Pali BJTඅථ ඛො මාරො පාපිමා ආයස්මතො සමිද්ධිස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය යෙනායස්මා සමිද්ධි තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතො සමිද්ධිස්ස අවිදූරෙ මහන්තං භයභෙරවසද්දං අකාසි, අපිස්සුදං පඨවී මඤ්ඤෙ උද්රීයතීති.{1}
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ (තම) සිතින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ගේ චිත්තපරිවිතර්‍කය දැන ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන් නුදුරෙහි මහත් බිය ජනන හඬක් කළේ ය. තවද එය පොළොව පෙරළන්නාක් සෙයින් වෙයි.
Pali BJTඅථ ඛො ආයස්මා සමිද්ධි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සමිද්ධි භගවන්තං එතදවොච: ඉධාහං භන්තෙ භගවතො අවිදූරෙ අප්පමත්තො ආතාපී පහිතත්තො විහරාමි. තස්ස මය්හං භන්තෙ රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යස්ස මෙ සත්ථා අරහං සම්මාසම්බුද්ධො. ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යො’හං එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතො. ලාභා වත මෙ, සුලද්ධං වත මෙ, යස්ස මෙ සබ්රහ්මචාරයො සීලවන්තො කල්යාණධම්මාති. තස්ස මය්හං භන්තෙ අවිදූරෙ මහාභයභෙරවසද්දො අහොසි, අපිස්සුදං පඨවී මඤ්ඤෙ උද්රීයතීති.{1}
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වේ එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි මම භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි නොපමා ව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව වෙසෙමි. වහන්ස, එකලා වූ චිත්තවිවේකයෙන් හුන් ඒ මට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය. ඒ මාගේ ශාස්තෘ තෙමේ අර්‍හත් ය. සම්‍යක් සම්බුද්ධ ය. එය මට ඒකාන්තයෙන් මහත් ලාභයෙකි. ඒකාන්තයෙන් මනා ලැබීමෙකි. ඒ මම මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි පැවිදි වූයෙමි. ඒ මට ඒකාන්තයෙන් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. ඒ මට සිල්වත් කලණ දහම් ඇති සබ්‍රම්සරහු වෙති. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. වහන්ස, ඒ මාගේ නුදුරෙහි පොළොව පෙරළන්නාක් සෙයින් බිය ජනන හඬෙක් විය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTනෙසා සමිද්ධි පඨවී උද්රීයති. මාරො එසො පාපිමා. තුය්හං විචක්ඛුකම්මාය ආගතො. ගච්ඡ ත්වං සමිද්ධි තත්ථෙව අප්පමත්තො ආතාපී පහිතත්තො විහරාහීති.
Sinhala BJTසමිද්ධි, මේ පොළොව නො පෙරෙළෙයි. මේ පවිටු මරු ය. තොපගේ නුවණැස වනසා ලන්නට පැමිණියේ ය. සමිද්ධි, තෙපි යව. නොපමා ව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව එහි ම වසව.
Pali BJTඑවම්භන්තෙති ඛො ආයස්මා සමිද්ධි භගවතො පටිස්සුත්වා{2} උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. දුතියම්පි ඛො ආයස්මා සමිද්ධි තත්ථෙව අප්පමත්තො ආතාපී පහිතත්තො විහාසි. දුතියම්පි ඛො ආයස්මතො සමිද්ධිස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි. ලාභා වත මෙ, සුලද්ධං වත මෙ -පෙ- යස්ස මෙ සබ්රහ්මචාරයො සීලවන්තො කල්යාණධම්මාති. දුතියම්පි ඛො මාරො පාපිමා ආයස්මතො සමිද්ධිස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය -පෙ- අපිස්සුදං පඨවී මඤ්ඤෙ උද්රීයතීති.{2}
Sinhala BJTවහන්ස, එසේ ය යි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියහ: දෙවනවට දු ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ නොපමාව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇතිව එහි ම විසූහ. දෙවනවට දු එකලා ව චිත්තවිවේකයෙන් හුන් සමිද්ධි තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය. … ඒ මට සිල්වත් කලණදහම් ඇති සබ්‍රම්සරහු වෙති. එය මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මට මනා ලැබීමෙකි. දෙවනවට දු පවිට මාර තෙමේ (තම) සිතින් ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ගේ චිත්තපරිවිතර්‍කය දැන … තවද, පොළොව පෙරළන්නාක් සෙයිනි.
Pali BJTඅථ ඛො ආයස්මා සමිද්ධි මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථායෙන් කීහ.
Pali BJTසද්ධායාහං පබ්බජිතො අගාරස්මා අනගාරියං, සති පඤ්ඤා ච මෙ බුද්ධා චිත්තඤ්ච සුසමාහිතං, කාමං කරස්සු රූපානි නෙව මං බ්යාධයිස්සසීති.
Sinhala BJTමම සැදැහැයෙන් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වීමි. මා විසින් සිහිය හා නුවණ අවබෝධ කරණ ලදී. සිත ද මොනොවට පිහිටුවන ලද්දේ ය. (එහෙයින් බිහිසුණු) රූපයන් කැමති පරිද්දෙන් කරව. මා නොම පෙළන්නෙහි ය.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං සමිද්ධි භික්ඛූති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මරු තෙමේ සමිද්ධි මහණ තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.
Pali BJT4. 3. 3.
Sinhala BJT4. 3. 3.
Pali BJTගොධිකසුත්තං.
Sinhala BJTගෝධික සූත්‍රය
Pali BJT159. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා ගොධිකො ඉසිගිලිපස්සෙ විහරති කාළසිලායං. අථ ඛො ආයස්මා ගොධිකො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො සාමයිකං{1} චෙතොවිමුත්තිං ඵුසි. අථ ඛො ආයස්මා ගොධිකො තාය{2} සාමයිකාය චෙතොවිමුත්තියා පරිහායි.
Sinhala BJT159. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඉසිගිලි පවු ඇළයෙහි කළුගල් තලායෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නො පමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නාහු ලෞකික සමවතක් ලැබූහ. එකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික සමවතින් පිරිහුනහ.
Pali BJTදුතියම්පි ඛො ආයස්මා ගොධිකො අප්පමත්තො -පෙ- විහරන්තො සාමයිකං{1} චෙතොවිමුත්තිං ඵුසි. දුතියම්පි ඛො ආයස්මා ගොධිකො තාය{2} සාමයිකාය චෙතොවිමුත්තියා පරිහායි. තතියම්පි ඛො ආයස්මා ගොධිකො -පෙ- පරිහායි. චතුත්ථම්පි ඛො ආයස්මා ගොධිකො -පෙ- පරිහායි. පඤ්චමම්පි ඛො ආයස්මා ගොධිකො -පෙ- පරිහායි. ඡට්ඨම්පි ඛො ආයස්මා ගොධිකො -පෙ- පරිහායි.
Sinhala BJTදෙවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නො පමාව … වසන්නාහු ලෞකික සමවත ලැබූහ. දෙවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ ඒ ලෞකික සමවතින් පිරිහුනහ. තෙවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ. සිවුවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ. පස්වනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ. සවනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ … පිරිහුනහ.
Pali BJTසත්තමම්පි ඛො ආයස්මා ගොධිකො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො සාමයිකං චෙතොවිමුත්තිං ඵුසි. අථ ඛො ආයස්මතො ගොධිකස්ස එතදහොසි: යාව ඡට්ඨං ඛ්වාහං සාමයිකාය චෙතොවිමුත්තියා පරිහීනො. යන්නූනාහං සත්ථං ආහරෙය්යන්ති.
Sinhala BJTසත්වනවට දු ආයුෂ්මත් ගෝධික තෙරණුවෝ නො පමා ව කෙලෙස් තවන වෙර ඇතිව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වසන්නාහු ලෞකික සමවත ලැබූහ. ඉක්බිති ආයුෂ්මත් ගෝධික තෙරණුවන්ට “මම සවනවට තෙක් ලෞකික සමවතින් පිරිහිනිමි. මම සැත් අරනෙම් නම්, මනා නො!”යි මේ සිත වි ය.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ආයස්මතො ගොධිකස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ තම සිතින් ආයුෂ්මත් ගෝධික තෙරණුවන් ගේ චිත්තපරිවිතර්‍කය දැක භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථාවලින් කී ය.
Pali BJTමහාවීර මහාපඤ්ඤ ඉද්ධියා යසසා ජලං{3}, සබ්බවෙරභයාතීත පාදෙ වන්දාමි චක්ඛුම.
Sinhala BJTමහාවීරයෙනි, මහපණැතියෙනි, ඍද්ධියෙන් හා පිරිවරින් බබලනුවෙනි, සියලු (පාණාතිපාතාදි) වෙර හා බිය ඉක්ම වූ තැනැත්තෙනි, පසැස් ඇතියෙන්, පා වඳිමි.
Pali BJTසාවකො තෙ මහාවීර මරණං මරණාභිභූ, ආකඞ්ඛති චෙතයති තං නිසෙධ ජුතින්ධර.
Sinhala BJTමරණය මැඩලන සුලු මහාවීරයෙනි, මුබගේ සව්වෙක් මරණය කැමති වෙයි. පියෝ කෙරෙයි. මහතෙදැතියෙනි, එය වළක්වනු මැනවි.
Pali BJTකථං හි භගවා තුය්හං සාවකො සාසනෙ රතො, අප්පත්තමානසො සෙඛො කාලං කයිරා ජනෙසුතාති.
Sinhala BJTජනයා කෙරෙහි ප්‍රසිද්ධ වූ භාග්‍යවතුන් වහන්ස, සස්නෙහි ඇලුනු නොපත් රහත්ඵල ඇති ශෛක්‍ෂ වූ මුබ සව්වෙක් කෙසේ නම් කලුරිය කරන්නේ ද?
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මතො ගොධිකෙන සත්ථං ආහරිතං හොති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ගෝධික තෙරණුවන් විසින් සැත් අරනලද්දේ වෙයි.
Pali BJTඅථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරුයයි දැන පවිටු මරුහට ගාථායෙන් වදාළ සේක.
Pali BJTඑවං හි ධීරා කුබ්බන්ති නාවකඞ්ඛන්ති ජීවිතං, සමූලං තණ්හං අබ්බුය්හ{4} ගොධිකො පරිනිබ්බුතොති.
Sinhala BJTනුවණැත්තෝ මෙසේ ද කෙරෙත්. දිවි නො පතත්. ගෝධික තෙමේ මුල්සහිත තෘෂ්ණාව උපුටා හැර පිරිනිවියේ ය. (සමසීසී වැ පිරිනිවියෙන් ස්කන්‍ධපරිනිර්‍වාණයෙන් පිරිනිවියේ ය)
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: ආයාම භික්ඛවෙ යෙන ඉසිගිලිපස්සං කාළසිලා තෙනුපසඞ්කමිස්සාම, යත්ථ ගොධිකෙන කුලපුත්තෙන සත්ථං ආහරිතන්ති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. අථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං යෙන ඉසිගිලිපස්සං කාළසිලා තෙනුපසඞ්කමි. අද්දසා ඛො භගවා ආයස්මන්තං ගොධිකං දූරතොව මඤ්චකෙ විවත්තක්ඛන්ධං සෙමානං{1}
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමුතූ සේක. මහණෙනි, යම්හ, යම්තැනෙක දී ගෝධික කුලපුතු විසින් සැත් අරන ලද්දේ නම් ඒ ඉසිගිලි ඇළය කළුගල්තලාව වෙත එළඹෙන්නෙමු, වහන්ස, එසේ යයි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග ඉසිගිලිපවුපස කළුගල්තලාව වෙත එළඹි සේක. භාග්‍යවතුන් වහන්සේ පෙරළුනු කඳ ඇති ඇඳෙහි උඩුකුරු ව හෝනා ආයුෂ්මත් ගෝධික තෙරුන් දුර දී ම දුටු සේක.
Pali BJTතෙන ඛො පන සමයෙන ධූමායිතත්තං තිමිරායිතත්තං ගච්ඡතෙව පුරිමං දිසං, ගච්ඡති පච්ඡිමං දිසං, ගච්ඡති උත්තරං දිසං, ගච්ඡති දක්ඛිණං දිසං, ගච්ඡති උද්ධං, ගච්ඡති අධො, ගච්ඡති අනුදිසං.
