Pali BJTතස්මා කරෙය්ය කල්යාණං නිචයං සම්පරායිකං, පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති.
Sinhala BJTඑහෙයින් පරලොවට හිතවූ දෑ රැස් කරන්නේ පින් කරන්නේ ය. පින් පරලෙව්හි දී සත්‍වයන්ට පිහිට වේ.
Pali BJTඅපුත්තකවග්ගො දුතියො.
Sinhala BJTඅපුත්තක වර්‍ගය දෙවෙනි යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTජටිලා පඤ්ච රාජානො දොණපාකසඞ්ගාමා ද්වෙ ති ච, ධීතරා ද්වෙ අප්පමාදා ද්වෙ අපුත්තකෙන චාති{4}.
Sinhala BJTජටිල, පඤ්චරාජ, දෝණපාක, යන සූත්‍ර ද සඞ්ගාම සූත්‍ර දෙක ද ධීතු සූත්‍රය ද අප්පමාද සූත්‍ර දෙක ද අපුත්තක සූත්‍ර දෙකදැයි සූත්‍ර දශයෙකි.
Pali BJT3. කොසලවග්ගො
Sinhala BJT3. කෝශල වර්‍ගය
Pali BJT3. 3. 1.
Sinhala BJT3. 3. 1.
Pali BJTපුග්ගලසුත්තං
Sinhala BJTපුග්ගල සූත්‍රය
Pali BJT132. සාවත්ථියං–
Sinhala BJT132. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජානං පසෙනදිකොසලං භගවා එතදවොච: චත්තාරො මෙ මහාරාජ පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං. කතමෙ චත්තාරො? තමොතමපරායණො{5} තමොජොතිපරායණො ජොතිතමපරායණො ජොතිජොතිපරායණොති.
Sinhala BJTඑකල්හි පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහරජ, ලෝකයෙහි මේ පුද්ගලයෝ සිවු දෙනෙක් ඇත. කවර සිවු දෙනෙක? යත්: “අඳුරෙන් අඳුරට යන්නේ ය. අඳුරෙන් එළියට යන්නේ ය. එළියෙන් අඳුරට යන්නේ ය. එළියෙන් එළියට යන්නේ ය”යි.
Pali BJTකථඤ්ච මහාරාජ, පුග්ගලො තමොතමපරායණො හොති? ඉධ මහාරාජ එකච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො හොති චණ්ඩාලකුලෙ වා වෙණකුලෙ වා නෙසාදකුලෙ වා රථකාරකුලෙ වා පුක්කුසකුලෙ වා දළිද්දෙ අප්පන්නපානභොජනෙ කසිරවුත්තිකෙ යත්ථ කසිරෙන ඝාසච්ඡාදො ලබ්භති. සො ච හොති දුබ්බණ්ණො දුද්දසිකො ඔකොටිමකො බව්හාබාධො, කාණො වා හොති කුණී වා ඛඤ්ජො වා පක්ඛහතො වා න ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන දුච්චරිතං චරති. වාචාය දුච්චරිතං චරති. මනසා දුච්චරිතං චරති. සො කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති.
Sinhala BJTමහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ අඳුරෙන් අඳුරට යන්නේ වේ ද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් කුලයෙක්හි දුකසේ කෑම් හැඳීම් ලැබේ ද, එබඳු ස්වල්පාහාරපානභෝජන ඇති දුකසේ දිවි පවත්වන දිළිඳු සැඬොල් කුලයෙහි හෝ කුලුපොතු කුලයෙහි හෝ වැදි කුලයෙහි හෝ සොම්මර කුලයෙහි හෝ පුප්සඩු කුලයෙහි හෝ හීන කුලයෙක උපන්නේ වෙයි. හෙ තෙමේ නොමනා පැහැ ඇතියෙක් කුරුසැහැවි ඇතියෙක් නපුරු දැකුම් ඇතියෙක් බොහෝ අබාධ ඇතියෙක් කණෙක් හෝ වකත්ඇතියෙක් පාකොරෙක් අඬක්නටුයෙක් හෝ වේ ද, ආහාරපාන වස්ත්‍ර යාන මල්ගඳ විලෙවුන් යහන් ලැඟුම් පහන් උපකරණ නො ලබන්නෙක් වෙ යි. හෙ තෙමේ කයින් දුසිරිත් කෙරෙයි. වචනයෙන් දුසිරිත් කෙරෙයි. සිතින් දුසිරිත් කෙරෙයි. හෙ තෙමේ කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු පහ වූ සුව ඇති නපුරුගති ඇති විවස ව පතිත වන නිරයට උත්පත්ති වශයෙන් පැමිණෙන්නේ ය.
Pali BJTසෙය්යථාපි මහාරාජ පුරිසො අන්ධකාරා වා අන්ධකාරං ගච්ඡෙය්ය, තමා වා තමං ගච්ඡෙය්ය, ලොහිතමලා වා ලොහිතමලං ගච්ඡෙය්ය. තථූපමාහං මහාරාජ ඉමං පුග්ගලං වදාමි. එවං ඛො මහාරාජ පුග්ගලො තමොතමපරායණො හොති.
Sinhala BJTමහරජ, පුරුෂයෙක් අඳුරෙකින් අඳුරකට යන්නේ හෝ වේ නම් කළුවරින් කළුවරට යන්නේ හෝ වේ නම් ලෙහෙමලට යන්නේ හෝ වේ නම් මහරජ, මම මේ පුඟුලා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහරජ, මෙසේ පුඟුල් තෙමේ අඳුරෙන් අඳුරට යන්නේ වේ.
Pali BJTකථඤ්ච මහාරාජ, පුග්ගලො තමොජොතිපරායණො හොති? ඉධ මහාරාජ එකච්චො පුග්ගලො නීචෙ කුලෙ පච්චාජාතො හොති, චණ්ඩාලකුලෙ වා වෙණකුලෙ{1} වා නෙසාදකුලෙ වා රථකාරකුලෙ වා පුක්කුසකුලෙ වා දළිද්දෙ අප්පන්නපානභොජනෙ කසිරවුත්තිකෙ යත්ථ කසිරෙන ඝාසච්ඡාදො ලබ්භති. සො ච හොති දුබ්බණ්ණො දුද්දසිකො ඔකොටිමකො බව්හාබාධො{2} කාණො වා කුණී වා ඛඤ්ජො වා පක්ඛහතො වා න ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන සුචරිතං චරති. වාචාය සුචරිතං චරති. මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති.
Sinhala BJTමහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ අඳුරෙන් එළියට යන්නේ වේ ද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් යම් කුලයකේහි දුකසේ කෑම් හැඳීම් ලැබේ ද, එබඳු ස්වල්පාහාරපානභෝජන ඇති දුකසේ දිවි පවත්වන දිළිඳු වූ සැඬොල් කුලයෙහි හෝ කුලුපොතු කුලයෙහි හෝ වැදිකුලයෙහි හෝ සොම්මර කුලයෙහි හෝ පුප්සඬු කුලයෙහි හෝ හීන කුලයෙක උපන්නේ වෙයි. හෙ තෙමේත් නො මනා පැහැඇතියෙක් නපුරු දැකුම් ඇතියෙක් කුරුසැහැවි ඇතියෙක් බොහෝ ආබාධ ඇතියෙක් කණෙක් හෝ වකත්ඇතියෙක් පාකොරෙක් පක්‍ෂඝාතයෙක් හෝ වෙයි. ආහාරපාන වස්ත්‍රයාන මල් ගඳ විලෙවුන් යහන් ලැඟුම් ප්‍රදීපෝපකරණ නො ලබන්නෙක් වේ. හෙ තෙමේ කයින් සුසිරිත් කෙරෙයි. වචනයෙන් සුසිරිත් කෙරෙයි. සිතින් සුසිරිත් කෙරෙයි. හෙ තෙමේ කයින් සුසිරිත් කොට වචනයෙන් සුසිරිත් කොට සිතින් සුසිරිත් කොට කාබුන් මරණින් මතු මනාගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙයි.
Pali BJTසෙය්යථාපි මහාරාජ පුරිසො පඨවියා වා පල්ලඞ්කං ආරොහෙය්ය පල්ලඞ්කා වා අස්සපිට්ඨිං ආරොහෙය්ය අස්සපිට්ඨියා වා හත්ථික්ඛන්ධං ආරොහෙය්ය හත්ථික්ඛන්ධා වා පාසාදං ආරොහෙය්ය. තථූපමාහං මහාරාජ ඉමං පුග්ගලං වදාමි. එවං ඛො මහාරාජ පුග්ගලො තමොජොතිපරායණො හොති.
Sinhala BJTමහරජ, යම්සේ පුරුෂයෙක් තෙමේ බිමින් පලඟකට නගින්නේ හෝ වේ නම් පලඟින් අසුපිටට නගින්නේ හෝ වේ නම් අසුපිටින් ඇත්කඳකට නගින්නේ හෝ වේ නම් ඇත්කඳින් පහයකට නගින්නේ හෝ වේ නම් මහරජ, මම මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තකු කොට කියමි. මහරජ, මෙසේ පුද්ගල තෙමේ අඳුරෙන් එළියට යන්නේ වේ.
Pali BJTකථඤ්ච මහාරාජ, පුග්ගලො ජොතිතමපරායණො හොති? ඉධ මහාරාජ එකච්චො පුග්ගලො උච්චෙ කුලෙ පච්චාජාතො හොති ඛත්තියමහාසාලකුලෙ වා බ්රාහ්මණමහාසාලකුලෙ වා ගහපතිමහාසාලකුලෙ වා අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහූතධනධඤ්ඤෙ. සො ච හොති අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන දුච්චරිතං චරති. වාචාය දුච්චරිතං චරති. මනසා දුච්චරිතං චරති. කායෙන දුච්චරිතං චරිත්වා වාචාය දුච්චරිතං චරිත්වා මනසා දුච්චරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති. සෙය්යථාපි මහාරාජ පුරිසො පාසාදා වා හත්ථික්ඛන්ධං ඔරොහෙය්ය, හත්ථික්ඛන්ධා වා අස්සපිට්ඨිං ඔරොහෙය්ය, අස්සපිට්ඨියා වා පල්ලඞ්කං ඔරොහෙය්ය, පල්ලඞ්කා වා පඨවිං ඔරොහෙය්ය, පඨවියා වා අන්ධකාරං පවිසෙය්ය{1}, තථූපමාහං මහාරාජ, ඉමං පුග්ගලං වදාමි. එවං ඛො මහාරාජ පුග්ගලො ජොතිතමපරායණො හොති.
Sinhala BJTමහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ එළියෙන් අඳුරට යන්නේ වේ ද? මහරජ, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් අඪ්‍ය වූ මහත් ධන ඇති මහත් භෝග ඇති බොහෝ රන් රිදී ඇති බොහෝ මනවඩන දෑ ඇති බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල් කුලයෙහි හෝ බමුණුමහසල් කුලයෙහි හෝ ගැහැවිමහසල් කුලයෙහි හෝ උසස් කුලයෙක උපන්නේ වේ. හෙ තෙමේ මනා රූ ඇත්තේත් දැකුම්කලු වූයේත් ප්‍රසාද එළවන්තේත් උතුම් පැහැසටහනින් යුක්තවූයේත් ආහාර පාන වස්ත්‍ර යානවාහන මල්ගඳවිලෙවුන් යහන් ලැගුම් ප්‍රදීපෝපකරණ ලබන්නේත් වෙයි. හෙ තෙමේ කයින් දුසිරිත් කෙරෙයි. වචනයෙන් දුසිරිත් කෙරෙයි. සිතින් දුසිරිත් කෙරෙයි. කයින් දුසිරිත් කොට වචනයෙන් දුසිරිත් කොට සිතින් දුසිරිත් කොට කාබුන් මරණින් මතු පහ වූ සුව ඇති නපුරුගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණෙයි. මහරජ, යම්සේ පුරුෂයෙක් පහයෙන් ඇත්කඳකට බස්නේ හෝ නම් ඇත්කත්කඳෙකින් අසුපිටකට බස්නේ හෝ වේ නම් අසුපිටෙකින් පලඟකට බස්නේ හෝ වේ නම් පලඟෙකින් පොළොවට බස්නේ හෝ වේ නම් පොළොවින් අඳුරකට පිවිසෙන්නේ හෝ වේ නම් මහරජ, මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තකු කොට මම කියමි. මහරජ, මෙසේ පුද්ගල තෙමේ එළියෙන් අඳුරට යන්නේ වෙයි.
Pali BJTකථඤ්ච මහාරාජ, පුග්ගලො ජොතිජොතිපරායණො හොති? ඉධ මහාරාජ එකච්චො පුග්ගලො උච්චෙ කුලෙ පච්චාජාතො හොති ඛත්තියමහාසාලකුලෙ වා බ්රාහ්මණමහාසාලකුලෙ වා ගහපතිමහාසාලකුලෙ වා අඩ්ඪෙ මහද්ධනෙ මහාභොගෙ පහූතජාතරූපරජතෙ පහූතවිත්තූපකරණෙ පහූතධනධඤ්ඤෙ. සො ච හොති අභිරූපො දස්සනීයො පාසාදිකො පරමාය වණ්ණපොක්ඛරතාය සමන්නාගතො ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස යානස්ස මාලාගන්ධවිලෙපනස්ස සෙය්යාවසථපදීපෙය්යස්ස. සො කායෙන සුචරිතං චරති. වාචාය සුචරිතං චරති. මනසා සුචරිතං චරති. සො කායෙන සුචරිතං චරිත්වා වාචාය සුචරිතං චරිත්වා මනසා සුචරිතං චරිත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජති. සෙය්යථාපි මහාරාජ පුරිසො පල්ලඞ්කා වා පල්ලඞ්කං සඞ්කමෙය්ය, අස්සපිට්ඨියා වා අස්සපිට්ඨිං සඞ්කමෙය්ය, හත්ථික්ඛන්ධා වා හත්ථික්ඛන්ධං සඞ්කමෙය්ය පාසාදා වා පාසාදං සඞ්කමෙය්ය. තථූපමාහං මහාරාජ ඉමං පුග්ගලං වදාමි. එවං ඛො මහාරාජ පුග්ගලො ජොතිජොතිපරායණො හොති.
Sinhala BJTමහරජ, කෙසේ නම් පුද්ගල තෙමේ එළියෙන් එළියට යන්නේ වේ ද? මහරජ, මෙහි ඇතැම් පුද්ගලයෙක් අඪ්‍ය වූ මහද්ධන ඇති, මහාභෝග ඇති බොහෝ රන්රිදී ඇති, බොහෝ සිත් පිනවන දෑ ඇති, බොහෝ ධනධාන්‍ය ඇති කැත්මහසල් කුලයෙහි හෝ බමුණු මහසල් කුලයෙහි හෝ ගැහැවි මහසල් කුලයෙහි හෝ උසස්කුලයෙක උපන්නේ වෙයි. හෙ තෙමේ මනා රූ ඇත්තේත් දැකුම්කලු වූයේත් ප්‍රසාද එළවන්නේත් උතුම් පැහැසටහනින් යුක්තවූයේත් ආහාර පාන වස්ත්‍ර යාන වාහන මල් ගඳවිලෙවුන් යහන් ලැගුම් ප්‍රදීපෝකරණ ලබන්නේත් වෙයි. හෙ තෙමේ කයින් සුසිරිත් කෙරෙයි. වචනයෙන් සුසිරිත් කෙරෙයි. සිතින් සුසිරිත් කෙරෙයි. කයින් සුසිරිත් කොට වචනයෙන් සුසිරිත් කොට සිතින් සුසිරිත් කොට කාබුන් මරණින් මතු මනා ගති ඇති ස්වර්‍ගලෝකයට පැමිණෙයි. මහරජ, යම්සේ පුරුෂයෙක් පලඟෙකින් පලඟකට යන්නේ හෝ වේ නම් අසුපිටෙකින් අසුපිටකට යන්නේ හෝ වේ නම් පහයෙකින් පහයකට යන්නේ හෝ වේ නම් මහරජ, මේ පුද්ගලයා එබඳු උපමා ඇත්තකු කොට මම කියමි. මහරජ, පුද්ගල තෙමේ එළියෙන් එළියට යන්නේ වෙයි.
Pali BJTඉමෙ ඛො මහාරාජ චත්තාරො පුග්ගලා සන්තො සංවිජ්ජමානා ලොකස්මිං.
Sinhala BJTමහරජ, මේ පුද්ගලයෝ සිවුදෙන ලොව ඇත.
Pali BJTදළිද්දො{2} පුරිසො රාජ අස්සද්ධො හොති මච්ඡරී, කදරියො පාපසඞ්කප්පො මිච්ඡාදිට්ඨි අනාදරො.
Sinhala BJTමහරජ, දිළිඳු පුද්ගල තෙමේ සැදැහැ නැත්තේ වේ ද, මසුරු වේ ද, තදමසුරු වේ ද, පවිටු අදහස් ඇත්තේ මිසදිටු වූයේ බුද්ධාදීන් කෙරෙහි ආදර නැත්තේ වේ ද,
Pali BJTසමණෙ බ්රාහ්මණෙ වාපි අඤ්ඤෙ වාපි වණිබ්බකෙ{3}, අක්කොසති පරිභාසති නත්ථිකො හොති රොසකො, දදමානං නිවාරෙති යාචමානාන භොජනං.
Sinhala BJTමහනුන්ටත් බමුණන්ටත් (මෙයින්) අන්‍ය වූ වණිබ්බකයන්ටත් අක්‍රෝශ කෙරේ ද, පරිභව කෙරේ ද, නැතැයි කියන්නේ වේ ද, මෙරමා ගටන්නේ වේ ද, ඉල්ලන්නවුන්ට බොජුන් දෙන්නහු වළකා ද,
Pali BJTතාදිසො පුරිසො රාජ මීයමානො ජනාධිප, උපෙති නිරයං ඝොරං තමොතමපරායණො.
Sinhala BJTජනාධිපති මහරජ, අඳුරෙන් අඳුරට යන එබඳු පුද්ගල තෙමේ මැරෙන්නේ දරුණු නිරයට පැමිණේ.
Pali BJTදළිද්දො පුරිසො රාජ සද්ධො හොති අමච්ඡරී, දදාති සෙට්ඨසඞ්කප්පො අබ්යග්ගමනසො{4} නරො.
Sinhala BJTරජතුමනි, දිළිඳු පුරිස් තෙමේ සැදැහැත්තේ නොමසුරු වූයේ වේ ද, ශ්‍රේෂ්ඨ අදහස් ඇති ඒ මිනිස් තෙමේ එකඟ සිත් ඇත්තේ දන් දේ ද,
Pali BJTසමණෙ බ්රාහ්මණෙ වාපි අඤ්ඤෙ වාපි වණිබ්බකෙ, උට්ඨාය අභිවාදෙති සමචරියාය සික්ඛති, දදමානං න වාරෙති{1} යාචමානාන භොජනං.
Sinhala BJTමහණුන් ද, බමුණන් ද, මෙයින් අන්‍ය වූ වණිබ්බකයන් ද හුනස්නෙන් නැගිට වදී ද, සමචරියයෙහි හික්මේ ද, යාචකයන්ට බොජුන් දෙන්නහු නොවළහා ද,
Pali BJTතාදිසො පුරිසො රාජ මීයමානො{2} ජනාධිප, උපෙති තිදිවං ඨානං තමොජොතිපරායණො.
Sinhala BJTජනශ්‍රේෂ්ඨ වූ මහරජ, අඳුරෙන් එළියට යන එබඳු පුරිස් තෙමේ මැරෙණුයේ දෙව්ලොවට පැමිණේ.
Pali BJTඅඩ්ඪො චෙ පුරිසො රාජ අස්සද්ධො හොති මච්ඡරී, කදරියො පාපසඞ්කප්පො මිච්ඡාදිට්ඨි අනාදරො.
Sinhala BJTමහරජ, අඪ්‍ය වූ පුරිස් තෙමේ ඉදින් සැදැහැ නැත්තේ මසුරු වූයේ තද මසුරු වූයේ පවිටු අදහස් ඇත්තේ මිසදිටු වූයේ (බුද්ධාදීන් කෙරෙහි) ආදර රහිත වූයේ වේ ද,
Pali BJTසමණෙ බ්රාහ්මණෙ වාපි අඤ්ඤෙ වාපි වණිබ්බකෙ, අක්කොසති පරිභාසති නත්ථිකො හොති රොසකො, දදමානං නිවාරෙති යාචමානාන භොජනං.
Sinhala BJTමහණුන්ටත් බමුණන්ටත් මෙයින් අන්‍ය වූ වණිබ්බකයන්ටත් ආක්‍රෝශ කෙරේ ද, පරිභව කෙරේ ද, නැතැ’යි කියන්නේ වේ ද, මෙරමා ගටන්නේ වේ ද, ඉල්ලන්නවුන්ට බොජුන් දෙන්නහු වළහා ද,
Pali BJTතාදිසො පුරිසො රාජ මීයමානො ජනාධිප, උපෙති නිරයං ඝොරං ජොතිතමපරායණො.
Sinhala BJTජනශ්‍රේෂ්ඨ වූ මහරජ, එළියෙන් අඳුරට යන එබඳු පුරිස් තෙමේ මැරෙණුයේ දරුණු නිරයට පැමිණෙයි.
Pali BJTඅඩ්ඪො චෙ පුරිසො රාජ සද්ධො හොති අමච්ඡරී, දදාති සෙට්ඨසඞ්කප්පො අබ්යග්ගමනසො නරො.
Sinhala BJTමහරජ, අඪ්‍ය වූ පුද්ගල තෙමේ ඉදින් සැදැහැත්තේ නොමසුරු වූයේ වේ ද, උසස් අදහස් ඇති ඒ මිනිස් තෙමේ එකඟසිත් ඇත්තේ දන් දේ ද,
Pali BJTසමණෙ බ්රාහ්මණෙ වාපි අඤ්ඤෙ වාපි වණිබ්බකෙ, උට්ඨාය අභිවාදෙති සමචරියාය සික්ඛති, දදමානං න වාරෙති යාචමානාන භොජනං.
Sinhala BJTමහණුන් ද බමුණන් ද, මෙයින් අන්‍ය වූ වණිබ්බකයන් ද, හුනස්නෙන් නැගිට වඳී ද, සමචරියයෙහි හික්මේ ද, ඉල්ලන්නවුන්ට බොජුන් දෙන්නහු නො වළාහා ද,
Pali BJTතාදිසො පුරිසො රාජ මීයමානො ජනාධිප, උපෙති තිදිවං ඨානං ජොතිජොතිපරායණොති.
Sinhala BJTජනාධිපති වූ මහරජ, එළියෙන් එළියට යන එබඳු පුරිස් තෙමේ මැරෙණුයේ දෙව්ලොවට පැමිණේ.
Pali BJT3. 3. 2.
Sinhala BJT3. 3. 2.
Pali BJTඅය්යකාසුත්තං.
Sinhala BJTඅය්‍යකා සූත්‍රය
Pali BJT133. සාවත්ථියං–
Sinhala BJT133. සැවැත්නුවර–
Pali BJTඅථ ඛො රාජා පසෙනදි කොසලො දිවාදිවස්ස යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො රාජානං පසෙනදිං කොසලං භගවා එතදවොච: හන්ද කුතො නු ත්වං මහාරාජ, ආගච්ඡසි දිවාදිවස්සාති?
Sinhala BJTඑකල්හි පසේනදි කොසොල් රජ තෙමේ දෙවෙන් දාවල භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: මහරජ, දැන් දෙවෙන් දාවල තෙපි කොහි සිට එවූ ද?
Pali BJTඅය්යකා මෙ භන්තෙ, කාලකතා{1} ජිණ්ණා වුද්ධා{2} මහල්ලිකා අද්ධගතා වයොඅනුප්පත්තා වීසංවස්සසතිකා ජාතියා. අය්යකා ඛො පන මෙ භන්තෙ, පියා අහොසි{3} මනාපා. හත්ථිරතනෙන චෙපහං{4} භන්තෙ, ලභෙය්යං මා මෙ අය්යකා කාලමකාසීති, හත්ථිරතනම්ප{5}හං දදෙය්යං මා මෙ අය්යකා කාලමකාසීති. අස්සරතනෙන චෙපහං භන්තෙ, ලභෙය්යං, මා මෙ අය්යකා කාලමකාසීති, අස්සරතනම්පහං දදෙය්යං මා මෙ අය්යකා කාලමකාසීති. ගාමවරෙන චෙපහං භන්තෙ, ලභෙය්යං, මා මෙ අය්යකා කාලමකාසීති, ගාමවරම්පහං දදෙය්යං මා මෙ අය්යකා කාලමකාසීති. ජනපදෙන{6} චෙපහං භන්තෙ, ලභෙය්යං මා මෙ අය්යකා කාලමකාසීති, ජනපදම්පහං දදෙය්යං මා මෙ අය්යකා කාලමකාසීති.
Sinhala BJTවහන්ස, ජරාජීර්‍ණ වූ වයෝවෘද්ධ වූ මහලු වූ දිගුකලක් ගෙවූ පිළිවෙළින් පැසුලුවයසට පැමිණි උපතින් එක්සියවිසිවයස් වූ මාගේ මිත්ත්නියෝ කාලගත වූහ. වහන්ස, මිත්තනියෝ මට ප්‍රිය ද මනාප ද වූහ. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි ඇත්රුවනිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා! යි ඇත්රුවන ද මම දෙන්නෙමි. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි අස්රුවනිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි අස්රුවන ද මම දෙන්නෙමි. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා! යි ගම්වරෙකිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි ගම්වරකුදු මම දෙන්නෙමි. වහන්ස, මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි දනව්වෙකිනුදු ඉදින් මම ලබන්නෙම් නම් මාගේ මිත්තනියෝ කලුරිය නො කෙරෙත්වා යි දනව්වකුදු මම දෙන්නෙමි.
Pali BJTසබ්බෙ සත්තා මහාරාජ, මරණධම්මා මරණපරියොසානා මරණං අනතීතාති.
Sinhala BJTමහරජ, සියලු සත්‍වයෝ මරණය ස්වභාවය කොට ඇත්තාහ. මරණය කෙළවර කොට ඇත්තාහ. මරණය නො ඉක්මවූවෝ ය.
Pali BJTඅච්ඡරියං භන්තෙ අබ්භුතං භන්තෙ, යාව සුභාසිතමිදං භන්තෙ, භගවතා සබ්බෙ සත්තා මරණධම්මා මරණපරියොසානා මරණං අනතීතාති.
Sinhala BJTවහන්ස, ආශ්චර්‍ය්‍යයෙකි. වහන්ස, අද්භූතයෙකි. වහන්ස, “සියලු සත්‍වයෝ මරණය ස්වභාව කොට ඇත්තාහ. මරණය කෙළවර කොට ඇත්තාහ. මරණය නො ඉක්ම වූවෝ ය” යන මෙය භාග්‍යවතුන් වහන්සේ විසින් අත්‍යර්‍ත්‍ථයෙන් මැ මැනවින් දේශනා කරණ ලද්දේ ය.
Pali BJTඑවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, සබ්බෙ සත්තා මරණධම්මා මරණපරියොසානා මරණං අනතීතාති. සෙය්යථාපි මහාරාජ, යානි කානි චි කුම්භකාරභාජනානි{7} ආමකානි චෙව පක්කානි ච සබ්බානි තානි භෙදනධම්මානි භෙදනපරියොසානානි භෙදනං අනතීතානි. එවමෙව ඛො මහාරාජ, සබ්බෙ සත්තා මරණධම්මා මරණපරියොසානා මරණං අනතීතාති.
Sinhala BJTමහරජ, තෙල එසේ ය. මහරජ, තෙල එසේ ය. සියලු සත්‍වයෝ මරණය ස්වභාව කොට ඇත්තෝ ය. මරණය කෙළවර කොට ඇත්තෝ ය. මරණය නො ඉක්මවූවෝ ය. මහරජ, අමු වූත් පැලහූත් යම්කිසි කුඹල්බඳුන් වේ නම්, ඒ සියල්ල යම්සේ බිඳීම ස්වභාව කොට ඇත්තේ බිඳීම කෙළවර කොට ඇත්තේ බිඳීම නො ඉක්ම වූයේ වේ ද, මහරජ, එසෙයින්ම සියලු සත්‍වයෝ මරණය ස්වභාව කොට ඇත්තාහ. මරණය කෙළවර කොට ඇත්තාහ. මරණය නො ඉක්ම වූවෝ ය.
Pali BJTසබ්බෙ සත්තා මරිස්සන්ති මරණන්තං හි ජීවිතං, යථාකම්මං ගමිස්සන්ති පුඤ්ඤපාපඵලූපගා, නිරයං පාපකම්මන්තා පුඤ්ඤකම්මා ච සුග්ගතිං.{8}
Sinhala BJTසියලු සත්‍වයෝ මැරෙන්නාහ. ජීවිතය මරණය කෙළවර කොට ඇත්තේ ය එහෙයිනි. පින්පව්පල අනුව ගියාහු පව්කම් ඇත්තෝ නිරයට ද පින්කම් ඇත්තෝ සුගතියට දැයි මෙසේ කම් වූ පරිද්දෙන් (පරලොව) යන්නාහු ය.
Pali BJTතස්මා කරෙය්ය කල්යාණං නිචයං සම්පරායිකං, පුඤ්ඤානි පරලොකස්මිං පතිට්ඨා හොන්ති පාණිනන්ති.
Sinhala BJTඑහෙයින් පරලොවට හිත දෑ රැස් කරන්නේ පින් කරන්නේ ය. පින් සත්‍වයන්ට පරලොව පිහිට වේ.
Pali BJT3. 3. 3.
Sinhala BJT3. 3. 3.
Pali BJTලොකසුත්තං.
Sinhala BJTලෝක සූත්‍රය
Pali BJT134. සාවත්ථියං–
Sinhala BJT134. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: කති නු ඛො භන්තෙ ලොකස්ස ධම්මා උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරායාති?
Sinhala BJTඑකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, කෙතෙක් ලෝකධර්‍මයෝ උපදනාහු අහිත පිණිස දුක් පිණිස අපහසු විහරණය පිණිස උපදිද් ද?
Pali BJTතයො ඛො මහාරාජ ලොකස්ස ධම්මා උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. කතමෙ තයො? ලොභො ඛො මහාරාජ ලොකස්ස ධම්මො උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. දොසො ඛො මහාරාජ ලොකස්ස ධම්මො උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. මොහො ඛො මහාරාජ ලොකස්ස ධම්මො උප්පජ්ජමානො උප්පජ්ජති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරාය. ඉමෙ ඛො මහාරාජ තයො ලොකස්ස ධම්මා උප්පජ්ජමානා උප්පජ්ජන්ති අහිතාය දුක්ඛාය අඵාසුවිහාරායාති.
Sinhala BJTමහරජ, ලෝදහම් තුනෙක් උපදනේ අහිත පිණිස දුක් පිණිස නො පහසු විහරණය පිණිස උපදී. කවර තුනෙක් ද? යත්: මහරජ, ලෝභ සඞ්ඛයාත ලෝකධර්‍මය උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, ද්වේෂසඞ්ඛයාත ලෝකධර්‍මය උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මෝහ සඞ්ඛයාත ලෝකධර්‍මය උපදනේ අහිත පිණිස දුක් පිණිස නොපහසු විහරණය පිණිස උපදී. මහරජ, මේ ලෝකධර්‍ම තුන උපදනේ අහිත පිණිස දුක් පිණිස නො පහසු විහරණය පිණිස උපදී.
Pali BJTලොභො දොසො ච මොහො ච පුරිසං පාපචෙතසා හිංසන්ති අත්තසම්භූතා තචසාරං ව සම්ඵලන්ති{1}.
Sinhala BJTලෝභය ද ද්වේෂය ද මෝහය ද තමා තුළ හටගත්තාහු පවිටු සිත් ඇති මිනිසා පෙළත්. සිය පලය පොතුහර රුකක් (නසන්නාක්) මෙනි.
Pali BJT3. 3. 4.
Sinhala BJT3. 3. 4.
Pali BJTඉස්සත්ථසුත්තං.
Sinhala BJTඉස්සත්‍ථ සූත්‍රය
Pali BJT135. සාවත්ථියං–
Sinhala BJT135. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං නිසින්නො ඛො රාජා පසෙනදි කොසලො භගවන්තං එතදවොච: කත්ථ නු ඛො භන්තෙ දානං දාතබ්බන්ති? යත්ථ ඛො මහාරාජ, චිත්තං පසීදතීති. කත්ථ පන භන්තෙ දින්නං මහප්ඵලන්ති. අඤ්ඤං ඛො එතං මහාරාජ කත්ථ දානං දාතබ්බං. අඤ්ඤං පනෙතං කත්ථ දින්නං මහප්ඵලන්ති. සීලවතො ඛො මහාරාජ දින්නං මහප්ඵලං නො තථා දුස්සීලෙ. තෙන හි මහාරාජ තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා නං බ්යාකරෙය්යාසි.
Sinhala BJTඑකත්පසෙක හුන් පසේනදි කොසොල් රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය. වහන්ස, කවුරුන් විෂයෙහි දන් දියයුතු ද? මහරජ, යමකු කෙරෙහි සිත පහ දී ද (ඔහුට දියයුතුයි) වහන්ස, කවුරුන් කෙරෙහි දෙන ලද්දේ මහත්ඵල වේ ද? මහරජ, කවුරුන් කෙරෙහි දන් දියයුතු ද? යන මෙය අනෙකෙකි. කවුරුන් කෙරෙහි දෙන ලද්ද මහත්ඵල වේ ද? යන මෙය අනෙකෙකි. මහරජ, සිල්වතාට දෙන ලද්ද මහත්ඵල වේ. දුශ්ශීලයා කෙරෙහි එසේ නො වේ. මහරජ, එසේ නම් මෙහි ලා තොප ම පුළුවුස්නෙමි. යම්සේ තොපට වැටහේ නම් එසේ එය පවසව.
Pali BJTතං කිම්මඤ්ඤසි මහාරාජ, ඉධ ත්යාස්ස යුද්ධං පච්චුපට්ඨිතං සඞ්ගාමො සමුපබ්බූළ්හො{2}, අථ ආගච්ඡෙය්ය ඛත්තියකුමාරො අසික්ඛිතො අකතහත්ථො අකතයොග්ගො අකතූපාසනො{3} භීරුඡම්භී උත්රාසී පලායී. භරෙය්යාසි තං පුරිසං? අත්ථො ච තෙ තාදිසෙන පුරිසෙනාති. නාහං භන්තෙ භරෙය්යං තං පුරිසං. න ච මෙ අත්ථො තාදිසෙන පුරිසෙනාති.
Sinhala BJTමහරජ, ඒ කුමැයි හඟිහු ද? මෙහි තොපට යුද්ධයෙක් එළඹ සිටියේ වන්නේ ය. යුදසෙනඟ රැස්වූයේ වන්නේ ය. එකල්හි දුනුසිප්හි නුපුහුණු කෘතහස්ත නො වූ විදීමෙහි නුපුරුදු සිප් දැක්වුම් නො කළ බියගුලු වෙවුළන තැතිගන්නා සුලු පලා යන කැත් කුමරෙක් එන්නේ නම් ඒ පුරුෂයා පෝෂණය කරවූ ද, එබඳු පුරුෂයෙකුගෙන් තොපට වැඩ ඇත් ද? වහන්ස, මම එබඳු පුරුෂයා පෝෂණය නොකරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ද නැත.
Pali BJTඅථ ආගච්ඡෙය්ය බ්රාහ්මණකුමාරො අසික්ඛිතො -පෙ- අථ ආගච්ඡෙය්ය වෙස්සකුමාරො අසික්ඛිතො -පෙ- අථ ආගච්ඡෙය්ය සුද්දකුමාරො අසික්ඛිතො -පෙ- භරෙය්යාසි තං පුරිසං? අත්ථො ච ඛො තෙ තාදිසෙන පුරිසෙනාති? නාහං භන්තෙ භරෙය්යං තං පුරිසං. න ච මෙ අත්ථො තාදිසෙන පුරිසෙනාති.
Sinhala BJTඑකල්හි නුපුහුණු බමුණු කුමරෙක් එන්නේ නම් … එකල්හි නුපුහුණු වෙස්කුමරෙක් එන්නේ නම් … එකල්හි නුපුහුණු ශුද්‍ර කුමරෙක් එන්නේ නම් … ඒ පුරුෂයා පෝෂණය කරන්නහු ද? එබඳු පුරුෂයෙකුගෙන් තොපට වැඩෙක් ඇද් ද? වහන්ස, මම ඒ පුරුෂයා පෝෂණය නො කරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ද නැත.
Pali BJTතං කිම්මඤ්ඤසි මහාරාජ, ඉධ ත්යාස්ස යුද්ධං පච්චුපට්ඨිතං සඞ්ගාමො සමුපබ්බූළ්හො{1}. අථ ආගච්ඡෙය්ය ඛත්තියකුමාරො සුසික්ඛිතො{2}. කතහත්ථො කතයොග්ගො කතූපාසනො අභීරු අච්ඡම්භී අනුත්රාසී අපලායී. භරෙය්යාසි තං පුරිසං? අත්ථො ච තෙ තාදිසෙන පුරිසෙනාති? භරෙය්යාහං භන්තෙ තං පුරිසං අත්ථො ච මෙ තාදිසෙන පුරිසෙනාති.
Sinhala BJTමහරජ, ඒ කුමකැයි හඟිහු ද? මෙහිතොපට යුද්ධයෙක් එළඹසිටියේ වන්නේ ය. යුදසෙනඟ රැස් වූයේ වන්නේ ය. එකල්හි දුනුසිප්හි මැනවින් පුහුණු වූ කෘතහස්ත වූ කළපුරුදු ඇති සිප් දැක්වුම් කළ බියගුලු නො වූ නොවෙවුළන නො තැතිගන්නා පලා නො යනසුලු කැත්කුමරෙක් එන්නේ නම් ඒ පුරුෂයා පෝෂණය කරන්නහු ද? එබඳු පුරුෂයෙකු ගෙන් තොපට වැඩෙක් ඇද්ද? වහන්ස, මම එබඳු පුරුෂයා පෝෂණය කරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ඇත.
Pali BJTඅථ ආගච්ඡෙය්ය බ්රාහ්මණකුමාරො සුසික්ඛිතො{2} -පෙ- වෙස්සකුමාරො සුසික්ඛිතො{2} -පෙ- සුද්දකුමාරො සුසික්ඛිතො කතහත්ථො කතයොග්ගො කතූපාසනො අභීරු අච්ඡම්භී අනුත්රාසී අපලායී. භරෙය්යාසි තං පුරිසං? අත්ථො ච තෙ තාදිසෙන පුරිසෙනාති? භරෙය්යාහං භන්තෙ තං පුරිසං, අත්ථො ච මෙ තාදිසෙන පුරිසෙනාති.
Sinhala BJTඑකල්හි මැනැවින් පුහුණු වූ බමුණු කුමරෙක් එන්නේ නම් .. මැනවින් පුහුණු වූ වෙස් කුමරෙක් … මැනවින් පුහුණු වූ කෘතහස්ත වූ කළපුරුදු ඇති කළ සිප් දැක්වුම් ඇති බියගුලු නො වූ නො වෙවුළන නොතැති ගන්නා පලා නො යන සුලු කුමරෙක් … ඒ පුරුෂයා පෝෂණය කරන්නහු ද? එබඳු පුරුෂයෙකු ගෙන් තොපට වැඩෙක් ඇද් ද? වහන්ස, මම ඒ පුරුෂයා පෝෂණය කරන්නෙමි. එබඳු පුරුෂයකුගෙන් මට වැඩෙක් ඇත.
Pali BJTඑවමෙව ඛො මහාරාජ, යස්මා කස්මා{3} චෙපි කුලා අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති: සො ච හොති පඤ්චඞ්ගවිප්පහීනො පඤ්චඞ්ගසමන්නාගතො, තස්මිං දින්නෙ මහප්ඵලං හොති{4}.
Sinhala BJTමහරජ, එසෙයින් ම යම් කවර කුලයෙකින් හෝ ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදි වූයේ වේ ද? හෙ තෙමේත් ප්‍රහීණ වූ පසඟක් ඇත්තේ පසඟෙකින් සමන්‍විත වූයේ නම් ඔහු කෙරෙහි දෙන ලද්දේ මහත්ඵල වෙයි.
Pali BJTකතමානි පඤ්ච අඞ්ගානි පහීනානි{5} හොන්ති? කාමච්ඡන්දො පහීනො හොති, බ්යාපාදො පහීනො හොති, ථිනමිද්ධං පහීනං හොති, උද්ධච්චකුක්කුච්චං පහීනං හොති, විචිකිච්ඡා පහීනා හොති. ඉමානි පඤ්ච අඞ්ගානි පහීනානි හොන්ති.
Sinhala BJTකවර පසක් ප්‍රහීණ වූයේ වේ ද? යත්: කාමච්ඡන්‍දය ප්‍රහීණ වූයේ වෙයි. ව්‍යාපාදය ප්‍රහීණ වූයේ වෙයි. ථීනමිද්ධය ප්‍රහීණ වූයේ වෙයි. උද්ධච්චකුක්කුච්චය ප්‍රහීණ වූයේ වෙයි. විචිකිච්ඡාව ප්‍රහීණ වූයේ වෙයි. මේ පසඟ ප්‍රහීණ වූයේ වේ.
Pali BJTකතමෙහි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො හොති? අසෙඛෙන{6} සීලක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන{6} සමාධික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන{6} පඤ්ඤාක්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන{6} විමුත්තික්ඛන්ධෙන සමන්නාගතො හොති, අසෙඛෙන{6} විමුත්තිඤාණදස්සනක්ඛන්ධෙන සමන්නාගතො හොති. ඉමෙහි පඤ්චහඞ්ගෙහි සමන්නාගතො හොති.
Sinhala BJTකවර පසඟෙකින් සමන්‍විත වූයේ ද? යත්: අශෛක්‍ෂ වූ ශීලස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ සමාධිස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ ප්‍රඥාස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ විමුක්තිස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. අශෛක්‍ෂ වූ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධයෙන් සමන්‍විත වූයේ වෙයි. මේ පසඟින් සමන්‍විත වූයේ වෙයි.
Pali BJTඉති පඤ්චඞ්ගවිප්පහීනෙ පඤ්චඞ්ගසමන්නාගතෙ දින්නං මහප්ඵලන්ති.
Sinhala BJTමෙසේ ප්‍රහීණ වූ පසඟක් ඇති පසඟෙකින් සමන්‍විත වූවාහු කෙරෙහි දෙන ලද්ද මහත් ඵල වෙයි.
Pali BJTඉදමවොච භගවා ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා නැවත පසු ව මෙය ද වදාළ සේක.
Pali BJTඉස්සත්ථං{7} බලවිරියඤ්ච යස්මිං විජ්ජෙථ මාණවෙ, තං යුද්ධත්ථො භරෙ රාජා නාසූරං ජාතිපච්චයා.
Sinhala BJTයම් තරුණයෙක් කෙරෙහි ධනුශිල්පයත් කායික චෛතසික වීර්‍ය්‍යයත් විද්‍යාමාන වේ නම් රජ තෙමේ ඔහු යුද පිණිස පෝෂණය කරන්නේ ය. අදක්‍ෂයා ජාතිය හේතු කොට ගෙණ පෝෂණය නොකරන්නේ ය.
Pali BJTතථෙව ඛන්ති සොරච්චං ධම්මා යස්මිං පතිට්ඨිතා, තමරියවුත්තිං{8} මෙධාවිං හීනජච්චම්පි පූජයෙ.
Sinhala BJTඑපරිද්දෙන් ම යමකු කෙරෙහි ඉවසීම ද රහත්බව ද යන ධර්‍මයෝ පිහිටියාහු ද ආර්‍ය්‍ය පැවතුම් ඇති නුවණැති ඔහු හීනජාතිකයකු වු ව ද පුදන්නේ ය.
Pali BJTකාරයෙ අස්සමෙ රම්මෙ වාසයෙත්ථ බහුස්සුතෙ, පපඤ්ච විවනෙ කයිරා දුග්ගෙ සඞ්කමනානි ච.
Sinhala BJTසිත්කලු අසපු කරවන්නේ ය. එහි බහුශ්‍රැතයන් වස්වන්නේ ය. නිරුදක අරණ්‍යයෙහි පැන්පොකුණු ද නොසමබිම්හි සක්මන්මලු ද කරවන්නේ ය.
Pali BJTඅන්නං පානං ඛාදනීයං වත්ථසෙනාසනානි ච, දදෙය්ය උජුභූතෙසු විප්පසන්නෙන චෙතසා.
Sinhala BJTඅහර ද පැන් ද කැවිලි ද වත්සෙනසුන් ද රහතුන් කෙරෙහි පහන්සිතින් දෙන්නේ ය.
Pali BJTයථා හි මෙඝො ථනයං විජ්ජුමාලී සතක්කකු{1}, ථලං නින්නඤ්ච පූරෙති අභිවස්සං වසුන්ධරං.
Sinhala BJTයම්සේ විදුලි පෙල ඇති සියගණන් (වලා) කුළු ඇති මේඝය ගුගුරමින් පොළොව තෙමන්නේ වළ ද ගොඩ ද පුරවා ද,
Pali BJTතථෙව සද්ධො සුතවා{2} අභිසඞ්ඛච්ච භොජනං, වණිබ්බකෙ තප්පයති අන්නපානෙන පණ්ඩිතො. ආමොදමානො{3} පකිරෙති දෙථ දෙථාති භාසති.
Sinhala BJTඑසේ ම සැදැහැති අසූ පිරූ තැන් ඇති නුවණැත්තේ බොජුන් පිළියෙළ කොට ආහාරපානයෙන් වර්‍ණබබ්කයන් සතප්වයි. සතුටු වන්නේ සර්‍වප්‍රකාරයෙන් විසුරුවන්නාක් මෙන් දන් දෙයි. නොහොත් දන්හලෙහි හැසිරෙයි. දෙව දෙව යි කියයි.
Pali BJTතං හිස්ස ගජ්ජිතං හොති දෙවස්සෙව පවස්සතො, සා පුඤ්ඤධාරා විපුලා දාතාරං අභිවස්සතීති.
Sinhala BJTවස්නා වැස්සෙක (ගර්‍ජනය) මෙන් එය ඔහුගේ ගර්‍ජනය වෙයි. මහත් වූ ඒ පින් දහර දෙන්නහු මැනවින් තෙමයි.
Pali BJT3. 3. 5.
Sinhala BJT3. 3. 5.
Pali BJTපබ්බතූපමසුත්තං
Sinhala BJTපබ්බතූපම සූත්‍රය
Pali BJT136. සාවත්ථියං–
Sinhala BJT136. සැවැත්නුවර–
Pali BJTඑකමන්තං නිසින්නං ඛො රාජානං පසෙනදිං කොසලං භගවා එතදවොච: හන්ද කුතො නු ත්වං මහාරාජ ආගච්ඡසි දිවා දිවස්සාති?
Sinhala BJTඑකත්පසෙක හුන් පසේනදි කොසොල් රජහට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මහරජ තෙපි දැන් මේ දෙවෙන් දවාලෙහි කොහි සිට එවුද?
Pali BJTයානි තානි භන්තෙ රඤ්ඤං ඛත්තියානං මුද්ධාවසිත්තානං ඉස්සරියමදමත්තානං කාමගෙධපරියුට්ඨිතානං ජනපදත්ථාවරියප්පත්තානං මහන්තං පඨවිමණ්ඩලං අභිවිජිය අජ්ඣාවසන්තානං රාජකරණීයානි සන්ති{4}, තෙස්වාහං{5} එතරහි උස්සුක්කං ආපන්නොති.
Sinhala BJTවහන්ස, ඉසුරුමෙදෙන් මත් වූ කාමයෙහි ගිජු බැවින් මැඩුනු දනව්හි තිරබවට පත් මුදුන්හි අභිෂේක කරණ ලද මහත් පොළෝමඬල දිනා අධිපතිව වෙසෙන කැත් රජුන්ට යම් ඒ රජකටයුතු ඇද්ද, මම දැන් එහි උත්සුකබවට පැමිණියෙම් වෙමි.
Pali BJTතං කිම්මඤ්ඤසි මහාරාජ, ඉධ තෙ පුරිසො ආගච්ඡෙය්ය පුරත්ථිමාය දිසාය සද්ධායිකො පච්චයිකො. සො තං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: යග්ඝෙ මහාරාජ ජානෙය්යාසි: අහං ආගච්ඡාමි පුරත්ථිමාය දිසාය. තත්ථද්දසං මහන්තං පබ්බතං අබ්භසමං. සබ්බෙ පාණෙ නිප්පොඨෙන්තො{6} ආගච්ඡති. යං තෙ මහාරාජ කරණීයං තං කරොහීති. අථ දුතියො පුරිසො ආගච්ඡෙය්ය දක්ඛිණාය දිසාය -පෙ- අථ තතියො පුරිසො ආගච්ඡෙය්ය පච්ඡිමාය දිසාය -පෙ- අථ චතුත්ථො පුරිසො ආගච්ඡෙය්ය උත්තරාය දිසාය සද්ධායිකො පච්චයිකො. සො තං උපසඞ්කමිත්වා එවං වදෙය්ය: යග්ඝෙ මහාරාජ ජානෙය්යාසි: අහං ආගච්ඡාමි උත්තරාය දිසාය. තත්ථද්දසං මහන්තං පබ්බතං අබ්භසමං. සබ්බෙ පාණෙ නිප්පොඨෙන්තො{6} ආගච්ඡති. යං තෙ මහාරාජ කරණීයං තං කරොහීති. එවරූපෙ තෙ මහාරාජ මහති මහබ්භයෙ සමුප්පන්නෙ දාරුණෙ මනුස්සක්ඛයෙ දුල්ලභෙ මනුස්සත්තෙ කිමස්ස කරණීයන්ති?
Sinhala BJTමහරජ, ඒ කුමකැයි හගිහු ද? මෙහි තොප විසින් ඇදහියයුතු පිළිගත හැකි වචන ඇති පුරුෂයෙක් පෙර දිගින් එන්නේ ය. හෙ තෙමේ තොප වෙත එළඹ “දේවයන් වහන්ස, දැන වදාළ මැනවි. මම පෙරදිග සිට එමි. එහි අහස හා සම වූ මහපව්වක් දිටිමි. සියලු සතුන් සුණු කෙරෙමින් එයි. දේවයන් වහන්ස, නුඹවහන්සේ විසින් යමක් කටයුතු නම් එය කරණු මැනවැ”යි මෙසේ සැළ කරන්නේ ය. ඉක්බිති දෙවෙනි පුරුෂයෙක් දකුණු දිග සිට එයි….. ඉක්බිති තෙවෙනි පුරුෂයෙක් පැසුළු දිග සිට එයි …. ඉක්බිති ඇදහිය යුතු පිළිගත හැකි වචන ඇති සිව්වැනි පුරුෂයෙක් උතුරු දිග සිට එයි. හෙ තෙමේ තොප වෙත එළඹ “දේවයන් වහන්ස, දැන වදාළ මැනවි. මම උතුරුදිග සිට එමි. එහි අහස හා සම වූ මහපව්වක් දිටිමි. සියලු සතුන් සුණු කෙරෙමින් එයි. දේවයන් වහන්ස, නුඹවහන්සේ විසින් යමක් කටයුතු නම් එය කරණු මැනවැ”යි මෙසේ සැළ කරන්නේ ය. මහරජ, දරුණු වූ මිනිසුන් නසන මහත් වූ මෙබඳු නපුරු බියක් හටගත් කල්හි දුබල මිනිසත් බැව්හි වූ තොප විසින් කිමෙක් කටයුතු වන්නේ ද?
Pali BJTඑවරූපෙ මෙ භන්තෙ මහති මහබ්භයෙ සමුප්පන්නෙ දාරුණෙ මනුස්සක්ඛයෙ දුල්ලභෙ මනුස්සත්තෙ කිමස්ස කරණීයං අඤ්ඤත්ර ධම්මචරියාය සමචරියාය කුසලකිරියාය පුඤ්ඤකිරියායාති{7}.
Sinhala BJTවහන්ස, දරුණු වූ මිනිසුන් නසන මහත් වූ මෙබඳු නපුරු බියක් හටගත් කල්හි දුබල මිනිසත් බැව්හි ධර්‍මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව කුශලක්‍රියාව පුණ්‍යක්‍රියාව හැර අන් කිමෙක් කටයුතු වන්නේ ද.
Pali BJTආරොචෙමි ඛො තෙ මහාරාජ, පතිවෙදයාමි{8} ඛො තෙ මහාරාජ, අධිවත්තති ඛො තං මහාරාජ ජරාමරණං. අධිවත්තමානෙ ච තෙ මහාරාජ, ජරාමරණෙ කිමස්ස කරණීයන්ති?
Sinhala BJTමහරජ, තොපට කියමි. මහරජ, තොපට දන්වමි. මහරජ, ජරාමරණ දෙක තොප මැඩ ගෙණ සිටී. මහරජ, ජරාමරණ දෙක තොප මැඩ ගෙණ සිටි කල්හි තොප විසින් කිමෙක් කටයුතු වන්නේ ද?
Pali BJTඅධිවත්තමානෙ ච මෙ භන්තෙ ජරාමරණෙ කිමස්ස කරණීයං අඤ්ඤත්ර ධම්මචරියාය සමචරියාය කුසලකිරියාය පුඤ්ඤකිරියාය.
Sinhala BJTවහන්ස, ජරාමරණ දෙක (අප) මැඩ ගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව සමචර්‍ය්‍යාව කුසලක්‍රියාව පුණ්‍යක්‍රියාව හැර මාවිසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද.
Pali BJTයානි තානි භන්තෙ රඤ්ඤං ඛත්තියානං මුද්ධාවසිත්තානං ඉස්සරියමදමත්තානං කාමගෙධපරියුට්ඨිතානං ජනපදත්ථාවරියප්පත්තානං මහන්තං පඨවිමණ්ඩලං අභිවිජිය අජ්ඣාවසන්තානං හත්ථියුද්ධානි භවන්ති. තෙසම්පි භන්තෙ හත්ථියුද්ධානං නත්ථි ගති නත්ථි විසයො අධිවත්තමානෙ ජරාමරණෙ.
Sinhala BJTවහන්ස, ඉසුරුමෙදෙන් මත් වූ කාමයෙහි ගිජුබැවින් මඩනාලද දනව්හි තිරබවට පත් මහත් පොළෝමඬල දිනා අධිපති ව වෙසෙන මුදුන අභිෂේක කළ කැත් රජුන්ගේ යම් ඒ ඇත්යුධ වේ නම් වහන්ස, ජරාමරණදෙක අප (මැඩ) ගෙණ සිටි කල්හි ඒ ඇත් යුදවලට ද වැඩෙක් නැත. සමත්බවෙක් නැත.
Pali BJTයානිපි තානි භන්තෙ රඤ්ඤං ඛත්තියානං මුද්ධාවසිත්තානං -පෙ- අස්සයුද්ධානි භවන්ති -පෙ- රථයුද්ධානි භවන්ති -පෙ- පත්තියුද්ධානි භවන්ති. තෙසම්පි භන්තෙ පත්තියුද්ධානං නත්ථි ගති නත්ථි විසයො අධිවත්තමානෙ ජරාමරණෙ.
Sinhala BJTවහන්ස, මුදුන අභිෂේක කළ … කැත් රජුන්ගේ යම් ඒ අස්යුද වේ නම් … රථයුද වේ නම් … පාබලයුද වේ නම් වහන්ස, ජරා මරණ දෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ පාබළ යුධවලට ද වැඩෙක් නැත. සමත් බවෙක්ද නැත.
Pali BJTසන්ති ඛො පන භන්තෙ ඉමස්මිං රාජකුලෙ මන්තිනො මහාමත්තා යෙ පහොන්ති ආගතෙ පච්චත්ථිකෙ මන්තෙහි භෙදයිතුං. තෙසම්පි භන්තෙ මන්තයුද්ධානං නත්ථි ගති නත්ථි විසයො අධිවත්තමානෙ ජරාමරණෙ.
Sinhala BJTවහන්ස, යම් කෙනෙක් ආවා වූ සතුරන් මන්ත්‍රණයෙන් බිඳුවා ලන්නට සමත් වෙත් නම් එබඳු මැති ඇමතිකෙනෙක් මේ රජකුලයෙහි ඇත. වහන්ස, ජරාමරණ දෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ මන්ත්‍රයුද්ධයන්ට ද වැඩෙක් නැත. සමත් බවෙක් නැත.
Pali BJTසංවිජ්ජති ඛො පන භන්තෙ ඉමස්මිං රාජකුලෙ පහූතං හිරඤ්ඤසුවණ්ණං භූමිගතඤ්චෙව වෙහාසට්ඨඤ්ච. යෙන මයං පහොම ආගතෙ පච්චත්ථිකෙ ධනෙන උපලාපෙතුං. තෙසම්පි භන්තෙ ධනයුද්ධානං නත්ථි ගති නත්ථි විසයො අධිවත්තමානෙ ජරාමරණෙ.
Sinhala BJTවහන්ස, ආවා වූ සතුරන් ධනයෙන් පොලඹවා ගන්නට යම් ධනයෙකින් අපි සමර්‍ත්‍ථ වමෝ නම් පිහිටියා වූත් අහස සිටියා වූත් එබඳු බොහෝ රන් අමුරන් මේ රදකුලයෙහි ඇත. වහන්ස, ජරාමරණදෙක අප මැඩ ගෙණ සිටි කල්හි ඒ ධනයුද්ධයන්ට ද වැඩෙක් නැත. සමත් බවෙක් නැත.
Pali BJTඅධිවත්තමානෙ ච මෙ භන්තෙ ජරාමරණෙ කිමස්ස කරණීයං අඤ්ඤත්ර ධම්මචරියාය සමචරියාය කුසලකිරියාය පුඤ්ඤකිරියායාති.
Sinhala BJTවහන්ස, ජරාමරණ දෙක මා මැඩ ගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව, සමචර්‍ය්‍යාව, කුශලක්‍රියාව, පුණ්‍යක්‍රියාව හැර මා විසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද.
Pali BJTඑවමෙතං මහාරාජ, එවමෙතං මහාරාජ, අධිවත්තමානෙ ච තෙ ජරාමරණෙ කිමස්ස කරණීයං අඤ්ඤත්ර ධම්මචරියාය සමචරියාය කුසලකිරියාය පුඤ්ඤකිරියායාති.
Sinhala BJTමහරජ, තෙල එසේය. මහරජ. තෙල එසේ ය. ජරාමරණදෙක (තොප) මැඩගෙණ සිටි කල්හි ධර්‍මචර්‍ය්‍යාව, සමචර්‍ය්‍යාව, කුශලක්‍රියාව, පුණ්‍යක්‍රියාව හැර තොප විසින් අන් කිමෙක් කටයුතු වන්නේ ද.
Pali BJTඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෘන් වහන්සේ මෙය වදාරා වැලි අන්‍ය වූ තෙල ගාපෙල ද වදාළ සේක:
Pali BJTයථාපි සෙලා විපුලා නභං ආහච්ච පබ්බතා, සමන්තා අනුපරියෙය්යුං{1} නිප්පොඨෙන්තො{2} චතුද්දිසා.
Sinhala BJTයම්සේ මහත් වූ ශෛලමය වූ අහස හැපී (සිටි) පර්‍වතයෝ හාත්පස සිවු දිගුන් සුණු කෙරෙමින් පෙරළී එන්නාහු ද,
Pali BJTඑවං ජරා ච මච්චු{3} ච අධිවත්තන්ති පාණිනො{4}, ඛත්තියෙ බ්රාහ්මණෙ වෙස්සෙ සුද්දෙ චණ්ඩාලපුක්කුසෙ, න කිඤ්චි පරිවජ්ජෙති සබ්බමෙවාභිමද්දති.
Sinhala BJTඑසේ ජරාවත් මරණයත් ක්‍ෂත්‍රියයන් ද බ්‍රාහ්මණයන් ද වෛශ්‍යයන් ද ශුද්‍රයන් ද සැඬොල් පුස්සඬු කුලයෙහි වුවන්ද යන සියලු සතුන් යට කෙරෙත්. කිසිවක් අත් නො හරී. සියල්ල ම මඩී.
Pali BJTන තත්ථ හත්ථීනං{5} භූමි න රථානං න පත්තියා, න චාපි මන්තයුද්ධෙන සක්කා ජෙතුං ධනෙන වා.
Sinhala BJTඑහි ඇතුන්ට ද රථයන්ට ද පාබලසෙනඟ ට ද විෂයස්ථාන නො වේ. මන්ත්‍රයුද්ධයෙන් හෝ ධනයෙන් හෝ දනන්නට නො ම හැක්කේ ය.
Pali BJTතස්මා හි පණ්ඩිතො පොසො සම්පස්සං අත්ථමත්තනො, බුද්ධෙ ධම්මෙ ච සඞ්ඝෙ ච ධීරො සද්ධං නිවෙසයෙ.
Sinhala BJTඑහෙයින් ධෛර්‍ය්‍යවත් වූ නුවණැති පුරුෂ තෙමේ තමහට වැඩ දක්නේ බුදුන් කෙරෙහි ද ධර්‍මය කෙරෙහි ද සඞ්ඝයා කෙරෙහි ද ශ්‍රද්ධාව පිහිටුවන්නේ ය.
Pali BJTයො ධම්මචාරී{1} කායෙන වාචාය උද චෙතසා, ඉධෙව නං පසංසන්ති පෙච්ච සග්ගෙ පමොදතීති.
Sinhala BJTයමෙක් කයින් ද වචනයෙන් ද යලි සිතින් ද ධර්‍මයෙහි හැසිරෙණ සුලු ද (නුවණැත්තෝ) මෙලොව ම ඔහු පස්සත්. පරලොව ස්වර්‍ගයෙහි සතුටු වෙයි.
Pali BJTකොසලවග්ගො තතියො.
Sinhala BJTකෝසල වර්‍ගය තුන් වැනියි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTපුග්ගලො අය්යකා ලොකො ඉස්සත්ථං පබ්බතූපමං, දෙසිතං බුද්ධසෙට්ඨෙන ඉමං කොසලපඤ්චකන්ති.
Sinhala BJTපුග්ගල, අය්‍යකා, ලෝක, ඉස්සත්‍ථ, පබ්බතූපම සූත්‍රය යන මේ කෝසලපඤ්චකය ශ්‍රේෂ්ඨ වූ බුදුරජානන් වහන්සේ විසින් දේශනා කරණ ලදී.
Pali BJTකොසලසංයුත්තං සමත්තං.
Sinhala BJTකෝසලසංයුත්තය නිමියේ ය.
Pali BJT4. මාරසංයුත්තං
Sinhala BJT4. මාර සංයුත්තය
Pali BJT1. ආයුවග්ගො
Sinhala BJT1. ආයු වර්‍ගය
Pali BJT4. 1. 1.
Sinhala BJT4. 1. 1.
Pali BJTතපොකම්මසුත්තං.
Sinhala BJTතපෝකම්ම සූත්‍රය
Pali BJT137. එවං මෙ සුතං: එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධමූලෙ පඨමාභිසම්බුද්ධො. අථ ඛො භගවතො රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: මුත්තො වතම්හි තාය දුක්කරකාරිකාය. සාධු මුත්තො වතම්හි තාය අනත්ථසංහිතාය දුක්කරකාරිකාය. සාධු ඨිතො සතො බොධිං සමජ්ඣගන්ති{2}
Sinhala BJT137. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා තෙරැ අජපල් නුගරුක්මුල වැඩවසන සේක. එකල්හි එකලා වූ චිත්තවිවේකයෙන් වැඩහුන් භාග්‍යවතුන් වහන්සේට “ඒ දුෂ්කරක්‍රියායෙන් ඒකාන්තයෙන් මිදුනෙම් වෙමි. ඒ නොවැඩ ඇසුරු කළ දුෂ්කරක්‍රියායෙන් ඒකාන්තයෙන් මැනවින් මිදුනෙම් වෙමි. ස්ථිර ව එළඹසිටි සිහි ඇත්තෙම් මැනවින් සත්‍යාවබෝධය කළෙමි” යි මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය.
Pali BJTඅථ ඛො මාරො පාපිමා භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං ගාථාය අජ්ඣභාසි:
Sinhala BJTඉක්බිති පවිටු මරු තෙමේ තමසිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තවිතර්‍කය දැන භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් කී ය:
Pali BJTතපොකම්මා අපක්කම්ම යෙන න සුජ්ඣන්ති මානවා, අසුද්ධො මඤ්ඤසි සුද්ධො සුද්ධිමග්ගපරද්ධොති{3}.
Sinhala BJTයම් තපසෙකින් මනුෂ්‍යයෝ පිරිසිදු වෙද්ද, ඒ තපස්කර්‍මයෙන් ඉවත් ව අශුද්ධ වූයේ ම ශුද්ධිමාර්‍ගය වැරදවූයේ ශුද්ධි යයි හඟිහි ද,
Pali BJTඅථ ඛො භගවා මාරො අයං පාපිමා ඉති විදිත්වා මාරං පාපිමන්තං ගාථාහි පච්චභාසි:
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයා යි දැන පවිටු මාරයාහට ගාථාවලින් පෙරළා වදාළ සේක:
Pali BJTඅනත්ථසංහිතං ඤත්වා යං කිඤ්චි අමරං තපං, සබ්බං නත්ථාවහං හොති පියාරිත්තං{4} ව ධම්මනි.
Sinhala BJTඅමර නම් වූ යම්කිසි තපසෙක් වේ ද, (ඒ සියල්ල) අනර්‍ත්‍ථසංහිත යයි දැන (අත්හළෙමි.) ඒ සියල්ල වැඩ සිදුකරන්නේ නො වේ. (කෙසේ ද? යත්:) මරුකතරෙහි රිටිපලුපත් මෙනි. (මරුකතරෙහි වූ නැවක් රිටිපලුපත් ගෙණ පදවන්නට නො හැක්කාක් මෙනි.)
Pali BJTසීලං සමාධිං පඤ්ඤඤ්ච{5} මග්ගං බොධාය භාවයං, පත්තොස්මි පරමං සුද්ධිං නිහතො ත්වමසි අන්තකාති.
Sinhala BJTශීලය ද සමාධිය ද ප්‍රඥාව ද යන ආර්‍ය්‍යමාර්‍ගය සත්‍යාබෝධය පිණිස වඩමින් පරමශුද්ධියට පැමිණියෙම් වෙමි. මාරය, තෝ නටුයෙහි.
Pali BJTඅථ ඛො මාරො පාපිමා ජානාති මං භගවා, ජානාති මං සුගතොති දුක්ඛී දුම්මනො තත්ථෙවන්තරධායීති.
Sinhala BJTඉක්බිති පවිටු මරු තෙමේ භාග්‍යවත් තෙමේ මා දනී, සුගත තෙමේ මා දනී යයි දුකට පැමිණියේ නොසතුටු සිත් ඇත්තේ එහි ම අතුරුදහන් වි ය.