Pali BJT6. 5. 1-39.
Sinhala BJT6. 5. 1-39.
Pali BJTඔඝාදි සුත්තානි
Sinhala BJTඕඝාදි සූත්‍ර
Pali BJT2741-2779. චත්තාරොමෙ භික්ඛවෙ, ඔඝා. කතමෙ වත්තාරො: -පෙ- භාවෙතබ්බානීති.
Sinhala BJT2741-2779. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: ... වැඩියයුත්තාහ යි.
Pali BJT6. 5. 40.
Sinhala BJT6. 5. 40.
Pali BJTඋද්ධම්භාගියසුත්තං
Sinhala BJTඋද්ධම්භාගිය සූත්‍රය
Pali BJT2780. පඤ්චිමානි භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච: රූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං, අවිජ්ජා. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං අභිඤ්ඤාය පඤ්ච බලානි භාවෙතබ්බානි. කතමානි පඤ්ච: ඉධ භික්ඛවෙ, භික්ඛු, සද්ධාබලං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. විරියබලං -පෙ- සතිබලං -පෙ- සමාධිබලං -පෙ- පඤ්ඤාබලං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං අභිඤ්ඤාය ඉමානි පඤ්ච බලානි භාවෙතබ්බානීති.
Sinhala BJT2780. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් වෙසෙසින් දැනුම පිණිස පස්බල වැඩියයුතු. කවර පසෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සද්ධාබලය වඩයි. විරියබලය ... සතිබලය ... සමාධිබලය ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් වෙසෙසින් දැනුම පිණිස මේ පස්බල වැඩියයුතු යි.
Pali BJTඔඝවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි ඕඝවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඔඝො යොගො උපාදානං ගන්ථො අනුසයෙන ච, කාමගුණා නීවරණා ඛන්ධා ඔරුද්ධම්භාගියාති.
Sinhala BJTඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යී චතුෂ්ක දශයෙකි. සාලිස් සුතුරෙකි යි.
Pali BJT6. පුනගඞ්ගාපෙය්යාලො
Sinhala BJT6. පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
Pali BJT6. 6. 1-36.
Sinhala BJT6. 6. 1-36.
Pali BJTපාචීනනින්නාදි සුත්තානි
Sinhala BJTපාචීනනින්නාදි සූත්‍රය
Pali BJT2781-2816. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගා නදී පාචීනනින්නා -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT2781-2816. මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි ... නිවනට බර වූයේ වේ යි.
Pali BJT(රාගවිනයපරියොසානාදිවසෙන අමතොගධාදිවසෙන නිබ්බානනින්නාදිවසෙන චාති එකෙකස්මිං තයො තයො කත්වා ඡත්තිංස සුත්තන්තා විත්ථාරෙතබ්බා.)
Sinhala BJT(රාගවිනයපරියොසානාදි විසිනුදු අමතෝගධාදි විසිනුදු නිබ්බාන නින්නාදි විසිනුදු එකෙක තුනක් තුනක් කොට සතිස් සූත්‍රාන්ත කෙනෙක් විතර කටයුත්තාහ.)
Pali BJTපුනගඞ්ගාපෙය්යාලි.
Sinhala BJTසවැනි පුන ගඞ්ගාපෙය්‍යාලවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඡ පාචීනතො නින්නා ඡ ච නින්නා සමුද්දතො, එතෙ ද්වෙ ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපාචීනනින්න සූත්‍ර ත්‍රික සයෙකි. සමුද්දනින්නාන ත්‍රික ද සයෙකි. මේ ෂට්ක දෙක ත්‍රික දොළොසෙක් වේ. එයින් වර්‍ග යී කියනු ලැබේ. මුළුල්ල සතිස් සුතුරෙකි යී.
Pali BJT7. පුනඅප්පමාදවග්ගො
Sinhala BJT7. පුනඅප්පමාද වර්‍ගය
Pali BJT6. 7. 1-30.
Sinhala BJT6. 7. 1-30.
Pali BJTතථාගතාදි සුත්තානි
Sinhala BJTතථාගතාදි සූත්‍ර
Pali BJT2817-2846. යාවතා භික්ඛවෙ, සත්තා අපදා වා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT2817-2846. මහණෙනි, අපා වූ ද ... යම්තාක් සත්ත්‍වයෝ වෙත් ද ... බහුල කෙරේ යි.
Pali BJT(වුත්තයෙන තිංස සුත්තන්තා විත්ථාරෙතබ්බා)
Sinhala BJT(කී නයින් තිස් සුතුරෙක් විතර කටයුතු.)
Pali BJTපුනඅප්පමාදවග්ගො සත්තමො.
Sinhala BJTසත්වැනි පුනඅප්පමාදවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTතථාගතං පදං කූටං මූලං සාරෙන වස්සිකං, රාජා චන්දිමසූරියා ච වත්ථෙන දසමං පදන්ති.
Sinhala BJTතථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යි ත්‍රික දශයෙකි. සුතුරු තිසෙකි.
Pali BJT8. පුනබලකරණීයවග්ගො
Sinhala BJT8. පුනබලකරණීය වර්‍ගය
Pali BJT6. 8. 1-36.
Sinhala BJT6. 8. 1-36.
Pali BJTබලාදි සුත්තානි
Sinhala BJTබලාදි සූත්‍ර
Pali BJT2847-2882. සෙය්යථාපි භික්ඛවෙ යෙ කෙචි බලකරණීයා කම්මන්තා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT2847-2882. මහණෙනි, යම්සේ යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ ... බහුල කෙරේ යි.
Pali BJT(ඡත්තිංස සුත්තන්තා විත්ථාරෙතබ්බා)
Sinhala BJT(සතිස් සුතුරු කෙනෙක් විතර කටයුත්තාහ.)
Pali BJTපුනබලකරණීයවග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවැනි පුනබලකරණියවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTබලං බීජඤ්ච නාගො ච රුක්ඛං කුම්භෙන සූකිනං ආකාසෙන ච ද්වෙ මෙඝා නාවා ආගන්තුකා නදීති.
Sinhala BJTබල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි ත්‍රික සතෙක් ද මේඝ ත්‍රික දෙකෙක් ද නාවා ආගන්තුක නදී යි ත්‍රික තුනෙක් දැ යි ත්‍රික දොළොසෙකි. සතිස් සුතුරෙකි යි.
Pali BJT9. පුනඑසනාවග්ගො
Sinhala BJT9. පුනඒසනා වර්‍ගය
Pali BJT6. 9. 1-120.
Sinhala BJT6. 9. 1-120.
Pali BJTඑසනාදි සුත්තානි
Sinhala BJTඒසනාදි සූත්‍ර
Pali BJT2883-3002. තිස්සො ඉමා භික්ඛවෙ, එසනා. කතමා තිස්සො: -පෙ- භාවෙතබ්බානීති.
Sinhala BJT2883-3002. මහණෙනි, යම් ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: ... වැඩිය යුතුවහ යි.
Pali BJT(විවෙකනිස්සිතාදිවසෙන අභිඤ්ඤාදිවසෙන ච එකෙකස්මිං ද්වාදස ද්වාදස කත්වා වීසංසත සුත්තන්තා විත්ථාරෙතබ්බා.)
Sinhala BJT(විවේකනිස්සිතාදි විසිනුදු අභිඤ්ඤාදි විසිනුදු එකෙක දොළසක් දොළසක් කොට එක්සියවිසි සුතුරු කෙනෙක් විතර කටයුත්තාහ.)
Pali BJTඑසනාවග්ගො නවමො.
Sinhala BJTනවවැනි පුනඒසනාවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඑසනා විධා ආසවො භවො දුක්ඛතා ච තිස්සො, ඛිලං මලඤ්ච නීඝො ච වෙදනා තණ්හාහි චාති.
Sinhala BJTඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛිල, මල, නීඝ, වේදනා, තණ්හා යි ද්වාදශක දශයෙකි. එක්සියවිසි සුතුරෙකි යි.
Pali BJT10. පුනඔඝවග්ගො
Sinhala BJT10. පුනඕඝ වර්‍ගය
Pali BJT6. 10. 1-119.
Sinhala BJT6. 10. 1-119.