Sinhala BJTඑකල්හි ධූමායිත බවෙක් තිමිරායිත බවෙක් (දුමක්හු, අඳුරක්හු සෙයින් හැසිරෙන සෙයක් = මාරාවේශ අවතාර රූප) පෙරදිගට යෙ ම ය. පැළදිගට යේ ම ය උතුරුදිගට යේ ම ය. දකුණුදිගට යේ ම ය. උඩට යේ ම ය. යටට යේ ම ය. අනුදිගට යේ ම ය.
Pali BJTඅථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: පස්සථ නො තුම්හෙ භික්ඛවෙ එතං ධූමායිතත්තං තිමිරායිතත්තං. ගච්ඡතෙව පුරිමං දිසං, ගච්ඡති පච්ඡිමං දිසං, ගච්ඡති උත්තරං දිසං, ගච්ඡති දක්ඛිණං දිසං, ගච්ඡති උද්ධං, ගච්ඡති අධො, ගච්ඡති අනුදිසන්ති. එවං භන්තෙ. එසො ඛො භික්ඛවෙ මාරො පාපිමා ගොධිකස්ස කුලපුත්තස්ස විඤ්ඤාණං සමන්නෙසති{2}, කත්ථ ගොධිකස්ස කුලපුත්තස්ස විඤ්ඤාණං පතිට්ඨිතන්ති. අප්පතිට්ඨිතෙන ච භික්ඛවෙ විඤ්ඤාණෙන ගොධිකො කුලපුත්තො පරිනිබ්බුතොති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, තෙපි තෙල දකිවු ද? ධූමයිත බවෙක් තිමිරායිත බවෙක් (දුමක්හු, අඳුරක්හු සෙයින් හැසිරෙන සෙයක් = මාරාවේශ අවතාර රූප) පෙරදිගට යේ ම ය. පැසුලුදිගට යේ ම ය. උතුරුදිගට යේ ම ය. දකුණුදිගට යේ ම ය. උඩට යේ ම ය. යටට යේ ම ය. අනුදිගට යේ ම ය. වහන්ස, එසේ ය, මහණෙනි, මේ පවිටු මාර තෙමේ “ගෝධික කුලපුතුගේ විඤ්ඤාණය කොහි පිහිටියේ දැයි ගෝධික කුලපුතුගේ විඥානය සොයයි. මහණෙනි, ගෝධික කුලපුත් තෙමේ නොපිහිටි විඥානයෙන් පිරිනිවියේ ය.
Pali BJTඅථ ඛො මාරො පාපිමා බෙලුවපණ්ඩුවීණමාදාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ බේලුවපණ්ඩු (විලිකුන් බෙල්පක් පැහැබඳු පැහැ ඇති රන් මුවා) මහවෙණ ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
Pali BJTඋද්ධං අධො ච තිරියඤ්ච දිසා අනුදිසාස්වහං, අන්වෙසං නාධිගච්ඡාමි ගොධිකො සො කුහිං ගතොති?
Sinhala BJTමම උඩ ද, යට ද, සරස ද, සිවුදිග හා අනුදිග ද ඒ ගෝධික තෙමේ කොහි ගියේ දැයි සොයන්නෙම් නොලබමි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසො ධීරො ධිතිසම්පන්නො ඣායී ඣානරතො සදා, අහොරත්තං අනුයුඤ්ජං ජීවිතං අනිකාමයං. ජෙත්වාන මච්චුනො සෙනං අනාගන්ත්වා පුනබ්භවං, සමූලං තණ්හමබ්බුය්හ ගොධිකො පරිනිබ්බුතොති.
Sinhala BJTනුවණැති ධෘතිමත් වූ ධ්‍යානකරණ සුලු හැමකල්හි ධ්‍යානයෙහි ඇලුනු ඒ ගෝධික තෙමේ දිවි නොතකමින් දවරෑ දෙක්හි පිළිවෙත් කරනුයේ මරසෙනඟ සිඳ පුනර්‍භවයට නො පැමිණ තෘෂ්ණාව සහමුලු කොට උපුටා හැර පිරිනිවියේ ය.
Pali BJT[ථෙරා:]
Sinhala BJT[තෙරහු:]
Pali BJTතස්ස සොකපරෙතස්ස වීණා කච්ඡා අභස්සථ, තතො සො දුම්මනො යක්ඛො තත්ථෙවන්තරධායථාති{3}.
Sinhala BJTශෝකයෙන් මැඩුනු ඒ මාරයාගේ කැසින් වීණාව ගිලිහුනේ ය. එයින් නොසතුටු සිත් ඇති ඒ මාර තෙමේ එහි ම අතුරුදහන් විය.
Pali BJT4. 3. 4.
Sinhala BJT4. 3. 4.
Pali BJTසත්තවස්සසුත්තං.
Sinhala BJTසත්තවස්ස සූත්‍රය
Pali BJT160. එවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධෙ. තෙන ඛො පන සමයෙන මාරො පාපිමා සත්තවස්සානි භගවන්තං අනුබන්ධො{4} හොති ඔතාරාපෙක්ඛො ඔතාරං අලභමානො. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJT160. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංතෙර අජපල් නුගරුකමුල වැඩවසන සේක. එකල්හි පවිටු මරු සිදුරු සොයන්නේ සිදුරු නො විඳුමින් සත්වසක් මුළුල්ලෙහි භාග්‍යවතුන් වහන්සේ ලුහුබැන්දේ වේ. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTසොකාවතිණ්ණො නු වනම්හි{5} ඣායසි විත්තං නු ජිතො උද පත්ථයානො, ආගුං නු ගාමස්මිමකාසි කිඤ්චි කස්මා ජනෙන න කරොසි සක්ඛිං සක්ඛි න සම්පජ්ජති කෙන චි තෙති.
