Pali BJT3863. එවං මෙ සුතං එකං සමයං භගවා වජ්ජීසු විහරති කොටිගාමෙ.{1} තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: චතුන්නං භික්ඛවෙ, අරියසච්චානං අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස භික්ඛවෙ, අරියසච්චස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. දුක්ඛනිරොධස්ස අරියසච්චස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච. දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස අනනුබොධා අප්පටිවෙධා එවමිදං දීඝමද්ධානං සන්ධාවිතං සංසරිතං මමඤ්චෙව තුම්හාකඤ්ච.
Sinhala BJT3863. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ වැදෑ දනව්වෙහි කෙළගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. මහණෙනි, සිවු අරීසස් නොදැනුමෙන් නො පිළිවිදුමෙන් මා විසිනුදු තොප විසිනුදු මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි දිවිණි සැරිසැරිණි. නොහොත් මාගේත් තොපගේත් දිවුම සැරිසැරුම විය. කවර සතරක යත්: මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය නොදැන්මෙන් නො පිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය නොදැනුමෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය නොදැන්මෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි. දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය නොදැනුමෙන් නොපිළිවිදුමෙන් මෙසේ මේ දිගුකල් මුළුල්ලෙහි මා විසිනුදු තොප විසිනුදු දිවිණි, සැරිසැරිණි.
Pali BJTතයිදං භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං, දුක්ඛසමුදයො අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං, දුක්ඛනිරොධො අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං අනුබුද්ධං පටිවිද්ධං. උච්ඡින්නා භවතණ්හා. ඛීණා භවනෙත්ති. නත්ථිදානි පුනබ්භවොති. ඉදමවොච භගවා -පෙ- එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය දන්නා ලදී, පිළිවිදුනා ලදී. භවතෘෂ්ණාව සිඳින ලදු, බවරැහැන (තෘෂ්ණ) ගෙවිණ. දැන් පුනර්‍භවයෙක් නැතැ යි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක:
Pali BJTචතුන්නං අරියසච්චානං යථාභූතං අදස්සනා, සංසරං{2} දීඝමද්ධානං තාසු තාස්වෙව ජාතිසු. තානි එතානි දිට්ඨානි භවනෙත්ති සමූහතා, උච්ඡින්නං මූලං දුක්ඛස්ස නත්ථිදානි පුනබ්භවොති.
Sinhala BJT‘සිවු අරීසස් තතුසේ නොදැක්මෙන් දිගුකලක් මුළුල්ලෙහි ඒ ඒ ජාතීන්හි සැරිසරමින් ම ඒ මොහු (සිවුසස්) දක්නා ලද හ. බවරැහැන නසන ලදි. දුකෙහි මුල් සිඳින ලදී. දැන් පුනර්‍භවයෙක් නැතැ’ යි.
Pali BJT12. 3. 2.
Sinhala BJT12. 3. 2.
Pali BJTදුතියකොටිගාමසුත්තං
Sinhala BJTදුතිය කෝටිගාම සූත්‍රය
Pali BJT3864. යෙහි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානන්ති. අයං දුක්ඛසමුදයොති යථාභූතං නප්පජානන්ති. අයං දුක්ඛනිරොධොති යථාභූතං නප්පජානන්ති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානන්ති. න මෙතෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා, බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා. න ච පනෙ තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. යෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉදං දුක්ඛන්ති යථාභූතං පජානන්ති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානන්ති. තෙ ඛො මෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව සමණසම්මතා බ්රාහ්මණෙසු ච බ්රාහ්මණසම්මතා. තෙ පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති. ඉදමවොච භගවා -පෙ- එතදවොච සත්ථා:
Sinhala BJT3864. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ‘මේ දුකැ’යි තතුසේ නො දනිද්ද, ‘මේ දුක් හටගැන්මැ’යි තතුසේ නො දනිද්ද, ‘මේ දුක් වැළැක්මැ’ යි තතුසේ නො දනිද්ද, ‘මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ’යි තතුසේ නො දනිද්ද, මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහු ය යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහිත් බමුණෝ ය යි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත්හු මහණකමෙහි අරුත හෝ බමුණුකමෙහි අරුත හෝ දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ නො ද වෙසෙත්. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ‘මේ දුකැ’ යි තතු සේ දනිද්ද ... ‘මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ’ යි තතුසේ දනිද්ද, මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහු ය යි සම්මතයහ. බමුණන් කෙරෙහිත් බමුණෝ ය යි සම්මතයහ. ඒ ආයුෂ්මත්හු මහණකමෙහි අරුතත් බමුණුකමෙහි අරුතත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි. මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක:
Pali BJTයෙ දුක්ඛං නප්පජානන්ති අථො දුක්ඛස්ස සම්භවං, යත්ථ ච සබ්බසො දුක්ඛං අසෙසං උපරුජ්ඣති.
Sinhala BJT“යම් කෙනෙක් දුකත් යළි දුක්හි හටගැන්මත් යම් තැනෙක සියලු අයුරින් දුක නිරවශේෂ ව නිරුද්ධ වේ නම් එයත් නො දනිද්ද,
Pali BJTතඤ්ච මග්ගං න ජානන්ති දුක්ඛූපසමගාමිනං, චෙතොවිමුත්ති හීනා තෙ අථො පඤ්ඤාවිමුත්තියා.
Sinhala BJTදුක් සන්සිඳුමට පමුණුවන ඒ මඟත් නො දනිද් ද, ඔහු ඵලසමාධියෙන් තොර වූවහ. යළි ඵලප්‍රඥායෙන් ද තොර වූවහ.
Pali BJTඅභබ්බා තෙ අන්තකිරියාය තෙ වෙ ජාතිජරූපගා, යෙ ච දුක්ඛං පජානන්ති අථො දුක්ඛස්ස සම්භවං.
Sinhala BJTඔහු දුක් කෙළවර කිරීමට නුසුදුස්සහ. ඔහු ඒකාන්තයෙන් ජාතිජරාවන්ට පැමිණියහ. යම් කෙනෙක් දුකත් යළි දුක් හටගැන්මත් දනිද්ද,
Pali BJTයත්ථ ච සබ්බසො දුක්ඛං අසෙසං උපරුජ්ඣති, තඤ්ච මග්ගං පජානන්ති දුක්ඛූපසමගාමිනං.
Sinhala BJTයම් තැනෙක සියලු අයුරින් දුක නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් එයත් දුක් සන්හිඳුමට පමුණුවන ඒ මඟත් දනිද්ද,
Pali BJTචෙතොවිමුත්තිසම්පන්නා අථො පඤ්ඤාවිමුත්තියා, භබ්බා තෙ අන්තකිරියාය න තෙ ජාතිජරූපගාති.
Sinhala BJTඵලසමාධියෙන් යුතු වූ යළි ඵලප්‍රඥායෙන් ද සමන්‍වාගත වූ ඔහු දුක් කෙළවර කිරීමට සුදුස්සහ. ඔහු ජාතිජරාවන්ට පැමිණියාහු නො වෙති යි.
Pali BJT12. 3. 3.
Sinhala BJT12. 3. 3.
Pali BJTඅභිසම්බුද්ධසුත්තං
Sinhala BJTඅභිසම්බුද්ධ සූත්‍රය
Pali BJT3865. සාවත්ථියං.
Sinhala BJT3865. සැවැත්නුවර:
Pali BJTචත්තාරිමානි භික්ඛවෙ, අරියසච්චානි. කතමානි චත්තාරි: දුක්ඛං අරියසච්චං -පෙ- දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි අරියසච්චානි. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසම්බුද්ධත්තා තථාගතො අරහං සම්මාසම්බුද්ධොති වුච්චති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යොගො කරණීයොති.
Sinhala BJTමහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍යය, ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය” යි. මහණෙනි, මොහු චතුරාර්‍ය්‍යසත්‍යයෝ යි. මහණෙනි, මේ චතුරාර්‍ය්‍යසත්‍යයන් තතු සේ වෙසෙසින් අවබෝධ කළ බැවින් තථාගතයෝ “අර්‍හත් සම්‍යක්සම්බුද්ධයහ” යී කියනු ලැබෙති. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යී වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා” යී වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 3. 4.
Sinhala BJT12. 3. 4.
Pali BJTඅරහන්තසුත්තං
Sinhala BJTඅරහන්ත සූත්‍රය
Pali BJT3866. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා යථාභූතං අභිසම්බුජ්ඣිංසු, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුජ්ඣිංසු. යෙ හි{1} කෙචි භික්ඛවෙ, අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා යථාභූතං අභිසම්බුජ්ඣිස්සන්ති, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුජ්ඣිස්සන්ති. යෙ හි කෙචි භික්ඛවෙ, එතරහි අරහන්තො සම්මාසම්බුද්ධා යථාභූතං අභිසම්බුජ්ඣන්ති, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුජ්ඣන්ති. කතමානි චත්තාරි: දුක්ඛං අරියසච්චං, දුක්ඛසමුදයො අරියසච්චං, දුක්ඛනිරොධො අරියසච්චං, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා යථාභූතං අභිසම්බුජ්ඣිංසු -පෙ- අභිසම්බුජ්ඣිස්සන්ති -පෙ- සබ්බෙ තෙ ඉමානි චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුජ්ඣන්ති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3866. මහණෙනි, ඉකුත් කල යම් කිසි අර්‍හත් සම්මාසම්බුදුවරයෝ තතු සේ අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතු සේ අවබෝධ කළාහ. මහණෙනි, මතු කල යම් කිසි අර්‍හත් සම්මාසම්බුදුවරයෝ තතු සේ අවබෝධ කරන්නාහු ද ඒ සියල්ලෝ සිවු අරීසස් තතු සේ අවබෝධ කරන්නාහ. මහණෙනි, මෙකල යම් කිසි අර්‍හත් සම්මා සමබුදුවරයෝ තතු සේ අවබෝධ කෙරෙද්ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතු සේ අවබෝධ කෙරෙත්. කවර සිවු අරීසස් ද යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි අර්‍හත් සම්මා සම්බුදුවරයෝ තතු සේ අවබෝධ කළාහු ද ... අවබෝධ කරන්නාහු ද ... අවබෝධ කෙරෙද්ද, ඒ සියල්ලෝ මේ සිවු අරීසස් තතු සේ අවබෝධ කෙරෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 3. 5.
Sinhala BJT12. 3. 5.
Pali BJTආසවක්ඛයසුත්තං
Sinhala BJTආසවක්ඛය සූත්‍රය
Pali BJT3867. ජානතො අහං භික්ඛවෙ, පස්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො නො අපස්සතො{1}. කිඤ්ච භික්ඛවෙ, ජානතො කිං පස්සතො{2} ආසවානං ඛයො හොති: ඉදං දුක්ඛන්ති භික්ඛවෙ, ජානතො පස්සතො ආසවානං ඛයො හොති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති ජානතො පස්සතො ආසවානං ඛයො හොති. එවං ඛො භික්ඛවෙ, ජානතො එවං පස්සතො ආසවානං ඛයො හොති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3867. මහණෙනි, මම දන්නහුගේ දක්නහුගේ ආස්‍රවක්‍ෂය කියමි. නො දන්නහුගේ නො කියමි. නො දක්නහුගේ නො කියමි. මහණෙනි, කුමක් දන්නහුගේ කුමක් දක්නහුගේ ආස්‍රවක්‍ෂය වේ ද යත්: මහණෙනි, මේ දුකැ යි දන්නහුගේ දක්නහුගේ ආස්‍රවක්‍ෂය වේ. මහණෙනි, මෙසේ දන්නහුගේ මෙසේ දක්නහුගේ ආස්‍රවක්‍ෂය වේ. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 3. 6.
Sinhala BJT12. 3. 6.
Pali BJTමිත්තසුත්තං
Sinhala BJTමිත්ත සූත්‍රය
Pali BJT3868. යෙ හි කෙචි භික්ඛවෙ, අනුකම්පෙය්යාථ යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා, තෙ වො භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා පතිට්ඨාපෙතබ්බා. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස, -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස. යෙ හි කෙචි භික්ඛවෙ, අනුකම්පෙය්යාථ, යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා. තෙ වො භික්ඛවෙ, ඉමෙසං චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා පතිට්ඨාපෙතබ්බා. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3868. මහණෙනි, යම් කිසි කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුත් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, ඔහු තොප විසින් සිවු අරීසස් අවබෝධ කිරීම පිණිස සමාදන් කරවිය යුතු ය. වැස්වියයුතු ය. පිහිටුවිය යුතු ය. කවර සිවු අරීසස් ද යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍යය ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, යම් කිසි කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුත් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, ඔහු තොප විසින් මේ සිවු අරීසස් අවබෝධ කිරීම පිණිස සමාදන් කරවියයුතු ය, වැස්වියයුතු ය, පිහිටුවිය යුතුය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 3. 7.
Sinhala BJT12. 3. 7.
Pali BJTතථසුත්තං
Sinhala BJTතථ සූත්‍රය
Pali BJT3869. චත්තාරිමානි භික්ඛවෙ, අරියසච්චානි. කතමානි චත්තාරි: දුක්ඛං අරියසච්චං -පෙ- දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි අරියසච්චානි තථානි අවිතථානි අනඤ්ඤථානි, තස්මා අරියසච්චානීති වුච්චන්ති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3869. මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍යය, ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය” යි. මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතර තථ්‍ය ය, නො වෙනස්වනසුලු ය, අන් පරිදි නො වනසුලු ය. එහෙයින් ආර්‍ය්‍යසත්‍ය යි කියනු ලැබෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 3. 8.
Sinhala BJT12. 3. 8.
Pali BJTලොකසුත්තං
Sinhala BJTලෝක සූත්‍රය
Pali BJT3870. චත්තාරිමානි භික්ඛවෙ, අරියසච්චානි. කතමානි චත්තාරි: දුක්ඛං අරියසච්චං -පෙ- දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. සදෙවකෙ භික්ඛවෙ, ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය තථාගතො අරියො, තස්මා අරියසච්චානීති වුච්චන්ති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3870. මහණෙනි, මේ අරීසස් සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය ය” යි. මහණෙනි, දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි තථාගතයන් ආර්‍ය්‍යහ. එහෙයින් ආර්‍ය්‍යසත්‍ය යි කියනු ලැබෙත්. එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 3. 9.
Sinhala BJT12. 3. 9.
Pali BJTපරිඤ්ඤෙය්යසුත්තං
Sinhala BJTපරිඤ්ඤෙය්‍ය සූත්‍රය
Pali BJT3871. චත්තාරිමානි භික්ඛවෙ, අරියසච්චානි. කතමානි චත්තාරි: දුක්ඛං අරියසච්චං -පෙ- දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං, ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි අරියසච්චානි. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං අත්ථි අරියසච්චං පරිඤ්ඤෙය්යං, අත්ථි අරියසච්චං පහාතබ්බං, අත්ථි අරියසච්චං සච්ඡිකාතබ්බං, අත්ථි අරියසච්චං භාවෙතබ්බං. කතමඤ්ච භික්ඛවෙ, අරියසච්චං පරිඤ්ඤෙය්යං: දුක්ඛං භික්ඛවෙ, අරියසච්චං පරිඤ්ඤෙය්යං, දුක්ඛසමුදයො අරියසච්චං පහාතබ්බං, දුක්ඛනිරොධො අරියසච්චං සච්ඡිකාතබ්බං, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං භාවෙතබ්බං. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3871. මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍ය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය” යි. මහණෙනි, මොහු චතුරාර්‍ය්‍යසත්‍යයෝ යි. මහණෙනි, මේ චතුරාර්‍ය්‍යසත්‍යයන් අතුරෙන් පිරිසිඳ දතයුතු ආර්‍ය්‍යසත්‍යයෙක් ඇත. ප්‍රහාණ කළයුතු ආර්‍ය්‍යසත්‍යයෙක් ඇත. සාක්‍ෂාත් කටයුතු ආර්‍ය්‍යසත්‍යයෙක් ඇත. වැඩියයුතු ආර්‍ය්‍යසත්‍යයෙක් ඇත. මහණෙනි, පිරිසිඳ දත යුතු ආර්‍ය්‍යසත්‍යය කවරෙ යත්: මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිරිසිඳ දතයුතු ය. දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහාණය කළ යුතු ය. දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය සාක්‍ෂාත් කටයුතු ය. දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වැඩියයුතු ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් වැළකීමට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 3. 10.
Sinhala BJT12. 3. 10.
Pali BJTගවම්පතිසුත්තං
Sinhala BJTගවම්පති සූත්‍රය
Pali BJT3872. එකං සමයං සම්බහුලා ථෙරා භික්ඛූ චෙතීසු{1} විහරන්ති සහජාතියං{2}. තෙන ඛො පන සමයෙන සම්බහුලානං ථෙරානං භික්ඛූනං පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තානං මණ්ඩලමාලෙ සන්නිසින්නානං සන්නිපතිතානං අයමන්තරා කථා උදපාදි: “යො නු ඛො ආවුසො, දුක්ඛං පස්සති දුක්ඛසමුදයම්පි සො පස්සති, දුක්ඛනිරොධම්පි පස්සති, දුක්ඛනිරොධගාමිනිං පටිපදම්පි පස්සතී”ති.
Sinhala BJT3872. එක්කලෙක බොහෝ ස්ථවිර භික්‍ෂූහු වෙති දනව්වෙහි සහජාතිභූමියෙහි වෙසෙත්. එකල පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණු මණ්ඩලමාලයෙහි රැස් ව හුන් ස්ථවිර භික්‍ෂූන් අතර මේ අතුරු කථාව උපන: “ඇවැත්නි, යමෙක් දුක්ඛය දකී ද, හෙතෙම දුක්ඛ සමුදයත් දකී. දුක්ඛනිරෝධයත් දකී. දුක්ඛනිරෝධගාමිනීපටිපදාවත් දකී” යි.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ගවම්පති ථෙරො භික්ඛූ එතදවොච: “සම්මුඛා මෙතං ආවුසො, භගවතො සුතං, සම්මුඛා පටිග්ගහිතං”. “යො භික්ඛවෙ, දුක්ඛං පස්සති දුක්ඛසමුදයම්පි සො පස්සති දුක්ඛනිරොධම්පි පස්සති, දුක්ඛනිරොධගාමිනිං පටිපදම්පි පස්සති. යො දුක්ඛසමුදයං පස්සති, දුක්ඛම්පි සො පස්සති, දුක්ඛනිරොධම්පි පස්සති, දුක්ඛනිරොධගාමිනිං පටිපදම්පි පස්සති. යො දුක්ඛනිරොධං පස්සති දුක්ඛම්පි සො පස්සති, දුක්ඛසමුදයම්පි පස්සති, දුක්ඛනිරොධගාමිනිං පටිපදම්පි පස්සති. යො දුක්ඛනිරොධගාමිනිං පටිපදං පස්සති, දුක්ඛම්පි සො පස්සති, දුක්ඛසමුදයම්පි පස්සති, දුක්ඛනිරොධම්පි පස්සතී”ති.
Sinhala BJTමෙසේ කී කල්හි ඇවැත් ගවම්පති තෙරණුවෝ මහණුන්හට මෙය කීහ: “ඇවැත්නි, මෙය මා විසින් භාග්‍යවතුන් වහන්සේගේ හමුවෙහි අසන ලදී, හමුවෙහි පිළිගන්නා ලදී.” “මහණෙනි, යමෙක් දුක දකී ද, හේ දුක්හේතුවත් දකී. දුක් නැවැත්මත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක්හේතුව දකී ද, හේ දුකත් දකී. දුක් නැවැත්මත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක් නැවැත්ම දකී ද, හේ දුකත් දකී. දුක් හේතුවත් දකී. දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතත් දකී. යමෙක් දුක් නැවැත්මට පමුණුවන පිළිවෙත දකී ද, හේ දුකත් දකී. දුක්හේතුවත් දකී. දුක් නැවැත්මත් දකී” යි.
Pali BJTකොටිගාමවග්ගො තතියො.
Sinhala BJTතෙවැනි කෝටිගාමවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTද්වෙ කොටිගාමාභිසම්බුද්ධො අරහං ආසවක්ඛයං මිත්තං තථා ච ලොකො ච පරිඤ්ඤෙය්යං ගවම්පතීති.
Sinhala BJTකොටිගම සූත්‍ර දෙකෙකි, අභිසම්බුද්ධ, අරහන්ත, ආසවක්ඛය, මිත්ත යී සතරෙකි. තව ද තථ ලෝක පරිඤ්ඤෙය්‍ය ගවම්පති යී සතරෙක් දැ යි මුළුල්ල දශයෙකි යි.
Pali BJT4. සීසපාවනවග්ගො
Sinhala BJT4. සීසපාවන වර්‍ගය
Pali BJT12. 4. 1.
Sinhala BJT12. 4. 1.
Pali BJTසිංසපාසුත්තං
Sinhala BJTසිංසපා සූත්‍රය
Pali BJT3873. එකං සමයං භගවා කොසම්බියං විහරති සිංසපාවනෙ{1}. අථ ඛො භගවා පරිත්තානි සිංසපාපණ්ණානි පාණිනා ගහෙත්වා භික්ඛූ ආමන්තෙසි: “තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමං නු ඛො බහුතරං යානි{2} වා මයා පරිත්තානි සිංසපාපණ්ණානි පාණිනා ගහිතානි යදිදං උපරි සිංසපායෙ”ති{3}? අප්පමත්තකානි භන්තෙ, භගවතා පරිත්තානි සිංසපාපණ්ණානි පාණිනා ගහිතානි. අථ ඛො එතානෙව බහුතරානි යදිදං උපරි සිංසපායෙති{3}. එවමෙව ඛො භික්ඛවෙ, එතදෙව බහුතරං යං වො මයා අභිඤ්ඤා අනක්ඛාතං. අප්පමත්තකං අක්ඛාතං කස්මා චෙතං භික්ඛවෙ, මයා අනක්ඛාතං? න හෙතං භික්ඛවෙ, අත්ථසංහිතං නාදිබ්රහ්මචරියකං න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය නාභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති, තස්මා තං මයා අනක්ඛාතං.
Sinhala BJT3873. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහි ඇට්ටේරිය වෙනෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඇට්ටේරිය පත් මඳක් අතින් ගෙන භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? මා විසින් යම් ඇට්ටේරිය පත් මඳක් අතින් ගන්නා ලදද, ඇට්ටේරිය රුක් මතුයෙහි යම් පතුත් වේ ද, (මෙයින්) කිමෙක් ඉතා වැඩි දැ යි? වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් අතින් ගන්නා ලද මඳ ඇට්ටේරියපත් ඉතා මඳ ය. යලි ඇට්ටේරිය රුක්මතුයෙහි යම් මේ පත් වේ නම් ඔහු ම ඉතා බොහෝහ”යි මහණෙනි, එසෙයින් ම මා විසින් යමක් වෙසෙසින් දැන නොකියන ලද නම් මෙය ම ඉතා බොහෝ ය. කියන ලද්ද ඉතා මඳ ය. මහණෙනි, කුමක් හෙයින් මා විසින් මෙය නො කියන ලද ද යත්: මහණෙනි, මෙය වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල් වූයේ නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. එහෙයින් මා විසින් එය නො කියන ලදී.
Pali BJTකිඤ්ච භික්ඛවෙ, මයා අක්ඛාතං: ඉදං දුක්ඛන්ති භික්ඛවෙ, මයා අක්ඛාතං, අයං දුක්ඛසමුදයොති මයා අක්ඛාතං, “අයං දුක්ඛනිරොධො”ති මයා අක්ඛාතං, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති මයා අක්ඛාතං. කස්මා චෙතං භික්ඛවෙ, මයා අක්ඛාතං? එතං හි භික්ඛවෙ, අත්ථසංහිතං, එතං ආදිබ්රහ්මචරියකං, එතං නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති, තස්මා තං මයා අක්ඛාතං. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛන්ති” යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJTමහණෙනි, කිමෙක් මා විසින් කියන ලද ද යත්: මහණෙනි, මේ දුකැ යි මා විසින් කියන ලදී. මේ දුක් හටගැනුමැ යි මා විසින් කියන ලදී. මේ දුක් වැළැක්මැ යි මා විසින් කියන ලදී. මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි මා විසින් කියන ලදී. මහණෙනි, කුමක් හෙයින් මා විසින් මේ කියන ලද ද යත්: මහණෙනි, මෙය වැඩ සහිත ය. මෙය මඟ බඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. එහෙයින් එය මා විසින් කියන ලදී. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුකැ යි වීර්‍ය්‍ය කටයුතු ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 4. 2.
Sinhala BJT12. 4. 2.
Pali BJTඛදිරසුත්තං
Sinhala BJTඛදිර සූත්‍රය
Pali BJT3874. යො භික්ඛවෙ, එවං වදෙය්ය: “අහං දුක්ඛං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච, දුක්ඛසමුදයං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච, දුක්ඛනිරොධං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච, දුක්ඛනිරොධගාමිනීපටිපදං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච සම්මා දුක්ඛස්සන්තං කරිස්සාමීති” නෙතං ඨානං විජ්ජති. සෙය්යථාපි භික්ඛවෙ, යො එවං වදෙය්ය: “අහං ඛදිරපත්තානං{4} වා සල්ලපත්තානං{5} වා ආමලකපත්තානං වා පුටං{6} කරිත්වා උදකං වා තාලපක්කං{7} වා හරිස්සාමී”ති{8}. නෙතං ඨානං විජ්ජති; එවමෙව ඛො භික්ඛවෙ, යො එවං වදෙය්ය: “අහං දුක්ඛං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච -පෙ- දුක්ඛනිරොධගාමිනීපටිපදං අරියසච්චං යථාභූතං අනභිසමෙච්ච සම්මා දුක්ඛස්සන්තං කරිස්සාමී”ති. නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT3874. මහණෙනි, යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍යය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ නැත. මහණෙනි, යම්සේ යමෙක් “මම කිහිරිපතින් හෝ හොරපතින් හෝ ඇඹුල්පතින් හෝ ගොටුවක් කොට දිය හෝ තල්පකක් හෝ ගෙන යන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මේ කරුණ නැත් ද, මහණෙනි, එසෙයින් ම යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය තතු සේ නුවණින් නො පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
Pali BJTයො ච ඛො භික්ඛවෙ, එවං වදෙය්ය: “අහං දුක්ඛං අරියසච්චං යථාභූතං අභිසමෙච්ච, -පෙ- දුක්ඛනිරොධගාමිනීපටිපදං අරියසච්චං යථාභූතං අභිසමෙච්ච සම්මා දුක්ඛස්සන්තං කරිස්සාමී”ති. ඨානමෙතං විජ්ජති. සෙය්යථාපි භික්ඛවෙ, යො එවං වදෙය්ය “අහං පදුමපත්තානං වා පලාසපත්තානං වා මාලුවාපත්තානං වා පුටං{1} කරිත්වා උදකං වා තාලපක්කං{2} වා හරිස්සාමී”ති.{3} ඨානමෙතං විජ්ජති, එවමෙව ඛො භික්ඛවෙ, යො එවං වදෙය්ය: “අහං දුක්ඛං අරියසච්චං යථාභූතං අභිසමෙච්ච -පෙ- දුක්ඛනිරොධගාමිනීපටිපදං අරියසච්චං යථාභූතං අභිසමෙච්ච සම්මා දුක්ඛස්සන්තං කරිස්සාමී”ති ඨානමෙතං විජ්ජති. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛන්ති” යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයො”ති.
Sinhala BJTමහණෙනි, යමෙකුත් “මම දුඃඛාර්‍ය්‍යසත්‍ය තතුසේ නුවණින් පිළිවිද ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ ඇත. මහණෙනි, යම්සේ යමෙක් “මම පියුම්පතින් හෝ කෑලපතින් හෝ මාලුවාපතින් හෝ ගොටුවක් කොට දිය හෝ තල්පකක් හෝ ගෙන යන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ ඇත් ද, මහණෙනි, එසෙයින්ම යමෙක් “මම දුඃඛාර්‍ය්‍යසත්‍ය තතුසේ නුවණින් පිළිවිද ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය තතුසේ නුවණින් පිළිවිද මැනවින් දුක් කෙළවර කරන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙ කරුණ ඇත. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යී වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක් ගෙවීමට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 4. 3.
Sinhala BJT12. 4. 3.
