Pali BJT3797. අථ ඛො සම්බහුලා භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමිංසු. -පෙ- එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛු භගවා එතදවොච: යතො ඛො භික්ඛවෙ, අරියසාවකස්ස ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති, ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අයමස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො. සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායාදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති.
Sinhala BJT3797. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහණෙනි, යම් කලෙක අරීසවුහුගේ මේ පස්බිය වෙර සන්හුන්නාහු වෙද් ද, මේ සිවුසෝවන් අඟින් යුතු වූයේ වේ ද, මේ අරීනය ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිඳුනා ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වනුයේ “ක්‍ෂය වූ නිරය ඇතියෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇතියෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇතියෙම් ක්‍ෂය වූ අපායදුර්‍ගතිවිනිපාත ඇතියෙම් වෙමි. මම විවස ව නො හෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි” යි තෙමේ ම තමා පවසන්නේ යි.
Pali BJT11. 3. 10.
Sinhala BJT11. 3. 10.
Pali BJTනන්දකසුත්තං
Sinhala BJTනන්‍දක සූත්‍රය
Pali BJT3798. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො නන්දකො ලිච්ඡවිමහාමත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො නන්දකං ලිච්ඡවිමහාමත්තං භගවා එතදවොච: චතූහි ඛො නන්දක, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. කතමෙහි චතූහි: ඉධ නන්දක, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො නන්දක, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො.
Sinhala BJT3798. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහවෙනෙහි කුළුගේහල්හි වැඩ වසනසේක. එකල්හි නන්‍දක නම් ලිච්ඡවි මහාමාත්‍රයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් නන්‍දක නම් ලිච්ඡවි මහාමාත්‍රයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. නන්‍දක, සිවු දහමෙකින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: නන්‍දක, මෙහි අරීසවු තෙමේ “භාග්‍යවතුන් වහන්සේ මෙකරැණෙනුදු ... දෙවි මිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. නන්‍දක, මේ සිවුදහමින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ.
Pali BJTඉමෙහි ච පන නන්දක, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො ආයුනා සංයුත්තො හොති දිබ්බෙනපි මානුසෙනපි. වණ්ණෙන -පෙ- සුඛෙන -පෙ- යසෙන -පෙ- ආධිපතෙය්යෙන සංයුත්තො හොති දිබ්බෙනපි මානුසෙනපි. තං ඛො පනාහං නන්දක, නාඤ්ඤස්ස සමණස්ස වා බ්රාහ්මණස්ස වා සුත්වා වදාමි. අපි ච යදෙව මයා සාමං ඤාතං සාමං දිට්ඨං සාමං විදිතං, තදෙවාහං වදාමීති. එවං වුත්තෙ අඤ්ඤතරො පුරිසො නන්දකං ලිච්ඡවිමහාමත්තං එතදවොච: “නහානකාලො{1} භන්තෙ”ති. “අලන්දානි භණෙ, එතෙන බාහිරෙන නහානෙන. අලමිදං අජ්ඣත්තං නහානං. භවිස්සති යදිදං භගවතිප්පසාදො”ති.
Sinhala BJTනන්‍දක, මේ සිවු දහමින් යුතු අරීසවු තෙමේ දෙව්මුවා වූත් මිනිස්මුවා වූත් ආයුෂයෙන් යුතු වූයේ වෙයි. වර්‍ණයෙන් ... සුවයෙන් ... යසසින් ... දෙව්මුවා වූත් මිනිස්මුවා වූත් අධිපති බැවින් යුතු වූයේ වෙයි. නන්‍දක, මම එය අන් මහණකුගෙන් හෝ බමුණකුගෙන් හෝ අසා නො කියමි. වැලිදු යමක් මවිසින් තමා ම දන්නා ලද්දේ තමා ම දක්නා ලද්දේ තමා ම අවබෝධ කරන ලද්දේ නම් එය ම මම කියමි යි. මෙසේ වදාළ කල්හි එක්තරා පුරුෂයෙක් නන්‍දක නම් ලිච්ඡවි මහාමාත්‍රයන්ට හිමියනි, “නහන කලැ”යි මෙය කී ය. “කොල, දැන් මේ බාහිර නෑමෙන් කම් නැත. භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි යම් ඒ පැහැදීමෙක් වේ නම් මේ ඇතුළත නෑම පමණ වන්නේ” යි.
Pali BJTසරකානිවග්ගො තතියො.
Sinhala BJTතෙවෙනි සරකානිවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTමහානාමා තයො වුත්තා සරකානෙනපරෙ දුවෙ, තයො ‘නාථපිණ්ඩිකෙන භික්ඛු ච නන්දෙකා දසාති.
Sinhala BJTමහානාම නමින් තුනෙක් ද, සරකානි නමින් අනෙක් දෙකෙක් ද, අනාථපිණ්ඩික නමින් තුනෙක් ද, භික්ඛු නන්‍දක යී දෙකෙක් දැ යි දශසූත්‍ර කෙනෙක් කියන ලදහ.
Pali BJT4. පුඤ්ඤාභිසන්දවග්ගො
Sinhala BJT4. පුඤ්ඤාභිසන්‍ද වර්‍ගය
Pali BJT11. 4. 1.
Sinhala BJT11. 4. 1.
Pali BJTඅභිසන්දසුත්තං
Sinhala BJTඅභිසන්‍ද සූත්‍රය
Pali BJT3799. සාවත්ථියං:
Sinhala BJT3799. සැවැත්නුවර:
Pali BJTචත්තාරො’මෙ භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. අයං පඨමො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. පුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. අයං දුතියො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. පුන චපරං භික්ඛවෙ, අරියසාවකො සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. අයං තතියො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. පුන චපරං භික්ඛවෙ, අරියසාවකො “අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි”. අයං චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරාති.
Sinhala BJTමහණෙනි, සැපයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යනදීහු කුශලනදීහු සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ පළමුවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ “ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාත ය ... විඥයන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි ධර්‍මය කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ දෙවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝයා සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ තෙවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ “අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි.” මේ සැපයට ප්‍රත්‍යය වූ සිවුවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, මේ සතර සැපයට ප්‍රත්‍යය වූ පුණ්‍යනදීහු කුශලනදීහු යි.
Pali BJT11. 4. 2.
Sinhala BJT11. 4. 2.
Pali BJTදුතියාභිසන්දසුත්තං
Sinhala BJTදුතියාභිසන්‍ද සූත්‍රය
Pali BJT3800. චත්තාරොමෙ භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. අයං පඨමො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. පුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- පුන චපරං භික්ඛවෙ, අරියසාවකො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. අයං චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරාති.
Sinhala BJT3800. මහණෙනි, සැපයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යනදීහු කුශලනදීහු සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ පළමුවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ මුදන ලද ත්‍යාග ඇත්තේ (ත්‍යාගශීලී වූයේ) (ආවවුන්ට දීම පිණිස) දෝනා ලද අත් ඇත්තේ ත්‍යාගයෙහි ඇලුණේ යදිනු ලැබීමට සුදුසු වූයේ දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුණේ පහ ව ගිය මසුරුමල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසේ. මේ සැපයට ප්‍රත්‍යය වූ සිවුවන පුණ්‍යනදී ය, කුශලනදී ය. මහණෙනි, මේ සතර සැපයට ප්‍රත්‍යය වූ පුණ්‍යනදීහු කුශලනදීහු යි.
Pali BJT11. 4. 3.
Sinhala BJT11. 4. 3.
Pali BJTතතියාභිසන්දසුත්තං
Sinhala BJTතතියාභිසන්‍ද සූත්‍රය
Pali BJT3801. චත්තාරො’මෙ භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. අයං පඨමො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. පුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- පුන චපරං භික්ඛවෙ, අරියසාවකො පඤ්ඤවා හොති, උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. අයං චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරාති.
Sinhala BJT3801. මහණෙනි, සැපයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යගඞ්ගා කුශලගඞ්ගා සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ පළමුවන පින්ගඟ ය, කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ නුවණැත්තේ වෙයි. උදයව්‍යය පිරිසිඳ දැනීමට සමත් වූ ආර්‍ය්‍ය වූ නිර්වේදයට හිත වූ මැනවින් දුක් ගෙවීමට පමුණුවන ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. මේ සැපයට ප්‍රත්‍යය වූ සිවුවන පින්ගඟ ය, කුසල්ගඟ ය. මහණෙනි, මේ සතර සැපයට ප්‍රත්‍යය වූ පුණ්‍යගඞ්ගාවෝ කුශලගඞ්ගාවෝ යි.
Pali BJT11. 4. 4.
Sinhala BJT11. 4. 4.
Pali BJTදෙවපදසුත්තං
Sinhala BJTදේවපද සූත්‍රය
Pali BJT3802. චත්තාරිමානි භික්ඛවෙ, දෙවානං දෙවපදානි අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනාය. කතමානි චත්තාරි: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ඉධ පඨමං දෙවානං දෙවපදං අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනාය.
Sinhala BJT3802. මහණෙනි, නො පිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස මේ දෙවියන්ගේ දෙව්පිය සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ පළමුවන දෙව්පිය ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. ඉදං දුතියානං දෙවානං දෙවපදං අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං පරියොදපනාය.
Sinhala BJTමහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ “ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් මනා කොට වදාරන ලද්දේ ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දත යුත්තේ”යි දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ දෙවන දෙව්පිය ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ, අරියසාවකො සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. ඉදං තතියං දෙවානං දෙවපදං අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතං සත්තානං පරියොදපනාය.
Sinhala BJTමහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ “භාග්‍යවතුන් වහන්සේගේ සවුසඟහු සුපිළිපන්හ ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ තෙවන දෙව්පිය ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ, අරියසාවකො අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉදං චතුත්ථං දෙවානං දෙවපදං අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනාය. ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි දෙවානං දෙවපදානි අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනායාති.
Sinhala BJTමහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ අඛණ්ඩ වූ … සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මේ නොපිරිසිදු සතුන් පිරිසිදු කරනු පිණිස නොබබළන සතුන් බබළවනු පිණිස වූ දෙවියන්ගේ සිවුවන දෙව්පිය ය. මහණෙනි, මේ සතර නොවිසුදු සතුන්ගේ විසිදු පිණිස නොදිලෙන සතුන් දුල්වනු පිණිස වූ දෙවියන්ගේ දෙව්පිය යි.
Pali BJT11. 4. 5.
Sinhala BJT11. 4. 5.
Pali BJTදුතිය දෙවපදසුත්තං
Sinhala BJTදුතිය දේවපද සූත්‍රය
Pali BJT3803. චත්තාරි’මානි භික්ඛවෙ, දෙවානං දෙවපදානි අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනාය. කතමානි චත්තාරි? ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. සො ඉති පටිසඤ්චික්ඛති: “කින්නු ඛො දෙවානං දෙවපදන්ති”. සො එවං පජානාති: “අබ්යාපජ්ඣපරමෙ ඛ්වාහං එතරහි දෙවෙ සුණාමි. න ච ඛො පනාහං කඤ්චි බ්යාබාධෙමි තසං වා ථාවරං වා. අද්ධාහං දෙවපදධම්මසමන්නාගතො විහරාමී”ති. ඉදං පඨමං දෙවානං දෙවපදං අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනාය.
Sinhala BJT3803. මහණෙනි, අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස මේ දෙවියන්ගේ දෙව්පිය සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. හෙතෙමේ “දෙවියන්ගේ දෙව්පිය කිමෙක් දැ”යි? මෙසේ නුවණින් සලකා බලයි. හෙතෙමේ මෙසේ දැන ගනී: “මම දැන් දෙවියන් නිදුක්බව පරම කොට ඇත්තවුනැ යි අසමි. මම තැති ගන්නා වූ හෝ නොතැති ගන්නා වූ හෝ කිසිවකු නො පෙළමි. ඒකාන්තයෙන් මම දෙව්පිය දහමින් යුතු වූයෙම් වෙසෙමි” යි. අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස මේ දෙවියන්ගේ පළමුවන දෙව්පිය ය.
Pali BJTපුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- පුන චපරං භික්ඛවෙ, අරියසාවකො අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. සො ඉති පටිසඤ්චික්ඛති: “කින්නු ඛො දෙවානං දෙවපදන්ති”. සො එවං පජානාති: “අබ්යාපජ්ඣපරමෙ ඛ්වාහං එතරහි දෙවෙ සුණාමි. න ඛො පනාහං කිඤ්චි බ්යාබාධෙමි තසං වා ථාවරං වා. අද්ධාහං දෙවපදධම්මසමන්නාගතො විහරාමී”ති. ඉදං චතුත්ථං දෙවානං දෙවපදං අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනාය. ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි දෙවානං දෙවපදානි අවිසුද්ධානං සත්තානං විසුද්ධියා අපරියොදාතානං සත්තානං පරියොදපනායාති.
Sinhala BJTමහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ දහම් කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. හෙතෙමේ දෙවියන්ගේ දෙව්පිය කිමෙක් දැ”යි මෙසේ නුවණින් සලකා බලයි. හෙතෙමේ මෙසේ දැනගනී: “මම දැන් දෙවියන් නිදුක්බව පරම කොට ඇත්තවුනැ යි අසමි. මම තැතිගන්නා වූ හෝ නොතැති ගන්නා වූ හෝ කිසිවකු නො ම පෙළමි. ඒකාන්තයෙන් මම දෙව්පිය දහමින් යුතු වූයෙම් වෙසෙමි” යි. අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස වූ මේ දෙවියන්ගේ සිවුවන දෙව්පිය ය. මහණෙනි, මේ සතර අවිසුදු සතුන්ගේ විසුදු පිණිස නොදිලෙන සතුන්ගේ දිලුම පිණිස වූ දෙවියන්ගේ දෙව්පිය යි.
Pali BJT11. 4. 6.
Sinhala BJT11. 4. 6.
Pali BJTසභාගතසුත්තං
Sinhala BJTසභාගත සූත්‍රය
Pali BJT3804. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතං අත්තමනා දෙවා සභාගතා{1} කථෙන්ති. කතමෙහි චතූහි: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. යා තා දෙවතා බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා ඉතො චුතා තත්රූපපන්නා, තාසං එවං හොති: “යථාරූපෙන ඛො මයං බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා තතො චුතා ඉධූපපන්නා. අරියසාවකොපි තථාරූපෙන බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො එතීති දෙවානං සන්තිකෙති”.
Sinhala BJT3804. මහණෙනි, සිවුදහමෙකින් යුතු වූවහු (ඇරබ) සතුටු සිත් ඇති දෙවියෝ සභාවට පැමිණියාහු කියත්. (කථා කෙරෙත්) කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධහය භගවත්හ”යි බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. යම් ඒ දෙවි කෙනෙක් බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වූවාහු මෙයින් ච්‍යුත ව එහි පැමිණියාහු නම් ඔවුනට මෙබඳු සිතෙක් වෙයි: “අපි බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු අචල ප්‍රසාදයෙකින් සමන්‍වාගත වූවමෝ එයින් ච්‍යුත ව මෙහි පැමිණියමෝ නම් අරීසවු තෙමේත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු අචල ප්‍රසාදයෙකින් සමන්‍වාගත දෙවියන් සමීපයට පැමිණෙන්නේ ය”යි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- පුන චපරං භික්ඛවෙ අරියසාවකො අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. යා තා දෙවතා අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා ඉතො චුතා තත්රූපපන්නා. තාසං එවං හොති “යථාරූපෙහි ඛො මයං අරියකන්තෙහි සීලෙහි සමන්නාගතා තතො චුතා ඉධූපපන්නා, අරියසාවකොපි තථාරූපෙහි අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො එතීති දෙවානං සන්තිකෙ”ති. ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතං අත්තමනා දෙවා සභාගතං කථෙන්තීති.
Sinhala BJTමහණෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවු තෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: “ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. යම් ඒ දෙවි කෙනෙක් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූවාහු මෙයින් ච්‍යුත ව එහි පැමිණියාහු නම් ඔවුනට මෙබඳු සිතෙක් වෙයි. “අපි යම් බඳු ආර්‍ය්‍යකාන්තශීලයෙකින් සමන්‍වාගත වූවමෝ එයින් ච්‍යුත ව මෙහි පැමිණියමෝ නම් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේත් එබඳු ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත ය. දෙවියන් සමීපයට පැමිණෙන්නේ ය”යි. මහණෙනි, මේ සිවුදහමින් යුතු වූවහු (ඇරබ) සතුටු සිත් ඇති දෙවියෝ සභාවට පැමිණියාහු කියති යි.
Pali BJT11. 4. 7.
Sinhala BJT11. 4. 7.
Pali BJTමහානාමසුත්තං
Sinhala BJTමහානාම සූත්‍රය
Pali BJT3805. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච: “කිත්තාවතා නු ඛො භන්තෙ, උපාසකො හොතී”ති? යතො ඛො මහානාම, බුද්ධං සරණං ගතො හොති, ධම්මං සරණං ගතො හොති, සඞ්ඝං සරණං ගතො හොති, එත්තාවතා ඛො මහානාම, උපාසකො හොතීති.
Sinhala BJT3805. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත් පසෙක හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, කෙතෙකින් උපාසක වේ දැ”යි? මහානාම, යම් කලෙක බුදුන් පිහිට කොට ගියේ වේ ද, දහම පිහිට කොට ගියේ වේ ද, සඟුන් පිහිට කොට ගියේ වේ ද, මහානාම, මෙතෙකින් උපාසක වේ යි.
Pali BJTකිත්තාවතා නු ඛො භන්තෙ, උපාසකො සීලසම්පන්නො හොතීති? යතො ඛො මහානාම, උපාසකො පාණාතිපාතා පටිවිරතො හොති, අදින්නාදානා පටිවිරතො හොති, කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති, මුසාවාදා පටිවිරතො හොති, සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතො හොති, එත්තාවතා ඛො මහානාම, උපාසකො සීලසම්පන්නො හොතීති.
Sinhala BJTවහන්ස, උවසු තෙමේ කෙතෙකින් සිල්සපන් වේ දැ?යි. “මහානාම, යම් කලෙක උවසු තෙමේ පණිවායෙන් වැළකුණේ වේ ද අයිනාදනින් වැළකුණේ වේ ද, කාමයෙහි මිසහසරින් වැළකුණේ වේ ද, මුසවායෙන් වැළකුණේ වේ ද, පමාවට කරුණු වූ රහමෙර මත්පැනින් වැළකුණේ වේ ද, මහානාම, උවසු තෙමේ මෙතෙකින් සිල්සපන් වේ”යි.
Pali BJTකිත්තාවතා පන භන්තෙ, උපාසකො සද්ධාසම්පන්නො හොතීති? ඉධ මහානාම, උපාසකො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං: “ඉතිපි සො භගවා අරහං සම්මා සම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. එත්තාවතා ඛො මහානාම, උපාසකො සද්ධාසම්පන්නො හොතීති.
Sinhala BJTවහන්ස, උවසු තෙමේ කෙතෙකින් සැදෑසපන් වේ දැ?යි. මහානාම, මෙහි උවසු තෙමේ සැදැහැ ඇත්තේ වේ ද, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනුදු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධයහ. විජ්ජාචරණසම්පන්නයහ, සුගතයහ, ලොකවිදුහ, අනුත්තරපුරුෂදම්මසාරථිහ, දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි තථාගතයන්ගේ බුදුබව සඳහා ද, මහානාම, උවසු තෙමේ මෙතෙකින් සැදෑසපන් වේ යි.
Pali BJTකිත්තාවතා පන භන්තෙ, උපාසකො චාගසම්පන්නො හොතීති? ඉධ පන මහානාම, උපාසකො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති, මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. එත්තාවතා ඛො මහානාම, උපාසකො චාගසම්පන්නො හොතීති.
Sinhala BJTවහන්ස, උවසු තෙමේ කෙතෙකින් ත්‍යාග සම්පන්න වේ දැ?යි. මහානාම, මෙහි උවසු තෙමේ මුදනලද ත්‍යාග ඇත්තේ දෝනා ලද අත් ඇත්තේ ත්‍යාගයෙහි ඇලුණේ ඉල්ලනු ලැබීමට සුදුසු වූයේ දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුණේ පහව ගිය මසුරු මල ඇති සිතින් යුතු ව ගිහිගෙහි වෙසේ ද, මහානාම, උවසු තෙමේ මෙතෙකින් ත්‍යාගසම්පන්න වේ යි.
Pali BJTකිත්තාවතා පන භන්තෙ, උපාසකො පඤ්ඤාසම්පන්නො හොතීති? ඉධ මහානාම, උපාසකො පඤ්ඤවා හොති, උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. එත්තාවතා ඛො මහානාම, උපාසකො පඤ්ඤාසම්පන්නො හොතීති.
Sinhala BJTවහන්ස, උවසුතෙමේ කෙතෙකින් ප්‍රඥාසම්පන්න වේ දැ?යි. “මහානාම, මෙහි උවසුතෙමේ පැනැත්තේ වේ ද, උදයව්‍යයය පිරිසිඳ දැනීමට සමත් වූ ආර්‍ය්‍ය වූ නිරෝධයට හිත වූ මැනවින් දුක් ගෙවීමට කරුණු වූ ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද, මහානාම, උවසුතෙමේ මෙතෙකින් ප්‍රඥා සම්පන්න වේ යි.
Pali BJT11. 4. 8.
Sinhala BJT11. 4. 8.
Pali BJTවස්සසුත්තං
Sinhala BJTවස්ස සූත්‍රය
Pali BJT3806. සෙය්යථාපි භික්ඛවෙ, උපරිපබ්බතෙ ථුල්ලඵුසිතකෙ දෙවෙ වස්සන්තෙ තං උදකං යථානින්නං පවත්තමානං පබ්බතකන්දරපදරසාඛා පරිපූරෙන්ති. පබ්බතකන්දරපදරසාඛා පරිපූරා කුස්සුබ්භෙ පරිපූරෙන්ති. කුස්සුබ්භා පරිපූරා මහාසොබ්භෙ පරිපූරෙන්ති, මහාසොබ්භා පරිපූරා කුන්නදියො පරිපූරෙන්ති, කුන්නදියො පරිපූරා මහානදියො පරිපූරෙන්ති, මහානදියො පරිපූරා මහාසමුද්දං සාගරං පරිපූරෙන්ති. එවමෙව ඛො භික්ඛවෙ, අරියසාවකස්ස යො ච බුද්ධෙ අවෙච්චප්පසාදො, යො ච ධම්මෙ අවෙච්චප්පසාදො, යො ච සඞ්ඝෙ අවෙච්චප්පසාදො, යානි ච අරියකන්තානි සීලානි, ඉමෙ ධම්මා සන්දමානා පාරං ගන්ත්වා ආසවානං ඛයාය සංවත්තන්තීති.
Sinhala BJT3806. මහණෙනි, යම්සේ පවුමතුයෙහි මහත්පොද ඇති වැස්ස වස්නා කල ඒ දිය පහත් බිම් අනුව පවත්නේ පවුකඳුරැලි ඇළ දොළ පුරවා ද, පවුකඳුරැලි ඇළදොළ පිරුණාහු කුඩා හෙප් පුරවද් ද, කුඩා හෙප් පිරුණාහු මහහෙප් පුරවද් ද, මහහෙප් පිරුණාහු කුඩා ගඞ්ගා පුරවද් ද, කුඩා ගඞ්ගා පිරුණාහු මහාගඞ්ගා පුරවද් ද, මහාගඞ්ගා පිරුණාහු මහමුහුදුසයුර පුරවද් ද, මහණෙනි, එසෙයින් ම අරීසවුහට බුදුන් කෙරෙහිත් යම් ගුණ දැන පැහැදීමෙක් වේ ද, දහම්හි ගුණ දැන පැහැදීමෙක් වේ ද, සඟුන් කෙරෙහිත් යම් ගුණ දැන පැහැදීමෙක් වේ ද, යම් ආර්‍ය්‍යකාන්ත ශීලයෝත් වෙද්ද, මේ දහම්හු ගලන්නාහු පරතෙරට ගොස් ආස්‍රවක්‍ෂය පිණිස පවතිත් යි.
Pali BJT11. 4. 9.
Sinhala BJT11. 4. 9.
Pali BJTකාලිගොධාසුත්තං
Sinhala BJTකාලිගෝධ සූත්‍රය
Pali BJT3807. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන කාලිගොධාය සාකියානියා නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. අථ ඛො කාලිගොධා සාකියානී යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො කාලිගොධං සාකියානිං භගවා එතදවොච:
Sinhala BJT3807. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පා සිවුරු ගෙන කාලිගෝධා නම් ශාක්‍යදුවගේ නිවෙස්න වෙත එළඹි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. එකල්හි කාලිගෝධා සැහැදුව භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියා ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නා ය. එකත්පස් ව හුන් කාලිගෝධා සැහැදුවට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
Pali BJTචතූහි ඛො ගොධෙ, ධම්මෙහි සමන්නාගතා අරියසාවිකා සොතාපන්නා හොති අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා. කතමෙහි චතූහි: ඉධ ගොධෙ, අරියසාවිකා බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති, මුත්තචාගා පයතපාණී වොස්සග්ගරතා යාචයොගා දානසංවිභාගරතා. ඉමෙහි ඛො ගොධෙ, චතූහි ධම්මෙහි සමන්නාගතා අරියසාවිකා සොතාපන්නා හොති අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණාති.
Sinhala BJTගෝධාවෙනි, සිවුදහමකින් යුත් ආර්‍ය්‍යශ්‍රාවිකා තොමෝ විවස ව නො හෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූවා වේ. කවර සිවුදහමකින යත්: ගෝධාවෙනි, මෙහි අරීසව්තොමෝ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ” යි. බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූවා වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මුදන ලද ත්‍යාග ඇත්තී දෝනා ලද අත් ඇත්තී ත්‍යාගයෙහි ඇලුණී ඉල්ලනු ලැබීමට සුදුසු වූවා දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුණී පහව ගිය මසුරුමල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසේ. ගෝධාවෙනි, මේ සිවුදහමින් යුතු අරීසැවි තොමෝ විවස ව නො හෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූවා වේ යි.
Pali BJTයානිමානි භන්තෙ, භගවතා චත්තාරි සොතාපත්තියඞ්ගානි දෙසිතානි. සංවිජ්ජන්තෙ තෙ ධම්මා මයි. අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමි. අහං හි භන්තෙ, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- යං ඛො පන කිඤ්චි කුලෙ දෙය්යධම්මං සබ්බං තං අප්පටිවිභත්තං සීලවන්තෙහි කල්යාණධම්මෙහීති. ලාභා තෙ ගොධෙ, සුලද්ධං තෙ ගොධෙ, සොතාපත්තිඵලං තයා{1} ගොධෙ, ව්යාකතන්ති.
Sinhala BJTවහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සිවු සෝවන් අඟ ඇති කෙනෙක් වදාරන ලද්දාහු ද, ඒ දහම්හු මා කෙරෙහි ඇත. මමත් ඒ දහම්හි දක්නා ලැබෙමි. වහන්ස, මම “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූවා වෙමි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... කුලයෙහි යම්කිසි දියයුතු දැයෙක් වේ නම් ඒ සියල්ල කලණ දහම් ඇති සිල්වතුන් හා නො බෙදන ලද්දේ වේ යි. ගෝධාවෙනි, තොපට ලාභයෙකි. තොපට මනා ලැබුමෙකි. ගෝධාවෙනි, තොප විසින් සෝවන්පෙල පවසන ලදැයි.
Pali BJT11. 4. 10.
Sinhala BJT11. 4. 10.
Pali BJTනන්දියසුත්තං
Sinhala BJTනන්‍දිය සූත්‍රය
Pali BJT3808. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො නන්දියො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො නන්දියො සක්කො භගවන්තං එතදවොච: “යස්සෙව නු ඛො භන්තෙ, අරියසාවකස්ස චත්තාරි සොතාපත්තියඞ්ගානි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං නත්ථි, සො එව{2} නු ඛො භන්තෙ, අරියසාවකො පමාදවිහාරී”ති?
Sinhala BJT3808. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි නන්‍දිය ශාක්‍යතෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් නන්‍දිය ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, “යම් ම අරීසව්වකුහට සිවු සෝවන්අඟ සියල්ලෙන් සියල්ල මුළුල්ලෙන් සියල්ල නැද්ද වහන්ස, ඒ අරීසවුතෙමේ ම පමාවිහරණ ඇත්තේ දැ”යි?
Pali BJTයස්ස ඛො නන්දිය, චත්තාරි සොතාපත්තියඞ්ගානි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං නත්ථි, තමහං බාහිරො පුථුජ්ජනපක්ඛෙ ඨිතොති වදාමි. අපි ච නන්දිය, යථා අරියසාවකො පමාදවිහාරී චෙව හොති අප්පමාදවිහාරී ච. තං සුණාහි. කථඤ්ච නන්දිය, අරියසාවකො පමාදවිහාරී හොති: ඉධ නන්දිය, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. සො තෙන බුද්ධෙ අවෙච්චප්පසාදෙන සන්තුට්ඨො න උත්තරිං වායමති දිවා පවිවෙකාය රත්තිං පටිසල්ලානාය. තස්ස එවං පමත්තස්ස විහරතො පාමුජ්ජං න හොති. පාමුජ්ජෙ අසති, පීති න හොති. පීතියා අසති, පස්සද්ධි න හොති. පස්සද්ධියා අසති, දුක්ඛං විහරති. දුක්ඛිනො චිත්තං න සමාධියති. අසමාහිතෙ චිත්තෙ ධම්මා න පාතුභවන්ති. ධම්මානං අපාතුභාවා පමාදවිහාරීත්වෙව සඞ්ඛං ගච්ඡති.
Sinhala BJTනන්‍දිය, “යමකුට සිවු සෝවන් අඟ සියල්ලෙන් සියල්ල මුළුල්ලෙන් සියල්ල නැද්ද, ඔහු බාහිර වූ පුහුදුන්පසෙහි සිටියෙකැ”යි මම කියමි. නන්‍දිය, වැලිදු අරීසවුතෙමේ යම්සේ පමාවිහරණ ඇත්තේත් නො පමා විහරණ ඇත්තේත් වේ නම් එය අස. නන්‍දිය, අරීසවුතෙමේ කෙසේ නම් පමා විහරණ ඇත්තේ වේ ද යත්: නන්‍දිය, මෙහි අරීසවුතෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සතුටු වූයේ දහවල් තුන් විවේකසුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් නො කෙරෙයි. මෙසේ පමා ව වෙසෙන ඔහුට පාමුජ්ජ (තරුණප්‍රීති)ය නො වේ. පාමුජ්ජය නැති කල්හි ප්‍රීතිය නො වේ. ප්‍රීතිය නැති කල්හි පස්සද්ධිය නො වේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසේ. දුක් ඇත්තහුගේ සිත එකඟ නො වේ. සිත එකඟ නොවූ කල්හි සමථවිපස්සනා දහම් පහළ නො වේ. දහම් පහළ නොවීමෙන් “පමාවිහරණ ඇත්තේ ය”යි ම ගිණුමට යේ.
Pali BJTපුන චපරං නන්දිය, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. සො තෙහි අරියකන්තෙහි සීලෙහි සන්තුට්ඨො න උත්තරිං වායමති දිවා පවිවෙකාය රත්තිං පටිසල්ලානාය. තස්ස එවං පමත්තස්ස විහරතො පාමුජ්ජං න හොති. පාමුජ්ජෙ අසති, පීති න හොති. පීතියා අසති, පස්සද්ධි න හොති. පස්සද්ධියා අසති, දුක්ඛං විහරති. දුක්ඛිනො චිත්තං න සමාධියති. අසමාහිතෙ චිත්තෙ ධම්මා න පාතුභවන්ති. ධම්මානං අපාතුභාවා පමාදවිහාරීත්වෙව සඞ්ඛං ගච්ඡති. එවං ඛො නන්දිය, අරියසාවකො පමාදවිහාරී හොති.
Sinhala BJTනන්‍දිය, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ දහම්හි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වූයේ වෙයි. හෙතෙමේ ඒ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සතුටු වූයේ දහවල් තුන්විවේක සුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් නො කෙරෙයි. මෙසේ පමා ව වෙසෙන ඔහුට පාමුජ්ජය නො වේ. පාමුජ්ජය නැති කල්හි ප්‍රීතිය නො වේ. ප්‍රීතිය නැති කල්හි පස්සද්ධිය නො වේ. පස්සද්ධිය නැති කල්හි දුකසේ වෙසේ. දුක් ඇත්තහුගේ සිත එකඟ නොවේ. සිත එකඟ නො වූ කල්හි සමථවිපස්සනා දහම් පහළ නො වේ. දහම් පහළ නොවීමෙන් “පමාවිහරණ ඇත්තේ ය”යි ම ගිණුමට යේ. නන්‍දිය, මෙසේ අරීසවුතෙමේ පමාවිහරණ ඇත්තේ වේ.
Pali BJTකථඤ්ච නන්දිය, අරියසාවකො අප්පමාදවිහාරී හොති: ඉධ නන්දිය, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. සො තෙන බුද්ධෙ අවෙච්චප්පසාදෙන අසන්තුට්ඨො උත්තරිං වායමති දිවා පවිවෙකාය රත්තිං පටිසල්ලානාය. තස්ස එවං අප්පමත්තස්ස විහරතො පාමුජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. සමාහිතෙ චිත්තෙ ධම්මා පාතුභවන්ති. ධම්මානං පාතුභාවා අප්පමාදවිහාරීත්වෙව සඞ්ඛං ගච්ඡති .
Sinhala BJTනන්‍දිය, අරීසවුතෙමේ කෙසේ නම් නො පමාවිහරණ ඇත්තේ වේ ද යත්: නන්‍දිය මෙහි අරීසවුතෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. හෙතෙමේ බුදුන් කෙරෙහි වූ ඒ අචලප්‍රසාදයෙන් සතුටු නොවූයේ දහවල් තුන්විවේක සුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් කෙරෙයි. මෙසේ නො පමා ව වෙසෙන ඔහුට ප්‍රමුදිතභාවය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදි. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සන්හිඳෙයි. සන්හුන් කය ඇත්තේ සුව විඳියි. සුව ඇත්තහුගේ සිත එකඟ වෙයි. සිත එකඟ වූ කල්හි සමථවිපස්සනාදහම් පහළ වේ. දහම් පහළවීමෙන් “නොපමාවිහරණ ඇත්තේ ය”යි ම ගිණුමට යේ.
Pali BJTපුන චපරං නන්දිය, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. සො තෙහි අරියකන්තෙහි සීලෙහි අසන්තුට්ඨො උත්තරිං වායමති දිවා පවිවෙකාය රත්තිං පටිසල්ලානාය. තස්ස එවං අප්පමත්තස්ස විහරතො පාමුජ්ජං ජායති. පමුදිතස්ස පීති ජායති. පීතිමනස්ස කායො පස්සම්භති. පස්සද්ධකායො සුඛං වෙදියති. සුඛිනො චිත්තං සමාධියති. සමාහිතෙ චිත්තෙ ධම්මා පාතුභවන්ති. ධම්මානං පාතුභාවා අප්පමාදවිහාරීත්වෙව සඞ්ඛං ගච්ඡති. එවං ඛො නන්දිය, අරියසාවකො අප්පමාදවිහාරී හොතීති.
Sinhala BJTනන්‍දිය, නැවත අනිකක් ද කියමි. අරීසවුතෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවත්තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සතුටු නො වූයේ දහවල් තුන් විවේකසුව පිණිසත් රෑ සමවත්සුව පිණිසත් මතු වෑයම් කෙරෙයි. මෙසේ නො පමාව වෙසෙන ඔහුට ප්‍රමුදිතභාවය උපදී. ප්‍රමුදිත වූවහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සන්හිඳේ. සන්හුන් කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වේ. සිත එකඟ වූ කල්හි සමථවිපස්සනා දහම් පහළ වේ. දහම් පහළ වීමෙන් නො පමා විහරණ ඇත්තේ යයි ම ගිණුමට යේ. නන්‍දිය, මෙසේ අරීසවුතෙමේ නො පමා විහරණ ඇත්තේ වේ යි.
Pali BJTපුඤ්ඤාභිසන්දවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි පුඤ්ඤාභිසන්‍ද වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඅභිසන්දා තයො වුත්තා දුවෙ දෙවපදානි ච, සභාගතං මහානාමො වස්සං කාලි ච නන්දියාති.
Sinhala BJTඅභිසන්‍දසුතුරු තුනෙක් ද, දේවපදසුතුරු දෙකෙක් ද, සභාගත, මහානාම, වස්ස, කාලිගෝධා, නන්‍දිය යි පසෙක් දැ යි දස සුතුරු කෙනෙක් කියන ලදහ යි.
Pali BJT5. සගාථ පුඤ්ඤාභිසන්දවග්ගො
Sinhala BJT5. සගාථකපුඤ්ඤාභිසන්‍ද වර්‍ගය
Pali BJT11. 5. 1.
Sinhala BJT11. 5. 1.
Pali BJTඅසඞ්ඛෙය්ය{1}සුත්තං
Sinhala BJTඅසඞේඛය්‍ය සූත්‍රය
Pali BJT3809. චත්තාරො’මෙ භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා, කුසලාභිසන්දා, සුඛස්සාහාරා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. අයං පඨමො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො, සුඛස්සාහාරො. පුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- පුන චපරං භික්ඛවෙ, අරියසාවකො අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අයං චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුඤ්ඤාභිසන්දා, කුසලාභිසන්දා, සුඛස්සාහාරා.
Sinhala BJT3809. මහණෙනි, සැපයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යගඞ්ගා කුසලගඞ්ගා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲ හ. බුද්ධය හ. භගවත් හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. මේ සුවයට ප්‍රත්‍යය වු පළමුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනිකක් ද කියමි: අරීසවුතෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනිකක් ද කියමි: අරීසවුතෙමේ අඛණ්ඩ වූ ... සමාධිසංවත්තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මේ සුවයට ප්‍රත්‍යය වූ සිවුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, මේ සතර සුවයට ප්‍රත්‍යය වූ පුණ්‍යගඞ්ගාවෝ කුසලගඞ්ගාවෝ ය.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගණෙතුං.{2} “එත්තකො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො, සුඛස්සාහාරො”ති. අථ ඛො “අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධො”ත්වෙව සඞ්ඛං ගච්ඡති. සෙය්යථාපි භික්ඛවෙ, මහාසමුද්දෙ න සුකරං උදකස්ස පමාණං ගණෙතුං “එත්තකානි උදකාළ්හකානීති වා එත්තකානි උදකාළ්හක සතානීති වා එත්තකානි උදකාළ්හකසහස්සානීති වා.” අථ ඛො “අසඞ්ඛ්යෙය්යො අප්පමෙය්යො මහාඋදකක්ඛන්ධො”ත්වෙව සඞ්ඛං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ, ඉමෙහි චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගණෙතුං, “එත්තකො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො, සුඛස්සාහාරො”ති. අථ ඛො අසඞ්ඛ්යෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධොත්වෙව සඞ්ඛං{3} ගච්ඡතී”ති. ඉදමවොච භගවා -පෙ- එතදවොච සත්ථා:
Sinhala BJTමහණෙනි, මේ සිවු පුණ්‍යගඞ්ගාවන් ගෙන් කුසලගඞ්ගාවන් ගෙන් යුතු වූ අරීසවුහට සුවයට ප්‍රත්‍යය වූ මෙතෙක් පින්ගඟෙකැ කුසල්ගඟෙකැ යි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි, පමණ නො කළ හැකි, මහපින් කඳෙකැයි ම ගිණුවට යේ. මහණෙනි, යම් සේ මහමුහුදෙහි දිය ලාස් මෙතෙකැයි හෝ දිය ලාස් මෙතෙක් සියයකැයි හෝ දිය ලාස් මෙතෙක් දහසෙකැයි හෝ දිය ලාස් මෙතෙක් සියදහසෙකැයි හෝ දියෙහි පමණ ගණන්නට සුකර නො වේ ද, වැලි ගණන් නො කළ හැකි, පමණ නො කළ හැකි, මහදියකඳෙකැයි ම ගිණුමට යේ ද, මහණෙනි, එසෙයින් ම මේ සිවු පුණ්‍යගඞ්ගාවන්ගෙන් කුශලගඞ්ගාවන්ගෙන් යුතු වූ අරීසවුහට සුවයට ප්‍රත්‍යය වූ මෙතෙක් පින්ගඟෙකැයි කුසල්ගඟෙකැයි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නොකළ හැකි පමණ නොකළ හැකි මහපින් කඳෙකැයි ම ගිණුමට යේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙය ද වදාළ සේක.
Pali BJTමහොදධිං අපරිමිතං මහාසරං, බහු භෙරවං රතනගණානමාලයං, නජ්ජො යථා නරගණසඞ්ඝසෙවිතා, පුථූ සවන්තී උපයන්ති සාගරං.
Sinhala BJTමිනිස් සමූහයා විසින් සෙවුනා ලද ගලාබස්නා බොහෝ වූ නදීහු මහත්දියකඳ දරන, පමණ නොකළ හැකි, මහත් ගඞ්ගාවන්ගේ එක්වීම ඇති, බෙහෙවින් බිහිසුණු වූ, රුවන්සමූහයට උත්පත්තිස්ථාන වූ සයුරට යම්සේ පැමිණෙද් ද,
Pali BJTඑවං නරං අන්නදපානවත්ථදං{4} සෙය්යානිසජ්ජත්ථරණස්ස{5} දායකං, පුඤ්ඤස්ස ධාරා උපයන්ති පණ්ඩිතං නජ්ජො යථා වාරිවහාව සාගරන්ති{6}.
Sinhala BJTඑසෙයින් ආහාරපානවස්ත්‍ර දානය කරන සෙනසුන් අතුරුණු දෙන නුවණැති මිනිසා කරා දිය උසුලන නදීන් සයුර කරා පැමිණෙනු මෙන් පින්දහර පැමිණේ යි.
Pali BJT11. 5. 2.
Sinhala BJT11. 5. 2.
Pali BJTදුතිය අසඞ්ඛෙය්යසුත්තං
Sinhala BJTදුතිය අසඞේඛය්‍ය සූත්‍රය
Pali BJT3810. චත්තාරො මෙ භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා, කුසලාභිසන්දා, සුඛස්සාහාරා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. අයං පඨමො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. පුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- පුන චපරං භික්ඛවෙ, අරියසාවකො විගතමලමච්ඡෙරෙන චෙතසා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණී වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. අයං චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුඤ්ඤාභිසන්දා, කුසලාභිසන්දා, සුඛස්සාහාරා.
Sinhala BJT3810. මහණෙනි, සුවයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යගඞ්ගා කුශලගඞ්ගා සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ සුවයට ප්‍රත්‍යය වූ පළමුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවු තෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවුතෙමේ මුදන ලද ත්‍යාග ඇතියේ දෝනා ලද අත් ඇතියේ දීමෙහි ඇලුණේ යදිනු ලැබීමට සුදුසු වූයේ දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුණේ පහව ගිය මසුරුමල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසේ. මේ සුවයට ප්‍රත්‍යය වූ සිවුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, මේ සතර සුවයට ප්‍රත්‍යය වූ පුණ්‍යගඞ්ගාවෝ කුශලගඞ්ගාවෝ ය.
Pali BJTඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගණෙතුං. “එත්තකො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො, සුඛස්සාහාරො”ති. අථ ඛො “අසඞ්ඛෙය්යො අප්පම්යෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධො”ත්වෙව සඞ්ඛං ගච්ඡති. සෙය්යථාපි භික්ඛවෙ, යත්ථිමා මහානදියො සංසන්දන්ති සමෙන්ති. සෙය්යථිදං: ගඞ්ගා, යමුනා, අචිරවතී, සරභූ, මහී. තත්ථ න සුකරං උදකස්ස පමාණං ගණෙතුං, “එත්තකානි උදකාළ්හකානීති වා එත්තකානි උදකාළ්හකසතානීති වා එත්තකානි උදකාළ්හකසහස්සානීති වා එත්තකානි උදකාළ්හකසතසහස්සානීති වා”. අථ ඛො “අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහාඋදකක්ඛන්ධො” ත්වෙව සඞ්ඛං ගච්ඡති. එවමෙව ඛො භික්ඛවෙ, ඉමෙහි චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගණෙතුං: “එත්තකො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො, සුඛස්සාහාරො”ති. අථ ඛො “අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධො” ත්වෙව සඞ්ඛං ගච්ඡති. ඉදමවොච භගවා -පෙ- සත්ථා:
Sinhala BJTමහණෙනි, මේ සිවු පින්ගඟින් කුසල්ගඟින් යුතු වූ අරීසවුහට සුවයට ප්‍රත්‍යය වූ මෙතෙක් පින්ගඟෙක, කුසල්ගඟෙකැයි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි පමණ නො කළ හැකි මහපින් කඳෙකැයි ම ගිණුමට යේ. මහණෙනි, යම්සේ මේ මහානදීහු, එනම්: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී යන පස්මහනදීහු යම් තැනෙක එකතුවෙද්ද, ගැළපෙද්ද, එහි දිය ලාස් මෙතෙකැ යි හෝ දිය ලාස් මෙතෙක් සියයකැ යි හෝ දිය ලාස් මෙතෙක් දහසකැ යි හෝ දිය ලාස් මෙතෙක් සියදහසෙකැ යි හෝ දියෙහි පමණ ගණන්නට සුකර නො වේ ද, වැලි ගණන් නො කළ හැකි පමණ නො කළ හැකි. මහදිය කඳෙකැයි ම ගිණුමට යේ ද, මහණෙනි, එසෙයින් ම මේ සිවු පින්ගඟින් කුසල්ගඟින් යුතු වූ අරීසවුහට “සුවයට පසය වූ මෙතෙක් පින්ගඟක, කුසල්ගඟෙකැ”යි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි පමණ නො කළ හැකි මහපින්කඳෙකැයි ම ගිණුමට යේ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක.
Pali BJTමහොදධිං අපරිමිතං මහාසරං බහුභෙරවං රතනගණානමාලයං, නජ්ජො යථා නරගණසඞ්ඝසෙවිතා පුථූ සවන්තී උපයන්ති සාගරං.
Sinhala BJTමිනිස් සමූහයා විසින් සෙවුනා ලද ගලාබස්නා බොහෝ වූ ගඞ්ගාවෝ මහත් දියකඳ දරන පමණ නො කළැකි මහත් නදීන්ගේ එක්වීම ඇති, බෙහෙවින් බිහිසුණු වූ, රුවන් සමූහයට උත්පත්තිස්ථාන වූ සයුර කරා යම්සේ පැමිණෙත් ද,
Pali BJTඑවං නරං අන්නදපානවත්ථදං සෙය්යානිසජ්ජත්ථරණස්ස දායකං, පුඤ්ඤස්ස ධාරා උපයන්ති පණ්ඩිතං නජ්ජො යථා වාරිවහාව සාගරන්ති.
Sinhala BJTඑසෙයින් ආහාරපානවස්ත්‍ර දානය කරන, සෙනසුන් අතුරුණු දෙන නුවණැති මිනිසා කරා දිය උසුලන ගඞ්ගාවන් සයුර කරා පැමිණෙනු මෙන් පින්දහර පැමිණේ යි.
Pali BJT11. 5. 3.
Sinhala BJT11. 5. 3.
Pali BJTතතිය අසඞ්ඛෙය්යසුත්තං
Sinhala BJTතතිය අසඞේඛය්‍ය සූත්‍රය
Pali BJT3811. චත්තාරොමෙ භික්ඛවෙ, පුඤ්ඤාභිසන්දා, කුසලාභිසන්දා, සුඛස්සාහාරා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. අයං පඨමො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො, සුඛස්සාහාරො. පුන චපරං භික්ඛවෙ, අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- පුන චපරං භික්ඛවෙ, අරියසාවකො පඤ්ඤවා හොති, උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො හොති අරියාය නිබ්බෙධිතාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. අයං චතුත්ථො පුඤ්ඤාභිසන්දො කුසලාභිසන්දො සුඛස්සාහාරො. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො පුඤ්ඤාභිසන්දා කුසලාභිසන්දා සුඛස්සාහාරා. ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි පුඤ්ඤාභිසන්දෙහි කුසලාභිසන්දෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස න සුකරං පුඤ්ඤස්ස පමාණං ගණෙතුං “එත්තකො පුඤ්ඤාභිසන්දො, කුසලාභිසන්දො, සුඛස්සාහාරො”ති. අථ ඛො “අසඞ්ඛෙය්යො අප්පමෙය්යො මහාපුඤ්ඤක්ඛන්ධො”ත්වෙව සඞ්ඛං ගච්ඡතීති. ඉදමවොච භගවා -පෙ- සත්ථා:
Sinhala BJT3811. මහණෙනි, සුවයට ප්‍රත්‍යය වූ මේ පුණ්‍යනදීහු කුශලනදීහු සතරෙකි. කවර සතරෙක යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මේ සුවයට පසය වූ පළමුවන පින්ගඟ ය. කුසල්ගඟ ය. මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවුතෙමේ දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... මහණෙනි, නැවත අනෙකක් ද කියමි: අරීසවුතෙමේ නුවණැතියේ වෙයි. උදයව්‍යයය පිරිසිඳ දැනුමට පමුණුවන සුලු ආර්‍ය්‍ය වූ නිර්වේදයට හිත වූ මැනවින් දුක් ගෙවීමට පමුණුවන ප්‍රඥායෙන් සමන්‍වාගත වෙයි. මේ සුවයට පසය වූ සිවු පින්ගඟ ය, කුසල්ගඟ ය. මහණෙනි, මොහු සුවයට පසය වූ සිවු පින්ගඟහු ය, කුසල්ගඟහු ය. මහණෙනි, මේ සිවු පින්ගඟින් කුසල්ගඟින් යුතු වූ අරීසවුහට සුවයට පසය වූ මෙතෙක් පින්ගඟෙක, කුසල්ගඟෙකැයි පිනෙහි පමණ ගණන්නට සුකර නො වේ. වැලි ගණන් නො කළ හැකි, පමණ නො කළ හැකි මහපින් කඳෙකැයි ම ගිණුමට යේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ... ශාස්තෲන් වහන්සේ මෙ ද වදාළ සේක.
Pali BJTයො පුඤ්ඤකාමො කුසලෙ පතිට්ඨිතො භාවෙති මග්ගං අමතස්ස පත්තියා, සො ධම්මසාරාධිගමො ඛයෙ රතො න වෙධති මච්චුරාජා ගමිස්සතීති.{1}
Sinhala BJTපින් කැමති මඟකුසල්හි පිහිටි යමෙක් නිවනට පැමිණෙනු පිණිස රහත්මඟ වඩා ද, පිළිලද අරීපෙළ දහම්හර ඇති හෙතෙමේ කෙලෙස් ක්‍ෂය කිරීමෙහි ඇලුණේ මරරජ පැමිණෙන්නේ යි නො සැලේ යි.
Pali BJT11. 5. 4.
Sinhala BJT11. 5. 4.
Pali BJTඅඩ්ඪ{2}සුත්තං
Sinhala BJTඅඩ්ඪ සූත්‍රය
Pali BJT3812. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො “අඩ්ඪො මහද්ධනො මහාභොගො”ති{3} වුච්චති. කතමෙහි චතූහි: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො “අඩ්ඪො මහද්ධනො මහාභොගො”ති වුච්චතීති.
Sinhala BJT3812. මහණෙනි, සිවු දහමින් යුතු අරීසවු තෙමේ “ආඪ්‍යය, මහත් ධන ඇත්තේ ය. මහත් භොග ඇත්තේ”යි කියනු ලැබේ. කවර සිවු දහමකින යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ සිවුදහමින් යුතු අරීසවු තෙමේ “ආඪ්‍යය, මහත් ධන ඇත්තේ ය. මහත් භොග ඇත්තේ”යි කියනු ලැබේ යි.
Pali BJT11. 5. 5.
Sinhala BJT11. 5. 5.
Pali BJTදුතිය අඩ්ඪසුත්තං
Sinhala BJTදුතිය අඩ්ඪ සූත්‍රය
Pali BJT3813. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො “අඩ්ඪො මහද්ධනො මහාභොගො මහායසො”ති වුච්චති. කතමෙහි චතූහි: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො “අඩ්ඪො මහද්ධනො මහාභොගො මහායසො”ති වුච්චතීති.
Sinhala BJT3813. මහණෙනි, සිවු දහමෙකින් යුත් අරීසවු “ආඪ්‍ය ය. මහත් ධන ඇත්තේ ය. මහත් භොග ඇත්තේ ය. මහත් යශස් ඇත්තේ”යි කියනු ලැබේ. කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ සිවු දහමින් සමන්‍වාගත ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ “ආඪ්‍ය ය. මහද්ධන ඇත්තේ ය. මහත්භෝග ඇත්තේ ය. මහත්යශස් ඇත්තේ”යි කියනු ලැබේ.
Pali BJT11. 5. 6.
Sinhala BJT11. 5. 6.
Pali BJTසුද්ධකසුත්තං
Sinhala BJTසුද්ධක සූත්‍රය
Pali BJT3814. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො. කතමෙහි චතූහි: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො”ති.
Sinhala BJT3814. මහණෙනි, මේ සිවු දහමෙකින් යුත් අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ සිවු දහමින් යුතු අරීසවු “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යි කියනු ලැබේ යි.
Pali BJT11. 5. 7.
Sinhala BJT11. 5. 7.
Pali BJTනන්දියසුත්තං
Sinhala BJTනන්‍දිය සූත්‍රය
Pali BJT3815. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො නන්දියා සක්කො යෙන භගවා තෙනුපසංඞ්ඛමි. -පෙ- එකමන්තං නිසින්නං ඛො නන්දියං සක්කං භගවා එතදවොච, චතූහි ඛො නන්දිය, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො. කතමෙහි චතූහි: ඉධ නන්දිය, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො නන්දිය, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJT3815. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි නන්‍දිය ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් නන්‍දිය ශාක්‍යහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: නන්‍දිය, සිවු දහමෙකින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: නන්‍දිය, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. නන්‍දිය, මේ සිවු දහමින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
Pali BJT11. 5. 8.
Sinhala BJT11. 5. 8.
Pali BJTභද්දියසුත්තං
Sinhala BJTභද්දිය සූත්‍රය
Pali BJT3816. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො භද්දියො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නං ඛො භද්දියං සක්කං භගවා එතදවොච: චතූහි ඛො භද්දිය, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනො. කතමෙහි චතූහි: ඉධ භද්දිය, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භද්දිය, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJT3816. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍ය දනව්වෙහි කිඹුල්වත නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. ඉක්බිති භද්දිය ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් භද්දිය ශාක්‍යයන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: භද්දිය, සිවු දහමෙකින් යුත් අරීසවු විවස ව නොහෙනසුලු නියත වු සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවු දහමෙකින යත්: භද්දිය, මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. භද්දිය, මේ සිවු දහමින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වු සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
Pali BJT11. 5. 9.
Sinhala BJT11. 5. 9.
Pali BJTමහානාමසුත්තං
Sinhala BJTමහානාම සූත්‍රය
Pali BJT3817. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නං ඛො මහානාමං සක්කං භගවා එතදවොච: “චතූහි ඛො මහානාම, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාත ධම්මො නියතො සම්බොධිපරායනො. කතමෙහි චතූහි: ඉධ මහානාම, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො මහානාම, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායනොති.
Sinhala BJT3817. එක්සමයෙක් භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. ... එකත්පස් ව හුන් මහානාම ශාක්‍යහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහානාම, සිවු දහමකින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වු සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙයි. කවර සතරකින යත්: මහානාම, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් යුතු වෙයි. දහම කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහානාම, මේ සිවු දහමින් යුතු අරීසවු තෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
Pali BJT11. 5. 10.
Sinhala BJT11. 5. 10.
Pali BJTඅඞ්ගසුත්තං
Sinhala BJTඅඞ්ග සූත්‍රය
Pali BJT3818. චත්තාරිමානි භික්ඛවෙ, සොතාපත්තියඞ්ගානි. කතමානි චත්තාරි: සප්පුරිසසංසෙවො, සද්ධම්මසවනං, යොනිසොමනසිකාරො, ධම්මානුධම්මපටිපත්ති. ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි සොතාපත්තියඞ්ගානීති.
Sinhala BJT3818. මහණෙනි, මේ සෝවන් අඟ සතරෙකි. කවර සතරෙක යත්: සත්පුරුෂසේවනය සද්ධර්‍මශ්‍රවණය යෝනිසෝමනස්කාරය ධර්‍මානුධර්‍මප්‍රතිපත්ති යි. මහණෙනි, මොහු සිවු සෝවන් අඟයි.
Pali BJTසගාථකපුඤ්ඤාභිසන්දවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි සගාථ පුඤ්ඤාභිසන්‍ද වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඅසඞ්ඛෙය්යො තයො වුත්තා අඩ්ඪෙන අපරෙ දුවෙ, සුද්ධකං නන්දියං භද්දියං මහානාමඞ්ගෙහි තෙ දසාති.
Sinhala BJTඅසඞ්ඛෙය්‍යසූත්‍ර තුනෙක් ද, අඩ්ඪ නමින් අනෙක් දෙකෙක් ද කියන ලදහ, සුද්ධක නන්‍දිය භද්දිය මහානාම අඞ්ග යන පසින් ඔහු දසයෙක් වේ යි.
Pali BJT6. සප්පඤ්ඤවග්ගො
Sinhala BJT6. සප්පඤ්ඤ වර්‍ගය