Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13501-13600 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඑසනා විධා ආසවො භවො දුක්ඛතා ච තිස්සො, ඛීලං මලඤ්ච නීඝො ච වෙදනා තණ්හාහි චාති.
Sinhala BJTඒසනා විධා ආසව භව දුක්ඛතා ඛිල මල නීඝ වේදනා තණ්හා යී සූත්‍ර ද්වාදශක දශයෙකි මුළුල්ල එක්සිය විස්සෙකි යි.
Pali BJT17. පුනඔඝවග්ගො
Sinhala BJT17. පුනඕඝ වර්‍ගය
Pali BJT4. 17. 1-119.
Sinhala BJT4. 17. 1-119.
Pali BJTඔඝාදි සුත්තානි.
Sinhala BJTඕඝාදි සූත්‍ර
Pali BJT2091-2209. චත්තාරො’මෙ භික්ඛවෙ, ඔඝා -පෙ- භාවෙතබ්බානීති.
Sinhala BJT2091-2209. මහණෙනි, මේ ඕඝ සතරෙකි ... වැඩියයුත්තාහ යි.
Pali BJT4. 17. 120.
Sinhala BJT4. 17. 120.
Pali BJTඋද්ධම්භාගියසුත්තං
Sinhala BJTඋද්ධම්භාගිය සූත්‍රය
Pali BJT2210. පඤ්චිමානි භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච: රූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං, අවිජ්ජා. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය පඤ්චින්ද්රියානි භාවෙතබ්බානි. කතමානි පඤ්ච: ඉධ භික්ඛවෙ, භික්ඛු සද්ධින්ද්රියං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං -පෙ- පඤ්ඤින්ද්රියං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය ඉමානි පඤ්චින්ද්රියානි භාවෙතබ්බානීති.
Sinhala BJT2210. මහණෙනි, මේ උද්ධම්භාගියසංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: “රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා” යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගියසංයෝජනයන් ප්‍රහීණ කිරීම පිණිස පසිඳුරෝ වැඩියයුත්තාහ. කවර පසිඳුරෝ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට සද්ධින්‍ද්‍රිය වඩයි ... නිවනට නැමුණක් නිවනට නැඹුරු වූවක් නිවනට බර වූවක් කොට පඤ්ඤින්‍ද්‍රිය වඩයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගියසංයෝජනයන් ප්‍රහීණ කිරීම පිණිස පසිඳුරෝ වැඩියයුත්තාහ යි.
Pali BJT(එත්ථ ච වුත්තනයෙන අභිඤ්ඤාදි වසෙන ච විත්ථාරෙන්තෙන වීසංසතං සුත්තන්තා වෙදිතබ්බා.)
Sinhala BJT(මෙහි දු කී නයින් ද අභිඥාවශයෙන් ද විතර කරන්නහු විසින් එක්සියවිසි සූත්‍රාන්ත කෙනෙන් දතයුත්තාහ.)
Pali BJTපුනඔඝවග්ගො සත්තරසමො.
Sinhala BJTසතළොස්වැනි පුනඔඝවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඔඝො යොගො උපාදානං ගන්ථො අනුසයෙන ච, කාමගුණා නීවරණා ඛන්ධා ඔරුද්ධම්භාගියාති.
Sinhala BJTඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි සූත්‍ර ද්වාදශක දශයෙකි. මුළුල්ල එක්සිය විස්සෙකි යි.
Pali BJTඉන්ද්රියසංයුත්තං සමත්තං.
Sinhala BJTඉන්‍ද්‍රියසංයුත්තය නිමි.
Pali BJTතත්රවග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ගනාමාවලිය:
Pali BJTසුද්ධකමුදුතර ඡළින්ද්රියා සුඛින්ද්රියා ජරාවග්ගෙහි පඤ්ච සූකරඛත සම්බොධයොගඞ්ගාප්පමාදබලකරණීයෙසනොඝා පුනගඞ්ගාපෙය්යාල ආදීහිපි පඤ්චහි වග්ගා සත්තරස හොන්තීති.
Sinhala BJTසුද්ධක, මුදුතර, ඡළින්‍ද්‍රිය වර්‍ගයෝ සුඛින්‍ද්‍රිය ජරාවර්‍ග දෙක සමග පසෙක් වේ. (නැවත) සූකරඛත, සම්බෝධි, ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝවර්‍ගයෝ වෙති. ඔහු පුනගඞ්ගාපෙය්‍යාල ආදි පසත් සමග (ඉන්‍ද්‍රියසංයුත්තයෙහි) වර්‍ග සතළොසෙකි වේ යි.
