Pali BJT12. 11. 5.
Sinhala BJT12. 11. 5.
Pali BJTපඤ්චමනුස්සචුතිසුත්තං
Sinhala BJTපස්වන මනුස්සචුති සූත්‍රය
Pali BJT3952. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මනුස්සා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථඛො එතෙව බහුතරා සත්තා යෙ මනුස්සා තිරච්ඡානයොනියා පච්චාජායන්ති -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3952. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිස්ලොවින් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඒ ඔහු මඳහ . වැළි යම් සත්‍ව කෙනෙක් මිනිස් ලොවින් ච්‍යුතවූවාහු තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 6.
Sinhala BJT12. 11. 6.
Pali BJTඡට්ඨමනුස්සචුතිසුත්තං
Sinhala BJTසවන මනුස්සචුති සූත්‍රය
Pali BJT3953. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මනුස්සා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ මනුස්සා චුතා පෙත්තිවිසයෙ පච්චාජායන්ති -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3953. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මිනිස්ලොවින් ච්‍යුත වූවාහු දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ . වැළි යම් සත්‍ව කෙනෙක් මිනිස්ලොවින් ච්‍යුත වූවාහු ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 7.
Sinhala BJT12. 11. 7.
Pali BJTදෙවචුතිසුත්තං
Sinhala BJTදේවචුති සූත්‍රය
Pali BJT3954. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ දෙවා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ දෙවා චුතා නිරයෙ පච්චාජායන්ති -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3954. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ වෙත් ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 8.
Sinhala BJT12. 11. 8.
Pali BJTදුතියදෙවචුතිසුත්තං
Sinhala BJTදෙවන දේවචුති සූත්‍රය
Pali BJT3955. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ දෙවා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ දෙවා චුතා තිරච්ඡානයොනියා පච්චාජායන්ති -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3955. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් දෙව්ලොවින් ච්‍යුතව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 9.
Sinhala BJT12. 11. 9.
Pali BJTතතියදෙවචුතිසුත්තං
Sinhala BJTතෙවන දේවචුති සූත්‍රය
Pali BJT3956. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ දෙවා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ දෙවා චුතා පෙත්තිවිසයෙ පච්චාජායන්ති -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3956. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දිව්‍යවිෂයෙන් ච්‍යුත ව දිව්‍යවිෂයයෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් දිව්‍යවිෂයයෙන් ච්‍යුත ව ප්‍රේතවිෂයයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 10.
Sinhala BJT12. 11. 10.
Pali BJTචතුත්ථදෙවචුතිසුත්තං
Sinhala BJTසිවුවන දේවචුති සූත්‍රය
Pali BJT3957. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ දෙවා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ දෙවා චුතා නිරයෙ පච්චාජායන්ති -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3957. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 11.
Sinhala BJT12. 11. 11.
Pali BJTපඤ්චමදෙවචුතිසුත්තං
Sinhala BJTපස්වන දේවචුති සූත්‍රය
Pali BJT3958. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ දෙවා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ දෙවා චුතා තිරච්ඡානයොනියා පච්චාජායන්ති -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3958. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව මිනිස්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් දෙව්ලොවින් ච්‍යුත ව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 12.
Sinhala BJT12. 11. 12.
Pali BJTඡට්ඨදෙවචුතිසුත්තං
Sinhala BJTසවන දේවචුති සූත්‍රය
Pali BJT3959. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ දෙවා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ දෙවා චුතා පෙත්තිවිසයෙ පච්චාජායන්ති -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3959. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් දෙවියන් කෙරෙහි ච්‍යුත වූවාහු ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 13.
Sinhala BJT12. 11. 13.
Pali BJTනිරයචුතිසුත්තං
Sinhala BJTනිරයචුති සූත්‍රය
Pali BJT3960. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ නිරයා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ නිරයා චුතා නිරයෙ පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3960. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව මිනිස්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 14.
Sinhala BJT12. 11. 14.
Pali BJTදුතියනිරයචුතිසුත්තං
Sinhala BJTදෙවන නිරයචුති සූත්‍රය
Pali BJT3961. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ නිරයා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ නිරයා චුතා තිරච්ඡානයොනියා පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3961. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් නිරයෙන් ච්‍යුතව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 15.
Sinhala BJT12. 11. 15.
Pali BJTතතියනිරයචුතිසුත්තං
Sinhala BJTතෙවන නිරයචුති සූත්‍රය
Pali BJT3962. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ නිරයා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ නිරයා චුතා පෙත්තිවිසයෙ පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3962. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍වකෙනෙක් නිරයෙන් ච්‍යුතව ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 16.
Sinhala BJT12. 11. 16.
Pali BJTචතුත්ථනිරයචුතිසුත්තං
Sinhala BJTසිවුවන නිරයචුති සූත්‍රය
Pali BJT3963. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ නිරයා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ නිරයා චුතා නිරයෙ පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3963. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 17.
Sinhala BJT12. 11. 17.
Pali BJTපඤ්චමනිරයචුතිසුත්තං
Sinhala BJTපස්වන නිරයචුති සූත්‍රය
Pali BJT3964. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ නිරයා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ නිරයා චුතා තිරච්ඡානයොනියා පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3964. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 18.
Sinhala BJT12. 11. 18.
Pali BJTඡට්ඨනිරයචුතිසුත්තං
Sinhala BJTසවන නිරයචුති සූත්‍රය
Pali BJT3965. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ නිරයා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ නිරයා චුතා පෙත්තිවිසයෙ පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3965. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් නිරයෙන් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඒ සත්‍වයෝ මඳහ. වැළි යම් කෙනෙක් නිරයෙන් ච්‍යුතව ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 19.
Sinhala BJT12. 11. 19.
Pali BJTතිරච්ඡානචුතිසුත්තං
Sinhala BJTතිරච්ඡානචුති සූත්‍රය
Pali BJT3966. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා නිරයෙ පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3966. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්‍වයෝ මඳහ. වැළි යම් කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 20.
Sinhala BJT12. 11. 20.
Pali BJTදුතියතිරච්ඡානචුතිසුත්තං
Sinhala BJTදෙවන තිරච්ඡානචුති සූත්‍රය
Pali BJT3967. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා තිරච්ඡානයොනියා පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3967. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්‍වයෝ මඳහ. වැළි යම් කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව තිරිසන් යොන්හි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 21.
Sinhala BJT12. 11. 21.
Pali BJTතතියතිරච්ඡානචුතිසුත්තං
Sinhala BJTතෙවන තිරච්ඡානචුති සූත්‍රය
Pali BJT3968. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා පෙත්තිවිසයෙ පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3968. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව මිනිස්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 22.
Sinhala BJT12. 11. 22.
Pali BJTචතුත්ථතිරච්ඡානචුතිසුත්තං
Sinhala BJTසිව්වන තිරච්ඡානචුති සූත්‍රය
Pali BJT3969. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා නිරයෙ පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3969. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 23.
Sinhala BJT12. 11. 23.
Pali BJTපඤ්චමතිරච්ඡානචුතිසුත්තං
Sinhala BJTපඤ්චම තිරච්ඡානචුති සූත්‍රය
Pali BJT3970. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා තිරච්ඡානයොනියා පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3970. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත ව තිරිසන්යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 24.
Sinhala BJT12. 11. 24.
Pali BJTඡට්ඨතිරච්ඡානචුතිසුත්තං
Sinhala BJTසවන තිරච්ඡානචුති සූත්‍රය
Pali BJT3971. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ තිරච්ඡානයොනියා චුතා පෙත්තිවිසයෙ පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3971. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත වූවාහු දෙවියන් අතර උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් තිරිසන් යෝනින් ච්‍යුත වූවාහු ප්‍රෙතයන් අතර උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 25.
Sinhala BJT12. 11. 25.
Pali BJTපෙත්තිචුතිසුත්තං
Sinhala BJTපෙත්තිචුති සූත්‍රය
Pali BJT3972. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ පෙත්තිවිසයා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ පෙත්තිවිසයා චුතා නිරයෙ පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3972. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි
Pali BJT12. 11. 26.
Sinhala BJT12. 11. 26.
Pali BJTදුතියපෙත්තිචුතිසුත්තං
Sinhala BJTදෙවන පෙත්තිචුති සූත්‍රය
Pali BJT3973. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ පෙත්තිවිසයා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ පෙත්තිවිසයා චුතා තිරච්ඡානයොනියා පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3973. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 27.
Sinhala BJT12. 11. 27.
Pali BJTතතියපෙත්තිචුතිසුත්තං
Sinhala BJTතෙවන පෙත්තිචුති සූත්‍රය
Pali BJT3974. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ පෙත්තිවිසයා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ පෙත්තිවිසයා චුතා පෙත්තිවිසයෙ පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3974. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු ප්‍රේතවිෂයයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 28.
Sinhala BJT12. 11. 28.
Pali BJTචතුත්ථපෙත්තිචුතිසුත්තං
Sinhala BJTසිවුවන පෙත්තිචුති සූත්‍රය
Pali BJT3975. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ පෙත්තිවිසයා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ පෙත්තිවිසයා චුතා නිරයෙ පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3975. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මොහුම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 29.
Sinhala BJT12. 11. 29.
Pali BJTපඤ්චමපෙත්තිචුතිසුත්තං
Sinhala BJTපස්වන පෙත්තිචුති සූත්‍රය
Pali BJT3976. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ පෙත්තිවිසයා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ පෙත්තිවිසයා චුතා තිරච්ඡානයොනියා පච්චාජායන්ති. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3976. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත වූවාහු තිරිසන් යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 30.
Sinhala BJT12. 11. 30.
Pali BJTඡට්ඨපෙත්තිචුතිසුත්තං
Sinhala BJTසවන පෙත්තිචුති සූත්‍රය
Pali BJT3977. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ පෙත්තිවිසයා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ පෙත්තිවිසයා චුතා පෙත්තිවිසයෙ පච්චාජායන්ති. තං කිස්ස හෙතු: අදිට්ඨතා භික්ඛවෙ. චතුන්නං අරිය සච්චානං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස, දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස, දුක්ඛනිරොධස්ස අරියසච්චස්ස, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛන්ති” යොගො කරණීයො, “අයං දුක්ඛසමුදයො”ති යොගො කරණීයො, “අයං දුක්ඛනිරොධො”ති යොගො කරණීයො, “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති. ඉදමවොච භගවා. අත්තමනා තෙ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJT3977. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත ව දෙව්ලොව උපදිත් නම් ඔහු මඳහ. වැළි යම් සත්‍ව කෙනෙක් ප්‍රේතවිෂයයෙන් ච්‍යුත ව ප්‍රේතවිෂයයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින් ද යත්: මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යය කෙනෙක යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක හටගැනුමැ” යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක් වැළැක්ම”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.
Pali BJTපඤ්චගතිවග්ගො එකාදසමො.
Sinhala BJTඑකොළොස්වැනි පඤ්චගතිවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTභවන්ති ඡ සුත්තන්තා චුතිනාමෙන දස්සිතා, මනුස්සදෙවනිරය තිරච්ඡානපෙත්තිතො හී ති.
Sinhala BJTමනුස්සචුති, දේවචුති, නිරයචුති, තිරච්ඡානචුති , පෙත්තිචුති වශයෙන් චුති නමින් දක්වන ලද ෂට්සූත්‍රාන්ත කෙනෙක් වෙති යි.
Pali BJTසච්චසංයුත්තං සමත්තං.
Sinhala BJTසච්චසංයුත්තය සමාප්ත යි.
Pali BJTනිට්ඨිතො මහාවග්ගො.
Sinhala BJTමහාවග්ගය නිමියේ යි.
Pali BJTතත්රසංයුත්තුද්දානං:
Sinhala BJTඑහි සංයුත්තනාමාවලිය:
Pali BJTමග්ගං බොජ්ඣඞ්ගං සති ච ඉන්ද්රියං සම්මප්පධානං බලඤ්ච ඉද්ධනුරුද්ධං ඣානං ච ආනාපානෙන, සොතාපත්ති ච සච්චන්ති සංයුත්තානි ද්වාදසාති.
Sinhala BJTමග්ග, බොජ්ඣඞ්ග , සති, ඉන්‍ද්‍රිය, සම්මප්පධාන, බල, ඉද්ධිපාද, අනුරුද්ධ, ඣාන, ආනාපාන, සෝතාපත්ති, සච්ච යී සංයුත්ත දොළසෙක් වේ යි.
Pali BJTතත්රවග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ගනාමාවලිය:
Pali BJTසමාධී ච ධම්මචක්කප්පවත්තනො කොටිගාමො සිංසපාවන පපාතා ඡළෙවාහිසමයොති චත්තාරො චාමකධඤ්ඤ පෙය්යාලනාමකාපි ච පඤ්චගති පෙය්යාලෙන එකාදස භවන්ති හීති.
Sinhala BJTසමාධි, ධම්මචක්කප්පවත්තන, කෝටිගාම, සිංසපාවන, පපාත, අභිසමය යි සයෙක් ම වේ. (ආමකධඤ්ඤපෙය්‍යාල, දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල, තතිය ආමකධඤ්ඤපෙය්‍යාල, චතුත්‍ථ ආමකධඤ්ඤපෙය්‍යාල යි) ආමකධඤ්ඤපෙය්‍යාල යන නම් ඇත්තා වූ වර්‍ග සතරෙකි. (ඒ සියල්ල) පඤ්චගති පෙය්‍යාලවර්‍ගය සමග (සච්චසංයුත්තයෙහි වර්‍ග) එකොළොසෙක් වේ මැ යි.
Pali BJTසංයුත්තනිකායො නිට්ඨිතො.
Sinhala BJTසංයුත්තනිකාය නිමියේ යි.