Pali BJTපරිනිබ්බාණසුත්තං.
Sinhala BJTපරිනිබ්බාණ සූත්‍රය
Pali BJT186. එවං මෙ සුතං: එකං සමයං භගවා කුසිනාරායං විහරති උපවත්තනෙ මල්ලානං සාලවනෙ අන්තරෙන යමකසාලානං පරිනිබ්බාණසමයෙ. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: හන්ද දානි භික්ඛවෙ ආමන්තයාමි වො වයධම්මා සඞ්ඛාරා අප්පමාදෙන සම්පාදෙථාති. අයං තථාගතස්ස පච්ඡිමා වාචා.
Sinhala BJT186. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් සමයෙහි කුසිනාරානුවර උපවත්තන නම් වූ මල්ලරජුන්ගේ සල්උයනෙහි සල්රුක්යුවල අතරෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, දැන් වනාහි තොප අමතමි. සංස්කාරයෝ නැසෙන සුල්ලහ. අප්‍රමාදයෙන් සම්පාදනය කරව්. මෙය තථාගතයන් වහන්සේගේ අන්තිම වචනයයි.
Pali BJTඅථ ඛො භගවා පඨමජ්ඣානං{3} සමාපජ්ජි. පඨමජ්ඣානා වුට්ඨහිත්වා දුතිය{4}ජ්ඣානං සමාපජ්ජි. දුතියජ්ඣානා වුට්ඨහිත්වා තතිය{5}ජ්ඣානං සමාපජ්ජි. තතියජ්ඣානා වුට්ඨහිත්වා චතුත්ථ{6}ජ්ඣානං සමාපජ්ජි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ප්‍රථමධ්‍යානයට සමවන් සේක. ප්‍රථමධ්‍යානයෙන් නැගිට ද්විතීයධ්‍යානයට සමවන් සේක. ද්විතීයධ්‍යානයෙන් නැගිට තෘතීයධ්‍යානයට සමවන් සේක. තෘතීයධ්‍යානයෙන් නැගිට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන් සේක.
Pali BJTචතුත්ථජ්ඣානා වුට්ඨහිත්වා ආකාසානඤ්චායතනං සමාපජ්ජි. ආකාසානඤ්චායතනා වුට්ඨහිත්වා විඤ්ඤාණඤ්චායතනං සමාපජ්ජි. විඤ්ඤාණඤ්චායතනා වුට්ඨහිත්වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජි. ආකිඤ්චඤ්ඤායතනා වුට්ඨහිත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනා වුට්ඨහිත්වා සඤ්ඤාවෙදයිතනිරොධං සමාපජ්ජි.
Sinhala BJTචතුර්‍ත්‍ථධ්‍යානයෙන් නැගිට අකාසානඤ්චායතනයට සමවන් සේක. අකාසානඤ්චායතනයෙන් නැගිට විඤ්ඤාණඤ්චායතනයට සමවන් සේක. විඤ්ඤාණඤ්චායතනයෙන් නැගිට ආකිඤ්චඤ්ඤායතනයට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතනයෙන් නැගිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් නැගිට සඤ්ඤාවේදයිතනිරෝධයට සමවන් සේක.
Pali BJTසඤ්ඤාවෙදයිතනිරොධා වුට්ඨහිත්වා නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමාපජ්ජි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනා වුට්ඨහිත්වා ආකිඤ්චඤ්ඤායතනං සමාපජ්ජි. ආකිඤ්චඤ්ඤායතනා වුට්ඨහිත්වා විඤ්ඤාණඤ්චායතනං සමාපජ්ජි. විඤ්ඤාණඤ්චායතනා වුට්ඨහිත්වා ආකාසානඤ්චායතනං සමාපජ්ජි. ආකාසානඤ්චායතනා වුට්ඨහිත්වා චතුත්ථජ්ඣානං සමාපජ්ජි. චතුත්ථජ්ඣානා වුට්ඨහිත්වා තතියජ්ඣානං සමාපජ්ජි. තතියජ්ඣානා වුට්ඨහිත්වා දුතියජ්ඣානං සමාපජ්ජි. දුතියජ්ඣානා වුට්ඨහිත්වා පඨමජ්ඣානං සමාපජ්ජි.
Sinhala BJTසඤ්ඤාවේදයිත නිරෝධයෙන් නැගිට නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන් සේක. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙන් නැගිට ආකිඤ්චඤ්ඤායතනයට සමවන් සේක. ආකිඤ්චඤ්ඤායතනයෙන් නැගිට විඤ්ඤාණඤ්චායතනයට සමවන් සේක. විඤ්ඤාණඤ්චායතනයෙන් නැගිට අකාසානඤ්චායතනයට සමවන් සේක. අකාසානඤ්චායතනයෙන් නැගිට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන් සේක. චතුර්‍ත්‍ථධ්‍යානයෙන් නැගිට තෘතීයධ්‍යානයට සමවන් සේක. තෘතීයධ්‍යානයෙන් නැගිට ද්විතීයධ්‍යානයට සමවන් සේක. ද්විතීයධ්‍යානයෙන් නැගිට ප්‍රථමධ්‍යානයට සමවන් සේක.
Pali BJTපඨමජ්ඣානා වුට්ඨහිත්වා දුතියජ්ඣානං සමාපජ්ජි. දුතියජ්ඣානා වුට්ඨහිත්වා තතියජ්ඣානං සමාපජ්ජි. තතියජ්ඣානා වුට්ඨහිත්වා චතුත්ථජ්ඣානං සමාපජ්ජි. චතුත්ථජ්ඣානා වුට්ඨහිත්වා සමනන්තරා භගවා පරිනිබ්බායි.
