Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2101-2200 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඑතාහි තීහි විජ්ජාහි තෙවිජ්ජො හොති බ්රාහ්මණො, විජ්ජාචරණසම්පන්නො සො මං භුඤ්ජෙය්ය පායසන්ති{2}.
Sinhala BJTමේ ත්‍රිවිද්‍යායෙන් බමුණ තෙමේ තේවිජ්ජ වෙයි. විද්‍යායෙන් හා චරණධර්‍මයෙන් යුක්ත වූ හෙ තෙමේ මේ පායාසය වළඳන්නේ ය. (වැළඳීමට සුදුසු යයි වදාළ නියායි.)
Pali BJT[බ්රාහ්මණො:]
Sinhala BJT[බමුණු:]
Pali BJTභුඤ්ජතු භවං{3} ගොතමො. බ්රාහ්මණො භවන්ති.
Sinhala BJTභවත් ගෞතම තෙමේ වළදාවා. භවත් තෙමේ බමුණෙකි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTගාථාභිගීතං මෙ අභොජනෙය්යං{4} සම්පස්සතං බ්රාහ්මණ නෙස ධම්මො, ගාථාභිගීතං පනුදන්ති බුද්ධා ධම්මෙ සති බ්රාහ්මණ වුත්තිරෙසා.
Sinhala BJTබමුණ, මා විසින් ගාථාභිගීත මේ පායාසය වැළඳීම සුදුසු නො වේ. ආජිවශුද්ධිය දක්නවුන්ගේ මේ ස්වභාවයෙක් නොවේ. බුදුවරයෝ ගාථාභිගීත බොජුන් බැහැර කෙරෙත්. බමුණ, ආර්‍ය්‍යධර්‍මය ඇති කල්හි මේ පැවැත්මයි. (අකැප දෙය දුර ලා කැප දෙය ම වැළඳීම ආර්‍ය්‍යයන්ගේ ස්වාභාව යයි.)
Pali BJTඅඤ්ඤෙන ච කෙවලිනං මහෙසිං ඛීණාසවං කුක්කුච්චවූපසන්තං, අන්නෙන පානෙන උපට්ඨහස්සු ඛෙත්තං හි තං පුඤ්ඤපෙක්ඛස්ස හොතීති.
Sinhala BJTසියලු ගුණයෙන් යුත් මහර්ෂි වූ සන්හුන් කුකුස් ඇති රහත්හු මෙයින් අන්‍ය වූ ආහාරයෙන් ද, පානයෙන් ද උවටන් කරව. පින් කැමැත්තහුට ඒ කෙත වේ.
Pali BJTඑවං වුත්තෙ අග්ගිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අග්ගිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ.
Pali BJT7. 1. 9.
Sinhala BJT7. 1. 9.
Pali BJTසුන්දරිකසුත්තං.
Sinhala BJTසුන්‍දරික සූත්‍රය
Pali BJT195. එකං සමයං භගවා කොසලෙසු විහරති සුන්දරිකාය නදියා තීරෙ. තෙන ඛො පන සමයෙන සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො සුන්දරිකාය නදියා තීරෙ අග්ගිං ජුහති. අග්ගිහුත්තං පරිචරති. අථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො අග්ගිං ජුහිත්වා අග්ගිහුත්තං පරිචරිත්වා උට්ඨායාසනා සමන්තා චතුද්දිසා අනුවිලොකෙසි: කො නු ඛො ඉමං හබ්යසෙසං භුඤ්ජෙය්යාති. අද්දසා ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ සසීසං{5} පාරුතං නිසින්නං. දිස්වාන වාමෙන හත්ථෙන හව්යසෙසං ගහෙත්වා දක්ඛිණෙන හත්ථෙන කමණ්ඩලුං ගහෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි.
Sinhala BJT195. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි සුන්‍දරිකා ගංතෙර වැඩවසන සේක. එකල්හි සුන්‍දරිකභාරද්වාජ බමුණු සුන්‍දරිකා ගංතෙර ගිනි පුදයි. අග්නිහෝමය කෙරෙයි. ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බමුණු ගිනි පුදා අග්නිහෝමය කොට හුනස්නෙන් නැගිට “කවරෙක් මේ යාගද්‍රව්‍යශේෂය වළඳන්නේ වේ දැ”යි හාත්පස සිවුදිගුන් බැලී ය. සුන්‍දරිකභාරද්වාජ බමුණු එක්තරා රුක්මුලෙක හිස වටා පෙරෙවි වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දුටුයේ ය. දැක වමතින් යාගද්‍රව්‍යශේෂය ගෙණ දකුණතින් කෙණ්ඩිය ගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය.
Pali BJTඅථ ඛො භගවා සුන්දරිකභාරද්වාජස්ස බ්රාහ්මණස්ස පදසද්දෙන සීසං විවරි.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ සුන්‍දරිකභාරද්වාජ බමුණාගේ පියහඬින් හිස විවර කළ සේක.
Pali BJTඅථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො මුණ්ඩො අයං භවං මුණ්ඩකො අයං භවන්ති තතොව පුන නිවත්තිතුකාමො අහොසි. අථ ඛො සුන්දරිකභාරද්වාජස්ස බ්රාහ්මණස්ස එතදහොසි: මුණ්ඩාපි හි ඉධෙකච්චෙ බ්රාහ්මණා භවන්ති. යන්නූනාහං තං උපසඞ්කමිත්වා ජාතිං පුච්ඡෙය්යන්ති. අථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: කිංජච්චො භවන්ති.
Sinhala BJTඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බමුණු මේ භවත් මුඩු වූවෙක. මේ භවත් මුණ්ඩකයෙකැ යි. එතැනින් ම පෙරළා යනු කැමැති විය. එකල්හි සුන්‍දරිකභාරද්වාජ බමුණාහට “මෙහි මුඩු වූ ද ඇතැම්හු බමුණු වෙති. මම ඔහු වෙත එළඹ ජාතිය විචාරන්නෙම් නම් මැනවැ”යි මේ සිත විය. ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට “භවත් කිනම් ජාති ඇත්තෙක් වේ දැ”යි තෙල කී ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTමා ජාතිං පුච්ඡ චරණඤ්ච පුච්ඡ කට්ඨා හවෙ ජායති ජාතවෙදො, නීචා කුලීනොපි මුනී ධිතීමා ආජානීයො හොති හිරීනිසෙධො.
Sinhala BJTජාතිය නහමක් විචාරව (ශීලාදි) චරණය ම විචාරව. කාෂ්ටයෙන් ඒකාන්තයෙන් ගිනි හටගණී. එමෙන් ම පහත් කුලයෙහි උපන්නේ ද, උසස්කුලයෙහි උපන්නේ ද, වීර්‍ය්‍යවත් වූයේ කරුණු නො කරුණු දන්නේ ලජ්ජායෙන් පව් වළකා සිටියේ (ක්‍ෂීණාස්‍රව) මුනි වෙයි.
Pali BJTසච්චෙන දන්තො දමසා උපෙතො වෙදන්තගූ වුසිතබ්රහ්මචරියො, යඤ්ඤූපනීතො තමුපව්හයෙථ කාලෙන සො ජුහති දක්ඛිණෙය්යොති.
Sinhala BJTයමෙක් (පරමාර්‍ත්‍ථ) සත්‍යයෙන් දැමුනේ ද, ඉන්‍ද්‍රිය දමනයෙන් යුක්ත ද, චතුර්මාර්‍ග සඞ්ඛ්‍යාත වේදයෙහි පරතෙරට ගියේ ද, වැස නිම වූ බඹසර ඇත්තේ ද, යුතු කළ දන් ඇතියේ සුදුසු කල්හි ඔහු කැඳවන්නේ ය. හෙ තෙමේ (ඔහු කැඳවා දන් දෙන තැනැත්තේ) දක්‍ෂිණාර්‍හයා කෙරෙහි යාග කෙරෙයි.
Pali BJT[බ්රාහ්මණො:]
Sinhala BJT[බමුණු:]
Pali BJTඅද්ධා සුයිට්ඨං සුහුතං මමයිදං යං තාදිසං වෙදගුමද්දසාමි, තුම්හාදිසානං හි අදස්සනෙන අඤ්ඤො ජනො භුඤ්ජති හව්යසෙසන්ති.
Sinhala BJTවේදයෙහි පරතෙරට පැමිණි එබන්දකු යම් හෙයෙකින් දකිම් ද, මා විසින් ඒකාන්තයෙන් මෙය මොනවාට පුදන ලද්දේ වෙයි. මනා කොට (එහෙයින්) හෝම කරණ ලද්දේ වෙයි. මුබ වහන්සේ වැන්නවුන් නො දැක්මෙන් අන්දන හුතාවශේෂය වළඳයි.
Pali BJTභුඤ්ජතු භවං ගොතමො. බ්රාහ්මණො භවන්ති.
Sinhala BJTභවත් ගෞතම තෙමේ වළඳාවා. භවත් තෙමේ බ්‍රාහ්මණයෙකි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTගාථාභිගීතං මෙ අභොජනෙය්යං සම්පස්සතං බ්රාහ්මණ නෙසධම්මො, ගාථාභිගීතං පනුදන්ති බුද්ධා ධම්මෙ සති බ්රාහ්මණ වුත්තිරෙසා.
Sinhala BJTබමුණ, මා විසින් ගාථාභිගීත පායාසය වැළඳීම නිසි නො වේ. ආජීවශුද්ධිය දක්නවුන්ගේ මේ ස්වභාවයෙක් නො වේ. බුදුවරයෝ ගාථාභිගීතය බැහැර කෙරෙත්. බමුණ, ආර්‍ය්‍යධර්‍මය ඇතිකල්හි මේ පැවැත්ම යි.
Pali BJTඅඤ්ඤෙන ච{1} කෙවලිනං මහෙසිං ඛීණාසවං කුක්කුච්චවූපසන්තං, අන්නෙන පානෙන උපට්ඨහස්සු ඛෙත්තං හි තං පුඤ්ඤපෙක්ඛස්ස හොතීති.
Sinhala BJTසියලු ගුණයෙන් යුත් මහර්ෂී වූ සන්හුන් කුකුස් ඇති රහත්හු මෙයින් අන්‍ය ආහාරයෙන් ද පානයෙන් ද උවටන් කරව. පින් කැමැත්තහුට ඒ කෙත වේ.
Pali BJT[බ්රාහ්මණො:]
Sinhala BJT[බමුණු:]
Pali BJTඅථ කස්ස චාහං භො ගොතම ඉමං හව්යසෙසං{2} දම්මීති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, එසේ නම් මම කවරකුට මේ හුතාවශේෂය දෙම් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTන ඛ්වාහන්තං{3} බ්රාහ්මණ පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යස්සෙසො හව්යසෙසො{4} භුත්තො සම්මා පරිණාමං ගච්ඡෙය්ය අඤ්ඤත්ර බ්රාහ්මණ{5} තථාගතස්ස වා තථාගතසාවකස්ස වා. තෙන හි ත්වං බ්රාහ්මණ තං හව්යසෙසං{4} අප්පහරිතෙ වා ඡඩ්ඩෙහි අප්පාණකෙ වා උදකෙ ඔපිලාපෙහීති.
Sinhala BJTබමුණ, තථාගතයන්ගේ හෝ තථාගතශ්‍රාවකයකුගේ හෝ පරිණාමය හැරපියා අන් යමකු විසින් මේ හුතාවශේෂය වළඳන ලද්දේ මැනවින් පැසීමට යන්නේ නම්, බමුණ, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන්සියෝ දෙව්මිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දකු මම නො ම දකිමි. බමුණ, එසේ වී නම් තෙපි ඒ හුතාවශේෂය තණ නැති බිමෙක හෝ දමව. පණුවන් නැති දියෙක හෝ පා කොට හරුව.
Pali BJTඅථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො තං හව්යසෙසං{1} අප්පාණකෙ උදකෙ ඔපිලාපෙසි. අථ ඛො සො හව්යසෙසො උදකෙ පක්ඛිත්තො චිච්චිටායති, චිටිචිටායති, සන්ධූපායති, සම්පධූපායති. සෙය්යථාපි නාම ඵාලො දිවසෙ{1} සන්තත්තො උදකෙ පක්ඛිත්තො චිච්චිටායති, චිටිචිටායති, සන්ධූපායති, සම්පධූපායති, එවමෙව සො හව්යසෙසො උදකෙ පක්ඛිත්තො චිච්චිටායති, චිටිචිටායති, සන්ධූපායති, සම්පධූපායති. අථ ඛො සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො සංවිග්ගො ලොමහට්ඨජාතො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතං ඛො සුන්දරිකභාරද්වාජං බ්රාහ්මණං භගවා ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බමුණු ඒ හුතාවශේෂය පණුවන් නැති දියෙහි පා කොට හැරියේ ය. එකල්හි ඒ හුතාවශේෂය දියෙහි බහා ලන ලද්දේ චිච්චිටි යන අනුකරණ ශබ්දය පවත්වයි. චිටි චිටි යන අනුකරණශබ්ද පවත්වයි. දුමයි. බෙහෙවින් දුමයි. යම්සේ දහවල් තැවුන හීවැල දියෙහි බහාලන ලද්දේ චිච්චිටි යන අනුකරණශබ්දය පවත්වා ද, චිටි චිටි යන අනුකරණශබ්ද පවත්වා ද, දුමා ද, බෙහෙවින් දුමා ද, එසෙයින් ම ඒ හුතාවශේෂය දියෙහි බහා ලන ලද්දේ චිච්චිටි යන අනුකරණ ශබ්දය පවත්වයි. චිටි චිටි යන අනුකරණශබ්ද පවත්වයි. දුමයි. බෙහෙවින් දුමයි. ඉක්බිති සුන්‍දරිකභාරද්වාජ බමුණු තෙමේ සංවේගයට පැමිණියේ හටගත් ලොමුදහගැනුම් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සුන්‍දරිකභාරද්වාජ බමුණාට භාග්‍යවතුන් වහන්සේ ගාථායෙන් වදාළ සේක:
Pali BJTමා බ්රාහ්මණ දාරුසමාදහානො සුද්ධිං අමඤ්ඤී බහිද්ධා හි එතං, න හි තෙන සුද්ධිං කුසලා වදන්ති යො බාහිරෙන පරිසුද්ධිමිච්ඡෙ.
Sinhala BJTබමුණ, දර දවමින් ශුද්ධියක් නහමක් හඟුව. යම් හෙයෙකින් මේ දර දැවීම ආර්‍ය්‍යධර්‍මයෙන් බැහැර ද (එහෙයිනි). බාහිර වූ දර දැවීමෙකින් පිරිසිදුබව යමෙක් කැමැති වන්නේ නම් ඒ දර දැවීමෙන් පිරිසිදු බවක් දක්‍ෂ වූ ආර්‍ය්‍යයෝ නොම කියත්.
Pali BJTහිත්වා අහං බ්රාහ්මණ දාරුදාහං අජ්ඣත්තමෙව ජලයාමි{2} ජොතිං, නිච්චග්ගිනි{3} නිච්චසමාහිතත්තො අරහං අහං බ්රහ්මචරියං චරාමි.
Sinhala BJTබමුණ, මම දර දැවීම අත්හැර ස්වසන්තානයෙහි ම ඥානාග්නිය දල්වමි. අර්‍හත් වූ මම නිති (දැල් වූ) ගිනි ඇත්තෙම් නිති සංයතසිත් ඇත්තෙම් බඹසර කෙරෙමි.
Pali BJTමානො හි තෙ බ්රාහ්මණ ඛාරිභාරො කොධො ධූමො භස්මනි මොසවජ්ජං,{4} ජිව්හා සුජා හදයං ජොතිඨානං අත්තා සුදන්තො පුරිසස්ස ජොති.
Sinhala BJTබමුණ, තාගේ මානය තවුස්පිරිකරබර වේ. ක්‍රෝධය දුම වේ. මුසා බිණීම හලු වේ. දිව හැන්ද ය. හෘදය ගිනි දැල්වෙන තැන ය. පුරුෂයාගේ මොනවාට දැමුණු සිත ගින්න වේ.
Pali BJTධම්මො රහදො බ්රාහ්මණ සීලතිත්ථො අනාවිලො සබ්භි සතං පසත්ථො, යත්ථ හවෙ වෙදගුනො සිනාතා අනල්ලගත්තා{5}ව තරන්ති පාරං.
Sinhala BJTවේදයෙහි පරතෙරට ගිය ආර්‍ය්‍යයෝ යම් තැනෙක ස්නානය කළාහු නොතෙත් සිරුරු ඇත්තෝ නිවන් නමැති පරතෙරට ඒකාන්තයෙන් යෙද්ද, බමුණ, ධර්‍මය තෙමේ සිල් නමැති තොටු ඇති වෙසෙසින් පහන් වූ උතුම් සත්පුරුෂයන් විසින් පසස්නා ලද (එබඳු) ජලාසයෙකි.
Pali BJTසච්චං ධම්මො සංයමො බ්රහ්මචරියං මජ්ඣෙසිතා බ්රාහ්මණ බ්රහ්මපත්ති, ස තුජ්ජුභූතෙසු නමො කරොහි තමහං නරං ධම්මසාරීති බ්රූමීති.
