Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 14601-14700 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ගනාමාවලිය :
Pali BJTවෙළුද්වාර රාජකාරාමා සරකානි පුඤ්ඤාභිසන්දා සගාථපුඤ්ඤාභිසන්දො සපඤ්ඤ මහාපඤ්ඤා චාති.
Sinhala BJTවේළුද්වාර, රාජකාරාම, සරකානි, පුඤ්ඤාභිසන්‍ද, සගාථ පුඤ්ඤාභිසන්‍ද, සප්පඤ්ඤ, මහාපඤ්ඤ යි (සෝතාපත්ති සංයුත්තයෙහි වර්‍ග සතෙකි යි).
Pali BJT12. සච්චසංයුත්තං
Sinhala BJT12. සච්ච සංයුත්තය
Pali BJT1. සමාධිවග්ගො
Sinhala BJT1. සමාධි වර්‍ගය
Pali BJT12. 1. 1.
Sinhala BJT12. 1. 1.
Pali BJTසමාධිසුත්තං
Sinhala BJTසමාධි සූත්‍රය
Pali BJT3843. එවං මෙ සුතං එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. -පෙ- සමාධිං භික්ඛවෙ, භාවෙථ. සමාහිතො භික්ඛවෙ, භික්ඛු යථාභූතං පජානාති. කිඤ්ච යථාභූතං පජානාති: ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති. අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. සමාධිං භික්ඛවෙ, භාවෙථ. සමාහිතො භික්ඛවෙ, භික්ඛු යථාභූතං පජානාති.
Sinhala BJT3843. මා විසින් මෙසේ අසන ලදි. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක ... මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, එකඟ සිත් ඇති මහණ තෙමේ තතුසේ දනියි. කුමක් තතුසේ දනී ද යත්: “මේ දුකැ” යි තතුසේ දනියි. “මේ දුක්හටගැනුමැ”යි තතුසේ දනියි. “මේ දුක් වැළැක්මැ”යි තතුසේ දනියි. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනියි. මහණෙනි, සමාධිය වඩවු. මහණෙනි, එකඟ සිත් ඇති මහණ තෙමේ තතුසේ දනී.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො, අයං දුක්ඛසමුදයොති යොගො කරණීයො, අයං දුක්ඛනිරොධොති යොගො කරණීයො, අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ” යි (දැන) වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක් හටගැනුමැ” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක් වැළැක්මැ” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍යය කටයුතු යි.
Pali BJT12. 1. 2.
Sinhala BJT12. 1. 2.
Pali BJTපටිසල්ලානසුත්තං
Sinhala BJTපටිසල්ලාන සූත්‍රය
Pali BJT3844. පටිසල්ලානෙ භික්ඛවෙ, යොගමාපජ්ජථ, පටිසල්ලීනො භික්ඛවෙ, භික්ඛු යථාභූතං පජානාති. කිඤ්ච යථාභූතං පජානාති: ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පජානාති. පටිසල්ලානෙ භික්ඛවෙ, යොගමාපජ්ජථ, පටිසල්ලීනො{1} භික්ඛවෙ, භික්ඛු යථාභූතං පජානාති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3844. මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි, විවේකයෙන් යුත් මහණ තෙමේ තතුසේ දනී. කුමක් තතුසේ දනී ද යත්: “මේ දුකැ” යි තතුසේ දනී. ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි තතුසේ දනී. මහණෙනි, විවේකයෙහි යෙදීමට පැමිණෙවු. මහණෙනි, විවේකයෙන් යුත් මහණ තෙමේ තතුසේ දනී. මහණෙනි, එහෙයින් එහි ලා “මේ දුකැ” යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍යය කටයුතු යි.
Pali BJT12. 1. 3.
Sinhala BJT12. 1. 3.
Pali BJTකුලපුත්තසුත්තං
Sinhala BJTකුලපුත්ත සූත්‍රය
Pali BJT3845. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිංසු, සබ්බෙ තෙ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය. යෙ හි කෙචි භික්ඛවෙ, අනාගතමද්ධානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිස්සන්ති, සබ්බෙ තෙ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය. යෙ හි කෙචි භික්ඛවෙ, එතරහි කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජන්ති, සබ්බෙ තෙ චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය.
Sinhala BJT3845. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරනු පිණිස ය. මහණෙනි, මතු කල යම් කිසි කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වන්නාහු ද ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරනු පිණිස ය. මහණෙනි, දැන් යම් කිසි කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වෙද් ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරනු පිණිස ය.
Pali BJTකතමෙසං චතුන්නං: දුක්ඛස්ස අරියසච්චස්ස, දුක්ඛසමුදයස්ස අරියසච්චස්ස, දුක්ඛනිරොධස්ස අරියසච්චස්ස, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය{1} අරියසච්චස්ස. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිංසු -පෙ- පබ්බජිස්සන්ති -පෙ- පබ්බජන්ති, සබ්බෙ තෙ ඉමෙසං යෙව චතුන්නං අරියසච්චානං යථාභූතං අභිසමයාය. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො, -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJTකවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍රයෝ මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූහු ද ... පැවිදි වන්නාහු ද ... පැවිදි වෙද්ද, ඒ සියල්ලෝ මේ සිවු අරීසස් ම තතුසේ අවබෝධ කරනු පිණිස ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යී වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍යය කටයුතු යි.
Pali BJT12. 1. 4.
Sinhala BJT12. 1. 4.
Pali BJTදුතිය කුලපුත්තසුත්තං
Sinhala BJTදුතියකුලපුත්ත සූත්‍රය
Pali BJT3846. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිතා යථාභූතං අභිසමෙසුං, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසමෙසුං. යෙ හි කෙචි භික්ඛවෙ, අනාගතමද්ධානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිතා යථාභූතං අභිසමෙස්සන්ති, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසමෙස්සන්ති. යෙ හි කෙචි භික්ඛවෙ, එතරහි කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිතා යථාභූතං අභිසමෙන්ති, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසමෙන්ති. කතමානි චත්තාරි: දුක්ඛං අරියසච්චං -පෙ- දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං කුලපුත්තා සම්මා අගාරස්මා අනගාරියං පබ්බජිතා යථාභූතං අභිසමෙසුං -පෙ- අභිසමෙස්සන්ති -පෙ- අභිසමෙන්ති, සබ්බෙ තෙ ඉමානි චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසමෙන්ති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3846. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කළාහු ය. මහණෙනි, මතු කල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබෝධ කරන්නාහු ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කරන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතුසේ අවබෝධ කෙරෙද් ද, ඒ සියල්ලෝ සිවු අරීසස් තතුසේ අවබෝධ කෙරෙත්. කවර සිවු අරීසස් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි කුලපුත්‍ර කෙනෙක් මැනැවින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූවාහු තතු සේ අවබෝධ කළාහු ද ... අවබෝධ කරන්නාහු ද ... අවබෝධ කෙරෙද් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙරෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යී වීර්‍ය්‍යය කටයුතු යි.
Pali BJT12. 1. 5.
Sinhala BJT12. 1. 5.
Pali BJTසමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTසමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT3847. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යථාභූතං අභිසම්බුජ්ඣිංසු, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුජ්ඣිංසු. යෙ හි කෙචි භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යථාභූතං අභිසම්බුජ්ඣිස්සන්ති, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුජ්ඣිස්සන්ති. යෙ හි කෙචි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා යථාභූතං අභිසම්බුජ්ඣන්ති, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුජ්ඣන්ති. කතමානි චත්තාරි: දුක්ඛං අරියසච්චං -පෙ- දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යථාභූතං අභිසම්බුජ්ඣිංසු -පෙ- අභිසම්බුජ්ඣිස්සන්ති -පෙ- අභිසම්බුජ්ඣන්ති, සබ්බෙ තෙ ඉමානි චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුජ්ඣන්ති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3847. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කළාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කළාහු ය. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කරන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කරන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කෙරෙද් ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙරෙත්. කවර චතුරාර්‍ය්‍යසත්‍ය කෙනෙක් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කළාහු ද, ... අවබෝධ කරන්නාහු ද, ... අවබෝධ කෙරෙත් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙරෙත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍යය කටයුතු යි.
Pali BJT12. 1. 6.
Sinhala BJT12. 1. 6.
Pali BJTදුතිය සමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTදුතියසමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT3848. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යථාභූතං අභිසම්බුද්ධං පකාසෙසුං, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුද්ධං පකාසෙසුං. යෙ හි කෙචි භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යථාභූතං අභිසම්බුද්ධං පකාසෙස්සන්ති, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුද්ධං පකාසෙස්සන්ති. යෙ හි කෙචි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා යථාභූතං අභිසම්බුද්ධං පකාසෙන්ති, සබ්බෙ තෙ චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුද්ධං පකාසෙන්ති. කතමානි චත්තාරි: දුක්ඛං අරියසච්චං -පෙ- දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා යථාභූතං අභිසම්බුද්ධං පකාසෙසුං -පෙ- පකාසෙස්සන්ති -පෙ- පකාසෙන්ති, සබ්බෙ තෙ ඉමානි චත්තාරි අරියසච්චානි යථාභූතං අභිසම්බුද්ධං පකාසෙන්ති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3848. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ (මම්) අවබෝධ කෙළෙමැ යි (තමන්) පැවසූහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය අවබෝධ කෙළෙමැ යි පැවසූහ. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කෙළෙමැ යි පවසන්නාහු ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙළෙමැ යි පවසන්නාහු ය. මහණෙනි, මෙකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතු සේ අවබෝධ කෙළෙමැ යි තමන් පවසත් ද, ඒ සියල්ලෝ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අභිසම්බුද්ධය යි පවසත්. කවර චතුරාර්‍ය්‍යසත්‍යයක් ද යත්: දුඃඛාර්‍ය්‍යසත්‍ය ය ... දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ තතුසේ අවබෝධ කෙළෙමැ යි පැවසූහු ද ... පවසන්නාහු ද ... පවසත් ද, ඒ සියල්ලෝ මේ චතුරාර්‍ය්‍යසත්‍යය තතුසේ අවබෝධ කෙළෙමැ යි පවසත්. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ “දුක්ඛ”යි වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍යය කටයුතු යි.
Pali BJT12. 1. 7.
Sinhala BJT12. 1. 7.
Pali BJTවිතක්කසුත්තං
Sinhala BJTවිතක්ක සූත්‍රය
Pali BJT3849. මා භික්ඛවෙ, පාපකෙ අකුසලෙ විතක්කෙ විතක්කෙථ. සෙය්යථිදං: කාමවිතක්කං ව්යාපාදවිතක්කං විහිංසාවිතක්කං. තං කිස්ස හෙතු, නෙතෙ භික්ඛවෙ, විතක්කා අත්ථසංහිතා නාදිබ්රහ්මචරියකා න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තන්ති. විතක්කෙන්තො{1} ච ඛො තුම්හෙ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති විතක්කෙය්යාථ -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති විතක්කෙය්යාථ. තං කිස්ස හෙතු, එතෙ භික්ඛවෙ, විතක්කා අත්ථසංහිතා එතෙ ආදිබ්රහ්මචරියකා එතෙ නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3849. මහණෙනි, ලාමක වූ අකුශල විතර්‍කයන් නහමක් විතර්‍කණය කරවු. එනම්: කාමවිතර්‍ක ය, ව්‍යාපාදවිතර්‍ක ය, විහිංසා විතර්‍ක යි. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ විතර්‍කයෝ වැඩ සහිත නො වෙත්. මගබඹසරට මුල් වූවෝ නො වෙත්. නිර්වේදය පිණිස නො පවතිත්. විරාගය පිණිස නො පවතිත්. නිරෝධය පිණිස නො පවතිත්. ව්‍යුපශමය පිණිස නො පවතිත්. අභින්‍දනය පිණිස නො පවතිත්. සම්බෝධිය පිණිස නො පවතිත්. නිර්‍වාණය පිණිස නො පවතිත්. මහණෙනි, තෙපි විතර්‍කණය කරන්නාහු නම් “මේ දුක්ඛ”යි විතර්‍කණය කරවු. ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී විතර්‍කණය කරවු. ඒ කවර හෙයින් යත්: මහණෙනි, මේ විතර්‍කයෝ වැඩ සහිතයහ. මොහු මගබඹසරට මුල් ය. මොහු නිර්වේදය විරාගය නිරෝධය ව්‍යූපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිපිණිස පවතිත්. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ”යී වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍යය කටයුතු යි.
Pali BJT12. 1. 8.
Sinhala BJT12. 1. 8.
Pali BJTචින්තාසුත්තං
Sinhala BJTචින්තා සූත්‍රය
Pali BJT3850. මා භික්ඛවෙ, පාපකං අකුසලං චිත්තං චින්තෙථ{1}. “සස්සතො ලොකොති වා, අසස්සතො ලොකොති වා, අන්තවා ලොකොති වා අනන්තවා ලොකොති වා, තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා, හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා. තං කිස්ස හෙතු: නෙසා භික්ඛවෙ, චින්තා අත්ථසංහිතා, නාදි බ්රහ්මචරියකා, න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. චින්තෙන්තා ච වො තුම්හෙ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති චින්තෙය්යාථ -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති චින්තෙය්යාථ. තං කිස්ස හෙතු, එසා භික්ඛවෙ, චින්තා අත්ථසංහිතා, එසා ආදිබ්රහ්මචරියකා, එසා නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3850. මහණෙනි, “ලෝකය ශාශ්වතයැ” යි හෝ “ලෝකය අශාශ්වතයැ”යි හෝ “ලෝකය අන්තවතයැ” යි හෝ “ලෝකය අන්නතවතයැ” යි හෝ “එය ජීවය එය ශරීරය”යි හෝ “ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ”යි හෝ “සත්ත්‍වයා මරණින් මතු වේ” යී හෝ “සත්ත්‍වයා මරණින් මතු නො වේ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු වේ නො ද වේ” යි හෝ “සත්ත්‍වයා මරණින් මතු නො ම වේ නො ම නො වේ යි හෝ” යි ලාමක අකුසල් සිතක් නො සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිල්ල වැඩ සහිත නො වේ, මඟබඹසරට මුල් නො වේ, නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. මහණෙනි, තෙපි සිතන්නාහු නම් “මේ දුක්ඛ”යි සිතවු ... මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි සිතවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ සිතිවිල්ල වැඩ සහිත ය. මෙය මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යූපශමය අභිඥාය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යී වීර්‍ය්‍යය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්‍ය්‍යය කටයුතු යි.
Pali BJT12. 1. 9.
Sinhala BJT12. 1. 9.
Pali BJTවිග්ගාහිකකථාසුත්තං
Sinhala BJTවිග්ගාහිකකථා සූත්‍රය
Pali BJT3851. මා භික්ඛවෙ, විග්ගාහිකකථං කථෙථ:{2} “න ත්වං ඉමං ධම්මවිනයං ආජානාසි, අහං ඉමං ධම්මවිනයං ආජානාමි. කිං ත්වං ඉමං ධම්මවිනයං ආජානිස්සසි? මිච්ඡාපටිපන්නො ත්වමසි, අහමස්මි සම්මා පටිපන්නො පුරෙ වචනීයං පච්ඡා අවච, පච්ඡා වචනීයං පුරෙ අවච, සංහිතං මෙ, අසංහිතං තෙ, ආචිණ්ණං තෙ විපරාවත්තං. ආරොපිතො තෙ වාදො, චර වාදප්පමොක්ඛාය{3}, නිග්ගහිතොසි, නිබ්බෙඨෙහි සචෙ පහොසීති. තං කිස්ස හෙතු: නෙසා භික්ඛවෙ, කථා අත්ථසංහිතා නාදිබ්රහ්මචරියකා. න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. කථෙන්තා ච ඛො තුම්හෙ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති කථෙය්යාථ -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති කථෙය්යාථ. තං කිස්ස හෙතු, එසා භික්ඛවෙ, කථා අත්ථසංහිතා, එසා ආදිබ්රහ්මචරියකා, එසා නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3851. මහණෙනි, “තෙපි මේ සස්න නො දනිවු, මම මේ සස්න දනිමි. කිම තෙපි මේ සස්න දනිවු ද, තෙපි වරදවා පිළිපන්නහු වවු. මම මැනවින් පිළිපන්නෙම් වෙමි. පළමු කිය යුත්ත පසු ව කීහු, පසු ව කිව යුත්ත පළමු කීහු. මාගේ වචනය කරුණු සහිත ය. තොපගේ වචනය කරුණු රහිත ය. තොප විසින් දිගුකලක් මුළුල්ලෙහි පුරුදු කරන ලද්ද පෙරළී සිටියේ ය. තොපට දොස් නගන ලද. දොසින් මිදීම පිණිස හැසිරෙවු. නිගා කරන ලදහු යැ, ඉදින් සමත් වවු නම් නිදහස් වවු” යී විරුදධවාදී කථා නො කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල් නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. මහණෙනි, තෙපි කියන්නාහු නම් “මේ දුක්ඛ”යි කියවු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත ය. මෙය මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍යය කටයුතු ... මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍යය කටයුතු යි.
Pali BJT12. 1. 10.
Sinhala BJT12. 1. 10.
Pali BJTතිරච්ඡාන කථාසුත්තං
Sinhala BJTතිරච්ඡානකථා සූත්‍රය
Pali BJT3852. මා භික්ඛවෙ, අනෙකවිහිතං තිරච්ඡානකථං කථෙථ: සෙය්යථිදං: රාජකථං චොරකථං මහාමත්තකථං සෙනාකථං භයකථං යුද්ධකථං අන්නකථං පානකථං වත්ථකථං සයනකථං මාලාකථං ගන්ධකථං ඤාතිකථං යානකථං ගාමකථං නිගමකථං නගරකථං ජනපදකථං ඉත්ථිකථං පුරිසකථං සූරකථං{1} විසිඛාකථං කුම්භට්ඨානකථං පුබ්බපෙතකථං නානත්තකථං ලොකක්ඛායිකං සමුද්දක්ඛායිකං ඉතිභවාභවකථං ඉති වා. තං කිස්ස හෙතු: නෙසා භික්ඛවෙ, කථා අත්ථසංහිතා. නාදිබ්රහ්මචරියකා න නිබ්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ්ඤාය න සම්බොධාය න නිබ්බානාය සංවත්තති. කථෙන්තා ච ඛො තුම්හෙ භික්ඛවෙ, “ඉදං දුක්ඛන්ති” කථෙය්යාථ. “අයං දුක්ඛසමුදයොති” කථෙය්යාථ, “අයං දුක්ඛනිරොධොති” කථෙය්යාථ, “අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති” කථෙය්යාථ. තං කිස්ස හෙතු: එසා භික්ඛවෙ, කථා අත්ථසංහිතා, එසා ආදිබ්රහ්මචරියකා, එසා නිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. තස්මාතිහ භික්ඛවෙ, “ඉදං දුක්ඛන්ති” යොගො කරණීයො. “අයං දුක්ඛසමුදයොති” යොගො කරණීයො. “අයං දුක්ඛනිරොධොති” යොගො කරණීයො. “අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති” යොගො කරණීයො ති.
Sinhala BJT3852. මහණෙනි, නන්වැදෑරුම් තිරිසන් කථා නො කියවු. එනම් “රජුන් පිළිබඳ කථා, සොරුන් පිළිබඳ කථා, මහාමාත්‍රයන් පිළිබඳ කථා, සේනාවන් පිළිබඳ කථා, බිය පිළිබඳ කථා, යුද පිළිබඳ කථා, අහර පිළිබඳ කථා, පානවර්‍ග පිළිබඳ කථා, වස්ත්‍ර පිළිබඳ කථා, සෙනසුන් පිළිබඳ කථා, මල්දම් පිළිබඳ කථා, ගඳ පිළිබඳ කථා, නෑයන් පිළිබඳ කථා, වාහන පිළිබඳ කථා, ගම් පිළිබඳ කථා, නියම්ගම් පිළිබඳ කථා, නගර පිළිබඳ කථා, දනවු පිළිබඳ කථා, ස්ත්‍රීන් පිළිබඳ කථා, පුරුෂයන් පිළිබඳ කථා, සූරයන් පිළිබඳ කථා, වීථි පිළිබඳ කථා, දියතොට පිළිබඳ කථා, (කුම්භදාසීන් පිළිබඳ කථා) ඉකුත් නෑයන් පිළිබඳ කථා, නානාස්වභාව ඇති කථා, ලෝකනිර්‍මාණය පිළිබඳ කථා, සමුදුර හටගැනීම පිළිබඳ කථා (ශාශ්වත උච්ඡේද ආදි) භවාභව කථා හෝ” යි. එ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත නො වේ. මඟබඹසරට මුල නො වේ. නිර්වේදය පිණිස නො පවතී. විරාගය පිණිස නො පවතී. නිරෝධය පිණිස නො පවතී. ව්‍යුපශමය පිණිස නො පවතී. අභිඥානය පිණිස නො පවතී. සම්බෝධිය පිණිස නො පවතී. නිර්‍වාණය පිණිස නො පවතී. මහණෙනි, තෙපි කියන්නහු නම් “මේ දුක්ඛ”යි කියවු. “මේ දුක්ඛසමුදය”යී කියවු. “මේ දුක්ඛනිරෝධ”යි කියවු. මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි කියවු. ඒ කවර හෙයින යත්: මහණෙනි, මේ කථා වැඩ සහිත ය. මෙය මඟබඹසරට මුල් ය. මෙය නිර්වේදය විරාගය නිරෝධය ව්‍යූපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක්ඛ සමුදය” යි වීර්‍ය්‍යය කටයුතු. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්‍ය්‍යය කටයුතු යි. “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යි වීර්‍ය්‍යය කටයුතු යි.
Pali BJTසමාධිවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි සමාධිවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTසමාධි පටිසල්ලානා කුලපුත්තා පරෙ දුවෙ සමණබ්රාහ්මණා ද්වෙ විතක්කා චින්තා විග්ගාහිකා කථාති.
Sinhala BJTසමාධි, පටිසල්ලාන යී දෙසුතුරෙකි. අනෙක් කුලපුත්ත සුතුරු දෙකෙකි. සමණබ්‍රාහ්මණ සුතුරු දු දෙකෙකි. විතක්ක, චින්තා, විග්ගාහිකකථා, තිරච්ඡානකථා යී සිවු සුතුරෙකි යි මුළුල්ල දශයෙකි යි.
Pali BJT2. ධම්මචක්කප්පවත්තනවග්ගො
Sinhala BJT2. ධම්මචක්කප්පවත්තන වර්‍ගය
Pali BJT12. 2. 1.
Sinhala BJT12. 2. 1.
Pali BJTධම්මචක්කප්පවත්තනසුත්තං
Sinhala BJTධම්මචක්කප්පවත්තන සූත්‍රය
Pali BJT3853. එවං මෙ සුතං, එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. තත්ර ඛො භගවා පඤ්චවග්ගියෙ භික්ඛූ ආමන්තෙසි: “ද්වෙ මෙ භික්ඛවෙ, අන්තා පබ්බජිතෙන න සෙවිතබ්බා{1}. යොචායං කාමෙසු කාමසුඛල්ලිකානුයොගො හීනො ගම්මො පොථුජ්ජනිකො අනරියො අනත්ථසංහිතො, යො චායං අත්තකිලමථානුයොගො දුක්ඛො අනරියො අනත්ථසංහිතො. එතෙ තෙ{2} භික්ඛවෙ, උභො අන්තෙ අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. කතමා ච සා, භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. අයං ඛො සා භික්ඛවෙ, මජ්ඣිමා පටිපදා තථාගතෙන අභිසම්බුද්ධා චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති.
Sinhala BJT3853. මා විසින් මෙසේ අසන ලද: එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පස්වග මහණුන් ඇමතූ සේක. මහණෙනි, ලාමක වූ ගැමි දහමක් වූ පුහුදුනන් විසින් සෙවුණු ආර්‍ය්‍යයන් සතු නොවූ අවැඩ ඇසුරු කළ කාමවස්තූන් කෙරෙහි යම් මේ ක්ලේශකාමයෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, දුක් වූ ආර්‍ය්‍යයන් සතු නුවූ අවැඩ ඇසුරු කළ යම් මේ සිරුර පෙළීමෙහි පුනපුනා යෙදීමෙකුත් වේ ද, පැවිද්දහු විසින් මේ අන්ත දෙක (දෙකොටස) නො සෙවියයුතු. මහණෙනි, තථාගතයන් විසින් ඒ මේ අන්ත දෙකට නො පැමිණ පැනැස ඇති කරන නුවණැස ඇති කරන මැදුම් පිළිවෙත අවබෝධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී. මහණෙනි, තථාගතයන් විසින් අවබෝධ කරන ලද පැනැස ඇති කරන නුවණැස ඇති කරන ඒ කවර නම් මැදුම් පිළිවෙතෙක් කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී ද යත්: “මේ අරිඅටඟිමඟ මැ” යි. එනම්: “සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි” යි. මහණෙනි, පැනැස කරන නුවණැස කරන ඒ මේ මැදුම් පිළිවෙත තථාගතයන් විසින් අවබෝධ කරන ලද්දේ කෙලෙස් සන්හිඳුවීම පිණිස වෙසෙස් දැනුම පිණිස සිවුසස් දැනුම පිණිස නිවන් පිණිස පවතී.
Pali BJTඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං: “ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්යාධිපි දුක්ඛො, මරණම්පි දුක්ඛං, අප්පියෙහි සම්පයොගො දුක්ඛො, පියෙහි විප්පයොගො දුක්ඛො, යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛං, සඞ්ඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා”. ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛසමුදයො{3} අරියසච්චං: “යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී, සෙය්යථිදං: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා”. ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛනිරොධො{4} අරියසච්චං: යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො. ඉදං ඛො පන භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි.
Sinhala BJTමහණෙනි, මේ වූකලි දුඃඛාර්‍ය්‍යසත්‍ය යයි: “ඉපදීමත් දුක් ය. ජරාවත් දුක් ය. ව්‍යාධියත් දුක් ය. මරණයත් දුක් ය. අප්‍රියයන් හා එක්වීමත් දුක් ය. ප්‍රියයන්ගෙන් වෙන්වීමත් දුක් ය. කැමැති දෑ නො ලැබීමත් දුක් ය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්‍ධයෝ දුක්හ” යි. මහණෙනි, මේ වූකලි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍ය යි: පුනර්‍භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයන්හි ඇල්ම ඇති කරන යම් තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතණ්හා (කාමවස්තූන් කෙරෙහි පවත්නා තෘෂ්ණාව) භවතණ්හා (ශාශ්වතදෘෂ්ටි සහගත තෘෂ්ණාව) විභවතණ්හා (උච්ඡේද දෘෂ්ටි සහගත් තෘෂ්ණාව) යි. මහණෙනි, මේ වූකලි දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍ය යි: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂයෙන් නො ඇලීම් සඞ්ඛ්‍යාත නිරෝධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, (එයයි) මහණෙනි, මේ වූ කලි දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය ම ය. එනම්: සම්මාදිට්ඨි ය ... සම්මාසමාධි යි.
Pali BJT“ඉදං දුක්ඛං අරියසච්චන්ති” මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්යන්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤාතන්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුඃඛාර්‍ය්‍යසත්‍ය ය පිරිසිඳ දතයුතු (ඉක්මැ වියැ යුතු) ය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළවිය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිරිසිඳ දන්නා ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
Pali BJT“ඉදං දුක්ඛසමුදයො අරියසච්චන්ති” මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛසමුදයො අරියසච්චං පහාතබ්බන්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛසමුදයො අරියසච්චං පහීනන්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහාණය කළ යුතු යයි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය ප්‍රහීණයැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
Pali BJT“ඉදං දුක්ඛනිරොධො අරියසච්චන්ති” මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛනිරොධො අරියසච්චං සච්ඡිකාතබ්බන්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛනිරොධො අරියසච්චං සච්ඡිකතන්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය පසක් කළයුතුය යි. පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය පසක් කරන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
Pali BJT“ඉදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චන්ති” මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං භාවෙතබ්බන්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං භාවිතන්ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වැඩිය යුතු ය යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වඩන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය.
Pali BJTයාවකීවඤ්ච මෙ භික්ඛවෙ, ඉමෙසු චතූසු අරියසච්චෙසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං න සුවිසුද්ධං අහොසි, නෙව තාවාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො{1} පච්චඤ්ඤාසිං. යතො ච ඛො මෙ භික්ඛවෙ, ඉමෙසු චතූසු අරියසච්චෙසු එවං තිපරිවට්ටං ද්වාදසාකාරං යථාභූතං ඤාණදස්සනං සුවිසුද්ධං අහොසි, අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතොවිමුත්ති, අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවොති. ඉදමවොච භගවා. අත්තමනා පඤ්චවග්ගියා භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
Sinhala BJTමහණෙනි, යම්තාක් මට මේ සිවු අරීසස්හි මෙසේ තුන් පිරිවටක් ඇති දොළොස් අයුරක් ඇති ඥානසඞ්ඛ්‍යාත දර්‍ශනය තතුසේ වෙසෙසින් විසුදු නො වී ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමැ යි නො ම පිළින කෙළෙමි. මහණෙනි, යම් කලෙක මට මේ සිවු අරීසස්හි මෙසේ තුන් පිරිවටක් ඇති දොළොස් අයුරක් ඇති ඥානසඞ්ඛ්‍යාත දර්‍ශනය තතුසේ වෙසෙසින් විසුදු වී ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර සම්‍යක්සම්බෝධිය අවබෝධ කෙළෙමැ යි පිළින කෙළෙමි. මට ඥානදර්‍ශනයත් පහළ විය. මාගේ අර්‍හත්ඵල සමාධිය අකෝප්‍ය ය (නො සැලේ). මේ කෙළවර ඉපැද්ම ය, දැන් පුනර්‍භවයෙක් නැතැ යි මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. සතුටු සිත් ඇති පස්වග භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගත්හ යි.
Pali BJTඉමස්මිඤ්ච පන වෙය්යාකරණස්මිං භඤ්ඤමානෙ ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි: “යං කිඤ්චි සමුදයධම්මං, සබ්බන්තං නිරොධධම්මන්ති”. පවත්තිතෙ ච පන භගවතා{1} ධම්මචක්කෙ භුම්මා දෙවා සද්දමනුස්සාවෙසුං: “එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මින්ති”. භුම්මානං දෙවානං සද්දං සුත්වා චාතුම්මහාරාජිකා දෙවා සද්දමනුස්සාවෙසුං: “එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං{2} සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මින්ති”. චාතුම්මහාරාජිකානං දෙවානං සද්දං සුත්වා තාවතිංසා දෙවා සද්දමනුස්සාවෙසුං -පෙ- යාමා දෙවා -පෙ- තුසිතා දෙවා -පෙ- නිම්මානරතී දෙවා -පෙ- පරනිම්මිතවසවත්තී{3} දෙවා -පෙ- බ්රහ්මකායිකා දෙවා සද්දමනුස්සාවෙසුං: “එතං භගවතා බාරාණසියං ඉසිපතනෙ මිගදායෙ අනුත්තරං ධම්මචක්කං පවත්තිතං අප්පතිවත්තියං සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මින්ති”.
Sinhala BJTමේ වෙය්‍යාකරණය වදාරනු ලබන කල්හි “යම් කිසිවෙක් හටගන්නාසුලු නම් ඒ සියල්ල නැසෙනසුල්ලැ”යි ආයුෂ්මත් කොණ්ඩඤ්ඤහට පහවූ කෙලෙස්රජස් ඇති පහව ගිය කෙලෙස්මල ඇති දහම්ඇස (පළමු මගනැණ) පහළ විය. භාග්‍යවතුන් වහන්සේ විසින් දම්සක් පැවැත්වූ කල්හි මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ (තමන් වහන්සේ හා සමාන ලෙස) නො පැවැත්විය හැකි මේ අනුත්තර දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස් මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ”යි බූමාටු දෙවියෝ ප්‍රීති ශබ්ද ඇස්වූහ. (සාධුකාර දුන්හ.) මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ සමාන ලෙස නො පැවැත්විය හැකි මේ අනුතුරු දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ යි බූමාටු දෙවියන්ගේ (සාධුකාර) ශබ්දය අසා සිවුමහරජවැසි දෙවියෝ සාධුකාර දුන්හ ... සිවුමහරජවැසි දෙවියන්ගේ සාධුකාර ශබ්දය අසා තව්තිසා වැසි දෙවියෝ සාධුකාර දුන්හ ... යාම දෙවියෝ ... තුසිත දෙවියෝ ... නිර්‍මාණරතී දෙවියෝ ... පරනිර්මිතවශවර්ති දෙවියෝ ... මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ සමාන ලෙස නො පැවැත්විය හැකි මේ අනුතුරු දම්සක භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස මිගදාය නම් ඉසිපතනාරාමයේ දී පවත්වන ලදැ” යි ... බ්‍රහ්මකායික දෙවියෝ සාධුකාර දුන්හ” යි.
Pali BJTඉතිහ තෙන ඛණෙන තෙන මුහුත්තෙන යාව බ්රහ්මලොකා සද්දො අබ්භුග්ගඤ්ඡි. අයඤ්ච දසසහස්සී ලොකධාතු සඞ්කම්පි සම්පකම්පි සම්පවෙධි, අප්පමාණො ච උළාරො ඔභාසො ලොකෙ පාතුරහොසි: අතික්කම්ම{4} දෙවානං දෙවානුභාවන්ති. අථ ඛො භගවා උදානං{5} උදානෙසි: “අඤ්ඤාසි වත භො, කොණ්ඩඤ්ඤො, අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඤොති”. ඉතිහිදං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස අඤ්ඤාකොණ්ඩඤ්ඤොත්වෙව{6} නාමං අහොසීති.
Sinhala BJTමෙසේ එකෙණෙහි ඒ මොහොතෙහි බඹලොව තෙක් (සාධුකාර) ශබ්දය උස්ව පැන නැංගේ ය. මේ දශසහස්‍රී ලෝකධාතුවත් සැලුණේ ය. මහත්සේ සැලුණේ ය. දැඩිසේ වෙවුළී ය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්ම සිටි අප්‍රමාණ උදාර ආලොකයෙක් ද ලොව පහළ විය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “භවත් කොණ්ඩඤ්ඤ ඒකාන්තයෙන් (චතුස්සත්‍යය) දැන ගත්තේ ය. භවත් කොණ්ඩඤ්ඤ ඒකාන්තයෙන් දැන ගත්තේ ය යි උදන් ඇනූ සේක. මෙසේ ආයුෂ්මත් කොණ්ඩඤ්ඤහට “අඤ්ඤාකොණ්ඩඤ්ඤ”යි ම මේ නමෙක් වී යි.
Pali BJT12. 2. 2.
Sinhala BJT12. 2. 2.
Pali BJTතථාගත සුත්තං
Sinhala BJTතථාගත සූත්‍රය
Pali BJT3854. ඉදං දුක්ඛං අරියසච්චන්ති භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛං අරියසච්චං පරිඤ්ඤෙය්යන්ති භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ -පෙ- පරිඤ්ඤාතන්ති, භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJT3854. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය පිරිසිඳ දත යුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... පිරිසිඳ දන්නා ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය ... එළිය පහළ විය.
Pali BJTඉදං දුක්ඛසමුදයො අරියසච්චන්ති භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛසමුදයො අරියසච්චං පහාතබ්බන්ති භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ -පෙ- පහීනන්ති, භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය ප්‍රහාණය කළයුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... ප්‍රහාණය කරන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය ... එළිය පහළ විය.
Pali BJTඉදං දුක්ඛනිරොධො අරියසච්චන්ති භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛනිරොධො අරියසච්චං සච්ඡිකාතබ්බන්ති භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ -පෙ- සච්ඡිකතන්ති, භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය පසක් කළයුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... පසක් කරන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය.
Pali BJTඉදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චන්ති භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. තං ඛො පනිදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං භාවෙතබ්බන්ති, භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ -පෙ- භාවිතන්ති භික්ඛවෙ, තථාගතානං පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදීති.
Sinhala BJTමහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය වැඩියයුතු ය යි තථාගතයන්ට පෙර ... මහණෙනි, ... වඩන ලදැ යි පෙර නො ඇසූවිරූ දහම්හි තථාගතයන්ට ඇස පහළ විය, නැණ පහළ විය, පැන පහළ විය, විදු පහළ විය, එළිය පහළ වී ය යි.
Pali BJT12. 2. 3.
Sinhala BJT12. 2. 3.
Pali BJTඛන්ධ සුත්තං
Sinhala BJTඛන්‍ධ සූත්‍රය
Pali BJT3855. චත්තාරිමානි භික්ඛවෙ, අරියසච්චානි. කතමානි චත්තාරි: දුක්ඛං අරියසච්චං, දුක්ඛසමුදයො අරියසච්චං, දුක්ඛනිරොධො අරියසච්චං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං: පඤ්චුපාදානක්ඛන්ධාතිස්ස වචනීයං. කතමෙ පඤ්ච: සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො{1} වෙදනූපාදානක්ඛන්ධො සඤ්ඤූපාදානක්ඛන්ධො සංඛාරූපාදානක්ඛන්ධො විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං.
Sinhala BJT3855. මහණෙනි, මේ ආර්‍ය්‍ය සත්‍ය සතරෙකි. කවර සතරෙක යත්: දුක්ඛාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍ය ය, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය කවර යත්: පස් උපාදානස්කන්‍ධයෝ ය යි එයට කියයුතු. කවර පසෙක යත්: එනම් “රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ ය” යි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, දුක්ඛසමුදයො අරියසච්චං: යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී, සෙය්යථිදං: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛසමුදයො අරියසච්චං.
Sinhala BJTමහණෙනි, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවර යත්: පුනර්‍භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයෙහි ඇල්ම ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා යි. මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛනිරොධො අරියසච්චං: යො තස්සායෙව තණ්හාය අසෙස විරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරොධො අරියසච්චං.
Sinhala BJTමහණෙනි, දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය කවර යත්: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂ විරාග නිරෝධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, මහණෙනි, මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්පො සම්මාවාචා සම්මාකම්මන්තො සම්මාආජීවො සම්මාවායාමො සම්මාසති සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි අරියසච්චානි. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJTමහණෙනි, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය කවර යත්: මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. එනම්: සම්මාදිට්ඨි සම්මාසඞ්කප්ප සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව සම්මාවායාම සම්මාසති සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ. මහණෙනි, මොහු චතුරාර්‍ය්‍යසත්‍යයෝ යි. මහණෙනි, එහෙයින් මෙහිලා මේ දුකැ යි වීර්‍ය්‍ය කටයුතු ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 2. 4.
Sinhala BJT12. 2. 4.
Pali BJTආයතනසුත්තං
Sinhala BJTආයතන සූත්‍රය
Pali BJT3856. චත්තාරිමානි භික්ඛවෙ, අරියසච්චානි. කතමානි චත්තාරි: දුක්ඛං අරියසච්චං -පෙ- දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං: ඡ අජ්ඣත්තිකානි ආයතනානීතිස්ස වචනීයං. කතමානි ඡ: චක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛං අරියසච්චං.
Sinhala BJT3856. මහණෙනි, මේ ආර්‍ය්‍යසත්‍යය සතරෙකි. කවර සතරෙක යත්: “දුක්ඛාර්‍ය්‍යසත්‍යය ... දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය ය” යි. මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍යය කවර යත්: අධ්‍යාත්මික ෂඩායතනයෝ යයි එයට කියයුතු. කවර ෂඩායතනයෝ යැ යත්: “චක්ඛායතන සෝතායතන ඝානායතන ජිව්හායතන කායායතන මනායතන” යි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, දුක්ඛසමුදයො අරියසච්චං: යායං තණ්හා පොනොභවිකා නන්දිරාගසහගතා තත්ර තත්රාභිනන්දිනී. සෙය්යථිදං: කාමතණ්හා, භවතණ්හා, විභවතණ්හා. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛසමුදයො අරියසච්චං.
Sinhala BJTමහණෙනි, දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවර යත්: පුනර්‍භවය ඇති කරන නන්‍දිරාගය සහගිය ඒ ඒ භවයෙහි ඇලුම් ඇති කරන යම් මේ තෘෂ්ණාවක් වේ ද, එනම්: “කාමතෘෂ්ණා භවතෘෂ්ණා විභවතෘෂ්ණා” යි. මහණෙනි, මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, දුක්ඛනිරොධො අරියසච්චං: යො තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො, ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරොධො අරියසච්චං.
Sinhala BJTමහණෙනි, දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය කවර යත්: ඒ තෘෂ්ණාවේ ම යම් නිරවශේෂවිරාගනිරෝධයෙක් දුරලීමෙක් අත්හැරීමෙක් මිදීමෙක් නො ඇල්මෙක් වේ ද, මහණෙනි, මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චං. ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි අරියසච්චානි. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJTමහණෙනි, දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය කවර යත්: මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගිකමාර්‍ගය මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ. මහණෙනි, මොහු චතුරාර්‍ය්‍යසත්‍යයෝ යි. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුකැ යි වීර්‍ය්‍ය කටයුතු ... මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැ යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 2. 5.
Sinhala BJT12. 2. 5.
Pali BJTධාරණසුත්තං
Sinhala BJTධාරණ සූත්‍රය
Pali BJT3857. ධාරෙථ නො තුම්හෙ භික්ඛවෙ, “මයා චත්තාරි අරියසච්චානි දෙසිතානී”ති. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: අහං ඛො භන්තෙ, ධාරෙමි. “භගවතා චත්තාරි අරියසච්චානි දෙසිතානී”ති. යථාකථං පන ත්වං භික්ඛු, ධාරෙසි “මයා චත්තාරි අරියසච්චානි දෙසිතානී”ති. දුක්ඛං ඛ්වාහං භන්තෙ, භගවතා පඨමං අරියසච්චං දෙසිතං ධාරෙමි.
Sinhala BJT3857. මහණෙනි, මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි තෙපි දරවු දැ යි මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරමි” යි. “මහණ, ඒ කෙසේ නම් තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු දැ” යි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමුවනු කොට දෙසන ලදැ” යි දරමි.
Pali BJTදුක්ඛසමුදයො ඛ්වාහං භන්තෙ, භගවතා දුතියං අරියසච්චං දෙසිතං ධාරෙමි. දුක්ඛනිරොධො ඛ්වාහං භන්තෙ, භගවතා තතියං අරියසච්චං දෙසිතං ධාරෙමි. දුක්ඛනිරොධගාමිනී පටිපදා ඛ්වාහං භන්තෙ, භගවතා චතුත්ථං අරියසච්චං දෙසිතං ධාරෙමි. එවං ඛ්වාහං භන්තෙ, ධාරෙමි භගවතා චත්තාරි අරියසච්චානි දෙසිතානීති.
Sinhala BJT“වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දෙවනු කොට දෙසන ලදැ” යි දරමි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තෙවනු කොට දෙසන ලදැ” යි දරමි. “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු කොට දේශනා ලදැ” යි දරමි. “වහන්ස, මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැයි දරමි” යි.
Pali BJTසාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, ධාරෙසි මයා චත්තාරි අරියසච්චානි දෙසිතානි. දුක්ඛං ඛො භික්ඛු, මයා පඨමං අරියසච්චං දෙසිතං, තථා නං ධාරෙහි. දුක්ඛසමුදයො ඛො භික්ඛු, මයා දුතියං අරියසච්චං දෙසිතං, තථා නං ධාරෙහි. දුක්ඛනිරොධො ඛො භික්ඛු, මයා තතියං අරියසච්චං දෙසිතං තථා නං ධාරෙහි. දුක්ඛනිරොධගාමිනී පටිපදා ඛො භික්ඛු, මයා චතුත්ථං අරියසච්චං දෙසිතං, තථා නං ධාරෙහි. එවං ඛො භික්ඛු, ධාරෙහි මයා චත්තාරි අරියසච්චානි දෙසිතානි. තස්මාතිහ භික්ඛු ඉදං “දුක්ඛ”න්ති යොගො කරණීයො -පෙ- අයං “දුක්ඛනිරොධගාමිනී පටිපදා”ති යොගො කරණීයොති.
Sinhala BJTමහණ, මැනවි, මැනවි, මහණ, තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු මහණ, මා විසින් දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමුවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, මා විසින් දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දෙවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, මා විසින් දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තෙවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, මා විසින් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, මෙසේ මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු. මහණෙනි, එහෙයින් මෙහි ලා මේ දුක්ඛ යි වීර්‍ය්‍ය කටයුතු ... මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 2. 6.
Sinhala BJT12. 2. 6.
Pali BJTදුතියධාරණසුත්තං
Sinhala BJTදුතිය ධාරණ සූත්‍රය
Pali BJT3858. ධාරෙථ නො තුම්හෙ භික්ඛවෙ, “මයා චත්තාරි අරියසච්චානි දෙසිතානී”ති. එවං වුත්තෙ අඤ්ඤතරො භික්ඛු භගවන්තං එතදවොච: “අහං ඛො භන්තෙ, ධාරෙමි භගවතා චත්තාරි අරියසච්චානි දෙසිතානී”ති. “යථාකථං පන ත්වං භික්ඛු, ධාරෙසි මයා චත්තාරි අරියසච්චානි දෙසිතානී”ති? දුක්ඛං ඛො’හං භන්තෙ, “භගවතා පඨමං අරියසච්චං දෙසිතං” ධාරෙමි. යො හි කොචි භන්තෙ, සමණො වා බ්රාහ්මණො වා එවං වදෙය්ය: “නෙතං දුක්ඛං පඨමං අරියසච්චං සමණෙන{1} ගොතමෙන දෙසිතං. අහමෙතං දුක්ඛං පඨමං අරියසච්චං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛං පඨමං අරියසච්චං පඤ්ඤාපෙස්සාමී”ති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJT3858. මහණෙනි, තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු දැ යි මෙසේ වදාළ කල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැ”යි දරමි යි. “මහණ, ඒ කෙසේ නම් තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරවු දැ”යි. වහන්ස, “මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමුවනු කොට දෙසන ලදැ” යි දරමි. වහන්ස, යම්කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ “මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමු නො වේ. මම මේ පළමුවන දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛාර්‍ය්‍යසත්‍යයක් පළමුවනු කොට පනවන්නෙමි”යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
Pali BJTදුක්ඛසමුදයං ඛො’හං භන්තෙ, භගවතා දුතියං අරියසච්චං දෙසිතං ධාරෙමි. යො හි කොචි භන්තෙ, සමණො වා බ්රාහ්මණො වා එවං වදෙය්ය: “නෙතං දුක්ඛසමුදයො අරියසච්චං සමණෙන ගොතමෙන දෙසිතං, අහමෙතං දුක්ඛසමුදයං දුතියං අරියසච්චං පඤ්ඤා පස්සාමී”ති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTවහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දෙවනු කොට දේශනා ලදැ යි දරමි. වහන්ස, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ “මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය දෙවනු නො වේ. මම මේ දෙවන දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යයක් දෙවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
Pali BJTදුක්ඛනිරොධං ඛො’හං භන්තෙ, භගවතා තතියං අරියසච්චං දෙසිතං ධාරෙමි. යො හි කොචි භන්තෙ, සමණො වා බ්රාහ්මණො වා එවං වදෙය්ය: “නෙතං දුක්ඛනිරොධො තතියං අරියසච්චං සමණෙන ගොතමෙන දෙසිතං, අහමෙතං දුක්ඛනිරොධං තතියං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛනිරොධං තතියං අරියසච්චං පඤ්ඤාපෙස්සාමී”ති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTවහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තෙවනු කොට දේශනා කරන ලදැ යි දරමි. වහන්ස, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ “මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය තෙවනු නො වේ. මම මේ තෙවන දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යයක් තෙවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත.
Pali BJTදුක්ඛනිරොධගාමිනිං පටිපදං ඛො’හං භන්තෙ භගවතා චතුත්ථං අරියසච්චං දෙසිතං ධාරෙමි. යො හි කොචි භන්තෙ, සමණො වා බ්රාහ්මණො වා එවං වදෙය්ය: “නෙතං දුක්ඛනිරොධගාමිනීපටිපදා චතුත්ථං අරියසච්චං සමණෙන ගොතමෙන දෙසිතං. අහමෙතං දුක්ඛනිරොධගාමිනිං පටිපදං චතුත්ථං අරියසච්චං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛනිරොධගාමිනිං පටිපදං චතුත්ථං අරියසච්චං පඤ්ඤාපෙස්සාමී”ති නෙතං ඨානං විජ්ජති. එවං ඛො’හං භන්තෙ, ධාරෙමි භගවතා චත්තාරි අරියසච්චානි දෙසිතානීති.
Sinhala BJTවහන්ස, මම භාග්‍යවතුන් වහන්සේ විසින් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු කොට දේශනා කරන ලදැයි දරමි. වහන්ස, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු නො වේ. මම මේ සිවුවන දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයක් සිවුවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. වහන්ස, මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ විසින් සිවු අරීසස් දෙසන ලදැ යි දරමි.
Pali BJTසාධු සාධු භික්ඛු, සාධු ඛො ත්වං භික්ඛු, ධාරෙසි. මයා චත්තාරි අරියසච්චානි දෙසිතානි. දුක්ඛං ඛො භික්ඛු, මයා පඨමං අරියසච්චං දෙසිතං. තථා නං ධාරෙහි. යො හි කොචි භික්ඛු, සමණො වා බ්රාහ්මණො වා එවං වදෙය්ය: “නෙතං දුක්ඛං පඨමං අරියසච්චං සමණෙන ගොතමෙන දෙසිතං. අහමෙතං දුක්ඛං පඨමං අරියසච්චං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛං පඨමං අරියසච්චං පඤ්ඤාපෙස්සාමී”ති නෙතං ඨානං විජ්ජති. -පෙ-
Sinhala BJTමහණ, මැනවි, මැනවි. මහණ, තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැයි දරනු මැනවි. මහණ, මා විසින් දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමුවනු කොට දෙසන ලදි. එය එසේ දරවු. මහණ, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය පළමු නො වේ. මම මේ පළමුවන දුක්ඛාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛාර්‍ය්‍යසත්‍යයක් පළමුවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත ...
Pali BJTදුක්ඛනිරොධගාමිනී පටිපදා ඛො භික්ඛු, මයා චතුත්ථං අරියසච්චං දෙසිතං. තථා නං ධාරෙහි. යො හි කොචි භික්ඛු, සමණො වා බ්රාහ්මණො වා එවං වදෙය්ය: “නෙතං දුක්ඛනිරොධගාමිනී පටිපදා චතුත්ථං අරියසච්චං සමණෙන ගොතමෙන දෙසිතං. අහමෙතං දුක්ඛනිරොධගාමිනිං පටිපදං චතුත්ථං අරියසච්චං පච්චක්ඛාය අඤ්ඤං දුක්ඛනිරොධගාමිනිං පටිපදං චතුත්ථං අරියසච්චං පඤ්ඤාපෙස්සාමී”ති නෙතං ඨානං විජ්ජති. එවං ඛො ත්වං භික්ඛු, ධාරෙහි මයා චත්තාරි අරියසච්චානි දෙසිතානි. තස්මාතිහ භික්ඛු, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJTමහණෙනි, මා විසින් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු කොට දේශනා කරන ලදි. එය එසේ දරවු. මහණ, යම් කිසි මහණෙක් හෝ බමුණෙක් හෝ මහණගොයුම්හු විසින් දේශනා කරන ලද මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය සිවුවනු නො වේ. මම මේ සිවුවන දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය පිළිකෙව් කොට අනෙක් දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයක් සිවුවනු කොට පනවන්නෙමි” යි මෙසේ කියන්නේ ය යන මෙකරුණ නැත. මහණ, මෙසේ තෙපි මා විසින් සිවු අරීසස් දෙසන ලදැයි දරවු. මහණ, එහෙයින් මෙහිලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 2. 7.
Sinhala BJT12. 2. 7.
Pali BJTඅවිජ්ජාසුත්තං
Sinhala BJTඅවිජ්ජා සූත්‍රය
Pali BJT3859. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “අවිජ්ජා අවිජ්ජාති” භන්තෙ, වුච්චති. කතමා නු ඛො භන්තෙ, අවිජ්ජා? කිත්තාවතා ච අවිජ්ජාගතො හොතීති? යං ඛො භික්ඛු, දුක්ඛෙ අඤ්ඤාණං, දුක්ඛසමුදයෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධෙ අඤ්ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ්ඤාණං අයං වුච්චති භික්ඛු, අවිජ්ජා. එත්තාවතා ච අවිජ්ජාගතො හොති. තස්මාතිහ භික්ඛු, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3859. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, අවිද්‍යා අවිද්‍යා” යි කියනු ලැබේ. වහන්ස, අවිද්‍යා නම් කවර යැ? කෙතෙකින් අවිද්‍යාගතත් වේ දැ”යි. මහණ, යම් දුකෙහි නො දැන්මෙක් දුක් හටගැන්මෙහි නො දැන්මෙක් දුක් වැළැක්මෙහි නො දැන්මෙක් දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතෙහි නො දැන්මෙක් වේ ද, මහණ, මේ අවිද්‍යා යි කියනු ලැබේ. මෙතෙකින් අවිද්‍යාගතත් වේ. මහණ, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 2. 8.
Sinhala BJT12. 2. 8.
Pali BJTවිජ්ජාසුත්තං
Sinhala BJTවිජ්ජා සූත්‍රය
Pali BJT3860. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි: උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “විජ්ජා විජ්ජා”ති භන්තෙ, වුච්චති. කතමා නු ඛො භන්තෙ, විජ්ජා. කිත්තාවතා ච විජ්ජාගතො හොතීති? යං ඛො භික්ඛු, දුක්ඛෙ ඤාණං, දුක්ඛසමුදයෙ ඤාණං, දුක්ඛනිරොධෙ ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං. අයං වුච්චති භික්ඛු, විජ්ජා. එත්තාවතා ච විජ්ජාගතො හොති. තස්මාතිහ භික්ඛු, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3860. එකල එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, විද්‍යා විද්‍යා”යී කියනු ලැබේ. වහන්ස, විද්‍යා නම් කවර යැ? කෙතෙකින් විද්‍යාගතත් වේ දැයි? මහණ, යම් දුකෙහි දැනීමෙක්, දුක් හටගැන්මෙහි දැනීමෙක්, දුක් වැළැක්මෙහි දැනීමෙක්, දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතෙහි දැනීමෙක්, වේ ද, මහණ, මේ ‘විද්‍යා’ යි කියනු ලැබේ. මෙතෙකින් විද්‍යාගතත් වෙයි. මහණ, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදා”යී වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 2. 9.
Sinhala BJT12. 2. 9.
Pali BJTසඞ්කාසනසුත්තං
Sinhala BJTසඞ්කාසන සූත්‍රය
Pali BJT3861. ඉදං දුක්ඛං අරියසච්චන්ති භික්ඛවෙ, මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා වණ්ණා, අපරිමාණා ව්යඤ්ජනා, අපරිමාණා සඞ්කාසනා. ඉතිපිදං දුක්ඛං අරියසච්චන්ති. ඉදං දුක්ඛසමුදයො අරියසච්චන්ති භික්ඛවෙ මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා වණ්ණො, අපරිමාණා ව්යඤ්ජනා, අපරිමාණා සඞ්කාසනා. ඉතිපිදං දුක්ඛසමුදයො අරියසච්චන්ති. ඉදං දුක්ඛ නිරොධො අරියසච්චන්ති භික්ඛවෙ, මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා වණ්ණා, අපරිමාණා ව්යඤ්ජනා, අපරිමාණා සඞ්කාසනා. ඉතිපිදං දුක්ඛනිරොධො අරියසච්චන්ති. ඉදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චන්ති භික්ඛවෙ, මයා පඤ්ඤත්තං. තත්ථ අපරිමාණා වණ්ණා අපරිමාණා ව්යඤ්ජනා අපරිමාණා සඞ්කාසනා. ඉතිපිදං දුක්ඛනිරොධගාමිනී පටිපදා අරියසච්චන්ති. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3861. මහණෙනි, “මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යය” යි මා විසින් පනවන ලදි. එහි අකුරු නො පමණි, ව්‍යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛාර්‍ය්‍යසත්‍යයයි. මහණෙනි, “මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි” මා විසින් පනවන ලදී. එහි අකුරු නො පමණි, ව්‍යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, “මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය” යි මා විසින් පනවන ලදී. එහි අකුරු නො පමණි, ව්‍යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, “මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය” යි මා විසින් පනවන ලදී. එහි අකුරු නො පමණි, ව්‍යඤ්ජන නො පමණි, බෙදුම් නො පමණි, මෙසේත් මේ දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුක්ඛ” යි වීර්‍ය්‍ය කටයුතු ... “මේ දුක්ඛනිරෝධගාමිනීපටිපදා”යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJT12. 2. 10.
Sinhala BJT12. 2. 10.
Pali BJTතථසුත්තං
Sinhala BJTතථ සූත්‍රය
Pali BJT3862. චත්තාරිමානි භික්ඛවෙ, තථානි අවිතථානි අනඤ්ඤථානි. කතමානි චත්තාරි; ඉදං දුක්ඛන්ති භික්ඛවෙ, තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං. අයං දුක්ඛසමුදයොති තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං. අයං දුක්ඛනිරොධොති තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති තථමෙතං අවිතථමෙතං අනඤ්ඤථමෙතං. ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි තථානි අවිතථානි අනඤ්ඤථානි. තස්මාතිහ භික්ඛවෙ, ඉදං දුක්ඛන්ති යොගො කරණීයො, අයං දුක්ඛසමුදයොති යොගො කරණීයො. අයං දුක්ඛනිරොධොති යොගො කරණීයො. අයං දුක්ඛනිරොධගාමිනී පටිපදාති යොගො කරණීයොති.
Sinhala BJT3862. මහණෙනි, මේ සතරෙක් සත්‍ය ය. නො වෙනස් වන සුලු ය, අන්පරිදි නොවන සුලු ය. කවර සතරෙක යත්: මහණෙනි, “මේ දුකැ” යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නොවනසුලු ය, “මේ දුක්හේතු” යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නො වනසුලු ය, “මේ දුක් නැවැත්මැ”යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නොවනසුලු ය. “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි මෙය සත්‍ය ය. මෙය නො වෙනස් වනසුලු ය, මෙය අන්පරිදි නො වනසුලු ය, මහණෙනි, මේ සතර සත්‍ය ය. නො වෙනස් වනසුලු ය, අන්පරිදි නො වනසුලු ය. මහණෙනි, එහෙයින් මෙහි ලා “මේ දුකැ”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක්හේතු ය”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක් නැවැත්මැ”යි වීර්‍ය්‍ය කටයුතු. “මේ දුක් නැවැත්මට පමුණුවන පිළිවෙතැ” යි වීර්‍ය්‍ය කටයුතු යි.
Pali BJTධම්මචක්කප්පවත්තනවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි ධම්මචක්කපවත්තන වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTතථාගතෙන ද්වෙ වුත්තා ඛන්ධා ආයතනානි ච, ධාරණා ච ද්වෙ අවිජ්ජා විජ්ජා සඞ්කාසනා තථාති.
Sinhala BJT(ධම්මචක්කප්පවත්තන තථාගත යි) තථාගතනමින් දෙකෙක් කියන ලදි. ඛන්‍ධ ආයතනනමින් ද දෙකෙකි. ධාරණ සූත්‍ර ද දෙකෙකි. අවිජ්ජා, විජ්ජා, සඞ්කාසන, තථ යී සතරෙකි. මුළුල්ල දශයෙකි යි.
Pali BJT3. කොටිගාමවග්ගො
Sinhala BJT3. කෝටිගාම වර්‍ගය
Pali BJT12. 3. 1.
Sinhala BJT12. 3. 1.
Pali BJTකොටිගාමසුත්තං
Sinhala BJTකෝටිගාම සූත්‍රය