Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 14801-14900 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT3886. යො හි{1} භික්ඛවෙ, එවං වදෙය්ය: “අහං දුක්ඛං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච දුක්ඛසමුදයං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච දුක්ඛනිරොධං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච දුක්ඛනිරොධගාමිනී පටිපදං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච සම්මා දුක්ඛස්සන්තං කරිස්සාමී’ති නෙතං ඨානං විජ්ජති. සෙය්යථාපි භික්ඛවෙ, යො එවං වදෙය්ය: “අහං කූටාගාරස්ස හෙට්ඨිමං ඝරං අකරිත්වා උපරිමං ඝරං ආරොපෙස්සාමී”ති නෙතං ඨානං විජ්ජති. එවමෙව ඛො භික්ඛවෙ, යො එවං වදෙය්ය: “අහං දුක්ඛං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච -පෙ- දුක්ඛනිරොධගාමිනී පටිපදං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච සම්මා දුක්ඛස්සන්තං කරිස්සාමී”ති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT3886. මහණෙනි, යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කුළුගෙයක යටභාගය නො කොට මතුභාගය නගන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැද්ද, මහණෙනි, එසෙයින් ම යමෙක් මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, එවං වදෙය්ය: “අහං දුක්ඛං අරියසච්චං යථාභූතං අභිසමෙච්ච -පෙ- දුක්ඛනිරොධගාමිනීපටිපදං අරියසච්චං යථාභූතං අභිසමෙච්ච සම්මා දුක්ඛස්සන්තං කරිස්සාමී”ති. ඨානමෙතං විජ්ජති. සෙය්යථාපි භික්ඛවෙ, යො එවං වදෙය්ය “අහං කූටාගාරස්ස හෙට්ඨිමං ඝරං, කරිත්වා උපරිමං ඝරං ආරොපෙස්සාමී”ති ඨානමෙතං විජ්ජති. එවමෙව ඛො භික්ඛවෙ, යො එවං වදෙය්ය: “අහං දුක්ඛං අරියසච්චං යථාභූතං අභිසමෙච්ච -පෙ- දුක්ඛනිරොධගාමිනීපටිපදං අරියසච්චං යථාභූතං අභිසමෙච්ච සම්මා දුක්ඛස්සන්තං කරිස්සාමීති ඨානමෙතං විජ්ජති. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJTමහණෙනි, යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද … දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කුළුගෙයක යටගෙය කොට මතුගෙය නගන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ ඇද්ද, මහණෙනි, එසෙයින් ම යමෙක් මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ ඇත. එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 5. 5.
Sinhala BJT12. 5. 5.
Pali BJTවාලසුත්තං
Sinhala BJTවාල සූත්‍රය
Pali BJT3887. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො ආයස්මා ආනන්දො පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං{2} පිණ්ඩාය පාවිසි. අද්දසා ඛො ආයස්මා ආනන්දො සම්බහුලෙ ලිච්ඡවිකුමාරකෙ සන්ථාගාරෙ උපාසනං කරොන්තෙ දූරතොව සුඛුමෙන තාලච්ඡිග්ගලෙන අසනං අතිපාතෙන්තෙ පොඞ්ඛානුපොඞ්ඛං{3} අවිරාධිතං, දිස්වානස්ස එතදහොසි: “සික්ඛිතා වතිමෙ ලිච්ඡවිකුමාරකා සුසික්ඛිතා වතිමෙ ලිච්ඡවිකුමාරකා. යත්ර හි නාම දූරතොව සුඛුමෙන තාලච්ඡිග්ගලෙන අසනං අතිපාතෙස්සන්ති පොඞ්ඛානුපොඞ්ඛං අවිරාධිතන්ති.”
Sinhala BJT3887. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් අනඳතෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසියහ. ආයුෂ්මත් අනඳතෙරණුවෝ සිප්හලෙහි විදීමට පුහුණුවන සියුම් කෙසිසිදුරෙන් හීපගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන බොහෝ ලිචඡවීකුමරුන් දුටහ. දැක උන්වහන්සේට මෙබඳු සිතෙක් වියේ. “යම් කෙනෙක් දුරින් ම සියුම් කෙසිසිදුරෙන් හීපගලියෙන් පගලිය නො වළහා හීතලය ඉක්මවන්නාහු නම් ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් හික්මුණහ. ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් මැනවින් හික්මුණ”යි.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො වෙසාලිං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො යෙන භගවා තෙනුපසංකමි. -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “ඉධාහං භන්තෙ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසිං. අද්දසං ඛ්වාහං භන්තෙ, සම්බහුලෙ ලිච්ඡවිකුමාරකෙ සන්ථාගාරෙ උපාසනං කරොන්තෙ. දූරතොව සුඛුමෙන තාලච්ඡිග්ගලෙන අසනං අතිපාතෙන්තෙ පොඞ්ඛානුපොඞ්ඛං අවිරාධිතං. දිස්වාන මෙ එතදහොසි, සික්ඛිතා වතිමෙ ලිච්ඡවි කුමාරකා. සුසික්ඛිතා වතිමෙ ලිච්ඡවිකුමාරකා. යත්ර හි නාම දූරතො ව සුඛුමෙන තාලච්ඡිග්ගලෙන අසනං අතිපාතෙස්සන්ති පොඞ්ඛානුපොඞ්ඛං අවිරාධිතන්ති”.
Sinhala BJTඉක්බිති ඇවැත් අනඳ තෙරණුවෝ විසල්පුර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ඇවැත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මෙහි මම පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන විසල්පුරට පිඬු පිණිස පිවිසියෙමි. වහන්ස, මම සිප්හලෙහි විදීම පුහුණුවන සියුම් කෙසිසිදුරෙන් පගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන බොහෝ ලිචඡ්විකුමරුන් දිටිමි. දැක මට මෙබඳු සිතෙක් විය: යම් කෙනෙක් සියුම් කෙසිසිදුරෙන් පගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන්නාහු නම් ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් හික්මුණහ. ඒ මේ ලිචඡවීකුමරුවෝ ඒකාන්තයෙන් මැනවින් හික්මුණ”යි.
Pali BJTතං කිං මඤ්ඤසි ආනන්ද, කතමං නුඛො දුක්කරතරං වා දුරභිසම්භවතරං වා, යො දූරතොව සුඛුමෙන තාලච්ඡිග්ගලෙන අසනං අතිපාතෙය්ය පොඞ්ඛානුපොඞ්ඛං අවිරාධිතං, යො වා සතධා{1} භින්නස්ස වාළස්ස කොටියා කොටිං පටිවිජ්ඣෙය්යාති? එතදෙව භන්තෙ, දුක්කරතරං චෙව දුරභිසම්භවතරං ච යො වා සතධා භින්නස්ස වාළස්ස කොටියා කොටිං පටිවිජ්ඣෙය්යාති. අථ ඛො තෙ ආනන්ද{2} දුප්පටිවිජ්ඣතරං පටිවිජ්ඣන්ති යෙ{3} “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පටිවිජ්ඣන්ති{4} -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති, යථාභූතං පටිවිජ්ඣති. තස්මාතිහ ආනන්ද, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJTආනන්‍ද, ඒ කිමැ යි හඟිවු ද? යමෙක් සියුම් කෙසිසිදුරෙන් පගලිය නො වළහා පගලියෙන් පගලිය නො වළහා දුරින් ම ඊතලය ඉක්මවන්නේ ද, යමෙකුත් සියක්වර පැළූ අස්ලොම්හි කෙළවරින් කෙළවරට විදුනේ ද, මෙයින් කිමෙක් ඉතා දුෂ්කර හෝ ඉතා දුලබ හෝ දැ යි? වහන්ස, යමෙක් සියක්වර පැළූ අස්ලොම්හි කෙළවරින් කෙළවරට විදුනේ නම් මෙය ම ඉතා දුෂ්කර ද ඉතා දුලබ ද වේ යි. ආනන්‍ද, වැලි යම් කෙනෙක් “මේ දුකැ” යි තතුසේ පිළිවිදිද් ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ පිළිවිදිත්. ආනන්‍ද, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 5. 6.
Sinhala BJT12. 5. 6.
Pali BJTඅන්ධකාරසුත්තං
Sinhala BJTඅන්‍ධකාර සූත්‍රය
Pali BJT3888. අත්ථි භික්ඛවෙ, ලොකන්තරිකා අඝා අසංවුතා අන්ධකාරකා{5} අන්ධකාරතිමිසා. යත්ථාපිමෙසං චන්දිමසුරියානං එවංමහිද්ධිකානං එවං මහානුභාවානං ආභා{6} නානුභොන්තීති. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “මහා වත සො භන්තෙ, අන්ධකාරො. සුමහා වත සො භන්තෙ, අන්ධකාරො. අත්ථි නුඛො භන්තෙ, එතම්හා අන්ධකාරා අඤ්ඤො අන්ධකාරො මහන්තතරො ච භයානකතරො චා”ති? අත්ථි ඛො භික්ඛු, එතම්හා අන්ධකාරා අඤ්ඤො අන්ධකාරො මහන්තතරො ච භයානකතරො චාති. කතමො පන භන්තෙ, එතම්හා අන්ධකාරා අඤ්ඤො අන්ධකාරො මහන්තතරො ච භයානකතරො චාති?
Sinhala BJT3888. මහණෙනි, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනාගේත් ආලෝකය යම් තැනෙක නො ලබත් නම් ලොව අතර පවත්නා හිස් වූ ආවරණ රහිත වූ අඳුරු කරන එබඳු ගන අඳුරෙක් ඇතැ යි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් මහති. වහන්ස, ඒ අඳුර ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇද්දැ?”යි. මහණ, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුරෙක් ඇතැ යි. වහන්ස, මේ අඳුරට වඩා ඉතා මහත් වූත් ඉතා බිහිසුණු වූත් අන් අඳුර කවරේ දැ?යි
Pali BJTයෙ හි කෙචි භික්ඛු, සමණා වා බ්රාහ්මණා වා “ඉදං දුක්ඛ”න්ති යථාභූතං නප්පජානන්ති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං නප්පජානන්ති. තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරමන්ති -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරමන්ති. තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරතා -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරතා ජාතිසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්ති -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්ති. තෙ ජාතිසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරිත්වා -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරිත්වා ජාතන්ධකාරම්පි පපතන්ති, ජරන්ධකාරම්පි පපතන්ති, මරණන්ධකාරම්පි පපතන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසන්ධකාරම්පි පපතන්ති. තෙ න පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි න පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ නො දනිද් ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත් ... සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත් ... සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ජාති අඳුරට ද වැටෙත්. ජරා අඳුරට ද වැටෙත්. මරණ අඳුරට ද වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අඳුරට ද වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් නො මිදෙත්. සියලු දුකින් නො මිදෙති යි කියමි.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛු, සමණා වා බ්රාහ්මණා වා “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පජානන්ති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානන්ති, තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු නාභිරමන්ති -පෙ- අනභිරතා -පෙ- නාභිසඞ්ඛරොන්ති -පෙ- අනභිසඞ්ඛරිත්වා ජාතන්ධකාරම්පි න පපතන්ති. ජරන්ධකාරම්පි න පපතන්ති, මරණන්ධකාරම්පි න පපතන්ති. සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසන්ධකාරම්පි න පපතන්ති. තෙ පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි. තස්මාතිහ භික්ඛු, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනීපටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJTමහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ දනිද් ද ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත් ... නො ඇලුණාහු ... රැස් නො කෙරෙත් ... රැස් නො කොට ජාති අඳුරට ද නො වැටෙත්. ජරා අඳුරට ද නො වැටෙත්. මරණ අඳුරට ද නො වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අඳුරට ද නො වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දෝමනස්සයෙන් උපායාසයෙන් මිදෙත්. සියලු දුකින් මිදෙති යි කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 5. 7.
Sinhala BJT12. 5. 7.
Pali BJTඡිග්ගලයුගසුත්තං
Sinhala BJTඡිග්ගල සූත්‍රය
Pali BJT3889. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො මහාසමුද්දෙ එකච්ඡිග්ගලං යුගං{1} පක්ඛිපෙය්ය. තත්රස්ස{2} කාණො කච්ඡපො. සො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං සකිං උම්මුජ්ජෙය්ය. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, අපි නු ඛො කාණො කච්ඡපො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං සකිං උම්මුජ්ජන්තො අමුස්මිං එකච්ඡිග්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්යාති{3}? යදි නූන භන්තෙ, කදාචි කරහචි දීඝස්ස අද්ධුනො අච්චයෙනාති. ඛිප්පතරං ඛො සො භික්ඛවෙ, කාණො කච්ඡපො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං සකිං උම්මුජ්ජන්තො අමුස්මිං එකච්ඡිග්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්ය, න ත්වෙවාහං භික්ඛවෙ, සකිං විනිපාතගතෙන{4} බාලෙන මනුස්සත්තං වදාමි. තං කිස්ස හෙතු: නහෙත්ථ භික්ඛවෙ, අත්ථි ධම්මචරියා පුඤ්ඤකිරියා. අඤ්ඤමඤ්ඤඛාදිකා එත්ථ භික්ඛවෙ, වත්තති දුබ්බලඛාදිකා. තං කිස්ස හෙතු: අදිට්ඨත්තා භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධගාමිනී පටිපදාය අරියසච්චස්ස. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3889. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහමුහුදෙහි එක් සිදුරක් ඇති වියදණ්ඩක් බහා ලන්නේ ද එහි කණකැස්බෙක් වන්නේ ය. හේ සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුයෙහි ගෙල පිවිස්වන්නේ දැ යි? වහන්ස, දිගුකලෙක ඇවෑමෙන් කිසි කවර දවසෙක විය හැකි යි. මහණෙනි, ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් වරෙක වරෙක මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුයෙහි ඉතා වහා ගෙල පිවිස්වන්නේ ය. මහණෙනි, වරක් අපායට ගිය බාලයා විසින් මිනිසත්බව සුලබ ය යි මම නො ම කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, මෙහි දහම්හි හැසිරීමෙක් පින් කිරීමෙක් නො ම ඇත. මහණෙනි, මෙහි ඔවුනොවුන් කෑමෙක් දුඹුලන් කෑමෙක් පවතී. ඒ කවර හෙයින් යත්” මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යයෙක් යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරොධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛ නිරොධගාමිනීපටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 5. 8.
Sinhala BJT12. 5. 8.
Pali BJTදුතිය ඡිග්ගලයුගසුත්තං
Sinhala BJTදුතියඡිග්ගල සූත්‍රය
Pali BJT3890. සෙය්යථාපි භික්ඛවෙ, අයං මහාපඨවී එකොදිකා අස්ස. තත්ර පුරිසො එකච්ඡිග්ගලං යුගං පක්ඛිපෙය්ය. තමෙනං පුරත්ථිමො වාතො පච්ඡිමෙන සංහරෙය්ය, පච්ඡිමො වාතො පුරත්ථිමෙන සංහරෙය්ය, උත්තරො වාතො දක්ඛිණෙන සංහරෙය්ය, දක්ඛිණො වාතො උත්තරෙන සංහරෙය්ය. තත්රස්ස කාණො කච්ඡපො. සො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං සකිං උම්මුජ්ජෙය්ය. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො කාණො කච්ඡපො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං සකිං උම්මුජ්ජන්තො අමුස්මිං එකච්ඡිග්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්යාති? අධිච්චමිදං භන්තෙ, යං සො කාණො කච්ඡපො වස්සසතස්ස වස්සසතස්ස අච්චයෙන සකිං සකිං උම්මුජ්ජන්තො අමුස්මිං එකච්ඡිග්ගලෙ යුගෙ ගීවං පවෙසෙය්යාති. එවං අධිච්චමිදං භික්ඛවෙ, යං මනුස්සත්තං ලභති. එවං අධිච්චමිදං භික්ඛවෙ, යං තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො. එවං අධිච්චමිදං භික්ඛවෙ, යං තථාගතප්පවෙදිතො ධම්මවිනයො ලොකෙ දිප්පති. තස්සිදං භික්ඛවෙ, මනුස්සත්තං ලද්ධං, තථාගතො ච ලොකෙ උප්පන්නො අරහං සම්මාසම්බුද්ධො, තථාගතප්පවෙදිතො ච ධම්මවිනයො ලොකෙ දිප්පති. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJT3890. මහණෙනි, යම්සේ මේ මහපොළොව එක ම ජලාසයෙක් වන්නේ ද, පුරුෂයෙක් එක්සිදුරු වියදණ්ඩක් එහි බහා ලන්නේ ය. ඒ මෙය පෙරදිගින් හමන වාතය පැළදිගට පමුණුවන්නේ ය. පැළදිගින් හමන වාතය පෙරදිගට පමුණුවන්නේ ය. උතුරුදිගින් හමන වාතය දකුණුදිගට පමුණුවන්නේ ය. දකුණුදිගින් හමන වාතය උතුරුදිගට පමුණුවන්නේ ය. එහි කණකැස්බෙක් වන්නේ ය. හේ සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඒ කණකැස්බා සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුවෙහි ගෙල පිවිසවන්නේ දැ යි? වහන්ස, ඒ කණකැස්බා දිගුකලෙක සියවසක් සියවසක්හුගේ ඇවෑමෙන් එක් එක්වර මතු වන්නේ තෙල එක්සිදුරු වියදඬුවෙහි ගෙල පිවිසවන්නේ ය යන යමෙක් වේ නම් මෙය කිසි දවසක සිදුවන්නෙකි. මහණෙනි, මිනිසත්බව ලබයි යන යමෙක් වේ නම් මෙය දිගුකලක් ඉක්ම යෑමෙන් සිදු වන්නෙකි. මහණෙනි, එමෙන් ම අර්‍හත්සම්‍යක්සම්බුද්ධ වූ තථාගත තෙමේ ලොව උපදී යන යමෙක් වේ නම් මේ ද දිගුකලක් ගතවීමෙන් සිදු වන්නෙකි. මහණෙනි, එමෙන් ම තථාගතයන් විසින් පවසන ලද සසුන ලොව බබලයි යන යමෙක් වේ නම් මෙ ද දිගුකලක් ගතවීමෙන් සිදු වන්නෙකි. මහණෙනි ඔහු විසින් මේ මිනිසත්බව ලදි. තථාගතයන් විසින් පවසන ලද සසුනත් ලොව බබලයි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛ නිරොධගාමිනීපටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 5. 9.
Sinhala BJT12. 5. 9.
Pali BJTසිනෙරුසුත්තං
Sinhala BJTසිනේරු සූත්‍රය
Pali BJT3891. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො සිනෙරුස්ස පබ්බතරාජස්ස සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිපෙය්ය. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං යා වා{1} සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තා, සිනෙරු{2} වා පබ්බතරාජාති? එතදෙව භන්තෙ, බහුතරං යදිදං සිනෙරුපබ්බතරාජා. අප්පමත්තිකා සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තා. සඞ්ඛම්පි න උපෙන්ති උපනිධිම්පි න උපෙන්ති. කලභාගම්පි න උපෙන්ති. සිනෙරුං පබ්බතරාජං උපනිධාය සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තාති.
Sinhala BJT3891. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මුං පමණ වූ ගල්කැට සතක් සිනේරු පවුරජු ළඟ බහා තබන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? ළඟ තබන ලද මුං පමණ යම් පහණ සකුරු හෝ සිනේරු පවුරජු හෝ දැ යි. වහන්ස, යම් මේ සිනේරුපවුරජෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ළඟ තබන ලද මුං පමණ වූ ගල්කැට සතක් සිනේරු පවුරජු හා සැසඳීමෙහි දී මුං පමණ වූ සත් පහණ සකුරු ගණනට ද නො පැමිණේ. සැසැඳීම් පමණකට දු නො පැමිණේ. (සියයෙන් දහසින් සියදහසින්) කලාවකට දු නො පැමිණේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස අභිසමෙතාවිනො එතදෙව බහුතරං දුක්ඛං යදිදං පරික්ඛීණං පරියාදින්නං, අප්පමත්තකං අවසිට්ඨං, සඞ්ඛම්පි න උපෙති උපනිධිම්පි න උපෙති කලභාගම්පි න උපෙති පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය යදිදං සත්තක්ඛත්තුපරමතා. යො “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පජානාති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම චතුස්සත්‍යාවබෝධය කළ දිටුසපන් අරීසවුපුඟුල්හු විසින් මේ දුකෙක් ක්‍ෂය කරන ලද්දේ ගෙවන ලද්දේ වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. යමෙක් මේ දුකැ යි තතුසේ දනී ද ... මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ යි තතුසේ දනී ද, යන යම් මේ සතතකඛතතුපරමතාවක් (සත්වරක් ඉපදීම පරම කොට ඇති බවෙක්) වේ නම් මෙය ක්‍ෂය කළ ගෙවුණු පළමු දුක්කඳ හා සැසඳීමෙහි දී ගණනකට නො පැමිණේ. සැසඳීමකට දු නො පැමිණේ. කලභාගයකට දු නො පැමිණේ යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 5. 10.
Sinhala BJT12. 5. 10.
Pali BJTදුතිය සිනෙරුසුත්තං
Sinhala BJTදුතියසිනේරු සූත්‍රය
Pali BJT3892. සෙය්යථාපි භික්ඛවෙ, සිනෙරුපබ්බතරාජා පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය ඨපෙත්වා සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරාති. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා සිනෙරුස්ස පබ්බතරාජස්ස පරික්ඛීණං පරියාදින්නං, යා වා සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා අවසිට්ඨාති? එතදෙව භන්තෙ, බහුතරං සිනෙරුස්ස පබ්බතරාජස්ස යදිදං පරික්ඛීණං පරියාදින්නං, අප්පමත්තිකා සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා අවසිට්ඨා, සඞ්ඛම්පි න උපෙන්ති, උපනිධිම්පි න උපෙන්ති, කලභාගම්පි න උපෙන්ති සිනෙරුස්ස පබ්බතරාජස්ස පරික්ඛීණං පරියාදින්නං උපනිධාය සත්ත මුග්ගමත්තියො පාසාණසක්ඛරා අවසිට්ඨාති. එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස අභිසමෙතාවිනො එතදෙව බහුතරං දුක්ඛං යදිදං පරික්ඛීණං පරියාදින්නං, අප්පමත්තකං අවසිට්ඨං. සඞ්ඛම්පි න උපෙති, උපනිධිම්පි න උපෙති, කලභාගම්පි න උපෙති, පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය යදිදං සත්තක්ඛත්තුපරමතා. යො “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පජානාති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJT3892. මහණෙනි, යම්සේ සිනේරුපවුරජ මුං පමණ වූ පහණ සකුරු සතක් තබා ක්‍ෂයවීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා වැඩි ද? සිනේරුපවුරජුගේ ක්‍ෂය වූ ගෙවුණු යමෙක් වේ නම් එය හෝ ඉතිරි වූ මුං පමණ වූ පහණ සකුරු සතෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, සිනේරුපවුරජුගේ යම් මේ ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ මුං පමණ වූ පහණසකුරු සත ඉතා මඳ ය. සිනේරුපවුරජුගේ ක්‍ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ මුං පමණ වූ පහණ සකුරු සත ගිණුමට ද නො පැමිණේ. සැසැඳීමට ද නො පැමිණේ. කල භාගයකට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම චතුස්සත්‍යාවබෝධය කළ දිටුසපන් අරීසවු පුඟුල්හුගේ ක්‍ෂය වූ ගෙවුණු යම් මේ දුකෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. ක්‍ෂය වූ ගෙවුණු පළමු දුක්කඳ හා සැසැඳීමෙහි දී යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද, යන යම් මේ සතතකඛතතුපරමතාවක් වේ නම් මෙය ගිණුමට දු නො පැමිණේ. සැසඳුමකට දු නො පැමිණේ. කලභාගයකට දු නො පැමිණේ. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJTපපාතවග්ගො පඤ්චමො.
Sinhala BJTපපාතවර්‍ග ය පස්වැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය :
Pali BJTචින්තා පපාතො පරිළාහො කූටං වාදොන්ධකාරො ච. ඡිග්ගලා ච දුවෙ වුත්තා සිනෙරු අපරෙ දුවෙති.
Sinhala BJTචින්තා, පපාත, පරිළාහ, කූට, වාද, අන්‍ධකාර යි සයෙක් ද ඡිග්ගල සුතුරු දෙකෙක් ද අනෙක් සුතුරු දෙකෙක් ද කියන ලද හ යි.
Pali BJT6. අභිසමයවග්ගො
Sinhala BJT6. අභිසමය වර්‍ගය
Pali BJT12. 6. 1.
Sinhala BJT12. 6. 1.
Pali BJTනඛසිඛාසුත්තං
Sinhala BJTනඛසිඛා සූත්‍රය
Pali BJT3893. අථ ඛො භගවා පරිත්තං නඛසිඛායං පංසුං ආරොපෙත්වා භික්ඛූ ආමන්තෙසි: තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං යො චා’යං මයා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො, අයං වා මහාපඨවීති? එතදෙව භන්තෙ, බහුතරං. යදිදං මහාපඨවී, අප්පමත්තකොයං භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො. සඞ්ඛම්පි න උපෙති, උපනිධිම්පි න උපෙති, කලභාගම්පි න උපෙති මහාපඨවිං උපනිධාය භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතොති. එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස අභිසමෙතාවිනො එතදෙව බහුතරං දුක්ඛං -පෙ- යො “ඉදං දුක්ඛන්ති” යථාභූතං පජානාති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛන්ති” යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJT3893. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බිඳක් නඟා භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? මවිසින් නියසිළෙහි නගන ලද යම් මේ පස් බිඳෙක් වේ නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි? වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉතා බොහෝ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස් බිඳ ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස්බිඳ ගිණුමට ද නො පැමිණේ. සැසැඳුමට දු නො පැමිණේ. කලභාගයකට දු නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම චතුස්සත්‍යාවබෝධය කළ දිටුසපන් අරීසවු පුඟුල්හුගේ ... මේ දුක ම ඉතා බොහෝ ය. යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද ... මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 6. 2.
Sinhala BJT12. 6. 2.
Pali BJTපොක්ඛරණීසුත්තං
Sinhala BJTපොක්ඛරණී සූත්‍රය
Pali BJT3894. සෙය්යථාපි භික්ඛවෙ, පොක්ඛරණී පඤ්ඤාස යොජනානි ආයාමෙන, පඤ්ඤාස යොජනානි විත්ථාරෙන, පඤ්ඤාස යොජනානි උබ්බෙධෙන, පුණ්ණා උදකස්ස සමතිත්තිකා කාකපෙය්යා. තතො පුරිසො කුසග්ගෙන උදකං උද්ධරෙය්ය. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා කුසග්ගෙන උබ්භතං, යං වා පොක්ඛරණියා උදකන්ති? එතදෙව භන්තෙ, බහුතරං යදිදං පොක්ඛරණියා උදකං. අප්පමත්තකං කුසග්ගෙන උදකං උබ්භතං. සඞ්ඛම්පි න උපෙති, උපනිධිම්පි න උපෙති, කලභාගම්පි න උපෙති පොක්ඛරණියා උදකං උපනිධාය කුසග්ගෙන උදකං උබ්භතන්ති. එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3894. මහණෙනි, යම්සේ අයමින් පනස්යොදුන් වූ විතරින් පනස්යොදුන් වූ ගැඹරින් පනස්යොදුන් වූ මුවවිට සම කොට දියෙන් පිරුණු කවුඩන් විසින් පිය හැකි පොකුණෙක් වේ ද, පුරුෂයෙක් කුසතණඅගින් එයින් දිය නගන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? කුසතණඅගින් යම් දියෙක් නගන ලද නම් එය හෝ පොකුණෙහි වූ දිය හෝ දැ යි? වහන්ස, පොකුණෙහි වූ යම් මේ දියෙක් වේ නම් මෙය ම ඉතා බෙහෙවි. කුසතණඅගින් නගන ලද දිය ඉතා මඳ ය. පොකුණෙහි වූ දිය හා සැසඳීමෙහි දී කුසතණඅගින් නගන ලද දිය ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට දු නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 6. 3.
Sinhala BJT12. 6. 3.
Pali BJTසම්භෙජ්ජසුත්තං
Sinhala BJTසම්භෙජ්ජ සූත්‍රය
Pali BJT3895. සෙය්යථාපි භික්ඛවෙ, යත්ථිමා මහානදියො සංසන්දන්ති සමෙන්ති. සෙය්යථිදං: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී. තතො පුරිසො ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උද්ධරෙය්ය. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යානි වා ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ්භතානි යං වා සම්භෙජ්ජං උදකන්ති? එතදෙව භන්තෙ, බහුතරං යදිදං සම්භෙජ්ජං උදකං, අප්පමත්තකානි ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ්භතානි. සඞ්ඛම්පි න උපෙන්ති, උපනිධිම්පි න උපෙන්ති, කලභාගම්පි න උපෙන්ති. සම්භෙජ්ජං උදකං උපනිධාය ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ්භතානීති. එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3895. මහණෙනි, යම්සේ මේ මහානදීහු එනම්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී නදීහු යම් තැනෙක එක් වැ ගලාබසිත් ද එක්වෙද්ද, පුරුෂයෙක් එයින් දෙතුන් දියබිඳක් නඟන්නේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? නගන ලද යම් දෙතුන් දියබිඳුහු වෙත් නම් ඔහු හෝ යම් මුසුදියෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, යම් මේ (සෙසුනදීන් හා) මුසුදියෙක් වේ නම් මෙය ම ඉතා බෙහෙවි. නගන ලද දෙතුන් දියබිඳුහු ඉතා මඳයැ. මුසුදිය හා සැසඳීමෙහි දී නගන ලද දෙතුන් දියබිඳුහු ගිණුමට ද නො පැමිණෙත්. සැසඳුමට ද නො පැමිණෙත්. කලභාගයට ද නො පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 6. 4.
Sinhala BJT12. 6. 4.
Pali BJTදුතියසම්භෙජ්ජසුත්තං
Sinhala BJTදුතිය සම්භෙජ්ජ සූත්‍රය
Pali BJT3896. සෙය්යථාපි භික්ඛවෙ, යත්ථිමා මහානදියො සංසන්දන්ති සමෙන්ති. සෙය්යථිදං: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී. තං උදකං පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය ඨපෙත්වා ද්වෙ වා තීණි වා උදකඵුසිතානි. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං. යං වා සම්භෙජ්ජං උදකං පරික්ඛීණං පරියාදින්නං. යානි ද්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට්ඨානීති? එතදෙව භන්තෙ, බහුතරං සම්භෙජ්ජං උදකං යදිදං පරික්ඛීණං පරියාදින්නං, අප්පමත්තකානි ද්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට්ඨානි. සඞ්ඛම්පි න උපෙන්ති, උපනිධිම්පි න උපෙන්ති, කලභාගම්පි න උපෙන්ති සම්භෙජ්ජං උදකං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය ද්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට්ඨානීති. එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3896. මහණෙනි, යම්සේ මේ මහානදීහු එනම්: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී නදීහු යම් තැනෙක එක් වැ ගලාබසිත් ද, එක්වෙද්ද, දෙතුන් දියබිඳක් තබා ඒ දිය ක්‍ෂය වීමට සිඳීමට යන්නේ නම්, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? ක්‍ෂය වූ සිඳුණු යම් මුසු දියෙක් වේ නම් එය හෝ ඉතිරි වූ යම් දෙතුන් දියබිඳහු වෙත් නම් ඔහු හෝ දැ යි? වහන්ස, ක්‍ෂය වූ සිඳුණු යම් මේ මුසු දියෙක් වේ නම් මෙය ම ඉබොහෝ ය. ඉතිරි වූ යම් දෙතුන් දියබිඳහු ඉමඳහ. ක්‍ෂය වූ සිඳුණු මුසුදිය හා සැසඳීමෙහි දී ඉතිරි වූ යම් දෙතුන් දියබිඳුහු ගිණුමට ද නො පැමිණෙත්. සැසඳුමට ද නො පැමිණෙත්. කලභාගයට ද නො පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 6. 5.
Sinhala BJT12. 6. 5.
Pali BJTපඨවිසුත්තං
Sinhala BJTපඨවි සූත්‍රය
Pali BJT3897. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො මහාපඨවියා සත්ත කොලට්ඨිමත්තියො ගුළිකා උපනික්ඛිපෙය්ය. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං. යා වා සත්ත කොලට්ඨිමත්තියො ගුළිකා උපනික්ඛිත්තා, අයං වා මහාපඨවීති? එතදෙව භන්තෙ, බහුතරං යදිදං මහාපඨවී, අප්පමත්තිකා සත්ත කොලට්ඨිමත්තියො ගුළිකා උපනික්ඛිත්තා. සඞ්ඛම්පි න උපෙන්ති, උපනිධිම්පි න උපෙන්ති, කලභාගම්පි න උපෙන්ති මහාපඨවිං උපනිධාය සත්ත කොලට්ඨිමත්තියො ගුළිකා උපනික්ඛිත්තාති. එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3897. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහපොළොවෙහි ඩෙබරඇට පමණ වූ ගුළි සතක් බහා තබන්නේ නම් මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? ඩෙබරඇට පමණ වූ බහා තබන ලද යම් සත්ගුළියක් වේ නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි? වහන්ස, යම් මේ මහපොළොව වේ ද, මෙය මැ ඉබොහෝ යි. බහා තබාන ලද ඩෙබාරඇට පමණ වූ සත්ගුළිය ඉතා මඳ යැ. මහපොළොව හා සැසඳීමෙහි දී ඩෙබරඇට පමණ වූ බහා තබන ලද සත්ගුළිය ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 6. 6.
Sinhala BJT12. 6. 6.
Pali BJTදුතිය පඨවිසුත්තං
Sinhala BJTදුතිය පඨවි සූත්‍රය
Pali BJT3898. සෙය්යථාපි භික්ඛවෙ, මහාපඨවී පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය ඨපෙත්වා සත්ත කොලට්ඨිමත්තියො ගුළිකා. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා මහාපඨවියා පරික්ඛීණං පරියාදින්නං, යා වා සත්ත කොලට්ඨිමත්තියො ගුළිකා අවසිට්ඨාති? එතදෙව භන්තෙ, බහුතරං මහාපඨවියා යදිදං පරික්ඛීණං පරියාදින්නං අප්පමත්තිකා සත්ත කොලට්ඨිමත්තියො ගුළිකා අවසිට්ඨා. සඞ්ඛම්පි න උපෙන්ති, උපනිධිම්පි න උපෙන්ති, කලභාගම්පි න උපෙන්ති මහාපඨවියා පරික්ඛීණං පරියාදින්නං උපනිධාය සත්ත කොලට්ඨිමත්තියො ගුළිකා අවසිට්ඨාති. එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3898. මහණෙනි, යම්සේ මහපොළොව ඩෙබරඇට පමණ වූ සත්ගුළියක් තබා ක්‍ෂය වීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මහපොළොවෙහි ක්‍ෂය වූ ගෙවුණු යමෙක් වේ නම් එය හෝ ඉතිරි වූ ඩෙබරඇට පමණ වූ යම් සත්ගුලියක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, මහපොළොවෙහි යම් මේ ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉබෙහෙවි. ඉතිරි වූ ඩෙබරඇට පමණ වූ සත්ගුලිය ඉතා මඳ ය. මහපොළොවෙහි ක්‍ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී ඉතිරි වූ ඩෙබරඇට පමණ වූ සත්ගුලිය ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එමෙන් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 6. 7.
Sinhala BJT12. 6. 7.
Pali BJTසමුද්දසුත්තං
Sinhala BJTසමුද්ද සූත්‍රය
Pali BJT3899. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො මහාසමුද්දතො{1} ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උද්ධරෙය්ය. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යානි වා ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ්භතානි, යං වා සමුද්දෙ උදකන්ති? එතදෙව භන්තෙ, බහුතරං යදිදං මහාසමුද්දෙ උදකං, අප්පමත්තකානි, ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ්භතානි. සඞ්ඛම්පි න උපෙන්ති, උපනිධිම්පි න උපෙන්ති, කලභාගම්පි න උපෙන්ති. මහාසමුද්දෙ උදකං උපනිධාය ද්වෙ වා තීණි වා උදකඵුසිතානි උබ්භතානීති. එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- යොගො කරණීයොති:
Sinhala BJT3899. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මහමුහුදෙන් දෙතුන් දියබිඳක් නගන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? නගන ලද, යම් දෙතුන් දියබිඳුහු වෙත් නම් ඔහු හෝ මුහුදෙහි යම් දියෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, මහමුහුදෙහි යම් දියෙක් වේ නම් මෙය ම ඉබෙහෙවි. නගන ලද දෙතුන් දියබිඳු ඉතා මඳ ය. මහ මුහුදෙහි දිය හා සැසැඳීමෙහි දී නගන ලද දෙ තුන් දියබිඳු ඉතා මඳ ය. මහ මුහුදෙහි දිය හා සැසඳීමෙහි දී නගන ලද දෙ තුන් දියබිඳු ගිණුමට ද නො පැමිණේ. සැසැඳුමට දු නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එපරිද්දෙන් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 6. 8.
Sinhala BJT12. 6. 8.
Pali BJTදුතිය සමුද්දසුත්තං
Sinhala BJTදුතියසමුද්ද සූත්‍රය
Pali BJT3900. සෙය්යථාපි භික්ඛවෙ, මහාසමුද්දො{2} පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය ඨපෙත්වා ද්වෙ වා තීණි වා උදකඵුසිතානි. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යං වා මහාසමුද්දෙ උදකං පරික්ඛීණං පරියාදින්නං, යානි වා ද්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට්ඨානීති? එතදෙව භන්තෙ, බහුතරං මහාසමුද්දෙ උදකං යදිදං පරික්ඛීණං{3} පරියාදින්නං, අප්පමත්තකානි ද්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට්ඨානි. සඞ්ඛම්පි න උපෙන්ති, උපනිධිම්පි න උපෙන්ති, කලභාගම්පි න උපෙන්ති මහාසමුද්දෙ උදකං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය ද්වෙ වා තීණි වා උදකඵුසිතානි අවසිට්ඨානීති. එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3900. මහණෙනි, යම්සේ මහමුහුද දෙතුන් දියබිඳක් තබා ක්‍ෂය වීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මහමුහුදෙහි ක්‍ෂය වූ සිඳුණු යම් දියෙක් වේ නම් එය හෝ ඉතිරි වූ දෙතුන් දිය බිඳෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, මහමුහුදෙහි ක්‍ෂය වූ සිඳුණු යම් මේ දියෙක් වේ නම් මෙය ම ඉබෙහෙවි. ඉතිරි වූ දෙතුන් දිය බිඳු ඉතා මඳ ය. මහමුහුදෙහි ක්‍ෂය වූ සිඳුණු දිය හා සැසඳීමෙහි දී ඉතිරි වූ දෙතුන් දිය බිඳු ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එපරිද්දෙන් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 6. 9.
Sinhala BJT12. 6. 9.
Pali BJTපබ්බතූපමසුත්තං
Sinhala BJTපබ්බතූපම සූත්‍රය
Pali BJT3901. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො හිමවතො පබ්බතරාජස්ස සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිපෙය්ය. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යා වා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තා, හිමවා පබ්බතරාජාති? එතදෙව භන්තෙ, බහුතරං යදිදං හිමවා පබ්බතරාජා අප්පමත්තිකා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තා. සඞ්ඛම්පි න උපෙන්ති, උපනිධිම්පි න උපෙන්ති, කලභාගම්පි න උපෙන්ති හිමවන්තං පබ්බතරාජානං උපනිධාය. සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා උපනික්ඛිත්තාති. එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3901. මහණෙනි, යම්සේ පුරුෂයෙක් හිමවත් පවුරජහුගේ අබ පමණ වූ පහණසකුරු සතක් බහා තබන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? බහා තබන ලද අබ පමණ වූ පහණසකුරු සතෙක් වේ නම් එය හෝ හිමවත් පවුරජ හෝ දැ යි? වහන්ස, යම් මේ හිමවත් පවුරජෙක් වේ නම් හේ ම ඉබෙහෙවි. බහා තබන ලද අබ පමණ වූ පහණසකුරු සත ඉතා මඳ ය. හිමවත් පවුරජු හා සැසඳීමෙහි දී බහා තබන ලද අබ පමණ වූ පහණසකුරු සත ගිණුමට ද නො පැමිණේ. සැසැඳුමට ද නො පැමිණේ. කලභාගයට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම අරීසවුහුගේ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 6. 10.
Sinhala BJT12. 6. 10.
Pali BJTදුතිය පබ්බතූපමසුත්තං
Sinhala BJTදුතිය පබ්බතූපම සූත්‍රය
Pali BJT3902. සෙය්යථාපි භික්ඛවෙ, හිමවා පබ්බතරාජා පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය, ඨපෙත්වා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නුඛො බහුතරං, යං වා හිමවතො පබ්බතරාජස්ස පරික්ඛීණං පරියාදින්නං, යා වා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා අවසිට්ඨාති? එතදෙව භන්තෙ, බහුතරං හිමවතො පබ්බතරාජස්ස යදිදං පරික්ඛීණං පරියාදින්නං. අප්පමත්තිකා සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා අවසිට්ඨා. සඞ්ඛම්පි න උපෙන්ති, උපනිධිම්පි න උපෙන්ති, කලභාගම්පි න උපෙන්ති හිමවතො පබ්බතරාජස්ස පරික්ඛීණං පරියාදින්නං උපනිධාය සත්ත සාසපමත්තියො පාසාණසක්ඛරා අවසිට්ඨාති.
Sinhala BJT3902. මහණෙනි, යම්සේ පුරුෂයෙක් හිමවත් පවුරජ අබ පමණ වූ පහණසකුරු (ගල්කැට) සතක් තබා ක්‍ෂය වීමට ගෙවීමට යන්නේ ද, මහණෙනි, “ඒ කිමැ” යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? හිමවත් පවුරජුගේ යම් ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් එය හෝ ඉතිරි වූ අබ පමණ වූ යම් පහණසකුරු සතෙක් වේ නම් එය හෝ දැ යි? වහන්ස, හිමවත් පවුරජුගේ යම් මේ ක්‍ෂය වූවෙක් ගෙවුණෙක් වේ නම් මෙය ම ඉතා බෙහෙවි. අබ පමණ වූ ඉතිරි වූ සත්පහණසකුරු ඉතා මඳ ය. හිමවත් පවුරජුගේ ක්‍ෂය වූ ගෙවුණු කොටස හා සැසඳීමෙහි දී අබ පමණ වූ ඉතිරි වූ සත්පහණසකුරු ගිණුමටත් නො පැමිණේ. සැසඳුමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ යි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස දිට්ඨිසම්පන්නස්ස පුග්ගලස්ස අභිසමෙතාවිනො එතදෙව බහුතරං දුක්ඛං යදිදං පරික්ඛීණං පරියාදින්නං අප්පමත්තකං අවසිට්ඨං. සඞ්ඛම්පි න උපෙති, උපනිධිම්පි න උපෙති, කලභාගම්පි න උපෙති පුරිමං දුක්ඛක්ඛන්ධං පරික්ඛීණං පරියාදින්නං උපනිධාය යදිදං සත්තක්ඛත්තු{1}පරමතා. යො “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පජානාති. “අයං දුක්ඛසමුදයො”ති යථාභූතං පජානාති. “අයං දුක්ඛනිරොධො”ති යථාභූතං පජානාති. “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛන්ති” යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම සිවුසස් පිළිවිදි දිටුසපන් අරීසවු පුඟුල්හුගේ ක්‍ෂය වූ ගෙවුණු යම් මේ දුකෙක් වේ නම් මෙය ම ඉතා බොහෝ ය. ඉතිරි වූ දුක ඉතා මඳ ය. යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී ද, “මේ දුක් හටගැනුමැ” යි තතුසේ දනී ද, “මේ දුක් වැළැක්මැ” යි තතුසේ දනී ද, “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද, යන යම් මේ සත්තක්ඛත්තුපරමතාවක් වේ ද, එය ක්‍ෂය වූ ගෙවුණු පළමු දුක්කඳ හා සැසඳීමෙහි දී ගිණුමටත් නො පැමිණේ. සැසැඳුමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJTඅභිසමයවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවැනි අභිසමයවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය :
Pali BJTනඛසිඛා පොක්ඛරණී ච සම්භෙජ්ජා අපරෙ දුවෙ, පඨවී ද්වෙ සමුද්දා ද්වෙ දුවෙ ච පබ්බතූපමාති.
Sinhala BJTනඛසිඛා, පොක්ඛරණී යි දෙකෙක් ද අනෙක් සම්භෙජ්ජ සුතුරු දෙකෙක් ද පඨවි සුතුරු දෙකෙක් ද සමුද්ද සුතුරු දෙකෙක් ද පබ්බතූපම සුතුරු දෙකෙක් දැයි මුළුල්ල දසයෙකි යි.
Pali BJT7. ආමකධඤ්ඤපෙය්යාලවග්ගො
Sinhala BJT7. ආමකධඤ්ඤපෙය්‍යාල වර්‍ගය
Pali BJT12. 7. 1.
Sinhala BJT12. 7. 1.
Pali BJTඅඤ්ඤත්රසුත්තං
Sinhala BJTඅඤ්ඤත්‍ර සූත්‍රය
Pali BJT3903. අථ ඛො භගවා පරිත්තං නඛසිඛායං පංසුං ආරොපෙත්වා භික්ඛූ ආමන්තෙසි: “තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං. යො වා’යං මයා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො, අයං වා මහාපඨවී”ති? එතදෙව භන්තෙ, බහුතරං යදිදං මහාපඨවී, අප්පමත්තකො, යං භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො. සඞ්ඛම්පි න උපෙති, උපනිධිම්පි න උපෙති, කලභාගම්පි න උපෙති මහාපඨවිං උපනිධාය භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතොති. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මනුස්සෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අඤ්ඤත්ර මනුස්සෙහි{1} පච්චාජායන්ති. තං කිස්ස හෙතු? අදිට්ඨත්තා භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධගාමිනියාපටිපදාය අරියසච්චස්ස. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3903. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස් බිඳක් නගා භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉතා බොහෝ ද? මා විසින් නියසිළෙහි යම් පස්බිඳෙක් නගන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැ යි. වහන්ස, යම් මේ මහපොළොව වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බිඳ ඉතා මඳ ය. මහපොළොව හා සැසඳීමෙහි දී භාග්‍යවතුන් වහන්සේ විසින් නිය සිළෙහි නගන ලද පස්බිඳ ගිණුමටත් නො පැමිණේ. සැසඳීමටත් නො පැමිණේ. කලභාගයටත් නො පැමිණේ යි. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙහි උපදිත් නම් ඔහු අල්පය. වැලි යම් සත්‍ව කෙනෙක් මිනිසුන් කෙරෙන් අන් තන්හි උපදිත් නම් ඔහු ම ඉබොහෝහ. ඒ කවර හෙයින යත්: චතුරාර්‍ය්‍යසත්‍යය නො දුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍යය ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය” යි. මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කට යුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 7. 2.
Sinhala BJT12. 7. 2.
Pali BJTපච්චන්තසුත්තං
Sinhala BJTපච්චන්ත සූත්‍රය
Pali BJT3904. අථ ඛො භගවා පරිත්තං නඛසිඛායං පංසුං ආරොපෙත්වා භික්ඛූ ආමන්තෙසි: “තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං, යො වා’යං මයා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො, අයං වා මහාපඨවී”ති? එතදෙව භන්තෙ, බහුතරං යදිදං මහාපඨවී, අප්පමත්තකොයං භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතො. සඞ්ඛම්පි න උපෙති, උපනිධිම්පි න උපෙති, කලභාගම්පි න උපෙති මහාපඨවිං උපනිධාය භගවතා පරිත්තො නඛසිඛායං පංසු ආරොපිතොති. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා{2} තෙ සත්තා යෙ මජ්ඣිමෙසු ජනපදෙසු පච්චාජායන්ති. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ පච්චන්තිමෙසු ජනපදෙසු පච්චාජායන්ති අවිඤ්ඤාතාරෙසු මිලක්ඛෙසු -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3904. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නියසිළෙහි පස්බිඳක් නගා භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කිමෙක් ඉබොහෝ ද? මවිසින් නියසිළෙහි යම් මේ පස්බිඳෙක් නගන ලද නම් එය හෝ මේ මහපොළොව හෝ දැයි. වහන්ස, යම් මේ මහපොළොවක් වේ නම් මෙය ම ඉබෙහෙවි. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද මේ පස්බිඳ ඉතා මඳ ය. භාග්‍යවතුන් වහන්සේ විසින් නියසිළෙහි නගන ලද පස්බිඳ මහපොළොව හා සැසඳීමෙහි දී ගිණුමට ද නො පැමිණේ. සැසඳුමට ද නො පැමිණේ. කලාවෙන් කලාවට ද නො පැමිණේ. මහණෙනි, එසෙයින් ම මධ්‍යමජනපදයන්හි යම් සත්‍ව කෙනෙක් උපදිත් නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් අප්‍රසිද්ධ වූ අශිෂ්ට වූ පැසුළු දනව්හි උපදිත් නම් මොහු ම ඉබොහෝ හ. ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 7. 3.
Sinhala BJT12. 7. 3.
Pali BJTපඤ්ඤාසුත්තං
Sinhala BJTපඤ්ඤා සූත්‍රය
Pali BJT3905. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ අරියෙන පන පඤ්ඤාචක්ඛුනා{3} සමන්නාගතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අවිජ්ජාගතා සම්මූළ්හා -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJT3905. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ආර්‍ය්‍ය වූ ලොවී ලොවුතුරු නුවණැසින් සමන්‍වාගත වෙත් නම් ඒ සත්‍වයෝ මඳය හ, වැලි යම් කෙනෙක් අවිද්‍යායෙන් යුතු වූවාහු මුළා වූවෝ වෙද්ද මේ සත්‍වයෝ ම ඉබොහෝ හ. ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 7. 4.
Sinhala BJT12. 7. 4.
Pali BJTසුරාමෙරයසුත්තං
Sinhala BJTසුරාමේරය සූත්‍රය
Pali BJT3906. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ සුරාමෙරයමජ්ජපමාදට්ඨානා අප්පටිවිරතා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3906. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ප්‍රමාදයට කරුණු වූ රහමෙරමත්පැනින් වැළකුණාහු නම් ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් ප්‍රමාදයට කරුණු වූ රහමෙර මත්පැනින් නො වැළකුණාහු නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 7. 5.
Sinhala BJT12. 7. 5.
Pali BJTඔදකජසුත්තං
Sinhala BJTඔදකජ සූත්‍රය
Pali BJT3907. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ ථලජා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ ඔදකජා. -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3907. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් ගොඩබිම උපදනාහු ද ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් දියෙහි උපදනෝ ද මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 7. 6.
Sinhala BJT12. 7. 6.
Pali BJTමත්තෙය්යසුත්තං
Sinhala BJTමත්තෙය්‍ය සූත්‍රය
Pali BJT3908. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ මත්තෙය්යා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අමත්තෙය්යා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3908. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මවට හිත වූවෝ ද, ඔහු මඳය හ. වැලි යම් සත්‍ව කෙනෙක් මවට හිත නුවූවෝ ද මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 7. 7.
Sinhala BJT12. 7. 7.
Pali BJTපෙත්තෙය්යසුත්තං
Sinhala BJTපෙත්තෙය්‍ය සූත්‍රය
Pali BJT3909. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ පෙත්තෙය්යා. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අපෙත්තෙය්යා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3909. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් පියාට හිත වූවෝ ද ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් පියාට හිත නුවූවෝ ද මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 7. 8.
Sinhala BJT12. 7. 8.
Pali BJTසාමඤ්ඤසුත්තං
Sinhala BJTසාමඤ්ඤ සූත්‍රය
Pali BJT3910. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ සාමඤ්ඤා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අසාමඤ්ඤා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3910. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් මහණුන්ට හිත වූවෝ නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් මහණුන්ට හිත නුවූවෝ නම් මොහු ම ඉබොහෝහ. ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 7. 9.
Sinhala BJT12. 7. 9.
Pali BJTබ්රහ්මඤ්ඤසුත්තං
Sinhala BJTබ්‍රහ්මඤ්ඤ සූත්‍රය
Pali BJT3911. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ බ්රහ්මඤ්ඤා; අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අබ්රහ්මඤ්ඤා -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3911. මහණෙනි, එසෙයින් ම යම් කෙනෙක් බමුණන්ට හිත වූවෝ ද ඒ සත්‍වයෝ මඳයහ. වැලි යම් කෙනෙක් බමුණන්ට හිත නුවූවෝ ද මේ සත්‍වයෝ ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 7. 10.
Sinhala BJT12. 7. 10.
Pali BJTඅපචායීසුත්තං
Sinhala BJTඅපචායී සූත්‍රය
Pali BJT3912. එවමෙව ඛො භික්ඛවෙ, අප්පකා තෙ සත්තා යෙ කුලෙජෙට්ඨාපචායිනො. අථ ඛො එතෙව බහුතරා සත්තා යෙ අකුලෙජෙට්ඨාපචායිනො -පෙ- යොගො කරණීයොති.
Sinhala BJT3912. මහණෙනි, එසෙයින් ම යම් සත්‍ව කෙනෙක් කුලදෙටුවන් පුදන්නෝ නම් ඔහු මඳයහ. වැලි යම් සත්‍ව කෙනෙක් කුලදෙටුවන් නොපුදන්නෝ නම් මොහු ම ඉබොහෝහ ... වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJTආමකධඤ්ඤපෙය්යාලවග්ගො සත්තමො.
Sinhala BJTසත්වැනි ආමකධඤ්ඤපෙය්‍යාල වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTඅඤ්ඤත්ර පච්චන්තං පඤ්ඤා ච සුරාමෙරයොදකජා. මත්තෙය්ය පෙත්තෙය්යා සාමඤ්ඤං බ්රහ්මඤ්ඤපචායීති.
Sinhala BJTඅඤ්ඤත්‍ර, පච්චන්ත, පඤ්ඤා, සුරාමේරය, ඔදකජ, සුතුරු ද මෙත්තෙය්‍ය, පෙත්තෙය්‍ය, සාමඤ්ඤ, බ්‍රහ්මඤ්ඤ, අපචායී සුතුරු දැ යි දසයෙකි යි.
Pali BJT8. දුතිය ආමකධඤ්ඤපෙය්යාලවග්ගො
Sinhala BJT8. දුතිය ආමකධඤ්ඤපෙය්‍යාල
Pali BJT12. 8. 1.
Sinhala BJT12. 8. 1.
Pali BJTපාණාතිපාතසුත්තං
Sinhala BJTපාණාතිපාත සූත්‍රය