Sinhala BJTබමුණ, වාක්සත්‍යය ද, (දිට්ඨි, සඞ්කප්ප, වායාම, සති, සමාධි සඞ්ඛ්‍යාත) ධර්‍ම ද, (කම්මන්ත ආජීව සඞ්ඛ්‍යාත) සංයමය ද (යන මේ) බඹසර නම් වේ. මැද ඇසුරු කළා ශ්‍රේෂ්ඨ ප්‍රතිපත්ති ය යි. ඒ (තෙපි) ඍජු වූ රහතුන්ට නමස්කාර කරව. මම ඒ මිනිසා දහම්හි හැසිරෙන්නෙකැ යි කියමි.
Pali BJTඑවං වුත්තෙ සුන්දරිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි සුන්‍දරිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
Pali BJT7. 1. 10.
Sinhala BJT7. 1. 10.
Pali BJTබහුධීතුසුත්තං.{*}
Sinhala BJTබහුධීතු සූත්‍රය
Pali BJT196. එකං සමයං භගවා කොසලෙසු විහරති අඤ්ඤතරස්මිං වනසණ්ඩෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භාරද්වාජගොත්තස්ස බ්රාහ්මණස්ස චතුද්දස බලිවද්දා{6} නට්ඨා හොන්ති. අථ ඛො භාරද්වාජගොත්තො බ්රාහ්මණො තෙ බලිවද්දෙ{6} ගවෙසන්තො යෙන සො වනසණ්ඩො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අද්දස භගවන්තං තස්මිං වනසණ්ඩෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. දිස්වාන යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
Sinhala BJT196. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි එක්තරා වනලැහැබෙක වැඩ වසන සේක. එකල්හි එක්තරා භාරද්වාජ ගෝත්‍ර බමුණු කෙනකුගෙන් ගොන්හු තුදුස් දෙනෙක් නටුවාහු වෙත්, ඉක්බිති ඒ භාරද්වාජ ගෝත්‍ර බමුණු තෙමේ ඒ ගොනුන් සොයමින් ඒ වනලැහැබට පැමිණියේ ය. එළඹ ඒ වනලැහැබෙහි උඩු කය කෙළින් තබා (කමටහන්=) අභිමුඛ කොට සිහි එළවා පලක් බැඳ වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ය. දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය.
Pali BJTන හි{1} නූනිමස්ස සමණස්ස බලිවද්දා චතුද්දස, අජ්ජ සට්ඨි න දිස්සන්ති තෙනායං සමණො සුඛී.
Sinhala BJT(මාගේ) ගොන්හු තුදුස්දෙනෙක් අදට සදවසක් මුළුල්ලෙහි නො දක්නා ලැබෙත්. මේ මහණහු ඒකාන්තයෙන් (එබන්දෙක්) නැත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
Pali BJTන හි නූනිමස්ස සමණස්ස තිලා ඛෙත්තස්මිං{2} පාපකා{3}, එකපණ්ණා දුපණ්ණා{4} ච තෙනායං සමණො සුඛී.
Sinhala BJTයම් හෙයකින් මේ මහණහට ලාමකවූ තල ද කොළ එකක් දෙකක් පමණ ඉතිරි වූ තල ද ඒකාන්තයෙන් නැත් ද, එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
Pali BJTන හි නූනිමස්ස සමණස්ස තුච්ඡකොට්ඨස්මිං{5} මූසිකා, උස්සොළ්හිකාය නච්චන්ති තෙනායං සමණො සුඛී.
Sinhala BJT(මාගේ) හිස් වූ ධාන්‍යාගාරයෙහි මීයෝ අධිකෝත්සාහයෙන් නටත්. මේ මහණහට ඒකාන්තයෙන් (එබන්දෙක්) නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
Pali BJTන හි නූනිමස්ස සමණස්ස, සන්ථාරො සත්තමාසිකො, උප්පාටකෙහි{6} සංඡන්නො තෙනායං සමණො සුඛී.
Sinhala BJTසත්මසක් පමණ වූ (මාගේ) තණ ඇතිරිය එහි ම හටගත් ප්‍රාණීන්ගෙන් ගැවසී ගත්තේ ය. මේ මහණහට ඒකාන්තයෙන් (එබන්දෙක්) නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සැප ඇත්තෙකි.
Pali BJTන හි නූනිමස්ස සමණස්ස විධවා සත්ත{7}ධීතරො, එකපුත්තා දුපුත්තා ච තෙනායං සමණො සුඛී.
Sinhala BJTඑක පුතකු ඇත්තාවූ ද පුතුන් දෙදෙනකුන් ඇත්තාවූ ද, වැන්දඹු වූ දුහු සත් දෙනෙක් (මට මෙන්) මේ මහණහට ඒකාන්තයෙන් නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
Pali BJTන හි නූනිමස්ස සමණස්ස පිඞ්ගලා තිලකාහතා, සොත්තං පාදෙන බොධෙති{8} තෙනායං සමණො සුඛී.
Sinhala BJTපිඟුවන් වූ තලකැලලින් ගැවසී ගත් සිරුර ඇති (මාගේ බැමිණි තොමෝ) නිදිගත් මා පයින් ගසා පුබුදුවයි. මේ මහණහට ඒකාන්තයෙන් එබන්දෙක් නො ම ඇත. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
Pali BJTන හි නූනිමස්ස සමණස්ස පච්චූසම්හි ඉණායිකා, දෙථ දෙථාති චොදෙන්ති තෙනායං සමණො සුඛීති.
Sinhala BJTඅලුයම්හි නය හිමියෝ දෙවු, දෙවු යයි මේ මහණහට (මට මෙන්) ඒකාන්තයෙන් චෝදනා නො ම කෙරෙත්. එහෙයින් මේ මහණ තෙමේ සුව ඇත්තෙකි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTන හි මය්හං බ්රාහ්මණ බලිවද්දා චතුද්දස, අජ්ජ සට්ඨි න දිස්සන්ති තෙනාහං බ්රාහ්මණා සුඛී.
Sinhala BJTබමුණ, (තාගේ) ගොන්හු තුදුස් දෙනෙක් අදට සදවසක් මුළුල්ලෙහි නො දක්නා ලැබෙත්. මට (එබන්දෙක්) නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
Pali BJTන හි මය්හං බ්රාහ්මණ තිලාඛෙත්තම්හි පාපකා, එකපණ්ණා දුපණ්ණා ච තෙනාහං බ්රාහ්මණා{9} සුඛී.
Sinhala BJTබමුණ, කෙතෙහි ලාමක වූ තල ද එකක් දෙකක් කොළ ඉතිරි වූ තල ද මට නොම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
Pali BJTන හි මය්හං බ්රාහ්මණ තුච්ඡකොට්ඨස්මිං මූසිකා, උස්සොළ්හිකාය නච්චන්ති තෙනාහං බ්රාහ්මණා{9} සුඛී.
Sinhala BJTබමුණ, (තාගේ) හිස් වූ ධාන්‍යාගාරයෙහි මීයෝ මහත් උත්සාහයෙන් නටත්. මට එබන්දෙක් නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
Pali BJTන හි මය්හං බ්රාහ්මණ සන්ථාරො සත්තමාසිකො, උප්පාටකෙහි සඤ්ඡන්නො තෙනාහං බ්රාහ්මණා{9} සුඛී.
Sinhala BJTබමුණ, සත්මසක් වූ (තාගේ) තණඇතිරිය එහි ම උපන් ප්‍රාණීන්ගෙන් ගැවසී ගත්තේ ය. මට (එබන්දෙක්) නො ම ඇත්තේ ය. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
Pali BJTන හි මය්හං බ්රාහ්මණ විධවා සත්තධීතරො, එකපුත්තා දුපුත්තා ච තෙනාහං බ්රාහ්මණා{9} සුඛී.
Sinhala BJTබමුණ, එක් පුතකු ඇත්තාවූ ද, දෙපුතු කෙනකුන් ඇත්තාවූ ද වැන්දඹු වූ දූහු සත්දෙනෙක් (තට මෙන්) මට නොම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
Pali BJTන හි මය්හං බ්රාහ්මණ පිඞ්ගලා තිලකාහතා, සොත්තං පාදෙන බොධෙති{8} තෙනාහං බ්රාහ්මණා{9} සුඛී.
Sinhala BJTපිඟුවන් වූ තලකැලලින් ගැවසී ගත් සිරුරු ඇති (තාගේ බැමිණිය) නිදි ගත් තා පයින් ගසා පුබුදුවයි. මට එබන්දෙක් නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
Pali BJTන හි මය්හං බ්රාහ්මණ පච්චූසම්හි ඉණායිකා, දෙථ දෙථාති චොදෙන්ති තෙනාහං බ්රාහ්මණා සුඛීති.
Sinhala BJTබමුණ, අලුයම නයහිමියෝ දෙවූ දෙවූ යයි (තට) චෝදනා කෙරෙත්. මට එබන්දෙක් නො ම ඇත. බමුණ, එහෙයින් මම සුව ඇත්තෙමි.
Pali BJTඑවං වුත්තෙ භාරද්වාජගොත්තො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය, පටිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්ති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යං උපසම්පදන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි භාරද්වාජගෝත්‍ර බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මං මුළාවූවකුට මඟ කියන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූප දකින්නාහ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියායෙන් දහම් පවසන ලදී. මේ මම භවත් ගොයුම්හු ද දහම ද බික්සඟන ද සරණ යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබම් වා. උපසපුව ලබම්වා යි.
Pali BJTඅලත්ථ ඛො භාරද්වාජගොත්තො බ්රාහ්මණො භගවතො සන්තිකෙ පබ්බජ්ජං අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ච පනායස්මා භාරද්වාජො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
Sinhala BJTභාරද්වාජගෝත්‍ර බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලැබීය ය. උපසපුව ලැබීය. උපසපන් වූ නොබෝ කල් ඇති ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ එකලාව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙමින් කුලපුත්‍රයෝ යමක් පිණිස මැනවින් ම ගිහිගෙන් නික්ම පැවිද්දට යෙත් ද, මගබඹසර කෙළවර කොට ඇති ඒ නිරුත්තර වූ රහත්බව නොබෝ කලෙකින් ම දුටුදැමියෙහි තමා විසින් ම විසිතුරු නුවණින් පසක් කොට එයට පැමිණ විසූහ. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැන ගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ.
Pali BJTඅරහන්තවග්ගො පඨමො.
Sinhala BJTඅරහන්තවර්‍ගය පළමුවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTධනඤ්ජානී{1} ච අක්කොසං අසුරින්දං බිලඞ්ගිකං, අහිංසකං ජටා චෙව සුද්ධිකඤ්චෙ ව අග්ගිකා, සුන්දරිකං බහුධීතුකෙන{2} ච තෙ දසාති.
Sinhala BJTධනඤ්ජානි, අක්කෝස, අසුන්‍දරි, බිලඞ්ගික, අහිංසක, ජටා, සුද්ධික, අග්ගික, සුන්‍දරික, බහුධීතු සූත්‍රය යි ඒ දශයෙකි.
Pali BJT2. උපාසකවග්ගො
Sinhala BJT2. උපාසක වර්‍ගය
Pali BJT7. 2. 1.
Sinhala BJT7. 2. 1.
Pali BJTකසීසුත්තං.
Sinhala BJTකසී සූත්‍රය
Pali BJT197. එවං මෙ සුතං: එකං සමයං භගවා මගධෙසු විහරති දක්ඛිණාගිරිස්මිං එකනාළායං බ්රාහ්මණගාමෙ. තෙන ඛො පන සමයෙන කසිභාරද්වාජස්ස බ්රාහ්මණස්ස පඤ්චමත්තානි නඞ්ගලසතානි පයුත්තානි හොන්ති වප්පකාලෙ.
Sinhala BJT197. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධ දනව්වෙහි දකුණුගිරියෙහි ඒකනාළා නම් බමුණුගම්හි වැඩ වසන සේක. එකල්හි කසීභාරද්වාජ බමුණා විසින් වපුරණ කාලයෙහි පන්සියක් පමණ නගුල්හු යොදන ලද්දාහු වෙති.
Pali BJTඅථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන කසිභාරද්වාජස්ස බ්රාහ්මණස්ස කම්මන්තො තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන කසිභාරද්වාජස්ස බ්රාහ්මණස්ස පරිවෙසනා වත්තති. අථ ඛො භගවා යෙන පරිවෙසනා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ කසිභාරද්වාජ බමුණාගේ කර්‍මාන්තස්ථානය වෙත එළඹිසේක. එකල්හි කසිභාරද්වාජ බමුණාගේ බොජුන් දීම පවතී. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොජුන් දෙන තැනට එළඹි සේක. එළඹ එකත්පසෙක වැඩසිටි සේක.
Pali BJTඅද්දසා ඛො කසීභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං පිණ්ඩාය ඨිතං. දිස්වාන භගවන්තං එතදවොච: අහං ඛො සමණ කසාමි ච වපාමි ච. කසිත්වා ච වපිත්වා ච භුඤ්ජාමි. ත්වම්පි සමණ කසස්සු ච, වපස්සු ච, කසිත්වා ච වපිත්වා ච භුඤ්ජස්සූති.
Sinhala BJTකසිභාරද්වාජ බමුණු තෙමේ පිඬු පිණිස වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ දැක්කේය. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. මහණ, මම වනාහි සෑම ද කරමි. වැපිරීම ද කරමි. සෑම ද කොට වැපිරීම ද කොට වළඳමි. මහණ, තෙපි ද සෑම ද කරව. වැපිරීම ද කරව. සෑම ද කොට වැපිරීම ද කොට වළඳව.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅහම්පි ඛො බ්රාහ්මණ කසාමි ච වපාමි ච කසිත්වා ච වපිත්වා ච භුඤ්ජාමීති.
Sinhala BJTබමුණ, මමත් සෑම ද කරමි. වැපිරීම ද කරමි. සෑම ද කොට වැපිරීම ද කොට වළඳමි.
Pali BJT[බ්රාහ්මණො:]
Sinhala BJT[බමුණු:]
Pali BJTන ඛො පන මයං{1} පස්සාම භොතො ගොතමස්ස යුගං වා නඞ්ගලං වා ඵාලං වා පාචනං වා බලිවද්දෙ වා. අථ ච පන භවං ගොතමො එවමාහ. අහම්පි ඛො බ්රාහ්මණ කසාමි ච වපාමි ච කසිත්වා ච වපිත්වා ච භුඤ්ජාමීති.
Sinhala BJTඅපි භවත් ගොයුම්හුගේ වියදණ්ඩ හෝ නඟුල හෝ හීවැල හෝ කෙවිට හෝ ගොනුන් හෝ නො ම දකුම්හ. එහෙත් භවත් ගොයුම් තෙමේ “බමුණ, මමත් සෑම ද කරමි. වැපිරීම ද කරමි. සෑම ද කොට වැපිරීම ද කොට වළඳමි” යි මෙසේ කියයි.
Pali BJTඅථ ඛො කසීභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති කසිභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
Pali BJTකස්සකො පටිජානාසි න ච පස්සාමි තෙ කසිං, කස්සකො පුච්ඡිතො බ්රූහි කථං ජානෙමු තං කසින්ති?
Sinhala BJTගොවියකැ යි පිළින කෙරෙහි. මුබගේ සීසෑමක් නොම දකිමි. ගොවියෙක් දැ යි (අප විසින්) විචාරණ ලද (මොබ) කියනු මැනව. ඒ සීසෑම කෙරේ දනුමෝ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසද්ධා බීජං තපො වුට්ඨී පඤ්ඤා මෙ යුගනඞ්ගලං, හිරි{2} ඊසා මනො යොත්තං සති මෙ ඵාලපාචනං.
Sinhala BJTසැදැහැ බිජුවට ය. තපස වැස්ස ය. නුවණ මාගේ වියදණ්ඩ හා නඟුලය. ලජ්ජාව නඟුලිසය. සිත යොත ය. සිහිය මාගේ හීවැල හා කෙවිට ය.
Pali BJTකායගුත්තො වචීගුත්තො ආහාරෙ උදරෙ යතො, සච්චං කරොමි නිද්දානං සොරච්චං මෙ පමොචනං.
Sinhala BJTකායසුචරිතයෙන් ගෝපිත වූයෙම් වාක්සුචරිතයෙන් ගෝපිත වූයෙම් ආහාරයෙහි ද උදරයෙහි ද සංයත වූයෙම් සත්‍යයෙන් නෙළීම කරමි. අර්‍හත්ඵල විමුක්තිය මාගේ මිදීම යි.
Pali BJTවිරියං මෙ ධුරධොරය්හං යොගක්ඛෙමාධිවාහනං, ගච්ඡති අනිවත්තන්තං යත්ථ ගන්ත්වා න සොචති.
Sinhala BJTධුර ඉසිලීමෙහි සමත් වූ මාගේ ඒ වීර්‍ය්‍යය යම් තැනකට ගොස් ශෝක නො කෙරේ නම් ඒ නිවණට අභිමුඛ කොට පමුණුවනු ලබන්නේ නො නවතිමින් යෙයි.
Pali BJTඑවමෙසා කසී කට්ඨා සා හොති අමතප්ඵලා, එතං කසිං කසිත්වාන සබ්බදුක්ඛා පමුච්චතීති.
Sinhala BJTමෙසේ මේ හීය සාන ලදී. ඒ හීය අමාපල ඇති වෙයි. මේ හීය සා සියලු දුකින් මිදෙයි.
Pali BJT[බ්රාහ්මණො:]
Sinhala BJT[බමුණු:]
Pali BJTභුඤ්ජතු භවං ගොතමො. කස්සකො භවං{3}, යඤ්හි{4} භවං ගොතමො අමතඵලං කසිං{5} කසතීති.
Sinhala BJTභවත් ගොයුම් තෙමේ වළඳාවා. යම් හෙයෙකින් භවත් ගොයුම් තෙමේ අමාපල ඇති හීයත් සා ද, එහෙයින් භවත් තෙමේ ගොවියෙකි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTගාථාභිගීතම්මෙ අභොජනෙය්යං සම්පස්සතං බ්රාහ්මණ නෙසධම්මො, ගාථාභිගීතං පනුදන්ති බුද්ධා ධම්මෙ සති බ්රාහ්මණ වුත්තිරෙසා.
Sinhala BJTබමුණ, මා විසින් ගාථාභිගීත ආහාරය වැළඳීම නිසි නොවේ. ආජීවසුද්ධිය දක්නවුන්ගේ මේ ස්වභාවයෙක් නො වේ. බුදුවරයෝ ගාථාභිගීත බොජුන් බැහැර කෙරෙත්. බමුණ, ආර්‍ය්‍යධර්‍මය ඇති කල්හි මේ පැවැත්ම යි.
Pali BJTඅඤ්ඤෙන ච කෙවලිනං මහෙසිං ඛීණාසවං කුක්කුච්ච වූපසන්තං, අන්නෙන පානෙන උපට්ඨහස්සු ඛෙත්තඤ්හි තං පුඤ්ඤපෙක්ඛස්ස{6} හොතීති.
Sinhala BJTසියලු ගුණයෙන් යුත් මහර්ෂි වූ සන්හුන් කුකුස් ඇති රහත්හු මෙයින් අන්‍ය වූ ආහාරයෙන් ද පානයෙන් ද උවටැන් කරව. පින් කැමැත්තහුට ඒ කෙත වේ.
Pali BJTඑවං වුත්තෙ කසිභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය පටිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය අන්ධකාරෙ වා තෙල පජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්ති, එවමෙවං භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි කසිභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිහුරු වූවක් උඩුහුරු කරන්නේ හෝ වේ ද, වැසුනු දෙයක් විවර කරන්නේ හෝ වේ ද, මං මුළාවූවකුට මඟ කියා දෙන්නේ හෝ වේ ද, ඇස් ඇත්තෝ රූ දක්නාහ යි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ ද, එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියායෙන් දහම් පවසන ලදී. මේ මම භවත් ගොයුම්හු ද දහම ද බික්සඟන ද සරණ යෙමි. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උපාසකයකු කොට දරණ සේක්වා යි.
Pali BJT7. 2. 2.
Sinhala BJT7. 2. 2.
Pali BJTඋදයසුත්තං.
Sinhala BJTඋදය සූත්‍රය
Pali BJT198. සාවත්ථියං–
Sinhala BJT198. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන උදයස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. අථ ඛො උදයො බ්රාහ්මණො භගවතො පත්තං ඔදනෙන පූරෙසි. දුතියම්පි ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන උදයස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. දුතියම්පි ඛො උදයො බ්රාහ්මණො භගවතො පත්තං ඔදනෙන පූරෙසි. තතියම්පි ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන උදයස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. තතියම්පි ඛො උදයො බ්රාහ්මණො භගවතො පත්තං ඔදනෙන පූරෙත්වා භගවන්තං එතදවොච: පකට්ඨකොයං{1} සමණො ගොතමො පුනප්පුනං ආගච්ඡතීති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ උදය බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. එකල්හි උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරාලීය. දෙවන දිනෙහි දූ භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ උදය බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. දෙවන දිනෙහි දු උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරාලීය. තෙවන දිනෙහි දු භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ උදය බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. තෙවන දිනෙහි දු උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍රය බතින් පුරවා භාග්‍යවතුන් වහන්සේට “රසයෙහි ගිජු වූ මේ මහණ ගොයුම් තෙමේ පුනපුනා ඒ ය”යි මෙය කීය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTපුනප්පුනං චෙව වපන්ති බීජං පුනප්පුනං වස්සති දෙවරාජා, පුනප්පුනං ඛෙත්තං කසන්ති කස්සකා පුනප්පුනං ධඤ්ඤමුපෙති රට්ඨං.
Sinhala BJT(ගොවියෝ) පුනපුනා බිජුවට වපුරත් ම ය. වැස්ස පුනපුනා වසී. ගොවියෝ පුනපුනා කෙත සාත්. ධාන්‍ය පුනපුනා රටට පැමිණේ.
Pali BJTපුනප්පුනං යාචකා{2} යාචයන්ති පුනප්පුනං දානපතී දදන්ති, පුනප්පුනං දානපතී දදිත්වා පුනප්පුනං සග්ගමුපෙන්ති ඨානං.
Sinhala BJTයදියෝ පුනපුනා ඉල්ලත්. දානපතීහු දන් දෙත්. දානපතීහු පුනපුනා දන් දී පුනපුනා ස්වර්‍ගස්ථානයට පැමිණෙත්.
Pali BJTපුනප්පුනං ඛීරනිකා{3} දුහන්ති පුනප්පුනං වච්ඡො උපෙති{4} මාතරං, පුනප්පුනං කිලමති ඵන්දති ච පුනප්පුනං ගබ්භමුපෙති මන්දො.
Sinhala BJTකිරි දොවන්නෝ පුනපුනා දොවත්. වස්සා මව කරා පුනපුනා එළඹේ. (සත්‍ව තෙමේ) පුනපුනා ක්ලාන්ත ද, කම්පිත ද වෙයි. බාල තෙමේ පුනපුනා ගැබට පැමිණේ.
Pali BJTපුනප්පුනං ජායති මීයති ච පුනප්පුනං සීවථිකං හරන්ති, මග්ගඤ්ච ලද්ධා අපුනබ්භවාය න පුනප්පුනං ජායති භූරිපඤ්ඤොති.
Sinhala BJTපුනපුනා උපදියි. මියෙයි. පුනපුනා සොහොනට ගෙණ යෙත්. නුවණැත්තේ නිවණ ලැබ පුනපුනා නූපදී.
Pali BJTඑවං වුත්තෙ උදයො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- උපාසකං මං භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි උදය බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … භවත් ගෞතමයන් වහන්සේ මා අද පටන් දිවිහිමියෙන් සරණ ගිය උපාසකයකු කොට දරණ සේක්වා යි.
Pali BJT7. 2. 3.
Sinhala BJT7. 2. 3.
Pali BJTදෙවහිතසුත්තං.
Sinhala BJTදේවහිත සූත්‍රය
Pali BJT199. සාවත්ථියං–
Sinhala BJT199. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා වාතෙහි ආබාධිකො හොති. ආයස්මා ච උපවානො භගවතො උපට්ඨාකො හොති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ වාතයෙන් හටගත් අබාධ ඇති සේක. ආයුෂ්මත් උපවාන තෙමේ ද භාග්‍යවතුන් වහන්සේට උපස්ථායක වෙයි.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං උපවානං ආමන්තෙසි: ඉඞ්ඝ මෙ ත්වං උපවාණ උණ්හොදකං ජානාහී ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් උපවාන ඇමතූ සේක. උපවාන, බලව, තෙපි මට උණුදිය (ලැබෙන සැටියක්) දනිවු යි.
Pali BJTඑවං භන්තෙති ඛො ආයස්මා උපවානො භගවතො පටිස්සුත්වා නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන දෙවහිතස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තුණ්හීභූතො එකමන්තං අට්ඨාසි.
Sinhala BJTවහන්ස, එසේ ය යි කියා ආයුෂ්මත් උපවාන තෙමේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හැඳ පෙරෙව පා සිවුරු ගෙණ දේවහිත බමුණාගේ නිවෙස්න වෙත එළඹියේ ය. එළඹ නිශ්ශබ්ද ව එකත්පසෙක සිටියේ ය.
Pali BJTඅද්දසා ඛො දෙවහිතො බ්රාහ්මණො ආයස්මන්තං උපවානං තුණ්හීභූතං එකමන්තං ඨිතං. දිස්වාන ආයස්මන්තං උපවානං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTදේවහිත බමුණු තෙමේ නිශ්ශබ්ද ව එකත්පසෙක සිටි ආයුෂ්මත් උපවාන තෙරුන් දැක්කේ ය. දැක ආයුෂ්මත් උපවාන තෙරුන්ට ගාථායෙන් කීය:
Pali BJTතුණ්හීභූතො භවං තිට්ඨං මුණ්ඩො සඞ්ඝාටිපාරුතො, කිං පත්ථයානො කිං එසං කින්නු යාචිතුමාගතොති?
Sinhala BJTහිස මුඩු කළ සඟල සිවුර පෙර වූ භවත් තෙමේ කුමක් පතමින් කුමක් සොයමින් නිශ්ශබ්ද ව සිටිනෙහි ද, කුමක් ඉල්ලන්නට ආයෙහි ද?
Pali BJT[උපවානො:]
Sinhala BJT[උපවාන:]
Pali BJTඅරහං සුගතො ලොකෙ වාතෙහාබාධිකො මුනි, සචෙ උණ්හොදකං අත්ථි මුනිනො දෙහි බ්රාහ්මණ.
Sinhala BJTබමුණ, ලොව අර්‍හත් වූ සුගත වූ මුනීන්‍ද්‍රයන් වහන්සේ වාතයෙන් වූ ආබාධ ඇති සේක. ඉදින් උණුදිය ඇත් නම් මුනීන්‍ද්‍රයන් වහන්සේට දෙව.
Pali BJTපූජිතො පූජනෙය්යානං සක්කරෙය්යාන{1} සක්කතො, අපචිතො අපචෙය්යානං{2} තස්ස ඉච්ඡාමි හාතවෙති.
Sinhala BJTපිදිය යුත්තන් විසින් පුදන ලද සත්කාර කටයුත්තන් විසින් සත්කාර කරණ ලද අපචිති (අපචායනා) කටයුත්තන් විසින් අපචිති (අපචායනා) කටයුත්තන් විසින් අපචිති කරණ ලද ඒ බුදුරජානන් වහන්සේට ගෙණ යන්නට (උණුදිය) කැමැත්තෙමි.
Pali BJTඅථ ඛො දෙවහිතො බ්රාහ්මණො උණ්හොදකස්ස කාජං පුරිසෙන ගාහාපෙත්වා{3} ඵාණිතස්ස ච පුටං ආයස්මතො උපවානස්ස පාදාසි.
Sinhala BJTඉක්බිති දේවහිත බමුණු තෙමේ උණුදිය කදක් පුරුෂයකු ලවා ගන්වා සකුරුපිඩක් ද ආයුෂ්මත් උපවාන තෙරුන්ට පිදී ය.