Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1401-1500 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT4. 1. 2.
Sinhala BJT4. 1. 2.
Pali BJTනාගසුත්තං.
Sinhala BJTනාග සූත්‍රය
Pali BJT138. එවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධමූලෙ පඨමාභිසම්බුද්ධො . තෙන ඛො පන සමයෙන භගවා රත්තන්ධකාරතිමිසායං අජ්ඣොකාසෙ{1} නිසින්නො හොති. දෙවො ච එකමෙකං ඵුසායති.
Sinhala BJT138. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා තෙරැ අජපල් නුගරුක්මුල වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ දැඩිගනඅඳුරෙහි එළිමහනෙක වැඩහුන් සේක. වැස්ස ද එක්එක් පොද හෙළයි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා භගවතො භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො මහන්තං හත්ථිරාජවණ්ණං අභිනිම්මිනිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. සෙය්යථාපි නාම මහාඅරිට්ඨකො මණි, එවමස්ස සීසං හොති. සෙය්යථාපි නාම සුද්ධං රූපියං, එවමස්ස දන්තා හොන්ති. සෙය්යථාපි නාම නඞ්ගලීසා{2}, එවමස්ස සොණ්ඩො හොති.
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේට බිය වෙවුළුම ලොමු දැහැගැන්ම උපදවනු කැමැත්තේ මහත් ඇත්රජවෙසක් මවා ගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ඔහුගේ හිස මහකළුගලක් වැන්න. ඔහුගේ දත් පිරිසිදු රිදී වැන්න. ඔහුගේ සොඬය නගුලිස්දඬක් වැන්න.
Pali BJTඅථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යි දැන පවිටු මාරයාහට ගාථායෙන් වදාළ සේක.
Pali BJTසංසරං{3} දීඝමද්ධානං වණ්ණං කත්වා සුභාසුභං, අලං තෙ තෙන පාපිම නිහතො ත්වමසි අන්තකාති.
Sinhala BJTදීර්‍ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ ශුභාශුභ වේශවිලාස කොට (මා වෙත) පැමිණියෙහි ය. මාරය, එයින් තට කම් නැත. මාරයා, තෝ නටුයෙහි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටුසිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
Pali BJT4. 1. 3.
Sinhala BJT4. 1. 3.
Pali BJTසුභසුත්තං.
Sinhala BJTසුභ සූත්‍රය
Pali BJT139. එවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති -පෙ- පඨමාභිසම්බුද්ධො. තෙන ඛො පන සමයෙන භගවා රත්තන්ධකාරතිමිසායං අජ්ඣොකාසෙ{1} නිසින්නො හොති. දෙවො ච එකමෙකං ඵුසායති.
Sinhala BJT139. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සම්බෝධියෙන් පළමුවලා උරුවෙල් දනව්වෙහි … වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ දැඩිගනඳුරෙහි අබවස වැඩහුන් සේක. වැස්ස ද එක්එක් පොද හෙළයි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා භගවතො භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො අවිදූරෙ උච්චාවචා වණ්ණනිභා උපදංසෙති සුභා චෙව අසුභා ච.
Sinhala BJTඑකල්හි පවිටු මරු තෙමේ භාග්‍යවතුන් වහන්සේට බියවෙවුළුම ලොමුදැහැගැන්ම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි ප්‍රිය වූත් අප්‍රිය වූත් විසිතුරු සටහන් දක්වයි.
Pali BJTඅථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු යයි දැන පවිටු මරුහට ගාථාවලින් වදාළ සේක:
Pali BJTසංසරං දීඝමද්ධානං වණ්ණං කත්වා සුභාසුභං, අලං තෙ තෙන පාපිම නිහතො ත්වමසි අන්තක.
Sinhala BJTදීර්‍ඝකාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ ශුභාශුභවේශ විලාස කොට (මා වෙත ආයෙහි ය.) එම්බල පවිටු මරුව, තට එයින් කම් නැත. මරුව තෝ නටුයෙහි.
Pali BJTයෙ ච කායෙන වාචාය මනසා ච සුසංවුතා, න තෙ මාරවසානුගා න තෙ මාරස්ස බද්ධගූති{4}.
Sinhala BJTයම් කෙනෙක් කයින් ද වචනයෙන් ද සිතින් ද දසංවෘත වෙද්ද, මරුව, ඔහු තට වසඟ නොවෙත්. ඔහු මාරයාගේ බැම්මට අසු (-අතැවැස්සෝ) නො වෙත්.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඑකල්හි පවිටු මරු තෙමේ “භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය”යි දුකට පත් වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
Pali BJT4. 1. 4.
Sinhala BJT4. 1. 4.
Pali BJTපඨමපාසසුත්තං.
Sinhala BJTපඨමපාස සූත්‍රය
Pali BJT140. එවං මෙ සුතං. එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති, භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT140. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි ඉසිපතන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTමය්හං ඛො භික්ඛවෙ යොනිසො මනසිකාරා යොනිසො සම්මප්පධානා අනුත්තරා විමුත්ති අනුප්පත්තා, අනුත්තරා විමුත්ති සච්ඡිකතා. තුම්හෙපි භික්ඛවෙ යොනිසො මනසිකාරා යොනිසො සම්මප්පධානා අනුත්තරං විමුත්තිං අනුපාපුණාථ. අනුත්තරං විමුත්තිං සච්ඡිකරොථාති.
Sinhala BJTමහණෙනි, මා විසින් නුවණින් මෙනෙහි කිරීමෙන් නුවණින් ප්‍රධන්වීර්‍ය්‍යය කිරීමෙන් නිරුත්තර විමුක්තිය ලබන ලදු, නිරුත්තර විමුක්තිය ප්‍රත්‍යක්‍ෂ කරණ ලදු. මහණෙනි, තෙපි දූ නුවණින් මෙනෙහි කිරීමෙන් නුවණින් ප්‍රධන්වීර්‍ය්‍යය වැඩීමෙන් නිරුත්තර විමුක්තියට පැමිණෙව. නිරුත්තර විමුක්තිය ප්‍රත්‍යක්‍ෂ කරව.
Pali BJTඅථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි පවිටු මරු තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTබද්ධො’සි{1} මාරපාසෙන යෙ දිබ්බා යෙ ච මානුසා, මාරබන්ධනබද්ධොසි{1} න මෙ සමණ මොක්ඛසීති.
Sinhala BJTමාරපාශයෙන් බඳනා ලද්දෙහි: දිව්‍ය වූ යම් බන්‍ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝත් වෙද්ද, (ඒ සියලු) මාරබන්‍ධයෙන් බැඳුනෙහි. මහණ, මා කෙරෙත් නො මිදෙන්නෙහි ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTමුත්තොහං{2} මාරපාසෙන යෙ දිබ්බා යෙ ච මානුසා, මාරබන්ධනමුත්තොම්හි නිහතො ත්වමසි අන්තකාති.
Sinhala BJTමාරබන්‍ධනයෙන් මිදුනෙම් වෙමි. දෙවියන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝත් වෙද්ද, (ඒ සියලු) මාර බන්‍ධනයෙන් මිදුනෙම් වෙමි. මරුව තෝ නටුයෙහි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය යි දුකට පත් වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
Pali BJT4. 1. 5.
Sinhala BJT4. 1. 5.
Pali BJTදුතියපාසසුත්තං.
Sinhala BJTදුතියපාස සූත්‍රය
Pali BJT141. එවං මෙ සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භික්ඛවොති, භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT141. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර සමීපයෙහි ඉසිපතන නම් වූ මුවවෙනෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු “පින්වතුන් වහන්සැ”යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTමුත්තොහං{2} භික්ඛවෙ සබ්බපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා. තුම්හෙපි භික්ඛවෙ මුත්තා සබ්බපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා. චරථ භික්ඛවෙ චාරිකං බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය{3} අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං. මා එකෙන ද්වෙ අගමිත්ථ{4}. දෙසෙථ භික්ඛවෙ ධම්මං ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙථ. සන්ති සත්තා අප්පරජක්ඛජාතිකා අස්සවණතා ධම්මස්ස පරිහායන්ති. භවිස්සන්ති ධම්මස්ස අඤ්ඤාතාරො. අහම්පි භික්ඛවෙ යෙන උරුවෙලා සෙනානිනිගමො{5} තෙනුපසඞ්කමිස්සාමි ධම්මදෙසනායාති.
Sinhala BJTමහණෙනි, දෙවියන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝ වෙද්ද, මිනිසුන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝ වෙද්ද (ඒ) සියලු බන්‍ධනයන් ගෙන් මම මිදුනෙම් වෙමි. මහණෙනි, තෙපි දු දෙවියන් පිළිබඳ වූ යම් බන්‍ධනයොත් මිනිසුන් පිළිබඳ වූ යම් බන්‍ධනයෝත් වෙත් නම් (ඒ) සියලු බන්‍ධනයන් ගෙන් මිදුනහු ය. මහණෙනි, බොහෝ දනහට හිත පිණිස, බොහෝ දනහට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස දෙව්මිනිසුන්ට වැඩ පිණිස හිත පිණිස සුව පිණිස චාරිකායෙහි හැසිරෙව. එක් මඟෙකින් දෙදෙනෙක් නො යව. මහණෙනි, මුල යහපත් වූ මැද යහපත් වූ අග යහපත් වූ අරුත් සහිත වූ ව්‍යඤ්ජනයෙන් පිරිපුන් දහම් දෙසව. කේවල පරිපූර්‍ණ පිරිසිදු මගබඹසර හෙළි කොට දක්වව. පැණැසෙහි ස්වල්ප වූ කෙලෙස්රජස් ඇති සත්‍වයෝ ඇත. ධර්‍මය නොඇසීමෙන් (ඔහු) පිරිහෙත්. ධර්‍මය අවබෝධ කරන්නෝ වන්නාහ. මහණෙනි, මම ද දහම් දෙසනු පිණිස උරුවෙල් දනව්වෙහි සේනානි නියම්ගමට එළඹෙන්නෙමි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය.
Pali BJTබද්ධොසි සබ්බපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා, මහාබන්ධනබද්ධොසි න මෙ සමණ මොක්ඛසීති.
Sinhala BJTදෙවියන් පිළිබඳ යම් පාසයෝත් මිනිසුන් පිළිබඳ යම් පාසයෝත් වෙත් නම් ඒ සියලු පාසයන් ගෙන් බැඳුනෙහි. මහකෙලෙස්බැම්මෙන් බඳනා ලද්දෙහි මහණ, මා කෙරෙන් නො මිදෙන්නෙහි ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTමුත්තොහං සබ්බපාසෙහි යෙ දිබ්බා යෙ ච මානුසා, මහාබන්ධනමුත්තොම්හි නිහතො ත්වමසි අන්තකාති.
Sinhala BJTදෙවියන් පිළිබඳ යම් පාසයෝත් මිනිසුන් පිළිබඳ යම් පාසයෝත් වෙත් නම් ඒ සියලු පාසයන්ගෙන් මම මිදුනෙම් වෙමි. මහාක්ලේශ බන්‍ධනයෙන් මිදුනෙම් වෙමි. මරුව, තෝ නටුයෙහි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටුසිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
Pali BJT4. 1. 6.
Sinhala BJT4. 1. 6.
Pali BJTසප්පසුත්තං.
Sinhala BJTසප්ප සූත්‍රය
Pali BJT142. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භගවා රත්තන්ධකාරතිමිසායං අජ්ඣොකාසෙ{1} නිසින්නො හොති. දෙවො ච එකමෙකං ඵුසායති.
Sinhala BJT142. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ රෑ බොල්අඳුරෙහි අබවස වැඩහුන්නාහු වෙති. වැස්ස ද එකිඑකි පොද හෙළයි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා භගවතො භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො මහන්තං සප්පරාජවණ්ණං අභිනිම්මිනිත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. සෙය්යථාපි නාම මහතී එකරුක්ඛිකා නාවා, එවමස්ස කායො හොති. සෙය්යථාපි නාම මහන්තං සොණ්ඩිකාකිලඤ්ජං, එවමස්ස ඵණො හොති. සෙය්යථාපි නාම මහතී කොසලිකා කංසපාතී, එවමස්ස අක්ඛීනි භවන්ති. සෙය්යථාපි නාම දෙවෙ ගලගලායන්තෙ විජ්ජුල්ලතා නිච්ඡරන්ති, එවමස්ස මුඛතො ජිව්හා නිච්ඡරති. සෙය්යථාපි නාම කම්මාරගග්ගරියා ධමමානාය සද්දො හොති, එවමස්ස අස්සාසපස්සාසානං සද්දො හොති.
Sinhala BJTඑකල පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ බිය තැතිගැන්ම ලොමුදහගැන්ම උපදවනු කැමැත්තේ මහත් නාරජවෙසක් මවාගෙණ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ඔහුගේ සිරුර එක්රුක්නෙන් මැවූ මහ ඔරුවක් බඳු වෙයි. ඔහුගේ පෙණය රාකරුවන්ගේ රා පෙරණ මහත් මටුලුකස්සක් බඳු වෙයි. ඔහුගේ ඇස් කොසොල්රජුගේ මහත් කස්තලියක් (භූඤ්ජනපාතියක්) බඳු වෙයි. මේඝය ගිගිරි කරණ කල යම්සේ විදුලිය නික්මේ ද, එපරිද්දෙන් ඔහුගේ මුවෙන් දිව නික්මෙයි. කඹුරුසම වයින් පුරණ කල්හි ශබ්දය යම්සේ ද, ඔහුගේ ආශ්වාසප්‍රශ්වාස ශබ්දය ද එබඳු වෙයි.
Pali BJTඅථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මරු ය යි දැන පවිටු මරුහට ගාථාවන්ගෙන් වදාළ සේක:
Pali BJTයො සුඤ්ඤගෙහානි සෙවති සෙය්යා සො මුනි අත්තසඤ්ඤතො, වොස්සජ්ජ චරෙය්ය තත්ථ සො පතිරූපං හි තථාවිධස්ස තං.
Sinhala BJTයමෙක් ශයනය පිණිස ශුන්‍යාගාරයන් සෙවුනේ ද, ඒ බුද්ධමුනි තෙමේ සංයත වූ ආත්මභාව ඇත්තේ වේ. හෙ තෙමේ ඒ ආත්මභාවයෙහි (ආලය) හැරපියා හැසිරෙන්නේ ය. එය එබඳු බුද්ධමුනිහට සුදුසු මැයි.
Pali BJTචරකා බහූ භෙරවා බහූ අථො ඩංසසිරිංසපා{2} බහූ, ලොමම්පි න තත්ථ{3} ඉඤ්ජයෙ සුඤ්ඤාගාරගතො මහාමුනි.
Sinhala BJT(සිංහව්‍යාඝ්‍රාදි) බිහිසුණු ජඞ්ගම සත්තු ද බොහෝහ. බිහිසුණු ස්ථාවර අරමුණු ද බොහෝහ. වැලි ඩැහැ ලේ බොන මැස්සෝ ද සර්‍පයෝ ද බොහෝහ. ශුන්‍යාගාරයට වන් සර්‍වඥමුනි තෙමේ ඒ අරමුණු නිමිති කොට ලෝම මාත්‍රයකුදු කම්පන නො කරන්නේ ය.
Pali BJTනභං ඵලෙය්ය පඨවී චලෙය්ය සබ්බෙ ච පාණා උද සන්තසෙය්යුං, සල්ලම්පි චෙ උරසි පකප්පයෙය්යුං{4} උපධීසු තාණං න කරොන්ති බුද්ධාති.
Sinhala BJTඅහස පැළෙන්නේ නම්, පොළොව සැලෙන්නේ නම්, වැලිත් සියලු සත්තු තැතිගන්නාහු නම්, ඉදින් ලෙහි තියුණු හුල් ගසන්නාහු නම්, බුදුවරයෝ උපධීන් කෙරෙහි පරිත්‍රාණයක් නො කෙරෙති.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඑකල්හි පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
Pali BJT4. 1. 7.
Sinhala BJT4. 1. 7.
Pali BJTසොප්පසිසුත්තං.
Sinhala BJTසොප්පසි සූත්‍රය
Pali BJT143. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. අථ ඛො භගවා බහුදෙවරත්තිං අබ්භොකාසෙ චඞ්කමිත්වා රත්තියා පච්චූසසමයං පාදෙ පක්ඛාලෙත්වා විහාරං පවිසිත්වා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි, පාදෙ පාදං අච්චාධාය සතො සම්පජානො උට්ඨානසඤ්ඤං මනසි කරිත්වා.
Sinhala BJT143. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොහෝ වේලාවක් අබවස සක්මන් කොට රෑ පහන් වේලෙහි පා දෙව වෙහෙරට පිවිසි (දකුණු) පය මත (වම) පය මඳක් හැදැ තබා සිහි නුවණ ඇති ව නැගී සිටුනා වෙලාව මෙනෙහි කොට දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක.
Pali BJTඅථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTකිං සොප්පසි කින්නු සොප්පසි කිමිදං සොප්පසි දුබ්භගො{1} විය, සුඤ්ඤමගාරන්ති සොප්පසි කිමිදං සොප්පසි සූරියෙ{2} උග්ගතෙ.
Sinhala BJTකිම නිදයි ද? කුමක් හෙයින් නිදයි ද? මළ එකකු මෙන් කුමකට නිදයි ද? ශුන්‍යාගාරයක් මා විසින් (ලදැ) යි නිදයි ද? කුමක් හෙයින් හිරු නැගි කල්හි නිදයි ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTයස්ස ජාලිනී විසත්තිකා තණ්හා නත්ථි කුහිඤ්චි නෙතවෙ, සබ්බූපධීනං{3} පරික්ඛයා බුද්ධො සොප්පති කිං තවෙත්ථ මාරාති.
Sinhala BJTයමකුගේ ජාලිනී නම් වූ විසත්තිකා නම් වූ තෘෂ්ණා තොමෝ කිසි භවයෙක්හි පමුණුවන්නට නැද් ද, ඒ සර්‍වඥ තෙමේ සියලු උපධීන් ක්‍ෂය කිරීමෙන් හොවී. මරුව, මෙහිලා තට කිම?
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනීය යි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය.
Pali BJT4. 1. 8.
Sinhala BJT4. 1. 8.
Pali BJTනන්දතිසුත්තං.
Sinhala BJTනන්‍දති සූත්‍රය
Pali BJT144. එවං මෙ සුතං: එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො සන්තිකෙ ඉමං ගාථං අභාසි:
Sinhala BJT144. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
Pali BJTනන්දති පුත්තෙහි පුත්තිමා ගොමිකො{4} ගොහි තථෙව නන්දති, උපධී හි නරස්ස නන්දනා න හි සො නන්දති යො{5} නිරූපධීති.
Sinhala BJTදරුවන් ඇත්තේ දරුවන් හේතු කොට ගෙණ සතුටු වෙයි. එසේ ම ගෙරින් ඇත්තේ ගෙරින් හේතු කොට ගෙණ සතුටු වෙයි. උපධීහු මිනිසාගේ නන්‍දනයෝ ය. යමෙක් උපධි රහිත වේ නම් හෙ තෙමේ සතුටු නො වෙයි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTසොචති පුත්තෙහි පුත්තිමා ගොමිකො ගොහි තථෙව සොචති, උපධීහි නරස්ස සොචනා න හි සො සොචති යො නිරූපධීති.
Sinhala BJTදරුවන් ඇත්තේ දරුවන් හේතු කොට ගෙණ ශෝක කෙරෙයි. එසේ ම ගෙරින් ඇත්තේ ගෙරින් හේතු කොට ගෙණ ශෝක කෙරෙයි. උපධීහු මිනිසාගේ ශෝචනයෝ ය. යමෙක් උපධි රහිත නම් හෙ තෙමේ ශෝක නො කෙරේ මැයි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා -පෙ- තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මරු භාග්‍යවත් තෙමේ මා දනී. … එහි ම අතුරුදහන් වි ය.
Pali BJT4. 1. 9.
Sinhala BJT4. 1. 9.
Pali BJTපඨමආයුසුත්තං.
Sinhala BJTපඨම ආයු සූත්‍රය
Pali BJT145. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි, භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT145. මා විසින් මෙසේ අසන ලදී: එකල්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTඅප්පමිදං භික්ඛවෙ මනුස්සානං ආයු, ගමනීයො සම්පරායො, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං, නත්ථි ජාතස්ස අමරණං. යො{1} භික්ඛවෙ චිරං ජීවති, සො වස්සසතං අප්පං වා භිය්යොති.
Sinhala BJTමහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂය අල්ප ය, පරලොව යා යුතු ය, කුසල් කටයුතු ය, බඹසර හැසිරිය යුතු ය, උපනුන්ට නොමැරීමෙක් නැත. මහණෙනි, යමෙක් බොහෝ කලක් ජීවත් වේ නම් හෙ තෙමේ සියක් වසක් ජීවත් වෙයි. බෙහෙවෙක් වේ නම් අල්පයෙක් හෝ වේ.
Pali BJTඅථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTදීඝමායු මනුස්සානං න නං හීළෙ සුපොරිසො, චරෙය්ය ඛීරමත්තොව නත්ථි මච්චුස්ස ආගමොති.
Sinhala BJTමිනිසුන්ගේ ආයුෂ දිග ය. සත්පුරුෂ තෙමේ එය හෙලා නො දක්නේ ය. තනපා මතුයෙන් වැටෙන (සත්තන්‍ධය) ලදරුවකු මෙන් හැසිරෙන්නේ ය. මරණයාගේ ඊමෙක් නැත.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅප්පමායු මනුස්සානං හීළෙය්ය නං සුපොරිසො, චරෙය්යාදිත්තසීසොව නත්ථි මච්චුස්ස නාගමොති.
Sinhala BJTමිනිසුන්ගේ ආයුෂය අල්ප ය. සත්පුරුෂ තෙමේ එය හෙලා දක්නේ ය. හිස ගිනි ගත්තකු මෙන් හැසිරෙන්නේ ය. මාරණයාගේ නොඊමෙක් නැත.
Pali BJTඅථ ඛො මාරො පාපිමා -පෙ- තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මාරයා … එහි ම අතුරුදහන් වි ය.
Pali BJT4. 1. 10.
Sinhala BJT4. 1. 10.
Pali BJTදුතියආයුසුත්තං.
Sinhala BJTදුතිය ආයු සූත්‍රය
Pali BJT146. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි, භික්ඛවොති. භදන්තෙති තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJT146. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්‍ෂූන් ඇමතූ සේක. ඒ භික්‍ෂූහු පින්වතුන් වහන්සැ යි භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTඅප්පමිදං භික්ඛවෙ මනුස්සානං ආයු. ගමනීයො සම්පරායො, කත්තබ්බං කුසලං, චරිතබ්බං බ්රහ්මචරියං. නත්ථි ජාතස්ස අමරණං. යො භික්ඛවෙ චිරං ජීවති, සො වස්සසතං අප්පං වා භිය්යොති{2}.
Sinhala BJTමහණෙනි, මිනිසුන්ගේ මේ ආයුෂ ස්වල්ප ය, පරලොව යා යුතු ය, කුසල් කටයුතු ය, බඹසර හැසිරිය යුතු ය. උපන්නහුට නො මැරීමෙක් නැත. මහණෙනි, යමෙක් බොහෝ කල් ජීවත් වේ ද, හෙ තෙමේ සියක් වසක් ජීවත් වෙයි. බෙහෙවෙක් වේ නම් අල්පයෙක් හෝ වෙයි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කීය:
Pali BJTනාච්චයන්ති අහොරත්තා ජීවිතං නොපරුජ්ඣති, ආයු අනුපරියාති{3} මච්චානං නෙමීව රථකුබ්බරං.
Sinhala BJTරෑ දහවල් ඉක්ම නො යෙත්. ජීවිතය නිරුද්ධ නොවේ. මිනිසුන්ගේ ආයුෂ (ඔවුන්) අනුව ම යේ. රියෙහි කිඹුල්මුව අනුව යන රියනිම්වලල්ල මෙනි.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTඅච්චයන්ති අහොරත්තා ජීවිතං උපරුජ්ඣති, ආයු ඛීයති මච්චානං කුන්නදීනංව ඔදකන්ති.
Sinhala BJTරෑ දහවල් ඉක්ම යෙත්. ජීවිතය නිරුද්ධ වේ. මිනිසුන්ගේ ආයුෂය ගෙවේ. කුඩා නදීන්ගේ දිය මෙනි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනීයි දුකට පත්වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය.
Pali BJTආයුවග්ගො පඨමො.
Sinhala BJTආයුවර්‍ගය පළමුවැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTතපොකම්මඤ්ච නාගො ච සුභං පාසෙන තෙ දුවෙ, සප්පො සොප්පසි නන්දතිං ආයුනා අපරෙ දුවෙති.
Sinhala BJTතපෝ කම්ම සූත්‍රය ද නාග සූත්‍රය ද සුභ සූත්‍රය ද ඒ පාස සූත්‍ර දෙක ද සප්ප, සොප්පසි, නන්‍දති සූත්‍ර ද, අනෙක් ආයු සූත්‍ර දෙකදැ යි සූත්‍ර දශයකි.
Pali BJT2. රජ්ජවග්ගො
Sinhala BJT2. රජ්ජ වර්‍ගය
Pali BJT4. 2. 1.
Sinhala BJT4. 2. 1.
Pali BJTපාසාණසුත්තං.
Sinhala BJTපාසාණ සූත්‍රය
Pali BJT147. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. තෙන ඛො පන සමයෙන භගවා රත්තන්ධකාරතිමිසායං අජ්ඣොකාසෙ{1} නිසින්නො හොති. දෙවො ච එකමෙකං ඵුසායති.
Sinhala BJT147. මා විසින් මෙසේ අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළු පවුවෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ බොල්අඳුරුයෙහි අබවස වැඩහුන්නාහු වෙති. වැස්ස ද එකි එකි පොද හෙළයි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා භගවතො භයං ඡම්භිතත්තං ලොමහංසං උප්පාදෙතුකාමො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතො අවිදූරෙ මහන්තෙ පාසාණෙ{2} පදාලෙසි{3}.
Sinhala BJTඑකල්හි පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේට බිය තැතිගැනුම ලොමුදහගැණුම උපදවනු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ නොදුරෙහි මහත් මහත් ගල් විහිටි.
Pali BJTඅථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යී දැන පවිටු මාරයාහට ගාථායෙන් වදාළ සේක:
Pali BJTසචෙමං{4} කෙවලං සබ්බං ගිජ්ඣකූටං චලෙය්යසි,{5} නෙව සම්මා විමුත්තානං බුද්ධානං අත්ථි ඉඤ්ජිතන්ති.
Sinhala BJTඉදින් මේ මුළු ගිජුකුළුපවුව ම සලනෙහි නම්, මොනොවට මිදුනු බුදුවරයන්ට කම්පනයෙක් නහමක් ඇත් මැ ය.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මාරයා භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී ය යි දුකට පත් වූයේ නො සතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.
Pali BJT4. 2. 2.
Sinhala BJT4. 2. 2.
Pali BJTසීහසුත්තං{6}
Sinhala BJTසීහ සූත්‍රය
Pali BJT148. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන භගවා මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙති.
Sinhala BJT148. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දාහු දහම් දෙසන සේක.
Pali BJTඅථ ඛො මාරස්ස පාපිමතො එතදහොසි: අයං ඛො සමණො ගොතමො මහතියා පරිසාය පරිවුතො ධම්මං දෙසෙති. යන්නූනාහං යෙන සමණො ගොතමො තෙනුපසඞ්කමෙය්යං විචක්ඛුකම්මායාති. අථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි පවිටු මරුට “මේ මහණ ගොයුම් තෙමේ මහත් පිරිසක් විසින් පිරිවරණ ලද්දේ දහම් දෙසයි. (බණ අසන්නවුන්ගේ) නුවණැස වනසන්නට මහණ ගොයුම්හු වෙත මම එළඹෙන්නෙම් නම් මනා මැ නු”යි මේ අදහස වි ය. ඉක්බිති පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTකින්නු සීහොව නදසි පරිසායං විසාරදො, පටිමල්ලො හි තෙ අත්ථි විජිතාවී නු මඤ්ඤසීති.
Sinhala BJTකිම? පිරිස්හි සිංහයෙකු මෙන් විශාරද ව (=නො බිය පත් ව) නාද කෙරෙහි නු? දුනු විජය ඇතියෙමි යි හඟිහි ද? මුබට ප්‍රතිමල්ලයෙක් (=සතුරෙක්) ඇත් ම ය.
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]
Pali BJTනදන්ති වෙ මහාවීරා පරිසාසු විසාරදා, තථාගතා බලප්පත්තා තිණ්ණා ලොකෙ විසත්තිකන්ති.
Sinhala BJTලොව තෘෂ්ණාව තරණය කළ බලයට පැමිණි මහාවීර වූ තථාගතයෝ ඒකාන්තයෙන් පිරිස්හි විශාරද වූවාහු නාද කෙරෙත්.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මාර තෙමේ තථාගත තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පත්වූයේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් විය.
Pali BJT4. 2. 3.
Sinhala BJT4. 2. 3.
Pali BJTසකලිකසුත්තං
Sinhala BJTසකලික සූත්‍රය
Pali BJT149. එවං මෙ සුතං: එකං සමයං භගවා රාජගහෙ විහරති මද්දකුච්ඡිස්මිං මිගදායෙ. තෙන ඛො පන සමයෙන භගවතො පාදො සකලිකාය ඛතො හොති. භුසා{1} සුදං භගවතො වෙදනා වත්තන්ති සාරීරිකා දුක්ඛා තිබ්බා ඛරා කටුකා අසාතා අමනාපා. තා සුදං භගවා සතො සම්පජානො අධිවාසෙති අවිහඤ්ඤමානො. අථ ඛො භගවා චතුග්ගුණං සඞ්ඝාටිං පඤ්ඤපෙත්වා දක්ඛිණෙන පස්සෙන සීහසෙය්යං කප්පෙසි පාදෙ{2} පාදං අච්චාධාය සතො සම්පජානො.
Sinhala BJT149. මා විසින් අසන ලදී: එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි මද්දකුච්ජී නම් මුවවෙනෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේගේ පාදය ගල්කඩෙකින් පහරණ ලද්දේ වෙයි. භාග්‍යවතුන් වහන්සේට ශරීරයේ හටගත් දැඩි රළු කුළු නොමිහිරි නොකල් මහත් දුක් වේදනාවෝ පවතිත්. භාග්‍යවතුන් වහන්සේ සිහි නුවණ ඇති ව නොපෙළෙමින් ඒ වේදනාවන් ඉවසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සඟළ සිවුර සිවුගුණ කොට පණවා දකුණු පා මත වම් පා මඳක් හයා තබා සිහි නුවණ ඇති ව දකුණැළයෙන් සිංහශය්‍යාව කළ සේක.
Pali BJTඅථ ඛො මාරො පාපිමා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඑකල්හි පවිටු මාර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTමන්දියා නු ඛො{3} සෙසි උදාහු කාවෙය්යමත්තො අත්ථා නු තෙ සම්පචුරා න සන්ති, එකො විවිත්තෙ සයනාසනම්හි නිද්දාමුඛො{4} කිමිදං සොප්පසෙවාති.
Sinhala BJTමුළා බැවින් හෝ කවිභාවයෙන් මත්වූයේ හෝනෙහි නු? මුබට බොහෝ වූ වැඩ නැත් ද? ජනයාගෙන් වෙන් වූ සෙනසුන්හි නිදිබර මුහුණු ඇති ව හුදෙකලාව ම කුමක් හෙයින් හෝනෙහි ද?
Pali BJT[භගවා:]
Sinhala BJT[භගවත්හු:]