Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1701-1800 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTනත්ථි නිස්සරණං ලොකෙ කිං විවෙකෙන කාහසි, භුඤ්ජස්සු කාමරතියො මාහු පච්ඡානුතාපිනීති.
Sinhala BJTලොව නිවණෙක් නැත. විවේකයෙන් කුමක් කරන්නෙහි ද, කාමරතීන් විඳුව, නහමක් පසුතැවිලි වව.
Pali BJTඅථ ඛො ආළවිකාය භික්ඛුනියා එතදහොසි: ‘කො නුඛ්වායං{1} මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතී’ති? අථ ඛො ආළවිකාය භික්ඛුනියා එතදහොසි: ‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො විවෙකම්හා චාවෙතුකාමො ගාථං භාසතී’ති. අථ ඛො ආළවිකා භික්ඛුනී මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි පච්චභාසි:{2}
Sinhala BJTඉක්බිති ආළවිකා මෙහෙණහට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ”යි මේ අදහස විය. ඉක්බිති ආළවිකා මෙහෙණහට “මේ පවිටු මාර තෙමේ මට බිය තැති ගැණුම් ලොමුදහ ගැණුම් උපදවනු කැමැත්තේ විවේකයෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ අදහස විය. එකල්හි ආළවිකා මෙහෙණ මෙ පවිටු මරු යයි දැන පවිටු මරුට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය:
Pali BJTඅත්ථි නිස්සරණං ලොකෙ පඤ්ඤාය මෙ සුඵස්සිතං,{1} පමත්තබන්ධු පාපිම න ත්වං ජානාසි තං පදං.
Sinhala BJTලොව නිවණෙක් ඇත. මා විසින් (පස්විකන) නුවණින් දන්නා ලදී. පවිටු මරුව, තෝ ඒ නිවන්පදය නොදනිහි.
Pali BJTසත්තිසූලූපමා කාමා ඛන්ධාසං අධිකුට්ටනා, යං ත්වං කාමරතිං බ්රූසි අරති මය්හං{2} සා අහූති.
Sinhala BJTකාමයෝ අඩයටි හුල් වැන්නහ. ස්කන්‍ධයෝ මොවුන්ට මස්ලොඹු වැන්නහ. තෝ යම් කාමරතියක් කියහි ද, එය මට අරතියෙක් වි ය.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං ආළවිකා භික්ඛුනීති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මරු ආළවිකා මෙහෙණ මා දනිති යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.
Pali BJT5. 1. 2.
Sinhala BJT5. 1. 2.
Pali BJTසොමාසුත්තං.
Sinhala BJTසෝමා සූත්‍රය
Pali BJT163. සාවත්ථියං–
Sinhala BJT163. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො සොමා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං{3} නිසීදි.
Sinhala BJTඑකල්හි සෝමා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි යා ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුනී ය. අන්‍ධවනයට පිවිසි එක්තරා ගසක්මුල දිවාවිහරණය පිණිස හුන.
Pali BJTඅථ ඛො මාරො පාපිමා සොමාය භික්ඛුනියා භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො යෙන සොමා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සොමං භික්ඛුනිං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති පවිටු මරු සෝමා මෙහෙණට බිය තැතිගැනුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් තොර කරණු කැමැත්තේ සෝමා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ සෝමා මෙහෙණට ගාථායෙන් කී ය:
Pali BJTයන්තං ඉසීහි පත්තබ්බං ඨානං දුරභිසම්භවං, න තං ද්වඞ්ගුලපඤ්ඤාය සක්කා පප්පොතුමිත්ථියාති.
Sinhala BJTඉසිවරුන් විසින් ලැබියයුතු දුලබ වූ යම් ඒ පදවියෙක් වේ ද, එය දැඟුල්නුවණ ඇති ස්ත්‍රිය විසින් නොලැබිය හැක්ක.
Pali BJTඅථ ඛො සොමාය භික්ඛුනියා එතදහොසි: ‘කො නුඛ්වායං{4} මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතී’ති. අථ ඛො සොමාය භික්ඛුනියා එතදහොසි: ‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො ගාථං භාසතී’ති. අථ ඛො සොමා භික්ඛුනී මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති සෝමා මෙහෙණට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ”යි මේ අදහස විය. එකල්හි සෝමා මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යී මේ අදහස විය.
