Pali BJTඅථ ඛො භගවා දීඝාවුං උපාසකං ඉමිනා ඔවාදෙන ඔවදිත්වා උට්ඨායාසනා පක්කාමි. අථ ඛො දීඝාවු උපාසකො අචිරපක්කන්තස්ස භගවතො කාලමකාසි. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “යො සො භන්තෙ, දීඝාවු නාම උපාසකො භගවතා සඞ්ඛිත්තෙන ඔවාදෙන ඔවදිතො. සො කාලකතො. තස්ස{1} කා ගති කො අභිසම්පරායො”ති? පණ්ඩිතො භික්ඛවෙ, දීඝාවු උපාසකො අහොසි. පච්චපාදි{2} ධම්මස්සානුධම්මං න ච මං ධම්මාධිකරණං{3} විහෙසෙසි. දීඝාවු භික්ඛවෙ, උපාසකො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො හොති{4} තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකාති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ දීඝාවු උවසුහට මේ අවවාදයෙන් අවවාද කොට හුනස්නෙන් නැගිට වැඩි සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වැඩම කළ නොබෝ කලකින් දීඝාවු උවසුතෙමේ කලුරිය කෙළේ ය. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන් හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, දීඝාවු නම් යම් ඒ උවසුවෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් සැකෙවු ඔවදනින් ඔවදන් දෙනු ලැබී ද, හෙතෙමේ කලුරිය කෙළේය. ඔහුගේ ගතිය කවරක් ද, පරලොව කවරෙක් දැ”යි. මහණෙනි, දීඝාවු උවසුතෙමේ පණ්ඩිතයෙක් වී ය. දහම්හි අනුදහමට පිළිපන්නේ ය දහම් හෙයින් මා නො ද වෙහෙසී ය. මහණෙනි, දීඝාවු උවසුතෙමේ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් එහි පිරිනිවෙනසුලු එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇති ඕපපාතිකයෙක් වේ යි.
Pali BJT11. 1. 4.
Sinhala BJT11. 1. 4.
Pali BJTසාරිපුත්තසුත්තං
Sinhala BJTසාරිපුත්ත සූත්‍රය
Pali BJT3772. එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච ආනන්දො සාවත්ථියං විහරන්ති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා ආනන්දො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා සාරිපුත්තො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා සාරිපුත්තෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො ආයස්මන්තං සාරිපුත්තං එතදවොච: කතින්නං නු ඛො ආවුසො සාරිපුත්ත, ධම්මානං සමන්නාගමනහෙතු එවමයං පජා භගවතා බ්යාකතා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණාති.
Sinhala BJT3772. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝත් සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් අනඳ තෙරණුවෝ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට මෙය කීහ: “ඇවැත්නි, ශාරීපුත්‍රයෙනි, කෙතෙක් දහමින් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව විවස ව නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක් දැ”යි.
Pali BJTචතුන්නං ඛො ආවුසො, ධම්මානං සමන්නාගමනහෙතු එවමයං පජා භගවතා ව්යාකතා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණාති. කතමෙසං චතුන්නං? ඉධාවුසො, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති. අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි”. ඉමෙසං ඛො ආවුසො, චතුන්නං ධම්මානං සමන්නාගමනහෙතු එවමයං පජා භගවතා ව්යාකතා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණාති.
Sinhala BJTඇවැත්නි, සිවුදහමකින් යුතුවීම හේතු කොට ගෙන මෙසේ මේ ප්‍රජාව විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. කවර සිවුදහමෙකින් ද යත්: ඇවැත්නි, මෙහි අරීසවු තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙවිමිනිසුන්ට ශාස්තෘහ බුද්ධ හ භගවත් හ යි බුදුරජානන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි අඛණ්ඩ වු ... සමාධි සංවත්තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. ඇවැත්නි, මේ සිවුදහමින් යුතු වීම හේතු කොට ගෙන මෙසේ මේ ප්‍රජාව විවස ව නො වැටෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් යී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
Pali BJT11. 1. 5.
Sinhala BJT11. 1. 5.
Pali BJTදුතියසාරිපුත්තසුත්තං
Sinhala BJTදුතිය සාරිපුත්ත සූත්‍රය
Pali BJT3773. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං සාරිපුත්තං භගවා එතදවොච: “සොතාපත්තියඞ්ගං, සොතාපත්තියඞ්ගන්ති” හිදං සාරිපුත්ත, වුච්චති. කතමන්නුඛො සාරිපුත්ත, සොතාපත්තියඞ්ගන්ති? සප්පුරිසසංසෙවොහි භන්තෙ, සොතාපත්තියඞ්ගං, සද්ධම්මසවනං සොතාපත්තියඞ්ගං, යොනිසොමනසිකාරො සොතාපත්තියඞ්ගං, ධම්මානුධම්මපටිපත්ති සොතාපත්තියඞ්ගන්ති. සාධු සාධු සාරිපුත්ත, සප්පුරිසසංසෙවො හි සාරිපුත්ත, සොතාපත්තියඞ්ගං, සද්ධම්මසවනං සොතාපත්තියඞ්ගං, යොනිසොමනසිකාරො සොතාපත්තියඞ්ගං, ධම්මානුධම්මපටිපත්ති සොතාපත්තියඞ්ගං.
Sinhala BJT3773. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් සැරියුත් තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “සාරිපුත්ත, සෝවාන් අඟ සෝවාන් අඟැයි මෙය කියනු ලැබේ. සාරිපුත්ත, සෝවාන් අඟ කවරේ දැ”යි. වහන්ස, සපුරිස් සෙවුම සෝවාන් අඟෙකි. සදහම් ඇසුම සෝවාන් අඟෙකි. නුවණින් මෙනෙහි කිරීම සෝවාන් අඟෙකි. දහම් අනුදහම් පිළිවෙත සෝවාන් අඟෙකි”යි. සාරිපුත්ත, මැනවි, මැනවි. සාරිපුත්ත, සපුරිස් සෙවුම සෝවාන් අඟෙකි. සදහම් ඇසුම සෝවාන් අඟෙකි. නුවණින් මෙනෙහි කිරීම සෝවාන් අඟෙකි. දහම් අනුදහම් පිළිවෙත සෝවාන් අඟෙකි.
Pali BJT“සොතො සොතොති හිදං, සාරිපුත්ත, වුච්චති. කතමො නුඛො සාරිපුත්ත, සොතොති? අයමෙව හි භන්තෙ, අරියො අට්ඨඞ්ගිකො මග්ගො සොතො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධීති. සාධු සාධු සාරිපුත්ත, අයමෙව හි සාරිපුත්ත, අරියො අට්ඨඞ්ගිකො මග්ගො සොතො සෙය්යථිදං: “සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. සොතාපන්නො සොතාපන්නොති” හිදං සාරිපුත්ත, වුච්චති. කතමො නුඛො සාරිපුත්ත, සොතාපන්නොති? යො හි භන්තෙ, ඉමිනා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සමන්නාගතො, අයං වුච්චති සොතාපන්නො, ස්වායං{1} ආයස්මා එවං නාමො එවං ගොත්තොති. සාධු සාධු සාරිපුත්ත, යො හි සාරිපුත්ත, ඉමිනා අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන සමන්නාගතො. අයං වුච්චති සොතාපන්නො ස්වායං ආයස්මා එවන්නාමො එවඞ්ගොත්තොති.
Sinhala BJTසාරිපුත්ත, සෝතය සෝත ය”යි මෙය කියනු ලැබේ. සාරිපුත්ත සෝතය කවරේ දැ”යි. වහන්ස, මේ අරිඅටඟිමඟ ම සෝත යයි. එනම්; සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත මේ අරිඅටඟිමඟ ම සෝත ය යි. එනම් සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. සාරිපුත්ත සෝවාන් සෝවාන් යී මෙය කියනු ලැබේ. සාරිපුත්ත සෝවාන් කවරේ දැ යි. වහන්ස, යමෙක් මේ අරිඅටඟිමඟින් යුතු වූයේ වේ ද, මේ සෝවාන් යී කියනු ලැබේ. ඒ මේ ආයුෂ්මත් තෙමේ මෙබඳු නම් ඇත්තේ මෙබඳු ගොත් ඇත්තේ යි. සාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත, යමෙක් මේ අරිඅටඟිමඟින් යුතු වූයේ වේ ද, මේ සෝවාන් යී කියනු ලැබේ. ඒ මේ ආයුෂ්මත් තෙමේ මෙබඳු නම් ඇත්තේ මෙබඳු ගොත් ඇත්තේ යි.
Pali BJT11. 1. 6.
Sinhala BJT11. 1. 6.
Pali BJTථපතිසුත්තං
Sinhala BJTථපති සූත්‍රය
Pali BJT3774. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති: “නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතීති”. තෙන ඛො පන සමයෙන ඉසිදත්තපුරාණා ථපතයො: සාධුකෙ පටිවසන්ති කෙනචි දෙව කරණීයෙන, අස්සොසුං ඛො ඉසිදත්ත පුරාණා ථපතයො සම්බහුලා කිර භික්ඛූ භගවතො චීවරකම්මං කරොන්ති, නිට්ඨිතචීවරො භගවා තෙමාසච්චයෙන චාරිකං පක්කමිස්සතීති.
Sinhala BJT3774. එසමයෙහි බොහෝ භික්‍ෂූහු “නිමාසිවුරු ඇති (අනුසස් කාලය නිම වූ සිවුරු ඇති) භාග්‍යවතුන් වහන්සේ තෙමස අවෑමෙන් චාරිකාවෙහි වඩනා සේකැ”යි භාග්‍යවතුන් වහන්සේගේ සිවුරුකම් කෙරෙත්. එසමයෙහි ඉසිදත්ත පුරාණ වඩුවෝ දෙදෙන කිසියම් කටයුත්තක් හේතු කොට සාධුක නුවර වෙසෙත්. ඉසිදත්ත පුරාණ වඩුවෝ නිමා සිවුරු ඇති භාග්‍යවතුන් වහන්සේ තෙමස් ඇවෑමෙන් චාරිකාවෙහි වඩනා සේකැයි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ සිවුරු කම් කෙරෙති යි ඇසූහ.
Pali BJTඅථ ඛො ඉසිදත්තපුරාණා ථපතයො මග්ගෙ පුරිසං ඨපෙසුං: “යදා ත්වං අම්භො පුරිස, පස්සෙය්යාසි භගවන්තං ආගච්ඡන්තං අරහන්තං සම්මාසම්බුද්ධං අථ ඛො අම්හාකං{1} ආරොචෙය්යාසීති”. ද්වීහතීහං{2} ඨිතො ඛො සො පුරිසො අද්දස භගවන්තං දූරතොව ආගච්ඡන්තං. දිස්වාන යෙන ඉසිදත්තපුරාණා ථපතයො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ඉසිදත්තපුරාණෙ ථපතයො එතදවොචු: “අයං සො භන්තෙ, භගවා ආගච්ඡති අරහං සම්මාසම්බුද්ධො. යස්සදානි කාලං මඤ්ඤථාති”.
Sinhala BJTඉක්බිති ඉසිදත්ත පුරාණ වඩුවෝ “එම්බල පුරුෂය යම් කලෙක තෙපි වඩනා අර්‍හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ දක්නහු නම් එකල්හි අපට සැල කරන්නහු”යි මඟ පුරුෂයකු තැබූහ. දෙතුන් දිනක් සිටි ඒ පුරුෂ තෙමේ වඩනා භාග්‍යවතුන් වහන්සේ දුර දී ම දිටී. දැක ඉසිදත්ත පුරාණ වඩුවන් වෙත එළඹියේ ය. එළඹ ඉසිදත්ත පුරාණ වඩුවන්ට මෙය සැලකෙළේ ය. “හිමියෙනි, ඒ මේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ භාග්‍යවතුන් වහන්සේ වඩනා සේක. යමකට දැන් කල් දන්නහු නම් මැනවැ”යි.
Pali BJTඅථ ඛො ඉසිදත්තපුරාණා ථපතයො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධිංසු. අථ ඛො භගවා මග්ගා ඔක්කම්ම යෙනඤ්ඤතරං රුක්ඛමූලං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ඉසිදත්තපුරාණා ථපතයො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො ඉසිදත්තපුරාණා ථපතයො භගවන්තං එතදවොචුං:
Sinhala BJTඑකල්හි ඉසිදත්ත පුරාණ වඩුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹිය හ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ භාග්‍යවතුන් වහන්සේ පසු පස අනුගමන් කළහ. එකල භාග්‍යවතුන් වහන්සේ මඟින් ඉවත් ව එක්තරා රුක්මුලකට එළඹි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. ඉසිදත්ත පුරාණ වඩුවෝ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හුන්හ. එකත් පස්ව හුන් ඉසිදත්ත පුරාණ වඩුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ.
Pali BJT“යදා මයං භන්තෙ, භගවන්තං සුණොම{3} සාවත්ථියා කොසලෙසු චාරිකං පක්කමිස්සතීති. හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං දූරෙ නො භගවා භවිස්සතීති”. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම සාවත්ථියා කොසලෙසු චාරිකං පක්කන්තොති, හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං “දූරෙ නො භගවාති”.
Sinhala BJTවහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවරින් කොසොල් දනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නො සතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවරින් කොසොල් දනව්වෙහි චාරිකාවට වැඩි සේ කැ”යි අසමෝ නම් එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නො සතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
Pali BJTයදා මයං භන්තෙ, භගවන්තං සුණොම: “කොසලෙහි මල්ලෙසු{4} චාරිකං පක්කමිස්සතීති” හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං “දූරෙ නො භගවා භවිස්සතීති”. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “කොසලෙහි මල්ලෙසු චාරිකං පක්කන්තොති”. හොති නො තස්මිං සමයෙ අනත්තමනතා: හොති දොමනස්සං “දූරෙ නො භගවාති”.
Sinhala BJTවහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙන් මල්ලදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කොසොල්දනව්වෙන් මල්ලදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
Pali BJTයදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම “මල්ලෙහි වජ්ජීසු{5} චාරිකං පක්කමිස්සතී”ති. හොති නො තස්මිං සමයෙ අනත්තමනතා. හොති දොමනස්සං: “දූරෙ නො භගවා භවිස්සතී”ති. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම ‘මල්ලෙහි වජ්ජීසු චාරිකං පක්කන්තොති”. හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති. දොමනස්සං “දූරෙ නො භගවා”ති.
Sinhala BJTවහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නො සතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
Pali BJTයදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම “වජ්ජීහි කාසීසු{6} චාරිකං පක්කමිස්සතී”ති, හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං: “දූරෙ නො භගවා භවිස්සතී”ති. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම “වජ්ජීහි කාසීසු චාරිකං පක්කන්තොති”. හොති නො තස්මිං සමයෙ අනත්තමනතා හොති දොමනස්සං “දූරෙ නො භගවාති”.
Sinhala BJTවහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙන් කසීදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙන් කසීදනව්වට චාරිකාවෙහි වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
Pali BJTයදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “කාසීහි මගධෙසු{1} චාරිකං පක්කමිස්සතී”ති, හොති නො තස්මිං සමයෙ අනත්තමනතා. හොති දොමනස්සං: “දූරෙ නො භගවා භවිස්සතීති”. යදාපන මයං භන්තෙ, භගවන්තං සුණොම “කාසීහි මගධෙසු චාරිකං පක්කන්තොති”. හොති අනප්පිකා නො තස්මිං සමයෙ අනත්තමනතා හොති අනප්පකං දොමනස්සං: “දූරෙ නො භගවාති”.
Sinhala BJTවහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කසීදනව්වෙන් මගදදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වන්නාහ”යි අපට නො සතුටු බවෙක් වෙයි දොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කසීදනව්වෙන් මගදදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට දුර වෙති”යි අපට නොසතුටු බවෙක් වෙයි. දොම්නසෙක් වෙයි.
Pali BJTයදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “මගධෙහි කාසීසු චාරිකං පක්කමිස්සතී”ති. හොති නො තස්මිං සමයෙ අත්තමනතා, හොති සොමනස්සං: “ආසන්නෙ{2} නො භගවා භවිස්සතීති. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “මගධෙහි කාසීසු චාරිකං පක්කන්තොති”. හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං: ‘ආසන්නෙ නො භගවාති”.
Sinhala BJTවහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මගද දනව්වෙන් කසීදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නා හ”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මගදදනව්වෙන් කසීදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි.
Pali BJTයදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “කාසීහි වජ්ජීසු චාරිකං පක්කමිස්සතීති”. හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං: “ආසන්නෙ නො භගවා භවිස්සතීති”. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “කාසීහි වජ්ජීසු චාරිකං පක්කන්තොති”. හොති නො තස්මිං සමයෙ අත්තමනතා: හොති සොමනස්සං: “ආසන්නෙ නො භගවාති”.
Sinhala BJTවහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කසීදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නාහ”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කසීදනව්වෙන් වැදෑදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි.
Pali BJTයදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “වජ්ජීහි මල්ලෙසු චාරිකං පක්කමිස්සතීති”. හොති නො තස්මිං සමයෙ. අත්තමනතා. හොති සොමනස්සං: “ආසන්නෙ නො භගවා භවිස්සතීති”. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “වජ්ජීහි මල්ලෙසු චාරිකං පක්කන්තොති. හොති නො තස්මිං සමයෙ අත්තමනතා, හොති සොමනස්සං: “ආසන්නෙ නො භගවාති”.
Sinhala BJTවහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙන් මල්ලදනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නා හ”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ වැදෑදනව්වෙන් මල්ලදනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි.
Pali BJTයදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “මල්ලෙහි කොසලෙසු චාරිකං පක්කමිස්සතීති”. හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං: “ආසන්නෙ නො භගවා භවිස්සතීති”. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “මල්ලෙහි කොසලෙසු චාරිකං පක්කන්තො”ති. හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං: “ආසන්නෙ නො භගවාති”.
Sinhala BJTවහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙන් කොසොල්දනව්වෙහි චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නා හ”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ මල්ලදනව්වෙන් කොසොල්දනව්වෙහි චාරිකාවට වැඩි සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට සතුටු බවෙක් වෙයි. සොම්නසෙක් වෙයි.
Pali BJTයදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “කොසලෙහි සාවත්ථිං චාරිකං පක්කමිස්සතී”ති. හොති නො තස්මිං සමයෙ අත්තමනතා හොති සොමනස්සං: “ආසන්නෙ නො භගවා භවිස්සතීති”. යදා පන මයං භන්තෙ, භගවන්තං සුණොම: “සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙති”. හොති අනප්පිකා{3} නො තස්මිං සමයෙ අත්තමනතා, හොති අනප්පකං සොමනස්සං: “ආසන්නෙ නො භගවාති”.
Sinhala BJTවහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ කොසොල්දනව්වෙන් සැවතට චාරිකාවට වඩනා සේකැ”යි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වන්නාහ”යි අපට සතුටු බවෙක් වෙයි, සොම්නසෙක් වෙයි. වහන්ස, යම් කලෙක අපි “භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේකැයි අසමෝ නම් එසමයෙහි “භාග්‍යවතුන් වහන්සේ අපට ලඟ වෙති”යි අපට නොමඳ සතුටු බවෙක් වෙයි. නොමඳ සොම්නසෙක් වෙයි.
Pali BJT“තස්මා තිහ ථපතයො සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො{1} පබ්බජ්ජා. අලඤ්ච පන වො ථපතයො අප්පමාදායාති”. අත්ථි ඛො නො භන්තෙ, එතම්හා සම්බාධා අඤ්ඤො සම්බාධො සම්බාධතරො චෙව සම්බාධසඞ්ඛාතතරො චාති. කතමො පන වො ථපතයො එතම්හා සම්බාධා අඤ්ඤො සම්බාධො සම්බාධතරො චෙව සම්බාධසඞ්ඛාතතරො චාති?
Sinhala BJTවඩුවෙනි, ගිහිගෙය පළිබෝධ සහිතය, කෙලෙස් රජස් නගින තැනෙකි. පැවිද්ද එළිමහනෙකි. වඩුවෙනි, එහෙයින් මෙහි ලා තොප විසින් නොපමා වීමට සුදුසු යි. වහන්ස, මේ සම්බාධයට වඩා අතිශයින් සම්බාධ වූ ද අතිශය සම්බාධ ය යි පවසන ලද්දා වූ ද අනෙක් සම්බාධයෙක් ඇතැ”යි. වඩුවෙනි, මේ සම්බාධයට වඩා අතිශයින් සම්බාධ වූ ද අතිශය සම්බාධ ය යි පවසන ලද්දා වූ ද තොපගේ අනෙක් සම්බාධය කවරේ දැයි.
Pali BJTඉධ මයං භන්තෙ, යදා රාජා පසෙනදි කොසලො උය්යානභූමිං නිය්යාතුකාමො හොති, යෙ තෙ රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස නාගා ඔපවය්හා{2} තෙ කප්පෙත්වා යා තා රඤ්ඤො පසෙනදිස්ස කොසලස්ස පජාපතියො පියා මනාපා තා එකං පුරතො එකං පච්ඡතො නිසීදාපෙම. තාසං ඛො පන භන්තෙ, භගිනීනං එවරූපො ගන්ධො හොති; “සෙය්යථාපි නාම ගන්ධකරණ්ඩකස්ස තාවදෙව විවරියමානස්ස යථා තං, රාජාරහෙන{3} ගන්ධෙන විභූසිතානං. තාසං ඛො පන භන්තෙ, භගිනීනං එවරූපො කායසම්ඵස්සො හොති, සෙය්යථාපි නාම තූලපිචුනො වා කප්පාසපිචුනො වා, යථා තං රාජකඤ්ඤානං සුඛෙධිතානං{4}. තස්මිං ඛො පන භන්තෙ, සමයෙ නාගොපි රක්ඛිතබ්බො හොති, තාපි භගිනියො රක්ඛිතබ්බා හොන්ති, අත්තාපි රක්ඛිතබ්බො හොති. න ඛො පන මයං භන්තෙ, අභිජානාම තාසු භගිනීසු පාපකං චිත්තං උප්පාදෙතා. අයං ඛො නො භන්තෙ, එතම්හා සම්බාධා අඤ්ඤො සම්බාධො සම්බාධතරො චෙව සම්බාධසඞ්ඛාතතරො චාති. තස්මාතිහ ථපතයො, සම්බාධො ඝරාවාසො රජාපථො, අබ්භොකාසො පබ්බජ්ජා. අලඤ්ච පන වො ථපතයො, අප්පමාදාය.
Sinhala BJTවහන්ස, මෙහි අපි, යම් කලෙක පසේනදි කොසොල් රජතෙමේ උයන් බිමට නික්මෙනු කැමැත්තේ වේ ද (එකල්හි) පසේනදි කොසොල්රජුගේ ඉසිලීමෙහි සමත් යම් ඒ ඇත්තු වෙත් නම් ඔවුන් සරසා පසේනදි කොසොල්රජුගේ පිය වූ මනාප වූ යම් ඒ මෙහෙසියෝ වෙත් නම් ඔවුන් එකක ඉදිරියෙන් ද එකක පස්සෙන් ද හිඳුවමු. වහන්ස, රජුට සුදුසු සුවඳින් සැරසුනු ඒ නැගණියන්ගේ මෙබඳු සුවඳෙක් වෙයි. එකෙණෙහි වැසුම් හරිනු ලබන සුවඳ කරඬුවෙක සුවඳ යම්සේ නම් එමෙනි. වහන්ස, සුවසේ වැඩුනු රජකුමරියන් වූ ඒ නැගණියන්ගේ මෙබඳු කාපහසෙක් වෙයි. හිඹුල්පුලුනෙහි හෝ කපුපුලුනෙහි හෝ පහස යම්සේ නම් එමෙනි. වහන්ස, එසමයෙහි ඇතා ද රැක්ක යුත්තේ වෙයි. ඒ නැගණියෝ ද රැක්කයුත්තාහු වෙති. තමා ද රැක්කයුත්තේ වෙයි. වහන්ස අපි, ඒ නැගණියන් කෙරෙහි ලාමක සිතක් ඉපදවූ බවක් නො ම දැනුම් හ. වහන්ස, මේ තෙල සම්බාධයට වඩා අතිශයින් සම්බාධ වූත් අතිශය සම්බාධය යි පවසන ලද්දා වූත් අනෙක් සම්බාධය යි. වඩුවෙනි, ගිහිගෙය පළිබෝධ සහිත ය. කෙලෙස් රජස් නගින තැනෙකි. පැවිද්ද එලිමහනෙකි. වඩුවෙනි, එහෙයින් මෙහිලා තොප විසින් නොපමා වීමට සුදුසු යි.
Pali BJTචතූහි ඛො ථපතයො, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. කතමෙහි චතූහි? ඉධ ථපතයො අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති” -පෙ- ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- විගතමලමච්ඡෙරෙන චෙත සා අගාරං අජ්ඣාවසති මුත්තචාගො පයතපාණි වොස්සග්ගරතො යාචයොගො දානසංවිභාගරතො. ඉමෙහි ඛො ථපතයො, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො.
Sinhala BJTවඩුවෙනි, සිවුදහමෙකින් යුත් අරීසවුතෙමේ විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වේ. කවර සිවුදහමකින් ද යත්: වඩුවෙනි, මෙහි අරීසවුතෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ, භගවත් හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... මුදන ලද ත්‍යාග ඇත්තේ (-ත්‍යාගශීලී ව, ආවවුන්ට දීම පිණිස) දෝනා ලද අත් ඇත්තේ ත්‍යාගයෙහි ඇලුනේ යදිනු ලැබීමට සුදුසු වූයේ දීමෙහිත් බෙදා දීමෙහිත් ඇලුනේ පහ ව ගිය මසුරු මල ඇති සිතින් යුතු ව ගිහිගෙයි වෙසෙති. වඩුවෙනි, මේ සිවුදහමින් යුත් අරීසවුතෙමේ විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වේ.
Pali BJTතුම්හෙ හි ඛො{5}, ථපතයො, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතා: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති“. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- යං ඛො පන කිඤ්චි කුලෙ දෙය්යධම්මං සබ්බං තං අප්පටිවිභත්තං සීලවන්තෙහි කල්යාණධම්මෙහි. තං කිං මඤ්ඤථ ථපතයො, කතිවිධා{6} තෙ කොසලෙසු මනුස්සා යෙ තුම්හාකං සමසමා යදිදං දානසංවිභාගෙති{7} ලාභා නො භන්තෙ, සුලද්ධං නො භන්තෙ, යෙසං නො භගවා එවං ජානාතීති{8}.
Sinhala BJTවඩුවෙනි, තෙපි වනාහි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ව ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ යි බුදුරජානන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගතය හ. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... කුලයෙහි යම් කිසි දිය යුතු දෙයක් වේ නම් ඒ සියල්ල කලණදහම් ඇති සිල්වතුන් හා නොපිළිබෙදන ලද්දේ වෙයි. වඩුවෙනි, ඒ කිමැයි හඟිවු ද? දීමෙහිත් බෙදා දීමෙහිත් ලා යම් කෙනෙක් තොපට සමසම වෙත් නම් කොසොල්දනව්වෙහි එබඳු මිනිස්සු කෙතෙක් වෙද්දැයි. වහන්ස, යම් බඳු අප ගැන භාග්‍යවතුන් වහන්සේ මෙසේ දැනවදාරන සේක් නම් වහන්ස ඒ අපට ලාභයෙකි. අපට මනාලැබුමෙකි යි.
Pali BJT11. 1. 7.
Sinhala BJT11. 1. 7.
Pali BJTවෙළුද්වාරෙය්යසුත්තං
Sinhala BJTවේළුද්වාරෙය්‍ය සූත්‍රය
Pali BJT3775. එකං සමයං භගවා කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං යෙන වෙළුද්වාරං නාම කොසලානං බ්රාහ්මණගාමො තදවසරි. අස්සොසුං ඛො වෙළුද්වාරෙය්යකා{1} බ්රාහ්මණගහපතිකා සමණො ඛලු භො ගොතමො සක්යපුත්තො සක්යකුලා පබ්බජිතො කොසලෙසු චාරිකං චරමානො මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං වෙළුද්වාරං අනුප්පත්තො. තං ඛො පන භගවන්තං ගොතමං එවං කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගතො: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථී සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. සො ඉමං ලොකං සදෙවකං සමාරකං සබ්රහ්මකං සස්සමණබ්රාහ්මණිං පජං සදෙවමනුස්සං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙති. සො ධම්මං දෙසෙති: “ආදිකල්යාණං මජ්ඣෙකල්යාණං පරියොසානකල්යාණං සාත්ථං සබ්යඤ්ජනං කෙවලපරිපුණ්ණං පරිසුද්ධං බ්රහ්මචරියං පකාසෙති. සාධු ඛො පන තථාරූපානං අරහතං දස්සනං හොතීති.
Sinhala BJT3775. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල් දනව්වෙහි මහත් බික්සඟන සමඟ චාරිකාවෙහි හැසිරෙන සේක් කොසොල් දනවු වැස්සන්ගේ වේළුද්වාර නම් බමුණුගම වෙත පැමිණිසේක. වේළුද්වාර වැසි බමුණුගැහැවියෝ “ශාක්‍යකුලයෙන් පැවිදි වූ ගොයුම් ගොත් ඇති භවත් ශ්‍රමණ ශාක්‍යපුත්‍රයෝ මහත් බික්සඟන සමග කොසොල් දනව්වෙහි චාරිකාවේ හැසිරෙන සේක් වේළුද්වාර නුවරට පිළිවෙළින් පැමිණි සේක. ඒ භගවත් ගෞතමයන් ගේ මෙබඳු කළණ කිතු සදෙක් උස් ව පැන නැංගේය: “ඒ භාග්‍යවත්හු මෙ කරුණෙනු දු අර්‍හත්හ, සම්‍යක් සම්බුද්ධ හ. විද්‍යාචරණසම්පන්න හ, සුගත හ, ලෝකවිදූ හ, අනුත්තරපුරිසදම්මසාරථී හ, දෙවිමිනිසුන්ට ශාස්තෲ හ. බුද්ධ හ. භගවත් හ”යි, ඔවුන් වහන්සේ දෙවියන් සහිත් මරුන් සහිත බඹුන් සහිත මහණබමුණන් සහිත මේ ලොව දෙවිමිනිසුන් සහිත ප්‍රජාව තුමූ වෙසෙසින් දැන පසක් කොට පවසන සේක. ඔවුන් වහන්සේ මුල කලණ වූ මැද කලණ වූ අවසන කලණ වූ අරුත් සහිත ව්‍යඤ්ජන සහිත හුදෙක් පිරිපුන් පිරිසිදු බඹසර පවසන සේක. එබඳු රහතුන් ගේ දැක්ම යහපත් වේ”යි ඇසූහ.
Pali BJTඅථ ඛො වෙළුද්වාරෙය්යකා බ්රාහ්මණගහපතිකා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා අප්පෙකච්චෙ භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතා සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ භගවතො සන්තිකෙ නාමගොත්තං සාවෙත්වා එකමන්තං නිසීදිංසු. අප්පෙකච්චෙ තුණ්හීභූතා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො වෙළුද්වාරෙය්යකා{2} බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං: මයං භො ගොතම, එවං කාමා එවඤ්ඡන්දා එවං අධිප්පායා පුත්තසම්බාධසයනං{3} අජ්ඣාවසෙය්යාම. කාසිකචන්දනං පච්චනුභවෙය්යාම මාලාගන්ධවිලෙපනං ධාරෙය්යාම, ජාතරූපරජතං සාදියෙය්යාම. කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාම. තෙසං නො භවං ගොතමො අම්හාකං එවංකාමානං එවඤ්ඡන්දානං එවං අධිප්පායානං තථා ධම්මං දෙසෙතු. යථා මයං පුත්තසම්බාධසයනං{3} අජ්ඣාවසෙය්යාම, කාසිකචන්දනං පච්චනුභවෙය්යාම, මාලාගන්ධවිලෙපනං ධාරෙය්යාම, ජාතරූපරජතං සාදියෙය්යාම. කායස්ස ච භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්යාමාති.
Sinhala BJTඉක්බිති වේළුද්වාර වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ එකත් පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි නම් ගොත් අස්වා එකත්පස් ව හුන්හ. ඇතැම් කෙනෙක් මුවින් නො බැණ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් වේළුද්වාර වැසි බමුණුගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ. “භවත් ගෞතමයෙනි, අපි දරුවන්ගෙන් හක වූ යහන්හි වෙසෙන්නමෝ සිනිඳු සඳුන් ගල්වන්නමෝ මල්ගඳවිලෙවුන් දරන්නමෝ රන්රිදී ඉවසන්නමෝ කාබුන් මරණින් මතු සුගති සඟලොවට පැමිණෙන්නමෝ යි මෙබඳු කාම ඇත්තමෝ මෙබඳු ඡන්‍ද ඇත්තමෝ මෙබඳු අදහස් ඇත්තමෝ වම්හ. යම් සේ අපි දරුවන් ගෙන් හක වූ යහන්හි වසන්නමෝ සිහිල් සඳුන් ගල්වන්නමෝ මල්ගඳවිලෙවුන් දරන්නමෝ රන්රිදී ඉවසන්නමෝ කාබුන් මරණින් මතුත් සුගති සගලොවට පැමිණෙන්නමෝ නම් මෙබඳු කාම ඇති මෙබඳු ඡන්‍ද ඇති මෙබඳු අදහස් ඇති ඒ අපට භවත් ගෞතමයන් වහන්සේ එසේ දහම් දෙසන සේක්වා”යි.
Pali BJTඅත්තූපනායිකං වො ගහපතයො, ධම්මපරියායං දෙසිස්සාමි. තං සුණාථ. සාධුකං මනසිකරොථ. භාසිස්සාමීති. එවං භොති ඛො වෙළුද්වාරෙය්යක{4} බ්රාහ්මණගහපතිකා භගවතො පච්චස්සොසුං. භගවා එතදවොච:
Sinhala BJTගැහැවියෙහි, තමා එළවා දැක්වීම ඇති දහම්නය තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මැනවින් මෙනෙහි කරවු. කියන්නෙමි යි. භවත්නි, එසේ ය යි වේළුද්වාරවැසි බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්සූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
Pali BJTකතමො ච ගහපතයො අත්තූපනායිකො ධම්මපරියායො: ඉධ ගහපතයො අරියසාවකො ඉතිපටිසඤ්චික්ඛති: “අහං ඛොස්මි ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටික්කූලො. යො ඛො මං ජීවිතුකාමං අමරිතුකාමං සුඛකාමං දුක්ඛපටික්කූලං ජීවිතා වොරොපෙය්ය, න මෙතං අස්ස පියං මනාපං අහඤ්චෙව ඛො පන පරං ජීවිතුකාමං අමරිතුකාමං. සුඛකාමං දුක්ඛපටික්කූලං ජීවිතා වොරොපෙය්ය පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො. පරස්සපෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරං තෙන සංයොජෙය්යන්ති,? සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච පාණාතිපාතා පටිවිරතො හොති. පරඤ්ච පාණාතිපාතා වෙරමණියා සමාදපෙති. පාණාතිපාතා වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
Sinhala BJTගැහැවියෙනි, තමා එළවා දැක්වීම ඇති දහම් නය කවරේ ද යත්: ගැහැවියෙනි, මෙහි අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි. මම වනාහි ජීවත් වනු කැමැත්තෙම් නො මැරෙනු කැමැත්තෙම් සුව කැමැත්තෙම් දුකට පිළිකුල් කරන්නෙම් වෙමි. යමෙක් ජීවත් වනු කැමති නො මැරෙනු කැමති සුව කැමති දුකට පිළිකුල් කරන මා දිවියෙන් තොර කරන්නේ නම් එය මට ප්‍රිය මනාප නො වන්නේ ය. මම ද ජීවත් වනු කැමති නො මැරෙණු කැමති සුව කැමති දුකට පිළිකුල් කරණ මෙරමා දිවියෙන් තොර කරන්නෙම් නම් මෙරමාහට ද එය අප්‍රිය අමනාප වන්නේය. යම් මේ දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහට ද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් මේ දහමෙක් මට අප්‍රිය අමනාප නම් කෙසේ මම මෙරමා ඒ දහම සමග යොදන්නෙම් දැ යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් පණිවායෙන් වැළකුණේ වෙයි. මෙරමාත් පණිවායෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි. පණිවායෙන් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ කාය සංවරය තුන්කෙළවර පිරිසිදු වූයේ වෙයි.
Pali BJTපුන චපරං ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: “යො ඛො මෙ අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියෙය්ය, න මෙ තං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරස්ස අදින්නං ථෙය්යසඞ්ඛාතං ආදියෙය්යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරෙන්තෙන සංයොජෙය්යන්ති”? සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච අදින්නාදානා පටිවිරතො හොති, පරඤ්ච අදින්නාදානා වෙරමණියා සමාදපෙති, අදින්නාදානා වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
Sinhala BJTගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි; අරීසවු තෙමේ මෙසේ නුවණින් සලකා බලයි. යමෙක් මාගේ නුදුන් දෑ සොරසිතින් ගන්නේ නම් එය මට ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් මෙරමාගේ නුදුන් දෑ සොරසිතින් ගන්නෙම් නම් මෙරමාහට ද එය අප්‍රිය අමනාප වන්නේය. යම් මේ දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහට ද මේ දහම අප්‍රිය අමනාප වේ. යම් මේ දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ දහම සමග යොදන්නෙම් දැ යි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් අයිනාදනින් වැළකුනේ වේ. මෙරමාත් අයිනාදනින් වෙන් වීමෙහි සමාදන් කරවයි. අයිනාදනින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ කායසංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වේ.
Pali BJTපුන චපරං ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: “යො ඛො මෙ දාරෙසු චාරිත්තං ආපජ්ජෙය්ය, න මෙතං අස්ස පියං මනාපං අහඤ්චෙව ඛො පන පරස්ස දාරෙසු චාරිත්තං ආපජ්ජෙය්යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරන්තෙන සංයොජෙය්යන්ති”? සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච කාමෙසු මිච්ඡාචාරා පටිවිරතො හොති. පරඤ්ච කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා සමාදපෙති, කාමෙසු මිච්ඡාචාරා වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං කායසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
Sinhala BJTගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි. අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි: “යමෙක් මාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නේ නම් මට එය ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් මෙරමාගේ අඹුවන් කෙරෙහි හැසිරීමට පැමිණෙන්නෙම් නම් මෙරමාහට ද එය අප්‍රිය අමනාප වන්නේ ය. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහට ද ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම් දැයි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් කාමයෙහි මිසහසරින් වැළකුනේ වෙයි. මෙරමාත් කාමයෙහි මිසහසරින් වෙන් වීමෙහි සමාදන් කරවයි. කාමයෙහි මිසහසරින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ කායසංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වෙයි.
Pali BJTපුන චපරං ගහපතයො, අරියසාවකො ඉති පටිසංචික්ඛති: යො ඛො මෙ මුසාවාදෙන අත්ථං භඤ්ජෙය්ය, න මෙතං අස්ස පියං මනාපං. අහං චෙව ඛො පන පරස්ස මුසාවාදෙන අත්ථං භඤ්ජෙය්යං පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරන්තෙන සංයොජෙය්යන්ති? සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච මුසාවාදා පටිවිරතො හොති, පරඤ්ච මුසාවාදා වෙරමණියා සමාදපෙති. මුසාවාදා වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං වචීසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
Sinhala BJTගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි; යමෙක් මුසවායෙන් මාගේ අරුත් බිඳින්නේ නම් මට එය ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් මුසවායෙන් මෙරමාගේ අරුත් බිඳින්නෙම් නම් මෙරමාහට ද එය අප්‍රිය අමනාප වන්නේය. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහටත් ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම් දැයි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් මුසවායෙන් වැළකුනේ වෙයි. මෙරමාත් මුසවායෙන් වෙන් වීමෙහි සමාදන් කරවයි. මුසවායෙන් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ වාක්සංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වේ.
Pali BJTපුන චපරං ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: “යො ඛො මං පිසුණාය වාචාය මිත්තෙ භින්දෙය්ය, න මෙ තං අස්ස පියං මනාපං. අහං චෙව ඛො පන පරං පිසුනාය වාචාය මිත්තෙ භින්දෙය්යං පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්ස පෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරන්තෙන සංයොජෙය්යන්ති? සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච පිසුනාය වාචාය පටිවිරතො හොති. පරඤ්ච පිසුනාය වාචාය වෙරමණියා සමාදපෙති. පිසුනාය වාචාය වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං වචීසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
Sinhala BJTගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි. යමෙක් පිසුණුවදනින් මා හා මිතුරන් බිඳුවන්නේ නම් මට එය ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් පිසුණු වදනින් මෙරමා හා මිතුරන් බිඳුවන්නෙම් නම් මෙරමාහට ද එය අප්‍රිය අමනාප වන්නේ ය. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමා හටත් ඒ දහම අප්‍රිය අමනාප වෙයි. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම්දැයි? හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් පිසුණුවදනින් වැළකුනේ වෙයි. මෙරමාත් පිසුණුවදනින් වෙන් වීමෙහි සමාදන් කරවයි. පිසුණු වදනින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ වාක්සංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වේ.
Pali BJTපුන චපරං ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති, යො ඛො මං ඵරුසාය වාචාය සමුදාචරෙය්ය, න මෙ තං අස්ස පියං මනාපං. අහං චෙව ඛො පන පරං ඵරුසාය වාචාය සමුදාචරෙය්යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්සපෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො. කථාහං පරං තෙන සංයොජෙය්යන්ති? සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච ඵරුසාය වාචාය පටිවිරතො හොති. පරඤ්ච ඵරුසාය වාචාය වෙරමණියා සමාදපෙති. ඵරුසාය වාචාය වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං වචීසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
Sinhala BJTගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි. යමෙක් රළු වදනින් මට බෙණෙන්නේ නම් මට එය ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් රළු වදනින් මෙරමාහට බණන්නෙම් නම් මෙරමාහටත් එය අප්‍රිය අමනාප වන්නේ ය. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහටත් ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම් දැයි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් රළු වදනින් වැළකුනේ වේ. මෙරමාත් රළුවදනින් වෙන් වීමෙහි සමාදන් කරවයි. රළුවදනින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ වාක්සංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වෙයි.
