Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2401-2500 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTන ඛො මෙ භන්තෙ ඉමා ගාථායො පුබ්බෙ පරිවිතක්කිතා. අථ ඛො ඨානසොව මං පටිභන්තීති.
Sinhala BJTවහන්ස, මේ ගාථාවෝ මා විසින් පෙර සිතන ලද්දාහු නො ම වෙති. වැලි (අවස්ථාවශයෙන්) එකෙණෙහි ම (මට වැටහෙත්.)
Pali BJTතෙන හි තං වඞ්ගීස භිය්යොසොමත්තාය පුබ්බෙ අපරිවිතක්කිතා ගාථායො පටිභන්තූති.
Sinhala BJTවඞ්ගීස, එසේ වී නම් පෙර කල්පනා නොකරණ ලද ගාථාවෝ බෙහෙවින් ම තට වැටහෙත්වා.
Pali BJTඑවං භන්තෙති ඛො ආයස්මා වඞ්ගීසො භගවතො පටිස්සුත්වා භිය්යොසොමත්තාය භගවන්තං පුබ්බෙ අපරිවිතක්කිතාහි ගාථාහි අභිත්ථවි:
Sinhala BJTආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා පෙර කල්පනා නොකරණ ලද ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට බෙහෙවින් ප්‍රශංසා කෙළේ ය:
Pali BJTඋම්මග්ගපථං{2} මාරස්ස අභිභුය්ය චරති පභිජ්ජ ඛිලානි{3}, තං පස්සථ බන්ධපමුඤ්චකරං අසිතං භාගසො පවිභජ්ජං.
Sinhala BJTමාරයාගේ කෙලෙස් පීඩා නමැති උමං මැඩ (රාගාදි පඤ්ච) ඛීලයන් බිඳ හැසිරෙන සේක. කෙලෙස් බැඳුම් මුදා ලන රාගාදියෙන් අනිඃශ්‍රිත වූ ධර්‍මය කොටස් වශයෙන් බෙදන්නා වූ ඒ තථාගතයන් වහන්සේ දකිවු.
Pali BJTඔඝස්ස හි{1} නිත්ථරණත්ථං අනෙකවිහිතං මග්ගං අක්ඛාසි, තස්මිං තෙ{2} අමතෙ අක්ඛාතෙ ධම්මද්දසා ඨිතා අසංහීරා.
Sinhala BJTචතුරෝඝ නිත්‍ථරණය පිණිස අනේකවිධ වූ මාර්‍ගය වදාළ සේක. උන්වහන්සේ විසින් වදාරණ ලද ඒ අමෘතයෙහි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අසංහාරිය ව (රාගාදියෙන් හැකිළිය නො හැකියේ තහවුරුව) පිහිටි යෝ ය.
Pali BJTපජ්ජොතකරො අතිවිජ්ඣ ධම්මං{3} සබ්බට්ඨිතීනං{4} අතික්කමමද්දස, ඤත්වා ච සච්ඡිකත්වා ච අග්ගං සො දෙසයි දසද්ධානං{5}.
Sinhala BJTඥානාලෝකය පහළ කළ බුදුරජානන් වහන්සේ ධර්‍මය අවබෝධ කොට සියලු දෘෂ්ටිස්ථානයන්ගේ හෝ විඥානස්ථිතීන්ගේ ඉක්මීම දුටු සේක. දැන ප්‍රත්‍යක්‍ෂ කොට උන්වහන්සේ උතුම් ධර්‍මය දශාර්ධයන්ට හෙවත් පස්වග මහණුන්ට දෙසූ සේක.
Pali BJTඑවං සුදෙසිතෙ ධම්මෙ කො පමාදො විජානතං{6}, තස්මා හි තස්ස භගවතො සාසනෙ අප්පමත්තො සදා නමස්සමනුසික්ඛෙති.
Sinhala BJTමෙසේ ධර්‍මය මොනොවට දේශනා කොට ඇතිකල්හි ධර්‍මය දැන ගන්නවුන්ගේ කවර ප්‍රමාදයෙක් ද, එහෙයින් (තථාගතයන් වහන්සේට) නමස්කාර කරමින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ සස්නෙහි අප්‍රමාදී ව හැම කල්හි පිළිවෙළින් හික්මෙන්නේ ය.
Pali BJT8. 1. 9.
Sinhala BJT8. 1. 9.
Pali BJTකොණ්ඩඤ්ඤසුත්තං
Sinhala BJTකොණ්ඩඤ්ඤ සූත්‍රය
Pali BJT217. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො ආයස්මා අඤ්ඤාකොණ්ඩඤ්ඤො{7} සුචිරස්සෙව යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම්බති. පාණීහි ච පරිසම්බාහති. නාමඤ්ච සාවෙති “කොණ්ඩඤ්ඤොහං භගවා කොණ්ඩඤ්ඤොහං සුගතා”ති.
Sinhala BJT217. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ බොහෝ කලෙකින් ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පා මුවෙන් සිඹිත්. අතින් ද පිරිමදිත්. “භාග්‍යවතුන් වහන්ස, මම කොණ්ඩඤ්ඤ යෙමි. සුගතයන් වහන්ස, මම කොණ්ඩඤ්ඤයෙමි”යි නම ද අස්වත්.
Pali BJTඅථ ඛො ආයස්මතො වඞ්ගීසස්ස එතදහොසි. අයං ඛො ආයස්මා අඤ්ඤාකොණ්ඩඤ්ඤො සුචිරස්සෙව යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවතො පාදානි මුඛෙන ච පරිචුම්බති. පාණීහි ච පරිසම්බාහති. නාමඤ්ච සාවෙති “කොණ්ඩඤ්ඤොහං භගවා කොණ්ඩඤ්ඤොහං සුගතා”ති. යන්නූනාහං ආයස්මන්තං අඤ්ඤාකොණ්ඩඤ්ඤං භගවතො සම්මුඛා සරූපාහි ගාථාහි අභිත්ථවෙය්යන්ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ට “මේ ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවෝ බොහෝ කලෙකින් ම භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පා මුවෙන් සිඹිත්. අතින් ද පිරිමදිත්. “භාග්‍යවතුන් වහන්ස, මම කොණ්ඩඤ්ඤ යෙමි. සුගතයන් වහන්ස, මම කොණ්ඩඤ්ඤයෙමි”යි නම ද අස්වත්. මම භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි සුදුසු ගාථායෙන් ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරිඳුන් පසසන්නෙම් නම් ඉතා යෙහෙකැ”යි මේ අදහස විය.
Pali BJTඅථ ඛො ආයස්මා වඞ්ගීසො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: පටිභාති මං භගවා පටිභාති මං සුගතාති. පටිභාතු තං වඞ්ගීසාති භගවා අවොච.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා! යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTඅථ ඛො ආයස්මා වඞ්ගීසො ආයස්මන්තං අඤ්ඤාකොණ්ඩඤ්ඤං භගවතො සම්මුඛා සරූපාහි ගාථාහි අභිත්ථවි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථාවලින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරණුවන් පැසසී ය.
Pali BJTබුද්ධානුබුද්ධො සො ථෙරො කොණ්ඩඤ්ඤො තිබ්බනික්කමො, ලාභී සුඛවිහාරානං විවෙකානං අභිණ්හසො.
Sinhala BJT(බුදුහුට පසුව චතුරාර්‍ය්‍යසත්‍ය අවබෝධ කළ බැවින්) බුද්ධානුබුද්ධ වූ බහුල වීර්‍ය්‍යය ඇති ඒ කොණ්ඩඤ්ඤ තෙරණුවෝ සුඛවිහරණ ඇති චිත්තවිවේකයන් නිතර ලබනසුල්ලහ.
Pali BJTයං සාවකෙන පත්තබ්බං සත්ථුසාසනකාරිනා, සබ්බස්ස තං අනුප්පත්තං අප්පමත්තස්ස සික්ඛතො.
Sinhala BJTශාස්තෘශාසනකාරී වූ ශ්‍රාවකයකු විසින් යමක් ලැබියයුතු ද අප්‍රමාදී ව හික්මෙන්නා වූ උන්වහන්සේ විසින් ඒ සියල්ල ලබන ලදී.
Pali BJTමහානුභාවො තෙවිජ්ජො චෙතොපරියායකොවිදො, කොණ්ඩඤ්ඤො බුද්ධදායාදො{1} පාදෙ වන්දති සත්ථුනොති.
Sinhala BJTමහත් අනුභාව ඇති ත්‍රිවිද්‍යා ඇති චේතෝපරියඤාණයෙහි දක්‍ෂ වූ බුද්ධපුත්‍ර වූ කොණ්ඩඤ්ඤ තෙරණුවෝ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වඳිත්.
Pali BJT8. 1. 10.
Sinhala BJT8. 1. 10.
Pali BJTමොග්ගල්ලානසුත්තං
Sinhala BJTමොග්ගල්ලාන සූත්‍රය
Pali BJT218. එකං සමයං භගවා රාජගහෙ විහරති ඉසිගිලිපස්සෙ කාළසිලායං මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි. තෙසං සුදං ආයස්මා මහාමොග්ගල්ලානො චෙතසා චිත්තං සමන්නෙසති විප්පමුත්තං නිරුපධිං{2}.
Sinhala BJT218. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉසිගිලිපවුපස කළුගල්තලාවෙහි හැම රහත් වූ භික්‍ෂූන් පන්සියක් පමණ වූ, මහත් බික්සගන සමග වැඩ වසන සේක. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තමසිතින් ඒ භික්‍ෂූන්ගේ සිත වෙසෙසින් මිදුනේ ද උපධි රහිතදැයි සොයත්.
Pali BJTඅථ ඛො ආයස්මතො වඞ්ගීසස්ස එතදහොසි: අයං ඛො භගවා රාජගහෙ විහරති ඉසිගිලිපස්සෙ කාළසිලායං මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි. තෙසං සුදං ආයස්මා මහාමොග්ගල්ලානො චෙතසා චිත්තං සමන්නෙසති විප්පමුත්තං නිරුපධිං{2}. යන්නූනාහං ආයස්මන්තං මහාමොග්ගල්ලානං භගවතො සම්මුඛා සරූපාහි ගාථාහි අභිත්ථවෙය්යන්ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසතෙරුන්ට “මේ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ඉසිගිලිපවුපස කළුගල්තලාවෙහි හැම රහත් වූ භික්‍ෂූන් පන්සියක් පමණ වූ මහත් බික්සඟන සමග වැඩවසන සේක. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තමසිතින් ඒ භික්‍ෂූන්ගේ සිත වෙසෙසින් මිදුනේ ද උපධි රහිතදැයි සොයත්. මම සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පසසන්නෙම් නම් මැනවැ”යි මේ අදහස වි ය.