Sinhala BJTවෙනෙහි සිතිවිලි සිතයි ද? ශෝකයට බටුයෙහි ද? ධනයක් පැරදුනෙහි ද? වැලි, පතමින් (හිඳිහි ද?) ගමෙහි කිසියම් අපරාධයක් කෙළෙහි ද? කුමක්හෙයින් මහජනයා සමග මිත්‍රභාවය නො කෙරෙහි ද? කිසිවකු හා මුබගේ මිත්‍රභාවයෙක් නො සැපයේ ද,
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසොකස්ස මූලං පලිඛාය සබ්බං අනාගු ඣායාමි අසොචමානො, ඡෙත්වාන සබ්බං භවලොභජප්පං අනාසවො ඣායාමි පමත්තබන්ධු.
Sinhala BJTමාරය, ශෝකමූල හැම සාරා දමා ශෝක නොකරමින් නිරපරාධ ව සිට ධ්‍යාන කරමි. සියලු භවලෝභසංඛ්‍යාත තෘෂ්ණාව සිඳ ආස්‍රවරහිත වූයෙම් ධ්‍යාන කරමි.
Pali BJT[මාරො:]
Sinhala BJT[මරු:]
Pali BJTයං වදන්ති මමෙදන්ති යෙ වදන්ති මමන්ති ච, එත්ථ චෙ තෙ මනො අත්ථි න මෙ සමණ මොක්ඛසීති.
Sinhala BJTමේ මාගේ යයි යමක් කියද් ද, යම් කෙනෙකුත් මා ගැත්තේ යයි කියද් ද, ඉදින් මෙහි මුබගේ සිතෙක් ඇත් නම් ශ්‍රමණය, මාගෙන් නො මිදෙන්නෙහි ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයං වදන්ති න තං මය්හං යෙ වදන්ති න තෙ අහං, එවං පාපිම ජානාහි න මෙ මග්ගම්පි දක්ඛසීති.
Sinhala BJTමාගේ යයි යමක් කියද් ද, එය මාගේ නො වේ. යම් කෙනෙක් (මාගේ යයි) කියද් ද මම හේ නො වෙමි. පවිට, මෙසේ දනුව. මා ගිය මග ද තෝ නොදක්නෙහි ය.
Pali BJT[මාරො:]
Sinhala BJT[මරු:]
Pali BJTසචෙ මග්ගං අනුබුද්ධං ඛෙමං අමතගාමිනං, අපෙහි ගච්ඡ ත්වමෙවෙකො කිමඤ්ඤමනුසාසසීති.
Sinhala BJTඉදින් නිර්‍භය වූ නිවණට යන මග අවබෝධ කරණ ලද්දේ නම් (මාගේ විෂයයෙන්) පහවනු මැනවි. මුබ ම එකලා ව (ඒ මග) යනු මැනව, කුමක් හෙයින් මෙරමාහට අනුශාසනා කෙරෙහිදැයි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅමච්චුධෙය්යං පුච්ඡන්ති යෙ ජනා පාරගාමිනො, තෙසාහං පුට්ඨො අක්ඛාමි යං සච්චං තං{1} නිරූපධින්ති.
Sinhala BJTපරතෙරට යන සුලු යම් ජන කෙනෙක් මරුහට විෂය නො වූ නිවණ විචාරද් ද, ඔවුන් විසින් විචාරණ ලද්දෙම් මම යමෙක් සත්‍ය වේ ද, උපධි රහිත ද, එය කියමි.
Pali BJTසෙය්යථාපි භන්තෙ ගාමස්ස වා නිගමස්ස වා අවිදූරෙ පොක්ඛරණී. තත්ර’ස්ස කක්කටකො. අථ ඛො භන්තෙ සම්බහුලා කුමාරකා වා කුමාරිකායො වා තම්හා ගාමා වා නිගමා වා නික්ඛමිත්වා යෙන සා පොක්ඛරණී තෙනුපසඞ්කමෙය්යුං. උපසඞ්කමිත්වා තං කක්කටකං උදකා උද්ධරිත්වා ථලෙ පතිට්ඨාපෙය්යුං. යං යදෙව හි සො භන්තෙ කක්කටකො අළං අභිනින්නාමෙය්ය, තං තදෙව තෙ කුමාරකා වා කුමාරිකායො වා කට්ඨෙන වා කඨලාය වා සඤ්ඡින්දෙය්යුං සම්භඤ්ජෙය්යුං. එවං හි සො භන්තෙ කක්කටකො සබ්බෙහි අළෙහි සඤ්ඡින්නෙහි සම්භග්ගෙහි සම්පළිභග්ගෙහි අභබ්බො තං පොක්ඛරණිං පුන{2} ඔතරිතුං සෙය්යථාපි පුබ්බෙ.{2}
Sinhala BJT[මරු:] වහන්ස, ගමකට හෝ නියම්ගමකට නුදුරෙහි පොකුණෙක් වේ. එහි කකුළුවෙක් වන්නේ ය. වහන්ස, එකල්හි බොහෝ කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ ගමින් හෝ නියම්ගමින් නික්ම ඒ පොකුණ වෙත එළඹෙන්නාහු ය. එළඹ ඒ කකුළුවා ජලයෙන් නඟා ගොඩ තබන්නාහු ය. වහන්ස, ඒ කකුළුවා යම් යම් අළක් ඉදිරියට නමන්නේ ය. ඒ කුමරුවෝ හෝ කුමරියෝ හෝ ඒ ඒ අළ ම ලීයෙකින් හෝ කැබිලිත්තෙකින් හෝ සිඳින්නාහු ය. බිඳින්නාහු ය.. වහන්ස, මෙසේ ඒ කකුළුවා සිඳින ලද බිඳින ලද කැබැලි කැබැලි කොට බිඳින ලද සියලු අළ කරණ කොට ගෙණ පෙර මෙන් නැවත ඒ පොකුණට බස්නට අභව්‍ය වන්නේ ය.
