Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 101-200 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTනන්දති{1}සුත්තං
Sinhala BJTනන්‍දති සූත්‍රය
Pali BJT12. සාවත්ථියං–
Sinhala BJT12. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
Pali BJTනන්දති පුත්තෙහි පුත්තිමා ගොමිකො{2} ගොහි තථෙව නන්දති, උපධී හි නරස්ස නන්දනා න හි සො නන්දති යො නිරූපධීති{3}
Sinhala BJTපුතුන් ඇත්තේ පුතුන්ගෙන් සතුටු වෙයි. එසේ ම ගවහිමියා ගවයන්ගෙන් සතුටු වෙයි. මේ කාමෝපධීහු ම මිනිසාගේ නන්‍දනයෝ යි. යමෙක් උපධි නැත්තේ ද හෙතෙමේ නො ම සතුටු වෙයි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසොචති පුත්තෙහි පුත්තිමා ගොමිකො ගොහි තථෙව සොචති, උපධී හි නරස්ස සොචනා න හි සො සොචති යො නිරූපධීති.
Sinhala BJTපුතුන් ඇත්තේ පුතුන්ගෙන් ශෝක කෙරෙයි. එසේ ම ගවහිමියා ගවයන්ගෙන් ශෝක කෙරෙයි. මේ කාමෝපධීහු ම මිනිසාගේ ශෝචනයෝයි. යමෙක් උපධි නැත්තේ ද හෙතෙමේ නො ම ශෝක කෙරේ යි.
Pali BJT1. 2. 3.
Sinhala BJT1. 2. 3.
Pali BJTනත්ථිපුත්තසුත්තං
Sinhala BJTනත්‍ථිපුත්තසම සූත්‍රය
Pali BJT13. සාවත්ථියං–
Sinhala BJT13. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
Pali BJTනත්ථි පුත්තසමං පෙමං නත්ථි ගොසමිතං ධනං, නත්ථි සුරියසමා{4} ආභා සමුද්දපරමා සරාති.
Sinhala BJTපුත්‍රප්‍රේමය හා සම ප්‍රේමයෙක් නැත. ගෝධනය හා සම ධනයෙක් නැත. හිරු හා සම එළියෙක් නැත. විල්හු මුහුද පරම කොට ඇත්තාහ. (මුහුද හා සම විලෙක් නැතැයි යූ සේ යි.)
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTනත්ථි අත්තසමං පෙමං නත්ථි ධඤ්ඤසමං ධනං, නත්ථි පඤ්ඤාසමා ආභා වුට්ඨි වෙ පරමා සරාති.
Sinhala BJTආත්මප්‍රේමය හා සම ප්‍රේමයක් නැත. ධාන්‍ය හා සම ධනයෙක් නැත. ප්‍රඥාව හා සම ආලෝකයෙක් නැත. ඒකාන්තයෙන් වැස්ස පරම විලයි.
Pali BJT1. 2. 4.
Sinhala BJT1. 2. 4.
Pali BJTඛත්තියසුත්තං
Sinhala BJTඛත්තිය සූත්‍රය
Pali BJT14. සාවත්ථියං–
Sinhala BJT14. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං ඨිතා ඛො සා දෙවතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඑකත්පසෙක සිටි ඒ දෙවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගය කී ය:
Pali BJTඛත්තියො දිපදං{5} සෙට්ඨො බලිවද්දො{6} චතුප්පදං, කොමාරී{7} සෙට්ඨා භරියානං යො ච පුත්තාන{8} පුබ්බජොති.
Sinhala BJTදෙපා ඇත්තවුන් අතුරෙන් ක්‍ෂත්‍රියයා ශ්‍රේෂ්ඨ ය. සිවුපාවුන් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨ ය. භාර්‍ය්‍යාවන් අතුරෙන් බාලකාලයෙහි පාවා ගන්නා ලද්දී ශ්‍රේෂ්ඨ ය. පුතුන් අතුරින් වැඩිමහල්ලා ශ්‍රේෂ්ඨ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසම්බුද්ධො ද්විපදං{5} සෙට්ඨො ආජානීයො චතුප්පදං, සුස්සූසා සෙට්ඨා භරියානං යො ච පුත්තානමස්සවොති.
