හට ගත්තේය. විතර්‍කයෝ මෙයින් හට ගෙණ ගම් දරුවන් කවුඩකු (බැහැර කරන්නාක්) මෙන් කුසල් සිත බැහැර කෙරෙත්.
Pali BJTස්නෙහජා අත්තසම්භූතා නිග්රොධස්සෙව ඛන්ධජා, පුථූ විසත්තා කාමෙසු මාලුවා’ව{2} විතතා{3} වනෙ.
Sinhala BJTඅත්බැවින් හට ගත් විතර්‍කයෝ තෘෂ්ණායෙන් හට ගත්තෝ ය. නුගරුක්හි අරළු මෙනි. බොහෝ වූ විතර්‍කයෝ කාමවස්තූන්හි වෙසෙසින් ඇලුනාහු ය. වෙනෙහි ගැවසී ගත් මාලුවා වැලක් මෙනි.
Pali BJTයෙ නං පජානන්ති යතොනිදානං තෙ නං විනොදෙන්ති සුණොහි යක්ඛ, තෙ දුත්තරං ඔඝමිමං තරන්ති අතිණ්ණපුබ්බං අපුනබ්භවායාති.
Sinhala BJTයක්‍ෂය, අසව යම් කෙනෙක් ඒ අත්බවත් ඊට යමක් මූලහේතු වේ නම් එයත් දනිද්ද, ඔහු එය දුරු කෙරෙත්. ඔහු තරණය කිරීමට දුෂ්කර වූ තරණය නො කළවිරූ මේ චතුරෝඝය නැවත නූපදීම සඳහා තරණය කෙරෙත්.
Pali BJT10. 1. 4.
Sinhala BJT10. 1. 4.
Pali BJTමණිභද්දසුත්තං.
Sinhala BJTමණිභද්ද සූත්‍රය
Pali BJT238. එකං සමයං භගවා මගධෙසු විහරති මණිමාළකෙ{4} චෙතියෙ මණිභද්දස්ස යක්ඛස්ස භවනෙ. අථ ඛො මණිභද්දො යක්ඛො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJT238. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙහි මණිමාළක චෙතියෙහි මණිභද්ද යකුගේ භවනෙහි වැඩ වසන සේක. එකල මණිභද්දයක්‍ෂ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
Pali BJTසතීමතො සදා භද්දං සතිමා සුඛමෙධති, සතීමතො සු වෙ සෙය්යො වෙරා ච පරිමුච්චතීති.
Sinhala BJTසිහි ඇත්තාහට හැමකල්හි යහපත වේ. සිහි ඇත්තේ සුවය වඩයි. සිහි ඇත්තහුගේ (ස්වාභාවය) හැමකල්හි ශ්‍රේෂ්ඨ ය. වෛරයෙන් ද මිදෙයි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]