Sinhala BJTප්‍රථමධ්‍යානයෙන් නැගිට ද්විතීයධ්‍යානයට සමවන් සේක. ද්විතීයධ්‍යානයෙන් නැගිට තෘතීයධ්‍යානයට සමවන් සේක. තෘතීයධ්‍යානයෙන් නැගිට චතුර්‍ත්‍ථධ්‍යානයට සමවන් සේක. චතුර්‍ත්‍ථධ්‍යානයෙන් නැගිට ධ්‍යානයෙන් නැගිටීම සමග ම භාග්‍යවතුන් වහන්සේ පිරිනිවී සේක.
Pali BJTපරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බානා බ්රහ්මා සහම්පති ඉමං{1} ගාථං අභාසි:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පිරිනිවන සමග ම සහම්පති බ්‍රහ්ම තෙමේ මේ ගාථාව කී ය.
Pali BJTසබ්බෙව නික්ඛිපිස්සන්ති භූතා ලොකෙ සමුස්සයං, යථා{2} එතාදිසො සත්ථා ලොකෙ අප්පටිපුග්ගලො, තථාගතො බලප්පත්තො සම්බුද්ධො පරිනිබ්බුතොති.
Sinhala BJTලෝකයේ අප්‍රතිපුද්ගල වූ තථාගත වූ බලයට පැමිණියා වූ සියලු ධර්‍මයන් අවබෝධ කළා වූ මෙබඳු වූ ශාස්තෲන් වහන්සේ (පවා) යම් සේ පිරිනිවීසේක් ද (එසෙයින්) ලෝකයෙහි සියලු සත්‍වයෝ සිරුර බැහැර දමන්නාහු ය.
Pali BJTපරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බාණා සක්කො දෙවානමින්දො ඉමං ගාථං අභාසි:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පිරිනිවන සමග ම සක්දෙව්රජ මේ ගාථාව කී ය.
Pali BJTඅනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො, උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛොති.
Sinhala BJTසංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යය හ. ඉපදීම හා නැසීම ස්වභාව කොට ඇත්තාහ. ඉපද නිරුද්ධ වෙත්. ඔවුන්ගේ සංසිඳීම සුව ය.
Pali BJTපරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බාණා ආයස්මා ආනන්දො ඉමං ගාථං අභාසි:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පිරිනිවන සමග ම ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මේ ගාථාව කීහ:
Pali BJTතදාසි යං භිංසනකං තදාසි ලොමහංසනං, සබ්බාකාරවරූපෙතෙ සම්බුද්ධෙ පරිනිබ්බුතෙති.
Sinhala BJTසියලු ආකාර උතුම් කරුණුවලින් සමන්‍විත වූ බුදුරජානන් වහන්සේ පිරිනිවී කල්හි එකෙණෙහි බිහිසුණු සිදුවීමෙක් විය. එකෙණෙහි ලොමුදහගැණුමෙක් විය.
Pali BJTපරිනිබ්බුතෙ භගවති සහ පරිනිබ්බාණා ආයස්මා අනුරුද්ධො ඉමා ගාථායො අභාසි:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පිරිනිවන සමග ම ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ මේ ගාථා කී ය.
Pali BJTනාහු අස්සාසපස්සාසො ඨිතචිත්තස්ස තාදිනො, අනෙජො සන්තිමාරබ්භ චක්ඛුමා පරිනිබ්බුතො.
Sinhala BJTසමාහිතසිත් ඇති තාදී ගුණවත් බුදුරජානන් වහන්සේගේ ආශ්වාසප්‍රශ්වාසය නො වූයේ ය. අනෙජ (තෘෂ්ණා රහිත) වූ පසැස් ඇති බුදුරජානන් වහන්සේ නිවණ ඇරබ පිරිනිවි සේක.
Pali BJTඅසල්ලීනෙන චිත්තෙන වෙදනං අජ්ඣවාසයි, පජ්ජොතස්සෙව නිබ්බානං විමොක්ඛො චෙතසො අහූති.
Sinhala BJTනොහැකුළුණු සිතින් වේදනාව ඉවසූ සේක. සිත පිළිබඳ මිදීම පහන නිවීම මෙන් විය.
Pali BJTපරිනිබ්බාණ වග්ගො දුතියො
Sinhala BJTපරිනිබ්බාණ වර්‍ගය දෙවෙනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTබ්රහ්මාසනං{3} දෙවදත්තො අන්ධකවින්දො අරුණවතී, පරිනිබ්බාණෙන ච දෙසිතං ඉදං බ්රහ්මපඤ්චකන්ති.{*}
Sinhala BJTසනඞ්කුමාර, දේවදත්ත, අන්‍ධකවින්‍ද, අරුණවතී, පරිනිබ්බාණ යයි මේ බ්‍රහ්මපඤ්චකය දේශනා කරණ ලදී.
Pali BJTබ්රහ්මසංයුත්තං සමත්තං.
Sinhala BJTබ්‍රහ්මසංයුත්තය නිමියේය.
Pali BJT7. බ්රාහ්මණසංයුත්තං
Sinhala BJT7. බ්‍රාහ්මණ සංයුත්තය
Pali BJT1. අරහන්තවග්ගො
Sinhala BJT1. අරහන්ත වර්‍ගය
Pali BJT7. 1. 1.
Sinhala BJT7. 1. 1.
Pali BJTධනඤ්ජානීසුත්තං.
Sinhala BJTධනඤ්ජානී සූත්‍රය
Pali BJT187. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස භාරද්වාජගොත්තස්ස බ්රාහ්මණස්ස ධනඤ්ජානී නාම බ්රාහ්මණී අභිප්පසන්නා හොති බුද්ධෙ ච ධම්මෙ ච සඞ්ඝෙ ච.