Sinhala BJTදෙපා ඇත්තවුන් අතුරෙන් බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨයහ. සිවුපාවුන් අතුරෙන් ආජානීය අශ්වයා ශ්‍රේෂ්ඨ ය. භාර්‍ය්‍යාවන් අතුරෙන් හිමියා පිණවන්නී ශ්‍රේෂ්ඨ ය. පුතුන් අතුරින් කීකරු වූයේ ශ්‍රේෂ්ඨ ය.
Pali BJT1. 2. 5.
Sinhala BJT1. 2. 5.
Pali BJTසනමාන{1}සුත්තං
Sinhala BJTසනමාන සූත්‍රය
Pali BJT15. සාවත්ථියං–
Sinhala BJT15. සැවැත්නුවර–
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTඨිතෙ මජ්ඣන්තිකෙ කාලෙ සන්නිසීවෙසු{2} පක්ඛිසු, සනතෙව{3} බ්රහාරඤ්ඤං{4} තං භයං පටිභාති මන්ති.
Sinhala BJTසිටි මද්දහනෙහි පක්‍ෂීන් ඉසුඹු ලන කල්හි වනය (මහත් සේ) හඬ නගන්නාක් මෙනි. එය මට බියක් ව වැටහේ.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඨිතෙ මජ්ඣන්තිකෙ කාලෙ සන්නිසීවෙසු{2} පක්ඛිසු, සනතෙව බ්රහාරඤ්ඤං{4} සා රතී{5} පටිභාති මන්ති.
Sinhala BJTසිටි මද්දහනෙහි පක්‍ෂීන් ඉසුඹු ලන කල්හි මහවනය (මහත් සේ) හඬ නගන්නාක් මෙනි. එය මට සිත් පිණවන්නක් ව වැටහේ යි.
Pali BJT1. 2. 6.
Sinhala BJT1. 2. 6.
Pali BJTනිද්දාතන්දීසුත්තං
Sinhala BJTනිද්දාතන්‍දී සූත්‍රය
Pali BJT16. සාවත්ථියං–
Sinhala BJT16. සැවැත්නුවර–
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTනිද්දා තන්දි{6} විජම්භිකා{7} අරතී භත්තසම්මදො, එතෙන නප්පකාසති අරියමග්ගො ඉධ පාණිනන්ති.
Sinhala BJTනින්ද, තෙමරිය, ඇඟ මැලි කැඩීම, කුසල් දහම්හි නොඇල්ම, බත්මතය යන මෙයින් මෙලොව සත්ත්‍වයන්ට ආර්‍ය්‍යමාර්‍ගය ප්‍රකට නො වේ.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTනිද්දං තන්දිං විජම්භිකං{8} අරතිං භත්තසම්මදං විරියෙන{9} නං පණාමෙත්වා අරියමග්ගො විසුජ්ඣතීති.
Sinhala BJTනින්ද, තෙමරිය, ඇඟ මැලි කැඩීම, කුසල් දහම්හි නො ඇල්ම, බත්මතය යන මොවුන් වීර්‍ය්‍යයෙන් දුරුකොට (සිටියහුට) ආර්‍ය්‍යමාර්‍ගය පිරිසිදු වේ.
Pali BJT1. 2. 7.
Sinhala BJT1. 2. 7.
Pali BJTදුක්කරසුත්තං
Sinhala BJTදුක්කර සූත්‍රය
Pali BJT17. සාවත්ථියං–
Sinhala BJT17. සැවැත්නුවර–
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTදුක්කරං දුත්තිතික්ඛඤ්ච අබ්යත්තෙන හි{10} සාමඤ්ඤං, බහූ හි තත්ථ සම්බාධා යත්ථ බාලො විසීදතීති.
Sinhala BJTබාලයා විසින් මහණදම නොකට හැක්කේ ද, නොඉවසිය හැක්කේ ද වේ. යම් මහණදමෙක්හි බාලයා පසුබසී ද, එහි ඔහුට සම්බාධයෝ බොහෝ වෙති.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTකතිහං චරෙය්ය සාමඤ්ඤං චිත්තං චෙ න නිවාරයෙ,{11} පදෙ පදෙ විසීදෙය්ය සඞ්කප්පානං වසානුගො.
Sinhala BJTඉදින් සිත (වරදින්) නොවළකන්නේ නම් කී දවසක් මහණකම කරන්නේ ද? පාපවිතර්‍කයන්ට වසඟ වූයේ පියවරක් නොහොත් අරමුණක් පාසා පසු බසින්නේ ය.
Pali BJTකුම්මොව අඞ්ගානි සකෙ කපාලෙ සමොදහං භික්ඛු මනොවිතක්කෙ, අනිස්සිතො අඤ්ඤමහෙඨයානො පරිනිබ්බුතො න උපවදෙය්ය{12} කඤ්චීති.
Sinhala BJTඉදිබුවා අවයව සිය කබලෙහි බහන්නාක් මෙන් මහණ තෙමේ මනෝවිතර්‍කයන් (භාවනාලම්බන නමැති කපල්ලෙහි) බහන්නේ නිඃශ්‍රය රහිත වූයේ අනුන් නොවෙහෙසන්නේ (කෙලෙස් පිරිනිවුමෙන්) පිරිනිවියේ කිසිවකුට උපවාද නො කරන්නේයි.
Pali BJT1. 2. 8.
Sinhala BJT1. 2. 8.
Pali BJTහිරිසුත්තං
Sinhala BJTහිරි සූත්‍රය
Pali BJT18. සාවත්ථියං–
Sinhala BJT18. සැවැත්නුවර–
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTහිරීනිසෙධො පුරිසො කො චි ලොකස්මිං විජ්ජති, යො නින්දං අප්පබොධති අස්සො භද්රො කසාමිවාති.
Sinhala BJTආජානීය අශ්වයා කසය වළකන්නාක් මෙන් යෙමෙක් නින්‍දා වළකා ද, ලජ්ජාවෙන් පව් වළකන (එබඳු) කිසියම් පුරුෂයෙක් ලොව ඇත් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTහිරීනිසෙධා තනුයා යෙ චරන්ති සදා සතා, අන්තං දුක්ඛස්ස පප්පුය්ය චරන්ති විසමෙ සමන්ති.
Sinhala BJTලජ්ජාවෙන් පව් වැළැක්වූ යම් කෙනෙක් හැමකල්හි සිහි ඇති ව හැසිරෙද්ද, දුකෙහි කෙළවරට පැමිණ විෂමලෝකයෙහි සම ව හැසිරෙද්ද, ඔහු ස්වල්ප දෙනෙකි.
Pali BJT1. 2. 9.
Sinhala BJT1. 2. 9.
Pali BJTකුටිකාසුත්තං
Sinhala BJTකුටිකා සූත්‍රය
Pali BJT19. සාවත්ථියං–
Sinhala BJT19. සැවැත්නුවර–
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTකච්චි තෙ කුටිකා නත්ථි කච්චි නත්ථි කුලාවකා, කච්චි සන්තානකා නත්ථි කච්චි මුත්තොසි බන්ධනාති.
Sinhala BJTකිම මුඹ වහන්සේට කුටියෙක් නැද්ද? කිම (මුඹ වහන්සේට) කැදලි නැද්ද? (කිම මුඹ වහන්සේට) කුලප්‍රවේණීහු නැද්ද? කිම බන්‍ධනයෙන් මිදුනෙහි ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTතග්ඝ මෙ කුටිකා නත්ථි තග්ඝ නත්ථි කුලාවකා, තග්ඝ සන්තානකා නත්ථි තග්ඝ මුත්තො’ස්මි බන්ධනාති.
Sinhala BJTඑකත්නෙන් මට කුටියෙක් නැත. එකත්නෙන් මට කැදලි නැත. එකත්නෙන් මට කුලප්‍රවේණීහු නැත. එකත්නෙන් මම බන්‍ධනයෙන් මිදුනෙමි.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTකින්තාහං කුටිකං බ්රූමි කින්තෙ බ්රූමි කුලාවකං, කින්තෙ සන්තාන{1}කං බ්රූමි කින්තාහං බ්රූමි බන්ධනන්ති.
Sinhala BJTමම කුමක් මුඹ වහන්සේට කුටිය කොට කියම් ද? කුමක් මුඹ වහන්සේට කැදැල්ල කොට කියම් ද? කුමක් මුඹ වහන්සේට කුලප්‍රවේණිය කොට කියම් ද? මම කුමක් මුඹ වහන්සේට බන්‍ධනය කොට කියම් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTමාතරං කුටිකං බ්රූසි භරියං බ්රූසි කුලාවකං, පුත්තෙ සන්තානකෙ බ්රූසි තණ්හං මෙ බ්රූසි බන්ධනන්ති.
Sinhala BJTමව මට කුටිය කොට කියහි. බිරිඳ කැදැල්ල කොට කියහි. පුත්‍රයන් කුලප්‍රවෙණි කොට කියහි. තෘෂ්ණාව බන්‍ධනය කොට කියහි.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙවි:]
Pali BJTසාහු තෙ කුටිකා නත්ථි සාහු නත්ථි කුලාවකා, සාහු සන්තානකා නත්ථි සාහු මුත්තොසි බන්ධනාති.
Sinhala BJTමැනවි, මුඹ වහන්සේට කුටියෙක් නැත. මැනවි, කැදලි නැත. මැනවි, කුලප්‍රවේණීහු නැත. මැනවි, බන්‍ධනයෙන් මිදුනෙහි යි.
Pali BJT1. 2. 10.
Sinhala BJT1. 2. 10.
Pali BJTසමිද්ධිසුත්තං
Sinhala BJTසමිද්ධි සූත්‍රය
Pali BJT20. එවම්මෙ සුතං එකං සමයං භගවා රාජගහෙ විහරති තපොදාරාමෙ.
Sinhala BJT20. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයෙහි වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො ආයස්මා සමිද්ධි රත්තියා පච්චූසසමයං පච්චුට්ඨාය යෙන තපොදා තෙනුපසඞ්කමි ගත්තානි පරිසිඤ්චිතුං. තපොදෙ ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසි ගත්තානි පුබ්බාපයමානො{1}.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ රෑ අලුයම නැගිට ගාත්‍රයන් දෝනා පිණිස තපොදා නදිය වෙත එළඹියහ. තපෝදානදියෙහි ගාත්‍රයන් දොවා ගොඩ නැඟී ඇඟ තෙත සිඳුවමින් එක් සිවුරක් ඇති ව සිටියහ.
Pali BJTඅථ ඛො අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං තපොදං ඔභාසෙත්වා යෙනායස්මා සමිද්ධි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා වෙහාසං ඨිතා ආයස්මන්තං සමිද්ධිං ගාථාය{2} අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි මනා පැහැ ඇති එක්තරා දෙව්දුවක් රාත්‍රිය ඉක්ම ගිය කල්හි මුළු තපෝදාව බබුළුවා ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් වෙත එළඹියා ය. එළඹ අහස්හි සිටිය ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට ගාථායෙන් කීවා ය:
Pali BJTඅභුත්වා භික්ඛසි භික්ඛු න හි භුත්වාන භික්ඛසි, භුත්වාන භික්ඛු භික්ඛස්සු මා තං කාලො උපච්චගාති.
Sinhala BJTමහණ, නො වළඳා සිඟයි. වළඳා නො ම සිඟයි. මහණ, වළඳා සිඟව. කාලය තා නහමක් ඉක්ම යේවා.
Pali BJT[සමිද්ධි:]
Sinhala BJT[සමිද්ධි:]
Pali BJTකාලං වො’හං න ජානාමි ඡන්නො කාලො න දිස්සති, තස්මා අභුත්වා භික්ඛාමි මා මං කාලො උපච්චගාති.
Sinhala BJTමම කාලය නො දනිමි. කාලය වැසුනේ නො පෙණෙයි. එහෙයින් ‘කාලය මා නහමක් ඉක්ම යේවා’යි නො වළඳා සිඟමි.
Pali BJTඅථ ඛො සා දෙවතා පඨවියං{3} පතිට්ඨහිත්වා ආයස්මන්තං සමිද්ධිං එතදවොච:
Sinhala BJTඉක්බිති ඒ දෙව්දුව පොළොවෙහි පිහිටා ආයුෂ්මත් සමිද්ධි තෙරුන්ට මෙය කීවා ය:
Pali BJTදහරො ත්වං භික්ඛු පබ්බජිතො සුසුකාලකෙසො භද්රෙන{4} යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අනිකීළිතාවී{5} කාමෙසු. භුඤ්ජ භික්ඛු මානුසකෙ කාමෙ. මා සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවීති.
Sinhala BJTමහණ, තෝ තරුණ පැවිද්දෙහි මනා කලුකෙහෙ ඇතියෙහි, සොඳුරු යොවුනෙන් හා පළමු වයසින් යුක්තයෙහි, කාමක්‍රීඩා නො කළ සුලුයෙහි, මහණ, මානුසික කාමයන් අනුභව කරණු මැනව. මෙලොව පස්කම් සැප හැර පියා පරලොව (කලෙකින් ලැබෙන) සැප නහමක් ලුහුබඳුව.
Pali BJT[සමිද්ධි:]
Sinhala BJT[සමිද්ධි:]
Pali BJTන ඛ්වාහං ආවුසො සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවාමි. කාලිකඤ්ච ඛ්වාහං ආවුසො හිත්වා සන්දිට්ඨිකං අනුධාවාමි. කාලිකාහි ආවුසො කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථ භිය්යො{6}. සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො{7} පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.
Sinhala BJTඇවැත්නි, මට මෙලොව සැප හැර පිය කලෙකින් ලැබෙන සැප නො ම ලුහුබඳිමි. ඇවැත්නි, මම කලෙකින් ලැබෙන සැප හැර පියා මෙලොව සැප ලුහුබඳිමි. ඇවැත්නි, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙණ දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝහ. මේ ධර්‍මය තමා විසින් දැක්ක යුත්තේ ය. කල් නො යවා විපාක දෙන්නේ ය. එව, බලවයි’ කීමට සුදුසු ය. තම සිත්හි එළවා තැබීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තම තමා කෙරෙහි ලා දත යුත්තේ ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදහ.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙව්දූ:]
Pali BJTකථඤ්ච භික්ඛු කාලිකා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථ භිය්යො. කථං සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.
Sinhala BJTමහණ, කෙසේ නම් ‘කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. දැඩි ආයාසය ඇත්තෝ ය. මෙහි දෝෂයෝ බොහෝ ය.’ (කියාත්) ‘කෙසේ නම්’ මේ ධර්‍මය සන්‍දිට්ඨික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දතයුතු ය. (කියාත්) භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දාහු ද?
Pali BJT[සමිද්ධි:]
Sinhala BJT[සමිද්ධි:]
Pali BJTඅහං ඛො ආවුසො නවො අචිරපබ්බජිතො අධුනාගතො ඉමං ධම්මවිනයං. න ඛ්වාහං{8} සක්කොමි විත්ථාරෙන ආචික්ඛිතුං. අයං සො භගවා අරහං සම්මාසම්බුද්ධො රාජගහෙ විහරති තපොදාරාමෙ. තං භගවන්තං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාසි{9}. යථා තෙ භගවා ව්යාකරොති,{10} තථා නං ධාරෙය්යාසී”ති.
Sinhala BJTඇවැත්නි, මම නවකයෙමි. පැවිදි වූ නොබෝ කල් ඇත්තෙමි. මෙසස්නට අලුත පැමිණියෙමි. මම විස්තර වශයෙන් කියන්නට නො පොහොසත්මි. අර්‍හත් වූ සම්මා සම්බුදු වූ මේ භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර තපෝදාරාමයෙහි වැඩවසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මේ අරුත විචාරව. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් තිට ප්‍රකාශ කරණ සේක් ද? එපරිද්දෙන් එය දරවයි.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙව්දූ:]
Pali BJTන ඛො භික්ඛු සුකරො සො භගවා අම්හෙහි උපසඞ්කමිතුං. අඤ්ඤාහි මහෙසක්ඛාහි දෙවතාහි පරිවුතො. සචෙ ඛො ත්වං භික්ඛු තං භගවන්තං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාසි. මයම්පි ආගච්ඡෙය්යාම ධම්මසවණායාති.{1}
Sinhala BJTමහණ, ඒ භාග්‍යවතුන් වහන්සේ එළඹෙන්නට සුකර නො වෙත්. අනෙක් මහේශාඛ්‍ය දේවතාවන් විසින් පිරිවරණ ලදහ. මහණ, ඉදින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කරා එළඹ මේ අරුත විචාරන්නහු නම් අපි දු බණ අසන්නට එන්නෙමු.
Pali BJTඑවමාවුසොති ඛො ආයස්මා සමිද්ධි තස්සා දෙවතාය පටිස්සුත්වා{2} යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සමිද්ධි භගවන්තං එතදවොච:
Sinhala BJTඇවැත්නි, එසේ ය යි ආයුෂ්මත් සමිද්ධි ස්ථවිර තෙමේ ඒ දෙව්දුවට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ආයුෂ්මත් සමිද්ධිස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය:
Pali BJTඉදාහං භන්තෙ රත්තියා පච්චූසසමයං{3} පච්චුට්ඨාය යෙන තපොදා තෙනුපසඞ්කමිං ගත්තානි පරිසිඤ්චිතුං. තපොදෙ ගත්තානි පරිසිඤ්චිත්වා පච්චුත්තරිත්වා එකචීවරො අට්ඨාසිං ගත්තානි පුබ්බාපයමානො. අථ ඛො භන්තෙ අඤ්ඤතරා දෙවතා අභික්කන්තාය රත්තියා අභික්කන්තවණ්ණා කෙවලකප්පං තපොදං ඔභාසෙත්වා යෙනාහං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා වෙහාසං ඨිතා ඉමාය ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTවහන්ස, මෙහි මම රෑ අලුයම නැගිට ගාත්‍රයන් දෝනට තපෝදාව වෙත එළඹියෙමි. තපෝදාවෙහි ගාත්‍රයන් දොවා ගෙණ ගොඩ නැගී සිරුර තෙත සිඳුවමින් එක සිවුරක් ඇති ව සිටියෙමි. වහන්ස, එකල්හි මනා ඡවිවර්‍ණ ඇති එක්තරා දෙව්දුවක් රැය ඉක්ම ගිය කල්හි මුළු තපෝදාව බබුළුවා මා වෙත එළඹියා ය. එළඹ අහස්හි සිටියා මේ ගාථාවෙන් කිවු ය:
Pali BJTඅභුත්වා භික්ඛසි භික්ඛු න හි භුත්වාන භික්ඛසි, භුත්වාන භික්ඛු භික්ඛස්සු මා තං කාලො උපච්චගා”ති.
Sinhala BJT“මහණ, නො වළඳා සිඟයි. වළඳා නො ම සිඟහි, මහණ වළඳා සිඟව. කාලය තා නහමක් ඉක්ම යේවා” යි.
Pali BJTඑවං වුත්තෙ අහං භන්තෙ තං දෙවතං ගාථාය පච්චභාසිං.{4}
Sinhala BJTවහන්ස, එසේ කී කල්හි මම ඒ දෙව්දුවට ගාථායෙන් පිළිතුරු දිනිමි.
Pali BJTකාලං වො’හං න ජානාමි ඡන්නො කාලො න දිස්සති, තස්මා අභුත්වා භික්ඛාමි මා මං කාලො උපච්චගා”ති.
Sinhala BJT“මම කාලය නො දනිමි. කාලය වැසුනේ නො පෙණේ. එහෙයින් කාලය මා නහමක් ඉක්ම යේවා යි නො වළඳා සිඟමි.” යි.
Pali BJTඅථ ඛො භන්තෙ සා දෙවතා පඨවියං පතිට්ඨහිත්වා මං එතදවොච: දහරො ත්වං භික්ඛු පබ්බජිතො සුසු කාළකෙසො භද්රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා, අනිකීළිතාවී කාමෙසු. භුඤ්ජ භික්ඛු මානුසකෙ කාමෙ. මා සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවීති.
Sinhala BJTවහන්ස, එකල්හි ඒ දෙව්දූ තොමෝ පොළොවෙහි පිහිටා මට මෙය කිවු ය: “මහණ, නුඹ වහන්සේ තරුණ පැවිදි කෙනෙකි. මනා කළුකෙහෙ ඇති කෙනෙකි, සොඳුරු යොවුනින් හා පළමු වයසින් සමන්‍වාගතයහ. කාමක්‍රීඩා නො කළ කෙනෙකි. මහණ, මානුසිකකාමයන් අනුභව කරව. මෙලොව සැප හැර පියා කලෙකින් ලැබෙන සැප නහමක් ලුහුබඳුව” යි.
Pali BJTඑවං වුත්තෙ හං{5} භන්තෙ තං දෙවතං එතදවොචං: “න ඛ්වාහං ආවුසො සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවාමි. කාලිකඤ්ච ඛ්වාහං ආවුසො හිත්වා සන්දිට්ඨිකං අනුධාවාමි. ‘කාලිකා හි ආවුසො කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථ භිය්යො.’ සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.”
Sinhala BJTවහන්ස, එසේ කී කල්හි මම ඒ දෙව්දුවට මෙය කීයෙමි: “ඇවැත්නි, මට මෙලොව සැප හැර පියා කලෙකින් ලැබෙන සැප නො ම ලුහුබඳිමි. ඇවැත්නි, මම කලෙකින් ලැබෙන සැප හැර දමා මෙලොව සැප ලුහුබඳිමි. ඇවැත්නි, ‘කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙණ දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝහ.’ ‘මේ ධර්‍මය සන්‍දිට්ඨික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තවුන් විසින් තම තමා කෙරෙහි ලා දත යුතු’ය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලදී.”
Pali BJTඑවං වුත්තෙ භන්තෙ සා දෙවතා මං එතදවොච: කථඤ්ච භික්ඛු කාලිකා කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථ භිය්යො. කථං සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.
Sinhala BJTවහන්ස, එසේ කී කල්හි ඒ දෙව්දූ මට මෙය කිවු ය: “මහණ, කෙසේ නම් ‘කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇත්තෝ ය. බොහෝ වෙහෙස ගෙණ දෙන්නෝ ය. මෙහි දෝෂයෝ බොහෝහ. (කියාත්), කෙසේ නම් මේ ධර්‍මය සන්‍දිට්ඨික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තවුන් විසින් තමතමන් කෙරෙහි ලා දත යුතු ය’. (කියාත්) භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දාහු දැ?” යි.
Pali BJTඑවං වුත්තෙ’හං භන්තෙ තං දෙවතං එතදවොචං: අහං ඛො ආවුසො නවො අචිරපබ්බජිතො අධුනාගතො ඉමං ධම්මවිනයං. න ඛ්වාහං සක්කොමි විත්ථාරෙන ආචික්ඛිතුං. අයං සො භගවා අරහං සම්මාසම්බුද්ධො රාජගහෙ විහරති තපොදාරාමෙ. තං භගවන්තං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාසි. යථා තෙ භගවා ව්යාකරොති තථා නං ධාරෙය්යාසීති.
Sinhala BJTවහන්ස, එසේ කී කල්හි මම ඒ දෙව්දුවට මෙය කීයෙමි: “ඇවැත්නි, මම නවකයෙමි. පැවිදි වූ නොබෝ කල් ඇත්තෙමි. මෙ සසුනට අලුත පැමිණියෙක්මි. මම විස්තර වශයෙන් කියන්නට නො හැක්කෙමි. අර්‍හත් වූ සම්මාසම්බුදු වූ මේ ඒ භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර තපෝදාරාමයෙහි වැඩ වසන සේක. ඒ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ විචාරව. භාග්‍යවතුන් වහන්සේ යම් පරිද්දෙකින් තට ප්‍රකාශ කරණ සේක් නම් එපරිද්දෙන් එය දරව” යි.
Pali BJTඑවං වුත්තෙ භන්තෙ සා දෙවතා මං එතදවොච: “න ඛො භික්ඛු සුකරො සො භගවා අම්හෙහි උපසඞ්කමිතුං, අඤ්ඤාහි මහෙසක්ඛාහි දෙවතාහි පරිවුතො. සචෙ ඛො ත්වං භික්ඛු තං භගවන්තං උපසඞ්කමිත්වා එතමත්ථං පුච්ඡෙය්යාසි. මයම්පි ආගච්ඡෙය්යාම ධම්මස්සවනායා”ති. සචෙ භන්තෙ තස්සා දෙවතාය සච්චං වචනං, ඉධෙව සා දෙවතා අවිදූරෙති.
Sinhala BJTවහන්ස, මෙසේ කී කල්හි ඒ දෙව්දූ මට මෙය කීවුය: “මහණ, ඒ භාග්‍යවතුන් වහන්සේ අප විසින් එළඹෙන්නට සුකර නො වෙති. අනෙක් මහේශාඛ්‍ය දේවතාවන් විසින් පිරිවරණ ලදහ. මහණ, ඉදින් නුඹ වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ මේ අරුත විචාරන්නහු නම් අපි දු දහම් ඇසීමට එන්නෙමු” යි. වහන්ස, ඉදින් ඒ දෙව්දුවගේ වචනය ඇත්ත වේ නම් ඒ දෙව්දූ මෙහි ම නුදුරෙහි ය” යි.
Pali BJTඑවං වුත්තෙ සා දෙවතා ආයස්මන්තං සමිද්ධිං එතදවොච: පුච්ඡ භික්ඛු, පුච්ඡ භික්ඛු, අයමහං{1} අනුප්පත්තාති.
Sinhala BJTඑසේ කී කල්හි ඒ දෙව්දූ ආයුෂ්මත් සමිද්ධිතෙරුන්ට “මහණ, විචාරණු මැනව. මහණ, විචාරණු මැනව. මේ මම පැමිණියෙමි” යි මෙය කිවු ය.
Pali BJTඅථ ඛො භගවා තං දෙවතං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ දෙව්දුවට ගාථායෙන් වදාළ සේක:
Pali BJTඅක්ඛෙය්ය සඤ්ඤිනො සත්තා අක්ඛෙය්යස්මිං පතිට්ඨිතා, අක්ඛෙය්යෙ අපරිඤ්ඤාය යොගමායන්ති මච්චුනො.
Sinhala BJTසත්‍වයෝ පංඤ්චස්කන්‍ධයෙහි සත්ත්‍වපුද්ගලාදි සංඥා ඇත්තෝ ය. පඤ්චස්කන්‍ධයෙහි (තෘෂ්ණා දෘෂ්ටිග්‍රාහ වශයෙන්) පිහිටියාහු ය. පඤ්චස්කන්‍ධයන් පිරිසිඳ නො දැන මාරයාගේ වසයට යෙත්.
Pali BJTඅක්ඛෙය්යෙ ච{2} පරිඤ්ඤාය අක්ඛාතාරං න මඤ්ඤති, තඤ්හි තස්ස න හොතීති යෙන නං වජ්ජා න තස්ස අත්ථි, සචෙ විජානාසි වදෙහි යක්ඛාති.
Sinhala BJTපඤ්චස්කන්‍ධයන් පිරිසිඳ දැන සත්ත්‍වපුද්ගලාදි වශයෙන් කිසිවකු නො හඟී. යම් හෙයකින් ඔහුට ඒ මඤ්ඤනා නො වේ ද (එහෙයිනි). යම් කරුණෙකින් ඔහුට රාගරත්තාදී වශයෙන් කියන්නේ නම් ඒ කරුණ ද ඔහුට නැත: එම්බා දෙව්දුව, ඉදින් (එබඳු රහතකු) දනිහි නම් කියවයි.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙව්දූ:]
Pali BJTන ඛ්වාහං භන්තෙ ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානාමි. සාධු මෙ භන්තෙ භගවා තථා භාසතු. යථාහං ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානෙය්යන්ති.{3}
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි අරුත විතර විසින් මම නො ම දනිමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි අරුත විතර විසින් යම්සේ මම දැන ගන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ එපරිද්දෙන් මට වදාරණු මැනවි යි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසමො විසෙසී උදවා{4} නිහීනො යො මඤ්ඤතී සො විවදෙථ තෙන, තීසු විධාසු අවිකම්පමානො සමො විසෙසීති න තස්ස හොති, සචෙ විජානාසි වදෙහි යක්ඛ.
Sinhala BJTයමෙක් “(මම අන්‍යයන් හා) සම වෙමි”යි හෝ “විශිෂ්ටයෙමි” යි හෝ නොහොත් “හීනයෙමි”යි හෝ හඟී ද එයින් හේ (අන්‍යයන් හා) විවාද කරන්නේ ය. (යමෙක්)’ ත්‍රිවිධ මානයන්හි නො සැලෙන්නේ ද ඔහුට ‘සම ය, විශිෂ්ට ය, (හීන ය) යන හැඟීමෙක් නො වේ. එම්බා දෙව්දුව, ඉදින් (එබන්දකු) දනිහි නම් කියව.
Pali BJT[දෙවතා:]
Sinhala BJT[දෙව්දූ:]
Pali BJTඉමස්සපි ඛ්වාහං භන්තෙ භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස න විත්ථාරෙන අත්ථං ආජානාමි. සාධු මෙ භන්තෙ භගවා තථා භාසතු, යථාහං ඉමස්ස භගවතා සඞ්ඛිත්තෙන භාසිතස්ස විත්ථාරෙන අත්ථං ආජානෙය්යන්ති.{3}
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි ද අරුත විතර විසින් මම නො දනිමි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවින් වදාරණ ලද මේ දේශනාවෙහි අරුත මම යම් සේ විතර විසින් දැන ගන්නෙම් ද භාග්‍යවතුන් වහන්සේ එසේ මට වදාරණු මැනවි යි.