Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13901-14000 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTසො සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ පටික්කූල{1}සඤ්ඤී විහරෙය්යන්ති, පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අප්පටික්කූලඤ්ච පටික්කූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙඛකො විහරෙය්යං සතො සම්පජානොති, උපෙඛකො තත්ථ විහරති සතො සම්පජානො.
Sinhala BJTඉදින් හේ නොපිළිකුල් අරමුණෙහි පිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුල් අරමුණෙහි නොපිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් නොපිළිකුලෙහි ද පිළිකුලෙහි ද පිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුලෙහි ද නොපිළිකුලෙහි ද නොපිළිකුල් හැඟීම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුලත් නොපිළිකුලත් යන දෙක දුරු කොට මැදහත් ව සිහි ඇතිව මනාදැනුම් ඇති ව වසන්නෙමි යි කැමති වේ නම් එහි මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසේ.
Pali BJTඅජ්ඣත්තං වෙදනාසු සමුදයධම්මානුපස්සී විහරති. -පෙ- අජ්ඣත්තං වෙදනාසු වයධම්මානුපස්සී විහරති. -පෙ- අජ්ඣත්තං වෙදනාසු සමුදයවයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා වෙදනාසු සමුදයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා වෙදනාසු වයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා වෙදනාසු සමුදයවයධම්මානුපස්සී විහරති. -පෙ- අජ්ඣත්තබහිද්ධා වෙදනාසු සමුදයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා වෙදනාසු වයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා වෙදනාසු සමුදයවයධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සො සචෙ ආකඞ්ඛති -පෙ- උපෙඛකො තත්ථ විහරති සතො සම්පජානො.
Sinhala BJTසිය විඳුම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලුව … වෙසේ. සිය විඳුම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය විඳුම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා විඳුම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා විඳුම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා විඳුම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා විඳුම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා විඳුම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය මෙරමා විඳුම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වෙර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව විඳුම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඉදින් හෙතෙමේ ... කැමති වේ නම් එහි මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසේ.
Pali BJTඅජ්ඣත්තං චිත්තෙ සමුදයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තං චිත්තෙ වයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තං චිත්තෙ සමුදයවයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා චිත්තෙ සමුදයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා චිත්තෙ වයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා චිත්තෙ සමුදයවයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා චිත්තෙ සමුදයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා චිත්තෙ වයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා චිත්තෙ සමුදයවයධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සො සචෙ ආකඞ්ඛති -පෙ- උපෙක්ඛකො තත්ථ විහරති සතො සම්පජානො.
Sinhala BJTසියසිත්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලුව … වෙසේ. සිය සිත්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියසිත්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා සිත්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා සිත්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා සිත්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා සිත්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා සිත්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය මෙරමා සිත්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. හේ ඉදින් ... කැමති වේ නම් එහි මැදහත් ව සිහි ඇති ව මනාදැනුම් ඇති ව වෙසේ.
Pali BJTඅජ්ඣත්තං ධම්මෙසු සමුදයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තං ධම්මෙසු වයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තං ධම්මෙසු සමුදයවයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා ධම්මෙසු සමුදයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා ධම්මෙසු වයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා ධම්මෙසු සමුදයවයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු සමුදයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු වයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු සමුදයවයධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTසිය නීවරණාදි දහම්හි හටගැනුම් ස්වභාව අනුව දක්නාසුලු ව … වෙසේ. සියදහම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය දහම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා ගේ (නීවරණාදි) දහම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව … වෙසේ. මෙරමාදහම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා දහම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා දහම්හි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලුව … වෙසේ. සිය මෙරමා දහම්හි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සියමෙරමා දහම්හි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ.
Pali BJTසො සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අප්පටික්කූලඤ්ච පටික්කූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙඛකො විහරෙය්යං සතො සම්පජානොති, උපෙඛකො තත්ථ විහරති සතො සම්පජානො. එත්තාවතා ඛො ආවුසො භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා ආරද්ධා හොන්තීති.
Sinhala BJTහෙතෙමේ ඉදින් නොපිළිකුලෙහි පිළිකුල් හැඟීම ඇති ව වෙසෙන්නෙමි යි කැමති වේ නම් එහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුලෙහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් නොපිළිකුලෙහිත් පිළිකුලෙහිත් පිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙමියි කැමති වේ නම් ඵහි පිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් පිළිකුලෙහිත් නොපිළිකුලෙහිත් නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහි නොපිළිකුල් හැඟීම් ඇති ව වෙසේ. ඉදින් නොපිළිකුලත් පිළිකුලත් යන එදෙක දුරු කොට මැදහත් ව සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහි මැදහත් ව සිහි ඇතිව වෙසේ. ඇවැත්නි, මහණහුගේ සිවු සීවටන්හු මෙතෙකින් පිරිපුන් වෙති යි.
Pali BJT8. 1. 2.
Sinhala BJT8. 1. 2.
Pali BJTදුතිය රහොගතසුත්තං
Sinhala BJTදුතිය රහෝගත සූත්‍රය
Pali BJT3612. එකං සමයං ආයස්මා අනුරුද්ධො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මතො අනුරුද්ධස්ස රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “යෙසං කෙසඤ්චි චත්තාරො සතිපට්ඨානා විරද්ධා, විරද්ධො තෙසං අරියො මග්ගො සම්මාදුක්ඛක්ඛයගාමී. යෙසං කෙසඤ්චි චත්තාරො සතිපට්ඨානා ආරද්ධා, ආරද්ධො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමී”ති. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මතො අනුරුද්ධස්ස චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො -පෙ- එවමෙවං ආයස්මතො අනුරුද්ධස්ස සම්මුඛෙ පාතුරහොසි. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච: “කිත්තාවතා නුඛො ආවුසො අනුරුද්ධ, භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා ආරද්ධා හොන්තී”ති.
Sinhala BJT3612. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙත්. එකල්හි එකලා වූ විවේකයෙන් යුත් ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය: “යම් කෙනකුන්ට සිවු සීවටන්හු වැරදුණාහු ද, මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමඟ ඔවුනට වැරදුණේ ය. යම් කිසි කෙනකුන්ට සිවු සීවටන්හු පිරිපුන් වෙද්ද, මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමඟ ඔවුනට පිරිපුන් වේ යි”. එකල ආයුෂ්මත් මහමුගලන්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ගේ චිත්තවිතර්‍කය සියසිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් ... එසෙයින් ම ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් ඉදිරියෙහි පහළ වූහ. ඉක්බිති ආයුෂ්මත් මහමුගලන්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි, අනුරුද්ධයෙනි, මහණහුගේ සිවු සීවටන්හු කෙතෙකින් පිරිපුන් වෙද්දැ”යි.
Pali BJTඉධාවුසො භික්ඛු අජ්ඣත්තං කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. බහිද්ධා කායෙ කායානුපස්සී විහරති ආතාපී -පෙ- අජ්ඣත්තබහිද්ධා කායෙ කායානුපස්සී විහරති ආතාපී -පෙ- අජ්ඣත්තං වෙදනාසු -පෙ- බහිද්ධා වෙදනාසු -පෙ- අජ්ඣත්තබහිද්ධා වෙදනාසු -පෙ- අජ්ඣත්තං චිත්තෙ -පෙ- බහිද්ධා චිත්තෙ -පෙ- අජ්ඣත්තබහිද්ධා චිත්තෙ -පෙ- අජ්ඣත්තං ධම්මෙසු -පෙ- බහිද්ධා ධම්මෙසු -පෙ- අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එත්තාවතා ඛො ආවුසො, භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා ආරද්ධා හොන්තීති.
Sinhala BJTඇවැත්නි, මෙසස්නෙහි මහණ සියකයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මෙරමාකයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව ... වෙසේ. සියමෙරමාකයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව ... වෙසේ. සියවිඳුම්හි ... මෙරමාවිඳුම්හි ... සිය මෙරමාවිඳුම්හි ... සියසිත්හි ... මෙරමාසිත්හි ... සියමෙරමාසිත්හි ... සියදහම්හි ... මෙරමාදහම්හි ... සියමෙරමාදහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මහණහුගේ සිවුසීවටන්හු මෙතෙකින් පිරිපුන් වෙති යි.
Pali BJT8. 1. 3.
Sinhala BJT8. 1. 3.
Pali BJTසුතනුසුත්තං
Sinhala BJTසුතනු සූත්‍රය
Pali BJT3613. එකං සමයං ආයස්මා අනුරුද්ධො සාවත්ථියං විහරති සුතනුතීරෙ. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙනායස්මා අනුරුද්ධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා අනුරුද්ධෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ ආයස්මන්තං අනුරුද්ධං එතදවොචුං: ‘කතමෙසං ආයස්මා අනුරුද්ධො ධම්මානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං{1} පත්තො’ති.
Sinhala BJT3613. එක්සමයෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි සුතනු ඉවුරෙහි වැඩවෙසෙති. එකල බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් ට මෙය කීහ: “කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ මහාභිඥ බවට පැමිණියාහු දැ”යි.
Pali BJTචතුන්නං ඛො අහං ආවුසො, සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං පත්තො. කතමෙසං චතුන්නං: ඉධාහං ආවුසො, කායෙ කායානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො අහං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං පත්තො. ඉමෙසඤ්ච පනාහං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා හීනං ධම්මං හීනතො අබ්භඤ්ඤාසිං, මජ්ඣිමං ධම්මං මජ්ඣිමතො අබ්භඤ්ඤාසිං, පණීතං ධම්මං පණීතතො අබ්භඤ්ඤාසින්ති.
Sinhala BJTඇවැත්නි, මම සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. කවර සිවු සීවටන් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇතිව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාවන්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව් හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම මහාභිඥ බවට පැමිණියෙමි. ඇවැත්නි, මම සිවු සීවටන් වැඩූ බැවින් ම බහුල කළ බැවින් ම හීනදහම් හීන විසින් දතිමි, මැදුම්දහම් මැදුම් විසින් දතිමි, ප්‍රණීතදහම් ප්‍රණීත විසින් දතිමි යි.
Pali BJT8. 1. 4.
Sinhala BJT8. 1. 4.
Pali BJTකණ්ටකීසුත්තං
Sinhala BJTකණ්ටකී සූත්‍රය
Pali BJT3614. එකං සමයං ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො සාකෙතෙ විහරන්ති කණ්ටකීවනෙ.{1} අථ ඛො ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතා යෙනායස්මා අනුරුද්ධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා අනුරුද්ධෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච: “සෙඛෙන{2} ආවුසො, අනුරුද්ධ, භික්ඛුනා කතමෙ ධම්මා උපසම්පජ්ජ විහාතබ්බා”ති.
Sinhala BJT3614. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් සාකේතනුවර සමීපයෙහි කණ්ටකීවෙනෙහි වැඩවෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පස් ව වැඩහුන්හ. එකත්පස් ව වැඩහුන් ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි අනුරුද්ධයෙනි, සේඛමහණ විසින් කවර දහම් උපයා ගෙන විසිය යුතුදැ”යි.
Pali BJTසෙඛෙන ආවුසො සාරිපුත්ත, භික්ඛුනා චත්තාරො සතිපට්ඨානා උපසම්පජ්ජ විහාතබ්බා. කතමෙ චත්තාරො: ඉධාවුසො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සෙඛෙන ආවුසො සාරිපුත්ත, භික්ඛුනා ඉමෙ චත්තාරො සතිපට්ඨානා උපසම්පජ්ජ විහාතබ්බාති.
Sinhala BJTඇවැත්නි ශාරිපුත්‍රයෙනි, සේඛමහණ විසින් සිවු සීවටන් උපයා ගෙන විසිය යුතුය. කවර සිවුසීවටන්හු ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි ශාරිපුත්‍රයෙනි, සේඛමහණ විසින් මේ සිවුසීවටන් උපයා ගෙන විසිය යුතු යි.
Pali BJT8. 1. 5.
Sinhala BJT8. 1. 5.
Pali BJTදුතිය කණ්ටකීසුත්තං
Sinhala BJTදුතිය කණ්ටකී සූත්‍රය
Pali BJT3615. අසෙඛෙන ආවුසො අනුරුද්ධ, භික්ඛුනා කතමෙ ධම්මා උපසම්පජ්ජ විහාතබ්බාති. අසෙඛෙන ආවුසො සාරිපුත්ත, භික්ඛුනා චත්තාරො සතිපට්ඨානා උපසම්පජ්ජ විහාතබ්බා. කතමෙ චත්තාරො: ඉධාවුසො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අසෙඛෙන ආවුසො සාරිපුත්ත, භික්ඛුනා ඉමෙ චත්තාරො සතිපට්ඨානා උපසම්පජ්ජ විහාතබ්බාති.
Sinhala BJT3615. ඇවැත්නි අනුරුද්ධයෙනි, අසේඛ (රහත්) මහණ විසින් කවර දහම් උපයා ගෙන විසිය යුතු දැයි? ඇවැත්නි සාරිපුත්තයෙනි, අසේඛමහණ විසින් සිවු සීවටන් උපයා ගෙන විසිය යුතුය. කවර සිවු සීවටන්හුද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි සාරිපුත්තයෙනි, අසේඛමහණ විසින් සිවු සීවටන් උපයා ගෙන විසිය යුතු යි.
Pali BJT8. 1. 6.
Sinhala BJT8. 1. 6.
Pali BJTතතිය කණ්ටකීසුත්තං
Sinhala BJTතතිය කණ්ටකී සූත්‍රය
Pali BJT3616. කතමෙසං ආයස්මා අනුරුද්ධො ධම්මානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං පත්තොති? චතුන්නං ඛ්වාහං ආවුසො, සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං පත්තො. කතමෙසං චතුන්නං: ඉධාහං ආවුසො, කායෙ කායානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛ්වාහං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං පත්තො. ඉමෙසඤ්ච පනාහං ආවුසො චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා සහස්සං ලොකං අභිජානාමීති.
Sinhala BJT3616. ආයුෂ්මත් අනුරුද්ධයෝ කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෝ දැ යි. ඇවැත්නි, මම සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. කවර සිවු සීවටන් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මම මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. ඇවැත්නි, මම මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් දහසක් ලොව වෙසෙසින් දනිමි යි.
Pali BJT8. 1. 7.
Sinhala BJT8. 1. 7.
Pali BJTතණ්හක්ඛයසුත්තං
Sinhala BJTතණ්හක්ඛය සූත්‍රය
Pali BJT3617. එකං සමයං ආයස්මා අනුරුද්ධො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො ආයස්මා අනුරුද්ධො භික්ඛු ආමන්තෙසි -පෙ- චත්තාරොමෙ ආවුසො, සතිපට්ඨානා භාවිතා බහුලීකතා තණ්හක්ඛයාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: ඉධාවුසො, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙ ඛො ආවුසො, චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා තණ්හක්ඛයාය සංවත්තන්තීති.
Sinhala BJT3617. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එහිදී ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ භික්‍ෂූන් ඇමතූහ ... ඇවැත්නි, මේ සිවු සීවටන් කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු තෘෂ්ණාක්‍ෂය පිණිස පවතිත්. කවර සිවු සීවටන් කෙනෙක් ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මේ සිවු සීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු තෘෂ්ණාක්‍ෂය පිණිස පවතිත් යි.
Pali BJT8. 1. 8.
Sinhala BJT8. 1. 8.
Pali BJTසලලාගාරසුත්තං
Sinhala BJTසලලාගාර සූත්‍රය
Pali BJT3618. එකං සමයං ආයස්මා අනුරුද්ධො සාවත්ථියං විහරති සලලාගාරෙ. තත්ර ඛො ආයස්මා අනුරුද්ධො -පෙ- එතදවොච: සෙය්යථාපි ආවුසො, ගඞ්ගානදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. අථ මහාජනකායො ආගච්ඡෙය්ය කුද්දාලපිටකං ආදාය “මයං ඉමං ගඞ්ගානදිං පච්ඡානින්නං කරිස්සාම පච්ඡාපොණං පච්ඡාපබ්භාරන්ති. තං කිං මඤ්ඤථාවුසො, අපි නු සො මහාජනකායො ගඞ්ගානදිං පච්ඡානින්නං කරෙය්ය පච්ඡාපොණං පච්ඡාපබ්භාරන්ති. නො හෙතං ආවුසො. තං කිස්ස හෙතු: ගඞ්ගාවුසො නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. සා න සුකරා පච්ඡානින්නං කාතුං පච්ඡාපොණං පච්ඡාපබ්භාරං. යාවදෙව ච පන සො මහාජනකායො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සාති.
Sinhala BJT3618. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ සැවත සමීපයෙහි සලලාගාරයෙහි වැඩවෙසෙති. එහි දී ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ … මෙය වදාළහ: “ඇවැත්නි, යම් සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, එකල්හි ‘අපි මේ ගඞ්ගානදිය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නෙමු’යි උදලු පැසි ගෙන මහජනසමූහයා එන්නේ ය. ඇවැත්නි, ඒ කිමැයි හඟිවු ද? ඒ මහජනසමූහයා ගඞ්ගානදිය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නේ දැයි. ඇවැත්නි, මෙය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: ඇවැත්නි, ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වෙයි. එය පැළදිගට නැමුණක් පැළදිගට නැඹුරු වූවක් පැළදිගට බර වූවක් කරන්නට සුකර නො වෙයි. හුදෙක් ඒ මහාජනසමූහයා වෙහෙසට විඩාවට බඳුන් වන්නේ යි.
Pali BJTඑවමෙව ඛො ආවුසො, භික්ඛුං චත්තාරො සතිපට්ඨානෙ භාවෙන්තං චත්තාරො සතිපට්ඨානෙ බහුලීකරොන්තං රාජා{1} වා රාජමහාමත්තො{2} වා මිත්තා වා අමච්චා වා ඤාතිසාලොහිතා වා භොගෙහි අභිහට්ඨුං පවාරෙය්යුං: “හම්භො පුරිස, කිං තෙ ඉමෙ කාසාවා අනුදහන්ති. කිං මුණ්ඩො කපාලමනුසඤ්චරසි. එහි හීනායාවත්තිත්වා භොගෙ භුඤ්ජස්සු පුඤ්ඤානි ච කරොහී”ති. සො වතාවුසො භික්ඛු චත්තාරො සතිපට්ඨානෙ භාවෙන්තො චත්තාරො සතිපට්ඨානෙ බහුලීකරොන්තො සික්ඛං පච්චක්ඛායහීනායාවත්තිස්සතීති{3}, නෙතං ඨානං විජ්ජති. තං කිස්ස හෙතු: “යං හි{4} ආවුසො චිත්තං දීඝරත්තං විවෙකනින්නං විවෙකපොණං විවෙකපබ්භාරං. තං තථා{5} හීනායාවත්තිස්සතී”ති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTඇවැත්නි, එසෙයින් ම සිවු සීවටන් වඩන සිවු සීවටන් බහුල කරන මහණහු රජෙක් හෝ රජු සම වූවෙක් හෝ මිතුරු කෙනෙක් හෝ ඇමති කෙනෙක් හෝ නෑ සහලේනෑ නෙනෙක් හෝ “එම්බා පුරුෂය, කුමක් හෙයින් මේ කසාවත්හු තොපගේ (සිරුර) දවද්ද? කුමක් හෙයින් මුඩු ව කබලක් ගෙන හැසිරෙවු ද? එව ගිහි බවට පෙරළී භෝගත් වළඳ ව පිනුත් කරව”යි භෝගයන් එළවා පවරන්නාහු නම් ඇවැත්නි, සිවු සීවටන් වඩන සිවු සීවටන් බහුල කරන ඒ මහණ සික පිළිකෙවු කොට ගිහි බවට පෙරළෙන්නේය යන මෙකරුණ නැත. ඒ කවර හෙයින යත්: “ඇවැත්නි, යම් සිතක් දිගුකලක් මුළුල්ලෙහි නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ නම් එය එසේ ලාමක බවට පෙරළෙන්නේ ය” යන මෙකරුණ නැත.
Pali BJTකථඤ්චාවුසො, භික්ඛු චත්තාරො සතිපට්ඨානෙ භාවෙති, චත්තාරො සතිපට්ඨානෙ බහුලීකරොති: ඉධාවුසො, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො ආවුසො, භික්ඛු චත්තාරො සතිපට්ඨානෙ භාවෙති, චත්තාරො සතිපට්ඨානෙ බහුලීකරොතීති.
Sinhala BJTඇවැත්නි, කෙසේ නම් මහණ සිවු සීවටන් වඩා ද, සිවු සීවටන් බහුල කෙරේ ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙකි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මෙසේ මහණ සිවු සීවටන් වඩයි. සිවු සීවටන් බහුල කෙරේ යි.
Pali BJT8. 1. 9.
Sinhala BJT8. 1. 9.
Pali BJTඅම්බපාලිසුත්තං
Sinhala BJTඅම්බපාලි සූත්‍රය
Pali BJT3619. එකං සමයං ආයස්මා ච අනුරුද්ධො ආයස්මා ච සාරිපුත්තො වෙසාලියං විහරන්ති අම්බපාලිවනෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායණ්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා අනුරුද්ධො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා අනුරුද්ධෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච: “විප්පසන්නානි ඛො තෙ ආවුසො අනුරුද්ධ ඉන්ද්රියානි, පරිසුද්ධො මුඛවණ්ණො පරියොදාතො. කතමෙනායස්මා අනුරුද්ධො විහාරෙන එතරහි බහුලං විහරතී”ති.
Sinhala BJT3619. එක් සමයෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් විසල්පුර සමීපයෙහි වූ අම්බපාලිවෙනෙහි වැඩවෙසෙති. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස් කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුදුතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුදුතෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතාව කොට නිමවා එකත්පසෙක වැඩහුන්හ. එකත්පසෙක වැඩහුන් ආයුෂ්මත් සැරියුත්තෙරණුවෝ ආයුෂ්මත් අනුරුදුතෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි, අනුරුද්ධයෙනි, ඔබගේ ඉඳුරෝ වෙසෙසින් පහන්හ. මුවපැහැය පිරිසුදුය. හාත්පසින් බබළන්නේ ය. ආයුෂ්මත් අනුරුද්ධයෝ දැන් කවර විහරණයකින් යුතුව බහුල කොට වෙසෙද්දැ”යි?
Pali BJTචතූසු ඛ්වාහං ආවුසො සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තො{1} එතරහි බහුලං විහරාමි. කතමෙසු චතූසු: ඉධාහං ආවුසො, කායෙ කායානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසු ඛ්වාහං ආවුසො චතූසු සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තො එතරහි බහුලං විහරාමි. යො සො ආවුසො භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤාවිමුත්තො, සො ඉමෙසු චතූසු සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තො බහුලං විහරතීති. ලාභා වත නො ආවුසො, සුලද්ධං වත නො ආවුසො, යෙ මයං ආයස්මතො අනුරුද්ධස්ස සම්මුඛාව අස්සුම්හ ආසභිං වාචං භාසමානස්සාති.
Sinhala BJTඇවැත්නි, මම දැන් සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇතියෙම් බහුල කොට වෙසෙමි. කවර සිවු සීවටන්හි ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනා දැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මම දැන් මේ සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇතියෙම් බහුල කොට වෙසෙමි. ඇවැත්නි, ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාත්‍ථි ඇති මුළුමනින් ගෙවූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු යම් ඒ රහත්මහණෙක් වේ නම් හෙතෙමේ මේ සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව බහුල කොට වෙසේ යි. ඇවැත්නි, යම්බඳු අපි ආයුෂ්මත් අනුරුද්ධයන් සෙට වදන් බෙණෙද්දී ඉදිරියෙහි ම ඇසුමෝ ද ඇවැත්නි, ඒ අපට ලාභයෙකි. ඒ අපට මනා ලැබීමෙකි යි.
Pali BJT8. 1. 10.
Sinhala BJT8. 1. 10.
Pali BJTගිලානසුත්තං
Sinhala BJTගිලාන සූත්‍රය
Pali BJT3620. එකං සමයං ආයස්මා අනුරුද්ධො සාවත්ථියං විහරති අන්ධවනස්මිං ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙනායස්මා අනුරුද්ධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මන්තං අනුරුද්ධං එතදවොචුං: “කතමෙනායස්මතො අනුරුද්ධස්ස විහාරෙන විහරතො උප්පන්නා සාරීරිකා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨන්තී”ති.
Sinhala BJT3620. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ හටගත් ආබාධ ඇතියෝ දුකට පැමිණියෝ දැඩිසේ ගිලන් වූවෝ සැවත සමීපයෙහි අඳවෙනෙහි වැඩවෙසෙති. එකල්හි බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙය කීහ: “කවර විහරණයකින් වෙසෙන ආයුෂ්මත් අනුරුදුතෙරණුවන්ගේ හටගත් ශාරීරික දුක්වේදනාවෝ සිත හාත්පසින් අල්ලා ගෙන නො සිටිද්දැ”යි.
Pali BJTචතූසු ඛො මෙ ආවුසො, සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තස්ස විහරතො උප්පන්නා සාරීරිකා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨන්ති. කතමෙසු චතූසු: ඉධාහං ආවුසො, කායෙ කායානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසු ඛො මෙ ආවුසො, චතූසු සතිපට්ඨානෙසු සුපතිට්ඨිතචිත්තස්ස විහරතො උප්පන්නා සාරීරිකා දුක්ඛා වෙදනා චිත්තං න පරියාදාය තිට්ඨන්තීති.
Sinhala BJTඇවැත්නි, සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන මාගේ උපන් ශාරීරික දුක්වේදනාවෝ සිත හාත්පසින් අල්ලා ගෙන නො සිටිත්. කවර සිවු සීවටන්හි ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මේ සිවු සීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති ව වෙසෙන මාගේ හටගත් ශාරීරික දුක් වේදනාවෝ සිත හාත්පසින් අල්ලා ගෙන නො සිටිති යි.
Pali BJTරහොගතවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි රහෝගතවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTරහොගතෙනෙව දුවෙ සුතනුකණ්ටකී තයො, තණ්හක්ඛයසලලාගාරෙ අම්බපාලිගිලානෙහීති.
Sinhala BJTරහෝගත නමින් ම දෙකෙකි. සුතනු නමින් එකෙකි. කණ්ටකී නමින් තුනෙකි. තණ්හාක්ඛය, සලලාගාර, අම්බපාලි ගිලාන යි සතරෙකි යි. මුළුල්ල දශයෙකි යි.
Pali BJT2. සහස්සවග්ගො
Sinhala BJT2. සහස්ස වර්‍ගය
Pali BJT8. 2. 1.
Sinhala BJT8. 2. 1.
Pali BJTසහස්සසුත්තං
Sinhala BJTසහස්ස සූත්‍රය
Pali BJT3621. එකං සමයං ආයස්මා අනුරුද්ධො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙනායස්මා අනුරුද්ධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා අනුරුද්ධෙන සද්ධිං සම්මොදිංසු -පෙ- ආයස්මන්තං අනුරුද්ධං එතදවොචුං: “කතමෙසං ආයස්මා අනුරුද්ධො ධම්මානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං පත්තො”ති. චතුන්නං ඛ්වාහං ආවුසො, සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං පත්තො. කතමෙසං චතුන්නං: ඉධා’හං ආවුසො කායෙ කායානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛ්වාහං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං පත්තො. ඉමෙසඤ්ච පනාහං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා කප්පසහස්සං අනුස්සරාමීති.
Sinhala BJT3621. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එකල්හි බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන් සමග සතුටු වූහ. ... ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවන්ට මෙය කීහ: “ආයුෂ්මත් අනුරුද්ධතෙරණුවෝ කවර දහම් වැඩූ බැවින් බහුල කල බැවින් මහාභිඥ බවට පැමිණියෝ දැ”යි. ඇවැත්නි, සිවු සීවටන් වැඩූ බැවින් බහුල කල බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. කවර සිවු සීවටන් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුල්ලෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මම මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ බවට පැමිණියෙමි. තව ද ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම කප් දහසක් සිහි කෙරෙමි යි.
Pali BJT8. 2. 2.
Sinhala BJT8. 2. 2.
Pali BJTඉද්ධිවිධසුත්තං
Sinhala BJTඉද්ධිවිධ සූත්‍රය
Pali BJT3622. ඉමෙසඤ්ච පනා’හං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොමි: “එකොපි හුත්වා බහුධා හොමි, බහුධා’පි හුත්වා එකො හොමි, ආවිභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡාමි සෙය්යථාපි ආකාසෙ. පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොමි සෙය්යථාපි උදකෙ. උදකෙ’පි අභෙජ්ජමානෙ ගච්ඡාමි සෙය්යථාපි පඨවියං. ආකාසෙ’පි පල්ලඞ්කෙන කමාමි සෙය්යථාපි පක්ඛී සකුණො. ඉමෙ’පි චන්දිමසුරියෙ එවම්මහිද්ධිකෙ එවම්මහානුභාවෙ පාණිනා පරාමසාමි පරිමජ්ජාමි. යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙමී”ති.
Sinhala BJT3622. තව ද ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම නන් වැදෑරුම් ඉදු කොටස් විඳිමි. “එකෙක් ව ද බොහෝ අයුරු වෙමි. බොහෝ අයුරු ව ද එකෙක් වෙමි. පළට බව මුවහ බව විඳිමි. බිතෙන් පිටට පව්රෙන් පිටට පව්වෙන් පිටට අහසෙහි මෙන් නොගැටෙමින් යෙමි. දියෙහි මෙන් පොළොවෙහිත් මතුවීම කිමිදීම කෙරෙමි. පොළොවෙහි මෙන් නොබිඳෙන දියෙහිත් යෙමි. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහසෙහිත් පළඟින් යුතු ව ගමන් කෙරෙමි. මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පහසමි. පිරිමදිමි. බඹලොව තෙක්දු කයින් වෙසෙහි පවත්වමි” යි.
Pali BJT8. 2. 3.
Sinhala BJT8. 2. 3.
Pali BJTදිබ්බසොතසුත්තං
Sinhala BJTදිබ්බසෝත සූත්‍රය
Pali BJT3623. ඉමෙසඤ්ච පනා’හං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය උභො සද්දෙ සුණාමි දිබ්බෙ ච මානුසෙ ච යෙ දූරෙ සන්තිකෙ චාති.
Sinhala BJT3623. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම මිනිස්බැව් ඉක්මවා පැවති විශුද්ධ වූ දිව්‍යමය ශ්‍රෝත්‍රධාතුවෙන් දුර වූ ද ලඟ වූ ද දෙව් මිනිස් දෙ සද අසමි යි.
Pali BJT8. 2. 4.
Sinhala BJT8. 2. 4.
Pali BJTචෙතොපරියසුත්තං
Sinhala BJTචේතෝපරිය සූත්‍රය
Pali BJT3624. ඉමෙසඤ්ච පනා’හං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාමි: “සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාමි. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාමි. -පෙ- අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාමි. විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාමි”ති.
Sinhala BJT3624. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම පරසතුන්ගේ පරපුඟුලන්ගේ සිත තමසිතින් පිරිසිඳ දනිමි. සරාග සිත හෝ සරාග සිතැයි දනිමි. වීතරාග සිත හෝ වීතරාග සිතැයි දනිමි. ... අවිමුත්ත සිත හෝ අවිමුත්ත සිතැ යි දනිමි. විමුක්ත සිත හෝ විමුක්ත සිතැ යි දනිමි යි.
Pali BJT8. 2. 5.
Sinhala BJT8. 2. 5.
Pali BJTඨානසුත්තං
Sinhala BJTඨාන සූත්‍රය
Pali BJT3625. ඉමෙසඤ්ච පනා’හං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං පජානාමීති.
Sinhala BJT3625. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කල බැවින් මම කරුණ කරුණුවිසිනුත් නොකරුණ නොකරුණුවිසිනුත් තතු සේ දනිමි යි.
Pali BJT8. 2. 6.
Sinhala BJT8. 2. 6.
Pali BJTකම්මසුත්තං
Sinhala BJTකම්ම සූත්‍රය
Pali BJT3626. ඉමෙසඤ්ච පනා’හං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං පජානාමීති.
Sinhala BJT3626. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම අතීතානාගතවර්‍තමානකර්‍මසමාදානයන්ගේ විපාකය කරුණු විසින් හේතු විසින් තතු සේ දනිමි යි.
Pali BJT8. 2. 7.
Sinhala BJT8. 2. 7.
Pali BJTසබ්බත්ථගාමිනිසුත්තං
Sinhala BJTසබ්බත්‍ථ සූත්‍රය
Pali BJT3627. ඉමෙසඤ්ච පනා’හං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා සබ්බත්ථගාමිනිං පටිපදං යථාභූතං පජානාමීති.
Sinhala BJT3627. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම සියලුගතිවලට පමුණුවන මඟ තතු සේ දනිමි යි.
Pali BJT8. 2. 8.
Sinhala BJT8. 2. 8.
Pali BJTඅනෙකධාතුසුත්තං
Sinhala BJTඅනේකධාතු සූත්‍රය
Pali BJT3628. ඉමෙසඤ්ච පනා’හං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා අනෙකධාතුනානාධාතුලොකං යථාභූතං පජානාමීති.
Sinhala BJT3628. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මේ නොයෙක් ධාතු නන් වැදෑරුම් ධාතුලෝකය තතු සේ දනිමි යි.
Pali BJT8. 2. 9.
Sinhala BJT8. 2. 9.
Pali BJTනානාධිමුත්තිකසුත්තං
Sinhala BJTනානාධිමුත්තික සූත්‍රය
Pali BJT3629. ඉමෙසඤ්ච පනා’හං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං පජානාමීති.
Sinhala BJT3629. ඇවැත්නි, මේ සිවු සීවටන් ම වැඩූ බැවින් බහුල කළ බැවින් මම සත්ත්‍වයන්ගේ හීනාදි නානාධිමුත්ති ඇති බව තතු සේ දනිමි යි.
Pali BJT8. 2. 10.
Sinhala BJT8. 2. 10.
Pali BJTඉන්ද්රියසුත්තං
Sinhala BJTඉන්‍ද්‍රිය සූත්‍රය
Pali BJT3630. ඉමෙසඤ්ච පනා’හං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං පජානාමීති.
Sinhala BJT3630. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් අන් සතුන්ගේ හා අන් පුඟුලන්ගේ ඉඳුරන් පිළිබඳ වැඩීමත් පිරිහීමත් මම තතු සේ දනිමි යි.
Pali BJT8. 2. 11.
Sinhala BJT8. 2. 11.
Pali BJTඣානසුත්තං
Sinhala BJTඣාන සූත්‍රය
Pali BJT3631. ඉමෙසඤ්ච පනා’හං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සඞ්කිලෙසං වොදානං{1} වුට්ඨානං යථාභූතං පජානාමීති.
Sinhala BJT3631. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ කෙලෙසීමත් පිරිසිදුවීමත් නැගීසිටීමත් මම තතු සේ දනිමි යි.
Pali BJT8. 2. 12.
Sinhala BJT8. 2. 12.
Pali BJTපුබ්බෙනිවාසසුත්තං
Sinhala BJTපුබ්බෙනිවාස සූත්‍රය
Pali BJT3632. ඉමෙසඤ්ච පනා’හං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමි. සෙය්යථිදං: “එකම්පි ජාතිං -පෙ- ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරාමීති.
Sinhala BJT3632. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම නන් වැදෑරුම් පෙරවිසූ කඳපිළිවෙළ සිහි කෙරෙමි. එනම්: “ජාති එකක් ද ... මෙසේ අයුරු සහිත උදෙසුම් සහිත නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙමි” යි.
Pali BJT8. 2. 13.
Sinhala BJT8. 2. 13.
Pali BJTදිබ්බචක්ඛුසුත්තං
Sinhala BJTදිබ්බචක්ඛු සූත්‍රය
Pali BJT3633. ඉමෙසඤ්ච පනා’හං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන -පෙ- යථාකම්මූපගෙ සත්තෙ පජානාමීති.
Sinhala BJT3633. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම මිනිසැස ඉක්ම පැවති වෙසෙසින් පිරිසිදු වූ දිවැසින් ... කම් වූ පරිදි පැමිණි සතුන් දනිමි යි.
Pali BJT8. 2. 14.
Sinhala BJT8. 2. 14.
Pali BJTආසවක්ඛයසුත්තං
Sinhala BJTආසවක්ඛය සූත්‍රය
Pali BJT3634. ඉමෙසඤ්ච පනා’හං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහරාමීති.
Sinhala BJT3634. ඇවැත්නි, මේ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙමි යි.
Pali BJTසහස්සවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි සහස්සවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTසහස්සං ඉද්ධිවිධං දිබ්බං චෙතාපරිය ඨානකම්මා, සබ්බත්ථ නානාධධත්ථ මුත්තින්ද්රියං ඣානං තිස්සො විජ්ජාති.
Sinhala BJTසහස්ස, ඉද්ධිවිධ, දිබ්බසෝත, චේතෝපරිය, ඨාන, කම්ම, සබ්බත්‍ථ, නානාධාතු, නානාධිමුත්තික, ඉන්‍ද්‍රිය, ඣාන, පුබ්බෙනිවාස, දිබ්බචක්ඛු, ආසවක්ඛය යි තුදුස් සුතුරෙකි යි.
Pali BJTඅනුරුද්ධසංයුත්තං සමත්තං
Sinhala BJTඅනුරුද්ධසංයුත්තය නිමියේ ය.
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ගනාමාවලිය:
Pali BJTරහොගතො සහස්සොති ද්වෙව වග්ගා භවන්තිහි අනුරුද්ධස්ස සංයුත්තෙ දෙසිතාදිච්චබන්ධුනාති.
Sinhala BJTරහෝගත සහස්ස යි අනුරුද්ධ සංයුත්තයෙහි බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනා ලද වර්‍ග දෙකෙක් ම වේ යි.
Pali BJT9. ඣානසංයුත්තං
Sinhala BJT9. ඣාන සංයුත්තය
Pali BJT1. ගඞ්ගාපෙය්යාලවග්ගො
Sinhala BJT1. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
Pali BJT9. 1. 1-12.
Sinhala BJT9. 1. 1-12.
Pali BJTපාචීනනින්නාදිසුත්තානි
Sinhala BJTපාචීනනින්නාදි සූත්‍ර
Pali BJT3635-3646. සාවත්ථියං:
Sinhala BJT3635-3646. සැවැත්නුවර-
Pali BJTචත්තාරො’මෙ භික්ඛවෙ, ඣානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙඛකො ච විහරති, සතො ච සම්පජානො. සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙඛාසතිපාරිසුද්ධිං චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ඣානා.
Sinhala BJTමහණෙනි, මෙ දැහැන් සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයෙන් වෙන්ව ම අකුසල්දහමින් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට එළඹ වෙසේ. විතර්‍ක විචාරයන් සංසිඳීමෙන් ඇතුළත පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍ක විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට එළඹ වෙසේ. (යම් ධ්‍යානයකින්) ප්‍රීතිය දුරු කිරීමෙන් මැදහත් ව වෙසේද, සිහි ඇත්තේත් මනා නුවණ ඇත්තේත් කයින් සුවත් විඳීද, “මැදහත් ය, සිහි ඇත්තේ ය, සුව විහරණ ඇත්තේ ය” යි. ආර්‍ය්‍යයෝ ඒ යමකු ගැන කියත් නම් ඒ තෙවන දැහැනට එළඹ වෙසේ. සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පළමු ම සොම්නස්දොම්නසුන්ගේ අස්තගමයෙන් නොදුක් වූ නොසුව වූ උපේක්‍ෂාවෙන් හා සිහියෙන් හටගත් පිරිසිදුබැව් ඇති සිවුවන දැහැනට එළඹ වෙසේ. මහණෙනි, මොහු සිවු දැහැන්හු යි.
Pali BJTසෙය්යථා’පි භික්ඛවෙ, ගඞ්ගා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු චත්තාරො ඣානෙ භාවෙන්තො චත්තාරො ඣානෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු චත්තාරො ඣානෙ භාවෙන්තො චත්තාරො ඣානෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි -පෙ- පඨමජ්ඣානං -පෙ- දුතියජ්ඣානං -පෙ- තතියජ්ඣානං -පෙ- චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු චත්තාරො ඣානෙ භාවෙන්තො චත්තාරො ඣානෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJTමහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ සිවු දැහැන් වඩන්නේ සිවු දැහැන් බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ. මහණෙනි, කෙසේ නම් මහණ සිවු දැහැන් වඩන්නේ සිවු දැහැන් බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කාමයෙන් වෙන් ව ම ... පළමුවන දැහැනට ... දෙවන දැහැනට ... තෙවන දැහැනට ... සිවුවන දැහැනට පැමිණ වෙසේ. මහණෙනි, මෙසේ මහණ සිවු දැහැන් වඩනුයේ සිවු දැහැන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි ... නිවනට බර වූයේ වේ යි.
Pali BJT(දුතියපාචීනනින්නාදයො’පි එවං විත්ථාරෙතබ්බා)
Sinhala BJT(දුතිය පාචීනනින්නාදි සූත්‍ර ද මෙසේ විතර කට යුතු.)
Pali BJTගඞ්ගාපෙය්යාලවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි ගඞ්ගාපෙය්‍යාලවර්‍ගය යි.