Pali BJTඅථ ඛො ආයස්මා වඞ්ගීසො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: පටිභාති මං භගවා පටිභාති මං සුගතාති. පටිභාතු තං වඞ්ගීසාති භගවා අවොච. අථ ඛො ආයස්මා වඞ්ගීසො ආයස්මන්තං මහාමොග්ගල්ලානං භගවතො සම්මුඛා සරූපාහි ගාථාහි අභිත්ථවි:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ ය”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා!යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථාවලින් භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරුන් පැසසී ය.
Pali BJTනගස්ස පස්සෙ ආසීනං මුනිං දුක්ඛස්ස පාරගුං, සාවකා පයිරුපාසන්ති තෙවිජ්ජා මච්චුහායිනො.
Sinhala BJTත්‍රිවිද්‍යා ඇත්තා වූ කෙලෙස් මරු නැසූ ශ්‍රාවකයෝ පවුපස වැඩහුන් දුක් කෙළවරට පැමිණි සම්බුදු මුනීහු පර්‍ය්‍යුපාසනය කෙරෙත්.
Pali BJTතෙ චෙතසා අනුපරියෙති{3} මොග්ගල්ලානො මහිද්ධිකො, චිත්තං නෙසං සමන්නෙසං විප්පමුත්තං නිරූපධිං.
Sinhala BJTමහත් ඍද්ධි ඇති මහමුගලන් තෙරණුවෝ සව්වන්ගේ සිත (කෙලෙසුන්ගෙන්) මිදුනේ ද, උපධි රහිත දැයි සොයමින් තම සිතින් ඔවුන් ලුහුබැඳ යෙත්.
Pali BJTඑවං සබ්බඞ්ගසම්පන්නං මුනිං දුක්ඛස්ස පාරගුං, අනෙකාකාරසම්පන්නං පයිරුපාසන්ති ගොතමන්ති.
Sinhala BJTමෙසේ සියලු ගුණාඞ්ගයන්ගෙන් යුත් දුක් කෙළවරට පැමිණි නොයෙක් අයුරෙන් පිරිපුන් සම්බුදු මුනි වූ ගෞතමයන් වහන්සේ පර්‍ය්‍යුපාසනය කෙරෙත්.
Pali BJT8. 1. 11.
Sinhala BJT8. 1. 11.
Pali BJTගග්ගරාසුත්තං
Sinhala BJTගග්ගරා සූත්‍රය
Pali BJT219. එකං සමයං භගවා චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සත්තහි ච උපාසකසතෙහි{4} අනෙකෙහි ච දෙවතාසහස්සෙහි. ත්යාස්සුදං භගවා අතිරොචති වණ්ණෙන චෙව යසසා ච{5}.
Sinhala BJT219. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර පන්සියක් පමණ වූ බික්සඟන ද සත්සියක් උවසුවන් ද නොයෙක් දහස්ගණන් දෙවියන් ද සමග වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ශරීර වර්‍ණයෙන් ද, යශසින් ද, ඔවුන් අබිබවා බබලන සේක.
Pali BJTඅථ ඛො ආයස්මතො වඞ්ගීසස්ස එතදහොසි: අයං ඛො භගවා චම්පායං විහරති ගග්ගරාය පොක්ඛරණියා තීරෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සත්තහි ච උපාසකසතෙහි අනෙකෙහි දෙවතාසහස්සෙහි. ත්යාස්සුදං භගවා අතිරොචති වණ්ණෙන චෙව යසසා ච. යන්නූනාහං භගවන්තං{1} සම්මුඛා සරූපාය ගාථාය අභිත්ථවෙය්යන්ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙරුන්ට “මේ භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර සමීපයෙහි ගග්ගරා පොකුණුතෙර පන්සියක් පමණ වූ බික්සඟන ද සත්සියක් උවසුවන් ද නොයෙක් දහස්ගණන් දෙවියන් ද සමග වැඩවසන සේක. භාග්‍යවතුන් වහන්සේ ශරීර වර්‍ණයෙන් ද, යශසින් ද, ඔවුන් අබිබවා බබලන සේක. මම සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට හමුවෙහි ප්‍රශංසා කරන්නෙම් නම් මැනවැයි මේ අදහස විය.
Pali BJTඅථ ඛො ආයස්මා වඞ්ගීසො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා භගවන්තං එතදවොච: පටිභාති මං භගවා පටිභාති මං සුගතාති. පටිභාතු තං වඞ්ගීසාති භගවා අවොච.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා!යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTඅථ ඛො ආයස්මා වඞ්ගීසො භගවන්තං{1} සම්මුඛා සරූපාය ගාථාය අභිත්ථවි:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට ඉදිරියෙහි පැසසී ය.
Pali BJTචන්දො යථා විගතවලාහකෙ නභෙ විරොචති විගතමලො{2} ව භාණුමා, එවම්පි අඞ්ගීරස ත්වං මහාමුනි අතිරොචසි යසසා සබ්බලොකන්ති.
Sinhala BJTපහව ගිය වලාකුළු ඇති අහස්හි සඳුත් නිර්‍මල වූ හිරුත් යම්සේ බබලද්ද, මහාමුනි වූ බුදුරජානන් වහන්ස, මුබවහන්සේ ද, එසේ ම යශසින් සියලු ලෝකයා අබිබවා බබලන සේක.
