Pali BJT“යථා පුරෙ තථා පච්ඡා යථා පච්ඡා තථා පුරෙ, යථා අධො තථා උද්ධං යථා උද්ධං තථා අධො, යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා.”
Sinhala BJT“පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම්සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය. දහවල් යම්සේ නම් රෑත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ ය”යි. පච්ඡාපුරේසඤ්ඤා ඇත්තේ ද වෙසෙයි.
Pali BJTඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති.
Sinhala BJTමෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
Pali BJTඑවං භාවිතෙසු ඛො භික්ඛවෙ, භික්ඛු චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකොපි හුත්වා බහුධා හොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති. එවං භාවිතෙසු ඛො භික්ඛවෙ, භික්ඛු චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු, ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJTමහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් ඉදුකොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ. ... බඹලොව තෙක් දු කයින් වසයෙහි පවත්වයි. මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
Pali BJT(ඡළභිඤ්ඤා විත්ථාරෙතබ්බා.)
Sinhala BJT(ෂඩභිඥා විතර කටයුතු.)
Pali BJT7. 3. 2.
Sinhala BJT7. 3. 2.
Pali BJTඅයොගුළසුත්තං
Sinhala BJTඅයොගුළ සූත්‍රය
Pali BJT3144. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “අභිජානාති නු ඛො භන්තෙ, භගවා ඉද්ධියා මනොමයෙන කායෙන බ්රහ්මලොකං උපසඞ්කමිතා”ති. අභිජානාමි ඛ්වාහං ආනන්ද ඉද්ධියා මනොමයෙන කායෙන බ්රහ්මලොකං උපසඞ්කමිතාති. අභිජානාති ඛො පන භන්තෙ, භගවා ඉමිනා චාතුම්මහාභූතිකෙන කායෙන ඉද්ධියා බ්රහ්මලොකං උපසඞ්කමිතාති. අභිජානාමි ඛ්වාහං ආනන්ද, ඉමිනා චාතුම්මහාභූතිකෙන{1} කායෙන ඉද්ධියා බ්රහ්මලොකං උපසඞ්කමිතාති.{2} ඔපාතිහ{3} භන්තෙ, භගවා ඉද්ධියා මනොමයෙන කායෙන බ්රහ්මලොකං උපසඞ්කමිතුං. සමඤ්ඤො{4} ඛො භන්තෙ, භගවා ඉමිනා චාතුම්මහාභූතිකෙන කායෙන ඉද්ධියා බ්රහ්මලොකං උපසඞ්කමිති.{5} තයිදං භන්තෙ, භගවතො අච්ඡරියං චෙව අබ්භුතං චාති.
Sinhala BJT3144. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මනෝමයකයින් බඹලොවට එළඹිසේක් දැන වදාරන සේක් දැ”යි. ආනන්‍ද, මම ඍද්ධියෙන් මනෝමයකයින් බඹලොවට එළඹියෙම් දනිමි යි. “වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ චාතුම්මහාභූතික කයින් ඍද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකිසේක් දැ”යි. ආනන්‍ද, මම මේ චාතුම්මහාභූතික කයින් ඍද්ධියෙන් බඹලොවට එළඹෙන්නට හැකි වෙමි යි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මනෝමයකයින් බඹලොවට එළඹෙන්නට හැකි සේක: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මේ චාතුම්මහාභූතික කයින් ඍද්ධියෙන් බඹලොවට එළඹියේක් දතිමි යි. වහන්ස, ඒ මෙය භාග්‍යවතුන් වහන්සේගේ ඇසිරියෙක්ද පුදුමයෙක්ද වේ යි.
Pali BJTඅච්ඡරියා චෙව ආනන්ද, තථාගතා, අච්ඡරියධම්මසමන්නාගතා ච, අබ්භුතා චෙව ආනන්ද, තථාගතා, අබ්භුතධම්මසමන්නාගතා ච. යස්මිං ආනන්ද, සමයෙ තථාගතො කායම්පි චිත්තෙ සමාදහති{1} චිත්තම්පි ච කායෙ සමාදහති{1} සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච කායෙ{2} ඔක්කමිත්වා විහරති. තස්මිං ආනන්ද, සමයෙ තථාගතස්ස කායො ලහුතරො චෙව හොති මුදුතරො ච කම්මනියතරො ච පභස්සරතරො ච. සෙය්යථාපි ආනන්ද, අයොගුළො දිවසසන්තත්තො{3} ලහුතරො චෙව හොති මුදුතරො ච කම්මනියතරො ච පභස්සරතරො ච. එවමෙව ඛො ආනන්ද, යස්මිං සමයෙ තථාගතො කායම්පි චිත්තෙ සමාදහති, චිත්තම්පි කායෙ සමාදහති. සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච කායෙ{2} ඔක්කමිත්වා විහරති, තස්මිං සමයෙ ආනන්ද, තථාගතස්ස කායො ලහුතරො චෙව හොති මුදුතරො ච කම්මනියතරො ච පභස්සරතරො ච.
Sinhala BJTආනන්‍ද තථාගතයෝ අසිරි වූවාහුත් අසිරි දහමින් යුතු වූවාහුත් වෙති. ආනන්‍ද, තථාගතයෝ පුදුම වූවාහුත් පුදුම දහමින් යුතු වූවාහුත් වෙති. ආනන්‍ද, යම් සමයක තථාගත තෙමේ කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්‍ද, එසමයෙහි තථාගතයන්ගේ කය ඉතා සැහැල්ලුත් ඉතා මෘදුත් ඉතා කර්‍මණ්‍යත් ඉතා බබළනසුලුත් වෙයි. ආනන්‍ද, දවසක් මුළුල්ලෙහි තැවුණු යවටෙක් යම්සේ ඉතා සැහැල්ලුත් ඉතා මෘදුත් ඉතා කර්‍මණ්‍යත් ඉතා ප්‍රභාස්වරත් වේ ද, ආනන්‍ද, එසෙයින් ම තථාගතතෙමේ යම් සමයක කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්‍ද, එසමයෙහි තථාගතයන්ගේ කය ඉතා ලඝුත් ඉතා මෘදුත් ඉතා කර්‍මණ්‍යත් ඉතා ප්‍රභාස්වරත් වේ.
Pali BJTයස්මිං ආනන්ද, සමයෙ තථාගතො කායම්පි චිත්තෙ සමාදහති, චිත්තම්පි කායෙ සමාදහති, සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච කායෙ ඔක්කමිත්වා විහරති. තස්මිං ආනන්ද, සමයෙ තථාගතස්ස කායො අප්පකසිරෙනෙව පුථුවියා වෙහාසං අබ්භුග්ගච්ඡති. සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: “එකොපි හුත්වා බහුධා හොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති. සෙය්යථාපි ආනන්ද, තූලපිචු වා කප්පාසපිචු වා ලහුකො වාතූපාදානො අප්පකසිරෙනෙව පුථුවියා වෙහාසං අබ්භුග්ගච්ඡති. එවමෙව ඛො ආනන්ද, යස්මිං සමයෙ තථාගතො කායම්පි චිත්තෙ සමාදහති, චිත්තම්පි කායෙ සමාදහති, සුඛසඤ්ඤඤ්ච ලහුසඤ්ඤඤ්ච කායෙ ඔක්කමිත්වා විහරති. තස්මිං ආනන්ද, සමයෙ තථාගතස්ස කායො අප්පකසිරෙනෙව පුථුවියා වෙහාසං අබ්භුග්ගච්ඡති. සො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකොපි හුත්වා බහුධා හොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙතීති.
Sinhala BJTආනන්‍ද, යම් කලෙක තථාගත තෙමේ කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්‍ද, එකල්හි තථාගතයන්ගේ කය නිතැතින් ම පොළොවෙන් අහසට නඟී. හේ නන් වැදෑරුම් ඉදු කොටස් විඳී. එකෙක් ව ද බොහෝ අයුරු වේ. ... බඹලොව තෙක් දු කයෙන් වසයෙහි පවත්වයි. ආනන්‍ද, යම්සේ හිඹුල්පුලුන් හෝ කපුපුලුන් හෝ සැහැල්ලු වූයේ වාතය විසින් ගන්නා ලද්දේ නිතැතින් ම පොළොවෙන් අහසට නඟි යි. ආනන්‍ද, එසෙයින් ම යම් සමයෙක තථාගත තෙමේ කයත් සිතෙහි නඟා ද, සිතත් කයෙහි නඟා ද, සුඛසංඥාවත් ලඝුසංඥාවත් කයෙහි බහා වෙසේ ද, ආනන්‍ද, එසමයෙහි තථාගතයන්ගේ කය නිතැතින් ම පොළොවෙන් අහසට නඟී. හේ නන්වැදෑරුම් ඉදුකොටස් විඳී. එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක්දු කයෙන් වසයෙහි පවත්වා යි.
Pali BJT7. 3. 3.
Sinhala BJT7. 3. 3.
Pali BJTභික්ඛුසුත්තං
Sinhala BJTභික්ඛු සූත්‍රය
Pali BJT3145. චත්තාරො මෙ භික්ඛවෙ, ඉද්ධිපාදා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJT3145. මහණෙනි, මේ ඉද්ධිපාද සතරෙකි. කවර සතරෙක්ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඉද්ධිපාද සතර යි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මහණ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
Pali BJT7. 3. 4.
Sinhala BJT7. 3. 4.
Pali BJTසුද්ධකසුත්තං{1}
Sinhala BJTසුද්ධක සූත්‍රය
Pali BJT3146. චත්තාරො’මෙ භික්ඛවෙ, ඉද්ධිපාදා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදාති.
Sinhala BJT3146. මහණෙනි, මේ ඉද්ධිපාද සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා යි.
Pali BJT7. 3. 5.
Sinhala BJT7. 3. 5.
Pali BJTඵලසුත්තං
Sinhala BJTඵල සූත්‍රය
Pali BJT3147. චත්තාරො’මෙ භික්ඛවෙ, ඉද්ධිපාදා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: “දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා”ති.
Sinhala BJT3147. මහණෙනි, මේ ඉදුපා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා යි. මහණෙනි, මේ සතර ඉද්ධිපාද වැඩූ බැවින් බහුල කළ බැවින් ඵලද්වය අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු. දිටුදැමියෙහි ම රහත් බව හෝ උපාදානසේස ව ඇති කල්හි අනගැමි බව හෝ යි.
Pali BJT7. 3. 6.
Sinhala BJT7. 3. 6.
Pali BJTදුතියඵලසුත්තං
Sinhala BJTදුතියඵල සූත්‍රය
Pali BJT3148. චත්තාරො’මෙ භික්ඛවෙ, ඉද්ධිපාදා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා.
Sinhala BJT3148. මහණෙනි, මේ ඉදුපා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සතර ඉද්ධිපාද යි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා සත්තඵලා සත්තානිසංසා පාටිකඞ්ඛා. කතමෙ සත්තඵලා සත්තානිසංසා: දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති. නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, අථ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති, උපහච්ච පරිනිබ්බායී හොති, අසඞ්ඛාරපරිනිබ්බායී හොති, සසඞ්ඛාරපරිනිබ්බායී හොති, උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා ඉමෙසත්ත ඵලා සත්තානිසංසා පාටිකඞ්ඛාති.
Sinhala BJTමහණෙනි, මේ සතර ඉද්ධිපාද වැඩූ බැවින් බහුල කළ බැවින් සත් ඵල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති විය යුතු. කවර සත් ඵල කෙනෙක් සත් අනුසස් කෙනෙක් ද යත්: දිටුදැමියෙහි ම පෙරාතු ව රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතු ව රහත් බව නො ලබා නම් එකල්හි මරණසමයෙහි රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතු ව රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල්හි රහත් බව නො ලබා නම් එකල්හි පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අතර කෙලෙස් පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වේ. (ආයුමැද ඉක්මවා) ආයුකෙළවරට ළං ව කෙලෙස්පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වෙයි. පියෝ නැති ව කෙලෙස්පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වෙයි. පියෝ ඇති ව කෙලෙස් පිරිනිවෙනින් පිරිනිවෙනසුලු වෙයි. අකනිට්ඨගාමී උද්ධංසෝත වෙයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මේ සත්පල සත් අනුසස් කැමති විය යුතු යි.
Pali BJT7. 3. 7.
Sinhala BJT7. 3. 7.
Pali BJTආනන්දසුත්තං
Sinhala BJTආනන්‍ද සූත්‍රය
Pali BJT3149. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “කතමා නු ඛො භන්තෙ, ඉද්ධි, කතමො ඉද්ධිපාදො, කතමා ඉද්ධිපාදභාවනා, කතමා ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා”ති.
Sinhala BJT3149. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ... එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, ඉද්ධි කවරේ ද ඉද්ධිපාද කවරේ ද ඉද්ධිපාදභාවනා කවරේ ද ඉද්ධිපාදභාවනාගාමිනීපටිපදා කවරේ දැ”යි.
Pali BJTඉධානන්ද, භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකොපි හුත්වා බහුධා හොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති”. අයං වුච්චතානන්ද, ඉද්ධි. කතමො චානන්ද, ඉද්ධිපාදො: යො ආනන්ද, මග්ගො යා පටිපදා ඉද්ධිලාභාය ඉද්ධිපටිලාභාය සංවත්තති. අයං වුච්චතානන්ද, ඉද්ධිපාදො. කතමාචානන්ද, ඉද්ධිපාදභාවනා: ඉධානන්ද, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. අයං වුච්චතානන්ද, ඉද්ධිපාදභාවනා. කතමාචානන්ද, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං වුච්චතානන්ද, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදාති.
Sinhala BJTආනන්‍ද, මෙහි මහණ නන් වැදෑරුම් ඉදුකොටස් විඳියි: “එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයින් වසයෙහි පවත්වයි”. ආනන්‍ද, මේ ඉදු යි කියනු ලැබේ. ආනන්‍ද, ඉදුපා කවරේ ද යත්: ආනන්‍ද, යම් මඟෙක් යම් පිළිවෙතෙක් ඉදු ලැබුම ඉදු පිළිලැබුම පිණිස පවතී නම් ආනන්‍ද, මේ ඉදුපා යි කියනු ලැබේ. ආනන්‍ද, ඉදුපා වැඩුම කවරේද යත්: ආනන්‍ද, මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. ආනන්‍ද, මේ ඉදුපා වැඩුමැ යි කියනු ලැබේ. ආනන්‍ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ ද යත්: මේ අරිඅටඟි මඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. ආනන්‍ද, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැයි කියනු ලැබේ යි.
Pali BJT7. 3. 8.
Sinhala BJT7. 3. 8.
Pali BJTදුතියආනන්දසුත්තං
Sinhala BJTදුතිය ආනන්‍ද සූත්‍රය
Pali BJT3150. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච: “කතමා නු ඛො ආනන්ද, ඉද්ධි, කතමො ඉද්ධිපාදො, කතමා ඉද්ධිපාදභාවනා, කතමා ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා”ති. භගවම්මූලකා නො භන්තෙ ධම්මා -පෙ- ඉධානන්ද, භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති -පෙ- අයං වුච්චතානන්ද, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදාති.
Sinhala BJT3150. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “ආනන්‍ද, ඉදු කවරේ ද, ඉදුපා කවරේ ද, ඉදුපා වැඩුම කවරේ ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ ද”යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... ආනන්‍ද, මෙහි මහණ නන් වැදෑරුම් ඉදුකොටස් විඳියි ... ආනන්‍ද, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැ යි කියනු ලැබේ යි.
Pali BJT7. 3. 9.
Sinhala BJT7. 3. 9.
Pali BJTසම්බහුලභික්ඛුසුත්තං
Sinhala BJTසම්බහුලභික්ඛු සූත්‍රය
Pali BJT3151. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. -පෙ- එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “කතමා නු ඛො භන්තෙ ඉද්ධි, කතමො ඉද්ධිපාදො, කතමා ඉද්ධිපාදභාවනා, කතමා ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා”ති. ඉධ භික්ඛවෙ, භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: “එකොපි හුත්වා බහුධා හොති -පෙ- අයං වුච්චති භික්ඛවෙ, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදාති.
Sinhala BJT3151. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත් පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, ඉදු කවරේ ද, ඉදුපා කවරේ ද, ඉදුපා වැඩුම කවරේ ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ දැ”යි. මහණෙනි, මෙහි මහණ නන් වැදෑරුම් ඉදුකොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ ... මහණෙනි, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැ යි කියනු ලැබේ යි.
Pali BJT7. 3. 10.
Sinhala BJT7. 3. 10.
Pali BJTදුතියසම්බහුලභික්ඛුසුත්තං
Sinhala BJTදුතියසම්බහුලභික්ඛු සූත්‍රය
Pali BJT3152. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු: -පෙ- එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ භගවා එතදවොච: කතමා නු ඛො භික්ඛවෙ, ඉද්ධි, කතමො ඉද්ධිපාදො, කතමා ඉද්ධිපාදභාවනා, කතමා ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදාති. භගවම්මූලකා නො භන්තෙ -පෙ-
Sinhala BJT3152. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහණෙනි, ඉදු කවරේ ද, ඉදුපා කවරේ ද, ඉදුපා වැඩුම කවරේ ද, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ දැ”යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ...
Pali BJTකතමා ච භික්ඛවෙ, ඉද්ධි: ඉධ භික්ඛවෙ, භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකොපි හුත්වා බහුධා හොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති. අයං වුච්චති භික්ඛවෙ, ඉද්ධි. කතමො ච භික්ඛවෙ, ඉද්ධිපාදො: යො භික්ඛවෙ, මග්ගො යා පටිපදා ඉද්ධිලාභාය ඉද්ධිපටිලාභාය සංවත්තති. අයං වුච්චති භික්ඛවෙ, ඉද්ධිපාදො. කතමා ච භික්ඛවෙ, ඉද්ධිපාදභාවනා: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. අයං වුච්චති භික්ඛවෙ, ඉද්ධිපාදභාවනා. කතමා ච භික්ඛවෙ, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො, සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදාති.
Sinhala BJTමහණෙනි, ඉදු කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ නන්වැදෑරුම් ඉදු කොටස් විඳී. එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයෙන් වසයෙහි පවත්වයි. මහණෙනි, මේ ඉදු යි කියනු ලැබේ. මහණෙනි, ඉදුපා කවරේ ද යත්: මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් ඉදු ලැබුම ඉදු පිළිලැබුම පිණිස පවතී ද, මහණෙනි, මේ ඉදුපා යි කියනු ලැබේ. මහණෙනි, ඉදුපා වැඩුම කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි … චිත්තසමාධි … වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඉදුපා වැඩුමැ යි කියනු ලැබේ. මහණෙනි, ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙත කවරේ ද යත්: මේ අරීඅටඟිමගමැ යි. එනම්: සම්මාදිට්ඨි … සම්මාසමාධි යි. මහණෙනි, මේ ඉදුපා වැඩුමට පමුණුවන පිළිවෙතැ යි කියනු ලැබේ යි.
Pali BJT7. 3. 11.
Sinhala BJT7. 3. 11.
Pali BJTමොග්ගල්ලානසුත්තං
Sinhala BJTමොග්ගල්ලාන සූත්‍රය
Pali BJT3153. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමෙසං ධම්මානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගල්ලානො භික්ඛු එවං මහිද්ධිකො එවං මහානුභාවොති. භගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ- චතුන්නං ඛො භික්ඛවෙ, ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගල්ලානො භික්ඛු එවංමහිද්ධිකො එවං මහානුභාවො. කතමෙසං චතුන්නං: ඉධ භික්ඛවෙ, මොග්ගල්ලානො භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉති මෙ ඡන්දො න ච අතිලීනො භවිස්සති -පෙ- සප්පභාසං චිත්තං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉති මෙ වීමංසා න ච අතිලීනා භවිස්සති, න ච අතිප්පග්ගහිතා භවිස්සති -පෙ- ඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගල්ලානො භික්ඛු එවං මහිද්ධිකො එවං මහානුභාවො.
Sinhala BJT3153. මහණෙනි, ඒ කිමැයි හඟිවු ද? කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ. ... මහණෙනි, සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු මහත් අනුභාව ඇත්තේ ය. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙහි මුගලන් මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේය ... බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය ... මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ ය. මෙබඳු මහත් අනුභාව ඇත්තේ ය.
Pali BJTඉමෙසං ච පන භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගලානො භික්ඛු එවං අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: “එකොපි හුත්වා බහුධා හොති. -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති”. ඉමෙසං ච පන භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගල්ලානො භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතී”ති.
Sinhala BJTමහණෙනි, මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙසේ නන් වැදෑරුම් ඉදු කොටස් විඳී: “එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයින් වයයෙහි පවත්ව”යි. මහණෙනි, මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
Pali BJT7. 3. 12.
Sinhala BJT7. 3. 12.
Pali BJTතථාගතසුත්තං
Sinhala BJTතථාගත සූත්‍රය
Pali BJT3154. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමෙසං ධම්මානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතො එවංමහිද්ධිකො එවංමහානුභාවොති. භගවංමූලකා නො භන්තෙ, ධම්මා -පෙ- චතුන්නං ඛො භික්ඛවෙ, ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතො එවංමහිද්ධිකො එවංමහානුභාවො. කතමෙසං චතුන්නං: ඉධ භික්ඛවෙ, තථාගතො ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉති මෙ ඡන්දො න ච අතිලීනො භවිස්සති. න ච අතිප්පග්ගහිතො භවිස්සති. -පෙ- ඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉති මෙ වීමංසා න ච අතිලීනා භවිස්සති, න ච අතිපග්ගහිතා භවිස්සති. න ච අජ්ඣත්තං සංඛිත්තා භවිස්සති, න ච බහිද්ධා වික්ඛිත්තා භවිස්සති. පච්ඡාපුරෙ සඤ්ඤී ච විහරති.
Sinhala BJT3154. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ දැ යි. වහන්ස, අපගේ දහම් භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ ය. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙහි තථාගත තෙමේ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා හැකුළුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය ... මෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය
Pali BJT‘යථා පුරෙ තථා පච්ඡා, යථා පච්ඡා තථා පුරෙ, යථා අධො තථා උද්ධං යථා උද්ධං තථා අධො, යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා.’
Sinhala BJT“පෙර යම්සේ නම් පසුත් එබඳු ය. පසු යම්සේ නම් පෙරත් එබඳු ය. යට යම්සේ නම් උඩත් එබඳු ය. උඩ යම්සේ නම් යටත් එබඳු ය. දහවල් යම්සේ නම් රෑත් එබඳු ය. රෑ යම්සේ නම් දහවලුත් එබඳු ය”යි පසු පෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
Pali BJTඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති.
Sinhala BJTමෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
Pali BJTඉමෙසං ච ඛො පන භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතො එවංමහිද්ධිකො එවංමහානුභාවො. ඉමෙසඤ්ච පන භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතො අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකොපි හුත්වා බහුධා හොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති. ඉමෙසඤ්ච පන භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJTමහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ මෙබඳු මහත් ඍද්ධි ඇත්තේ මෙබඳු අනුභාව ඇත්තේ ය. මහණෙනි, මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ නන් වැදෑරුම් ඉදු කොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයින් වසයෙහි පවත්වයි. මහණෙනි, මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් ඉහාත්මයෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
Pali BJT(ඡළභිඤ්ඤා විත්ථාරෙතබ්බා).
Sinhala BJT(ෂඩභිඥා විතර කටයුතු.)
Pali BJTඅයොගුළවග්ගො තතියො.
Sinhala BJTතෙවැනි අයෝගුළවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTමග්ගො අයොගුළො භික්ඛු සුද්ධිකඤ්ච දුවෙ ඵලා ආනන්දෙන දුවෙ වුත්තා භික්ඛූසම්බහුලෙ දුවෙ, එකාදසො මොග්ගල්ලානො ද්වාදසමො තථාගතොති.
Sinhala BJTමග්ග, අයොගුළ, භික්ඛු, සුද්ධක යි සූත්‍ර සතරෙකි. ඵලසූත්‍ර දෙකෙකි. ආනන්‍ද නමින් ද දෙකෙක් කියන ලදී, සම්බහුලභික්ඛු සූත්‍ර ද දෙකෙකි. එකොළොස්වැන්න මොග්ගල්ලාන ය, දොළොස් වන්න තථාගත ය යි සූත්‍ර මුළුල්ල දොළොසෙකි.
Pali BJT4. ගඞ්ගාපෙය්යාලවග්ගො
Sinhala BJT4. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
Pali BJT7. 4. 1-48.
Sinhala BJT7. 4. 1-48.
Pali BJTපාචීනනින්නාදිසුත්තානි
Sinhala BJTපාචීනනින්නාදි සූත්‍ර
Pali BJT3155-3202. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT3155-3202. මහණෙනි, යම්සේ ගඞ්ගා නදී තොමෝ පැදුන්දිගට නැමුණි පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද ... නිවනට බර වූයේ වේ යි.
Pali BJT(ඉද්ධිපාදවසෙන විත්ථාරෙතබ්බානි)
Sinhala BJT(ඉද්ධිපාද විසින් විතර කටයුතු)
Pali BJTගඞ්ගාපෙය්යාලවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි ගඞ්ගාපෙය්‍යාලවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමමාලාව:
Pali BJTඡ පාචීනතො නින්නා ඡ ච නින්නා සමුද්දතො, එතෙ ද්වෙ ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපාචීනනින්නචතුෂ්ක සයෙකි. සමුද්දනින්න චතුෂ්ක ද සයෙකි. මේ ෂට්කදෙක දොළසෙක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ. සූත්‍ර මුළුල්ල අටසාළිසෙකි.
Pali BJT5. අප්පමාදවග්ගො
Sinhala BJT5. අප්පමාද වර්‍ගය
Pali BJT7. 5. 1-40.
Sinhala BJT7. 5. 1-40.
Pali BJTතථාගතාදිසුත්තානි
Sinhala BJTතථාගතාදි සූත්‍ර
Pali BJT3203-3242. යාවතා භික්ඛවෙ සත්තා අපදා වා, දිපදා වා චතුප්පදා වා බහුප්පදා වා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT3203-3242. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම් තාක් සත්‍වයෝ වෙත් ද ... බහුල කෙරේ යි.
Pali BJTඅප්පමාදවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි අප්පමාදවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTතථාගතං පදං කූටං මූලං සාරෙන වස්සිකං, රාජා චන්දිමසූරියා ච වත්ථෙන දසමං පදන්ති.
Sinhala BJTතථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යි චතුෂ්කදශයෙකි, සාලිස්සුතුරෙකි.
Pali BJT6. බලකරණීයවග්ගො
Sinhala BJT6. බලකරණීය වර්‍ගය
Pali BJT7. 6. 1-48.
Sinhala BJT7. 6. 1-48.
Pali BJTබලාදි සුත්තානි
Sinhala BJTබලාදි සූත්‍ර
Pali BJT3243-3290. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කයිරන්ති -පෙ- බහුලීකරොතීති:
Sinhala BJT3243-3290. මහණෙනි, යම්සේ යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ කරනු ලැබෙත් ද ... බහුල කෙරෙයි.
Pali BJTබලකරණීයවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවැනි බලකරණීය වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTබලං බීජං ච නාගො ච රුක්ඛං කුම්භෙන සූකිනා ආකාසෙන ද්වෙ මෙඝා නාවා ආගන්තුකා නදී ති.
Sinhala BJTබල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි චතුෂ්ක සතෙකි. මේඝචතුෂ්ක දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යි චතුෂ්ක තුනෙකි. මුළුල්ල දොළොසෙකි. සුතුරු අටසාලිසෙකි.
Pali BJT7. එසනාවග්ගො
Sinhala BJT7. ඒසනා වර්‍ගය
Pali BJT7. 7. 1-160.
Sinhala BJT7. 7. 1-160.
Pali BJTඑසනාදි සුත්තානි
Sinhala BJTඑසනාදි සූත්‍ර
Pali BJT3291-3450. තිස්සො ඉමා භික්ඛවෙ එසනා. කතමා තිස්සො: -පෙ- භාවෙතබ්බාති.
Sinhala BJT3291-3450. මහණෙනි, මේ ඒසනා තුනෙකි, කවර තුනෙක් ද යත්: ... වැඩිය යුතුයි.
Pali BJT(විවෙකනිස්සිතාදි වසෙන අභිඤ්ඤා පරිඤ්ඤා පරික්ඛය පහාන වසෙන ච එකෙකස්මිං සොළස සොළස කත්වා එකසතසට්ඨිසුත්තන්තා විත්ථාරෙතබ්බා)
Sinhala BJT(විවෙක නිස්සිතාදි විසිනුදු පරිඤ්ඤා අභිඤ්ඤා පරික්ඛය පහාන විසිනුදු එකෙක සොළොස සොළොස කොට එක්සිය සැට සූත්‍රාන්ත කෙනෙක් විතර කටයුතු.)
Pali BJTඑසනාවග්ගො සත්තමො
Sinhala BJTසත්වැනි ඒසනාවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඑසනා විධා ආසවො භවො දුක්ඛතා ච තිස්සො, ඛිලං මලඤ්ච නීඝො ච වෙදනා තණ්හාහි චාති.
Sinhala BJTඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යි ෂෝඩශක දශයෙකි. එක්සිය සැටසුතුරෙකි.
Pali BJT8. ඔඝවග්ගො
Sinhala BJT8. ඕඝ වර්‍ගය
Pali BJT7. 8. 1-159.
Sinhala BJT7. 8. 1-159.
Pali BJTඔඝාදි සුත්තානි
Sinhala BJTඕඝාදි සූත්‍ර
Pali BJT3451-3609. චත්තාරො’මෙ භික්ඛවෙ ඔඝා. කතමෙ චත්තාරො: කාමොඝො භවොඝො දිට්ඨොඝො අවිජ්ජජොඝො -පෙ- භාවෙතබ්බාති.
Sinhala BJT3451-3609. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ භවොඝ දිට්ඨොඝ අවිජ්ජොඝ යි ... වැඩිය යුතු යි ...
Pali BJT(වුත්තනයෙනෙව විත්ථාරෙතබ්බානි.)
Sinhala BJT(කී නයින් ම විතර කටයුතු.)
Pali BJT7. 8. 160.
Sinhala BJT7. 8. 160.
Pali BJTඋද්ධම්භාගියසුත්තං
Sinhala BJTඋද්ධම්භාගිය සූත්‍රය
Pali BJT3610. පඤ්චිමානි භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච: රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය චත්තාරො ඉද්ධිපාදා භාවෙතබ්බා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය ඉමෙ චත්තාරො ඉද්ධිපාදා භාවෙතබ්බාති.
Sinhala BJT3610. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි, කවර පසෙක්ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස සිවු ඉදුපා වැඩියයුතු. කවර සිවු ඉදුපාද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහනු පිණිස මේ සිවු ඉදුපා වැඩියයුතු යි.
Pali BJTඔඝවග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවැනි ඕඝවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඔඝො යොගො උපාදානං ගන්ථො අනුසයෙන ච, කාමගුණා නීවරණා, ඛන්ධා ඔරුද්ධම්භාගියාති.
Sinhala BJTඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි ෂෝඩශක දශයෙකි. සුතුරු එක්සියසැටෙකි.
Pali BJTඉද්ධිපාදසංයුත්තං සමත්තං.
Sinhala BJTඉද්ධිපාදසංයුත්තය නිමියේය.
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ගනාමාවලිය:
Pali BJTඉද්ධිපාදෙ චාපාල පාසාදකම්පනයොගුළා ගඞ්ගාපෙය්යාල ආදීහි පඤ්චහි වග්ගො හොන්තට්ඨාති.
Sinhala BJTචාපාල, පාසාදකම්පන, අයොගුළ යන මොහු ගඞ්ගාපෙය්‍යාල ආදි පස සමග ඉද්ධිපාද සංයුත්තයෙහි වර්‍ග අටෙක් වේ.
Pali BJT8. අනුරුද්ධසංයුත්තං
Sinhala BJT8. අනුරුද්ධ සංයුත්තය
Pali BJT1. රහොගතවග්ගො
Sinhala BJT1. රහෝගත වර්‍ගය
Pali BJT8. 1. 1.
Sinhala BJT8. 1. 1.
Pali BJTරහොගතසුත්තං
Sinhala BJTරහෝගත සූත්‍රය
Pali BJT3611. එකං සමයං ආයස්මා අනුරුද්ධො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. අථ ඛො ආයස්මතො අනුරුද්ධස්ස රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “යෙසං කෙසඤ්චි චත්තාරො සතිපට්ඨානා විරද්ධා, විරද්ධො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමී. යෙසං කෙසඤ්චි චත්තාරො සතිපට්ඨානා ආරද්ධා, ආරද්ධො තෙසං අරියො මග්ගො සම්මාදුක්ඛක්ඛයගාමී”ති.
Sinhala BJT3611. එක්කලෙක ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝ සැවත සමීපයෙහි අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි වැඩවෙසෙති. එකල්හි රහෝගතව එකලාව සිටි ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය: “යම් කෙනකුන් විසින්, සිවු සීවටන් වරදවන ලද ද, මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමග ඔවුන් විසින් වරදවන ලදී. යම් කෙනකුන් විසින්, සිවු සීවටන් අරඹන ලද ද මැනවින් දුක් ගෙවීමට පමුණුවන අරිමග ඔවුන් විසින් අරඹන ලදී”යි.
Pali BJTඅථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මතො අනුරුද්ධස්ස චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය, සෙය්යථාපි නාම බලවා පුරිසො සමිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං ආයස්මතො අනුරුද්ධස්ස පමුඛෙ පාතුරහොසි. අථ ඛො ආයස්මා මහාමොග්ගල්ලානො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච: “කිත්තාවතා නුඛො, ආවුසො අනුරුද්ධ, භික්ඛුනො චත්තාරො සතිපට්ඨානා ආරද්ධා හොන්තී”ති? ඉධාවුසො භික්ඛු අජ්ඣත්තං කායෙ සමුදයධම්මානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අජ්ඣත්තං කායෙ වයධම්මානුපස්සී විහරති, -පෙ- අජ්ඣත්තං කායෙ සමුදයවයධම්මානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. බහිද්ධා කායෙ සමුදයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා කායෙ වයධම්මානුපස්සී විහරති -පෙ- බහිද්ධා කායෙ සමුදයවයධම්මානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අජ්ඣත්තබහිද්ධා කායෙ සමුදයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා කායෙ වයධම්මානුපස්සී විහරති -පෙ- අජ්ඣත්තබහිද්ධා කායෙ සමුදයවයධම්මානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ගේ චිත්තවිතර්‍කයෙක් සිය සිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ දිගු කළ අතක් හකුළුවන්නේ හෝ වේ ද, එසෙයින් ම ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් ඉදිරියෙහි පහළවූහ. එකල්හි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි අනුරුද්ධයෙනි, කෙතෙකින් මහණහුගේ සිවු සීවටන් පිරිපුන් වේ දැ”යි. ඇවැත්නි, මෙසසුන්හි මහණ සිය කයෙහිත් හටගැනුම් ස්වභාව අනුව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇතිව මනාදැනුම් ඇතිව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. සිය කයෙහි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. සිය කයෙහි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මෙරමා කයෙහි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා කයෙහි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. මෙරමා කයෙහි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. තමාගේ හා මෙරමාගේ කයෙහි හටගැනුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. තමාගේ හා මෙරමාගේ කයෙහි වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව ... වෙසේ. තමාගේ හා මෙරමාගේ කයෙහි හටගැනුම් වැනසුම් ස්වභාව අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කායලෝකයෙහි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ.