Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 14001-14100 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඡ පාචීනතො නින්නා - ඡ ච නින්නා සමුද්දතො, එතෙ ද්වෙ ද්වාදස හොන්ති - වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපාචීනනින්නාසූත්‍ර සයෙකි. සමුද්දනින්නාසූත්‍ර ද සයෙකි. මේ ෂට්ක දෙක දොළොසෙක් වේ. එයින් වර්‍ගය යි කියනු ලැබේ යි.
Pali BJT2. අප්පමාදවග්ගො
Sinhala BJT2. අප්පමාද වර්‍ගය
Pali BJT9. 2. 1-10.
Sinhala BJT9. 2. 1-10.
Pali BJTතථාගතාදිසුත්තානි
Sinhala BJTතථාගතාදි සූත්‍ර
Pali BJT3647-3656. යාවතා භික්ඛවෙ, සත්තා අපදා වා දිපදා වා චතුප්පදා වා බහුප්පදා වා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT3647-3668. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්ත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.
Pali BJTඅප්පමාදවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි අප්පමාදවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමමාලාව:
Pali BJTතථාගතං පදං කූටං මූලං සාරෙන වස්සිකං, රාජා චන්දිමසූරියා ච වත්ථෙන දසමං පදන්ති.
Sinhala BJTතථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යී දස සුතුරෙකි යි.
Pali BJT3. බලකරණීයවග්ගො
Sinhala BJT3. බලකරණීය වර්‍ගය
Pali BJT9. 3. 1-12.
Sinhala BJT9. 3. 1-12.
Pali BJTබලාදිසුත්තානි
Sinhala BJTබලාදි සූත්‍ර
Pali BJT3657-3668. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කයිරන්ති -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT3657-3668. මහණෙනි, යම් සේ යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද ... බහුල කෙරේ යි.
Pali BJT(විත්ථාරෙතබ්බං)
Sinhala BJT(විතර කට යුතු)
Pali BJTබලකරණීයවග්ගො තතියො.
Sinhala BJTතෙවැනි බලකරණියවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමමාලාව:
Pali BJTබලං බීජඤ්ච නාගො ච රුක්ඛං කුම්භෙන සූකිනං ආකාසෙන ච ද්වෙ මෙඝා නාවා ආගන්තුකා නදීති.
Sinhala BJTබල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යී සතෙකි. මේඝ සූත්‍ර දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යී තුනෙකැ යි මුළුල්ල දොළොසෙකියි.
Pali BJT4. එසනාවග්ගො
Sinhala BJT4. ඒසනා වර්‍ගය
Pali BJT9. 4. 1-40.
Sinhala BJT9. 4. 1-40.
Pali BJTඑසනාදිසුත්තානි
Sinhala BJTඑසනාදි සූත්‍ර
Pali BJT3669-3708. තිස්සො ඉමා භික්ඛවෙ, එසනා. කතමා තිස්සො? කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා -පෙ- භාවෙතබ්බාති.
Sinhala BJT3669-3708. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමේසනා භවේසනා බ්‍රහ්මචරියේසනා යි ... වැඩිය යුතුහ යි.
Pali BJTඑසනාවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි ඒසනාවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමමාලාව:
Pali BJTඑසනා විධා ආසවො භවො දුක්ඛතා ච තිස්සො ඛිලං මලඤ්ච නීඝො ච වෙදනා තණ්හාහි චාති.
Sinhala BJTඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යී චතුෂ්ක දශයෙකි යි.
Pali BJT5. ඔඝවග්ගො
Sinhala BJT5. ඕඝ වර්‍ගය
Pali BJT9. 5. 1-39.
Sinhala BJT9. 5. 1-39.
Pali BJTඔඝාදිසුත්තානි
Sinhala BJTඕඝාදි සූත්‍ර
Pali BJT3709-3747. චත්තාරො’මෙ භික්ඛවෙ, ඔඝා. කතමෙ චත්තාරො? කාමොඝො භවොඝො දිට්ඨොඝො අවිජ්ජොඝො -පෙ- භාවෙතබ්බාති.
Sinhala BJT3709-3747. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ භවොඝ දිට්ඨොඝ අවිජ්ජොඝ යි ... වැඩිය යුතුහ යි.
Pali BJT(විත්ථාරෙතබ්බං)
Sinhala BJT(විතර කට යුතු)
Pali BJT9. 5. 40.
Sinhala BJT9. 5. 40.
Pali BJTඋද්ධම්භාගියසුත්තං
Sinhala BJTඋද්ධම්භාගිය සූත්‍රය
Pali BJT3748. පඤ්චිමානි භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච: රූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං, අවිජ්ජා. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය චත්තාරො ඣානා භාවෙතබ්බා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය ඉමෙ චත්තාරො ඣානා භාවෙතබ්බාති.
Sinhala BJT3748. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස සිවු දැහැන් වැඩිය යුතු. කවර සිවු දැහැන් ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයෙන් වෙන්ව ම ... පළමුවන දැහැනට ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහ කරනු පිණිස මේ සිවු දැහැන් වැඩිය යුතු යි.
Pali BJTඔඝවග්ගො පඤ්චමො.
Sinhala BJTඕඝවර්‍ගය පස්වැනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඔඝො යොගො උපාදානං ගන්ථො අනුසයෙන ච, කාමගුණා නීවරණා, ඛන්ධා ඔරුද්ධම්භාගියාති.
Sinhala BJTඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි චතුෂ්ක දශයෙකි යි.
Pali BJTඣානසංයුත්තං සමත්තං.
Sinhala BJTකන්‍ධාන සංයුත්තය නිමියේ ය.
Pali BJTතත්රවග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ගනාමාවලිය:
Pali BJTගඞ්ගාපෙය්යාලොප්පමාදො බලකරණීයෙසනා ඔඝොති පඤ්චෙව වග්ගා ඣානසංයුත්තා සියුන්ති.
Sinhala BJTගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝ යි ඣාන සංයුත්තයට අයත් වර්‍ග පසෙක් ම වන්නේ යි.
Pali BJT10. ආනාපානසංයුත්තං
Sinhala BJT10. ආනාපාන සංයුත්තය
Pali BJT1. එකධම්මවග්ගො
Sinhala BJT1. ඒකධම්ම වර්‍ගය
Pali BJT10. 1. 1.
Sinhala BJT10. 1. 1.
Pali BJTඑකධම්මසුත්තං
Sinhala BJTඒකධම්ම සූත්‍රය
Pali BJT3749. සාවත්ථිනිදානං.
Sinhala BJT3749. සැවැත්නුවර:
Pali BJTඑකධම්මො භික්ඛවෙ, භාවිතො බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසො. කතමො එකධම්මො: ආනාපානසති.{1} කථං භාවිතා ච භික්ඛවෙ, ආනාපානසති කථං බහුලීකතා මහප්ඵලා හොති, මහානිසංසා: ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො සතො’ව අස්සසති. සතො පස්සසති. දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති. දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති. රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති. රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති. සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. පීතිපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. පීතිපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති. පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති. චිත්තපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමොදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. අභිප්පමොදයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. සමාදහං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. විමොචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති. විමොචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති. අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. අනිච්චානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති.
Sinhala BJTමහණෙනි, එක් දහමෙක් වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත් ඵල මහානිසංස වේ. කවර එක් දහමෙක් ද යත්: ආනාපානසතිය යි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ පලක් බැඳ උඩුකය ඉදි කොට පිහිටුවා සිහිය අභිමුඛ කොට එළවා හිඳියි. හේ සිහි ඇතියේ ම ආශ්වාස කෙරෙයි. සිහි ඇතියේ ම ප්‍රශ්වාස කෙරෙයි. දිගු කොට හෝ ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දැනගනී. දිගු කොට හෝ ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දැනගනී. කෙටි කොට හෝ ආශ්වාස කරනුයේ කෙටි කොට ආශ්වාස කෙරෙමි යි දැනගනී. කෙටි කොට හෝ ප්‍රශ්වාස කරනුයේ කෙටි කොට ප්‍රශ්වාස කෙරෙමි යි දැනගනී. සියලු ආශ්වාසප්‍රශ්වාස කය මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ. සියලු ආශ්වාසප්‍රශ්වාස කය මැනවින් දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ. කායසංස්කාර (ආශ්වාසප්‍රශ්වාස) සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ. කායසංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ. ප්‍රීතිය මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. ප්‍රීතිය මැනවින් දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. සුවය මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. සුවය මැනවින් දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර (ප්‍රීතිසුඛ) මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර මැනවින් දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. චිත්තසංස්කාර සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මැනවින් දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මැනවින් දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත වෙසෙසින් සතුටු කරවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත වෙසෙසින් සතුටු කරවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත අරමුණෙහි පිහිටුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත අරමුණෙහි පිහිටුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මේ. සිත මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. අනිස අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. අනිස අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ.
Pali BJTවිරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. විරාගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. නිරොධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. නිරොධානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති. පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතා ඛො භික්ඛවෙ, ආනාපානසති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසාති.
Sinhala BJTවිරාගය අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. විරාගය අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි හික්මේ. නිරෝධය අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. නිරෝධය අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ යි.
Pali BJT10. 1. 2.
Sinhala BJT10. 1. 2.
Pali BJTබොජ්ඣඞ්ගසුත්තං
Sinhala BJTබොජ්ඣඞ්ග සූත්‍රය
Pali BJT3750. සාවත්ථියං:
Sinhala BJT3750. සැවැත්නුවර:
Pali BJTආනාපානසති භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච භික්ඛවෙ, ආනාපානසති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. ඉධ භික්ඛවෙ, භික්ඛු ආනාපානසතිසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං -පෙ- ආනාපානසතිසහගතං උපෙඛා සම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, ආනාපානසති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසාති.
Sinhala BJTමහණෙනි, වඩන ලද බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ ආනාපානසිහිය සහගිය සතිසම්බොජ්ඣඞ්ගය විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට වඩයි ... ආනාපානසිහිය සහගිය උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ යි.
Pali BJT10. 1. 3.
Sinhala BJT10. 1. 3.
Pali BJTසුද්ධකසුත්තං
Sinhala BJTසුද්ධික සූත්‍රය
Pali BJT3751. සාවත්ථියං:
Sinhala BJT3751. සැවැත්නුවර:
Pali BJTආනාපානසති භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච භික්ඛවෙ, ආනාපානසති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා: ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතා ඛො භික්ඛවෙ, ආනාපානසති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසාති.
Sinhala BJTමහණෙනි, වඩන ලද බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ. නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද ආනාපානසතිය මහත් ඵල මහානිසංස වේ යි.
Pali BJT10. 1. 4.
Sinhala BJT10. 1. 4.
Pali BJTඵලසුත්තං
Sinhala BJTඵල සූත්‍රය
Pali BJT3752. ආනාපානසති භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච භික්ඛවෙ, ආනාපානසති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා: ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතා ඛො භික්ඛවෙ, ආනාපානසති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. එවං භාවිතාය ඛො භික්ඛවෙ, ආනාපානසතියා එවං බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතර ඵලං පාටිකඞ්ඛං, දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති.
Sinhala BJT3752. මහණෙනි, ආනාපානසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියී හික්මේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වඩන ලද්දී මෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ඵල දෙකින් එක්තරා ඵලයන් කැමති විය යුතු. දිටුදැමියෙහි ම රහත් බව හෝ උපාදාන ශේෂ ව ඇති කල්හි අනගැමි බව හෝ යි.
Pali BJT10. 1. 5.
Sinhala BJT10. 1. 5.
Pali BJTදුතිය ඵලසුත්තං
Sinhala BJTදුතිය ඵල සූත්‍රය
Pali BJT3753. ආනාපානසති භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච භික්ඛවෙ, ආනාපානසති කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා: ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතා ඛො භික්ඛවෙ, ආනාපානසති එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. එවං භාවිතාය ඛො භික්ඛවෙ, ආනාපානසතියා එවං බහුලීකතාය සත්තඵලා සත්තානිසංසා පාටිකඞ්ඛා.
Sinhala BJT3753. මහණෙනි, ආනාපානසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය කෙසේ වඩන ලද්දී කෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වඩන ලද්දී මෙසේ බහුල කරන ලද්දී මහත් ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි සත් පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති විය යුතුහ.
Pali BJTකතමෙ සත්ත ඵලා සත්තානිසංසා: දිට්ඨෙවධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති. නො චෙ දිට්ඨෙවධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති. අථ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති. නො චෙ දිට්ඨෙවධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති. නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති. අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරා පරිනිබ්බායී හොති. උපහච්ච පරිනිබ්බායී හොති. අසඞ්ඛාරපරිනිබ්බායී හොති. සසඞ්ඛාරපරිනිබ්බායී හොති. උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. එවං භාවිතාය ඛො භික්ඛවෙ, ආනාපානසතියා එවං බහුලීකතාය ඉමෙ සත්තඵලා සත්තානිසංසා පාටිකඞ්ඛාති.
Sinhala BJTකවර සත්පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් ද යත්: දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නොලබා නම් එකල්හි මරණසමයෙහි රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නො ලබා නම් ඉදින් මරණසමයෙහි රහත් බව නො ලබා නම් එකල්හි පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වේ. උපහච්චපරිනිබ්බායී වේ. අසඞ්ඛාරපරිනිබ්බායී වේ. සසඞ්ඛාරපරිනිබ්බායී වේ. අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. මහණෙනි, ආනාපානසතිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි මේ සත්පලයෝ මේ සත් අනුසස්හු කැමති විය යුතුහ යි.
Pali BJT10. 1. 6.
Sinhala BJT10. 1. 6.
Pali BJTඅරිට්ඨසුත්තං
Sinhala BJTඅරිට්ඨ සූත්‍රය
Pali BJT3754. සාවත්ථියං:
Sinhala BJT3754. සැවැත්නුවර:
Pali BJTභාවෙථ නො තුම්හෙ භික්ඛවෙ, ආනාපානසතින්ති. එවං වුත්තෙ ආයස්මා අරිට්ඨො භගවන්තං එතදවොච: “අහං ඛො භන්තෙ, භාවෙමි ආනාපානසතින්ති”. යථා කථං පන ත්වං අරිට්ඨ, භාවෙසි ආනාපානසතින්ති. අතීතෙසු මෙ භන්තෙ, කාමෙසු කාමච්ඡන්දො පහීනො. අනාගතෙසු මෙ කාමෙසු කාමච්ඡන්දො විගතො. අජ්ඣත්තබහිද්ධා{1} ච මෙ ධම්මෙසු පටිඝසඤ්ඤා සුප්පටිවිනීතා. සො සතොව අස්සසාමි{2} සතො පස්සසාමි{3}. එවං ඛො’හං භන්තෙ, භාවෙමි ආනාපානසතින්ති.
Sinhala BJTමහණෙනි, තෙපි ආනාපානසතිය වඩවු දැයි මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අරිට්ඨ තෙරණුවෝ භාග්‍යවතුන් වගන්සේට “වහන්ස, මම ආනාපානසතිය වඩමි”යි මෙය සැලකළහ. අරිට්ඨ, තෙපි කෙසේ නම් ආනාපානසතිය වඩවු දැයි. වහන්ස, ඉකුත් කාමයන්හි මාගේ කාමච්ඡන්‍දය ප්‍රහීණ වූයේ ය. මතු කාමයන්හි මාගේ කාමච්ඡන්‍දය පහ ව ගියේ ය. ආධ්‍යාත්මිකබාහිර ද්වාදශායතනයන්හි මාගේ ප්‍රතිඝසංඥාව ද සහමුලින් සිඳින ලද්දී ය. ඒ මම සිහි ඇති ව ම ආශ්වාස කරමි. සිහි ඇති ව ම ප්‍රශ්වාස කරමි. වහන්ස, මෙසේ මම ආනාපානසතිය වඩමි යි.
Pali BJTඅත්ථෙසා අරිට්ඨ, ආනාපානසති, නෙසා නත්ථීති වදාමි. අපි ච අරිට්ඨ, යථා ආනාපානසති විත්ථාරෙන පරිපුණ්ණා හොති තං සුණාහි -පෙ- කථඤ්ච අරිට්ඨ, ආනාපානසති විත්ථාරතො පරිපුණ්ණා හොති: ඉධ අරිට්ඨ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං ඛො අරිට්ඨ, ආනාපානසති විත්ථාරෙන පරිපුණ්ණා හොතීති.
Sinhala BJTඅරිට්ඨ, මෙබඳු ආනාපානසතියක් ඇත. මෙය නැතැයි නො කියමි. අරිට්ඨ, යම්සේ ආනාපානසතිය විතරවිසින් පිරිපුන් වේ නම් එය අසවු ... අරිට්ඨ, ආනාපානසතිය කෙසේ නම් විතර විසින් පිරිපුන් වේ ද යත්: අරිට්ඨ, මෙහි මහණ අරණකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනුව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමියි හික්මේ. අරිට්ඨ, මෙසේ ආනාපානසතිය විතර විසින් පිරිපුන් වේ යි.
Pali BJT10. 1. 7.
Sinhala BJT10. 1. 7.
Pali BJTකප්පිනසුත්තං
Sinhala BJTකප්පින සූත්‍රය
Pali BJT3755. සාවත්ථියං:
Sinhala BJT3755. සැවැත්නුවර:
Pali BJTතෙන ඛො පන සමයෙන ආයස්මා මහාකප්පිනො භගවතො අවිදූරෙ නිසින්නො හොති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. අද්දසා ඛො භගවා ආයස්මා මහාකප්පිනං අවිදූරෙ නිසින්නං පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. දිස්වාන භික්ඛූ ආමන්තෙසි: “පස්සථ නො තුම්හෙ භික්ඛවෙ, එතස්ස භික්ඛුනො කායස්ස ඉඤ්ජිතත්තං වා ඵන්දිතත්තං වා”ති යදා’පි මයං භන්තෙ, තං ආයස්මන්තං පස්සාම සඞ්ඝමජ්ඣෙ වා නිසින්නං එකං වා රහො නිසින්නං තදා’පි මයං තස්ස ආයස්මතො න පස්සාම කායස්ස ඉඤ්ජිතත්තං වා ඵන්දිතත්තං වාති.
Sinhala BJTඑසමයෙහි ආයුෂ්මත් මහාකප්පින තෙරණුවෝ පලක් බැඳ උඩුකය ඍජු කොට තබා සිහිය අභිමුඛ කොට එළවා ගෙන භාග්‍යවතුන් වගන්සේ නුදුරෙහි වැඩහුන්නාහු වෙති. භාග්‍යවතුන් වහන්සේ පලක් බැඳ උඩුකය ඍජු කොට තබා සිහිය අභිමුඛ කොට එළවා ගෙන නුදුරෙහි වැඩ හුන් ආයුෂ්මත් මහාකප්පින තෙරුන් දුටුසේකි. දැක භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, තෙපි මේ මහණහුගේ කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ දකිවු දැ”යි. වහන්ස, අපි යම් කලෙක සඟමැද හුන්නාවූ හෝ එකලා ව විවේකී ව හුන්නා වූ හෝ ඒ ආයුෂ්මතුන් දක්නමෝ නම් එකලදු අපි ඒ ආයුෂ්මතුන්ගේ කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ නො දක්නමෝ යි.
Pali BJTයස්ස භික්ඛවෙ, සමාධිස්ස භාවිතත්තා බහුලීකතත්තා නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා. න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, තස්ස සො භික්ඛවෙ, භික්ඛු සමාධිස්ස නිකාමලාභී අකිච්ඡලාභී අකසිරලාභී. කතමස්ස ච භික්ඛවෙ, සමාධිස්ස භාවිතත්තා බහුලීකතත්තා නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා: ආනාපානසතිසමාධිස්ස භික්ඛවෙ, භාවිතත්තා බහුලීකතත්තා නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා. න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා.
Sinhala BJTමහණෙනි, යම් සමාධියක් වැඩූ බැවින් බහුල කළ බැවින් කයෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො වේ ද, සිතෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො වේ ද, මහණෙනි, ඒ මහණ ඒ සමාධිය කැමැති සේ ලබනසුල්ලෙක් නිදුකින් ලබනසුල්ලෙක් මහත් සේ ලබනසුල්ලෙක් වෙයි. මහණෙනි, කවර සමාධියක් වැඩූ බැවින් බහුල කළ බැවින් කයෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ ද යත්: සිතෙහි කම්පනයෙක් හෝ සැලීමක් හෝ නො ම වේ ද යත්: මහණෙනි, ආනාපානසතිසමාධිය වැඩූ බැවින් බහුල කළ බැවින් කයෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ නො ම වෙයි. සිතෙහි කම්පනයක් හෝ සැලීමක් හෝ නො ම වේ.
Pali BJTකථං භාවිතෙ ච භික්ඛවෙ, ආනාපානසතිසමාධිම්හි කථං බහුලීකතෙ නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා: ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතෙ ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධිම්හි එවං බහුලීකතෙ නෙව කායස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වා, න චිත්තස්ස ඉඤ්ජිතත්තං වා හොති ඵන්දිතත්තං වාති.
Sinhala BJTමහණෙනි, ආනාපානසතිසමාධිය කෙසේ වැඩූ කල්හි කෙසේ බහුල කළ කල්හි කයෙහි කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ ද යත්: සිතේ කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. මහණෙනි, ආනාපානසතිසමාධිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි කයේ කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ. සිතේ කම්පනයෙක් හෝ සැලීමෙක් හෝ නො ම වේ යි.
Pali BJT10. 1. 8.
Sinhala BJT10. 1. 8.
Pali BJTදීපසුත්තං
Sinhala BJTදීප සූත්‍රය
Pali BJT3756. සාවත්ථියං:
Sinhala BJT3756. සැවැත්නුවර:
Pali BJTආනාපානසතිසමාධි භික්ඛවෙ, භාවිතො බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසො. කථං භාවිතො ච භික්ඛවෙ, ආනාපානසතිසමාධි කථං බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසො: ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතො ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධි එවං බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසො. අහම්පි සුදං භික්ඛවෙ, පුබ්බෙව සම්බොධා අනභිසම්බුද්ධො බොධිසත්තොව සමානො ඉමිනා විහාරෙන බහුලං{1} විහරාමි. තස්ස මය්හං භික්ඛවෙ, ඉමිනා විහාරෙන බහුලං විහරතො නෙව කායො කිලමි{2}. න චක්ඛූනි, අනුපාදාය ච මෙ ආසවෙහි චිත්තං විමුච්චි.
Sinhala BJTමහණෙනි, ආනාපානසතිසමාධිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට හියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ. මහණෙනි, ආනාපානසති සමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, මම් ද සම්බෝධියෙන් පෙර බුදුබවට නොපැමිණියෙම් බෝසත් වූයෙම් ම මේ විහරණයෙන් යුතු ව බහුලකොට විසුයෙමි. මහණෙනි, මේ විහරණයෙන් යුතු ව බහුල කොට වෙසෙන ඒ මාගේ කය නො ම ක්ලාන්ත විය. ඇස් නො ම ක්ලාන්ත විය. මාගේ සිත ද උපාදාන රහිත ව ආස්‍රවයන්ගෙන් මිදුණේ ය.
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි{1} ආකඞ්ඛෙය්ය: “නෙව මෙ කායො{2} කිලමෙය්ය න චක්ඛූනි, අනුපාදාය ච මෙ ආසවෙහි චිත්තං විමුච්චෙය්යා”ති, අයමෙව ආනාපානසතිසමාධි සාධුකං මනසිකාතබ්බො. තස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි ආකඞ්ඛෙය්ය: “යෙ මෙ ගෙහසිතා සරසඞ්කප්පා තෙ පහීයෙය්යුන්ති”. අයමෙව ආනාපානසතිසමාධි සාධුකං මනසිකාතබ්බො. තස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි ආකඞ්ඛෙය්ය: “අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති” අයමෙව ආනාපානසතිසමාධි සාධුකං මනසිකාතබ්බො. තස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි ආකඞ්ඛෙය්ය: “පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති” අයමෙව ආනාපානසතිසමාධි සාධුකං මනසිකාතබ්බො. තස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි ආකඞ්ඛෙය්ය: “අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති” අයමෙව -පෙ- තස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි ආකඞ්ඛෙය්ය: “පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති” අයමෙව -පෙ- තස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි ආකඞ්ඛෙය්ය: “අප්පටික්කූලඤ්ච පටික්කූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙඛකො විහරෙය්යං සතො සම්පජානොති” අයමෙව -පෙ-
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි ලා මහණ “මාගේ කය නො ම ක්ලාන්ත වන්නේ නම් ඇස් නො ම ක්ලාන්ත වන්නේ නම් මාගේ සිත ද උපාදාන රහිතව ආස්‍රවයන්ගෙන් මිදෙන්නේ නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධියම මැනවින් මෙනෙහි කළයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ, “මාගේ යම් පඤ්චකාමනිශ්‍රිත විතර්‍කයෝ වෙද්ද ඔහු ප්‍රහීණ වන්නාහු නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධිය ම මැනවින් මෙනෙහි කළයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “නොපිළිකුලෙහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධිය ම මැනවින් මෙනෙහි කටයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “පිළිකුලෙහි නො පිළිකුල් හැඟීම් ඇතිව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධිය ම මැනවින් මෙනෙහි කටයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “නොපිළිකුලෙහි ද පිළිකුලෙහි ද පිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “පිළිකුලෙහි ද නොපිළිකුලෙහි ද නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “නොපිළිකුල ද පිළිකුල ද යන එදෙක දුරු කොට මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ...
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි ආකඞ්ඛෙය්ය, “විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති” අයමෙව -පෙ- තස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි ආකඞ්ඛෙය්ය: “විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති” අයමෙව -පෙ- තස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි ආකඞ්ඛෙය්ය, “පීතියා ච විරාගා උපෙඛකො ච විහරෙය්යං සතො ච සම්පජානො, සුඛඤ්ච කායෙන පටිසංවෙදෙය්යං යං තං අරියා ආචික්ඛන්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති තතියජ්ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති” අයමෙව -පෙ- තස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි ආකඞ්ඛෙය්ය, “සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙඛාසතිපාරිසුද්ධිං චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරෙය්යන්ති” අයමෙව -පෙ-
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි ලා මහණ “කාමයෙන් වෙන් ව ම අකුසල්දහමින් වෙන් ව විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍ක රහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “ප්‍රීතියෙහිද නොඇල්මෙන් මැදහත්ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව කයින් සුවත් විඳින්නෙම් නම් ආර්‍ය්‍යයෝ යමක් ගැන උපේක්‍ෂා ඇත්තේ ය, සිහි ඇත්තේ ය. සුවවිහරණ ඇත්තේ ය යි කියද්ද ඒ තෙවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “සුවත් දුරු කිරීමෙන් දුකත් දුරුකිරීමෙන් පළමු ම සොම්නස්දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නොදුක් වූ නොසුව වූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසුදු බැව් ඇති සිවුවන දැහැනට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ”යි කැමති වන්නේ නම් මේ ...
Pali BJTතස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි ආකඞ්ඛෙය්ය සබ්බසො රූප සඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානංඅමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරෙය්යන්ති, අයමෙව -පෙ- තස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි ආකඞ්ඛෙය්ය සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරෙය්යන්ති අයමෙව -පෙ- තස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි ආකඞ්ඛෙය්ය සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරෙය්යන්ති අයමෙව -පෙ- තස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි ආකඞ්ඛෙය්ය සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරෙය්යන්ති අයමෙව ආනාපානසතිසමාධි සාධුකං මනසිකාතබ්බො. තස්මාතිහ භික්ඛවෙ, භික්ඛුපි ආකඞ්ඛෙය්ය: “සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරෙය්යන්ති, අයමෙව ආනාපානසතිසමාධි සාධුකං මනසි කාතබ්බො.
Sinhala BJTමහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් “රූපසංඥාවන් සර්‍වප්‍රකාරයෙන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන් නොමෙනෙහි කිරීමෙන් ආකාශය අනන්ත ය යි ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් ආකාසානඤ්චායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා විඤ්ඤාණය අනන්තය යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණතෙමේත් විඤ්ඤාණඤ්චායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා කිසිවක් නැතැ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ යි කැමති වන්නේ නම් මේ ... මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් ආකිඤ්චඤ්ඤායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ යි කැමති වන්නේ නම් මේ ආනාපානසති සමාධිය ම මැනවින් මෙනෙහි කටයුතු. මහණෙනි, එහෙයින් මෙහි ලා මහණ තෙමේත් නේවසඤ්ඤානාසඤ්ඤායතනය සර්‍වප්‍රකාරයෙන් ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසෙන්නෙම් නම් මැනවැ යි කැමතිවන්නේ නම් මේ ආනාපානසතිසමාධිය ම මැනවින් මෙනෙහි කටයුතු.
Pali BJTඑවං භාවිතෙ ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධිම්හි එවං බහුලීකතෙ සුඛඤ්චෙ වෙදනං වෙදෙති සා අනිච්චාති පජානාති, අනජ්ඣොසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති. දුක්ඛං චෙ වෙදනං වෙදෙති සා අනිච්චාති පජානාති, අනජ්ඣොසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති. අදුක්ඛමසුඛඤ්චෙ වෙදනං වෙදෙති, සා අනිච්චාති පජානාති, අනජ්ඣොසිතාති පජානාති, අනභිනන්දිතාති පජානාති. සො සුඛඤ්චෙ වෙදනං වෙදිති, විසංයුත්තො නං වෙදියති. දුක්ඛඤ්චෙ වෙදනං වෙදියති, විසංයුත්තො නං වෙදියති. අදුක්ඛමසුඛඤ්චෙ වෙදනං වෙදියති, විසංයුත්තො නං වෙදියති. සො කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති, ජීවිතපරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාති.
Sinhala BJTමහණෙනි, ආනාපානසතිසමාධිය මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ඉදින් සුවවේදනාවක් විඳී නම් එය අනිසැ යි දනී. නො බැස ගැන්නා ලදැ යි දනී. තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පිළිගන්නට නොයුතු ය යි දනී. ඉදින් දුක්වේදනාවක් විඳී නම් එය අනිසැ යි දනී. නො බැස ගැන්නා තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් පිළිගන්නට නොයුතු ය යි දනී. ඉදින් නොදුක්නොසුව වේදනාවක් විඳී නම් එය අනිසැ යි දනී. නො බැස ගැන්නා ලදැ යි දනී. පිළිගන්නට නොයුතු යයි දනී. ඉදින් හෙතෙමේ සුවවේදනාවක් විඳී නම් (රාගානුසයාදියෙන්) වෙන් ව එය විඳී. ඉදින් දුක්වේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. ඉදින් නොදුක්නොසුවවේදනාවක් විඳී නම් වෙන් ව එය විඳී. හෙතෙමේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දනී. කය බිඳීමෙන් දිවි ගෙවීමෙන් මතු සියලු වේදනාවෝ නොපිළිගන්නා ලද්දාහු මෙහි ම ලිහිල් වූවෝ වන්නාහ යි දනී.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, තෙලඤ්ච පටිච්ච වට්ටිඤ්ච පටිච්ච තෙලප්පදීපො ඣායෙය්ය, තස්සෙව තෙලස්ස ච වට්ටියා ච පරියාදානා අනාහාරො නිබ්බායෙය්ය, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු කායපරියන්තිකං වෙදනං වෙදියමානො කායපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. ජීවිතපරියන්තිකං වෙදනං වෙදියමානො ජීවිතපරියන්තිකං වෙදනං වෙදියාමීති පජානාති. කායස්ස භෙදා උද්ධං ජීවිතපරියාදානා ඉධෙව සබ්බවෙදයිතානි අනභිනන්දිතානි සීතීභවිස්සන්තීති පජානාතීති.
Sinhala BJTමහණෙනි, යම්සේ තෙලත් නිසා වැටියත් නිසා තෙල්පහන දැල්වෙන්නේ ද, එ ම තෙලත් වැටියත් ගෙවීමෙන් ප්‍රත්‍යය රහිත ව නිවෙන්නේ ද මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නේ කය කෙළවර කොට ඇති වේදනාවක් විඳිමියි දනී. දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳින්නේ දිවි කෙළවර කොට ඇති වේදනාවක් විඳිමි යි දනී. කය බිඳීමෙන් දිවි ගෙවීමෙන් මතු සියලු වේදනාවෝ නො පිළිගන්නා ලද්දාහු මෙහි ම ලිහිල් වූවෝ වන්නාහ යි දනී යි.
Pali BJT10. 1. 9.
Sinhala BJT10. 1. 9.
Pali BJTඅසුභසුත්තං
Sinhala BJTඅසුභ සූත්‍රය
Pali BJT3757. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛූනං අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ්ණං භාසති, අසුභභාවනාය වණ්ණං භාසති. අථ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “ඉච්ඡාමහං භික්ඛවෙ, අද්ධමාසං පතිසල්ලීයිතුං. නම්හි කෙනචි උපසඞ්කමිතබ්බො, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙනා”ති. එවං භන්තෙති ඛො තෙ භික්ඛූ භගවතො පටිස්සුත්වා නාස්සුධ කොචි භගවන්තං උපසඞ්කමති, අඤ්ඤත්ර එකෙන පිණ්ඩපාතනීහාරකෙන.
Sinhala BJT3757. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්පුර සමීපයෙහි මහවෙනෙහි කුළුගේහල්හි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නන් අයුරෙන් භික්‍ෂූන්ට අසුභකථා වදාරන සේක. අසුභයෙහි ගුණ කියන සේක, අසුභභාවනාවෙහි ගුණ කියන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක. “මහණෙනි, මම අඩමසක් එකලා ව වෙසෙන්නට කැමති වෙමි. පිණ්ඩාපාතය රැගෙන එන එකකු හැර අන් කිසිවකු විසින් නො එළඹිය යුත්තෙම් වෙමි”යි. එසේ ය වහන්සැ’යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය රැගෙන එන එක් මහණකු හැර අන් කිසිවෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත නො එළඹිණ.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ, භගවා අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ්ණං භාසති, අසුභභාවනාය වණ්ණං භාසතීති අනෙකාකාරවොකාරං අසුභභාවනානුයොගමනුයුත්තා විහරන්ති. තෙ ඉමිනා කායෙන අට්ටීයමානා{1} හරායමානා ජිගුච්ඡමානා සත්ථහාරකං පරියෙසන්ති. දස’පි භික්ඛූ එකාහෙන සත්ථං ආහරන්ති, වීසතිම්පි භික්ඛූ එකාහෙන සත්ථං ආහරන්ති. තිංසම්පි භික්ඛූ එකාහෙන සත්ථං ආහරන්ති.
Sinhala BJTඑකල්හි ඒ භික්‍ෂූහු, භාග්‍යවතුන් වහන්සේ නන් අයුරෙන් අසුභකථා වදාරන සේක, අසුභයෙහි ගුණ කියන සේක, අසුභ භාවනාවෙහි ගුණ කියන සේකැ යි නොයෙක් කරුණෙන් ගැවසී ගත් අසුභභාවනාවෙහි යෙදුණාහු වෙසෙත්. ඔහු මේකයින් පීඩිතවන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුල් උපදවන්නාහු දිවි ගැලවීමෙහි සමත් අවි සොයත්. දස මහණ කෙනෙක් ද එක්දවසින් දිවි ගලවත්. විසි මහණ කෙනෙක් ද එක්දවසින් දිවි ගලවත්. තිස් මහණ කෙනෙක් ද එක්දවසින් අවි ගනිත්.
Pali BJTඅථ ඛො භගවා තස්ස අද්ධමාසස්ස අච්චයෙන පටිසල්ලානා වුට්ඨිතො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “කින්නු ඛො ආනන්ද, තනුභූතො විය භික්ඛුසඞ්ඝො”ති. තථාහි පන භන්තෙ, භගවා භික්ඛූනං අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ්ණං භාසති, අසුභභාවනාය වණ්ණං භාසති. තෙච භන්තෙ, භික්ඛු: “භගවා ඛො අනෙකපරියායෙන අසුභකථං කථෙති, අසුභාය වණ්ණං භාසති, අසුභභාවනාය වණ්ණං භාසතී’ති අනෙකාකාරවොකාරං අසුභභාවනානුයොගමනුයුත්තා විහරන්ති. තෙ ඉමිනා කායෙන අට්ටීයමානා හරායමානා ජිගුච්ඡමානා සත්ථහාරකං පරියෙසන්ති. දස’පි භික්ඛූ එකාහෙන සත්ථං ආහරන්ති, වීසතිම්පි භික්ඛූ එකාහෙන සත්ථං ආහරන්ති. තිංසම්පි භික්ඛූ එකාහෙන සත්ථං ආහරන්ති. සාධු භන්තෙ, භගවා පරියායං{2} ආචික්ඛතු යථා’යං භික්ඛුසඞ්ඝො අඤ්ඤාය සණ්ඨහෙය්යා”ති.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ අඩමස ඇවෑමෙන් විවේකයෙන් නැඟීසිටි සේක් ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූසේක: “ආනන්‍ද, කුමක් හෙයින් බික්සඟන තුනී වූවාක් මෙන් වේ දැ”යි. වහන්ස, ඒ එසේම ය. භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන්ට නන් අයුරෙන් අශුභකථා වදාරන සේක, අශුභයෙහි ගුණ වණන සේක, අශුභභාවනාවෙහි ගුණ වණන සේක. වහන්ස, ඒ භික්‍ෂූහු ද ‘භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් අශුභකථා වදාරන සේක, අශුභයෙහි ගුණ වණන සේක, අශුභභාවනාවෙහි ගුණ වණන සේකැ’යි නොයෙක් කරුණෙන් ගැවසුණු අශුභභාවනාවෙහි යෙදුණාහු වෙසෙත්. ඔහු මෙකයින් පීඩිත වන්නාහු ලජ්ජිත වන්නාහු පිළිකුල උපදවන්නාහු දිවි ගැලවීමෙහි සමත් අවි සොයත්. දස මහණ කෙනෙක් දු එක්දවසින් අවි ගනිත්. විසි මහණ කෙනෙක් දු එක් දවසින් අවි ගනිත්. තිස් මහණ කෙනෙක් දු එක් දවසින් දිවි ගලවත්. වහන්ස, යම්සේ මේ භික්‍ෂු සඞ්ඝයා රහත් බැව්හි පිහිටන්නේ නම් භාග්‍යවතුන් වහන්සේ එබඳු නයක් වදාරන සේක් නම් මැනවි”යි.
Pali BJTතෙනහානන්ද, යාවතිකා භික්ඛූ වෙසාලිං උපනිස්සාය විහරන්ති, තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙහීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා යාවතිකා භික්ඛූ වෙසාලිං උපනිස්සාය විහරන්ති, තෙ සබ්බෙ උපට්ඨානසාලායං සන්නිපාතෙත්වා යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “සන්නිපතිතො{1} භන්තෙ, භික්ඛුසඞ්ඝො යස්සදානි භන්තෙ, භගවා කාලං මඤ්ඤතී”ති.
Sinhala BJTආනන්‍ද, එසේ වී නම් යම් තාක් භික්‍ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙත් ද ඒ සියල්ලන් උවටැන්හලෙහි රැස්කරව යි. එසේ ය වහන්සැ යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී යම් තාක් භික්‍ෂූහු විසල්පුර ඇසුරු කොට වෙසෙත් නම් ඒ සියල්ලන් උවටැන්හලෙහි රැස් කරවා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඔ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ; “වහන්ස, බික් සඟන තෙමේ රැස් වූයේ ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් යමකට කල් දන්නා සේක් නම් මැනවැ”යි.
Pali BJTඅථ ඛො භගවා යෙන උපට්ඨානසාලා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “අයම්පි ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධි භාවිතො බහුලීකතො සන්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නෙ ච පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙති. සෙය්යථාපි භික්ඛවෙ, ගිම්හානං පච්ඡිමෙ මාසෙ ඌහතං රජොජල්ලං, තමෙනං මහාඅකාලමෙඝො ඨානසො අන්තරධාපෙති, වූපසමෙති, එවමෙව ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධි භාවිතො බහුලීකතො සන්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නො ච පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ උවටැන් හල වෙත එළඹි සේක. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මේ ආනාපානසති සමාධිය ද වඩන ලද්දේ ශාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුවවිහරණයෙක් ද වේ. උපනුපන් ලාමක අකුසල්දහම් ද සැණෙකින් අතුරුදන් කෙරෙයි, සන්හිඳුවයි. මහණෙනි, යම්සේ ගිමන් සෙමෙහි පැසුළු (=ඇසළ) මස උඩ නැඟි රජස්දැලි වේ ද එය මහා අකල් වැස්ස සැණෙකින් අතුරුදන් කෙරෙයි, සන්හිඳුවයි. මහණෙනි, එසෙයින් ම ආනාපානසති සමාධිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ ශාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුව විහරණයෙක් ද වේ. උපනුපන් ලාමක අකුසල් දහමුදු සැණෙකින් අතුරුදන් කෙරෙයි සන්හිඳුවයි.
Pali BJTකථං භාවිතො භික්ඛවෙ, ආනාපානසතිසමාධි කථං බහුලීකතො, සන්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො, උප්පන්නුප්පන්නෙ ච පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙති: ඉධ භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතො ඛො භික්ඛවෙ, ආනාපානසතිසමාධි එවං බහුලීකතො සන්තො චෙව පණීතො ච අසෙචනකො ච සුඛො ච විහාරො උප්පන්නුප්පන්නෙ ච පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති, වූපසමෙතීති.
Sinhala BJTමහණෙනි, ආනාපානසති සමාධිය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ ශාන්ත ද ප්‍රණීත ද පියවින් මිහිරි ද සුවවිහරණයෙක් ද වී උපනුපන් ලාමක අකුසල්දහමුදු සැණෙකින් අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද යත්: “මහණෙනි, මෙසස්නෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස්ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙ”මි යි හික්මෙයි. මහණෙනි, ආනාපානසති සමාධිය මෙසේ වඩන ලද්දේ මෙසේ පුනපුනා කරන ලද්දේ ශාන්තත් ප්‍රණීතත් පියවින් මිහිරිත් සුවවිහරණත් වෙයි. උපනුපන් ලාමක අකුසල්දහමුදු සැණෙකින් අතුරුදන් කෙරෙයි, සන්හිඳුවා යි.
Pali BJT10. 1. 10.
Sinhala BJT10. 1. 10.
Pali BJTකිම්බිලසුත්තං
Sinhala BJTකිම්බිල සූත්‍රය
Pali BJT3758. එකං සමයං භගවා කිම්බිලායං{2} විහරති වෙළුවනෙ. තත්ර ඛො භගවා ආයස්මන්තං කිම්බිලං ආමන්තෙසි: “කථං භාවිතො ඛො කිම්බිල, ආනාපානසතිසමාධි කථං බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසොති. එවං වුත්තෙ ආයස්මා කිම්බිලො තුණ්හී අහොසි. දුතියම්පි ඛො භගවා ආයස්මන්තං කිම්බිලං ආමන්තෙසි -පෙ- තතිය තා ඛො භගවා ආයස්මන්තං කිම්බිලං ආමන්තෙසි: “කථං භාවිමෙපි ඛො, කිම්බිල, ආනාපානසතිසමාධි කථං බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසො”ති. තතියම්පි ඛො ආයස්මා කිම්බිලො තුණ්හී අහොසි.
Sinhala BJT3758. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කිම්බිලානුවර සමීපයෙහි වේළුවනයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක: “කිම්බිල, කෙසේ වඩන ලද කෙසේ පුනපුනා කරන ලද ආනාපානසතිසමාධිය මහත්ඵල මහානිසංස වේ දැ”යි, මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිහඬ වූහ. දෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක ... දෙවන වට දු ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිහඬ වූහ. තෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් කිම්බිල තෙරුන් ඇමතූ සේක: “කිම්බිල, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද ආනාපානසති සමාධිය මහත්ඵල මහානිසංස වේ දැ”යි. තෙවන වට දු ආයුෂ්මත් කිම්බිල තෙරණුවෝ නිහඬ වූහ.
Pali BJTඑවං වුත්තෙ ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “එතස්ස භගවා කාලො, එතස්ස සුගත, කාලො, යං භගවා ආනාපානසතිසමාධිං භාසෙය්ය. භගවතො සුත්වා භික්ඛූ ධාරෙස්සන්තී”ති. තෙනහානන්ද, සුණාහි, සාධුකං මනසිකරොහි, භාසිස්සාමීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පච්චස්සොසි. භගවා එතදවොච: “කථං භාවිතො ච ආනන්ද, ආනාපානසතිසමාධි කථං බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසො: ඉධානන්ද, භික්ඛු අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා -පෙ- පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති. එවං භාවිතො ඛො ආනන්ද, ආනාපානසතිසමාධි එවං බහුලීකතො මහප්ඵලො හොති මහානිසංසො.
Sinhala BJTමෙසේ වදාළ කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ: “යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ආනාපානසතිසමාධිය වදාරන සේක් නම් භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්‍ෂූහු දරන්නාහු නම් භාග්‍යවතුන් වහන්ස, එයට කාලය යි, සුගතයන් වහන්ස, එයට කාලය”යි. ආනන්‍ද, එසේ නම් අසව, මැනවින් මෙනෙහි කරව, කියන්නෙමි යි. වහන්ස, එසේ ය යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් ඇස්වූහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “ආනන්‍ද, කෙසේ වඩන ලද කෙසේ පුනපුනා කරන ලද ආනාපානසතිසමාධිය මහත්ඵල මහානිසංස වේ ද යත්: ආනන්‍ද මෙසස්නෙහි මහණ අරනකට ගියේ හෝ රුක්මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ ... නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මෙයි. ආනන්‍ද, මෙසේ වඩන ලද මෙසේ පුනපුනා කරන ලද ආනාපානසතිසමාධිය මහත්ඵල මහානිසංස වේ.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛු දීඝං වා අස්සසන්තො දීඝං අස්සසාමීති පජානාති, දීඝං වා පස්සසන්තො දීඝං පස්සසාමීති පජානාති, රස්සං වා අස්සසන්තො රස්සං අස්සසාමීති පජානාති, රස්සං වා පස්සසන්තො රස්සං පස්සසාමීති පජානාති, සබ්බකායපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, සබ්බකායපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං කායසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති, කායෙ කායානුපස්සී ආනන්ද, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු: කායඤ්ඤතරාහං ආනන්ද, එතං වදාමි යදිදං අස්සාසපස්සාසං. තස්මාතිහානන්ද, කායෙ කායානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTආනන්‍ද, යම් කලෙක මහණ දිගු කොට ආශ්වාස කරනුයේ දිගු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, දිගු කොට ප්‍රශ්වාස කරනුයේ දිගු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනී ද, ලුහුඬු කොට ආශ්වාස කරනුයේ ලුහුඬු කොට ආශ්වාස කෙරෙමි යි දනී ද, ලුහුඬු කොට ප්‍රශ්වාස කරනුයේ ලුහුඬු කොට ප්‍රශ්වාස කෙරෙමි යි දනී ද, සියලු ආශ්වාසප්‍රශ්වාස කය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සියලු ආශ්වාසප්‍රශ්වාස කය දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, කායසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද, මහණ තෙමේ එසමයෙහි කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, යම් ඒ අස්සාස පස්සාස වේ නම් මෙය (වායෝකාය නම් වූ) එක්තරා කයෙකැ යි මම කියමි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා එසමයෙහි මහණ කයෙහි කය අනු ව, දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛු පීතිපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, පීතිපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති. සුඛපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, සුඛපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති, චිත්තසඞ්ඛාරපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, චිත්තසඞ්ඛාරපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං චිත්තසඞ්ඛාරං අස්සසිස්සාමීති සික්ඛති, පස්සම්භයං චිත්තසඞ්ඛාරං පස්සසිස්සාමීති සික්ඛති, වෙදනාසු වෙදනානුපස්සී ආනන්ද, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු: වෙදනඤ්ඤතරාහං ආනන්ද, එතං වදාමි යදිදං අස්සාසපස්සාසානං සාධුකං මනසිකාරං. තස්මාතිහානන්ද, වෙදනාසු වෙදනානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTආනන්‍ද, යම් සමයෙක මහණ ප්‍රීතිය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ප්‍රීතිය දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සුවය දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සුවය දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර සන්හිඳුවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, චිත්තසංස්කාර සන්හිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද ආනන්‍ද, එසමයෙහි මහණ වේදනාවන්හි වේදනා අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව විඳුම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, ආශ්වාසප්‍රශ්වාසයන්ගේ යම් ඒ මැනවින් මෙනෙහි කිරීමෙක් වේ ද, මෙය සුව වේදනා නම් වූ එක්තරා වේදනාවකැ යි මම කියමි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛු චිත්තපටිසංවෙදී අස්සසිස්සාමීති සික්ඛති, චිත්තපටිසංවෙදී පස්සසිස්සාමීති සික්ඛති, අභිප්පමොදයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, අභිප්පමොදයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති, සමාදහං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, සමාදහං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති, විමොචයං චිත්තං අස්සසිස්සාමීති සික්ඛති, විමොචයං චිත්තං පස්සසිස්සාමීති සික්ඛති, චිත්තෙ චිත්තානුපස්සී ආනන්ද, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තං කිස්ස හෙතු: නාහං ආනන්ද, මුට්ඨස්සතිස්ස අසම්පජානස්ස ආනාපානසතිසමාධිභාවනං වදාමි. තස්මාතිහානන්ද, චිත්තෙ චිත්තානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTආනන්‍ද, යම් සමයෙක මහණ සිත දන්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත දන්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත සතුටු කරවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත සතුටු කරවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත එකඟ කරමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත එකඟ කරමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත මුදවමින් ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, සිත මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද, එසමයෙහි මහණ සිත්හි සිත අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඒ කවර හෙයින යත්: ආනන්‍ද, මුළා සිහි ඇති මනාදැනුම් නැත්තහුට ආනාපානසතිසමාධිහාවනාවක් මම නො කියමි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි සිත්හි සිත අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
Pali BJTයස්මිං සමයෙ ආනන්ද, භික්ඛු අනිච්චානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, අනිච්චානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති, විරාගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, විරාගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති, නිරොධානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, නිරොධානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී අස්සසිස්සාමීති සික්ඛති, පටිනිස්සග්ගානුපස්සී පස්සසිස්සාමීති සික්ඛති, ධම්මෙසු ධම්මානුපස්සී ආනන්ද, භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සො යං තං හොති අභිජ්ඣාදොමනස්සානං පහානං තං පඤ්ඤාය දිස්වා දිස්සා සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති. තස්මාතිහානන්ද, ධම්මෙසු ධම්මානුපස්සී භික්ඛු තස්මිං සමයෙ විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTආනන්‍ද, යම් සමයෙක මහණ අනිස අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, අනිස අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, විරාගය අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, විරාගය අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, නිරෝධය අනුව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමි යි හික්මේ ද, නිරෝධය අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, නිවන අනු ව දක්නාසුලු ව ආශ්වාස කරන්නෙමියි හික්මේ ද නිවන අනු ව දක්නාසුලු ව ප්‍රශ්වාස කරන්නෙමි යි හික්මේ ද, ආනන්‍ද, එසමයෙහි මහණ දහම්හි දහම් අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දැඩිලොබ හා දොම්නස පිළිබඳ යම් ඒ ප්‍රහාණයෙක් වේ නම් හෙතෙමේ එය නුවණින් දැක දැක මැනවින් මැදහත්ව දක්නාසුලු වෙයි. ආනන්‍ද, එහෙයින් මෙහි ලා මහණ එසමයෙහි දහම්හි දහම් අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
Pali BJTසෙය්යථාපි ආනන්ද, චාතුම්මහාපථෙ{1} මහාපංසුපුඤ්ජො. පුරත්ථිමාය චෙපි දිසාය ආගච්ඡෙය්ය සකටං වා රථො වා, උපහනතෙව තං පංසුපුඤ්ජං. පච්ඡිමාය චෙ’පි දිසාය -පෙ- උත්තරාය චෙ’පි දිසාය -පෙ- දක්ඛිණාය චෙ’පි දිසාය ආගච්ඡෙය්ය සකටං වා රථො වා උපහනතෙව තං පංසුපුඤ්ජං. එවමෙව ඛො ආනන්ද, භික්ඛු කායෙ කායානුපස්සී විහරන්තො’පි උපහනතෙව පාපකෙ අකුසලෙ ධම්මෙ, වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරන්තො’පි උපහනතෙව පාපකෙ අකුසලෙ ධම්මෙති.
Sinhala BJTආනන්‍ද, යම්සේ සිවුමංසලක මහපස්පිඬෙක් වේ ද, ඉදින් පෙරදිගිනුදු ගැලෙක් හෝ රියෙක් හෝ එන්නේ නම් ඒ පස්පිඬ නසා ම ය. ඉදින් පැළදිගිනුදු ... ඉදින් උතුරුදිගිනුදු ... ඉදින් දකුණුදිගිනුදු ගැලෙක් හෝ රියෙක් හෝ එන්නේ නම් ඒ පස්පිඬ නසා ම ය. ආනන්‍ද, එසෙයින් ම මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව වෙසෙන්නේ ද ලාමක අකුසල් දහම් නසා ම ය. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව වෙසෙන්නේ ද, ලාමක අකුසල් දහම් නසා මැ යි.
Pali BJTඑකධම්මවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි ඒකධම්මවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඑකධම්මො ච බොජ්ඣඞ්ගො සුද්ධකඤ්ච දුවෙ ඵලා, අරිට්ඨො කප්පිනො දීපො, අසුභං කිම්බිලෙන චාති.
Sinhala BJTඒකධම්ම, බොජ්ඣඞ්ග, සුද්ධක යී සූත්‍ර තුනෙක් ද ඵලසූත්‍ර දෙකෙක් ද අරිට්ඨ, කප්පින, දීප, අසුභ, කිම්බිල යී පසෙක් දැ යි මුළුල්ල දශයෙකි යි.