Pali BJTඉත්ථිභාවො කිං කයිරා චිත්තම්හි සුසමාහිතෙ, ඤාණම්හි වත්තමානම්හි සම්මා ධම්මං විපස්සතො.
Sinhala BJTසිත මැනවින් සමාධිගත වූ කල්හි නුවණ පවත්නා කල්හි මනා කොට දහම දක්නහුට ඉතිරිබව කුමක් කරන්නේ ද? මම ස්ත්‍රියක් මු යි හෝ පුරුෂයෙක් මියි හෝ අන් කිසිවෙකිම් වෙමි යි හෝ යමකුට මෙසේ අදහස් වන්නේ නම් මාර තෙමේ ඔහුට කියන්නට සුදුසු වෙයි.
Pali BJTයස්ස නූන සියා එවං ඉත්ථාහං{5} පුරිසොති වා, කිඤ්චි වා පන අඤ්ඤස්මිං තං මාරො වත්තුමරහතීති.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං සොමා භික්ඛුනීති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ සෝමා මෙහෙණ මා දනිති යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.
Pali BJT5. 1. 3.
Sinhala BJT5. 1. 3.
Pali BJTගොතමීසුත්තං.
Sinhala BJTගෝතමී සූත්‍රය
Pali BJT164. සාවත්ථියං–
Sinhala BJT164. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො කිසාගොතමී භික්ඛුනී පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
Sinhala BJTඑකල කිසාගෝතමී මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹිනී ය. අන්‍ධවනයට වැද එක්තරා ගසක්මුල දිවාවිහරණය පිණිස හුන.
Pali BJTඅථ ඛො මාරො පාපිමා කිසාගොතමියා භික්ඛුනියා භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො යෙන කිසාගොතමී භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා කිසාගොතමිං භික්ඛුනිං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි පවිටු මාර තෙමේ කිසාගෝතමී මෙහෙණට බිය තැතිගැනුම් ලොමුදහගැණුම උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ කිසාගෝතමී මෙහෙණ වෙත එළඹින. එළඹ කිසාගෝතමී මෙහෙණට ගාථායෙන් කීය:
Pali BJTකින්නු ත්වං හතපුත්තාව එකමාසි{1} රුදම්මුඛී, වනමජ්ඣගතා එකා පුරිසං නු ගවෙසසීති.
Sinhala BJTකිම, තෝ මළපුතුන් ඇති කඳුළු මුසු මුහුණැතියක සෙයින් එකලා ව හිඳිහි ද? කිම, එකලා ව වනමැදට පැමිණි තෝ පුරුෂයකු සොයයි ද?
Pali BJTඅථ ඛො කිසාගොතමියා භික්ඛුනියා එතදහොසි: කො නුඛ්වායං මනුස්සො වා අමනුස්සා වා ගාථං භාසතී ති. අථ ඛො කිසාගොතමියා භික්ඛුනියා එතදහොසි: මාරො ඛො අයං පාපිමා මම භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො ගාථං භාසතීති. අථ ඛො කිසාගොතමී භික්ඛුනී මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි පච්චභාසි:{2}
Sinhala BJTඑකල කිසාගෝතමී මෙහෙණට “මේ කවරෙක් දෝ, මිනිසෙක් හෝ නො මිනිසෙක් හෝ ගාථාව කියා දැ”යි මේ අදහස විය. ඉක්බිති කිසාගෝතමී මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ සිත විය. ඉක්බිති කිසාගෝතමී මෙහෙණ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය.
Pali BJTඅච්චන්තං මතපුත්තා’ම්හි{3} පුරිසා එතදන්තිකා, න සොචාමි න රොදාමි න තං භායාමි ආවුසො.
Sinhala BJTඅත්‍යන්ත කොට මළපුතුන් ඇත්තියකිම් වෙමි. ස්වාමිපුරුෂයෝ ද එත දන්තයහ. (පුත්‍රාන්තය සේ ම තෙලෙකින් පුරුෂයන්ගේ අන්තය ද ඇත.) ශෝක නොකරමි. නො හඬමි. ඇවැත්නි, තට නො බමි.
Pali BJTසබ්බත්ථ විහතා{4} නන්දී තමොක්ඛන්ධො පදාලිතො, ජෙත්වාන මච්චුනො{5} සෙනං විහරාමි අනාසවාති.
Sinhala BJTහැමතන්හි තෘෂ්ණාව නසන ලදු. අඳුරුකඳ බිඳින ලදී. මරසෙන් දිනා නිකෙලෙස් ව වෙසෙමි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං කිසාගොතමී භික්ඛුනීති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මාරු කිසාගෝතමී මෙහෙණ මා දනිතියි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.
Pali BJT5. 1. 4.
Sinhala BJT5. 1. 4.
Pali BJTවිජයාසුත්තං
Sinhala BJTවිජයා සූත්‍රය
Pali BJT165. සාවත්ථියං–
Sinhala BJT165. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො විජයා භික්ඛුනී පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
Sinhala BJTඑකල්හි විජයා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙ ව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුනු. අන්‍ධවනයට පිවිස එක්තරා රුකක්මුල දිවාවිහරණය පිණිස හුන.
Pali BJTඅථ ඛො මාරො පාපිමා විජයාය භික්ඛුනියා භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො යෙන විජයා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා විජයං භික්ඛුනිං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති පවිටු මරු විජයා මෙහෙණට බිය තැතිගැනුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ විජයා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ විජයා මෙහෙණට ගාථායෙන් කී ය:
Pali BJTදහරා ත්වං රූපවතී අහඤ්ච දහරො සුසු, පඤ්චඞ්ගිකෙන තුරියෙන එහය්යෙභිරමාමසෙති{1}
Sinhala BJTඅරිදුවනියෙනි, තෙපි සුරූපී ලදැරියහු. මම ද යොව්නෙහි සිටුනා ලදරුයෙමි. එව පසඟතුරුයෙන් අභිරමණය කරමු.
Pali BJTඅථ ඛො විජයාය භික්ඛුනියා එතදහොසි: ‘කො නු ඛ්වායං{2} මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතී’ති. අථ ඛො විජයාය භික්ඛුනියා එතදහොසි: ‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො ගාථං භාසතී’ති. අථ ඛො විජයා භික්ඛුනී මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි පච්චභාසි:{3}
Sinhala BJTඑකල විජයා මෙහෙණට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නො මිනිසෙක් හෝ ගාථාව කියා දැ යි” මේ අදහස විය. ඉක්බිති විජයා මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ සිත විය. එකල විජයා මෙහෙණ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය:
Pali BJTරූපා සද්දා රසා ගන්ධා ඵොට්ඨබ්බා ච මනොරමා, නිය්යාතයාමි තුය්හෙව{4} මාර නාහං තෙනත්ථිකා{5}.
Sinhala BJTමරුව, සිත්කලු රූපයෝ ද ශබ්දයෝ ද, ගන්‍ධයෝ ද රසයෝ ද ස්ප්‍රෂ්ටව්‍යයෝ ද (වෙත් නම් ඒ සියල්ල) තට ම දක්වා දෙමි. මම එයින් වැඩ ඇතියකිම් නො වෙමි.
Pali BJTඉමිනා පූතිකායෙන භින්දනෙන පභඞ්ගුනා, අට්ටීයාමි{6} හරායාමි කාමතණ්හා සමූහතා.
Sinhala BJTබිඳෙනසුලු වැනසෙනසුලු මේ කුණුකයින් පීඩිත වෙමි. ලජ්ජිතයෙමි. කාමතෘෂ්ණාව (මා විසින්) නසන ලද්දී ය.
Pali BJTයෙ ච රූපූපගා සත්තා යෙ ච ආරුප්පඨායිනො{7}, යා ච සන්තා සමාපත්ති සබ්බත්ථ විහතො තමොති.