Pali BJT5. සම්මප්පධානසංයුත්තං
Sinhala BJT5. සම්මප්පධාන සංයුත්තය
Pali BJT1. ගඞ්ගාපෙය්යාලවග්ගො
Sinhala BJT1. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
Pali BJT5. 1. 1.
Sinhala BJT5. 1. 1.
Pali BJTපාචීනනින්නසුත්තං
Sinhala BJTපාචීනනින්න සූත්‍රය
Pali BJT2211. සාවත්ථියං:
Sinhala BJT2211. සැවැත්නුවර:
Pali BJTචත්තාරො’මෙ භික්ඛවෙ, සම්මප්පධානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො සම්මප්පධානාති.
Sinhala BJTමහණෙනි, මේ සම්මප්පධාන සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනී. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් ප්‍රහීණ කිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල් දහම් ඉපදවීම පිණිය සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම පිණිස නුමුළාබව පිණිස බොහෝ බව පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මොහු සතර සම්මප්පධානයෝ යි.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු චත්තාරො සම්මප්පධානෙ භාවෙන්තො චත්තාරො සම්මප්පධානෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු චත්තාරො සම්මප්පධානෙ භාවෙන්තො චත්තාරො සම්මප්පධානෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු චත්තාරො සම්මප්පධානෙ භාවෙන්තො චත්තාරො සම්මප්පධානෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJTමහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බරවූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ සිවුසම්පදහන් වඩනුයේ සිවුසම්පදහන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සිවුසම්පදහන් වඩනුයේ සිවුසම්පදහන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් ප්‍රහාණය පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දැඩි කොට ගනියි. ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල් දහම් උපදනා පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල් දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි, සිත දැඩි කොට ගනියි, ප්‍රධන් වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ සිවුසම්පදහන් වඩනුයේ සිවුසම්පදහන් බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි.
Pali BJT5. 1. 2-48.
Sinhala BJT5. 1. 2. - 48
Pali BJTදුතියපාචීනනින්නාදි සුත්තං
Sinhala BJTදුතිය පාචීනනින්නාදි සූත්‍ර
Pali BJT2212-2258. චත්තාරොමෙ භික්ඛවෙ, සම්මප්පධානා, කතමෙ චත්තාරො -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT2212-2258. මහණෙනි, මේ සම්පදහන් සතරෙකි. කවර සතරෙක් ද යත්: ... නිවනට බර වූයේ වේ යි.
Pali BJT(වුත්තනයෙන විත්ථාරෙතබ්බො.)
Sinhala BJT(කී නයින් විතර කටයුතු.)
Pali BJTගඞ්ගාපෙය්යාලො පඨමො.
Sinhala BJTපළමුවැනි ගඞ්ගාපෙය්‍යාලය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඡ පාචීනතො නින්නා ඡ ච නින්නා සමුද්දතො, එතෙ ද්වෙ ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපාචීනනින්නසූත්‍ර චතුෂ්ක සයෙකි. සමුද්දනින්න චතුෂ්ක ද සයෙකි. මේ ෂට්ක දෙක චතුෂ්ක දොළොසෙක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ. සූත්‍ර මුළුල්ල අටසාලිසෙකි යි.
Pali BJT2. අප්පමාදවග්ගො
Sinhala BJT2. අප්පමාද වර්‍ගය
Pali BJT5. 2. 1-40.
Sinhala BJT5. 2. 1-40.
Pali BJTතථාගතාදිසුත්තානි
Sinhala BJTතථාගතාදි සූත්‍ර
Pali BJT2259-2298. යාවතා භික්ඛවෙ, සත්තා අපදා වා දිපදා වා චතුප්පදා වා බහුප්පදා වා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT2259-2298. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.
Pali BJT(යථාවුත්තනයෙන විත්ථාරෙතබ්බො.)
Sinhala BJT(කියන ලද නයින් විතර කටයුතු.)
Pali BJTඅප්පමාදවග්ගො දුතියො.
Sinhala BJTදෙවෙනි අප්පමාදවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTතථාගතං පදං කූටං මූලං සාරෙන වස්සිකං, රාජා චන්දිමසූරියා ච වත්ථෙන දසමං පදන්ති.
Sinhala BJTතථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යී සූත්‍ර චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි යි.
Pali BJT3. බලකරණීයවග්ගො
Sinhala BJT3. බලකරණීය වර්‍ගය
Pali BJT5. 3. 1-48.
Sinhala BJT5. 3. 1-48.
