Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1901-2000 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT6. 1. 6.
Sinhala BJT6. 1. 6.
Pali BJTපමාදසුත්තං
Sinhala BJTපමාද සූත්‍රය
Pali BJT177. {*}එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT177. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා දිවාවිහාරගතො හොති පටිසල්ලීනො. අථ ඛො සුබ්රහ්මා ච පච්චෙකබ්රහ්මා සුද්ධාවාසො ච පච්චෙකබ්රහ්මා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා පච්චෙකං{1} ද්වාරබාහං උපනිස්සාය අට්ඨංසු. අථ ඛො සුබ්රහ්මා පච්චෙකබ්රහ්මා සුද්ධාවාසං පච්චෙකබ්රහ්මානං එතදවොච: අකාලො ඛො තාව මාරිස භගවන්තං පයිරුපාසිතුං. දිවාවිහාරගතො භගවා පටිසල්ලීනො ච. අසුකො ච බ්රහ්මලොකො ඉද්ධො චෙව ඵීතො ච. බ්රහ්මා ච තත්ර පමාදවිහාරං විහරති. ආයාම මාරිස යෙන සො බ්රහ්මලොකො තෙනුපසඞ්කමිස්සාම. උපසඞ්කමිත්වා තං බ්රහ්මානං සංවෙජෙය්යාමා{2}ති. එවං මාරිසාති ඛො සුද්ධාවාසො පච්චෙකබ්රහ්මා සුබ්රහ්මුනො පච්චෙකබ්රහ්මුනො පච්චස්සොසි.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහරණය පැමිණිසේක් චිත්තවිවේකයෙන් වැඩහුන් සේක. ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම ද පච්චේක බ්‍රහ්ම වූ සුද්ධාවාස ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ වෙන වෙන ම දොර බා ඇසුරු කොට සිටියහ. ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාසහට “නිදුකානෙනි, භාග්‍යවතුන් වහන්සේ දිවාවිහාර ගත වූ සේක් චිත්තවිවේකයෙන් වැඩහුන් සේක. (එහෙයින් ඒ) භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කරන්නට තව කල් නොවේ. “අසුවල් බඹලොව (ධ්‍යානසුඛයෙන්) සමෘද්ධවූයේත් (අභිඥා පුෂ්පයෙන්) පිපියේත් වෙයි. බ්‍රහ්ම තෙමේ ද එහි ප්‍රමාදවිහරණයෙන් වාසය කෙරෙයි. නිදුකානෙනි, යම්හ ඒ බඹලොව කරා එළඹෙන්නෙමු. එළඹ ඒ බඹහට සංවේග දනවන්නෙමු”යි මෙය කීය. පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ නිදුකානෙනි, එසේය යි පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්මහට පිළිවදන් ඇස්වීය.
Pali BJTඅථ ඛො සුබ්රහ්මා ච පච්චෙකබ්රහ්මා සුද්ධාවාසො ච පච්චෙකබ්රහ්මා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය එවමෙව භගවතො පුරතො අන්තරහිතා තස්මිං බ්රහ්මලොකෙ පාතුරහෙසුං{3}.
Sinhala BJTඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ ද පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ ද යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් භාග්‍යවතුන් වහන්සේගේ ඉදිරියෙහි අතුරුදහන් වූවාහු ඒ බඹලොව පහළ වූහ.
Pali BJTඅද්දසා ඛො සො බ්රහ්මා තෙ බ්රහ්මානො දූරතොව ආගච්ඡන්තෙ. දිස්වාන තෙ බ්රහ්මානො එතදවොච: හන්ද කුතො නු තුම්හෙ මාරිසා ආගච්ඡථාති.
Sinhala BJTඒ බ්‍රහ්ම තෙමේ එන්නා වූ බ්‍රහ්මයන් දුරදී ම දැක්කේය. දැක ඒ බ්‍රහ්මයන්ට “නිදුකානෙනි, දැන් තෙපි කොහි සිට එවු දැ”යි මෙය කීය.
Pali BJTඅථ ඛො මයං මාරිස ආගච්ඡාම{4} තස්ස භගවතො සන්තිකා අරහතො සම්මාසම්බුද්ධස්ස. ගච්ඡෙය්යාසි පන ත්වං මාරිස තස්ස භගවතො උපට්ඨානං අරහතො සම්මාසම්බුද්ධස්සාති.
Sinhala BJTඑකල්හි නිදුකානෙනි, අපි ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේ සමීපයෙහි සිට එමු. නිදුකානෙනි, තෙපි ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට උවටැන් කිරීමට යන්නාහු ද?
Pali BJTඑවං වුත්තො{5} ඛො සො බ්රහ්මා තං වචනං අනධිවාසෙන්තො සහස්සක්ඛත්තුං අත්තානං අභිනිම්මිනිත්වා සුබ්රහ්මානං පච්චෙකබ්රහ්මානං එතදවොච: පස්සසි මෙ නො ත්වං මාරිස එවරූපං ඉද්ධානුභාවන්ති.
Sinhala BJTමෙසේ කියන ලද ඒ බඹ තෙමේ ඒ වදන නො ඉවසමින් දහස් වරක් තමා මවා ගෙණ පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්මහට නිදුකානෙනි, තෙපි මාගේ මෙබඳු වූ ඍද්ධ්‍යානුභාවය නො දකිවු දැ යි මෙය කීය.
Pali BJTපස්සාමි ඛො ත්යාහං මාරිස එවරූපං ඉද්ධානුභාවන්ති.
Sinhala BJTනිදුකානෙනි, මම තොපගේ මෙබඳු ඍද්ධ්‍යානුභාවය දකිම් ම ය.
Pali BJTසො ඛ්වාහං මාරිස එවං මහිද්ධිකො එවං මහානුභාවො කස්ස අඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා උපට්ඨානං ගමිස්සාමීති.
Sinhala BJTනිදුකානෙනි, ඒ මම මෙබඳු මහත් ඍද්ධි ඇත්තෙම් මෙබඳු මහත් අනුභාව ඇත්තෙම් අන් කවර මහණකුට හෝ බමුණකුට හෝ උවටැන් කිරීමට යන්නෙම් ද?
Pali BJTඅථ ඛො සුබ්රහ්මා පච්චෙකබ්රහ්මා ද්විසහස්සක්ඛත්තුං අත්තානං අභිනිම්මිනිත්වා තං බ්රහ්මානං එතදවොච: පස්සසි මෙ නො ත්වං මාරිස එවරූපං තං{6} ඉද්ධානුභාවන්ති.
Sinhala BJTඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ දෙදහස් වරක් තමා මවා ගෙණ ඒ බඹහට නිදුකානෙනි, තෙපි මාගේ මෙබඳු ඍද්ධ්‍යානුභාවය නො දකිවු දැ’යි මෙය කීය.
Pali BJTපස්සාමි ඛො ත්යාහං මාරිස එවරූපං ඉද්ධානුභාවන්ති.
Sinhala BJTනිදුකානෙනි, මම තොපගේ මෙබඳු ඍද්ධ්‍යානුභාවය දකිම් ම ය.
Pali BJTතයා ච ඛො මාරිස මයා ච ස්වෙව භගවා මහිද්ධිකතරො චෙව මහානුභාවතරො ච. ගච්ඡෙය්යාසි ත්වං මාරිස තස්ස භගවතො උපට්ඨානං අරහතො සම්මාසම්බුද්ධස්සාති.
