Pali BJT2. ආනන්ද වග්ගො
Sinhala BJT2. ආනන්‍ද වර්‍ගය
Pali BJT10. 2. 1.
Sinhala BJT10. 2. 1.
Pali BJTඉච්ඡානඞ්ගලසුත්තං
Sinhala BJTඉච්ඡානඞ්ගල සූත්‍රය
Pali BJT3759. එකං සමයං භගවා ඉච්ඡානඞ්ගලෙ{1} විහරති ඉච්ඡානඞ්ගල වනසණ්ඩෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “ඉච්ඡාමහං භික්ඛවෙ, තෙමාසං පතිසල්ලීයිතුං. නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙනා”ති. ‘එවම්භන්තෙ’ති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා නාස්සු කොචි භගවන්තං උපසඞ්කමති, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන.
Sinhala BJT3759. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගලනුවර සමීපයෙහි ඉච්ඡානඞ්ගලවනලැහැබෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මම තෙමසක් එකලා ව වෙසෙන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය රැගෙන එන එකකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි”යි. එසේ ය වහන්සැ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹිණ.
Pali BJTඅථ ඛො භගවා තස්ස තෙමාසස්ස අච්චයෙන පටිසල්ලානා වුට්ඨිතො භික්ඛූ ආමන්තෙසි: “සචෙ වො{2} භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං ‘කතමෙන ආවුසො විහාරෙන සමණො ගොතමො වස්සාවාසං බහුලං විහාසී’ති, එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං බ්යාකරෙය්යාථ: ‘ආනාපානසතිසමාධිනා ඛො ආවුසො, භගවා වස්සාවාසං බහුලං විහාසී’ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තෙමස අයාමෙන් විවේකයෙන් නැඟීසිටි සේක් භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ: “ඇවැත්නි, මහණ ගොයුම්හු ඇතුළුවස කවර විහරණයෙකින් යුතු ව බහුල කොට වුසූ දැ”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ආනාපානසතිසමාධියෙන් යුතු ව ඇතුළුවස බහුල කොට වුසූ සේකැ”යි මෙසේ පවසන්නහු ය.
Pali BJTඉධාහං භික්ඛවෙ, සතො අස්සසාමි, සතො පස්සසාමි. දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාමි, දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාමි -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති පජානාමි, පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති පජානාමි. යං හි තං භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය අරියවිහාරො ඉතිපි බ්රහ්මවිහාරො ඉතිපි තථාගතවිහාරො ඉතිපි ආනාපානසතිසමාධිං සම්මාවදමානො වදෙය්ය, අරියවිහාරො ඉතිපි බ්රහ්මවිහාරො ඉතිපි තථාගතවිහාරො ඉතිපි.
Sinhala BJTමහණෙනි, මෙහි මම සිහි ඇතියෙම් ආශ්වාස කරමි. සිහි ඇතියෙම් ප්‍රශ්වාස කරමි. දිගු කොට හෝ ආශ්වාස කරන්නෙම් දිගු කොට ආශ්වාස කරමි යි දනිමි දිගු කොට හෝ ප්‍රශ්වාස කරන්නෙම් දිගු කොට ප්‍රශ්වාස කරමි යි දනිමි ... නිවන අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි දනිමි. නිවන අනු ව දක්නාසුලුව ප්‍රශ්වාස කරන්නෙමි යි දනිමි. මහණෙනි, මැනවින් කියන්නෙක් අරියවිහාර ය යි දු බ්‍රහ්මවිහාර ය යි දු තථාගතවිහාර ය යි දු ඒ යමකට කියන්නේ නම් මැනවින් කියන්නා ආනාපානසතිසමාධියට අරියවිහාර ය යි දු බ්‍රහ්මවිහාර ය යි දු තථාගතවිහාර ය යි දු කියන්නේ ය.
Pali BJTයෙ තෙ භික්ඛවෙ, භික්ඛූ සෙඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති, තෙසං ආනාපානසතිසමාධි භාවිතො බහුලීකතො ආසවානං ඛයාය සංවත්තති. යෙ ච ඛො තෙ භික්ඛවෙ, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤාවිමුත්තා, තෙසං ආනාපානසතිසමාධි භාවිතො බහුලීකතො දිට්ඨධම්මසුඛවිහාරාය{3} චෙව සංවත්තති සතිසම්පජඤ්ඤාය ච. යං හි තං භික්ඛවෙ, සම්මාවදමානො වදෙය්ය අරියවිහාරො ඉතිපි බ්රහ්මවිහාරො ඉතිපි තථාගතවිහාරො ඉතිපි ආනාපානසතිසමාධිං සම්මාවදමානො වදෙය්ය අරියවිහාරො ඉතිපි බ්රහ්මවිහාරො ඉතිපි තථාගතවිහාරො ඉතිපීති.
Sinhala BJTමහණෙනි, යම් ඒ මහණ කෙනෙක් ශෛක්‍ෂ්‍ය වූවාහු නො පැමිණි රහත් බැව් ඇත්තාහු අනුත්තර රහත් බව පතන්නාහු වෙසෙද් ද, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ පුනපුනා කරන ලද්දේ ඔවුන්ගේ ආස්‍රවක්‍ෂය පිණිස පවතී. මහණෙනි, ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ සිවුමග කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති ගෙවූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ රහත් මහණහු වෙද්ද, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ පුනපුනා කරන ලද්දේ ඔවුන්ට දිටුදැමියෙහි සුවවිහරණ පිණිසත් සිහිනුවණ පිණිසත් පවතී. මහණෙනි, මැනවින් කියන්නෙක් අරියවිහාර ය යි දු බ්‍රහ්මවිහාර ය යි දු තථාගත විහාරය යි දු ඒ යමකට කියන්නේ නම් මැනවින් කියන්නා ආනාපානසතිසමාධියට අරියවිහාර ය යි දු බ්‍රහ්මවිහාර ය යි දු තථාගතවිහාර ය යි දු කියන්නේ යි.
Pali BJT10. 2. 2.
Sinhala BJT10. 2. 2.
Pali BJTකඞ්ඛෙය්යසුත්තං
Sinhala BJTකඞ්ඛෙය්‍ය සූත්‍රය
Pali BJT3760. එකං සමයං ආයස්මා ලොමසවඞ්ගීසො{1} සක්කෙසු විහරති කපිලවත්ථුස්මිං නිග්රොධාරාමෙ. අථ ඛො මහානාමො සක්කො යෙනායස්මා ලොමසවඞ්ගීසො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ලොමසවඞ්ගීසං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො මහානාමො සක්කො ආයස්මන්තං ලොමසවඞ්ගීසං එතදවොච. සො එව නු ඛො භන්තෙ, සෙඛො විහාරො සො තථාගතවිහාරො, උදාහු අඤ්ඤොව{2} සෙඛො විහාරො, අඤ්ඤො තථාගතවිහාරොති.
Sinhala BJT3760. එක් සමයෙක ආයුෂ්මත් ලෝමසවඞ්ගීස තෙරණුවෝ ශාක්‍ය දනව්වෙහි කපිලවාස්තුපුර සමීපයෙහි නිග්‍රෝධාරාමයෙහි වැඩවෙසෙති. එකල මහානාමශාක්‍ය තෙමේ ආයුෂ්මත් ලෝමසවඞ්ගීස තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ලෝමසවඞ්ගීස තෙරණුවන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් මහානාම ශාක්‍ය තෙමේ ආයුෂ්මත් ලෝමසවඞ්ගීස තෙරණුවන්ට මෙය කීය: “වහන්ස, සේඛ විහාරයන් එය ම ද? තථාගතවිහාරයත් එය ම ද? නොහොත් සෙඛවිහාරය අනෙකෙක් ද? තථාගත විහාරය අනෙකෙක් දැ”යි.
Pali BJTන ඛො ආවුසො මහානාම, ස්වෙව සෙඛො විහාරො, සො තථාගතවිහාරො. අඤ්ඤො ඛො ආවුසො මහානාම, සෙඛො විහාරො අඤ්ඤො තථාගතවිහාරො. යෙ තෙ ආවුසො මහානාම භික්ඛූ සෙඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති, තෙ පඤ්ච නීවරණෙ පහාය විහරන්ති. කතමෙ පඤ්ච: කාමච්ඡන්දනීවරණං පහාය විහරන්ති. ව්යාපාදනීවරණං -පෙ- ථිනමිද්ධනීවරණං -පෙ- උද්ධච්චකුක්කුච්චනීවරණං -පෙ- විචිකිච්ඡානීවරණං පහාය විහරන්ති. යෙ තෙ ආවුසො මහානාම, භික්ඛූ සෙඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති. තෙ ඉමෙ පඤ්ච නීවරණෙ පහාය විහරන්ති.
Sinhala BJTඇවැත්නි, මහානාම, එය ම සේඛවිහාරයත් එය ම තථාගතවිහාරයත් නො ම වේ. ඇවැත්නි මහානාම, සෙඛවිහාරය අනෙකෙකි. තථාගතවිහාරය අනෙකෙකි. ඇවැත්නි, මහානාම, යම් ඒ ශෛක්‍ෂ්‍ය භික්‍ෂූහු නො පැමිණි රහත්බැව් ඇත්තාහු අනුත්තර රහත්බව පතමින් වෙසෙද්ද, ඔහු පස් නීවරණ දුරු කොට වෙසෙත්. කවර පසක් ද යත්: කාමච්ඡන්‍ද නීවරණය දුරු කොට වෙසෙත්. ව්‍යාපාද නීවරණය ... ථිනමිද්ධ නීවරණය ... උද්ධච්චකුක්කුච්ච නීවරණය ... විචිකිච්ඡා නීවරණය දුරු කොට වෙසෙත්. ඇවැත්නි මහානාම, යම් ඒ ශෛක්‍ෂ්‍යභික්‍ෂූහු නො පැමිණි රහත්බැව් ඇත්තාහු අනුත්තර වූ අර්‍හත්‍වය පතමින් වෙසෙද්ද, ඔහු මේ පස් නීවරණ දුරු කොට වෙසෙති.
Pali BJTයෙ ච ඛො තෙ ආවුසො මහානාම, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤාවිමුත්තා, තෙසං පඤ්ච නීවරණා පහීනා උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. කතමෙ පඤ්ච: කාමච්ඡන්දනීවරණං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවංකතං ආයතිං අනුප්පාදධම්මං, ව්යාපාදනීවරණං -පෙ- ථිනමිද්ධනීවරණං -පෙ- උද්ධච්චකුක්කුච්චනීවරණං -පෙ- විචිකිච්ඡානීවරණං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං.
Sinhala BJTඇවැත්නි මහානාම, ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති ගෙවූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ රහත් භික්‍ෂූහු වෙද්ද, ඔවුන් විසින් පස් නීවරණයෝ ප්‍රහීණයහ. උසුන්මුල්හ. හිස්සුන් තල්ගසක් මෙන් කරනලදහ. නැවත නොහටගන්නා බවට පමුණුවනලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. කවර පසෙක් ද යත්: කාමච්ඡන්‍දනීවරණය ප්‍රහීණ ය. උසුන්මුල් ය. හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ ය. නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දේ ය. මතු නූපදනා ස්වභාව ඇත්තේ ය. ව්‍යාපාදනීවරණය ... ථීනමිද්ධනීවරණය ... උද්ධච්චකුක්කුච්චනීවරණය ... විචිකිච්ඡානීවරණය ප්‍රහීණ ය. උසුන්මුල් ය. හිස්සුන් තල්ගසක් මෙන් කරන ලද්දේ ය. නැවත නොහටගන්නා බවට පමුණුවන ලද්දේ ය. මතු නූපදනා ස්වභාව ඇත්තේ ය.
Pali BJTයෙ තෙ ආවුසො මහානාම, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤාවිමුත්තා. තෙසං ඉමෙ පඤ්ච නීවරණා පහීනා. උච්ඡින්නමූලා තාලාවත්ථුකතා අනභාවකතා ආයතිං අනුප්පාදධම්මා. තදමිනාපෙතං ආවුසො මහානාම, පරියායෙන වෙදිතබ්බං යථා අඤ්ඤොව සෙඛො විහාරො, අඤ්ඤො තථාගතවිහාරො.
Sinhala BJTඇවැත්නි මහානාම, ක්‍ෂය කළ ආස්‍රව ඇති, වැස නිම වූ බඹසර ඇති, කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති, පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති, ක්‍ෂය වූ භවසංයෝජන ඇති, මැනවින් දැන මිදුණු යම් ඒ රහත් භික්‍ෂූහු වෙද්ද, ඔවුන් විසින් මේ පස් නීවරණයෝ ප්‍රහීණයහ. උසුන්මුල්හ. හිස්සුන් තල්ගසක් මෙන් කරනලදහ. නැවත නො හටගන්නා බවට පමුණුවන ලදහ. මතු නූපදනා ස්වභාව ඇතියහ. ඇවැත්නි මහානාම, යම්සේ සෙඛවිහාරය අනෙකෙක් ම වේ ද, තථාගතවිහාරය අනෙකෙක් ම වේ ද, ඒ මෙය මේ නයෙනුදු දතයුතු.
Pali BJTඑකමිදං{1} ආවුසො මහානාම, සමයං භගවා ඉච්ඡානඞ්ගලෙ විහරති ඉච්ඡානඞ්ගලවනසණ්ඩෙ. තත්ර ඛො ආවුසො, භගවා{2} භික්ඛූ ආමන්තෙසි: “ඉච්ඡාමහං භික්ඛවෙ, තෙමාසං පතිසල්ලීයිතුං. නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙනා”ති. “එවං භන්තෙ”ති ඛො ආවුසො, තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා නාස්සු කොචි භගවන්තං උපසඞ්කමති අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන.
Sinhala BJTඇවැත්නි මහානාම, එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානඞ්ගලනුවර ඉච්ඡානඞ්ගලවනලැහැබෙහි වැඩවසන සේක. ඇවැත්නි, එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මම තෙමසක් එකලා ව වෙසෙන්නට කැමැත්තෙමි. පිණ්ඩපාතය රැගෙන එන එකකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි”යි. ඇවැත්නි, “එසේ ය වහන්සැ” යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය රැගෙන එන එකකු හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹිණි.
Pali BJTඅථ ඛො ආවුසො, භගවා තස්ස තෙමාසස්ස අච්චයෙන පටිසල්ලානා වුට්ඨිතො භික්ඛූ ආමන්තෙසි: “සචෙ වො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවං පුච්ඡෙය්යුං: “කතමෙනාවුසො, විහාරෙන සමණො ගොතමො වස්සාවාසං බහුලං විහාසී”ති, එවං පුට්ඨා තුම්හෙ භික්ඛවෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං එවං බ්යාකරෙය්යාථ, “ආනාපානසතිසමාධිනා ඛො ආවුසො, භගවා වස්සාවාසං බහුලං විහාසී”ති. ඉධාහං භික්ඛවෙ, සතො අස්සසාමි, සතො පස්සසාමි. දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාමි, දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාමි. -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති පජානාමි, පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති පජානාමි. යං හි තං භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය අරියවිහාරො ඉතිපි, බ්රහ්මවිහාරො ඉතිපි, තථාගතවිහාරො ඉතිපි. ආනාපානසතිසමාධිං සම්මා වදමානො වදෙය්ය, අරියවිහාරො ඉතිපි, බ්රහ්මවිහාරො ඉතිපි, තථාගතවිහාරො ඉතිපි.
Sinhala BJTඇවැත්නි, ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ තෙමස ඇවෑමෙන් විවේකයෙන් නැඟීසිටි සේක් භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ඉදින් අන්තොටු පිරිවැජ්ජෝ “ඇවැත්නි, මහණ ගොයුම්හු ඇතුළුවස කවර විහරණයෙකින් යුතු ව බහුල කොට දැ”යි මෙසේ තොප පුළුවුස්නාහු නම් මහණෙනි, එසේ පුළුවුස්නා ලද තෙපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ට “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ ඇතුළුවස ආනාපානසතිසමාධියෙන් යුතු ව බහුල කොට විසූ සේකැ” යි මෙසේ පවසන්නහු ය. මහණෙනි, මෙහි මම සිහි ඇතියෙම් ආශ්වාස කෙරෙමි, සිහි ඇතියෙම් ප්‍රශ්වාස කෙරෙමි, දිගු කොට හෝ ආශ්වාස කරන්නෙම් දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනිමි. දිගු කොට හෝ ප්‍රශ්වාස කරන්නෙම් දිගු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනිමි ... නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි දනිමි. නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි දනිමි. මහණෙනි, මැනවින් කියන්නෙක් ඒ යමකට අරියවිහාරය යි දු බ්‍රහ්මවිහාරය යි දු තථාගතවිහාරය යි දු කියන්නේ නම් මැනවින් කියන්නා ආනාපානසතිසමාධියට අරියවිහාරය යි දු බ්‍රහ්මවිහාරය යි දු තථාගතවිහාරය යි දු කියන්නේ ය.
Pali BJTයෙ තෙ භික්ඛවෙ, භික්ඛූ සෙඛා අප්පත්තමානසා අනුත්තරං යොගක්ඛෙමං පත්ථයමානා විහරන්ති. තෙසං ආනාපානසතිසමාධි භාවිතො බහුලීකතො ආසවානං ඛයාය සංවත්තති. යෙ ච ඛො තෙ භික්ඛවෙ, භික්ඛූ අරහන්තො ඛීණාසවා වුසිතවන්තො කතකරණීයා ඔහිතභාරා අනුප්පත්තසදත්ථා පරික්ඛීණභවසංයොජනා සම්මදඤ්ඤා විමුත්තා, තෙසං ආනාපානසතිසමාධි භාවිතො බහුලීකතො දිට්ඨධම්මසුඛවිහාරාය චෙව සංවත්තති සතිසම්පජඤ්ඤාය ච.
Sinhala BJTමහණෙනි, යම් ඒ ශෛක්‍ෂ්‍ය භික්‍ෂූහු නොපැමිණි රහත් බැව් ඇත්තාහු අනුත්තර නිවන පතමින් වෙසෙද්ද, ඔවුන් විසින් ආනාපානසතිසමාධිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ ආස්‍රව ක්‍ෂය පිණිස පවතී. මහණෙනි, ක්‍ෂය කළ ආස්‍රව ඇති, වැස නිම වූ බඹසර ඇති, කළ කටයුතු ඇති, බහා තැබූ බර ඇති, පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති, ක්‍ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ රහත් මහණහු වෙද්ද, ඔවුන් විසින් ආනාපානසතිසමාධිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ දිටුදැමියෙහි සුවවිහරණය පිණිසත් සිහිනුවණ පිණිසත් පවතී.
Pali BJTයං හි තං භික්ඛවෙ, සම්මා වදමානො වදෙය්ය අරියවිහාරො ඉතිපි, බ්රහ්මවිහාරො ඉතිපි, තථාගතවිහාරො ඉතිපි. ආනාපානසතිසමාධිං සම්මා වදමානො වදෙය්ය අරියවිහාරො ඉතිපි, බ්රහ්මවිහාරො ඉතිපි, තථාගතවිහාරො ඉතිපීති. ඉමිනා ඛො එතං ආවුසො මහානාම, පරියායෙන වෙදිතබ්බං යථා අඤ්ඤොව සෙඛො විහාරො, අඤ්ඤො තථාගතවිහාරොති.
Sinhala BJTමහණෙනි, මැනවින් කියන්නෙක් ඒ යමකට අරියවිහාරය යි දු බ්‍රහ්මවිහාරය යි දු තථාගතවිහාරය යි දු කියන්නේ නම් මැනවින් කියන්නා අනාපානසතිසමාධියට අරියවිහාරය යි දු බ්‍රහ්මවිහාරය යි දු තථාගතවිහාරය යි දු කියන්නේ යි. ඇවැත්නි මහානාම, යම්සේ සෙඛවිහාරය අනෙකෙක් ම වේ ද තථාගතවිහාර අනෙකෙක් ම වේ ද මෙය මේ නයින් දතයුතු යි.
Pali BJT10. 2. 3.
Sinhala BJT10. 2. 3.
Pali BJTආනන්දසුත්තං
Sinhala BJTආනන්‍ද සූත්‍රය
Pali BJT3761. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “අත්ථි නු ඛො භන්තෙ, එකො ධම්මො{1} භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වෙ ධම්මෙ පරිපූරෙන්තී”ති. “අත්ථි ඛො ආනන්ද, එකො ධම්මො භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වෙ ධම්මෙ පරිපූරෙන්තී”ති.
Sinhala BJT3761. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, එක් දහමක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා ද, සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනෙකුන් පුරවද්ද, සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවද්ද, එබඳු දහමෙක් ඇද්දැ”යි. ආනන්‍ද, එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා ද, සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනකුන් පුරවද්ද, සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවද්ද, එබඳු දහමෙක් ඇතැ යි.
Pali BJTකතමො පන භන්තෙ, එකො ධම්මො භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වෙ ධම්මෙ පරිපූරෙන්තී”ති. ආනාපානසතිසමාධි ඛො ආනන්ද, එකො ධම්මො භාවිතො බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති, චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති. කථං භාවිතො ආනන්ද, ආනාපානසතිසමාධි කථං බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති: ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමී’ති සික්ඛති.
Sinhala BJT“වහන්ස, කවර එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ (කවර) සිවු දහම් කෙනකුන් පුරවා ද, සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු (කවර) සත් දහම් කෙනකුන් පුරවත් ද, සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු කවර දෙ දහම් කෙනකුන් පුරවද්දැ”යි. ආනන්‍ද, ආනාපානසතිසමාධි නම් එක් දහම වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පුරවත්. සත් බොජඟහු වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති පුරවත්. ආනන්‍ද, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිසමාධිය සිවු සීවටන් පුරවා ද යත්: ආනන්‍ද, මෙසස්නෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛු දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති, දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති -පෙ- සබ්බකායපටිසංවෙදී -පෙ- පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. කායෙ කායානුපස්සී ආනන්ද, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු: කායඤ්ඤතරාහං ආනන්ද, එතං වදාමි, යදිදං අස්සාසපස්සාසං. තස්මාතිහානන්ද, කායෙ කායානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTආනන්‍ද, යම් සමයෙක මහණ දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමියි දනී ද ... සියලු ආශ්වාසප්‍රශ්වාසකය දන්නාසුලු ව ... කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද එසමයෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, යම් මේ ආශ්වාසප්‍රශ්වාස වේ ද, මෙය එක්තරා කයෙකැ යි මම කියමි. ආනන්‍ද එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛු පීතිපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති -පෙ- සුඛපටිසංවෙදී -පෙ- චිත්තසඞ්ඛාරපටිසංවෙදී -පෙ- පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. වෙදනාසු වෙදනානුපස්සී ආනන්ද, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු: වෙදනඤ්ඤතරාහං ආනන්ද, එතං වදාමි, යදිදං අස්සාසපස්සාසානං සාධුකං මනසිකාරං. තස්මාතිහානන්ද, වෙදනාසු වෙදනානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTආනන්‍ද, යම් සමයෙක මහණ ප්‍රීතිය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... සුවය දන්නාසුලු ව ... චිත්තසංස්කාර දන්නාසුලු ව ... චිත්තසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද එසමයෙහි මහණ වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව වේදනාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, යම් මේ ආශ්වාසප්‍රශ්වාසයන්ගේ මැනවින් මෙනෙහි කිරීමෙක් වේ ද මෙය එක්තරා වේදනාවෙකැ යි මම කියමි. ආනන්‍ද, එහෙයින් මෙසස්නෙහි මහණ එසමයෙහි වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව වේදනාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛු චිත්තපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති -පෙ- අභිප්පමොදයං චිත්තං -පෙ- සමාදහං චිත්තං -පෙ- විමොචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, විමොචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. චිත්තෙ චිත්තානුපස්සී ආනන්ද, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු: නාහං ආනන්ද, මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපානසතිසමාධිභාවනං වදාමි. තස්මාතිහානන්ද, චිත්තෙ චිත්තානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTආනන්‍ද, යම් සමයෙක මහණ සිත දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... සිත සතුටු කරවමින් ... සිත එකඟ කරමින් ... සිත මුදවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද, එසමයෙහි මහණ සිතෙහි සිත අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මුළා සිහි ඇති මනාදැනුම් නැත්තහුට ආනාපානසතිසමාධිභාවනාවක් මම නො කියමි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි සිත්හි සිත අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛු අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති -පෙ- විරාගානුපස්සී -පෙ- නිරොධානුපස්සී -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. ධම්මෙසු ධම්මානුපස්සී ආනන්ද, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සො යං තං හොති අභිජ්ඣාදොමනස්සානං පහානං තං පඤ්ඤාය දිස්වා සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. තස්මාතිහානන්ද, ධම්මෙසු ධම්මානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං භාවිතො ඛො ආනන්ද, ආනාපානසතිසමාධි එවං බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති.
Sinhala BJTආනන්‍ද, යම් සමයෙක මහණ අනිස අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... විරාගය අනුව දක්නාසුලු ව ... නිරෝධය අනු ව දක්නාසුලු ව ... නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද, එසමයෙහි මහණ දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දැඩිලොබ හා දොම්නස පිළිබඳ යම් ඒ ප්‍රහාණයෙක් වේ නම් හේ එය නුවණින් දැක දැක මැනවින් මැදහත් ව දක්නාසුලු වෙයි. ආනන්‍ද, එසෙයින් මෙහි ලා මහණ එසමයෙහි දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දගම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ආනන්‍ද, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ආනාපානසතිසමාධිය සිවු සීවටන් පුරවයි.
Pali BJTකථං භාවිතා ච ආනන්ද, චත්තාරො සතිපට්ඨානා කථං බහුලීකතා සත්තබොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති: යස්මිං සමයෙ ආනන්ද, භික්ඛු කායෙ කායානුපස්සී විහරති උපට්ඨිතා තස්ස{1} තස්මිං සමයෙ සති{2} හොති අසම්මුට්ඨා. යස්මිං සමයෙ ආනන්ද, භික්ඛුනො උපට්ඨිතා සති හොති අසම්මුට්ඨා, සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. සතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. සො තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසමාපජ්ජති.
Sinhala BJTආනන්‍ද, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සිවු සීවටන්හු සත් බොජඟ පුරවද්ද යත්: ආනන්‍ද, යම් සමයෙක මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසේ ද එසමයෙහි ඔහුගේ සිහිය නුමුළා වූවා එළඹසිටියා වේ. ආනන්‍ද, යම් සමයෙක මහණහුගේ සිහිය නුමුළා වූවා එළඹ සිටියා වේ ද, එසමයෙහි මහණහු විසින් සතිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. හේ එසේ සිහි ඇති ව වෙසෙනුයේ ඒ දහම නුවණින් සොයයි පිරික්සයි විමසුමට පැමිණෙයි.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛු තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනාති පවිචරති පරිවීමංසමාපජ්ජති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. තස්ස තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචරතො පරිවීමංසමාපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං.
Sinhala BJTආනන්‍ද, යම් සමයෙක මහණ එසේ සිහි ඇති ව වෙසෙනුයේ ඒ දහම නුවණින් සොයා ද පිරික්සා ද විමසුමට පැමිණේ ද, එසමයෙහි මහණහු විසින් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඒ දහම නුවණින් සොයන පිරික්සන විමසුමට පැමිණෙන ඔහු විසින් ලීන නොවූ වැර අරඹන ලද්දේ වෙයි.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛුනො තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචරතො පරිවීමංසමාපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං, විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, විරියසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා.
Sinhala BJTආනන්‍ද, යම් සමයෙක ඒ දහම නුවණින් සොයන පිරික්සන විමසුමට පැමිණෙන මහණහු විසින් වැර අරඹන ලද්දේ ලීන නොවූයේ වේ ද, එසමයෙහි මහණහු විසින් විරියසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වේ. එසමයෙහි මහණ විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. පිරිපුන් වැර ඇත්තහුට නිරාමිස (පස්කම්සුවයෙන් තොර) ප්‍රීතිය උපදී.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛුනො ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා, පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, පීතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. පීතිමනස්ස කායොපි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති.
Sinhala BJTආනන්‍ද, යම් කලෙක පිරිපුන් වැර ඇති මහණහට නිරාමිස ප්‍රීතිය උපදී ද, එකල්හි මහණහු විසින් ප්‍රීතිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එකල්හි මහණ පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. එකල්හි මහණහුගේ පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ප්‍රීතසිත් ඇත්තහුගේ කයත් සන්හිඳේ. සිතත් සන්හිඳේ.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛුනො පීතිමනස්ස කායොපි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති.
Sinhala BJTආනන්‍ද, යම් සමයෙක ප්‍රීතසිත් ඇති මහණහුගේ කයත් සන්හිඳේ ද සිතත් සන්හිඳේ ද එසමයෙහි මහණහු විසින් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. සන්හුන් කය ඇති සුව ඇත්තහුගේ සිත එකඟ වේ.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛුනො පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති, සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, සමාධිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. සො තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති.
Sinhala BJTආනන්‍ද, යම් සමයෙක සන්හුන් කය ඇති සුව ඇති මහණහුගේ සිත එකඟ වේ ද, එසමයෙහි මහණහු විසින් සමාධිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. හේ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලනසුලු වෙයි.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛු තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති, උපෙඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, උපෙඛාසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. උපෙඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTආනන්‍ද, යම් සමයෙක මහණ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලනසුලු වේ ද, එසමයෙහි මහණහු විසින් උපේඛාසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛු වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති උපට්ඨිතා තස්ස තස්මිං සමයෙ සති හොති අසම්මුට්ඨා. යස්මිං සමයෙ ආනන්ද, භික්ඛුනො උපට්ඨිතා සති හොති අසම්මුට්ඨා, සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. සතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති -පෙ- සො තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති.
Sinhala BJTආනන්‍ද, යම් සමයෙක මහණ වේදනායෙහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව වෙසේ ද, එසමයෙහි ඔහුගේ සිහිය එළඹ සිටියා නුමුළා වූවා වේ. ආනන්‍ද යම් සමයෙක මහණහුගේ සිහිය එළඹ සිටියා නුමුළා වූවා වේ ද, එසමයෙහි මහණහු විසින් සතිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ ... හෙතෙමේ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලනසුලු වෙයි.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛු තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති, උපෙඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. උපෙඛාසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. උපෙඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. එවං භාවිතා ඛො ආනන්ද, චත්තාරො සතිපට්ඨානා එවං බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති.
Sinhala BJTආනන්‍ද, යම් සමයෙක මහණ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලනසුලු වේ ද, එසමයෙහි මහණහු විසින් උපේඛාසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ආනන්‍ද, මෙසේ වඩන ලද මෙසේ පුනපුනා කරන ලද සිවු සීවටන්හු සත් බොජඟ පුරවත්.
Pali BJTකථං භාවිතා ච ආනන්ද, සත්ත බොජ්ඣඞ්ගා කථං බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති: ඉධානන්ද, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො ආනන්ද, සත්තබොජ්ඣඞ්ගා එවං බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්තීති.
Sinhala BJTආනන්‍ද, කෙසේ වඩන ලද කෙසේ පුනපුනා කරන ලද සත් බොජඟහු විජ්ජාවිමුත්ති පුරවද්ද යත්: ආනන්‍ද, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙන සුල්ලක් කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ආනන්‍ද, මෙසේ වඩන ලද මෙසේ පුනපුනා කරන ලද සත් බොජඟහු විජ්ජාවිමුත්ති පුරවත් යි.
Pali BJT10. 2. 4.
Sinhala BJT10. 2. 4.
Pali BJTදුතිය ආනන්දසුත්තං
Sinhala BJTදුතිය ආනන්‍ද සූත්‍රය
Pali BJT3762. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච: අත්ථි නුඛො ආනන්ද, එකො ධම්මො භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා, සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වෙ ධම්මෙ පරිපූරෙන්තීති? භගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ- අත්ථානන්ද, එක ධම්මො භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති. චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වෙ ධම්මෙ පරිපූරෙන්ති.
Sinhala BJT3762. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ආනන්‍ද, එක්දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා ද, සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනකුන් පුරවද්ද, සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවද්ද, එබඳු දහමෙක් ඇද්දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... ආනන්‍ද එක්දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනකුන් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවත් නම් එබඳු දහමෙක් ඇත.
Pali BJTකතමො ච ආනන්ද, එකො ධම්මො භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති. සත්ත ධම්මා භාවිතා බහුලීකතා. ද්වෙ ධම්මෙ පරිපූරෙන්ති: ආනාපානසතිසමාධි ආනන්ද, එකො ධම්මො භාවිතො බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති, චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති. කථං භාවිතො චානන්ද, ආනාපානසතිසමාධි, කථං බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති: ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා -පෙ- එවං භාවිතා ඛො ආනන්ද, සත්ත බොජ්ඣඞ්ගා එවං බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්තීති.
Sinhala BJTආනන්‍ද, කවර එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහම් කෙනකුන් පුරවා ද, (කවර) සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහම් කෙනකුන් පුරවද් ද, (කවර) සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහම් කෙනකුන් පුරවද් ද යත්: ආනන්‍ද, ආනාපානසතිසමාධි වූ එක්දහම වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පුරවත්. සත් බොජඟහු වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති පුරවත්. ආනන්‍ද, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිසමාධිය සිවු සීවටන් පුරවද්ද යත්: ආනන්‍ද, මෙහි මහණ අරනකට ගියේ හෝ ... ආනන්‍ද, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජඟහු විජ්ජාවිමුත්ති පුරවත් යි.
Pali BJT(යථා පුරිමසුත්තන්තො එවං විත්ථාරෙතබ්බො.)
Sinhala BJT(පළමු සුතුර මෙන් විතර කටයුතු.)
Pali BJT10. 2. 5.
Sinhala BJT10. 2. 5.
Pali BJTභික්ඛුසුත්තං
Sinhala BJTභික්ඛු සූත්‍රය
Pali BJT3763. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු -පෙ- එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “අත්ථි නු ඛො භන්තෙ, එකො ධම්මො භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වෙ ධම්මෙ පරිපූරෙන්තී”ති. “අත්ථි භික්ඛවෙ, එකො ධම්මො භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වෙ ධම්මෙ පරිපූරෙන්තී”ති.
Sinhala BJT3763. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ. “වහන්ස, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවත් නම් එබඳු දහමෙක් ඇද්දැ”යි. “මහණෙනි, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවත් නම් එබඳු දහමෙක් ඇතැ” යි.
Pali BJTකතමො භන්තෙ, එකො ධම්මො භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වෙ ධම්මෙ පරිපූරෙන්තීති: ආනාපානසතිසමාධි ඛො භික්ඛවෙ, එකො ධම්මො භාවිතො බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති, චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති. කථං භාවිතො ච භික්ඛවෙ, ආනාපානසතිසමාධි කථං බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති: ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා -පෙ- එවං භාවිතා ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා එවං බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්තීති.
Sinhala BJTවහන්ස, කවර එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා ද? (කවර) සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් ද? (කවර) සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවද්දැ යි. මහණෙනි, ආනාපානසතිසමාධි වූ එක්දහම වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟහු පුරවත්. සත් බොජඟහු වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති පුරවත්. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිසමාධි සිවු සීවටන් පුරවා ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ ... මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජඟහු විජ්ජාවිමුත්ති පුරවත් යි.
Pali BJT10. 2. 6.
Sinhala BJT10. 2. 6.
Pali BJTදුතියභික්ඛුසුත්තං
Sinhala BJTදුතිය භික්ඛු සූත්‍රය
Pali BJT3764. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු -පෙ- එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ භගවා එතදවොච: අත්ථි නු ඛො භික්ඛවෙ, එකො ධම්මො භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වෙ ධම්මෙ පරිපූරෙන්තීති. භගවම්මූලකා නො භන්තෙ ධම්මා -පෙ- අත්ථි ඛො භික්ඛවෙ, එකො ධම්මො භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වෙ ධම්මෙ පරිපූරෙන්ති.
Sinhala BJT3764. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහණෙනි, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙදහමක් පුරවත් නම් එබඳු දහමෙක් ඇද්දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, එක් දහමෙක් වඩන ලදුයේ බහුල කරන ලදුයේ සිවු දහමක් පුරවා නම් සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් නම් සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවත් නම් එබඳු දහමෙක් ඇත.
Pali BJTකතමො ච භික්ඛවෙ, එකො ධම්මො භාවිතො බහුලීකතො චත්තාරො ධම්මෙ පරිපූරෙති, චත්තාරො ධම්මා භාවිතා බහුලීකතා සත්ත ධම්මෙ පරිපූරෙන්ති, සත්ත ධම්මා භාවිතා බහුලීකතා ද්වෙ ධම්මෙ පරිපූරෙන්ති: ආනාපානසතිසමාධි ඛො භික්ඛවෙ, එකො ධම්මො භාවිතො බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති, චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති. කථං භාවිතො ච භික්ඛවෙ, ආනාපානසතිසමාධි කථං බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති: ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතොව අස්සසති, සතොව පස්සසති -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති.
Sinhala BJTමහණෙනි, කවර එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු දහමක් පුරවා ද, (කවර) සිවු දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සත් දහමක් පුරවත් ද, (කවර) සත් දහම් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු දෙ දහමක් පුරවද්දැ යි. මහණෙනි, ආනාපානසතිසමාධි වූ එක් දහම වඩන ලද්දේ බහුල කරන ලද්දේ සිවු සීවටන් පුරවයි. සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පුරවති. සත් බොජඟ වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්ති පුරවයි. “මහණෙනි, ආනාපානසතිසමාධි කෙසේ වඩන ලදුයේ කෙසේ බහුල කරන ලදුයේ සිවු සීවටන් පුරවා ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ පලක් බැඳ උඩුකය කෙළින් තබා සිහිය අභිමුඛ කොට එළවාගෙන හිඳගනී. හේ සිහි ඇතියේ ම ආශ්වාස කෙරෙයි. සිහි ඇතියේ ම ප්‍රශ්වාස කෙරෙයි ... නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මෙයි. නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති, දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති, රස්සං වා -පෙ- සබ්බකායපටිසංවෙදී -පෙ- පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. කායෙ කායානුපස්සී භික්ඛවෙ, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු: කායඤ්ඤතරාහං භික්ඛවෙ, එතං වදාමි යදිදං අස්සාසපස්සාසං. තස්මාතිහ භික්ඛවෙ, කායෙ කායානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTමහණෙනි, යම් සමයෙක මහණ දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමියි දනී ද, දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමියි දනී ද, ලුහුඬු කොට හෝ ... සියලු ආශ්වාසප්‍රශ්වාස කය දන්නා සුලු ව ... කායසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ ද, කායසංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනාදැනුම් ඇතිව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, යම් මේ ආශ්වාසප්‍රශ්වාස වේ ද, මෙය එක්තරා කයෙකැයි මම කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු පීතිපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති -පෙ- සුඛපටිසංවෙදී -පෙ- චිත්තසඞ්ඛාරපටිසංවෙදී -පෙ- පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. වෙදනාසු වෙදනානුපස්සී භික්ඛවෙ, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු: වෙදනාඤ්ඤතරාහං භික්ඛවෙ, එතං වදාමි. යදිදං අස්සාසපස්සාසානං සාධුකං මනසිකාරං. තස්මා තිහ භික්ඛවෙ, වෙදනාසු වෙදනානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ ප්‍රීතිය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... සුවය දන්නාසුලු ව ... චිත්තසංස්කාර දන්නාසුලු ව ... චිත්තසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. ඒ කවර හෙයින යත්: මහණෙනි, ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳ යම් මේ මැනවින් මෙනෙහි කිරීමෙක් වේ ද, මෙය එක්තරා වේදනාවකැ යි මම කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු චිත්තපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති -පෙ- අභිප්පමොදයං චිත්තං -පෙ- සමාදහං චිත්තං -පෙ- විමොචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. විමොචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. චිත්තෙ චිත්තානුපස්සී භික්ඛවෙ, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු: නාහං භික්ඛවෙ, මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපානසතිසමාධිභාවනං වදාමි. තස්මාතිහ භික්ඛවෙ, චිත්තෙ චිත්තානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTමහණෙනි, යම් සමයෙක මහණ සිත දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... සිත සතුටු කරවමින් ... සිත එකඟ කරමින් ... සිත මුදමින් ... ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත මුදමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ සිත්හි සිත් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: මහණෙනි, මුළා සිහි ඇති මනා දැනුම් නැත්තහුට ආනාපානසතිසමාධිභාවනාවක් මම නො කියමි. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි සිත්හි සිත් අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති -පෙ- විරාගානුපස්සී -පෙ- නිරොධානුපස්සී -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. ධම්මෙසු ධම්මානුපස්සී භික්ඛවෙ, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සො යං තං හොති අභිජ්ඣාදොමනස්සානං පහාණං, තං පඤ්ඤාය දිස්වා සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. තස්මාතිහ භික්ඛවෙ, ධම්මෙසු ධම්මානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං භාවිතො ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධි එවං බහුලීකතො චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙති.
Sinhala BJTමහණෙනි, යම් සමයෙක මහණ අනිත්‍යය අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද ... විරාගය අනු ව දක්නාසුලු ව නිරෝධය අනුව දක්නාසුලු ව ... නිවන අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, මහණෙනි, එසමයෙහි මහණ දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. හේ අභිජ්ඣාදෝමනස්සයන්ගේ යම් ඒ ප්‍රහාණයෙක් වේ නම් එය නුවණින් දැක මැනවින් මැදහත් ව බලනසුලු වෙයි, මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, ආනාපානසතිසමාධිය මෙසේ වඩන ලදුයේ මෙසේ පුනපුනා කරන ලදුයේ සිවු සීවටන් පුරවයි.
Pali BJTකථං භාවිතා ච භික්ඛවෙ චත්තාරො සතිපට්ඨානා කථං බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති: යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති, උපට්ඨිතා තස්ස තස්මිං සමයෙ සති හොති අසම්මුට්ඨා. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො උපට්ඨිතා සති හොති අසම්මුට්ඨා, සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. සතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. සො තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසමාපජ්ජති.
Sinhala BJTමහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සිවු සීවටන්හු සත් බොජඟ පුරවත් ද යත්: මහණෙනි, යම් කලෙක මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසේ ද, එකල්හි මහණහුගේ සිහිය නුමුළා ව එළඹ සිටියා වෙයි. මහණෙනි, යම් කලෙක මහණහුගේ සිහිය නුමුළා ව එළඹ සිටියා වේ ද, එකල්හි මහණහු විසින් සතිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එකල්හි මහණ සතිසම්බොජ්ඣඞ්ගය වඩයි, එකල්හි මහණහුගේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. හෙතෙමේ එසේ සිහි ඇති ව වෙසෙනුයේ ඒ දහම නුවණින් සොයයි, පිරික්සයි, විමසුමට පැමිණෙයි.
Pali BJTයස්මිං සමයෙ, භික්ඛවෙ, භික්ඛු තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසමාපජ්ජති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. තස්ස තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචරතො පරිවීමංසමාපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං.
Sinhala BJTමහණෙනි, යම් සමයෙක මහණ එසේ සිහි ඇතිව වෙසෙනුයේ ඒ දහම නුවණින් සොයා ද, පිරික්සා ද, විමසුමට පැමිණේ ද, එසමයෙහි මහණහු විසින් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඒ දහම නුවණින් සොයන පිරික්සන විමසුමට පැමිණෙන ඔහු විසින් වැර අරඹන ලද්දේ නො සැඟවුනේ වෙයි.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචරතො පරිවීමංසමාපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං, විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, විරියසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා.
Sinhala BJTමහණෙනි, යම් සමයෙක ඒ දහම නුවණින් සොයන පිරික්සන විමසුමට පැමිණෙන මහණහු විසින් වෙර අරඹන ලද්දේ නොසැඟවුනේ වේ ද, එසමයෙහි මහණහු විසින් විරියසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වේ. එසමයෙහි මහණ විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. පිරිපුන් වැර ඇත්තහුට නිරාමිස ප්‍රීතිය උපදී.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා. පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. පීතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. පීතිමනස්ස කායො’පි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති.
Sinhala BJTමහණෙනි, යම් සමයෙක පිරිපුන් වැර ඇති මහණහට නිරාමිස ප්‍රීතිය උපදී ද, එසමයෙහි මහණහු විසින් පීතිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ප්‍රීතිසිත් ඇත්තහුගේ කයත් සංසිඳෙයි. සිතත් සංසිඳෙයි.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො පීතිමනස්ස කායො පි පස්සම්භති, චිත්තම්පි පස්සම්භති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති මහණහුගේ කයත් සංසිඳේ ද සිතත් සංසිඳේ ද එසමයෙහි මහණහු විසින් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. සන්සුන් කය ඇති සුව ඇත්තහුගේ සිත එකඟ වේ.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති. සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති, සමාධිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. සො තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක සන්හුන් කය ඇති සුව ඇති මහණහුගේ සිත එකඟ වේ ද, එසමයෙහි මහණහු විසින් සමාධිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණතෙමේ සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. හෙතෙමේ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලනසුලු වෙයි.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු තථාසමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. උපෙඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. උපෙඛාසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. උපෙඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, යම් සමයෙක මහණ තෙමේ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලනසුලු වේ ද, එසමයෙහි මහණහු විසින් උපේඛාසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ තෙමේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති. උපට්ඨිතා තස්ස තස්මිං සමයෙ සති හොති අසම්මුට්ඨා. යස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො උපට්ඨිතා සති හොති අසම්මුට්ඨා, සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. සතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති -පෙ- සො තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ තෙමේ වේදනාවන්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව වෙසේ ද, එසමයෙහි ඔහුගේ සිහිය නුමුළා ව එළඹ සිටියා වෙයි. මහණෙනි, යම් කලෙක මහණහුගේ සිහිය නුමුළා ව එළඹ සිටියා වේ ද, එසමයෙහි මහණහු විසින් සතිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ තෙමේ සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ ... හෙතෙමේ එසේ එකඟවූ සිත මැනවින් මැදගත් ව දක්නාසුලු වෙයි.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති, උපෙඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. උපෙඛාසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති. උපෙඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. එවං භාවිතා ඛො භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා එවං බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති.
Sinhala BJTමහණෙනි, යම් සමයෙක මහණ තෙමේ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලනසුලු වේ ද, එසමයෙහි මහණහු විසින් උපේඛාසම්බොජ්ඣඞ්ගය අරඹන ලද්දේ වෙයි. එසමයෙහි මහණ උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. එසමයෙහි මහණහුගේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සිවු සීවටන්හු සත් බොජඟ පුරවත්.
Pali BJTකථං භාවිතා ච භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා කථං බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති: ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා එවං බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්තීති.
Sinhala BJTමහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සත් බොජඟහු විජ්ජාවිමුත්ති පුරවත් ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද බහුල කරන ලද සත් බොජඟහු විජ්ජාවිමුත්ති පුරවති යි.
Pali BJT10. 2. 7.
Sinhala BJT10. 2. 7.
Pali BJTසංයොජනසුත්තං
Sinhala BJTසංයෝජන සූත්‍රය
Pali BJT3765. ආනාපානසතිසමාධි භික්ඛවෙ, භාවිතො බහුලීකතො සංයොජනප්පහානාය{1} සංවත්තති. කථං භාවිතො ච භික්ඛවෙ, ආනාපානසතිසමාධි කථං බහුලීකතො සංයොජනප්පහානාය සංවත්තති? ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතො ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධි එවං බහුලීකතො සංයොජනප්පහානාය සංවත්තතීති.
Sinhala BJT3765. මහණෙනි, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ පුනපුනා කරන ලද්දේ සංයෝජන ප්‍රහාණය පිණිස පවතී. මහණෙනි, ආනාපානසතිසමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ සංයෝජන ප්‍රහාණය පිණිස පවතීද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ. මහණෙනි, ආනාපානසතිසමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ සංයෝජන ප්‍රහාණය පිණිස පවතී යි.
Pali BJT10. 2. 8.
Sinhala BJT10. 2. 8.
Pali BJTඅනුසයසුත්තං
Sinhala BJTඅනුසය සූත්‍රය
Pali BJT3766. ආනාපානසතිසමාධි භික්ඛවෙ -පෙ- අනුසයසමුග්ඝාතාය සංවත්තතීති.
Sinhala BJT3766. මහණෙනි, ආනාපානසතිසමාධිය ... අනුසය නැසීම පිණිස පවතී යි.
Pali BJT10. 2. 9.
Sinhala BJT10. 2. 9.
Pali BJTඅද්ධානසුත්තං
Sinhala BJTඅද්ධාන සූත්‍රය
Pali BJT3767. ආනාපානසතිසමාධි භික්ඛවෙ -පෙ- අද්ධානපරිඤ්ඤාය සංවත්තතීති.
Sinhala BJT3767. මහණෙනි, ආනාපානසතිසමාධිය ... අදන් පිරිසිඳ දැනීම පිණිස පවතී යි.
Pali BJT10. 2. 10.
Sinhala BJT10. 2. 10.
Pali BJTආසවක්ඛයසුත්තං
Sinhala BJTආසවක්ඛය සූත්‍රය
Pali BJT3768. ආනාපානසතිසමාධි භික්ඛවෙ -පෙ- ආසවානං ඛයාය සංවත්තතීති.
Sinhala BJT3768. මහණෙනි, ආනාපානසතිසමාධිය ... ආස්‍රවක්‍ෂය පිණිස පවතී යි.
Pali BJT(ඉමානි තීණි සුත්තානිපි යථා සංයොජනසුත්තං විත්ථාරෙතබ්බානි.)
Sinhala BJT(මේ තුන් සුතුර ද සංයෝජන සුතුර මෙන් විතර කටයුතු.)
Pali BJTආනන්දවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි ආනන්‍ද වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමමාලාව:
Pali BJTඉච්ඡානඞ්ගලං කඞ්ඛෙය්යං ආනන්දෙන පරෙ දුවෙ ද්වෙ භික්ඛූ සංයොජනානුසයා අද්ධානමාසවක්ඛයොති.
Sinhala BJTඉච්ඡාඞ්ගල සඞ්ඛෙය්‍ය යී දෙසුතුරෙකි. ආනන්‍ද නමින් අනෙක් සුතුරු දෙකෙකි. භික්ඛු නමිනුදු සුතුරු දෙකෙකි. සංයෝජන අනුසය අද්ධාන ආසවක්ඛය යී සිවු සුතුරෙකි යි මුළුල්ල දශයෙකි යි.
Pali BJTආනාපානසංයුත්තං සමත්තං.
Sinhala BJTඅනාපානසංයුත්තය නිමියේ ය.
Pali BJTතත්රවග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ග නාමාවලිය:
Pali BJTඑකධම්මො ආනන්දොති ද්වෙව වග්ගා සුදෙසිතා ආපානස්ස සංයුත්තෙ මුනිනා ධම්මසාමිනාති.
Sinhala BJTධර්‍මස්වාමි මුනීන්‍ද්‍රයන් වහන්සේ විසින් අනාපානසංයුත්තයෙහි ඒකධම්ම, ආනන්‍ද යි වර්‍ග දෙකෙක් ම මැනවින් දේශනා කරණ ලද යි.
Pali BJT11. සොතාපත්තිසංයුත්තං
Sinhala BJT11. සෝතාපත්ති සංයුත්තය
Pali BJT1. වෙළුද්වාරවග්ගො
Sinhala BJT1. වේළුද්වාර වර්‍ගය
Pali BJT11. 1. 1.
Sinhala BJT11. 1. 1.
Pali BJTරාජසුත්තං
Sinhala BJTරාජ සූත්‍රය
Pali BJT3769. සාවත්ථියං:
Sinhala BJT3769. සැවැත්නුවර:
Pali BJTකිඤ්චාපි භික්ඛවෙ, රාජා චක්කවත්තී{1} චතුන්නං දීපානං ඉස්සරියාධිපච්චං රජ්ජං කාරෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති, දෙවානං තාවතිංසානං සහව්යතං. සො තත්ථ නන්දනවනෙ{2} අච්ඡරාසඞ්ඝපරිවුතො{3} දිබ්බෙහි පඤ්චහි කාමගුණෙහි සමප්පිතො සමඞ්ගීභූතො පරිචාරෙති. සො චතූහි ධම්මෙහි අසමන්නාගතො. අථ ඛො සො අපරිමුත්තොව නිරයා, අපරිමුත්තො තිරච්ඡානයොනියා, අපරිමුත්තො පෙත්තිවිසයා, අපරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා. කිඤ්චාපි භික්ඛවෙ, අරියසාවකො පිණ්ඩියාලොපෙන යාපෙති. නන්තතානි{4} ධාරෙති. සො චතූහි ධම්මෙහි සමන්නාගතො, අථ ඛො සො පරිමුත්තො නිරයා, පරිමුත්තො තිරච්ඡානයොනියා, පරිමුත්තො පෙත්තිවිසයා, පරිමුත්තො අපායදුග්ගතිවිනිපාතා.
Sinhala BJTමහණෙනි, සක්විති රජ සිවුදිවයිනෙහි ඉසුරු බැවින්යුත් අධිපති බව ඇති රජය කරවා කාබුන් මරණින් මතු සුගති සගලොව තව්තිසා වැසි දෙවියන්ගේ සහභාවයට පැමිණේ ද, හෙතෙමේ එහි නඳුනුයනෙහි අසරසුමුයෙන් පිරිවරන ලදු ව දිව්‍යමය වූ පස්කම්ගුණෙන් යුතු ව සමන්‍විත ව ඉඳුරන් පිණවා ද එහෙත් හෙතෙමේ සිවු දහමින් නොයුතු ය. (එහෙයින්) හෙතෙමේ නිරයෙන් නො මිදුනේ ම ය. තිරිසන් යෝනියෙන් නොමිදුනේ ම ය. ප්‍රේතවිෂයෙන් නො මිදුනේ ම ය. අපායදුග්ගවිනිපාතයෙන් නො මිදුනේ ම ය. මහණෙනි, අරීසවුතෙමේ පිඬුසිඟීමෙන් යැපේ ද, කඩමාලු දරා ද (එහෙත්) හෙතෙමේ සිව් දහමින් යුතු ය. එහෙයින් හෙතෙමේ නිරයෙන් මිදුනේ ය. තිරිසන් යෝනියෙන් මිදුනේ ය. ප්‍රේතවිෂයයෙන් මිදුණේ ය. අපායදුග්ගවිනිපාතයෙන් මිදුනේ ය.
Pali BJTකතමෙහි චතූහි? ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ අවෙච්චප්පසාදෙනසමන්නාගතො හොති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො සන්දිට්ඨිකො අකාලිකො එහිපස්සිකො ඔපනයිකො පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, උජුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, ඤායපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, සාමීචිපටිපන්නො භගවතො සාවකසඞ්ඝො, යදිදං චත්තාරි පුරිසයුගානි අට්ඨපුරිසපුග්ගලා එසභගවතො සාවකසඞ්ඝො ආහුනෙය්යො පාහුනෙය්යො දක්ඛිණෙය්යො අඤ්ජලිකරණීයො අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සාති.” අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි අච්ඡිද්දෙහි අසබලෙහි අකම්මාසෙහි භුජිස්සෙහි විඤ්ඤුප්පසත්ථෙහි අපරාමට්ඨෙහි සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි චතූහි ධම්මෙහි සමන්නාගතො හොති.
Sinhala BJTකවර සිවු දහමින් ද යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “මෙකරුණෙනු දු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්‍හත් හ. සම්‍යක්සම්බුද්ධ හ. විද්‍යාචරණසම්පන්න හ. සුගත හ. ලෝකවිදූ හ. අනුත්තරපුරුෂදම්‍ය සාරථී හ. දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වෙයි. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය. සාන්දෘෂ්ටික ය. අකාලික ය. ඒහිපස්සික ය. ඕපනයික ය. නුවණැත්තන් විසින් තමතමන් කෙරෙහි ලා දත යුතු ය”යි ධර්‍මයෙහි ගුණ දැන පැහැදීමෙන් යුතුවූයේ වෙයි. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ සුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ උජුපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ ඤායපටිපන්න ය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඞ්ඝ තෙමේ සාමීචිපටිපන්න ය. යම් මේ පුරුෂයුග සතරෙක් වේද (එහි) පුරුෂ පුද්ගලයෝ අට දෙනෙකි. භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවකසඞ්ඝ තෙමේ ආහුනෙය්‍ය ය. පාහුනෙය්‍ය ය. දක්ඛිණෙය්‍ය ය. අඤ්ජලිකරණීය ය. ලෝකයාට අනුත්තර පුණ්‍යක්‍ෂේත්‍ර ය”යි සඞ්ඝයා කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වූයේ වේ. අඛණ්ඩ අච්ඡිද්‍ර අසබල අකල්මාෂ භුජිෂ්‍ය විඥප්‍රශස්ත අපරාමෘෂ්ට සමාධිසංවර්‍තනික ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගත වෙයි. මේ සිවුදහමින් යුතු වූයේ වෙයි.
Pali BJTයො ච භික්ඛවෙ, චතුන්නං දීපානං පටිලාභො, යො චතුන්නං ධම්මානං පටිලාභො, චතුන්නං දීපානං පටිලාභො චතුන්නං ධම්මානං පටිලාභස්ස කලං නාග්ඝති සොලසින්ති.
Sinhala BJTමහණෙනි, යම් සිවුදිවයින් පිළිලැබුමෙක් වේ ද, යම් සිවුදහම් පිළි ලැබුමෙකුත් වේ ද සිවුදිවයින් පිළිලැබුම සිවුදහම් පිළිලැබුමෙහි සොළොස් වැනි කලාවෙන් කලාවකුත් නො අගී යී.
Pali BJT11. 1. 2.
Sinhala BJT11. 1. 2.
Pali BJTබ්රහ්මචරියොගධසුත්තං
Sinhala BJTබ්‍රහ්මචරියෝගධ සූත්‍රය
Pali BJT3770. චතූහි භික්ඛවෙ, ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණො. කතමෙහි චතූහි? ඉධ භික්ඛවෙ, අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ඉතිපි සො භගවා අරහං -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ධම්මෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “ස්වාක්ඛාතො භගවතා ධම්මො -පෙ- පච්චත්තං වෙදිතබ්බො විඤ්ඤූහී”ති. සඞ්ඝෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති: “සුපටිපන්නො භගවතො සාවකසඞ්ඝො -පෙ- අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලොකස්සා”ති. අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො හොති අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. ඉමෙහි ඛො භික්ඛවෙ, චතූහි ධම්මෙහි සමන්නාගතො අරියසාවකො සොතාපන්නො හොති අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJT3770. මහණෙනි, සිවුදහමින් යුතු අරීසවුතෙමේ විවස ව නොවැටෙන සුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වේ. කවර සිවු දහමින් ද යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු අර්‍හත් හ ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ”යි. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වෙයි. “භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය ස්වාඛ්‍යාත ය ... නුවණැත්තවුන් විසින් තම තමන් කෙරෙහි ලා දත යුතු”යි. ධර්‍මය කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වෙයි. “භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකසඞ්ඝතෙමේ සුප්‍රතිපන්නය ... ලෝකයාහට අනුත්තරපුණ්‍යක්‍ෂේත්‍ර ය”යි නො කඩවූ ... සමාධිය පිණිස පවත්නා වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මේ සිවු දහමින් යුතු වූ අරීසවු තෙමේ විවස ව නො වැටෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවාන් වෙයි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා යළි මතු ද මෙය වදාළ සේක.
Pali BJTයෙසං සද්ධා ච සීලඤ්ච පසාදො ධම්මදස්සනං තෙ වෙ කාලෙන පච්චන්ති{1} බ්රහ්මචරියොගධං සුඛන්ති.
Sinhala BJTබුදුරජානන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවත් ආර්‍ය්‍යකාන්තශීලයත් සංඝයා කෙරෙහි පැහැදීමත් ධර්‍මයෙහි පැහැදීමත් යම් කෙනෙකුන්ට වෙත් නම් ඔහු බඹසරට ඇතුළත් (මතු තුන්මග හා යෙදුනු) සුවයට සුදුසු කල්හි ඒකාන්තයෙන් පැමිණෙති යි.
Pali BJT11. 1. 3.
Sinhala BJT11. 1. 3.
Pali BJTදීඝාවු උපාසක සුත්තං
Sinhala BJTදීඝාවුඋපාසක සූත්‍රය
Pali BJT3771. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන දීඝාවු උපාසකො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො දීඝාවු උපාසකො පිතරං ජොතිකං{2} ගහපතිං ආමන්තෙසි: එහි ත්වං ගහපති, යෙන භගවා තෙනුපසඞ්කම. උපසඞ්කමිත්වා මම වචනෙන භගවතො පාදෙ සිරසා වන්ද: “දීඝාවු භන්තෙ, උපාසකො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. සො භගවතො පාදෙ සිරසා වන්දති. එවඤ්ච වදෙති{3}: ‘සාධු කිර භන්තෙ, භගවා යෙන දීඝාවුස්ස උපාසකස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා”ති.
Sinhala BJT3771. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි දීඝාවු උවසු තෙමේ හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. එකල්හි දීඝාවු උවසු තෙමේ පියා වන ජෝතික ගැහැවිහු ඇමැතී ය. ගැහැවි එවු. තෙපි භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙවු. එළඹ මා වදනින් භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳිවු. “වහන්ස, දීඝාවු උපාසක හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳියි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව නිසා දීඝා වු උවසුහුගේ නිවෙස්න වෙත එළඹෙන සේක්නම් මැනැවැ යි මෙසේ ත් කියා”යි.
Pali BJTඑවං තාතාති ඛො ජොතිකො ගහපති, දීඝාවුස්ස උපාසකස්ස පටිස්සුත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ජොතිකො ගහපති භගවන්තං එතදවොච: “දීඝාවු භන්තෙ, උපාසකො ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො, සො භගවතො පාදෙ සිරසා වන්දති. එවඤ්ච වදෙති: ‘සාධු කිර භන්තෙ, භගවා යෙන දීඝාවුස්ස උපාසකස්ස නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා’ති”.
Sinhala BJTදරුව එසේ යි ජෝතික ගැහැවි දීඝාවු උවසුහට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් ජෝතික ගැහැවි භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “වහන්ස, දීඝාවු උවසු හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ භාග්‍යවතුන් වහන්සේගේ පා හිසින් වඳියි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ අනුකම්පාව නිසා දීඝාවු උවසුහුගේ නිවෙස්න වෙත එළඹෙන සේක් නම් මැනවැ”යි මෙසේත් කියා යි.
Pali BJTඅධිවාසෙසි භගවා තුණ්හීභාවෙන. අථ ඛො භගවා නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන දීඝාවුස්ස උපාසකස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා දීඝාවුං උපාසකං එතදවොච: “කච්චි තෙ දීඝාවු, ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති? නො අභික්කමන්ති? පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමො”ති? “න මෙ භන්තෙ, ඛමනීයං, න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො”ති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මුවෙන් නො බැණ ඉවසා වදාළ සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ හැඳ පෙර ව පා සිවුරු ගෙන දීඝාවු උවසුහුගේ නිවෙස්න වෙත එළඹි සේක. එළඹ පැන වූ අස්නෙහි වැඩ හුන් සේක. වැඩ හිඳ භාග්‍යවතුන් වහන්සේ දීඝාවු උවසුහට මෙය වදාළ සේක. දීඝාවු කිම තොපට ඉවසිය හැකි ද, කිම යැපිය හැකි ද, කිම දුක් වේදනාවෝ අඩු වෙද්ද, වැඩි නො වෙද්ද, මේ දුක් වේදනාවන්ගේ අඩුවීම පැණේ ද, වැඩිවීමෙක් නො පැණේ දැයි? වහන්ස, මට නොඉවසිය හැකි ය. නො යැපිය හැකි ය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්. අඩු නො වෙත්. ඔවුන්ගේ වැඩිවීම පැණේ. අඩුවීමෙක් නො පැනේ”යි.
Pali BJTතස්මාතිහ තෙ දීඝාවු, එවං සික්ඛිතබ්බං: “බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො භවිස්සාමි “ඉතිපි සො භගවා අරහං -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති”. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො භවිස්සාමි අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහි. එවං හි තෙ දීඝාවු, සික්ඛිතබ්බන්ති. යානිමානි භන්තෙ, භගවතා චත්තාරි සොතාපත්තියඞ්ගානි දෙසිතානි, සංවිජ්ජන්තෙ තෙ ධම්මා මයි. අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමි. අහං හි භන්තෙ, බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවාති. ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො අඛණ්ඩෙහි -පෙ- සමාධිසංවත්තනිකෙහීති.
Sinhala BJTදීඝාවු, එහෙයින් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු අර්‍හත් හ ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ”යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් යුතු වන්නෙමි. ධර්‍මයෙහි ... සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ වූ ... සමාධිසංවත්තනික වූ ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වන්නෙමි”යි. දීඝාවු, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සිවු සෝවාන් අඞ්ග කෙනෙක් වදාරන ලද්දාහු ද ඒ දහම්හු මා කෙරෙහි ඇත. මමත් ඒ දහම් කෙරෙහි දක්නා ලැබෙන්නෙමි. වහන්ස, මම වනාහි “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙනු දු අර්‍හත් හ ... දෙවිමිනිසුන්ට ශාස්තෘ හ. බුද්ධ හ. භගවත් හ යි බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ දැන පැහැදීමෙන් සමන්‍වාගතයෙමි ධර්‍මය කෙරෙහි සඞ්ඝයා කෙරෙහි ... අඛණ්ඩ ... සමාධිසංවත්තනික වූ ආර්‍ය්‍යකාන්ත ශීලයෙන් සමන්‍වාගතයෙමි”යි.
Pali BJTතස්මාතිහ ත්වං දීඝාවු, ඉමෙසු චතූසු සොතාපත්තියඞ්ගෙසු පතිට්ඨාය ඡ විජ්ජාභාගියෙ ධම්මෙ උත්තරිං භාවෙය්යාසි. ඉධ ත්වං දීඝාවු, සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී විහරාහි, අනිච්චෙ දුක්ඛසඤ්ඤී, දුක්ඛෙ අනත්තසඤ්ඤී පහාණසඤ්ඤී විරාගසඤ්ඤී නිරොධසඤ්ඤීති. එවං හි තෙ දීඝාවු, සික්ඛිතබ්බන්ති. යෙ මෙ භන්තෙ, භගවතා ඡ විජ්ජාභාගියා ධම්මා දෙසිතා සංවිජ්ජන්තෙ තෙ ධම්මා මයි. අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමි. අහං හි භන්තෙ, සබ්බසඞ්ඛාරෙසු අනිච්චානුපස්සී විහරාමි. අනිච්චෙ දුක්ඛසඤ්ඤී දුක්ඛෙ අනත්තසඤ්ඤී පහාණසඤ්ඤී විරාගසඤ්ඤී නිරොධසඤ්ඤී. අපි ච මෙ භන්තෙ, එවං හොති: “මා හෙවායං ජොතිකො ගහපති මමච්චයෙන විඝාතං ආපජ්ජී”ති. මා ත්වං තාත, දීඝාවු, එවං{1} මනසාකාසි. ඉඞ්ඝ, ත්වං තාත, දීඝාවු, යදෙව භගවා{2} ආහ, තදෙව ත්වං සාධුකං මනසිකරොහීති.
Sinhala BJTදීඝාවු, එහෙයින් මෙහි ලා තෙපි මේ සිවු සෝවාන් අඟෙහි පිහිටා විදු කොටස් ඇති සදහම් මතු වඩන්නහු. දීඝාවු මෙහි තෙපි සර්‍වසංස්කාර යන්හි අනිත්‍යානුදර්ශී ව අනිත්‍යයෙහි දුඃඛසංඥි ව දුඃඛයෙහි අනාත්මසංඥි ව ප්‍රහාණසංඥි ව විරාගසංඥි ව නිරෝධ සංඥී ව වෙසෙවු. දීඝාවු තොප විසින් මෙසේ ම හික්මිය යුතුයි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ විදු කොටස් ඇති සදහම් කෙනෙක් වදාරන ලද්දාහු ද ඒ දහම්හු මා කෙරෙහි ඇත. මමත් ඒ දහම් කෙරෙහි දක්නා ලැබෙන්නෙමි. වහන්ස, මම වනාහි සියලු සංස්කාරයන්හි අනිත්‍යානුදර්ශී ව අනිත්‍යයෙහි දුඃඛසංඥි ව දුඃඛයෙහි අනාත්මසංඥි ව ප්‍රහාණසංඥි ව විරාගසංඥි ව නිරෝධසංඥි ව වෙසෙමි. වහන්ස, වැලිදු මට මෙබඳු සිතෙක් වෙයි; “මේ ජෝතික ගැහැවි මාගේ ඇවෑමෙන් දුකට නො පැමිණේවා. දරුව, දීඝාවු, තෙපි එසේ නහමක් මෙනෙහි කරවු. එම්බා දරුව, දීඝාවු තෙපි භාග්‍යවතුන් වහන්සේ යමක් ම වදාළ සේක් නම් එය ම තෙපි මැනවින් මෙනෙහි කරවු”යි.