Pali BJTඔඝාදි සුත්තානි
Sinhala BJTඕඝාදි සූත්‍ර
Pali BJT3003-3121. චත්තාරොමෙ භික්ඛවෙ, ඔඝා. කතමෙ චත්තාරො -පෙ- භාවෙතබ්බාති.
Sinhala BJT3003-3121. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: ... වැඩියයුත්තාහ යි.
Pali BJT(වුත්තනයෙනෙව විත්ථාරෙතබ්බානි.)
Sinhala BJT(කී නයින් ම විතර කටයුත්තා හ.)
Pali BJT6. 10. 120.
Sinhala BJT6. 10. 120.
Pali BJTඋද්ධම්භාගියසුත්තං
Sinhala BJTඋද්ධම්භාගිය සූත්‍රය
Pali BJT3122. පඤ්චිමානි භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච: රූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං අවිජ්ජා. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය පඤ්චබලානි භාවෙතබ්බානි. කතමානි පඤ්ච: ඉධ භික්ඛවෙ, භික්ඛු සද්ධාබලං භාවෙති, නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං. විරියබලං -පෙ- පඤ්ඤාබලං භාවෙති, නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය ඉමානි පඤ්ච බලානි භාවෙතබ්බානීති.
Sinhala BJT3122. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහකරනු පිණිස පස්බල වැඩිය යුතු. කවර පසෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට සද්ධාබලය වඩයි. විරියබලය ... සතිබලය ... සමාධිබලය ... නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහකරනු පිණිස මේ පස්බල වැඩියයුතු යි.
Pali BJTපුනඔඝවග්ගො දසමො.
Sinhala BJTදශවැනි පුනඔඝවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඔඝො යොගො උපාදානං ගන්ථො අනුසයෙන ච, කාමගුණා නීවරණා ඛන්ධා ඔරුද්ධම්භාගියාති.
Sinhala BJTඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි ද්වාදශක දශයෙකි. සූත්‍ර එක්සිය විස්සෙකි යි.
Pali BJTබලසංයුත්තං සමත්තං.
Sinhala BJTබලසංයුත්තය නිමි.
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ගනාමාවලිය:
Pali BJTගඞ්ගාපෙය්යාලොප්පමාදො බලකරණීයෙසනා තෙහි පුනාදීහි බලසංයුත්තකා දසාති.
Sinhala BJTගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝ, යන මොහු පුන යන්න මුල්කොට ඇති ඒ පසම කරණ කොට ගෙන බල සංයුත්තට අයත් වර්‍ග දශයෙක් වේ යි.
Pali BJTසුත්තන්තපිටකෙ
Sinhala BJTසූත්‍රාන්තපිටකයෙහි
Pali BJTසංයුත්තනිකායො
Sinhala BJTසංයුත්තනිකාය
Pali BJTපඤ්චමභාගෙ - දුතියො කණ්ඩො
Sinhala BJTපඤ්චමභාගයෙහි - දෙවන කාණ්ඩය
Pali BJTමහාවග්ගො
Sinhala BJTමහා වර්‍ගය
Pali BJT7. ඉද්ධිපාදසංයුත්තං
Sinhala BJT7. ඉද්ධිපාද සංයුත්තය
Pali BJT1. චාපාලවග්ගො
Sinhala BJT1. චාපාල වර්‍ගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJT7. 1. 1.
Sinhala BJT7. 1. 1.
Pali BJTඅපාරසුත්තං
Sinhala BJTඅපාර සූත්‍රය
Pali BJT3123. සාවත්ථියං:
Sinhala BJT3123. සැවැත්නුවර:
Pali BJTචත්තාරොමෙ භික්ඛවෙ, ඉද්ධිපාදා භාවිතා බහුලීකතා අපාරා පාරං{1} ගමනාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා. භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, මේ සතර ඉද්ධිපාද කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යනු පිණිස පවත්නාහ. කවර සතරදෙනෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන් සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ ඉද්ධිපාද සතර වඩනා ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙර යනු පිණිස පවත්නාහ යි.
Pali BJT7. 1. 2.
Sinhala BJT7. 1. 2.
Pali BJTවිරද්ධසුත්තං
Sinhala BJTවිරද්ධ සූත්‍රය
Pali BJT3124. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා විරද්ධා, විරද්ධො තෙසං අරියො මග්ගො සම්මාදුක්ඛක්ඛයගාමී. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා ආරද්ධා, ආරද්ධො තෙසං අරියො මග්ගො සම්මාදුක්ඛක්ඛයගාමී. කතමෙ චත්තාරො:
Sinhala BJT3124. මහණෙනි, යම් කෙනකුන් විසින් සිවු ඉදුපා වරදවන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ වරදවන ලද්දේ ය. මහණෙනි, යම්කිසි කෙනකුන් විසින් සිවු ඉදුපා අරඹන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ අරඹන ලද්දේ ය. කවර සතරෙක් ද යත්:
Pali BJTඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, ඉමෙ චත්තාරො ඉද්ධිපාදා විරද්ධා, විරද්ධො තෙසං අරියො මග්ගො සම්මාදුක්ඛක්ඛයගාමී. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, ඉමෙ චත්තාරො ඉද්ධිපාදා ආරද්ධා, ආරද්ධො තෙසං අරියො මග්ගො සම්මාදුක්ඛක්ඛයගාමීති.
Sinhala BJTමහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... වීමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ සතර ඍද්ධිපාදයෝ වරදවන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ වරදවන ලද්දේ ය. මහණෙනි, යම් කෙනකුන් විසින් මේ සතර ඍද්ධිපාදයෝ අරඹන ලදහු නම් ඔවුන් විසින් මැනැවින් දුක් ගෙවීමට යන අරීමඟ අරඹන ලද්දේ යි.
Pali BJT7. 1. 3.
Sinhala BJT7. 1. 3.
Pali BJTඅරිය සුත්තං
Sinhala BJTඅරිය සූත්‍රය
Pali BJT3125. චත්තාරො’මෙ භික්ඛවෙ, ඉද්ධිපාදා භාවිතා බහුලීකතා අරියා නිය්යානිකා නිය්යන්ති තක්කරස්ස සම්මාදුක්ඛක්ඛයාය. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා අරියා නිය්යානිකා නිය්යන්ති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති.
Sinhala BJT3125. මහණෙනි, ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ ඍද්ධිපාදයෝ සතරදෙන වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒ අනුව පිළිපන්නාහු මැනැවින් දුක් ගෙවීමට පමුණුවත්. කවර සතරදෙනෙක යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ආර්‍ය්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ සිවු ඉදුපා වඩන ලද්දේ බහුල කරන ලද්දේ ඒ අනුව පිළිපන්නහු මැනැවින් දුක් ගෙවීමට පමුණුවා යි.
Pali BJT7. 1. 4.
Sinhala BJT7. 1. 4.
Pali BJTනිබ්බිදාසුත්තං
Sinhala BJTනිබ්බිදා සූත්‍රය
Pali BJT3126. චත්තාරො’මෙ, භික්ඛවෙ, ඉද්ධිපාදා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති -පෙ- විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තීති.
Sinhala BJT3126. මහණෙනි, මේ චතුරිද්ධිපාද වඩන ලද්දේ බහුල කරන ලද්දේ ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මේ සිවු ඉදුපා වඩන ලද්දේ බහුල කරන ලද්දේ ඒකාන්තනිර්වේදය විරාගය නිරෝධය ව්‍යුපශමය අභිඥානය සම්බෝධිය නිර්‍වාණය පිණිස පවතී යි.
Pali BJT7. 1. 5.
Sinhala BJT7. 1. 5.
Pali BJTපදෙසසුත්තං
Sinhala BJTපදෙස සූත්‍රය
Pali BJT3127. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ඉද්ධිප්පදෙසං අභිනිප්ඵාදෙසුං, සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙ හි කෙචි භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ඉද්ධිප්පදෙසං අභිනිප්ඵාදෙස්සන්ති, සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙ හි කෙචි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා ඉද්ධිප්පදෙසං අභිනිප්ඵාදෙන්ති සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. කතමෙසං චතුන්නං: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා ඉද්ධිප්පදෙසං අභිනිප්ඵාදෙසුං -පෙ- අභිනිප්ඵාදෙසුං -පෙ- අභිනිප්ඵාදෙස්සන්ති -පෙ- අභිනිප්ඵාදෙන්ති සබ්බෙ තෙ ඉමෙසං යෙව චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තාති.
Sinhala BJT3127. මහණෙනි, අතීතයෙහි යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදු පෙදෙසක් නිපදවූහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවින් එසේ වූහ. බහුල කළ බැවින් එසේ වූහ. මහණෙනි, මතු කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදු පෙදෙසක් නිපදවන්නාහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, දැන් යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදු පෙදෙසක් නිපදවත් නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත් කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුපෙදෙසක් නිපදවූහු නම් ... නිපදවන්නාහු නම් ... නිපදවත් නම් ඒ සියල්ලෝ මේ සිවු ඉදුපා ම වැඩූ බැවින් බහුල කළ බැවින් එසේ වෙත් යි.
Pali BJT7. 1. 6.
Sinhala BJT7. 1. 6.
Pali BJTසමත්තසුත්තං
Sinhala BJTසමත්ත සූත්‍රය
Pali BJT3128. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා සමත්තං ඉද්ධිං අභිනිප්ඵාදෙසුං, සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙ හි කෙචි භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා සමත්තං ඉද්ධිං අභිනිප්ඵාදෙස්සන්ති, සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙ හි කෙචි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා සමත්තං ඉද්ධිං අභිනිප්ඵාදෙන්ති, සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. කතමෙසං චතුන්නං: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති, විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා සමත්තං ඉද්ධිං අභිනිප්ඵාදෙසුං -පෙ- අභිනිප්ඵාදෙස්සන්ති -පෙ- අභිනිප්ඵාදෙන්ති, සබ්බෙ තෙ ඉමෙසං යෙව චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තාති.
Sinhala BJT3128. මහණෙනි, ඉකුත් කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුමුළුල්ල නිපදවූහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුමුළුල්ල නිපදවන්නාහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදු මුළුල්ල නිපදවත් නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ඉදුමුළුල්ල නිපදවූහු නම් ... නිපදවන්නාහු නම් ... නිපදවත් නම් ඒ සියල්ලෝ මේ සිවු ඉදුපා ම වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.
Pali BJT7. 1. 7.
Sinhala BJT7. 1. 7.
Pali BJTභික්ඛු සුත්තං
Sinhala BJTභික්ඛු සූත්‍රය
Pali BJT3129. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං භික්ඛූ ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිංසු. සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙ හි කෙචි භික්ඛවෙ, අනාගතමද්ධානං භික්ඛූ ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිස්සන්ති, සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. යෙ හි කෙචි භික්ඛවෙ, එතරහි භික්ඛූ ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති, සබ්බෙ තෙ චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා. කතමෙසං චතුන්නං: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. යෙ හි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං භික්ඛූ ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරිංසු -පෙ- විහරිස්සන්ති -පෙ- විහරන්ති, සබ්බෙ තෙ ඉමෙසං යෙව චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තාති.
Sinhala BJT3129. මහණෙනි, ඉකුත් කල යම්කිසි මහණ කෙනෙක් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වුසූහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, මතු කල යම් කිසි මහණ කෙනෙක් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵල සමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙන්නාහු නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. මහණෙනි, දැන් යම් කිසි මහණ කෙනෙක් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙත් නම් ඒ සියල්ලෝ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි. කවර සිවු ඉදුපා ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, ඉකුත් කල යම් කිසි මහණ කෙනෙක් ආස්‍රවක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තමන් විසින් වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වුසූහු නම් ... වෙසෙන්නාහු නම් ... වෙසෙත් නම් ඒ සියල්ලෝ මේ සිවු ඉදුපා වැඩූ බැවිනි, බහුල කළ බැවිනි යි.
Pali BJT7. 1. 8.
Sinhala BJT7. 1. 8.
Pali BJTඅරහන්ත සුත්තං
Sinhala BJTඅරහන්ත සූත්‍රය
Pali BJT3130. චත්තාරො මෙ භික්ඛවෙ, ඉද්ධිපාදා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. විරියසමාධි -පෙ- චිත්තසමාධි -පෙ- වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතං ඉද්ධිපාදං භාවෙති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ඉද්ධිපාදා. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතො අරහං සම්මාසම්බුද්ධොති වුච්චතීති.
Sinhala BJT3130. මහණෙනි, මේ ඉදුපා සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාදය වඩයි. වීර්‍ය්‍ය නිසා පැවැති සමාධියෙන් හා ... චිත්තය නිසා පැවැති සමාධියෙන් හා ... විමංසාව නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉද්ධිපාදය වඩයි. මහණෙනි, මොහු සිවු ඉදුපා යි. මහණෙනි, මේ සිවු ඉදුපා වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගත තෙමේ අර්‍හත් සම්‍යක් සම්බුද්ධ ය යි කියනු ලැබේ යි.
Pali BJT7. 1. 9.
Sinhala BJT7. 1. 9.
Pali BJTඤාණ සුත්තං
Sinhala BJTඤාණ සූත්‍රය
Pali BJT3131. අයං ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදොති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. සො ඛො පනායං ඡන්දසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො භාවෙතබ්බොති මෙ භික්ඛවෙ -පෙ- භාවිතොති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJT3131. මහණෙනි, මේ ඡන්‍දය නිසා පැවැති සමාධියෙන් හා ප්‍රධන්සංස්කාරයෙන් යුත් ඉර්ධිපාද ය යි පෙර නොඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය. නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ ඡන්‍දසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි ... වඩන ලදැ යි පෙර නොඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
Pali BJTඅයං විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදොති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. සො ඛො පනායං විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො භාවෙතබ්බොති මෙ භික්ඛවෙ -පෙ- භාවිතොති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, මේ විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ විරියසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි ... වඩන ලදැයි පෙර නොඇසූවිරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
Pali BJTඅයං චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදොති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. සො ඛො පනායං චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො භාවෙතබ්බොති මෙ භික්ඛවෙ -පෙ- භාවිතොති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි.
Sinhala BJTමහණෙනි, මේ චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ චිත්තසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි ... වඩන ලදැයි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය.
Pali BJTඅයං වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදොති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි -පෙ- ආලොකො උදපාදි. සො ඛො පනායං වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගතො ඉද්ධිපාදො භාවෙතබ්බොති මෙ භික්ඛවෙ -පෙ- භාවිතො’ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදීති.
Sinhala BJTමහණෙනි, මේ වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය යි පෙර නො ඇසූ විරූ දහම්හි මට ඇස පහළ විය ... එළිය පහළ විය. මහණෙනි, ඒ මේ වීමංසාසමාධිපධානසඞ්ඛාරසමන්නාගත ඉද්ධිපාදය වැඩියයුතු යි මට ... මහණෙනි, වඩන ලදැයි පෙර නො ඇසූ විරූ දහම්හි ඇස පහළ විය. නැණ පහළ විය. මට පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ වී ය යි.
Pali BJT7. 1. 10.
Sinhala BJT7. 1. 10.
Pali BJTචෙතිය සුත්තං
Sinhala BJTචේතිය සූත්‍රය
Pali BJT3132. එකං සමයං භගවා වෙසාලියං විහරති මහාවනෙ කූටාගාරසාලායං. අථ ඛො භගවා පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය වෙසාලිං පිණ්ඩාය පාවිසි. වෙසාලියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො ආයස්මන්තං ආනන්දං ආමන්තෙසි: “ගණ්හාහි ආනන්ද, නිසීදනං. යෙන චාපාලං චෙතියං{1} තෙනුපසඞ්කමිස්සාම{2} දිවාවිහාරායා”ති. “එවං භන්තෙ”ති ඛො ආයස්මා ආනන්දො භගවතො පටිස්සුත්වා නිසීදනං ආදාය භගවන්තං පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධි. අථ ඛො භගවා යෙන චාපාලං චෙතියං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. ආයස්මාපි ඛො ආනන්දො භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච:
Sinhala BJT3132. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ විසල්නුවර සමීපයෙහි මහවෙනෙහි කූටාගාරශාලායෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන පිඬු පිණිස විසල්පුර පිවිසි සේක. විසල්පුර පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකි සේක්: “ආනන්‍දය, නිසීදනය ගනු. චාපාල සෑය කරා දිවාවිහරණය පිණිස යම්හ”යි ආයුෂ්මත් අනඳ තෙරුන් ඇමතූ සේක. “වහන්ස එසේ ය”යි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් අස්වා නිසීදනය රැගෙන පසුපස භාග්‍යවතුන් වහන්සේට අනුගමන් කළහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල සෑය වෙත එළඹි සේක. එළඹ පනවන ලද අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් අනඳ තෙරණුවෝ ද භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් අනඳ තෙරණුවන්ට භාග්‍යවතුන් වහන්සේ තෙල වදාළ සේක:
Pali BJTරමණීයා ආනන්ද, වෙසාලී, රමණීයං උදෙනං චෙතියං, රමණීයං ගොතමකං චෙතියං, රමණීයං සත්තම්බං චෙතියං, රමණීයං බහුපුත්තං චෙතියං, රමණීයං සාරන්දදං චෙතියං, රමණීයං චාපාලං චෙතියං. යස්ස කස්සචි ආනන්ද, ඉමෙ චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා, සො ආකඞ්ඛමානො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. ආකඞ්ඛමානො ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වාති. එවම්පි ඛො ආයස්මා ආනන්දො භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න භගවන්තං යාචි “තිට්ඨතු භන්තෙ, භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං, බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන”න්ති. යථා තං මාරෙන පරියුට්ඨිතචිත්තො.
Sinhala BJTආනන්‍දය, විසල්පුර සිත්කලු ය. උදේන සෑය සිත්කලු ය. ගෝතමක සෑය සිත්කලු ය. සත්තම්බ සෑය සිත්කලු ය. බහුපුත්ත සෑය සිත්කලු ය. සාරන්‍දද සෑය සිත්කලු ය. චාපාල සෑය සිත්කලු ය. ආනන්‍දය, යම් කිසිවකු විසින් මේ සිවු ඍද්ධිපාදයෝ වඩන ලද්දාහු පුනපුනා කරන ලද්දාහු යානයක් මෙන් කරන ලද්දාහු වාස්තුවක් මෙන් කරන ලද්දාහු අනුෂ්ඨිත වූවාහු පුරුදු කරන ලද්දාහු මැනැවින් අරඹන ලද්දාහු වෙද්ද, හෙතෙමේ කැමති වන්නේ නම් ආයුෂ්කල්පයක් (සියවසක්) හෝ එයට මදක් වැඩි කලක් හෝ සිටුනේ ය. ආනන්‍දය, තථාගතයන් විසින් සිවු ඍද්ධිපාදයෝ වඩන ලදහ, බහුල කරන ලදහ, යානයක් මෙන් කරන ලදහ, වාස්තුවක් මෙන් කරන ලදහ, අනුෂ්ඨිතයහ, පරිවිතයහ, සුසමාරබ්ධයහ. ආනන්‍දය, කැමති වන්නේ නම් තථාගත තෙමේ කපක් හෝ එයට මඳක් වැඩි කලක් හෝ සිටුනේ යි. මෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් ඖදාරික නිමිති කරන කල්හි පැහැදිලි හෙලිකිරීම් කරන කල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ මරු විසින් මැඩ ගන්නා ලද අන් පුහුදුන් කෙනකු මෙන් තුමූත් පිළිවිදිනට නො හැකි වූහ. “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස දෙවිමිනිසුන්ට වැඩ පිණිස හිතසුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කපක් වැඩ සිටුනා සේක්වා, සුගතයන් වහන්සේ කපක් වැඩ සිටුනා සේක්වා”යි භාග්‍යවතුන් වහන්සේ නො යැද්දහ.
Pali BJT[දුතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං භගවා එතදවොච: “රමණීයා ආනන්ද, වෙසාලී -පෙ- තතියම්පි ඛො භගවා ආයස්මන්තං ආනන්දං එතදවොච: “රමණීයා ආනන්ද, වෙසාලී, රමණීයං උදෙනං චෙතියං, රමණීයං ගොතමකං චෙතියං, රමණීයං සත්තම්බං චෙතියං, රමණීයං බහුපුත්තං චෙතියං, රමණීයං සාරන්දදං චෙතියං, රමණීයං චාපාලං චෙතියං. යස්ස කස්සචි, ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. සො ආකඞ්ඛමානො ආනන්ද, කප්පං වා තිට්ඨෙය්ය, කප්පාවසෙසං වා. තථාගතස්ස ඛො ආනන්ද, චත්තාරො ඉද්ධිපාදා භාවිතා බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධා. ආකඞ්ඛමානො ආනන්ද, තථාගතො කප්පං වා තිට්ඨෙය්ය කප්පාවසෙසං වාති.
Sinhala BJTදෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට මෙය වදාළ සේක: “ආනන්‍දය, විසල්පුර සිත්කලු ය ... “තෙවන වට දු භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්‍ද තෙරුන්ට මෙය වදාළ සේක: “ආනන්‍දය, විසල්පුර සිත්කලු ය. උදේන සෑය සිත්කලු ය. ගෝතමක සෑය සිත්කලු ය. සත්තම්බ සෑය සිත්කලු ය. බහුපුත්ත සෑය සිත්කලු ය. සාරන්‍දද සෑය සිත්කලු ය. චාපාල සෑය සිත්කලු ය. ආනන්‍දය, යම් කිසිවකු විසින් සිවු ඉදුපා භාවිත බහුලීකෘත යානීකෘත වාස්තුකෘත අනුෂ්ඨිත පරිචිත සුසමාරබ්ධ වේ ද, ආනන්‍ද හෙතෙමේ කැමති වන්නේ නම් කපක් හෝ කපට මඳක් වැඩි කලක් සිටුනේ ය. ආනන්‍දය, තථාගතයන් විසින් සිවු ඉදුපා භාවිත ය, බහුලීකෘත ය, යානීකෘත ය, වාස්තුකෘත ය, අනුෂ්ඨිත ය, පරිචිත ය, සුසමාරබ්ධ ය. ආනන්‍ද, තථාගත තෙමේ කැමති වන්නේ නම් කපක් හෝ මඳකින් වැඩි කපක් හෝ සිටුනේ යි.
Pali BJTඑවම්පි ඛො ආයස්මා ආනන්දො භගවතා ඔළාරිකෙ නිමිත්තෙ කයිරමානෙ ඔළාරිකෙ ඔභාසෙ කයිරමානෙ නාසක්ඛි පටිවිජ්ඣිතුං. න භගවන්තං යාචි: “තිට්ඨතු භන්තෙ, භගවා කප්පං, තිට්ඨතු සුගතො කප්පං, බහුජනහිතාය බහුජනසුඛාය ලොකානුකම්පාය අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සාන”න්ති. යථා තං මාරෙන පරියුට්ඨිතචිත්තො.{1}]
Sinhala BJTමෙසේත් භාග්‍යවතුන් වහන්සේ විසින් ඖදාරික නිමිති කරන කල්හි පැහැදිලි හෙළි කිරීම් කරන කල්හි ආයුෂ්මත් අනඳ තෙරණුවෝ මරු විසින් මැඩ ගන්නා ලද සිත් ඇති අන් පුහුදුන් කෙනකු මෙන් තුමූත් පිළිවිදිනට නො හැකි වූහ. “වහන්ස, බොහෝ දෙනාට හිත පිණිස බොහෝ දෙනාට සුව පිණිස ලොවට අනුකම්පා පිණිස වැඩ පිණිස දෙව්මිනිසුන්ට හිතසුව පිණිස භාග්‍යවතුන් වහන්සේ කපක් වැඩ සිටිනා සේක්වා, සුගතයන් වහන්සේ කපක් වැඩ සිටිනා සේක්වා”යි භාග්‍යවතුන් වහන්සේ නො යැද්දහ.