Pali BJTඑවමෙව ඛො භන්තෙ යානි{3} විසූකායිකානි{4} විසෙවිතානි විප්ඵන්දිතානි කානිචි කානිචි සබ්බානි{5} තානි භගවතා සඤ්ඡින්නානි, සම්භග්ගානි සම්පළිභග්ගානි. අභබ්බො දානාහං{6} භන්තෙ පුන භගවන්තං උපසඞ්කමිතුං යදිදං ඔතාරාපෙක්ඛොති. අථ ඛො මාරො පාපිමා භගවතො සන්තිකෙ ඉමා නිබ්බෙජනීයා ගාථායො අභාසි:
Sinhala BJTවහන්ස, එසෙයින් ම කිසියම් විසූකයෝ (මරවිසුළු) ඇද්ද, කිසියම් විලෝම දැ ඇද්ද, කිසියම් කිසියම් සලන සුලු දැකුම් ඇද්ද, ඒ සියල්ල භාග්‍යවතුන් වහන්සේ විසින් සිඳින ලදී. බිඳින ලදී. කැබැලි කැබැලි කරණ ලදී. වහන්ස, දන් මම සිදුරු සොයන්නෙම් භාග්‍යවතුන් වහන්සේ වෙත නැවත එළඹෙන්නට නුසුදුස්සෙම් වෙමි යි. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උකටලියට කරුණු වූ මේ ගාථා කී ය:
Pali BJTමෙදවණ්ණඤ්ච පාසාණං වායසො අනුපරියගා, අපෙත්ථ මුදු{7} වින්දෙම අපි අස්සාදනා සියා.
Sinhala BJTකවුඩෙක් මේද තෙල්පැහැ ඇති ගලක් (දැක) එහි මොළොක් බව විඳීම් නම් මැනව, රස විඳ ගැණීමෙක් වන්නේ නම් මැනැව යි ඒ සිසාරන්නේ වේ ද,
Pali BJTඅලද්ධා තත්ථ අස්සාදං වායසෙත්තො{8} අපක්කමෙ, කාකොව සෙලමාසජ්ජ නිබ්බිජ්ජාපෙම ගොතමාති.
Sinhala BJTඒ කවුඩු තෙමේ එහි ආස්වාදයක් නො ලැබ (යම්සේ) එයින් පහවන්නේ ද, (මේද තෙල් පැහැ ඇති) ගල වෙත පැමිණ (ආශ්වාදයක් නො ලත් මේ) කවුඩා මෙන් කළකිරී ගෞතමයන් වහන්සේ කෙරෙන් පහව යම්හ.
Pali BJTඅථ ඛො මාරො පාපිමා භගවතො සන්තිකෙ ඉමා නිබ්බෙජනීයා ගාථායො අභාසිත්වා තම්හා ඨානා අපක්කම්ම භගවතො අවිදූරෙ පඨවියං පල්ලඞ්කෙන නිසීදි තුණ්හීභූතො මඞ්කුභූතො පත්තක්ඛන්ධො අධොමුඛො පජ්ඣායන්තො. අප්පටිභානො කට්ඨෙන භූමිං විලිඛන්තොති.
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි උකටලියට කරුණු වූ මේ ගාථාවන් කියා එතැනින් පහ ව භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි නිහඬ වූයේ තෙද නැති වූයේ බහාලූ කර ඇතියේ යටිකුරු මුහුණු ඇතියේ සිතිවිලි සිතමින් කිසිත් වටහා ගත නො හැකි වූයේ ලී කැබැල්ලෙකින් බිම ඉරි අඳිමින් බිම පලක් බැඳ ගෙණ හුන්නේ ය.
Pali BJT4. 3. 5.
Sinhala BJT4. 3. 5.
Pali BJTමාරධීතුසුත්තං
Sinhala BJTමාරධීතු සූත්‍රය
Pali BJT161. උරුවෙලායං –
Sinhala BJT161. උරුවේලාවෙහි –
Pali BJTඅථ ඛො තණ්හා ච අරති{1} රගා ච මාරධීතරො යෙන මාරො පාපිමා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා මාරං පාපිමන්තං ගාථාය අජ්ඣභාසිංසු:
Sinhala BJTඉක්බිති තණ්හා අරති රගා ද යන මාරකන්‍යාවෝ පවිටු මරු වෙත එළඹියහ. එළඹ පවිටු මරුහට ගාථායෙන් කියුහු:
Pali BJTකෙනාසි දුම්මනො තාත පුරිසං කන්නු සොචසි? මයං තං රාගපාසෙන ආරඤ්ඤමිව{2} කුඤ්ජරං, බන්ධිත්වා ආනයිස්සාම වසගො තෙ භවිස්සතීති.
Sinhala BJTපියාණෙනි, කවරහෙයින් නොසතුටු සිත් ඇත්තෙහි ද? කිනම් පුරුෂයකු සිතයි ද? අපි ඔහු වනඇතකු මෙන් රාගපාශයෙන් බැඳ ගෙණ එන්නමු. එවිට තොපට වසඟ වන්නේ යයි.
Pali BJT[මාරො:]
Sinhala BJT[මරු:]
Pali BJTඅරහං සුගතො ලොකෙ න රාගෙන සුවානයො, මාරධෙය්යමතික්කන්තො තස්මා සොචාමහං භුසන්ති.
Sinhala BJTසුගත තෙමේ ලෝකයෙහි අර්‍හත් ය. රාගයෙන් (බැඳ) සුවසේ ගෙණ ඉය නොහැක්කේ ය. මාරවිෂය ඉක්ම වූයේ ය. එහෙයින් මම අතිශයින් සිතිවිලි සිතමි.
Pali BJTඅථ ඛො තණ්හා ච අරතිරගා{3} ච මාරධීතරො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොචුං: පාදෙ තෙ සමණ පරිචාරෙමාති. අථ ඛො භගවා න මනසාකාසි යථා තං අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො.
Sinhala BJTඉක්බිති තණ්හා අරති රගා ද යන මාරකන්‍යාවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබ පා හමුයෙහි මෙහෙවර කරමෝව”යි මෙය කියුහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නොකෙරේ ද එසෙයින් එද නොමෙනෙහි කළ සේක.
Pali BJTඅථ ඛො තණ්හා ච අරතිරගා ච මාරධීතරො එකමන්තං අපක්කම්ම එවං සමචින්තෙසුං: උච්චාවචා ඛො පුරිසානං අධිප්පායා. යන්නූන මයං එකසතං එකසතං කුමාරිවණ්ණසතං අභිනිම්මිනෙය්යාමාති.
Sinhala BJTඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු එකත්පසෙකට ඉවත් ව පුරුෂයන්ගේ අදහස් විසිතුරු ය. (එහෙයින්) අපි සියක් සියක් කොට කුමරිවෙස් සියක් මවා ගන්නමෝ නම් යෙහෙකැයි මෙසේ සිතූහ.
Pali BJTඅථ ඛො තණ්හා ච අරතිරගා ච මාරධීතරො එකසතං එකසතං කුමාරිවණ්ණසතං අනිභිම්මිනිත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොචුං: පාදෙ තෙ සමණ පරිචාරෙමාති. තම්පි භගවා න මනසාකාසි යථා තං අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො.
Sinhala BJTඉක්බිති තණ්හා අරති රගා ද යන මාරකන්‍යාවෝ (එකක් එකක්) සියක් සියක් කොට කුමරිවෙස් සියක් (තුන්සියක් විලස්) මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබ පා හමුයෙහි මෙහෙ කරමෝ ව”යි මෙය කියුහ. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.
Pali BJTඅථ ඛො තණ්හා ච අරතිරගා ච මාරධීතරො එකමන්තං අපක්කම්ම එවං සමචින්තෙසුං: උච්චාවචා ඛො පුරිසානං අධිප්පායා. යන්නූන මයං එකසතං එකසතං අවිජාතවණ්ණසතං අභිනිම්මිනෙය්යාමාති.
Sinhala BJTඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු එකත්පසෙකට ඉවත් ව පුරුෂයන් අදහස් විසිතුරුය. අපි සියක් සියක් නොවැදූ ඉතිරින් වෙස් සීයක් මවා ගන්නමෝ නම් මැනවැයි මෙසේ සිතූහ.
Pali BJTඅථ ඛො තණ්හා ච අරතිරගා ච මාරධීතරො එකසතං එකසතං අවිජාතවණ්ණසතං අභිනිම්මිනිත්වා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොචුං: පාදෙ තෙ සමණ පරිචාරෙමාති. තම්පි භගවා න මනසාකාසි යථා තං අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො.
Sinhala BJTඉක්බිති තණ්හා අරති රගාද යන මරදූහු එක්සිය එක්සිය නොවැදූ ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට “මහණ, මුබගේ පා හමුයෙහි මෙහෙවර කරමෝ ව”යි මෙය කියාහු. භාග්‍යවතුන් වහන්සේ යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නො මෙනෙහි කළ සේක.
Pali BJTඅථ ඛො තණ්හා ච -පෙ- සමචින්තෙසුං: යන්නූන මයං එකසතං එකසතං සකිං විජාතවණ්ණසතං අභිනිම්මිනෙය්යාමාති.
Sinhala BJTඉක්බිති තණ්හා … අපි සියක් සියක් කොට එක්වර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මැනවැයි සිතූහ.
Pali BJTඅථ ඛො තණ්හා ච -පෙ- සකිං විජාතවණ්ණසතං අභිනිම්මිනිත්වා යෙන භගවා -පෙ- අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො.
Sinhala BJTඉක්බිති තණ්හා … එක්වර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.
Pali BJTඅථ ඛො තණ්හා ච -පෙ- යන්නූන මයං -පෙ- දුවිජාතවණ්ණසතං අභිනිම්මිනෙය්යාමාති.
Sinhala BJTඉක්බිති තණ්හා … අපි … දෙවර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මනාමැනුයි.
Pali BJTඅථ ඛො තණ්හා ච -පෙ- දුවිජාතවණ්ණසතං අභිනිම්මිනිත්වා යෙන භගවා -පෙ- අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො.
Sinhala BJTඉක්බිති තණ්හා … දෙවර වැදූ ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නොමෙනෙහි කළ සේක.
Pali BJTඅථ ඛො තණ්හා ච -පෙ- යන්නූන මයං -පෙ- මජ්ඣිමිත්ථිවණ්ණසතං අභිනිම්මිනෙය්යාමාති.
Sinhala BJTඉක්බිති තණ්හා … අපි … මැඳුම්විය ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මනාමැනුයි.
Pali BJTඅථ ඛො තණ්හා ච -පෙ- මජ්ඣිමිත්ථිවණ්ණසතං අභිනිම්මිනිත්වා යෙන භගවා -පෙ- අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො.
Sinhala BJTඉක්බිති තණ්හා … මැඳුම්විය ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එ ද නො මෙනෙහි කළ සේක.
Pali BJTඅථ ඛො තණ්හා ච -පෙ- යන්නූන මයං -පෙ- මහිත්ථිවණ්ණසතං අභිනිම්මිනෙය්යාමාති.
Sinhala BJTඉක්බිති තණ්හා … අපි … වයසින් වැඩුනු ඉතිරින්වෙස් සියක් මවා ගන්නමෝ නම් මැනවැයි.
Pali BJTඅථ ඛො තණ්හා ච -පෙ- මහිත්ථිවණ්ණසතං අභිනිම්මිනිත්වා යෙන භගවා -පෙ- අනුත්තරෙ උපධිසඞ්ඛයෙ විමුත්තො.
Sinhala BJTඉක්බිති තණ්හා … වයසින් වැඩුනු ඉතිරින්වෙස් සියක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත … යම් සෙයින් අනුත්තර නිවණෙහි ලා මිදුනෙක් (නිවන්හි ඇලුනු පලසමවත් ඇතියෙක්) මෙනෙහි නො කෙරේ ද එසෙයින් එද නොමෙනෙහි කළ සේක.
Pali BJTඅථ ඛො තණ්හා ච අරතිරගා ච මාරධීතරො එකමන්තං අපක්කම්ම එතදවොචුං: සච්චං කිර නො පිතා අවොච:
Sinhala BJTඉක්බිති තණ්හා අරති රගා ද යන මාරදූහු එකත්පසකට ඉවත්ව මෙසේ කියුහ. අපගේ පිය තෙමේ සැබැවක් කීයේ ම ය.
Pali BJT“අරහං සුගතො ලොකෙ න රාගෙන සුවානයො මාරධෙය්යං අතික්කන්තො තස්මා සොචාමහං භුස”න්ති.
Sinhala BJT“සුගත තෙමේ ලෝකයෙහි අර්‍හත් ය. රාගයෙන් බැඳ නොගෙණිය හැක්කේ ය. මාර විෂය ඉක්ම වූයේ ය. එහෙයින් මම අතිශයින් සිතිවිලි සිතමි” යි.
Pali BJTයං හි මයං සමණං වා බ්රාහ්මණං වා අවීතරාගං ඉමිනා උපක්කමෙන උපක්කමෙය්යාම හදයං වාස්ස ඵලෙය්ය. උණ්හං වා ලොහිතං මුඛතො උග්ගච්ඡෙය්ය. උම්මාදං වා පාපුණෙය්ය චිත්තවික්ඛෙපං වා. සෙය්යථා{1} වා පන නළො හරිතො ලුතො උස්සුස්සති විසුස්සති මිලායති. එවමෙව උස්සුස්සෙය්ය විසුස්සෙය්ය මිලායෙය්යාති.
Sinhala BJTඅපි පහ නොවූ රාග ඇති යම් මහණකු හෝ බමුණකු හෝ වෙත මේ උපක්‍රමයෙන් එළඹෙන්නමෝ නම් ඔහුගේ ලය හෝ පැළෙන්නේ ය. මුවෙන් උණුලේ හෝ නැඟෙන්නේය. උමතුවට හෝ සිත් පෙරැළියට හෝ පැමිණෙන්නේ ය. සිඳින ලද නිල්වන් බටගසෙක යම්සේ වියළේ ද, වෙසෙසින් වියළේ ද, මැලවේ ද, එසෙයින් ම වියළෙන්නේය වෙසෙසින් වියළෙන්නේය මැලවෙන්නේය යි.
Pali BJTඅථ ඛො තණ්හා ච අරතිරගා ච මාරධීතරො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තණ්හා මාරධීතා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ එකත්පසෙක සිටියහ. එකත් පසෙක සිටි තණ්හා මර දූ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කිවුය:
Pali BJTසොකාවතිණ්ණො නු වනම්හි ඣායසි විත්තං නු ජිතො උද පත්ථයානො ආගුං නු ගාමස්මිමකාසි කිඤ්චි කස්මා ජනෙන න කරොසි සක්ඛිං සක්ඛී න සම්පජ්ජති කෙනචි තෙති.
Sinhala BJTශෝකයට බටුයෙහි ද? වෙනෙහි සිතිවිලි සිත්හි ද? වස්තුවක් පැරදුනේහි ද? වැලි පතමින් (හිඳිහි ද?) ගම්හි කිසියම් අපරාධයක් කෙළෙහි ද? කුමක් හෙයින් මහජනයා සමග මිත්‍රභාවය නොකෙරෙහි ද? කිසිවකු හා මුබගේ මිත්‍රභාවයෙක් නොසැපයේ ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅත්ථස්ස පත්තිං හදයස්ස සන්තිං ජෙත්වාන සෙනං පියසාතරූපං එකාහං ඣායං සුඛමන්වබොධිං තස්මා ජනෙන න කරොමි සක්ඛිං සක්ඛී න සම්පජ්ජති කෙනචි මෙති.
Sinhala BJTමම ප්‍රියස්වරූප සාතස්වරූප ඇති ක්ලේශසේනාව දිනා හුදෙකලාව ධ්‍යාන කෙරෙමින් අභිමතාර්‍ත්‍ථයාගේ පැමිණීම වූ ද, හෘදයශාන්තිය වූ ද රහත්ඵල සුවය අවබෝධ කෙළෙමි. එබැවින් මහජනයා සමග මිත්‍රත්‍වය නො කරමි. කිසිවකු හා මාගේ මිත්‍රත්‍වයෙක් නො සැපයේ.
Pali BJTඅථ ඛො අරති මාරධීතා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති අරති මරදූ භාග්‍යවතුන් වහන්සේ ගාථායෙන් කිවුය.
Pali BJTකථං විහාරීබහුලොධ භික්ඛු පඤ්චොඝතිණ්ණො අතරී ධ ඡට්ඨං, කථං ඣායිං බහුලං කාමසඤ්ඤා පරිබාහිරා හොන්ති අලද්ධ යො තන්ති.
Sinhala BJTමෙසස්නෙහි කෙබඳු විහරණයක් බහුල කොට ඇති මහණ තෙම තරණය කළ පඤ්චද්වාරික ක්ලේශඕඝ ඇත්තේ (මනෝද්වාරික වූ) සවන ක්ලේශඕඝය තරණය කළේ ද? කාමසංඥාවෝ කෙබඳු ධ්‍යානයක් බහුල කොට ඇත්තා වූ ඔහු නොලබා හාත්පසින් බැහැර වෙද් ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTපස්සද්ධකායො සුවිමුත්තචිත්තො අසඞ්ඛරානො සතිමා අනොකො, අඤ්ඤාය ධම්මං අවිතක්කඣායී න කුප්පති න සරති න ථිනො.
Sinhala BJTසන්හුන් කය ඇති මොනවට මිදුනු සිත් ඇති කර්‍ම රැස් නොකරණ සිහි ඇති ආලය නැති (රහත් තෙමේ) දහම් දැන විතර්‍ක රහිත ධ්‍යානයෙහි යෙදුනේ නො කිපෙයි. (රාග වශයෙන්) සිහි නොකෙරෙයි. (මෝහ වශයෙන්) හැකුලුනේ නොවෙයි.
Pali BJTඑවංවිහාරී බහුලොධ භික්ඛු පඤ්චොඝතිණ්ණො අතරීධ ඡට්ඨං, එවං ඣායිං බහුලං කාමසඤ්ඤා පරිබාහිරා හොන්ති අලද්ධ යො තන්ති.
Sinhala BJTමෙහි එබඳු විහරණ බහුල කොට ඇති මහණ තෙමේ තරණය කළ පඤ්චද්වාරික ක්ලේශඕඝ ඇත්තේ මේ ලෝකයෙහි (මනෝද්වාරික වූ) සවන ක්ලේශඕඝය තරණය කළේ ය. කාම සංඥාවෝ මෙසේ ධ්‍යාන බහුල කොට ඇති ඔහු නොලැබ හාත්පසින් බැහැර වෙත්.
