Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා. සාධු ඛො මාරිස මොග්ගල්ලාන, ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති.
Sinhala BJTනිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහිඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ චූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම යහපත් ම වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ යි.
Pali BJT11. 2. 10.
Sinhala BJT11. 2. 10.
Pali BJTතතිය දෙවචාරිකසුත්තං
Sinhala BJTතතිය දේවචාරික සූත්‍රය
Pali BJT3788. අථ ඛො භගවා සෙය්යථාපි නාම බලවා පුරිසො -පෙ- එවමෙවං{1} ජෙතවනෙ අන්තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි. අථ ඛො සම්බහුලා තාවතිංසකායිකා දෙවතායො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා දෙවතායො භගවා එතදවොච: සාධු ඛො ආවුසො, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො ආවුසො, එවමිධෙකච්චෙ සොතාපන්නා{2} අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා. සාධු ඛො ආවුසො, ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො ආවුසො, එවමිධෙකච්චෙ සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණාති.
Sinhala BJT3788. එකල්හි භාග්‍යවතුන් වහන්සේ යම්සේ බලවත් පුරුෂයෙක් ... එසෙයින් ම ජේතවනයෙහි අතුරුදන් වූ සේක් තවුතිසා දෙව්ලොව පහළ වූ සේක. එකල්හි බොහෝ වූ තවුතිසාවැසි දෙවියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව සිටියහ. එකත්පස් ව සිටි ඒ දෙවියන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ඇවැත්නි, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මනා ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම්හු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්හ. ඇවැත්නි, ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම මනා ම වේ. ඇවැත්නි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම්හු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්හ යි.
Pali BJTසාධු ඛො මාරිස, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස, එවමයං පජා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා. සාධු ඛො මාරිස, ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො මාරිස, එවමයං පජා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණාති.
Sinhala BJTනිදුකාණන් වහන්ස, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම මනා ම වේ. නිදුකාණන් වහන්ස, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. නිදුකාණන් වහන්ස, ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධි සංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම මනා ම වේ. නිදුකාණන් වහන්ස, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
Pali BJTරාජකාරාමවග්ගො දුතියො.
Sinhala BJTදෙවෙනි රාජකාරාම වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTසහස්සබ්රාහ්මණානන්දා දුග්ගතී ච විනිපාතො, මිත්තාමච්චා දුවෙ වුත්තා තයො ච දෙවචාරිකාති.
Sinhala BJTසහස්ස, බ්‍රාහ්මණ, ආනන්‍ද, දුග්ගති, විනිපාත යී පසෙක් ද මින්තාමච්ච සූත්‍ර දෙකෙක් ද දේවචාරිකා සූත්‍ර තුනෙක් ද කියන ලදහ (මුළුල්ල දශයෙකි).
Pali BJT3. සරකානි{1}වග්ගො
Sinhala BJT3. සරකානි වර්‍ගය
Pali BJT11. 3. 1.
Sinhala BJT11. 3. 1.
Pali BJTමහානාමසුත්තං
Sinhala BJTමහානාම සූත්‍රය
Pali BJT3789. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච: “ඉදං භන්තෙ, කපිලවත්ථු ඉද්ධඤ්චෙව ඵීතඤ්ච බාහුජඤ්ඤං{2} ආකිණ්ණමනුස්සං සම්බාධබ්යුහං{3}. සො ඛ්වාහං භන්තෙ, භගවන්තං පයිරුපාසිත්වා මනොභාවනීයං වා භික්ඛුං,{4} සායන්හසමයං කපිලවත්ථුං පවිසන්තො; භන්තෙනපි{*} හත්ථිනා සමාගච්ඡාමි. භන්තෙනපි අස්සෙන සමාගච්ඡාමි. භන්තෙනපි රථෙන සමාගච්ඡාමි. භන්තෙනපි සකටෙන සමාගච්ඡාමි. භන්තෙනපි පුරිසෙන සමාගච්ඡාමි. තස්ස මය්හං භන්තෙ, තස්මිං සමයෙ මුස්සතෙව භගවන්තං ආරබ්භ සති. මුස්සති ධම්මං ආරබ්භ සති මුස්සති සඞ්ඝං ආරබ්භ සති. තස්ස මය්හං භන්තෙ, එවං හොති: “ඉමම්හි චාහං සමයෙ කාලං කරෙය්යං කා මමස්ස{5} ගති, කො අභිසම්පරායො”ති?
Sinhala BJT3789. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සාක්‍යදනව්වෙහි කිඹුල්වත් නුවර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, “මේ කිඹුල්වත්නුවර සමෘද්ධ ද (පළන් අබරණින්) පිණාගියේ ද බොහෝ දෙනාට හිත ද ගැවසුණු මිනිසුන් ඇත්තේ ද හැසුණු වීථි ඇත්තේ ද වෙයි. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ හෝ කුසල්සිත වඩන මහණ කෙනකුන් හෝ ඇසුරු කොට සවස්කල කිඹුල්වතට පිවිසෙනුයෙම් නොසන්හුන් ව හැසිරෙන ඇතකු සමගත් එක් වෙමි. නොසන්හුන් ව හැසිරෙන අසකු සමගත් එක් වෙමි. නොසන්හුන් ව හැසිරෙන රියක් සමගත් එක් වෙමි. නොසන්සුන් ව හැසිරෙන ගැළක් සමගත් එක් වෙමි. නොසන්හුන් ව හැසිරෙන පුරුෂයෙකු සමගත් එක් වෙමි. වහන්ස, එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ඇරබ පැවැති ඒ මාගේ සිහිය මුළා වේ මැ යි. දහම් ඇරබ පැවැති සිහිය මුළා වේ මැ යි. සඟන ඇරබ පැවැති සිහිය මුළා වේ මැ යි. වහන්ස, ඒ මට මෙබඳු සිතෙක් වෙයි: “මෙසමයෙහි මම කලුරිය කරන්නෙම් නම් මා ගේ ගතිය කුමක් වන්නී ද, පරලොව කිමෙක් වන්නේ දැ”යි?
Pali BJTමා භායි මහානාම, මා භායි මහානාම, අපාපකං තෙ මරණං භවිස්සති, අපාපිකා කාලකිරියා{6} යස්ස කස්සචි මහානාම, දීඝරත්තං සද්ධාපරිභාවිතං චිත්තං, සීලපරිභාවිතං චිත්තං, සුතපරිභාවිතං චිත්තං, චාගපරිභාවිතං චිත්තං, පඤ්ඤාපරිභාවිතං චිත්තං, තස්ස යො හි ඛ්වායං කායො රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො. තං ඉධෙව{7} කාකා වා ඛාදන්ති, ගිජ්ඣා වා ඛාදන්ති, කුලලා වා ඛාදන්ති, සුපානා{8} වා ඛාදන්ති, සිගාලා වා ඛාදන්ති, විවිධා වා පාණකජාතා ඛාදන්ති. යඤ්ච ඛ්වස්ස චිත්තං දීඝරත්තං සද්ධාපරිභාවිතං, සීලපරිභාවිතං, සුතපරිභාවිතං, චාගපරිභාවිතං, පඤ්ඤාපරිභාවිතං, තං උද්ධගාමී හොති විසෙසගාමි.
Sinhala BJTමහානාම, නො බව, මහානාම නො බව. තොපගේ මරණය අලාමක වන්නේ ය, කාලක්‍රියාව අලාමක වන්නී ය. මහානාම, යම් කිසිවකුගේ සිත දිගුකලක් සැදැහැයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, සිත ශීලයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, සිත ශ්‍රැතයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, සිත ත්‍යාගයෙන් හාත්පසින් වඩනා ලද්දේද, සිත ප්‍රඥායෙන් හාත්පසින් වඩනා ලද්දේද, ඔහුගේ රූපවත් ශරීරයෙක් සතර මහාභූතයෙන් නිපන්නේ මවුපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ යම් බතින් හා කොමුයෙන් වැඩුණේ නිරතුරු උලන පිරිමදින බිඳෙන වැනසෙන දහම් ඇත්තේ වේ ද එය මෙහි ම කවුඩෝ හෝ කති. ගිජුලිහිණියෝ හෝ කති. උකුස්සෝ හෝ කති. ශුනකයෝ හෝ කති. සිවල්ලු හෝ කති. නන්වැදෑරුම් ප්‍රාණීහු හෝ කති. ඔහුගේ යම් සිතෙක් වූ කලි දිගුකලක් මුළුල්ලෙහි සැදැහැයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, ශීලයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, ශ්‍රැතයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, ත්‍යාගයෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, ප්‍රඥායෙන් හාත්පසින් වඩනා ලද්දේ ද, එය උඩුහුරුව යනසුලු වෙයි. වෙසෙස් බැව් කරා යනසුලු වේ.
Pali BJTසෙය්යථාපි මහානාම, බලවා පුරිසො සප්පිකුම්භං වා තෙලකුම්භං වා ගම්භීරං උදකරහදං ඔගාහෙත්වා භින්දෙය්ය. තත්ර යාස්ස{1} සක්ඛරා වා කඨලා වා සා අධොගාමී අස්ස, යඤ්ච ඛ්වස්ස තත්ර සප්පි වා තෙලං වා තං උද්ධඞ්ගාමි අස්ස විසෙසගාමි. එවමෙව ඛො මහානාම, යස්ස කස්සචි දීඝරත්තං සද්ධාපරිභාවිතං චිත්තං සීල -පෙ- සුත -පෙ- චාග -පෙ- පඤ්ඤාපරිභාවිතං චිත්තං, තස්ස යො හි ඛ්වායං කායො රූපී චාතුම්මහාභූතිකො මාතාපෙත්තිකසම්භවො ඔදනකුම්මාසූපචයො අනිච්චුච්ඡාදනපරිමද්දනභෙදනවිද්ධංසනධම්මො, තං ඉධෙව කාකා වා ඛාදන්ති, ගිජ්ඣා වා ඛාදන්ති, කුලලා වා ඛාදන්ති, සුපානා වා ඛාදන්ති, සිගාලා වා ඛාදන්ති, විවිධා වා පාණකජාතා ඛාදන්ති. යඤ්ච ඛ්වස්ස චිත්තං සද්ධාපරිභාවිතං -පෙ- පඤ්ඤාපරිභාවිතං චිත්තං. තං උද්ධඞ්ගාමී හොති විසෙසගාමී. තුය්හං ඛො පන මහානාම, දීඝරත්තං සද්ධාපරිභාවිතං චිත්තං -පෙ- පඤ්ඤාපරිභාවිතං චිත්තං මා භායි මහානාම, මා භායි මහානාම, අපාපකං තෙ මරණං භවිස්සති. අපාපිකා කාලකිරියාති.
Sinhala BJTමහානාම යම්සේ බලවත් පුරුෂයෙක් ගිතෙල් කළයක් හෝ තෙල් කළයක් හෝ ගැඹුරු දියවිලකට බස්වා බිඳින්නේ ද, එහි යම් කැට හෝ කැබලිති හෝ වන්නේ නම් එය යටට යනසුලු වන්නේ ය. එහි යම් ගිතෙල් හෝ තෙල් හෝ වන්නේ නම් එය උඩුහුරු ව යනසුලු වෙසෙස් ව යනසුලු වන්නේ ය. මහානාම එසෙයින් ම යම් කිසිවකුගේ සිත දිගු කලක් මුළුල්ලෙහි සැදැහැයෙන් හාත්පසින් වඩන ලද්දේ ද, සිත ශීලයෙන් ... ශ්‍රැතයෙන් ... ත්‍යාගයෙන් ... ප්‍රඥායෙන් හාත්පසින් වඩන ලද්දේ ද ඔහුගේ යම් රූපවත් වූ, ශරීරයෙක් සතර මහාභූතයෙන් නිපන්නේ මවුපියන්ගේ ශුක්‍රශෝණිතයෙන් උපන්නේ බතින් හා කොමුයෙන් වැඩුණේ නිරතුරු උලන පිරිමදින බිඳෙන වැනසෙන දහම් ඇත්තේ වේද, එය මෙහි ලා කවුඩෝ හෝ කති. ගිජුලිහිණියෝ හෝ කති උකුස්සෝ හෝ කති. ශුනකයෝ හෝ කති. සිවල්ලු හෝ කති. නන්වැදෑරුම් ප්‍රාණීහු හෝ කති. ඔහුගේ යම් සිතෙක් දිගුකලක් මුළුල්ලෙහි සැදැහැයෙන් හාත්පසින් වඩන ලද ද ... සිත නුවණින් හාත්පසින් වඩන ලද ද එය උඩුහුරු ව යනසුලු වෙසෙස් ව යනසුලු වෙයි. මහානාම, තොපගේ සිත දිගුකලක් මුළුල්ලෙහි සැදැහැයෙන් හාත්පසින් වඩනා ලද්දේ ය ... සිත නුවණින් හාත්පසින් වඩනා ලද්දේ ය. මහානාම, නොබව, මහානාම, නො බව, තොපගේ මරණ ය අලාමක වන්නේ ය. කාලක්‍රියාව අලාමක වන්නී යි.
Pali BJT11. 3. 2.
Sinhala BJT11. 3. 2.
Pali BJTදුතිය මහානාමසුත්තං
Sinhala BJTදුතිය මහානාම සූත්‍රය
Pali BJT3790. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච: “ඉදං{2} භන්තෙ, කපිලවත්ථු ඉද්ධඤ්චෙව ඵීතඤ්ච බාහුජඤ්ඤං ආකිණ්ණමනුස්සං සම්බාධබ්යූහං. සො ඛ්වාහං භන්තෙ, භගවන්තං වා පයිරුපාසිත්වා මනොභාවනීයං වා භික්ඛුං සායන්හසමයං කපිලවත්ථුං පවිසන්තො භන්තෙනපි හත්ථිනා සමාගච්ඡාමි. භන්තෙනපි අස්සෙන සමාගච්ඡාමි. භන්තෙනපි රථෙන සමාගච්ඡාමි. භන්තෙනපි සකටෙන සමාගච්ඡාමි. භන්තෙනපි පුරිසෙන සමාගච්ඡාමි. තස්ස මය්හං භන්තෙ, තස්මිං සමයෙ මුස්සතෙව භගවන්තං ආරබ්භ සති, මුස්සති ධම්මං ආරබ්භ සති, මුස්සති සඞ්ඝං ආරබ්භ සති. තස්ස මය්හං භන්තෙ, එවං හොති: “ඉමම්හි චාහං සමයෙ කාලඞ්කරෙය්යං කා මමස්ස ගති, කො අභිසම්පරායො”ති?
Sinhala BJT3790. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත් පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාමශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, මේ කිඹුල්වත්පුරය සමෘද්ධ ද (පලන් අබරණින්) පිණාගියේ ද, බොහෝ දෙනාට හිත ද, ගැවසුණු මිනිසුන් ඇත්තේ ද, හැසුණු වීථි ඇත්තේ ද වෙයි. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ හෝ කුසල්සිත වඩන මහණ කෙනකුන් හෝ ඇසුරු කොට සවස් කල කිඹුල් වතට පිවිසිනුයෙම් නොසන්හුන් ව හැසිරෙන ඇතකු සමගත් එක් වෙමි.නොසන් සුන් ව හැසිරෙන අසකු සමගත් එක් වෙමි. නොසන් සුන් ව හැසිරෙන රියක් සමගත් එක් වෙමි. නොසන්හුන්ව හැසිරෙන ගැළක් සමගත් එක් වෙමි. නොසන්හුන් ව හැසිරෙන මිනිසකු සමගත් එක් වෙමි. වහන්ස, එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ ඇරබ පැවැති ඒ මාගේ සිහිය මුළා වේ මැ යි. දහම් ඇරබ පැවැති සිහිය මුළා වේ මැ යි. සඟන ඇරබ පැවැති සිහිය මුළා වේ මැයි. වහන්ස, ඒ මට මෙබඳු සිතෙක් වෙයි: “ඉදින් මෙසමයෙහි මම කලුරිය කරන්නෙම් නම් මාගේ ගතිය කුමක් වන්නී ද? පරලොව කිමෙක් වන්නේ දැ”යි?
Pali BJTමා භායි මහානාම, මා භායි, මහානාම, අපාපකං තෙ මරණං භවිස්සති, අපාපිකා කාලකිරියා. චතූහි ඛො මහානාම, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කතමෙහි චතූහි: ඉධ මහානාම, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. සෙය්යථාපි මහානාම, රුක්ඛො පාචීනනින්නො පාචීනපොණො පාචීනපබ්භාරො, සො මූලෙ ඡින්නො කතමෙන පපතෙය්යා{1}ති? යෙන භන්තෙ, නින්නො යෙන පොණො යෙන පබ්භාරොති. එවමෙව ඛො මහානාම, ඉමෙහි චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJTමහානාම නො බව, මහානාම නො බව. තොපගේ මරණය අලාමක වන්නේ ය. කාලක්‍රියාව අලාමක වන්නී ය. මහානාම, සිවුදහමකින් යුතු අරිසවු තෙමේ නිවණට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. කවර සිවුදහමෙකින යත්: මහානාම මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟන කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මහානාම, යම්සේ පෙරදිගට නැමුණ පෙරදිගට නැඹුරු වූ පෙරදිගට බර වූ රුකෙක් වේ ද, එය මුලින් සිඳින ලද්දේ කවර දිගකට වැටෙන්නේ දැ යි? වහන්ස, නැමුණු දිගට නැඹුරු වූ දිගට බර වූ දිගට ය. මහානාම, එසෙයින් ම මේ සිවුදහමින් යුතු අරිසවු තෙමේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි.
Pali BJT11. 3. 3.
Sinhala BJT11. 3. 3.
Pali BJTතතිය මහානාම සුත්තං
Sinhala BJTතතිය මහානාම සූත්‍රය
Pali BJT3791. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහානාමො සක්කො යෙන ගොධා සක්කො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ගොධං සක්කං එතදවොච: “කතීහි ත්වං ගොධෙ, ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාසි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණන්ති”? තීහි ඛ්වාහං මහානාම, ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං. කතමෙහි තීහි: ඉධ මහානාම, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. ඉමෙහි ඛො’හං මහානාම, තීහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං.
Sinhala BJT3791. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එකල්හි මහානාමශාක්‍ය තෙමේ ගෝධාශාක්‍යයන් වෙත එළඹියේ ය. එළඹ ගෝධාශාක්‍යයන්ට මෙය කී ය: ගෝධාවෙනි, “තෙපි විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු ය”යි දනිවු දැයි? මහානාමයෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා තුන් දහමෙකින් යුතු ය”යි මම දනිමි. කවර තුනෙකින යත්: මහානාමයෙනි, “මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි ... භාග්‍යවතුන් වහන්සේ ගේ සවුසඟන සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟන කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මහානාමයෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ තුන්දහමින් යුතු ය”යි මම දනිමි.
Pali BJTත්වං පන මහානාම, කතිහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාසි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණන්ති? චතූහි ඛ්වාහං භො ගොධෙ, ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං. කතමෙහි චතූහි: ඉධ භො ගොධෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”තීහි ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛ්වාහං ගොධෙ චතූහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි. අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණන්ති. ආගමෙහි ත්වං මහානාම, ආගමෙහි ත්වං මහානාම, භගවාව එතං ජානෙය්ය එතෙහි ධම්මෙහි සමන්නාගතං වා අසමන්නාගතං වාති. ආයාම ගොධෙ, යෙන භගවා තෙනුපසඞ්කමෙය්යාම උපසඞ්කමිත්වා{2} භගවතො එතමත්ථං ආරොචෙස්සාමාති.
Sinhala BJTමහානාමයෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු ය”යි තෙපි දනිවු දැයි? භවත් ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා සිවු දහමෙකින් යුතු යයි මම දනිමි. කවර සිවු දහමෙකින යත්: භවත් ගෝධාවෙනි, මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙවිමිනිසුන්ට, ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟන කෙරෙහි ... අඛණ්ඩ වූ සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ සිවු දහමින් යුතු ය යි මම දනිමි යි. මහානාමයෙනි, තෙපි ඉවසවු. මහානාමයෙනි, තෙපි ඉවසවු. “මේ දහමින් යුතු හෝ නොයුතු හෝ”යි භාග්‍යවතුන් වහන්සේ ම මෙය දන්නා සේකැ”යි. ගෝධාවෙනි, යමු, භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙම්හ. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැල කරම්හ”යි.
Pali BJTඅථ ඛො මහානාමො ච සක්කො ගොධා ච සක්කො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච: “ඉධාහං භන්තෙ, යෙන ගොධා සක්කො තෙනුපසඞ්කමිං. උපසඞ්කමිත්වා ගොධං සක්කං එතදවොචං: කතීහි ත්වං ගොධෙ, ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාසි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණන්ති? එවං වුත්තෙ භන්තෙ, ගොධා සක්කො මං එතදවොච:
Sinhala BJTඑකල්හි මහානාමශාක්‍ය තෙමේත් ගෝධාශාක්‍ය තෙමේත් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්හ. එකත්පසෙක හුන් මහානාම ශාක්‍ය තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය. වහන්ස, “මෙහි මම ගෝධා ශාක්‍යයන් වෙත එළඹියෙමි. එළඹ ගෝධාශාක්‍යයන්ට මෙය කීමි. ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු ය”යි තෙපි දනිවු දැ යි? වහන්ස එසේ කී කල්හි ගෝධා ශාක්‍ය තෙමේ මට මෙය කීය:
Pali BJTතීහි ඛ්වාහං මහානාම, ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං. කතමෙහි තීහි: ඉධ මහානාම, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. ඉමෙහි ඛො’හං මහානාම, තීහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං. ත්වං පන මහානාම, කතීහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාසි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණන්ති? එවං වුත්තෙ’හං{1} භන්තෙ, ගොධං සක්කං එතදවොචං:
Sinhala BJT“මහානාමයෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා තුන් දහමෙකින් යුතු යයි මම දනිමි. කවර තුනකින යත්: මහානාමයෙනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... භාග්‍යවතුන් වහන්සේ ගේ සවුසඟන සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින් කෙතැ”යි සඟන කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. මහානාමයෙනි, විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ තුන් දහමින් යුතු ය”යි මම දනිමි. මහානාමයෙනි, තෙපි වනාහි “විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා කෙතෙක් දහමින් යුතු යයි” දනිව් දැයි? වහන්ස, එසේ කී කල්හි ගෝධා ශාක්‍යයන්ට මම මෙය කීමි:
Pali BJTචතූහි ඛ්වාහං ගොධෙ, ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණං. කතමෙහි චතූහි: ඉධ ගොධෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො’හං ගොධෙ, චතූහි ධම්මෙහි සමන්නාගතං සොතාපන්නං පුග්ගලං ආජානාමි අවිනිපාතධම්මං නියතං සම්බොධිපරායණන්ති. එවං වුත්තෙ භන්තෙ, ගොධා සක්කො මං එතදවොච:
Sinhala BJTගෝධාවෙනි, “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා සිවු දහමෙකින් යුතු ය”යි මම දනිමි. කවර සිවු දහමෙකින යත්: ගෝධාවෙනි, “මෙහි අරීසවු තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟන කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධි සංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. ගෝධාවෙනි, විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුලා මේ සිවු දහමින් යුතු ය”යි මම දනිමි”යි. වහන්ස, එසේ කී කල්හි ගෝධා ශාක්‍යයෝ මට මෙය කීහ:
Pali BJTආගමෙහි ත්වං මහානාම, ආගමෙහි ත්වං මහානාම, භගවාව එතං ජානෙය්ය එතෙහි ධම්මෙහි සමන්නාගතං වා අසමන්නාගතං වාති. ඉධ භන්තෙ, කොචිදෙව ධම්මසමුප්පාදො{2} උප්පජ්ජෙය්ය එකතො අස්ස භගවා එකතො භික්ඛුසඞ්ඝො, ච. යෙනෙව භගවා තෙනෙවාහං අස්සං. එවං පසන්නං මං භන්තෙ, භගවා ධාරෙතු.
Sinhala BJTමහානාමයෙනි, තෙපි ඉවසවු, මහානාමයෙනි, තෙපි ඉවසවු. “මේ දහමෙන් යුතු හෝ නොයුතු හෝ”යි මෙය භාග්‍යවතුන් වහන්සේ ම දැන වදාරන සේක. වහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේ ය. භාග්‍යවතුන් වහන්සේ එක්පසෙක වන සේක, බික්සඟනද එක්පසෙක වන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක වන සේක් නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්‍යවතුන් වහන්සේ දරන සේක්වා.
Pali BJTඉධ භන්තෙ, කොචිදෙව ධම්මසමුප්පාදො{2} උප්පජ්ජෙය්ය එකතො අස්ස භගවා එකතො භික්ඛුසඞ්ඝො, එකතො භික්ඛුනිසඞ්ඝො ච, යෙනෙව භගවා තෙනෙවාහං අස්සං. එවං පසන්නං මං භන්තෙ, භගවා ධාරෙතු.
Sinhala BJTවහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේය, භාග්‍යවතුන් වහන්සේ එක්පසෙක වන සේක. බික්සඟන එක්පසෙක ද මෙහෙණ සඟන එක් පසෙක ද වන්නා හ. භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්‍යවතුන් වහන්සේ දරන සේක්වා.
Pali BJTඉධ භන්තෙ, කොචිදෙව ධම්මසමුප්පාදො උප්පජ්ජෙය්ය. එකතො අස්ස භගවා එකතො භික්ඛුසඞ්ඝො, එකතො භික්ඛුනීසඞ්ඝො, උපාසකා ච. යෙනෙව භගවා තෙනෙවාහං අස්සං. එවං පසන්නං මං භන්තෙ, භගවා ධාරෙතු.
Sinhala BJTවහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේය. භාග්‍යවතුන් වහන්සේ එක්පසෙක වන සේක. බික්සඟන එක් පසෙක ද මෙහෙණ සඟනත් උවසුවෝත් එක්පසෙක ද වන්නාහ. භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්‍යවතුන් වහන්සේ දරන සේක්වා.
Pali BJTඉධ භන්තෙ, කොචිදෙව ධම්මසමුප්පාදො උප්පජ්ජෙය්ය. එකතො අස්ස භගවා, එකතො භික්ඛුසඞ්ඝො, එකතො භික්ඛුනීසඞ්ඝො උපාසකා උපාසිකායො ච, යෙනෙව භගවා තෙනෙවාහං අස්සං එවං පසන්නං මං භන්තෙ, භගවා ධාරෙතු.
Sinhala BJTවහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේය. භාග්‍යවතුන් වහන්සේ එක්පසෙක වන සේක. බික්සඟන එක් පසෙක ද මෙහෙණ සඟනත් උවසුවෝත් උවැසියෝත් එක් පසෙක ද වන්නාහ. භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්‍යවතුන් වහන්සේ දරන සේක්වා.
Pali BJTඉධ භන්තෙ, කොචිදෙව ධම්මසමුප්පාදො උප්පජ්ජෙය්ය, එකතො අස්ස භගවා, එකතො භික්ඛුසඞ්ඝො, එකතො භික්ඛුනීසඞ්ඝො, උපාසකා උපාසිකායො සදෙවකො ච ලොකො{1} සමාරකො සබ්රහ්මකො සස්සමණබ්රාහ්මණී පජා සදෙවමනුස්සා. යෙනෙව භගවා තෙනෙවාහං අස්සං. එවං පසන්නං මං භන්තෙ, භගවා ධාරෙතූති.
Sinhala BJTවහන්ස, මෙහි කිසියම් කරුණෙක් උපදනේ ය. භාග්‍යවතුන් වහන්සේ එක් පසෙක වන සේක. බික්සඟන එක්පසෙක ද මෙහෙණසඟනත් උවසුවෝත් උවැසියෝත් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකයාත් මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවත් එක්පසෙක ද වන්නාහ. භාග්‍යවතුන් වහන්සේ යම් පසෙක නම් මමත් එහි ම වන්නෙමි. වහන්ස, මෙසේ පහන් වූ මා භාග්‍යවතුන් වහන්සේ දරන සේක්වා යි.
Pali BJTඑවංවාදී ත්වං ගොධෙ, මහානාමං සක්කං කිං වදෙසීති? එවංවාදාහං භන්තෙ, මහානාමං සක්කං න කිඤ්චි වදාමි, අඤ්ඤත්ර කල්යාණා අඤ්ඤත්ර කුසලාති.
Sinhala BJTගෝධාවෙනි, මෙබඳු වාද ඇති තෙපි මහානාම ශාක්‍යයන්ට කුමක් කියවු දැයි? වහන්ස, මෙබඳු වාද ඇති මම මහානාම ශාක්‍යයන්ට යහපත හැර කුශලය හැර කිසිවක් නො කියමි යි.
Pali BJT11. 3. 4.
Sinhala BJT11. 3. 4.
Pali BJTසරකානිසුත්තං
Sinhala BJTසරකානි සූත්‍රය
Pali BJT3792. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන සරකානි{2} සක්කො කාලකතො හොති. සො භගවතා ව්යාකතො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති. තත්ර සුදං සම්බහුලා සක්කා සඞ්ගම්ම සමාගම්ම උජ්ඣායන්ති, ඛීයන්ති, විපාචෙන්ති: “අච්ඡරියං වත භො අබ්භුතං වත භො, එත්ථදානි කො න සොතාපන්නො භවිස්සති, යත්ර හි නාම සරකානි සක්කො කාලකතො, සො භගවතා ව්යාකතො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති. සරකානි සක්කො සික්ඛාදුබ්බල්යමාපාදි, මජ්ජපානං අපායී”ති.
Sinhala BJT3792. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සරකානිශාක්‍ය තෙමේ කලුරිය කෙළේ වෙයි. හෙතෙමේ විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. එහි බොහෝ ශාක්‍යයෝ එක් ව රැස් ව අවමන් කෙරෙත්, ගරහත්, දොස් පහළ කෙරෙත්. පින්වත්නි, අසිරියි. පින්වත්නි, පුදුමයි. යම් සරකානි ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ විවසව නො හෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නොවන්නේ ද, සරකානි ශාක්‍ය තෙමේ සිකපද රැකීමෙහි දුබලබවට පැමිණියේ ය. මත්පැන් පූයේ යි.
Pali BJTඅථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච: “ඉධ භන්තෙ, සරකානි සක්කො කාලකතො. සො භගවතා ව්යාකතො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති. තත්ර සුදං භන්තෙ, සම්බහුලා සක්කා සඞ්ගම්ම සමාගම්ම උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, එත්ථදානි කො න සොතපන්නො භවිස්සති. යත්ර හි නාම සරකානි සක්කො කාලකතො, සො භගවතා ව්යාකතො “සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති. සරකානි සක්කො සික්ඛාදුබ්බල්යමාපාදි, මජ්ජපානං අපායී”ති.
Sinhala BJTඑකල්හි මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, “මෙහි සරකානි ශාක්‍ය තෙමේ කලුරිය කෙළේ ය. හෙතෙමේ විවසව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. වහන්ස, එහි බොහෝ ශාක්‍යයෝ එක් ව රැස් ව අවමන් කෙරෙත්. ගරහත්. දොස් පහළ කෙරෙත්. පින්වත්නි, අසිරි යි. පින්වත්නි, පුදුම යි. යම් සරකානි ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යි භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නොවන්නේ ද, සරකානි ශාක්‍ය තෙමේ සිකපද රැකීමෙහි දුබලබවට පැමිණියේ ය. මත්පැන් පූයේ යි.
Pali BJTයො සො මහානාම, දීඝරත්තං උපාසකො බුද්ධං සරණං ගතො, ධම්මං සරණං ගතො, සඞ්ඝං සරණං ගතො, සො කථං විනිපාතං ගච්ඡෙය්ය. යං හි තං මහානාම, සම්මාවදමානො වදෙය්ය, දීඝරත්තං උපාසකො බුද්ධං සරණං ගතො, ධම්මං සරණං ගතො, සඞ්ඝං සරණං ගතොති, සරකානිං සක්කං සම්මා වදමානො වදෙය්ය. සරකානි මහානාම, සක්කො දීඝරත්තං උපාසකො බුද්ධං සරණං ගතො, ධම්මං සරණං ගතො, සඞ්ඝං සරණං ගතො. සො කථං විනිපාතං ගච්ඡෙය්ය?
Sinhala BJTමහානාම, යම් ඒ උවසුවෙක් දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ දහම් පිහිට කොට ගියේ සඟන පිහිට කොට ගියේ නම් හෙතෙමේ කෙසේ නිරයට යන්නේ ද මහානාම, මැනවින් කියන්නෙක් “උවසු තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ දහම් පිහිට කොට ගියේ සඟන පිහිට කොට ගියේයි” ඒ යමෙකු ගෙන කියන්නේ නම් මැනවින් කියන්නා සරකානි ශාක්‍යයා ඇරබ කියන්නේ ය. මහානාම, උවසු වූ සරකානි ශාක්‍ය තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් පිහිට කොට ගියේ ය. දහම් පිහිට කොට ගියේ ය. සඟන පිහිට කොට ගියේ ය. හෙතෙමේ කෙසේ නම් නිරයට යන්නේ ද?
Pali BJTඉධ මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති හාසුපඤ්ඤො{1} ජවනපඤ්ඤො විමුත්තියා ච සමන්නාගතො. සො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා, පරිමුත්තො තිරච්ඡානයොනියා, පරිමුත්තො පෙත්තිවිසයා, පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
Sinhala BJTමහානාම, මෙහි ඇතැම් පුඟුලෙක්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි ... ලොවට අනුතුරු පින්කෙතැ යි සඟන කෙරෙහි හාසබහුල ප්‍රඥා ඇත්තේ ය. ජවනප්‍රඥා ඇත්තේ ය. විමුක්තියෙන් ද සමන්‍වාගත ය. හෙතෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය. තිරිසන්යෝනින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් හාත්පසින් මිදුණේ ය. අපායදුර්‍ගති විනිපාතයෙන් මිදුණේ ය.
Pali BJTඉධ මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. හාසුපඤ්ඤො ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. සො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති. තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා{2} ලොකා. අයම්පි ඛො මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා, පරිමුත්තො තිරච්ඡානයොනියා, පරිමුත්තො පෙත්තිවිසයා පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
Sinhala BJTමහානාම මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. “ධර්‍මය කෙරෙහි ... ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි ... හාසබහුල ප්‍රඥා ඇත්තේ ය. ජවනප්‍රඥා ඇත්තේ ය. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. හෙතෙමේ පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් එහි පිරිනිවෙනසුලු එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇති ඕපපාතිකයෙක් වෙයි. මහානාම මේ පුඟුල්තෙමේත් නිරයයෙන් මිදුණේ ය. තිරිසන් යෝනින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් මිදුණේ ය. අපායදුර්‍ගති විනිපාතයෙන් මිදුණේ ය.
Pali BJTඉධ පන මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- න හාසුපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. අයම්පි ඛො මහානාම, පුග්ගලො පරිමුත්තා නිරයා, පරිමුත්තො තිරච්ඡානයොනියා, පරිමුත්තො පෙත්තිවිසයා, පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
Sinhala BJTමහානාම, මෙහි ඇතැම් පුඟුලෙක්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි ... සඟන කෙරෙහි ... හාසබහුල ප්‍රඥා ඇත්තේ නො වේ. ජවනප්‍රඥා ඇත්තේ නො වේ. විමුක්තියෙන් යුක්ත වූයේ නො ද වෙයි. හෙ තුන් සංයොජනයක් ක්‍ෂය කිරීමෙන් රාගදෝසමෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වෙයි. එක් වරක් ම මෙලොවට පැමිණ දුක් කෙළවර කෙරෙයි. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයයෙන් මිදුණේ ය. තිරිසන්යෝනින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් මිදුණේ ය. අපාය දුර්‍ගති විනිපාතයෙන් මිදුණේ ය.
Pali BJTඉධ පන මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- න හාසුපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. අයම්පි ඛො මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා, පරිමුත්තො තිරච්ඡානයොනියා, පරිමුත්තො පෙත්තිවිසයා, පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
Sinhala BJTමහානාම, මෙහි ඇතැම් පුඟුලෙක්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධය හ, භගවත්හ”යි බුදුන් කෙරෙහි අචලප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. දහම්හි ... සඟන කෙරෙහි ... හාසප්‍රඥා ඇත්තේ නො වේ. ජවනප්‍රඥා ඇත්තේ නො වේ. විමුක්තියෙන් නො ද සමන්‍වාගත වේ. හෙ තෙවැදෑරුම් සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. මහානාම, මේ පුඟුල් තෙමේ ද නිරයෙන් මිදුණේ ය. තිරිසන් යෝනින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් මිදුණේ ය. අපාය දුර්‍ගති විනිපාතයෙන් මිදුණේ ය.
Pali BJTඉධ පන මහානාම, එකච්චො පුග්ගලො න හෙව ඛො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති. න ධම්මෙ -පෙ- න සඞ්ඝෙ -පෙ- න හාසුපඤ්ඤො න ජවනපඤ්ඤො, න ච විමුත්තියා සමන්නාගතො. අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං. තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්තසො නිජ්ඣානං ඛමන්ති. අයම්පි ඛො මහානාම පුග්ගලො අගන්තා නිරයං, අගන්තා තිරච්ඡානයොනිං, අගන්තා පෙත්තිවිසයං, අගන්තා අපායදුග්ගතිවිනිපාතං.
Sinhala BJTමහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ නො ම වෙයි. දහම්හි ... නොම වෙයි. සඟන කෙරෙහි නො ම වෙයි. හාස බහුල ප්‍රඥා ඇත්තේ නොම වේ. ජවනප්‍රඥා ඇත්තේ නො ම වේ. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. වැලිදු ඔහුට සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යන මේ දහම්හු වෙත්. තථාගතයන් වහන්සේ විසින් ප්‍රකාශ කරන ලද දහම්හු නුවණින් පමණ විසින් ම ඔහුගේ දැක්මට සුදුසු වෙත්. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයට නො යන්නෙකි. තිරිසන්යෝනට නොයන්නෙකි. ප්‍රේතවිෂයට නොයන්නෙකි. අපාය දුර්‍ගති විනිපාතයට නො යන්නෙකි.
Pali BJTඉධ පන මහානාම, එකච්චො පුග්ගලො න හෙව ඛො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති. න ධම්මෙ -පෙ- න සඞ්ඝෙ -පෙ- න හාසුපඤ්ඤො න ජවනපඤ්ඤො, න ච විමුත්තියා සමන්නාගතො, අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. තථාගතෙ චස්ස සද්ධාමත්තං හොති, පෙමමත්තං. අයම්පි ඛො මහානාම, පුග්ගලො අගන්තා නිරයං, අගන්තා තිරච්ඡානයොනිං, අගන්තා පෙත්තිවිසයං, අගන්තා අපායදුග්ගතිවිනිපාතං.
Sinhala BJTමහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි අචල ප්‍රසාදයෙන් නො ම සමන්‍වාගත වෙයි. දහම්හි ... නො ම වෙයි. සඟන කෙරෙහි ... නො ම වෙයි. හාස බහුල ප්‍රඥා ඇත්තේ නො ම වෙයි. ජවනප්‍රඥා ඇත්තේ නො ම වෙයි. විමුක්තියෙන් සමන්‍වාගත නො ම වෙයි. වැලිදු ඔහුට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යන මේ දහම්හු වෙත්. තථාගතයන් කෙරෙහි ද සද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වෙයි. මහානාම මේ පුඟුල් තෙමේත් නිරයට නො යන්නෙකි. තිරිසන්යෝනට නොයන්නෙකි. ප්‍රේතවිෂයට නො යන්නෙකි. අපාය දුර්‍ගති විනිපාතයට නො යන්නෙකි.
Pali BJTඉමෙ චෙපි මහානාම, මහාසාලා සුභාසිතං දුබ්භාසිතං ආජානෙය්යුං, ඉමෙ චාහං මහාසාලෙ ව්යාකරෙය්යං: “සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති. කිමඞ්ග පන සරකානිං සක්කං. සරකානි මහානාම, සක්කො මරණකාලෙ පන සික්ඛං{1} සමාදියීති.
Sinhala BJTමහානාම, ඉදින් මම විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්හ යි මේ මහසල්රුක්නට පවසන්නෙම් නම් මේ මහසල්රුක්හු ද සුභාෂිත දුර්‍භාෂිත දැන ගන්නාහු ය. සරකානි ශාක්‍යයා ගැන කියනු ම කිම? මහානාම සරකානි ශාක්‍ය තෙමේ මැරෙන කල ත්‍රිවිධ ශික්‍ෂා පිරිපුන් කරනසුලු වී ය.
Pali BJT11. 3. 5.
Sinhala BJT11. 3. 5.
Pali BJTදුතිය සරකානි සුත්තං
Sinhala BJTදුතිය සරකානි සූත්‍රය
Pali BJT3793. එකං සමයං භගවා සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. තෙන ඛො පන සමයෙන සරකානි සක්කො කාලකතො හොති. සො භගවතා ව්යාකතො: “සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති. තත්ර සුදං සම්බහුලා සක්කා සඞ්ගම්ම සමාගම්ම උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: “අච්ඡරියං වත භො අබ්භුතං වත භො, එත්ථදානි කො න සොතාපන්නො භවිස්සති. යත්ර හි නාම සරකානි සක්කො කාලකතො. සො භගවතා ව්යාකතො ‘සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. සරකානි සක්කො සික්ඛාය අපරිපූරකාරී අහොසී”ති.
Sinhala BJT3793. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ශාක්‍යදනව්වෙහි කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි සරකානි ශාක්‍යතෙමේ කලුරිය කෙළේ වෙයි. හෙතෙමේ “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්”යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. එහි වූ කලී බොහෝ ශාක්‍යයෝ එක් රැස් ව අවමන් කෙරෙත්. ගරහත්, දොස් පහළ කෙරෙත්. “භවත්නි, අසිරි යි. භවත්නි, පුදුම යි. ‘යම් සරකානි නම් ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද, හෙතෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්’යී භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නොවන්නේ ද? සරකානි ශාක්‍ය තෙමේ ශික්‍ෂාව පිරිපුන් නොකරනසුලු වී”යි.
Pali BJTඅථ ඛො මහානාමො සක්කො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො භගවන්තං එතදවොච: “ඉධ භන්තෙ, සරකානි සක්කො කාලකතො. සො භගවතා ව්යාකතො: ‘සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. තත්ර සුදං භන්තෙ, සම්බහුලා සක්කා සඞ්ගම්ම සමාගම්ම උජ්ඣායන්ති ඛීයන්ති විපාචෙන්ති: අච්ඡරියං වත භො, අබ්භුතං වත භො, එත්ථ’දානි ඛො න සොතාපන්නො භවිස්සති. යත්ර හි නාම සරකානි සක්කො කාලකතො. සො භගවතා ව්යාකතො: ‘සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො’ති. සරකානි සක්කො සික්ඛාය අපරිපූරිකාරී අහොසී”ති.
Sinhala BJTඑකල්හි මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් මහානාම ශාක්‍යයෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළ හ: “වහන්ස, මෙහි සරකානි ශාක්‍ය තෙමේ කලුරිය කෙළේ ය. ‘හෙතෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්’ යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ය. එහි වනාහි බොහෝ ශාක්‍යයෝ එක්ව රැස් ව අවමන් කෙරෙත්, ගරහත්, දොස් පහළ කෙරෙත්. භවත්නි, අසිරි යි. භවත්නි, පුදුම යි. ‘යම් සරකානි නම් ශාක්‍යයෙක් කලුරිය කෙළේ ද හෙතෙමේ විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන්’යී භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද්දේ ය. මෙහි දැන් කවරෙක් සෝවන් නො වන්නේ ද? සරකානි ශාක්‍ය තෙමේ ශික්‍ෂාව පිරිපුන් නොකරනසුලු වී”යි.
Pali BJTයො සො මහානාම, දීඝරත්තං උපාසකො බුද්ධං සරණං ගතො ධම්මං සරණං ගතො සඞ්ඝං සරණං ගතො, සො කථං විනිපාතං ගච්ඡෙය්ය. යං හි තං මහානාම, සම්මා වදමානො වදෙය්ය: “දීඝරත්තං උපාසකො බුද්ධං සරණං ගතො ධම්මං සරණං ගතො සඞ්ඝං සරණං ගතො”ති. සරකානිං සක්කං සම්මා වදමානො වදෙය්ය. සරකානි මහානාම, සක්කො දීඝරත්තං උපාසකො බුද්ධං සරණං ගතො, ධම්මං සරණං ගතො, සඞ්ඝං සරණං ගතො, සො කථං විනිපාතං ගච්ඡෙය්ය.
Sinhala BJTමහානාම, යම් ඒ උවසුවෙක් දිගුකලක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියේ දහම් සරණ ගියේ සඟුන් සරණ ගියේ වේ නම් හෙතෙමේ කෙසේ නිරයට යන්නේ ද? මහානාම, මැනවින් කියන්නෙක් “උවසු තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියේ දහම් සරණ ගියේ සඟුන් සරණ ගියේ”යි ඒ යමකු ඇරබ කියන්නේ නම් මැනවින් කියන්නා සරකානි ශාක්‍යයා ඇරබ කියන්නේ ය. මහානාම, උවසු වූ සරකානි ශාක්‍ය තෙමේ දිගුකලක් මුළුල්ලෙහි බුදුන් සරණ ගියේ ය. දහම් සරණ ගියේ ය. සඟුන් සරණ ගියේ ය. හෙතෙමේ කෙසේ නම් නිරයට යන්නේ ද?
Pali BJTඉධ, මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ එකන්තිගතො{1} හොති අභිප්පසන්නො: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. “ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. හාසුපඤ්ඤො ජවනපඤ්ඤො විමුත්තියා ච සමන්නාගතො. සො ආසවානං ඛයා අනාසවං චෙතො විමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. අයම්පි ඛො මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා, පරිමුත්තො තිරච්ඡානයොනියා, පරිමුත්තො පෙත්තිවිසයා, පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
Sinhala BJTමහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ (=නොසැලෙන සැදැහැ ඇත්තේ) බෙහෙවින් පහන් වූයේ වෙයි. “දහම් කෙරෙහි ... ලොවට අනුතුරු පින්කෙතැයි සඟුන් කෙරෙහි ... හාසබහුල ප්‍රඥා ඇත්තේ ජවන ප්‍රඥා ඇත්තේ විමුක්තියෙන් ද සමන්‍වාගත වූයේ වෙයි. හෙතෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයෙන් වෙසෙසින් මිදුණේ ය. තිරිසන්යෝනියෙන් වෙසෙසින් මිදුණේ ය. ප්‍රේතවිෂයයෙන් වෙසෙසින් මිදුණේ ය. අපායදුග්ගතිවිනිපාතයෙන් වෙසෙසින් මිදුණේ ය.
Pali BJTඉධ පන මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ එකන්තිගතො හොති අභිප්පසන්නො: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- හාසුපඤ්ඤො ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. සො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරා පරිනිබ්බායී හොති. උපහච්ච පරිනිබ්බායී හොති, සසඞ්ඛාරපරිනිබ්බායී හොති, අසඞ්ඛාරපරිනිබ්බායී{1} හොති. උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. අයම්පි ඛො මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා -පෙ- පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
Sinhala BJTමහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ බෙහෙවින් පහන් වූයේ වෙයි. දහම් කෙරෙහි ... සඟුන් කෙරෙහි ... හාසබහුල ප්‍රඥා ඇත්තේ ය. ජවනප්‍රඥා ඇත්තේ ය. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. හෙ පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වේ. උපහච්ච පරිනිබ්බායී වේ. සසඞ්ඛාරපරිනිබ්බායී වේ. අසඞ්ඛාරපරිනිබ්බායී වේ. අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය ... අපායදුග්ගතිවිනිපාතයෙන් මිදුණේ ය.
Pali BJTඉධ පන මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ එකන්තිගතො හොති අභිප්පසන්නො: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. න හාසුපඤ්ඤො න ජවනපඤ්ඤො, න ච විමුත්තියා සමන්නාගතො. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී හොති, සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරොති. අයම්පි ඛො මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා -පෙ- පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
Sinhala BJTමහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ බෙහෙවින් පහන් වූයේ වෙයි. ධර්‍මය කෙරෙහි ... ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි ... හාස ප්‍රඥා ඇත්තේ නො වෙයි. ජවනප්‍රඥා ඇත්තේ නො වෙයි. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. හෙ ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගදෝසමෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වෙයි. එක්වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කෙරෙයි. මහානාම, මම පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය ... අපායදුග්ගතිවිනිපාතයෙන් මිදුණේ ය.
Pali BJTඉධ පන මහානාම, එකච්චො පුග්ගලො බුද්ධෙ එකන්තිගතො හොති අභිප්පසන්නො: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- න හාසුපඤ්ඤො න ජවනපඤ්ඤො, න ච විමුත්තියා සමන්නාගතො. සො තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති. අයම්පිඛො මහානාම, පුග්ගලො පරිමුත්තො නිරයා -පෙ- පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
Sinhala BJTමහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ වෙසෙසින් පහන් වූයේ වෙයි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... හාසුප්‍රඥා ඇත්තේ නො වේ. ජවනප්‍රඥා ඇත්තේ නො වේ. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. හෙ ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. මහානාම මේ පුඟුල් තෙමේත් නිරයෙන් මිදුණේ ය ... අපායදුග්ගතිවිනිපාතයෙන් මිදුණේ ය.
Pali BJTඉධ පන මහානාම, එකච්චො පුග්ගලො නහෙව ඛො බුද්ධෙ එකන්තිගතො හොති අභිප්පසන්නො, න ධම්මෙ -පෙ- න සඞ්ඝෙ -පෙ- න හාසුපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. තථාගතප්පවෙදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්තසො නිජ්ඣානං ඛමන්ති. අයම්පි ඛො, මහානාම, පුග්ගලො අගන්තා නිරයං, අගන්තා තිරච්ඡානයොනිං, අගන්තා පෙත්තිවිසයං, අගන්තා අපායදුග්ගතිවිනිපාතං.
Sinhala BJTමහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි ඒකාන්තබවට ගියේ බෙහෙවින් පහන් වූයේ නො ම වෙයි. ධර්‍මය කෙරෙහි ... නො ම වෙයි. සඞ්ඝයා කෙරෙහි ... නො ම වෙයි. හාසුප්‍රඥා ඇත්තේ නො ම වෙයි. ජවනප්‍රඥා ඇත්තේ නො ම වෙයි. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. වැලිදු ඔහුට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යන මේ දහම්හු වෙත්. තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද දහම්හු ද නුවණින් පමණ විසින් ම ඔහුගේ දැක්මට සුදුසු වෙත්. මහානාම, මේ පුඟුල් තෙමේ ත් නිරයට නොයන්නෙකි. තිරිසන් යොනට නො යන්නෙකි. ප්‍රේතවිෂයට නොයන්නෙකි. අපාය දුර්‍ගති විනිපාතයට නො යන්නෙකි.
Pali BJTඉධ පන මහානාම, එකච්චො පුග්ගලො න හෙව ඛො බුද්ධෙ එකන්තිගතො හොති අභිප්පසන්නො. න ධම්මෙ -පෙ- න සඞ්ඝෙ -පෙ- න හාසුපඤ්ඤො න ජවනපඤ්ඤො න ච විමුත්තියා සමන්නාගතො. අපි චස්ස ඉමෙ ධම්මා හොන්ති: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. තථාගතෙ චස්ස සද්ධාමත්තං හොති පෙමමත්තං. අයම්පි ඛො මහානාම, පුග්ගලො අගන්තා නිරයං, අගන්තා තිරච්ඡානයොනිං, අගන්තා පෙත්තිවිසයං, අගන්තා අපායදුග්ගති විනිපාතං.
Sinhala BJTමහානාම, මෙහි ඇතැම් පුඟුලෙක් බුදුන් කෙරෙහි ඒකාන්ත බවට ගියේ වෙසෙසින් පහන් වූයේ නො ම වෙයි. ධර්‍මය කෙරෙහි ... නො ම වෙයි. සඞ්ඝයා කෙරෙහි ... නො ම වෙයි. හාසබහුල ප්‍රඥා ඇත්තේ නො ම වෙයි. ජවනප්‍රඥා ඇත්තේ නො ම වෙයි. විමුක්තියෙන් නො ද සමන්‍වාගත ය. වැලිදු ඔහුට සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යන මේ දහම්හු වෙති. තථාගතයන් කෙරෙහි දු ඔහුට ශ්‍රද්ධාමාත්‍රයෙක් ප්‍රේමමාත්‍රයෙක් වෙයි. මහානාම, මේ පුඟුල් තෙමේත් නිරයට නො යන්නෙකි. තිරිසන් යොනට නො යන්නෙකි. ප්‍රේතවිෂයට නො යන්නෙකි. අපාය දුර්‍ගතිවිනිපාතයට නො යන්නෙකි.
Pali BJTසෙය්යථාපි මහානාම, දුක්ඛෙත්තං දුබ්භූමිං{1} අවිහතඛාණුකං, බීජානි චස්සු{2} ඛණ්ඩානි පූතීනි වාතාතපහතානි අසාරාදානි අසුඛසයිතානි, දෙවො ච න සම්මාධාරං අනුප්පවෙච්ඡෙය්ය. අපි නු තානි බීජානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්යුන්ති? නො හෙතං භන්තෙ. එවමෙව ඛො මහානාම, ඉධ ධම්මො දුරක්ඛාතො හොති දුප්පවෙදිතො අනිය්යානිකො අනුපසමසංවත්තනිකො අසම්මාසම්බුද්ධප්පවෙදිතො ඉදම්හං දුක්ඛෙත්තස්මිං වදාමි. තස්මිඤ්ච ධම්මෙ සාවකො විහරති ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී ඉදමහං දුබ්බීජස්මිං වදාමි.
Sinhala BJTමහානාම, යම්සේ නො සරු බිම් ඇති නො නට කණු ඇති විෂම කෙතෙක් වේ ද, බිඳුණු කුණු වූ අව්සුළඟින් නටුවා වූ හර නො ගත් මැනවින් නො තබන ලද බීජයෝ ත් වන්නාහු ද, වැස්සත් මැනවින් වැසිදහර නො පමුණුවන්නේ ද, (එසේ ඇති කල්හි) බීජයෝ වැඩීමට තිරබවට විපුලත්‍වයට පැමිණෙන්නාහු දැයි? වහන්ස, මෙය නො වේ ය. මහානාම, එසෙයින් ම මෙහි දහම නපුරු කොට පවසන ලද්දේ නපුරු කොට දෙසන ලද්දේ නිවනට නො පමුණුවන්නේ ක්ලේශව්‍යුපශමය පිණිස නො පවත්නේ සව්නේ නොදත්තවුන් විසින් පවසන ලද්දේ වේ නම් මෙය මම විෂම කෙතැ යි කියමි. ශ්‍රාවක තෙමේ ඒ ධර්‍මයෙහිත් ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ව සාමීචිප්‍රතිපන්න ව අනුධර්‍මචාරී ව වෙසේ නම් මෙය මම නපුරු බීජය යි කියමි.
Pali BJTසෙය්යථාපි මහානාම, සුඛෙත්තං{3} සුභූමිං{4} සුවිහතඛාණුකං බීජානිචස්සු අඛණ්ඩානි අපූතීනි අවාතාතපහතානි සාරාදානි සුඛසයිතානි, දෙවො ච සම්මා ධාරං අනුප්පවෙච්ඡෙය්ය. අපි නු තානි බීජානි වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජෙය්යුන්ති? එවං භන්තෙ. එවමෙව ඛො මහානාම, ඉධ ධම්මො ස්වාක්ඛාතො හොති සුප්පවෙදිතො නිය්යානිකො උපසමසංවත්තනිකො සම්මාසම්බුද්ධප්පවෙදිතො. ඉදමහං සුඛෙත්තස්මිං වදාමි. තස්මිඤ්ච ධම්මෙ සාවකො විහරති ධම්මානුධම්මපටිපන්නො සාමීචිපටිපන්නො අනුධම්මචාරී. ඉදමහං සුබීජස්මිං වදාමි. කිමඞ්ග පන සරකානිං සක්කං, සරකානි මහානාම සක්කො මරණකාලෙ සික්ඛාය පරිපූරකාරී අහොසීති.
Sinhala BJTමහානාම, යම්සේ මනා බිම් ඇති මැනවින් නසන ලද කණු ඇති මනා කෙතෙක් වේ ද, නො කඩ වූ නො කුණු වූ අව්සුළඟින් නො නට හර ගත් මැනවින් තබන ලද බීජයෝත් වන්නාහු ද, වැස්සත් මැනවින් වැසිදහර පමුණු වන්නේ ද, (එසේ ඇති කල්හි) ඒ බීජයෝ වැඩීමට තිරබවට විපුලත්‍වයට පැමිණෙන්නාහු දැ?යි වහන්ස, එසේ ය. මහානාම, එසෙයින් ම මෙහි ධර්‍මය මැනවින් පවසන ලද්දේ මැනවින් දෙසන ලද්දේ නිවනට පමුණුවන්නේ ක්ලේශව්‍යුපශමය පිණිස පවත්නේ සව්නේ දත්තවුන් විසින් පවසන ලද්දේ වේ ද මෙය මම මනා කෙතැ යි කියමි. ඒ ධර්‍මයෙහිත් ශ්‍රාවක තෙමේ ධර්‍මානුධර්‍මප්‍රතිපන්න ව සාමීචි ප්‍රතිපන්න ව අනුධර්‍මචාරී ව වෙසේ නම් මෙය මම මනා බීජය යි කියමි. සරකානි ශාක්‍යයා ගැන කියනු කිම? මහානාම, සරකානි ශාක්‍ය තෙමේ මැරෙන කල ශික්‍ෂාව පිරිපුන් කරනසුලු වී යි.
Pali BJT11. 3. 6.
Sinhala BJT11. 3. 6.
Pali BJTඅනාථපිණ්ඩික සුත්තං
Sinhala BJTඅනාථපිණ්ඩික සූත්‍රය
Pali BJT3794. තෙන ඛො පන සමයෙන අනාථපිණ්ඩිකො ගහපති ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: “එහි ත්වං අම්භො පුරිස, යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්ද, “අනාථපිණ්ඩිකො භන්තෙ, ගහපති ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. සො ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්දතී”ති. එවඤ්ච වදෙහි; “සාධු කිර භන්තෙ, ආයස්මා සාරිපුත්තො යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා”ති.
Sinhala BJT3794. එසමයෙහි අනේපිඬු ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වෙයි. එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ එක්තරා පුරුෂයකු ඇමතී ය: “එම්බා පුරුෂය, එව. තෙපි ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් වෙත එළඹෙවු. එළඹ “වහන්ස, අනේපිඬු ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන්ගේ පා හිසින් වඳී”යි මා වදනින් ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ගේ පා හිසින් වඳිවු. මෙසේත් කියවු: වහන්ස, ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ අනුකම්පා නිසා අනේපිඬු ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹෙන සේක්වා”යි.
Pali BJTඑවං භන්තෙති ඛො සො පුරිසො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස පටිස්සුත්වා යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං සාරිපුත්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: “අනාථපිණ්ඩිකො භන්තෙ, ගහපති ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. සො ආයස්මතො සාරිපුත්තස්ස පාදෙ සිරසා වන්දති. එවඤ්ච වදෙති: “සාධුකිර භන්තෙ, ආයස්මා සාරිපුත්තො යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා”ති. අධිවාසෙසි ඛො ආයස්මා සාරිපුත්තො තුණ්හීභාවෙන.
Sinhala BJTඑසේ ය හිමියනි, යි ඒ පුරුෂ තෙමේ අනේපිඬු ගැහැවිහට පිළිතුරු දී ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත් පසෙක හුන් ඒ පුරුෂ තෙමේ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ට මෙය කී ය. “වහන්ස, අනේපිඬු ගැහැවි හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වෙයි. හෙ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවන්ගේ පා හිසින් වඳියි. මෙසේත් කියයි: “වහන්ස, ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ අනුකම්පා නිසා අනේපිඬු ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹෙන සේක්වා”යි. ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ මුවෙන් නොබැණ ඉවසූහ.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය ආයස්මතා ආනන්දෙන පච්ඡාසමණෙන යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො ආයස්මා සාරිපුත්තො අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච: කච්චි තෙ ගහපති, ඛමනීයං කච්චි යාපනීයං කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති? න මෙ භන්තෙ, ඛමනීයං න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො”ති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන ආයුෂ්මත් ආනන්‍ද පසු මහණහු සමග අනේපිඬු ගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ අනේපිඬු ගැහැවිහට මෙය වදාළහ: “ගැහැවි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද්ද? ඔවුන්ගේ අඩුවීම පැනේ ද? වැඩිවීමෙක් නො පෙනේ දැ යි? වහන්ස, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දැඩි දුක්වේදනාවෝ වැඩි වෙත්, අඩු නො වෙත්. ඔවුන්ගේ වැඩි වීම පෙනේ, අඩු වීමෙක් නො පෙනේ යි.
Pali BJTයථාරූපෙන ච ඛො ගහපති, බුද්ධෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපො තෙ බුද්ධෙ අප්පසාදො නත්ථි. අත්ථි ච ඛො තෙ ගහපති, බුද්ධෙ අවෙච්චප්පසාදො: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. තඤ්ච පන තෙ බුද්ධෙ අවෙච්චප්පසාදං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යුං{1}.
Sinhala BJTගැහැවිය, බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගතිවිනිපාත නිරයට පැමිණේ නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු නොපැහැදීමෙක් තොපට නැත. ගැහැවිය, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙක් තොපට ඇත් ම ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ ඒ ගුණ දැන පැහැදීම ද තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහු ය.
Pali BJTයථාරූපෙන ඛො ගහපති, ධම්මෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපො තෙ ධම්මෙ අප්පසාදො නත්ථි අත්ථි ච ඛො තෙ ගහපති, ධම්මෙ අවෙච්චප්පසාදො: “ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. තඤ්ච පන තෙ ධම්මෙ අවෙච්චප්පසාදං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යුං{1}.
Sinhala BJTගැහැවි, දහම්හි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගතිවිනිපාත නිරයට පැමිණේ නම් දහම්හි එබඳු නොපැහැදීමෙක් තොපට නැත. ගැහැවි, “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි ගුණ දැන පැහැදීමෙක් තොපට ඇත් ම ය. දහම්හි වූ ඒ ගුණ දැන පැහැදීම ද තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
Pali BJTයථාරූපෙන ඛො ගහපති, සඞ්ඝෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපො තෙ සඞ්ඝෙ අප්පසාදො නත්ථි. අත්ථි ච ඛො තෙ ගහපති, සඞ්ඝෙ අවෙච්චප්පසාදො: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. තඤ්ච පන තෙ සඞ්ඝෙ අවෙච්චප්පසාදං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යුං{1}.
Sinhala BJTගැහැවි, සඟුන් කෙරෙහි යම්බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාත නිරයට පැමිණේ නම් සඟුන් කෙරෙහි එබඳු නොපැහැදීමෙක් තොපට නැත. ගැහැවි, “භාග්‍යවතුන් වහන්සේගේ සවුසඟහු තෙමේ සුපිළිපන්හ ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟුන් කෙරෙහි ගුණ දැන පැහැදීමෙක් තොපට ඇත් ම ය. සඟුන් කෙරෙහි වූ ඒ ගුණ දැන පැහැදීම ද තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
Pali BJTයථාරූපෙන ඛො ගහපති, දුස්සීල්යෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපං තෙ දුස්සීල්යං නත්ථි. අත්ථි ච ඛො තෙ ගහපති, අරියකන්තානි සීලානි අඛණ්ඩානි -පෙ- සමාධිසංවත්තනිකානි. තානි ච පන තෙ අරියකන්තානි සීලානි අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යුං.
Sinhala BJTගැහැවි, යම්බඳු දුසිල්කමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගතිවිනිපාතනිරයට පැමිණේ නම් එබඳු දුසිල් බවෙක් තොපට නැත. ගැහැවි නොකැඩුණු ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍ය කාන්තශීලයෝ තොපට ඇත් ම ය. ඒ ආර්‍ය්‍යකාන්තශීලයත් තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
Pali BJTයථාරූපාය ඛො ගහපති, මිච්ඡාදිට්ඨියා සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපා තෙ මිච්ඡාදිට්ඨි නත්ථි. අත්ථි ච ඛො තෙ ගහපති, සම්මාදිට්ඨි. තඤ්ච පන තෙ සම්මාදිට්ඨිං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යුං.
Sinhala BJTගැහැවි, යම්බඳු මිථ්‍යාදෘෂ්ටියෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යා දෘෂ්ටියක් තොපට නැත. ගැහැවි සම්‍යග්දෘෂ්ටිය ද තොපට ඇත් ම ය. ඒ සම්‍යග් දෘෂ්ටිය තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
Pali BJTයථාරූපෙන ඛො ගහපති, මිච්ඡාසඞ්කප්පෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපො තෙ මිච්ඡාසඞ්කප්පො නත්ථි. අත්ථි ච ඛො තෙ ගහපති, සම්මාසඞ්කප්පො. තඤ්ච පන තෙ සම්මාසඞ්කප්පං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යුං.
Sinhala BJTගැහැවි, යම්බඳු මිථ්‍යා සංකල්පයෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාසංකල්පයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යක්සංකල්පය තොපට ඇත් ම ය. ඒ සම්‍යක්සංකල්පය ද තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නා හ.
Pali BJTයථාරූපාය ඛො ගහපති, මිච්ඡාවාචාය සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපා තෙ මිච්ඡාවාචා නත්ථි. අත්ථි ච ඛො තෙ ගහපති, සම්මාවාචා. තඤ්ච පන තෙ සම්මාවාචං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යුං.
Sinhala BJTගැහැවි, යම්බඳු මිථ්‍යාවචනයෙකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාත නිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාවචනයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යක්වචනය තොපට ඇත් ම ය. ඒ සම්‍යග්වචනය ද තමන් තෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
Pali BJTයථාරූපෙන ඛො ගහපති, මිච්ඡාකම්මන්තෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපො තෙ මිච්ඡාකම්මන්තො නත්ථි. අත්ථි ච ඛො තෙ ගහපති, සම්මාකම්මන්තො. තඤ්ච පන තෙ සම්මාකම්මන්තං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යුං.
Sinhala BJTගැහැවි, යම්බඳු මිථ්‍යාකර්‍මාන්තයකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගතිවිනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාකර්‍මාන්තයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යක්කර්‍මාන්තය තොපට ඇත් ම ය. ඒ සම්‍යක්කර්‍මාන්තය ද තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
Pali BJTයථාරූපෙන ඛො ගහපති, මිච්ඡා ආජීවෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපො තෙ මිච්ඡාආජීවො නත්ථි. අත්ථි ච ඛො තෙ ගහපති, සම්මා ආජීවො. තඤ්ච පන තෙ සම්මාආජීවං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යුං.
Sinhala BJTගැහැවි, යම්බඳු මිථ්‍යා ආජීවයෙකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගතිවිනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යා ආජීවයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යග්ආජීවය තොපට ඇත් ම ය. ඒ සම්‍යගාජීවය ද තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
Pali BJTයථාරූපෙන ඛො ගහපති, මිච්ඡාවායාමෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපො තෙ මිච්ඡාවායාමො නත්ථි. අත්ථි ච ඛො තෙ ගහපති, සම්මාවායාමො. තඤ්ච පන තෙ සම්මාවායාමං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යුං.
Sinhala BJTගැහැවි, යම්බඳු මිථ්‍යාව්‍යායාමයෙකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාව්‍යායාමයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යග්ව්‍යායාමය තොපට ඇත් ම ය. ඒ සම්‍යග්ව්‍යායාමය ද තමන් කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
Pali BJTයථාරූපාය ඛො ගහපති, මිච්ඡාසතියා සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපා තෙ මිච්ඡාසති නත්ථි. අත්ථි ච ඛො තෙ ගහපති, සම්මාසති. තඤ්ච පන තෙ සම්මාසතිං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යුං.
Sinhala BJTගැහැවි, යම්බඳු මිථ්‍යාස්මෘතියකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාස්මෘතියක් තොපට නැත. ගැහැවි, සම්‍යක්ස්මෘතිය තොපට ඇත් ම ය. ඒ සම්‍යක්ස්මෘතිය ද තමන් කෙරෙහි ලා දක්නා තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
Pali BJTයථාරූපෙන ඛො ගහපති, මිච්ඡාසමාධිනා සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තථාරූපො තෙ මිච්ඡාසමාධි නත්ථි. අත්ථි ච ඛො තෙ ගහපති, සම්මාසමාධි. තඤ්ච පන තෙ සම්මාසමාධිං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යුං.
Sinhala BJTගැහැවි, යම්බඳු මිථ්‍යාසමාධියෙකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගතිවිනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යා සමාධියෙක් තොපට නැත. ගැහැවි, සම්‍යක්සමාධිය තොපට ඇත් ම ය. ඒ සම්‍යක්සමාධිය ද තමන් කෙරෙහි ලා දක්නා තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
Pali BJTයථාරූපෙන ඛො ගහපති, මිච්ඡාඤාණෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපං තෙ මිච්ඡාඤාණං නත්ථි. අත්ථි ච ඛො තෙ ගහපති, සම්මාඤාණං. තඤ්ච පන තෙ සම්මාඤාණං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යුං.
Sinhala BJTගැහැවි, යම්බඳු මිථ්‍යාඥානයෙකින් යුත් නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යාඥානයෙක් තොපට නැත. ගැහැවි, සම්‍යග්ඥානය තොපට ඇත් ම ය. ඒ සම්‍යග්ඥානයත් තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ.
Pali BJTයථාරූපාය ඛො ගහපති, මිච්ඡාවිමුත්තියා සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපා තෙ මිච්ඡාවිමුත්ති නත්ථි. අත්ථි ච ඛො තෙ, ගහපති, සම්මාවිමුත්ති. තඤ්ච පන තෙ සම්මාවිමුත්තිං අත්තනි සමනුපස්සතො ඨානසො වෙදනා පටිප්පස්සම්භෙය්යුන්ති.
Sinhala BJTගැහැවි, යම්බඳු මිථ්‍යාවිමුක්තියකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුර්‍ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු මිථ්‍යා විමුක්තියක් තොපට නැත. ගැහැවි, සම්‍යග් විමුක්තිය තොපට ඇත් ම ය. ඒ සම්‍යග් විමුක්තියත් තමා කෙරෙහි ලා දක්නා වූ තොපගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හිඳෙන්නාහ යි.
Pali BJTඅථ ඛො අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස ඨානසො වෙදනා පටිප්පස්සම්භිංසු.{1} අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති ආයස්මන්තං සාරිපුත්තං ආයස්මන්තඤ්ච ආනන්දං සකෙනෙව ථාලිපාකෙන පරිවිසි. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති, ආයස්මන්තං සාරිපුත්තං භුත්තාවිං ඔනීතපත්තපාණිං අඤ්ඤතරං නීචං ආසනං ගහෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං ආයස්මා සාරිපුත්තො ඉමාහි ගාථාහි අනුමොදි:
Sinhala BJTඉක්බිති අනේපිඬු ගැහැවිහුගේ වේදනාවෝ ඇසිල්ලෙකින් සන්හුන්හ. එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් ද ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් ද සියබත්තලියෙන්ම වැළඳ වී ය. ඉක්බිති අනේපිඬු ගැහැවි තෙමේ වළඳා නිමවූ පාත්‍රයෙන් ඉවත් කළ අත් ඇති ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එක්තරා පහත් අසුනක් ගෙන එකත් පස් ව හුන්නේ ය. එකත් පස් ව හුන් අනේපිඬු ගැහැවිහට ආයුෂ්මත් ශාරිපුත්‍ර තෙරණුවෝ මේ ගාථාවලින් අනුමෝදනා කළහ.
Pali BJT“යස්ස සද්ධා තථාගතෙ අචලා සුප්පතිට්ඨිතා, සීලඤ්ච යස්ස කල්යාණං අරියකන්තං පසංසිතං.
Sinhala BJTයමකුට තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අචල ව මැනවින් පිහිටියා ද යමකුගේ යහපත් වූ ශීලය ආර්‍ය්‍යකාන්ත වූයේ පසස්නා ලද්දේ ද,
Pali BJTසඞ්ඝෙ පසාදො යස්සත්ථි උජුභූතඤ්ච දස්සනං, අදළිද්දොති තං ආහු අමොඝං තස්ස ජීවිතං.
Sinhala BJTයමකුට සඞ්ඝයා කෙරෙහි පැහැදීම ඇත් ද, ඥානදර්‍ශනයත් ඍජු වූයේ වේ ද, ඔහු නො දිළින්දෙකැ යි (බුද්ධාදි උතුමෝ) කියති. ඔහුගේ ජීවිතය හිස් නො වේ.
Pali BJTතස්මා සද්ධඤ්ච සීලඤ්ච පසාදං ධම්මදස්සනං, අනුයුඤ්ජෙථ මෙධාවී සරං බුද්ධානසාසනන්ති”.
Sinhala BJTඑහෙයින් ප්‍රාඥ තෙමේ බුදුවරයන්ගේ ශාසනය සිහි කරන්නේ ශ්‍රද්ධාවත් ශීලයත් පැහැදීමත් ධර්‍මය දැකීමත් අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේ යි.
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො අනාථපිණ්ඩිකං ගහපතිං ඉමාහි ගාථාහි අනුමොදිත්වා උට්ඨායාසනා පක්කමි. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච: “හන්ද කුතො නු ත්වං ආනන්ද, ආගච්ඡසි දිවාදිවස්සා”ති. ආයස්මතා භන්තෙ, සාරිපුත්තෙන අනාථපිණ්ඩිකො ගහපති ඉමිනා ච ඉමිනා ච ඔවාදෙන ඔවදිතොති. පණ්ඩිතො ආනන්ද, සාරිපුත්තො. මහාපඤ්ඤො ආනන්ද, සාරිපුත්තො, යත්ර හි නාම චත්තාරි සොතාපත්තියඞ්ගානි දසහි ආකාරෙහි{2} විභජිස්සතීති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අනේපිඬු ගැහැවිහට මේ ගාථාවලින් අනුමෝදනා කොට හුනස්නෙන් නැඟී වැඩියහ. ඉක්බිති ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හුන්හ. එකත් පස් ව හුන් ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “එම්බා ආනන්‍ද, තෙපි මේ මහදවල් කොහි සිට එවු දැ?”යි. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් විසින් අනේපිඬු ගැහැවි තෙමේ මේ අවවාදයෙන් ද මේ අවවාදයෙන් ද අවවාද කරන ලද්දේ යි. ආනන්‍ද, යම් සැරියුත් කෙනෙක් සිවුසෝවන් අඟ දස අයුරෙකින් බෙදුහු නම් ඒ සැරියුත් පණ්ඩිතයෙකි. ආනන්‍ද, සැරියුත් මහපැනැත්තෙකි යි.
Pali BJT11. 3. 7.
Sinhala BJT11. 3. 7.
Pali BJTදුතිය අනාථපිණ්ඩික සුත්තං
Sinhala BJTදුතිය අනාථපිණ්ඩික සූත්‍රය
Pali BJT3795. තෙන ඛො පන සමයෙන අනාථපිණ්ඩිකො ගහපති ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: එහි ත්වං අම්භො පුරිස, යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා මම වචනෙන ආයස්මතො ආනන්දස්ස පාදෙ සිරසා වන්ද -පෙ- තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායාති. අධිවාසෙසි ඛො ආයස්මා ආනන්දො තුණ්හීභාවෙන.
Sinhala BJT3795. එසමයෙහි අනේපිඬු ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩිසේ ගිලන් වූයේ වේ. එකල්හි අනේපිඬු ගැහැවි එක්තරා පුරුෂයකු ඇමතී ය: “එම්බා පුරුෂය, එව තෙපි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹෙවු. එළඹ මා වදනින් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ පා හිසින් වඳිවු ... අනුකම්පා පිණිස එහි එළඹෙන සේක්වා” යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මුවින් නො බැණ ඉවසූහ.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන අනාථපිණ්ඩිකස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො ආයස්මා ආනන්දො අනාථපිණ්ඩිකං ගහපතිං එතදවොච: “කච්චි තෙ ගහපති, ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති, නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති, නො අභික්කමො”ති? න මෙ භන්තෙ, ඛමනීයං න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමොති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන අනේපිඬුගැහැවිහුගේ නිවෙස්න වෙත එළඹියහ. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අනේපිඬු ගැහැවිහට මෙය වදාළහ. ගැහැවි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද්ද? ඔවුන්ගේ අඩු වීම පැනේ ද? වැඩි වීමෙක් නො පෙනේ දැ යි? වහන්ස, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය, මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්, අඩු නො වෙත්. ඔවුන්ගේ වැඩි වීම පැනේ. අඩුවීමෙක් නො පැනේ යි.
Pali BJTචතූහි ඛො ගහපති, ධම්මෙහි සමන්නාගතස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස හොති උත්තාසො{1} හොති ඡම්භිතත්තං, හොති සම්පරායිකං මරණභයං. කතමෙහි චතූහි? ඉධ ගහපති, අස්සුතවා පුථුජ්ජනො බුද්ධෙ අප්පසාදෙන සමන්නාගතො හොති. තඤ්ච පනස්ස බුද්ධෙ අප්පසාදං අත්තනි සමනුපස්සතො හොති උත්තාසො, හොති ඡම්භිතත්තං, හොති සම්පරායිකං මරණභයං.
Sinhala BJTගැහැවිය, සිවුදහමෙකින් යුතු නූගත් පුහුදුන්හට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හේතු වූ මරණ බියෙක් වෙයි. කවර සිවුදහමෙකින් ද යත්: ගැහැවි, මෙහි නූගත් පුහුදුන් තෙමේ බුදුරජානණන් වහන්සේ කෙරෙහි නො පැහැදීමෙන් යුතු වූයේ වෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ ඒ නොපැහැදීමත් තමා කෙරෙහි ලා දක්නා වූ ඔහුට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හේතු වූ මරණ බියෙක් වෙයි.
Pali BJTපුන චපරං ගහපති, අස්සුතවා පුථුජ්ජනො ධම්මෙ අප්පසාදෙන සමන්නාගතො හොති. තඤ්ච පනස්ස ධම්මෙ අප්පසාදං අත්තනි සමනුපස්සතො හොති උත්තාසො, හොති ඡම්භිතත්තං, හොති සම්පරායිකං මරණභයං.
Sinhala BJTගැහැවි, නැවත අනෙකක් ද කියමි: නූගත් පුහුදුන් තෙමේ දහම්හි නොපැහැදීමෙන් යුතු වූයේ වෙයි. දහම්හි වූ ඒ නො පැහැදීමත් තමා කෙරෙහි ලා දක්නා ඔහුට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හේතු වූ මරණ බියෙක් වෙයි.
Pali BJTපුන චපරං ගහපති, අස්සුතවා පුථුජ්ජනො සඞ්ඝෙ අප්පසාදෙන සමන්නාගතො හොති. තඤ්ච පනස්ස සඞ්ඝෙ අප්පසාදං අත්තනි සමනුපස්සතො හොති උත්තාසො, හොති ඡම්භිතත්තං, හොති සම්පරායිකං මරණභයං.
Sinhala BJTගැහැවි, නැවත අනෙකක් ද කියමි: නූගත් පුහුදුන් තෙමේ සඟුන් කෙරෙහි නොපැහැදීමෙන් යුතු වූයේ වෙයි. සඟුන් කෙරෙහි ඒ නොපැහැදීමත් තමා කෙරෙහි ලා දක්නා ඔහුට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි පරලොවට හේතු වූ මරණබියෙක් වෙයි.
Pali BJTපුන චපරං ගහපති, අස්සුතවා පුථුජ්ජනො දුස්සීල්යෙන සමන්නාගතො හොති. තඤ්ච පනස්ස දුස්සීල්යං අත්තනි සමනුපස්සතො හොති උත්තාසො, හොති ඡම්භිතත්තං, හොති සම්පරායිකං මරණභයං. ඉමෙහි ඛො ගහපති, චතූහි ධම්මෙහි සමන්නාගතස්ස අස්සුතවතො පුථුජ්ජනස්ස හොති උත්තාසො, හොති ඡම්භිතත්තං, හොති සම්පරායිකං මරණභයං.
Sinhala BJTගැහැවි, නැවත අනෙකක් ද කියමි: නූගත් පුහුදුන් තෙමේ දුසිල් බැවින් යුතු වූයේ වෙයි. ඒ දුසිල් බවත්, තමා කෙරෙහි ලා දක්නා ඔහුට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හේතු වූ මරණබියෙක් වෙයි ගැහැවි, මේ සිවුදහමින් යුතු නූගත් පුහුදුන්හට තැතිගැන්මෙක් වෙයි. බියෙන් සැලීමෙක් වෙයි. පරලොවට හේතු වූ මරණබියෙක් වෙයි.
Pali BJTචතූහි ඛො ගහපති, ධම්මෙහි සමන්නාගතස්ස සුතවතො අරියසාවකස්ස න හොති උත්තාසො, න හොති ඡම්භිතත්තං, න හොති සම්පරායිකං මරණභයං. කතමෙහි චතූහි? ඉධ ගහපති, සුතවා අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. තඤ්ච පනස්ස බුද්ධෙ අවෙච්චප්පසාදං අත්තනි සමනුපස්සතො න හොති උත්තාසො, න හොති ඡම්භිතත්තං, න හොති සම්පරායිකං මරණභයං.
Sinhala BJTගැහැවි, සිවුදහමෙකින් යුතු උගත් අරීසවුහට තැතිගැන්මෙක් නො වේ. බියෙන් සැලීමෙක් නො වේ. පරලොවට හේතු වූ මරණබියෙක් නො වේ. කවර සිවුදහමෙකින යත්: ගැහැවි, මෙහි උගත් අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ ගුණ දැන පැහැදීමක් තමා කෙරෙහි ලා දක්නා ඔහුට තැතිගැන්මෙක් නො වේ. බියෙන් සැලීමෙක් නො වේ. පරලොවට හේතු වූ මරණබියෙක් නො වේ.
Pali BJTපුන චපරං ගහපති, සුතවා අරියසාවකො ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. තානි ච පනස්ස අරියකන්තානි සීලානි අත්තනි සමනුපස්සතො න හොති උත්තාසො, න හොති ඡම්භිතත්තං, න හොති සම්පරායිකං මරණභයං. ඉමෙහි ඛො ගහපති, චතූහි ධම්මෙහි සමන්නාගතස්ස සුතවතො අරියසාවකස්ස න හොති උත්තාසො, න හොති ඡම්භිතත්තං, න හොති සම්පරායිකං මරණභයන්ති.
Sinhala BJTගැහැවි, නැවත අනෙකක් ද කියමි: උගත් අරීසවු තෙමේ දහම් කෙරෙහි ... සඟුන් කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතු වූයේ වෙයි. ඒ ආර්‍ය්‍යකාන්ත සිලුත් තමා කෙරෙහි ලා දක්නා ඔහුට තැතිගැන්මෙක් නො වේ. බියෙන් සැලීමෙක් නො වේ. පරලොවට හේතු වූ මරණබියෙක් නො වේ. ගැහැවි, මේ සිවු දහමින් යුතු උගත් අරීසවුහට තැතිගැන්මෙක් නො වේ. බියෙන් සැලීමෙක් නො වේ. පරලොවට හේතු වූ මරණබියෙක් නො වේ.
Pali BJTනාහං භන්තෙ, ආනන්ද, භායාමි. ක්යාහං භායිස්සාමි{1}. අහං හි භන්තෙ, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- යානිමානි{2} භන්තෙ, භගවතා ගිහිසාමීචිකානි සික්ඛාපදානි පඤ්ඤත්තානි{3}, නාහං තෙසං කිඤ්චි අත්තනි ඛණ්ඩං සමනුපස්සාමීති. ලාභා තෙ ගහපති, සුලද්ධං තෙ ගහපති, සොතාපත්තිඵලං ගහපති, ව්යාකතන්ති.
Sinhala BJTවහන්ස, ආනන්‍දයෙනි, මම නො බමි. මම කුමකට බානෙම් ද? වහන්ස, මම වූ කලි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙවිමිනිසුනට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගතයෙමි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ගිහියන්ට සුදුසු වූ යම් මේ සිකපද කෙනෙක් පනවන ලද්දා හු ද, ඔවුනතර කඩ වූ කිසිවක් තමා කෙරෙහි නො දකිමි යි. ගැහැවි, තොපට ලාභයෙකි. ගැහැවි, තොපට මනාලැබුමෙකි. ගැහැවි, තොප විසින් සෝවන් පෙල පවසන ලදැ යි.
Pali BJT11. 3. 8.
Sinhala BJT11. 3. 8.
Pali BJTතතිය අනාථපිණ්ඩිකසුත්තං
Sinhala BJTතතිය අනාථපිණ්ඩික සූත්‍රය
Pali BJT3796. අථ ඛො අනාථපිණ්ඩිකො ගහපති යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො අනාථපිණ්ඩිකං ගහපතිං භගවා එතදවොච: යතො ච ඛො ගහපති, අරියසාවකස්ස පඤ්ච භයානි වෙරානි වූපසන්තානි{4} හොන්ති, චතූහි ච සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අරියො චස්ස ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො, සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නො‘හමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”. කතමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති:
Sinhala BJT3796. එකල්හි අනේපිඬු ගැහැවි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් අනේපිඬුගැහැවිහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ගැහැවි, යම් කලෙක අරීසවුහුගේ පස්බිය වෙර සන්හුන්නාහු වෙද්ද, සිවු සෝවන් අඟිනුත් යුතු වූයේ වේ ද, අරී නයත් ඔහු විසින් නුවණින් මනාකොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ “ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපායදුර්‍ගතිවිනිපාත ඇත්තෙම් වෙමි. මම විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි” යි තෙමේ ම තමා පවසන්නේ ය. කවර පස් බිය වෙර සන්හුන්නාහු ද යත්:
Pali BJTයං ගහපති, පාණාතිපාතී පාණාතිපාතප්පච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදියති. පාණාතිපාතා පටිවිරතස්ස එතං භයං{1} වෙරං වූපසන්තං හොති. යං ගහපති, අදින්නාදායී අදින්නාදානපච්චයා -පෙ- යං ගහපති, කාමෙසුමිච්ඡාචාරී කාමෙසුමිච්ඡාචාරපච්චයා -පෙ- යං ගහපති, මුසාවාදී මුසාවාදපච්චයා -පෙ- යං ගහපති, සුරාමෙරයමජ්ජපමාදට්ඨායී සුරාමෙරයමජ්ජපමාදට්ඨානප්පච්චයා දිට්ඨධම්මිකම්පි භයං වෙරං පසවති, සම්පරායිකම්පි භයං වෙරං පසවති, චෙතසිකම්පි දුක්ඛං දොමනස්සං පටිසංවෙදියති. සුරාමෙරයමජ්ජපමාදට්ඨානා පටිවිරතස්ස එතං භයං වෙරං වූපසන්තං හොති. ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති.
Sinhala BJTගැහැවි පණිවා කරනසුල්ලෙක් පණිවාපසයෙන් දිටුදැමි යෙහිත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, පරලොවත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, සිත පිළිබඳ වූත් දුකක් දොම්නසක් විඳී ද, පණිවායෙන් වැළකුණහුට මේ බයවෙර සන්හුන්නේ වේ. ගැහැවි, නුදුන් දෑ ගන්නාසුල්ලෙක් අයිනාදන් පසයෙන් යම් ... ගැහැවි, කාමයෙහි මිසහසර ඇත්තෙක් කාමයෙහි මිසහසරපසයෙන් යම් ... ගැහැවි, මුසා බණන්නෙක් මුසවාපසයෙන් යම් ... ගැහැවි පමාවට කරුණු වූ රහමෙර මත්පැන් බොනසුල්ලෙක් පමාවට කරුණු වූ රහමෙර මත්පැන් පසයෙන් දිටුදැමියෙහිත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, පරලොවත් යම් බියක් වෙරක් රැස් කෙරේ ද, සිත පිළිබඳ වූත් දුකක් දොම්නසක් විඳී ද, පමාට කරුණු වූ රහමෙර මත්පැන් පානයෙන් වැළකුණහුට මේ බය වෙර සන්හුන්නේ වේ. මේ පස් බිය වෙර සන්හුන්නේ වේ.
Pali BJTකතමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති: ඉධ ගහපති, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති.
Sinhala BJTකවර සිවු සෝවන් අඟින් යුතු වූයේ ද යත්: ගැහැවි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනු දු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ බුද්ධයහ භගවත්හ” යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්‍මය කෙරෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වූයේ වෙයි. මේ සිවුසෝවන් අඟින් යුතු වූයේ වෙයි.
Pali BJTකතමො චස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො? ඉධ ගහපති, අරියසාවකො පටිච්චසමුප්පාදං යෙව සාධුකං යොනිසො මනසිකරොති: “ඉති ඉමස්මිං සති ඉදං හොති, ඉමස්සුප්පාදා ඉදං උප්පජ්ජති, ඉති ඉමස්මිං අසති ඉදං න හොති, ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති, යදිදං අවිජ්ජාපච්චයා සඞ්ඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං නාමරූපපච්චයා සළායතනං, සළායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනා පච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සොක පරිදෙව දුක්ඛ දොමනස්සුපායාසා සම්භවන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති. අවිජ්ජායත්වෙව අසෙසවිරාගනිරොධා සඞ්ඛාරනිරොධො, සඞ්ඛාරනිරොධා විඤ්ඤාණනිරොධො, -පෙ- සොකපරිදෙව දුක්ඛදොමනස්සුපායාසා නිරුජ්ඣන්ති. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස නිරොධො හොතී”ති. අයමස්ස අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො.
Sinhala BJTකවර අරීනයෙක් ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වේ ද යත්: ගැහැවි, මෙහි අරීසවු තෙමේ “අවිද්‍යාප්‍රත්‍යයයෙන් සංස්කාරයෝ වෙති. සංස්කාරප්‍රත්‍යයයෙන්, විඥානය වේ. විඥානප්‍රත්‍යයයෙන් නාමරූප වේ. නාමරූපප්‍රත්‍යයයෙන් ෂඩායතන වේ. ෂඩායතනප්‍රත්‍යයයෙන් ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයයෙන් වේදනාවෝ වෙති. වේදනා ප්‍රත්‍යයයෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයයෙන් උපාදාන වේ. උපාදානප්‍රත්‍යයයෙන් භවය වේ. භවප්‍රත්‍යයයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයයෙන් ජරා මරණ ශෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ හටගනිත්. මෙසේ මේ හුදු දුක්රැසේ හටගැනීම වේ. අවිද්‍යාවේ ම නිරවශේෂවිරාගනිරෝධයෙන් සංස්කාරනිරෝධය වේ. සංස්කාරනිරෝධයෙන් විඥානනිරෝධය වේ ... සෝකපරිදේවදුක්ඛදෝමනස්ස උපායාසයෝ නිරුද්ධ වෙත්. “මෙසේ මේ හුදු දුක්රැසේ නිරෝධය වේ” යි යම් මේ පිළිසමුපාදහමෙක් වේ නම් “මෙසේ මෙය ඇති කල්හි මෙය වේ. මෙය ඉපදීමෙන් මෙය උපදී. මෙසේ මෙය නැති කල්හි මෙය නො වේ. මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ” යි පිළිසමුපා ම මැනවින් නුවණින් මෙනෙහි කෙරෙයි. මේ අරීනය ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වෙයි.
Pali BJTයතො ඛො ගහපති, අරියසාවකස්ස ඉමානි පඤ්ච භයානි වෙරානි වූපසන්තානි හොන්ති, ඉමෙහි චතූහි සොතාපත්තියඞ්ගෙහි සමන්නාගතො හොති, අයමස්ස{1} අරියො ඤායො පඤ්ඤාය සුදිට්ඨො හොති සුප්පටිවිද්ධො. සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති.
Sinhala BJTගැහැවි, යම් කලෙක අරීසවුහුගේ මේ පස්බිය වෙර සන්හුන්නාහු වෙද්ද, මේ සිවුසෝවන් අඟින් යුතු වූයේ වේ ද මේ අරීනය ඔහු විසින් නුවණින් මනා කොට දක්නා ලද්දේ මැනවින් පිළිවිදුනා ලද්දේ වේ ද, හෙතෙමේ කැමති වන්නේ “ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපායදුර්‍ගතිවිනිපාත ඇත්තෙම් වෙමි: “මම විවස ව නොහෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි” යි තෙමේ ම තමා පවසන්නේ යි.
Pali BJT11. 3. 9.
Sinhala BJT11. 3. 9.
Pali BJTභික්ඛුසුත්තං
Sinhala BJTභික්ඛු සූත්‍රය