Sinhala BJTනිදුකානෙනි, තොපට ද අපට ද වඩා ඒ භාග්‍යවතුන් වහන්සේ ම මහත් ඍද්ධිත් ඇති සේක. මහත් අනුභාවත් ඇති සේක. නිදුකානෙනි, තෙපි ඒ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ උවටැනට යවු.
Pali BJTඅථ ඛො සො බ්රහ්මා සුබ්රහ්මානං පච්චෙකබ්රහ්මානං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති ඒ බඹ තෙමේ පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්මහට ගාථායෙන් කී ය.
Pali BJTතයො සුපණ්ණා චතුරො ච හංසා බ්යග්ඝීනිසා පඤ්චසතා ච ඣායිනො, තයිදං විමානං ජලතෙ{1} ච බ්රහ්මෙ ඔභාසයං උත්තරස්සං දිසායන්ති.
Sinhala BJTතුන්සියක් ගුරුළුරූ නොහොත් ගුරුළුපඞ්ක්ති ද, හාරසීයක් හංසරූප නොහොත් හංසපඞ්ක්ති ද, පන්සියක් ව්‍යාඝ්‍රසදෘශ මෘගරූප නොහොත් වගවැළ ද ධ්‍යායී වූ මාගේ (විමානයෙහි වෙත්) බ්‍රහ්මය, ඒ මේ විමන උතුරුදික්හි ආලෝක කරමින් බබලයි. (මෙසේ ඉසුරුමත් මම අන්කවරකුට නම් උවටැන් කරන්නෙම් ද?)
Pali BJTකිඤ්චාපි තෙ තං ජලතෙ විමානං ඔභාසයං උත්තරස්සං දිසායං, රූපෙ රණං දිස්වා සදා පවෙධිතං තස්මා න රූපෙ රමතී සුමෙධොති.
Sinhala BJTවැලි තොපගේ මේ විමන උතුරුදික්හි ආලෝක කෙරෙමින් බබාලා ද (එහෙත්) රූපයෙහි දෝෂය ද, හැමකල්හි කම්පිත බවද දැක එහෙයින් මනා නුවණැත්තේ රූපයෙහි නො ඇලෙයි.
Pali BJTඅථ ඛො සුබ්රහ්මා ච පච්චෙකබ්රහ්මා සුද්ධාවාසො ච පච්චෙකබ්රහ්මා තං බ්රහ්මානං සංවෙජෙත්වා තත්ථෙවන්තරධායිංසු. අගමාසි ච ඛො සො බ්රහ්මා අපරෙන සමයෙන භගවතො උපට්ඨානං අරහතො සම්මාසම්බුද්ධස්සාති.
Sinhala BJTඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම ද පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාද ද ඒ බඹහට සංවේගය දන්වා එහි ම අතුරුදන් වූහ. පසු කලෙක ඒ බඹ තෙමේ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ උවටැනට ගියේ ද විය.
Pali BJT6. 1. 7.
Sinhala BJT6. 1. 7.
Pali BJTකොකාලිකසුත්තං.
Sinhala BJTකෝකාලික සූත්‍රය
Pali BJT178. සාවත්ථියං–
Sinhala BJT178. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා දිවාවිහාරගතො හොති පටිසල්ලීනො. අථ ඛො සුබ්රහ්මා ච පච්චෙකබ්රහ්මා සුද්ධාවාසො ච පච්චෙකබ්රහ්මා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා පච්චෙකං ද්වාරබාහං නිස්සාය අට්ඨංසු. අථ ඛො සුබ්රහ්මා පච්චෙකබ්රහ්මා කොකාලිකං භික්ඛුං ආරබ්භ භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහාරය පිණිස වැඩිසේක් විවේකී වූ සේක. එකල්හි පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ ද පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ වෙන් වෙන් දොරබා ඇසුරු කොට සිටියහ. ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ කෝකාලික මහණ ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.
Pali BJTඅප්පමෙය්යං පමිනන්තො කො’ධ විද්වා විකප්පයෙ, අප්පමෙය්යං පමායිනං නිවුතං{2} තං{3} මඤ්ඤෙ පුථුජ්ජනන්ති.
Sinhala BJTමේ ලෝකයෙහි කවර නම් නුවණැත්තෙක් අප්‍රමේය වූ ක්‍ෂීණාස්‍රවයා පමණ කෙරෙමින් කල්පනා කරන්නේ ද, අප්‍රමේය වූ ක්‍ෂීණාස්‍රවයන් පමණ කරන්නාවූ ඒ පෘතග්ජනයා අවකුජ්ජපඤ්ඤ පුද්ගලයෙකැයි හඟිමි.
Pali BJT6. 1. 8.
Sinhala BJT6. 1. 8.
Pali BJTකතමොරකතිස්සසුත්තං.
Sinhala BJTකතමෝරකතිස්ස සූත්‍රය
Pali BJT179. සාවත්ථියං–
Sinhala BJT179. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා දිවාවිහාරගතො හොති පටිසල්ලීනො. අථ ඛො සුබ්රහ්මා ච පච්චෙකබ්රහ්මා සුද්ධාවාසො ච පච්චෙකබ්රහ්මා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා පච්චෙකං ද්වාරබාහං නිස්සාය අට්ඨංසු. අථ ඛො සුද්ධාවාසො පච්චෙකබ්රහ්මා කතමොරකතිස්සං භික්ඛූකං ආරබ්භ භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ දිවාවිහාරය පිණිස වැඩිසේක් විවේකී වූ සේක. එකල්හි පච්චේකබ්‍රහ්ම වූ සුබ්‍රහ්ම තෙමේ ද පච්චේකැබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ වෙන් වෙන් දොරබා ඇසුරු කොට සිටිය හ. ඉක්බිති පච්චේකබ්‍රහ්ම වූ සුද්ධාවාස තෙමේ කතමෝරකතිස්සක මහණහු ඇරබ භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කී ය.
Pali BJTඅප්පමෙය්යං පමිනන්තො කො’ධ විද්වා විකප්පයෙ, අප්පමෙය්යං පමායිනං නිවුතං තං මඤ්ඤෙ අකිස්සවන්ති.
Sinhala BJTමේ ලෝකයෙහි කවර නම් නුවණැත්තෙක් අප්‍රමේය වූ ක්‍ෂීණාස්‍රවයා පමණ කෙරෙමින් කල්පනා කරන්නේ ද, අප්‍රමේය වූ ක්‍ෂීණාස්‍රවයන් පමණ කරන්නා වූ ඔහු අවකුජ්ජපඤ්ඤ වූ අඥානයෙකැ යි හඟිමි.
Pali BJT6. 1. 9.
Sinhala BJT6. 1. 9.
Pali BJTතුදුබ්රහ්ම{1}සුත්තං.
Sinhala BJTතුදුබ්‍රහ්ම සූත්‍රය
Pali BJT180. සාවත්ථියං–
Sinhala BJT180. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන කොකාලිකො භික්ඛු ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො තුදුපච්චෙකබ්රහ්මා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන කොකාලිකො භික්ඛු තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා වෙහාසං ඨිතො කොකාලිකං භික්ඛුං එතදවොච: පසාදෙහි කොකාලික සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං. පෙසලා සාරිපුත්තමොග්ගල්ලානාති.
Sinhala BJTඑකල්හි කෝකාලික මහණ තෙමේ හටගත් අබාධ ඇත්තේ දුකට පැමිණියේ අධිමාත්‍ර කොට ගිලන් වූයේ වේ. ඉක්බිති මනා ඡවිවර්‍ණ ඇති තුදු නම් පච්චේකබ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා කෝකාලික මහණ වෙත එළඹියේ ය. එළඹ අහස සිටියේ කෝකාලික මහණහට මෙය කී ය. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ ප්‍රියශීලී හ යි.
Pali BJTකොසි ත්වං ආවුසොති? අහං තුදුපච්චෙකබ්රහ්මාති. න නු{2} ත්වං ආවුසො භගවතා අනාගාමී බ්යාකතො. අථ කිඤ්චරහි{3} ඉධාගතො{4}. පස්ස යාවඤ්ච තෙ ඉදං අපරද්ධන්ති.
Sinhala BJTඇවැත්නි, තෝ කවරෙහි ද? මම තුදුපච්චේකබ්‍රහ්ම වෙමි. ඇවැත්නි, තෝ අනාගාමී යයි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ නො වේ ද? එසේ ඇති කල්හි කුමකට මෙහි ආයෙහි ද? තා විසින් මේ කොතරම් අපරාධයෙක් කරණ ලද්දේ දැයි බලව.
Pali BJTපුරිසස්ස හි ජාතස්ස කුඨාරී{5} ජායතෙ මුඛෙ, යාය ඡින්දති අත්තානං බාලො දුබ්භාසිතං භණං.
Sinhala BJTඅඥාන තෙමේ දුබැසි බෙණෙමින් යමෙකින් තමා සිඳී ද? උපන් (එබඳු) මිනිසා ගේ මුවෙහි (ඒ තමා නසන) කෙටේරිය හට ගණී.
Pali BJTයො නින්දියං පසංසති තං වා නින්දති යො පසංසියො, විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්දති.
Sinhala BJTයමෙක් නින්‍දා කටයුත්තා පසසා ද, යමෙක් පැසසිය යුත්තේ නම් ඔහුට නින්‍දා හෝ කෙරේ ද, හෙ තෙමේ මුවෙන් පව් රැස් කෙරේ. ඒ පවින් සුවයක් නො විඳී.
Pali BJTඅප්පමත්තො{6} අයං කලි යො අක්ඛෙසු ධනපරාජයො, සබ්බස්සාපි සහාපි අත්තනා අයමෙව මහන්තතරො කලි යො සුගතෙසු මනං පදොසයෙ.
Sinhala BJTදූකෙළීම් ආදියෙහි යම් වස්තු පරාජයෙක් වේ ද, තමනුත් සමග සියලු දේ සම්බන්‍ධ (යම් පරිහාණියෙකුත් වේ ද,) ඒ අපරාධය ඉතා ස්වල්ප ය. යමෙක් ශෝභන ගති ඇත්තවුන් කෙරෙහි සිත දුෂ්ට කරන්නේ ද, මෙය ම ඉතා මහත් අපරාධ යයි.
Pali BJTසතං සහස්සානං නිරබ්බුදානං ඡත්තිංසති පඤ්ච ච අබ්බුදානි, යමරියගරහී{7} නිරයං උපෙති වාචං මනඤ්ච පණිධාය පාපකන්ති.
Sinhala BJTආර්‍ය්‍යයන්ට ගරහන පුද්ගල තෙමේ ලාමක වූ වචන ද, සිත ද පිහිටුවා (ඒ හේතුවෙන්) යම් නිරයකට පැමිණේ ද, (එහි ආයුෂ) නිරබ්බුද ලක්‍ෂයෙක් ද සතිසෙක් ද, අබ්බුද පසෙක් ද වෙත්.
Pali BJT6. 1. 10.
Sinhala BJT6. 1. 10.
Pali BJTදුතියකොකාලිකසුත්තං.
Sinhala BJTදුතියකෝකාලික සූත්‍රය
Pali BJT181. සාවත්ථියං–
Sinhala BJT181. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො කොකාලිකො{8} භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො කොකාලිකො භික්ඛු භගවන්තං එතදවොච: පාපිච්ඡා භන්තෙ සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසඞ්ගතාති.
Sinhala BJTඑකල්හි කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය. වහන්ස, සැරියුත් මුගලන් තෙරහු ලාමක ආශා ඇත්තෝ ය. ලාමක ආශාවන්ට වසඟ වූවෝ ය.
Pali BJTඑවං වුත්තෙ භගවා කොකාලිකං භික්ඛුං එතදවොච: මාහෙවං කොකාලික අවච. මා හෙවං කොකාලික අවච. පසාදෙහි කොකාලික සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං. පෙසලා සාරිපුත්තමොග්ගල්ලානාති.
Sinhala BJTමෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට මෙය වදාළ සේක. කෝකාලික, එසේ නො කියව. කෝකාලික, එසේ නො කියව. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත් මුගලන් දෙනම ප්‍රියශීලීහ.
Pali BJTදුතියම්පි ඛො කොකාලිකො භික්ඛු භගවන්තං එතදවොච: කිඤ්චාපි මෙ භන්තෙ භගවා සද්ධායිකො පච්චයිකො. අථ ඛො පාපිච්ඡාව සාරිපුත්තමොග්ගල්ලානා පාපිකානං ඉච්ඡානං වසං ගතාති.
Sinhala BJTදෙවනවට දු කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මා විසින් ඇදහියයුතු වචන ඇත්තාහු ම ය. විශ්වාස කටයුතු වචන ඇත්තාහු ම ය. එතෙකුදු වුවත් සැරියුත්මුගලන් තෙරහු ලාමක ආශා ඇත්තාහු ම ය. ලාමක ආශාවන්ගේ වශයට ගියාහු ම යයි.
Pali BJTදුතියම්පි ඛො භගවා කොකාලිකං භික්ඛුං එතදවොච: මා හෙවං කොකාලික අවච. මා හෙවං කොකාලික අවච. පසාදෙහි කොකාලික සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං. පෙසලා සාරිපුත්තමොග්ගල්ලානාති.
Sinhala BJTදෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට මෙය වදාළ සේක. “කෝකාලික, එසේ නොකියව. කෝකාලික, එසේ නොකියව. කෝකාලික, සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත පහදව. සැරියුත්මුගලන් තෙරහු ප්‍රියශීලීහ” යි.
Pali BJTතතියම්පි ඛො කොකාලිකො භික්ඛු භගවන්තං එතදවොච: -පෙ- පාපිකානං ඉච්ඡානං වසං ගතාති.
Sinhala BJTතෙවනවට දු කෝකාලික මහණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේ ය ... ලාමක ආශාවන්ගේ වශයට ගියාහු යි.
Pali BJTතතියම්පි ඛො භගවා කොකාලිකං භික්ඛුං එතදවොච: -පෙ- පෙසලා සාරිපුත්තමොග්ගල්ලානාති.
Sinhala BJTතෙවනවට දු භාග්‍යවතුන් වහන්සේ කෝකාලික මහණහට මෙය වදාළ සේක. ... සැරියුත්මුගලන් තෙරහු ප්‍රියශීලීහ” යි.
Pali BJTඅථ ඛො කොකාලිකො භික්ඛු උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අචිරපක්කන්තස්ස ච කොකාලිකස්ස භික්ඛුනො සාසපමත්තීහි පිළකාහි{1} සබ්බො කායො ඵුටො{2} අහොසි. සාසපමත්තියො හුත්වා මුග්ගමත්තියො අහෙසුං. මුග්ගමත්තියො හුත්වා කලායමත්තියො{3} අහෙසුං කලායමත්තියො{3} හුත්වා කොලට්ඨිමත්තියො අහෙසුං. කොලට්ඨිමත්තියො හුත්වා කොලමත්තියො අහෙසුං. කොලමත්තියො හුත්වා ආමලකමත්තියො අහෙසුං. ආමලකමත්තියො හුත්වා බෙලුව{4}සලාටුකමත්තියො අහෙසුං. බෙලුවසලාටුකමත්තියො හුත්වා බිල්ලමත්තියො අහෙසුං. බිල්ලමත්තියො හුත්වා පභිජ්ජිංසු. පුබ්බඤ්ච ලොහිතඤ්ච පග්ඝරිංසු. අථ ඛො කොකාලිකො භික්ඛු තෙනෙව ආබාධෙන කාලමකාසි . කාලකතො ච කොකාලිකො භික්ඛු පදුමනිරයං{5} උපපජ්ජි. සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වා.
Sinhala BJTඉක්බිති කෝකාලික මහණ තෙමේ හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය. ගිය නොබෝකල් ඇති කෝකාලික මහණහුගේ මුළුකය අබ පමණ වූ ගඩුයෙන් පතුළේ විය. අබ පමණ ව මුං පමණ වූහ. මුං පමණ ව මැහැ පමණ වූහ. මැහැ පමණ ව ඩෙබරඇට පමණ වූහ. ඩෙබරඇට පමණ ව ඩෙබර පමණ වූහ. ඩෙබර පමණ ව ඇඹුළුපක් පමණ වූහ. ඇඹුලුපක් පමණ ව බෙලිබොබොළු පමණ වූහ. බෙලිබොබොළු පමණ ව බෙලි පමණ වූහ. බෙලි පමණ ව බිඳුනාහු ය. පූයාව ද ලේ ද වැගුරුණහ. ඉක්බිති කෝකාලික මහණ තෙමේ ඒ රෝගයෙන් ම කලුරිය කළේ ය. කලුරිය කළ කෝකාලික මහණ තෙමේ සැරියුත්මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුම නිරයට පැමිණියේ ය.
Pali BJTඅථ ඛො බ්රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො බ්රහ්මා සහම්පති භගවන්තං එතදවොච: කොකාලිකො භන්තෙ භික්ඛු කාලමකාසි{6}. කාලකතො ච භන්තෙ කොකාලිකො භික්ඛු පදුමං නිරයං උපපන්නො සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වාති. ඉදමවොච බ්රහ්මා සහම්පති ඉදං වත්වා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති මනා ඡවිවර්‍ණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, කෝකාලික මහණ තෙමේ කලුරිය කළේ ය. වහන්ස, කලුරිය කළ කෝකාලික මහණ තෙමේ සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුමනිරයට පැමිණියේ යයි. සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් විය.
Pali BJTඅථ ඛො භගවා තස්සා රත්තියා අච්චයෙන භික්ඛූ ආමන්තෙසි: ඉමං භික්ඛවෙ රත්තිං බ්රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ජෙතවනං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා මං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො භික්ඛවෙ බ්රහ්මා සහම්පති මං එතදවොච: කොකාලිකො භන්තෙ භික්ඛු කාලමකාසි. කාලකතො ච භන්තෙ කොකාලිකො භික්ඛු පදුමනිරයං උපපන්නො සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වාති. ඉදමවොච භික්ඛවෙ බ්රහ්මා සහම්පති. ඉදං වත්වා මං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රැය ඉක්ම යෑමෙන් භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, මේ රැය මනා ඡවිවර්‍ණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු දෙව්රම බබුළුවා මා වෙත එළඹියේ ය. එළඹ මට වැඳ එකත්පසෙක සිටියේ ය. මහණෙනි, එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ මට මෙය කී ය. වහන්ස, කෝකාලික මහණ තෙමේ කලුරිය කළේ ය. වහන්ස, කලුරිය කළ කෝකාලික මහණ තෙමේ සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ පදුමනිරයට පැමිණියේ යයි. මහණෙනි, සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා මට වැඳ පැදකුණු කොට එහි ම අතුරුදහන් වි ය.
Pali BJTඑවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: කීවදීඝං නු ඛො භන්තෙ පදුමනිරයෙ ආයුප්පමාණන්ති. දීඝං ඛො භික්ඛු පදුමනිරයෙ ආයුප්පමාණං, තං න සුකරං සඞ්ඛාතුං – එත්තකානි වස්සානි ඉති වා, එත්තකානි වස්සසතානි ඉති වා, එත්තකානි වස්සසහස්සානි ඉති වා, එත්තකානි වස්සසතසහස්සානි ඉති වාති. සක්කා පන භන්තෙ උපමං{1} කාතුන්ති සක්කාති භික්ඛූති භගවා අවොච.
Sinhala BJTමෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, පුදුමනිරයෙහි ආයුඃප්‍රමාණය කොපමණ දිග ද? මහණෙනි, පදුමනිරයෙහි ආයුඃප්‍රමාණය දිග ම ය. එය වර්‍ෂ මෙතෙකැයි කියා හෝ වර්‍ෂ මෙතෙක් සියෙකැයි කියා හෝ වර්‍ෂ මෙතෙක් දහසෙකැයි කියා හෝ වර්‍ෂ මෙතෙක් ලක්‍ෂයෙකැ යි කියා හෝ ගණන් කරන්නට පහසු නො වේ. වහන්ස, උපමාවක් කරන්නට හැක්කේ ද? මහණ හැකි යයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
Pali BJTසෙය්යථාපි භික්ඛු වීසතිඛාරිකො කොසලකො තිලවාහො, තතො පුරිසො වස්සසතස්ස වස්සසතස්ස{2} අච්චයෙන එකමෙකං තිලං උද්ධරෙය්ය. ඛිප්පතරං ඛො සො භික්ඛු වීසතිඛාරිකො කොසලකො තිලවාහො ඉමිනා උපක්කමෙන පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, නත්වෙව එකො අබ්බුදො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති අබ්බුදා නිරයා,{3} එවමෙකො නිරබ්බුදො නිරයො{4}. සෙය්යථාපි භික්ඛු වීසති නිරබ්බුදා නිරයා, එවමෙකො අබබො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති අබබා නිරයා, එවමෙකො අටටො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති අටටා නිරයා, එවමෙකො අහහො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති අහහා නිරයා, එවමෙකො කුමුදො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති කුමුදා නිරයා, එවමෙකො සොගන්ධිකො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති සොගන්ධිකා නිරයා, එවමෙකො උප්පලො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති උප්පලා{5} නිරයා, එවමෙකො පුණ්ඩරීකො නිරයො. සෙය්යථාපි භික්ඛු වීසති පුණ්ඩරීකා නිරයා, එවමෙකො පදුමො නිරයො. පදුමං ඛො පන භික්ඛු නිරයං කොකාලිකො භික්ඛු උපපන්නො සාරිපුත්තමොග්ගල්ලානෙසු චිත්තං ආඝාතෙත්වාති. ඉදමවොච භගවා, ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTමහණ, යම්සේ කොසොල්රට ගණනින් විංශත්ඛාරියක් ගන්නා තලයාළෙක් වේ ද, පුරුෂයෙක් සියවසක් සියවසක් ඇවෑමෙන් එයින් එක් තලඇටය ඉවත දමන්නේ නම්, මහණ, කොසොල්රට ගණනින් විසිඛාරියක් ඇති ඒ තලයාළ මේ උපක්‍රමයෙන් වහා ගෙවීමට අවසන් වීමට යන්නේ ය. (එහෙත්) එක් අබ්බුද නිරයක ආයුෂය නො ගෙවෙන්නේ ම ය. මහණ, අබ්බුද නිරය විස්සෙක ආයුඃප්‍රමාණය යම් බඳු ද, එක් නිරබ්බුද නිරයෙක ආයුඃප්‍රමාණය එබඳු ය. මහණ, නිරබ්බුද නිරය විස්සෙක් යම් බඳු ද, එක් අබබ නිරයෙක් එබඳු වෙයි. මහණ, අබබනිරය විස්සෙක් යම් බඳු ද, එක් අටට නිරයෙක් එබඳු වෙයි. මහණ, අටටනිරය විස්සෙක් යම්සේ ද, එක් අහහ නිරයෙක් එසේ ය. මහණ, අහහ නිරය විස්සෙක් යම් සේ ද, එක් කුමුද නිරයෙක් එසේ ය. මහණ, කුමුද නිරය විස්සෙක් යම්සේ ද එක් සොගන්‍ධික නිරයෙක් එසේ ය. මහණ, සොගන්‍ධික නිරය විස්සෙක් යම්සේ ද, එක් උප්පලනිරයෙක් එසේ ය. මහණ, උප්පලනිරය විස්සෙක් යම්සේ ද, එක් පුණ්ඩරීක නිරයෙක් එසේ ය. මහණ පුණ්ඩරීක නිරය විස්සෙක් යම්සේ ද, එක් පදුම නිරයෙක් එසේ ය. මහණ කෝකාලික මහණ තෙමේ සැරියුත් මුගලන් දෙනම කෙරෙහි සිත වෛර බැඳ (ඒ) පදුම නිරයට පැමිණියේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත ද මෙය වදාළ සේක.
Pali BJTපුරිසස්ස හි ජාතස්ස කුඨාරී ජායතෙ මුඛෙ, යාය ඡින්දති අත්තානං බාලො දුබ්භාසිතං භණං.
Sinhala BJTඅඥාන තෙමේ දුබැසි බෙණෙමින් යමෙකින් තමා සිඳී ද, උපන් (එබඳු) මිනිසාගේ මුවෙහි (ඒ තමා නසන) කෙටේරිය හටගණී.
Pali BJTයො නින්දියං පසංසති තං වා නින්දති යො පසංසියො, විචිනාති මුඛෙන සො කලිං කලිනා තෙන සුඛං න වින්දති.
Sinhala BJTයමෙක් නින්‍දා කටයුත්තා පස්සා ද, යමෙක් පැසසිය යුත්තේ නම් ඔහුට නින්‍දා හෝ කෙරේ ද, හෙ තෙමේ මුවෙන් පව් රැස් කෙරෙයි. ඒ පවින් සුවයක් නො විඳී.
Pali BJTඅප්පමත්තො{6} අයං කලි යො අක්ඛෙසු ධනපරාජයො, සබ්බස්සාපි සහාපි අත්තනා අයමෙව මහන්තරො කලි යො සුගතෙසු මනං පදොසයෙ.
Sinhala BJTදූකෙළීම් ආදියෙහි යම් වස්තු පරාජයෙක් වේ ද, තමනුත් සමග සියලු දෙය සම්බන්‍ධ (යම් පරිහානියකුත් වේද,) ඒ අපරාධය ඉතා ස්වල්ප ය. යමෙක් සෝභන ගති ඇත්තවුන් කෙරෙහි සිත දුෂ්ට කරන්නේ ද, මෙය ම ඉතා මහත් අපරාධ යයි.
Pali BJTසතං සහස්සානං නිරබ්බුදානං ඡත්තිංසති පඤ්ච ච අබ්බුදානි, යමරියගරහී නිරයං උපෙති වාචං මනඤ්ච පණිධාය පාපකන්ති.
Sinhala BJTආර්‍ය්‍යයන්ට ගරහන පුද්ගල තෙමේ ලාමක වූ වචන ද, සිත ද පිහිටුවා (ඒ හේතුවෙන්) යම් නිරයකට පැමිණේ ද, එහි ආයුෂය නිරබ්බුද ලක්‍ෂයෙක් ද සතිසෙක් ද අබ්බුද පසෙක් ද වෙත්.
Pali BJTකොකාලිකවග්ගො පඨමො.
Sinhala BJTකෝකාලික වර්‍ගය පළමු වැනියි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඋද්දානය:
Pali BJTආයාචනං ගාරවො බ්රහ්මදෙවො බකො ච බ්රහ්මා අපරා ච දිට්ඨි, පමාද කොකාලිකතිස්සකො ච තුදු ච බ්රහ්මා අපරො ච කොකාලිකොති.
Sinhala BJTආයාචන, ගාරව, බ්‍රහ්මදේව, බකබ්‍රහ්ම, අපරාදිට්ඨි, පමාද, කෝකාලික, තිස්සක, තුදුබ්‍රහ්ම, අනෙක් කෝකාලික සූත්‍ර යයි දශයෙකි.
Pali BJT2. පරිනිබ්බාණවග්ගො
Sinhala BJT2. පරිනිබ්බාණ වර්‍ගය
Pali BJT6. 2. 1.
Sinhala BJT6. 2. 1.
Pali BJTසනඞ්කුමාරසුත්තං.
Sinhala BJTසනඞ්කුමාර සූත්‍රය
Pali BJT182. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති සප්පිනීතීරෙ. අථ ඛො බ්රහ්මා සනඞ්කුමාරො අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං සප්පිනීතීරං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො බ්රහ්මා සනඞ්කුමාරො භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJT182. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි සප්පිනී ගංතෙර වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු සප්පිනී ගංතෙර බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.
Pali BJTඛත්තියො සෙට්ඨො ජනෙතස්මිං යෙ ගොත්තපටිසාරිනො, විජ්ජාචරණසම්පන්නො සො සෙට්ඨො දෙවමානුසෙති.
Sinhala BJTප්‍රජායෙහි යම් කෙනෙක් වංශය සලකන්නාහු ද (ඔවුන් අතුරෙන්) ක්‍ෂත්‍රිය තෙමේ ශ්‍රේෂ්ඨ යි. ත්‍රිවිද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්‍මයන් ගෙන් යුක්ත වූ ඒ ක්‍ෂීණාස්‍රව බ්‍රාහ්මණ තෙමේ දෙවි මිනිසුන් අතරෙහි ශ්‍රේෂ්ඨ වේ.
Pali BJTඉදමවොච බ්රහ්මා සනඞ්කුමාරො, සමනුඤ්ඤො සත්ථා අහොසි. අථ ඛො බ්රහ්මා සනඞ්කුමාරො සමනුඤ්ඤො මෙ සත්ථාති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
Sinhala BJTසනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ මෙය කී ය: ශාස්තෲන් වහන්සේ අනුමෝදන් වූ සේක. ඉක්බිති සනඞ්කුමාර බ්‍රහ්ම තෙමේ ශාස්තෲන් වහන්සේ මාගේ වචනය අනුමෝදන් වූ සේකැ යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
Pali BJT6. 2. 2.
Sinhala BJT6. 2. 2.
Pali BJTදෙවදත්තසුත්තං.
Sinhala BJTදේවදත්ත සූත්‍රය
Pali BJT183. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ අචිරපක්කන්තෙ දෙවදත්තෙ. අථ ඛො බ්රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං ගිජ්ඣකූටං පබ්බතං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො බ්රහ්මා සහම්පති දෙවදත්තං ආරබ්භ භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJT183. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ දෙව්දත් සස්නෙන් බැහැර ගිය නො බොහෝ කලැ ම රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල්හි මනා ඡවිවර්‍ණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු ගිජුකුළුපව්ව බබුළුවා භාග්‍යවතුන්වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ දෙව්පුතු ඇරබ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කී ය.
Pali BJTඵලං වෙ කදලිං හන්ති ඵලං වෙළුං ඵලං නළං{1} සක්කාරො කාපුරිසං හන්ති ගබ්භො අස්සතරිං යථාති.
Sinhala BJTයම්සේ ඵලය තෙමේ ඒකාන්තයෙන් කෙසෙල්ගස නසා ද, ඵලය තෙමේ මහහුණ නසා ද, ඵලය රනහුණ නසා ද, දරුගැබ (ගද්‍රභයාට දාව උපන් නහඹු) වෙළඹ නසා ද, එසෙයින් ම සත්කාරය තෙමේ නින්‍දිත පුරුෂයා නසයි.
Pali BJT6. 2. 3.
Sinhala BJT6. 2. 3.
Pali BJTඅන්ධකවින්දසුත්තං.
Sinhala BJTඅන්‍ධකවින්‍ද සූත්‍රය
Pali BJT184. එකං සමයං භගවා මාගධෙසු{2} විහරති අන්ධකවින්දෙ. තෙන ඛො පන සමයෙන භගවා රත්තන්ධකාරතිමිසායං අජ්ඣොකාසෙ{3} නිසින්නො හොති. දෙවො ච එකමෙකං ඵුසායති.
Sinhala BJT184. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගදරට අන්‍ධකවින්‍ද ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොල් අඳුරෙහි අබවස වැඩ හුන් සේක. මේඝය ද එකී එකි පොද හෙළයි.
Pali BJTඅථ ඛො බ්රහ්මා සහම්පති අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණො කෙවලකප්පං අන්ධකවින්දං ඔභාසෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතො ඛො බ්රහ්මා සහම්පති භගවතො සන්තිකෙ ඉමා ගාථායො අභාසි:
Sinhala BJTඑකල්හි මනා ඡවිවර්‍ණ ඇති සහම්පති බ්‍රහ්ම තෙමේ රෑ පෙරයම ඉක්ම ගිය කල්හි මුළු අන්‍ධකවින්‍දය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේ ය. එකත්පසෙක සිටි සහම්පති බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කී ය.
Pali BJTසෙවෙථ පන්තානි සෙනාසනානි{1} චරෙය්ය සඤ්ඤොජනවිප්පමොක්ඛා, සචෙ රතිං නාධිගච්ඡෙය්ය තත්ථ සඞ්ඝෙ වසෙ රක්ඛිතත්තො සතීමා{2}.
Sinhala BJTගැඹුරු වල සෙනසුන් සෙවුනේ ය. සංයෝජනයන් ගෙන් මිදීම පිණිස හැසිරෙන්නේ ය. එහි ඉදින් ඇල්මක් නොලබන්නේ නම් රක්නා ලද සිත් ඇතිව (සබ්‍රම්සරුන් නො ගටා) සිහි ඇති ව සඞ්ඝයා අතර වෙසෙන්නේ ය.
Pali BJTකුලාකුලං පිණ්ඩිකාය චරන්තො ඉන්ද්රියගුත්තො නිපකො සතීමා{2}, සෙවෙථ පන්තානි සෙනාසනානි භයා පමුත්තො අභයෙ විමුත්තො.
Sinhala BJTගෝපනය කරණ ලද ඉඳුරන් ඇති ව තීරණප්‍රඥා ඇති ව සිහි ඇති ව කුලයෙන් කුලයට පිඬු පිණිස හැසිරෙමින් ප්‍රාන්ත වූ වනසෙනසුන් සෙවුනේ ය. සසරබියෙන් මිදුනේ නිවණෙහි අධිමුත්ක ව (වසන්නේ ය.)
Pali BJTයත්ථ භෙරවා සිරිංසපා{3} විජ්ජු සඤ්චරති ථනෙති{4} දෙවො, අන්ධකාරතිමිසාය රත්තියා නිසීදි තත්ථ භික්ඛු විගතලොමහංසො.
Sinhala BJTයම් තැනෙක බිහිසුණු අරමුණුත් සර්‍පයෝත් වෙද් ද. විදුලිය ලෙළෙයි ද, මේඝය ගිගිරි කෙරේ ද, මහණ තෙමේ එහි රෑ ගණඳුරෙහි පහවූ ලොමුදහ ගැණුම් ඇතිව හුන්නේ ය.
Pali BJTඉදං හි ජාතු මෙ දිට්ඨං නයිදං ඉතිහීතිහං, එකස්මිං බ්රහ්මචරියස්මිං සහස්සං මච්චුහායිනං.
Sinhala BJTමෙය වූ කලි මා විසින් ඒකාන්තයෙන් දක්නා ලද්දේ ය. මම මෙය මෙසේ මෙසේ යයි (තර්‍කාදි වශයෙන්) නො කියමි. එක් දහම් දෙසුමෙක මරු පරයා සිටි රහතුන් දහසෙක් ද (වෙයි.)
Pali BJTභිය්යො{5} පඤ්චසතා සෙඛා දසා ච දසධා දස, සබ්බෙ සොතසමාපන්නා අතිරච්ඡානගාමිනො.
Sinhala BJTබොහෝ සේ ශෛක්‍ෂයෝ පන්සියයෙක් ද දශයෙක් ද සියයෙක් ද (වෙති) සියල්ලෝ මාර්‍ගශ්‍රෝතසට පැමිණියාහු අවිනිපාත ස්වභාව ඇත්තෝ වෙති.
Pali BJTඅථායං ඉතරා පජා පුඤ්ඤභාගාති මෙ මනො, සඞ්ඛාතුං නොපි සක්කොමි මුසාවාදස්ස ඔත්තපෙති{6}
Sinhala BJTයලි මේ අන්‍යප්‍රජා තොමෝ පිණට හිමි යයි මාගේ අදහසයි. (ඔවුන්) ගණින්නට නො හැක්කෙමි. බොරුවට (මා අසුවෙතැයි) බමි.
Pali BJT6. 2. 4.
Sinhala BJT6. 2. 4.
Pali BJTඅරුණවතීසුත්තං.
Sinhala BJTඅරුණවතී සූත්‍රය
Pali BJT185. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT185. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැයි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ රාජා අහොසි අරුණවා නාම. රඤ්ඤො ඛො පන භික්ඛවෙ අරුණවතො අරුණවතී නාම රාජධානී අහොසි. අරුණවතිං{7} ඛො පන භික්ඛවෙ රාජධානිං{8} සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො උපනිස්සාය විහාසි. සිඛිස්ස ඛො පන භික්ඛවෙ භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස අභිභූසම්භවං නාම සාවකයුගං අහොසි. අග්ගං භද්දයුගං.
Sinhala BJTපෙරවූවක් කියමි. මහණෙනි, අරුණවත් නම් රජෙක් විය. මහණෙනි, අරුණවත් රජහට අරුණාවතී නම් රාජධානියෙක් විය. මහණෙනි, භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අරුණාවතී රාජධානිය ඇසුරු කොට වැඩවිසූ සේක. මහණෙනි, භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේට අභිභූසම්භව නම් අග්‍ර වූ භද්‍රයුගලය වූ ශ්‍රාවක යුගලයෙක් වි ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො අභිභුං භික්ඛුං ආමන්තෙසි: ආයාම බ්රාහ්මණ යෙන අඤ්ඤතරො බ්රහ්මලොකො තෙනුපසඞ්කමිස්සාම, යාව භත්තස්ස කාලො භවිස්සති. එවං භන්තෙති ඛො භික්ඛවෙ අභිභූ භික්ඛු සිඛිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පච්චස්සොසි.
Sinhala BJTඉක්බිති භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අභිගු මහණ ඇමතූ සේක. “බමුණ, යමු බත් වේලාව යම්තාක් වේ ද, එක්තරා බඹලොවකට එළඹෙන්නෙමු”යි. මහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් ඇස්වී ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො අභිභූ ච භික්ඛු සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය එවමෙව අරුණවතියා රාජධානියා අන්තරහිතා තස්මිං බ්රහ්මලොකෙ පාතුරහෙසුං.
Sinhala BJTමහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ ද අභිගු මහණ තෙමේ ද යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම අරුණවතී රාජධානියෙන් අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො අභිභුං භික්ඛුං ආමන්තෙසි: පටිභාතු තං බ්රාහ්මණ බ්රහ්මුනො ච බ්රහ්මපරිසාය ච බ්රහ්මපාරිසජ්ජානඤ්ච ධම්මී කථාති. එවං භන්තෙති ඛො භික්ඛවෙ අභිභූ භික්ඛු සිඛීස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පටිස්සුත්වා බ්රහ්මානඤ්ච බ්රහ්මපරිසඤ්ච බ්රහ්මපාරිසජ්ජෙ ච ධම්මියා කථාය සංදස්සෙසි සමාදපෙසි සමුත්තෙජෙසි සම්පහංසෙසි.
Sinhala BJTමහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අභිගු මහණ ඇමතූ සේක: බමුණ, බඹහට ද බඹපිරිසට ද අතැවැසි බඹුන්ට ද දැහැමි කථාවෙක් තොපට වැටහේවා”යි. මහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස එසේ යයි භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් අස්වා බඹු ද බඹ පිරිස ද අතැවැසි බඹුන් ද දැහැමි කථායෙන් කරුණු දැක්වී ය. සමාදන් කරවී ය. උත්සාහවත් කරවී ය. සතුටු කරවී ය.
Pali BJTතත්ර සුදං භික්ඛවෙ බ්රහ්මා ච බ්රහ්මපරිසා ච බ්රහ්මපාරිසජ්ජා ච උජ්ඣායන්ති ඛීයන්ති{1} විපාචෙන්ති: අච්ඡරියං වත භො අබ්භුතං වත භො, කථං හි නාම සත්ථරි සම්මුඛීභූතෙ සාවකො ධම්මං දෙසෙස්සතීති.
Sinhala BJTමහණෙනි, එහි දී බඹු ද බඹපිරිස ද අතැවැසි බඹහු ද “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි! පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. ශාස්තෲන් වහන්සේ ඉදිරියෙහි ඇති කල්හි කෙසේ නම් සව්වෙක් දහම් දෙසා දැ යි අවමන් කෙරෙත්, ගරහත්, දොස් පහළ කෙරෙත්.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො අභිභුං භික්ඛුං ආමන්තෙසි: උජ්ඣායන්ති ඛො තෙ බ්රාහ්මණ බ්රහ්මා ච බ්රහ්මපරිසා ච බ්රහ්මපාරිසජ්ජා ච. අච්ඡරියං වත භො අබ්භුතං වත භො, කථං හි නාම සත්ථරි සම්මුඛීභූතෙ සාවකො ධම්මං දෙසෙස්සතීති. තෙන හි ත්වං බ්රාහ්මණ භිය්යොසොමත්තාය බ්රහ්මානඤ්ච බ්රහ්මපරිසඤ්ච බ්රහ්මපාරිසජ්ජෙ ච සංවෙජෙහීති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ අභිගු මහණ ඇමතූ සේක. බමුණ, බඹු ද බඹපිරිස ද අතැවැසි බඹහු ද “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි. ශාස්තෲන් වහන්සේ ඉදිරියෙහි ඇති කල්හි කෙසේ නම් සව්වෙක් දහම් දෙසා දැ”යි තොපට අවමන් කෙරෙත්. බමුණ, එසේ වී නම් තෙපි බඹු ද බඹපිරිස ද අතැවැසි බඹුන් ද බොහෝ සෙයින් සංවේගයට පමුණුවව්”යි.
Pali BJTඑවං භන්තෙති ඛො භික්ඛවෙ අභිභූ භික්ඛු සිඛිස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පටිස්සුත්වා දිස්සමානෙනපි කායෙන ධම්මං දෙසෙසි. අදිස්සමානෙන පි කායෙන ධම්මං දෙසෙසි. දිස්සමානෙනපි හෙට්ඨිමෙන උපඩ්ඪකායෙන අදිස්සමානෙනපි උපරිමෙන උපඩ්ඪකායෙන ධම්මං දෙසෙසි. දිස්සමානෙනපි උපරිමෙන උපඩ්ඪකායෙන අදිස්සමානෙන පි{2} හෙට්ඨිමෙන උපඩ්ඪකායෙන ධම්මං දෙසෙසි.
Sinhala BJTමහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් අස්වා පෙණෙන කයින් යුක්තව ද දහම් දෙසී ය. නොපෙණෙන කයින් යුක්ත ව ද දහම් දෙසී ය. පෙණෙන යටඅඩකයින් යුක්තව ද නොපෙණන උඩ අඩකයින් යුක්තව ද දහම් දෙසී ය. පෙණෙන උඩ කයින් යුක්තව ද නොපෙණන යට අඩකයින් යුක්තව ද දහම් දෙසී ය.
Pali BJTතත්ර සුදං භික්ඛවෙ බ්රහ්මා ච බ්රහ්මපරිසා ච බ්රහ්මපාරිසජ්ජා ච අච්ඡරියබ්භුතචිත්තජාතා අහෙසුං: අච්ඡරියං වත භො අබ්භුතං වත භො, සමණස්ස මහිද්ධිකතා මහානුභාවතාති.
Sinhala BJTමහණෙනි, එහි දී බඹු ද බඹපිරිස ද අතැවැසි බඹුහු ද මහණහුගේ මහත් ඍද්ධි ඇතිබව මහත් අනුභාව ඇති බව පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි”යි ආශ්චර්‍ය්‍යාද්භූත සිත් ඇත්තෝ වූහ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ අභිභූ භික්ඛු සිඛිං භගවන්තං අරහන්තං සම්මාසම්බුද්ධං එතදවොච: අභිජානාමි ඛ්වාහං භන්තෙ භික්ඛුසඞ්ඝස්ස මජ්ඣෙ එවරූපං වාචං භාසිතා, පහොමි ඛ්වාහං ආවුසො බ්රහ්මලොකෙ ඨිතො සහස්සීලොකධාතුං{3} සරෙන විඤ්ඤාපෙතුන්ති.
Sinhala BJTමහණෙනි, ඉක්බිති අභිගු මහණ තෙමේ භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට වහන්ස, මම බික්සඟන මැද ඇවැත්නි, මම බඹලොව සිටියෙම් සහශ්‍රීලෝකධාතුව සරයෙන් හඟවන්නට (කටහඬ පතුරු වන්නට සමත්මි”යි මෙබඳු වචනයක් කීයෙම් දනිම් ම යයි මෙය කී ය.
Pali BJTඑතස්ස බ්රාහ්මණ කාලො එතස්ස බ්රාහ්මණ කාලො යං ත්වං බ්රාහ්මණ බ්රහ්මලොකෙ ඨිතො සහස්සීලොකධාතුං සරෙන විඤ්ඤාපෙය්යාසි.
Sinhala BJTබමුණ, තෙපි යම් හෙයකින් බඹලොව සිටියාහු සහශ්‍රීලෝකධාතුව සරයෙන් හඟවන්නහු නම් බමුණ, මෙයට කාලය යි. බමුණ, මෙයට කාලය යි.
Pali BJTඑවං භන්තෙති ඛො භික්ඛවෙ අභිභූ භික්ඛු සිඛීස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස පටිස්සුත්වා බ්රහ්මලොකෙ ඨිතො ඉමා ගාථායො අභාසි:
Sinhala BJTමහණෙනි, අභිගු මහණ තෙමේ වහන්ස, එසේ යයි භාග්‍යවත් අර්‍හත් සම්මාසම්බුදුරජානන් වහන්සේට පිළිවදන් අස්වා බඹලොව සිටියේ මේ ගාථා කී ය.
Pali BJTආරභථ{4} නික්ඛමථ{5} යුඤ්ජථ බුද්ධසාසනෙ, ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො.
Sinhala BJTආරම්භවීර්‍ය්‍යය කරවු, නිෂ්ක්‍රමණවිර්‍ය්‍යය කරවු, බුදුසසුනෙහි යෙදෙවු, ඇතෙක් බටදඬුයෙන් කළ ගෙයක් වනසන්නාක් මෙන් මරසෙනඟ නසවු.
Pali BJTයො ඉමස්මිං ධම්මවිනයෙ අප්පමත්තො විහෙස්සති{1} පහාය ජාතිසංසාරං දුක්ඛස්සන්තං කරිස්සතීති.
Sinhala BJTයමෙක් මේ සස්නෙහි අප්‍රමත්ත ව වෙසෙන්නේ ද (හෙ තෙමේ) ජාතිය හා සංසාරය දුරු කොට දුක් කෙළවර කරන්නේ ය.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සිඛී ච භගවා අරහං සම්මාසම්බුද්ධො අභිභූ ච භික්ඛු බ්රහ්මානඤ්ච බ්රහ්මපරිසඤ්ච බ්රහ්මපාරිසජ්ජෙ ච සංවෙජෙත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය එවමෙව තස්මිං බ්රහ්මලොකෙ අන්තරහිතා අරුණවතියා රාජධානියා පාතුරහෙසුං.
Sinhala BJTමහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ ද, අභිගු මහණ තෙමේ ද බඹුත් බඹපිරිසත් අතැවැසිබඹුනුත් සංවේගයට පමුණුවා යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම ඒ බඹලොව අතුරුදන් වූවාහු අරුණාවතී රාජධානියෙහි පහළ වූහ.
Pali BJTඅථ ඛො භික්ඛවෙ සිඛී භගවා අරහං සම්මාසම්බුද්ධො භික්ඛූ ආමන්තෙසි: අස්සුත්ථ නො තුම්හෙ භික්ඛවෙ අභිභුස්ස භික්ඛුනො බ්රහ්මලොකෙ ඨිතස්ස ගාථායො භාසමානස්සාති. අස්සුම්හ ඛො මයං භන්තෙ අභිභුස්ස භික්ඛුනො බ්රහ්මලොකෙ ඨිතස්ස ගාථායො භාසමානස්සාති. යථා කථං පන තුම්හෙ භික්ඛවෙ අස්සුත්ථ අභිභුස්ස භික්ඛුනො බ්රහ්මලොකෙ ඨිතස්ස ගාථායො භාසමානස්සාති. එවං ඛො මයං භන්තෙ අස්සුම්හ{2} අභිභුස්ස භික්ඛුනො බ්රහ්මලොකෙ ඨිතස්ස ගාථායො භාසමානස්ස:
Sinhala BJTමහණෙනි, ඉක්බිති භාග්‍යවත් අර්‍හත් සිඛී සම්මාසම්බුදුරජානන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි බඹලොව සිට අභිගු මහණ ගාථා කියද්දී නොඇසූහු ද? වහන්ස, අපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී අසූම්හ. මහණෙනි, තෙපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී ඒ කෙසේ නම් ඇසූහු ද? වහන්ස, අපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී මෙසේ ඇසුම්හ.
Pali BJT“ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධසාසනෙ, ධුනාථ මච්චුනො සෙනං නළාගාරංව කුඤ්ජරො.
Sinhala BJTආරම්භවීර්‍ය්‍යය කරව්, නිෂ්ක්‍රමණවිර්‍ය්‍යය කරව්, බුදුසසුන්හි යෙදෙව්. ඇතකු බටදඬුගෙයක් වනසන්නාක් මෙන් මරසෙනඟ නසව්.
Pali BJTයො ඉමස්මිං ධම්මවිනයෙ අප්පමත්තො විහෙස්සති, පහාය ජාතිසංසාරං දුක්ඛස්සන්තං කරිස්සතී”ති.
Sinhala BJTයමෙක් මෙසස්නෙහි අප්‍රමත්තව වෙසෙන්නේ ද (හෙ තෙමේ) ජාතිය හා සංසාරය දුරු කොට දුක් කෙළවර කරන්නේ ය.
Pali BJTඑවං ඛො මයං භන්තෙ අස්සුම්හ{2} අභිභුස්ස භික්ඛුනො, බ්රහ්මලොකෙ ඨිතස්ස ගාථායො භාසමානස්සාති.
Sinhala BJTවහන්ස, අපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී මෙසේ අසූම්හ.
Pali BJTසාධු සාධු භික්ඛවෙ. සාධු ඛො තුම්හෙ භික්ඛවෙ අස්සුත්ථ අභිභුස්ස භික්ඛුනො බ්රහ්මලොකෙ ඨිතස්ස ගාථායො භාසමානස්සාති. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTමහණෙනි, මැනවි, මැනවි. මහණෙනි, තෙපි අභිගු මහණ බඹලොව සිට ගාථා කියද්දී ඇසූහු ය. මැනවි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ.
Pali BJT6. 2. 5.
Sinhala BJT6. 2. 5.