Pali BJTබලාදි සුත්තානි
Sinhala BJTබලාදි සූත්‍ර
Pali BJT2299-2346. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කයිරන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය එවමෙතෙ බලකරණීයා කම්මන්තා කයිරන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය චත්තාරො සම්මප්පධානෙ භාවෙති, චත්තාරො සම්මප්පධානෙ බහුලීකරොති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය චත්තාරො සම්මප්පධානෙ භාවෙති, චත්තාරො සම්මප්පධානෙ බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං අකුසලං ධම්මානං පහානාය -පෙ- අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය චත්තාරො සම්මප්පධානෙ භාවෙති, චත්තාරො සම්මප්පධානෙ බහුලීකරොතීති. -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT2299-2346. මහණෙනි, යම්යේ යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ කරනු ලැබෙත් ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණිය කර්‍මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සිවුසම්පදහන් වඩයි. සිවුසම්පදහන් බහුල කෙරෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සිවුසම්පදහන් වඩා ද, සිවුසම්පදහන් බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල්දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් ලාමක අකුසල් දහම් පහකරනු පිණිස ... නූපන් කුසල්දහම් ඉපදවීම පිණිස ... උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සිවුසම්පදහන් වඩයි. සිවුසම්පදහන් බහුල කෙරේ යි ... බහුල කෙරේ යි.
Pali BJT(එවං අට්ඨතාලීස සුත්තන්තා විත්ථාරෙතබ්බා).
Sinhala BJT(මෙසේ අටසාලිස් සූත්‍රාන්තයෝ විතර කටයුත්තාහ.)
Pali BJTබලකරණීයවග්ගො තතියො.
Sinhala BJTතෙවෙනි බලකරණියවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTබලං බීජඤ්ච නාගො ච රුක්ඛං කුම්භෙන සූකිනං, ආකාසෙන ච ද්වෙ මෙඝා නාවා ආගන්තුකා නදීති.
Sinhala BJTබල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි සූත්‍ර චතුෂ්ක සතෙකි. මේඝ චතුෂ්ක දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යි චතුෂ්ක තුනෙකි යි මෙසේ චතුෂ්ක දොළොසෙකි. සූත්‍ර මුළුල්ල අටසාලිසෙකි යි.
Pali BJT4. එසනාවග්ගො
Sinhala BJT4. ඒසනා වර්‍ගය
Pali BJT5. 4. 1-160.
Sinhala BJT5. 4. 1-160.
Pali BJTඑසනාදි සුත්තානි
Sinhala BJTඑසනාදි සූත්‍ර
Pali BJT2347-2506. තිස්සො ඉමා භික්ඛවෙ, එසනා. කතමා තිස්සො: කාමෙසනා, භවෙසනා, බ්රහ්මචරියෙසනා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො එසනා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං අභිඤ්ඤාය චත්තාරො සම්මප්පධානා භාවෙතබ්බා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං -පෙ- උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං අභිඤ්ඤාය ඉමෙ චත්තාරො සම්මප්පධානා භාවෙතබ්බාති -පෙ- භාවෙතබ්බාති.
Sinhala BJT2347-2506. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමේසනා භවේසනා බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මේ තුන් ඒසනා යි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනුම පිණිස සිවුසම්පදහන් වැඩියයුතු. කවර සිවුසම්පදහන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ... උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනුම පිණිස මේ සිවුසම්පදහන් වැඩිය යුතු යි ... වැඩියයුතු යි.
Pali BJT(එවං අභිඤ්ඤාය පරිඤ්ඤාය පරික්ඛයාය පහානායාති ච එකෙකස්මිං සොළස සොළස කත්වා එකසතසට්ඨි සුත්තන්තා විත්ථාරෙතබ්බා.)
Sinhala BJT(මෙසේ අභිඤ්ඤාය පරිඤ්ඤාය පරික්ඛයාය පහානාය යි ද එකෙක සොළොස සොළොස කොට එක්සිය සැට සූත්‍රාන්ත කෙනෙක් විතර කටයුතුවහ.)
Pali BJTඑසනාවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි ඒසනාවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඑසනා විධා ආසවො භවො දුක්ඛතා ච තිස්සො ඛිලං මලඤ්ච නීඝො ච වෙදනා තණ්හාහි චාති.
Sinhala BJTඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යී සූත්‍ර ෂෝඩශක දශයෙකි. මුළුල්ල එක්සිය සැටෙකි යි.
Pali BJT5. ඔඝවග්ගො
Sinhala BJT5. ඕඝ වර්‍ගය
Pali BJT5. 5. 1-159.
Sinhala BJT5. 5. 1-159.
Pali BJTඔඝාදිසුත්තානි
Sinhala BJTඕඝාදි සූත්‍ර
Pali BJT2507-2665. චත්තාරොමෙ භික්ඛවෙ, ඔඝා -පෙ- භාවෙතබ්බාති. (විත්ථාරෙතබ්බා)
Sinhala BJT2507-2665. මහණෙනි, මේ ඕඝ සතරෙකි ... වැඩිය යුත්තාහ යි. (විතර කටයුතු.)
Pali BJT5. 5. 160.
Sinhala BJT5. 5. 160.
Pali BJTඋද්ධම්භාගිය සුත්තං
Sinhala BJTඋද්ධම්භාගිය සූත්‍රය
Pali BJT2666. පඤ්චිමානි, භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච: රූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං, අවිජ්ජා. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය චත්තාරො සම්මප්පධානා භාවෙතබ්බා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා අසම්මොසාය භිය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය ඉමෙ චත්තාරො සම්මප්පධානා භාවෙතබ්බාති. (වුත්තනයෙනෙව එකසතසට්ඨිසුත්තන්තා විත්ථාරෙතබ්බා).
Sinhala BJT2666. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මොහු පස් උද්ධම්භාගිය සංයෝජනයෝ යි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් පහකරනු පිණිස සිවුසම්පදහන් වැඩියයුතු. කවර සිවුසම්පදහන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නූපන් ලාමක අකුසල් දහම් නූපදනා පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් අකුසල්දහම් පහකරනු පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. නූපන් කුසල්දහම් ඉපදවීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. උපන් කුසල්දහමුන්ගේ පැවැත්ම නුමුළා බව බොහෝ බව විපුල බව වැඩීම පිරීම පිණිස සඳ දනවයි, වෑයම් කෙරෙයි, වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. ප්‍රධන්වීර්‍ය්‍ය කෙරෙයි. මහණෙනි, මේ පස් උද්ධම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය පිණිස මේ සිවුසම්පදහන්හු වැඩියයුත්තාහ යි.(කියන ලද නයින් ම එක්සියසැට සූත්‍රාන්තයෝ විතර කටයුතුවහ.)
Pali BJTඔඝවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි ඕඝවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඔඝො යොගො උපාදානං ගන්ථො අනුසයෙන ච කාමගුණා නීවරණා ඛන්ධා ඔරුද්ධම්භාගියාති.
Sinhala BJTඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය, යී ෂෝඩශක දශයෙකි. සූත්‍ර මුළුල්ල එක්සිය සැටෙකි යි.
Pali BJTසම්මප්පධානසංයුත්තං සමත්තං.
Sinhala BJTසම්මප්පධානසංයුත්තය නිමි.
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ගනාමාවලිය:
Pali BJTගඞ්ගාපෙය්යාලොප්පමාදො බලකරණීයෙසනා ඔඝොති පඤ්චෙවවග්ගා සම්මප්පධානසංයුත්තෙති.
Sinhala BJTගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණීය, ඒසනා, ඕඝ යී සම්මප්පධාන සංයුත්තයෙහි වර්‍ග පසෙක් ම වේ යි.
Pali BJT6. බලසංයුත්තං
Sinhala BJT6. බල සංයුත්තය
Pali BJT1. ගඞ්ගාපෙය්යාලවග්ගො
Sinhala BJT1. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
Pali BJT6. 1. 1-12.
Sinhala BJT6. 1. 1-12.
Pali BJTපාචීනනින්නාදි සුත්තානි
Sinhala BJTපාචීනනින්නාදි සූත්‍රය
Pali BJT2667-2678. සාවත්ථියං:
Sinhala BJT2667-2678. සැවැත්නුවර
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ, බලානි. කතමානි පඤ්ච: සද්ධාබලං, විරියබලං, සතිබලං, සමාධිබලං, පඤ්ඤාබලං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච බලානි. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු පඤ්ච බලානි භාවෙන්තො පඤ්ච බලානි බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු පඤ්ච බලානි භාවෙන්තො පඤ්ච බලානි බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු සද්ධාබලං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. විරියබලං -පෙ- සතිබලං -පෙ- සමාධිබලං -පෙ- පඤ්ඤාබලං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු පඤ්ච බලානි භාවෙන්තො පඤ්ච බලානි බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති. -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJTමහණෙනි, මේ බල පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධාබල විරියබල සතිබල සමාධිබල පඤ්ඤාබල යී. මහණෙනි, මේ බල පස යි. මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පැදුම්දිගට නැමුණි පැදුම්දිගට නැඹුරු වූවා පැදුම්දිගට බර වූවා වේ ද මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ පස්බල වඩන්නේ පස්බල බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ පස්බල වඩන්නේ පස්බල බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සද්ධාබලය වඩයි. විරියබලය ... සතිබලය ... සමාධිබලය ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට පඤ්ඤාබලය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ පස්බල වඩන්නේ පස්බල බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි ... නිවනට බර වූයේ වේ යි.
Pali BJTගඞ්ගාපෙය්යාලවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි ගඞ්ගාපෙය්‍යාලවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඡ පාචීනතො නින්නා ඡ ච නින්නා සමුද්දතො එතෙ ද්වෙ ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපාචීනනින්න සූත්‍ර සයෙකි. සමුද්දනින්න සූත්‍ර ද සයෙකි. මේ ෂට්ක දෙක දොළොසක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ යි.
Pali BJT2. අප්පමාදවග්ගො
Sinhala BJT2. අප්පමාද වර්‍ගය
Pali BJT6. 2. 1-10.
Sinhala BJT6. 2. 1-10.
Pali BJTතථාගතාදි සුත්තානි
Sinhala BJTතථාගතාදි සූත්‍ර
Pali BJT2679-2688. යාවතා භික්ඛවෙ සත්තා අපදා වා දිපදා වා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT2679-2688. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද ... යම්තාක් සත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.
Pali BJT(විවෙකනිස්සිතාදිවසෙන විත්ථාරෙතබ්බානි.)
Sinhala BJT(විවේකනිස්සිතාදි විසින් විතර තටයුත්තාහ.)
Pali BJTඅප්පමාදවග්ගො දුතියො.
Sinhala BJTදෙවෙනි අප්පමාදවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTතථාගතං පදං කූටං මූලං සාරෙන වස්සිකං, රාජා චන්දිම සූරියා ච වත්ථෙන දසමං පදන්ති.
Sinhala BJTතථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යි දශ සූත්‍රාන්ත කෙනෙකි යි.
Pali BJT3. බලකරණීයවග්ගො
Sinhala BJT3. බලකරණීය වර්‍ගය
Pali BJT6. 3. 1-12.
Sinhala BJT6. 3. 1-12.
Pali BJTබලාදිසුත්තානි
Sinhala BJTබලාදි සූත්‍ර
Pali BJT2689-2700. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT2689-2700. මහණෙනි, යම්සේ යම්කිසි බලකරණීය කර්‍මාන්තයෝ ... බහුල කෙරේ යි.
Pali BJT(වුත්තනයෙන විත්ථාරෙතබ්බානි.)
Sinhala BJT(කී නයින් විතර කටයුතුවහ.)
Pali BJTබලකරණීයවග්ගො තතියො.
Sinhala BJTතෙවෙනි බලකරණීයවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTබලං බීජඤ්ච නාගො ච රුක්ඛං කුම්භෙන සූකිනං ආකාසෙන ච ද්වෙ මෙඝා නාවා ආගන්තුකා නදීති.
Sinhala BJTබල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යී සතෙකි. මේඝ සූත්‍ර දෙකෙකි. නාවා, ආගන්තුක, නදී යි තුනෙකි. දොළොස් සුතුරෙකි යි.
Pali BJT4. එසනාවග්ගො
Sinhala BJT4. ඒසනා වර්‍ගය
Pali BJT6. 4. 1-40.
Sinhala BJT6. 4. 1-40.
Pali BJTඑසනාදි සුත්තානි
Sinhala BJTඑසනාදි සූත්‍ර
Pali BJT2701-2740. තිස්සො ඉමා භික්ඛවෙ, එසනා. කතමා තිස්සො: -පෙ- භාවෙතබ්බානීති.
Sinhala BJT2701-2740. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: ... වැඩිය යුත්තාහ යි.
Pali BJT(විත්ථාරෙතබ්බානි.)
Sinhala BJT(විතර කටයුත්තාහ.)
Pali BJTඑසනාවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි ඒසනාවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඑසනා විධා ආසවො භවො ච දුක්ඛතා ච තිස්සො ඛිලං මලඤ්ච නීඝො ච වෙදනා තණ්හාහි චාති.
Sinhala BJTඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යි චතුෂ්ක දශයෙකි. සූත්‍ර සාලිසෙකි යි.
Pali BJT5. ඔඝවග්ගො
Sinhala BJT5. ඕඝ වර්‍ගය