Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 14501-14600 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT11. 6. 1.
Sinhala BJT11. 6. 1.
Pali BJTසගාථකසුත්තං
Sinhala BJTසගාථක සූත්‍රය
Pali BJT3819. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො. කතමෙහි චතූහි: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. “ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො”ති. ඉදමවොච භගවා -පෙ- එතදවොච සත්ථා:
Sinhala BJT3819. මහණෙනි, සිවු දහමෙකින් යුත් අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෘහ. බුද්ධය හ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ සිවු දහමින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක.
Pali BJTයස්ස සද්ධා තථාගතෙ අචලා සුප්පතිට්ඨිතා, සීලඤ්ච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතං.
Sinhala BJTයමකුට තථාගතයන් කෙරෙහි ශ්‍රද්ධාව අචල ව මැනැවින් පිහිටියා ද, යමකුගේ යහපත් වූ ශීලයත් ආර්‍ය්‍යකාන්ත වූයේ පසස්නා ලද්දේ ද,
Pali BJTසඞ්ඝෙ පසාදො යස්සත්ථි උජුභූතඤ්ච දස්සනං, අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං.
Sinhala BJTයමකුට සඞ්ඝයා කෙරෙහි පැහැදීම ඇද්ද, ඥානදර්‍ශනයත් ඍජු වූයේ වේ ද ඔහු නො දිළින්දෙකැ යි (බුද්ධාදි උතුමෝ) කියති. ඔහුගේ ජීවිතය නොසිස් වේ.
Pali BJTතස්මා සද්ධඤ්ච සීලඤ්ච පසාදං ධම්මදස්සනං, අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධානසාසනන්ති.
Sinhala BJTඑහෙයින් ප්‍රාඥ තෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහිකරනුයේ ශ්‍රද්ධාවත් ශීලයත් පැහැදීමත් දහම දැකීමත් අනුයෝගවශයෙන් පිරිසිදු කරන්නේ යි.
Pali BJT11. 6. 2.
Sinhala BJT11. 6. 2.
Pali BJTවස්සංවුත්ථ සුත්තං
Sinhala BJTවස්සංවුත්‍ථ සූත්‍රය
Pali BJT3820. තෙන ඛො පන සමයෙන අඤ්ඤතරො භික්ඛු සාවත්ථියං වස්සං වුත්ථො කපිලවත්ථුං අනුප්පත්තො හොති කෙනචිදෙව කරණීයෙන. අස්සොසුං ඛො කාපිලවත්ථවා සක්කා{1} අඤ්ඤතරො කිර භික්ඛු සාවත්ථියං වස්සං වුත්ථො කපිලවත්ථුං අනුප්පත්තොති. අථ ඛො කාපිලවත්ථවා සක්කා යෙන සො භික්ඛු තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා තං භික්ඛුං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො කාපිලවත්ථවා සක්කා තං භික්ඛුං එතදවොචුං:
Sinhala BJT3820. එසමයෙහි එක්තරා මහණෙක් සැවැත්නුවර වස් එළඹියේ කිසියම් කටයුත්තක් පිණිස කිඹුල්වතට පැමිණියේ වෙයි. කිඹුල්වත්පුරවැසි ශාක්‍යයෝ “සැවැත්නුවර වස් එළැඹි එක්තරා මහණෙක් කිඹුල්වතට පැමිණියේ ය”යි ඇසූහ. ඉක්බිති කිඹුල්වත්පුරවැසි ශාක්‍යයෝ ඒ මහණහු වෙත එළඹියහ. එළඹ ඒ මහණහු වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් කිඹුල්වත්පුරවැසි ශාක්‍යයෝ ඒ මහණහුට මෙය කීහ:
Pali BJTකච්චි භන්තෙ, භගවා අරොගො ච{2} බලවා චාති? භගවා ආවුසො අරොගො ච {3} බලවා චාති. කච්චි පන භන්තෙ, සාරිපුත්තමොග්ගල්ලානා අරොගා ච බලවන්තො චාති? සාරිපුත්තමොග්ගල්ලානාපි ඛො ආවුසො, අරොගා ච බලවන්තො චාති. කච්චි පන භන්තෙ, භික්ඛුසඞ්ඝො අරොගො ච බලවා චාති? භික්ඛුසඞ්ඝොපි ඛො ආවුසො, අරොගො ච බලවා චාති. අත්ථි පන භන්තෙ, කිඤ්චි ඉමිනා අන්තරවස්සෙන භගවතො සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතන්ති? සම්මුඛා මෙතං ආවුසො, භගවතො සුතං සම්මුඛා පටිග්ගහිතං:
Sinhala BJTවහන්ස, “කිම භාග්‍යවතුන් වහන්සේ නීරෝගත් බලවතුත් වනසේක් දැ”යි? ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ නීරෝග ද බලවද්ද වන සේකැ යි. වහන්ස, “කිම සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේ නීරෝගත් බලවතුත් වෙද්දැ”යි? ඇවැත්නි, සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේත් නීරෝග ද බලවද් ද වෙති යි. වහන්ස, “කිම බික් සඟන නීරෝගත් බලවතුත් වේ දැ”යි? ඇවැත්නි, බික්සඟනත් නීරෝග ද බලවද්ද වේ යි. වහන්ස, “මේ ඇතුළුවස භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද ඉදිරියෙහි පිළිගන්නා ලද කිසිවක් ඇද්දැ”යි? ඇවැත්නි මා විසින් මෙය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද, ඉදිරියෙහි පිළිගන්නා ලදී (කිමෙක් ද යත්:)
Pali BJT“අප්පකා තෙ භික්ඛවෙ, භික්ඛූ යෙ ආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති. අථ ඛො එතෙව බහුතරා භික්ඛූ යෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා”ති.
Sinhala BJT“මහණෙනි, යම් මහණ කෙනෙක් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් නම් ඔහු අල්පයහ. වැලි යම් මහණ කෙනෙක් පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූවෝ එහි පිරිනිවෙනසුලු වූවාහු එලොවින් පෙරළා නො එන ස්වභාව ඇත්තෝ වෙත් නම් ඔහු ම ඉතා බොහෝහ”යි.
Pali BJTඅපරම්පි ඛො මෙ ආවුසො භගවතො සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං: “අප්පකා තෙ භික්ඛවෙ, භික්ඛූ යෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා. අථ ඛො එතෙව බහුතරා භික්ඛූ යෙ තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්තී”ති.
Sinhala BJTඇවැත්නි, මා විසින් අනෙකකුදු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද, ඉදිරියෙහි පිළිගන්නා ලදී. (එනම්): මහණෙනි, යම් මහණ කෙනෙක් පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික ව එහි පිරිනිවෙනසුලු වූවාහු එලොවින් පෙරළා නොඑනසුලු වෙත් නම් ඔහු අල්පයහ. වැලි යම් මහණ කෙනෙක් ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගදෝසමෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වූවාහු එක්වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නාහු නම් මොහු ම ඉතා බොහෝහ”යි.
Pali BJTඅපරම්පි ඛො මෙ ආවුසො භගවතො සම්මුඛා සුතං සම්මුඛා පටිග්ගහිතං: අප්පකා තෙ භික්ඛවෙ, භික්ඛූ යෙ තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. අථ ඛො එතෙව බහුතරා භික්ඛූ යෙ තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායනා”ති.
Sinhala BJTඇවැත්නි, මා විසින් අනෙකකුදු භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසන ලද. ඉදිරියෙහි පිළිගන්නා ලදි (කිමෙක යත්): “මහණෙනි, යම් මහණ කෙනෙක් ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගදෝසමෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වූවාහු එක්වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නාහු නම් ඔහු අල්පය හ. වැලි යම් මහණ කෙනෙක් ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූවාහු නම් මොහු ම ඉතා බොහෝහ යි.
Pali BJT11. 6. 3.
Sinhala BJT11. 6. 3.
Pali BJTධම්මදින්නසුත්තං
Sinhala BJTධම්මදින්න සූත්‍රය
Pali BJT3821. එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ. අථ ඛො ධම්මදින්නො උපාසකො පඤ්චහි උපාසකසතෙහි සද්ධිං යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ධම්මදින්නො උපාසකො භගවන්තං එතදවොච: ඔවදතු නො භන්තෙ, භගවා. අනුසාසතු නො භන්තෙ, භගවා යං අම්හාකං අස්ස දීඝරත්තං හිතාය සුඛායාති. තස්මාතිහ වො ධම්මදින්න, එවං සික්ඛිතබ්බං, “යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතා{1}පටිසංයුත්තා තෙ කාලෙන කාලං උපසම්පජ්ජ විහරිස්සාමා”ති. එවං හි වො ධම්මදින්න, සික්ඛිතබ්බන්ති.
Sinhala BJT3821. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බරණැස සමීපයෙහි මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ධම්මදින්න උවසු තෙමේ පන්සියයක් උවසුන් සමග භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ධම්මදින්න උවසු තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, යම්සේ අපට දිගුකලක් මුළුල්ලෙහි හිතසුව පිණිස වන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ අපට එසේ අවවාද කරන සේක්වා. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අපට අනුශාසන කරන සේක්වා”යි. ධම්මදින්න, එසේ නම් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු: තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ගැඹුරු වූ, ගැඹුරු අරුත් ඇති ලොවුතුරු වූ සත් ශුන්‍යතාවන් දක්වන්නා වූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් කලින් කල ඔවුන් පිළිලැබ වෙසෙන්නෙමු”යි මෙසේ තොප විසින් හික්මිය යුතු යි.
Pali BJTන ඛො නෙතං භන්තෙ, සුකරං අම්හෙහි පුත්තසම්බාධසයනං අජ්ඣාවසන්තෙහි කාසිකචන්දනං පච්චනුභොන්තෙහි මාලාගන්ධවිලෙපනං ධාරයන්තෙහි ජාතරූපරජතං සාදියන්තෙහි යෙ තෙ සුත්තන්තා තථාගතභාසිතා ගම්භීරා ගම්භීරත්ථා ලොකුත්තරා සුඤ්ඤතාපටිසංයුත්තා තෙ කාලෙන කාලං උපසම්පජ්ජ විහරිතුං. තෙසං නො භන්තෙ, භගවා අම්හාකං පඤ්චසු සික්ඛාපදෙසු ඨිතානං උත්තරිං ධම්මං දෙසෙතූති. තස්මාතිහ වො ධම්මදින්න, එවං සික්ඛිතබ්බං: බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා භවිස්සාම “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා භවිස්සාම “අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහී”ති. එවං හි වො ධම්මදින්න, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTවහන්ස, දරුවන්ගෙන් පළිබෝධ ඇති යහන්හි වෙසෙන සිනිඳුසඳුන් ගල්වන මල්ගඳ විලෙවුන් දරන රන්රිදී ඉවසන අප විසින් තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ගැඹුරු වූ ගැඹුරු අරුත් ඇති ලොවුතුරු වු ශුන්‍යතාප්‍රතිසංයුක්ත වූ යම් ඒ සූත්‍රාන්තයෝ වෙත් නම් කලින් කල ඔවුන් පිළිලැබ මේ විසුම සුකර නො වේ. වහන්ස, පස් සිකපෙදෙහි සිටි ඒ අපට මතු දහමක් දේශනා කරන සේක්වා යි. ධම්මදින්න, එසේ නම් මෙහි ලා තොප විසින් මෙසේ හික්මියයුතු: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වන්නෙමු. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වන්නෙමු”යි. ධම්මදින්න, මෙසේ තොප විසින් හික්මියයුතු යි.
Pali BJTයානිමානි භන්තෙ, භගවතා චත්තාරි සොතාපත්තියඞ්ගානි දෙසිතානි, සංවිජ්ජන්තෙ තෙ ධම්මා අම්හෙසු, මයඤ්ච භන්තෙ, තෙසු{1} ධම්මෙසු සන්දිස්සාම. මයං හි භන්තෙ, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහීති. ලාභා වො ධම්මදින්න, සුලද්ධං වො ධම්මදින්න, සොතාපත්ති ඵලං ධම්මදින්න, ව්යාකතන්ති.{2}
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සිවු සෝවන් අඟක් වදාරන ලද ද ඒ දහම් අප කෙරෙහි ඇත. වහන්ස, අපිත් ඒ දහම් කෙරෙහි දක්නා ලබමු. වහන්ස, අපි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගතයම්හ. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගතයම්හ”යි. ධම්මදින්න තොපට ලාභයෙකි. ධම්මදින්න, තොපට මනා ලැබුමෙකි. ධම්මදින්න, සෝවන්පල පවසන ලදැ යි.
Pali BJT11. 6. 4.
Sinhala BJT11. 6. 4.
Pali BJTගිලානසුත්තං
Sinhala BJTගිලාන සූත්‍රය
Pali BJT3822. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති: “නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී”ති. අස්සොසි ඛො මහානාමො සක්කො සම්බහුලා කිර භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති: නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී”ති. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච: සුතං මෙතං{3} භන්තෙ, සම්බහුලා කිර භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති “නිට්ඨිතචීවරො භගවා, තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතී”ති. න ඛො නෙතං{4} භන්තෙ, භගවතො සම්මුඛා සුතං, සම්මුඛා පටිග්ගහිතං “සප්පඤ්ඤෙන උපාසකෙන සප්පඤ්ඤො උපාසකො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො ඔවදිතබ්බො”ති.
Sinhala BJT3822. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත් නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි බොහෝ භික්‍ෂූහු “නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස ඇවෑමෙන් චාරිකාවට වඩනා සේකැ”යි භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති. “නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස ඇවෑමෙන් චාරිකාවට වඩනා සේකැ”යි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති”යි මහානාම ශාක්‍යයෝ ඇසූහ. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, නිමවූ සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස ඇවෑමෙන් චාරිකාවට වඩනා සේකැ”යි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙති”යි මෙය මා විසින් අසන ලදි. “වහන්ස, (පැනැති) සෝවන් උවසුහු විසින් හටගත් ආබාධ ඇති දුකට පැමිණි දැඩිසේ ගිලන් වූ පැනැති උවසු තෙමේ අවවාද කටයුත්තේ ය”යි මෙය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි නො ම අසන ලදි. ඉදිරියෙහි නො ම පිළිගන්නා ලදී යි.
Pali BJTසප්පඤ්ඤෙන මහානාම, උපාසකෙන සප්පඤ්ඤො උපාසකො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො චතූහි අස්සාසනීයෙහි ධම්මෙහි අස්සාසෙතබ්බො. අස්සසතායස්මා, අත්ථායස්මතො බුද්ධෙ අවෙච්චප්පසාදො “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. අස්සසතායස්මා, අත්ථායස්මතො ධම්මෙ අවෙච්චප්පසාදො “ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. අස්සසතායස්මා අත්ථායස්මතො සඞ්ඝෙ අවෙච්චප්පසාදො “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. අස්සසතායස්මා අත්ථායස්මතො අරියකන්තානි සීලානි අඛණ්ඩානි -පෙ- සමාධිසංවත්තනිකානීති.
Sinhala BJTමහානාම, පැනැති උවසුහු විසින් හටගත් ආබාධ ඇති දුකට පැමිණි දැඩිසේ ගිලන් වූ පැනැති උවසු තෙමේ අස්වැසිලි කර සිවු දහමෙකින් අස්වැසියයුතු. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදය ආයුෂ්මත්හට ඇත. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි, ධර්‍මය කෙරෙහි අචලප්‍රසාදය ආයුෂ්මත්හට ඇත. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාහට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ය”යි, සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදය ආයුෂ්මත්හට ඇත. ආයුෂ්මත් තෙමේ අස්වැසේවා. අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තසිල් ආයුෂ්මත්හට ඇත.
Pali BJTසප්පඤ්ඤෙන මහානාම, උපාසකෙන සප්පඤ්ඤො උපාසකො ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. ඉමෙහි චතූහි අස්සාසනීයෙහි{1} ධම්මෙහි අස්සාසෙත්වා එවමස්ස වචනීයො. “අත්ථායස්මතො මාතාපිතූසු අපෙඛා”ති. සො චෙ එවං වදෙය්ය: “අත්ථි මෙ මාතාපිතූසු අපෙඛාති. සො එවමස්ස වචනීයො. ආයස්මා{2} ඛො මාරිසො මරණධම්මො. සචෙපායස්මා මාතාපිතූසු අපෙඛං කරිස්සති මරිස්සතෙව. නො චෙපායස්මා මාතාපිතූසු අපෙඛං කරිස්සති මරිස්සතෙව. සවායස්මතො මාතාපිතුසු අපෙඛා{3} තං පජහා”ති. සො චෙ එවං වදෙය්ය: “යා මෙ මාතාපිතූසු අපෙඛා සා පහීනා”ති, සො එවමස්ස වචනීයො: “අත්ථි පනායස්මතො පුත්තදාරෙසු අපෙඛා”ති? සො චෙ එවං වදෙය්ය: “අත්ථි මෙ පුත්තදාරෙසු අපෙඛා”ති. සො එවමස්ස වචනීයො: “ආයස්මා ඛො මාරිසො මරණධම්මො. සචෙ පායස්මා පුත්තදාරෙසු අපෙඛං කරිස්සති මරිස්සතෙව, නො චෙපායස්මා පුත්තදාරෙසු අපෙඛං කරිස්සති මරිස්සතෙව. සචායස්මතො පුත්තදාරෙසු අපෙඛා තං පජහා”ති.
Sinhala BJTමහානාම පැනැති උවසුහු විසින් හටගත් ආබාධ ඇති දුකට පැමිණි දැඩිසේ ගිලන් වූ පැනැති උවසු තෙමේ අස්වැසිලි කර මේ සිවු දහමින් අස්වසා “ආයුෂ්මත්හට මවුපියන් කෙරෙහි අපේක්‍ෂාවක් ඇද්දැ”යි මෙසේ කිවයුතු වන්නේ ය. ඉදින් හෙතෙමේ “මට මවුපියන් කෙරෙහි අපේක්‍ෂා ඇතැ”යි මෙසේ කියන්නේ නම් හේ මෙසේ කියයුතු වන්නේ ය. “ආයුෂ්මත් තෙමේ මරණය පිළිබඳ ය. මැරෙණ ස්වභාව ඇත්තේ ය. ඉදින් ආයුෂ්මත් තෙමේ මවුපියන් කෙරෙහි අපේක්‍ෂාව කරන්නේ නමුදු මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත් තෙමේ මවුපියන් කෙරෙහි අපේක්‍ෂාව නො කරන්නේ නමුදු මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත්හට මවුපියන් කෙරෙහි අපේක්‍ෂා ඇත්නම් එය හරුව”යි. හෙ ඉදින් “මවුපියන් කෙරෙහි මට යම් අපේක්‍ෂාවක් වූ නම් එය ප්‍රහීණ ය”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ආයුෂ්මත්හට අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂාව ඇද්දැ”යි මෙසේ කියයුතු වන්නේ ය. ඉදින් හෙතෙමේ “මට අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂා ඇතැ”යි මෙසේ කියන්නේ නම් හෙ මෙසේ කියයුතු වන්නේ ය. “ආයුෂ්මත් තෙමේ මරණය පිළිබඳ ය. මැරෙණ ස්වභාව ඇත්තේ ය. ඉදින් ආයුෂ්මත් තෙමේ අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂා කරන්නේ ද, මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත් තෙමේ අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂාව නො කරන්නේ ද, මැරෙන්නේ ම ය. ඉදින් ආයුෂ්මත්හට අඹුදරුවන් කෙරෙහි අපේක්‍ෂා ඇත් නම් එය හරුව”යි.
Pali BJTසො චෙ එවං වදෙය්ය: “යා මෙ පුත්තදාරෙසු අපෙඛා සා පහීනා”ති, සො එවමස්ස වචනීයො: “අත්ථි පනායස්මතො මානුසකෙසු පඤ්චසු කාමගුණෙසු අපෙඛා”ති? සො චෙ එවං වදෙය්ය: “අත්ථි මෙ මානුසකෙසු පඤ්චසු කාමගුණෙසු අපෙඛා”ති, සො එවමස්ස වචනීයො: “මානුසකෙහි{4} ඛො ආවුසො, කාමෙහි{5} දිබ්බා කාමා අභික්කන්තතරා ච පණීතතරා ච. සාධායස්මා මානුසකෙහි කාමෙහි චිත්තං වුට්ඨාපෙත්වා චාතුම්මහාරාජිකෙසු දෙවෙසු චිත්තං අධිමොචෙහී”ති.
Sinhala BJTඉදින් හෙතෙමේ “මට අඹුදරුවන් කෙරෙහි යම් අපේක්‍ෂාවක් වූ නම් එය ප්‍රහීණ ය”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ආයුෂ්මත්හට මිනිසුන් පිළිබඳ පස්කම්ගුණෙහි අපේක්‍ෂාවක් ඇද්දැ”යි මෙසේ කියයුතු වන්නේ ය. ඉදින් හෙතෙමේ “මට මිනිසුන් පිළිබඳ පස්කම්ගුණෙහි අපේක්‍ෂාවක් ඇතැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ මෙසේ කියයුතු වන්නේ ය: “ඇවැත්නි, මිනිසුන් පිළිබඳ කාමයන්ට වඩා දෙවියන් පිළිබඳ කාමයෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ මිනිසුන් පිළිබඳ කාමයන්ගෙන් සිත නඟා සිවුමහරජයෙහි දෙවියන් කෙරෙහි සිත තබව”යි.
Pali BJTසො චෙ එවං වදෙය්ය: “මානුසකෙහි මෙ කාමෙහි චිත්තං වුට්ඨිතං, චාතුම්මහාරාජිකෙසු දෙවෙසු චිත්තං අධිමොචිතන්ති”. සො එවමස්ස වචනීයො: “චාතුම්මහාරාජිකෙහි ඛො ආවුසො දෙවෙහි තාවතිංසා දෙවා අභික්කන්තතරා ච පණීතතරා ච. සාධායස්මා චාතුම්මහාරාජිකෙහි දෙවෙහි චිත්තං වුට්ඨාපෙත්වා තාවතිංසෙසු දෙවෙසු චිත්තං අධිමොචෙහී”ති.
Sinhala BJTඉදින් හෙතෙමේ “මිනිසුන් පිළිබඳ කාමයන්ගෙන් මාගේ සිත නැඟිණි. සිවුමහරජයෙහි දෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, සිවුමහරජයෙහි දෙවියන්ට වඩා තවුතිසාවැසි දෙවියෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ සිවුමහරජයෙහි දෙවියන්ගෙන් සිත නඟා තවුතිසාවැසි දෙවියන් කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
Pali BJTසො චෙ එවං වදෙය්ය: “චාතුම්මහාරාජිකෙහි මෙ දෙවෙහි චිත්තං වුට්ඨිතං, තාවතිංසෙසු දෙවෙසු චිත්තං අධිමොචිතන්ති”. සො එවමස්ස වචනීයො: “තාවතිංසෙහි ඛො ආවුසො, දෙවෙහි යාමා දෙවා අභික්කන්තරා ච පණීතතරා ච. සාධායස්මා තාවතිංසෙහි දෙවෙහි චිත්තං වුට්ඨාපෙත්වා යාමෙසු දෙවෙසු චිත්තං අධිමොචෙහී”ති.
Sinhala BJTඉදින් හෙතෙමේ “සිවුමහරජයෙහි දෙවියන්ගෙන් මාගේ සිත නැඟිණි. තවුතිසාවැසි දෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, තවුතිසාවැසි දෙවියන්ට වඩා යාමදෙවියෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ තවුතිසාවැසි දෙවියන්ගෙන් සිත නඟා යාමදෙවියන් කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
Pali BJTසො චෙ එවං වදෙය්ය: “තාවතිංසෙහි ඛො දෙවෙහි මෙ චිත්තං වුට්ඨිතං, යාමෙසු දෙවෙසු චිත්තං අධිමොචිතන්ති”. සො එවමස්ස වචනීයො: “යාමෙහි ඛො ආවුසො, දෙවෙහි තුසිතා දෙවා අභික්කන්තරා ච පණීතතරා ච. සාධායස්මා යාමෙහි දෙවෙහි චිත්තං වුට්ඨාපෙත්වා තුසිතෙසු දෙවෙසු චිත්තං අධිමොචෙහී”ති.
Sinhala BJTඉදින් හෙතෙමේ තවුතිසාවැසි දෙවියන්ගෙන් මාගේ සිත නැඟිණි. යාමදෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, යාමදෙවියන්ට වඩා තුසිතදෙවියෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ යාමදෙවියන් ගෙන් සිත නඟා තුසිතදෙවියන් කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
Pali BJTසො චෙ එවං වදෙය්ය: “යාමෙහි දෙවෙහි මෙ චිත්තං වුට්ඨිතං, තුසිතෙසු දෙවෙසු චිත්තං අධිමොචිතන්ති”. සො එවමස්ස වචනීයො: “තුසිතෙහි ඛො ආවුසො, දෙවෙහි නිම්මාණරතී දෙවා අභික්කන්තරා ච පණීතතරා ච. සාධායස්මා තුසිතෙහි දෙවෙහි චිත්තං වුට්ඨාපෙත්වා නිම්මාණරතීසු දෙවෙසු චිත්තං අධිමොචෙහී”ති.
Sinhala BJTඉදින් හෙතෙමේ “යාමදෙවියන් ගෙන් මාගේ සිත නැඟිණි. තුසිතදෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, තුසිතදෙවියන්ට වඩා නිම්මාණරතී දෙවියෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ තුසිතදෙවියන් ගෙන් සිත නඟා නිම්මාණරතී දෙවියන් කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
Pali BJTසො චෙ එවං වදෙය්ය: “තුසිතෙහි දෙවෙහි මෙ චිත්තං වුට්ඨිතං, නිම්මාණරතීසු දෙවෙසු චිත්තං අධිමොචිතන්ති”. සො එවමස්ස වචනීයො: “නිම්මාණරතීහි ඛො ආවුසො, දෙවෙහි පරනිම්මිතවසවත්තී දෙවා අභික්කන්තරා ච පණීතතරා ච. සාධායස්මා නිම්මාණරතීහි දෙවෙහි චිත්තං වුට්ඨාපෙත්වා පරනිම්මිතවසවත්තීසු දෙවෙසු චිත්තං අධිමොචෙහී”ති.
Sinhala BJTඉදින් හෙතෙමේ “තුසිතදෙවියන් ගෙන් මාගේ සිත නැඟිණි. නිම්මාණරතී දෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, නිම්මාණරතීදෙවියන්ට වඩා පරනිර්මිත වසවර්තිදෙවියෝ ඉතා සිත්කලු ද ඉතා පිණී ද වෙති. ආයුෂ්මත් තෙමේ නිර්‍මාණරතීදෙවියන් ගෙන් සිත නඟා පරනිර්මිතවසවර්තිදෙවියන් කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
Pali BJTසො චෙ එවං වදෙය්ය: “නිම්මාණරතීහි මෙ දෙවෙහි චිත්තං වුට්ඨිතං, පරනිම්මිතවසවත්තීසු දෙවෙසු චිත්තං අධිමොචිතන්ති”. සො එවමස්ස වචනීයො: “පරනිම්මිතවසවත්තීහි ඛො ආවුසො, දෙවෙහි බ්රහ්මලොකො අභික්කන්තරො ච පණීතතරො ච. සාධායස්මා පරනිම්මිතවසවත්තීහි දෙවෙහි චිත්තං වුට්ඨාපෙත්වා බ්රහ්මලොකෙ චිත්තං අධිමොචෙහී”ති.
Sinhala BJTඉදින් හෙතෙමේ “නිර්‍මාණරතී දෙවියන්ගෙන් මාගේ සිත නැඟිණි. පරනිර්මිතවසවර්තිදෙවියන් කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, පරනිර්මිතවසවර්තී දෙවියන්ට වඩා බඹලොව ඉතා සිත්කලු ද ඉතා පිණී ද වේ. ආයුෂ්මත් තෙමේ පරනිර්මිතවසවර්තිදෙවියන්ගෙන් සිත නඟා බඹලොව කෙරෙහි සිත තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
Pali BJTසො චෙ එවං වදෙය්ය: පරනිම්මිතවසවත්තීහි ඛො දෙවෙහි චිත්තං වුට්ඨිතං, බ්රහ්මලොකෙ චිත්තං අධිමොචිතන්ති”, සො එවමස්ස වචනීයො: “බ්රහ්මලොකො’පි ඛො ආවුසො, අනිච්චො අද්ධුවො සක්කායපරියාපන්නො. සාධායස්මා බ්රහ්මලොකා චිත්තං වුට්ඨාපෙත්වා සක්කායනිරොධෙ චිත්තං උපසංහරා”ති.{1}
Sinhala BJTඉදින් හෙතෙමේ “පරනිර්මිතවශවර්තීදෙවියන්ගෙන් මාගේ සිත නැඟිණි. බඹලොව කෙරෙහි සිත තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් හෙතෙමේ “ඇවැත්නි, බඹලොව ද අනිස ය. නො තිර ය. සත්කායයට ඇතුළත් ය. ආයුෂ්මත් තෙමේ බඹලොවින් සිත නඟා සත්කායනිරෝධය කෙරෙහි සිත එළවා තබව”යි මෙසේ කියයුතු වන්නේ ය.
Pali BJTසො චෙ එවං වදෙය්ය: “බ්රහ්මලොකා මෙ චිත්තං වුට්ඨිතං, සක්කායනිරොධෙ චිත්තං උපසංහතන්ති”{2} එවං විමුත්තචිත්තස්ස ඛො මහානාම උපාසකස්ස වස්සසතවිමුත්තචිත්තෙන{3} භික්ඛුනා න කිඤ්චි නානාකරණං වදාමි යදිදං විමුත්තියා විමුත්තින්ති.{4}
Sinhala BJTඉදින් හෙතෙමේ “බඹලොවින් මාගේ සිත නැඟිණි. සත්කායනිරෝධයෙහි සිත එළවා තබන ලදැ”යි මෙසේ කියන්නේ නම් “මහානාම, මෙසේ මිදුණු සිත් ඇති උවසුහුගේ සියවසක් මුළුල්ලෙහි මිදුණු සිත් ඇති මහණහු සමග විමුක්තිය ඇරබ විමුක්තියෙහි කිසි වෙනසක් නො කියමි”යි.
Pali BJT11. 6. 5.
Sinhala BJT11. 6. 5.
Pali BJTඵලසුත්තං
Sinhala BJTඵල සූත්‍රය
Pali BJT3823. චත්තාරො මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා සොතාපත්ති ඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො, සද්ධම්මසවනං, යොනිසොමනසිකාරො, ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සොතාපත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්තීති.
Sinhala BJT3823. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සොවන්පල පසක් කිරීම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු සොවන්පල පසක් කිරීම පිණිස පවතිත් යි.
Pali BJT11. 6. 6.
Sinhala BJT11. 6. 6.
Pali BJTදුතිය ඵලසුත්තං
Sinhala BJTදුතියඵල සූත්‍රය
Pali BJT3824. චත්තාරො මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා සකදාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො සද්ධම්මසවනං යොනිසොමනසිකාරො ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සකදාගාමීඵලසච්ඡිකිරියාය සංවත්තන්තීති.
Sinhala BJT3824. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සෙදගැමිපල පසක් කිරීම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු සෙදගැමිපල පසක් කිරීම පිණිස පවතිත් යි.
Pali BJT11. 6. 7.
Sinhala BJT11. 6. 7.
Pali BJTතතිය ඵලසුත්තං
Sinhala BJTතතියඵල සූත්‍රය
Pali BJT3825. චත්තාරො මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා අනාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො සද්ධම්මසවනං යොනිසොමනසිකාරො ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා අනාගාමිඵලසච්ඡිකිරියාය සංවත්තන්තීති.
Sinhala BJT3825. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු අනගැමිපල පසක් කිරීම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු අනගැමිපල පසක් කිරීම පිණිස පවතිත් යි.
Pali BJT11. 6. 8.
Sinhala BJT11. 6. 8.
Pali BJTචතුත්ථ ඵලසුත්තං
Sinhala BJTචතුත්‍ථඵල සූත්‍රය
Pali BJT3826. චත්තාරො මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා අරහත්තඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො සද්ධම්මසවනං යොනිසොමනසිකාරො ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා අරහත්තංඵලසච්ඡිකිරියාය සංවත්තන්තීති.
Sinhala BJT3826. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු රහත්පල පසක් කිරීම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු රහත්පල පසක් කිරීම පිණිස පවතිත් යි.
Pali BJT11. 6. 9.
Sinhala BJT11. 6. 9.
Pali BJTපටිලාභසුත්තං
Sinhala BJTපටිලාභ සූත්‍රය
Pali BJT3827. චත්තාරො මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා පඤ්ඤාපටිලාභාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො සද්ධම්මසවනං යොනිසොමනසිකාරො ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා පඤ්ඤාපටිලාභාය සංවත්තන්තී.
Sinhala BJT3827. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු නුවණ පිළිලැබුම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු නුවණ පිළිලැබුම පිණිස පවතිත් යි.
Pali BJT11. 6. 10.
Sinhala BJT11. 6. 10.
Pali BJTවුඩ්ඪිසුත්තං
Sinhala BJTවුඩ්ඪි සූත්‍රය
Pali BJT3828. චත්තාරො මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා පඤ්ඤාවුඩ්ඪියා සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො සද්ධම්මසවනං යොනිසොමනසිකාරො ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා පඤ්ඤාවුඩ්ඪියා සංවත්තන්තීති.
Sinhala BJT3828. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු නුවණ වැඩුම පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු නුවණ වැඩුම පිණිස පවතිත් යි.
Pali BJT11. 6. 11.
Sinhala BJT11. 6. 11.
Pali BJTවෙපුල්ලසුත්තං
Sinhala BJTවේපුල්ල සූත්‍රය
Pali BJT3829. චත්තාරො මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා පඤ්ඤාවෙපුල්ලාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො සද්ධම්මසවනං යොනිසොමනසිකාරො ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා පඤ්ඤාවෙපුල්ලාය සංවත්තන්තීති.
Sinhala BJT3829. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු නුවණ විපුලබව පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු නුවණ විපුලබව පිණිස පවතිත් යි.
Pali BJTසප්පඤ්ඤවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවැනි සප්පඤ්ඤවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමමාලාව :
Pali BJTසගාථකං වස්සවුත්ථං ධම්මදින්නං ගිලානකං, චතුප්ඵලා පටිලාභො වුඩ්ඪී වෙපුල්ලනාමිකොති.
Sinhala BJTසගාථක, වස්සංවුත්‍ථ, ධම්මදින්න, ගිලානක යි සතරෙකි. පලසුතුරු ද සතරෙකි. පටිලාභ, වුඩ්ඪී, වේපුල්ල නම් තුනෙකැ යි මුළුල්ල එකොළොසෙකි.
Pali BJT7. මහාපඤ්ඤවග්ගො
Sinhala BJT7. මහාපඤ්ඤ වර්‍ගය
Pali BJT11. 7. 1.
Sinhala BJT11. 7. 1.
Pali BJTමහාපඤ්ඤසුත්තං
Sinhala BJTමහාපඤ්ඤ සූත්‍රය
Pali BJT3830. චත්තාරො’මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා මහාපඤ්ඤතාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො, සද්ධම්මසවනං, යොනිසොමනසිකාරො, ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා මහාපඤ්ඤතාය සංවත්තන්තීති.
Sinhala BJT3830. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මහපැනැති බව පිණිස පවතිත්. කවර සිවු දහම් කෙනෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනස්කාර, ධර්‍මානුධර්‍ම ප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මහපැනැති බව පිණිස පවතිත් යි.
Pali BJT11. 7. 2.
Sinhala BJT11. 7. 2.
Pali BJTපුථුපඤ්ඤසුත්තං
Sinhala BJTපුථුපඤ්ඤ සූත්‍රය
Pali BJT3831. චත්තාරො’මෙ භික්ඛවෙ, ධම්මා -පෙ- පුථුපඤ්ඤතාය සංවත්තන්තීති.
Sinhala BJT3831. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... ලොවුතුරු පැනැති බව පිණිස පවතිත් යි.
Pali BJT11. 7. 3.
Sinhala BJT11. 7. 3.
Pali BJTවිපුලපඤ්ඤසුත්තං
Sinhala BJTවිපුලපඤ්ඤ සූත්‍රය
Pali BJT3832. චත්තාරො’මෙ භික්ඛවෙ, ධම්මා -පෙ- විපුලපඤ්ඤතාය සංවත්තන්තීති.
Sinhala BJT3832. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... විපුලපැනැති බව පිණිස පවතිත් යි.
Pali BJT11. 7. 4.
Sinhala BJT11. 7. 4.
Pali BJTගම්භීරපඤ්ඤසුත්තං
Sinhala BJTගම්භීරපඤ්ඤ සූත්‍රය
Pali BJT3833. චත්තාරො’මෙ භික්ඛවෙ, ධම්මා -පෙ- ගම්භීරපඤ්ඤතාය සංවත්තන්තීති.
Sinhala BJT3833. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... ගැඹුරුපැනැති බව පිණිස පවතිත් යි.
Pali BJT11. 7. 5.
Sinhala BJT11. 7. 5.
Pali BJTඅසාමන්තපඤ්ඤසුත්තං
Sinhala BJTඅසාමන්තපඤ්ඤ සූත්‍රය
Pali BJT3834. චත්තාරො’මෙ භික්ඛවෙ, ධම්මා -පෙ- අසාමන්ත{1}පඤ්ඤතාය සංවත්තන්තීති.
Sinhala BJT3834. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... අසාමන්ත (නො සමීප) පැනැති බව පිණිස පවතිත් යි.
Pali BJT11. 7. 6.
Sinhala BJT11. 7. 6.
Pali BJTභූරිපඤ්ඤසුත්තං
Sinhala BJTභූරිපඤ්ඤ සූත්‍රය
Pali BJT3835. චත්තාරො’මෙ භික්ඛවෙ, ධම්මා -පෙ- භූරිපඤ්ඤතාය සංවත්තන්තීති.
Sinhala BJT3835. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... බොහෝ පැනැති බව පිණිස පවතිත් යි.
Pali BJT11. 7. 7.
Sinhala BJT11. 7. 7.
Pali BJTපඤ්ඤාබාහුල්ලසුත්තං
Sinhala BJTපඤ්ඤාබාහුල්ල සූත්‍රය
Pali BJT3836. චත්තාරො’මෙ භික්ඛවෙ, ධම්මා -පෙ- පඤ්ඤාබාහුල්ලාය සංවත්තන්තීති.
Sinhala BJT3836. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... පැන බහුලබව පිණිස පවතිත් යි.
Pali BJT11. 7. 8.
Sinhala BJT11. 7. 8.
Pali BJTසීඝපඤ්ඤසුත්තං
Sinhala BJTසීඝපඤ්ඤ සූත්‍රය
Pali BJT3837. චත්තාරො’මෙ භික්ඛවෙ, ධම්මා -පෙ- සීඝපඤ්ඤතාය සංවත්තන්තීති.
Sinhala BJT3837. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... වහා වැටැහෙන පැනැති බව පිණිස පවතිත් යි.
Pali BJT11. 7. 9.
Sinhala BJT11. 7. 9.
Pali BJTලහුපඤ්ඤසුත්තං
Sinhala BJTලහුපඤ්ඤ සූත්‍රය
Pali BJT3838. චත්තාරො’මෙ භික්ඛවෙ, ධම්මා -පෙ- ලහුපඤ්ඤතාය සංවත්තන්තීති.
Sinhala BJT3838. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... යුහුපැනැතිබව පිණිස පවතිත් යි.
Pali BJT11. 7. 10.
Sinhala BJT11. 7. 10.
Pali BJTහාසුපඤ්ඤසුත්තං
Sinhala BJTහාසුපඤ්ඤ සූත්‍රය
Pali BJT3839. චත්තාරො’මෙ භික්ඛවෙ, ධම්මා -පෙ- හාසු{1}පඤ්ඤතාය සංවත්තන්තීති.
Sinhala BJT3839. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... හාසබහුල පැනැති බව පිණිස පවතිත් යි.
Pali BJT11. 7. 11.
Sinhala BJT11. 7. 11.
Pali BJTජවනපඤ්ඤසුත්තං
Sinhala BJTජවනපඤ්ඤ සූත්‍රය
Pali BJT3840. චත්තාරො’මෙ භික්ඛවෙ, ධම්මා -පෙ- ජවනපඤ්ඤතාය සංවත්තන්තීති.
Sinhala BJT3840. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... දිවෙන පැනැති බව පිණිස පවතිත් යි.
Pali BJT11. 7. 12.
Sinhala BJT11. 7. 12.
Pali BJTතික්ඛපඤ්ඤසුත්තං
Sinhala BJTතික්ඛපඤ්ඤ සූත්‍රය
Pali BJT3841. චත්තාරො’මෙ භික්ඛවෙ, ධම්මා -පෙ- තික්ඛපඤ්ඤතාය සංවත්තන්තීති.
Sinhala BJT3841. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් ... තියුණු පැනැති බව පිණිස පවතිත් යි.
Pali BJT11. 7. 13.
Sinhala BJT11. 7. 13.
Pali BJTනිබ්බෙධිකපඤ්ඤසුත්තං
Sinhala BJTනිබ්බේධිකපඤ්ඤ සූත්‍රය
Pali BJT3842. චත්තාරො’මෙ භික්ඛවෙ, ධම්මා භාවිතා බහුලීකතා නිබ්බෙධිකපඤ්ඤතාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: සප්පුරිසසංසෙවො, සද්ධම්මසවනං, යොනිසොමනසිකාරො, ධම්මානුධම්මපටිපත්ති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා නිබ්බෙධිකපඤ්ඤතාය සංවත්තන්තීති.
Sinhala BJT3842. මහණෙනි, මේ සිවු දහම් කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිබ්බේධික පඤ්ඤ (කෙලෙස් පළන පැනැති බව) පිණිස පවතිත්. කවර සිවු දහමෙක යත්: “සත්පුරුෂසේවන, සද්ධර්‍මශ්‍රවණ, යෝනිසෝමනසිකාර, ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති”යි. මහණෙනි, මේ සිවු දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිර්වේධික පැනැති බව පිණිස පවතිත් යි.
Pali BJTමහාපඤ්ඤවග්ගො සත්තමො.
Sinhala BJTසත්වැනි මහාපඤ්ඤ වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය :
Pali BJTමහාපුථුවිපුලගම්භීරං අප්පමත්තභූරිබාහුලං, සීඝලහුහාසුජවන තික්ඛනිබ්බෙධිකායචාති.
Sinhala BJTමහාපඤ්ඤ, පුථුපඤ්ඤ, විපුලපඤ්ඤ, ගම්භීරපඤ්ඤ, අසාමන්තපඤ්ඤ, භූරිපඤ්ඤ, පඤ්ඤාබාහුල්ල, සීඝපඤ්ඤ, ලහුපඤ්ඤ, හාසුපඤ්ඤ, ජවනපඤ්ඤ, තික්ඛපඤ්ඤ, නිබ්බේධිකපඤ්ඤ යි තෙළෙස් සුතුරු කෙනෙකි.
Pali BJTසොතාපත්තිසංයුත්තං සමත්තං.
Sinhala BJTසෝතාපත්ති සංයුත්තය නිමියේ යි.