Pali BJT8. 1. 12.
Sinhala BJT8. 1. 12.
Pali BJTවඞ්ගීසසුත්තං
Sinhala BJTවඞ්ගීස සූත්‍රය
Pali BJT220. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා වඞ්ගීසො අචිරඅරහත්තප්පත්තො හොති{3} විමුත්තිසුඛ{4}පටිසංවෙදී. තායං වෙලායං ඉමා ගාථායො අභාසි.
Sinhala BJT220. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසස්ථවිර තෙමේ රහත්බවට පැමිණි නොබෝකල් ඇත්තේ වේ. විමුක්තිසුවය විඳිනේ ඒ වේලාවෙහි මේ ගාථා කී ය.
Pali BJTකාවෙය්යමත්තා විචරිම්හ පුබ්බෙ ගාමා ගාමං පුරා පුරං, අථද්දසාම සම්බුද්ධං සද්ධා නො උදපජ්ජථ{*}.
Sinhala BJTපෙර කවිකිරීමෙන් මත් ව ගමින් ගම ද නුවරින් නුවර ද හැසුරුනෙමු. ඉක්බිති බුදුරජානන් වහන්සේ දුටු වෙමු. (එයින්) අපට ශ්‍රද්ධාව උපනි.
Pali BJTසො මෙ ධම්මමදෙසෙසි ඛන්ධායතනධාතුයො{5}, තස්සාහං ධම්මං සුත්වාන පබ්බජිං අනගාරියං.
Sinhala BJTඒ බුදුරජානන් වහන්සේ ස්කන්‍ධායතනධාතූන් ප්‍රකාශ කෙරෙමින් මට දහම් දෙසූ සේක. මම උන්වහන්සේගේ ධර්‍මය අසා සස්නෙහි පැවිදි වීමි.
Pali BJTබහුන්නං වත අත්ථාය බොධිං අජ්ඣගමා මුනි, භික්ඛූනං භික්ඛුනීනඤ්ච යෙ නියාමගතද්දසා.
Sinhala BJTයම් කෙනෙක් නියාමධර්‍මයට පැමිණියෝ ද, නියාමධර්‍මය දක්නෝ ද බොහෝ වූ ඒ භික්‍ෂූන්ට ද භික්‍ෂුණීන්ට ද වැඩ පිණිස මුනීන්‍ද්‍රයන් වහන්සේ බුද්ධත්‍වයට පැමිණි සේක.
Pali BJTස්වාගතං වත මෙ ආසි මම බුද්ධස්ස සන්තිකෙ, තිස්සො විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසනං.
Sinhala BJTමම ඒකාන්තයෙන් යහපත් ඊමෙක් විය. මා විසින් බුදුරජානන් වහන්සේ සමීපයෙහි ත්‍රිවිද්‍යාවෝ ලබන ලදහ. සර්‍වඥයන් වහන්සේගේ ශාසනය කරණ ලද්දේ ය.
Pali BJTපුබ්බෙනිවාසං ජානාමි දිබ්බචක්ඛුං විසොධිතං, තෙවිජ්ජො ඉද්ධිපත්තොම්හි චෙතොපරියාය කොවිදොති.
Sinhala BJTපෙර විසූ කඳපිළිවෙළ දනිමි. දිවැස වෙසෙසින් පිරිසිදු කරණ ලද්දේ ය. ත්‍රිවිද්‍යා ඇත්තෙම් ඍද්ධිවිධඥානයට පැමිණියෙම් චේතෝපරියඤාණයෙහි දක්‍ෂ වූයෙම් වෙමි.
Pali BJTවඞ්ගීසවග්ගො පඨමො.
Sinhala BJTවඞ්ගීස වර්‍ගය පළමුවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTනික්ඛන්තං අරති චෙව පෙසලා අතිමඤ්ඤනා, ආනන්දෙන සුභාසිතා සාරිපුත්ත පවාරණා, පරොසහස්සං කොණ්ඩඤ්ඤො මොග්ගල්ලානෙන ගග්ගරා වඞ්ගීසෙන ද්වාදසාති.
Sinhala BJTනික්ඛන්ත, අරති, පෙසල, අතිමඤ්ඤනා, ආනන්‍ද, සුභාසිත, සාරිපුත්ත, පවාරණ, පරොසහස්ස, කොණ්ඩඤ්ඤ, මොග්ගල්ලාන, ගග්ගර, වඞ්ගීස යයි සූත්‍ර දොළසෙකි.
Pali BJTවඞ්ගීසසංයුත්තං සමත්තං
Sinhala BJTවඞ්ගීස සංයුත්තය නිමියේ ය.
Pali BJT9. වනසංයුත්තං
Sinhala BJT9. වන සංයුත්තය
Pali BJT1. වනවග්ගො
Sinhala BJT1. වන වර්‍ගය
Pali BJT9. 1. 1.
Sinhala BJT9. 9. 1.
Pali BJTවිවෙකසුත්තං
Sinhala BJTවිවෙක සූත්‍රය
Pali BJT221. එවං මෙ සුතං: එකං සමයං අඤ්ඤතරො භික්ඛු කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන සො භික්ඛු දිවාවිහාරගතො පාපකෙ අකුසලෙ විතක්කෙ විතක්කෙති ගෙහනිස්සිතෙ.
Sinhala BJT221. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණ තෙමේ පස්කම්සුව ඇසුරු කළ ලාමක අකුසල් සිතිවිලි සිතයි.
Pali BJTඅථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා තස්ස භික්ඛුනො අනුකම්පිකා අත්ථකාමා තං භික්ඛුං සංවෙජෙතුකාමා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං භික්ඛුං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ, ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ ඒ මහණහට සංවේග දනවනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය. එළඹ ඒ මහණහට ගාථායෙන් කී ය:
Pali BJTවිවෙකකාමොසි වනං පවිට්ඨො අථ තෙ මනො නිච්ඡරතී බහිද්ධා, ජනො{1} ජනස්මිං විනයස්සු ඡන්දං තතො සුඛී හොහිසි වීතරාගො.
Sinhala BJTවිවේකය කැමති ව වනයට පිවිසියේ වෙහි ය. එහෙත් ඔබගේ සිත පිටත හැසිරෙයි. ජනයෙක් වූ ඔබ අන්‍යජනයා කෙරෙහි ඡන්‍දරාගය දුරු කරව. එහෙයින් පහ ව ගිය රාග ඇත්තේ සැප ඇත්තෙක් වන්නෙහි ය.
Pali BJTඅරතිං පජහාසි සතො{2} භවාසි සතං තං සාදයාමසෙ{3}, පාතාලරජො හි දුත්තරො{4} මා තං කාමරජො අවාහරි.
Sinhala BJTඅනභිරතිය දුරු කරව. සිහි ඇත්තෙක් වෙව. ඔබ සිස්හි ඇත්තෙකැ යි, නොහොත් ඒ සත්පුරුෂධර්‍මය යයි අදහමු. පාතලසඞ්ඛ්‍යාත කෙලෙස්රජස් තරණය කිරීමට දුෂ්කර ම ය. කාමරාගරජස් ඔබ (අපායට) නො හෙළාවා.
Pali BJTසකුණො යථා පංසුකුණ්ඩිතො{5} විධුතං{6} පාතයති සිතං රජං, එවං භික්ඛු පධානවා සතිමා විධුනං පාතයති සිතං රජන්ති.
Sinhala BJTපස් තැවරුණා වූ පක්‍ෂියෙක් (පියාපත්) සලමින් (ශරීරයෙහි) ඇලුනු දූවිලි යම් සේ හෙළා ද, එසේ ම ප්‍රධන් වීර්‍ය්‍යය ඇති ස්මෘතිමත් වූ මහණ තෙම (ස්වාසන්තානය) ඇසුරු කළ (කෙලෙස්) රජස් සලමින් හෙළයි.
Pali BJTඅථ ඛො සො භික්ඛු තාය දෙවතාය සංවෙජිතො සංවෙගමාපාදීති.
Sinhala BJTඉක්බිති ඒ මහණ තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවේගයට (ඔතප්බියට) පැමිණියේ ය.
Pali BJT9. 1. 2.
Sinhala BJT9. 9. 2.
Pali BJTඋපට්ඨානසුත්තං
Sinhala BJTඋපට්ඨාන සූත්‍රය
Pali BJT222. එකං සමයං අඤ්ඤතරො භික්ඛු කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන සො භික්ඛු දිවාවිහාරගතො සුපති. අථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා තස්ස භික්ඛුනො අනුකම්පිකා අත්ථකාමා තං භික්ඛුං සංවෙජෙතුකාමා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමි.
Sinhala BJT222. එක්කලෙක එක්තරා මහණෙක් කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ඒ මහණෙ තෙමේ දිවාවිහාරයට ගියේ නිදයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ මහණහට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ, ඒ මහණහට සංවේගදන්වනු කැමැත්තේ ඒ මහණහු වෙත එළඹියේ ය.
Pali BJTඋපසඞ්කමිත්වා තං භික්ඛුං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඑළඹ ඒ මහණහට ගාථායෙන් කීය.
Pali BJTඋට්ඨෙහි භික්ඛු කිං සෙසි{1} කො අත්ථො සුපිනෙන{2} තෙ, ආතුරස්ස හි කා{3} නිද්දා සල්ලවිද්ධස්ස රුප්පතො.
Sinhala BJTමහණ, නැගිටුව, කිම, නිදහි ද? නිදීමෙන් තොපට කිනම් වැඩෙක් ද? ක්ලේශාතුර වූ (අවිද්‍යා විෂ පෙවූ තෘෂ්ණා) ශල්‍යයෙන් විදින ලද ගැටෙන්නාවූ තොපට කරව නින්දෙක් ද?
Pali BJTයාය සද්ධා{4} පබ්බජිතො අගාරස්මානගාරියං, තමෙව සද්ධං බ්රූහෙහි මා නිද්දාය වසඞ්ගමීති.
Sinhala BJTයම් ශ්‍රද්ධාවෙකින් ගිහිගෙන් නික්ම පැවිදි වූයෙහි ද, ඒ ශ්‍රද්ධාව ම වඩව. නින්දට වසඟ නො වව.
Pali BJTඅනිච්චා අද්ධුවා කාමා යෙසු මන්දො’ව මුච්ඡිතො, ඛන්ධෙසු{5} මුත්තං අසිතං කස්මා පබ්බජිතං තපෙ.
Sinhala BJTනුවණ මඳ වූ පෘථග්ජන තෙමේ යම් කාමයන්හි මුසපත් වූයේ ද, ඒ කාමයෝ අනිත්‍යයහ. අධ්‍රැවයහ. ස්කන්‍ධයන්හි මිදුනාවූ තෘෂ්ණාදෘෂ්ටීන් අනිඃශ්‍රිත වූ පැවිද්දකු කුමක් හෙයින් (දිවාස්වප්නය තෙමේ) තවන්නේ ද,
Pali BJTඡන්දරාගස්ස විනයා අවිජ්ජාසමතික්කමා, තඤ්ඤාණං පරමවොදානං{6} කස්මා පබ්බජිතං තපෙ.
Sinhala BJTඡන්‍දරාගය වැනසීමෙන් ද, අවිද්‍යාව ඉක්ම වීමෙන් ද ඒ චතුස්සත්‍යඥානය පරම පවිත්‍ර වූයේ වෙයි. (එබඳු) පැවිද්දකු කුමක් හෙයින් තවන්නේ ද,
Pali BJTභෙත්වා{7} අවිජ්ජං විජ්ජාය ආසවානං පරික්ඛයා, අසොකං අනුපායාසං කස්මා පබ්බජිතං තපෙ.
Sinhala BJTමාර්‍ගඥාන විද්‍යාවෙන් අවිද්‍යාව බිඳ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් නිශ්ශෝකී වූ උපායාස රහිත වූ පැවිද්දකු කුමක් හෙයින් තවන්නේ ද,
Pali BJTආරද්ධවිරියං පහිතත්තං නිච්චං දළ්හපරක්කමං, නිබ්බානං අභිකඞ්ඛන්තං කස්මා පබ්බජිතං තපෙති.
Sinhala BJTසම්පූර්‍ණ වීර්‍ය්‍යය ඇති නිවන් පිණිස මෙහෙයු සිත් ඇති නිතර දැඩි පැරකුම් ඇති නිවණ පතන පැවිද්දකු කුමක් හෙයින් තවන්නේ ද.
Pali BJT9. 1. 3.
Sinhala BJT9. 9. 3.
Pali BJTකස්සපගොත්තසුත්තං.
Sinhala BJTකස්සපගොත්ත සූත්‍රය
Pali BJT223. එකං සමයං ආයස්මා කස්සපගොත්තො කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා කස්සපගොත්තො දිවාවිහාරගතො අඤ්ඤතරං වෙතං{8} ඔවදති.
Sinhala BJT223. එක්කලෙක ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ එක්තරා මුවවැද්දකුට අවවාද කෙරෙයි.
Pali BJTඅථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා ආයස්මතො කස්සපගොත්තස්ස අනුකම්පිකා අත්ථකාමා ආයස්මං කස්සපගොත්තං සංවෙජෙතුකාමා යෙනායස්මා කස්සපගොත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං කස්සපගොත්තං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි තෙමේ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට සංවේග දනවනු කැමැත්තේ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් කස්සපගොත්ත තෙරුන්ට ගාථායෙන් කී ය:
Pali BJTගිරිදුග්ගචරං චෙතං අප්පපඤ්ඤං අචෙතසං, අකාලෙ ඔවදං භික්ඛු මන්දො’ව පටිභාති මං.
Sinhala BJTපර්‍වත දුර්‍ගයෙහි හැසිරෙණ නුවණ නැති (කරුණු නොකරුණු දැනීමෙහි සමත්) සිත් නැති මුවවැද්දකුට නොකල්හි අවවාද කරණ මහණ තෙමේ අන්‍ධබාලයකු මෙන් මට වැටහේ.
Pali BJTසුණාති{9} න විජානාති ආලොකෙති න පස්සති, ධම්මස්මිං භඤ්ඤමානස්මිං අත්ථං බාලො න බුජ්ඣති.
Sinhala BJT(තොපගේ බණ) අසයි. (එහෙත් අරුත්) නො දනී. (පුහුදුන් ඉදුහයෙන් දිලෙන පටඇඟිලි) බලයි. (එහි කරුණු) නො දකී. බණ කියන කල්හි අඥාන තෙමේ අරුත් අවබෝධ නො කෙරෙයි.
Pali BJTසචෙපි දස පජ්ජොතෙ ධාරයිස්සසි කස්සප, නෙව දක්ඛිති{10} රූපානි චක්ඛු හි’ස්ස න විජ්ජතීති.
Sinhala BJTපින්වත් කස්සප, ඉදින් ඇඟිලි පහන් දශයක් දරන්නෙහි නමුත් (හේතු) රූපයන් නොම දක්නේ ය. යම් හෙයෙකින් ඕහට පැණැස නැද්ද (එහෙයිනි).
Pali BJTඅථ ඛො ආයස්මා කස්සපගොත්තො තාය දෙවතාය සංවෙජිතො සංවෙගමාපාදීති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් කස්සපගොත්ත ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට (ඔතප්බියට) පමුණුවන ලද්දේ සංවිග්න වී ය.
Pali BJT9. 1. 4.
Sinhala BJT9. 9. 4.
Pali BJTසම්බහුලාසුත්තං.
Sinhala BJTසම්බහුලා සූත්‍රය
Pali BJT224. එකං සමයං සම්බහුලා භික්ඛූ කොසලෙසු විහරන්ති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. අථ ඛො තෙ භික්ඛූ වස්සං වුත්ථා{1} තෙමාසච්චයෙන චාරිකං පක්කමිංසු. අථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා තෙ භික්ඛූ අපස්සන්තී පරිදෙවමානා තායං වෙලායං ඉමං ගාථං අභාසි:
Sinhala BJT224. එක්කලෙක බොහෝ භික්‍ෂූහු කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙත්. ඉක්බිති ඒ භික්‍ෂූහු වස් එළඹුනාහු තෙමස අවෑමෙන් චාරිකාවට ගියහ. එකල්හි ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ඒ දෙවි තෙමේ ඒ භික්‍ෂූන් නො දක්නේ හඬමින් ඒ වෙලාවෙහි මේ ගාථාව කී ය:
Pali BJTඅරති විය මෙ’ජ්ජ{2} ඛායති බහුකෙ දිස්වාන විවිත්තෙ ආසනෙ, තෙ චිත්තකථා බහුස්සුතා කො’මෙ ගොතමසාවකා ගතාති.
Sinhala BJTහිස් වූ බොහෝ අසුන් දැක මට අද අරතියක් මෙන් වැටහෙයි. විසිතුරු කථා ඇති බහුශ්‍රුත වූ ඒ මේ ගොයුම් සව්වෝ කොහි වැඩියාහු ද.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරා දෙවතා තං දෙවතං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTමෙසේ කී කල්හි එක්තරා දෙවියෙක් දේවතාවාට මේ ගාථාව කී ය:
Pali BJTමගධං ගතා කොසලං ගතා එකච්චියා පන වජ්ජිභූමියා, මගා{3} විය අසඞ්ගචාරිනො අනිකෙතා විහරන්ති භික්ඛවොති.
Sinhala BJTඇතැම් කෙනෙක් මගධ දනව්වට වැඩියහ. (ඇතැම් කෙනෙක්) කොසොල් දනව්වට වැඩියහ. (ඇතැම් කෙනෙක්) වැදෑරටට අභිමුඛ ව (වැඩියහ.) භික්‍ෂූහු ඇල්මක් නැති ව හැසිරෙන්නාහු ගෙයක් නැති ව මුවන් මෙන් වෙසෙත්.
Pali BJT9. 1. 5.
Sinhala BJT9. 9. 5.
Pali BJTආනන්දසුත්තං.
Sinhala BJTආනන්‍ද සූත්‍රය
Pali BJT225. එකං සමයං ආයස්මා ආනන්දො කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ.
Sinhala BJT225. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද ස්ථිවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා ආනන්දො අතිවෙලං ගිහීසඤ්ඤත්තිබහුලො විහරති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථිවිර තෙමේ අතිමාත්‍ර කාලයක් ගිහියන් කෙරෙහි හැඟවිලි (ඇවැත්නි නොහඬව යනාදි නැලවිලි) බහුල කොට ඇති ව වෙසෙයි.
Pali BJTඅථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා ආයස්මතො ආනන්දස්ස අනුකම්පිකා අත්ථකාමා ආයස්මන්තං ආනන්දං සංවෙජෙතුකාමා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ අනඳ තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමැති දෙවි අනඳ තෙරුන් සංවිග්න කරවනු කැමැත්තේ අනඳ තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් අනඳ තෙරුන්ට ගාථායෙන් කී ය.
Pali BJTරුක්ඛමූලගහණං පසක්කිය නිබ්බානං හදයස්මිං ඔපිය, ඣාය{4} ගොතම මා ච{5} පමාදො කිං තෙ බිළිබිළිකා කරිස්සතීති.
Sinhala BJTරුක්මුල සෙනසුන්හි විසීමට පිවිසි නිවණ ලෙහි බහා ගෙණ (වෙසෙන) නුඹවහන්සේට (ගිහියන් සමග කරණ මේ) බිළිබිළි කථාව කුමක් කෙරේ ද? ගෞතමයන් වහන්ස, පමා නොවන මැනව. ධ්‍යාන කරණු මැනව.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො තාය දෙවතාය සංවෙජිතො සංවෙගමාපාදීති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වී ය.
Pali BJT9. 1. 6.
Sinhala BJT9. 9. 6.
Pali BJTඅනුරුද්ධසුත්තං.
Sinhala BJTඅනුරුද්ධ සූත්‍රය
Pali BJT226. එකං සමයං ආයස්මා අනුරුද්ධො කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. අථ ඛො අඤ්ඤතරා තාවතිංසකායිකා දෙවතා ජාලිනී නාම ආයස්මතො අනුරුද්ධස්ස පුරාණදුතියිකා යෙනායස්මා අනුරුද්ධො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං අනුරුද්ධං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJT226. එක්කලෙක අනුරුද්ධ ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ගේ පෙරඅත්බව්හි බිරියක් වූ තව්තිසාවැසි ජාලිනී නම් එක්තරා දෙව්දුවක් ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වෙත එළඹියා. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට ගාථායෙන් කිවු ය.
Pali BJTතත්ථ චිත්තං පණිධෙහි යත්ථ තෙ වුසිතං පුරෙ, තාවතිංසෙසු දෙවෙසු සබ්බකාමසමිද්ධිසු, පුරක්ඛතො පරිවුතො දෙවකඤ්ඤාහි{6} සොභසීති.
Sinhala BJTපෙර යම් දෙව්ලොවෙක නුඹවහන්සේ විසීම වී ද, එහි සිත පිහිටුවනු මැනව. සියලු කාමයෙන් සමෘද්ධ වූ තව්තිසා දෙවියන් කෙරෙහි දෙවඟනන් විසින් පෙරටු කරණ ලදු ව, පිරිවරණ ලදු ව බැබළුනුහු,
Pali BJTදුග්ගතා දෙවකඤ්ඤායො සක්කායස්මිං පතිට්ඨිතා, තෙ චාපි දුග්ගතා සත්තා දෙවකඤ්ඤාහි පත්ථිතාති.
Sinhala BJTදෙවඟනෝ (ප්‍රතිපත්ති දුර්‍ගතියෙන්) දුර්‍ගතයහ. සත්කායයෙහි පිහිටියෝ ය. දෙවඟනන් විසින් පතන ලද ඒ සත්‍වයෝ ද දුර්‍ගතයහ.
Pali BJTන තෙ සුඛං පජානන්ති යෙ න පස්සන්ති නන්දනං, ආවාසං නරදෙවානං තිදසානං යසස්සිනන්ති.
Sinhala BJTයම් කෙනෙක් පිරිවර - යශස් ඇති තිදස්වැසි දේවපුරුෂයන්ගේ නදුනුයන නො දකිද්ද ඔහු සුවය නො දනිත්.
Pali BJT[අනුරුද්ධො:]
Sinhala BJT[අනුරුද්ධ:]
Pali BJTන ත්වං බාලෙ විජානාසි යථා අරහතං වචො, අනිච්චා සබ්බෙ සඞ්ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛො.
Sinhala BJTබාලතැනැත්තිය, “සියලු සංස්කාරයෝ අනිත්‍යයහ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංහිඳීම සුව ය” යන රහතුන්ගේ වදන පරිදි තෝ නො දන්නහු.
Pali BJTනත්ථිදානි පුනාවාසො දෙවකායස්මිං{1} ජාලිනී, වික්ඛීණො ජාතිසංසාරො නත්ථිදානි පුනබ්භවොති.
Sinhala BJTඑම්බා, ජාලිනි, දැන් දේවකායෙහි නැවත විසීමෙක් (මට) නැත. ඉපදීම යයි කියන ලද සංසාරය ක්‍ෂීණ වූයේ ය. දැන් පුනර්‍භවයෙක් (මට) නැත.
Pali BJT9. 1. 7.
Sinhala BJT9. 9. 7.
Pali BJTනාගදත්තසුත්තං.
Sinhala BJTනාගදත්ත සූත්‍රය
Pali BJT227. එකං සමයං ආයස්මා නාගදත්තො කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා නාගදත්තො අතිකාලෙන ගාමං පවිසති, අතිදිවා පටික්කමති. අථ ඛො යා තස්මිං වනසණ්ඩෙ අධිවත්ථා දෙවතා ආයස්මතො නාගදත්තස්ස අනුකම්පිකා අත්ථකාමා ආයස්මන්තං නාගදත්තං සංවෙජෙතුකාමා යෙනායස්මා නාගදත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං නාගදත්තං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJT227. එක්කලෙක ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වෙසෙයි. එකල්හි ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ ඉතා කලින් ගමට පිවිසෙයි. ඉතා දවල් පෙරළා එයි. ඉක්බිති ඒ වනලැහැබෙහි අධිගෘහිත වූ ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට අනුකම්පා කරණ වැඩ කැමති ඒ දෙවි ආයුෂ්මත් නාගදත්ත තෙරුන් සංවිග්න කරවනු කැමැත්තේ ආයුෂ්මත් නාගදත්ත තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් නාගදත්ත තෙරුන්ට ගාථායෙන් කී ය:
Pali BJTකාලෙ පවිස්ස{2} නාගදත්ත දිවා ච ආගන්ත්වා අතිවෙලචාරී, සංසට්ඨො ගහට්ඨෙහි සමානසුඛදුක්ඛො.
Sinhala BJTනාගදත්ත, අලුයම් කාලයෙහි (පිඬු පිණිස) පිවිස වෙලාව ඉක්මවා හැසිරෙන සුලු වූයෙහි ගිහියන් හා හැනුනෙහි ඉතා දවල් පෙරළා අවුත් (ගිහියන් හා) සමාන සුවදුක් ඇත්තෙහිය.
Pali BJTභායාමි නාගදත්තං සුප්පගබ්භං කුලෙසු විනිබද්ධං,{3} මා හෙව මච්චුරඤ්ඤො බලවතො අන්තකස්ස වසමෙසීති.{4}
Sinhala BJTඉතා බුහුටි වූ කුලයන්හි බැඳුනා වූ නාගදත්ත (මහණහු ගැණ) බමි. බලවත් වූ මෘත්‍යුරාජ වූ මරුගේ වශයට නො ම පැමිණෙව.
Pali BJTඅථ ඛො ආයස්මා නාගදත්තො තාය දෙවතාය සංවෙජිතො සංවෙගමාපාදීති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් නාගදත්ත ස්ථවිර තෙමේ ඒ දේවතාවා විසින් සංවේගයට පමුණුවන ලද්දේ සංවිග්න වි ය.
Pali BJT9. 1. 8.
Sinhala BJT9. 9. 8.