Pali BJTජරාසුත්තං
Sinhala BJTජරා සූත්‍රය
Pali BJT1725. එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තෙන ඛො පන සමයෙන භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො පච්ඡාතපෙ{1} නිසින්නො හොති පිට්ඨිං ඔතාපයමානො. අථ ඛො ආයස්මා ආනන්දො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා භගවතො ගත්තානි පාණිනා අනොමජ්ජන්තො භගවන්තං එතදවොච: “අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, න චෙවදානි{2} භන්තෙ, භගවතො තාව පරිසුද්ධො හොති ඡවිවණ්ණො පරියොදාතො. සිථිලානි ච ගත්තානි සබ්බානි{3} වලිජාතානි.{4} පුරතො පබ්භාරො ච කායො. දිස්සති ච ඉන්ද්රියානං අඤ්ඤථත්තං: චක්ඛුන්ද්රියස්ස සොතින්ද්රියස්ස ඝානින්ද්රියස්ස ජිව්හින්ද්රියස්ස කායින්ද්රියස්සාති.
Sinhala BJT1725. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි මිගාරමාතුපාසාද නම් පූර්‍වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සවස්කල පලසමවතින් නැගී සිටි සේක් වෙහෙර පසුපස සෙවනෙහි පිට තවමින් වැඩහුන් සේක් වෙති. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ භාග්‍යවතුන් වහන්සේගේ අවයව අතින් පිරිමදිමින් භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ඇසිරියෙකි, වහන්ස, පුදුමයෙකි, වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ සිවිපැහැය පෙරමෙන් දැන් නො ද පිරිසිදු වේ. නො ද හාත්පසින් බබළන්නේ වේ. සියලු අවයවයෝ ලිහිල්හ. හටගත් රැලි ඇතියහ. කය ද ඉදිරියට නැඹුරු වූයේ ය. ඉඳුරන්ගේත් එනම්: චක්ඛුන්‍ද්‍රියයේත් සෝතින්‍ද්‍රියයේත් ඝානින්‍ද්‍රියයේත් ජිව්හින්‍ද්‍රියයේත් කායින්‍ද්‍රියයේත් වෙනස් බවෙක් පෙනේ.
Pali BJTඑවං හෙතං ආනන්ද, හොති ජරාධම්මො යොබ්බඤ්ඤෙ. බ්යාධිධම්මො ආරොග්යෙ. මරණධම්මො ජීවිතෙ. න චෙව තාව පරිසුද්ධො හොති ඡවිවණ්ණො පරියොදාතො. සිථිලානි ච හොන්ති ගත්තානි සබ්බානි වලිජාතානි. පුරතො පබ්භාරො ච කායො. දිස්සති ච ඉන්ද්රියානං අඤ්ඤථත්තං: චක්ඛුන්ද්රියස්ස සොතින්ද්රියස්ස ඝානින්ද්රියස්ස ජිව්හින්ද්රියස්ස කායින්ද්රියස්සාති. ඉදමවොච භගවා. ඉදං වත්වා සුගතො අථාපරං එතදවොච සත්ථා:
Sinhala BJTආනන්‍ද, ඒ එසේ ම ය. යොවුන් බැව්හි දිරන ස්වභාව ඇත්තේ නිරෝගි බැව්හි රෝගී ස්වභාව ඇත්තේ දිවියෙහි මැරෙන ස්වභාව ඇත්තේ වෙයි. සිවිපැහැය ඒතාක් නො ද පිරිසිදු වෙයි. නො ද හාත්පසින් බබළන්නේ වේ. සියලු අවයවයෝ ලිහිල් වූවාහු හටගත් රැලි ඇත්තාහු ද වෙති. කය ද ඉදිරියට නැඹුරැ වූයේ වේ. ඉඳුරන්ගේ ද එනම් චක්ඛුන්‍ද්‍රියයේත් සෝතින්‍ද්‍රියයේත් ඝානින්‍ද්‍රියයේත් ජිව්හින්‍ද්‍රියයේත් කායින්‍ද්‍රියයේත් වෙනස්බවෙක් පෙනේ යි. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගත වූ ශාස්තෲන් වහන්සේ මෙය වදාරා යලි මතු ද මෙය වදාළ සේක:
Pali BJTධිතං{5} ජම්මි ජරෙ අත්ථු දුබ්බණ්ණකරණී ජරෙ, තාව මනොරමං බිම්බං ජරාය අභිමද්දිතං.
Sinhala BJTඑම්බල ලාමක ජරාව, දුර්වර්‍ණනා කරනසුලු ජරාව, තට නින්‍දා වේවා. ඒතාක් මනරම් සිරුර ජරාවෙන් මඩනා ලද්දේ ය.
Pali BJTයො{6} ච වස්සසතං ජීවෙ සොපි මච්චුපරායණො{7} න කිඤ්චි පරිවජ්ජෙති සබ්බමෙවාභිමද්දතීති.
Sinhala BJTයමෙක් සියවසක් ජීවත්වතු දු හෙතෙමේත් මරු වසඟ වන්නේ ය. කිසිවක් අත් නො හරී. සියල්ල ම මැඩලා යි.
Pali BJT4. 5. 2.
Sinhala BJT4. 5. 2.
Pali BJTඋණ්ණාභබ්රාහ්මණසුත්තං
Sinhala BJTඋණ්ණාභබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT1726. අථ ඛො උණ්ණාභො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො උණ්ණාභො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “පඤ්චිමානි භො ගොතම, ඉන්ද්රියානි නානාවිසයානි නානාගොචරානි න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්ති. කතමානි පඤ්ච: චක්ඛුන්ද්රියං -පෙ- කායින්ද්රියං. ඉමෙසං නු ඛො භො ගොතම, පඤ්චන්නං ඉන්ද්රියානං නානාවිසයානං නානාගොචරානං න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්තානං කිං පටිසරණං කො ච නෙසං ගොචරවිසයං පච්චනුභොතීති.
Sinhala BJT1726. එකල්හි උණ්ණාභ බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු වියයුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් උණ්ණාභ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය කීය: “භවත් ගෞතමයෙනි, මේ පසිඳුරෝ වෙන් වෙන් විෂය ඇත්තාහු වෙන් වෙන් අරමුණු ඇත්තාහු ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳිත්. කවර පසෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රියය ... කායින්‍ද්‍රිය යි. භවත් ගෞතමයෙනි, වෙන් වෙන් විෂය ඇති වෙන් වෙන් අරමුණු ඇති ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳිනා මේ පසිඳුරන්ට කිමෙක් පිළිසරණ ද? කවරෙක් ඔවුන්ගේ අරමුණු විෂය විඳී දැ යි.
Pali BJTපඤ්චිමානි බ්රාහ්මණ, ඉන්ද්රියානි නානාවිසයානි නානාගොචරානි න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්ති. කතමානි පඤ්ච: චක්ඛුන්ද්රියං -පෙ- කායින්ද්රියං. ඉමෙසං ඛො බ්රාහ්මණ, පඤ්චන්නං ඉන්ද්රියානං නානාවිසයානං නානාගොචරානං න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්තානං මනො පටිසරණං. මනොව{1} තෙසං ගොචරවිසයං පච්චනුභොතීති. මනස්ස පන භො ගොතම කිං පටිසරණන්ති? මනස්ස ඛො බ්රාහ්මණ, සති පටිසරණන්ති. සතියා පන භො ගොතම, කිං පටිසරණන්ති? සතියා ඛො බ්රාහ්මණ, විමුත්ති පටිසරණන්ති. විමුත්තියා පන භො ගොතම කිං පටිසරණන්ති? විමුත්තියා ඛො බ්රාහ්මණ, නිබ්බානං පටිසරණන්ති. නිබ්බානස්ස පන භො ගොතම, කිං පටිසරණන්ති? අච්චසරා බ්රාහ්මණ, පඤ්හං. නාසක්ඛි පඤ්හස්ස පරියන්තං ගහෙතුං. නිබ්බානොගධං හි බ්රාහ්මණ, බ්රහ්මචරියං වුස්සති නිබ්බානපරායණං නිබ්බානපරියොසානන්ති. අථ ඛො උණ්ණාභො බ්රාහ්මණො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කමි.
Sinhala BJTබමුණ, මේ පසිඳුරෝ වෙන් වෙන් විෂය ඇත්තාහු වෙන් වෙන් අරමුණු ඇත්තාහු ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳිත්. කවර පසෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ය ... කායින්‍ද්‍රිය යි. බමුණ, වෙන් වෙන් විෂය ඇති වෙන් වෙන් අරමුණු ඇති ඔවුනොවුන්ගේ අරමුණු විෂය නො විඳින මේ පසිඳුරන්ට සිත පිළිසරණ යි. සිත ම ඔවුන්ගේ අරමුණු විෂය විඳී යි. භවත් ගෞතමයෙනි, සිතට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ, සිතට සිහිය පිළිසරණ යි. භවත් ගෞතමයෙනි, සිහියට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ, සිහියට විමුක්තිය පිළිසරණ යි. භවත් ගෞතමයෙනි, විමුක්තියට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ, විමුක්තියට නිවන පිළිසරණ යි. භවත් ගෞතමයෙනි, නිවනට කිමෙක් පිළිසරණ දැ යි? බමුණ ප්‍රශ්නය ඉක්මවා ගියෙහි ය. ප්‍රශ්නයෙහි කෙළවර ගැනීමට නො හැකි විය. බමුණ නිවනට ඇතුළත් වූවක් නිවන පිහිට කොට ඇත්තක් නිවන කෙළවර කොට ඇත්තක් කොට බඹසර වෙසෙන්නේ යි. එකල්හි උණ්ණාභ බමුණු තෙමේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට ගියේ ය.
Pali BJTඅථ ඛො භගවා අචිරපක්කන්තෙ උණ්ණාභෙ බ්රාහ්මණෙ භික්ඛූ ආමන්තෙසි; “සෙය්යථාපි භික්ඛවෙ, කූටාගාරෙ වා කූටාගාරසාලායං වා{2} පාචීනවාතපානා සූරියෙ උග්ගච්ඡන්තෙ වාතපානෙන රස්මි පවිසිත්වා ක්වාස්ස පතිට්ඨිතාති. පච්ඡිමාය භන්තෙ භිත්තියන්ති. එවමෙව ඛො භික්ඛවෙ, උණ්ණාභස්ස බ්රාහ්මණස්ස තථාගතෙ සද්ධා නිවිට්ඨා මූලජාතා පතිට්ඨිතා දළ්හා අසංහාරියා සමණෙන වා බ්රාහ්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්රහ්මුනා වා කෙනචි වා ලොකස්මිං. ඉමම්හි චෙ භික්ඛවෙ, සමයෙ උණ්ණාභො බ්රාහ්මණො කාලං කරෙය්ය, නත්ථි තං සංයොජනං යෙන සංයොජනෙන සංයුත්තො උණ්ණාභො බ්රාහ්මණො පුන ඉමං ලොකං ආගච්ඡෙය්යාති.
Sinhala BJTඑකල්හි භාග්‍යවතුන් වහන්සේ උණ්ණාභ බමුණා නික්ම ගිය නොබෝ කලකින් භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, කුළුගෙයක හෝ කුළුගේහලක හෝ පෙරදිග වාකවුළු යම් සේ ද හිරු උදාවන කල්හි වාකවුළුවෙන් හිරුරැස් පිවිස කොහි පිහිටියා වන්නේ දැ යි? වහන්ස, පැසුළු බිතෙහි ය, මහණෙනි, එසෙයින් ම උණ්ණාභ බමුණාට තථාගතයන් කෙරෙහි ඇතුළට පිවිසි හටගත් මුල් ඇති දැඩි වූ මහණකු විසින් හෝ බමුණකු විසින් හෝ දෙවියකු විසින් හෝ මරකු විසින් හෝ බඹකු විසින් හෝ ලොව කිසිවකු විසින් හෝ නො වැනසිය හැකි සැදැහැ පිහිටියා ය. මහණෙනි, ඉදින් උණ්ණාභ බමුණු මෙසමයෙහි කලුරිය කරන්නේ නමුදු යම් සංයෝජනයෙකින් යුත් උණ්ණාභ බමුණු නැවත මෙලොවට පැමිණෙන්නේ නම් එබඳු සංයෝජනයෙක් නැතැ යි.
Pali BJT4. 5. 3.
Sinhala BJT4. 5. 3.
Pali BJTසාකෙතසුත්තං
Sinhala BJTසාකේත සූත්‍රය
Pali BJT1727. එකං සමයං භගවා සාකෙතෙ විහරති අඤ්ජනවනෙ මිගදායෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි. අත්ථි නු ඛො භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම යානි පඤ්චින්ද්රියානි තානි පඤ්ච බලානි හොන්ති, යානි පඤ්ච බලානි තානි පඤ්චින්ද්රියානි හොන්තීති? භගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ-
Sinhala BJT1727. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේතනුවර සමීපයෙහි මිගදාය නම් වූ අඳුන්වෙනෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, යම් නයකට පැමිණ යම් කෙනෙක් පසිඳුරෝ වෙත් නම් ඔහු පස්බලයෝ වෙද්ද? යම් කෙනෙක් පස්බලයෝ වෙත් නම් ඔහු පසිඳුරෝ වෙද්ද? එබඳු නයෙක් ඇද්ද යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ගෙන ඇතියහ ...
Pali BJTඅත්ථි භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම යානි පඤ්චින්ද්රියානි තානි පඤ්ච බලානි හොන්ති. යානි පඤ්ච බලානි තානි පඤ්චින්ද්රියානි හොන්ති. කතමො ච භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම යානි පඤ්චින්ද්රියානි තානි පඤ්ච බලානි හොන්ති, යානි පඤ්ච බලානි තානි පඤ්චින්ද්රියානි හොන්ති: යං භික්ඛවෙ, සද්ධින්ද්රියං තං සද්ධාබලං, යං සද්ධාබලං, තං සද්ධින්ද්රියං. යං විරියින්ද්රියං තං විරියබලං, යං විරියබලං තං විරියින්ද්රියං, යං සතින්ද්රියං තං සතිබලං, යං සතිබලං තං සතින්ද්රියං. යං සමාධින්ද්රියං තං සමාධිබලං, යං සමාධිබලං තං සමාධින්ද්රියං. යං පඤ්ඤින්ද්රියං තං පඤ්ඤාබලං, යං පඤ්ඤාබලං තං පඤ්ඤින්ද්රියං.
Sinhala BJTමහණෙනි යම් නයකට පැමිණ යම් කෙනෙක් පසිඳුරෝ වෙත් නම් ඔහු පස්බලයෝ වෙද්ද, යම් කෙනෙක් පස්බලයෝ වෙත් නම් ඔහු පසිඳුරෝ වෙද්ද, එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ යම් කෙනෙක් පසිඳුරෝ වෙත් නම් ඔහු පස්බලයෝ වෙද්ද, යම් කෙනෙක් පස්බලයෝ වෙත් නම් ඔහු පසිඳුරෝ වෙද්ද, ඒ නය කවරේ ද, යත්: මහණෙනි, යමෙක් සද්ධින්‍ද්‍රියය වේ නම් එය සද්ධාබලය වේ. යමෙක් සද්ධාබලය වේ නම් එය සද්ධින්‍ද්‍රිය වේ. යමෙක් විරියින්‍ද්‍රිය වේ නම් එය විරියබලය වේ. යමෙක් විරියබලය වේ නම් එය විරියින්‍ද්‍රිය වේ. යමෙක් සතින්‍ද්‍රිය වේ නම් එය සතිබලය වේ. යමෙක් සතිබලය වේ නම් එය සතින්‍ද්‍රිය වේ. යමෙක් සමාධින්‍ද්‍රිය වේ නම් එය සමාධිබලය වේ. යමෙක් සමාධිබලය වේ නම් එය සමාධින්‍ද්‍රිය වේ. යමෙක් පඤ්ඤින්‍ද්‍රිය වේ නම් එය පඤ්ඤාබලය වේ. යමෙක් පඤ්ඤාබලය වේ නම් එය පඤ්ඤින්‍ද්‍රිය වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා, තස්සා අස්ස මජ්ඣෙ{1} දීපො. අත්ථි භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම තස්සා නදියා එකො සොතොත්වෙව සඞ්ඛං ගච්ඡති. අත්ථි පන භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම තස්සා නදියා ද්වෙ සොතානිත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. කතමො ච භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම තස්සා නදියා එකො සොතොත්වෙව සඞ්ඛං ගච්ඡති? යං{2} භික්ඛවෙ, තස්ස දීපස්ස පුරත්ථිමන්තෙ{3} උදකං යඤ්ච පච්ඡිමන්තෙ උදකං, අයං ඛො භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම තස්ස නදියා එකො සොතොත්වෙව සඞ්ඛං ගච්ඡති. කතමො ච භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම තස්සා නදියා ද්වෙ සොතානිත්වෙව සඞ්ඛං ගච්ඡන්ති, යං භික්ඛවෙ, තස්ස දීපස්ස උත්තරන්තෙ උදකං යඤ්ච දක්ඛිණන්තෙ උදකං, අයං ඛො භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම තස්සා නදියා ද්වෙ සොතානිත්වෙව සඞ්ඛං ගච්ඡන්ති. එවමෙව ඛො භික්ඛවෙ, යං සද්ධින්ද්රියං තං සද්ධාබලං, යං සද්ධාබලං තං සද්ධින්ද්රියං -පෙ- යං පඤ්ඤින්ද්රියං තං පඤ්ඤාබලං, යං පඤ්ඤාබලං තං පඤ්ඤින්ද්රියං. පඤ්චන්නං භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJTමහණෙනි, යම්සේ පෙරදිගට නැමුණු පෙරදිගට නැඹුරු වූ පෙරදිගට බර වූ නදියක් වේ ද, එහි මැද දිවයිනෙක් වන්නේ ය. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි එක ම සැඩපහරෙකැයි ගිණුමට යේ නම් එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි දෙසැඩපහරෙකැයි ම ගිණුමට යේ නම් එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි එක ම සැඩපහරෙකැ යි ගිණුමට යේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඒ දිවයිනෙහි පෙරදිග කෙළවර යම් දියෙක් වේ ද, පැළදිග කෙළවර යම් දියෙකුත් වේ ද, මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි එක ම දියපහරෙකැ යි ගිණුමට යේ නම් මේ ඒ නය යි. මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි දෙදියපහරෙකැ යි ම ගිණුමට යේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඒ දිවයිනෙහි උතුරු කෙළවර යම් දියෙක් වේ ද, දකුණු කෙළවර යම් දියකුත් වේ ද මහණෙනි, යම් නයකට පැමිණ ඒ නදියෙහි දෙදියපහරෙකැයි ම ගිණුමට යේ නම් මේ ඒ නයයි. මහණෙනි, එසෙයින් ම යමෙක් සද්ධින්‍ද්‍රිය වේ නම් එය සද්ධාබලය වේ. යමෙක් සද්ධාබලය වේ නම් එය සද්ධින්‍ද්‍රියය වේ ... යමෙක් පඤ්ඤින්‍ද්‍රිය වේ නම් එය පඤ්ඤාබලය වේ. යමෙක් පඤ්ඤාබලය වේ නම් එය පඤ්ඤින්‍ද්‍රිය වේ. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් මහණතෙමේ ආශ්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාශ්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටු දැමියෙ හි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
Pali BJT4. 5. 4.
Sinhala BJT4. 5. 4.
Pali BJTපුබ්බකොට්ඨකසුත්තං
Sinhala BJTපුබ්බ කොට්ඨක සූත්‍රය
Pali BJT1728. එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බකොට්ඨකෙ. තත්ර ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි. සද්දහාසි{4} ත්වං සාරිපුත්ත, සද්ධින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති, අමතපරායනං අමතපරියොසානං, විරියින්ද්රියං -පෙ- සතින්ද්රියං -පෙ- සමාධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන්ති?
Sinhala BJT1728. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි පුබ්බකොට්ඨකයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් ඇමතූ සේක: සාරිපුත්ත සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ. විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි තෙපි හදහවු දැ යි.
Pali BJTනඛ්වාහං එත්ථ භන්තෙ, භගවතො සද්ධාය ගච්ඡාමි “සද්ධින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං -පෙ- පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං. යෙසං හි භන්තෙ, අඤ්ඤාතං අස්ස අදිට්ඨං{1} අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං{2} පඤ්ඤාය, තෙ තත්ථ පරෙසං සද්ධාය ගච්ඡෙය්යුං: සද්ධින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං -පෙ- පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන්ති. යෙසඤ්ච ඛො එතං භන්තෙ, ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය, නික්කඞ්ඛා තෙ තත්ථ නිබ්බිවිකිච්ඡා, සද්ධින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං -පෙ- පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං. මය්හම්පි ඛො එතං භන්තෙ, ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය. නික්කඞ්ඛ්වාහං තත්ථ නිබ්බිවිකිච්ඡො සද්ධින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං -පෙ- පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන්ති.
Sinhala BJTවහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වෙයි ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වෙයි. මෙහි ලා මම භාග්‍යවතුන් වහන්සේගේ (වදන්) ඇදහීමෙන් (නිමාවට) නො යෙමි. වහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි යම් කෙනකුන් විසින් නො දන්නා ලද්දේ නො දක්නා ලද්දේ අවබෝධ නො කරන ලද්දේ නො පසක් කරන ලද්දේ නුවණින් නො පහස්නා ලද්දේ වන්නේ නම් ඔහු එහි ලා මෙරමා (වදන්) ඇදහීමෙන් (නිමාවට) යන්නාහු ය. වහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරණ ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි. යම් කෙනකුන් විසිනුදු මෙය දන්නා ලද්දේ දක්නා ලද්දේ අවබෝධ කරන ලද්දේ පසක් කරන ලද්දේ නුවණින් පහස්නා ලද්දේ වේ නම් ඔහු එහි ලා නිසැක වූවාහු පහවූ විචිකිච්ඡා ඇත්තාහු වෙත්. වහන්ස, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට දැතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට දැතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ. ම විසිනුදු මෙය දන්නා ලද්දේ ය. දක්නා ලද්දේ ය. අවබෝධ කරන ලද්දේ ය. පසක් කරන ලද්දේ ය. නුවණින් පහස්නා ලද්දේ ය. මම එහි ලා නිසැකයෙමි. පහ වූ විචිකිච්ඡා ඇතියෙමි යි.
Pali BJTසාධු සාධු සාරිපුත්ත, යෙසං හෙතං{3} සාරිපුත්ත, අඤ්ඤාතං අස්ස අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය තෙ තත්ථ පරෙසං සද්ධාය ගච්ඡෙය්යුං, සද්ධින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං -පෙ- පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං. යෙසඤ්ච ඛො එතං සාරිපුත්ත, ඤාතං දිට්ඨං විදිතං සච්ඡිකතං ඵස්සිතං පඤ්ඤාය නික්කඞ්ඛා තෙ තත්ථ නිබ්බිචිකිච්ඡා, සද්ධින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං -පෙ- පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානන්ති.
Sinhala BJTසාරිපුත්ත මැනවි, මැනවි, සාරිපුත්ත, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යි යම් කෙනකුන් විසින් මෙය නොදන්නා ලද්දේ නො දක්නා ලද්දේ අවබෝධ නො කරන ලද්දේ නො පසක් කරන ලද්දේ නුවණින් නො පහස්නා ලද්දේ වන්නේ නම් ඔහු එහිලා මෙරමා (වදන්) ඇදහීමෙන් (නිමාවට) යන්නාහු ය. සාරිපුත්ත, සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ යී යම් කෙනකුන් විසිනුදු මෙය දන්නා ලද්දේ දක්නා ලද්දේ අවබෝධ කරන ලද්දේ පසක් කරන ලද්දේ නුවණින් පහස්නා ලද්දේ වේ නම් ඔහු එහිලා නිසැකයහ. පහ වූ විචිකිච්ඡා ඇතියහ යි.
Pali BJT4. 5. 5.
Sinhala BJT4. 5. 5.
Pali BJTපුබ්බාරාමසුත්තං
Sinhala BJTපුබ්බාරාම සූත්‍රය
Pali BJT1729. එකං සමයං භගවා සාවත්ථියං විහරති පුබ්බාරාමෙ මිගාරමාතුපාසාදෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි -පෙ- කතින්නං{1} නු ඛො භික්ඛවෙ ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං ව්යාකරොති: “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. භගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ- එකස්ස ඛො භික්ඛවෙ, ඉන්ද්රියස්ස භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං ව්යාකරොති: “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. කතමස්ස එකස්ස? පඤ්ඤින්ද්රියස්ස. පඤ්ඤවතො භික්ඛවෙ, අරියසාවකස්ස තදන්වයා සද්ධා සණ්ඨාති. තදන්වයං විරියං සණ්ඨාති. තදන්වයා සති සණ්ඨාති, තදන්වයො සමාධි සණ්ඨාති. ඉමස්ස ඛො භික්ඛවෙ, එකස්ස ඉන්ද්රියස්ස භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං ව්යාකරොති: “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති.
Sinhala BJT1729. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි මිගාරමාතුපාසාද නම් පූර්‍වාරාමයෙහි වැඩඩසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ... මහණෙනි, කෙතෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් ක්‍ෂීණාස්‍රව මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරේ දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, එක් ඉන්‍ද්‍රියයක් වැඩූ බැවින් බහුල කළ බැවින් ක්‍ෂීණාස්‍රව මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දනිමි” යි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරෙයි. කවර එකක් ද යත්: පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, පැනවත් අරීසවුහට ඒ අනුව යන සැදැහැ පිහිටයි. ඒ අනුව යන වැර පිහිටයි. ඒ අනුව යන සිහිය පිහිටයි. ඒ අනුව යන සමාධිය පිහිටයි. මහණෙනි, මේ එක් ඉන්‍ද්‍රියය වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව ප්‍රකාශ කෙරේ යි.
Pali BJT4. 5. 6.
Sinhala BJT4. 5. 6.
Pali BJTදුතිය පුබ්බාරාමසුත්තං
Sinhala BJTදුතිය පුබ්බාරාම සූත්‍රය
Pali BJT1730. කතින්නං නු ඛො භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං ව්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති? භගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ- ද්වින්නං ඛො භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති. “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමීති. කතමෙසං ද්වින්නං: අරියාය ච පඤ්ඤාය, අරියාය ච විමුත්තියා. යා හිස්ස භික්ඛවෙ, අරියා පඤ්ඤා තදස්ස පඤ්ඤින්ද්රියං. යා හිස්ස භික්ඛවෙ, අරියා විමුත්ති තදස්ස සමාධින්ද්රියං. ඉමෙසං ඛො භික්ඛවෙ, ද්වින්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති: “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති.
Sinhala BJT1730. මහණෙනි, කෙතෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරේ දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, ඉන්‍ද්‍රිය දෙකත් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දනිමි” යි අර්‍හත්‍වය ප්‍රකාශ කෙරෙයි. කවර දෙකක්ද යත්: ආර්‍ය්‍ය වූ ප්‍රඥාවත් ආර්‍ය්‍යවූ විමුක්තියත් ය. මහණෙනි, ඔහුගේ යම් ආර්‍ය්‍ය වූ ප්‍රඥාවක් වේ නම් එය ඔහුගේ පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි ඔහුගේ යම් ආර්‍ය්‍ය වූ විමුක්තියක් වේ නම් එය ඔහුගේ සමාධින්‍ද්‍රිය යි. මහණෙනි, මේ දෙඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරේ යි.
Pali BJT4. 5. 7.
Sinhala BJT4. 5. 7.
Pali BJTතතිය පුබ්බාරාමසුත්තං
Sinhala BJTතතිය පුබ්බාරාම සූත්‍රය
Pali BJT1731. කතින්නං නු ඛො භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති? භගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ- චතුන්නං ඛො භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. කතමෙසං චතුන්නං: විරියින්ද්රියස්ස සතින්ද්රියස්ස සමාධින්ද්රියස්ස පඤ්ඤින්ද්රියස්ස. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති.
Sinhala BJT1731. මහණෙනි, කෙනෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි අර්‍හත්ත්‍වය ප්‍රකාශ කෙරේ දැ? යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, ඉඳුරන් සිවුදෙනකුන් වැඩූ බැවින් බහුල කළ බැවින් ක්‍ෂීණාස්‍රව මහණ තෙමේ: “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි අර්‍හත්‍වය ප්‍රකාශ කෙරේ. කවර සිවුදෙනෙකුන් ද යත්: විරියින්‍ද්‍රියය සතින්‍ද්‍රියය සමාධින්‍ද්‍රියය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ සිවුඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණතෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසා යි.
Pali BJT4. 5. 8.
Sinhala BJT4. 5. 8.
Pali BJTචතුත්ථ පුබ්බාරාමසුත්තං
Sinhala BJTචතුත්‍ථ පුබ්බාරාම සූත්‍රය
Pali BJT1732. කතින්නං නු ඛො භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති? භගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ- පඤ්චන්නං ඛො භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. කතමෙසං පඤ්චන්නං: සද්ධින්ද්රියස්ස විරියින්ද්රියස්ස සතින්ද්රියස්ස සමාධින්ද්රියස්ස පඤ්ඤින්ද්රියස්ස. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා ඛීණාසවො භික්ඛු අඤ්ඤං බ්යාකරොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමීතී“ති.
Sinhala BJT1732. මහණෙනි, කෙතෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසා දැ? යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, ඉන්‍ද්‍රිය පසක් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසයි. කවර පසක් ද යත්: සද්ධින්‍ද්‍රියය විරියින්‍ද්‍රියය සතින්‍ද්‍රිය ය සමාධින්‍ද්‍රිය ය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත්බව පවසා යි.
Pali BJT4. 5. 9.
Sinhala BJT4. 5. 9.
Pali BJTපිණ්ඩොලසුත්තං
Sinhala BJTපිණ්ඩෝල සූත්‍රය
Pali BJT1733. එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මතා පිණ්ඩොලභාරද්වාජෙන අඤ්ඤා බ්යාකතා හොති: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති. අථ ඛො සම්බහුලා භික්ඛූ යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “ආයස්මතා භන්තෙ, පිණ්ඩොලභාරද්වාජෙන අඤ්ඤා බ්යාකතා: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී“ති. කින්නුඛො භන්තෙ, අත්ථවසං සම්පස්සමානෙන ආයස්මතා පිණ්ඩොලභාරද්වාජෙන අඤ්ඤා බ්යාකතා: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමීති,
Sinhala BJT1733. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසන ලද්දේ වෙයි. එකල්හි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්හ. එකත්පස් ව හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ ය. වහන්ස, කිනම් කරුණක් දක්නා ආයුෂ්මත් පිණ්ඩෝලභාරද්වාජ තෙරණුවන් විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ දැ? යි.
Pali BJT“තිණ්ණනං ඛො පන භික්ඛවෙ, ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා පිණ්ඩොලභාරද්වාජෙන භික්ඛුනා අඤ්ඤා බ්යාකතා: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමීති. කතමෙසං තිණ්ණන්නං: සතින්ද්රියස්ස, සමාධින්ද්රියස්ස, පඤ්ඤින්ද්රියස්ස. ඉමෙසං ඛො භික්ඛවෙ, තිණ්ණන්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා පිණ්ඩොලභාරද්වාජෙන භික්ඛුනා අඤ්ඤා බ්යාකතා: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී“ති. ඉමානි ච භික්ඛවෙ, තීණි ඉන්ද්රියානි කිමන්තානි: ඛයන්තානි. කිස්ස ඛයන්තානි: ජාතිජරාමරණස්ස. ජාතිජරාමරණං ඛයන්තං{1} ඛො භික්ඛවෙ, සම්පස්සමානෙන පිණ්ඩොලභාරද්වාජෙන භික්ඛුනා අඤ්ඤා බ්යාකතා: “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති පජානාමී”ති.
Sinhala BJTමහණෙනි, ඉන්‍ද්‍රිය තුනක් වැඩූ බැවින් බහුල කළ බැවින් පිණ්ඩෝල භාරද්වාජ මහණහු විසින් “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ ය. කවර තුනක් ද යත්: සතින්‍ද්‍රියය සමාධින්‍ද්‍රියය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය තුන වැඩූ බැවින් බහුල කළ බැවින් පිණ්ඩෝලභාරද්වාජ මහණහු විසින් “ඉපැද්ම ගෙවිණ, බඹසර වැස නිමවන ලදි, කටයුතු කරන ලදි, මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි”යි රහත් බව පවසන ලද්දේ ය. මහණෙනි, මේ තුන්ඉඳුරෝ කුමක් කෙළවර කොට ඇත්තෝ ද යත්: ක්‍ෂය කිරීම කෙළවර කොට ඇත්තෝ ය. කුමක් ක්‍ෂය කිරීම කෙළවර කොට ඇත්තෝ ද යත්: ජාතිජරාමරණ යි. මහණෙනි, ජාතිජරාමරණ ක්‍ෂය අන්තය යි දක්නා වූ පිණ්ඩෝල භාරද්වාජ මහණහු විසින් “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව පවසන ලද්දේ යි.
Pali BJT4. 5. 10.
Sinhala BJT4. 5. 10.
Pali BJTආපණසුත්තං
Sinhala BJTආපණ සූත්‍රය
Pali BJT1734. එකං සමයං භගවා අඞ්ගෙසු විහරති ආපණං නාම අඞ්ගානං නිගමො. තත්ර ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි: “යො සො සාරිපුත්ත, අරියසාවකො තථාගතෙ එකන්තගතො,{2} අභිප්පසන්නො, අපි නු සො{3} තථාගතෙ වා තථාගතසාසනෙ වා කඞ්ඛෙය්ය වා විචිකිච්ඡෙය්ය වා”ති?
Sinhala BJT1734. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ අඟුදනව්වෙහි අඟුදනවුවැස්සන්ගේ ආපණ නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක. සාරිපුත්ත, යම් ඒ අරීසව්වෙක් තථාගතයන් කෙරෙහි නොසැලෙන සැදැහැත්තේ වෙසෙසින් පහන් වූයේ වේ නම් හෙතෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ සැක කරන්නේ හෝ විචිකිච්ඡා කරන්නේ හෝ වේ දැ? යි.
Pali BJTයො සො භන්තෙ, අරියසාවකො තථාගතෙ එකන්තගතො{2} අභිප්පසන්නො, න සො තථාගතෙ වා තථාගතසාසනෙ වා කඞ්ඛෙය්ය වා විචිකිච්ඡෙය්ය වා. සද්ධස්ස හි භන්තෙ, අරියසාවකස්ස එතං පාටිකඞ්ඛං: “යං ආරද්ධවිරියො විහරිස්සති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. යං හිස්ස භන්තෙ, විරියං තදස්ස විරියින්ද්රියං. සද්ධස්ස හි භන්තෙ, අරියසාවකස්ස ආරද්ධවිරියස්ස එතං පාටිකඞ්ඛං: “යං සතිමා භවිස්සති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො, චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. යා හිස්ස භන්තෙ, සති, තදස්ස සතින්ද්රියං. සද්ධස්ස හි භන්තෙ, අරියසාවකස්ස ආරද්ධවිරියස්ස උපට්ඨිතසතිනො එතං පාටිකඞ්ඛං: “යං වොස්සග්ගාරම්මණං කරිත්වා ලභිස්සති සමාධිං, ලභිස්සති චිත්තස්සෙකග්ගතං. යො හිස්ස භන්තෙ, සමාධි තදස්ස සමාධින්ද්රියං.
Sinhala BJTවහන්ස, යම් ඒ අරීසව්වෙක් තථාගතයන් කෙරෙහි නොසැලෙන සැදැහැත්තේ වෙසෙසින් පහන් වූයේ වේ නම් හෙතෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ සැක නො කරන්නේ ය. විචිකිච්ඡාත් නො කරන්නේ ය. වහන්ස, “අකුසල්දහම් ප්‍රහාණ පිණිස කුසල්දහම් ඉපදවීම පිණිස ඇරඹූ වැර ඇත්තේ කුසල්දහම්හි නොපසුබස්නා වැර ඇත්තේ දැඩිපැරකුම් ඇත්තේ නොබහාතැබූ ධුර ඇත්තේ වෙසෙන්නේ ය. යන යමෙක් ඇද් ද, සැදැහැති අරීසව්හු විසින් එය කැමති වියයුතු. වහන්ස, ඔහුට යම් වීර්‍ය්‍යයෙක් වේ නම් එය ඔහුගේ විරියින්‍ද්‍රිය යි. වහන්ස, “සිහි ඇත්තේ උතුම් බලවත් සිහියෙන් යුතු වූයේ ඉතා පෙර කරන ලද්ද කියන ලද්ද පවා සිහි කරනුයේ පුනපුනා සිහිකරනුයේ වන්නේ ය, යන යමෙක් ඇද්ද, ඇරඹු වැර ඇති සැදැහැති අරීසව්හු විසින් මෙය කැමති විය යුතු. වහන්ස, ඔහුට යම් සිහියෙක් වේ නම් එය ඔහුගේ සතින්‍ද්‍රිය යි. වහන්ස, නිවන අරමුණු කොට සමාධිය ලබන්නේ ය, සිතේ එකඟකම ලබන්නේය යන යමෙක් ඇද්ද, ඇරඹු වෙර ඇති එළඹසිටි සිහි ඇති සැදැහැති අරීසව්හු විසින් මෙය කැමැති වියයුතු. වහන්ස, ඔහුට යම් සමාධියෙක් වේ නම් ඵය ඔහුගේ සමාධින්‍ද්‍රිය යි.
Pali BJTසද්ධස්ස හි භන්තෙ, අරියසාවකස්ස ආරද්ධවිරියස්ස උපට්ඨිතසතිනො සමාහිතචිත්තස්ස එතං පාටිකඞ්ඛං: “යං එවං ජානිස්සති අනමතග්ගො ඛො සංසාරො පුබ්බා කොටි න පඤ්ඤායති අවිජ්ජානීවරණානං සත්තානං තණ්හාසංයොජනානං සන්ධාවතං සංසරතං. අවිජ්ජායත්වෙව තමොකායස්ස{1} අසෙසවිරාගනිරොධො, සන්තමෙතං පදං, පණීතමෙතං පදං, යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්බූපධිපටිනිස්සග්ගො තණ්හක්ඛයො විරාගො නිරොධො නිබ්බානං, යා හිස්ස භන්තෙ, පඤ්ඤා තදස්ස පඤ්ඤින්ද්රියං, ස ඛො සො{2} භන්තෙ, අරියසාවකො එවං පදහිත්වා පදහිත්වා එවං සරිත්වා සරිත්වා එවං සමාදහිත්වා සමාදහිත්වා එවං පජානිත්වා පජානිත්වා එවං අභිසද්දහති: “ඉමෙ ඛො තෙ ධම්මා යෙ’මෙ පුබ්බෙ සුතාව{3} අහෙසුං. තෙ’දානාහං එතරහි කායෙන ච ඵුසිත්වා{4} විහරාමි, පඤ්ඤාය ච අතිවිජ්ඣ{5} පස්සාමී”ති. යා හි’ස්ස භන්තෙ, සද්ධා තදස්ස සද්ධින්ද්රියන්ති.
Sinhala BJTවහන්ස, අවිද්‍යාව නීවරණ කොට ඇති තෘෂ්ණාව සංයෝජන කොට ඇති දිවෙන සැරිසරන සත්ත්‍වයන්ගේ සසර නොදන්නා ලද අග්මුල් ඇත්තේ ය. පෙරපසු කෙළවර නො පෙනේ. අවිද්‍යාසඞ්ඛ්‍යාත තමස්කායයාගේ යම් මේ නිරවශේෂ විරාගනිරොධයෙක් සියලු සංස්කාරයන්ගේ සන්හිඳීමෙක් සියලු උපධීන්ගේ බැහැර ලීමෙක් තෘෂ්ණා ක්‍ෂයයෙක් විරාගයෙක් නිරෝධයෙක් නිර්‍වාණයෙක් වේ නම් මේ නිවන්පදය ශාන්ත ය, මෙ නිවන්පදය ප්‍රණීත ය යි මෙසේ දන්නේ ය යන යමෙක් වේ ද, ඇරඹූ වැර ඇති එළඹසිටි සිහි ඇති එකඟ වූ සිත් ඇති සැදැහැති අරීසව්හු විසින් මෙය කැමති වියයුතු. වහන්ස, ඔහුට යම් ප්‍රඥාවක් වේ නම් එය ඔහුගේ පඤ්ඤින්‍ද්‍රිය යි. වහන්ස, ඒ මේ අරීසවු මෙසේ ප්‍රධන්වීර්‍ය්‍ය කොට කොට මෙසේ සිහිකොට කොට මෙසේ සමාදන් ව සමාදන් ව මෙසේ දැන දැන “පෙර මා විසින් යම් දහම් කෙනෙක් අසන ලද්දෝ වූහු නම් මොහු ඒ දහම්හු ම ය. මම දැන් ඔවුන් නාමකයින් ද පැහැස වෙසෙමි. නුවණින් ද පිළිවිද දක්මි” යි මෙසේ වෙසෙසින් හදහයි. වහන්ස, ඔහුට යම් සැදැහැයෙක් වේනම් එය ඔහුගේ සද්ධින්‍ද්‍රිය යි.