Sinhala BJTරූපභවයට (උත්පත්ති වශයෙන්) එළඹ යම් සත්‍ව කෙනෙක් වෙද් ද, අරූපභවයෙහි සිටුනා යම් සත්‍ව කෙනෙකුත් වෙද් ද, යම් ශාන්ත වූ ලෞකික සමාපත්තියෙකුත් වේ ද, ඒ සියල්ලෙහි (මුළාබව නමැති) අඳුර (මා විසින්) නසන ලදී.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං විජයා භික්ඛුනීති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඑකල්හි පවිටු මාරු විජයා මෙහෙණ මා දනිති යි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.
Pali BJT5. 1. 5.
Sinhala BJT5. 1. 5.
Pali BJTඋප්පලවණ්ණාසුත්තං.
Sinhala BJTඋප්පලවණ්ණා සූත්‍රය
Pali BJT166. සාවත්ථියං–
Sinhala BJT166. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො උප්පලවණ්ණා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං සුපුප්ඵිතසාලරුක්ඛමූලෙ අට්ඨාසි.
Sinhala BJTඑකල්හි උප්පලවණ්ණා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනයට එළඹුන. අන්‍ධවනයට පිවිස එක්තරා සුපිපි සල්රුකක්මුල සිටියා.
Pali BJTඅථ ඛො මාරො පාපිමා උප්පලවණ්ණාය භික්ඛුනියා භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො යෙන උප්පලවණ්ණා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා උප්පලවණ්ණං භික්ඛුනිං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ උප්පලවණ්ණා මෙහෙණට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ උප්පලවණ්ණා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ උප්පලවණ්ණා මෙහෙණට ගාථායෙන් කීය:
Pali BJTසුපුප්ඵිතග්ගං උපගම්ම භික්ඛුනී එකා ත්වං තිට්ඨසි සාලමූලෙ, න චත්ථි තෙ දුතියා වණ්ණධාතු ඉධාගතා තාදිසිකා භවෙය්යුං බාලෙ න ත්වං භායසි ධුත්තකානන්ති.
Sinhala BJTමෙහෙණ, තො අග පටන් සුපිපි සල්රුකක් වෙත එළඹ ඒ සල්රුක මුල එකලා ව සිටිහි. තිගේ පැහැසටහන් සා දෙවන පැහැසටහනෙක් ද නැත. මෙහි පැමිණි අන්හු ද තොප වැන්නාහුය. (තොපසෙයින් සසඟ හා සෙනෙහස නැතියහ) බාලාවෙනි. තෝ සලෙලුනට නො බහි ද?
Pali BJTඅථ ඛො උප්පලවණ්ණාය භික්ඛුනියා එතදහොසි: ‘කො නු ඛ්වායං මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතී’ති. අථ ඛො උප්පලවණ්ණාය භික්ඛුනියා එතදහොසි: ‘මාරො ඛො අයං පාපිමා මම භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො ගාථං භාසතී’ති. අථ ඛො උප්පලවණ්ණා භික්ඛුනී මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි පච්චභාසි:{8}
Sinhala BJTඉක්බිති උප්පලවණ්ණා මෙහෙණට “මේ කවරෙක් දෝ මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ යි” මේ සිත විය. එකල්හි උප්පලවණ්ණා මෙහෙණහට “මේ පවිටු මරු ය. මට බිය තැතිගැනුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා”යි මේ අදහස විය. එකල්හි උප්පලවණ්ණා මෙහෙණ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවු ය:
Pali BJTසතං සහස්සානපි ධුත්තකානං ඉධාගතා තාදිසිකා{1} භවෙය්යුං, ලොමං න ඉඤ්ජාමි න සන්තසාමි න මාර භායාමි තමෙකිකාපි.
Sinhala BJTතා වැනි ධුර්‍තයන් සියදහස්හු මෙහි පැමිණියාහු වෙත් ද, ලෝමයකුත් නොසලමි. නො ම තැති ගනිමි. මාරය, එකලා වූ ද මම තට නො බමි.
Pali BJTඑසා අන්තරධායාමි කුච්ඡිං වා පවිසාමි තෙ, පඛුමන්තරිකායම්පි තිට්ඨන්තිං මං න දක්ඛසි.
Sinhala BJTතෙල මම අතුරුදන් වෙමි. තොප කුසට හෝ පිවිසෙමි. දෙඇස අතුරෙහි නැහැවසටෙහි සිටුනා ද මා නො දකිහි.
Pali BJTචිත්තස්මිං වසීභූතාම්හි ඉද්ධිපාදා සුභාවිතා, සබ්බබන්ධනමුත්තාම්හි න තං භායාමි ආවුසොති.
Sinhala BJTසිතෙහි ලා වශී වෙමි. ඍද්ධිපාදයෝ මැනවින් වඩනා ලදහ. සියලු බැම්මෙන් මිදුනිම් වෙමි ඇවැත, මම තට නො බමි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං උප්පලවණ්ණා භික්ඛුනීති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඑකල්හි පවිටු මාරු තෙමේ උප්පලවණ්ණා මෙහෙණ මා දනී යයි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් වි ය.
Pali BJT5. 1. 6.
Sinhala BJT5. 1. 6.
Pali BJTචාලාසුත්තං.
Sinhala BJTචාලා සූත්‍රය
Pali BJT167. සාවත්ථියං–
Sinhala BJT167. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො චාලා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
Sinhala BJTඑකල්හි චාලා මෙහෙණ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසිනී ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුන. අන්‍ධවනයට පිවිස එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස හුන.
Pali BJTඅථ ඛො මාරො පාපිමා යෙන චාලා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා චාලං භික්ඛුනිං එතදවොච:
Sinhala BJTඉක්බිති පවිටු මරු චාලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ චාලා මෙහෙණහට මෙය කී ය.
Pali BJTකින්නු{2} ත්වං භික්ඛුනී න රොචෙසීති.
Sinhala BJTමෙහෙණ, තෝ කුමක් නොරුස්නෙහි ද?
Pali BJT[චාලාභික්ඛුනී:]
Sinhala BJT[චාලා මෙහෙණ:]
Pali BJTජාතිං ඛ්වාහං ආවුසො න රොචෙමීති.
Sinhala BJTඇවැත්නි, මම ජාතිය නො රුස්නෙමි.
Pali BJT[මාරො:]
Sinhala BJT[මරු;]
Pali BJTකින්නු ජාතිං න රොචෙසි ජාතො කාමානි භුඤ්ජති, කො නු තං ඉදමාදපයි ජාතිං මාරොච{3} භික්ඛුනීති.
Sinhala BJTකුමක් හෙයින් ජාතිය නො රුස්නෙහි ද? උපන් තැනැත්තේ කම්සැප විඳී. මෙහෙණ, ජාතිය නුරුස්ව යන මේ දෘෂ්ටිය කවර අඳබලෙක් තිට ගැන්වි ද?
Pali BJT[චාලාභික්ඛුනී:]
Sinhala BJT[චාලා මෙහෙණ:]
Pali BJTජාතස්ස මරණං හොති ජාතො දුක්ඛානි ඵුස්සති{4}, බන්ධං වධං පරික්ලෙසං තස්මා ජාතිං න රොචයෙ.
Sinhala BJTඋපන්නහුට මරණය වෙයි. උපන් තැනැත්තේ බැඳුම් වද උවදුරු යන දුක් විඳී, එහෙයින් ජාතිය නො රුස්නෙමි.
Pali BJTබුද්ධො ධම්මමදෙසෙසි ජාතියා සමතික්කමං, සබ්බදුක්ඛප්පහාණාය යො මං{5} සච්චෙ නිවෙසයි.
Sinhala BJTයමෙක් මා සත්‍යයෙහි පිහිට වී ද, ඒ සර්‍වඥයන් වහන්සේ ජාතිය ඉක්මවන දහම සියලු දුක් නැසීම පිණිස දෙසූ සේක.
Pali BJTයෙ ච රූපූපගා සත්තා යෙ ච ආරුප්පඨායිනො, නිරොධං අප්පජානන්තා ආගන්තාරො පුනබ්භවන්ති.
Sinhala BJTරූපභවයට පැමිණි යම් සත්‍ව කෙනෙක් වෙද් ද, අරූපභවයෙහි සිටින යම් සත්‍ව කෙනෙකුත් වෙද්ද, නිවණ නො දන්නා ඔහු පුනර්‍භවයට පැමිණෙන සුලු වෙති.
Pali BJTඅථ ඛො මාරො පාපිමා -පෙ- තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් වි ය.
Pali BJT5. 1. 7.
Sinhala BJT5. 1. 7.
Pali BJTඋපචාලාසුත්තං.
Sinhala BJTඋපචාලා සූත්‍රය
Pali BJT168. සාවත්ථියං–
Sinhala BJT168. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො උපචාලා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
Sinhala BJTඑකල්හි උපචාලා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුන. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී අන්‍ධවනය වෙත දිවාවිහරණය පිණිස එළඹිනී ය. අන්‍ධවනයට පිවිස එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස හුන.
Pali BJTඅථ ඛො මාරො පාපිමා යෙන උපචාලා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා උපචාලං භික්ඛුනිං එතදවොච:
Sinhala BJTඉක්බිති පවිටු මරු උපචාලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ උපචාලා මෙහෙණහට -
Pali BJTකත්ථ නු ත්වං භික්ඛුනී උප්පජ්ජිතුකාමාති?
Sinhala BJTමෙහෙණ, තො කොහි උපදිනු කැමැත්තිහි දැ යි මෙය කී ය.
Pali BJT[උපචාලා:]
Sinhala BJT[උපචාලාවෝ:]
Pali BJTන ඛ්වාහං ආවුසො කත්ථචි උප්පජ්ජිතුකාමාති.
Sinhala BJTඇවැත්නි, මම කොහිදු උපදිනු නො කැමැත්තෙමි යි.
Pali BJT[මාරො:]
Sinhala BJT[මරු:]
Pali BJTතාවතිංසා ච යාමා ච තුසිතා චාපි දෙවතා, නිම්මාණරතිනො දෙවා යෙ දෙවා වසවත්තිනො, තත්ථ චිත්තං පණිධෙහි රතිං පච්චනුභොස්සසීති.
Sinhala BJTතව්තිසා දෙවියෝ ය, යාම දෙවියෝ ය, තුෂිත දෙවියෝ ය, නිර්‍මාණරතී දෙවියෝ ය, යම් වශවර්තිති දෙවි කෙනෙක් වෙත් නම් ඔහු ය යන මොවුන් කෙරෙහි සිත පිහිටුව, පඤ්චකාමරතිය විඳුනෙහි ය.
Pali BJT[උපචාලා:]
Sinhala BJT[උපචාලාවෝ:]
Pali BJTතාවතිංසා ච යාමා ච තුසිතා චාපි දෙවතා, නිම්මාණරතිනො දෙවා යෙ දෙවා වසවත්තිනො, කාමබන්ධනබද්ධා{1} තෙ එන්ති මාරවසං පුන.
Sinhala BJTතව්තිසා දෙවියෝ ය, යාම දෙවියෝ ය, තුෂිත දෙවියෝ ය, නිර්‍මාණරතී දෙවියෝ ය, යම් වශවර්තිති දෙවි කෙනෙක් වෙත් නම් ඔහු ය යන ඒ සියල්ලෝ පඤ්චකාමබන්‍ධනයෙන් බැඳුනාහු නැවත මාර වශයට පැමිණෙත්.
Pali BJTසබ්බො ආදීපිතො{2} ලොකො සබ්බො ලොකො පධූපිතො, සබ්බො පජ්ජලිතො ලොකො සබ්බො ලොකො පකම්පිතො.
Sinhala BJTමුළුලොව ඇවිළින මුළුලොව නැවීන. මුළුලොව දිලිසින, මුළුලොව වෙසෙසින් සැලින.
Pali BJTඅකම්පිතං අජලිතං{3} අපුථුජ්ජනසෙවිතං, අගති යත්ථ මාරස්ස තත්ථ මෙ නිරතො මනොති.
Sinhala BJTයමෙක් අකම්පිතව ද, අචලිත ද, පුහුදුන් විසින් නො සෙවුනා ලද ද, යම් තැනෙක මරුට පිහිටෙක් නැද්ද, එහි (නිවණෙහි) මාගේ සිත ඇලුනේ ය.
Pali BJTඅථ ඛො මාරො පාපිමා -පෙ- තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ … එහි ම අතුරුදන් වි ය.
Pali BJT5. 1. 8.
Sinhala BJT5. 1. 8.
Pali BJTසීසූපචාලාසුත්තං{*}
Sinhala BJTසීසූපචාලා සූත්‍රය
Pali BJT169. සාවත්ථියං–
Sinhala BJT169. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො සීසූපචාලා භික්ඛුනී පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
Sinhala BJTඑකල්හි සීසූපචාලා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙ ව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුන. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුන. අන්‍ධවනයට බැසගෙන එක්තරා රුකක්මුල දිවාවිහරණය පිණිස හුන.
Pali BJTඅථ ඛො මාරො පාපිමා යෙන සීසූපචාලා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සීසූපචාලං භික්ඛුනිං එතදවොච:
Sinhala BJTඉක්බිති පවිටු මරු සීසූපචාලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ සීසූපචාලා මෙහෙණහට මෙය කීය:
Pali BJTකස්ස නු ත්වං භික්ඛුනී පාසණ්ඩං රොචෙසීති?
Sinhala BJTමෙහෙණ තො කවරකුගේ පාෂාණ්ඩය (දෘෂ්ටිය) ක් රුස්නෙහි ද?
Pali BJT[සීසූපචාලා:]
Sinhala BJT[සීසූපචාලාවෝ:]
Pali BJTන ඛ්වාහං ආවුසො කස්සචි පාසණ්ඩං රොචෙමීති,
Sinhala BJTඇවැත්නි, මම කිසිවකුගේ පාෂාණ්ඩයක් නො ම රුස්නෙමි.
Pali BJT[මාරො:]
Sinhala BJT[මරු:]
Pali BJTකින්නු උද්දිස්ස මුණ්ඩාසි සමණී විය දිස්සසි, න ච රොචෙසි පාසණ්ඩං කිමිව{4} චරසි මොමූහාති.
Sinhala BJTමෙහෙණක මෙන් පෙණෙහි. කවරකු උදෙසා මුඩු වූ යෙහි ද? පාෂාණ්ඩයක් නුරුස්නෙහි ද? කුමක් හෙයින් මුළා වූවකු මෙන් හැසිරෙහි ද?
Pali BJT[සීසූපචාලා:]
Sinhala BJT[සීසූපචාලාවෝ:]
Pali BJTඉතො බහිද්ධා පාසණ්ඩා දිට්ඨීසු පසීදන්ති තෙ, න තෙසං ධම්මං රොචෙමි න තෙ ධම්මස්ස කොවිදා.
Sinhala BJTපාෂාණ්ඩයෝ මේ සස්නෙන් පිටත්හ. ඔහු මිත්‍ථ්‍යාදෘෂ්ටීන්හි ගැලෙත්. ඔවුන්ගේ දහම නුරුස්නෙමි. ඔහු දහම්හි අදක්‍ෂයයහ.
Pali BJTඅත්ථි සක්යකුලෙ ජාතො බුද්ධො අප්පටිපුග්ගලො, සබ්බාභිභූ මාරනුදො සබ්බත්ථමපරාජිතො, සබ්බත්ථ මුත්තො අසිතො{1} සබ්බං පස්සති චක්ඛුමා. සබ්බකම්මක්ඛය{2}ප්පත්තො විමුත්තො උපධිසඞ්ඛයෙ, සො මය්හං භගවා සත්ථා තස්ස රොචෙමි සාසනන්ති.
Sinhala BJTශාක්‍යවංශයෙහි උපන් සමාන පුද්ගලයන් නැති සියලු ස්කන්‍ධාදීන් මැඩ සිටියා වූ මරුන් නෙරැපූ සියලු තන්හි නො පැරදුනු සියලු තන්හි මිදුනු (තෘෂ්ණා දෘෂ්ටීන්) අනිඃශ්‍රිත වූ සර්‍වඥයන් වහන්සේ ඇති සේක. සියලු කර්‍මයන් ක්‍ෂය කිරීමට පැමිණි උපධිසඞ්ඛය සඞ්ඛාත නිර්‍වාණයෙහි ලා මිදුනු පසැස් ඇති ඒ භාග්‍යවතුන් වහන්සේ සියල්ල දක්නා සේක. ඒ මාගේ ශාස්තෘන් වහන්සේ ය. උන්වහන්සේගේ සස්න රුස්නෙමි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා -පෙ- තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් වි ය.
Pali BJT5. 1. 9.
Sinhala BJT5. 1. 9.
Pali BJTසෙලාසුත්තං.
Sinhala BJTසේලා සූත්‍රය
Pali BJT170. සාවත්ථියං–
Sinhala BJT170. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො සෙලා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි දිවාවිහාරාය. අන්ධවනං අජ්ඣොගහෙත්වා අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ දිවාවිහාරං නිසීදි.
Sinhala BJTඑකල්හි සේලා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසුනා හ. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැලකුනී දිවාවිහරණය පිණිස අන්‍ධවනය වෙත එළඹුනා ය. අන්‍ධවනයට පිවිස එක්තරා රුක්මුලෙක දිවාවිහරණය පිණිස හුන.
Pali BJTඅථ ඛො මාරො පාපිමා සෙලාය භික්ඛුනියා භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො යෙන සෙලා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා සෙලං භික්ඛුනිං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති පවිටු මරු සේලා මෙහෙණහට බිය තැතිගැනුම් ලොමු දහ ගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ සේලා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ සේලා මෙහෙණට ගාථායෙන් කී ය:
Pali BJTකෙනිදං පකතං බිම්බං ක්වන්නු{3} බිම්බස්ස කාරකො, ක්වන්නු{4} බිම්බං සමුප්පන්නං ක්වන්නු{3} බිම්බං නිරුජ්ඣතීති.
Sinhala BJTමේ අත්බව කවරකු විසින් කරණ ලද ද? මේ අත්බැව්හි කාරකයා කවරේ ද? මේ අත්බව කුමක් නිසා උපන්නේ ද? මේ අත්බව කෙසේ නිරුද්ධ වේ ද?
Pali BJTඅථ ඛො සෙලාය භික්ඛුනියා එතදහොසි: කො නු ඛ්වායං මනුස්සො වා අමනුස්සො වා ගාථං භාසතීති. අථ ඛො සෙලාය භික්ඛුනියා එතදහොසි: මාරො ඛො අයං පාපිමා. මම භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො සමාධිම්හා චාවෙතුකාමො ගාථං භාසතීති. අථ ඛො සෙලා භික්ඛුනී මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි පච්චභාසි:
Sinhala BJTඑකල්හි සේලා මෙහෙණට “මේ කවරෙක් ද” මිනිසෙක් හෝ නොමිනිසෙක් හෝ ගාථාව කියා දැ’යි මේ අදහස විය. එකල්හි සේලා මෙහෙණට “මේ පවිටු මරු ය. මට බිය තැති ගැණුම් ලොමුදහගැණුම් උපදවනු කැමැත්තේ සමාධියෙන් පහ කරණු කැමැත්තේ ගාථාව කියා’යි මේ අදහස විය. ඉක්බිති සෙලා මෙහෙණ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් පෙරළා කිවුය:
Pali BJTනයිදං අත්තකතං{5} බිම්බං නයිදං පරකතං{6} අඝං, හෙතුං පටිච්ච සම්භූතං හෙතුභඞ්ගා නිරුජ්ඣති.
Sinhala BJTමේ අත්බැව තමා විසින් කරණලද්දෙක් නොවේ. මේ දුකට පිහිට වූ අත්බව මෙරමා විසින් කරණලද්දෙක් ද නොවේ. හේතුව නිසා හට ගත්තේ ය. හේතුව බිඳීමෙන් නිරුද්ධ වේ.
Pali BJTයථා අඤ්ඤතරං බීජං ඛෙත්තෙ වුත්තං විරූහති, පඨවීරසඤ්ච{7} ආගම්ම සිනෙහඤ්ච තදූභයං.
Sinhala BJTකෙතෙහි වපුළ යම්කිසි බිජුවටෙක් පොළෝරසය ද ජලය ද යන ඒ දෙක ලැබගෙන යම්සේ අකුරු නගා ද?