Pali BJTඅථ ඛො ආයස්මා උපවාණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං උණ්හොදකෙන නහාපෙත්වා උණ්හොදකෙන ඵාණිතං ආලොළෙත්වා භගවතො පාදාසි. අථ ඛො භගවතො සො{4} ආබාධො පටිප්පස්සම්භි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් උපවාන තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ උණුදියෙන් නාවා උණුදියෙන් සකුරු දිය කොට භාග්‍යවතුන් වහන්සේ පිදී ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේගේ ඒ අබාධය සංසිඳුනේ ය.
Pali BJTඅථ ඛො දෙවහිතො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි.
Sinhala BJTඑකල්හි දේවහිත බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවිය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය.
Pali BJTඑකමන්තං නිසින්නො ඛො දෙවහිතො බ්රාහ්මණො භගවන්තං ගාථාය අජ්ඣභාසි.
Sinhala BJTඑකත්පසෙක හුන් දේවහිත බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTකත්ථ දජ්ජා දෙය්යධම්මං කත්ථ දින්නං මහප්ඵලං, කථං හි යජමානස්ස කත්ථ{5} ඉජ්ඣති දක්ඛිණාති?
Sinhala BJTදේයධර්‍මය කවරකුට දෙන්නේ ද? කවරකුට දෙන ලද්දේ මහත්ඵල වේ ද? කෙබඳු අයුරකින් කවරකුට දෙන්නහුගේ දක්‍ෂිණාව සමෘද්ධ වේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTපුබ්බෙනිවාසං යො වෙදී සග්ගාපායඤ්ච පස්සති, අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤාවොසිතො මුනි.
Sinhala BJTයමෙක් පෙර විසූ කඳපිළිවෙළ දනී ද, ස්වර්‍ගය හා අපායත් දකී ද, වැලි ජාතික්‍ෂයසඞ්ඛ්‍යාත අර්‍හත්‍වයට පැමිණියේ ද, මාර්‍ගඥානයෙන් (චතුස්සතය්‍ය) දැන නිම වූ කිස ඇත්තේ ද, කායමෞනත්‍වාදි මෞනගුණ යුක්ත ද,
Pali BJTඑත්ථ දජ්ජා දෙය්යධම්මං එත්ථ දින්නං මහප්ඵලං, එවං හි යජමානස්ස එවං ඉජ්ඣති දක්ඛිණාති.
Sinhala BJTමොහුට දේයධර්‍මය දෙන්නේ ය. මොහුට දෙන ලද්ද මහත්ඵල වේ. මෙසේ දෙන්නහුගේ දක්‍ෂිණාව මෙසේ සමෘද්ධ වේ.
Pali BJTඑවං වුත්තෙ දෙවහිතො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි දේවහිත බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවියෙන් ගත් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා යි.
Pali BJT7. 2. 4.
Sinhala BJT7. 2. 4.
Pali BJTමහාසාලසුත්තං.
Sinhala BJTමහාසාළ සූත්‍රය
Pali BJT200. සාවත්ථියං–
Sinhala BJT200. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණමහාසාළො ලූඛො{1} ලූඛපාපුරණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො තං බ්රාහ්මණමහාසාළං භගවා එතදවොච. කින්නු ත්වං බ්රාහ්මණ ලූඛො{1} ලූඛපාපුරණොති.
Sinhala BJTඉක්බිති ජරාවට පත් වූ දිරා ගිය වස්ත්‍ර ඇති එක්තරා බමුණුමහසළෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හිඳගත්තේ ය. එකත්පසෙක හුන් ඒ බමුණු මහසළුව භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: බමුණ, කුමක්හෙයින් තෝ ජරාවට පත්වූයෙහි දිරා ගිය වස්ත්‍ර ඇත්තෙහි ද?
Pali BJT[බ්රාහ්මණො:]
Sinhala BJT[බමුණු:]
Pali BJTඉධ මෙ භො ගොතම චත්තාරො පුත්තා. තෙ මං දාරෙහි සම්පුච්ඡ ඝරා නික්ඛාමෙන්තීති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මෙහි මාගේ පුත්තු සතර දෙනෙකි. ඔහු අඹුවන් හා සාකච්ඡා කොට මා ගෙයින් නෙරති යි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTතෙන හි ත්වං බ්රාහ්මණ ඉමා ගාථායො පරියාපුණිත්වා සභායං මහාජනකායෙ සන්නිපතිතෙ පුත්තෙසු ච සන්නිසින්නෙසු භාසස්සු:
Sinhala BJTබමුණ, එසේ වී නම් තෝ මේ ගාථා ඉගෙණ සභාවක මහජනසමූහයා රැස්වූ කල්හි පුතුන් ද හිඳගත් කල්හි කියව:
Pali BJTයෙහි ජාතෙහි නන්දිස්සං යෙසඤ්ච භවමිච්ඡිසං, තෙ මං දාරෙහි සම්පුච්ඡ සාව වාරෙන්ති සූකරං.
Sinhala BJT(මට දාව) උපන්නා වූ යම් කෙනෙකුන් කරණ කොට ගෙණ සතුටු වූයෙම් ද, යම් කෙනකුන්ගේ අභිවෘද්ධිය පැතුයෙම් ද, ඔහු අඹුවන් හා සාකච්ඡා කොට ගෙණ බල්ලෝ හූරකු (වළකන්නාක්) මෙන් මා වළකති.
Pali BJTඅසන්තා කිර මං ජම්මා තාත තාතාති භාසරෙ, රක්ඛසා පුත්තරූපෙන තෙ පජහන්ති{2} වයොගතං.
Sinhala BJTඅසත්පුරුෂ වූ ලාමක වූ රකුසෝ පුත්‍රයන් මෙන් (පෙණී සිටිමින්) මට පියාණෙනි පියාණෙනි යි කියත්. ඔහු ඉක්ම ගිය වයස් ඇති මා දුරු කෙරෙත්.
Pali BJTඅස්සොව ජිණ්ණො නිබ්භොගො ඛාදනා අපනීයති, බාලකානං{3} පිතා ථෙරො පරාගාරෙසු භික්ඛති.
Sinhala BJTපරිභෝගයට නුසුදුසු වූ ජරපත් අසකු මෙන් දිරා ගියා වූ පරිභෝග ධනය නැත්තා වූ බාලයන්ගේ පියා වූ මහල්ලා කෑමෙන් පහ කරණු ලැබේ. (එහෙයින් හෙ තෙමේ) පරගෙවල සිඟයි.
Pali BJTදණ්ඩොව කිර මෙ සෙය්යො යඤ්චෙ පුත්තා අනස්සවා, චණ්ඩම්පි ගොණං වාරෙති අථො චණ්ඩම්පි කුක්කුරං.
Sinhala BJTමාගේ යම් ඒ පුත්‍රයෝ නොකීකරු ද, (ඔවුන්ට වඩා) මට මේ සැරයටිය ම ශ්‍රේෂ්ඨ ය. (මේ සැරයටිය) සැඬගොණුකුදු වළකයි. වැලි සැඬබල්ලකුත් (වළකයි.)
Pali BJTඅන්ධකාරෙ පුරෙ හොති ගම්භීරෙ ගාධ මෙධති, දණ්ඩස්ස අනුභාවෙන ඛලිත්වා පටිතිට්ඨතීති{4}.
Sinhala BJTඅඳුරෙහි පෙරටු වෙයි. ගැඹුරෙහි (ගැඹුරුදියෙහි) පිහිට ලබයි. පැකිලී දණ්ඩෙහි අනුභාවයෙන් නැවත පිහිටා සිටියි. (එහෙයිනි.)
Pali BJTඅථ ඛො සො බ්රාහ්මණමහාසාළො භගවතො සන්තිකෙ ඉමා ගාථායො පරියාපුණිත්වා සභායං මහාජනකායෙ සන්නිපතිතෙ පුත්තෙසු ච සන්නිසින්නෙසු අභාසි.
Sinhala BJTඉක්බිති ඒ බමුණු මහසල් තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා ඉගෙණ සභාවෙහි මහාජනයා රැස් වූ කල්හි පුතුන් ද හිඳගත් කල්හි කී ය.
Pali BJT“යෙහි ජාතෙහි නන්දිස්සං යෙසඤ්ච භවමිච්ඡිසං, තෙ මං දාරෙහි සම්පුච්ඡ සාව වාරෙන්ති සූකරං.
Sinhala BJT(මට දා ව) උපන්නාවූ යම් කෙනකුන් කරණ කොට ගෙණ සතුටු වූයෙම් ද, යම් කෙනෙකුන් ගේ අභිවෘද්ධිය පතූයෙම් ද, ඔහු ද අඹුවන් හා සාකච්ඡා කොට ගෙණ බල්ලෝ හූරකු (වළකන්නාක්) මෙන් මා වළකති.
Pali BJTඅසන්තා කිර මං ජම්මා තාත තාතාති භාසරෙ, රක්ඛසා පුත්තරූපෙන පජහන්ති වයොගතං.
Sinhala BJTඅසත්පුරුෂ වූ ලාමක වූ රකුසෝ පුත්‍රයන් මෙන් (පෙණී සිටිමින්) මට පියාණෙනි, පියාණෙනි යි කියත්. ඔහු ඉක්ම ගිය වයස් ඇති මා දුර කෙරෙත්.
Pali BJTඅස්සොව ජිණ්ණො නිබ්භොගො ඛාදනා අපනීයති, බාලකානං පිතා ථෙරො පරාගාරෙසු භික්ඛති.
Sinhala BJTපරිභෝගයට නුසුදුසු වූ ජරපත් අසකු මෙන් දිරා ගියා වූ පරිභෝග ධනය නැත්තා වූ බාලයන්ගේ පියා වූ මහල්ලා කෑමෙන් පහ කරණු ලැබේ. (එහෙයින් හෙ තෙමේ) පරගෙහි සිඟයි.
Pali BJTදණ්ඩොව කිර මෙ සෙය්යො යඤ්චෙ පුත්තා අනස්සවා, චණ්ඩම්පි ගොණං වාරෙති අථො චණ්ඩම්පි කුක්කුරං.
Sinhala BJTමාගේ යම් ඒ පුත්‍රයෝ නොකීකරු ද, (ඔවුන්ට වඩා) මට මේ සැරයටිය ම ශ්‍රේෂ්ඨ ය, (මේ සැරයටිය) සැඬගොණුකුදු වළකයි. වැලි සැඬබල්ලකුත් (වළකයි.)
Pali BJTඅන්ධකාරෙ පුරෙ හොති ගම්භීරෙ ගාධ මෙධති, දණ්ඩස්ස ආනුභාවෙන ඛලිත්වා පටිතිට්ඨතී”ති.
Sinhala BJTඅඳුරෙහි පෙරටු වෙයි. ගැඹුරෙහි පිහිට ලබයි. පැකිලී දණ්ඩෙහි අනුභාවයෙන් නැවත පිහිටා සිටියි. (එහෙයිනි.)
Pali BJTඅථ ඛො නං බ්රාහ්මණමහාසාළං පුත්තා ඝරං නෙත්වා නාහාපෙත්වා පච්චෙකං දුස්සයුගෙන අච්ඡාදෙසුං.
Sinhala BJTඉක්බිති පුත්‍රයෝ ඒ බමුණු මහසල්හු ගෙට පමුණුවා නාවා වෙන වෙන වස්ත්‍රයුග්මයෙන් පිදූහ.
Pali BJTඅථ ඛො සො බ්රාහ්මණමහාසාළො එකං දුස්සයුගං ආදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො බ්රාහ්මණමහාසාළො භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල ඒ බමුණු මහසල් තෙමේ එක් වස්ත්‍රයුග්මයන් රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වී ය. සතුටු වියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ බමුණු මහසල් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය:
Pali BJTමයං භො ගොතම බ්රාහ්මණා නාම ආචරියස්ස ආචරියධනං පරියෙසාම. පටිගණ්හාතු මෙ භවං ගොතමො ආචරියො ආචරියධනන්ති.{1} පටිග්ගහෙසි භගවා අනුකම්පං උපාදාය.
Sinhala BJTභවත් ගෞතමයෙනි, අපි බමුණෝ වෙමු. ඇදුරහුට ඇදුරුධනය සොයම්හ. මාගේ ඇදුරු වූ භවත් ගෞතමයන් වහන්සේ ඇදුරුධනය පිළිගන්නා සේක්වා. භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව නිසා පිළිගෙණ වදාළ සේක.
Pali BJTඅථ ඛො සො බ්රාහ්මණමහාසාළො භගවන්තං එතදවොච: අභික්කන්තං, භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTඉක්බිති ඒ බමුණු මහසල් තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්ස, මා අද පටන් දිවි යෙන් ගත් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා යි.
Pali BJT7. 2. 5.
Sinhala BJT7. 2. 5.
Pali BJTමානත්ථද්ධසුත්තං.
Sinhala BJTමානත්‍ථද්ධ සූත්‍රය
Pali BJT201. සාවත්ථියං–
Sinhala BJT201. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන මානත්ථද්ධො නාම බ්රාහ්මණො සාවත්ථියං පටිවසති. සො නෙව මාතරං අභිවාදෙති. න පිතරං අභිවාදෙති. න ආචරියං අභිවාදෙති. න ජෙට්ඨභාතරං අභිවාදෙති.
Sinhala BJTඑකල්හි මානත්‍ථද්ධ නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. හෙතෙමේ මව නො ම වඳී. පියා නො ම වඳී. ඇදුරහු නො ම වඳී. දෙටු බෑයා නො ම වඳී.
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙති. අථ ඛො මානත්ථද්ධස්ස බ්රාහ්මණස්ස එතදහොසි: අයං ඛො සමණො ගොතමො මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙති. යන්නූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමෙය්යං. සචෙ මං සමණො ගොතමො ආලපිස්සති, අහම්පි තං ආලපිස්සාමි. නො චෙ මං සමණො ගොතමො ආලපිස්සති අහම්පි නාලපිස්සාමීති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිස විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක. ඉක්බිති මානත්‍ථද්ධ බමුණාට මේ මහණගොයුම් තෙමේ මහත් පිරිස විසින් පිරිවරණ ලදු ව දහම් දෙසයි. මම මහණගොයුම් වෙත එළඹෙන්නෙම් නම් මැනව. ඉදින් මහණගොයුම් තෙමේ මට කථා කරන්නේ නම් මමත් ඔහුට කථා කරන්නෙමි. ඉදින් මහණගොයුම් තෙමේ මට කථා නො කරන්නේ නම් මමත් කථා නො කරන්නෙමි.
Pali BJTඅථ ඛො මානත්ථද්ධො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තුණ්හීභූතො{1} එකමන්තං අට්ඨාසි. අථ ඛො භගවා තං නාලපි{2}. අථ ඛො මානත්ථද්ධො බ්රාහ්මණො නායං සමණො ගොතමො කිඤ්චි ජානාතීති. තතොව පුන නිවත්තිතුකාමො අහොසි.
Sinhala BJTඉක්බිති මානත්‍ථද්ධ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ නිශ්ශබ්ද ව එකත්පසෙක සිටියේ ය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඔහුට කථා නොකළ සේක. ඉක්බිති මානත්‍ථද්ධ බමුණු තෙමේ මේ මහණගොයුම් තෙමේ කිසිත් නො දනීයයි එතැනින් ම නැවත පෙරළා එනු කැමැත්තේ වි ය.
Pali BJTඅථ ඛො භගවා මානත්ථද්ධස්ස බ්රාහ්මණස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය මානත්ථද්ධං බ්රාහ්මණං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ තම සිතින් මානත්‍ථද්ධ බමුණාගේ චිත්තපරිවිතර්‍කය දැන මානත්‍ථද්ධ බමුණාට ගාථායෙන් වදාළ සේක:
Pali BJTන මාන බ්රූහණා සාධු{*} අත්ථිකස්සීධ බ්රාහ්මණ, යෙන අත්ථෙන ආගඤ්ඡි{3} තමෙවමනුබ්රූහයෙති{†}.
Sinhala BJTබමුණ, මෙහි ප්‍රයෝජනයක් අපේක්‍ෂා කරනහුට මානය වැඩීම නො මැනවි. යම් ප්‍රයෝජනයක් හේතු කොට ගෙණ පැමිණියේ නම් එය ම සිදුකර ගන්නේ ය.
Pali BJTඅථ ඛො මානත්ථද්ධො බ්රාහ්මණො චිත්තං මෙ සමණො ගොතමො ජානාතීති තත්ථෙව භගවතො පාදෙසු සිරසා නිපතිත්වා භගවතො පාදානි මුඛෙන{4} පරිචුම්බති, පාණීහි ච පරිසම්බාහති, නාමඤ්ච සාවෙති: ‘මානත්ථද්ධොහං භො ගොතම මානත්ථද්ධොහං භො ගොතමා’ති.
Sinhala BJTඉක්බිති මානත්‍ථද්ධ බමුණු තෙමේ මහණගොයුම් තෙමේ මාගේ සිත දනී යයි එහි ම භාග්‍යවතුන් වහන්සේගේ පාමුල හිසින් වැටී භාග්‍යවතුන් වහන්සේගේ පා මුවෙන් සිඹී. අතින් ද පිරිමදී. “භවත් ගෞතමයෙනි, මම මානත්‍ථද්ධ යෙමි. භවත් ගෞතමයෙනි, මම මානත්‍ථද්ධ යෙමි” යි නම ද අස්වයි.
Pali BJTඅථ ඛො සා පරිසා අබ්භුතචිත්තජාතා අහොසි. අච්ඡරියං වත භො අබ්භුතං වත භො අයං හි මානත්ථද්ධො බ්රාහ්මණො නෙව මාතරං අභිවාදෙති. න පිතරං අභිවාදෙති. න ආචරියං අභිවාදෙති. න ජෙට්ඨභාතරං අභිවාදෙති. අථ ච පන සමණෙ ගොතමෙ එවරූපං පරමනිපච්චාකාරං{5} කරොතීති.
Sinhala BJTඉක්බිති ඒ පිරිස “පින්වත්නි, ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි අද්භූතයෙකි. මේ මානත්‍ථද්ධ බමුණු තෙමේ මව නො ම වඳී. පියා නො ම වඳී. ඇදුරහු නො ම වඳී. දෙටුබෑයා නො ම වඳී. එහෙත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ කෙරෙහි මෙබඳු ඉතා ම යටත් පැවතුම් ඇති බවක් කෙරේ ය යී අද්භූත සිත් ඇති වූවා ය.
Pali BJTඅථ ඛො භගවා මානත්ථද්ධං බ්රාහ්මණං එතදවොච: අලං බ්රාහ්මණ උට්ඨෙහි, සකෙ ආසනෙ නිසීද, යතො තෙ මයි චිත්තං පසන්නන්ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මානත්‍ථද්ධ බමුණාට මෙය වදාළ සේක: බමුණ, පමණි. නැගිටුව. සිය අසුනෙහි හිඳ ගණුව. යම් හෙයකින් තාගේ සිත මා කෙරෙහි පහන් ද, (එහෙයිනි).
Pali BJTඅථ ඛො මානත්ථද්ධො බ්රාහ්මණො සකෙ ආසනෙ නිසීදිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති මානත්‍ථද්ධ බමුණු තෙමේ සිය අසුනෙහි හිඳ භාග්‍යවතුන් වහන්සේට ගාථාවකින් කී ය:
Pali BJTකෙසු න මානං කයිරාථ{6} කෙසු චස්ස{7} සගාරවො, ක්යස්ස අපචිතා අස්සු ක්යස්ස{8} සාධු සුපූජිතා.
Sinhala BJTකවර කෙනෙකුන් කෙරෙහි මානය නො කරන්නේ කවරකෙනකුන් කෙරෙහි ගෞරව සහිත වන්නේ ද? ඔහු විසින් කවර කෙනෙක් අපචිති කටයුත්තෝ වන්නාහු ද? ඔහු විසින් කවර කෙනෙක් මැනවින් පිදියයුත්තෝ වන්නාහු ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTමාතරි පිතරි චාපි{9} අථො ජෙට්ඨම්හි භාතරි, ආචරියෙ චතුත්ථංහි{‡} තෙසු න මානං කයිරාථ. තෙසු අස්ස සගාරවො ත්යස්සු{10} අපචිතා අස්සු තෙචස්සු සාධු පූජිතා{11}.
Sinhala BJTමව කෙරෙහි ද, පියා කෙරෙහි ද, වැලි දෙටුබෑයා කෙරෙහි ද, සිවුවැනි ව ඇදුරා කෙරෙහි දැ යි යන මොවුන් කෙරෙහි මානය නො කරන්නේ ය. මොවුන් කෙරෙහි ගෞරව සහිත වන්නේ ය. ඔහු විසින් මොහු අපචිති කටයුත්තෝ වන්නාහ. ඔහු විසින් මොහු මැනවින් පිදියයුත්තෝ වන්නාහ.
Pali BJTඅරහන්තෙ සීතිභූතෙ{12} කතකිච්චෙ අනාසවෙ, නිහච්ච මානං අත්ථද්ධො තෙ නමස්ස{13} අනුත්තරෙ.
Sinhala BJTසිහිල් වූ කළකිස ඇති ආස්‍රව රහිත වූ නිරුත්තර වූ ඒ රහතුන් (මානයෙන්) තද නො වී මානය නසා වඳුව.
Pali BJTඑවං වුත්තෙ මානත්ථද්ධො බ්රාහ්මණො භගවන්තං එතදවොච අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි මානත්‍ථද්ධ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවියෙන් ගත් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා යි.
Pali BJT7. 2. 6.
Sinhala BJT7. 2. 6.
Pali BJTපච්චනීකසුත්තං.
Sinhala BJTපච්චනීක සූත්‍රය
Pali BJT202. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT202. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන පච්චනීකසාතො නාම බ්රාහ්මණො සාවත්ථියං පටිවසති. අථ ඛො පච්චනීකසාතස්ස බ්රාහ්මණස්ස එතදහොසි: යන්නූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමෙය්යං. යං යදෙව සමණො ගොතමො භාසිස්සති, තං තදෙවස්සාහං පච්චනීකාස්සන්ති.
Sinhala BJTඑකල්හි පච්චනීකසාත නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. ඉක්බිති පච්චනීකසාත බමුණාහට “මම මහණ ගොයුම් වෙත එළඹෙන්නෙම් නම් මැනවි. මහණ ගොයුම් යමක් යමක් ම කියන්නේ ද, මම ඔහුගේ ඒ ඒ වදනට ම විරුද්ධ වන්නෙමි”යි මේ අදහස විය.
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා අජ්ඣොකාසෙ චඞ්කමති. අථ ඛො පච්චනීකසාතො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං චඞ්කමන්තං අනුචඞ්කමමානො{1} භගවන්තං එතදවොච: භණ සමණ ධම්මන්ති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ අබවස සක්මන් කරණ සේක. එවිට පච්චනීකසාත බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ සක්මන් කරණ භාග්‍යවතුන් වහන්සේ අනුව සක්මන් කරමින් භාග්‍යවතුන් වහන්සේට “ශ්‍රමණයෙනි දහම් දෙසනු මැනවැ”යි මෙය කීය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTන පච්චනීකසාතෙන සුවිජානං සුභාසිතං, උපක්කිලිට්ඨචිත්තෙන සාරම්භබහුලෙන ච.
Sinhala BJTපච්චනීකසාත වූ කිලිටිසිත් ඇති කරණුත්තරියකරණය බහුල කොට ඇති පුද්ගලයා විසින් සුබැසි දහම මොනවට නො දතහැක්කේ ය.
Pali BJTයො ච විනෙය්ය සාරම්භං අප්පසාදඤ්ච චෙතසො, ආඝාතං පටිනිස්සජ්ජ ස වෙ{2} ජඤ්ඤා සුභාසිතන්ති.
Sinhala BJTයමෙක් සිතේ අප්‍රසාදය ද බද්ධවෛරය ද දුරු කොට සාරම්භය බැහැර කොට (සිටියේ ද ) හෙ තෙමේ ඒකාන්තයෙන් සුබැසි දහම දැන ගන්නේ ය.
Pali BJTඑවං වුත්තෙ පච්චනීකසාතො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි පච්චනීකසාත බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා!
Pali BJT7. 2. 7.
Sinhala BJT7. 2. 7.
Pali BJTනවකම්මිකසුත්තං.
Sinhala BJTනවකම්මික සූත්‍රය
Pali BJT203. එකං සමයං භගවා කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ.
Sinhala BJT203. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩවසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන නවකම්මිකභාරද්වාජො බ්රාහ්මණො තස්මිං වනසණ්ඩෙ කම්මන්තං කාරාපෙති. අද්දසා ඛො නවකම්මිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං අඤ්ඤතරස්මිං සාලරුක්ඛමූලෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. දිස්වානස්ස එතදහොසි: අහං ඛො පන{3} ඉමස්මිං වනසණ්ඩෙ කම්මන්තං කාරාපෙන්තො රමාමි. අයං සමණො ගොතමො කිං කාරාපෙන්තො රමතීති.
Sinhala BJTඑකල්හි නවකම්මිකභාරද්වාජ බමුණු තෙමේ ඒ වනලැහැබෙහි කර්‍මාන්ත කරවයි. නවකම්මිකභාරද්වාජ බමුණු තෙමේ එක්තරා සල්රුකක්මුල උඩුකය කෙළින් තබා (කමටහනට) අභිමුඛ කොට සිහි එළවා පලක් බැඳ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ය. දැක ඔහුට “මම වනාහි කර්‍මාන්ත කරවමින් මේ වනලැහැබෙහි සිත් අලවමි. මේ මහණගොයුම් තෙමේ කුමක් කරවමින් සිත් අලවා දැ”යි මේ අදහස වි ය.
Pali BJTඅථ ඛො නවකම්මිකභාරද්වාජො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති නවකම්මිකභාරද්වාජ බමුණු තෙමේ භාගවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTකෙ නු කම්මන්තා කයිරන්ති{4} භික්ඛු සාලවනෙ තව, යදෙකකො අරඤ්ඤස්මිං රතිං වින්දසි ගොතමාති.{5}
Sinhala BJTමහණ, ඔබවහන්සේ විසින් මේ සල්වෙනෙහි කිනම් කර්‍මාන්තයෝ කරණු ලැබෙද්ද? ගෞතමයෙනි, යම් හෙයකින් මේ වෙනෙහි හුදෙකලා ව ඇල්ම විඳිහි ද? (එහෙයින්) මෙසේ විචාරමි.
Pali BJTන{1} මෙ වනස්මිං කරණීයමත්ථි උච්ඡින්නමූලං මෙ වනං විසූකං, ස්වාහං{2} වනෙ නිබ්බනථො විසල්ලො එකො රමෙ අරතිං විප්පහායාති.
Sinhala BJTමට මේ වෙනෙහි කටයුත්තෙක් නැත. මාගේ කෙලෙස්වනය මුලුසුන් කරණ ලද්දේ ය. පහව ගිය (කෙලෙස්) කටු ඇත්තේ ය. ඒ මම නික්ලේශී ව පහ ව ගිය (රාගාදී) හුල ඇති ව (ප්‍රාන්තසෙනසුන්හි හා භාවනාවෙහි) නොඇල්ම වෙසෙසින් පහ කොට මේ වෙනෙහි එකලාව සිත් අලවා වෙසෙමි.
Pali BJTඑවං වුත්තෙ නවකම්මිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි නවකම්මිකභාරද්වාජ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවි හිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා යි.
Pali BJT7. 2. 8.
Sinhala BJT7. 2. 8.
Pali BJTකට්ඨහාරසුත්තං
Sinhala BJTකට්ඨහාර සූත්‍රය
Pali BJT204. එකං සමයං භගවා කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ.
Sinhala BJT204. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩවසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භාරද්වාජගොත්තස්ස බ්රාහ්මණස්ස සම්බහුලා අන්තෙවාසිකා කට්ඨහාරකා{3} මාණවකා යෙන සො{4} වනසණ්ඩො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අද්දසංසු භගවන්තං තස්මිං වනසණ්ඩෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.
Sinhala BJTඑකල්හි එක්තරා භාරද්වාජගෝත්‍ර බමුණකුගේ අතැවැසි වූ දර ගෙණෙන බොහෝ මාණවකයෝ ඒ වනලැහැබ වෙත එළඹියහ. එළඹ ඒ වනලැහැබෙහි පලක් බැඳ උඩුකය කෙළින් තබා අභිමුඛ කොට සිහි එළවා වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුහ. දැක භාරද්වාජගෝත්‍ර බමුණා වෙත එළඹියහ. එළඹ භාරද්වාජගෝත්‍ර බමුණාහට “භවත් තෙමේ දන්නේ ද? අසවල් වනලැහැබෙහි මහණෙක් පලක් බැඳ උඩුකය කෙළින් තබා සිහිය අභිමුඛ කොට එළවා හුන්නේ ය”යි මෙය කීහ.
Pali BJTදිස්වාන යෙන භාරද්වාජගොත්තො බ්රාහ්මණො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භාරද්වාජගොත්තං බ්රාහ්මණං එතදවොචුං: යග්ඝෙ භවං ජානෙය්ය{5} අසුකස්මිං වනසණ්ඩෙ සමණො{6} නිසින්නො පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වාති.
Sinhala BJTඉක්බිති භාරද්වාජගෝත්‍ර බමුණු ඒ මණෙවුන් සමග ඒ වනලැහැබ වෙත එළඹියේ ය. එළඹ ඒ වනලැහැබෙහි පලක් බැඳ උඩුකය කෙළින් තබා අභිමුඛ කොට සිහි එළවා වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය;
Pali BJTඅථ ඛො භාරද්වාජගොත්තො බ්රාහ්මණො තෙහි මාණවකෙහි සද්ධිං යෙන සො වනසණ්ඩො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අද්දසා ඛො භගවන්තං තස්මිං වනසණ්ඩෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTශ්‍රමණයෙනි, හිස් වූ, ජනයාගෙන් තොර වූ, අරණ්‍යයට පිවිස ගැඹුරු ස්වභාවය ඇති බොහෝ සෙයින් බිය එළවන මේ වෙනෙහි නොසැලෙන ස්ථිර වූ මනහර සිරුරෙන් යුක්ත ව ඒකාන්තයෙන් සොඳුරු ස්වභාවය ඇති ධ්‍යාන කෙරෙහි.
Pali BJTගම්භීරරූපෙ බහුභෙරවෙ වනෙ සුඤ්ඤං අරඤ්ඤං විජනං විගාහිය, අනිඤ්ජමානෙන ඨිතෙන{7} වග්ගුනා සුචාරුරූපං{8} වත භික්ඛු ඣායසි.
Sinhala BJTයම් තැනෙක ගී ගැයුම් නැද්ද, යම් තැනෙක වැයුමෙකුත් නැද්ද, (එබඳු වූ මේ) වෙනෙහි සර්‍වඥමුනි තෙමේ හුදෙකලා ව වනසෙනසුන් ඇසුරු කෙළේ ය. යම් හෙයෙකින් එකලා ව ම තුටුසිත් ඇති ව වෙනෙහි වෙසෙන්නේ ද, (එහෙයින්) මෙකරුණ පුදුමයක් සේ මට වැටහෙයි.
Pali BJTන යත්ථ ගීතා න පි යත්ථ වාදිතං එකො අරඤ්ඤෙ වනමස්සිතො මුනි, අච්ඡෙරරූපං පටිභාති මං ඉදං යදෙකකො පීතිමනො වනෙ වසෙ. මඤ්ඤාමහං{9} ලොකාධිපතී සහව්යතං{10} ආකඞ්ඛමානො තිදිවං අනුත්තරං, කස්මා භවං විජනමරඤ්ඤමස්සිතො තපො ඉධ කුබ්බසි{11} බ්රහ්මපත්තියාති.
Sinhala BJTලෝකාධිපති බ්‍රහ්මයා හා සහභාවය වූ නිරුත්තර බඹලොව පතමින් (වෙනෙහි වෙසෙයි යයි) මම හඟිමි. (නැතහොත්) භවත් කුමක් හෙයින් ජනයා කෙරෙන් තොර වූ වනය ඇසුරු කළේ ද? බ්‍රහ්මලෝකෝත්පත්තිය පිණිස මෙහි තපස් කෙරෙහි ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයා කාචි කඞ්ඛා අභිනන්දනා වා අනෙකධාතූසු පුථූ සදාසිතා, අඤ්ඤාණමූලප්පභවා පජප්පිතා සබ්බා මයා බ්යන්තිකතා{1} සමූලිකා.
Sinhala BJTයම්කිසි අභිනන්‍දනස්වරූප තෘෂ්ණායෙක් හෝ අනේකස්වාභාවාලම්බණයන්හි වූ නිරතුරු ඇසුරු කළ නානාප්‍රකාර සෙසු කෙලෙස් හෝ ඇද්ද, අවිද්‍යාව මූලප්‍රභාවය කොට ඇති අවිධ්‍යාමූල සහිත වූ ඒ සියලු තෘෂ්ණාවෝ මා විසින් නසන ලදහ.
Pali BJTස්වාහං අකඞ්ඛො අසිතො අනූපයො සබ්බෙසු ධම්මෙසු විසුද්ධදස්සනො, පප්පුය්ය සම්බොධිමනුත්තරං සිවං ඣායාමහං බ්රාහ්මණ{2} රහො විසාරදොති.
Sinhala BJTබමුණ, ඒ මම තෘෂ්ණා රහිත වූයෙම් තෘෂ්ණාව ඇසුරු නො කෙළෙම් උපගමන රහිත වූයෙම් සියලු ධර්‍මයන්හි විශුද්ධිදර්‍ශන ඇත්තෙම් වෙමි. ඒ මම නිරුත්තර වූ ශ්‍රේෂ්ඨ වූ සම්බෝධියට පැමිණ විශාරද ව රහසිගතව ධ්‍යාන කෙරෙමි.
Pali BJTඑවං වුත්තෙ භාරද්වාජගොත්තො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි භාරද්වාජගෝත්‍ර බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා යි.
Pali BJT7. 2. 9.
Sinhala BJT7. 2. 9.
Pali BJTමාතුපොසකසුත්තං
Sinhala BJTමාතුපෝසක සූත්‍රය
Pali BJT205. සාවත්ථියං–
Sinhala BJT205. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො මාතුපොසකො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මාතුපොසකො බ්රාහ්මණො භගවන්තං එතදවොච. අහං හි භො ගොතම ධම්මෙන භික්ඛං පරියෙසාමි. ධම්මෙන භික්ඛං පරියෙසිත්වා මාතාපිතරො පොසෙමි. කච්චාහං භො ගොතම එවංකාරී කිච්චකාරී හොමීති?
Sinhala BJTඑකල්හි මාතුපෝසක බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් මාතුපෝසක බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. භවත් ගෞතමයෙනි, මම වනාහි දැහැමින් භික්‍ෂාව සොයමි. දැහැමින් භික්‍ෂාව සොයා මවුපියන් පුසිමි. භවත් ගෞතමයෙනි, කිම? මම මෙසේ කරන්නෙම් කිස කරන්නෙකිම් වෙම් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTතග්ඝ ත්වං බ්රාහ්මණ එවංකාරී කිච්චකාරී හොසි{3}. යො ඛො බ්රාහ්මණ ධම්මෙන භික්ඛං පරියෙසති. ධම්මෙන භික්ඛං පරියෙසිත්වා මාතාපිතරො පොසෙති. බහුං{4} සො පුඤ්ඤං පසවතීති.
Sinhala BJTබමුණ, මෙසේ කරණ තෝ ඒකාන්තයෙන් කිස කරන්නෙහි. බමුණ, යමෙක් දැහැමින් භික්‍ෂාව සොයා ද, දැහැමින් භික්‍ෂාව සොයා මවුපියන් පුසී ද, හෙ තෙමේ බොහෝ පින් රැස් කෙරෙයි.
Pali BJTයො මාතරං වා{5} පිතරං වා මච්චො ධම්මෙන පොසති, තාය නං පාරිචරියාය මාතාපිතුසු පණ්ඩිතා, ඉධෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙ පමොදතීති.
Sinhala BJTයම් මිනිසෙක් මවත් පියාත් දැහැමින් පුසී ද, මවුපියන් කෙරෙහි වූ ඒ මෙහෙ කිරීම හේතු කොට ගෙණ පණ්ඩිතයෝ මේ ලොව්හි ම පසසත්. පරලොව ස්වර්‍ගයෙහි සතුටු වෙයි.
Pali BJTඑවං වුත්තෙ මාතුපොසකො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ ලක්හි මාතුපෝසක බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා.
Pali BJT7. 2. 10.
Sinhala BJT7. 2. 10.
Pali BJTභික්ඛකසුත්තං
Sinhala BJTභික්ඛක සූත්‍රය
Pali BJT206. සාවත්ථියං–
Sinhala BJT206. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො භික්ඛකො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො භික්ඛකො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අහම්පි ඛො{1} භො ගොතම භික්ඛකො භවම්පි භික්ඛකො ඉධ නො කිං නානාකරණන්ති?
Sinhala BJTඑකල්හි භික්ඛක බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් භික්ඛක බමුණු භාග්‍යවතුන් වහන්සේට තෙල සැළ කෙළේය. භවත් ගෞතමයෙනි, මමත් භික්‍ෂකයෙක්මි. භවත් තෙමේත් භික්‍ෂකයෙකි. මෙහි ලා අප දෙදෙනාගේ කිනම් වෙනසෙක් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භාගවතුහු:]
Pali BJTන තෙන භික්ඛකො හොති යාවතා භික්ඛතෙ පරෙ, විස්සං ධම්මං සමාදාය භික්ඛු හොති න තාවතා.
Sinhala BJTමෙරමා සිඟා යන මෙතෙක් වේ ද, එපමණෙකින් භික්‍ෂකයෙක් නො වේ. දුර්‍ගන්‍ධය වූ අකුශලධර්‍මය සමාදන් ව (සිටියේ) ඒ තාක් භික්‍ෂු නම් නො වේ.
Pali BJTයොධ පුඤ්ඤඤ්ච පාපඤ්ච බාහිත්වා{2} බ්රහ්මචරියවා{3}, සඞ්ඛාය ලොකෙ චරති ස වෙ භික්ඛූති වුච්චති.
Sinhala BJTමේ සස්නෙහි යමෙක් පින ද පව ද බැහැර කොට වුසූ බඹසර ඇත්තේ නුවණින් දැන ලොව්හි හැසිරේ ද, හෙ තෙමේ ඒකාන්තයෙන් භික්‍ෂු යයි කියනු ලැබේ.
Pali BJTඑවං වුත්තෙ භික්ඛකො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි භික්‍ෂක බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිම් කොට සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා.
Pali BJT7. 2. 11.
Sinhala BJT7. 2. 11.
Pali BJTසඞ්ගාරවසුත්තං
Sinhala BJTසඞ්ගාරව සූත්‍රය
Pali BJT207. සාවත්ථියං–
Sinhala BJT207. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන සඞ්ගාරවො{4} නාම බ්රාහ්මණො සාවත්ථියං පටිවසති. උදකසුද්ධිකො උදකෙන පරිසුද්ධිං{5} පච්චෙති. සායපාතං{6} උදකොරොහනානුයොගමනුයුත්තො විහරති.
Sinhala BJTඑකල්හි සඞ්ගාරව නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නේ ජලයෙන් පිරිසිදු බව පතයි. උදය සවස දියට බැසීම් ව්‍රතයෙහි යෙදුනේ වෙසෙයි.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: ඉධ භන්තෙ සඞ්ගාරවො{4} නාම බ්රාහ්මණො සාවත්ථියං පටිවසති, උදකසුද්ධිකො උදකෙන පරිසුද්ධිං{5} පච්චෙති සායපාතං{6} උදකොරොහනානුයොගමනුයුත්තො විහරති. සාධු භන්තෙ භගවා යෙන සඞ්ගාරවස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති. අධිවාසෙසි භගවා තුණ්හීභාවෙන.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියහ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුනාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: “වහන්ස, මෙහි සඞ්ගාරව නම් බමුණෙක් සැවැත්නුවර වෙසෙයි. ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නේ ජලයෙන් පිරිසිදු බව පත යි. උදය සවස දියට බැසීම් ව්‍රතයෙහි යෙදුනේ වෙසෙයි. වහන්ස, භාග්‍යවත්හු අනුකම්පා පිණිස සඞ්ගාරව නම් බමුණාගේ නිවෙස්න වෙත එළඹෙන සේක්වා. ඒ මැනවි”යි. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද භාවයෙන් ඉවසා වදාළ සේක.
Pali BJTඅථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන සඞ්ගාරවස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ සඞ්ගාරව බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. එළඹ පණවන ලද අස්නෙහි වැඩහුන් සේක.
Pali BJTඅථ ඛො සඞ්ගාරවො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො සඞ්ගාරවං බ්රාහ්මණං භගවා එතදවොච: සච්චං කිර ත්වං බ්රාහ්මණ උදකසුද්ධිකො උදකෙන පරිසුද්ධිං පච්චෙසි. සායපාතං උදකොරොහනානුයොගමනුයුත්තො විහරසීති.
Sinhala BJTඑකල්හි සඞ්ගාරව බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සඞ්ගාරව බමුණාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. බමුණ, සැබැව? තෝ ජලයෙන් ශුද්ධිය වේ යයි අදහන්නෙහි ජලයෙන් පිරිසිදු බව පතයි ද? උදය සවස දියට බැසීම් ව්‍රතයෙහි යෙදුනෙහි වෙසෙයි ද?