Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 14901-15000 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3913. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ පාණාතිපාතා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ පාණාතිපාතා අප්පටිවිරතා. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3913. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් පණිවායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් පණිවායෙන් නොවැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 8. 2.
Sinhala BJT12. 8. 2.
Pali BJTඅදින්නාදානසුත්තං
Sinhala BJTඅදින්නාදාන සූත්‍රය
Pali BJT3914. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ අදින්නාදානා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අදින්නාදානා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3914. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් අයිනාදනින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් අයිනාදනින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 8. 3.
Sinhala BJT12. 8. 3.
Pali BJTකාමෙසුමිච්ඡාචාරසුත්තං
Sinhala BJTකාමෙසුමිච්ඡාචාර සූත්‍රය
Pali BJT3915. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ කාමෙසුමිච්ඡාචාරා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ කාමෙසුමිච්ඡාචාරා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3915. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් කාමයෙහි මිසහසරින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් කාමයෙහි මිසහසරින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 8. 4.
Sinhala BJT12. 8. 4.
Pali BJTමුසාවාදසුත්තං
Sinhala BJTමුසාවාද සූත්‍රය
Pali BJT3916. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මුසාවාදා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ මුසාවාදා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3916. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මුසවායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් මුසවායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 8. 5.
Sinhala BJT12. 8. 5.
Pali BJTපිසුණවාචාසුත්තං
Sinhala BJTපිසුණවාචා සූත්‍රය
Pali BJT3917. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ පිසුනාය වාචාය{1} පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ පිසුනාය වාචාය අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3917. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් පිසුණුබසින් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් පිසුණුබසින් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 8. 6.
Sinhala BJT12. 8. 6.
Pali BJTඵරුසවාචාසුත්තං
Sinhala BJTඵරුසවාචා සූත්‍රය
Pali BJT3918. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ඵරුසාය වාචාය{2} පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ඵරුසාය වාචාය අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3918. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් රළුබසින් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. යළි යම් සත්‍ව කෙනෙක් රළුබසින් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 8. 7.
Sinhala BJT12. 8. 7.
Pali BJTසම්ඵප්පලාපසුත්තං
Sinhala BJTසම්ඵප්පලාප සූත්‍රය
Pali BJT3919. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ සම්ඵප්පලාපා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ සම්ඵප්පලාපා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3919. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් හිස්බසින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් හිස්බසින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 8. 8.
Sinhala BJT12. 8. 8.
Pali BJTබීජගාමසුත්තං
Sinhala BJTබීජගාම සූත්‍රය
Pali BJT3920. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ බීජගාමභූතගාමසමාරම්භා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ බීජගාමභූතගාමසමාරම්භා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3920. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් ගස්තුරුලිය කලකුරුවීමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් ගස්තුරුලිය කලකුරුවීමෙන් නොවැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 8. 9.
Sinhala BJT12. 8. 9.
Pali BJTවිකාලභොජනසුත්තං
Sinhala BJTවිකාලභොජන සූත්‍රය
Pali BJT3921. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ විකාලභොජනා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ විකාලභොජනා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3921. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් විකල් බොජුනෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් විකල් බොජුනෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 8. 10.
Sinhala BJT12. 8. 10.
Pali BJTවිලෙපනසුත්තං
Sinhala BJTවිලේපන සූත්‍රය
Pali BJT3922. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ මාලාගන්ධවිලෙපනධාරණමණ්ඩනවිභූසනට්ඨානා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3922. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මල්ගඳ විලෙවුන් දැරුමට අඩු තැන් පිරවුමට සැරසුමට හේතු වූ කරුණින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් මල්ගඳ විලෙවුන් දැරුමට අඩුතැන් පිරවුමට හේතු වූ කරුණින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කට යුතු යි.
Pali BJTදුතිය ආමකධඤ්ඤපෙය්යාලවග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවැනි දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTපාණං අදින්නං කාමෙසු මුසාපෙසුඤ්ඤ ඵරුසා, සම්ඵප්පලාපං බීජඤ්ච විකාලො ච විලෙපන්ති.
Sinhala BJTපාණාතිපාත, අදින්නාදාන, කාමෙසුමිච්ඡාචාර, මුසාවාද, පිසුණාවාචා, ඵරුසාවාචා, සම්ඵප්පලාප, බීජගාම, විකාලභොජන, විලේපන යි සූත්‍ර දසයෙකි යි.
Pali BJT9. තතිය ආමකධඤ්ඤපෙය්යාලවග්ගො
Sinhala BJT9. තතිය ආමකධඤ්ඤ පෙය්‍යාල වර්‍ගය
Pali BJT12. 9. 1.
Sinhala BJT12. 9. 1.
Pali BJTනච්චගීතසුත්තං
Sinhala BJTනච්චගීත සූත්‍රය
Pali BJT3923. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ නච්චගීතවාදිතවිසූකදස්සනා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ නච්චගීතවාදිතවිසූකදස්සනා අප්පටිවිරතා. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3923. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් විසුළු දස්නෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් නැටුමෙන් ගැයුමෙන් වැයුමෙන් විසුළු දස්නෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 9. 2.
Sinhala BJT12. 9. 2.
Pali BJTඋච්චාසයනසුත්තං
Sinhala BJTඋච්චාසයන සූත්‍රය
Pali BJT3924. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ උච්චාසයනමහාසයනා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ උච්චාසයනමහාසයනා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3924. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් උසසුන් මහ අස්නෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් උසසුන් මහ අස්නෙන් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 9. 3.
Sinhala BJT12. 9. 3.
Pali BJTජාතරූපසුත්තං
Sinhala BJTජාතරූප සූත්‍රය
Pali BJT3925. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ජාතරූපරජතපටිග්ගහණා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ජාතරූපරජතපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3925. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් රන්රිදී මසුකහවණු පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳය හ. වැලි යම් සත්‍ව කෙනෙක් රන්රිදී මසුකහවණු පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 9. 4.
Sinhala BJT12. 9. 4.
Pali BJTආමකධඤ්ඤසුත්තං
Sinhala BJTආමකධඤ්ඤ සූත්‍රය
Pali BJT3926. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ආමකධඤ්ඤපටිග්ගහණා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ආමකධඤ්ඤපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3926. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් අමුධාන්‍ය පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්‍ව කෙනෙක් අමුධාන්‍ය පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 9. 5.
Sinhala BJT12. 9. 5.
Pali BJTආමකමංසසුත්තං
Sinhala BJTආමකමංස සූත්‍රය
Pali BJT3927. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ආමකමංසපටිග්ගහණා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ආමකමංසපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3927. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් අමුමස් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් අමුමස් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 9. 6.
Sinhala BJT12. 9. 6.
Pali BJTකුමාරිකසුත්තං
Sinhala BJTකුමාරික සූත්‍රය
Pali BJT3928. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ඉත්ථිකුමාරිකපටිග්ගහණා{1} පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ඉත්ථිකුමාරිකපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3928. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් (විවාහක) ඉතිරි (අවිවාහක) කුමරියන් පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් ඉතිරිකුමරියන් පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කට යුතුයි.
Pali BJT12. 9. 7.
Sinhala BJT12. 9. 7.
Pali BJTදාසිදාසසුත්තං
Sinhala BJTදාසිදාස සූත්‍රය
Pali BJT3929. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ දාසිදාසපටිග්ගහණා පටිවිරතා අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ දාසිදාසපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3929. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් දැසිදසුන් පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් දැසිදසුන් පිළිගැනුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 9. 8.
Sinhala BJT12. 9. 8.
Pali BJTඅජෙළකසුත්තං
Sinhala BJTඅජෙළක සූත්‍රය
Pali BJT3930. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ අජෙළකපටිග්ගහණා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අජෙළකපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3930. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් එළුතිරෙළුන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. යළි යම් කෙනෙක් එළුතිරෙළුන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 9. 9.
Sinhala BJT12. 9. 9.
Pali BJTකුක්කුටසූකරසුත්තං
Sinhala BJTකුක්කුට සූකර සූත්‍රය
Pali BJT3931. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ කුක්කුටසූකරපටිග්ගහණා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ කුක්කුටසූකරපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3931. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් කුකුළුන් හූරන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳය හ. යළි යම් කෙනෙක් කුකුළුන් හා හූරන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 9. 10.
Sinhala BJT12. 9. 10.
Pali BJTවළවාසුත්තං
Sinhala BJTවළවා සූත්‍රය
Pali BJT3932. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ හත්ථිගවාස්සවළවාපටිග්ගහණා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ හත්ථිගවාස්සවළවාපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3932. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ඇතුන් ගෙරින් අසුන් වෙළඹුන් පිළිගැන්මෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. වැළි යම් කෙනෙක් ඇතුන් ගෙරින් අසුන් වෙළඹුන් පිළිගැන්මෙන් නො වැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJTතතිය ආමකධඤ්ඤපෙය්යාලවග්ගො නවමො.
Sinhala BJTනවවැනි තතිය ආමකධඤ්ඤ පෙය්‍යාල වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTනච්චුච්චාසයනරජතා ධඤ්ඤං මංසං කුමාරිකං, දාසිදාසාජෙළකා ච කුක්කුටවළවෙහි චාති.
Sinhala BJTනච්චගීත, උච්චාසයන, ජාතරූප, ආමකධඤ්ඤ, ආමකමංස, කුමාරික, දාසිදාස, අජෙළක යන සූත්‍ර අට හා කුක්කුට සුකර වාළවා සූත්‍ර දෙක යි සූත්‍ර දශයෙකි.
