Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1501-1600 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTන මන්දියා සයාමි නාපි කාවෙය්යමත්තො අත්ථං සමෙච්චාහ මපෙතසොකො, එකො විවිත්තෙ සයනාසනම්හි සයාමහං සබ්බභූතානුකම්පී.
Sinhala BJTමුළා බැවින් නො නිදමි. කවිභාවයෙන් මත්වූයෙම් නො නිදමි. මම පරමාර්‍ත්‍ථයට මැනවින් පැමිණ පහ ව ගිය ශෝක ඇත්තෙම් වෙමි. මම සර්‍වභූතහිතානුකම්පී ව ජනයාගෙන් වෙන් වූ සෙනසුන්හි හුදෙකලාව හෝනෙමි.
Pali BJTයෙසම්පි සල්ලං උරසී පවිට්ඨං මුහුං මුහුං හදයං වෙධමානං, තෙපීධ{5} සොප්පං ලබ්භරෙ{6} සසල්ලා කස්මා{7} අහං න සුපෙ වීතසල්ලො.
Sinhala BJTයම් කෙනකුන්ගේත් ලෙහි තියුණු හුලෙක් පිවිසියේ ද, හෘදය ක්‍ෂණ ක්‍ෂණයෙහි සැලෙන්නේ වේ ද, මේ ලෝකයෙහි (ඒ රාගාදි) හුල් ඇති ඔහු ද නිදි ලබත්. පහව ගිය (රාගාදී) හුල් ඇති මම කුමක් හෙයින් නො නිදම් ද!
Pali BJTජග්ගං න සඞ්කෙ නපි භෙමි සොත්තුං රත්තින්දිවා නානුතපන්ති මා මං, හානිං න පස්සාමි කුහිඤ්චි ලොකෙ තස්මා සුපෙ සබ්බභූතානුකම්පීති.
Sinhala BJTනිදි වරන්නෙම් ද සැක නො කරමි. නිදන්නටත් නොබමි. රෑදාවල්හු මා නහමක් තවත්. ලොව කිසිතැනෙක (මාගේ) පිරිහීමක් නො දකිමි. එහෙයින් සියලු සතුන් කෙරෙහි අනුකම්පා කරණ සුලු වූයෙම් හෝනෙමි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා -පෙ- තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඑකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී … එහි ම අතුරුදහන් විය.
Pali BJT4. 2. 4.
Sinhala BJT4. 2. 4.
Pali BJTපතිරූපසුත්තං.
Sinhala BJTපතිරූප සූත්‍රය
Pali BJT150. එකං සමයං භගවා කොසලෙසු විහරති එකසාලායං බ්රාහ්මණගාමෙ. තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙති.
Sinhala BJT150. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි ඒකසාල නම් බමුණුගම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක.
Pali BJTඅථ ඛො මාරස්ස පාපිමතො එතදහොසි: අයං ඛො සමණො ගොතමො මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙති. යන්නූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමෙය්යං විචක්ඛුකම්මායාති. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති පවිටු මරුහට මේ මහණ ගොයුම් තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. (බණ අසන්නවුන්ගේ) පැණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි! මේ අදහස වි ය. ඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
Pali BJTනෙතං තව පතිරූපං යදඤ්ඤමනුසාසසි, අනුරොධවිරොධෙසු මා සජ්ජිත්ථො{1} තදාචරන්ති.
Sinhala BJTයම් හෙයකින් මෙරමාහට අනුශාසනා කෙරෙහි ද, එය මුබට සුදුසු නො වේ. එය කෙරෙමින් රාග ප්‍රතිඝ දෙක්හි නො ලැගව.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTහිතානුකම්පී සම්බුද්ධො යදඤ්ඤමනුසාසති, අනුරොධවිරොධෙහි{2} විප්පමුත්තො තථාගතොති.
Sinhala BJTයම් හෙයකින් සර්‍වඥ තෙමේ හිතානුකම්පා ඇති ව මෙරමාහට අනුශාසනා කෙරේ ද, (ඒ) තථාගත තෙමේ රාග ප්‍රතිඝ දෙකින් විශේෂයෙන් මිදුනේ වේ.
Pali BJTඅථ ඛො මාරො පාපිමා -පෙ- තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ … එහි ම අතුරුදහන් වි ය.
Pali BJT4. 2. 5.
Sinhala BJT4. 2. 5.
Pali BJTමානසසුත්තං.
Sinhala BJTමානස සූත්‍රය
Pali BJT151. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ.
Sinhala BJT151. මා විසින් අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක.
Pali BJTඅථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTඅන්තලික්ඛචරො පාසො යොයං{3} චරති මානසො, තෙන තං බාධයිස්සාමි න මෙ සමණ මොක්ඛසීති.
Sinhala BJTඅන්තරික්‍ෂචර වූ (අහස හැසිරෙන්නවුන් පවා බඳනා වූ) සිත්හි හටගත්තා වූ යම් මේ (රාග) පාශයෙක් හැසිරේ ද, එයින් මුබ පෙළන්නෙමි. මහණ, මාගේ විෂයයෙන් නො මිදෙන්නෙහි ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTරූපා සද්දා රසා ගන්ධා ඵොට්ඨබ්බා ච මනොරමා, එත්ථ මෙ විගතො ඡන්දො නිහතො ත්වමසි අන්තකාති.
Sinhala BJTසිත්කලු වූ රූපයෝ ය, ශබ්දයෝ ය, රසයෝ ය, ගන්‍ධයෝ ය, ස්ප්‍රෂ්ටව්‍යයෝ ය, යන මේ පඤ්චකාමවස්තූන් කෙරෙහි වූ මගේ රාගය පහවූයේ ය. මරුව නො නටුයෙහි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා -පෙ- තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මරු … එහි ම අතුරුදහන් වි ය.
Pali BJT4. 2. 6.
Sinhala BJT4. 2 .6.
Pali BJTපත්තසුත්තං.
Sinhala BJTපත්ත සූත්‍රය
Pali BJT152. සාවත්ථියං–
Sinhala BJT152. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උපාදාය භික්ඛූ{4} ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨි කත්වා{5} මනසි කත්වා සබ්බචෙතසා{6} සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ උපාදානස්කන්‍ධ පස පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. සමාදානයෙහි උත්සාහවත් කරණ සේක. හිත හර්‍ෂ ගන්වන සේක. ඒ භික්‍ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇති ව බණ අසත්.
Pali BJTඅථ ඛො මාරස්ස පාපිමතො එතදහොසි: අයං ඛො සමණො ගොතමො පඤ්චන්නං උපාදානක්ඛන්ධානං උපාදාය භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨි කත්වා මනසි කත්වා සබ්බචෙතසා{1} සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති. යන්නූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමෙය්යං විචක්ඛුකම්මායාති.
Sinhala BJTඑලක්හි පවිටු මරුහට මේ අදහස වි ය. මේ මහණ ගොයුම් උපාදානස්කන්‍ධ පස පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වයි. සමාදන් කරවයි. තෙද ගන්වයි. සිත හර්‍ෂ ගන්වයි. ඒ භික්‍ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු හිතින් සමනා ගෙණ යොමු කළ කන් ඇති ව බණ අසත්. (බණ අසන්නවුන්ගේ) පැණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි!
Pali BJTතෙන ඛො පන සමයෙන සම්බහුලා පත්තා අබ්භොකාසෙ නික්ඛිත්තා හොන්ති. අථ ඛො මාරො පාපිමා බලිවද්දවණ්ණං අභිනිම්මිනිත්වා යෙන තෙ පත්තා තෙනුපසඞ්කමි. අථ ඛො අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරං භික්ඛුං එතදවොච: භික්ඛු භික්ඛු එසො බලිවද්දො පත්තෙ භින්දෙය්යාති.
Sinhala BJTඑකල්හි බොහෝ පාත්‍රයෝ එළියෙහි බහන ලද්දාහු වෙත්. එකල්හි පවිටු මාර තෙමේ ගොන්වෙසක් මවා ගෙණ ඒ පාත්‍රයන් වෙත එළඹියේ ය. එකල්හි එක්තරා මහණෙක් එක්තරා මහණකුට “මහණ, මහණ, මේ ගොණා පාත්‍රයන් බිඳුනේ ය” යි මෙය කී ය.
Pali BJTඑවං වුත්තෙ භගවා තං භික්ඛුං එතදවොච: න සො භික්ඛු බලිවද්දො මාරො එස පාපිමා, තුම්හාකං විචක්ඛුකම්මායාගතොති. අථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි{2} අජ්ඣභාසි:
Sinhala BJTමෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට “මහණ, හේ ගොණෙක් නොවේ. මේ පවිටු මරු ය. තොපගේ පැණැස වනසන්නට පැමිණියේ ය”යි මෙය වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් වදාළ සේක:
Pali BJTරූපං වෙදයිතං සඤ්ඤං විඤ්ඤාණං යඤ්ච සඞ්ඛතං, නෙසො හමස්මි නෙතං මෙ එවං තත්ථ විරජ්ජති.
Sinhala BJTරූපය හා වේදනාව හා සංඥාව හා විඥානය හා යම් සංස්කාරධර්‍මයෙක් වේ නම් එය හා මේ පස්කඳ මම නො වෙමි. තෙල මා ගැත්තේ නොවේ යයි මෙසේ එහි නො ඇලේ.
Pali BJTඑවං විරත්තං{3} ඛෙමත්තං සබ්බසංයොජනාතිගං, අන්වෙසං සබ්බඨානෙසු මාරසෙනාපි නාජ්ඣගාති.
Sinhala BJTමෙසේ නො ඇලුනු ක්‍ෂේමප්‍රාප්ත අත්බැව් ඇති සියලු බවබැඳුම් ඉක්මවා සිටි රහත්හු කොහිදැයි සියලු තන්හි සොයන මරපිරිස් ද නො දැක්කේ ය.
Pali BJTඅථ ඛො මාරො පාපිමා -පෙ- තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ … එහි ම අතුරුදහන් වි ය.
Pali BJT4. 2. 7.
Sinhala BJT4. 2. 7.
Pali BJTආයතනසුත්තං.
Sinhala BJTආයතන සූත්‍රය
Pali BJT153. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන භගවා ඡන්නං ඵස්සායතනානං උපාදාය භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨි කත්වා මනසි කත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
Sinhala BJT153. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි වූ මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ ෂට්සප්ර්‍ශායතනයන් පිළිබඳ දැහැමි කතාවෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. හිත හර්‍ෂ ගන්වන සේක. ඒ මහණහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්.
Pali BJTඅථ ඛො මාරස්ස පාපිමතො එතදහොසි: අයං ඛො සමණො ගොතමො ඡන්නං ඵස්සායතනානං උපාදාය භික්ඛූ ධම්මියා කථාය සන්දස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සප්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨි කත්වා මනසි කත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති. යන්නූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමෙය්යං විචක්ඛුකම්මායාති.
Sinhala BJTඑකල පවිටු මරුහට මේ අදහස විය: “මේ මහණගොයුම් ෂට් ස්පර්‍ශායතනයන් පිළිබඳ දැහැමි කතාවෙන් භික්‍ෂූන්ට කරුණු දක්වයි. සමාදන් කරවයි. උත්සාහවත් කරයි. හර්‍ෂ ගන්වයි. ඒ මහණහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්. පැණැස වනසන්නට මහණගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි”
Pali BJTඅථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො අවිදූරෙ මහන්තං භයභෙරවසද්දං අකාසි. අපිස්සුදං{4} පඨවී මඤ්ඤෙ උද්රීයති.{5}
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මහත් බියජනක හඬක් කළේ ය. පොළොව පෙරළන්නක් සෙයිනි.