Pali BJTසාධු සාධු සාරිපුත්ත, යො සො සාරිපුත්ත, අරියසාවකො තථාගතෙ එකන්තගතො අභිප්පසන්නො, න සො තථාගතෙ වා තථාගතසාසනෙ වා කඞ්ඛෙය්ය වා විචිකිච්ඡෙය්ය වා. සද්ධස්ස හි සාරිපුත්ත, අරියසාවකස්ස එතං පාටිකඞ්ඛං: “යං ආරද්ධවිරියො විහරිස්සති අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපසම්පදාය ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. යං හිස්ස සාරිපුත්ත, විරියං, තදස්ස විරියින්ද්රියං. සද්ධස්ස හි සාරිපුත්ත, අරියසාවකස්ස ආරද්ධවිරියස්ස එතං පාටිකඞ්ඛං -පෙ- යා හිස්ස සාරිපුත්ත, පඤ්ඤා තදස්ස පඤ්ඤින්ද්රියං. ස ඛො සො සාරිපුත්ත, අරියසාවකො එවං පදහිත්වා පදහිත්වා එවං සරිත්වා සරිත්වා එවං සමාදහිත්වා සමාදහිත්වා එවං පජානිත්වා පජානිත්වා එවං අභිසද්දහති: “ඉමෙ ඛො තෙ ධම්මා යෙ’මෙ පුබ්බෙ සුතාව අහෙසුං තෙදානාහං{6} එතරහි කායෙන ච ඵුසිත්වා විහරාමි, පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සාමී”ති. යා හිස්ස, සාරිපුත්ත, සද්ධා තදස්ස සද්ධින්ද්රියන්ති.
Sinhala BJTසාරිපුත්ත, මැනවි, මැනවි. සාරිපුත්ත, යම් ඒ අරීසව්වෙක් තථාගතයන් කෙරෙහි නොසැලෙන සැදැහැතියේ වෙසෙසින් පහන් වූයේ නම් හෙතෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගත සස්නෙහි හෝ සැක නො කරන්නේ ය. විචිකිච්ඡාත් නො කරන්නේ ය. සාරිපුත්ත, අකුසල්දහම් ප්‍රහාණ පිණිස කුසල්දහම් ඉපදවීම පිණිස ඇරඹු වැර ඇතියේ කුසල්දහම්හි නො පසුබස්නා වැර ඇතියේ දැඩි පැරකුම් ඇතියේ නො බහා තැබූ ධුර ඇතියේ වෙසෙන්නේ ය යන යමෙක් වේ ද, සැදැහැති අරීසවුහු විසින් මෙය කැමති විය යුතු. සාරිපුත්ත, ඔහුට යම් වීර්‍ය්‍යයෙක් වේ නම් එය ඔහුගේ විරියින්‍ද්‍රිය යි. සාරිපුත්ත ... ඇරඹූ වැර ඇති සැදැහැති අරීසවුහු විසින් මෙය කැමති වියයුතු, සාරිපුත්ත, ඔහුට ප්‍රඥාවක් වේ නම් එය ඔහුගේ පඤ්ඤින්‍ද්‍රිය යි. සාරිපුත්ත, ඒ මේ අරීසවු මෙසේ ප්‍රධන්වීර්‍ය්‍ය කොට කොට මෙසේ සිහි කොට කොට මෙසේ සමාදන් ව සමාදන් ව මෙසේ දැන දැන “පෙර මවිසින් යම් දහම් කෙනෙක් අසන ලද්දෝ වූහු නම් මොහු ඒ දහම්හු ම ය; මම දැන් ඔවුන් නාමකයිනුදු පැහැස වෙසෙමි. නුවණිනුදු පිළිවිද දක්මි” යි මෙසේ වෙසෙසින් හදහ යි. සාරිපුත්ත, ඔහුට යම් සැදැහැයෙක් වේ නම් එය ඔහුගේ සද්ධින්‍ද්‍රිය යි.
Pali BJTජරාවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි ජරාවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTජරා උණ්ණාභබ්රාහ්මණො සාකෙතො පුබ්බකොට්ඨකො, පුබ්බාරාමෙන චත්තාරි පිණ්ඩොලො ආපණෙන චාති.{7}
Sinhala BJTජරා, උණ්ණාභබ්‍රාහ්මණ, සාකේත, පුබ්බකොට්ඨක යි සිවු සුතුරෙක් ද පුබ්බාරාම නමින් සිවු සුතුරෙක් ද, පිණ්ඩෝල ආපණ යි දෙසුතුරෙක් දැ යි දසසුතුරෙකි යි.
Pali BJT6. සූකරඛතවග්ගො
Sinhala BJT6. සූකරඛත වර්‍ගය
Pali BJT4. 6. 1.
Sinhala BJT4. 6. 1.
Pali BJTසාලාසුත්තං
Sinhala BJTසාලා සූත්‍රය
Pali BJT1735. එකං සමයං භගවා කොසලෙසු විහරති සාලායං{1} බ්රාහ්මණගාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි -පෙ- සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි තිරච්ඡානගතා පාණා, සීහො තෙසං මිගරාජා{2} අග්ගමක්ඛායති: යදිදං ථාමෙන ජවෙන සූරියෙන{3} එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති: යදිදං බොධාය.
Sinhala BJT1735. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්දනව්වෙහි සාලානම් බමුණුගම්හි වැඩවසන සේක. එහි දි භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක ... මහණෙනි, යම්සේ යම්කිසි තිරිසන්ගත ප්‍රාණීහු වෙද්ද, මෘගරාජ වූ සිංහ තෙමේ ශක්තියෙන් ද වේගයෙන් ද ශූරභාවයෙන් ද ඔවුන්ට අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි එසෙයින් ම යම්කිසි බෝධිපාක්‍ෂිකධර්‍මයෝ වෙද්ද, අවබෝධය පිණිස පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍රය යි කියනු ලැබේ.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, බොධිපක්ඛියා ධම්මා? සද්ධින්ද්රියං භික්ඛවෙ, බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. විරියින්ද්රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. සතින්ද්රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. සමාධින්ද්රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. පඤ්ඤින්ද්රියං බොධිපක්ඛියො ධම්මො, තං බොධාය සංවත්තති. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි තිරච්ඡානගතා පාණා, සීහො තෙසං මිගරාජා අග්ගමක්ඛායති, යදිදං ථාමෙන ජවෙන සූරියෙන. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති: යදිදං බොධායාති.
Sinhala BJTමහණෙනි,බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. විරියින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. සතින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. සමාධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. මහණෙනි, යම් කිසි තිරිසන්ගත ප්‍රාණීහු වෙද්ද මෘගරාජ වූ සිංහ තෙමේ ශක්තියෙන් ද වේගයෙන් ද ශූරභාවයෙන් ද ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි බෝධිපාක්‍ෂිකධර්‍මයෝ වෙද්ද, අවබෝධය පිණිස පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍රය යි කියනු ලැබේ යී.
Pali BJT4. 6. 2.
Sinhala BJT4. 6. 2.
Pali BJTමල්ලකසුත්තං
Sinhala BJTමල්ලක සූත්‍රය
Pali BJT1736. එකං සමයං භගවා මල්ලකෙසු{4} විහරති උරුවෙලකප්පං නාම මල්ලකානං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: යාව කීවඤ්ච භික්ඛවෙ, අරියසාවකස්ස අරියං ඤාණං{5} නූප්පන්නං{6} හොති නෙව තාව චතුන්නං ඉන්ද්රියානං සණ්ඨිති හොති, නෙව තාව චතුන්නං ඉන්ද්රියානං අවට්ඨිති හොති. යතො ච ඛො භික්ඛවෙ, අරියසාවකස්ස අරියඤාණං උප්පන්නං හොති, අථ චතුන්නං ඉන්ද්රියානං සණ්ඨිති හොති, අථ චතුන්නං ඉන්ද්රියානං අවට්ඨිති හොති.
Sinhala BJT1736. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ මල්ලකදනව්වෙහි උරුවේලකප්ප නම් මල්ලකයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, අරීසවුහට යම්තාක් අරීනැණ නූපන්නේ වේ නම් ඒ තාක් සිවු ඉඳුරන්ගේ නො ම පිඬු වී සිටීම වේ. ඒ තාක් සිවුඉඳුරන්ගේ නො ම බැසගෙන සිටීම වේ. මහණෙනි, යම්කලෙක අරීසවුහට අරීනැණ උපන්නේ වේ නම් එකල සිවුඉඳුරන්ගේ පිඬුවී සිටීම වේ. එකල සිවුඉඳුරන්ගේ බැසගෙන සිටීම වේ.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, යාවකීවඤ්ච කූටාගාරස්ස කූටං න උස්සිතං හොති, නෙව තාව{1} ගොපානසීනං සණ්ඨිති හොති, නෙව තාව ගොපානසීනං අවට්ඨිති හොති. යතො ච ඛො භික්ඛවෙ, කූටාගාරස්ස කූටං උස්සිතං හොති, අථ ඛො ගොපානසීනං සණ්ඨිති හොති, අථ ඛො ගොපානසීනං අවට්ඨිති හොති. එවමෙව ඛො භික්ඛවෙ, යාවකීවඤ්ච අරියසාවකස්ස අරියඤාණං න උප්පන්නං හොති, නෙව තාව චතුන්නං ඉන්ද්රියානං සණ්ඨිති හොති, නෙව තාව චතුන්නං ඉන්ද්රියානං අවට්ඨිති හොති. යතො ච ඛො භික්ඛවෙ, අරියසාවකස්ස අරියඤාණං උප්පන්නං හොති, අථ චතුන්නං ඉන්ද්රියානං සණ්ඨිති හොති, අථ චතුන්නං ඉන්ද්රියානං අවට්ඨිති හොති. කතමෙසං චතුන්නං: සද්ධින්ද්රියස්ස, විරියින්ද්රියස්ස, සතින්ද්රියස්ස, සමාධින්ද්රියස්ස. පඤ්ඤවතො භික්ඛවෙ, අරියසාවකස්ස තදන්වයා සද්ධා සණ්ඨාති, තදන්වයං විරියං සණ්ඨාති, තදන්වයා සති සණ්ඨාති, තදන්වයො සමාධි සණ්ඨාතීති.
Sinhala BJTමහණෙනි, යම්සේ කුළුගෙහි කැණිමඩල යම් තාක් නොඔසවන ලද්දේ වේ නම් ඒ තාක් ගොනැසුන්ගේ නො ම පිඬුවී සිටීම වේ. ඒ තාක් ගොනැසුන්ගේ කුළෙහි පිවිස සිටීම නො ම වේ. මහණෙනි, යම් කලෙක කුළුගෙහි කැණිමඩල ඔසවන ලද්දේ වේ නම් එකල ගොනැසුන්ගේ පිඬු වී සිටීම වේ. එකල ගොනැසුන්ගේ පිවිස සිටීම වේ. මහණෙනි, එසෙයින්ම යම් තාක් අරීසවුහට අරීනැණ නූපන්නේ වේ නම් ඒ තාක් සිවුඉඳුරන්ගේ නො ම පිඬු වී සිටීම වේ. ඒ තාක් සිවුඉඳුරන්ගේ නො ම බැසගෙන සිටීම වේ. මහණෙනි, යම්කලෙක අරීසවුහට අරීනැණ උපන්නේ වේ නම් එකල සිවු ඉඳුරන්ගේ පිඬුවී සිටීම වේ. එකල සිවුඉඳුරන්ගේ බැසගෙන සිටීම වේ. කවර සිවුඉඳුරන්ගේ ද යත්: සද්ධින්‍ද්‍රියයේත් විරියින්‍ද්‍රියයේත් සතින්‍ද්‍රියයේත් සමාධින්‍ද්‍රියයේත් ය. මහණෙනි, පැනවත් අරීසවුහට ඒ අනුව යන සැදැහැ සිටී. ඒ අනුව යන වෙර සිටී. ඒ අනුව යන සිහිය සිටී. ඒ අනුව යන සමාධිය සිටී”යි.
Pali BJT4. 6. 3.
Sinhala BJT4. 6. 3.
Pali BJTසෙඛසුත්තං
Sinhala BJTසේඛ සූත්‍රය
Pali BJT1737. එකං සමයං භගවා කොසම්බියං විහරති ඝොසිතාරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: අත්ථි නු ඛො භික්ඛවෙ{2}, පරියායො: යං පරියායං ආගම්ම සෙඛො{3} භික්ඛු සෙඛභූමියං ඨිතො{4} සෙඛො’ස්මීති පජානෙය්ය, අසෙඛො භික්ඛු අසෙඛභූමියං ඨිතො අසෙඛො’ස්මීති පජානෙය්යා’ති. භගවම්මූලකා නො භන්තෙ, ධම්මා -පෙ- අත්ථි භික්ඛවෙ, පරියායො: යං පරියායං ආගම්ම සෙඛො භික්ඛු සෙඛභූමියං ඨිතො සෙඛොස්මී’ති පජානෙය්ය, අසෙඛො භික්ඛු අසෙඛභූමියං ඨිතො අසෙඛොස්මී’ති පජානෙය්ය. කතමො ච භික්ඛවෙ, පරියායො, යං පරියායං ආගම්ම සෙඛො භික්ඛු සෙඛභූමියං ඨිතො සෙඛොස්මී’ති පජානාති? ඉධ භික්ඛවෙ, සෙඛො භික්ඛු ඉදං දුක්ඛන්ති යථාභූතං පජානාති, අයං දුක්ඛසමුදයොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධොති යථාභූතං පජානාති, අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං පජානාති. අයම්පි ඛො භික්ඛවෙ, පරියායො, යං පරියායං ආගම්ම සෙඛො භික්ඛු සෙඛභූමියං ඨිතො සෙඛොස්මී’ති පජානාති.
Sinhala BJT1737. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමි යි දැනගන්නේ නම් අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ අසෙඛයෙමි යි දැනගන්නේ නම් එබඳු නයෙක් ඇද්දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ ... මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමි යි දැනගන්නේ නම් අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ අසෙඛයෙමි යි දැනගන්නේ නම් එබඳු නයෙක් ඇත. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමි යි දැනගනී නම් අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ අසෙඛයෙමි යි දැනගනී නම් ඒ නය කවරේද යත්: මහණෙනි, මෙහි සේඛමහණතෙමේ මේ දුකැයි තතුසේ දනී. මේ දුක් හටගැනීමැයි තතුසේ දනී. මේ දුක් වැළැක්මැයි තතුසේ දනී. මේ දුක් වැළැක්මට පමුණුවන පිළිවෙතැයි තතුසේ දනී. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සෙඛබිම සිටියේ සේඛයෙමියි දැනගනී නම් මෙ ද නයෙකි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, සෙඛො භික්ඛු ඉති පටිසඤ්චික්ඛති: අත්ථි නු ඛො ඉතො බහිද්ධා අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා යො එවං භූතං තච්ඡං තථා{5} ධම්මං දෙසෙති, යථා භගවා’ති. සො එවං පජානාති: නත්ථි ඉතො{6} බහිද්ධා අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා යො එවං භූතං තච්ඡං තථා ධම්මං දෙසෙති, යථා භගවා’ති. අයම්පි ඛො භික්ඛවෙ, පරියායො: යං පරියායං ආගම්ම සෙඛො භික්ඛු සෙඛභූමියං ඨිතො සෙඛොස්මී”ති පජානාති.
Sinhala BJTමහණෙනි, නැවත අනෙකක්ද කියමි. සේඛ මහණ තෙමේ මෙසේ නුවණින් සලකා බලයි. “යමෙක් භාග්‍යවතුන් වහන්සේ මෙන් මෙබඳු සිදුවූ සැබෑ වූ නොවෙනස් වනසුලු දහමක් දෙසා නම් එබඳු අන් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසස්නෙන් පිටත ඇද්දෝ යි හෙතෙමේ මෙසේ දැනගනී: යමෙක් භාග්‍යවතුන් වහන්සේ මෙන් මෙබඳු සිදු වූ සැබෑ වූ නොවෙනස් වනසුලු දහමක් දෙසා නම් එබඳු අන් මහණෙක් හෝ බමුණෙක් හෝ මෙසස්නෙන් බැහැරනැතැ’යි. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ තෙමේ සේඛ බිම සිටියේ සේඛයෙමි යි දැනගනී නම් මෙ ද නයෙකි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, සෙඛො භික්ඛු පඤ්චින්ද්රියානි පජානාති: සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං, යංගතිකානි යංපරමානි යංබලානි{1} යංපරියොසානානි, නහෙව ඛො කායෙන ඵුසිත්වා{2} විහරති, පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සති. අයම්පි ඛො භික්ඛවෙ, පරියායො: යං පරියායං ආගම්ම සෙඛො භික්ඛු සෙඛභූමියං ඨිතො සෙඛොස්මී’ති පජානාති.
Sinhala BJTමහණෙනි, නැවත අනෙකක්ද කියමි: සේඛ මහණ යමක් ස්වභාව කොට ඇති යමක් පරම කොට ඇති යමක් බල කොට ඇති යමක් කෙළවර කොට ඇති සද්ධින්‍ද්‍රියය විරියින්‍ද්‍රියය සතින්‍ද්‍රියය සමාධින්‍ද්‍රියය පඤ්ඤින්‍ද්‍රියය යන පසිඳුරන් දනී ද. නාමකයින් පැහැස නො ම වෙසේ ද. පස්විකුම් නුවණින් පිළිවිද දකී ද. මහණෙනි, යම් නයකට පැමිණ සේඛ මහණ සේඛයෙමි යි දැනගනී නම් මෙ ද නයෙකි.
Pali BJTකතමො ච භික්ඛවෙ, පරියායො, යං පරියායං ආගම්ම අසෙඛො භික්ඛු අසෙඛභූමියං ඨිතො අසෙඛොස්මී’ති පජානාති? ඉධ භික්ඛවෙ, අසෙඛො භික්ඛු පඤ්චින්ද්රියානි පජානාති සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං යංගතිකානි යංපරමානි යංබලානි යංපරියොසානානි. කායෙන ච ඵුසිත්වා විහරති, පඤ්ඤාය ච අතිවිජ්ඣ පස්සති. අයම්පි ඛො භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම අසෙඛො භික්ඛු අසෙඛභූමියං ඨිතො අසෙඛොස්මී’ති පජානාති.
Sinhala BJTමහණෙනි, යම් නයකට පැමිණ අසේඛ මහණ අසේඛබිම සිටියේ ‘අසෙඛයෙමි’ යි දැනගනී නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, මෙහි අසේඛ මහණ යමක් ස්වභාව කොට ඇති යමක් පරම කොට ඇති යමක් බල කොට ඇති යමක් කෙළවර කොට ඇති සද්ධින්‍ද්‍රියය ... පඤ්ඤින්‍ද්‍රියය යන පසිඳුරන් දනී ද. නාමකයිනුදු පැහැස වෙසේ ද. පස්විකුම් නුවණිනුදු පිළිවිද දකී ද. මහණෙනි, යම් නයකට පැමිණ අසේඛ මහණ අසේඛබිම සිටියේ ‘අසෙඛයෙමි’ යි දැනගනී නම් මෙ ද නයෙකි.
Pali BJTපුන චපරං භික්ඛවෙ, අසෙඛො භික්ඛු ඡ ඉන්ද්රියානි පජානාති. චක්ඛුන්ද්රියං, සොතින්ද්රියං, ඝානින්ද්රියං, ජිව්හින්ද්රියං, කායින්ද්රියං, මනින්ද්රියං, ඉමානි ඡ{3} ඉන්ද්රියානි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං අපරිසෙසං නිරුජ්ඣන්ති.{4} අඤ්ඤානි ඡ{5} ඉන්ද්රියානි න කුහිඤ්චි කිස්මිඤ්චි{6} උප්පජ්ජිස්සන්තී’ති පජානාති. අයම්පි ඛො භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම අසෙඛො භික්ඛු අසෙඛභූමියං ඨිතො අසෙඛොස්මී’ති පජානාතීති.
Sinhala BJTමහණෙනි, නැවත අනෙකක් ද කියමි: අසේඛ මහණ තෙමේ චක්ඛුන්‍ද්‍රියය සෝතින්‍ද්‍රියය ඝානින්‍ද්‍රියය ජිව්හින්‍ද්‍රියය කායින්‍ද්‍රියය මනින්‍ද්‍රියය යන සඉඳුරන් දනී. මේ සඉඳුරෝ මුළුමනින් සියල්ල සියලු අයුරින් සියල්ල නිරවශේෂයෙන් නිරුද්ධ වෙති. අන් සඉඳුරු කෙනෙක් කොහි වත් කොතැනෙක වත් නූපදනාහයි දනී. මහණෙනි, යම් නයකට පැමිණ අසේඛ මහණ තෙමේ අසේඛබිම සිටියේ ‘අසෙඛයෙමි’ යි දැනගනී නම් මෙ ද නයෙකි යි.
Pali BJT4. 6. 4.
Sinhala BJT4. 6. 4.
Pali BJTපදසුත්තං
Sinhala BJTපද සූත්‍රය
Pali BJT1738. සෙය්යථාපි භික්ඛවෙ, යානි කානිචි ජඞ්ගමානං පාණානං පදජාතානි, සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති, හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති යදිදං මහන්තත්තෙන. එවමෙව ඛො භික්ඛවෙ, යානි කානිචි පදානි බොධාය සංවත්තන්ති, පඤ්ඤින්ද්රියං පදං තෙසං අග්ගමක්ඛායති යදිදං බොධාය. කතමානි ච භික්ඛවෙ, පදානි බොධාය සංවත්තන්ති: සද්ධින්ද්රියං භික්ඛවෙ පදං, තං බොධාය සංවත්තති. විරියින්ද්රියං පදං, තං බොධාය සංවත්තති. සතින්ද්රියං පදං, තං බොධාය සංවත්තති. සමාධින්ද්රියං පදං, තං බොධාය සංවත්තති. පඤ්ඤින්ද්රියං පදං, තං බොධාය සංවත්තති. සෙය්යථාපි භික්ඛවෙ, යානි කානිචි ජඞ්ගමානං පාණානං පදජාතානි සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති. හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති. යදිදං මහන්තත්තෙන. එවමෙව ඛො භික්ඛවෙ, යානි කානිචි පදානි බොධාය සංවත්තන්ති. පඤ්ඤින්ද්රියං පදං තෙසං අග්ගමක්ඛායති. යදිදං බොධායාති.
Sinhala BJT1738. මහණෙනි, යම්යේ යම්කිසි ජඞ්ගමප්‍රාණීන්ගේ පියවර සමූහයෝ වෙත් නම් ඒ සියල්ලෝ ඇත්පියවරෙහි ඇතුළත් වීමට යෙති. ඇත් පියවර මහත්බැවින් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි දහම් පද කෙනෙක් අවබෝධය පිණිස පවතිත් නම් පඤ්ඤින්‍ද්‍රිය දහම්පදය අවබෝධය පිණිස ඔවුන් ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, කවර දහම්පද අවබෝධ පිණිස පවතී ද යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්‍ද්‍රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. සතින්‍ද්‍රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. සමාධින්‍ද්‍රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. පඤ්ඤින්‍ද්‍රිය පදයෙකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, ජඞ්ගමප්‍රාණීන්ගේ යම්කිසි පියවර සමූහයෝ වෙත් නම් ඒ සියල්ලෝ ඇත්පියවරෙහි ඇතුළත් වීමට යෙති. මහත් බැවින් ඇත්පියවර ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි දහම් පද කෙනෙක් අවබෝධය පිණිස පවතිත් නම් පඤ්ඤින්‍ද්‍රිය දහම්පදය අවබෝධය පිණිස ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ යි.
Pali BJT4. 6. 5.
Sinhala BJT4. 6. 5.
Pali BJTසාරසුත්තං
Sinhala BJTසාර සූත්‍රය
Pali BJT1739. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි සාරගන්ධා, ලොහිතචන්දනං තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛිකා ධම්මා, පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති, යදිදං බොධාය. කතමෙ ච භික්ඛවෙ, බොධිපක්ඛිකා ධම්මා: සද්ධින්ද්රියං භික්ඛවෙ, බොධිපක්ඛිකො ධම්මො, තං බොධාය සංවත්තති. විරියින්ද්රියං -පෙ- සතින්ද්රියං -පෙ- සමාධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං බොධිපක්ඛිකො ධම්මො, තං බොධාය සංවත්තති. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි සාරගන්ධා, ලොහිතචන්දනං තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි බොධිපක්ඛියා ධම්මා පඤ්ඤින්ද්රියං තෙසං අග්ගමක්ඛායති යදිදං බොධායාති.
Sinhala BJT1739. මහණෙනි, යම්සේ යම්කිසි හරගඳහු වෙත් නම් රත්සඳන ඔවුනට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි බෝපැකි දහම්හු අවබෝධය පිණිස වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතී. විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතී. මහණෙනි, යම්සේ යම්කිසි හරගඳහු වෙත් නම් රත්සඳන ඔවුනට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි බෝපැකි දහම්හු අවබෝධය පිණිස වෙත් නම් පඤ්ඤින්‍ද්‍රිය ඔවුනට අග්‍ර ය යි කියනු ලැබේ යි.
Pali BJT4. 6. 6.
Sinhala BJT4. 6. 6.
Pali BJTපතිට්ඨිතසුත්තං
Sinhala BJTපතිට්ඨිත සූත්‍රය
Pali BJT1740. සාවත්ථියං:
Sinhala BJT1740. සැවැත්නුවර:
Pali BJTඑකධම්මෙ පතිට්ඨිතස්ස භික්ඛවෙ, භික්ඛුනො පඤ්චින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානි. කතමස්මිං එකධම්මෙ: අප්පමාදෙ.... කතමො ච භික්ඛවෙ, අප්පමාදො. ඉධ භික්ඛවෙ, භික්ඛු චිත්තං රක්ඛති ආසවෙසු ච සාසවෙසු ච ධම්මෙසු. තස්මිං{1} චිත්තං රක්ඛතො ආසවෙසු ච සාසවෙසු ච ධම්මෙසු සද්ධින්ද්රියම්පි භාවනාපාරිපූරිං ගච්ඡති. විරියින්ද්රියම්පි -පෙ- සතින්ද්රියම්පි -පෙ- සමාධින්ද්රියම්පි -පෙ- පඤ්ඤින්ද්රියම්පි භාවනාපාරිපූරිං ගච්ඡති. එවං ඛො{2} භික්ඛවෙ, එකධම්මෙ පතිට්ඨිතස්ස භික්ඛුනො පඤ්චින්ද්රියානි භාවිතානි හොන්ති සුභාවිතානීති.
Sinhala BJTමහණෙනි, එක්දහමෙක පිහිටි මහණහුගේ පසිඳුරෝ වඩන ලදහු මැනවින් වඩන ලදහු වෙති. කවර එක් දහමෙක ද යත්: නොපමාවෙහි ය. මහණෙනි, නොපමාව කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ ආස්‍රව වූ ද සාස්‍රව වූ ද දහම් නිමිති කොට සිත රකී. ආස්‍රව වූ ද සාස්‍රව වූ ද දහම් නිමිති කොට සිත රක්නා ඔහුගේ සද්ධින්‍ද්‍රිය ද වැඩීමෙන් පිරීමට යේ. විරියින්‍ද්‍රිය ද ... සතින්‍ද්‍රිය ද ... සමාධින්‍ද්‍රිය ද ... පඤ්ඤින්‍ද්‍රිය ද වැඩීමෙන් පිරීමට යේ. මහණෙනි, මෙසේ එක් දහමෙක පිහිටි මහණහුගේ පසිඳුරෝ වඩන ලදහු මැනවින් වඩන ලදහු වෙති යි.
Pali BJT4. 6. 7.
Sinhala BJT4. 6. 7.
Pali BJTබ්රහ්මසුත්තං
Sinhala BJTබ්‍රහ්ම සූත්‍රය
Pali BJT1741. එවං මෙ සුතං, එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධෙ පඨමාභිසම්බුද්ධො. අථ ඛො භගවතො රහොගතස්ස පටිසල්ලීනස්ස එවං චෙතසොපරිවිතක්කො උදපාදි: පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අමතොගධානි හොන්ති අමතපරායනානි අමතපරියොසානානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං. විරියින්ද්රියං -පෙ- සතින්ද්රියං -පෙ- සමාධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං. ඉමානි පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අමතොගධානි හොන්ති අමතපරායනානි අමතපරියොසානානී”ති.
Sinhala BJT1741. මා විසින් මෙසේ අසන ලදී. එක්සමයෙත භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල්දනව්වෙහි නේරඤ්ජරා ගංඉවුරෙහි අජපල්නුගරුක් මුල්හි වැඩවසන සේක. එකල්හි එකලා වූ විවේකයෙන් යුත් භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය: “පසිඳුරෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති. කවර පසිඳුරෝ ද යත්: සද්ධින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වෙයි. විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලද්දේ බහුල කරන ලද්දේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට නිවන කෙළවර කොට ඇත්තේ වේ. මේ පසිඳුරෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති” යි.
Pali BJTඅථ ඛො බ්රහ්මා සහම්පති භගවතො චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං බ්රහ්මලොකෙ{1} අන්තරහිතො භගවතො පුරතො පාතුරහොසි. අථ ඛො බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච: එවමෙතං භගවා, එවමෙතං සුගත, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අමතොගධානි හොන්ති, අමතපරායනානි අමතපරියොසානානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති අමතපරායනං අමතපරියොසානං -පෙ- පඤ්ඤින්ද්රියං භාවිතං බහුලීකතං අමතොගධං හොති, අමතපරායනං අමතපරියොසානං. ඉමානි පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අමතොගධානි හොන්ති අමතපරායනානි අමතපරියොසානානි.{2}
Sinhala BJTඑකල්හි සහම්පතී බ්‍රහ්ම තෙමේ සියසිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්‍කය දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් දිගු කරන්නේ හෝ වේ ද, දිගු කළ අතක් හකුළන්නේ හෝ වේ ද. එසෙයින් ම බඔලොව අතුරුදන් වූයේ භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය. ඉක්බිති සහම්පති බ්‍රහ්ම තෙමේ උතුරුසඟ එකස් කොට භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය: “භාග්‍යවතුන් වහන්ස, එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය. පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති. කවර පසිඳුරෝ ද: සද්ධින්‍ද්‍රිය වඩන ලදුයේ බහුල කරන ලදුයේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ ... පඤ්ඤින්‍ද්‍රිය වඩන ලදුයේ බහුල කරන ලදුයේ නිවනට ඇතුළත් වූයේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙළවර කොට ඇත්තේ වේ. මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙති.
Pali BJTභූතපුබ්බාහං භන්තෙ, කස්සපෙ සම්මාසම්බුද්ධෙ බ්රහ්මචරියං අචරිං. තත්ර’පි{3} මං එවං ජානන්ති: “සහකො භික්ඛු, සහකො භික්ඛූ”ති. සො ඛො’හං භන්තෙ, ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා කාමෙසු කාමච්ඡන්දං විරාජෙත්වා කායස්ස භෙදා පරම්මරණා සුගතිං බ්රහ්මලොකං උපපන්නො. තත්ර’පි මං එවං ජානන්ති “බ්රහ්මා සහම්පති, බ්රහ්මා සහම්පතී”ති. එවමෙතං භගවා, එවමෙතං සුගත, අහමෙතං ජානාමි, අහමෙතං පස්සාමි.{4} යථා ඉමානි පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අමතොගධානි හොන්ති අමතපරායනානි අමතපරියොසානානීති.
Sinhala BJTවහන්ස, පෙර මම කසුප් සම්මාසම්බුදුන් කෙරෙහි බඹසර කෙළෙමි. එහි දු මා “සහක මහණ සහක මහණැ”යි මෙසේ දනිත්. වහන්ස, ඒ මම මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් කාමයන්හි කාමච්ඡන්‍දය දුරු කොට කාබුන් මරණින් මතු සෝභන ගති ඇති බඹලොවට පැමිණියෙමි. එහි දු මා “සහම්පති බඹ, සහම්පති බඹැ”යි මෙසේ දනිත්. භාග්‍යවතුන් වහන්ස: එය එසේ ය. සුගතයන් වහන්ස, එය එසේ ය, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු යම්සේ නිවනට ඇතුළත් වූවාහු නිවන පිහිට කොට ඇත්තාහු නිවන කෙළවර කොට ඇත්තාහු වෙත් නම් මම මෙය දනිමි. මම මෙය දකිමි” යි.
Pali BJT4. 6. 8.
Sinhala BJT4. 6. 8.
Pali BJTසූකරඛතසුත්තං
Sinhala BJTසූකරඛත සූත්‍රය
Pali BJT1742. එවං මෙ සුතං. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ සූකරඛතායං{5}. තත්ර ඛො භගවා ආයස්මන්තං සාරිපුත්තං ආමන්තෙසි: “කින්නු ඛො සාරිපුත්ත, අත්ථවසං සම්පස්සමානො ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං{6} පවත්තමානො පවත්තතී”ති?{7} අනුත්තරං හි භන්තෙ, යොගක්ඛෙමං{8} සම්පස්සමානො ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තතීති.
Sinhala BJT1742. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජුකුළුපව්වෙහි සූකරඛත ලෙනෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සැරියුත් තෙරුන් ඇමතූ සේක. සාරිපුත්ත, රහත් මහණ කුමන කරුණක් දකිමින් තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී දැ යි වහන්ස, අනුත්තර වූ අර්‍හත්‍වය දකිමින් රහත් මහණ තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී යි.
Pali BJTසාධු, සාධු, සාරිපුත්ත, අනුත්තරං හි සාරිපුත්ත, යොගක්ඛෙමං සම්පස්සමානො ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තති. කතමො ච සාරිපුත්ත, අනුත්තරො යොගක්ඛෙමො, යං සම්පස්සමානො ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තතීති. ඉධ භන්තෙ, ඛීණාසවො භික්ඛු සද්ධින්ද්රියං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං, විරියින්ද්රියං -පෙ- සතින්ද්රියං -පෙ- සමාධින්ද්රියං -පෙ-
Sinhala BJTසාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත, අනුත්තර වූ රහත් බව දකිමින් රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී. සාරිපුත්ත, යමක් දකිමින් රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී නම් ඒ අනුත්තර වූ රහත් බව කවරේ දැ යි වහන්ස, මෙහි රහත් මහණ සන්හිඳීමට යනසුලු කොට සම්බෝධියට යනසුලු කොට සද්ධින්‍ද්‍රිය වඩයි ... විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය වඩයි.
Pali BJTපඤ්ඤින්ද්රියං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං. අයං ඛො භන්තෙ, අනුත්තරො යොගක්ඛෙමො යං සම්පස්සමානො ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තතීති.
Sinhala BJTසන්හිඳීමට යනසුලු කොට පඤ්ඤින්‍ද්‍රිය වඩයි. වහන්ස, රහත් මහණ තෙමේ යමක් දකිමින් තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී නම් මේ (ඒ) අනුත්තර වූ රහත් බවයි.
Pali BJTසාධු, සාධු, සාරිපුත්ත, එසො හි සාරිපුත්ත, අනුත්තරො යොගක්ඛෙමො යං සම්පස්සමානො ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තති. කතමො ච සාරිපුත්ත, පරමනිපච්චකාරො යං ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තතීති. ඉධ භන්තෙ, ඛීණාසවො භික්ඛු සත්ථරි සගාරවො විහරති සප්පතිස්සො.{1} ධම්මෙ සගාරවො විහරති සප්පතිස්සො. සඞ්ඝෙ සගාරවො විහරති සප්පතිස්සො. සික්ඛාය සගාරවො විහරති සප්පතිස්සො. සමාධිස්මිං සගාරවො විහරති සප්පතිස්සො. අයං ඛො භන්තෙ, පරමනිපච්චකාරො යං ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තමානො පවත්තතීති.
Sinhala BJTසාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත, යමක් දකිමින් රහත් මහණ තෙමේ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ ඉතා යටහත් ව පවත්නේ පවතී නම් මේ ඒ අනුත්තර වූ රහත්බව යි. සාරිපුත්ත, රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ යම් ඉතා යටත්බවක් පවත්වන්නේ පවතී නම් ඒ ඉතා යටත්බව කවරේ දැ යි. වහන්ස, මෙහි රහත් මහණ තෙමේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. ධර්‍මය කෙරෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. සඞ්ඝයා කෙරෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. ශික්‍ෂායෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. සමාධියෙහි ගෞරව සහිත ව වැඩිහිටියකු සහිත ව වෙසෙයි. වහන්ස, රහත් මහණ තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ යම් ඉතා යටත් බවක් පවත්වමින් පවතී නම් මේ ඒ ඉතා යටහත් බව යි.
Pali BJTසාධු, සාධු, සාරිපුත්ත, එසො හි සාරිපුත්ත, පරමනිපච්චකාරො යං ඛීණාසවො භික්ඛු තථාගතෙ වා තථාගතසාසනෙ වා පරමනිපච්චකාරං පවත්තයමානො පවත්තතීති.
Sinhala BJTසාරිපුත්ත, මැනවි මැනවි. සාරිපුත්ත රහත් මහණ තථාගතයන් කෙරෙහි හෝ තථාගතසස්නෙහි හෝ යම් ඉතා යටහත් බවක් පවත්වමින් පවතී නම් මේ ඒ ඉතා යටහත් බව යි.
Pali BJT4. 6. 9.
Sinhala BJT4. 6. 9.
Pali BJTඋප්පාදසුත්තං
Sinhala BJTඋප්පාද සූත්‍රය
Pali BJT1743. සාවත්ථියං:
Sinhala BJT1743. සැවැත්නුවර:
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි, භාවිතානි බහුලීකතානි අනුප්පන්නානි උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අනුප්පන්නානි උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්සාති.
Sinhala BJTමහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිති. කවර පසිඳුරෝ ද යත්: සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිත් යි.
Pali BJT4. 6. 10.
Sinhala BJT4. 6. 10.
Pali BJTදුතිය උප්පාදසුත්තං
Sinhala BJTදුතිය උප්පාද සූත්‍රය
Pali BJT1744. සාවත්ථියං:
Sinhala BJT1744. සැවැත්නුවර:
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි භාවිතානි බහුලීකතානි අනුප්පන්නානි උප්පජ්ජන්ති නාඤ්ඤත්ර සුගතවිනයා. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි අනුප්පන්නානි උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර සුගතවිනයාති.
Sinhala BJTමහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු බුදුසස්නෙන් අන් තන්හි නූපන්නාහු නූපදිති. කවර පසිඳුරෝද යත්: සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු බුදුසස්නෙන් අන් තන්හි නූපන්නාහු නූපදිති යි.
Pali BJTසූකරඛතවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවැනි සූකරඛත වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTසාලා මල්ලකං සෙඛො ච පදං සාරං පතිට්ඨිතං බ්රහ්මා සූකරඛතඤ්ච උප්පාදෙ අපරෙ දුවෙති.
Sinhala BJTසාලා මල්ලක සේඛ පද සාර පතිට්ඨිත බ්‍රහ්ම සූකරඛත යි අටෙක. අනෙක් උප්පාද සූත්‍ර දෙකෙකැ යි දස සූත්‍රයෙකි යි.
Pali BJT7. සම්බොධිවග්ගො
Sinhala BJT7. සම්බෝධි වර්‍ගය
Pali BJT4. 7. 1.
Sinhala BJT4. 7. 1.
Pali BJTසංයොජනසුත්තං
Sinhala BJTසංයෝජන සූත්‍රය
Pali BJT1745. සාවත්ථියං:
Sinhala BJT1745. සැවැත්නුවර:
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි භාවිතානි බහුලීකතානි සංයොජනප්පහානාය{1} සංවත්තන්ති. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි භාවිතානි බහුලීකතානි සංයොජනප්පහානාය සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, මේ පසිඳුරු කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු සංයෝජනප්‍රහාණය පිණිස පවතිත්. කවර පසිඳුරු කෙනෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පසිඳුරෝ වඩන ලදහු බහුල කරන ලදහු සංයෝජනප්‍රහාණය පිණිස පවතිත් යි.
Pali BJT4. 7. 2.
Sinhala BJT4. 7. 2.