Pali BJTදණ්ඩසුත්තං
Sinhala BJTදණ්ඩ සූත්‍රය
Pali BJT3875. සෙය්යථාපි භික්ඛවෙ, දණ්ඩො උපරි වෙහාසං ඛිත්තො සකිම්පි මූලෙන නිපතති, සකිම්පි මජ්ඣෙන නිපතති, සකිම්පි අග්ගෙන නිපතති. එවමෙව ඛො භික්ඛවෙ, අවිජ්ජානීවරණා සත්තා තණ්හාසංයොජනා සන්ධාවන්තා සංසරන්තා සකිම්පි අස්මා ලොකා පරං ලොකං ගච්ඡන්ති, සකිම්පි පරස්මා ලොකා ඉමං ලොකං ආගච්ඡන්ති. තං කිස්ස හෙතු? අදිට්ඨත්තා භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධගාමිනී පටිපදාය අරියසච්චස්ස. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛන්ති” යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති” යොගො කරණීයොති.
Sinhala BJT3875. මහණෙනි, යම්සේ දණ්ඩෙක් අහසෙහි දමන ලද්දේ වරෙකත් මුලින් වැටේ ද, වරෙකත් මැදින් වැටේ ද, වරෙකත් අගින් වැටේ ද, මහණෙනි, එසෙයින් ම අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති සත්ත්‍වයෝ දිවෙන්නාහු සැරිසරන්නාහු වරෙකත් මෙලොවින් පරලොවට යෙත්. වරෙකත් පරලොවින් මෙලොවට එත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍ය නුදුටු බැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍යයෙක යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි” මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... මේ “දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 4. 4.
Sinhala BJT12. 4. 4.
Pali BJTචෙලසුත්තං
Sinhala BJTචෙල සූත්‍රය
Pali BJT3876. ආදිත්තෙ භික්ඛවෙ, චෙලෙ වා සීසෙ වා කිමස්ස කරණීයන්ති? ආදිත්තෙ ච පන භන්තෙ, චෙලෙ වා සීසෙ වා තස්සෙව චෙලස්ස වා සීසස්ස වා නිබ්බාපනාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයන්ති. ආදිත්තං භික්ඛවෙ, චෙලං වා සීසං වා අජ්ඣුපෙක්ඛිත්වා{4} අමනසිකරිත්වා අනභිසමෙතානං චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය අධිමත්තො ඡන්දො ච වායාමො ච උස්සාහො ච උස්සොළ්හී ච අප්පටිවානී ච සති ච සම්පජඤ්ඤඤ්ච කරණීයං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධගාමිනීපටිපදාය අරියසච්චස්ස, තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනීපටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJT3876. මහණෙනි, “වස්ත්‍රය හෝ හිස හෝ ඇවිලගත් කල්හි ඔහු විසින් කිමෙක් කටයුතු දැ?” යි. වහන්ස, වස්ත්‍රය හෝ හිස හෝ ඇවිලගත් කල්හි ඒ වස්ත්‍රය ම හෝ හිස ම හෝ නිවීම පිණිස අධිමාත්‍රඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් අධික උත්සාහයත් තෘප්ති රහිත බවත් සිහියත් මනා දැනුමත් කටයුතු යි. මහණෙනි, ඇවිලගත් වස්ත්‍රය හෝ හිස හෝ නොසලකා නො මෙනෙහි කොට අවබෝධ නො කළ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරනු පිණිස අධිමාත්‍රඡන්‍දයත් ව්‍යායාමයත් උත්සාහයත් අධික උත්සාහයත් තෘප්ති රහිත බවත් සිහියත් මනා දැනුමත් කටයුතු. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි” මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 4. 5.
Sinhala BJT12. 4. 5.
Pali BJTසත්තිසතසුත්තං
Sinhala BJTසත්තිසත සූත්‍රය
Pali BJT3877. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො වස්සසතායුකො වස්සසතජීවී තමෙනං එවං වදෙය්යුං{1} “එහම්භො{2} පුරිස, පුබ්බන්හසමයං තං සත්තිසතෙන හනිස්සන්ති, මජ්ඣන්තිකං සමයං සත්තිසතෙන{3} හනිස්සන්ති, සායන්හසමයං සත්තිසතෙන හනිස්සන්ති. සො ඛො ත්වං අම්භො පුරිස, දිවසෙ දිවසෙ තීහි තීහි සත්තිසතෙහි හඤ්ඤමානො වස්සසතායුකො වස්සසතජීවී වස්සසතස්ස අච්චයෙන අනභිසමෙතානි චත්තාරි අරියසච්චානි අභිසමෙස්සසීති{4}. අත්ථවසිකෙන භික්ඛවෙ, කුලපුත්තෙන අලං උපගන්තුං. තං කිස්ස හෙතු: අනමතග්ගොයං භික්ඛවෙ, සංසාරො, පුබ්බා කොටි න පඤ්ඤායති සත්තිප්පහාරානං අසිප්පහාරානං{5} එවඤ්චෙ තං භික්ඛවෙ, අස්ස. න ඛො පනාහං භික්ඛවෙ, සහදුක්ඛෙන සහදොමනස්සෙන චතුන්නං අරියසච්චානං අභිසමයං වදාමි. අපි චාහං භික්ඛවෙ, සහ{6}සුඛෙන, සහ{6}සොමනස්සෙන චතුන්නං අරියසච්චානං අභිසමයං වදාමි. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධගාමිනීපටිපදාය අරියසච්චස්ස. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛන්ති” යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJT3877. මහණෙනි, “යම්සේ වස් සියයක් ආයු ඇති වස් සියයක් ජීවත්වනසුලු පුරුෂයෙක් වේ ද, තෙල මොහුට මෙසේ කියන්නාහු ය: “එම්බා පුරුෂය, එව. පෙරවරු තා සැත් සියයෙකින් පෙළන්නාහ. මද්දහන සැත් සියයෙකින් පෙළන්නාහ. පස්වරු සැත් සියයෙකින් පෙළන්නාහ. එම්බා පුරුෂය, ඒ තෝ දවස් පතා තුන් තුන් සැත් සියයෙන් පෙළනු ලබන්නේ වස් සියයක් ආයු ඇත්තේ වස් සියයක් ජීවත්වනසුලු වූයේ වස් සියය ඇවෑමෙන් අවබෝධ නො කළ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කරන්නෙහි” යි. මහණෙනි, අනුසස් දක්නා කුලපුතු විසින් එළඹෙන්නට සුදුසු යි. ඒ කවර හෙයින යත්: “මහණෙනි, මෙසසර නොදත් අක්මුල් ඇත්තේ ය. සැත්පහර කඩුපහර පිළිබඳ පෙරපසු කෙළවරෙක් නො පෙනේ. මහණෙනි, මෙය මෙසේත් වන්නේ ය: “මහණෙනි, මම සදුක් ව සදොම්නස් ව සිවුඅරීසස් අවබෝධයක් නො ම කියමි. මහණෙනි, වැලිදු මම සුව සහිත ව සොම්නස් සහිත ව සිවුඅරීසස් අවබෝධ කිරීම් කියමි. කවර සිවුසස් ද යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි” මහණෙනි, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදාරියසච්ච” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 4. 6.
Sinhala BJT12. 4. 6.
Pali BJTපාණසුත්තං
Sinhala BJTපාණ සූත්‍රය
Pali BJT3878. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො යං ඉමස්මිං ජම්බුදීපෙ තිණකට්ඨසාඛාපලාසං තච්ඡෙත්වා එකජ්ඣං සංහරෙය්ය, එකජ්ඣං සංහරිත්වා සූලං කරෙය්ය. සූලං කත්වා යෙ මහාසමුද්දෙ මහන්තකා පාණා තෙ මහන්තකෙසු සූලෙසු ආවුණෙය්ය{7}, යෙ මහාසමුද්දෙ මජ්ඣිමකා පාණා තෙ මජ්ඣිමකෙසු සූලෙසු ආවුණෙය්ය, යෙ මහාසමුද්දෙ සුඛුමකා පාණා තෙ සුඛුමකෙසු සූලෙසු ආවුණෙය්ය.{7} අපරියාදින්නා ච භික්ඛවෙ, මහාසමුද්දෙ ඔළාරිකා පාණා අස්සු. අථ ඉමස්මිං ජම්බුදීපෙ තිණකට්ඨසාඛාපලාසං පරික්ඛයං පරියාදානං ගච්ඡෙය්ය. අතො{8} බහුතරා ඛො භික්ඛවෙ, මහාසමුද්දෙ සුඛුමකා පාණා, යෙ න සුකරා සූලෙසු ආවුණිතුං. තං කිස්ස හෙතු: සුඛුමත්තා භික්ඛවෙ, අත්තභාවස්ස. එවං මහා ඛො භික්ඛවෙ, අපායො. එවං මහන්තස්මා ඛො භික්ඛවෙ, අපායම්හා පරිමුත්තො දිට්ඨිසම්පන්නො පුග්ගලො යො “ඉදං දුක්ඛන්ති” යථාභූතං පජානාති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛන්ති” යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJT3878. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මේ දඹදිව තණ දැව අතුපත් සැස එක් කොට රැස් කරන්නේ ය. එක් කොට රැස් කර හුල් කරන්නේ ය. හුල් කොට මහමුහුදෙහි යම් ප්‍රාණීහු වෙත් නම් ඔවුන් මහත් හුල්හි අමුණන්නේ ය. මහමුහුදෙහි යම් මැදුම් පමණ ප්‍රාණීහු වෙත් නම් ඔවුන් මැදුම් පමණ හුල්හි අමුණන්නේ ය. මහමුහුදෙහි යම් සියුම් ප්‍රාණීහු වෙත් නම් ඔවුන් සියුම් හුල්හි අමුණන්නේ ය යන යමෙක් වේ ද, මහණෙනි, (එහිලා) මහමුහුදෙහි ඖදාරික ප්‍රාණීහු නො ගන්නා ලද්දෝ වන්නාහ. වැලි මේ දඹදිව තණ දැව අතුපත් ක්‍ෂයවීමට අවසන් වීමට යන්නේ ය. යම් කෙනෙක් හුල්හි අමුණන්නට සුකර නො වෙත් නම් මහමුහුදෙහි එබඳු සියුම් ප්‍රාණීහු එයට වඩා ඉතා බොහෝ වෙත්. ඒ කවර හෙයින යත්: “මහණෙනි, අත්බැව සියුම් බැවිනි.” මහණෙනි, අපාය මෙසේ මහත් ය. මහණෙනි, මෙසේ මහත් අපායෙන් යමෙක් “මේ දුකැ” යි තතුසේ දනී නම් ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී නම් එබඳු දිටුසපන් පුඟුල් තෙමේ මිදුණේ ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... මේ “දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 4. 7.
Sinhala BJT12. 4. 7.
Pali BJTසූරියූපමසුත්තං
Sinhala BJTසුරියූපම සූත්‍රය
Pali BJT3879. සුරියස්ස{1} භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං අරුණග්ගං. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං සම්මාදිට්ඨි. සම්මාදිට්ඨිකස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං “ඉදං දුක්ඛන්ති යථාභූතං පජානිස්සති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානිස්සති”. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJT3879. මහණෙනි, යම් මේ අරුණෝදයයෙක් වේ නම් උදා වන හිරුට මෙය පෙරටු ය. මෙය පෙර නිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ සම්දිටෙක් වේ නම් මහණහට සිවුඅරීසස් තතුසේ නුවණින් පිළිවිදිනු පිණිස මෙය පෙරටු ය, මෙය පෙර නිමිත්ත ය. මහණෙනි, සම්දිටු ගත් මහණහු විසින් “මේ දුකැ” යි තතුසේ දැනගන්නේ ය ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දැනගන්නේ ය” යන මෙය කැමැති විය යුතු යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... මේ “දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 4. 8.
Sinhala BJT12. 4. 8.
Pali BJTදුතිය සුරියූපමසුත්තං
Sinhala BJTදුතිය සුරියූපම සූත්‍රය
Pali BJT3880. යාවකීවඤ්ච මෙ භික්ඛවෙ, චන්දිමසුරියා ලොකෙ නූප්පජ්ජන්ති, නෙව තාව මහතො ආලොකස්ස පාතුභාවො හොති මහතො ඔභාසස්ස. අන්ධන්තමං{2} තදා හොති අන්ධකාරතිමිසා. නෙව තාව රත්තින්දිවා පඤ්ඤායන්ති, න මාසද්ධමාසා පඤ්ඤායන්ති, න උතුසංවච්ඡරා පඤ්ඤායන්ති. යතො ච ඛො භික්ඛවෙ, චන්දිමසූරියා ලොකෙ උප්පජ්ජන්ති, අථ මහතො ආලොකස්ස පාතුභාවො හොති, මහතො ඔභාසස්ස. නෙව{3} අන්ධන්තමං තදා හොති, න අන්ධකාරතිමිසා. අථ රත්තින්දිවා පඤ්ඤායන්ති. මාසද්ධමාසා පඤ්ඤායන්ති, උතුසංවච්ඡරා පඤ්ඤායන්ති.
Sinhala BJT3880. මහණෙනි, යම් තාක් මේ සඳහිරුහු ලොව නූපදිද්ද, ඒ තාක් මහත් එළිය මහත් බැබළීම පහළවීමෙක් නො ම වේ. එකල්හි ගනඳුර, බලවත් කළුවර වෙයි. ඒ තාක් රෑදාවල් නො ම පෙනේ. මස් අඩමස් නො ම පෙනේ. ඍතුසංවස්තර නො ම පෙනේ. මහණෙනි, යම් කලෙක සඳහිරුහු ලොව උපදිද්ද එකල්හි මහත් එළිය මහත් බැබළීම පහළවීම වේ. එකල්හි ගනඳුර නො ම වේ. බලවත් කළුවර නො ම වේ. එකල්හි රෑදාවල් පෙනේ. මස් අඩමස් පෙනේ. ඍතුසංවස්තර පෙනේ.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යාවකීවඤ්ච තථාගතො ලොකෙ නූප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො, නෙව තාව මහතො ආලොකස්ස පාතුභාවො හොති මහතො ඔභාසස්ස. අන්ධන්තමං තදා හොති. අන්ධකාරතිමිසා. නෙව තාව චතුන්නං අරියසච්චානං ආචික්ඛනා හොති දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. යතො ච ඛො භික්ඛවෙ, තථාගතො ලොකෙ උප්පජ්ජති අරහං සම්මාසම්බුද්ධො. අථ මහතො ආලොකස්ස පාතුභාවො හොති මහතො ඔභාසස්ස. නෙව අන්ධන්තමං තදා හොති. න අන්ධකාරතිමිසා. අථ ඛො චතුන්නං අරියසච්චානං ආචික්ඛනා හොති දෙසනා පඤ්ඤාපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානීකම්මං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම අර්‍හත් සම්‍යක් සම්බුද්ධ වූ තථාගතයෝ යම් තාක් ලොව නූපදිත් ද, ඒ තාක් මහත් එළිය මහත් බැබළීම පහළවීමෙක් නො වේ. එකල්හි ගනඳුර, බලවත් කළුවර වේ. ඒ තාක් චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කිරීමෙක් දේශනා කිරීමෙක් පැනවීමෙක් පිහිටුවීමෙක් විවර කිරීමෙක් බෙදීමෙක් උඩුහුරු කිරීමෙක් නො ම වේ. මහණෙනි, අර්‍හත් සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයෝ යම් කලෙක ලොව උපදිත් ද, එකල මහත් එළිය මහත් බැබළීම පහළවීම වේ. එකල ගනඳුර නොම වේ. බලවත් කළුවර නො ම වේ. එකල චතුරාර්‍ය්‍යසත්‍යය ප්‍රකාශ කිරීම දේශනා කිරීම පැනවීම පිහිටුවීම විවර කිරීම බෙදීම උඩුහුරු කිරීම වේ. කවර චතුරාර්‍ය්‍යසත්‍යය යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 4. 9.
Sinhala BJT12. 4. 9.
Pali BJTඉන්දඛීලසුත්තං
Sinhala BJTඉන්‍දඛීල සූත්‍රය
Pali BJT3881. යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා “ඉදං දුක්ඛ”න්ති යථාභූතං නප්පජානන්ති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං නප්පජානන්ති. තෙ අඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා මුඛං ඔලොකෙන්ති{1} “අයං නූන භවං ජානං ජානාති, පස්සං පස්සතී”ති. සෙය්යථාපි භික්ඛවෙ, තූලපිචු වා කප්පාසපිචු වා ලහුකො වාතූපාදානො සමෙ භූමිභාගෙ නික්ඛිත්තො. තමෙනං පුරත්ථිමො වාතො පච්ඡිමෙන සංහරෙය්ය, පච්ඡිමො වාතො පුරත්ථිමෙන සංහරෙය්ය, උත්තරො වාතො දක්ඛිණෙන සංහරෙය්ය, දක්ඛිණො වාතො උත්තරෙන සංහරෙය්ය. තං කිස්ස හෙතු: ලහුකත්තා භික්ඛවෙ, කප්පාසපිචුනො. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි{2} සමණා වා බ්රාහ්මණා වා “ඉදං දුක්ඛ”න්ති යථාභූතං නප්පජානන්ති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං නප්පජානන්ති. තෙ අඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා මුඛං ඔලොකෙන්ති “අයං නූන භවං ජානං ජානාති, පස්සං පස්සතී”ති. තං කිස්ස හෙතු? අදිට්ඨත්තා, භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං.
Sinhala BJT3881. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ නො දනිද්ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ නො දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන් මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස බලත්. මහණෙනි, යම්සේ සැහැල්ලු වූ වාගන්නා හිඹුල්පුලුන හෝ කපුපුලුන හෝ සමබිමක තබන ලද්දේ වේ ද, ඒ මෙය පෙරදිගින් හමන වාතය පැළදිගට ගෙනයන්නේ ය. පැළදිගින් හමන වාතය පෙරදිගට ගෙනයන්නේ ය. උතුරුදිගින් හමන වාතය දකුණුදිගට ගෙනයන්නේ ය. දකුණුදිගින් හමන වාතය උතුරුදිගට ගෙනයන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, කපුපුලුන සැහැල්ලු බැවිනි. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ නො දනිද්ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ නො දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන්මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස බලත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිවුඅරීසස් නුදුටු බැවිනි.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පජානන්ති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානන්ති, තෙ නාඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා මුඛං ඔලොකෙන්ති “අයං නූන භවං ජානං ජානාති, පස්සං පස්සතී”ති. සෙය්යථාපි භික්ඛවෙ, අයොඛීලො වා ඉන්දඛීලො වා ගම්භීරනෙමො සුනිඛාතො අචලො අසම්පකම්පී. පුරත්ථිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි, නෙව නං සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය න සම්පචාලෙය්ය. පච්ඡිමාය චෙපි දිසාය -පෙ- උත්තරාය චෙපි දිසාය -පෙ- දක්ඛිණාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි, නෙව නං සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය න සම්පචාලෙය්ය. තං කිස්ස හෙතු? ගම්භීරත්තා භික්ඛවෙ, නෙමස්ස, සුනිඛාතත්තා ඉන්දඛීලස්ස. එවමෙව ඛො භික්ඛවෙ, යෙ හි කෙචි සමණා වා බ්රාහ්මණා වා “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පජානන්ති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානන්ති, තෙ නාඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා මුඛං ඔලොකෙන්ති “අයං නූන භවං ජානං ජානාති, පස්සං පස්සතී”ති. තං කිස්ස හෙතු? සුදිට්ඨත්තා භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ දුකැ යි තතුසේ දනිද්ද ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි තතුසේ දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන් මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස නො බලත්. මහණෙනි, යම්සේ ගැඹුරු බිමට පිවිසි නිමාව ඇති මැනවින් සිටුවන ලද නිසල වූ නො සැලෙනසුලු යහුලෙක් හෝ හිම් කණුවෙක් හෝ වේ ද, ඉදිනුදු පෙරදිගින් බලවත් කුණාටුවෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. වෙසෙසින් නො ම සල්වන්නේ ය. නො ම වෙවුළුවන්නේ ය. ඉදිනුදු පැළ දිගින් ... ඉදිනුදු උතුරු දිගින් ... ඉදිනුදු දකුණුදිගින් බලවත් කුණාටුවෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. වෙසෙසින් නො ම සල්වන්නේය. නො ම වෙවුළුවන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මුල ගැඹුරු බැවිනි. හිම්කණුව මැනවින් සිටුවන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ”යි තතුසේ දනිද්ද, ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතුසේ දනිද්ද, ඔහු “මේ භවත් තෙමේ ඒකාන්තයෙන් දන්නේ දනී, දක්නේ දකී” යි අන්මහණකුගේ හෝ බමුණකුගේ හෝ අදහස නො බලත්. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිවුඅරීසස් මැනවින් දුටු බැවිනි. කවර සිවුඅරීසස් ද යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි”. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුඃඛ යී වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 4. 10.
Sinhala BJT12. 4. 10.
Pali BJTවාදසුත්තං
Sinhala BJTවාද සූත්‍රය
Pali BJT3882. යො හි කොචි භික්ඛවෙ, භික්ඛු “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පජානාති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානාති, පුරත්ථිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය සමණො වා බ්රාහ්මණො වා වාදත්ථිකො වාදගවෙසී වාදමස්ස ආරොපෙස්සාමීති. “තං වත සහධම්මෙන සඞ්කම්පෙස්සති වා සම්පකම්පෙස්සති වා සම්පචාලෙස්සති වා”ති නෙතං ඨානං විජ්ජති. පච්ඡිමාය චෙපි දිසාය -පෙ- උත්තරාය චෙපි දිසාය -පෙ- දක්ඛිණාය චෙපි දිසාය ආගච්ඡෙය්ය සමණො වා බ්රාහ්මණො වා වාදත්ථිකො වාදගවෙසී වාදමස්ස ආරොපෙස්සාමීති, “තං වත සහධම්මෙන සඞ්කම්පෙස්සති වා සම්පකම්පෙස්සති වා සම්පචාලෙස්සති වා”ති නෙතං ඨානං විජ්ජති. සෙය්යථාපි භික්ඛවෙ, සිලා යූපො සොළස කුක්කුකො. තස්ස අස්සු අට්ඨ කුක්කු හෙට්ඨානෙමඞ්ගමා, අට්ඨ කුක්කු උපරිනෙමස්ස. පුරත්ථිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි නෙව සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය න සම්පචාලෙය්ය. පච්ඡිමාය චෙපි දිසාය -පෙ- උත්තරාය චෙපි දිසාය -පෙ- දක්ඛිණාය චෙපි දිසාය ආගච්ඡෙය්ය භුසා වාතවුට්ඨි, නෙව නං සඞ්කම්පෙය්ය න සම්පකම්පෙය්ය න සම්පචාලෙය්ය. තං කිස්ස හෙතු? ගම්භීරත්තා භික්ඛවෙ, නෙමස්ස, සුනිඛාතත්තා සිලායූපස්ස.
Sinhala BJT3882. මහණෙනි, යම් කිසි මහණෙක් “මේ දුකැ”යි තතුසේ දනී ද ... “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද ඉදුනුදු දොස් කැමති දොස් සොයනසුලු මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි පෙරදිගින් එන්නේ නම් කරුණු සහිත ව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ මැනවින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙකරුණ නැත. ඉදිනුදු පැළදිගින් ... ඉදිනුදු උතුරුදිගින් ... ඉදුනුදු දොස් කැමති දොස් සොයන මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි දකුණුදිගින් එන්නේ නම් කරුණු සහිතව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ මැනවින් වෙසෙසින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙ කරුණ නැත. මහණෙනි, යම්සේ සොළොස්හත් ගැල්ටැඹෙක් වේ ද එහි අටහතෙක් වළ යටට ගියේ ය. අටහතෙක් වළ මතුයෙහි සිටියේ ය. ඉදිනුදු පෙරදිගින් බලවත් කුණාටුවෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. වෙසෙසින් නොම සල්වන්නේ ය. නො ම වෙවුළුවන්නේ ය. ඉදිනුදු පැළදිගින් ... ඉදිනුදු උතුරුදිගින් ... ඉදිනුදු දකුණුදිගින් දැඩි සුළඟෙක් එන්නේ නම් එය නො ම සල්වන්නේ ය. නො ම වෙසෙසින් සල්වන්නේ ය. නො ම වෙවුළුවන්නේ ය. ඒ කවර හෙයින යත්: මහණෙනි, මුල ගැඹුරු බැවිනි ගල්ටැඹ මැනවින් සිටුවන ලද බැවිනි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, යො හි කොචි භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති, පුරත්ථිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය සමණො වා බ්රාහ්මණො වා වාදත්ථිකො වාදගවෙසී වාදමස්ස ආරොපෙස්සාමීති. තං වත සහධම්මෙන සංකම්පෙස්සති වා සම්පකම්පෙස්සති වා සම්පචාලෙස්සති වාති නෙතං ඨානං විජ්ජති. පච්ඡිමාය චෙපි දිසාය -පෙ- උත්තරාය චෙපි දිසාය -පෙ- දක්ඛිණාය චෙපි දිසාය ආගච්ඡෙය්ය සමණො වා බ්රාහ්මණො වා වාදත්ථිකො වාදගවෙසී වාදමස්ස ආරොපෙස්සාමීති. තං වත සහධම්මෙන සංකම්පෙස්සති වා සම්පකම්පෙස්සති වා සම්පචාලෙස්සති වාති නෙතං ඨානං විජ්ජති. තං කිස්ස හෙතු? සුදිට්ඨත්තා භික්ඛවෙ, චතුන්නං අරියසච්චානං. කතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස -පෙ- දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අරියසච්චස්ස. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛන්ති” යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම යම් කිසි මහණෙක් “මේ දුකැ”යි තතුසේ දනී ද ... “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී ද, ඉදුනුදු දොස් කැමති දොස් සොයන මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි පෙරදිගින් එන්නේ නම් කරුණු සහිත ව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ වෙසෙසින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙකරුණ නැත. ඉදිනුදු පැළදිගින් ... ඉදිනුදු උතුරුදිගින් ... ඉදුනුදු දොස් කැමති දොස් සොයන මහණෙක් හෝ බමුණෙක් හෝ “මොහුට දොස් නගන්නෙමි” යි දකුණු දිගින් එන්නේ නම් කරුණු සහිත ව ඒකාන්තයෙන් “ඔහු සල්වන්නේ යී හෝ වෙසෙසින් සල්වන්නේ යී හෝ වෙවුළුවන්නේ යී හෝ” යි මෙ කරුණ නැත. ඒ කවර හෙයින යත්: මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍ය ය මැනවින් දුටුබැවිනි. කවර චතුරාර්‍ය්‍යසත්‍ය යත්: “දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි”. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුඃඛ” යී වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුඃඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJTසිංසපාවනවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි සිංසපාවන වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTසිංසපා ඛදිරො දණ්ඩො චෙලො සත්තිසතෙන ච, පාණො ද්වෙ සුරියූපමා ඉන්දඛීලො වාදෙන චාති.
Sinhala BJTසිංසපා, ඛදිර, දණ්ඩ, චෙල, සත්තිසත, පාණ යී සයෙක් ද සුරියෝපම සුතුරු දෙකෙක් ද ඉන්‍ද්‍රකීල වාද යී දෙකෙක් දැ යී මුළුල්ල දශයෙකි යි.
Pali BJT5. පපාතවග්ගො
Sinhala BJT5. පපාත වර්‍ගය
Pali BJT12. 5. 1.
Sinhala BJT12. 5. 1.
Pali BJTචින්තාසුත්තං
Sinhala BJTචින්තා සූත්‍රය
Pali BJT3883. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි. භූතපුබ්බං භික්ඛවෙ, අඤ්ඤතරො පුරිසො රාජගහා නික්ඛමිත්වා ලොකචින්තං චින්තෙස්සාමීති යෙන සුමාගවා{1} පොක්ඛරණී තෙනුපසංකමි. උපසංකමිත්වා සුමාගවාය පොක්ඛරණියා තීරෙ නිසීදි. ලොකචින්තං චින්තෙන්තො. අද්දසා ඛො භික්ඛවෙ, සො පුරිසො සුමාගවාය පොක්ඛරණියා චතුරඞ්ගිනිං{2} සෙනං භිසමුළාලං පවිසන්තිං. දිස්වානස්ස එතදහොසි. උම්මත්තො’ස්මි නාමාහං, විචෙතොස්මි නාමාහං. යං ලොකෙ නත්ථි තං මයා දිට්ඨන්ති.
Sinhala BJT3883. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, පෙර වූවක් කියමි. එක්තරා පුරුෂයෙක් රජගහගහනුවරින් නික්ම ලෝ සිතිවිලි සිතන්නෙමි” යි සුමාගවා නම් පොකුණ වෙත එළඹියේ ය. එළඹ ලෝසිතිවිලි සිතමින් සුමාගවා පොකුණු තෙර හුන්නේ ය. මහණෙනි, ඒ පුරිස් තෙමේ සුමාගවා පොකුණෙහි නෙළුඹුදැලි තුළට පිවිසෙන සිවුරඟ සෙනඟක් දුටුයේ ය. දැක ඔහුට මෙබඳු සිතෙක් විය: “ලොව යමක් නැත් නම් එය මවිසින් දක්නා ලදී. මම නම් උමතුවෙක්මි, මම නම් පහවූ සිතිවිලි ඇත්තෙක්මි” යි.
Pali BJTඅථ ඛො සො භික්ඛවෙ, සො පුරිසො රාජගහං{3} පවිසිත්වා මහාජනකායස්ස ආරොචෙසි. උම්මත්තො’ස්මි නාමාහං භන්තෙ, විචෙතොස්මි නාමාහං භන්තෙ. යං ලොකෙ නත්ථි තං මයා දිට්ඨන්ති. යථා කථම්පන ත්වං අම්භො පුරිස, උම්මත්තො කථං විචෙතො කිඤ්ච ලොකෙ නත්ථි යං තයා දිට්ඨන්ති. ඉධාහං භන්තෙ රාජගහා නික්ඛමිත්වා ලොකචින්තං චින්තෙස්සාමීති යෙන සුමාගවා පොක්ඛරණී තෙනුපසංකමිං. උපසංකමිත්වා සුමාගවාය පොක්ඛරණියා තීරෙ නිසීදිං ලොකචින්තං චින්තෙන්තො. අද්දසං ඛ්වාහං භන්තෙ, සුමාගවාය පොක්ඛරණියා චතුරඞ්ගිනිං සෙනං භිසමුළාලං පවිසන්තිං. එවං ඛ්වාහං භන්තෙ, උම්මත්තො. එවං විචෙතො. ඉදඤ්ච ලොකෙ නත්ථි යං මයා දිට්ඨන්ති. තග්ඝ ත්වං අම්භො පුරිස උම්මත්තො, තග්ඝ විචෙතො. ඉදඤ්ච ලොකෙ නත්ථි යං තයා දිට්ඨන්ති. තං ඛො පන භික්ඛවෙ, සො පුරිසො භූතං යෙව අද්දස, නො අභූතං.
Sinhala BJTමහණෙනි, එකල්හි ඒ පුරිස් තෙමේ රජගහනුවරට පිවිස: හිමියනි, ලොව යමක් නැත් නම් එය මවිසින් දක්නා ලදී. මම නම් උමතුවෙක්මි. හිමියනි, මම නම් පහ වූ සිතිවිලි ඇත්තෙක්මි” යි මහදනමුළුවට සැලකෙළේ ය. එම්බා පුරුෂය ඒ කෙසේ නම් තෝ උමතුවෙක් වෙහි ද? කෙසේ පහ වූ සිතිවිලි ඇත්තෙක් වෙහි ද? ලොව නැති කිමෙක් තා විසින් දක්නා ලද දැ යි? හිමියනි, “මෙහි මම රජගහනුවරින් නික්ම “ලෝසිතිවිලි සිතන්නෙමි” යි “සුමාගවා” පොකුණ වෙත එළඹියෙමි. එළඹ “සුමාගවා” පොකුණු තෙර ලෝසිතිවිලි සිතමින් හුන්නෙමි. හිමියනි, මම සුමාගවා පොකුණෙහි නෙළුඹුදැලි තුළට පිවිසෙන සිවුරඟ සෙනග දිටිමි. හිමියනි, මෙසේ මම උමතුවෙක්මි. මෙසේ පහ ව ගිය සිතිවිලි ඇත්තෙක්මි ලොව නැති මෙ ද මා විසින් දක්නා ලදැ”යි, එම්බා පුරුෂය, තෝ ඒකාන්තයෙන් උමතුවෙකි, ඒකාන්තයෙන් පහ ව ගිය සිතිවිලි ඇත්තෙකි. ලොව නැති මෙ ද තා විසින් දක්නා ලදැ යි. මහණෙනි, ඒ පුරිස් තෙමේ ඒ වූවක් ම දිටි. නුවූවෙක් නො වේ.
Pali BJTභූතපුබ්බං භික්ඛවෙ, දෙවාසුරසඞ්ගාමො සමුපබ්බූළ්හො අහොසි. තස්මිං ඛො පන භික්ඛවෙ, සඞ්ගාමෙ දෙවා ජිනිංසු, අසුරා පරාජිනිංසු. පරාජිතා ච ඛො භික්ඛවෙ, අසුරා භීතා භිසමුළාලෙන අසුරපුරං පවිසිංසු. දෙවානං යෙව මොහයමානා{4} තස්මාතිහ භික්ඛවෙ, මා ලොකචින්තං චින්තෙථ සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා අනන්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා න හොති තථාගතො පරම්මරණාති වා හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා. තං කිස්ස හෙතු: නෙසා භික්ඛවෙ, චින්තා අත්ථසංහිතා නාදිබ්රහ්මචරියකා, න නිබ්බිදාය, න විරාගාය, න නිරොධාය, න උපසමාය, න අභිඤ්ඤාය, න සම්බොධාය, න නිබ්බානාය සංවත්තති.
Sinhala BJTමහණෙනි, පෙර වූවක් කියමි: දෙවියන් හා අසුරයන් අතර යුදධක් එළඹ සිටියේ විය. මහණෙනි, ඒ යුද්ධයෙහි දී දෙවියෝ දිනූහ. අසුරයෝ පැරදුණහ. මහණෙනි, පැරදුණු අසුරයෝ බියපත් වූවාහු දෙවියන්ගේ සිත් මුළා කරවමින් ම නෙළුඹුදැලියෙන් අසුර පුරයට පිවිසියහ. මහණෙනි, එහෙයින් මෙහි ලා “ලෝකය ශාශ්වත ය” යි හෝ “ලෝකය අශාශ්වත ය” යි හෝ “ලෝකය අන්තවත් ය” යි හෝ “ලෝකය අනන්තවත් ය” යි හෝ “එය ජීවය එය ශරීරය” යි හෝ “ජීවය අනෙකක ශරීරය අනෙකකැ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ” යි. ලෝ සිතිවිලි නහමක් සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිලි වැඩ සහිත නො වේ. මගබඹසරට මුල් නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී නිරෝධය පිණිස නො පවතී ව්‍යූපශමය පිණිස නො පවතී අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී නිර්‍වාණය පිණිස නො පවතී.
Pali BJTචින්තෙන්තා ඛො තුම්හෙ භික්ඛවෙ, “ඉදං දුක්ඛ”න්ති චින්තෙය්යාථ, “අයං දුක්ඛසමුදයො”ති චින්තෙය්යාථ, “අයං දුක්ඛනිරොධො”ති චින්තෙය්යාථ, “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති චින්තෙය්යාථ. තං කිස්ස හෙතු: එසා භික්ඛවෙ, චින්තා අත්ථසංහිතා එසා ආදිබ්රහ්මචරියකා, එසා නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJTමහණෙනි, තෙපි සිතන්නහු නම් “මේ දුකැ” යි සිතවු. “මේ දුක් හටගැනුමැ”යි සිතවු. “මේ දුක් වැළැක්මැ”යි සිතවු. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිල්ල වැඩදායක ය. මේ මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සමෙබාධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 5. 2.
Sinhala BJT12. 5. 2.
Pali BJTපපාතසුත්තං
Sinhala BJTපපාත සූත්‍රය
Pali BJT3884. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “ආයාම භික්ඛවෙ, යෙන පටිභානකූටො තෙනුපසඞ්කමිස්සාම දිවා විහාරායා”ති. ‘එවම්භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පච්චස්සොසුං. අථ ඛො භගවා සම්බහුලෙහි භික්ඛූහි සද්ධිං යෙන පටිභානකූටො තෙනුපසඞ්කමි. අද්දසා ඛො අඤ්ඤතරො භික්ඛු පටිභානකූටෙ මහන්තං පපාතං. දිස්වාන භගවන්තං එතදවොච: “මහා වතායං භන්තෙ, පපාතො, සුමහා වතායං භන්තෙ, පපාතො. අත්ථි නු ඛො භන්තෙ, ඉමම්හා පපාතා අඤ්ඤො පපාතො මහන්තතරො ච භයානකතරො{1} චා”ති? “අත්ථි ඛො භික්ඛු, ඉමම්හා පපාතා අඤ්ඤො පපාතො මහන්තතරො ච භයානකතරො චා”ති. කතමො පන භන්තෙ{2}, ඉමම්හා පපාතා අඤ්ඤො පපාතො මහන්තතරො ච භයානකතරො චාති?
Sinhala BJT3884. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි වැඩවසන සේක. එකල භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක: මහණෙනි, “යමු දිවාවිහරණය පිණිස පටිභානකූටය වෙත එළඹෙන්නෙමු” යි. ‘එසේ ය වහන්සැ’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ බොහෝ භික්‍ෂූන් සමග පිලිබහන්කුළ වෙත එළඹිසේක. එක්තරා මහණෙක් පිළිබහන්කුළෙහි මහත් ප්‍රපාතයක් දිටී. දැක භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: “වහන්ස, මේ ප්‍රපාතය ඒකාන්තයෙන් මහති. වහන්ස, මේ ප්‍රපාතය ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ ප්‍රපාතයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් ප්‍රපාතක් ඇද්දෝ” යි “මහණ, මේ ප්‍රපාතයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් ප්‍රපාතක් ඇතැ”යි. වහන්ස, මේ ප්‍රපාතයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් ප්‍රපාතය කවරේ දැ යි.
Pali BJTයෙ හි කෙචි භික්ඛු, සමණා වා බ්රාහ්මණා වා ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානන්ති. අයං දුක්ඛසමුදයොති යථාභූතං නප්පජානන්ති. අයං දුක්ඛනිරොධොති යථාභූතං නප්පජානන්ති, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං නප්පජානන්ති. තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරමන්ති. ජරාසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරමන්ති. මරණසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරමන්ති. සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරමන්ති. තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරතා ජරාසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරතා මරණසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරතා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරතා ජාතිසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්ති, ජරාසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්ති, මරණසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්ති. සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්ති.
Sinhala BJTමහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතු සේ නො දනිද් ද, “මේ දුක් හට ගැනුමැ”යි තතු සේ නො දනිද්ද, “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ”යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්.
Pali BJTතෙ ජාතිසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරිත්වා ජරාසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරිත්වා මරණසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරිත්වා සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරිත්වා ජාතිපපාතම්පි පපතන්ති, ජරාපපාතම්පි පපතන්ති, මරණපපාතම්පි පපතන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසපපාතම්පි{1} පපතන්ති. තෙ න පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට, ජාති ප්‍රපාතයට ද වැටෙත්. ජරාප්‍රපාතයට ද වැටෙත්. මරණ ප්‍රපාතයට ද වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාසප්‍රපාතයට ද වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් නො මිදෙත්. දුකින් නො මිදෙති යි කියමි.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛු, සමණා වා බ්රාහ්මණා වා “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පජානන්ති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානන්ති. තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු නාභිරමන්ති.{2} ජරාසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු නාභිරමන්ති. මරණසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු නාභිරමන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු නාභිරමන්ති. තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අනභිරතා, ජරාසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අනභිරතා, මරණසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අනභිරතා, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අනභිරතා, ජාතිසංවත්තනිකෙපි සඞ්ඛාරෙ නාභිසඞ්ඛරොන්ති, ජරාසංවත්තනිකෙපි{3} සඞ්ඛාරෙ නාභිසඞ්ඛරොන්ති, මරණසංවත්තනිකෙපි සඞ්ඛාරෙ නාභිසඞ්ඛරොන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙපි සඞ්ඛාරෙ නාභිසඞ්ඛරොන්ති.
Sinhala BJTමහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ දනිද්ද ... “මේ දුක් වැළැක්මට පුමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනිද් ද ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු ජරාව පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු මරණය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්. ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්. මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කෙරෙත්.
Pali BJTතෙ ජාතිසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අනභිසඞ්ඛරිත්වා, ජරාසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අනභිසඞ්ඛරිත්වා, මරණසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අනභිසඞ්ඛරිත්වා, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අනභිසඞ්ඛරිත්වා, ජාතිපපාතම්පි න පපපතන්ති, ජරාපපාතම්පි න පපතන්ති, මරණපපාතම්පි න පපතන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසපපාතම්පි න පපතන්ති. තෙ පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි, පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි. තස්මාතිහ භික්ඛු, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJTඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට ජරාව පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට මරණය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් නො කොට, ජාති ප්‍රපාතයට ද නො වැටෙත්. ජරාප්‍රපාතයට ද නො වැටෙත්. මරණ ප්‍රපාතයට ද නො වැටෙත්. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාසප්‍රපාතයට ද නො වැටෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් මිදෙත්. (සියලු) දුකින් මිදෙති යි කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ “දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 5. 3.
Sinhala BJT12. 5. 3.
Pali BJTපරිළාහසුත්තං
Sinhala BJTපරිළාහ සූත්‍රය
Pali BJT3885. අත්ථි භික්ඛවෙ, මහාපරිළාහො නාම නිරයො. තත්ථ යං කිඤ්චි චක්ඛුනා රූපං පස්සති, අනිට්ඨරූපංයෙව{1} පස්සති, නො ඉට්ඨරූපං. අකන්තරූපයෙව පස්සති, නො කන්තරූපං. අමනාපරූපංයෙව පස්සති, නො මනාපරූපං. යං කිඤ්චි සොතෙන සද්දං සුණාති -පෙ- ඝානෙන ගන්ධං ඝායති -පෙ- ජිව්හාය රසං සායති -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසති -පෙ- යං කිඤ්චි මනසා ධම්මං විජානාති, අනිට්ඨරූපංයෙව විජානාති. නො ඉට්ඨරූපං. අකන්තරූපංයෙව විජානාති. නො කන්තරූපං. අමනාපරූපංයෙව විජානාති. නො මනාපරූපන්ති. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “මහා වත සො භන්තෙ, පරිළාහො සුමහා වත සො භන්තෙ, පරිළාහො. අත්ථි නු ඛො භන්තෙ, එතම්හා පරිළාහා අඤ්ඤො පරිළාහො මහන්තතරො ච භයානකතරොචා”ති? අත්ථි ඛො භික්ඛු, එතම්හා පරිළාහා අඤ්ඤො පරිළාහො මහන්තතරො ච භයානකතරොචාති. කතමො පන භන්තෙ, එතම්හා පරිළාහා අඤ්ඤො පරිළාහො මහන්තතරො ච භයානකතරො චාති?
Sinhala BJT3885. මහණෙනි, මහාපරිළාහ නම් නිරයෙක් ඇත. එහි යම් කිසි රුවක් ඇසින් දකී නම් අනිටු රුවක් ම දකී. ඉටු රුවක් නො දකී. නො කැමති රුවක් ම දකී. කැමති රුවක් නො දකී. නො මනා රුවක් ම දකී. මනාරුවක් නො දකී. කණින් යම් කිසි සදක් අසා නම් ... නැහැයෙන් ගඳක් ගනී නම් ... දිවින් රසක් විඳී නම් ... කයින් පහසක් පුසී නම් ... සිතින් යම් කිසි දහමක් දනී නම් අනිටු රුවක් ම දනී. ඉටු රුවක් නො දනී. නො කැමති රුවක් ම දනී. කැමති රුවක් නො දනී. නො මනාරුවක් ම දනී. මනාරුවක් නො දනීයි. මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, ඒ පරිළාහ නිරය ඒකාන්තයෙන් මහති. වහන්ස, ඒ පරිළාහ නිරය ඒකාන්තයෙන් ඉතා මහති. වහන්ස, මේ පරිළාහයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් පරිළාහයෙක් ඇද්දෝ” යි? මහණ, මේ පරිළාහයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අනෙක් පරිළාහයෙක් ඇතැ යි. වහන්ස, මේ පරිළාහයට වඩා ඉතා මහත් වූ ද ඉතා බිහිසුණු වූ ද අන් පරිළාහය කවරේ දැයි?
Pali BJTයෙ හි කෙචි, භික්ඛු, සමණා වා බ්රාහ්මණා වා ඉදං දුක්ඛන්ති යථාභූතං නප්පජානන්ති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං නප්පජානන්ති, තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරමන්ති -පෙ- තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරතා -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු අභිරතා ජාතිසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්ති -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරොන්ති. තෙ ජාතිසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරිත්වා -පෙ- සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසසංවත්තනිකෙපි සඞ්ඛාරෙ අභිසඞ්ඛරිත්වා ජාතිපරිළාහෙන{2}පි පරිඩය්හන්ති. ජරාපරිළාහෙනපි පරිඩය්හන්ති. මරණපරිළාහෙනපි පරිඩය්හන්ති. සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසපරිළාහෙනපි පරිඩය්හන්ති. තෙ න පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි. න පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි.
Sinhala BJTමහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ”යි තතු සේ නො දනිද්ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතු සේ නො දනිද්ද, ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත් .. සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ... සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන්හි ඇලුණාහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත් ... සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කෙරෙත්. ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ... සෝක පරිදේව දුක්ඛ දොමනසස උපායාස පිණිස පවත්නා සංස්කාරයන් ද රැස් කොට ජාතිපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. ජරාපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. මරණපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසපරිදාහයෙනු දු මුළුමනින් දැවෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් සෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් නො මිදෙත්. දුකින් නො මිදෙති යි කියමි.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛු, සමණා වා බ්රාහ්මණා වා “ඉදං දුක්ඛ”න්ති යථාභූතං පජානන්ති -පෙ- “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යථාභූතං පජානන්ති, තෙ ජාතිසංවත්තනිකෙසු සඞ්ඛාරෙසු නාභිරමන්ති -පෙ- අනභිරතා -පෙ- නාභිසඞ්ඛරොන්ති -පෙ- අනභිසඞ්ඛරිත්වා ජාතිපරිළාහෙනපි න පරිඩය්හන්ති, ජරාපරිළාහෙනපි න පරිඩය්හන්ති, මරණපරිළාහෙනපි න පරිඩය්හන්ති, සොකපරිදෙවදුක්ඛදොමනස්සුපායාසපරිළාහෙනපි න පරිඩය්හන්ති. තෙ පරිමුච්චන්ති ජාතියා ජරාය මරණෙන සොකෙහි පරිදෙවෙහි දුක්ඛෙහි දොමනස්සෙහි උපායාසෙහි පරිමුච්චන්ති දුක්ඛස්මාති වදාමි. තස්මාතිහ භික්ඛු, “ඉදං දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ-“අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJTමහණ, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ “මේ දුකැ” යි තතුසේ දනිද් ද ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනිද් ද ඔහු ජාතිය පිණිස පවත්නා සංස්කාරයන්හි නො ඇලෙත් .. නො ඇලුණාහු ... රැස් නො කෙරෙත් ... රැස් නො කොට ... ජාතිපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. ජරාපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. මරණපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසපරිදාහයෙනු දු හාත්පසින් නො දැවෙත්. ඔහු ජාතියෙන් ජරායෙන් මරණයෙන් ශෝකයෙන් පරිදේවයෙන් දුක්ඛයෙන් දොමනසසයෙන් උපායාසයෙන් මිදෙත්. සියලු දුකින් මිදෙති යි කියමි. මහණ, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍ය කටයුතු “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 5. 4.
Sinhala BJT12. 5. 4.
Pali BJTකූටාගාරසුත්තං
Sinhala BJTකූටාගාර සූත්‍රය