Pali BJTඅථ ඛො රගා මාරධීතා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJTඉක්බිති රගා මර දූ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කිවුය.
Pali BJTඅච්ඡෙචි තණ්හං ගණසඞ්ඝචාරී අද්ධා චරිස්සන්ති බහූ ච සත්තා, බහුං වතායං ජනතං අනොකො අච්ඡෙජ්ජ නෙස්සති මච්චුරාජස්ස පාරන්ති.
Sinhala BJTගණයා කෙරෙහිත් සමූහයා කෙරෙහිත් හැසිරෙණ මේ ශාස්තෘ තෙමේ තෘෂ්ණාව සින්දේ ය. බොහෝ සත්‍වයෝ ද එකතින් තෘෂ්ණාව සිඳින්නාහ. ආලය නැති මේ ශාස්තෘ තෙමේ බොහෝ ජන සමූහයක් මාරයා අතින් පැහැර ගෙණ පරතෙරට පමුණුවන්නේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTනයන්ති වෙ මහාවීරා සද්ධම්මෙන තථාගතා ධම්මෙන නයමානානං කා උසූයා විජානතන්ති.
Sinhala BJTමහාවීර වූ තථාගතවරයෝ සද්ධර්‍මයෙන් සත්‍වයන් එතෙර කෙරෙත්. නුවණැතියන් ධර්‍මයෙන් එතෙර කරණ කල්හි කවර ඊෂ්‍යායෙක් ද?
Pali BJTඅථ ඛො තණ්හා ච අරතිරගා ච මාරධීතරො යෙන මාරො පාපිමා තෙනුපසඞ්කමිංසු. අද්දසා ඛො මාරො පාපිමා තණ්හඤ්ච අරතිඤ්ච රගඤ්ච මාරධීතරො දූරතොව ආගච්ඡන්තියො දිස්වාන ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති තණ්හා අරති රගා ද යන මරදූහු කෘෂ්ණ මාරයා වෙත එළඹියහ. කෘෂ්ණ මාර තෙමේ දුරදී ම එන්නා වූ තණ්හාව හා අරතිය හා රගා ද යන මරදූන් දැක්කේ ය. දැක ගාථාවන්ගෙන් කී ය.
Pali BJTබාලා කුමුදනාළෙහි පබ්බතං අභිමන්ථථ ගිරිං නඛෙන ඛණථ අයො දන්තෙහි ඛාදථ.
Sinhala BJTබල්දරුයෙනි, හෙළඋපුල්දඬුයෙන් පර්‍වතයක් අළලවු ද? මහගලක් නියෙන් කණිවු ද? දතින් යකඩ කවු ද?
Pali BJTසෙලංව සිරසූහච්ච{2} පාතාලෙ ගාධමෙසථ ඛාණුංව උරසාසජ්ජ නිබ්බිජ්ජාපෙථ ගොතමාති.{3}
Sinhala BJTමහගලක් හිසමතුයෙහි තබා ගෙණ ගැඹුරෙහි පිහිටක් සොයවු ද? ලයෙහි හුලක් හැනගෙන මෙන් ගෞතමයන් කෙරෙන් කළකිරී පහ ව අවු ය?
Pali BJT[ථෙරා]
Sinhala BJT[තෙරහු:]
Pali BJTදද්දල්ලමානා ආගඤ්ඡුං තණ්හා ච අරතීරගා තා තත්ථ පනුදී සත්ථා තූලං භට්ඨංව මාලුතොති.
Sinhala BJTතණ්හා අරති රගා ද යන මරදූහු අතිශයින් දිලිසෙමින් ආවාහු ය. එහි දී ශාස්තෘන් වහන්සේ ඔවුන් නෙරූ සේක. කෙසේ ද යත්: වාතය තෙමේ ගිලුහුණු පිලිනක් නෙරන්නාක් සෙයිනි.
Pali BJTමාරවග්ගො තතියො.
Sinhala BJTමාර වර්‍ගය තෙවෙනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTසම්බහුලා සමිද්ධී ච ගොධිකං සත්තවස්සානි ධීතරං දෙසිතං බුද්ධසෙට්ඨෙන ඉමං මාරපඤ්චකන්ති.
Sinhala BJTසම්බහුල, සමිද්ධි, ගෝධික, සත්තවස්ස, ධීතර ය යි මේ මාර පඤ්චකය ශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරණ ලදී.
Pali BJTමාරසංයුත්තං සමත්තං.
Sinhala BJTමාරසංයුත්තය නිමියේ ය.
Pali BJT5. භික්ඛුනීසංයුත්තං
Sinhala BJT5. භික්ඛුනී සංයුත්තය
Pali BJT1. භික්ඛුනීවග්ගො
Sinhala BJT1. භික්ඛුනී වර්‍ගය
Pali BJT5. 1. 1.
Sinhala BJT5. 1. 1.
Pali BJTආළවිකාසුත්තං.
Sinhala BJTආළවිකා සූත්‍රය
Pali BJT162. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT162. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො ආළවිකා භික්ඛුනී පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි. සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන අන්ධවනං තෙනුපසඞ්කමි විවෙකත්ථිනී.
Sinhala BJTඑකල්හි ආළවිකා මෙහෙණ පෙරවරු හැඳ පෙරෙව පාසිවුරු ගෙණ සැවැත්නුවරට පිඬු පිණිස පිවිසි යා ය. සැවැත්නුවර පිඬු පිණිස හැසිර පසුබත් පිණ්ඩපාතයෙන් වැළකුණී විවේකය කැමැත්තී අන්‍ධවනය වෙත එළඹියා ය.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ආළවිකාය භික්ඛුනියා භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො විවෙකම්හා චාවෙතුකාමො යෙන ආළවිකා භික්ඛුනී තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආළවිකං භික්ඛුනිං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකල පවිටු මරු ආළවිකා මෙහෙණට බිය තැති ගැණුම් ලොමු දහගැණුම් උපදවනු කැමැත්තේ විවේකයෙන් පහ කරණු කැමැත්තේ ආළවිකා මෙහෙණ වෙත එළඹියේ ය. එළඹ ආළවිකා මෙහෙණට ගාථායෙන් කී ය: