Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි. ගච්ඡ ඛො ත්වං ආනන්ද, යස්සදානි කාලං මඤ්ඤසීති. එවං භන්තෙති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා අවිදූරෙ අඤ්ඤතරස්මිං රුක්ඛමූලෙ නිසීදි.
Sinhala BJTඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනඳ තෙරුන් ඇමතූ සේක: ආනන්‍ද, යමකට කල් දනිවු නම් තෙපි දැන් යවු යි. වහන්ස, එසේ ය යි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නුදුරෙහි එක්තරා රුක්මුලෙක වැඩහුන්හ.
Pali BJTඅථ ඛො මාරො පාපිමා{1} යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං එතදවොච: “පරිනිබ්බාතු’දානි භන්තෙ, භගවා, පරිනිබ්බාතු සුගතො{2}, පරිනිබ්බානකාලො’දානි භන්තෙ, භගවතො. භාසිතා ඛො පනෙසා භන්තෙ භගවතා වාචා: න තාවාහං පාපිම, පරිනිබ්බායිස්සාමි යාව මෙ භික්ඛූ න සාවකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා පත්තයොගක්ඛෙමා බහුස්සුතා{3} ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසිස්සන්ති පඤ්ඤාපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහීතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙස්සන්තී”ති.
Sinhala BJTඑකල්හි පවිටු මරු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: වහන්ස, භාග්‍යවතුන් වහන්සේ දැන් පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන කාලය යි. වහන්ස, “පවිට යම් තාක් මාගේ සවුමහණහු ව්‍යක්තයෝ විනීතයෝ විශාරදයෝ පැමිණි රහත් බැව් ඇත්තෝ බහුශ්‍රැතයෝ ධර්‍මධරයෝ ධර්‍මානුධර්‍මප්‍රතිපන්නයෝ සාමීචිප්‍රතිපන්නයෝ අනුධර්‍මචාරීහු නො වන්නාහු ද, සිය ඇදුරුදහම ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවරණය නො කරන්නාහු ද, නො බෙදන්නාහු ද, උඩුහුරු නො කරන්නාහු ද, උපන් පරවාද කරුණු සහිතව මැනවින් නිග්‍රහ කොට මැඬ නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද ඒ තාක් මම නො පිරිනිවෙන්නෙමි” යි තෙල වදන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ම ය.
Pali BJTසන්ති ඛො පන භන්තෙ, එතරහි භික්ඛූ භගවතො සාවකා වියත්තා විනීතා විසාරදා පත්තයොගක්ඛෙමා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤාපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙන්ති. පරිනිබ්බාතු’දානි භන්තෙ, භගවා, පරිනිබ්බාතු සුගතො, පරිනිබ්බානකාලො’දානි භන්තෙ, භගවතො. භාසිතා ඛො පනෙසා භන්තෙ, භගවතා වාචා: “න තාවාහං පාපිම, පරිනිබ්බායිස්සාමි යාව මෙ භික්ඛුනියො න සාවිකා භවිස්සන්ති -පෙ- යාව මෙ උපාසකා න සාවකා භවිස්සන්ති -පෙ- යාව මෙ උපාසිකා න සාවිකා භවිස්සන්ති වියත්තා විනීතා විසාරදා, පත්තයොගක්ඛෙමා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛිස්සන්ති දෙසිස්සන්ති පඤ්ඤාපෙස්සන්ති පට්ඨපෙස්සන්ති විවරිස්සන්ති විභජිස්සන්ති උත්තානීකරිස්සන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසිස්සන්තී”ති.
Sinhala BJTවහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්‍ෂූහු ව්‍යක්ත විනීත විශාරද ප්‍රාප්තයෝගක්‍ෂේම බහුශ්‍රුත ධර්‍මධර ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්‍මචාරී වෙත් ම ය. (ඔහු) සිය ඇදුරුවාදය ඉගෙන කියත් දේශනා කෙරෙත්, පනවත්, පිහිටුවත්, විවරණය කෙරෙත්, බෙදෙත්, උඩුහුරු කෙරෙත්, උපන් පරවාද කරුණු සහිත ව මැනැවින් නිගහන ලද්දක් කොට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා, සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන කාලය යි. වහන්ස, “පවිට, යම් තාක් මාගේ සවුමෙහෙණහු ... නො වන්නාහු ද, යම් තාක් මාගේ සවු උවසුවෝ ... නො වන්නාහු ද, යම් තාක් මාගේ සවු උවැසියෝ ව්‍යක්ත විනීත විශාරද ප්‍රාප්තයෝගක්‍ෂේම බහුශ්‍රුත ධර්‍මධර ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්‍මචාරී නො වන්නාහු ද, සිය අදුරුවාදය ඉගෙන නො කියන්නාහු ද, නො දෙසන්නාහු ද, නො පනවන්නාහු ද, නො පිහිටුවන්නාහු ද, විවරණය නො කරන්නාහු ද, නො බෙදන්නාහු ද නො උඩුහුරු කරන්නාහු ද උපන් පරවාද සකාරණ කොට මැනැවින් නිගහන ලද්දක් කොට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් නො දෙසන්නාහු ද, ඒතාක් මම නො පිරිනිවෙන්නෙමි” යි තෙල වදන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ම ය.
Pali BJTසන්ති ඛො පන භන්තෙ, එතරහි උපාසිකා භගවතො සාවිකා වියත්තා විනීතා විසාරදා පත්තයොගක්ඛෙමා බහුස්සුතා ධම්මධරා ධම්මානුධම්මපටිපන්නා සාමීචිපටිපන්නා අනුධම්මචාරිනියො, සකං ආචරියකං උග්ගහෙත්වා ආචික්ඛන්ති දෙසෙන්ති පඤ්ඤාපෙන්ති පට්ඨපෙන්ති විවරන්ති විභජන්ති උත්තානීකරොන්ති, උප්පන්නං පරප්පවාදං සහධම්මෙන සුනිග්ගහිතං නිග්ගහෙත්වා සප්පාටිහාරියං ධම්මං දෙසෙන්ති. පරිනිබ්බාතු’දානි භන්තෙ, භගවා, පරිනිබ්බාතු සුගතො, පරිනිබ්බානකාලො’දානි, භන්තෙ, භගවතො. භාසිතා ඛො පනෙසා භන්තෙ, භගවතා වාචා න තාවාහං පාපිම, පරිනිබ්බායිස්සාමි: යාව මෙ ඉදං බ්රහ්මචරියං න ඉද්ධඤ්චෙව භවිස්සති ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතන්ති”. නන්විදං{1} භන්තෙ භගවතො බ්රහ්මචරියං ඉද්ධඤ්චෙව ඵීතඤ්ච විත්ථාරිකං බාහුජඤ්ඤං පුථුභූතං යාව දෙවමනුස්සෙහි සුප්පකාසිතං. පරිනිබ්බාතු’දානි භන්තෙ, භගවා, පරිනිබ්බාතු සුගතො. පරිනිබ්බානකාලො’දානි භන්තෙ, භගවතොති.
Sinhala BJTවහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේගේ සවු උවැසියෝ ව්‍යක්ත විනීත විශාරද ප්‍රාප්තයෝගක්‍ෂේම බහුශ්‍රුත ධර්‍මධර ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සාමීචිප්‍රතිපන්න අනුධර්‍මචාරී වෙත් ම ය. (ඔහු) සිය ඇදුරු වාදය ඉගෙන කියත්, දෙසත්, පනවත්, පිහිටුවත්, විවරණය කෙරෙත්, බෙදත්, උඩුහුරු කෙරෙත්, උපන් පරවාද සකාරණ කොට මැනැවින් නිගහන ලද්දක් කොට නිගහා නෛර්‍ය්‍යාණික කොට දහම් දෙසත්. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා. වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන කාලය යි. වහන්ස, “පවිට, යම් තාක් මේ සසුන් බඹසර සමෘද්ධ නො වන්නේ ද, සමෘද්ධ වූයේ වැඩීමට පැමිණියේ පතළේ බොහෝ දෙනා විසින් දන්නා ලද්දේ පුළුල් බවට පැමිණියේ නො වන්නේ ද, ඇති තාක් දෙවිමිනිසුන් විසින් නො පවසන ලද්දේ ද, ඒ තාක් මම නො පිරිනිවෙන්නෙමි” යි මෙවදන භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද්දේ ම ය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ මේ සසුන් බඹසර සමෘද්ධ වූයේත් වැඩීමට පැමිණියේත් පතළේත් බොහෝ දෙනා විසින් දන්නා ලද්දේත් පුළුල් බවට පැමිණියේත් ඇති තාක් දෙවිමිනිසුන් විසින් පවසන ලද්දේත් නො වේ ද, වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවෙන සේක්වා සුගතයන් වහන්සේ පිරිනිවෙන සේක්වා වහන්ස, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවෙන කාලය යි.
Pali BJTඑවං වුත්තෙ භගවා මාරං පාපිමන්තං එතදවොච: “අප්පොස්සුක්කො ත්වං පාපිම හොහි. න චිරං තථාගතස්ස පරිනිබ්බානං භවිස්සති. ඉතො තිණ්ණං මාසානං අච්චයෙන තථාගතො පරිනිබ්බායිස්සතී”ති. අථ ඛො භගවා චාපාලෙ චෙතියෙ සතො සම්පජානො ආයුසඞ්ඛාරං ඔස්සජි.{2} ඔස්සට්ඨෙ ච භගවතා ආයුසඞ්ඛාරෙ මහාභූමිචාලො අහොසි භිංසනකො ලොමහංසො, දෙවදුන්දුභියො ච ඵලිංසු{3} අථ ඛො භගවා එතමත්ථං විදිත්වා තායං වෙලායං ඉමං උදානං උදානෙසි:
Sinhala BJTමෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ පවිටු මරුහට මෙය වදාළ සේක: “පවිට, තෝ හළ වෑයම් ඇත්තෙක් වෙව. නොබෝ කලෙකින් තථාගතයන් වහන්සේගේ පිරිනිවීම වන්නේ ය. මෙයින් තෙමසක් අවෑමෙන් තථාගතයෝ පිරිනිවෙන්නාහ” යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑයෙහි දී සිහි ඇති ව මනා දැනුම් ඇති ව ආයුසංස්කාර හළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුසංස්කාර හළ කල්හි බිහිසුණු ලොමුදහගන්වන මහාභූමිකම්පාවක් විය. දෙව්බෙර ද පැලුණහ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙකරුණ දැන එවේලායෙහි මේ උදානය පහළකළ සේක:
Pali BJT“තුලමතුලඤ්ච සම්භවං භවසඞ්ඛාරමවස්සජි මුනි අජ්ඣත්තරතො සමාහිතො අභිදා{4} කවචමිවත්තසම්භවන්ති.
Sinhala BJTපුනර්‍භවය සකස් කරන උප්පත්ති ජනක කාමාවචර රූපාවචර අරූපාවචර නොහොත් අල්පවිපාක බහුවිපාක කර්‍ම බුද්ධමුනි තෙමේ හළේ ය. නිජඅද්ධ්‍යාත්මයෙහි ඇලුණේ උපාචාර අර්‍පණා වශයෙන් සමාහිත වූයේ තමා කෙරෙහි හටගත් කෙලෙස් ද භවගාමී කර්‍ම ද (යුදබිමෙභි සෙබළෙක්) කවචයක් මෙන් බිඳ දැම්මේ ය. නොහොත් නිවනත් භවයත් භවගාමී කර්‍මත් තීරණය කරමින් බුද්ධමුනි තෙමේ ආර්‍ය්‍යමාර්‍ගයෙන් හළේ ය. විදර්‍ශනා වශයෙන් අද්ධ්‍යාත්මයෙහි ඇලුණේ සමථ වශයෙන් සමාහිත වූයේ කවචයක් මෙන් සිය අත්බැව වැළඳගෙන සිටි කෙලෙස් දැල සිඳ දැම්මේ ය.
Pali BJTචාපාලවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි චාපාලවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමමාලාව:
Pali BJTඅපාරො ච විරද්ධො චාරියො නිබ්බිදා පදෙසං, සමත්තො ච භික්ඛු ච අරහං ඤාණචෙතියාති.
Sinhala BJTඅපාර, විරද්ධ, අරිය, නිබ්බිදා, පදෙස, සමත්ත, භික්ඛු, අරහන්ත, ඤාණ, චේතිය යි සූත්‍ර දශයෙකි යි.
Pali BJT2. පාසාදකම්පනවග්ගො
Sinhala BJT2. පාසාදකම්පන වර්‍ගය
Pali BJT7. 2. 1.
Sinhala BJT7. 2. 1.
Pali BJTහෙතුසුත්තං
Sinhala BJTහේතු සූත්‍රය
Pali BJT3133. සාවත්ථියං:
Sinhala BJT3133. සැවැත්නුවර:
Pali BJTපුබ්බෙව මෙ භික්ඛවෙ, සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි: “කො නු ඛො හෙතු කො පච්චයො ඉද්ධිපාදභාවනායා”ති? තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “ඉධ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, ඉති මෙ ඡන්දො න ච අතිලීනො භවිස්සති, න ච අතිපග්ගහිතො භවිස්සති, න ච අජ්ඣත්තං සඞ්ඛිත්තො භවිස්සති, න ච බහිද්ධා වික්ඛිත්තො භවිස්සති. පච්ඡා පුරෙ සඤ්ඤී ච විහරති,
Sinhala BJTමහණෙනි, සම්බෝධියෙන් පෙර බුදුබවට නො පැමිණි බෝසත් වූ ම මට මේ සිත විය: “ඉදුපා වැඩුම පිණිස කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ” යි. මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් විය: “මෙහි මහණ තෙමේ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඍද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
Pali BJTයථා පුරෙ තථා පච්ඡා, යථා පච්ඡා තථා පුරෙ, යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො, යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා.
Sinhala BJTපෙර යම්සේ නම් පසුත් එසේ ය, පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම්සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය. දහවල යම්සේ නම් රෑත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ ය යි.
Pali BJTඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති.
Sinhala BJTපසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසෙයි. මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
Pali BJTවිරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉති මෙ විරියං න ච අතිලීනං භවිස්සති, න ච අතිපග්ගහිතං භවිස්සති, න ච අජ්ඣත්තං සංඛිත්තං භවිස්සති, න ච බහිද්ධා වික්ඛිත්තං භවිස්සති. පච්ඡා පුරෙ සඤ්ඤී ච විහරති.
Sinhala BJTවීර්‍ය්‍යය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීර්‍ය්‍යය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
Pali BJTයථා පුරෙ තථා පච්ඡා, යථා පච්ඡා තථා පුරෙ, යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො, යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා.
Sinhala BJTපෙර යම් බඳු නම් පසුත් එබඳු ය. පසු යම් බඳු නම් පෙරත් එබඳු ය. යට යම් බඳු නම් උඩත් එබඳු ය. උඩ යම් බඳු නම් යටත් එබඳු ය. දහවල් යම් බඳු නම් රෑත් එබඳු ය. රෑ යම් බඳු නම් දහවලුත් එබඳු ය යි පසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
Pali BJTඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති.
Sinhala BJTමෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩ යි.
Pali BJTචිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉති මෙ චිත්තං න ච අතිලීනං භවිස්සති. න ච අතිප්පග්ගහිතං භවිස්සති. න ච අජ්ඣත්තං සංඛිත්තං භවිස්සති. න ච බහිද්ධා වික්ඛිත්තං භවිස්සති. පච්ඡා පුරෙ සඤ්ඤී ච විහරති.
Sinhala BJTචිත්තය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩ යි. මෙසේ මාගේ සිත ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
Pali BJTයථා පුරෙ තථා පච්ඡා, යථා පච්ඡා තථා පුරෙ, යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො, යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා.
Sinhala BJTපෙර යම්සේ නම් පසුත් එබඳු ය. පසු යම්සේ නම් පෙරත් එබඳු ය. යට යම්සේ නම් උඩත් එබඳු ය. උඩ යම්සේ නම් යටත් එබඳු ය. දහවල් යම්සේ නම් රෑත් එබඳු ය. රෑ යම්සේ නම් දහවලුත් එබඳු ය යි පසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
Pali BJTඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති.
Sinhala BJTමෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
Pali BJTවීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉති මෙ වීමංසා න ච අතිලීනා භවිස්සති. න ච අතිප්පග්ගහිතා භවිස්සති. න ච අජ්ඣත්තං සංඛිත්තා භවිස්සති. න ච බහිද්ධා වික්ඛිත්තා භවිස්සති. පච්ඡා පුරෙ සඤ්ඤී ච විහරති.
Sinhala BJTවීමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩිකොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
Pali BJTයථා පුරෙ තථා පච්ඡා, යථා පච්ඡා තථා පුරෙ, යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො, යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා.
Sinhala BJTපෙර යම් බඳු නම් පසුත් එසේ ය. පසු යම් බඳු නම් පෙරත් එසේ ය. යට යම් බඳු නම් උඩත් එසේ ය. උඩ යම් බඳු නම් යටත් එසේ ය. දහවල් යම් බඳු නම් රෑත් එසේ ය. රෑ යම් බඳු නම් දහවලුත් එසේ ය යි පසු පෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
Pali BJTඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති.
Sinhala BJTමෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
Pali BJTඑවං භාවිතෙසු ඛො භික්ඛවෙ, භික්ඛු චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු, අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති. එකොපි හුත්වා බහුධා හොති, බහුධාපි හුත්වා එකො හොති. ආවිභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානො ගච්ඡති, සෙය්යථාපි ආකාසෙ. පඨවියාපි උම්මුජ්ජ නිම්මුජ්ජං කරොති සෙය්යථාපි උදකෙ. උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡති සෙය්යථාපි පඨවියං. ආකාසෙ’පි පල්ලඞ්කෙන කමති සෙය්යථාපි පක්ඛිසකුණො. ඉමෙපි චන්දිමසුරියෙ එවං මහිද්ධිකෙ එවං මහානුභාවෙ පාණිනා පරාමසති පරිමජ්ජති යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති. එවං භාවිතෙසු ඛො භික්ඛවෙ, භික්ඛු චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු දිබ්බාය සොතධාතුයා විසුද්ධාය අතික්කන්තමානුසිකාය. උභො සද්දෙ සුණාති දිබ්බෙ ච මානුසෙ ච දූරෙ සන්තිකෙ චාති.
Sinhala BJTමහණෙනි, මහණ මෙසේ සතර ඍද්ධිපාද වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් ඍද්ධිවිධ අනුභව කරයි. එකෙක් ව ද බොහෝ අයුරු වේ. බොහෝ අයුරු ව ද එකෙක් වේ. පළට බව සැඟවුණු බව (විඳියි.) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහසෙහි මෙන් නො ගැටෙමින් යේ. පොළොවෙහි ද දියෙහි මෙන් මතුවීම කිමිදීම කෙරේ. පොළොවෙහි මෙන් නොබිඳෙන දියෙහි ද යේ. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහසෙහි ද පලඟින් යුතු ව ගමන් කෙරේ, මෙසේ මහත් ඍද්ධි ඇති මෙසේ මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙන ද අතින් පහස්සි. පිරිමදියි. බඹලොව තෙක් ද කයින් වසයෙහි පවත්වයි. __check translation here__
Pali BJTඑවං භාවිතෙසු ඛො භික්ඛවෙ, භික්ඛු චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු, පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතොපරිච්ච පජානාති. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං සදොසං චිත්තන්ති පජානාති. වීතදොසං වා චිත්තං වීතදොසං චිත්තන්ති පජානාති. සමොහං වා චිත්තං සමොහං චිත්තන්ති පජානාති. වීතමොහං වා චිත්තං වීතමොහං චිත්තන්ති පජානාති. සඞ්ඛිත්තං වා චිත්තං සඞ්ඛිත්තං චිත්තන්ති පජානාති. වික්ඛිත්තං වා චිත්තං වික්ඛිත්තං චිත්තන්ති පජානාති. අමහග්ගතං වා චිත්තං අමහග්ගතං චිත්තන්ති පජානාති. මහග්ගතං වා චිත්තං මහග්ගතං චිත්තන්ති පජානාති. සඋත්තරං වා චිත්තං සඋත්තරං චිත්තන්ති පජානාති. අනුත්තරං වා චිත්තං අනුත්තරං චිත්තන්ති පජානාති. අසමාහිතං වා චිත්තං අසමාහිතං චිත්තන්ති පජානාති. සමාහිතං වා චිත්තං සමාහිතං චිත්තන්ති පජානාති. අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාති විමුත්තං වා චිත්තං විමුත්තං චිත්තන්ති පජානාති.
Sinhala BJTමහණෙනි, මහණ මෙසේ සතර ඍද්ධිපාද වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ශුද්ධ වූ මිනිස්බැව් ඉක්ම පැවැති දිව්‍යමය ශ්‍රෝත්‍රධාතුවෙන් දුරවූ ද ළඟ වූ ද මානුෂික දෙසද අසයි. මහණෙනි, මහණ සතර ඍද්ධිපාද මෙසේ වැඩූ කල්හි අන්සතුන්ගේ අන්පුඟුලන්ගේ සිත තමසිතින් පිරිසිඳ දනී. සරාග සිතත් සරාග සිතැ යි දනී. වීතරාග සිතත් වීතරාග සිතැ යි දනී. සදෝස සිතත් සදෝස සිතැ යි දනී. වීතදෝස සිතත් වීතදෝස සිතැ යි දනී. සමෝහ සිතත් සමෝහ සිතැ යි දනී. වීතමෝහ සිතත් වීතමෝහ සිතැ යි දනී. සඞ්ඛිත්ත සිතත් සඞ්ඛිත්ත සිතැ යි දනී. වික්ඛිත්ත සිතත් වික්ඛිත්ත සිතැ යි දනී. අමහග්ගත සිතත් අමහග්ගත සිතැ යි දනී. මහග්ගත සිතත් මහග්ගත සිතැ යි දනී. සඋත්තර සිතත් සඋත්තර සිතැ යි දනී. අනුත්තර සිතත් අනුත්තර සිතැ යි දනී. අසමාහිත සිතත් අසමාහිත සිතැ යි දනී. සමාහිත සිතත් සමාහිත සිතැ යි දනී. අවිමුත්ත සිතත් අවිමුත්ත සිතැ යි දනී. විමුත්ත සිතත් විමුත්ත සිතැ යි දනී.
Pali BJTඑවං භාවිතෙසු ඛො භික්ඛවෙ, භික්ඛු චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථිදං: “එකම්පි ජාතිං ද්වෙපි ජාතියො තිස්සොපි ජාතියො චතස්සොපි ජාතියො පඤ්චපි ජාතියො දසපි ජාතියො වීසම්පි{1} ජාතියො තිංසම්පි ජාතියො චත්තාරීසම්පි ජාතියො පඤ්ඤාසම්පි ජාතියො ජාතිසතම්පි ජාතිසහස්සම්පි ජාතිසතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ අනෙකෙපි විවට්ටකප්පෙ අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ. අමුත්රාසිං: එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උදපාදිං. තත්රාපාසිං: එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නො”ති. ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති.
Sinhala BJTමහණෙනි, මහණ සතර ඍද්ධිපාද මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරෙයි. ඒ මෙසේ යි: එක් ජාතියක් ද ජාති දෙකක් ද ජාති තුනක් ද ජාති සතරක් ද ජාති පහක් ද ජාති දශයක් ද ජාති විස්සක් ද ජාති තිසක් ද ජාති සතලිසක් ද ජාති පනසක් ද ජාති සියයක් ද ජාති දහසක් ද ජාති සියදහසක් ද නොයෙක් නැසෙන කල්ප ද නොයෙක් වැඩෙන කල්ප ද නොයෙක් නැසෙන වැඩෙන කල්ප ද (සිහි කෙරේ.) අසුවල් තැන මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු වර්‍ණ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳින සුල්ලෙම් මෙබඳු ආයු කෙළවර ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත ව අසවල්තැන උපන්මි. එහි දු මෙබඳු නම් ඇත්තෙම් මෙබඳු ගොත් ඇත්තෙම් මෙබඳු වර්‍ණ ඇත්තෙම් මෙබඳු අහර ඇත්තෙම් මෙසේ සුවදුක් විඳින සුල්ලෙම් මෙබඳු ආයු කෙළවර ඇත්තෙම් වීමි. ඒ මම එයින් ච්‍යුත ව පැමිණියෙමි යි මෙසේ අයුරු සහිත උදෙසුම් සහිත නන්වැදෑරුම් පෙර විසූ කඳපිළිවෙළ සිහි කෙරේ.
Pali BJTඑවං භාවිතෙසු ඛො භික්ඛවෙ, භික්ඛු චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු, දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති: “චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති: ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නා”ති. ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති: “චවමානෙ උප්පජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ, සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාතී”ති.
Sinhala BJTමහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි විසුද්ධ වූ මිනිස් ඇස ඉක්ම පැවැති දිවැසින් සතුන් දකී. ච්‍යුත වන උපදින හීන ප්‍රණීත මනාවර්‍ණ ඇති නපුරුවර්‍ණ ඇති මනාගති ඇති නපුරුගති ඇති කම් වූ පරිදි පැමිණි සතුන් දැනගනී. මේ භවත් සත්ත්‍වයෝ කායදුශ්චරිතයෙන් යුක්ත වූවාහු වාග්දුශ්චරිතයෙන් යුක්ත වූවාහු මානෝදුශ්චරිතයෙන් යුක්ත වූවාහු ආර්‍ය්‍යයන්ට උපවාද කරන්නාහු මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහු මිථ්‍යාදෘෂ්ටිකර්‍ම සමාදන් වූවාහු වෙති. ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ නපුරු ගති ඇති විවස ව පතිත වන නිරයට පැමිණියහ. මේ භවත් සත්ත්‍වයෝ වනාහි කායසුචරිතයෙන් යුතුවහ, වාක්සුචරිතයෙන් යුතුවහ. මනඃසුචරිතයෙන් යුතුවහ. ආර්‍ය්‍යෝපවාද නො කරන්නාහ. සම්‍යග්දෘෂ්ටි ඇතියහ, සම්‍යග්දෘෂ්ටි කර්‍ම සමාදන් වූවහ. ඔහු කාබුන් මරණින් මතු සෝභනගති ඇති සගලොවට පැමිණියහ” යි, මෙසේ විශුද්ධ මිනිසැස ඉක්ම පැවති දිවැසින් සතුන් දකී. ච්‍යුත වන උපදින හීන ප්‍රණීත සුවර්‍ණ දුර්වර්‍ණ සුගත දුර්‍ගත යථාකර්මෝපග සතුන් දැනගනී.
Pali BJTඑවං භාවිතෙසු ඛො භික්ඛවෙ, භික්ඛු චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJTමහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තමා විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
Pali BJT7. 2. 2.
Sinhala BJT7. 2. 2.
Pali BJTමහප්ඵලසුත්තං
Sinhala BJTමහප්ඵල සූත්‍රය
Pali BJT3134. චත්තාරො’මෙ භික්ඛවෙ, ඉද්ධිපාදා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා. කථං භාවිතා ච ඛො භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා කථං බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති: “ඉති ඛො මෙ ඡන්දො න ච අතිලීනො භවිස්සති, න ච අතිප්පග්ගහිතො භවිස්සති, න ච අජ්ඣත්තං සඞ්ඛිත්තො භවිස්සති, න ච බහිද්ධා වික්ඛිත්තො භවිස්සති, පච්ඡා පුරෙ සඤ්ඤී ච විහරති:
Sinhala BJT3134. මහණෙනි, මේ සිවු ඉදුපා වඩන ලදුයේ බහුල කරන ලදුයේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සිවු ඉදුපා මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය සැඟවුණේ නො ද වන්නේ ය, ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
Pali BJTයථා පුරෙ තථා පච්ඡා, යථා පච්ඡා තථා පුරෙ, යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො, යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා”.
Sinhala BJTපෙර යම්සේ නම් පසුත් එසේ ය, පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම්සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය, දහවල් යම්සේ නම් රැයත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ” ය යි පසු පෙර හැඟීම් ඇත්තේද වෙසේ.
Pali BJTඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති.
Sinhala BJTමෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
Pali BJTවිරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉති ඛො මෙ වීමංසා න‘ච අතිලීනා භවිස්සති. න ච අතිප්පග්ගහිතා භවිස්සති, න ච අජ්ඣත්තං සංඞ්ඛිත්තා භවිස්සති, න ච බහිද්ධා වික්ඛිත්තා භවිස්සති, පච්ඡා පුරෙ සඤ්ඤී ච විහරති:
Sinhala BJTවිරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය,
Pali BJT“යථා පුරෙ තථා පච්ඡා, යථා පච්ඡා තථා පුරෙ, යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො, යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා.”
Sinhala BJTපෙර යම්බඳු නම් පසුත් එබඳු ය. පසු යම් බඳු නම් පෙරත් එබඳු ය. යට යම්බඳු නම් උඩත් එබඳු ය. උඩ යම්බඳු නම් යටත් එබඳු ය. දහවල් යම්බඳු නම් රෑත් එබඳු ය. රෑ යම්බඳු නම් දහවලුත් එබඳු ය”යි පසුපෙර හැඟීම් ඇත්තේ ද වෙසෙ යි.
Pali BJTඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති. එවං භාවිතා ඛො භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා එවං බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා.
Sinhala BJTමෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩ යි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරනලද සිවු ඉදුපා මහත්ඵල මහානිසංස වේ.
Pali BJTඑවං භාවිතෙසු ඛො භික්ඛවෙ, භික්ඛු චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: “එකොපි හුත්වා බහුධා හොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති” -පෙ- එවං භාවිතෙසු ඛො භික්ඛවෙ, භික්ඛු චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJTමහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන්වැදෑරුම් ඉදු කොටස් විඳි යි. එකක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් ද කයින් වසයෙහි පවත්ව යි ... මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි සිවු ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
Pali BJT7. 2. 3.
Sinhala BJT7. 2. 3.
Pali BJTඡන්දසුත්තං
Sinhala BJTඡන්‍ද සූත්‍රය
Pali BJT3135. ඡන්දං චෙ භික්ඛවෙ, භික්ඛු නිස්සාය ලභති සමාධිං, ලභති චිත්තස්සෙකග්ගතං. අයං වුච්චති ඡන්දසමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා. ඉති අයඤ්ච ඡන්දො, අයඤ්ච ඡන්දසමාධි, ඉමෙ ච පධානසඞ්ඛාරා. අයං වුච්චති භික්ඛවෙ, ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො.
Sinhala BJT3135. මහණෙනි, ඉදින් මහණ ඡන්‍දය නිසා සමාධියක් ලබා නම් සිතේ එකඟ බවක් ලබා නම් මේ ඡන්‍දසමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් ප්‍රහාණ කරනු පිණිස ඡන්‍දය උපදවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනී. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිස ඡන්‍දය දනවයි, වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩිකොට ගනී. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන්කුසල් දහම් පැවැත්ම පිණිස අවිනාසය පිණිස බොහෝ බැව් පිණිස විපුල බැව් පිණිස වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මොහු පදහන්සංස්කාරයෝය කියනු ලැබෙත්. මෙසේ මේ ඡන්‍දයත් මේ ඡන්‍දසමාධියත් මේ ප්‍රධන්සංස්කාරයොත් වෙද් ද, මහණෙනි, මේ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
Pali BJTවිරියඤ්චෙ භික්ඛවෙ, භික්ඛු නිස්සාය ලභති සමාධිං, ලභති චිත්තස්සෙකග්ගතං. අයං වුච්චති විරියසමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා. ඉති ඉදඤ්ච විරියං, අයඤ්ච විරියසමාධි, ඉමෙ ච පධානසඞ්ඛාරා. අයං වුච්චති භික්ඛවෙ, විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ වීර්‍ය්‍යය නිසා සමාධියක් ලබා ද සිතේ එකඟකමක් ලබා ද, මේ වීර්‍ය්‍යසමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස ... උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම අවිනාශය බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස ඡන්‍දය දනවයි, වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මොහු ප්‍රධන්සංස්කාරයෝ ය යි කියනු ලැබෙත්. මෙසේ මේ වීර්‍ය්‍යයත් මේ විරියසමාධියත් මේ ප්‍රධන්සංස්කාරයෝත් වෙද්ද, මහණෙනි, මේ විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
Pali BJTචිත්තඤ්චෙ භික්ඛවෙ, භික්ඛු නිස්සාය ලභති සමාධිං. ලභති චිත්තස්ස එකග්ගතං, අයං වුච්චති චිත්තසමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා. ඉති ඉදඤ්ච චිත්තං, අයඤ්ච චිත්තසමාධි, ඉමෙ ච පධානසඞ්ඛාරා. අයං වුච්චති භික්ඛවෙ, චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ සිත නිසා සමාධියක් ලබා ද සිතේ එකඟකමක් ලබා ද, මේ චිත්තසමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස ... උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම අවිනාශය බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස ඡන්‍දය දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. මොහු ප්‍රධන්සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. මෙසේ මේ සිතත් මේ චිත්තසමාධියත් මේ ප්‍රධන්සංස්කාරයෝත් වෙද්ද, මහණෙනි, මේ චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
Pali BJTවීමංසඤ්චෙ භික්ඛවෙ, භික්ඛු නිස්සාය ලභති සමාධිං, ලභති චිත්තස්ස එකග්ගතං, අයං වුච්චති වීමංසාසමාධි. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙ වුච්චන්ති පධානසඞ්ඛාරා. ඉති අයඤ්ච වීමංසා අයඤ්ච වීමංසාසමාධි, ඉමෙ ච පධානසඞ්ඛාරා. අයං වුච්චති භික්ඛවෙ, වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදොති.
Sinhala BJTමහණෙනි, ඉදින් මහණ වීමංසාව නිසා සමාධියක් ලබා ද, සිතේ එකඟ බවක් ලබා ද, මේ වීමංසා සමාධිය යි කියනු ලැබේ. හෙතෙමේ නූපන් ලාමක අකුසල් දහම් නොඉපදවීම පිණිස ... උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම අවිනාශය බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස ඡන්‍දය දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍යය කෙරෙයි. මොහු ප්‍රධන්සංස්කාරයෝ යයි කියනු ලැබෙත්. මෙසේ මේ වීමංසාවත් මේ වීමංසා සමාධියත් මේ ප්‍රධන්සංස්කාරයෝත් වෙද්ද, මහණෙනි, මේ වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි කියනු ලැබේ.
Pali BJT7. 2. 4.
Sinhala BJT7. 2. 4.
Pali BJTමොග්ගල්ලානසුත්තං
Sinhala BJTමොග්ගල්ලාන සූත්‍රය
Pali BJT3136. එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන සම්බහුලා භික්ඛූ හෙට්ඨාමිගාරමාතුපාසාදෙ විහරන්ති, උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා මුට්ඨස්සතිනො අසම්පජානා අසමාහිතා විබ්භන්තචිත්තා පාකතින්ද්රියා.
Sinhala BJT3136. එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි මිගාරමාතුපාසාද නම් පූර්‍වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි උඩඟු වූ නගාගත් මානනළ ඇති පාසිවුරු සැරසීම් ආදි චපල බැවින් යුත් රළුවදන් ඇති දොඩමලු වූ මුළා සිහි ඇති මනා නුවණ නැති නො එකඟ සිත් ඇති වෙසෙසින් තැතිගත් සිත් ඇති පියවි (-අසංවෘත) ඉඳුරන් ඇති බොහෝ භික්‍ෂූහු මුවරමාපා යටමහලෙහි වෙසෙත්.
Pali BJTඅථ ඛො භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං ආමන්තෙසි: “එතෙ තෙ{1} මොග්ගල්ලාන, සබ්රහ්මචාරයො{2} හෙට්ඨාමිගාරමාතුපාසාදෙ විහරන්ති උද්ධතා උන්නළා චපලා මුඛරා විකිණ්ණවාචා මුට්ඨස්සතිනො අසම්පජානා අසමාහිතා භන්තචිත්තා පාකතින්ද්රියා. ගච්ඡ මොග්ගල්ලාන, තෙ භික්ඛූ සංවෙජෙහීති{3}. එවං භන්තෙති ඛො ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො පටිස්සුත්වා තථාරූපං ඉද්ධාභිසඞ්ඛාරං අභිසඞ්ඛාසි.{4} යථා පාදඞ්ගුට්ඨකෙන මිගාරමාතුපාසාදං සඞ්කම්පෙසි සම්පකම්පෙසි. සම්පචාලෙසි. අථ ඛො තෙ භික්ඛූ සංවිග්ගා ලොමහට්ඨජාතා එකමන්තං අට්ඨංසු. අච්ඡරියං වත භො අබ්භුතං වත භො නිවාතඤ්ච වත අයඤ්ච මිගාරමාතුපාසාදො ගම්භීරනෙමො සුනිඛාතො අචලො අසම්පකම්පී, අථ ච පන සඞ්කම්පිතො සම්පකම්පිතො සම්පචාලිතොති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් ඇමතූ සේක: මුගලන, උඩඟු වූ නගාගත් මානනළ ඇති චපල වූ රළුවදන් ඇති දොඩමලු වූ මුළාසිහි ඇති මනානුවණ නැති නොඑකඟ සිත් ඇති වෙසෙසින් තැතිගත් සිත් ඇති පියවි ඉඳුරන් ඇති තොපගේ මේ සබ්‍රම්සරහු මුවරමාපා යටමහලෙහි වෙසෙති. “මුගලන, යවු ඒ මහණුන් සංවේගයට පමුණුවාලව” යි. එසේ ය වහන්සැයි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා යම්සේ පයමහපටැඟිල්ලෙන් මුවරමාපාය කම්පිත කළෝ ද වැඩියක් කම්පිත කළෝ ද, වෙසෙසින් සැලූහු ද, එබඳු ඍද්ධිවිධියක් කළහ. එකල්හි ඒ භික්‍ෂූහු සංවේගයට පැමිණියාහු හටගත් ලොමුදහගැනුම් ඇත්තාහු භවත්නි, අසිරියි, භවත්නි, පුදුමයි. මේ මුවරමාපාය ඒකාන්තයෙන් වාතාවරණසම්පන්න ය. ගැඹුරට ගිය පදනම් ඇත්තේ ය. මැනැවින් පිහිටුවන ලද්දේ ය. නිසල ය. නො සැලෙනසුලු ය. එතෙකුදු වුව කම්පිත වූයේ ය. බෙහෙවින් කම්පිත වූයේ ය. වෙසෙසින් සැලුණේ ය යි පසෙකට වී සිටියහ.
Pali BJTඅථ ඛො භගවා යෙන තෙ භික්ඛූ තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා තෙ භික්ඛූ එතදවොච: “කින්නු තුම්හෙ භික්ඛවෙ, සංවිග්ගා ලොමහට්ඨජාතා එකමන්තං ඨිතාති? අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, නිවාතඤ්ච වත, අයඤ්ච මිගාරමාතුපාසාදො ගම්භීරනෙමො සුනිඛාතො අචලො අසම්පකම්පී. අථ ච පන සඞ්කම්පිතො සම්පකම්පිතො සම්පචාලිතොති. තුම්හෙව ඛො භික්ඛවෙ, සංවෙජෙතුකාමෙන මොග්ගල්ලානෙන{1} භික්ඛුනා පාදඞ්ගුට්ඨෙන{2} මිගාරමාතුපාසාදො සඞ්කම්පිතො සම්පකම්පිතො සම්පචාලිතො. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, කතමෙසං ධම්මානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගල්ලානො භික්ඛු එවං මහිද්ධිකො එවං මහානුභාවොති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ මහණුන් වෙත එළඹි සේක. එළඹ ඒ මහණුන්ට මේ වදාළ සේක. මහණෙනි, කුමක් හෙයින් තෙපි සංවේගයට පැමිණියාහු හටගත් ලොමුදහගැනුම් ඇත්තාහු පසෙකට වී සිටීහු දැ යි. වහන්ස, අසිරි යි. වහන්ස, පුදුම යි. මේ මුවරමාපායත් ඒකාන්තයෙන් වාතාවරණ සම්පන්න ය. ගැඹුරට ගිය පදනම් ඇත්තේ ය. මැනවින් පිහිටුවන ලද්දේ ය. නිසල ය. නොසැලෙනසුලු ය. එතෙකුදු වූවා කම්පිත වූයේ ය. බෙහෙවින් කම්පිත වූයේ ය. වෙසෙසින් සැලුණේ ය යි. මහණෙනි, තොප ම සංවේගයට පමුණුවන කැමැති මුගලන් මහණහු විසින් පයැ මාපටැඟිල්ලෙන් මුවරමාපාය කම්පිත කරන ලද්දේ ය. බෙහෙවින් කම්පිත කරන ලද්දේ ය. වෙසෙසින් සලන ලද්දේ ය. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? කවර දහම් කෙනෙකුන් වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහත් අනුභාව ඇත්තේ වේ දැ යි.
Pali BJTභගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ- චතුන්නං ඛො භික්ඛවෙ, ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගල්ලානො භික්ඛු එවං මහිද්ධිකො එවං මහානුභාවො. කතමෙසං චතුන්නං: ඉධ භික්ඛවෙ, මොග්ගල්ලානො භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉති මෙ ඡන්දො න ච අතිලීනො භවිස්සති -පෙ- ඉති විවටෙන චෙතසා පරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉති මෙ වීමංසා න ච අතිලීනා භවිස්සති. න ච අතිප්පග්ගහිතා භවිස්සති. න ච අජ්ඣත්තං සංඛිත්තා භවිස්සති. න ච බහිද්ධා වික්ඛිත්තා භවිස්සති. පච්ඡා පුරෙ සඤ්ඤී ච විහරති:
Sinhala BJTවහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහත් අනුභාව ඇත්තේ වේ. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙහි මුගලන් මහණ ඡන්‍දසමාධිපධානසංඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය ... මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. විරිය සමාධි ... චිත්ත සමාධි ... වීමංසාසමාධිපධානසංඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
Pali BJTයථා පුරෙ තථා පච්ඡා, යථාපච්ඡා තථා පුරෙ, යථා අධො තථා උද්ධං, යථාඋද්ධං තථා අධො, යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා.
Sinhala BJTපෙර යම් බඳු නම් පසුත් එසේ ය. පසු යම් බඳු නම් පෙරත් එසේ ය. යට යම් බඳු නම් උඩත් එසේ ය. උඩ යම් බඳු නම් යටත් එසේ ය. දහවල් යම් බඳු නම් රෑත් එසේ ය. රෑ යම් බඳු නම් දහවලුත් එසේ ය” යි පසු පෙර හැඟීම් ඇත්තේ ද වෙසේ.
Pali BJTඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති.
Sinhala BJTමෙසේ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
Pali BJTඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගල්ලානො භික්ඛු එවං මහිද්ධිකො එවං මහානුභාවො. ඉමෙසං ච පන භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගල්ලානො භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති -පෙ- කායෙන වසං වත්තෙති. ඉමෙසං ච පන භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා මොග්ගල්ලානො භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJTමහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මුගලන් මහණ මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මෙසේ මහත් අනුභාව ඇත්තේ වේ. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් ම බහුල කළ බැවින් ම මුගලන් මහණ නන්වැදෑරුම් ඉදුකොටස් විඳී ... කයින් වසයෙහි පවත්වයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් ම බහුල කළ බැවින් ම මුගලන් මහණ ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
Pali BJT7. 2. 5.
Sinhala BJT7. 2. 5.
Pali BJTබ්රාහ්මණසුත්තං
Sinhala BJTබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT3137. එකං සමයං ආයස්මා ආනන්දො කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. අථ ඛො උන්නාභො බ්රාහ්මණො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උන්නාභො බ්රාහ්මණො ආයස්මන්තං ආනන්දං එතදවොච: කිමත්ථියං නු ඛො භො ආනන්ද, සමණෙ ගොතමෙ බ්රහ්මචරියං වුස්සතීති. ඡන්දප්පහානත්ථං ඛො බ්රාහ්මණ, භගවති බ්රහ්මචරියං වුස්සතීති. අත්ථි පන භො ආනන්ද, මග්ගො අත්ථි පටිපදා එතස්ස ඡන්දස්ස පහානායාති? අත්ථි ඛො බ්රාහ්මණ, මග්ගො අත්ථි පටිපදා එතස්ස ඡන්දස්ස පහානායාති. කතමො පන භො ආනන්ද, මග්ගො කතමා පටිපදා එතස්ස ඡන්දස්ස පහානායාති? ඉධ බ්රාහ්මණ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානං සඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. අයං ඛො බ්රාහ්මණ, මග්ගො අයං පටිපදා එතස්ස ඡන්දස්ස පහානායාති.
Sinhala BJT3137. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවෙසෙති. එකල්හි උන්නාභ බමුණු තෙමේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් උන්නාභ බමුණු තෙමේ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කීය: “භවත් ආනන්‍දයෙනි, කුමක් පිණිස මහණගොයුම්හු කෙරෙහි බඹසර වෙසේ දැ”යි. බමුණ, තෘෂ්ණාඡන්‍දය පහනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වෙසේ යි. භවත් ආනන්‍දයෙනි, තෙල ඡන්‍දය ප්‍රහාණය පිණිස මඟෙක් ඇද්ද? පිළිවෙතෙක් ඇද්දැයි? බමුණ, තෙල ඡන්‍දය පහනු පිණිස මඟෙක් ඇත පිළිවෙතෙක් ඇතැ යි. භවත් ආනන්‍දයෙනි, තෙල ඡන්‍දය පහනු පිණිස මඟ කවරේ ද? පිළිවෙත කවරේ දැ යි? බමුණ, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. බමුණ, තෙල ඡන්‍දය පහනු පිණිස මේ මඟ ය, මේ පිළිවෙත යි.
Pali BJTඑවං සන්තෙ භො ආනන්ද, සන්තකං හොති නො අසන්තකං. ඡන්දෙනෙව ඡන්දං පජහිස්සතීති නෙතං ඨානං විජ්ජතීති. තෙනහි බ්රාහ්මණ, තඤ්ඤෙවෙත්ථ පටිපුච්ඡිස්සාමි. යථා තෙ ඛමෙය්ය තථා තං ව්යාකරෙය්යාසි. තං කිං මඤ්ඤසි බ්රාහ්මණ, අහොසි තෙ පුබ්බෙ ඡන්දො ආරාමං ගමිස්සාමීති. තස්ස තෙ ආරාමගතස්ස යො තජ්ජො ඡන්දො සො පටිප්පස්සද්ධොති. එවං භො. අහොසි තෙ පුබ්බෙ විරියං ආරාමං ගමිස්සාමීති. තස්ස තෙ ආරාමගතස්ස යං තජ්ජං විරියං තං පටිප්පස්සද්ධන්ති. එවං භො. අහොසි තෙ පුබ්බෙ චිත්තං ආරාමං ගමිස්සාමීති. තස්ස තෙ ආරාමගතස්ස යං තජ්ජං චිත්තං තං පටිප්පස්සද්ධන්ති. එවං භො. අහොසි තෙ පුබ්බෙ වීමංසා ආරාමං ගමිස්සාමීති. තස්ස තෙ ආරාමගතස්ස යා තජ්ජා වීමංසා සා පටිප්පස්සද්ධාති. එවං භො.
Sinhala BJTභවත් ආනන්‍දයෙනි, එසේ ඇති කල්හි ශාන්ත වූවෙක් ම වෙයි. ශාන්ත නො වූවෙක් නො වෙයි. ඡන්‍දයෙන් ම ඡන්‍දය දුරලන්නේ ය යන මෙකරුණ නැතැ යි. බමුණ, එසේ වී නම් මෙහි ලා තොප ම පිළිවිසින්නෙමි. යම්සේ තොපට රුස්නේ නම් එසේ එය විසඳන්නහු. බමුණ, ඒ කිමැ යි හඟිවු ද? පෙර තොපට අරමට යන්නෙමි යි ඡන්‍දයෙක් වී ය. අරමට ගිය ඒ තොපගේ ඒ පිණිස වූ ඡන්‍දයෙක් වී නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය. පෙර තොපට අරමට යන්නෙමි යි වීර්‍ය්‍යයෙක් වී ය. අරමට ගිය ඒ තොපට ඒ පිණිස වූ යම් වීර්‍ය්‍යයෙක් වී නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය. පෙර තොපට අරමට යන්නෙමි යි සිතෙක් වී ය. අරමට ගිය ඒ තොපට ඒ පිණිස වූ යම් සිතෙක් වී නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය. පෙර තොපට අරමට යන්නෙමි යි වීමංසාවක් වූ ය. අරමට ගිය ඒ තොපට ඒ පිණිස වූ යම් වීමංසාවක් වූ නම් එය සන්හුන්නේ දැ යි? භවත්නි, එසේ ය.
Pali BJTඑවමෙව ඛො බ්රාහ්මණ, යො සො භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණා භවසංයොජනො සම්මදඤ්ඤාවිමුත්තො. තස්ස යො පුබ්බෙ ඡන්දො අහොසි අරහත්තප්පත්තියා අරහත්තෙ පත්තෙ{1} යො තජ්ජො ඡන්දො සො පටිප්පස්සද්ධො. යං පුබ්බෙ විරියං අහොසි අරහත්තප්පත්තියා අරහත්තෙ පත්තෙ යං තජ්ජං විරියං තං පටිප්පස්සද්ධං. යං පුබ්බෙ චිත්තං අහොසි අරහත්තප්පත්තියා, අරහත්තෙ පත්තෙ යං තජ්ජං චිත්තං තං පටිප්පස්සද්ධං. යා පුබ්බෙ වීමංසා අහොසි අරහත්තප්පත්තියා, අරහත්තෙ පත්තෙ යා තජ්ජා වීමංසා සා පටිප්පස්සද්ධා. තං කිං මඤ්ඤසි බ්රාහ්මණ, ඉති එවං සන්තෙ සන්තකං වා හොති නො අසන්තකං වාති? අද්ධා භො ආනන්ද, එවං සන්තෙ සන්තකං හොති නො අසන්තකං. අභික්කන්තං භො ආනන්ද, -පෙ- අජ්ජතග්ගෙ පාණු පෙතං සරණං ගතන්ති.
Sinhala BJTබමුණ, එසෙයින් ම රහත් වූ ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ සිවුමඟ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි රහත් බැව් ඇති සහමුලින් ගෙවූ භවසංයෝජන ඇති යම් ඒ මහණෙක් වේ ද, ඔහුට පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් ඡන්‍දයෙක් වී ද, රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් ඡන්‍දයෙක් වී නම් එය සන්හුන්නේ ය. පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් වීර්‍ය්‍යයෙක් වී ද, රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් වීර්‍ය්‍යයෙක් වී නම් එය සන්හුන්නේ ය. පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් සිතෙක් වී ද රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් සිතෙක් වී නම් එය සන්හුන්නේ ය. පෙර රහත් බවට පැමිණෙනු පිණිස යම් වීමංසාවක් වූ ද, රහත් බවට පැමිණි කල්හි ඒ පිණිස වූ යම් වීමංසාවක් වී නම් එය සන්හුන්නේ ය. මෙසේ ඇති කල්හි ශාන්ත වූවෙක් හෝ ශාන්ත නො වූවෙක් හෝ වේ දැ යි? භවත් ආනන්‍දයෙනි, එසේ ඇති කල්හි ඒකාන්තයෙන් ශාන්ත වූවෙක් වේ. ශාන්ත නො වූවෙක් නො වේ. භවත් ආනන්‍දයෙනි, ඉතා මැනවි ... අද පටන් දිවිහිම් කොට සරණ ගිය (මා උවසු කොට දරන සේක්වා) යි.
Pali BJT7. 2. 6.
Sinhala BJT7. 2. 6.
Pali BJTමහිද්ධිකසුත්තං
Sinhala BJTමහිද්ධික සූත්‍රය
Pali BJT3138. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා මහිද්ධිකා අහෙසුං මහානුභාවා, සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙ හිපි කෙචි භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා මහිද්ධිකා භවිස්සන්ති මහානුභාවා. සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙ හි කෙචි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා මහිද්ධිකා මහානුභාවා. සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. කතමෙසං චතුන්නං: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධි පධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා මහිද්ධිකා අහෙසුං මහානුභාවා -පෙ- මහිද්ධිකා භවිස්සන්ති මහානුභාවා -පෙ- එතරහි මහිද්ධිකා මහානුභාවා සබ්බෙ තෙ ඉමෙසං යෙව චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තාති.
Sinhala BJT3138. මහණෙනි, ඉකුත්කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වූහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවින්, බහුල කළ බැවින් (එසේ වූහ.) මහණෙනි, මතුත් යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වන්නාහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත් කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වූහු නම් ... මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ වන්නාහු නම් ... දැන් මහත් ඍද්ධි ඇත්තෝ මහත් අනුභාව ඇත්තෝ නම් ඒ සියල්ලෝ මේ ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.
Pali BJT7. 2. 7.
Sinhala BJT7. 2. 7.
Pali BJTඉද්ධිවිධසුත්තං
Sinhala BJTඉද්ධිවිධ සූත්‍රය
Pali BJT3139. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොසුං. එකොපි හුත්වා බහුධා අහෙසුං, බහුධාපි හුත්වා එකො අහෙසුං, ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානා අගමංසු සෙය්යථාපි ආකාසෙ. පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං අකංසු සෙය්යථාපි උදකෙ, උදකෙපි අභිජ්ජමානෙ අගමංසු සෙය්යථාපි පඨවියං, ආකාසෙපි පල්ලඞ්කෙන කමිංසු සෙය්යථාපි පක්ඛී සකුණො, ඉමෙපි චන්දිමසුරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරාමසිංසු{1} පරිමජ්ජිංසු, යාව බ්රහ්මලොකාපි කායෙන වසෙ වත්තෙසුං, සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා.
Sinhala BJT3139. මහණෙනි, ඉකුත්කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන් වැදෑරුම් ඉදුකොටස් වින්දාහු ද, එකෙක් ව ද බොහෝ අයුරු වූහු ද, බොහෝ අයුරු ව ද එකෙක් වූහු ද, පළට බව මුවහ බව (වින්දාහු ද,) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහස්හි මෙන් නො ගැටෙමින් ගියාහු ද, පොළොවෙහිත් දියෙහි මෙන් මතුවීම කිමිදීම කළාහු ද, පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහිත් ගියාහු ද, පියාපත් ඇති ලිහිණියකු මෙන් අහස්හිත් පළඟින් යුතු ව ගමන් කළාහු ද, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් ස්පර්‍ශකලාහු ද, පිරිමැද්දාහු ද, බඹලොව තෙක් දු කයින් වසයෙහි පැවැත් වූහු ද, ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි.
Pali BJTයෙ හිපි කෙචි භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොස්සන්ති: “එකොපි හුත්වා බහුධා භවිස්සන්ති, බහුධාපි හුත්වා එකො භවිස්සන්ති, ආවිභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානා ගමිස්සන්ති සෙය්යථාපි ආකාසෙ, පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරිස්සන්ති සෙය්යථාපි උදකෙ, උදකෙපි අභිජ්ජමානෙ ගමිස්සන්ති සෙය්යථාපි පඨවියං, ආකාසෙපි පල්ලඞ්කෙන කමිස්සන්ති සෙය්යථාපි පක්ඛී සකුණො, ඉමෙපි චන්දිමසුරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරාමසිස්සන්ති පරිමජ්ජිස්සන්ති, යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙස්සන්ති{2} සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා.
Sinhala BJTමහණෙනි, මතුත් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන්වැදෑරුම් ඉදු කොටස් විඳින්නාහු ද, එකෙක් ව ද බොහෝ අයුරු වන්නාහු ද, බොහෝ අයුරු ව ද එකෙක් වන්නාහු ද, පළට බව මුවහ බව (විඳින්නාහු ද,) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහස්හි මෙන් නො ගැටෙමින් යන්නාහු ද, පොළොවෙහිත් දියෙහි මෙන් මතු වීම කිමිදීම කරන්නාහු ද, පොළොවෙහි මෙන් නො බිඳෙන දියෙහිත් යන්නාහු ද, පියාපත් ඇති ලිහිණියකු මෙන් අහස්හිත් පළඟින් යුතු ව ගමන් කරන්නාහු ද, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් අතින් පහස්නාහු ද පිරිමදනාහු ද, බඹලොව තෙක් කයින් වසයෙහි පවත්වන්නා හු ද, ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි.
Pali BJTයෙ හි කෙචි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොන්ති: එකොපි හුත්වා බහුධා හොන්ති, බහුධාපි හුත්වා එකො හොන්ති, ආවීභාවං තිරොභාවං තිරොකුඩ්ඩං තිරොපාකාරං තිරොපබ්බතං අසජ්ජමානා ගච්ඡන්ති සෙය්යථාපි ආකාසෙ, පඨවියාපි උම්මුජ්ජනිමුජ්ජං කරොන්ති සෙය්යථාපි උදකෙ, උදකෙපි අභිජ්ජමානෙ ගච්ඡන්ති සෙය්යථාපි පඨවියං, ආකාසෙපි පල්ලඞ්කෙන කමන්ති සෙය්යථාපි පක්ඛී සකුණො, ඉමෙපි චන්දිමසුරියෙ එවංමහිද්ධිකෙ එවංමහානුභාවෙ පාණිනා පරාමසන්ති පරිමජ්ජන්ති, යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙන්ති, සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා.
Sinhala BJTමහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන් වැදෑරුම් ඉදු කොටස් විඳිද්ද, එකෙක් ව ද බොහෝ අයුරු වෙද්ද, බොහෝ අයුරු ව ද එකෙක් වෙද්ද, පළට බව මුවහ බව (විඳිද්ද,) බිතෙන් පිටට පවුරෙන් පිටට පව්වෙන් පිටට අහස්හි මෙන් නො ගැටෙමින් යෙද්ද, පොළොවෙහිත් දියෙහි මෙන් මතුවීම කිමිදීම කෙරෙද්ද, නො බිඳෙන දියෙහිත් පොළොවෙහි මෙන් යෙද්ද. පියාපත් ඇති ලිහිණියකු මෙන් අහස්හිත් පළඟින් යුතු ව ගමන් කෙරෙද්ද, මෙබඳු මහත් ඍද්ධි ඇති මෙබඳු මහත් අනුභාව ඇති මේ සඳහිරු දෙදෙනත් අතින් පහසිද්ද පිරිමදිද්ද, බඹලොව තෙක් දු කයින් වෙසෙහි පවත්වද්ද, ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි.
Pali BJTකතමෙසං චතුන්නං: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොසුං -පෙ- පච්චනුභොස්සන්ති -පෙ- පච්චනුභොන්ති -පෙ- සබ්බෙ තෙ ඉමෙසඤ්ඤෙව චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තාති.
Sinhala BJTකවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත්කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ නන් වැදෑරුම් ඉදු කොටස් වින්දාහු ද ... විඳින්නාහු ද ... විඳිද්ද ... ඒ සියල්ලෝ මේ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.
Pali BJT7. 2. 8.
Sinhala BJT7. 2. 8.
Pali BJTභික්ඛුසුත්තං
Sinhala BJTභික්ඛු සූත්‍රය
Pali BJT3140. චතුන්නං භික්ඛවෙ, ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති. කතමෙසං චතුන්නං: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJT3140. මහණෙනි, ඉදුපා සතරක් වැඩූ බැවින් බහුල කළ බැවින් මහණතෙමේ ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ. කවර සතරක් ද යත්: මහණෙනි, මෙහි මහණතෙමේ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් මහණ ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටු දැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
Pali BJT7. 2. 9.
Sinhala BJT7. 2. 9.
Pali BJTභාවනාසුත්තං
Sinhala BJTභාවනා සූත්‍රය
Pali BJT3141. ඉද්ධිඤ්ච{1} වො භික්ඛවෙ, දෙසෙස්සාමි ඉද්ධිපාදඤ්ච ඉද්ධිපාදභාවනඤ්ච ඉද්ධිපාදභාවනාගාමිනිඤ්ච පටිපදං. තං සුණාථ. කතමා ච භික්ඛවෙ, ඉද්ධි: ඉධ භික්ඛවෙ, භික්ඛු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති: එකොපි හුත්වා බහුධා හොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති. අයං වුච්චති භික්ඛවෙ, ඉද්ධි. කතමො ච භික්ඛවෙ, ඉද්ධිපාදො: යො භික්ඛවෙ, මග්ගො යා පටිපදා ඉද්ධිපටිලාභාය{2} සංවත්තති. අයං වුච්චති භික්ඛවෙ, ඉද්ධිපාදො. කතමා ච භික්ඛවෙ, ඉද්ධිපාදභාවනා: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති අයං වුච්චති භික්ඛවෙ, ඉද්ධිපාදභාවනා. කතමා ච භික්ඛවෙ, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදා: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, ඉද්ධිපාදභාවනාගාමිනී පටිපදාති.
Sinhala BJT3141. මහණෙනි, ඍද්ධිය හා ඍද්ධිපාද හා ඍද්ධිපාදභාවනා හා ඍද්ධිපාදභාවනාගාමිනීප්‍රතිපදා හා තොපට දෙසන්නෙමි. එය අසවු. මහණෙනි, ඍද්ධි කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නන් වැදෑරුම් ඍද්ධිවිධ අනුභව කෙරෙයි. එකෙක් ව ද බහු ප්‍රකාර වේ ... බඹලොව හිම් කොට දු කයින් වශයෙහි පවත්වයි. මහණෙනි, මේ ඍද්ධි යයි කියනු ලැබේ. මහණෙනි, ඍද්ධිපාද කවරෙ යත්: මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් ඍද්ධි ප්‍රතිලාභ පිණිස පවතී ද, මහණෙනි, මේ ඍද්ධිපාද යයි කියනු ලැබේ. මහණෙනි, ඍද්ධිපාදභාවනා කවර යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඍද්ධිපාදභාවනා යයි කියනු ලැබේ. මහණෙනි, ඍද්ධිපාදභාවනාගාමිනීප්‍රතිපත් කවර යත්: මේ අරිඅටඟිමඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ ඍද්ධිපාදභාවනාගාමිනීප්‍රතිපදා යයි කියනු ලැබේ යි.
Pali BJT7. 2. 10.
Sinhala BJT7. 2. 10.
Pali BJTවිභඞ්ගසුත්තං
Sinhala BJTවිභඞ්ග සූත්‍රය
Pali BJT3142. චත්තාරො මෙ භික්ඛවෙ, ඉද්ධිපාදා භාවිතා බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා. කථං භාවිතා ච භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා කථං බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති; ඉති මෙ ඡන්දො න ච අතිලීනො භවිස්සති, න ච අතිපග්ගහිතො භවිස්සති, න ච අජ්ඣත්තං සංඛිත්තො භවිස්සති, න ච බහිද්ධා වික්ඛිත්තො භවිස්සති පච්ඡා පුරෙ සඤ්ඤී ච විහරති -පෙ- ඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති: “ඉති මෙ වීමංසා න ච අතිලීනා භවිස්සති, න ච අතිපග්ගහිතා භවිස්සති, න ච අජ්ඣත්තං සංඛිත්තා භවිස්සති, න ච බහිද්ධා වික්ඛිත්තා භවිස්සති. පච්ඡා පුරෙ සඤ්ඤී ච විහරති:
Sinhala BJT3142. මහණෙනි, මේ සතර ඍද්ධිපාද වඩන ලද්දේ බහුල කරන ලද්දේ මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සතර ඍද්ධිපාද මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය ... පච්ඡාපුරේ සඤ්ඤා ඇත්තේ ද වෙසේ. මෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නො ද වන්නේ ය.
Pali BJT“යථා පුරෙ තථා පච්ඡා යථා පච්ඡා තථා පුරෙ, යථා අධො තථා උද්ධං යථා උද්ධං තථා අධො, යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා.”
Sinhala BJT“පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය. යට යම් සේ නම් උඩත් එසේ ය. උඩ යම්සේ නම් යටත් එසේ ය. දහවල යම් සේ නම් රෑත් එසේ ය. රෑ යම්සේ නම් දහවලුත් එසේ ය”යි පච්ඡා පුරෙසඤ්ඤා ඇත්තේ ද වෙසේ.
Pali BJTඉති විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති.
Sinhala BJTමෙසේ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
Pali BJTකතමො ච භික්ඛවෙ, අතිලීනො ඡන්දො: යො භික්ඛවෙ, ඡන්දො කොසජ්ජසහගතො කොසජ්ජසම්පයුත්තො, අයං වුච්චති භික්ඛවෙ, අතිලීනො ඡන්දො. කතමො ච භික්ඛවෙ, අතිපග්ගහිතො ඡන්දො: යො හි භික්ඛවෙ, ඡන්දො උද්ධච්චසහගතො උද්ධච්චසම්පයුත්තො, අයං වුච්චති භික්ඛවෙ, අතිපග්ගහිතො ඡන්දො. කතමො ච භික්ඛවෙ, අජ්ඣත්තං සඞ්ඛිත්තො ඡන්දො: යො හි භික්ඛවෙ, ඡන්දො ථිනමිද්ධසහගතො ථිනමිද්ධසම්පයුත්තො. අයං වුච්චති භික්ඛවෙ, අජ්ඣත්තං සඞ්ඛිත්තො ඡන්දො. කතමො ච භික්ඛවෙ, බහිද්ධා වික්ඛිත්තො ඡන්දො: යො හි භික්ඛවෙ, ඡන්දො බහිද්ධා පඤ්ච කාමගුණෙ ආරබ්භ අනුවික්ඛිත්තො අනුවිසටො. අයං වුච්චති භික්ඛවෙ, බහිද්ධා වික්ඛිත්තො ඡන්දො.
Sinhala BJTමහණෙනි, ඉතා සැඟවුණු ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් කුසීතබව සහගියේ කුසීතබව සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා සැඟවුණු ඡන්‍දය යි කියනු ලැබේ. මහණෙනි, ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් උද්ධච්චය සහගියේ උද්ධච්චය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා දැඩි කොට ගන්නා ලද ඡන්‍ද යයි කියනු ලැබේ. මහණෙනි, ඇතුළත හැකුළුණු ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් ථීනමිද්ධය සහගියේ ථීනමිද්ධය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඇතුළත හැකුළුණු ඡන්‍ද යයි කියනු ලැබේ. මහණෙනි, පිටත විසුරුණු ඡන්‍දය කවරේ ද යත්: මහණෙනි, යම් ඡන්‍දයෙක් පිටත පස්කම්ගුණ ඇරබ අනු ව විසුරුණේ අනු ව විසළේ වේ ද, මහණෙනි, මේ පිටත විසුරුණු ඡන්‍ද යයි කියනු ලැබේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු පච්ඡාපුරෙ සඤ්ඤී ච විහරති: “යථා පුරෙ තථා පච්ඡා යථා පච්ඡා තථා පුරෙ: ඉධ භික්ඛවෙ, භික්ඛුනො පච්ඡා පුරෙ සඤ්ඤා සුග්ගහිතා හොති සුමනසිකතා සූපධාරිතා සුප්පටිවිද්ධා පඤ්ඤාය. එවං ඛො භික්ඛවෙ, භික්ඛු පච්ඡා පුරෙ සඤ්ඤී විහරති: “යථා පුරෙ තථා පච්ඡා යථා පච්ඡා තථා පුරෙ.”
Sinhala BJTමහණෙනි, මහණ කෙසේ නම් “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ යයි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණහු විසින් පච්ඡාපුරේසඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී මොනවට මෙනෙහි කරන ලද්දී මැනවින් දරන ලද්දී නුවණින් මොනවට පිළිවිදුනා ලද්දී වේ ද, මහණෙනි, මෙසේ මහණ තෙමේ “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය”යි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො විහරති: ඉධ භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති: “අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා{1} වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තන්ති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු යථා අධො තථා උද්ධං, යථා උද්ධං තථා අධො විහරති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ යට යම්සේ නම් උඩත් එසේ ව උඩ යම් සේ නම් යටත් එසේ ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ පාදතලයෙන් උඩ කෙස්මතුයෙන් යට සිවිය කෙළවර කොට ඇති නන් වැදෑරුම් අසුචියෙන් පිරුණු මේ කය ම ප්‍රත්‍යවේක්‍ෂා කෙරෙයි. මේ කයෙහි කෙස් ලොම් නිය දත් සිවි මස් නහර ඇට ඇටමිදුලු වකුගඩු හදමස අක්මා දලබුව බඩදිව පපුමස අතුනු අතුනුබහන් නොපැසුණු අහර පැසුණු අහර පිත් සෙම් පූයා ලේ ඩහ මේදතෙල කඳුළු වුරුණු තෙල කෙල මුකුනු සඳමිදුලු මූ ඇතැ”යි. මහණෙනි, මෙසේ මහණ තෙමේ යට යම් බඳු නම් උඩත් එසේ ව උඩ යම් බඳු නම් යටත් එසේ ව වෙසේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු “යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා විහරති: ඉධ භික්ඛවෙ, භික්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි දිවා ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. සො තෙහි ආකාරෙහි තෙහි ලිඞ්ගෙහි තෙහි නිමිත්තෙහි රත්තිං ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. යෙහි වා පන ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි රත්තිං ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. සො තෙහි ආකාරෙහි තෙහි ලිඞ්ගෙහි තෙහි නිමිත්තෙහි දිවා ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා විහරති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ දහවල් යම් බඳු නම් රෑත් එසේ ව රෑ යම් බඳු නම් දහවලුත් එසේ ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ යම් කොටස්වලින් යම් සටහන්වලින් යම් වැටහීම්වලින් දහවල් ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩා ද, හෙතෙමේ ඒ කොටස්වලින් ඒ සටහන්වලින් ඒ වැටහීම් වලින් රෑත් ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. යම් කොටස්වලින් හෝ යම් සටහන්වලින් හෝ යම් වැටහීම්වලින් හෝ රෑ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩා ද, හෙතෙමේ ඒ කොටස්වලින් ඒ සටහන්වලින් ඒ වැටහීම්වලින් දහවලුත් ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මෙසේ මහණතෙමේ දහවල් යම් බඳු නම් රෑත් එසේ ව රෑ යම් බඳු නම් දහවලුත් එසේ ව වෙසේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති: ඉධ භික්ඛවෙ, භික්ඛුනො ආලොකසඤ්ඤා සුග්ගහිතා හොති දිවාසඤ්ඤා ස්වාධිට්ඨිතා. එවං ඛො භික්ඛවෙ, භික්ඛු විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩා ද යත්: මහණෙනි, මෙහි මහණහු විසින් ආලෝකසඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී දිවාසඤ්ඤාව මැනවින් තබන ලද්දී වේ ද, මහණෙනි, මෙසේ මහණ විවෘත වූ හාත්පසින් නො බැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, අතිලීනං විරියං: යං භික්ඛවෙ, විරියං කොසජ්ජසහගතං කොසජ්ජසම්පයුත්තං, ඉදං වුච්චති භික්ඛවෙ, අතිලීනං විරියං. කතමඤ්ච භික්ඛවෙ, අතිපග්ගහිතං විරියං: යං භික්ඛවෙ, විරියං උද්ධච්චසහගතං උද්ධච්චසම්පයුත්තං, ඉදං වුච්චති භික්ඛවෙ, අතිපග්ගහිතං විරියං. කතමඤ්ච භික්ඛවෙ, අජ්ඣත්තං සඞ්ඛිත්තං විරියං: යං භික්ඛවෙ, විරියං ථිනමිද්ධසහගතං ථිනමිද්ධසම්පයුත්තං. ඉදං වුච්චති භික්ඛවෙ, අජ්ඣත්තං සඞ්ඛිත්තං විරියං. කතමඤ්ච භික්ඛවෙ, බහිද්ධා වික්ඛිත්තං විරියං: යං භික්ඛවෙ, විරියං බහිද්ධා පඤ්චකාමගුණෙ ආරබ්භ අනුවික්ඛිත්තං අනුවිසටං. ඉදං වුච්චති භික්ඛවෙ, බහිද්ධා වික්ඛිත්තං විරියං -පෙ- සප්පභාසං චිත්තං භාවෙති.
Sinhala BJTමහණෙනි, ඉතා සැඟවුණු වීර්‍ය්‍යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්‍ය්‍යයෙක් කෝසජ්ජය සහගියේ කෝසජ්ජය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා සැඟවුණු වීර්‍ය්‍යය යි කියනු ලැබේ. මහණෙනි, ඉතා දැඩි කොට ගන්නා ලද වීර්‍ය්‍යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්‍ය්‍යයෙක් උද්ධච්චය සහගියේ උද්ධච්චය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා දැඩි කොට ගන්නා ලද වීර්‍ය්‍යය යි කියනු ලැබේ. මහණෙනි, ඇතුළත හැකුළුණු වීර්‍ය්‍යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්‍ය්‍යයෙක් ථීනමිද්ධය සහගියේ ථීනමිද්ධය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඇතුළත හැකුළුණු වීර්‍ය්‍යය යි කියනු ලැබේ. මහණෙනි, පිටත විසුරුණු වීර්‍ය්‍යය කවරේ ද යත්: මහණෙනි, යම් වීර්‍ය්‍යයෙක් පිටත පස්කම් ගුණ ඇරබ අනු ව විසුරුණේ අනු ව විසළේ වේ ද, මහණෙනි, මේ පිටත විසුරුණු වීර්‍ය්‍යය යි කියනු ලැබේ ... බැබළුම් සහිත සිත වඩයි.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, අතිලීනං චිත්තං: යං භික්ඛවෙ, චිත්තං කොසජ්ජසහගතං කොසජ්ජසම්පයුත්තං, ඉදං වුච්චති භික්ඛවෙ, අතිලීනං චිත්තං. කතමඤ්ච භික්ඛවෙ, අතිපග්ගහිතං චිත්තං: යං භික්ඛවෙ, චිත්තං උද්ධච්චසහගතං උද්ධච්චසම්පයුත්තං. ඉදං වුච්චති භික්ඛවෙ, අතිපග්ගහිතං චිත්තං. කතමඤ්ච භික්ඛවෙ, අජ්ඣත්තං සඞ්ඛිත්තං චිත්තං: යං භික්ඛවෙ, චිත්තං ථීනමිද්ධසහගතං ථීනමිද්ධසම්පයුත්තං, ඉදං වුච්චති භික්ඛවෙ, අජ්ඣත්තං සඞ්ඛිත්තං චිත්තං. කතමඤ්ච භික්ඛවෙ, බහිද්ධා වික්ඛිත්තං චිත්තං: යං භික්ඛවෙ, චිත්තං බහිද්ධා පඤ්චකාමගුණෙ ආරබ්භ අනුවික්ඛිත්තං අනුවිසටං. ඉදං වුච්චති භික්ඛවෙ, බහිද්ධා වික්ඛිත්තං චිත්තං -පෙ- සප්පභාසං චිත්තං භාවෙති.
Sinhala BJTමහණෙනි, ඉතා සැඟවුණු සිත කවරේ ද යත්: මහණෙනි, යම් සිතෙක් කෝසජ්ජය සහගියේ කෝසජ්ජය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා සැඟවුණු සිතැයි කියනු ලැබේ. මහණෙනි, ඉතා දැඩි කොට ගන්නා ලද සිත කවරේ ද යත්: මහණෙනි, යම් සිතෙක් උද්ධච්චය සහගියේ උද්ධච්චය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා දැඩි කොට ගන්නා ලද සිතැයි කියනු ලැබේ. මහණෙනි, ඇතුළත හැකුළුණු සිත කවරේ ද යත්: මහණෙනි, යම් සිතෙක් ථීනමිද්ධය සහගියේ ථීනමිද්ධය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඇතුළත හැකුළුණු සිතැයි කියනු ලැබේ. මහණෙනි, පිටත විසුරුණු සිත කවරේ ද යත්: මහණෙනි, යම් සිතෙක් පිටත පස්කම්ගුණ ඇරබ අනු ව විසුරුණේ අනු ව විසළේ වේ ද, මහණෙනි, මේ පිටත විසුරුණු සිතැ යි කියනු ලැබේ ... බැබළුම් සහිත සිත වඩයි.
Pali BJTකතමා ච භික්ඛවෙ, අතිලීනා වීමංසා: යා භික්ඛවෙ, වීමංසා කොසජ්ජසහගතා කොසජ්ජසම්පයුත්තා. අයං වුච්චති භික්ඛවෙ, අතිලීනා වීමංසා. කතමා ච භික්ඛවෙ, අතිපග්ගහිතා වීමංසා: යා භික්ඛවෙ, වීමංසා උද්ධච්චසහගතා උද්ධච්චසම්පයුත්තා. අයං වුච්චති භික්ඛවෙ, අතිපග්ගහිතා වීමංසා. කතමා ච භික්ඛවෙ, අජ්ඣත්තං සඞ්ඛිත්තා වීමංසා: යා භික්ඛවෙ, වීමංසා ථීනමිද්ධසහගතා ථීනමිද්ධසම්පයුත්තා, අයං වුච්චති භික්ඛවෙ, අජ්ඣත්තං සඞ්ඛිත්තා වීමංසා. කතමා ච භික්ඛවෙ, බහිද්ධා වික්ඛිත්තා වීමංසා: යා භික්ඛවෙ, වීමංසා බහිද්ධා පඤ්චකාමගුණෙ ආරබ්භ අනුවික්ඛිත්තා අනුවිසටා. අයං වුච්චති භික්ඛවෙ, බහිද්ධා වික්ඛිත්තා වීමංසා.
Sinhala BJTමහණෙනි, ඉතා සැඟවුණු වීමංසාව කවරේ ද යත්: මහණෙනි, යම් වීමංසාවක් කෝසජ්ජය සහගියේ කෝසජ්ජය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා සැඟවුණු වීමංසා යි කියනු ලැබේ. මහණෙනි, ඉතා දැඩි කොට ගන්නා ලද වීමංසාව කවරේ ද යත්: මහණෙනි, යම් වීමංසාවෙක් උද්ධච්චය සහගියේ උද්ධච්චය සමග යෙදුණේ වේ ද, මහණෙනි, මේ ඉතා දැඩි කොට ගන්නා ලද වීමංසා යි කියනු ලැබේ. මහණෙනි, ඇතුළත හැකුළුණු වීමංසාව කවරේ ද යත්: මහණෙනි, යම් වීමංසාවෙක් ථීනමිද්ධය සහගියේ ථීනමිද්ධය සමග යෙදුණේ වේ ද මහණෙනි, මේ ඇතුළත හැකුළුණු වීමංසා යි කියනු ලැබේ. මහණෙනි, පිටත විසුරුණු වීමංසාව කවරේ ද යත්: මහණෙනි, යම් වීමංසාවෙක් පිටත පස්කම්ගුණ ඇරබ අනු ව විසුරුණේ අනු ව විසළේ වේ ද, මහණෙනි, මේ පිටත විසුරුණු වීමංසා යි කියනු ලැබේ
Pali BJTකතඤ්ච භික්ඛවෙ, භික්ඛු පච්ඡාපුරෙසඤ්ඤී විහරති “යථා පුරෙ තථා පච්ඡා යථා පච්ඡා තථා පුරෙ:” ඉධ භික්ඛවෙ, භික්ඛුනො පච්ඡාපුරෙ සඤ්ඤා සුග්ගහිතා හොති සුමනසිකතා සූපධාරිතා සුප්පටිවිද්ධා පඤ්ඤාය. එවං ඛො භික්ඛවෙ, භික්ඛු පච්ඡාපුරෙසඤ්ඤී විහරති. “යථා පුරෙ තථා පච්ඡා යථා පච්ඡා තථා පුරෙ.”
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය” යි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණහු විසින් පච්ඡාපුරෙසසඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී මැනවින් මෙනෙහි කරන ලද්දී මැනවින් දරන ලද්දී නුවණින් මොනවට පිළිවිදිනා ලද්දී වේ ද මහණෙනි, මෙසේ මහණ “පෙර යම්සේ නම් පසුත් එසේ ය. පසු යම්සේ නම් පෙරත් එසේ ය” යි පච්ඡාපුරේසඤ්ඤා ඇති ව වෙසේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු යථා අධො තථා උද්ධං යථා උද්ධං තථා අධො විහරති: ඉධ භික්ඛවෙ, භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති: “අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා -පෙ- ලසිකා මුත්තන්ති.” එවං ඛො භික්ඛවෙ, භික්ඛු යථා අධො තථා අද්ධං යථා අද්ධං තථා අධො විහරතීති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ යට යම්සේ නම් උඩත් එසේ ව උඩ යම්සේ නම් යටත් එසේ ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණතෙමේ පාදතලයෙන් උඩ කෙස්මතුවෙන් යට සිවිය කෙළවර කොට ඇති නන් වැදෑරුම් අසුචියෙන් පිරුණු මේ කය ම පස්විකයි. “මේ කයෙහි කෙස් ලොම් ... සඳමිදුලු මූ ඇතැ”යි. මහණෙනි, මෙසේ මහණ යට යම්සේ නම් උඩත් එබඳු ව උඩ යම්සේ නම් යටත් එබඳු ව වෙසේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා විහරති: ඉධ භික්ඛවෙ, භික්ඛු යෙහි ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි දිවා වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. සො තෙහි ආකාරෙහි තෙහි ලිඞ්ගෙහි තෙහි නිමිත්තෙහි රත්තිං වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. යෙහි වා පන ආකාරෙහි යෙහි ලිඞ්ගෙහි යෙහි නිමිත්තෙහි රත්තිං වීමංසා සමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. සො තෙහි ආකාරෙහි තෙහි ලිඞ්ගෙහි තෙහි නිමිත්තෙහි දිවා වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු යථා දිවා තථා රත්තිං තථා දිවා විහරති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ දහවල් යම්සේ නම් රෑත් එබඳු ව රෑ යම්සේ නම් දහවලුත් එබඳු ව වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ යම් කොටස්වලින් යම් සටහන්වලින් යම් වැටහීම්වලින් දහවල් වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩා ද, හෙතෙමේ ඒ කොටස්වලින් ඒ සටහන්වලින් ඒ වැටහීම්වලින් රෑත් වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. යම් කොටස්වලින් හෝ යම් සටහන්වලින් හෝ යම් වැටහීම්වලින් හෝ රැයෙහි වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩා ද, හෙතෙමේ ඒ කොටස්වලින් ඒ සටහන්වලින් ඒ වැටහීම්වලින් දහවලුත් වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මෙසේ මහණ දහවල් යම්බඳු නම් රෑත් එසේ ව රෑ යම්බඳු නම් දහවලුත් එසේ ව වෙසේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති: ඉධ භික්ඛවෙ, භික්ඛුනො ආලොකසඤ්ඤා සුග්ගහිතා හොති දිවාසඤ්ඤා ස්වාධිට්ඨිතා. එවං ඛො භික්ඛවෙ, භික්ඛු විවටෙන චෙතසා අපරියොනද්ධෙන සප්පභාසං චිත්තං භාවෙති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ විවෘත වූ හාත්පසින් නොබැඳුණු සිතින් බැබළුම් සහිත සිත වඩා ද යත්; මහණෙනි, මෙහි මහණහු විසින් ආලෝකසඤ්ඤාව මැනවින් ගන්නා ලද්දී දිවා සඤ්ඤාව මැනවින් පිහිටුවන ලද්දී වේ ද, මහණෙනි, මෙසේ මහණ විවෘත වූ හාත්පසින් බැබළුණු සිතින් බැබළුම් සහිත සිත වඩයි.
Pali BJTඑවං භාවිතා ඛො භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා එවං බහුලීකතා මහප්ඵලා හොන්ති මහානිසංසා. එවං භාවිතෙසු ඛො භික්ඛවෙ, භික්ඛු චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු අනෙකවිහිතං ඉද්ධිවිධං පච්චනුභොති. “එකොපි හුත්වා බහුධා හොති -පෙ- යාව බ්රහ්මලොකාපි කායෙන වසං වත්තෙති.” එවං භාවිතෙසු ඛො භික්ඛවෙ, භික්ඛු චතූසු ඉද්ධිපාදෙසු එවං බහුලීකතෙසු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJTමහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සිවු ඉදුපා මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි නන් වැදෑරුම් ඉදුකොටස් විඳී: එකෙක් ව ද බොහෝ අයුරු වේ ... බඹලොව තෙක් දු කයින් වසයෙහි පවත්වයි. මහණෙනි, මහණ සිවු ඉදුපා මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි ආස්‍රව ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
Pali BJTපාසාදකම්පනවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනි පාසාදකම්පනවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTහෙතුමහප්ඵලො ඡන්දො මොග්ගල්ලානො ච බ්රාහ්මණො, මහිද්ධිවිධා භික්ඛු භාවනා විභඞ්ගෙහි චාති.
Sinhala BJTහේතු, මහප්ඵල, ඡන්‍ද, මොග්ගල්ලාන, බ්‍රාහ්මණ, මහිද්ධික, ඉද්ධිවිධ, භික්ඛු, භාවනා, විභඞ්ග යී දශසූත්‍රාන්ත කෙනෙකි.
Pali BJT3. අයොගුළවග්ගො
Sinhala BJT3. අයොගුළ වර්‍ගය
Pali BJT7. 3. 1.
Sinhala BJT7. 3. 1.
Pali BJTමග්ගසුත්තං
Sinhala BJTමග්ග සූත්‍රය
Pali BJT3143. සාවත්ථියං:
Sinhala BJT3143. සැවැත්නුවර:
Pali BJTපුබ්බෙව මෙ භික්ඛවෙ, සම්බොධා අනභිසම්බුද්ධස්ස බොධිසත්තස්සෙව සතො එතදහොසි. “කො නු ඛො මග්ගො කා පටිපදා ඉද්ධිපාදභාවනායාති: තස්ස මය්හං භික්ඛවෙ, එතදහොසි: “ඉධ භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉති මෙ ඡන්දො න ච අතිලීනො භවිස්සති -පෙ- සප්පභාසං චිත්තං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉති මෙ වීමංසා න ච අතිලීනා භවිස්සති. න ච අතිප්පග්ගහිතා භවිස්සති. න ච අජ්ඣත්තං සඞ්ඛිත්තා භවිස්සති. න ච බහිද්ධා වික්ඛිත්තා භවිස්සති. පච්ඡාපුරෙසඤ්ඤී ච විහරති:
Sinhala BJTමහණෙනි, සම්බෝධියෙන් පළමු ම බුදුබවට නො පැමිණි බෝසත් වූ ම මට මේ සිත විය: “ඉදුපා වැඩුමට මඟ කවරේ ද, පිළිවෙත කවරේ දැ”යි. මහණෙනි, ඒ මට මෙබඳු සිතෙක් විය: මෙහි මහණ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්‍දය ඉතා සැඟවුණේ නො ද වන්නේ ය ... බැබළුම් සහිත සිත වඩයි. විරියසමාධි ... චිත්තසමාධි ... වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වඩයි. මෙසේ මාගේ වීමංසාව ඉතා සැඟවුණේ නො ද වන්නේ ය. ඉතා දැඩි කොට ගන්නා ලද්දේ නො ද වන්නේ ය. ඇතුළත හැකුළුණේ නො ද වන්නේ ය. පිටත විසුරුණේ නොද වන්නේ ය.