Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13401-13500 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅනුසයසුත්තං
Sinhala BJTඅනුසය සූත්‍රය
Pali BJT1746. පඤ්චිමානි, භික්ඛවෙ, ඉන්ද්රියානි භාවිතානි බහුලීකතානි අනුසයසමුග්ඝාතාය සංවත්තන්ති. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අනුසයසමුග්ඝාතාය සංවත්තන්තීති.
Sinhala BJT1746. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු අනුසය නැසීම පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු අනුසය නැසීම පිණිස පවතිත් යි.
Pali BJT4. 7. 3.
Sinhala BJT4. 7. 3.
Pali BJTඅද්ධානසුත්තං
Sinhala BJTඅද්ධාන සූත්‍රය
Pali BJT1747. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි භාවිතානි බහුලීකතානි අද්ධානපරිඤ්ඤාය සංවත්තන්ති. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අද්ධානපරිඤ්ඤාය සංවත්තන්තීති.
Sinhala BJT1747. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු අදන්මග පිරිසිඳ දැනුම පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු අදන්මග පිරිසිඳ දැනුම පිණිස පවතිත් යි.
Pali BJT4. 7. 4.
Sinhala BJT4. 7. 4.
Pali BJTආසවක්ඛයසුත්තං
Sinhala BJTආසවක්ඛය සූත්‍රය
Pali BJT1748. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි භාවිතානි බහුලීකතානි ආසවානං ඛයාය සංවත්තන්ති. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි ආසවානං ඛයාය සංවත්තන්තීති.
Sinhala BJT1748. මහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු ආස්‍රවක්‍ෂයය පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු ආස්‍රවක්‍ෂය පිණිස පවතිත් යි.
Pali BJT4. 7. 5.
Sinhala BJT4. 7. 5.
Pali BJTඵලසුත්තං
Sinhala BJTඵල සූත්‍රය
Pali BJT1749. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා’ති.
Sinhala BJT1749. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් එල දෙකින් එක්තරා ඵලයක් කැමති වියයුතු යි. දිටුදැමියෙහි රහත්බව හෝ උපාදානශේෂ ව ඇති කල්හි අනගැමි බව හෝ යි.
Pali BJT4. 7. 6.
Sinhala BJT4. 7. 6.
Pali BJTදුතියඵලසුත්තං
Sinhala BJTදුතියඵල සූත්‍රය
Pali BJT1750. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා සත්තඵලා සත්ත ආනිසංසා පාටිකඞ්ඛා. කතමෙ සත්තඵලා සත්ත ආනිසංසා: දිට්ඨෙව ධම්මෙ පටිගච්ච{1} අඤ්ඤං ආරාධෙති, නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, අථ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති. නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා{2} අන්තරාපරිනිබ්බායී හොති, උපහච්චපරිනිබ්බායී හොති. අසඞ්ඛාරපරිනිබ්බායී හොති, සසඞ්ඛාරපරිනිබ්බායී හොති, උද්ධංසොතො අකනිට්ඨගාමී. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඉමෙ සත්තඵලා සත්තානිසංසා පාටිකඞ්ඛාති.
Sinhala BJT1750. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් සත්පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති වියයුතු. කවර සත්පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් ද යත්: දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත්බව නො ලබා නම් එකල මරණසමයෙහි රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම පෙරාතුව රහත් බව නො ලබා නම් ඉදින් මරණ සමයෙහි රහත් බව නො ලබා නම් එකල පස් ඕරම්භාගිය සංයෝජනයන් ක්‍ෂය කිරීමෙන් අන්තරාපරිනිබ්බායී වේ. උපභච්ච පරිනිබ්බායී වේ. අසඞ්ඛාරපරිනිබ්බායී වේ. සසඞ්ඛාරපරිනිබ්බායී වේ. අකනිටා යනසුලු උද්ධංසෝතයෙක් වෙයි. මහණෙනි, මේ පසිඳුරන්වැඩූ බැවින් බහුල කළ බැවින් මේ සත් පල සත් අනුසස් කැමති වියයුතු යි.
Pali BJT4. 7. 7.
Sinhala BJT4. 7. 7.
Pali BJTරුක්ඛසුත්තං
Sinhala BJTරුක්ඛ සූත්‍රය
Pali BJT1751. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි ජම්බුදීපකා රුක්ඛා, ජම්බූ තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති: යදිදං බොධාය. කතමෙ ච භික්ඛවෙ, බොධිපක්ඛිකා ධම්මා: සද්ධින්ද්රියං භික්ඛවෙ, බොධිපක්ඛිකො ධම්මො, තං බොධාය සංවත්තති. විරියින්ද්රියං -පෙ- සතින්ද්රියං -පෙ- සමාධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං බොධිපක්ඛිකො ධම්මො. තං බොධාය සංවත්තති. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි ජම්බුදීපකා රුක්ඛා, ජම්බූ තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති, යදිදං බොධායාති.
Sinhala BJT1751. මහණෙනි, යම්සේ දඹදිව හටගත් යම් කිසි රුක්හු වෙද්ද, දඹරුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම අවබෝධය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙද්ද, පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය, බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ දඹදිව හටගත් යම්කිසි රුක්හු වෙත් නම් දඹරුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම්කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ යි.
Pali BJT4. 7. 8.
Sinhala BJT4. 7. 8.
Pali BJTදුතිය රුක්ඛසුත්තං
Sinhala BJTදුතියරුක්ඛ සූත්‍රය
Pali BJT1752. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි දෙවානං තාවතිංසානං රුක්ඛා, පාරිච්ඡත්තකො තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති: යදිදං බොධාය. කතමෙ ච භික්ඛවෙ, බොධිපක්ඛිකා ධම්මා: සද්ධින්ද්රියං භික්ඛවෙ, බොධිපක්ඛිකොධම්මො. තං බොධාය සංවත්තති -පෙ- පඤ්ඤින්ද්රියං බොධිපක්ඛිකො ධම්මො, තං බොධාය සංවත්තති. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි දෙවානං තාවතිංසානං රුක්ඛා, පාරිච්ඡත්තකො තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා. පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති, යදිදං බොධායාති.
Sinhala BJT1752. මහණෙනි, යම්සේ තව්තිසාවැසි දෙවියන්ගේ යම් කිසි රුක්හු වෙද්ද, පරසතුරුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ තව්තිසා වැසියන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් පරසතු රුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය අග්‍ර යයි කියනු ලැබේ යි.
Pali BJT4. 7. 9.
Sinhala BJT4. 7. 9.
Pali BJTතතිය රුක්ඛසුත්තං
Sinhala BJTතතියරුක්ඛ සූත්‍රය
Pali BJT1753. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි අසුරානං රුක්ඛා, චිත්තපාටලි තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති යදිදං බොධාය. කතමෙ ච භික්ඛවෙ, බොධිපක්ඛිකා ධම්මා: සද්ධින්ද්රියං භික්ඛවෙ, බොධිපක්ඛිකො ධම්මො. තං බොධාය සංවත්තති -පෙ- පඤ්ඤින්ද්රියං බොධිපක්ඛිකො ධම්මො. තං බොධාය සංවත්තති. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි අසුරානං රුක්ඛා, චිත්තපාටලී තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති, යදිදං බොධායාති.
Sinhala BJT1753. මහණෙනි, යම්සේ අසුරයන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් සිත්පළොල්රුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ අසුරයන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් සිත්පළොල් රුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ යි.
Pali BJT4. 7. 10.
Sinhala BJT4. 7. 10.
Pali BJTචතුත්ථ රුක්ඛසුත්තං
Sinhala BJTචතුත්‍ථරුක්ඛ සූත්‍රය
Pali BJT1754. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි සුපණ්ණානං රුක්ඛා, කොටසිම්බලී{1} තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති, යදිදං බොධාය. කතමෙ ච භික්ඛවෙ, බොධිපක්ඛිකා ධම්මා: සද්ධින්ද්රියං භික්ඛවෙ, බොධිපක්ඛිකො ධම්මො, තං බොධාය සංවත්තති -පෙ- පඤ්ඤින්ද්රියං බොධිපක්ඛිකො ධම්මො, තං බොධාය සංවත්තති. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි සුපණ්ණානං රුක්ඛා, කූටසිම්බලී තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති යදිදං බොධායාති.
Sinhala BJT1754. මහණෙනි, යම්සේ ගුරුළුන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් කොටහිඹුල්රුක ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය බෝධිය පිණිස පවතී. මහණෙනි, යම්සේ ගුරුළුන්ගේ යම් කිසි රුක්හු වෙත් නම් කොටහිඹුල් රුක ඔවුනට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම බෝධිය පිණිස වූ යම් කිසි බෝපැකි දහම්හු වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ යි.
Pali BJTසම්බොධිවග්ගො සත්තමො.
Sinhala BJTසත්වැනි සම්බෝධි වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTසංයොජනං අනුසයං අද්ධානං ආසවක්ඛයං, ද්වෙ ඵලා චතුරො රුක්ඛා වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTසංයෝජන අනුසය අද්ධාන ආසවක්ඛය යි සූත්‍ර සතරෙකි. ඵල සූත්‍ර දෙකෙකි. රුක්ඛසූත්‍ර සතරෙකි. එයින් වර්‍ග යි කියනු ලැබේ යි.
Pali BJT8. ගඞ්ගාපෙය්යාලො
Sinhala BJT8. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
Pali BJT4. 8. 1-12.
Sinhala BJT4. 8. 1-12.
Pali BJTපාචීනනින්නාදිසුත්තානි
Sinhala BJTපාචීනනින්නාදි සූත්‍ර
Pali BJT1755-1766. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගානදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT1755-1766. මහණෙනි, යම්සේ ගඞ්ගානදී තොමෝ පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද ... නිවනට බර වූයේ වේ යි.
Pali BJT(ඉන්ද්රියසංයුත්තස්ස ගඞ්ගාපෙය්යාලො විවෙකනිස්සිතාදිවසෙන විත්ථාරෙතබ්බො)
Sinhala BJT(ඉන්‍ද්‍රියසංයුත්තයේ ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු.)
Pali BJTගඞ්ගාපෙය්යාලි යි.
Sinhala BJTඅටවැනි ගඞ්ගාපෙය්‍යාල යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඡ පාචීනතො නින්නා ඡ ච නින්නා සමුද්දතො, එතෙ ද්වෙ ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපාචීනනින්න සයෙකි. සමුද්දනින්න ද සයෙකි. මේ ෂට්ක දෙක සූත්‍ර දොළොසෙක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ යි.
Pali BJT9. අප්පමාදවග්ගො
Sinhala BJT9. අප්පමාද වර්‍ගය
Pali BJT4. 9. 1-10.
Sinhala BJT4. 9. 1-10.
Pali BJTතථාගතාදි සුත්තානි
Sinhala BJTතථාගතාදි සූත්‍ර
Pali BJT1767-1776. යාවතා භික්ඛවෙ, සත්තා අපදා වා දිපදා වා චතුප්පදා වා බහුප්පදා වා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT1767-1776. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්‍වයෝ වෙත් නම් ... බහුල කෙරේ යි.
Pali BJT(අප්පමාදවග්ගො විවෙකනිස්සිතාදිවසෙන විත්ථාරෙතබ්බො.)
Sinhala BJT(අප්පමාද වර්‍ගය ද විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු යි.)
Pali BJTඅප්පමාදවග්ගො නවමො.
Sinhala BJTනවවැනි අප්පමාදවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTතථාගතං පදං කූටං මූලං සාරඤ්ච වස්සිකං, රාජා චන්දිමසූරියා ච වත්ථෙන දසමං පදන්ති.
Sinhala BJTතථාගත පද මූල සාර වස්සික රාජ චන්‍ද සුරිය වත්‍ථ යි දශසූත්‍රාන්ත කෙනෙකි.
Pali BJT10. බලකරණීයවග්ගො
Sinhala BJT10. බලකරණීය වර්‍ගය
Pali BJT4. 10. 1-12.
Sinhala BJT4. 10. 1-12.
Pali BJTබලාදි සුත්තානි
Sinhala BJTබලාදි සූත්‍ර
Pali BJT1777-1788. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කයිරන්ති -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT1777-1788. මහණෙනි, යම්සේ යම්කිසි බලකරණියකර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද ... බහුල කෙරේ යි.
Pali BJT(බලකරණීයවග්ගො විවෙකනිස්සිතාදිවසෙන විත්ථාරෙතබ්බො.)
Sinhala BJT(බලකරණිය වර්‍ගය ද විවේකනිස්සිතාදි විසින් විතර කටයුතු)
Pali BJTබලකරණීයවග්ගො දසමො
Sinhala BJTදසවැනි බලකරණියවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTබලං බීජඤ්ච නාගො ච රුක්ඛං කුම්භෙන සූකිනං ආකාසෙන ච ද්වෙ මෙඝා නාවා ආගන්තුකා නදීති.
Sinhala BJTබල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යි සූත්‍ර සතෙකි. මේඝ සූත්‍ර දෙකෙකි. නාවා ආගන්තුක නදී යි තුනෙකි. මුළුල්ල දොළොසෙකි.
Pali BJT11. එසනාවග්ගො
Sinhala BJT11. ඒසනා වර්‍ගය
Pali BJT4. 11. 1-40.
Sinhala BJT4. 11. 1-40.
Pali BJTඑසනාදි සුත්තානි
Sinhala BJTඒසනාදි සූත්‍ර
Pali BJT1789-1828. තිස්සො ඉමා භික්ඛවෙ, එසනා. කතමා තිස්සො: -පෙ- භාවෙතබ්බාති.
Sinhala BJT1789-1828. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: ... වැඩියයුතුයි.
Pali BJT(එසනාවග්ගො ච විවෙකනිස්සිතාදිවසෙන විත්ථාරෙතබ්බො)
Sinhala BJT(ඒසනාවර්‍ගය ද විවේකනිස්සිතාදි වශයෙන් විතර කටයුතු)
Pali BJTඑසනාවග්ගො එකාදසමො
Sinhala BJTඑකොළොස්වැනි ඒසනාවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඑසනා විධා ආසවො භවො දුක්ඛතා ච තිස්සො, ඛිලං මලඤ්ච නීඝො ච වෙදනා තණ්හාහි චාති.
Sinhala BJTඒසනා, විධා, ආසව, භව, දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා ය යි සූත්‍ර චතුෂ්ක දශයෙකි. මුළුල්ල සාලිසෙකි යි.
Pali BJT12. ඔඝවග්ගො
Sinhala BJT12. ඕඝ වර්‍ගය
Pali BJT4. 12. 1-40.
Sinhala BJT4. 12. 1-40.
Pali BJTඔඝාදි සුත්තානි
Sinhala BJTඕඝාදි සූත්‍ර
Pali BJT1829-1868. චත්තාරො මෙ භික්ඛවෙ, ඔඝා. කතමෙ චත්තාරො: -පෙ- භාවෙතබ්බාති.
Sinhala BJT1829-1868. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: ... වැඩියයුතු යි ...
Pali BJT(ඔඝවග්ගොපි විවෙකනිස්සිතාදිවසෙන විත්ථාරෙතබ්බො.)
Sinhala BJT(ඕඝ වර්‍ගය ද විවේකනිස්සිතාදි වශයෙන් විතර කටයුතු.)
Pali BJTඔඝවග්ගො ද්වාදසමො.
Sinhala BJTදොළොස්වැනි ඕඝවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඔඝො යොගො උපාදානං ගන්ථො අනුසයෙන ච, කාමගුණා නීවරණා ඛන්ධා ඔරුද්ධම්භාගියාති.
Sinhala BJTඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි සූත්‍ර චතුෂ්ක දශයෙකි මුළුල්ල සාලිසෙකි යි.
Pali BJT13. පුනගඞ්ගාපෙය්යාලො
Sinhala BJT13. පුනගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
Pali BJT4. 13. 1-36.
Sinhala BJT4. 13. 1-36.
Pali BJTපාචීනනින්නාදි සුත්තානි
Sinhala BJTපාචීනනින්නාදි සූත්‍ර
Pali BJT1869-1904. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගානදී -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT1869-1904. මහණෙනි, යම්සේ ගඞ්ගා නදිය ... නිවනට බර වූයේ වේ යි.
Pali BJT(ඉන්ද්රියසංයුත්තස්ස පුනගඞ්ගාපෙය්යාලවග්ගො රාගවිනයාදිවසෙන අමතොගධාදිවසෙන නිබ්බානනින්නාදිවසෙන ච විත්ථාරෙතබ්බො. එකෙකස්මිං තයො තයො කත්වා ඡත්තිංසති සුත්තන්තා වෙදිතබ්බා.)
Sinhala BJT(ඉන්‍ද්‍රියසංයුත්තයේ පුනගඞ්ගාපෙය්‍යාලවර්‍ගය රාගවිනයාදිවශයෙන් ද අමතෝගධාදිවශයෙන් ද නිබ්බානනින්නාදිවශයෙන් ද විතර කට යුතු. එකෙක තුනක් තුනක් කොට සතිස් සූත්‍රාන්ත කෙනෙක් දතයුතු.)
Pali BJTපුනගඞ්ගාපෙය්යාලි.
Sinhala BJTතෙළෙස්වැනි පුනගඞ්ගාපෙය්‍යාල යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඡ පාචීනතො නින්නා ඡ ච නින්නා සමුද්දතො, එතෙ ද්වෙ ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපාචීනනින්නසූත්‍ර ත්‍රික සයෙකි. සමුද්දනින්න ත්‍රික ද සයෙකි. මේ ෂට්ක දෙක ත්‍රික දොළොසෙක් වේ. එයින් වර්‍ගය යි කියනු ලැබේ. සූත්‍ර මුළුල්ල සතිසෙකි යි.
Pali BJT14. පුනඅප්පමාදවග්ගො
Sinhala BJT14. පුනඅප්පමාද වර්‍ගය
Pali BJT4. 14. 1-30.
Sinhala BJT4. 14. 1-30.
Pali BJTතථාගතාදි සුත්තානි
Sinhala BJTතථාගතාදි සූත්‍ර
Pali BJT1905-1934. යාවතා භික්ඛවෙ, සත්තා අපදා වා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT1905-1934. මහණෙනි, අපා වූ හෝ ... යම්තාක් සත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි.
Pali BJT(යථා වුත්තනයෙන විත්ථාරෙතබ්බො තිංසති සුත්තන්තා වෙදිතබ්බා.)
Sinhala BJT(කියන ලද නය අනුව විතර කටයුතු. තිස් සූත්‍රාන්ත කෙනෙක් දතයුතුවහ.)
Pali BJTපුන අප්පමාදවග්ගො චුද්දසමො.
Sinhala BJTතුදුස්වැනි පුනඅප්පමාදවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTතථාගතං පදං කූටං මූලං සාරඤ්ච වස්සිකං, රාජා චන්දිමසුරියා ච වත්ථෙන දසමං පදන්ති.
Sinhala BJTතථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සූරිය, වත්‍ථ යී සූත්‍ර ත්‍රික දශයෙකි. මුළුල්ල තිසෙකි යි.
Pali BJT15. පුනබලකරණීයවග්ගො
Sinhala BJT15. පුනබලකරණීය වර්‍ගය
Pali BJT4. 15. 1-36.
Sinhala BJT4. 15. 1-36.
Pali BJTබලාදි සුත්තානි
Sinhala BJTබලාදි සූත්‍ර
Pali BJT1935-1970. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT1935-1970. මහණෙනි, යම් කිසි බලකරණිය කර්‍මාන්තයෝ ... බහුල කෙරේ යි.
Pali BJT(වුත්තනයෙනෙව විත්ථාරෙන්තෙන ඡත්තිංසති සුත්තන්තා වෙදිතබ්බා.)
Sinhala BJT(කී නයින් ම විතර කරන්නහු විසින් සතිස් සූත්‍රාන්ත කෙනෙක් දතයුත්තාහ.)
Pali BJTපුනබලකරණීයවග්ගො පණ්ණරසමො.
Sinhala BJTපසළොස්වැනි පුනබලකරණීයවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලි ය:
Pali BJTබලං බීජඤ්ච නාගො ච රුක්ඛං කුම්භෙන සූකිනං, ආකාසෙන ච ද්වෙ මෙඝා නාවා ආගන්තුකා නදීති.
Sinhala BJTබල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස යී ත්‍රික සතෙක් ද මේඝසූත්‍ර ත්‍රික දෙකෙක් ද නාවා ආගන්තුක නදී යි ත්‍රික තුනෙක් දැ යි ත්‍රික දොළසෙකි. සූත්‍ර සතිසෙකි යි.
Pali BJT16. පුනඑසනාවග්ගො
Sinhala BJT16. පුනඒසනා වර්‍ගය
Pali BJT4. 16. 1-120.
Sinhala BJT4. 16. 1-120.
Pali BJTඑසනාදි සුත්තානි
Sinhala BJTඑසනාදි සූත්‍ර
Pali BJT1971-2090. තිස්සො ඉමා භික්ඛවෙ, එසනා -පෙ- භාවෙතබ්බාති.
Sinhala BJT1971-2090. මහණෙනි, මේ ඒසනා තුනෙකි ... වැඩියයුතු යි.
Pali BJT(පුබ්බෙ වුත්තනයෙන ච අභිඤ්ඤාදිවසෙන ච විත්ථාරෙන්තෙන වීසතිසතං සුත්තන්තා වෙදිතබ්බා.)
Sinhala BJT(පෙර කී නයින් ද අභිඥාවශයෙන් ද විතර කරන්නහු විසින් එක්සියවිසි සූත්‍රාන්ත කෙනෙන් දතයුත්තාහ.)
Pali BJTපුනඑසනාවග්ගො සොළසමො.
Sinhala BJTසොළොස්වැනි පුනඒසනාවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය: