Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1801-1900 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඑවං ඛන්ධා ච ධාතුයො ඡ ච ආයතනා ඉමෙ, හෙතුං පටිච්ච සම්භූතා හෙතුභඞ්ගා නිරුජ්ඣරෙති.
Sinhala BJTඑසෙයින් ම ස්කන්‍ධයෝ ද, ධාතූහු ද, ෂඩායතනයෝ ද යන මොහු හේතුව නිසා හට ගත්තෝ ය. හේතුභඞ්ගයෙන් නිරුද්ධ වෙත්.
Pali BJTඅථ ඛො මාරො පාපිමා -පෙ- තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් වි ය.
Pali BJT5. 1. 10.
Sinhala BJT5. 1. 10.
Pali BJTවජිරාසුත්තං.
Sinhala BJTවජිරා සූත්‍රය
Pali BJT171. සාවත්ථියං{1} –
Sinhala BJT171. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො වජිරා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
Sinhala BJTඑකල්හි වජිරා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුනා හ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුනා ය. අන්‍ධවනයට පිවිස එක්තරා රුක් මුලෙක දිවාවිහරණය පිණිස හුන.
Pali BJTඅථ ඛො මාරො පාපිමා වජිරාය භික්ඛුනියා භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො යෙන වජිරා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා වජිරං භික්ඛුනිං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති පවිටු මරු වජිරා මෙහෙණට බිය තැති ගැණුම් ලොමු දහ ගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ වජිරා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ වජිරා මෙහෙණට ගාථායෙන් කී ය:
Pali BJTකෙනායං පකතො සත්තො කුවං{2} සත්තස්ස කාරකො, කුවං සත්තො සමුප්පන්නො කුවං සත්තො නිරුජ්ඣතීති.
Sinhala BJTමේ සත්‍වයා කවරකු විසින් කරණ ලද්දේ ද? මේ සත්‍වයා කළ තැනැත්තා කොහි ද? මේ සත්‍වයා කොහි හටගත්තේ ද? මේ සත්‍වයා කොහි නිරුද්ධ වේ ද?
Pali BJTඅථ ඛො වජිරාය භික්ඛුනියා එතදහොසි: ‘කො නු ඛ්වායං මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතී’ති. අථ ඛො වජිරාය භික්ඛුනියා එතදහොසි: ‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො ගාථං භාසතී’ති. අථ ඛො වජිරා භික්ඛුනී මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි පච්චභාසි:
Sinhala BJTඉක්බිති වජිරා මෙහෙණහට “මේ කවරෙක් දෝ” මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ මේ ගාථාව කියා දැ’යි මේ අදහස විය. එකල්හි වජිරා මෙහෙණට ‘මේ පවිටු මරු ය. මට බිය තැති ගැණුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා’යි මේ සිත විය. ඉක්බිති වජිරා මෙහෙණ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන් ගෙන් පෙරළා කිවු ය:
Pali BJTකින්නු සත්තොති පච්චෙසි මාරදිට්ඨිගතන්නු තෙ, සුද්ධසඞ්ඛාරපුඤ්ජොයං නයිධ සත්තුපලබ්භති.
Sinhala BJTමරුව, කිම සත්‍වයෙකැ යි අදහන්නේහි ද? තාගේ මාරදූෂ්ටියෙක් නො වේ ද? මේ හුදු සංස්කාර පිණ්ඩයෙකි. මෙහි සතෙක් නො ලැබේ.
Pali BJTයථා හි අඞ්ගසම්භාරා හොති සද්දො රථො ඉති, එවං ඛන්ධෙසු සන්තෙසු හොති සත්තොති සම්මුති{3}.
Sinhala BJTඅවයව සමූහය හේතු කොට ගෙණ යම්සේ රථය යන ශබ්දයෙක් වේ ද? එසේ ම පඤ්චස්කන්‍ධයන් ඇති කල්හි සත්‍වයා ය යන ලෝකව්‍යවහාරය වේ.
Pali BJTදුක්ඛමෙව හි සම්භොති දුක්ඛං තිට්ඨති වෙති ච, නාඤ්ඤත්ර දුක්ඛා සම්භොති නාඤ්ඤත්ර දුක්ඛා නිරුජ්ඣතීති.
Sinhala BJTදුක ම ලැබේ. දුක ම පවතී. දුක ම විඳී. දුක හැර අනිකෙක් නො ලැබේ. දුක හැර අනිකෙක් නිරුද්ධ නො වේ.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං වජිරා භික්ඛුනීති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මාරයා වජිරා මෙහෙණ මා දනී ය යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.
Pali BJTභික්ඛුනීවග්ගො පඨමො.
Sinhala BJTභික්ඛුනී වර්‍ගය පළමුවැනියි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTආළවිකා ච සොමා ච ගොතමී විජයා සහ උප්පලවණ්ණා ච චාලා උපචාලා සීසූපචාලා සෙලා වජිරාය තෙ දසාති.
Sinhala BJTආළවිකා, සෝමා, ගෝතමී, විජයා, උප්පලවණ්ණා, චාලා, උපචාලා, සීසුපචාලා, සෙලා, වජිරා යයි ඒ සූත්‍ර දසයෙකි.
Pali BJTභික්ඛුනීසංයුත්තං සමත්තං.
Sinhala BJTභික්ඛුනීසංයුත්තය නිමියේ යි.
Pali BJT6. බ්රහ්මසංයුත්තං
Sinhala BJT6. බ්‍රහ්ම සංයුත්තය
Pali BJT1. කොකාලිකවග්ගො
Sinhala BJT1. කෝකාලික වර්‍ගය
Pali BJT6. 1. 1.
Sinhala BJT6. 1. 1.
Pali BJTආයාචනසුත්තං
Sinhala BJTආයාචන සූත්‍රය
Pali BJT172. එවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධමූලෙ පඨමාභිසම්බුද්ධො.
Sinhala BJT172. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො භගවතො රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි. අධිගතො ඛො ම්යායං ධම්මො ගම්භීරො දුද්දසො දුරනුබොධො සන්තො පණීතො අතක්කාවචරො නිපුණො පණ්ඩිතවෙදනීයො. ආලයරාමා ඛො පනායං පජා ආලයරතා ආලයසම්මුදිතා{1}. ආලයරාමාය ඛො පන පජාය ආලයරතාය ආලයසම්මුදිතාය දුද්දසං ඉදං ඨානං යදිදං ඉදප්පච්චයතා පටිච්චසමුප්පාදො. ඉදම්පි ඛො ඨානං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො{2} විරාගො නිරොධො නිබ්බානං. අහඤ්චෙව ඛො පන ධම්මං දෙසෙය්යං. පරෙ ච මෙ න ආජානෙය්යුං. සො මමස්ස කිලමථො සා මමස්ස විහෙසාති.
Sinhala BJTඑකල්හි එකලාව චිත්තවිවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තපරිවිතර්‍කයෙක් පහළ විය. මා විසින් අවබෝධ කළ මේ ධර්‍මය ගැඹුරුය. දුකසේ දැක්ක යුතු ය, දුකසේ අවබෝධ කටයුතුය. ශාන්ත ය. ප්‍රණීත ය. තර්‍කයෙන් බැසගත නොහැක්ක. සියුම් ය. පණ්ඩිතයන් විසින් දැක්ක යුතු ය. මේ සත්‍ව සමූහයා (පඤ්චකාමගුණ නමැති) ආලයෙන් බැඳුනේ ය. ආලයෙහි ඇලුනේ ය. ආලයෙහි සතුටු විය. ආලයෙහි බැඳුනු ආලයෙහි ඇලුනු ආලයෙහි සතුටු වූ මේ සත්‍ව සමූහයා විසින් ඉදප්පච්චයතා පටිච්චසමුප්පාද නම් වූ යම් මේ දහමෙක් වේ ද, එය දුකසේ දැක්ක යුතු ය. සියලු සංස්කාරයන්ගේ සංසිඳීම වූ සියලු උපධිධර්‍මයන්ගේ දුරලීම වූ තෘෂ්ණාව ක්‍ෂය කිරීම වූ විරාගය වූ නිරෝධය වූ යම් මේ නිවණෙක් වේ නම් මේ දහම ද දුකසේ දැක්ක යුතුය. මම ද දහම් දෙසන්නෙම් නම් පරහුදු මාගේ ධර්‍මය දැන නොගන්නාහු නම් ඒ මට කළකිරෙනු වෙයි. ඒ මට වෙහෙසෙක් වෙයි.
Pali BJTඅපිස්සුදං{3} භගවන්තං ඉමා අනච්ඡරියා ගාථායො පටිභංසු. පුබ්බෙ අස්සුතපුබ්බා:
Sinhala BJTතව ද භාග්‍යවතුන් වහන්සේට අනච්ඡරිය වූ (නැවත නැවත ආශ්චර්‍ය්‍යාවහ) පෙර නො ඇසූවිරූ මේ ගාථාවෝ වැටහුනහ.
Pali BJTකිච්ඡෙන මෙ අධිගතං හලන්දානි පකාසිතුං, රාගදොසපරෙතෙහි නායං ධම්මො සුසම්බුධො.
Sinhala BJTමා විසින් දුකසේ අවබෝධ කරණ ලද ධර්‍මය දැන් පැවසීම නිෂ්ඵල ය. රාග ද්වේෂයෙන් මැඩුනවුන් විසින් මේ දහම සුවසේ අවබෝධ නො කට හැක්ක.
Pali BJTපටිසොතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං, රාගරත්තා න දක්ඛින්ති{4} තමොක්ඛන්ධෙන ආවුතාති.{5}
Sinhala BJTරාගයෙන් රත් වූ මොහඳුරෙන් වැසුනු සත්‍වයෝ උඩුහොයට යන සියුම් ගැඹුරු දුකසේ දතයුතු ඉතා සියුම් මේ දහම නොදකිත්.
Pali BJTඉති{6} භගවතො පටිසඤ්චික්ඛතො අප්පොස්සුක්කතාය චිත්තං නමති නො ධම්මදෙසනාය.
Sinhala BJTමෙසේ සලකන භාග්‍යවතුන් වහන්සේගේ සිත මන්‍දෝත්සාහයට, දහම් නො දෙසීමට නැමෙයි.
Pali BJTඅථ ඛො බ්රහ්මුනො සහම්පතිස්ස භගවතො චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය එතදහොසි: නස්සති වත භො ලොකො. විනස්සති වත භො ලොකො යත්ර හි නාම තථාගතස්ස අරහතො සම්මාසම්බුද්ධස්ස අප්පොස්සුක්කතාය චිත්තං නමති නො ධම්මදෙසනායාති. අථ ඛො බ්රහ්මා සහම්පති සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං{7} වා බාහං පසාරෙය්ය. පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව බ්රහ්මලොකෙ අන්තරහිතො භගවතො පුරතො පාතුරහොසි.
Sinhala BJTඑකල්හි තමසිතින් භාග්‍යවතුන් වහන්සේගේ සිත පිරිසිඳ දත් සහම්පති බඹහට මේ අදහස විය. යම් ලොවෙක තථාගත වූ අර්‍හත් වූ සම්මාසම්බුදුරජානන් වහන්සේගේ සිත මන්‍දෝත්සාහයට, දහම් නො දෙසීමට නැමේ ද, පින්වත්නි, ඒ ලොව ඒකාන්තයෙන් නැසේ. පින්වත්නි, ඒ ලොව ඒකාන්තයෙන් වැනසේ යි. ඉක්බිති සහම්පතී බ්‍රහ්ම තෙමේ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අත දුගු කරන්නේ හෝ, දිගු කළ අත හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම බඹලොව අතුරුදන් වූයේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය.
Pali BJTඅථ ඛො බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා දක්ඛිණජාණුමණ්ඩලං පඨවියං නිහන්ත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: “දෙසෙතු භන්තෙ භගවා ධම්මං දෙසෙතු සුගතො ධම්මං. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා. අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො”ති. ඉදමවොච බ්රහ්මා සහම්පති. ඉදං වත්වා අථාපරං එතදවොච:
Sinhala BJTඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ උතුරුසළුව එකස්කොට දකුණු දණමඬල බිම හැන භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා. සුගතයන් වහන්සේ දහම් දෙසන සේක්වා. පැණැසෙහි මඳකෙලෙස් රජස් ඇති සත්‍වයෝ ඇත. දහම් නො අසනබැවින් ඔහු පිරිහෙත්. දහම් අවබෝධ කරනුවෝ වන්නාහ”යි සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා වැලිදු මෙය කී ය.
Pali BJTපාතුරහොසි මගධෙසු පුබ්බෙ ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො, අවාපුරෙතං{1} අමතස්ස ද්වාරං සුණන්තු ධම්මං විමලෙනානුබුද්ධං.
Sinhala BJTපෙර මගදදනව්වෙහි මල සහිතයන් විසින් සිතන ලද අශුද්ධධර්‍මයෙක් පහළ වි ය. මේ නිවන්දොර අරිණු මැනවි. නිර්‍මලයන් වහන්සේ විසින් අවබෝධ කරණ ලද ධර්‍මය අසත්වා!
Pali BJTසෙලෙ යථා පබ්බතමුද්ධනිට්ඨිතො යථාපි පස්සෙ ජනතං සමන්තතො, තථූපමං ධම්මමයං සුමෙධ පාසාදමාරුය්හ සමන්තචක්ඛු, සොකාවතිණ්ණං ජනතමපෙතසොකො අවෙක්ඛස්සු ජාතිජරාභිභූතන්ති.
Sinhala BJTසෙල්මුවා පවුමුදුනෙක්හි සිටියෙක් හාත්පස ජනසමූහයා යම්සේ දක්නේ ද. ප්‍රාඥයන් වහන්ස, සර්‍වඥ වූ පහ වූ ශෝක ඇති මුබවහන්සේ ද එබඳු දහම්මුවා පහයට නැග ජාතිජරාදුකෙන් වැඩුනු ශෝකයට බට ජනසමූහයා බලන සේක්වා!
Pali BJTඋට්ඨෙහි චීර විජිතසඞ්ගාම සත්ථවාහ අනණ විචර ලොකෙ, දෙසස්සු{2} භගවා ධම්මං අඤ්ඤාතාරො භවිස්සන්තීති.
Sinhala BJTදුනු ඇති වීරයන් වහන්ස, නැගී සිටිනු මැනව. අනෘණ සැහැවි ඇති සාර්‍ත්‍ථවාහයන් වහන්ස, ලොව හැසිරෙණු මැනව. භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන සේක්වා, අවබෝධ කරන්නෝ වන්නාහ.
Pali BJTඅථ ඛො භගවා බ්රහ්මුනො ච අජ්ඣෙසනං විදිත්වා සත්තෙසු ච කාරුඤ්ඤතං පටිච්ච බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙසි. අද්දසා ඛො භගවා බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ [අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො{3} විහරන්තෙ]. සෙය්යථාපි නාම උප්පලිනියං වා පදුමිනියං වා පුණ්ඩරීකිනියං වා අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකානුග්ගතානි{4} අන්තො නිමුග්ගපොසීනි. අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි සමොදකං ඨිතානි. අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවද්ධානි උදකා අච්චුග්ගම්ම ඨිතානි{5} අනුපලිත්තානි උදකෙන. එවමෙවං භගවා බුද්ධචක්ඛුනා ලොකං වොලොකෙන්තො අද්දස සත්තෙ අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ [අප්පෙකච්චෙ න පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ]{6}. දිස්වාන බ්රහ්මානං සහම්පතිං ගාථාය පච්චභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බඹහුගේ ඇරයුම් ද ලැබ සත්‍වයන් කෙරෙහි කරුණාවත් බවත් නිසා බුදුඇසින් ලොව බලා වදාළ සේක. භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් ලොව බලන සේක් නුවණැස්හි මඳකෙලෙස් රජස් ඇති සත්‍වයන්‍ද බොහෝ කෙලෙස් රජස් ඇති සත්‍වයන් ද තියුණු (ශ්‍රද්ධා ආදී) ඉඳුරන් ඇති සත්‍වයන් ද මෘදු ඉඳුරන් ඇති සත්‍වයන්‍ද (ශ්‍රද්ධා ආදී) උතුම් ආකාර ඇති සත්‍වයන් ද නපුරු ආකාර ඇති සත්‍වයන් ද පහසුවෙන් අවබෝධ කරවිය හැකි සත්‍වයන් ද පහසුවෙන් අවබෝධ කරවිය නොහැකි සත්‍වයන් ද පරලොව හා වරද භය විසින් දක්නාසුලු ව වසන ඇතැම් සත්‍වයන් ද පරලොව හා වරද භය විසින් නො දක්නාසුලු ව වසන ඇතැම් සත්‍වයන් ද දැක වදාළ සේක. යම්සේ උපුල්බෙනෙක හෝ පියුමිළුයෙක හෝ හෙළපියුමිළුයෙක හෝ ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙළපියුම් හෝ දියෙහි හටගත්තාහු දියෙහි වඩුනාහු දියෙන් මතු නොවූවාහු දිය ඇතුළත ගිලී වැඩෙන්නාහු වෙද්ද? ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙළපියුම්හු හෝ දියෙහි හටගත්තාහු දියෙහි වඩුනාහු දිය මතුපිට සම ව සිටියාහු වෙද්ද, ඇතැම් උපුල්හු හෝ පියුම්හු හෝ හෙළපියුම්හු හෝ දියෙහි වැඩුනාහු දියෙන් උඩට නැගී දියෙන් නො තැවරුණාහු සිටිද් ද, එපරිද්දෙන් භාග්‍යවතුන් වහන්සේ බුදුඇසින් ලොව බලනසේක් අප්පරජක්ඛ සත්‍වයන් ද, මහාරජක්ඛ සත්‍වයන් ද, තික්ඛින්‍ද්‍රිය සත්‍වයන් ද, මුදින්‍ද්‍රිය සත්‍වයන් ද, ස්වාකාර සත්‍වයන් ද , ද්වාකාර සත්‍වයන් ද, සුවිඤ්ඤාපය සත්‍වයන් ද, දුවිඤ්ඤාපය සත්‍වයන් ද, පරලෝකවජ්ජභයදස්සාවී ව වසන ඇතැම් සත්‍වයන් ද, පරලෝකවජ්ජභයදස්සාවී නො ව වසන ඇතැම් සත්‍වයන් ද දැක වදාළ සේක. දැක සහම්පති බඹුහට ගාථායෙන් පෙරළා වදාළ සේක.
Pali BJTඅපාරුතා තෙසං{1} අමතස්ස ද්වාරා යෙ සොතවන්තො පමුඤ්චන්තු සද්ධං, විහිංසසඤ්ඤී පගුණං න භාසිං ධම්මං පණීතං මනුජෙසු බ්රහ්මෙති.
Sinhala BJTඔවුන්ට අමාදොර නොවැසින. යම් කෙනෙක් කන් ඇත්තාහු නම් ශ්‍රද්ධාව මුදත්වා. බ්‍රහ්මය, මිනිසුන් අතර වෙහෙසීම් පමණකැයි යන හැඟීම් ඇත්තෙම් ප්‍රගුණ වූ ප්‍රණීත ධර්‍මය නො කීයෙමි.
Pali BJTඅථ ඛො බ්රහ්මා සහම්පති කතාවකාසො ඛොම්හි භගවතා ධම්මදෙසනායාති භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මදේශනාව පිණිස කරණ ලද අවකාශ ඇත්තෙම් වෙමි යි භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට එහි ම අතුරුදන් විය.
Pali BJT6. 1. 2.
Sinhala BJT6. 1. 2.
Pali BJTගාරවසුත්තං.
Sinhala BJTගාරව සූත්‍රය
Pali BJT173. එවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධමූලෙ{2} පඨමාභිසම්බුද්ධො.
Sinhala BJT173. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: දුක්ඛං ඛො අගාරවො විහරති අප්පතිස්සො. කන්නු ඛ්වාහං සමණං වා බ්රාහ්මණං වා සක්කත්වා ගරු කත්වා{3} උපනිස්සාය විහරෙය්යන්ති.
Sinhala BJTඑකල්හි එකලා ව චිත්තවිවේකයෙන් හුන් භාග්‍යවතුන් වහන්සේට කිසිවකු ගුරුතන්හි නො තබා කිසිවකු දෙටු තන්හි නො තබා වසන්නේ දුකසේ වෙසෙයි. මම කවර මහණෙකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් දැ යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.
Pali BJTඅථ ඛො භගවතො එතදහොසි: අපරිපුණ්ණස්ස ඛො සීලක්ඛන්ධස්ස පාරිපූරියා අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරෙය්යං, න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ, සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අත්තනා සීලසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා යමහං සක්කත්වා ගරු කත්වා{3} උපනිස්සාය විහරෙය්යන්ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේට මේ අදහස විය. නොපිරිපුන් සීලක්ඛන්‍ධය පිරීම පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් ද, (එසේ) මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩිතරම් සීලසම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි මම නො දකිමි.
Pali BJTඅපරිපුණ්ණස්ස ඛො සමාධික්ඛන්ධස්ස පාරිපූරියා -පෙ- අත්තනා සමාධිසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා, යමහං සක්කත්වා ගරු කත්වා{3} උපනිස්සාය විහරෙය්යන්ති.
Sinhala BJTනො පිරිපුන් සමාධික්ඛන්‍ධය පිරීම පිණිස … මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩි තරම් සමාධි සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ …
Pali BJTඅපරිපුණ්ණස්ස ඛො පඤ්ඤාක්ඛන්ධස්ස පාරිපූරියා -පෙ- අත්තනා පඤ්ඤාසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා, යමහං සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරෙය්යන්ති.
Sinhala BJTනො පිරිපුන් පඤ්ඤාක්ඛන්‍ධය පිරීම පිණිස ... මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් තමහට වැඩි තරම් ප්‍රඥා සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ …
Pali BJTඅපරිපුණ්ණස්ස ඛො විමුත්තික්ඛන්ධස්ස පාරිපූරියා -පෙ- අත්තනා විමුත්තිසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා, යමහං සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරෙය්යන්ති.
Sinhala BJTනොපිරිපුන් විමුක්තිස්කන්‍ධය පුරාලීම පිණිස ... මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩිතරම් විමුක්තිසම්පන්න වූ අන් මහණකු හෝ බමුණකු හෝ …
Pali BJTඅපරිපුණ්ණස්ස ඛො විමුත්තිඤාණදස්සනක්ඛන්ධස්ස පාරිපූරියා{4} අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා සක්කත්වා ගරු කත්වා{5} උපනිස්සාය විහරෙය්යං, න ඛො පනාහං පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අත්තනා විමුත්තිඤාණදස්සනසම්පන්නතරං අඤ්ඤං සමණං වා බ්රාහ්මණං වා යමහං සක්කත්වා ගරු කත්වා{5} උපනිස්සාය විහරෙය්යං. යන්නූනාහං ය්වායං ධම්මො මයා අභිසම්බුද්ධො තමෙව ධම්මං සක්කත්වා ගරු කත්වා{5} උපනිස්සාය විහරෙය්යන්ති.
Sinhala BJTනොපිරිපුන් විමුත්තිඤාණදස්සනක්ඛන්‍ධය පුරාලීම පිණිස අන් මහණකු හෝ බමුණකු හෝ සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන්නෙම් (එසේ) මම යමකු සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වසන්නෙම් නම් තමහට වැඩිතරම් විමුත්තිඤාණදස්සන සම්පන්න වූ එබඳු අන් මහණකු හෝ බමුණකු හෝ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයෙහි මහණ බමුණන් සහිත දෙවියන් සහිත ප්‍රජායෙහි මම නොදකිමි. යම් ඒ ධර්‍මයක් මා විසින් මනාකොට අවබෝධ කරණ ලද්දේ ද, ඒ ධර්‍මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන්නෙම් නම් මැනවැ යි.
Pali BJTඅථ ඛො බ්රහ්මා සහම්පති භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය, එවමෙවං බ්රහ්මලොකෙ අන්තරහිතො භගවතො පුරතො පාතුරහොසි.
Sinhala BJTඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ තමසිතින් භාග්‍යවතුන් වහන්සේ චිත්තපරිවිතර්‍කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අත දිගු කරන්නේ හෝ, දිගු කළ ඇත හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම බඹලොව අතුරුදහන් වූසේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය.
Pali BJTඅථ ඛො බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: එවමෙතං භගවා, එවමෙතං සුගත. යෙපි තෙ භන්තෙ අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා තෙපි භගවන්තො ධම්මඤ්ඤෙව සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරිංසු. යෙපි තෙ භන්තෙ භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා තෙපි භගවන්තො ධම්මඤ්ඤෙව සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරිස්සන්ති. භගවාපි භන්තෙ එතරහි අරහං සම්මාසම්බුද්ධො ධම්මඤ්ඤෙව සක්කත්වා ගරු කත්වා උපනිස්සාය විහරතූති. ඉදමවොච බ්රහ්මා සහම්පතී. ඉදං වත්වා අථාපරං එතදවොච:
Sinhala BJTඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ උතුරුසළුව එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය: භාග්‍යවතුන් වහන්ස, තෙල එසේ ම ය. සුගතයන් වහන්ස, තෙල එසේ ම ය. වහන්ස, අතීත කාලයෙහි යම් ඒ අර්‍හත් සම්මාසම්බුදු කෙනෙක් වූ සේක නම් ඒ භාග්‍යවතුන් වහන්සේත් ධර්‍මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට විසූ සේක. වහන්ස, අනාගත කාලයෙහි යම් ඒ අර්‍හත් සම්මාසම්බුදු කෙනෙක් වන සේක් නම් ඒ භාග්‍යවතුන් වහන්සේත් ධර්‍මය ම සත්කාර කොට ගුරු කොට ඇසුරු කොට වෙසෙන සේක්වායි. සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය සැළ කළේ ය. මෙය සැළ කොට යලිත් මෙය ද කීය:
Pali BJTයෙ චබ්භතීතා{1} සම්බුද්ධා යෙ ච බුද්ධා අනාගතා, යො චෙතරහි සම්බුද්ධො බහුන්නං{2} සොකනාසනො.
Sinhala BJTඅතීතකාලික වූ යම් සම්බුදු කෙනෙක් වූ සේක් ද, අනාගතකාලික වූ යම් සම්බුදු කෙනෙක් වන සේක් ද, බොහෝ දෙනාගේ ශෝකය නසන යම් සම්බුදු කෙනෙකුත් දැන් ඇත් ද,
Pali BJTසබ්බෙ සද්ධම්මගරුනො විහංසු{3} විහරන්ති ච, අථොපි{4} විහරිස්සන්ති එසා බුද්ධාන ධම්මතා.
Sinhala BJTඒ සියලු බුදුරජානන් වහන්සේ ම සද්ධර්‍මය ම ගරු කොට ගත්තාහු විසූ සේක. දැන් වසන සේක. වැලිත් (මතු ද) වසන සේක. මේ බුදුවරුන්ගේ ස්වභාව යි.
Pali BJTතස්මා හි අත්ථකාමෙන{5} මහත්තමභිකඞ්ඛතා, සද්ධම්මො ගරුකාතබ්බො සරං බුද්ධානසාසනං.
Sinhala BJTඑහෙයින් වැඩ කැමති මහත්බව පතන්නහු විසින් බුදුසසුන සිහි කරමින් සදහම ගුරු කටයුත්තේ ය.
Pali BJT6. 1. 3.
Sinhala BJT6. 1. 3.
Pali BJTබ්රහ්මදෙවසුත්තං.
Sinhala BJTබ්‍රහ්මදේව සූත්‍රය
Pali BJT174. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරිස්සා බ්රාහ්මණියා බ්රහ්මදෙවො නාම පුත්තො භගවතො සන්තිකෙ අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති.
Sinhala BJT174. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි එක්තරා බැමිණියකගේ බ්‍රහ්මදේව නම් පුතෙක් ගිහිගෙන් නික්ම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්දට පැමිණියේ වෙයි.
Pali BJTඅථ ඛො ආයස්මා බ්රහ්මදෙවො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා බ්රහ්මදෙවො අරහතං අහොසි.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙමේ එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නේ යමක් පිණිස කුලපුත්‍රයෝ මැනවින් ම ගිහිගෙන් නික්ම පැවිද්දට පැමිණෙද්ද, සසුන බඹසරට අවසන් වූ ඒ නිරුත්තර රහත්ඵලය මේ අත්බැව්හි ම තෙමේ විශිෂ්ටඥානයෙන් දැන පසක් කොට පැමිණි විසී ය. ජාතිය ක්‍ෂීණ වූවා ය. මගබඹසර වැස නිමවන ලදී. සොළොස් කරණී කොට නිමවන ලදී. තෙල කරණී පිණිස නොහොත් රහත්බව පිණිස කළයුතු අන් කරණී නැතැයි වෙසෙසින් දැනගත්තේ ය. ආයුෂ්මත් බ්‍රහ්මදේවයෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ.
Pali BJTඅථ ඛො ආයස්මා බ්රහ්මදෙවො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං සපදානං පිණ්ඩාය චරමානො යෙන සකමාතුනිවෙසනං තෙනුපසඞ්කමි. තෙන ඛො පන සමයෙන ආයස්මතො බ්රහ්මදෙවස්ස මාතා බ්රාහ්මණී බ්රහ්මුනො ආහුතිං නිච්චං පග්ගණ්හාති. අථ ඛො බ්රහ්මුනො සහම්පතිස්ස එතදහොසි: අයං ඛො ආයස්මතො බ්රහ්මදෙවස්ස මාතා බ්රාහ්මණී බ්රහ්මුනො ආහුතිං නිච්චං පග්ගණ්හාති. යන්නූනාහං තං උපසඞ්කමිත්වා සංවෙජෙය්යන්ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් බ්‍රහ්මදදේව තෙමේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසියේ ය. සැවැත්නුවර ගෙපිළිවෙළින් පිඬු පිණිස හැසිරෙන්නේ සිය මවුනිවස වෙත එළඹියේ ය. එකල්හි ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙරුන්ගේ මවු බැමිණි තොමෝ බඹහට නිරන්තරයෙන් හෝමපූජා කෙරෙයි. එකල්හි සහම්පති බඹහට ආයුෂ්මත් බ්‍රහ්මදේව තෙරුන්ගේ මේ මවුබැමිණි තොමෝ නිරන්තරයෙන් බඹහට හෝමපූජා කෙරෙයි. මම ඇය වෙත එළඹ සංවේග දනවන්නෙම් නම් යෙහෙකැයි මේ සිත විය.
Pali BJTඅථ ඛො බ්රහ්මා සහම්පති සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය. එවමෙවං බ්රහ්මලොකෙ අන්තරහිතො ආයස්මතො බ්රහ්මදෙවස්ස මාතුනිවෙසනෙ පාතුරහොසි. අථ ඛො බ්රහ්මා සහම්පති වෙහාසං ඨිතො ආයස්මතො බ්රහ්මදෙවස්ස මාතරං බ්රාහ්මණිං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අත දිගු කරන්නේ හෝ, දිගු කළ අත හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් ම බඹලොව අතුරුදන් වූ යේ ආයුෂ්මත් බ්‍රහ්මදදේව තෙරුන්ගේ මවු නිවසෙහි පහළ විය. ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ අහසෙහි සිටියේ ආයුෂ්මත් ආයුෂ්මත් බ්‍රහ්මදදේව තෙරුන්ගේ මවු බැමිණියට ගාථාවන්ගෙන් කීය.
Pali BJTදූරෙ ඉතො බ්රාහ්මණී බ්රහ්මලොකො යස්සාහුතිං පග්ගණ්හාසි නිච්චං, නෙතාදිසො බ්රාහ්මණී බ්රහ්මභක්ඛො කිං ජප්පසි බ්රහ්මපථං අජානන්තී{1}
Sinhala BJTබැමිණිය, යම් බඹකුට නිතර හෝම කිරීම දැඩි කොට ගණිහි ද, (ඔහුගේ ඒ) බඹලොව මෙයින් දුරය. මෙබඳු පායාසයන් බ්‍රහ්මයන් විසින් අනුභව කළ යුත්තෙක් නො වේ. බ්‍රහ්මපථය නො දන්නී කිම නන් දොඩවහි ද?
Pali BJTඑසො හි තෙ බ්රාහ්මණී බ්රහ්මදෙවො නිරුපධිකො{2} අතිදෙවප්පත්තො, අකිඤ්චනො භික්ඛු අනඤ්ඤපොසී{3} යො තෙ සො පිණ්ඩාය ඝරං පවිට්ඨො.
Sinhala BJTබැමිණිය, තිගේ (පුත් වූ) මේ බ්‍රහ්මදේව තෙරණුවෝ උපධි රහිතයහ. දේවාතිදේව භාවයට පැමිණියහ. රාගාදි පලිබෝධ රහිතයහ (තෙල අත්බව පියා) අන් අත්බැවක් හෝ අඹුදරුවන් හෝ පෝෂණය නො කරන්නෙකි. ඒ රහතුන් වහන්සේ තිගේ ගෙට පිඬු පිණිස පිවිස සේක.
Pali BJTආහුනෙය්යො{4} වෙදගූ භාවිතත්තො නරානං දෙවානඤ්ච{5} දක්ඛිණෙය්යො, බාහිත්වා පාපානි අනූපලිත්තො{6} ඝාසෙසනං ඉරීයති{7} සීතිභූතො.
Sinhala BJT(ඒ රහත් තෙමේ) ආහුනපිණ්ඩය හා පාහුන පිණ්ඩය ද පිළිගැණීමට සුදුසු ය. චතුර්මාර්‍ග සංඛ්‍යාත වේදයෙහි කෙළවරට පැමිණියේ ය. වඩන ලද සිත් ඇත්තේ ය. මිනිසුන්ගේ ද දෙවියන්ගේ ද දක්‍ෂිණාවට සුදුසු ය. පව් බැහැර කොට නො තැවරුණේ සිහිල් වූයේ අහර සෙවීම කෙරෙයි.
Pali BJTන තස්ස පච්ඡා න පුරත්ථමත්ථි සන්තො විධූමො අනිඝො නිරාසො, නික්ඛිත්තදණ්ඩො තසථාවරෙසු සො ත්යාහුතිං භුඤ්ජතු අග්ගපිණ්ඩං.
Sinhala BJTඋන්වහන්සේට අතීත ස්කන්‍ධයන්හි ද ඡන්‍දරාගයෙක් නැත. අනාගත ස්කන්‍ධයන්හි ද ඡන්‍දරාගයෙක් නැත. ශාන්තය. ක්‍රෝධදුම් රහිත ය. දුක් රහිත ය. ආශා නැත. අස්ථිර ස්ථිර සත්‍වයන් (පෘථග්ජන ක්‍ෂීණාස්‍රවයන්) කෙරෙහි බහා තැබූ දඬු ඇතියෙක. හෙ තෙමේ තිගේ ආහුති සඞ්ඛ්‍යාත අග්‍ර පිණ්ඩය වළදාවා.
Pali BJTවිසෙනිභූතො උපසන්තචිත්තො නාගොව දන්තො චරති අනෙජො, භික්ඛූ සුසීලො සුවිමුත්තචිත්තො සොත්යාහුතිං භුඤ්ජතු අග්ගපිණ්ඩං.
Sinhala BJTක්ලේශසේනා රහිත වූයේ මොනවට සන්හුන් සිත් ඇත්තේ දැමුනු හස්තියකු මෙන් හැසිරෙයි. තෘෂ්ණා නැති මනාසිල් ඇති මැනවින් මිදුනු සිත් ඇති ඒ රහත් තෙමේ තීගේ ආහුති සඞ්ඛ්‍යාත අග්‍ර පිණ්ඩය වළදාවා.
Pali BJTතස්මිං පසන්නා අවිකම්පමානා පතිට්ඨපෙසි දක්ඛිණං දක්ඛිණෙය්යෙ, කරොහි පුඤ්ඤං සුඛමායතිකං දිස්වා මුනිං බ්රාහ්මණී ඔඝතිණ්ණන්ති.
Sinhala BJTබැමිණිය, පහන්සිත් ඇති ව අචලශ්‍රද්ධා ඇතිව දක්‍ෂිණාර්‍හ වූ උන්වහන්සේ කෙරෙහි දක්‍ෂිණාව පිහිටුව. චතුරෝඝ තරණය කළ ඒ රහතුන් වහන්සේ දැක මතු සැප එළවන පින් කරව.
Pali BJTතස්මිං පසන්නා අවිකම්පමානා පතිට්ඨපෙසි දක්ඛිණං දක්ඛිණෙය්යෙ, අකාසි පුඤ්ඤං සුඛමායතිකං දිස්වා මුනිං බ්රාහ්මණී ඔඝතිණ්ණන්ති.
Sinhala BJTඒ බැමිණි තොමෝ උන්වහන්සේ කෙරෙහි පහන්සිත් ඇති ව අචලශ්‍රද්ධා ඇතිව දක්‍ෂිණාවට සුදුසු වූ උන්වහන්සේ කෙරෙහි දක්‍ෂිණාව පිහිටුවාලූ ය. චතුරෝඝතරණය කළ ඒ රහතුන් වහන්සේ දැක මතු සැප එළවන පින් කළා ය.
Pali BJT6. 1. 4.
Sinhala BJT6. 1. 4.
Pali BJTබකබ්රහ්මසුත්තං.
Sinhala BJTබකබ්‍රහ්ම සූත්‍රය
Pali BJT175. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන බකස්ස බ්රහ්මුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති: ඉදං නිච්චං, ඉදං ධුවං, ඉදං සස්සතං, ඉදං කෙවලං, ඉදං අචවනධම්මං. ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති. ඉතො ච පනඤ්ඤං උත්තරිං නිස්සරණං{1} නත්ථීති.
Sinhala BJT175. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි බක බ්‍රහ්මයාහට “මෙය (බ්‍රහ්මස්ථානය) නිත්‍ය ය. මෙය ස්ථිරය, මෙය ශාශ්වත ය. මෙය කේවලය. මෙය ච්‍යුත නො වන ස්වභාව ඇත්තේ ය. මෙය නූපදී යි. නො දිරයි. නො මියෙයි. ච්‍යුත නො වේ. නො හටගණී. මෙයින් මතු අන් නිස්සරණයෙක් නැතැ”යි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියෙක් උපන.
Pali BJTඅථ ඛො භගවා බකස්ස බ්රහ්මුනො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අද්දසා ඛො බකො බ්රහ්මා භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන භගවන්තං එතදවොච: එහි ඛො මාරිස. ස්වාගතං තෙ මාරිස. චිරස්සං ඛො මාරිස ඉමං පරියායමකාසි යදිදං ඉධාගමනාය. ඉදං හි මාරිස නිච්චං, ඉදං ධුවං, ඉදං සස්සතං, ඉදං කෙවලං, ඉදං අචවනධම්මං, ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති. ඉතො ච පනඤ්ඤං උත්තරිං නිස්සරණං නත්ථීති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ තමසිතින් බකබඹුහුගේ චිත්තපරිවිතර්‍කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අත දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අත හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම දෙව්රම්හි අතුරුදන් වූසේක් ඒ බඹලොව පහළ වූ සේක. බකබ්‍රහ්ම තෙමේ එන්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුරදී ම දැක්කේ ය. දැක භාග්‍යවතුන් වහන්සේට තෙල කී ය: “නිදුකානෙනි, එනු මැනව. නිදුකානෙනි, මුබට ස්වාගත වේවා. නිදුකානෙනි, මෙහි පැමිණීම පිණිස බොහෝ කලෙකින් මේ පර්‍ය්‍යාය කෙළෙහි ය. නිදුකානෙනි, මෙය නිත්‍ය ය. මෙය ස්ථිරය, මෙය ශාශ්වත ය. මෙය කේවලය. මෙය ච්‍යුත නොවන ස්වභාවය ඇත්තේ ය, මෙය නූපදී. නො දිරයි. නො මියේ, ච්‍යුත නො වේ, නො හටගණී. මෙයින් මතු අනික් නිස්සරණයෙක් නැතැයි.
Pali BJTඑවං වුත්තෙ භගවා බකබ්රහ්මානං ඉදමවොච{2}: අවිජ්ජාගතො වත භො බකො බ්රහ්මා, අවිජ්ජාගතො වත භො බකො බ්රහ්මා. යත්ර හි නාම අනිච්චඤ්ඤෙව{3} සමානං නිච්චන්ති වක්ඛති. අද්ධුවඤ්ඤෙව{4} සමානං ධුවන්ති වක්ඛති. අසස්සතඤ්ඤෙව සමානං සස්සතන්ති වක්ඛති. අකෙවලඤ්ඤෙව සමානං කෙවලන්ති වක්ඛති. චවනධම්මඤ්ඤෙව සමානං අචවනධම්මන්ති වක්ඛති. යත්ථ ච පන ජායති ච ජීයති ච මීයති ච චවති ච උපපජ්ජති{5} ච. තඤ්ච තථා වක්ඛති: ඉදං හි න ජායති න ජීයති න මීයති න චවති න උපපජ්ජති. සන්තඤ්ච පනඤ්ඤං උත්තරිං නිස්සරණං, නත්ථඤ්ඤං උත්තරිං නිස්සරණන්ති වක්ඛතීති.
Sinhala BJTමෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ බක බඹහට මෙය වදාළ සේක: “යමෙක් නම් අනිත්‍ය වූවක් ම නිත්‍ය යයි කියා ද, අස්ථිර වූවක් ම ස්ථිර යයි කියා ද, අශාශ්වත වූවක් ම ශාශ්වත යයි කියා ද, ඛණ්ඩ වූවක් ම අඛණ්ඩ යයි කියා ද, ච්‍යුතවන ස්වභාවා ඇත්තක් ම ච්‍යුත නො වන ස්වභාව ඇත්තෙකැයි කියා ද, යමක් හටගණීද, දිරා ද, මියේ ද, ච්‍යුත වේ ද, නො හටගණී ද, එයත් මෙය නූපදී, නො දිරයි, නො මියෙයි, ච්‍යුත නො වෙයි, නො හටගණීයයි එසේ කියා ද, ඇත්තා වූ ම මත්තෙහි වූ අනෙක් නිස්සරණයෙක් වේ ද, (එසේ වතුදු) මතු අනෙක් නිස්සරණයෙක් නැතැයි කියා ද පින්වත්නි, ඒ බකබ්‍රහ්ම තෙමේ ඒකාන්තයෙන් අවිද්‍යාවෙන් අන්‍ධ වූයේ ය. පින්වත්නි, ඒ බකබ්‍රහ්ම තෙමේ ඒකාන්තයෙන් අවිද්‍යාවෙන් අන්‍ධ වූයේ ය” යි.
Pali BJT[බකො බ්රහ්මා:]
Sinhala BJT[බක බ්‍රහ්ම:]
Pali BJTද්වාසත්තති ගොතම පුඤ්ඤකම්මා වසවත්තිනො ජාතිජරං අතීතා, අයමන්තිමා වෙදගූ බ්රහ්මුපපත්ති අස්මාභිජප්පන්ති ජනා අනෙකාති.
Sinhala BJTගෞතමයෙනි, (අපි) දෙසැත්තෑදෙනෙක් (කළ) පින්කම් ඇත්තමෝ ජාතිය හා ජරාව හා ඉක්ම වූම්හ. අනුන් තමන් විසිය ලා වැටෙම්හ. වේදසඞ්ඛ්‍යාත ඥානයෙහි කෙළවරට පැමිණියම්හ. මේ අන්තිම බ්‍රහ්මලෝකෝත්පත්ති යයි නොයෙක් ජනයෝ අප ප්‍රාර්‍ත්‍ථනා කෙරෙත්.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅප්පං හි එතං න හි දීඝමායු යං ත්වං බක මඤ්ඤසි දීඝමායුං. සතං සහස්සානං නිරබ්බුදානං ආයුං{6} පජානාමි තවාහං බ්රහ්මෙති.
Sinhala BJTබකබ්‍රහ්මය, තෝ යම් දීර්‍ඝායුෂයක් සිතයි ද, තෙල දීර්‍ඝායුෂයෙක් නො වේ. තගේ (ඉතිරි වූ) ආයුෂ නිරබ්බුද ලක්‍ෂයෙකැ යි මම දනිමි.
Pali BJT[බකො බ්රහ්මා:]
Sinhala BJT[බක බ්‍රහ්ම:]
Pali BJTඅනන්තදස්සී භගවාහමස්මි ජාතිජරං සොකමුපාතිවත්තො, කිං මෙ පුරාණං වත සීලවත්තං ආචික්ඛ මෙතං යමහං විජඤ්ඤාති.
Sinhala BJTභාග්‍යවත්නි, (තෙපි) මම අනන්තදර්ශී වෙමි යි, ජාතිය හා ජරාව ද, ශෝකය ද ඉක්ම සිටියෙම් වෙමියි (කියව). මාගේ පුරාතන කර්‍මය කිම, ව්‍රතසමාදානය කිම? ශීලය කිම? යමක් (තොප අතින් අසා) මම දන්නෙම් නම් එය මට කියනු මැනව.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයං ත්වං අපායෙසි බහූ මනුස්සෙ පිපාසිතෙ ඝම්මනි සම්පරෙතෙ, තං තෙ පුරාණං වතසීලවත්තං සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
Sinhala BJTග්‍රීෂ්මකාලයෙහි පීඩිත පිපාසිත වූ බොහෝ මිනිසුන්ට තෝ යම් හෙයෙකින් පැන් පෙවූයෙහි ද, තාගේ ඒ පුරාතන වූ ව්‍රතය හා ශීලය හා නිදා පිබිදියයක්හු මෙන් (මම) සිහි කරමි.
Pali BJTයං එණිකූලස්මිං ජනං ගහීතං අමොචයී ගය්හකං නීයමානං, තං තෙ පුරාණං වතසීලවත්තං සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
Sinhala BJTගංඉවුරෙහි (සොරුන් විසින්) අල්ලා ගන්නා ලද අත්පා බැඳ ගෙණ යනු ලබන ජනයා යම් හෙයෙකින් මිදී ද, තාගේ ඒ පුරාතන වූ ව්‍රතය හා ශීලය නිදා පිබිදියක්හු මෙන් (මම) සිහි කරමි.
Pali BJTගඞ්ගාය සොතස්මිං ගහීතනාවං ලුද්දෙන නාගෙන මනුස්සකම්යා, පමොචයිත්ථ{1} බලසා පසය්හ තං තෙ පුරාණං වතසීලවත්තං සුත්තප්පබුද්ධොව අනුස්සරාමි.
Sinhala BJTමිනිසුන් නසනු කැමැත්තෙන් රෞද්‍ර වූ නාගයා විසින් ගඟ සළා මැද දී ගන්න ලද නැව බලහත්කාරයෙන් මැඩ මිදුවෙහි ය. ඒ පුරාතන වූ තාගේ ව්‍රතය හා ශීලය නිදා පිබිදියකු මෙන් සිහි කරමි.
Pali BJTකප්පො ච තෙ බද්ධචරො අහොසිං සම්බුද්ධිමන්තං{2} වතිනං අමඤ්ඤිං{3} තං තෙ පුරාණං වතසීලවත්තං සුත්තප්පබුද්ධොව අනුස්සරාමීති.
Sinhala BJTතට කප්ප නම් අතවැස්සෙකිම් වීමි. (ඒ තා) නුවණැත්තකු කොට ද ව්‍රතසම්පන්නයකු කොට ද (මම) සිතුවෙමි. ඒ පුරාතන වූ තාගේ ව්‍රතය හා ශීලය නිදා පිබිදියකු මෙන් සිහි කරමි.
Pali BJT[බකො බ්රහ්මා:]
Sinhala BJT[බක බ්‍රහ්ම:]
Pali BJTඅද්ධා පජානාසි මමෙතමායුං අඤ්ඤම්පි{4} ජානාසි තථා හි බුද්ධො, තථා හි ත්යායං ජලිතානුභාවො ඔභාසයං තිට්ඨති බ්රහ්මලොකන්ති.
Sinhala BJTමාගේ මේ ආයුෂය ඒකාන්තයෙන් දනිහි, සෙස්ස ද දනිහි, එහෙයින් (මුබ) බුද්ධ වව. එහෙයින් ම මුබගේ මේ දෙලියෙන අනුභාවය මුළුබඹලොව බබුලුවමින් සිටී.
Pali BJT6. 1. 5.
Sinhala BJT6. 1. 5.
Pali BJTඅපරාදිට්ඨිසුත්තං.
Sinhala BJTඅපරාදිට්ඨි සූත්‍රය
Pali BJT176. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරස්ස බ්රහ්මුනො එවරූපං පාපකං දිට්ඨිගතං උප්පන්නං හොති. නත්ථි සො සමණො වා බ්රාහ්මණො වා යො ඉධ ආගච්ඡෙය්යාති.
Sinhala BJT176. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු මහසිටුහුගේ අරම්හි වැඩවසන සේක. එකල්හි එක්තරා බඹකුට යමෙක් මෙහි පැමිණෙන්නේ නම් එබඳු මහණෙක් හෝ බමුණෙක් හෝ නැතැයි මෙබඳු ලාමක මිථ්‍යාදෘෂ්ටියෙක් උපන්නේ වෙයි.
Pali BJTඅථ ඛො භගවා තස්ස බ්රහ්මුනො චෙතසා චෙතොපරිවිතක්ක මඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය පසාරිතං වා බාහං සමිඤ්ජෙය්ය එවමෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අථ ඛො භගවා තස්ස බ්රහ්මුනො උපරි වෙහාසං පල්ලඞ්කෙන නිසීදි තෙජොධාතුං සමාපජ්ජිත්වා.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ බඹහුගේ චිත්තපරිවිතර්‍කය (තම) සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූ සේක් ඒ බඹලොව්හි පහළ වූ සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ තෙජොධාතු සමවතට සමවැද ඒ බඹහුගේ මත්තෙහි අහස පලක් බැඳ වැඩ හුන් සේක.
Pali BJTඅථ ඛො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස එතදහොසි: කහං නු ඛො භගවා එතරහි විහරතීති. අද්දසා ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවන්තං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසින්නං තෙජොධාතුං සමාපන්නං. දිස්වාන සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවසන සේක් දැයි මේ සිත විය. ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතු සමවතට සමවැද පලඟින් වැඩ හුන් භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්මවා පැවැති පිරිසිදු දිවැසින් දුටුහ. දැක යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද; දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ.
Pali BJTඅථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො පුරත්ථිමං දිසං නිස්සාය{1} තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසීදි, තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ තේජෝධාතු සමවතට සමවැද පෙරදිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේ යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි පලඟින් වැඩ හුන්හ.
Pali BJTඅථ ඛො ආයස්මතො මහාකස්සපස්ස එතදහොසි: කහං නු ඛො භගවා එතරහි විහරතීති. අද්දසා ඛො ආයස්මා මහාකස්සපො භගවන්තං දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසින්නං තෙජොධාතුං සමාපන්නං. දිස්වාන සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අථ ඛො ආයස්මා මහාකස්සපො දක්ඛිණං දිසං නිස්සාය තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසීදි, තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මහාකස්සප තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවසන සේක් දැයි මේ සිත විය. ආයුෂ්මත් මහාකස්සප තෙරණුවෝ තේජෝධාතු සමවතට සමවැද ඒ බඹහුගේ මත්තෙහි අහස පර්‍ය්‍යඞ්කයෙන් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ මිනිසැස ඉක්මවා පැවැති පිරිසිදු දිවැසින් දුටුහ. දැක යම් සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ. එකල්හි ආයුෂ්මත් මහසුප් තෙරණුවෝ දකුණු දිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේ යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතු සමවතට සමවැද පර්‍ය්‍යඞ්කයෙන් වැඩ හුන්හ.
Pali BJTඅථ ඛො ආයස්මතො මහාකප්පිනස්ස එතදහොසි: කහං නු ඛො භගවා එතරහි විහරතීති. අද්දසා ඛො ආයස්මා මහාකප්පිනො භගවන්තං දිබ්බෙන චක්ඛුනා -පෙ- බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසින්නං තෙජොධාතුං සමාපන්නං. දිස්වාන සෙය්යථාපි නාම බලවා පුරිසො -පෙ- එවමෙව ජෙතවනෙ අන්තරහිතො තස්මිං බ්රහ්මලොකෙ පාතුරහොසි. අථ ඛො ආයස්මා මහාකප්පිනො පච්ඡිමං දිසං නිස්සාය තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසීදි, තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මහාකප්පින තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවසන සේක් දැයි මේ සිත විය. ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ තේජෝධාතු සමවතට සමවැද ඒ බඹහුගේ මත්තෙහි අහස පලඟින් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ … දිවසින් දුටුහ. දැක යම්සේ බලවත් පුරුෂයෙක් ... එපරිද්දෙන් දෙව්රම්හි අතුරුදන් වූවාහු ඒ බඹලොව පහළ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ පැසුලු දිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේට යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතුවට සමවැද පලඟින් වැඩ හුන්හ.
Pali BJTඅථ ඛො ආයස්මතො අනුරුද්ධස්ස එතදහොසි: කහං නු ඛො භගවා එතරහි විහරතීති. අද්දසා ඛො ආයස්මා අනුරුද්ධො භගවන්තං දිබ්බෙන -පෙ- අථ ඛො ආයස්මා අනුරුද්ධො උත්තරං දිසං නිස්සාය තස්ස බ්රහ්මුනො උපරිවෙහාසං පල්ලඞ්කෙන නිසීදි, තෙජොධාතුං සමාපජ්ජිත්වා නීචතරං භගවතො.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ දැන් කොහි වැඩවෙසෙන සේක් දැයි මේ සිත වි ය. ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ … දිවැසින් දුටුහ … ඉක්බිති ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ උතුරුදිග ඇසුරු කොට, භාග්‍යවතුන් වහන්සේට යටත්සේ ඒ බඹහුගේ මත්තෙහි අහස තේජෝධාතු සමවතට සමවැද පලඟින් වැඩ හුන්හ.
Pali BJTඅථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං බ්රහ්මානං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරුවෝ ඒ බඹහට ගාථායෙන් වදාළහ.
Pali BJTඅජ්ජාපි තෙ ආවුසො සා දිට්ඨි යා තෙ දිට්ඨි පුරෙ අහු, පස්සසි වීතිවත්තන්තං බ්රහ්මලොකෙ පභස්සරන්ති.{2}
Sinhala BJTඇවැත්නි, පෙර තාගේ යම් දෘෂ්ටියෙක් වී ද, තාගේ ඒ දෘෂ්ටිය අදත් තිබේ ද, බඹලොව (ප්‍රභා) මැඩ පවත්වමින් බුදුරජානන් වහන්සේ දකිහි.
Pali BJT[බ්රහ්මා:]
Sinhala BJT[බ්‍රහ්මයා:]
Pali BJTන මෙ මාරිස සා දිට්ඨි යා මෙ දිට්ඨි පුරෙ අහු, පස්සාමි වීතිවත්තන්තං බ්රහ්මලොකෙ පභස්සරං, ස්වාහං අජ්ජ කථං වජ්ජං අහං නිච්චොම්හි සස්සතොති.
Sinhala BJTනිදුකානෙනි, පෙර මාගේ යම් දෘෂ්ටියෙක් වී ද, ඒ දෘෂ්ටිය (දැන්) නැත. මේ බඹලොව (ප්‍රභා) මැඩ සිටුමින් බබලන බුදුරජානන් වහන්සේ දකිමි. ඒ මම අද නිත්‍ය වෙමියි ශාශ්වත වෙමියි කෙසේ කියම් ද.
Pali BJTඅථ ඛො භගවා තං බ්රහ්මානං සංවෙජෙත්වා සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය එවමෙව තස්මිං බ්රහ්මලොකෙ අන්තරහිතො ජෙතවනෙ පාතුරහොසි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ බඹහට සංවේග දනවා යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම ඒ බඹලොව අතුරුදන් වූ සේක් දෙව්රම්හි පහළ වූ සේක.
Pali BJTඅථ ඛො සො බ්රහ්මා අඤ්ඤතරං බ්රහ්මපාරිසජ්ජං ආමන්තෙසි: එහි ත්වං මාරිස යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එවං වදෙහි: අත්ථි නු ඛො මාරිස මොග්ගල්ලාන අඤ්ඤෙපි තස්ස භගවතො සාවකා එවං මහිද්ධිකා එවං මහානුභාවා, සෙය්යථාපි නාම{1} භවං මොග්ගල්ලානො කස්සපො කප්පිනො අනුරුද්ධොති. එවං මාරිසාති ඛො සො බ්රහ්මපාරිසජ්ජො තස්ස බ්රහ්මුනො පටිස්සුත්වා{2} යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: අත්ථි නු ඛො මාරිස මොග්ගල්ලාන අඤ්ඤෙපි තස්ස භගවතො සාවකා එවං මහිද්ධිකා එවං මහානුභාවා, සෙය්යථාපි භවං මොග්ගල්ලානො කස්සපො කප්පිනො අනුරුද්ධොති.
Sinhala BJTඉක්බිති ඒ බ්‍රහ්ම තෙමේ එක්තරා අතැවැසි බ්‍රහ්මයකු ඇමතීය. “නිදුකානෙනි, ඒව තෝ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වෙත එළඹෙව. එළඹ මහමුගලන් තෙරුන්ට නිදුකානෙනි, මොග්ගල්ලානයෙනි, භවත් මොග්ගල්ලාන, කස්සප, කප්පින අනුරුද්ධ තෙරවරුන්ට වැනි මෙසේ මහත් ඍද්ධි ඇති මහත් අනුභාව ඇති ඒ භාග්‍යවතුන් වහන්සේගේ වෙනත් සව්වොත් ඇද්දැයි මෙසේ කියව”යි. ඒ අතැවැසි බඹ තෙමේ නිදුකානෙනි, එසේ යයි ඒ බඹහට පිළිතුරු දී ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ට “නිදුකානෙනි මොග්ගල්ලානයෙනි, භවත් මොග්ගල්ලාන කස්සප කප්පින අනුරුද්ධ තෙරවරුන් මෙන් මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති භාග්‍යවතුන් වහන්සේගේ වෙනත් සව්වොත් ඇද්දැ”යි මෙය කී ය.
Pali BJTඅථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො තං බ්රහ්මපාරිසජ්ජං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ඒ අතැවැසි බඹහට ගාථායෙන් වදාළහ.
Pali BJTතෙවිජ්ජා ඉද්ධිප්පත්තා{3} ච චෙතොපරියායකොවිදා, ඛීණාසවා අරහන්තො බහූ බුද්ධස්ස සාවකාති.
Sinhala BJTත්‍රිවිද්‍යා ඇති ඍද්ධිවිධඥානයට පැමිණි පරසිත් දැනීමෙහි දක්‍ෂ වූ ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත් වූ බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ හ.
Pali BJTඅථ ඛො සො බ්රහ්මපාරිසජ්ජො ආයස්මතො මහාමොග්ගල්ලානස්ස භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා යෙන සො බ්රහ්මා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තං බ්රහ්මානං එතදවොච: ආයස්මා මාරිස මහාමොග්ගල්ලානො එවමාහ:
Sinhala BJTඉක්බිති ඒ අතැවැසි බඹ තෙමේ ආයුෂ්මත් මහමුගලන් තෙරුන්ගේ වචනය පිළිගෙණ අනුමෝදන් ව ඒ බඹු වෙත එළඹියේ ය. එළඹ ඒ බඹුහට මෙය කීය. නිදුකානෙනි, ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙසේ කීහ.
Pali BJT“තෙවිජ්ජා ඉද්ධිප්පත්තා ච, චෙතොපරියායකොවිදා, ඛීණාසවා අරහන්තො බහූ බුද්ධස්ස සාවකා”ති.
Sinhala BJT“ත්‍රිවිද්‍යා ඇති ඍද්ධිවිධඥානයට පැමිණි පරසිත් දැනීමෙහි දක්‍ෂ වූ ක්‍ෂය කළ ආස්‍රව ඇති රහත් වූ බුදුරජානන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ හ”යි.
Pali BJTඉදමවොච සො බ්රහ්මපාරිසජ්ජො. අත්තමනො ච සො බ්රහ්මා තස්ස බ්රහ්මපාරිසජ්ජස්ස භාසිතං අභිනන්දීති.
Sinhala BJTඒ අතැවැසි බඹ තෙමේ මෙය කීය. සතුටු සිත් ඇති ඒ බඹ තෙමේ ඒ අතැවැසි බඹහුගේ භාෂිතය පිළිගත්තේ ය.