Pali BJTඑවං භො ගොතමාති{1}.
Sinhala BJTභවත් ගෞතමයෙනි, එසේ ය.
Pali BJTකිම්පන ත්වං බ්රාහ්මණ අත්ථවසං සම්පස්සමානො උදකසුද්ධිකො උදකෙන පරිසුද්ධිං{2} පච්චෙසි. සායපාතං උදකොරොහනානුයොගමනුයුත්තො විහරසීති?
Sinhala BJTබමුණ, තෝ කිනම් ආනිසංසයක් දක්මින් ජලයෙන් පිරිසිදු වේ යයි අදහන්නෙහි ජලයෙන් පිරිසිදු බව පතයි ද? උදය සවස දියට බැසීම් ව්‍රතයෙහි යෙදුනෙහි වෙසෙයි ද?
Pali BJTඉධ මෙ භො ගොතම යං දිවා පාපකම්මං කතං හොති, තං සාය නහානෙන{3} පවාහෙමි. යං රත්තිං පාපකම්මං කතං හොති, තං පාත{4} නහානෙන පවාහෙමි. ඉමං ඛ්වාහං භො ගොතම අත්ථවසං සම්පස්සමානො උදකසුද්ධිකො උදකෙන පරිසුද්ධිං පච්චෙමි. සායපාතං උදකොරොහනානුයොගමනුයුත්තො විහරාමීති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මෙහි මා විසින් දහවල් යම් පව්කමෙක් කරණ ලද්දේ වේ ද, සවස නෑමෙන් එය පා කොට හරිමි. රෑ යම් පව්කමෙක් කරණ ලද්දේ වේ ද, උදය නෑමෙන් එය පා කොට හරිමි. භවත් ගෞතමයෙනි, මම මේ ආනිසංසය දක්නෙම් ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නෙම් ජලයෙන් පිරිසුදු බව පතමි. උදය සවස දියට බැසීම් ව්‍රතයෙහි යෙදුනෙම් වෙසෙමි යි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTධම්මො රහදො බ්රාහ්මණ සීලතිත්ථො අනාවිලො සබ්භි සතං පසත්ථො, යත්ථ හවෙ වෙදගුනො සිනාතා අනල්ලගත්තා’ව තරන්ති පාරන්ති.
Sinhala BJTවේදයෙහි පරතෙරට ගිය ආර්‍ය්‍යයෝ යම් තැනෙක ස්නානය කළාහු නොතෙත් සිරුර ඇතිව ම නිවන් නමැති පරතෙරට ඒකාන්තයෙන් යෙද් ද, බමුණ, ධර්‍මය තෙමේ සිල් නමැති තොට ඇති වෙසෙසින් පහන් වූ උතුම් සත්පුරුෂයන් විසින් පසස්නා ලද (එබඳු) ජලාසයෙකි.
Pali BJTඑවං වුත්තෙ සඞ්ගාරවො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි සඞ්ගාරව බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා.
Pali BJT7. 2. 12.
Sinhala BJT7. 2. 12.
Pali BJTඛොමදුස්සසුත්තං
Sinhala BJTඛොමදුස්ස සූත්‍රය
Pali BJT208. එවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති ඛොමදුස්සං නාමං සක්යානං නිගමො. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ඛොමදුස්සං නිගමං{5} පිණ්ඩාය පාවිසි.
Sinhala BJT208. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි ශාක්‍යයන්ගේ ඛොමදුස්ස නම් නියම්ගම්හි වැඩවසන සේක, එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ඛොමදුස්ස නියම්ගමට පිඬු පිණිස පිවිසි සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ඛොමදුස්සකා බ්රාහ්මණගහපතිකා සභායං සන්නිපතිතා හොන්ති කෙනචි දෙව කරණීයෙන. දෙවො ච එකමෙකං ඵුසායති.
Sinhala BJTඑකල, ඛොමදුස්ස නියම්ගම්වැසි බමුණුගැහැවියෝ කිසියම් කටයුත්තක් සඳහා සභායෙහි රැස්වූවාහු වෙති. වැස්ස ද එකිඑකි පොද හෙළයි.
Pali BJTඅථ ඛො භගවා යෙන සා සභා තෙනුපසඞ්කමි. අද්දසංසු ඛො ඛොමදුස්සකා බ්රාහ්මණගහපතිකා භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන එතදවොචුං: කෙ ච මුණ්ඩකා සමණකා කෙ ච සභාධම්මං ජානිස්සන්තීති?
Sinhala BJTඑවිට භාග්‍යවතුන් වහන්සේ ඒ සභාව වෙත එළඹි සේක. ඛොමදුස්සක බමුණුගැහැවියෝ වඩින්නා වූ භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දුටුහ. දැක නින්‍දිත මුඩුමහණහු කවරහු ද, කවර කෙනෙක් සභාධර්‍මය දන්නාහු දැ යි මෙය කීහ.
Pali BJTඅථ ඛො භගවා ඛොමදුස්සකෙ බ්රාහ්මණගහපතිකෙ ගාථාය අජ්ඣභාසි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඛොමදුස්සක බමුණුගැහැවියන්ට ගාථායෙන් වදාළ සේක:
Pali BJTනෙසා සභා යත්ථ න සන්ති සන්තො සන්තො න තෙ යෙ න වදන්ති ධම්මං, රාගඤ්ච දොසඤ්ච පහාය මොහං ධම්මං වදන්තාව{1} භවන්ති සන්තොති.
Sinhala BJTයම් තැනෙක සත්පුරුෂයෝ නැද් ද, තෙල සභායෙක් නොවේ. යම් කෙනෙක් ධර්‍මය නො කියද් ද, ඔහු සත්පුරුෂ නොවෙති. රාගය ද, ද්වේෂය ද, මෝහය ද දුරු කොට ධර්‍මය දේශනා කරන්නෝ ම සත්පුරුෂ වෙති.
Pali BJTඑවං වුත්තෙ ඛොමදුස්සකා බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං: අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය පටිච්ඡන්නං වා විවරෙය්ය, මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්ති. එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාම ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණං ගතෙති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ඛොමදුස්සක බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මංමුළා වූවකුට මඟ කියා දෙන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දක්නාහයි අඳුරෙහි තෙල්පහනක් දරන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියරින් ධර්‍මය ප්‍රකාශ කරණ ලද්දේ ය. මේ අපි භවත් ගොයුම්හු ද, දහම ද, බික්සඟන ද සරණ යමු. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය අප උපාසකයන් කොට දරණ සේක්වා යි.
Pali BJTඋපාසකවග්ගො දුතියො.
Sinhala BJTඋපාසක වර්‍ගය දෙවෙනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTකසී උදයො දෙවහිතො අඤ්ඤතර මහාසාළං මානත්ථද්ධඤ්ච පච්චනීකඤ්ච නවකම්මකට්ඨහාරකං{2} මාතුපොසකො{3} භික්ඛකො සඞ්ගාරවො ඛොමදුස්සෙන ද්වාදසාති.
Sinhala BJTකසී, උදය, දේවහිත, අඤ්ඤතරමහාසාළ, මානත්‍ථද්ධ, පච්චනීක, නවකම්ම, කට්ඨහාරක, මාතුපෝසක, භික්ඛක, සඞ්ගාරව, ඛොමදුස්ස සූත්‍රය යි සූත්‍ර දොළොසෙකි.
Pali BJTබ්රාහ්මණසංයුත්තං සමත්තං.
Sinhala BJTබ්‍රාහ්මණ සංයුත්තය නිමියේ ය.
Pali BJT8. වඞ්ගීසසංයුත්තං
Sinhala BJT8. වඞ්ගීස සංයුත්තය
Pali BJT1. වඞ්ගීසවග්ගො
Sinhala BJT1. වඞ්ගීස වර්‍ගය
Pali BJT8. 1. 1.
Sinhala BJT8. 1. 1.
Pali BJTනික්ඛන්තසුත්තං
Sinhala BJTනික්ඛන්ත සූත්‍රය
Pali BJT209. එවං මෙ සුතං: එකං සමයං ආයස්මා වඞ්ගීසො ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ ආයස්මතා නිග්රොධකප්පෙන උපජ්ඣායෙන සද්ධිං. තෙන ඛො පන සමයෙන ආයස්මා වඞ්ගීසො නවො හොති අචිරපබ්බජිතො ඔහිය්යකො විහාරපාලො.
Sinhala BJT209. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචේතිය විහාරයෙහි උපාධ්‍යාය වූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරුන් සමග වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අලුත පැවිදි වූ වෙහෙර නවතින වෙහෙර රක්නා නවකයෙක් වෙයි.
Pali BJTඅථ ඛො සම්බහුලා ඉත්ථියො සමලඞ්කරිත්වා යෙන අග්ගාළවකො ආරාමො{4} තෙනුපසඞ්කමිංසු, විහාරපෙක්ඛිකායො. අථ ඛො ආයස්මතො වඞ්ගීසස්ස තා ඉත්ථියො දිස්වා අනභිරති උප්පජ්ජති, රාගො චිත්තං අනුද්ධංසෙති.
Sinhala BJTඉක්බිති බොහෝ ස්ත්‍රීහු සැරසී වෙහෙර දක්නා කැමැත්තාහු අග්ගාලවකආරාමය කරා පැමිණියහ. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට ඒ ස්ත්‍රීන් දැක අනභිරතිය උපදයි. රාගය (කුසල්) සිත වනසයි.
Pali BJTඅථ ඛො ආයස්මතො වඞ්ගීසස්ස එතදහොසි. අලාභා වත මෙ, න වත මෙ ලාභා. දුල්ලද්ධං වත මෙ, න වත මෙ සුලද්ධං. යස්ස මෙ අනභිරති උප්පන්නා, රාගො චිත්තං අනුද්ධංසෙති. තං කුතෙත්ථ ලබ්භා යම්මෙ පරො අනභිරතිං විනොදෙත්වා අභිරතිං උප්පාදෙය්ය. යන්නූනාහං අත්තනාව අත්තනො අනභිරතිං විනොදෙත්වා අභිරතිං උප්පාදෙය්යන්ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “යම්බඳු මට අනභිරතිය උපන්නී ද, රාගය සිත වනසා ද, ඒකාන්තයෙන් (එය) මට අලාභයෙක. ඒකාන්තයෙන් එය මට ලාභයෙක් නො වේ. මට ඒකාන්තයෙන් දුර්භාග්‍යයෙකි. ඒකාන්තයෙන් මට යහපත් භාග්‍යයෙක් නොවේ. යම් හෙයකින් මෙරමා මාගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවන්නේ නම් එය මෙහි කොයින් ලැබිය හැකි ද, මම තෙමේ ම තමාගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවන්නෙම් නම් මැනැවැ”යි මේ සිත විය.
Pali BJTඅථ ඛො ආයස්මා වඞ්ගීසො අත්තනාව අත්තනො අනභිරතිං විනොදෙත්වා අභිරතිං උප්පාදෙත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ම තමාගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවා ඒ වේලාවෙහි මේ ගාථා කීය.
Pali BJTනික්ඛන්තං වත මං සන්තං අගාරස්මානගාරියං, විතක්කා උපධාවන්ති පගබ්භා කණ්හතො ඉමෙ.
Sinhala BJTගිහිගෙයින් නික්මුනාවූ ම සස්නට පැමිණියා වූ මා කරා බුහුටි වූ මේ විතර්‍කයෝ මාරයා කෙරෙන් ඒකාන්තයෙන් දිව එත්.
Pali BJTඋග්ගපුත්තා මහිස්සාසා සික්ඛිතා දළ්හධම්මිනො, සමන්තා පරිකිරෙය්යුං සහස්සං අපලායිනං.
Sinhala BJTඋග්‍රපුත්‍ර (රාජන්‍ය) වූ මහත්දුනු ඇති (ධනුශ්ශිල්පයෙහි) මොනවාට හික්මුනු දැඩි ඇදුරු දුනු දරන්නාවූ පලා නොයන ඔවුන් දහස්හුදු හාත්පස ඊතල විසුරුවනාහු ද (දක්‍ෂ පුරුෂයාට ඒ සියල්ල වැළකිය හැකිය.)
Pali BJTසචෙපි එත්තතො{1} භිය්යො ආගමිස්සන්ති ඉත්ථියො, නෙව මං බ්යාධයිස්සන්ති ධම්මෙ සම්හි පතිට්ඨිතං.{2}
Sinhala BJTඉදිනුදු මේ පමණ (දහස) ටත් වඩා ස්ත්‍රීහු එන්නාහු ද, ස්වකීය (ශාසන) ධර්‍මයෙහි පිහිටි මා නො පෙළන්නාහු ය{*}.
Pali BJTසක්ඛීහි මෙ සුතං එතං බුද්ධස්සාදිච්චබන්ධුනො, නිබ්බාණගමනං මග්ගං තත්ථ මෙ නිරතො මනො.
Sinhala BJTසූර්‍ය්‍යබන්‍ධු වූ බුදුරජානන් වහන්සේ සම්මුඛයෙන් ම මේ නිවන් යන මග මා විසින් අසන ලද්දේ ය. එහි මාගේ සිත ඇලුනේ ය.
Pali BJTඑවඤ්චෙ මං විහරන්තං පාපිමා{3} උපගච්ඡසි, තථා මච්චු කරිස්සාමි න මෙ මග්ගම්පි දක්ඛසීති.
Sinhala BJTපවිට, ඉදින් මෙසේ වසන්නා වූ මා කරා පමිණෙහි ද, මරුව (තෝ යම්සේ) මා ගිය මගක් නො දක්නෙහි ද, එසේ කරන්නෙමි.
Pali BJT8. 1. 2.
Sinhala BJT8. 1. 2.
Pali BJTඅරතිසුත්තං
Sinhala BJTඅරති සූත්‍රය
Pali BJT210. එකං සමයං{4} ආයස්මා වඞ්ගීසො ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ ආයස්මතා නිග්රොධකප්පෙන උපජ්ඣායෙන සද්ධිං. තෙන ඛො පන සමයෙන ආයස්මා නිග්රොධකප්පො පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො විහාරං පවිසති සායං වා නික්ඛමති අපරජ්ජු වා කාලෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතො වඞ්ගීසස්ස අනභිරති උප්පන්නා හොති, රාගො චිත්තං අනුද්ධංසෙති.
Sinhala BJT210. එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචේතිය විහාරයෙහි උපාධ්‍යාය වූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරුන් සමග වෙසෙයි. එකල්හි ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරණුවෝ පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු වෙහෙරට පිවිසෙති. සවස හෝ පසුදින පිඬු සිඟන වේලෙහි හෝ නික්මෙති. එකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට අනභිරතියෙක් උපන්නේ වෙයි. රාගය සිත වනසයි.
Pali BJTඅථ ඛො ආයස්මතො වඞ්ගීසස්ස එතදහොසි. අලාභා වත මෙ, න වත මෙ ලාභා. දුල්ලද්ධං වත මෙ, න වත මෙ සුලද්ධං. යස්ස මෙ අනභිරති උප්පන්නා, රාගො චිත්තං අනුද්ධංසෙති. තං කුතෙත්ථ ලබ්භා යං මෙ පරො අනභිරතිං විනොදෙත්වා අභිරතිං උප්පාදෙය්ය. යන්නූනාහං අත්තනාව අත්තනො අනභිරතිං විනොදෙත්වා අභිරතිං උප්පාදෙය්යන්ති. අථ ඛො ආයස්මා වඞ්ගීසො අත්තනාව අත්තනො අනභිරතිං විනොදෙත්වා අභිරතිං උප්පාදෙත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “යම්බඳු මට අනභිරතියෙක් උපන්නේ ද, රාගය සිත වනසා ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒකාන්තයෙන් මට ලාභයෙක් නො වේ. ඒකාන්තයෙන් මට නපුරු ලැබීමෙකි. ඒකාන්තයෙන් මට මනා ලැබීමෙක් නොවේ. යම් හෙයකින් මෙරමා අනභිරතිය දුරු කොට අභිරතිය උපද වන්නේ නම් එය මෙහිලා කොයින් ලැබිය හැකි ද, මම තමාගේ අනභිරතිය තෙමේ ම දුරු කොට අභිරතිය උපදවන්නෙම් නම් මැනැවැ”යි මේ අදහස විය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ම තමා ගේ අනභිරතිය දුරු කොට අභිරතිය උපදවා ඒ වෙලාවෙහි මේ ගාථා කී ය.
Pali BJTඅරතිඤ්ච රතිඤ්ච පහාය සබ්බසො ගෙහසිතඤ්ච විතක්කං, වනථං න කරෙය්ය කුහිඤ්චි නිබ්බනථො අරතො{5} ස හි භික්ඛු.
Sinhala BJTයමෙක් (සස්නෙහි) නො ඇල්ම ද (පස්කම් ගුණයෙහි) ඇල්ම ද ගෙහනිඃශ්‍රිත වූ පාපවිතර්‍ක ද සර්‍වප්‍රකාරයෙන් දුරු කොට කිසි අරමුණෙක්හි කෙලෙස් නමැති මහවනය නො කරන්නේ ද, කෙලෙස්වන නැති තෘෂ්ණාරති නැති හෙ තෙමේ භික්‍ෂු නම් වේ.
Pali BJTයමිධ පුථුවිඤ්ච වෙහාසං රූපගතඤ්ච ජගතොගධං, කිඤ්චි පරිජීයති{6} සබ්බමනිච්චං එවං සමෙච්ච චරන්ති මුතත්තා.
Sinhala BJTමේ ලෝකයෙහි පොළොව ඇසුරු කළා වූ ද, අහස ඇසුරු කළා වූ ද, ලෝකයෙහි ඇතුළත් වූ යම්කිසි රූපයෙක් වේ ද, ඒ සියල්ල සහමුලින් දිරයි. අනිත්‍ය යි. මෙසේ දැන දන්නා ලද අත්බැව් ඇත්තෝ වෙසෙත්.
Pali BJTඋපධීසු ජනා ගධිතාසෙ දිට්ඨසුතෙ පටිඝෙ ච මුතෙ ච, එත්ථ විනොදය ඡන්දමනෙජො යො එත්ථ න ලිම්පති තං මුනිමාහු.
Sinhala BJTජනයෝ උපධීන්හි ද ඇසින් දුටු රූපයෙහි හා කණින් අසූ ශබ්දයෙහි ද ප්‍රතිඝසඞ්ඛ්‍යාත ගන්‍ධ රස දෙක්හි ද ඵොට්ඨබ්බාරම්මණයෙහි ද ගිජු වූවාහු වෙත්. යමෙක් මේ පඤ්චකාමයෙහි ආශාව දුරු කොට අශා නැත්තේ මෙහි නො ඇලේ ද, ඔහු මුනි යයි කියත්.
Pali BJTඅථ සට්ඨිනිස්සිතා{1} සවිතක්කා{*} පුථුජනතාය{2} අධම්මා නිවිට්ඨා, න ච වග්ගගතස්ස{3} කුහිඤ්චි නො පන දුට්ඨුල්ලභාණී ස භික්ඛු.
Sinhala BJTවැලි සාරමුණු ඇසුරු කළ බොහෝ වූ අධර්‍මවිතර්‍කයෝ ප්‍රජාව කෙරෙහි වැදගත්තාහු වෙත්. කිසිතැනෙක ක්ලේශවර්‍ගයට පැමිණියෙක් නො වන්නේ ද, දුළුල් තෙපුල් බණන්නෙක් නොවන්නේ ද, හෙ තෙමේ භික්‍ෂු නම් වේ.
Pali BJTදබ්බො චිරරත්තසමාහිතො අකුහකො නිපකො අපිහාලු, සන්තං පදං අජ්ඣගමා මුනි පටිච්ච පරිනිබ්බුතො කඞ්ඛති කාලන්ති.
Sinhala BJTපණ්ඩිත වූ දිගුකලක් මුළුල්ලෙහි සමාහිත සිත් ඇති කුහක නො වූ පරිණතප්‍රඥාවත් වූ තෘෂ්ණා රහිත වූ භික්‍ෂු තෙමේ නිවණට පැමිණියේ ය. නිවන් නිසා කෙලෙස් පිරිනිවනින් පිරිනිවියේ සකන්‍ධපරිනිර්‍වාණ කාලය අපේක්‍ෂා කෙරෙයි.
Pali BJT8. 1. 3.
Sinhala BJT8. 1. 3.
Pali BJTපෙසලඅතිමඤ්ඤනාසුත්තං
Sinhala BJTපෙසල අතිමඤ්ඤනා සූත්‍රය
Pali BJT211. එකං සමයං ආයස්මා වඞ්ගීසො ආළවියං විහරති අග්ගාළවෙ චෙතියෙ ආයස්මතා නිග්රොධකප්පෙන උපජ්ඣායෙන සද්ධිං. තෙන ඛො පන සමයෙන ආයස්මා වඞ්ගීසො අත්තනො පටිභානෙන අඤ්ඤෙ පෙසලෙ භික්ඛූ අතිමඤ්ඤති.
Sinhala BJT211. එක්කලෙක ආයුෂ්මත් වඞ්ගීස තෙමේ අළව්නුවර අග්ගාළවචේතිය විහාරයෙහි උපාධ්‍යාය වූ ආයුෂ්මත් නිග්‍රෝධකප්ප තෙරුන් සමග වැඩ වෙසෙයි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ තමාගේ ප්‍රතිභානයෙන් අනෙක් ප්‍රියශීල භික්‍ෂූන් හෙළා දකියි.
Pali BJTඅථ ඛො ආයස්මතො වඞ්ගීසස්ස එතදහොසි. අලාභා වත මෙ න වත මෙ ලාභා, දුල්ලද්ධං වත මෙ න වත මෙ සුලද්ධං. ය්වාහං අත්තනො පටිභානෙන අඤ්ඤෙ පෙසලෙ භික්ඛූ අතිමඤ්ඤාමීති. අථ ඛො ආයස්මා වඞ්ගීසො අත්තනාව අත්තනො විප්පටිසාරං උප්පාදෙත්වා තායං වෙලායං ඉමා ගාථායො අභාසි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස හට “යම්බඳු මම තමාගේ ප්‍රතිභානයෙන් අනෙක් ප්‍රියශීල භික්‍ෂූන් අවමන් කෙරෙම් ද, ඒ මට ඒකාන්තයෙන් අලාභයෙකි. ඒ මට ඒකාන්තයෙන් ලාභයෙක් නො වේ. ඒකාන්තයෙන් මා විසින් නපුරක් ලබන ලද්දේ ය. මා විසින් ඒකාන්තයෙන් යහපතෙක් නො ලබන ලද්දේ ය”යි මේ අදහස වි ය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ තෙමේ ම තමාට විපිළිසර උපදවා ඒ වේලාවෙහි මේ ගාථා කී ය.
Pali BJTමානං{4} පජහස්සු ගොතම, මානපථඤ්ච ජහස්සු, අසෙසං මානපථස්මිං සමුච්ඡිතො{5} විප්පටිසාරහුවා{6} චිරරත්තං.
Sinhala BJTගෞතමය, මානය දුරු කොට, මානාරම්මණය ද බැහැර කරව. මානාරම්මණයෙහි නිරවශේෂයෙන් මුසපත් වූයේ බොහෝ කලක් විපිළිසර ඇත්තෙක් විය.
Pali BJTමක්ඛෙන මක්ඛිතා පජා මානහතා{7} නිරයං පපතන්ති, සොචන්ති ජනා චිරරත්තං මානහතා{7} නිරයං උපපන්නා.
Sinhala BJTගුණමකුබැවින් වකුනා වූ සත්‍වයෝ මානයෙන් නැසුනාහු නිරයට වැටෙත්. මානයෙන් විනෂ්ට ව නිරයට පැමිණි ඒ සත්‍වයෝ බොහෝ කලක් ශෝක කෙරෙත්.
Pali BJTන හි සොචති භික්ඛු කදාචි මග්ගජිනො සම්මාපටිපන්නො, කිත්තිඤ්ච සුඛඤ්ච අනුභොති ධම්මදසොති තමාහු තථත්තං{8}.
Sinhala BJT(මාර්‍ගයෙන් දිනූ කෙලෙස් ඇති බැවින්) මග්ගජින නම් වූ මොනවාට පිළිපන් මහණ තෙමේ කිසි කලෙකත් ශෝක නො ම කෙරෙයි. කීර්තිය ද සුවය ද අනුභව කෙරෙයි. ස්ථිරසිත් ඇති උන්වහන්සේ ධම්මදසයයි කියත්.
Pali BJTතස්මා අඛිලොධ පධානවා නීවරණානි පහාය විසුද්ධො, මානඤ්ච පහාය අසෙසං විජ්ජායන්තකරො සමිතාවීති.
Sinhala BJTඑහෙයින් මේ ශාසනයෙහි චේතෝඛිල නැති ප්‍රධන්වීර්‍ය්‍යය ඇති (භික්‍ෂු තෙමේ) නීවරණයන් දුරු කොට පිරිසිදු වූයේ වෙයි. සියලු මානය පහ කොට (අර්‍හන්මාර්‍ග) විද්‍යාවෙන් (කෙලෙස්) කෙළවර කරන්නෙක් වෙයි. සන්හුන්නෙක් ද වෙයි.
Pali BJT8. 1. 4.
Sinhala BJT8. 1. 4.
Pali BJTආනන්දසුත්තං
Sinhala BJTආනන්‍ද සූත්‍රය
Pali BJT212. එකං සමයං ආයස්මා ආනන්දො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි ආයස්මතා වඞ්ගීසෙන පච්ඡාසමණෙන.
Sinhala BJT212. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍දතෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. ඉක්බිති ආයුෂ්මත් ආනන්‍දතෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ ආයුෂ්මත් වඞ්ගීස නම් පසු මහණහු සමග සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ.
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මතො වඞ්ගීසස්ස අනභිරති උප්පන්නා හොති, රාගො චිත්තං අනුද්ධංසෙති. අථ ඛො ආයස්මා වඞ්ගීසො ආයස්මන්තං ආනන්දං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් වඞ්ගීසහට අනභිරතියෙක් උපන්නේ වේ: රාගය සිත වනසයි. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට ගාථායෙන් කී ය:
Pali BJTකාමරාගෙන ඩය්හාමි චිත්තං මෙ පරිඩය්හති, සාධු නිබ්බාපනං බ්රූහි අනුකම්පාය ගොතමාති.
Sinhala BJTකාමරාගයෙන් දැවෙමි. මාගේ සිත හාත්පසින් දැවේ. ගෞතමයන් වහන්ස, අනුකම්පා පිණිස (ඒ රාගගින්න) නිවිමේ උපායක් වදාළ මැනව.
Pali BJT[ආනන්දො:]
Sinhala BJT[අනඳතෙරහු:]
Pali BJTසඤ්ඤාය විපරියෙසා චිත්තං තෙ පරිඩය්හති, නිමිත්තං පරිවජ්ජෙහි සුභං රාගූපසංහිතං.{1}
Sinhala BJTසංඥා විපර්‍ය්‍යාස හේතුවෙන් තොපගේ සිත දැවෙයි. රාගෝත්පත්තියට හේතු වූ සුභාරම්මණය දුරු කරව.
Pali BJTසඞ්ඛාරෙ පරතො පස්ස දුක්ඛතො මා ච අත්තතො, නිබ්බාපෙහි මහාරාගං මා ඩය්හිත්ථො පුනප්පුනං.
Sinhala BJTසංස්කාරයන් අනිත්‍යවශයෙන් ද දුක්වශයෙන් ද දකුව, ආත්මවශයෙන් නො දකුව. මහාරාගය නිවව. (එවිට) නැවත නැවත නහමක් දැවෙහි.
Pali BJTඅසුභාය චිත්තං භාවෙහි එකග්ගං සුසමාහිතං, සති කායගතා ත්යත්ථු නිබ්බිදාබහුලො භව.
Sinhala BJTඅසුභභාවනාවෙහි එකඟ කොට සමාධි ගත කොට සිත වඩව, තට කාගියා සිහිය ඇති වේවා, නිර්වේදය බහුල කොට ඇත්තෙක් වෙව.
Pali BJTඅනිමිත්තඤ්ච භාවෙහි මානානුසයමුජ්ජහ, තතො මානාභිසමයා උපසන්තො චරිස්සසීති.
Sinhala BJTවිදර්‍ශනාව ද වඩව, මානානුසය උපුටා හරුව. ඒ මානය දුරු කිරීම් හේතුවෙන් උපසාන්තයෙක් ව හැසිරෙන්නෙහි ය.
Pali BJT8. 1. 5.
Sinhala BJT8. 1. 5.
Pali BJTසුභාසිතසුත්තං
Sinhala BJTසුභාසිත සූත්‍රය
Pali BJT213. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි භික්ඛවොති, භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT213. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ.
Pali BJTචතූහි භික්ඛවෙ අඞ්ගෙහි සමන්නාගතා වාචා සුභාසිතා හොති නො දුබ්භාසිතා අනවජ්ජා ච, අනනුවජ්ජා ච විඤ්ඤූනං. කතමෙහි චතූහි? ඉධ භික්ඛවෙ භික්ඛු සුභාසිතං යෙව භාසති නො දුබ්භාසිතං. ධම්මං යෙව භාසති නො අධම්මං. පියං යෙව භාසති නො අප්පියං. සච්චං යෙව භාසති නො අලිකං. ඉමෙහි ඛො භික්ඛවෙ චතූහි අඞ්ගෙහි සමන්නාගතා වාචා සුභාසිතා හොති නො දුබ්භාසිතා අනවජ්ජා ච අනනුවජ්ජා ච විඤ්ඤූනන්ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, සිවුඅඟෙකින් සමන්‍විත වදන සුභාෂිත වෙයි. දුර්‍භාෂිත නො වෙයි. නිරවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කරණ ලද්දේ ද වෙයි. කවර සිවුඅගෙකින? යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ සුබැසි තෙපුල් ම බෙණේ ද, දුබැසි තෙපුල් නො බෙණේ ද, දැහැමි තෙපුල් ම බෙණේ ද, නො දැහැමි තෙපුල් නො බෙණේ ද, ප්‍රිය තෙපුල් ම බෙණේ ද, අප්‍රිය තෙපුල් නො බෙණේ ද, සැබෑ තෙපුල් ම බෙණේ ද, නො සැබෑ තෙපුල් ම නො බෙණේ ද, මහණෙනි, මේ සිවු අඟින් යුත් වදන සුභාෂිත වෙයි. දුර්‍භාෂිත නොවෙයි. නිරවද්‍ය ද වෙයි. නුවණැත්තන් විසින් උපවාද නො කරණ ලද්දේ ද වෙයි.
Pali BJTඉදමවොච භගවා ඉදං වත්වා{2} සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා නැවත අන්ලෙසකින් ද මෙය වදාළ සේක:
Pali BJTසුභාසිතං උත්තමමාහු සන්තො ධම්මං භණෙ නාධම්මං තං දුතියං, පියං භණෙ නාප්පියං තං තතියං සච්චං භණෙ නාලිකං තං චතුත්ථන්ති.
Sinhala BJTබුද්ධාදි සත්පුරුෂයෝ උතුම් වූ සුබැසි තෙපුල් ම කියත්. දැහැමි තෙපුල් ම බණන්නේ ය. නො දැහැමි තෙපුල් නො බණන්නේ ය. ඒ දෙවැන්න ය. ප්‍රිය තෙපුල් ම බණන්නේ ය. අප්‍රිය තෙපුල් නො බණන්නේ ය. එය තෙවැන්න ය. සැබෑ තෙපුල් ම බණන්නේ ය. නො සැබෑ තෙපුල් නො බණන්නේ ය. එය සිවුවැන්න ය.
Pali BJTඅථ ඛො ආයස්මා වඞ්ගීසො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා භගවන්තං එතදවොච: පටිභාති මං භගවා පටිභාති මං සුගතාති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ හුනස්නෙන් නැගිට උතුරුසඟ සිවුර එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේ, මට වැටහේ. සුගතයන් වහන්සේ, මට වැටහෙයි. මෙය භාග්‍යවතුන් වහන්සේට සැළ කෙළේ ය.
Pali BJTපටිභාතු තං වඞ්ගීසාති භගවා අවොච. අථ ඛො ආයස්මා වඞ්ගීසො භගවන්තං සම්මුඛා සරූපාහි{1} ගාථාහි අභිත්ථවි.
Sinhala BJTවඞ්ගීස, තට වැටහේවා යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ සුදුසු ගාථායෙන් ඉදිරියෙහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කළේ ය:
Pali BJTතමෙව වාචං භාසෙය්ය යායත්තානං න තාපයෙ, පරෙ ච න විහිංසෙය්ය සා වෙ වාචා සුභාසිතා.
Sinhala BJTයම් වදනක් කරණ කොට ගෙණ තාමත් නො තවන්නේ ද, මෙරමාත් නො වෙහෙසන්නේ ද, ඒ වදන ඒකාන්තයෙන් සුභාෂිත නම් වේ. ඒ වාදන ම බෙණෙන්නේ ය.
Pali BJTපියවාචමෙව{2} භාසෙය්ය යා වාචා පටිනන්දිතා, යං අනාදාය පාපානි පරෙසං භාසතෙ පියං.
Sinhala BJTයම් වදනක් ප්‍රිය කරණ ලද ද, යම් වදනක් බණන්නේ අනුන්ට අප්‍රිය පරොස් බස් නො ගෙණ. ප්‍රියවදන් ම බෙණේ ද, (එබඳු) ප්‍රියවදන් ම බෙණෙන්නේ ය.
Pali BJTසච්චං වෙ අමතා වාචා එස ධම්මො සනන්තනො, සච්චෙ අත්ථෙ ච ධම්මෙ ච ආහු සන්තො පතිට්ඨිතා.
Sinhala BJTසැබෑ වදන ඒකාන්තයෙන් අමා වදන ය. මේ දහම පැරණි ය. සජ්ජනයෝ සත්‍යයෙහි ද අර්‍ත්‍ථයෙහි ද ධර්‍මයෙහි ද පිහිටියෝ යයි කියත්.
Pali BJTයං බුද්ධො භාසතෙ වාචං ඛෙමං නිබ්බාණපත්තියා, දුක්ඛස්සන්තකිරියාය සා වෙ වාචානමුත්තමාති.
Sinhala BJTබුදුරජානන් වහන්සේ නිවණට පැමිණීම පිණිස ද දුක් කෙළවර කිරීම පිණිස ද නිර්‍භය වූ යම් වදනක් වදාරණ සේක් ද, ඒ වදන වදන් අතුරෙන් ඒකාන්තයෙන් උතුමි.
Pali BJT8. 1. 6.
Sinhala BJT8. 1. 6.
Pali BJTසාරිපුත්තසුත්තං
Sinhala BJTසාරිපුත්ත සූත්‍රය
Pali BJT214. එකං සමයං ආයස්මා සාරිපුත්තො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය{3} අත්ථස්ස විඤ්ඤාපනියා. තෙ ච භික්ඛූ අට්ඨිකත්වා{4} මනසිකත්වා සබ්බචෙතසො{5} සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
Sinhala BJT214. එක්කලෙක ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ පරිපූර්‍ණ වූ පළිබෝධ රහිත වූ නිදොස් වූ නොගිලිහුනු පදව්‍යඤ්ජන ඇති අර්‍ත්‍ථය හැඟවීමට සමර්‍ත්‍ථ වූ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වාත්, (ඔවුන්) සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කෙරෙත්, ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් ඇතුළත් කොට යොමු කළ කන් ඇත්තෝ දහම් අසත්.
Pali BJTඅථ ඛො ආයස්මතො වඞ්ගීසස්ස එතදහොසි. අයං ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති පොරියා වාචාය විස්සට්ඨාය අනෙලගලාය{3} අත්ථස්ස විඤ්ඤාපනියා. තෙ ච භික්ඛූ අට්ඨිකත්වා{4} මනසිකත්වා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති. යන්නූනාහං ආයස්මන්තං සාරිපුත්තං සම්මුඛා සරූපාහි ගාථාහි අභිත්ථවෙය්යන්ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීසහට “මේ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ පරිපූර්‍ණ වූ වචන ඇති පළිබෝධ රහිත වූ නිදොස් වූ නොගිලිහුනු පදඛ්‍යඤ්ජන ඇති අරුත හැඟවීමට සමත් වූ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වත්, සමාදන් කරවත්, තෙද ගන්වත්, සතුටු කරවත්,, ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් සමනා කොට ගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්. මම ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන්ට සුදුසු ගාථායෙන් ඉදිරියෙහි ප්‍රශංසා කරන්නෙම් නම් ඉතා මැනවැ”යි මේ අදහස වි ය.
Pali BJTඅථ ඛො ආයස්මා වඞ්ගීසො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙනායස්මා සාරිපුත්තො තෙනඤ්ජලිම්පණාමෙත්වා ආයස්මන්තං සාරිපුත්තං එතදවොච. පටිභාති මං ආවුසො සාරිපුත්ත, පටිභාති මං ආවුසො සාරිපුත්තාති. පටිභාතු තං ආවුසො වඞ්ගීසාති. අථ ඛො ආයස්මා වඞ්ගීසො ආයස්මන්තං සාරිපුත්තං සම්මුඛා සරූපාහි ගාථාහි අභිත්ථවි:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුන් වෙන ඇඳිලි බැඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට මෙය කී ය. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මට වැටහෙයි. ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, මට වැටහෙයි. “ඇවැත්නි, වඞ්ගීසයෙනි, තොපට වැටහේවා!”යි. එකල්හි ආයුෂ්මත් වඞ්ගීස තෙමේ සුදුසු ගාථායෙන් ඉදිරියෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරුනට ප්‍රශංසා කෙළේ ය.
Pali BJTගම්භීරපඤ්ඤො මෙධාවී මග්ගාමග්ගස්ස කොවිදො, සාරිපුත්තො මහාපඤ්ඤො ධම්මං දෙසෙති භික්ඛූනං.
Sinhala BJTගැඹුරු පැණැති නුවණැත්තා වූ මග නොමග දැනීමෙහි දක්‍ෂ මහත් ප්‍රඥා ඇති ශාරීපුත්‍රස්ථවිරයන් වහන්සේ භික්‍ෂූන්ට දහම් දෙසත්.
Pali BJTසංඛිත්තෙන’පි දෙසෙති විත්ථාරෙන’පි භාසති, සාළිකායිව නිග්ඝොසො පටිභානං උදීරයි{1}.
Sinhala BJTසැකෙවින් ද දේශනා කෙරෙත්, විතරවිසින් ද දේශනා කෙරෙත්. (උන්වහන්සේගේ) මධුර ස්වරය සැළලිහිණියකගේ මෙනි. වැටහීම (මුහුදුරල මෙන්) පැන නගී.
Pali BJTතස්ස තං දෙසයන්තස්ස සුණන්ති මධුරං ගිරං, සරෙන රජනීයෙන සවණීයෙන වග්ගුනා, උදග්ගචිත්තා මුදිතා සොතං ඔධෙන්ති භික්ඛවොති:
Sinhala BJTඇලුම් කටයුතු වූ ඇසියයුතු වූ සිත්කලු ස්වරයෙන් දහම් දෙසන උන්වහන්සේගේ ඒ මිහිරි තෙපුල් භික්‍ෂුහු අසත්. ඔදවැඩි සිත් ඇත්තාහු ප්‍රමුදිත සිත් ඇත්තාහු කන් යොමු කෙරෙත්.
Pali BJT8. 1. 7.
Sinhala BJT8. 1. 7.
Pali BJTපවාරණසුත්තං
Sinhala BJTපවාරණ සූත්‍රය
Pali BJT215. එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං පඤ්චමත්තෙහි භික්ඛුසතෙහි සබ්බෙහෙව අරහන්තෙහි. තෙන ඛො පන සමයෙන භගවා තදහුපොසථෙ පණ්ණරසෙ පවාරණාය භික්ඛුසඞ්ඝපරිවුතො අජ්ඣොකාසෙ නිසින්නො හොති.
Sinhala BJT215. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පූර්‍වාරාම නම් මිගාරමාතුපහයෙහි හැම රහත් වූ පන්සියක් පමණ වූ මහත් බික්සඟන වැඩවසන සේක. එකසමයෙහි භාග්‍යවතුන් වහන්සේ පුණුරැසි පොහොය වූ එදින (වස් විශුද්ධි) පවුරුණු පිණිස බික්සඟන විසින් පිරිවරණ ලද්දාහු අබවස වැඩහුන් සේක් වෙති.
Pali BJTඅථ ඛො භගවා තුණ්හීභූතං තුණ්හීභූතං{2} භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා භික්ඛූ ආමන්තෙසි: හන්දදානි භික්ඛවෙ, පවාරයාමි{3} වො. න ච මෙ කිඤ්චි ගරහථ කායිකං වා වාචසිකං වා’ති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ හාත්පසින් නිහඬ වූ බික්සඟන බලා භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මම දැන් තොප පවරමි. මාගේ කායික වූ හෝ වාචසික වූ කිසිවකට තෙපි නො ගරහවු ද?
Pali BJTඑවං වුත්තෙ ආයස්මා සාරිපුත්තො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා භගවන්තං එතදවොච: න ඛො මයං භන්තෙ, භගවතො කිඤ්චි ගරහාම කායිකං වා වාචසිකං වා. භගවා හි භන්තෙ, අනුප්පන්නස්ස මග්ගස්ස උප්පාදෙතා, අසඤ්ජාතස්ස මග්ගස්ස සඤ්ජනෙතා, අනක්ඛාතස්ස මග්ගස්ස අක්ඛාතා, මග්ගඤ්ඤූ මග්ගවිදූ මග්ගකොවිදො. මග්ගානුගා ච භන්තෙ, එතරහි සාවකා විහරන්ති පච්ඡාසමන්නාගතා. අහං ච ඛො භන්තෙ, භගවන්තං පවාරෙමි. න ච මෙ භගවා කිඤ්චි ගරහති කායිකං වා වාචසිකං වා’ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි දහම්සෙනෙවි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. වහන්ස, අපි (පිරිසිදුම වූ අචාර ආජීව ඇති) භාග්‍යවතුන් වහන්සේගේ කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට නො ම ගරහමු. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ වනාහි (කසුප් සම්බුදුහුගෙන් පසු) නූපන් මග උපදවන සේක. නො හටගත් මග දනවන සේක. නො දෙසූ මග දෙසන සේක. මාර්‍ගය දන්නා සේක. මාර්‍ගය දත් සේක. මාර්‍ගයෙහි දක්‍ෂ සේක. වහන්ස, මාර්‍ගය අනුව ගිය ශ්‍රාවකයෝ (බුදුරජානන් වහන්සේට) පසුව (මාර්‍ගඥානයෙන්) සමන්‍විත වූවෝ දන් වෙසෙත්. වහන්ස, මම ද භාග්‍යවතුන් වහන්සේ පවරමි. භාග්‍යවතුන් වහන්සේ මාගේ කායික වූ හෝ වාචසික වූ කිසි වරදකට ගරහන සේක් ද?
Pali BJTන ඛ්වාහං තෙ සාරිපුත්ත කිඤ්චි ගරහාමි කායිකං වා වාචසිකං වා. පණ්ඩිතො ත්වං සාරිපුත්ත, මහාපඤ්ඤො ත්වං සාරිපුත්ත, පුථුපඤ්ඤො ත්වං සාරිපුත්ත, හාසපඤ්ඤො{1} ත්වං සාරිපුත්ත, ජවනපඤ්ඤො ත්වං සාරිපුත්ත, තික්ඛපඤ්ඤො ත්වං සාරිපුත්ත, නිබ්බෙධිකපඤ්ඤො ත්වං සාරිපුත්ත. සෙය්යථාපි සාරිපුත්ත, රඤ්ඤො චක්කවත්තිස්ස ජෙට්ඨපුත්තො පිතරා පවත්තිතං චක්කං සම්මදෙව අනුප්පවත්තෙති. එවමෙව ඛො ත්වං සාරිපුත්ත මයා අනුත්තරං ධම්මචක්කං පවත්තිතං සම්මදෙව අනුප්පවත්තෙසීති.
Sinhala BJTසාරිපුත්ත, තොපගේ කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට මම නො ම ගරහමි. සාරිපුත්ත, තෙපි පණ්ඩිතයහු. සාරිපුත්ත තෙපි මහාපඤ්ඤයහු. සාරිපුත්ත, තෙපි ප්‍රථුපඤ්ඤයහු. සාරිපුත්ත තෙපි හාසපඤ්ඤයහු. සාරිපුත්ත තෙපි ජවනපඤ්ඤයහු. සාරිපුත්ත, තෙපි තික්ඛපඤ්ඤයහු. සාරිපුත්ත තෙපි නිබ්බේධිකපඤ්ඤයහු. සාරිපුත්ත, යම්සේ සක්විතිරජුගේ දෙටුපුත් තෙමේ පියා විසින් පවත්වන ලද අණසක මැනවින් අනුව පවත් වා ද, සාරිපුත්ත, එසෙයින් ම මවිසින් පවත්වන ලද අනුත්තර වූ දහම්සක තෙපි මැනවින් ම පවත්වහු ය.
Pali BJTනො චෙ කිර මෙ භන්තෙ භගවා කිඤ්චි ගරහති කායිකං වා වාචසිකං වා. ඉමෙසම්පි භන්තෙ භගවා පඤ්චන්නං භික්ඛුසතානං න කිඤ්චි ගරහති කායිකං වා වාචසිකං වා ති.
Sinhala BJTවහන්ස, ඉදින් භාග්‍යවතුන් වහන්සේ මාගේ කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට නො ගරහන සේක් නම් වහන්ස, මේ පන්සියක් භික්‍ෂූන්ගේත් කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට භාග්‍යවතුන් වහන්සේ ගරහන සේක් ද?
Pali BJTඉමෙසම්පි ඛ්වාහං සාරිපුත්ත පඤ්චන්නං භික්ඛුසතානං න කිඤ්චි ගරහාමි කායිකං වා වාචසිකං වා. ඉමෙසං{2} හි සාරිපුත්ත පඤ්චන්නං භික්ඛුසතානං සට්ඨි භික්ඛූ තෙවිජ්ජා, සට්ඨි භික්ඛූ ඡළභිඤ්ඤා, සට්ඨි භික්ඛූ උභතොභාගවිමුත්තා. අථ ඉතරෙ පඤ්ඤාවිමුත්තාති.
Sinhala BJTසාරිපුත්ත, මේ පන්සියක් භික්‍ෂූන්ගේත් කායික වූ හෝ වාචසික වූ හෝ කිසිවකට මම නො ගරහමි. සාරිපුත්ත, මේ භික්‍ෂූන් පන්සියය අතුරෙන් භික්‍ෂූහු සැටනමක් ත්‍රිවිද්‍යා ඇත්තෝ ය. භික්‍ෂූහු සැටනමක් ෂඩභිඥා ඇත්තෝ ය. භික්‍ෂූහු සැටනමක් උභතෝභාග (අරූපාවචර සමාපත්තියෙන් රූපකයින් හා අග්‍රමාර්‍ගයෙන් නාමකයින් හා) විමුක්ත ය හ. වැලි සෙස්සෝ ප්‍රඥාවිමුක්ත ය හ. (තේවිජ්ජාදීභාවයට නො පැමිණ රහත්හ.)
Pali BJTඅථ ඛො ආයස්මා වඞ්ගීසො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා භගවන්තං එතදවොච: පටිභාති මං භගවා පටිභාති මං සුගතාති. පටිභාතු තං වඞ්ගීසාති භගවා අවොච. අථ ඛො ආයස්මා වඞ්ගීසො භගවන්තං සම්මුඛා සරූපාහි ගාථාහි අභිත්ථවි:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ ය”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථායෙන් ඉදිරියෙහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය:
Pali BJTඅජ්ජ පණ්ණරසෙ විසුද්ධියා භික්ඛූ පඤ්චසතා සමාගතා, සඤ්ඤොජනබන්ධනච්ඡිදා අනීඝා ඛීණපුනබ්භවා ඉසී.
Sinhala BJTසංයෝජන නම් වූ ද බන්‍ධන නම් වූ ද කෙලෙස් සිඳලූ දුක් රහිත වූ ක්‍ෂය කළ පුනර්‍භව ඇති ඍෂි වූ පන්සියක් භික්‍ෂූහු අද පුණුරැසි පොහෝ දිනෙහි විශුද්ධිපවාරණය පිණිස රැස් වූහ.
Pali BJTචක්කවත්තී යථා රාජා අමච්චපරිවාරිතො, සමන්තා අනුපරියෙති සාගරන්තං මහිං ඉමං.
Sinhala BJTසක්විතිරජ තෙමේ ඇමැති සමූහයා විසින් පිරිවරණ ලදුව සතර සයුරු හිම් කොට ඇති මේ පොළොව හාත්පස යම්සේ පිළිවෙළින් පරිගමනය කෙරේ ද-
Pali BJTඑවං විජිතසඞ්ගාමං සත්ථවාහං අනුත්තරං, සාවකා පයිරුපාසන්ති තෙවිජ්ජා මච්චුහායිනො.
Sinhala BJTඑසේ ත්‍රිවිද්‍යා ඇති මරු නැසුවා වු ශ්‍රාවකයෝ දිනූ සඞ්ග්‍රාම ඇති නිරුත්තර වූ සත්‍ථවාහ නම් බුදුරජානන් වහන්සේ පර්‍ය්‍යුපාසනය කෙරෙත්.
Pali BJTසබ්බෙ භගවතො පුත්තා පලාපෙත්ථ න විජ්ජති, තණ්හාසල්ලස්ස හන්තාරං වන්දෙ ආදිච්චබන්ධුනන්ති.
Sinhala BJTසියල්ලෝ ම භාග්‍යවතුන් වහන්සේගේ පුත්තු ය. මෙහි හිස් පිඟුලෙක් නැත. තෘෂ්ණාශල්‍යය නසන සූර්‍ය්‍යබන්‍ධු වූ සර්‍වඥයන් වහන්සේ වඳිමි.
Pali BJT8. 1. 8.
Sinhala BJT8. 1. 8.
Pali BJTපරොසහස්සසුත්තං
Sinhala BJTපරොසහස්ස සූත්‍රය
Pali BJT216. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අඩ්ඪතෙළසෙහි භික්ඛුසතෙහි. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූ නිබ්බාණපටිසංයුත්තාය{2} ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨිකත්වා මනසිකත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
Sinhala BJT216. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි මහත් බික් සඟන අඩතෙළෙස් භික්‍ෂූන් දහස සමග වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිවණ පිළිබඳ දැහැමිකථාවෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. (ඔවුන්) සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. සතුටු කරණ සේක. ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් මනා කොට ගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්.
Pali BJTඅථ ඛො ආයස්මතො වඞ්ගීසස්ස එතදහොසි: අයං ඛො භගවා භික්ඛූ නිබ්බාණපටිසංයුත්තාය ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨිකත්වා මනසිකත්වා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති. යන්නූනාහං භගවන්තං සම්මුඛා සරූපාහි ගාථාහි අභිත්ථවෙය්යන්ති. අථ ඛො ආයස්මා වඞ්ගීසො උට්ඨායාසනා එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිම්පණාමෙත්වා භගවන්තං එතදවොච: පටිභාති මං භගවා, පටිභාති මං සුගතාති. පටිභාතු තං වඞ්ගීසාති භගවා අවොච. අථ ඛො ආයස්මා වඞ්ගීසො භගවන්තං සම්මුඛා සරූපාහි ගාථාහි අභිත්ථවි:
Sinhala BJTඉක්බිති වඞ්ගීස තෙරුන්ට “මේ භාග්‍යවතුන් වහන්සේ නිවන් පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. (ඔවුන්) සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. සතුටු කරණ සේක. ඒ භික්‍ෂූහු ද අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කොට මුළුසිතින් සමනාකොටගෙණ යොමු කළ කන් ඇති ව දහම් අසත්. මම සුදුසු ගාථායෙන් භාග්‍යවතුන් වහන්සේට හමුවෙහි ප්‍රශංසා කරන්නෙම් නම් මැනැවැ”යි මේ අදහස වි ය. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ හුනස්නෙන් නැගිට උත්තරාසඞ්ගය එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට “භාග්‍යවතුන් වහන්ස, මට වැටහේ. සුගතයන් වහන්ස, මට වැටහේ”යි මෙය සැළ කෙළේ ය. වඞ්ගීස, තට වැටහේවා! යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ඉක්බිති ආයුෂ්මත් වඞ්ගීස ස්ථවිර තෙමේ සුදුසු ගාථායෙන් හමුවෙහි භාග්‍යවතුන් වහන්සේට ප්‍රශංසා කෙළේ ය:
Pali BJTපරොසහස්සං භික්ඛූනං සුගතං පයිරුපාසති, දෙසෙන්තං විරජං ධම්මං නිබ්බානං අකුතොභයං.
Sinhala BJTඅ රාදහසක් පමණ භික්‍ෂූහු (කොයිනුත් බියක් නැති බැවින්) අකුතොභය වූ නිර්‍මල වූ නිර්‍වාණ ධර්‍මය දේශනා කරණ බුදුරජානන් වහන්සේ පයිරුපාසනය කෙරෙත්.
Pali BJTසුණන්ති ධම්මං විමලං සම්මාසම්බුද්ධදෙසිතං, සොභති වත සම්බුද්ධො භික්ඛුසඞ්ඝපුරක්ඛතො.
Sinhala BJTසම්මාසම්බුදුරජානන් වහන්සේ විසින් දෙසෙන නිර්‍මල වූ ධර්‍මය අසත්. බික්සඟන විසින් පෙරටු කරණ ලද සම්බුදුරජානන් වහන්සේ ඒකාන්තයෙන් හොබනා සේක.
Pali BJTනාගනාමොසි භගවා ඉසීනං ඉසිසත්තමො, මහාමෙඝොව හුත්වාන සාවකෙ අභිවස්සති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ, (මුබවහන්සේ) නාග නම් වන සේක. (විපස්සී ආදි බුද්ධ) ඍෂින් අතුරෙන් සත් වැනි ඍෂි වන සේක. නොහොත් (ප්‍රතෙයකබුද්ධාදි) ඍෂින්ට අතිශ්‍රේෂ්ඨ ඍෂි වන සේක. මහාමේඝයක් මෙන් වී සව්වන් (සදහම් වැස්සෙන්) තෙමන සේක.
Pali BJTදිවාවිහාරා නික්ඛම්ම සත්ථුදස්සනකම්යතා{1}, සාවකො තෙ මහාවීර පාදෙ වන්දති වඞ්ගීසොති.
Sinhala BJTමහාවීරයන් වහන්ස, මුබවහන්සේගේ ශ්‍රාවක වූ වඞ්ගීස තෙමේ ශාස්තෲන් වහන්සේ දකිනු කැමැත්තෙන් දිවා විහරණයෙන් නික්ම අවුත් (මුබවහන්සේගේ) සිරිපා වඳියි.
Pali BJTකින්නු තෙ වඞ්ගීස ඉමා ගාථායො පුබ්බෙ පරිවිතක්කිතා උදාහු ඨානසොව තං පටිභන්තීති?
Sinhala BJTකිමෙක් ද? වඞ්ගීස, මේ ගාථාවෝ තා විසින් පෙර සිතන ලද්දාහු ද? නැත හොත් තට (අවස්ථාවශයෙන්) එකෙණෙහි ම (වැටහෙද්ද?)