Pali BJT10. චතුත්ථ ආමකධඤ්ඤපෙය්යාලවග්ගො
Sinhala BJT10. චතුත්‍ථ ආමකධඤ්ඤපෙය්‍යාල වර්‍ගය
Pali BJT12. 10. 1.
Sinhala BJT12. 10. 1.
Pali BJTඛෙත්තවත්ථුසුත්තං
Sinhala BJTඛෙත්තවත්‍ථු සූත්‍රය
Pali BJT3933. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ඛෙත්තවත්ථුපටිග්ගහණා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ඛෙත්තවත්ථුපටිග්ගහණා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3933. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් කෙත්වතු පිළිගැනුමෙන් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. යළි යම් සත්‍වකෙනෙක් කෙත්වතු පිළිගැන්මෙන් නොවැළකුණාහු නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 10. 2.
Sinhala BJT12. 10. 2.
Pali BJTකයවික්කයසුත්තං
Sinhala BJTකයවික්කය සූත්‍රය
Pali BJT3934. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ කයවික්කයා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ කයවික්කයා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3934. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිල දී ගැනුමෙන් විකුණුමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්‍වකෙනෙක් මිල දී ගැනුමෙන් විකුණුමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 10. 3.
Sinhala BJT12. 10. 3.
Pali BJTදූතෙය්යසුත්තං
Sinhala BJTදූතෙය්‍ය සූත්‍රය
Pali BJT3935. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ දූතෙය්යපහිණ{1}ගමනානුයොගා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ දූතෙය්යපහිණගමනානුයොගා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3935. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් ගිහියන්ගේ පණිවුඩපනත්මෙහෙවර කිරීමෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. යළි යම් සත්‍වකෙනෙක් ගිහියන්ගේ පණිවුඩපනත් මෙහෙවර කිරීමෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 10. 4-6.
Sinhala BJT12. 10. 4-6.
Pali BJTතුලාකූටාදිසුත්තානි
Sinhala BJTතුලාකූටාදි සූත්‍ර
Pali BJT3936-3938. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ තුලාකූට-කංසකූට-මානකූටා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ තුලාකූට-කංසකූට-මානකූටා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3936-3938. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් කුළුතුලා - කුළුලොහො - කුළුමිනුමින් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්‍වකෙනෙක් කුළුතුලා - කුළුලොහෝ - කුළුමිනුමින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 10. 7-9.
Sinhala BJT12. 10. 7-9.
Pali BJTඋක්කොටනාදිසුත්තානි
Sinhala BJTඋක්කෝටනාදි සූත්‍ර
Pali BJT3939-3941. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ උක්කොටන-වඤ්චන-නිකතිසාචියොගා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ උක්කොටන-වඤ්චන-නිකතිසාචියොගා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3939-3941. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් ලස් ගැනුම් - මුළා කිරීම් - රැවටීම් සඞ්ඛ්‍යාත වඤ්චනික ක්‍රියායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍වකෙනෙක් ලස් ගැනුම් - මුළා කිරීම් - රැවටීම් සඞ්ඛ්‍යාත වඤ්චනික ක්‍රියායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 10. 10-15.
Sinhala BJT12. 10. 10-15.
Pali BJTඡෙදනාදිසුත්තානි
Sinhala BJTඡෙදනාදි සූත්‍ර
Pali BJT3942-3947. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ඡෙදන-වධ-බන්ධන-විපරාමොස-ආලොප-සහසාකාරා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ඡෙදන-වධ-බන්ධන-විපරාමොස-ආලොප-සහසාකාරා අප්පටිවිරතා. තං කිස්ස හෙතු, අදිට්ඨත්තා භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස, දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස, දුක්ඛනිරොධස්ස අරියසච්චස්ස, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො. “අයං දුක්ඛසමුදයො”ති යොගො කරණීයො. “අයං දුක්ඛනිරොධො”ති යොගො කරණීයො. “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJT3942-3947. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් සිඳුම් - මැරුම් - බැඳුම් - පැහැර ගැනුම් - ගම්පැහැරුම් - අබිබවා ගැනුම් ක්‍රියායෙන් වැළකුණාහු නම් ඔහු මඳයහ. වැළි යම් සත්‍ව කෙනෙක් සිඳුම් - මැරුම් - බැඳුම් - පැහැර ගැනුම් - ගම්පැහැරුම් - අබිබවා ගැනුම් ක්‍රියායෙන් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍ය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යය, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක්ඛසමුදය”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක්ඛනිරෝධ”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJTචතුත්ථ ආමකධඤ්ඤපෙය්යාලවග්ගො දසමො.
Sinhala BJTදශවන චතුත්‍ථ ආමකධඤ්ඤ පෙය්‍යාල වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTඛෙත්තං කයං දූතෙය්යඤ්ච තුලාකූටංකංසකූටං, මානකූටං උක්කොටනං වඤ්චනනිකති, ඡෙදනා, වධබන්ධනං විපරාමොසාලොපසාහසානීති.
Sinhala BJTඛෙත්තවත්‍ථු, කයවික්කය, දූතෙය්‍ය, තුලාකූට, කංසකූට, මානකූට, උක්කෝටන, වඤ්චන, නිකති, ඡේදන, වධ, බන්‍ධන, විපරාමෝස, ආලෝප, සාහස යි පසළොස් සුතුරු කෙනෙකි යි.
Pali BJT11. පඤ්චගතිපෙය්යාලවග්ගො
Sinhala BJT11. පඤ්චගතිපෙය්‍යාල වර්‍ගය
Pali BJT12. 11. 1.
Sinhala BJT12. 11. 1.
Pali BJTමනුස්සචුතිසුත්තං
Sinhala BJTමනුස්සචුති සූත්‍රය
Pali BJT3948. අථ ඛො භගවා පරිත්තං නඛසිඛායං පංසුං ආරොපෙත්වා භික්ඛූ ආමන්තෙසි: “තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යො චායං මයා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො, අයං වා මහාපඨවී”ති. “එතදෙව භන්තෙ, බහුතරං යදිදං මහාපඨවී. අප්පමත්තකොයං භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො. සඞ්ඛම්පි න උපෙති, උපනිධිම්පි න උපෙති, කලභාගම්පි න උපෙති, මහාපඨවිං උපනිධාය භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො”ති. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මනුස්සා{1} චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ මනුස්සා චුතා නිරයෙ පච්චාජායන්ති. තං කිස්ස හෙතු? අදිට්ඨත්තා භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං කතමෙසං චතුන්නං? දුක්ඛස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධගාමිනීපටිපදාය අරියසච්චස්ස. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛන්ති” යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJT3948. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස්බිඳක් නගා භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද කිමෙක් ඉබොහෝ ද මවිසින් යම් මේ පස්බිඳෙක් නියසිළෙහි නඟන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැ” යි? “වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නඟන ලද මේ පස්බිඳ ඉතාමඳ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නඟන ලද පස්බිඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගිණුමට ද නො පැමිණේ. සැසඳුමටද නො පැමිණේ”. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුත වූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්‍වයෝ මඳයහ. වැළි යම් කෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුත වූවාහු නිරයෙහි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ. ඒ කවර හෙයින් යත්: මහණෙනි, සිවු අරීසස් නුදුටු බැවිනි, කවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍යය ... දුඃඛ නිරොධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කට යුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කට යුතු යි.
Pali BJT12. 11. 2.
Sinhala BJT12. 11. 2.
Pali BJTදුතියමනුස්සචුතිසුත්තං
Sinhala BJTදෙවන මනුස්සචුති සූත්‍රය
Pali BJT3949. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මනුස්සා චුතා මනුස්සෙසු පච්චාජායන්ති, අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ මනුස්සා චුතා තිරච්ඡානයොනියා පච්චාජායන්ති. තං කිස්ස හෙතු -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3949. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳයහ . යළි යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු තිරිසන්යොන්හි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින් යත් ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 3.
Sinhala BJT12. 11. 3.
Pali BJTතතියමනුස්සචුතිසුත්තං
Sinhala BJTතෙවන මනුස්සචුති සූත්‍රය
Pali BJT3950. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මනුස්සා චුතා මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ මනුස්සා චුතා පෙත්තිවිසයෙ පච්චාජායන්ති -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3950. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඒ සත්‍වයෝ මඳයහ . වැළි යම් සත්‍වකෙනෙක් මිනිසුන් කෙරෙන් ච්‍යුතවූවාහු ප්‍රේතවිෂයෙහි උපදිත් නම් මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 11. 4.
Sinhala BJT12. 11. 4.
Pali BJTචතුත්ථමනුස්සචුතිසුත්තං
Sinhala BJTසිවුවන මනුස්සචුති සූත්‍රය
Pali BJT3951. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මනුස්සා චුතා දෙවෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ මනුස්සා චුතා නිරයෙ පච්චාජායන්ති -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3951. මහණෙනි, එසෙයින් ම යම් සත්‍වකෙනෙක් මිනිස් ලොවින් ච්‍යුතවූවාහු දෙවියන් කෙරෙහි උපදිත් නම් ඔහු මඳයහ. වැළි යම් සත්‍වකෙනෙක් මිනිස්ලොවින් ච්‍යුතවූවාහු නිරයෙහි උපදිත් නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.