Sinhala BJT187. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාරද්වාජ ගෝත්‍රයෙහි උපන් එක්තරා බමුණකුගේ ධනඤ්ජානී නම් බැමිණිය බුදුන් කෙරෙහි ද දහම් කෙරෙහි ද සඟුන් කෙරෙහි ද බෙහෙවින් පහන් වූවා වෙ යි.
Pali BJTඅථ ඛො ධනඤ්ජානී බ්රාහ්මණී භාරද්වාජගොත්තස්ස බ්රාහ්මණස්ස භත්තං උපසංහරන්තී උපක්ඛලිත්වා{1} තික්ඛත්තුං උදානං උදානෙසි: නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස. නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස. නමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්සාති.
Sinhala BJTඉක්බිති ධනඤ්ජානී බැමිණිය භාරද්වාජගෝත්‍රබමුණාට බත් එළවන්නී පැකිලී “ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට නමස්කාර වේවා!” යි තෙවරක් උදන් ඇනී ය.
Pali BJTඑවං වුත්තෙ භාරද්වාජගොත්තො බ්රාහ්මණො ධනඤ්ජානිං බ්රාහ්මණිං එතදවොච: ‘එවමෙවං පනායං වසලි යස්මිං වා තස්මිං වා තස්ස මුණ්ඩකස්ස සමණස්ස වණ්ණං භාසති. ඉදානි ත්යාහං වසලි තස්ස සත්ථුනො වාදං ආරොපෙස්සාමීති.
Sinhala BJTමෙසේ කී කල්හි භාරද්වාජගෝත්‍ර බමුණු ධනඤ්ජානී බැමිණියට මෙසේ ම මේ සැඩොලිය යම් ඒ තැනක දී හෝ යම් ඒ මුඩුමහණහුගේ ගුණ කියයි. සැඩොලිය, දැන් මම තිගේ ඒ ශාස්තෘහට වාද නගන්නෙමි යි මෙය කී ය.
Pali BJTන ඛ්වාහං තං බ්රාහ්මණ පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යො තස්ස භගවතො වාදං ආරොපෙය්ය අරහතො සම්මාසම්බුද්ධස්ස. අපි ච ත්වං බ්රාහ්මණ ගච්ඡ ගන්ත්වා විජානිස්සසීති{2}.
Sinhala BJTබමුණ, යමෙක් භාග්‍යවත් අර්‍හත් ඒ සම්මාසම්බුදුරජානන් වහන්සේට වාද නගන්නේ නම් මම එබන්දකු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලොව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි නො ම දකිමි. එහෙත් බමුණ තෙපි යවු. ගොස් දැනගන්නහු යයි.
Pali BJTඅථ ඛො භාරද්වාජගොත්තො බ්රාහ්මණො කුපිතො අනත්තමනො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි, සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො භාරද්වාජගොත්තො බ්රාහ්මණො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති භාරද්වාජගෝත්‍ර බමුණු කිපියේ නොසතුටුසිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් භාරද්වාජගෝත්‍ර බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
Pali BJTකිං සු ඣත්වා{3} සුඛං සෙති කිං සු ඣත්වා න සොචති, කිස්සස්ස එකධම්මස්ස වධං රොචෙසි ගොතමාති.
Sinhala BJTගෞතමයෙනි, කුමක් නසා සුවසේ හොවී ද? කුමක් නසා ශෝක නො කෙරේ ද? කිනම් එක් දහමක් නැසීම රුස්නෙහි ද?
Pali BJTකොධං ඣත්වා සුඛං සෙති කොධං ඣත්වා න සොචති, කොධස්ස විසමූලස්ස මධුරග්ගස්ස බ්රාහ්මණ, වධං අරියා පසංසන්ති තං හි ඣත්වා න සොචතීති.
Sinhala BJTබමුණ, ක්‍රෝධය නසා සුවසේ හොවී. ක්‍රෝධය නසා ශෝක නො කෙරෙයි. විෂසඞ්ඛාත දුඃඛවිපාකයට මුල් වූ මිහිරි අග ඇති ක්‍රෝධය නැසීම ආර්‍ය්‍යයෝ පසසත්. ඒ ක්‍රෝධය නසා (සිටියේ) ශෝක නො කෙරේ මැයි.
Pali BJTඑවං වුත්තෙ භාරද්වාජගොත්තො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, අභික්කන්තං භො ගොතම. සෙය්යථාපි භො ගොතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්ය පටිච්ඡන්නං වා විවරෙය්ය මූළ්හස්ස වා මග්ගං ආචික්ඛෙය්ය, අන්ධකාරෙ වා තෙලපජ්ජොතං ධාරෙය්ය චක්ඛුමන්තො රූපානි දක්ඛින්තීති. එවමෙවං{1} භොතා ගොතමෙන අනෙකපරියායෙන ධම්මො පකාසිතො. එසාහං භගවන්තං ගොතමං සරණං ගච්ඡාමි ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං, ලභෙය්යං උපසම්පදන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි භාරද්වාජගෝත්‍රබමුණා භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. භවත් ගෞතමයන් වහන්ස, යම්සේ යටිකුරු වූවක් උඩුකුරු කරන්නේ හෝ වේ ද? වැසුනු දෙයක් වැසුම් හරින්නේ හෝ වේ ද? මං මුළා වූවකුට මඟ කියන්නේ හෝ වේ ද? ඇස් ඇත්තෝ රූප දක්නාහු යයි අඳුරෙහි තෙල් පහනක් දරන්නේ හෝ වේ ද? එසෙයින් ම භවත් ගෞතමයන් වහන්සේ විසින් නොයෙක් නියායෙන් දහම් පවසන ලදී. මේ මම භවත් ගෞතමයන් වහන්සේ ද, දහම ද, බික්සඟන ද සරණ යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබම්වා උපසපුව ලබම්වා යි.
Pali BJTඅලත්ථ ඛො භාරද්වාජගොත්තො බ්රාහ්මණො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං, අචිරූපසම්පන්නො ඛො පනායස්මා භාරද්වාජො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං. නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
Sinhala BJTභාරද්වාජගෝත්‍රබමුණා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලද්දේ ය, උපසපුව ලද්දේ ය. උපසපන් වූ නොබෝකල් ඇති ආයුෂ්මත් භාරද්වාජ තෙමේ එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයේ නොපමාව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙමින් යමක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙන් නික්ම සස්නට පැමිණෙද් ද, මගබඹසර කෙළවර කොට ඇති ඒ අර්‍හත්‍වය නොබෝ කලෙකින් ම මේ අත්බැව්හි ම තෙමේ ම මැනවින් දැන සාක්‍ෂාත් කොට ඊට පැමිණ විසී ය. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. සිවුමග කටයුතු කරණ ලදී. මේ රහත්බව පිණිස අනෙකෙක් නැතැයි දැනගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
Pali BJT7. 1. 2.
Sinhala BJT7. 1. 2.
Pali BJTඅක්කොසසුත්තං.
Sinhala BJTඅක්කෝසක සූත්‍රය
Pali BJT188. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අස්සොසි ඛො අක්කොසකභාරද්වාජො බ්රාහ්මණො භාරද්වාජගොත්තො කිර බ්රාහ්මණො සමණස්ස ගොතමස්ස සන්තිකෙ අගාරස්මා අනගාරියං පබ්බජිතොති. කුපිතො අනත්තමනො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසති පරිභාසති.
Sinhala BJT188. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. අක්කෝසක භාරද්වාජබමුණු තෙමේ භාරද්වාජගෝත්‍රබමුණා ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි සස්නෙහි පැවිදි වී යයි ඇසී ය. කිපියේ නොසතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙතට එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය වූ පරුෂ වචනයෙන් ආක්‍රෝශ කෙරෙයි. පරිභව කෙරෙයි.
Pali BJTඑවං වුත්තෙ භගවා අක්කොසකභාරද්වාජං බ්රාහ්මණං එතදවොච: තං කිං මඤ්ඤසි බ්රාහ්මණ අපි නු ඛො තෙ ආගච්ඡන්ති මිත්තාමච්චා ඤාතිසාලොහිතා අතිථයොති{2}. අප්පෙකදා මෙ භො ගොතම ආගච්ඡන්ති මිත්තාමච්චා ඤාතිසාලොහිතා අතිථයොති.
Sinhala BJTමෙසේ ආක්‍රෝශ පරිභව කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ අක්කෝසක භාරද්වාජබමුණාහට මෙය වදාළ සේක. බමුණ, ඒ කුමැයි හඟිහි ද? ආගන්තුක වූ තාගේ මිත්‍රාමාත්‍යයෝ සහලේ නෑයෝ (තා නිවසට) පැමිණෙද්ද? භවත් ගෞතමයෙනි, ආගන්තුක වූ මාගේ මිත්‍රාමාත්‍යයෝ සහලේ නෑයෝ ඇතැම් දිනෙක පැමිණෙති.
Pali BJTතං කිං මඤ්ඤසි බ්රාහ්මණ, අපි නු තෙසං අනුප්පදෙසි ඛාදනීයං වා භොජනීයං වා සායනීයං වාති?
Sinhala BJTබමුණ, ඒ කුමැයි හඟිහි ද? ඔවුන්ට කෑයුත්තක් හෝ බුදියයුත්තක් හෝ රස විඳියයුත්තක් හෝ දෙන්නෙහි ද?
Pali BJTඅප්පෙකදා නෙසාහං භො ගොතම අනුප්පදෙමි ඛාදනීයං වා භොජනීයං වා සායනීයං වාති.
Sinhala BJTභවත් ගෞතමයෙනි, මම ඔවුන්ට කෑයුත්තක් හෝ බුදියයුත්තක් හෝ රස විඳියයුත්තක් හෝ ඇතැම් දිනෙක දෙමි.
Pali BJTසචෙ ඛො පන තෙ බ්රාහ්මණ නප්පටිග්ගණ්හන්ති කස්ස තං හොතීති.
Sinhala BJTබමුණ, ඉදින් ඔහු නො පිළිගණිත් නම් එය කාට වේ ද?
Pali BJTසචෙ තෙ භො ගොතම නප්පටිග්ගණ්හන්ති අම්හාකමෙව තං හොතීති.
Sinhala BJTභවත් ගෞතමයෙනි ඉදින්, ඔහු නො පිළිගණිත් නම් එය අපට ම වෙයි.
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ යං ත්වං අම්හෙ අනක්කොසන්තෙ අක්කොසසි, අරොසෙන්තෙ{1} රොසෙසි, අභණ්ඩන්තෙ භණ්ඩසි, තං තෙ මයං නප්පටිග්ගණ්හාම. තවෙවෙතං බ්රාහ්මණ හොතීති. යො ඛො බ්රාහ්මණ අක්කොසන්තං පච්චක්කොසති, රොසෙන්තං පටිරොසෙති, භණ්ඩන්තං පටිභණ්ඩති, අයං වුච්චති බ්රාහ්මණ සම්භුඤ්ජති වීතිහරති. තෙ මයං තයා නෙව සම්භුඤ්ජාම න වීතිහරාම තවෙවෙතං බ්රාහ්මණ හොති, තවෙවෙතං බ්රාහ්මණ හොතීති.
Sinhala BJTබමුණ, එසෙයින් ම යම් හෙයෙකින් තෝ ආක්‍රෝශ නොකරණ අපට ආක්‍රෝශ කෙරෙහි ද? නොකිපෙන අපට කිපෙහි ද? භණ්ඩන නොනඟන අපට භණ්ඩන නඟහි ද? තාගේ ඒ අක්‍රෝශාදිය අපි නො පිළිගණිමු. බමුණ තෙල තට ම වෙයි. බමුණ, යමෙක් අක්‍රොශ කරන්නහුට පෙරළා අක්‍රොශ කෙරේ ද, කිපෙන්නහුට පෙරළා කිපේ ද, භණ්ඩන නඟන්නහුට පෙරළා භණ්ඩන නඟා ද, බමුණ, මේ තෙමේ එකතු ව අනුභව කෙරේ. උනුනට සමවලා කරතියි කියනු ලැබේ. ඒ අපි තා සමග එකතුව නො වළඳමු. උනුනට සමවලා නොකරමු. බමුණ, තෙල තට ම වෙයි. බමුණ, තෙල තට ම වෙයි.
Pali BJT[බ්රාහ්මණො:]
Sinhala BJT[බමුණු:]
Pali BJTභවන්තං ඛො ගොතමං සරාජිකා පරිසා එවං ජානාති: අරහං සමණො ගොතමොති. අථ ච පන භවං ගොතමො කුජ්ඣතීති.
Sinhala BJTරජු සහිත පිරිස මහණගොයුම්හු රහත්හ යි මෙසේ භවත් ගෞතමයන් දනී. එහෙත් භවත් ගොයුම්හු. කිපෙති.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅක්කොධස්ස කුතො කොධො දන්තස්ස සමජීවිනො, සම්මදඤ්ඤා විමුත්තස්ස උපසන්තස්ස තාදිනො.
Sinhala BJTදැමුනු සමදිවි පැවතුම් ඇති මොනවට දැන මිදුනු සන්හුන් වූ තාදී ගුණ ඇති නොකිපෙන රහත්හට ක්‍රෝධයෙක් කොයින් ද,
Pali BJTතස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති, කුද්ධං අප්පටිකුජ්ඣන්තො සඞ්ගාමං ජෙති දුජ්ජයං.
Sinhala BJTයමෙක් කිපුනහුට පෙරළා කිපේ ද, එයින් ඒ පුඟුලටාම පව වේ. කිපියහුට පෙරළා නොකිපෙන්නේ දිනීමට දුෂ්කර වූ (ක්‍රෝධ) සඞ්ග්‍රාමය දිනයි.
Pali BJTඋභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච, පරං සඞ්කුපිතං ඤත්වා යො සතො උපසම්මති.
Sinhala BJTයමෙක් මෙරමා කිපියහු දැන සිහි ඇතිව ඉවසා ද, (හෙ තෙමේ) තමහට ද මෙරමාහට ද (යන) දෙදෙනාට ම වැඩ සාදයි.
Pali BJTඋභින්නං තිකිච්ඡන්තං{2} අත්තනො ච පරස්ස ච; ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදාති.
Sinhala BJTතමහට ද මෙරමාහට (යන) දෙදෙනාට ම පිළියම් කරනුවහු බාලයහ යි ධර්‍මයෙහි අදක්‍ෂ වූ ඒ ජනයෝ හඟිත්.
Pali BJTඑවං වුත්තෙ අක්කොසකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, -පෙ- එසාහං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. ලභෙය්යාහං භොතො ගොතමස්ස සන්තිකෙ පබ්බජ්ජං ලභෙය්යං උපසම්පදන්ති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අක්කෝසභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. මේ මම භවත් ගෞතමයන් වහන්සේ ද, දහම ද බික්සඟන ද සරණ යෙමි. මම භවත් ගෞතමයන් වහන්සේ සමීපයෙහි පැවිද්ද ලබම් වා. උපසපුව ලබම් වා.
Pali BJTඅලත්ථ ඛො අක්කොසකභාරද්වාජො බ්රාහ්මණො භගවතො සන්තිකෙ පබ්බජ්ජං, අලත්ථ උපසම්පදං. අචිරූපසම්පන්නො ඛො පනායස්මා අක්කොසකභාරද්වාජො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
Sinhala BJTඅක්කෝසකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පැවිදි ද ලැබී ය. උපසපුව ලැබීය. උපසපන් නොබෝ කල් ඇති ආයුෂ්මත් අක්කෝසකභාරද්වාජ තෙමේ එකලාව ගණයා කෙරෙන් වෙන්ව නොපමාව කෙලෙස් තවන වෙර ඇතිව නිවණෙහි මෙහෙයූ සිත් ඇතිව වෙසෙමින් කුලපුත්‍රයෝ යමක් පිණිස මැනැවින් ම ගිහිගෙන් නික්ම පැවිද්දට යෙත් ද, මගබඹසර කෙළවර කොට ඇති ඒ නිරුත්තර වූ රහත් බව නොබෝකලෙකින් දුටුදැමියෙහි ම තෙමේ ම විශිෂ්ට ඥානයෙන් දැන පසක් කොට එයට පැමිණ විසී ය. ජාතිය ක්‍ෂය වූවා ය. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරණ ලදී. මේ බැව් පිණිස අනෙකෙක් නැතැයි දැන ගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
Pali BJT7. 1. 3.
Sinhala BJT7. 1. 3.
Pali BJTඅසුරින්දකසුත්තං.
Sinhala BJTඅසුරින්‍දක සූත්‍රය
Pali BJT189. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අස්සොසි ඛො අසුරින්දකභාරද්වාජො බ්රාහ්මණො භාරද්වාජගොත්තො කිර{1} බ්රාහ්මණො සමණස්ස ගොතමස්ස සන්තිකෙ අගාරස්මා අනගාරියං පබ්බජිතොති. කුපිතො අනත්තමනො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අසබ්භාහි ඵරුසාහි වාචාහි අක්කොසති පරිභාසති. එවං වුත්තෙ, භගවා තුණ්හී අහොසි.
Sinhala BJT189. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. අසුරින්‍දකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාරද්වාජගෝත්‍ර බමුණා ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන් සමීපයෙහි පැවිද්දට ගියේ ය යි ඇසීය. කිපියේ නො සතුටු සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට අසභ්‍ය පරුෂ වචනයෙන් ආක්‍රෝශ කෙරෙයි. පරිභව කෙරෙයි. එසේ ආක්‍රෝශ පරිභව කළ කල්හි භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්ද වූ සේක.
Pali BJTඅථ ඛො අසුරින්දකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: ජිතො’සි සමණ, ජිතො’සි සමණාති.
Sinhala BJTඉක්බිති අසුරින්‍දකභාරද්වාජ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. මහණ, දිනුයෙහි ද, මහණ දිනුයෙහි ද.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTජයං වෙ මඤ්ඤති බාලො වාචාය ඵරුසං භණං, ජයං චෙ වස්ස තං හොති යා තිතික්ඛා විජානතො.
Sinhala BJTඅඥාන තෙමේ වචනයෙන් පරුෂ බෙණෙමින් ඒකාන්තයෙන් තමන්ට ජයෙකැයි හඟී. (ඉවසීමෙහි ගුණ) දන්නහුගේ යම් ඉවසීමෙක් වේ ද, ඒ ඔහුට ජයෙක් ම වේ.
Pali BJTතස්සෙව තෙන පාපියො යො කුද්ධං පටිකුජ්ඣති, කුද්ධං අප්පටිකුජ්ඣන්තො සඞ්ගාමං ජෙති දුජ්ජයං.
Sinhala BJTයමෙක් කිපියහුට පෙරළා කිපේ ද, එයින් ඔහුට ම පව වේ. කිපියහුට පෙරළා නො කිපෙන්නේ දුකසේ දිනියහැකි ක්‍රෝධ සඞ්ග්‍රාමය දිනයි.
Pali BJTඋභින්නමත්ථං චරති අත්තනො ච පරස්ස ච, පරං සංකුපිතං ඤත්වා යො සතො උපසම්මති.
Sinhala BJTයමෙක් මෙරමා කිපියහු දැන සිහි ඇතිව ඉවසා ද, (හෙතෙමේ) තමහට ද මෙරමාහට ද (යන) දෙදෙනාහට ම වැඩ සාදයි.
Pali BJTඋභින්නං තිකිච්ඡන්තං{2} අත්තනො ච පරස්ස ච, ජනා මඤ්ඤන්ති බාලොති යෙ ධම්මස්ස අකොවිදාති.
Sinhala BJTතමාහට ද මෙරමාහට ද යන දෙදෙනාහට ම පිළියම් කරනුවහු බාලයහයි ධර්‍මයෙහි අදක්‍ෂ වූ ඒ ජනයෝ හඟිත්.
Pali BJTඑවං වුත්තෙ අසුරින්දකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම, -පෙ- අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි අසුන්‍දරිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … දැනගත්තේ ය. ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
Pali BJT7. 1. 4.
Sinhala BJT7. 1. 4.
Pali BJTබිලඞ්ගිකසුත්තං.
Sinhala BJTබිලඞ්ගික සූත්‍රය
Pali BJT190. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අස්සොසි ඛො බිලඞ්ගිකභාරද්වාජො බ්රාහ්මණො භාරද්වාජගොත්තො කිර බ්රාහ්මණො සමණස්ස ගොතමස්ස සන්තිකෙ අගාරස්මා අනගාරියං පබ්බජිතොති. කුපිතො අනත්තමනො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තුණ්හීභූතො එකමන්තං අට්ඨාසි.
Sinhala BJT190. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. බිලඞ්ගිකභාරද්වාජ බමුණු තෙමේ භාරද්වාජගෝත්‍ර බමුණා ගිහිගෙයින් නික්ම ශ්‍රමණ ගෞතමයන් වෙත පැවිද්දට ගියේ ය යි ඇසී ය. කිපියේ නොසතුටුසිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ නිහඬ ව එකත් පසෙක සිටියේ ය.
Pali BJTඅථ ඛො භගවා බිලඞ්ගිකභාරද්වාජස්ස{3} බ්රාහ්මණස්ස චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය බිලඞ්ගිකභාරද්වාජං{4} බ්රාහ්මණං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමසිතින් බිලඞ්ගිකභාරද්වාජ බමුණාගේ චිත්තපරිවිතර්‍කය දැන බිලඞ්ගිකභාරද්වාජ බමුණාට ගාථායෙන් වදාළ සේක:
Pali BJTයො අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති සුද්ධස්ස පොසස්ස අනඞ්ගණස්ස, තමෙව බාලං පච්චෙති පාපං සුඛුමො රජො පටිවාතංව ඛිත්තොති.
Sinhala BJTයමෙක් නිරපරාධ වූ නික්ලේශී වූ පුරුෂපුද්ගලයකුට අපරාධ කෙරේ ද, ඒ පව උඩුසුලඟට දමන ලද සියුම් රජසක් මෙන් ඒ අඥානයා කරා ම පෙරළා එයි.
Pali BJTඑවං වුත්තෙ බිලඞ්ගිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි බිලඞ්ගිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
Pali BJT7. 1. 5.
Sinhala BJT7. 1. 5.
Pali BJTඅහිංසකසුත්තං.
Sinhala BJTඅහිංසක සූත්‍රය
Pali BJT191. සාවත්ථියං{1}–
Sinhala BJT191. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො අහිංසකභාරද්වාජො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අහිංසකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අහිංසකාහං භො ගොතම අහිංසකාහං භො ගොතමාති.
Sinhala BJTඑකල්හි අහිංසකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වි ය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් අහිංසකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට “භවත් ගෞතමයෙනි, මම අහිංසක වෙමි. භවත් ගෞතමයෙනි, මම අහිංසක වෙමි”යි මෙය කීයේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයථා නාමං තථා චස්ස සියා ඛො ත්වං අහිංසකො, යො ච කායෙන වාචාය මනසා ච න හිංසති, ස වෙ අහිංසකො හොති යො පරං න විහිංසතීති.
Sinhala BJTනාමය යම්සේ ද, ඉදින් එසේ වන්නෙහි නම් තෝ අහිංසක ම වෙහි. යමෙක් කයින් වචනයෙන් හා සිතින් ද, හිංසා නො කෙරේ ද, යමෙක් මෙරමා නො වෙහෙසා ද, හෙ තෙමේ ඒකාන්තයෙන් අහිංසකයෙක් වේ යි.
Pali BJTඑවං වුත්තෙ අහිංසකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි, අහිංසකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි. … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
Pali BJT7. 1. 6.
Sinhala BJT7. 1. 6.
Pali BJTජටාසුත්තං.
Sinhala BJTජටා සූත්‍රය
Pali BJT192. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ, අථ ඛො ජටාභාරද්වාජො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජටාභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJT192. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි ජටාභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වි ය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ජටාභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTඅන්තොජටා බහි ජටා ජටාය ජටිතා පජා, තං තං ගොතම පුච්ඡාමි කො ඉමං විජටයෙ ජටන්ති.
Sinhala BJTඇතුළත අවුල් ය, පිටත අවුල් ය. ප්‍රජාව අවුලෙන් වළඳනා ලද්දී ය. ගෞතමයන් වහන්ස, එය මුබ විචාරමි: කවරෙක් මේ අවුල නිරවුල් කරන්නේ දැයි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසීලෙ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤඤ්ච භාවයං, ආතාපී නිපකො භික්ඛු සො ඉමං විජටයෙ ජටං.
Sinhala BJTප්‍රතිසන්‍ධිප්‍රඥා ඇති කෙලෙස් තවන වීර්‍ය්‍යය ඇති පාරිහාරිය නුවණ ඇති (සසර) බිය දක්නාසුලු ඒ සත්‍ව තෙමේ ශීලයෙහි පිහිටා සමාධිය හා ප්‍රඥාව ද වඩමින් මේ (තෘෂ්ණා) අවුල නිරවුල් කරන්නේ ය.
Pali BJTයෙසං රාගො ච දොසො ච අවිජ්ජා ච විරාජිතා, ඛීණාසවා අරහන්තො තෙසං විජටිතා ජටා.
Sinhala BJTයම් කෙනකුන් විසින් රාගයත් ද්වේෂයත් අවිද්‍යාවත් දුරු කරණ ලද්දාහු ද, (ඔහු) ක්‍ෂීණාස්‍රව රහත්හුය. ඔවුන් විසින් (තෘෂ්ණා) අවුල නිරවුල් කරණ ලදී.
Pali BJTයත්ථ නාමඤ්ච රූපඤ්ච අසෙසං උපරුජ්ඣති, පටිඝං රූපසඤ්ඤා ච එත්ථෙසා{1} ඡිජ්ජතෙ ජටාති.
Sinhala BJTයම් තැනෙක නාමය ද, රූපය ද, ප්‍රතිඝය ද, රූපසංඥාව ද (යාම මොහු) නිරවශේෂයෙන් නිරුද්ධ වෙත් ද, එහි මේ තෘෂ්ණා අවුල සිඳෙයි.
Pali BJTඑවං වුත්තෙ ජටාභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ජටාභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි … ආයුෂ්මත් භාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
Pali BJT7. 1. 7.
Sinhala BJT7. 1. 7.
Pali BJTසුද්ධිකසුත්තං.
Sinhala BJTසුද්ධික සූත්‍රය
Pali BJT193. සාවත්ථියං–
Sinhala BJT193. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො සුද්ධිකභාරද්වාජො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සුද්ධිකභාරද්වාජො බ්රාහ්මණො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි{2}:
Sinhala BJTඑකල්හි සුද්ධිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වි ය. සතුටුවියයුතු සිහිකටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් සුද්ධිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කී ය.
Pali BJTන බ්රාහ්මණො සුජ්ඣති කොචි ලොකෙ සීලවාපි තපොකරං, විජ්ජාචරණසම්පන්නො සො සුජ්ඣති න අඤ්ඤා ඉතරා පජාති.
Sinhala BJTලෝකයේ කිසි බමුණෙක් සිල්වත් ද, තපස්කම් කරන්නේ ද, (එපමණින්) පිරිසිදු නො වේ. ඒ බමුණු තෙමේ විද්‍යායෙන් හා චරණධර්‍මයන්ගෙන් යුක්ත වූයේ පිරිසිදු වේ. මෙයින් අන්‍ය වූ සෙසු ප්‍රජාව පිරිසිදු නො වේ.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTබහුම්පි පලපං ජප්පං න ජච්චා හොති බ්රාහ්මණො, අන්තො කසම්බුසංකිලිට්ඨො කුහනං උපනිස්සිතො.
Sinhala BJTබොහෝ ප්‍රලාප බෙණෙන්නේ ඇතුළත (කෙලෙසින්) කුණු වූයේ කිලිටි වූයේ කොහොන් බැව් ඇසුරු කෙළේ ජාතිමාත්‍රයෙන් බමුණෙක් නො වේ.
Pali BJTඛත්තියො බ්රාහ්මණො වෙස්සො සුද්දො චණ්ඩාලපුක්කුසො, ආරද්ධවිරියො පහිතත්තො නිච්චං දළ්හපරක්කමො, පප්පොති පරමං සුද්ධිං එවං ජානාහි බ්රාහ්මණාති.
Sinhala BJTපටන් ගන්නා ලද වීර්‍ය්‍ය ඇති නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති නිති දැඩි පැරකුම් ඇති ක්‍ෂත්‍රියයා ද බ්‍රාහ්මණයා ද වෛශ්‍යයා ද ශුද්‍රයා ද සැඬොලා ද පුප්සඬුවා ද උත්තම සුද්ධි සඞ්ඛ්‍යාත නිවණට පැමිණෙත්. බමුණ, මෙසේ දනුව යි.
Pali BJTඑවං වුත්තෙ සුද්ධිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- අඤ්ඤතරො ච පනායස්මා භාරද්වාජො අරහතං අහොසීති.
Sinhala BJTමෙසේ වදාළ කල්හි සුද්ධිකභාරද්වාජ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, … ආයුෂ්මත් සුද්ධිකභාරද්වාජ තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
Pali BJT7. 1. 8.
Sinhala BJT7. 1. 8.
Pali BJTඅග්ගිකසුත්තං.
Sinhala BJTඅග්ගික සූත්‍රය
Pali BJT194. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන අග්ගිකභාරද්වාජස්ස බ්රාහ්මණස්ස සප්පිනා පායාසො සන්නිහිතො හොති අග්ගිං ජුහිස්සාමි. අග්ගිහුත්තං පරිචරිස්සාමීති.
Sinhala BJT194. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි අග්ගිකභාරද්වාජ බමුණා විසින් ගිනි පුදන්නෙමි යි අග්ගිහෝමය කරන්නෙමියි ගිතෙලින් මුසු කිරිබතක් පිළියෙළ කරණ ලද්දේ වෙයි.
Pali BJTඅථ ඛො භගවා පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය රාජගහං පිණ්ඩාය පාවිසි. රාජගහෙ සපදානං පිණ්ඩාය චරමානො යෙන අග්ගිකභාරද්වාජස්ස බ්රාහ්මණස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨාසි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙණ රජගහනුවරට පිඬු පිණිස පිවිසි සේක. රජගහනුවර ගෙපිළිවෙලින් පිඬු පිණිස හැසිරෙණ සේක් අග්ගිකභාරද්වාජ බමුණාගේ නිවෙස්න වෙත එළඹි සේක. එළඹ එකත්පසෙක වැඩ සිටි සේක.
Pali BJTඅද්දසා ඛො අග්ගිකභාරද්වාජො බ්රාහ්මණො භගවන්තං පිණ්ඩාය ඨිතං{1}. දිස්වාන භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඅග්ගිකභාරද්වාජ බමුණා පිඬු පිණිස වැඩසිටි භාග්‍යවතුන් වහන්සේ දැක්කේ ය. දැක භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
Pali BJTතීහි විජ්ජාහි සම්පන්නො ජාතිමා සුතවා බහූ, විජ්ජාචරණසම්පන්නො සො මං භුඤ්ජෙය්ය පායසන්ති{2}.
Sinhala BJT(යම් බමුණෙක්) ත්‍රිවිද්‍යායෙන් සමන්‍විත ද (හත්වන පිතාමග යුගය දක්වා පිවිතුරු) ජාති ඇත්තේ ද, බොහෝ ග්‍රන්‍ථයන් හදාළේ ද, ත්‍රිවේද සඞ්ඛ්‍යායාත විද්‍යායෙන් හා ගෝත්‍රසඞ්ඛ්‍යාත චරණයෙන් යුක්ත ද, ඒ බමුණු තෙමේ ම මේ පායාසය වළඳන්නේ ය. (ඒ මිස මොබට මෙය නුසුදුසු යයි කී නියායි)
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTබහුම්පි පලපං ජප්පං න ජච්චා හොති බ්රාහ්මණො, අන්තො කසම්බුසංකිලිට්ඨො කුහනා පරිවාරිතො.
Sinhala BJTබොහෝ ප්‍රලාප බෙණෙන්නේ ඇතුළත (කෙලෙසින්) කුණු වූ යේ කිලිටි වූයේ කොහොන් බැවින් පිරිවරණ ලද්දේ ජාතිමාත්‍රයෙන් බමුණෙක් නො වේ.
Pali BJTපුබ්බෙ නිවාසං යො වෙදී සග්ගාපායඤ්ච පස්සති, අථො ජාතික්ඛයං පත්තො අභිඤ්ඤා වොසිතො මුනි.
Sinhala BJTයමෙක් පෙර විසූ කඳපිළිවෙළ දනී ද, ස්වර්‍ගය හා අපායත් දකී ද, වැලි ජාතික්‍ෂය සඞ්ඛ්ඛ්‍යාත අර්‍හත්‍වයට පැමිණියේ ද, (මාර්‍ගඥානයෙන් චතුස්සත්‍යය) දැන නිමවන ලද (සොළොස්) කිස ඇත්තේ ද, (කායාදී) මෞනගුණ යුක්ත ද,