Pali BJTඅථ ඛො අඤ්ඤතරො භික්ඛු අඤ්ඤතරං භික්ඛුං එතදවොච: භික්ඛු භික්ඛු එසා පඨවී මඤ්ඤෙ උද්රීයතීති.
Sinhala BJTඉක්බිති එක්තරා මහණෙක් එක්තරා මහණෙකුට “මහණ. මහණ, මේ පොළොව (‘පටත් පටත්’ යන අනුකරණ දෙමින්) පෙරෙළෙන්නාක් මෙනැයි මෙය කී ය.
Pali BJTඑවං වුත්තෙ භගවා තං භික්ඛුං එතදවොච: නෙසා භික්ඛු පඨවී උද්රීයති{1}. මාරො එසො පාපිමා තුම්හාකං විචක්ඛුකම්මාය ආගතොති. අථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි{2} අජ්ඣභාසි:
Sinhala BJTමෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණහට “මහණ, මේ පොළොව පෙරෙළෙන්නේ නොවේ. මේ පවිටු මරු ය. තොපගේ පැණැස වනසන්නට ආයේ යයි මෙය වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් වදාළ සේක:
Pali BJTරූපා සද්දා රසා ගන්ධා ඵස්සා ධම්මා ච කෙවලා, එතං ලොකාමිසං ඝොරං එත්ථ ලොකො’ධිමුච්ඡිතො.{1}
Sinhala BJTසියලු රූපයෝ ද ශබ්දයෝ ද රසයෝ ද ගන්‍ධයෝ ද ස්පර්‍ශයෝ ද ධර්‍මයෝ ද යන මෙය දරුණු ලෝකාමිෂය වේ. ලෝ වැස්සා මෙහි දැඩි ලෙස ඇලුනේ ය.
Pali BJTඑතඤ්ච සමතික්කම්ම සතො බුද්ධස්ස සාවකො, මාරධෙය්යමතික්කම්ම{3} ආදිච්චොව විරොචතීති.
Sinhala BJTබුදුරජානන් වහන්සේගේ සිහි ඇති ශ්‍රාවක තෙමේ මේ ෂඩායතන ද ඉක්මවා මරුට ස්ථාන වූ භවත්‍රය ද පසු කොට හිරු මෙන් බබලයි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා -පෙ- තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදහන් වි ය.
Pali BJT4. 2. 8.
Sinhala BJT4. 2. 8.
Pali BJTපිණ්ඩසුත්තං.
Sinhala BJTපිණ්ඩ සූත්‍රය
Pali BJT154. එකං සමයං භගවා මගධෙසු විහරති පඤ්චසාලායං බ්රාහ්මණගාමෙ. තෙන ඛො පන සමයෙන පඤ්චසාලායං බ්රාහ්මණගාමෙ කුමාරකානං පාහුණකානි භවන්ති. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය පඤ්චසාලං බ්රාහ්මණගාමං පිණ්ඩාය පාවිසි. තෙන ඛො පන සමයෙන පඤ්චසාලෙය්යකා බ්රාහ්මණගහපතිකා මාරෙන පාපිමතා අන්වාවිට්ඨා භවන්ති මා සමණො ගොතමො පිණ්ඩමලත්ථාති.
Sinhala BJT154. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙහි පඤ්චශාලා නම් බමුණුගම්හි වැඩවසන සේක. එකල්හි පඤ්චශාලා බමුණුගමෙහි කුමරුන්ගේ (ඔවුනොවුන් යවන) තුටුපඬුරු කෙනෙක් වෙත්. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරෙව පා සිවුරු ගෙණ පඤ්චශාලා නම් බමුණුගමට පිඬු පිණිස පිවිසි සේක. එකල්හි පඤ්චශාලා වැසි බමුණු ගැහැවියෝ පවිටු මරු විසින් “මහණගොයුම් තෙමේ පිඬු නොලබාවා!” යි අවිෂ්ට වෙත්.
Pali BJTඅථ ඛො භගවා යථාධොතෙන පත්තෙන පඤ්චසාලං බ්රාහ්මණගාමං පිණ්ඩාය පාවිසි. තථාධොතෙන පත්තෙන පටික්කමි.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ යථාධෞත පාත්‍රයෙන් (සිස්පයින්) යුක්ත ව පඤ්චශාලා බමුණුගමට පිඬු පිණිස පිවිසි සේක් ද, තථාධෞත පාත්‍රයෙන් (සිස්පයින්) යුක්ත ව පෙරළා වැඩි සේක.
Pali BJTඅථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: අපි සමණ{4} පිණ්ඩමලත්ථාති?
Sinhala BJTඉක්බිති පවිටු මාරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කී ය: ශ්‍රමණය, පිඬු ලැබුවෙහි ද?
Pali BJTතථා නු ත්වං පාපිම අකාසි, යථා’හං පිණ්ඩං න ලභෙය්යන්ති.
Sinhala BJTපවිට, මම යම්සේ පිඬු නො ලබන්නෙමි නම් තෝ එසේ කෙළෙහි නො?
Pali BJTතෙන හි භන්තෙ භගවා දුතියම්පි පඤ්චසාලං බ්රාහ්මණගාමං පවිසතු. තථා’හං කරිස්සාමි, යථා භගවා පිණ්ඩං ලච්ඡතීති.
Sinhala BJTවහන්ස, එසේ නම් භගවත් තෙමේ දෙවනවට දූ පඤ්චශාලා බමුණුගමට පිවිසේවා. භගවත් තෙමේ යම්සේ පිඬු ලබන්නේ නම් මම එසේ කරන්නෙමි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅපුඤ්ඤං පසවී මාරො ආසජ්ජ නං තථාගතං, කින්නු මඤ්ඤසි පාපිම න මෙ පාපං විපච්චති?
Sinhala BJTමාර තෙමේ ඒ තථාගතයන් ගටා පව් රැස් කළේ ය. පවිට, “මාගේ පව් නොපැසෙති”යි කිම සිතයි ද?
Pali BJTසුසුඛං වත ජීවාම යෙසං නො නත්ථි කිඤ්චනං, පීතිභක්ඛා භවිස්සාම දෙවා ආභස්සරා යථාති.
Sinhala BJTයම්බඳු වූ අපට (රාගාදි) ක්ලේශජාතයෙක් නැද්ද (එසේ වූ අපි) ඒකාන්තයෙන් ඉතා සැපසේ ජීවත් වම්හ. ආභස්සර බඹලොව වැසි දෙවියන් මෙන් ප්‍රීතිය ම ආහාර කොට ඇත්තමෝ වම්හ.
Pali BJTඅථ ඛො මාරො පාපිමා -පෙ- තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඑකල්හි පවිටු මාර තෙමේ … එහි ම අතුරුදහන් වි ය.
Pali BJT4. 2. 9.
Sinhala BJT4. 2. 9.
Pali BJTකස්සකසුත්තං.
Sinhala BJTකස්සක සූත්‍රය
Pali BJT155. සාවත්ථියං–
Sinhala BJT155. සැවැත්නුවර–
Pali BJTතෙන ඛො පන සමයෙන භගවා භික්ඛූ නිබ්බාණපටිසංයුත්තාය ධම්මියා කථාය සංදස්සෙති සමාදපෙති සමුත්තෙජෙති සම්පහංසෙති. තෙ ච භික්ඛූ අට්ඨි කත්වා මනසි කත්වා සබ්බචෙතසා සමන්නාහරිත්වා ඔහිතසොතා ධම්මං සුණන්ති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ නිවණ පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන්ට කරුණු දක්වන සේක. සමාදන් කරවන සේක. තෙද ගන්වන සේක. සිත හර්‍ෂ ගන්වන සේක. ඒ භික්‍ෂූහු ද වැඩ ඇත්තක් කොට ගෙණ මෙනෙහි කොට ගෙණ මුළු සිතින් එක් කොට ගෙණ යොමු කළ කන් ඇත්තාහු බණ අසත්.
Pali BJTඅථ ඛො මාරස්ස පාපිමතො එතදහොසි: අයං ඛො සමණො ගොතමො භික්ඛූ නිබ්බාණපටිසංයුත්තාය ධම්මියා කථාය -පෙ- සම්පහංසෙති. තෙ ච භික්ඛු -පෙ- ධම්මං සුණන්ති. යන්නූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමෙය්යං විචක්ඛුකම්මායාති.
Sinhala BJTඑකල්හි පවිටු මරුහට මේ අදහස වි ය. “මේ මහණ ගොයුම් නිවණ පිළිබඳ දැහැමි කථායෙන් භික්‍ෂූන් … හර්‍ෂ ගන්වයි ඒ භික්‍ෂූහු ද … බණ අසත්. පැණැස වනසන්නට මහණ ගොයුම් වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු යි!
Pali BJTඅථ ඛො මාරො පාපිමා කස්සකවණ්ණං අභිනිම්මිනිත්වා මහන්තං නඞ්ගලං ඛන්ධෙ කරිත්වා දීඝං පාචනයට්ඨිං{1} ගහෙත්වා හටහටකෙසො සාණසාටිනිවත්ථො{2} කද්දමමක්ඛිතෙහි පාදෙහි යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: අපි සමණ බලීබද්දෙ අද්දසාති.
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ ගොවිවෙසක් මවා ගෙණ මහ නඟුලක් කර තබාගෙණ දික් කෙවිටිලීයක් ගෙණ හෘතාහෘත කේශ (ඔබමොබ විසිර ගිය කෙහෙ) ඇත්තේ හණ වතක් ඇඳ ගත්තේ මඩ වැකුණු පයින් යුක්තව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය. ශ්‍රමණය, ගොනුන් දැක්කෙහි ද?
Pali BJTකිම්පන පාපිම තෙ බලිවද්දෙහීති?
Sinhala BJTපවිට, තට ගොණුන්ගෙන් කවර වැඩෙක් ද?
Pali BJTමමෙව සමණ චක්ඛු, මම රූපා, මම චක්ඛුසම්ඵස්සවිඤ්ඤාණායතනං. කුහිං මෙ සමණ ගන්ත්වා මොක්ඛසි? මමෙව සමණ සොතං, මම සද්දා, මම සොතසම්ඵස්සවිඤ්ඤාණායතනං. මමෙව සමණ ඝානං, මම ගන්ධා, මම ඝාණසම්ඵස්සවිඤ්ඤාණායතනං. මමෙව සමණ ජිව්හා, මම රසා, මම ජිව්හාසම්ඵස්සවිඤ්ඤාණායතනං. මමෙව සමණ කායො, මම ඵොට්ඨබ්බා, මම කායසම්ඵස්සවිඤ්ඤාණායතනං. මමෙව සමණ මනො, මම ධම්මා, මම මනොසම්ඵස්සවිඤ්ඤාණායතනං. කුහිං මෙ සමණ ගන්ත්වා මොක්ඛසීති?
Sinhala BJTශ්‍රමණය, ඇස මාගේ ම ය. රූප මාගේ ම ය. චක්ඛුසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, කොහි ගොස් මාකෙරෙන් මිදෙන්නෙහි ද? ශ්‍රමණය, කණ මාගේ ම ය. ශබ්දයෝ මාගේ ම ය. සෝතසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, නැහැය මාගේ ම ය, ගන්‍ධයෝ මාගේ ම ය. ඝාණසම්පස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, දිව මාගේ ම ය. රස මාගේ ම ය, ජිව්හාසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, කය මාගේ ම ය, ස්ප්‍රෂ්ටව්‍ය මාගේ ම ය. කායසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, සිත මාගේ ම ය, දහම් මාගේ ම ය, මනෝසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද මාගේ ම ය. ශ්‍රමණය, කොහි ගොස් මාකෙරෙන් මිදෙන්නෙහි ද?
Pali BJTතවෙව පාපිම චක්ඛු, තව රූපා, තව චක්ඛුසම්ඵස්සවිඤ්ඤාණායතනං. යත්ථ ච ඛො පාපිම නත්ථි චක්ඛු, නත්ථි රූපා, නත්ථි චක්ඛුසම්ඵස්සවිඤ්ඤාණායතනං. අගති තව තත්ථ පාපිම.
Sinhala BJTපවිට; ඇස තාගේ ම ය. රූප තාගේ ම ය. චක්ඛුසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. එවිට, යම් තැනෙක ඇස නැද් ද, රූප නැද් ද, චක්ඛුසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.
Pali BJTතවෙව පාපිම සොතං, තව සද්දා, තව සොතසම්ඵස්සවිඤ්ඤාණායතනං. යත්ථ ච ඛො පාපිම නත්ථි සොතං, නත්ථි සද්දා, නත්ථි සොතසම්ඵස්සවිඤ්ඤාණායතනං. අගති තව තත්ථ පාපිම.
Sinhala BJTකණ තාගේ ම ය, ශබ්ද තාගේ ම ය, සෝතසම්ඵස්ස හා විඤ්ඤාණායතනය තාගේ ම ය. පවිට, යම්තැනෙක කණ නැද් ද, ශබ්ද නැද් ද, සෝතසම්ඵස්ස හා විඤ්ඤාණායතනය ද නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.
Pali BJTතවෙව පාපිම ඝානං, තව ගන්ධා, තව ඝාණසම්ඵස්සවිඤ්ඤාණායතනං. -පෙ- අගති තව තත්ථ පාපිම.
Sinhala BJTපවිට, නැහැය තාගේ ම ය. ගන්‍ධයෝ තාගේ ම ය. ඝානසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. … පවිට, එහි තාගේ ගමනෙක් නැත.
Pali BJTතවෙව පාපිම ජිව්හා, තව රසා, තව ජිව්හාසම්ඵස්සවිඤ්ඤාණායතනං -පෙ- අගති තව තත්ථ පාපිම.
Sinhala BJTපවිට, දිව තාගේ ම ය, රස තාගේ ම ය, ජිව්හාසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. … පවිට, එහි තාගේ ගමනෙක් නැත.
Pali BJTතවෙව පාපිම කායො, තව ඵොට්ඨබ්බා තව කායසම්ඵස්සවිඤ්ඤාණායතනං -පෙ- අගති තව තත්ථ පාපිම.
Sinhala BJTපවිට, කය තාගේ ම ය. ස්ප්‍රෂ්ටව්‍යය තාගේ ම ය. කායසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. … එහි තාගේ ගමනෙක් නැත.
Pali BJTතවෙව පාපිම මනො, තව ධම්මා, තව මනොසම්ඵස්සවිඤ්ඤාණායතනං. යත්ථ ච ඛො පාපිම නත්ථි මනො, නත්ථි ධම්මා, නත්ථි මනොසම්ඵස්සවිඤ්ඤාණායතනං. අගති තව තත්ථ පාපිමාති.
Sinhala BJTපවිට, සිත තාගේ ම ය. දහම් තාගේ ම ය. මනෝසම්ඵස්සය හා විඤ්ඤාණායතනය ද තාගේ ම ය. පවිට, යම් තැනක සිත නැද් ද, දහම් නැද් ද, මනෝසම්ඵස්සය හා විඤ්ඤාණායතනයත් නැද් ද, එවිට එහි තාගේ ගමනෙක් නැත.
Pali BJT[මාරො:]
Sinhala BJT[මරු:]
Pali BJTයං වදන්ති මම ඉදන්ති{1} යෙ වදන්ති මමන්ති ච, එත්ථ චෙ තෙ මනො අත්ථි න මෙ සමණ මොක්ඛසීති.
Sinhala BJTමේ මාගේ ය යි යමක් කියද් ද, යම් කෙනෙක් මා ගැත්තේ ය යි කියද්ද, ඉදින් එහි ලා මුබගේ සිතෙක් ඇත් නම් ශ්‍රමණය, මා කෙරෙන් නොමිදෙන්නෙහි ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයං වදන්ති න තං මය්හං යෙ වදන්ති න තෙ අහං, එවං පාපිම ජානාහි න මෙ මග්ගම්පි දක්ඛසීති.
Sinhala BJT(මාගේ ය යි) යමක් කියද් ද, එය මගේ නොවෙයි. යම් කෙනෙක් මා ගැත්තේ ය යි කියද් ද, මම ‘ඔහු’ ද නොවෙමි. පවිට, මෙසේ දනුව. මා ගිය මඟත් නොදන්නෙහි ය.
Pali BJTඅථ ඛො මාරො පාපිමා -පෙ- තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මරු තෙමේ … එහි ම අතුරුදන් විය.
Pali BJT4. 2. 10.
Sinhala BJT4. 2. 10.
Pali BJTරජ්ජසුත්තං.
Sinhala BJTරජ්ජ සූත්‍රය
Pali BJT156. එකං සමයං භගවා කොසලෙසු විහරති හිමවන්තපස්සෙ{2} අරඤ්ඤකුටිකායං. අථ ඛො භගවතො රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි. සක්කා නු ඛො රජ්ජං කාරෙතුං අහනං අඝාතයං අජිනං අජාපයං අසොචං අසොචාපයං ධම්මෙනාති.
Sinhala BJT156. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි හිමවත් පෙදෙසෙහි වන කිළියෙක වැඩ වසන සේක. එකල්හි එකලා වූ චිත්තවිවේකයෙහි යෙදුනු භාග්‍යවතුන් වහන්සේට “නො නස්මින් නො නස්වමින් පරස්වහරණය (ධනහානිය) නො කරමින්-නොකරවමින් ශෝක නො කරමින් නොකරවමින් දැහැමින් රජය කරවන්නට හැක්කේ දෝ”යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.
Pali BJTඅථ ඛො මාරො පාපිමා භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: කාරෙතු භන්තෙ භගවා රජ්ජං, කාරෙතු සුගතො රජ්ජං, අහනං අඝාතයං අජිනං අජාපයං අසොචං අසොචාපයං ධම්මෙනාති.
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ තම සිතින් භාග්‍යවතුන් වහන්සේ සිත්හි පරිවිතර්‍කය දැන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: වහන්ස, භගවත් තෙමේ නො නස්වමින් නො නස්වමින් ධනහානි නො කරමින්-නො කරවමින් ශෝක නො කරමින් ශෝක නො කරවමින් දැහැමෙන් රජය කෙරේවා. සුගත තෙමේ රජය කෙරේවා යි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTකිම්පන ත්වං පාපිම, පස්සසි, යං මං ත්වං එවං වදෙසි: කාරෙතු භන්තෙ භගවා රජ්ජං, කාරෙතු සුගතො රජ්ජං, අහනං අඝාතයං අජිනං අජාපයං අසොචං අසොචාපයං ධම්මෙනාති.
Sinhala BJTපවිට, “වහන්ස, භගවත් තෙමේ නො නස්මින් නො නස්වමින් ධනහානි නො කරමින් නො කරවමින් ශෝක නො කරමින් නො කරවමින් දැහැමින් රජය කෙරේවා, සුගත තෙමේ රජය කෙරේවා”යි යම්හෙයෙකින් තෝ මට මෙසේ කියහි ද, තෝ කුමක් දකිහි ද?
Pali BJT[මාරො:]
Sinhala BJT[මරු:]
Pali BJTභගවතා ඛො භන්තෙ චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. ආකඞ්ඛමානො ච පන භන්තෙ භගවා හිමවන්තං පබ්බතරාජං සුවණ්ණන්ත්වෙව අධිමුච්චෙය්ය සුවණ්ණපබ්බතස්සාති.{3}
Sinhala BJTවහන්ස, භගවත්හු විසින් සතර ඍද්ධිපාදයෝ වඩන ලද්දාහ. බහුල කරණ ලද්දාහ. යානයක් මෙන් කරන ලද්දාහ. වාස්තුවක් මෙන් කරණ ලද්දාහ. නිතර තමා කෙරෙහි පිහිටුවන ලද්දාහ. පුරුදු කරණ ලද්දාහ. භාවනායෙන් සම්පූර්‍ණ කරණ ලද්දාහ. වහන්ස, ඉදින් භගවත් තෙමේ කැමති වන්නේ හිමවත් මහපව්ව රන් ම යයි සිතන්නේ නම් රන්පව්වෙක් වන්නේ ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTපබ්බතස්ස සුවණ්ණස්ස ජාතරූපස්ස කෙවලො{4}, ද්විත්තාව නාලමෙකස්ස ඉති විද්වා සමඤ්චරෙ.
Sinhala BJTස්වර්‍ණසඞ්ඛාත ජාතරූපයෙන් නිමි හුදු පව්වෙක් වේ නම් එමෙන් දෙගුණයක් මහත් පව්වක් වුව ද එක් පුරුෂයකුගේ සිතට නොසෑහේ. මෙසේ දන්නා නුවණැත්තේ සම ව හැසිරෙන්නේ ය.
Pali BJTයො දුක්ඛමද්දක්ඛි යතොනිදානං කාමෙසු සො ජන්තු කථං නමෙය්ය, උපධිං විදිත්වා සඞ්ගොති ලොකෙ තස්සෙව ජන්තු විනයාය සික්ඛෙති.
Sinhala BJTයම් පස්කම් කෙනකුන්ගේ හේතුයෙන් දුක පහළ වේ යයි යමෙක් දුක දිටි නම් ඒ සත්‍ව තෙමේ කෙසේ පස් කම් සුවෙහි නැමෙන්නේ ද (නුවණැති) සත්‍ව තෙමේ ලෝකයෙහි පස්කම්හු ‘සඞ්ගයහ’යි දැන පස්කම් දුරලීම පිණිස ම හික්මෙන්නේ ය.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ භගවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදන් විය.
Pali BJTරජවග්ගො දුතියො.
Sinhala BJTරජ්ජ වර්‍ගය දෙවෙනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTපාසාණො සීහො සකලිකා පතිරූපං ච මානසං, පත්තං ආයතනං පිණ්ඩං කස්සකං රජ්ජෙන තෙ දසාති.
Sinhala BJTපාසාණ, සීහ, සකලිකා, පතිරූප, මානස, පත්ත, ආයතන, පිණ්ඩ, කස්සක, රජ්ජ ය යි සූත්‍ර දශයෙකි.
Pali BJT3. මාරවග්ගො.
Sinhala BJT3. මාර වර්‍ගය
Pali BJT4. 3. 1.
Sinhala BJT4. 3. 1.
Pali BJTසම්බහුලසුත්තං.
Sinhala BJTසම්බහුල සූත්‍රය
Pali BJT157. එවං මෙ සුතං: එකං සමයං භගවා සක්කෙසු විහරති සිලාවතියං. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවතො අවිදූරෙ අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරන්ති.
Sinhala BJT157. මා විසින් අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි සිලාවති ගම්හි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙත්.
Pali BJTඅථ ඛො මාරො පාපිමා බ්රාහ්මණවණ්ණං අභිනිම්මිනිත්වා මහන්තෙන ජටණ්ඩුවෙන අජිනක්ඛිපනිවත්ථො ජිණ්ණො ගොපානසිවඞ්කො ඝුරුඝුරුපස්සාසී උදුම්බරදණ්ඩං ගහෙත්වා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: දහරා භවන්තො පබ්බජිතා සුසූකාලකෙසා භද්රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා අනිකීළිතාවිනො{1} කාමෙසු. භුඤ්ජන්තු භොන්තො{2} මානුසකෙ කාමෙ. මා සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවිත්ථාති.
Sinhala BJTඑකල්හි පවිටු මාර තෙමේ බමුණු වෙසක් මවා ගෙණ මහත් දළසුඹුළුයෙන් යුක්ත ව හැඳි පෙරෙවි අඳුන්දිවිසම් ඇතියේ ජරායෙන් දිරූයේ ගොවනැස්සක් මෙන් වක් වූයේ ඝුරු ඝුරු හඬින් ප්‍රශ්වාස කරණසුලු වූයේ දිඹුල්දඬක් අතින් ගෙණ ඒ භික්‍ෂූන් වෙත එළඹියේ ය. එළඹ ඒ භික්‍ෂූන්ට “භවත් පැවිද්දෝ දහරයහ. මනා අභිනීල කෙහෙ ඇතිය හ. සොඳුරු යොව්නෙන් පළමු වයසින් යුක්තයහ. කම්කෙළියෙහි කෙළුම් නොකළසුල්ලහ. භවත්හු මිනිස් කම්සුව විඳිත්වා. මේ අත්බැව්හි වින්ද යුතු සුව හැර කල් ගෙවා වින්ද යුතු වූ සුව කරා නුදුවත් වා” යි කී.
Pali BJTන ඛො මයං බ්රාහ්මණ සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවාම. කාලිකඤ්ච ඛො මයං බ්රාහ්මණ හිත්වා සන්දිට්ඨිකං අනුධාවාම. කාලිකා හි බ්රාහ්මණ කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහූපායාසා ආදීනවො එත්ථ භිය්යො. සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො{3} පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති.
Sinhala BJTබමුණ, අපි මේ අත්බැව්හි වින්ද යුතු සුව හැර කල් ගෙවා වින්ද යුතු සුව කරා නොදුවමු. බමුණ, අපි කල් ගෙවා වින්ද යුතු සුව හැර මේ අත්බැව්හි වින්ද යුතු සුව කරා දුවමු. බමුණ, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇතියහ. දැඩි ආයාස ඇතියහ. මෙහි දොස් බොහෝහ. මේ ලොවුතුරු දහම මේ අත්බැව්හි තමන් විසින් ම වින්ද යුතු ය. කල් නොයවා විපාක දෙන සුලු ය. එව බලව යි කීමට සුදුසු ය. තමසිත්හි පමුණුවා ලීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතුය යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය.
Pali BJTඑවං වුත්තෙ මාරො පාපිමා සීසං ඔකම්පෙත්වා ජිව්හං නිල්ලාලෙත්වා තිවිසාඛං{4} නලාටෙන ලාටිකං උට්ඨාපෙත්වා දණ්ඩමොලුබ්භ පක්කාමි.
Sinhala BJTමෙසේ කී කල්හි පවිටු මාර තෙමේ හිස යටිකුරු කොට සලා දිව නෙරා ලෙළවා නළලෙහි තුන් රැළි ඇති බැමබිඳුම් නංවා දණ්ඩ එල්බ ගෙන ගියේ ය.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ මයං භන්තෙ භගවතො අවිදූරෙ අප්පමත්තා ආතාපිනො පහිතත්තා විහරාම. අථ ඛො භන්තෙ අඤ්ඤතරො බ්රාහ්මණො මහන්තෙන ජටණ්ඩුවෙන අජිනක්ඛිපනිවත්ථො ජිණ්ණො ගොපානසිවඞ්කො ඝුරුඝුරුපස්සාසී උදුම්බරදණ්ඩං ගහෙත්වා යෙන මයං{1} තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා අම්හෙ එතදවොච:
Sinhala BJTඉක්බිති ඒ මහණහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත් පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: වහන්ස, මෙහි අපි භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි නො පමාව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ව වෙසෙමු. වහන්ස, එකල්හි එක්තරා බමුණෙක් මහත් දළසුඹුළුයෙන් යුක්තව අඳුන් දිවිසම් හැඳ පෙරෙවියේ ජරායෙන් දිරූයේ ගොවනැස්සක් මෙන් වක් වූයේ ඝුරු ඝුරු යන හඬින් ප්‍රශ්වාස කරණ සුලු වූයේ දිඹුල් දණ්ඩක් අතින් ගෙණ අප වෙත එළඹියේ ය. එළඹ අපට මෙය කී ය.
Pali BJTදහරා භවන්තො පබ්බජිතා සුසූකාලකෙසා භද්රෙන යොබ්බනෙන සමන්නාගතා පඨමෙන වයසා අනිකීළිතාවිනො කාමෙසු. භුඤ්ජන්තු භවන්තො මානුසකෙ කාමෙ මා සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවිත්ථාති. එවං වුත්තෙ මයං භන්තෙ තං බ්රාහ්මණං එතදවොචුම්හ: න ඛො මයං බ්රාහ්මණ සන්දිට්ඨිකං හිත්වා කාලිකං අනුධාවාම, කාලිකඤ්ච ඛො මයං බ්රාහ්මණ හිත්වා සන්දිට්ඨිකං අනුධාවාම. කාලිකා හි බ්රාහ්මණ කාමා වුත්තා භගවතා බහුදුක්ඛා බහුපායාසා ආදීනවො එත්ථ භිය්යො. සන්දිට්ඨිකො අයං ධම්මො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහීති. එවං වුත්තෙ භන්තෙ සො බ්රාහ්මණො සීසං ඔකම්පෙත්වා ජිව්හං නිල්ලාලෙත්වා තිවිසාඛං නලාටෙ නලාටිකං වුට්ඨාපෙත්වා දණ්ඩමොලුබ්භ පක්කන්තොති.
Sinhala BJT“භවත් පැවිද්දෝ දහරයහ. කළුකෙහෙ ඇතියහ. සොඳුරු යොව්නෙන් පළමු වයසින් යුක්තයහ. කාමයෙහි ක්‍රීඩා නොකළහ. භවත්හු මිනිස් කම්සුව විඳිත් වා. මේ අත්බැව්හි වින්ද යුතු සුවය හැර කලෙකින් ලැබෙන සුවය කරා නො දුවත්වා” යි. වහන්ස, මෙසේ කී කල්හි ඒ බමුණාට අපි මෙය කීමු. “බමුණ, අපි මේ අත්බැව්හි වින්දයුතු සුව හැර කල් ගෙවා ලැබෙන සුව කරා නො දුවමු. බමුණ, අපි කල් ගෙවා ලැබෙන සුව අත් හැර මේ අත්බැව්හි වින්ද යුතු සුව කරා දුවමු. බමුණ, කාමයෝ කාලිකයහ. බොහෝ දුක් ඇතියහ. දැඩි ආයාස ඇතියහ. මෙහි ආදීනව බොහෝහ. මේ ලොවුතුරු දහම මේ අත්බැව්හි තමා විසින් ම වින්ද යුතු ය. කල් නො යවා විපාක දෙන සුලු ය. එව, බලවයි කීමට සුදුසු ය. තම සිත්හි පමුණුවා ලීමට සුදුසු ය. නුවණැත්තන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතුය යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ ය”යි. වහන්ස, මෙසේ කී කල්හි ඒ බමුණු තෙමේ හිස යටිකුරු කොට සලා දිව නෙරා ලෙළවා නලළෙහි තුන්රැළි ඇති බැමබිඳුම් නංවා දණ්ඩ එල්බ ගෙණ ගියේ ය.
Pali BJTනෙසො භික්ඛවෙ බ්රාහ්මණො. මාරො එස{2} පාපිමා. තුම්හාකං විචක්ඛුකම්මාය ආගතොති. අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං ගාථං අභාසි:
Sinhala BJTමහණෙනි, මේ බමුණෙක් නො වේ. මේ පවිටු මරු ය. තොපගේ නුවණැස වනසාලීම පිණිස පැමිණියේ ය යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලායෙහි මේ ගාථාව වදාළ සේක:
Pali BJTයො දුක්ඛමද්දක්ඛි යතො නිදානං කාමෙසු සො ජන්තු කථං නමෙය්ය, උපධිං විදිත්වා සඞ්ගොති ලොකෙ තස්සෙව ජන්තු විනයාය සික්ඛෙති.
Sinhala BJTයමෙක් දුක යම් පඤ්චකාම ගුණයක් නිදාන කොට ඇතැයි දුටුයේ ද, ඒ සත්‍ව තෙමේ කාමයන්හි කෙසේ නැමෙන්නේ ද, (නො නැමේ මැ යි) ඒ සත්‍ව තෙමේ ලෙව්හි කාමගුණෝපධිය (රාගාදී) සඞ්ගය යි දැන ඒ කාමගුණෝපධිය ම දුරලනු පිණිස හික්මෙන්නේ ය.
Pali BJT4. 3. 2.
Sinhala BJT4. 3. 2.
Pali BJTසමිද්ධිසුත්තං.
Sinhala BJTසමිද්ධි සූත්‍රය
Pali BJT158. එකං සමයං භගවා සක්කෙසු විහරති සිලාවතියං. තෙන ඛො පන සමයෙන ආයස්මා සමිද්ධි භගවතො අවිදූරෙ අප්පමත්තො ආතාපී පහිතත්තො විහරති.
Sinhala BJT158. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි සිලාවති ගම්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි ආයුෂ්මත් සමිද්ධි තෙරණුවෝ නොපමා ව කෙලෙස් තවන වෙර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙත්.
Pali BJTඅථ ඛො ආයස්මතො සමිද්ධිස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි. ලාභා වත මෙ සුලද්ධං වත මෙ යස්ස මෙ සත්ථා අරහං සම්මාසම්බුද්ධො. ලාභා වත මෙ සුලද්ධං වත මෙ යො’හං{3} එවං ස්වාක්ඛාතෙ ධම්මවිනයෙ පබ්බජිතො. ලාභා වත මෙ සුලද්ධං වත මෙ යස්ස මෙ සබ්රහ්මචාරයො{4} සීලවන්තො කල්යාණධම්මාති.
Sinhala BJTඉක්බිති එකලා වූ චිත්තවිවේකයෙන් යුක්ත වූ ආයුෂ්මත් සමිද්ධි තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය. ඒ මාගේ ශාස්තෘ තෙමේ අර්‍හත් ය. සම්‍යක් සම්බුද්ධ ය. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. ඒ මම මෙසේ ස්වාක්ඛාත වූ ශාසනයෙහි පැවිදි වූයෙමි. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි. ඒ මට සිල්වත් කලණ දහම් ඇති සබ්‍රම්සරහු වෙති. ඒ මට එකතින් මහත් ලාභයෙකි. එකතින් මනා ලැබීමෙකි.