Pali BJTපුන චපරං ගහපතයො, අරියසාවකො ඉති පටිසඤ්චික්ඛති: “යො ඛො මං සම්ඵප්පලාපභාසෙන{2} සමුදාචරෙය්ය. න මෙ තං අස්ස පියං මනාපං. අහඤ්චෙව ඛො පන පරං සම්ඵප්පලාපභාසෙන සමුදාචරෙය්යං, පරස්සපි තං අස්ස අප්පියං අමනාපං. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, පරස්සපෙසො ධම්මො අප්පියො අමනාපො. යො ඛො ම්යායං ධම්මො අප්පියො අමනාපො, කථාහං පරං තෙන සංයොජෙය්යන්ති”? සො ඉති පටිසඞ්ඛාය අත්තනා ච සම්ඵප්පලාපා පටිවිරතො හොති, පරඤ්ච සම්ඵප්පලාපා වෙරමණියා සමාදපෙති. සම්ඵප්පලාපා වෙරමණියා ච වණ්ණං භාසති. එවමස්සායං වචීසමාචාරො තිකොටිපරිසුද්ධො හොති.
Sinhala BJTගැහැවියෙනි, නැවත අනෙකක් ද කියමි: “අරීසවුතෙමේ මෙසේ නුවණින් සලකා බලයි. යමෙක් මට හිස්බසින් බෙණෙන්නේ නම් එය මට ප්‍රිය මනාප නො වන්නේ ය. මමත් මෙරමාහට හිස්බසින් බෙණෙන්නේ නම් මෙරමාහටත් එය අප්‍රිය අමනාප වන්නේ ය. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් මෙරමාහටත් ඒ දහම අප්‍රිය අමනාප වේ. යම් දහමෙක් මට අප්‍රිය අමනාප වේ නම් කෙසේ මම මෙරමා ඒ සමග යොදන්නෙම් දැයි. හෙතෙමේ මෙසේ නුවණින් සලකා තෙමේත් හිස්බසින් වැළකුනේ වෙයි, මෙරමාත් හිස්බසින් වෙන් වීමෙහි සමාදන් කරවයි. හිස් බසින් වෙන් වීමෙහි ගුණත් කියයි. මෙසේ ඔහුගේ මේ වාක්සංවරය තුන්කෙළවර පිරිසුදු වූයේ වෙයි.
Pali BJTසො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා අරහං -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති”. ධම්මෙ -පෙ- සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති”. අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි.
Sinhala BJTහෙතෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනුදු අර්‍හත් හ ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ, බුද්ධ හ, භගවත් හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්‍මයෙහි ... “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝතෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍රය”යි සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි.
Pali BJTයතො ඛො ගහපතයො, අරියසාවකො ඉමෙහි සත්තහි ධම්මෙහි සමන්නාගතො හොති. ඉමෙහි චතූහි ආකඞ්ඛියෙහි ඨානෙහි. සො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො. සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති.
Sinhala BJTගැහැවියෙනි, අරීසවු තෙමේ යම් කලෙක මේ සත් දහමින් යුතු වූයේ වේ ද කැමති විය යුතු මේ සිවු කරුණෙන් යුතු වූයේ වේ ද හෙතෙමේ කැමතිවන්නේ මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යෝනි ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුග්ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ යි.
Pali BJTඑවං වුත්තෙ වෙළුද්වාරෙය්යකා බ්රාහ්මණගහපතිකා භගවන්තං එතදවොචුං: “අභික්කන්තං, භො ගොතම -පෙ- එතෙ මයං භවන්තං ගොතමං සරණං ගච්ඡාමි, ධම්මඤ්ච භික්ඛුසඞ්ඝඤ්ච. උපාසකෙ නො භවං ගොතමො ධාරෙතු අජ්ජතග්ගෙ පාණුපෙතෙ සරණං ගතෙති”.
Sinhala BJTමෙසේ වදාළ කල්හි වේළුද්වාරෙය්‍යක බමුණු ගැහැවියෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “භවත් ගෞතමයන් වහන්ස, ඉතාමැනවි ... මේ අපි භවත් ගොයුම්හුත් දහමත් බික්සඟනත් සරණ කොට යෙමු. භවත් ගෞතමයන් වහන්සේ අද පටන් දිවිහිමියෙන් සරණ ගිය අප උවසුන් කොට දරන සේක්වා”යි.
Pali BJT11. 1. 8.
Sinhala BJT11. 1. 8.
Pali BJTගිඤ්ජකාවසථසුත්තං
Sinhala BJTගිඤ්ජකාවසථ සූත්‍රය
Pali BJT3776. එකං සමයං භගවා ඤාතිකෙ විහරති ගිඤ්ජකාවසථෙ. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “සාළ්හො නාම භන්තෙ, භික්ඛු කාලකතො. තස්ස කා ගති, කො අභිසම්පරායො? නන්දා නාම භන්තෙ, භික්ඛුනී කාලකතා. තස්සා කා ගති, කො අභිසම්පරායො? සුදත්තො නාම භන්තෙ, උපාසකො කාලකතො. තස්ස කා ගති, කො අභිසම්පරායො. සුජාතා නාම භන්තෙ, උපාසිකා කාලකතා. තස්සා කා ගති, කො අභිසම්පරායොති.
Sinhala BJT3776. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ඤාතගමෙක්හි උළුගෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස්ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: “වහන්ස, සාළා නම් මහණ කලුරිය කෙළේය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, නන්‍දා නම් මෙහෙණ කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද පරලොව කිමෙක් ද? වහන්ස, සුදත්ත නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද පරලොව කිමෙක් ද? වහන්ස, සුජාතා නම් උවැසි කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද පරලොව කිමෙක් දැයි.
Pali BJTසාළ්හො ආනන්ද, භික්ඛු කාලකතො, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි{1}. නන්දා ආනන්ද, භික්ඛුනී කාලකතා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනී අනාවත්තිධම්මා තස්මාලොකා. සුදත්තො ආනන්ද, උපාසකො කාලකතො තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමී සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සති. සුජාතා ආනන්ද, උපාසිකා කාලකතා තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා.
Sinhala BJTආනන්‍ද කලුරිය කළ සාළා මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසීය. ආනන්‍ද කලුරිය කළ නන්‍දා මෙහෙණ පඤ්ච ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූවා එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇත්තී එහි ම පිරිනිවෙනසුලු වූවා ය. ආනන්‍ද, කලුරිය කළ සුදත්ත උවසු ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගදෝස මෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වූයේ එක්වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නේ ය. ආනන්‍ද කලුරිය කළ සුජාතා උවැසි ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් විවස ව නොහෙනසුලු වූවා නියත වූවා සම්බෝධිය පිහිට කොට ඇත්තී සෝවාන් වූවා ය.
Pali BJTඅනච්ඡරියං ඛො පනෙතං ආනන්ද, යං මනුස්සභූතො කාලං කරෙය්ය, තස්මිං තස්මිං චෙ මං කාලකතෙ උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡිස්සථ. විහෙසාහෙසා{1} ආනන්ද, අස්ස තථාගතස්ස. තස්මාතිහානන්ද, ධම්මාදාසං නාම ධම්මපරියායං දෙසිස්සාමි. යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”.
Sinhala BJTආනන්‍ද, මිනිස් වූවෙක් කලුරිය කරන්නේ නම් ඒ ඒ මිනිසා කලුරිය කළ කල්හි ඉදින් මා කරා එළඹ මෙකරුණ පුළුවුස්නහු ය යන යමෙක් වේ ද මෙය පුන පුනා ඇසිරියෙකි. ආනන්‍ද, මෙය තථාගතයන්ට වෙහෙසක් ම වන්නේ ය. ආනන්‍ද, එහෙයින් මෙහි ලා යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්‍ෂය වූ පෙත්තිවිසය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුග්ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් දහම් කැඩපත නම් වූ (එබඳු) දහම් නයක් දේශනා කරන්නෙමි.
Pali BJTකතමො ච සො ආනන්ද, ධම්මාදායො ධම්මපරියායො යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො: ඉධානන්ද, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති” ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අයං ඛො සො ආනන්ද, ධම්මාදාසො ධම්මපරියායො යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති”.
Sinhala BJTආනන්‍ද, යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන්යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් දහම්කැඩපත නම් වූ ඒ දහම්නය කවරේ දැ යි: ආනන්‍ද මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුනට ශාස්තෲහ, බුද්ධයහ භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. ආනන්‍ද යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් විවස ව නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් මේ ඒ දහම් කැඩපත නම් වූ දහම්නය යි.
Pali BJT11. 1. 9.
Sinhala BJT11. 1. 9.
Pali BJTදුතිය ගිඤ්ජකාවසථසුත්තං
Sinhala BJTතතිය ගිඤ්ජකාවසථ සූත්‍රය
Pali BJT3777. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “අසොකො නාම භන්තෙ, භික්ඛු කාලකතො. තස්ස කා ගති, කො අභිසම්පරායො? අසොකා නාම භන්තෙ, භික්ඛුනී කාලකතා තස්ස කා ගති, කො අභිසම්පරායො? අසොකො නාම භන්තෙ, උපාසකො කාලකතො තස්ස කා ගති, කො අභිසම්පරායො? අසොකා නාම භන්තෙ, උපාසිකා කාලකතා තස්සා කා ගති, කො අභිසම්පරායො? ති.
Sinhala BJT3777. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, අසෝක නම් මහණ කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, අසෝකා නම් මෙහෙණ කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, අසෝක නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ය, අසෝකා නම් උවැසි කලුරිය කළා ය. ඇගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් දැ යි?
Pali BJTඅසොකො ආනන්ද, භික්ඛු කාලකතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි -පෙ- අයං ඛො සො ආනන්ද, ධම්මාදාසො. ධම්මපරියායො යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නොහමස්මි, අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති”.
Sinhala BJTආනන්‍ද, කලුරිය කළ අසෝක මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසී ය ... ආනන්‍ද යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇතියෙම් ක්‍ෂය වූ තිරිසන්යොන් ඇතියෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇතියෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගතිවිනිපාත ඇතියෙම් වෙමි. විවස ව නොවැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි යි තෙමේ ම තමා පවසන්නේ නම් මේ ඒ දහම්කැඩපත නම් වූ දහම්නය යි.
Pali BJT(යථා පුරිමසුත්තං විත්ථාරෙතබ්බං.)
Sinhala BJT(පළමුසුතුර මෙන් විතර කටයුතු)
Pali BJT11. 1. 10.
Sinhala BJT11. 1. 10.
Pali BJTතතිය ගිඤ්ජකාවසථසුත්තං
Sinhala BJTතතිය ගිඤ්ජකාවසථ සූත්‍රය
Pali BJT3778. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: කකුධො{1} නාම භන්තෙ, ඤාතිකෙ උපාසකො කාලකතො. තස්ස කා ගති, කො අභිසම්පරායො? කාලිඞ්ගො{2} නාම භන්තෙ, ඤාතිකෙ උපාසකො කාලකතො -පෙ- නික්ඛො{3} නාම භන්තෙ, ඤාතිකෙ උපාසකො -පෙ- කටිස්සහො නාම භන්තෙ -පෙ- තුට්ඨො නාම භන්තෙ -පෙ- සන්තුට්ඨො නාම භන්තෙ -පෙ- භද්දො නාම භන්තෙ -පෙ- සුභද්දො නාම භන්තෙ, ඤාතිකෙ උපාසකො කාලකතො. තස්ස කා ගති, කො අභිසම්පරායො”ති?
Sinhala BJT3778. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, ඤාතගම්හි කකුධ නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් ද? වහන්ස, ඤාතගම්හි කාලිඞ්ග නම් උවසු කලුරිය කෙළේ ය. වහන්ස, ඤාතගම්හි නික්ඛ නම් උවසු ... වහන්ස, කටිස්සහ නම් ... වහන්ස, තුට්ඨ නම් ... වහන්ස, සන්තුට්ඨ නම් ... වහන්ස, භද්ද නම් ... වහන්ස ඤාතගම්හි සුභද්ද නම් උවසු කලුරිය කෙළේ ය. ඔහුගේ ගතිය කුමක් ද? පරලොව කිමෙක් දැ යි?
Pali BJTකකුධො ආනන්ද, උපාසකො කාලකතො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා. කාලිඞ්ගො ආනන්ද, උපාසකො කාලකතො -පෙ- නික්ඛො ආනන්ද -පෙ- කටිස්සහො ආනන්ද -පෙ- තුට්ඨො ආනන්ද -පෙ- සන්තුට්ඨො ආනන්ද -පෙ- භද්දො ආනන්ද -පෙ- සුභද්දො ආනන්ද, උපාසකො කාලකතො පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකො තත්ථ පරිනිබ්බායී අනාවත්තිධම්මො තස්මා ලොකා.
Sinhala BJTආනන්‍ද, කලුරිය කළ කකුධ උවසු පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූයේ එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙනසුලු වෙයි. ආනන්‍ද, කලුරිය කළ කාලිඞ්ග උවසු ... ආනන්‍ද, නික්ඛ ... ආනන්‍ද, කටිස්සහ ... ආනන්‍ද, තුට්ඨ ... ආනන්‍ද, සන්තුට්ඨ ... ආනන්‍ද, භද්ද ... ආනන්‍ද, කලුරිය කළ සුභද්ද උවසු පස් ඕරම්භාගිය සංයෝජනයන්, ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූයේ එලොවින් පෙරළා නොඑන ස්වභාව ඇත්තේ එහි පිරිනිවෙනසුලු වෙයි.
Pali BJTපරොපඤ්ඤාසා{4} ආනන්ද, ඤාතිකෙ උපාසකා කාලකතා පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා ඔපපාතිකා තත්ථ පරිනිබ්බායිනො අනාවත්තිධම්මා තස්මා ලොකා. සාධිකනවුති ආනන්ද, ඤාතිකෙ උපාසකා කාලකතා තිණ්ණං සංයොජනානං පරික්ඛයා රාගදොසමොහානං තනුත්තා සකදාගාමිනො සකිදෙව ඉමං ලොකං ආගන්ත්වා දුක්ඛස්සන්තං කරිස්සන්ති. ඡාතිරෙකානි ඛො ආනන්ද, පඤ්චසතානි, ඤාතිකෙ උපාසකා කාලකතා තිණ්ණං සංයොජනානං පරික්ඛයා සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා.
Sinhala BJTආනන්‍ද, ඤාතගම්හි පනසකට වැඩි උවසුවෝ කලුරිය කළාහු පස් ඕරම්භාගියසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් ඕපපාතික වූවාහු එලොවින් පෙරළා නො එනසුලු වූවාහු එහි පිරිනිවෙන සුල්ලෝ වෙත්. ආනන්‍ද, ඤාතගම්හි අනූවකට වැඩි උවසුවෝ කලුරිය කළාහු ත්‍රිවිධසංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් රාගදෝස මෝහයන් තුනී වූ බැවින් සෙදගැමි වූවාහු එක් වරක් ම මෙලොවට අවුත් දුක් කෙළවර කරන්නාහ. ආනන්‍ද, ඤාතගම්හි පන්සිය සදෙනෙක් උවසුවෝ කලුරිය කළාහු ත්‍රිවිධ සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් විවසව නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූහ.
Pali BJTඅනච්ඡරියං ඛො පනෙතං ආනන්ද, යං මනුස්සභූතො කාලං කරෙය්ය, තස්මිං තස්මිං චෙ මං කාලකතෙ උපසඞ්කමිත්වා එතමත්ථං පටිපුච්ඡිස්සථ. විහෙසාහෙසා ආනන්ද, අස්ස තථාගතස්ස. තස්මාතිහානන්ද, ධම්මාදාසං නාම ධම්මපරියායං දෙසිස්සාමි යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො. සොතාපන්නොහමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො.
Sinhala BJTආනන්‍ද, මිනිස් වූවෙක් කලුරිය කරන්නේ නම් ඒ ඒ මිනිසා කලුරිය කළ කල්හි මා කරා එළඹ මෙකරුණ විචාරන්නහු ය යන යමෙක් ඉදින් ඇද්ද මෙය පුන පුනා අසිරි යි. ආනන්‍ද, මෙය තථාගතයන්ට වෙහෙසක් ම වන්නේ ය. ආනන්‍ද, එහෙයින් මෙහිලා යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමැති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන් යොන් ඇත්තෙම්, ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපාය දුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවසව නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් දහම් කැඩපත නම් වූ (එබඳු) දහම්නයක් දේශනා කරන්නෙමි.
Pali BJTකතමො ච සො ආනන්ද, ධම්මාදාසො ධම්මපරියායො යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය -පෙ- නියතො සම්බොධිපරායණො: ඉධානන්ද අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අයං ඛො සො ආනන්ද, ධම්මාදාසො ධම්මපරියායො යෙන සමන්නාගතො අරියසාවකො ආකඞ්ඛමානො අත්තනාව අත්තානං ව්යාකරෙය්ය: “ඛීණනිරයොම්හි ඛීණතිරච්ඡානයොනියො ඛීණපෙත්තිවිසයො ඛීණාපායදුග්ගතිවිනිපාතො, සොතාපන්නො‘හමස්මි අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො”ති.
Sinhala BJTආනන්‍ද, යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමැති වන්නේ ... නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති (සෝවන්) වෙමි යි තෙමේ ම තමා පවසන්නේ නම් දහම් කැඩපත නම් වූ ඒ දහම්නය කවරේ දැ යි? ආනන්‍ද මෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනුදු ... දෙවි මිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ” යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනිත වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. ආනන්‍ද, යම් දහම්නයෙකින් යුතු අරීසවු කැමැති වන්නේ “මම ක්‍ෂය වූ නිරය ඇත්තෙම් ක්‍ෂය වූ තිරිසන්යොන් ඇත්තෙම් ක්‍ෂය වූ ප්‍රේතවිෂය ඇත්තෙම් ක්‍ෂය වූ අපායදුර්‍ගති විනිපාත ඇත්තෙම් වෙමි. විවසව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිටකොට ඇති සෝවන් වෙමි”යි තෙමේ ම තමා පවසන්නේ නම් මේ ඒ දහම් කැඩපත නම් වූ දහම්නය යි.
Pali BJTවෙළුද්වාරවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි වේළුද්වාර වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTරාජා ඔගධ දීඝාවු සාරිපුත්තො පරෙ දුවෙ, ථපතිං වෙළුද්වාරෙය්යා ගිඤ්ජකාවසථෙ තයොති.
Sinhala BJTරාජ බ්‍රහ්මචරියෝගධ දීඝාවූ යි සූත්‍ර තුනෙකි. අනෙක් ශාරීපුත්‍ර සූත්‍ර දෙකෙකි. ථපති වේළුද්වාරෙය්‍යක යි දෙකෙකි. ගිඤ්ජකාවසථ සූත්‍ර තුනෙකි යි මුළුල්ල දසයෙකි යි.
Pali BJT2. රාජකාරාමවග්ගො
Sinhala BJT2. රාජකාරාම වර්‍ගය
Pali BJT11. 2. 1.
Sinhala BJT11. 2. 1.
Pali BJTසහස්සසුත්තං
Sinhala BJTසහස්ස සූත්‍රය
Pali BJT3779. එකං සමයං භගවා සාවත්ථියං විහරති රාජකාරාමෙ. අථ ඛො සහස්සං භික්ඛුනීසඞ්ඝො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං අට්ඨාසි. එකමන්තං ඨිතා ඛො තා භික්ඛුනියො භගවා එතදවොච: චතූහි ඛො භික්ඛුනියො, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. කතමෙහි චතූහි: ඉධ භික්ඛුනියො, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති; “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති, අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්ඛුනියො, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති.
Sinhala BJT3779. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි රාජකාරාමයෙහි වැඩවසන සේක. එකල්හි සහසක් මෙහෙණසඟන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ඒ මෙහෙණනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මෙහෙණනි, සිවුදහමකින් යුතු අරීසවු විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ. කවර සිවුදහමකින යත්: මෙහෙණනි, මෙසස්නෙහි අරීසවු “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවි මිනිසුන්ට ශාස්තෲ හ, බුද්ධාය හ, භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. මෙහෙණනි, මේ සිවුදහමින් යුතු අරීසවු විවස ව නොහෙන සුළු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වේ යි.
Pali BJT11. 2. 2.
Sinhala BJT11. 2. 2.
Pali BJTබ්රාහ්මණසුත්තං
Sinhala BJTබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT3780. බ්රාහ්මණා භික්ඛවෙ, උදයගාමිනිං නාම පටිපදං පඤ්ඤාපෙන්ති. තෙ සාවකං එවං සමාදපෙන්ති: “එහි ත්වං අම්භො පුරිස, කාලස්සෙව උට්ඨාය පාචීනමුඛො යාහි. සො ත්වං මා සොබ්භං පරිවජ්ජෙහි, මා පපාතං, මා ඛාණුං, මා කණ්ටකාධානං{1}, මා චන්දනිකං; මා ඔලිගල්ලං. යත්ථ{2} පතෙය්යාසි,{3} තත්ථෙව මරණං ආගච්ඡෙය්යාසි.{4} එවං{5} ත්වං, අම්භො පුරිස, කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජිස්සසීති. තං ඛො පනෙතං, භික්ඛවෙ, බ්රාහ්මණානං බාල ගමනමෙතං.{6} මූළ්හගමනමෙතං, න නිබ්බිදාය, න විරාගාය, න නිරොධාය, න උපසමාය, න අභිඤ්ඤාය, න සම්බොධාය න, නිබ්බානාය සංවත්තති.
Sinhala BJT3780. මහණෙනි, බමුණෝ උදයගාමිනී නම් පටිපදාවක් පනවත්. ඔහු සව්වා මෙසේ සමාදන් කරවත්: “එම්බා පුරුෂය, එව තෙපි කලින් ම නැගිට පෙරදිගට මුහුණ ලා යවු. ඒ තෙපි හෙබ නහමක් දුරු කරවු. බෑවුම නහමක් දුරු කරවු. කණුව නහමක් දුරු කරවු. කටුබිම නහමක් දුරු කරවු. අසුචිසොරොව්ව නහමක් දුරු කරවු. ගම්දොර ගවරවළ නහමක් දුරු කරවු. යම් තැනෙක වැටෙන්නහු නම් එහි ම මරණයට පැමිණෙන්නහු එම්බා පුරුෂය, මෙසේ තෙපි කාබුන් මරණින් මතු සුගතිසගලොවට පැමිණෙන්නහු”යි මහණෙනි, ඒ මෙය බමුණන්ගේ බාල ගමනෙකි. මෙය මෝඩ ගමනෙකි. මෙය නිර්වේදය පිණිස නො පවතියි. විරාගය පිණිස නො පවතියි. නිරෝධය පිණිස නො පවතියි. ව්‍යුපසමය පිණිස නො පවතියි. අභිඥානය පිණිස නො පවති යි සම්බෝධිය පිණිස නො පවතියි. නිර්‍වාණය පිණිස නො පවතියි.
Pali BJTඅහඤ්ච ඛො භික්ඛවෙ, අරියස්ස විනයෙ උදයගාමිනිං පටිපදං පඤ්ඤාපෙමි. යා එකන්තනිබිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. කතමා ච සා භික්ඛවෙ, උදයගාමිනී පටිපදා යා එකන්තනිබ්බිදාය -පෙ- නිබ්බානාය සංවත්තති? ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අයං ඛො සා භික්ඛවෙ, උදයගාමිනී පටිපදා, යා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තතීති.
Sinhala BJTමහණෙනි, යම් පටිපදාවක් ඒකාන්තනිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී නම් මමත් අරීසසුන්හි (එබඳු) උදයගාමිනී පටිපදාවක් පනවමි. මහණෙනි, යම් පටිපදාවක් ඒකාන්තනිර්වේදය පිණිස ... නිර්‍වාණය පිණිස පවතී නම් ඒ උදයගාමිනීපටිපදාව කවර යත්: මහණෙනි, මෙහි අරීසවු මෙකරුණෙනුදු … “දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධි සංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, යම් පටිපදාවක් ඒකාන්තනිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී නම් මේ ඒ උදයගාමිනී පටිපදාව යි.
Pali BJT11. 2. 3.
Sinhala BJT11. 2. 3.
Pali BJTආනන්දසුත්තං
Sinhala BJTආනන්‍ද සූත්‍රය
Pali BJT3781. එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච ආනන්දො සාවත්ථියං විහරන්ති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං ආනන්දං එතදවොච: කතින්නං ඛො ආවුසො ආනන්ද, ධම්මානං පහානා, කතින්නං ධම්මානං සමන්නාගමනහෙතු, එවමයං පජා භගවතා බ්යාකතා “සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති?
Sinhala BJT3781. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් අනඳ තෙරණුවෝත් සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැඟී සිටියාහු ආයුෂ්මත් අනඳ තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනඳ තෙරණුවන් සමග සතුටු වූහ ... සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක වැඩහුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙය වදාළහ: ඇවැත්නි, ආනන්‍දයෙනි, කෙතෙක් දහම් ප්‍රහාණයෙන් කෙතෙක් දහමින් යුතු වීම හේතු කොට ගෙන මෙසේ මේ ප්‍රජාව “විවස ව නොහෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවනැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි?
Pali BJTචතුන්නං ඛො ආවුසො, ධම්මානං පහානා, චතුන්නං ධම්මානං සමන්නාගමනහෙතු, එවමයං පජා භගවතා බ්යාකතා: “සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති. කතමෙසං චතුන්නං: යථාරූපෙන ඛො ආවුසො, බුද්ධෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපස්ස බුද්ධෙ අප්පසාදො{1} න හොති. යථාරූපෙන ච ඛො ආවුසො, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො සුතවා අරියසාවකො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, තථාරූපස්ස බුද්ධෙ අවෙච්චප්පසාදො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති.
Sinhala BJTඇවැත්නි, සිවුදහමක් දුරැලීමෙන් සිවුදහමෙකින් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව “විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවනැ”යි භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදු. කවර සිවුදහමෙකින යත්: ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපාය දුග්ගති විනිපාත නිරයට පැමිණේ නම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු නොපැහැදීමෙක් ඔහුට නැත. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි යම්බඳු ගුණ දැන පැහැදීමෙකින් යුතු උගත් අරීසවු කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම් “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුන්ට ශාස්තෲහ, බුද්ධයහ, භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි එබඳු ගුණ දැන පැහැදීමෙක් ඔහුට ඇත.
Pali BJTයථාරූපෙන ච ඛො ආවුසො, ධම්මෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. තථාරූපස්ස ධම්මෙ අප්පසාදො{1} න හොති. යථාරූපෙන ච ඛො ආවුසො, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො සුතවා අරියසාවකො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. තථාරූපස්ස ධම්මෙ අවෙච්චප්පසාදො හොති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- විඤ්ඤූහී”ති.
Sinhala BJTඇවැත්නි, දහම්හි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුග්ගති විනිපාතනිරයට පැමිණේ නම් දහම්හි, එබඳු නොපැහැදීමෙක් ඔහුට නැත. ඇවැත්නි, දහම්හි යම් බඳු ගුණ දැන පැහැදීමෙකින් යුතු උගත් අරීසවු කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම් “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි එබඳු ගුණ දැන පැහැදීමෙක් ඔහුට ඇත.
Pali BJTයථාරූපෙන ඛො ආවුසො, සඞ්ඝෙ අප්පසාදෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති, තථාරූපස්ස සඞ්ඝෙ අප්පසාදො න හොති. යථාරූපෙන ච ඛො ආවුසො, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො සුතවා අරියසාවකො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. තථාරූපස්ස සඞ්ඝෙ අවෙච්චප්පසාදො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති.
Sinhala BJTඇවැත්නි, සඟන කෙරෙහි යම් බඳු නොපැහැදීමෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුග්ගති විනිපාතනිරයට පැමිණේ නම් සඟන කෙරෙහි එබඳු නොපැහැදීමෙක් ඔහුට නැත. ඇවැත්නි, සඟන කෙරෙහි යම් බඳු ගුණ දැන පැහැදීමෙකින් යුතු උගත් අරීසවු කාබුන් මරණින් මතු සුගතිසගලොවට පැමිණේ නම් “භාග්‍යවතුන් වහන්සේ ගේ ශ්‍රාවකසඞ්ඝයා සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින්කෙතැ යි සඟන කෙරෙහි එබඳු ගුණ දැන පැහැදීමෙක් ඔහුට ඇත.
Pali BJTයථාරූපෙන ඛො ආවුසො, දුස්සීල්යෙන සමන්නාගතො අස්සුතවා පුථුජ්ජනො කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති තථාරූපස්ස දුස්සීල්යං න හොති. යථාරූපෙහි ච ඛො ආවුසො, අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො සුතවා අරියසාවකො කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. තථාරූපානිස්ස අරියකන්තානි සීලානි හොන්ති “අඛණ්ඩානි -පෙ- සමාධිසංවත්තනිකානි.” ඉමෙසං ඛො ආවුසො, චතුන්නං ධම්මානං පහානා ඉමෙසං චතුන්නං ධම්මානං සමන්නාගමනහෙතු එවමයං පජා භගවතා ව්යාකතා “සොතාපන්නා අවිනිපාතධම්මා නියතා සම්බොධිපරායණා”ති.
Sinhala BJTඇවැත්නි, යම්බඳු දුසිල්බවෙකින් යුතු නූගත් පුහුදුන් තෙමේ කාබුන් මරණින් මතු අපායදුග්ගති විනිපාතනිරයට පැමිණේ නම් එබඳු දුසිල් බවෙක් ඔහුට නැත. ඇවැත්නි, යම් බඳු ආර්‍ය්‍යකාන්නශීලයන්ගෙන් සමන්‍වාගත ශ්‍රැතවත් ආර්‍ය්‍යශ්‍රාවක කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණේ නම් අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ එබඳුආර්‍ය්‍යකාන්තශීලයෝ ඔහුට වෙති. ඇවැත්නි, මේ සිවුදහම් දුරැලීමෙන් මේ සිවුදහමින් යුතු වීම හේතු කොට මෙසේ මේ ප්‍රජාව විවස ව නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවනැයී භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
Pali BJT11. 2. 4.
Sinhala BJT11. 2. 4.
Pali BJTදුග්ගතිසුත්තං
Sinhala BJTදුග්ගති සූත්‍රය
Pali BJT3782. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සබ්බදුග්ගතිභයං{1} සමතික්කන්තො හොති. කතමෙහි චතූහි: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සබ්බදුග්ගතිභයං සමතික්කන්තො හොතීති.
Sinhala BJT3782. මහණෙනි, සිවුදහමෙකින් යුතු අරීසවු සියලු දුගතිබිය ඉක්ම වූයේ වෙයි. කවර සිවුදහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරැණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෘහ. බුද්ධයහ. භගවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ සිවුදහමින් යුතු අරීසවු සියලු දුගතිබිය ඉක්ම වූයේ වේ යි.
Pali BJT11. 2. 5.
Sinhala BJT11. 2. 5.
Pali BJTවිනිපාතසුත්තං
Sinhala BJTවිනිපාත සූත්‍රය
Pali BJT3783. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සබ්බදුග්ගතිවිනිපාතභයං සමතික්කන්තො හොති. කතමෙහි චතූහි: ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සබ්බදුග්ගතිවිනිපාතභයං සමතික්කන්තො හොතීති.
Sinhala BJT3783. මහණෙනි, සිවුදහමෙකින් යුතු අරීසවු සියලු දුගතිවිනිපාතබිය ඉක්ම වූයේ වෙයි. කවර සිවුදහමෙකින යත්: මහණෙනි, මෙහි අරීසවු ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භාග්‍යවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචලප්‍රසාදයෙන් සමන්‍වාගත වෙයි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වෙයි. මහණෙනි, මේ සිවුදහමෙන් යුතු අරීසවු සියලු දුගති විනිපාතබිය ඉක්ම වූයේ වේ යි.
Pali BJT11. 2. 6.
Sinhala BJT11. 2. 6.
Pali BJTමිත්තාමච්චසුත්තං
Sinhala BJTමිත්තාමච්ච සූත්‍රය
Pali BJT3784. යෙ{2} හි භික්ඛවෙ, අනුකම්පෙය්යාථ, යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං මිත්තා වා අමච්චා{3} වා ඤාතී වා සාලොහිතා වා. තෙ වො භික්ඛවෙ, චතූසු සොතාපත්තියඞ්ගෙසු සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා පතිට්ඨාපෙතබ්බා. කතමෙසු චතූසු: බුද්ධෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා -පෙ- “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා -පෙ-
Sinhala BJT3784. මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම්, මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් තොප විසින් ඔහු සිවු සෝවන් අඟෙහි සමාදන් කරවියයුතු ය. වැස්වියයුතු ය. පිහිටුවියයුතු ය. කවර සිවු සෝවන් අඟෙහි යත්: “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධහ. භගවත්යහ” යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය.
Pali BJT“ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා -පෙ- සුපටිපන්නො භගවතො සාවක සඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. අරියකන්තෙසු සීලෙසු සමාදපෙතබ්බා -පෙ- අඛණ්ඩෙසු -පෙ- සමාධිසංවත්තනිකෙසු. යෙ{1} භික්ඛවෙ, අනුකම්පෙය්යාථ යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං මිත්තා වා අමච්චා{2} වා ඤාතී වා සාලොහිතා වා තෙ වො භික්ඛවෙ, ඉමෙසු චතූසු සොතාපත්තියඞ්ගෙසු සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා පතිට්ඨාපෙතබ්බාති.
Sinhala BJT“ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය ... “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝයා සුපිළිපන් ය ... ලොවට අනුතුරු පින්කෙතැ”යි සඟන කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය ... අඛණ්ඩ වූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙහි සමාදන් කරවියයුතු ය ... මහණෙනි, යම් කෙනෙකුන්ට අනුකම්පා කරන්නාහු නම්, මිතුරු වු හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු මේ සිවු සෝවන් අඟෙහි සමාදන් කරවිය යුතු ය, වැස්වියයුතු ය. පිහිටුවියයුතු ය යි.
Pali BJT11. 2. 7.
Sinhala BJT11. 2. 7.
Pali BJTදුතිය මිත්තාමච්චසුත්තං
Sinhala BJTදුතිය මිත්තාමච්ච සූත්‍රය
Pali BJT3785. යෙ හි භික්ඛවෙ, අනුකම්පෙය්යාථ යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා. තෙ වො භික්ඛවෙ, චතූසු සොතාපත්තියඞ්ගෙසු සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා පතිට්ඨාපෙතබ්බා. කතමෙසු චතූසු: බුද්ධෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා -පෙ- “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. සියා භික්ඛවෙ, චතුන්නං මහාභූතානං අඤ්ඤථත්තං පඨවීධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා. නත්වෙව බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතස්ස අරියසාවකස්ස සියා අඤ්ඤථත්තං. තත්රිදං අඤ්ඤථත්තං: “සො වත බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො අරියසාවකො නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජිස්සතී”ති නෙතං ඨානං විජ්ජති. ධම්මෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා -පෙ- සඞ්ඝෙ අවෙච්චප්පසාදෙ සමාදපෙතබ්බා -පෙ- අරියකන්තෙසු සීලෙසු සමාදපෙතබ්බා -පෙ- අඛණ්ඩෙසු -පෙ- සමාධිසංවත්තනිකෙසු. සියා භික්ඛවෙ, චතුන්නං මහාභූතානං අඤ්ඤථත්තං: “පඨවීධාතුයා ආපොධාතුයා තෙජොධාතුයා වායොධාතුයා.” නත්වෙව අරියකන්තෙහි සීලෙහි සමන්නාගතස්ස අරියසාවකස්ස සියා අඤ්ඤථත්තං. තත්රිදං අඤ්ඤථත්තං: “සො වත අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො අරියසාවකො නිරයං වා තිරච්ඡානයොනිං වා පෙත්තිවිසයං වා උපපජ්ජිස්සතී”ති නෙතං ඨානං විජ්ජති. යෙ භික්ඛවෙ, අනුකම්පෙය්යාථ, යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං, මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා. තෙ වො භික්ඛවෙ, ඉමෙසු චතූසු සොතාපත්තියඞ්ගෙසු සමාදපෙතබ්බා නිවෙසෙතබ්බා පතිට්ඨාපෙතබ්බා”ති.
Sinhala BJT3785. මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම් මිතුරු වු හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවු සෝවන් අඟෙහි සමාදන් කරවියයුතුවහ, වැස්වියයුතුවහ. පිහිටුවියයුතුවහ. කවර සිවුසෝවන් අඟෙහි යත්: “ඒ,භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවිය යුතුය ... මහණෙනි, පඨවීධාතුවේත් ආපෝධාතුවේත් තේජෝධාතුවේත් වායොධාතුවේත් යන සිවුමහාභූතයන්ගේ වෙනස් බවෙක් වන්නේ ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු අරීසවුහුගේ වෙනස් බවෙක් නො ම වන්නේ ය. මේ එහි වෙනස් බව යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු ඒ අරීසවු නිරයට හෝ තිරිසන් යොනට හෝ ප්‍රේතවිෂයට හෝ පැමිණෙන්නේ ය යන මෙකරුණ එකත්නෙන් නැත. දහම්හි ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවියයුතු ය ... සඟන කෙරෙහි, ගුණ දැන පැහැදීමෙහි සමාදන් කරවිය යුතු ය ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙහි සමාදන් කරවියයුතු ය ... මහණෙනි, පඨවීධාතුවේත් ආපෝධාතුවේත් තෙජොධාතුවේත් වායොධාතුවේත් යන සිවුමහාභූතයන්ගේ වෙනස් බවෙක් වන්නේ ය. ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත අරීසවුහුගේ වෙනස් බවෙක් නො ම වන්නේ ය. මේ එහි වෙනස් බවයි. ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත ඒ ආර්‍ය්‍යශ්‍රාවක නිරයට හෝ තිරිසන්යෝනට හෝ ප්‍රේතවිෂයට හෝ පැමිණෙන්නේ ය යන මෙකරුණ එකත්නෙන් නැත. මහණෙනි, යම් කෙනකුන්ට අනුකම්පා කරන්නාහු නම් මිතුරු වූ හෝ සගයහළු වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන් ඇහුම්කන් දියයුතු ය යි හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු මේ සිවුසෝවන් අඟෙහි සමාදන් කරවියයුතුවහ. වැස්වියයුතුවහ. පිහිටු වියයුතුව හ යි.
Pali BJT11. 2. 8.
Sinhala BJT11. 2. 8.
Pali BJTදෙවචාරිකසුත්තං
Sinhala BJTදේවචාරික සූත්‍රය
Pali BJT3786. එකං සමයං ආයස්මා මහාමොග්ගල්ලානො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං ජෙතවනෙ අන්තරහිතො දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි. අථ ඛො සම්බහුලා තාවතිංසකායිකා දෙවතායො යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං මහාමොග්ගල්ලානං අභිවාදෙත්වා එකමන්තං අට්ඨංසු. එකමන්තං ඨිතා ඛො තා දෙවතා ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච:
Sinhala BJT3786. එක්සමයෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවැත් නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් දිගු කරන්නේ හෝ දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ නම් එසෙයින් ම ජේතවනයෙහි අතුරුදන් වූවෝ තවුතිසාදෙවුලොව පහළ වූහ. එකල්හි තවුතිසාවැසි බොහෝ දෙවියෝ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවන් වැඳ එකත්පස් ව සිටියහ. එකත්පස්ව සිටි ඒ දෙවියන්ට ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ:
Pali BJTසාධු ඛො ආවුසො, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො ආවුසො, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො ආවුසො, ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො ආවුසො, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො ආවුසො, සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමන හෙතු ඛො ආවුසො, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො ආවුසො, අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො ආවුසො, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති.
Sinhala BJTඇවැත්නි, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, ධර්‍මය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් දේශනා කරන ලද්දේ ය ... නුවණැත්තවුන් විසින් තමන් තමන් කෙරෙහි ලා දතයුතු ය”යි දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, දහම්හි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුප්‍රතිපන්න ය ... ලෝකයාට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍රය” යි සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. ඇවැත්නි, අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
Pali BJTසාධු ඛො මාරිස මොග්ගල්ලාන, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්ති. සාධු ඛො මාරිස මොග්ගල්ලාන, ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො මාරිස මොග්ගල්ලාන, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජන්තීති.
Sinhala BJTනිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතුවීම යහපත් ම වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතුවීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුතුවීම යහපත් ම වේ. නිදුකාණෙනි මොග්ගල්ලානයෙනි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණෙති යි.
Pali BJT11. 2. 9.
Sinhala BJT11. 2. 9.
Pali BJTදුතිය දෙවචාරිකසුත්තං
Sinhala BJTදුතිය දේවචාරික සූත්‍රය
Pali BJT3787. එකං සමයං ආයස්මා මහාමොග්ගල්ලානො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො සෙය්යථාපි නාම බලවා පුරිසො -පෙ- දෙවෙසු තාවතිංසෙසු පාතුරහොසි. අථ ඛො සම්බහුලා තාවතිංසකායිකා දෙවතායො -පෙ- ආයස්මා මහාමොග්ගල්ලානො එතදවොච: “සාධු ඛො ආවුසො, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනං හොති: “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගමනහෙතු ඛො ආවුසො, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා. සාධු ඛො ආවුසො, ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනං හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. අරියකන්තෙහි සීලෙහි සමන්නාගමනහෙතු ඛො ආවුසො, එවමිධෙකච්චෙ සත්තා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති.
Sinhala BJT3787. එක්සමයෙක ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ සැවැත් නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙහි. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ යම්සේ බලවත් පුරුෂයෙක් ... තවුතිසා දෙව්ලොව පහළ වූහ. එකල්හි බොහෝ වූ තව්තිසාවැසි දෙවියෝ ... ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ මෙය වදාළහ. ඇවැත්නි, ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු ... දෙවිමිනිසුන්ට ශාස්තෲහ. බුද්ධයහ. භගවත්හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ. ඇවැත්නි, ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවර්‍තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම යහපත් ම වේ. ඇවැත්නි, ආර්‍ය්‍යකාන්තශීලයෙන් යුතු වීම හේතු කොට මෙසේ මෙහි ඇතැම් සත්ත්‍වයෝ කාබුන් මරණින් මතු සුගති සගලොවට පැමිණියහ යි.