Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13201-13300 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතතිය සංඛිත්තසුත්තං
Sinhala BJTතතිය සඞ්ඛිත්ත සූත්‍රය
Pali BJT1698. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති. තතො මුදුතරෙහි අනාගාමී හොති. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි සොතාපන්නො හොති. තතො මුදුතරෙහි ධම්මානුසාරී හොති. තතො මුදුතරෙහි සද්ධානුසාරී හොති. ඉති ඛො භික්ඛවෙ, පරිපූරං පරිපූරකාරී ආරාධෙති. පදෙසං පදෙසකාරී ආරාධෙති. අවඤ්ඣානිත්වෙවාහං භික්ඛවෙ, පඤ්චින්ද්රියානී වදාමීති.
Sinhala BJT1698. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මෘදු ඉඳුරන්ගෙන් අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වෙයි. මහණෙනි, මෙසේ පිරිපුන් රගත්මඟ කරන්නේ රහත්බව සපයයි. පෙදෙස් වූ යට තුන්මඟ කරන්නේ යට තුන් පල සපයයි. මහණෙනි, පසිඳුරෝ නො ම වඳහයි මම කියමියි.
Pali BJT4. 2. 5.
Sinhala BJT4. 2. 5.
Pali BJTවිත්ථාරසුත්තං
Sinhala BJTවිත්‍ථාර සූත්‍රය
Pali BJT1699. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති. තතො මුදුතරෙහි අන්තරාපරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි උපහච්ච පරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි අසඞ්ඛාර පරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි සසඞ්ඛාර පරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි සොතාපන්නො හොති. තතො මුදුතරෙහි ධම්මානුසාරී හොති. තතො මුදුතරෙහි සද්ධානුසාරී හොතීති.
Sinhala BJT1699. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් ඉඳුරන්ගෙන් (ආයු මැද නොයික්මවා) අතර කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු හෙවත් රහත්වනසුලු වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් (ආයු මැද ඉක්මවා) කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් පියෝ නැති ව (සුවසේ) කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් පියෝ ඇති ව (දුකසේ) කෙලෙස් පිරිනිවනින් පිරිනිවෙනසුලු වෙයි. එයට වඩා මොළොක්වූවන්ගෙන් අකනිටා යනසුලු උද්ධංසෝතයෙක් හෙවත් අවිහයෙහි පටන් සිවුබඹලොව උපදින්නෙක් වෙයි. එයට වඩා මොළොක්වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන් ගෙන් සද්ධානුසාරී වේ යි.
Pali BJT4. 2. 6.
Sinhala BJT4. 2. 6.
Pali BJTදුතිය විත්ථාරසුත්තං
Sinhala BJTදුතිය විත්‍ථාර සූත්‍රය
Pali BJT1700. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති, තතො මුදුතරෙහි අන්තරාපරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි උපහච්චපරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි අසඞ්ඛාර පරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි සසඞ්ඛාරපරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි සොතාපන්නො හොති. තතො මුදුතරෙහි ධම්මානුසාරී හොති. තතො මුදුතරෙහි සද්ධානුසාරී හොති. ඉති ඛො භික්ඛවෙ, ඉන්ද්රියවෙමත්තතා ඵලවෙමත්තතා හොති. ඵලවෙමත්තතා පුග්ගලවෙමත්තතාති.
Sinhala BJT1700. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මෘදු වූවන්ගෙන් අන්තරාපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් උපහච්වපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සකදාගාමී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝතාපන්න වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වේ. මහණෙනි, මෙසේ ඉන්‍ද්‍රියනානාත්‍වයෙන් ඵලනානාත්‍වය ද ඵලනානාත්‍වයෙන් පුද්ගලනානාත්‍වය ද වේ යි.
Pali BJT4. 2. 7.
Sinhala BJT4. 2. 7.
Pali BJTතතිය විත්ථාරසුත්තං
Sinhala BJTතතිය විත්‍ථාර සූත්‍රය
Pali BJT1701. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති. තතො මුදුතරෙහි අන්තරාපරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි උපහච්චපරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි අසඞ්ඛාරපරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි සසඞ්ඛාරපරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි සොතාපන්නො හොති. තතො මුදුතරෙහි ධම්මානුසාරී හොති. තතො මුදුතරෙහි සද්ධානුසාරී හොති. ඉති ඛො භික්ඛවෙ, පරිපූරං පරිපූරකාරී ආරාධෙති. පදෙසං පදෙසකාරී ආරාධෙති. අවඤ්ඣානිත්වෙවාහං භික්ඛවෙ, පඤ්චින්ද්රියානි වදාමීති.
Sinhala BJT1701. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් අන්තරාපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් උපහච්වපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සකදාගාමී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝතාපන්න වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වෙයි. මහණෙනි, මෙසේ පිරිපුන් රහත්මග කරන්නේ රහත්බව සපය යි, යට තුන්මඟ කරන්නේ යට තුන්පල සපය යි. මහණෙනි, පසිඳුරෝ නො ම වඳහයි මම කියමි යි.
Pali BJT4. 2. 8.
Sinhala BJT4. 2. 8.
Pali BJTපටිපන්නසුත්තං
Sinhala BJTපටිපන්න සූත්‍රය
Pali BJT1702. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති. තතො මුදුතරෙහි අරහත්තඵලසච්ඡිකිරියාය පටිපන්නො හොති. තතො මුදුතරෙහි අනාගාමී හොති. තතො මුදුතරෙහි අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො හොති. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො හොති. තතො මුදුතරෙහි සොතාපන්නො හොති. තතො මුදුතරෙහි සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො හොති. යස්ස ඛො භික්ඛවෙ, ඉමානි පඤ්චින්ද්රියානි සබ්බෙන සබ්බං සබ්බථා සබ්බං නත්ථි, තමහං බාහිරො පුථුජ්ජනපක්ඛෙ ඨිතොති වදාමීති.
Sinhala BJT1702. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් රහත්පල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් අනගැමිපල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමිපල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන්පල පසක් කරනු වස් පිළිපන්නේ වෙයි. මහණෙනි, යමකුට මේ පසිඳුරෝ මුළුමනින් සියලු අයුරින් නැද්ද, හෙතෙමේ බැහැර වූ පුහුදුන් පසෙහි සිටියේ ය යි මම කියමි යි.
Pali BJT4. 2. 9.
Sinhala BJT4. 2. 9.
Pali BJTසම්පන්නසුත්තං
Sinhala BJTසම්පන්න සූත්‍රය
Pali BJT1703. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “ඉන්ද්රියසම්පන්නො, ඉන්ද්රියසම්පන්නො”ති භන්තෙ වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, ඉන්ද්රියසම්පන්නො හොතීති? ඉධ භික්ඛු, භික්ඛු සද්ධින්ද්රියං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං -පෙ- පඤ්ඤින්ද්රියං භාවෙති උපසමගාමිං සම්බොධගාමිං. එත්තාවතා ඛො භික්ඛු, ඉන්ද්රියසම්පන්නො හොතීති.
Sinhala BJT1703. ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැලකෙළේ ය. වහන්ස, ඉන්‍ද්‍රියසම්පන්නය ඉන්‍ද්‍රියසම්පන්නය යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් ඉන්‍ද්‍රියසම්පන්නය වේදැ යි? මහණ, මෙහි මහණතෙමේ කෙලෙස් සංහිඳිමට පමුණුවනසුලු සිවුමඟනැණ පිළිවිදුමට පමුණුවනසුලු සද්ධින්‍ද්‍රිය වඩයි ... කෙලෙස් සංසිඳුවීමට පමුණුවනසුලු සිවුමඟනැණ පිළිවිදුමට පමුණුවනසුලු පඤ්ඤින්‍ද්‍රිය වඩයි. මහණ මෙතෙකින් ඉන්‍ද්‍රියසම්පන්න (-පිරිපුන් ඉඳුරන් ඇත්තේ) වේ යි.
Pali BJT4. 2. 10.
Sinhala BJT4. 2. 10.
Pali BJTආසවක්ඛයසුත්තං
Sinhala BJTආසවක්ඛය සූත්‍රය
Pali BJT1704. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං භාවිතත්තා බහුලීකතත්තා භික්ඛු ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති.
Sinhala BJT1704. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහණ තෙමේ ආස්‍රවයන් ක්‍ෂය කිරීමෙන් අනාස්‍රව වූ ඵලසමාධියත් ඵලප්‍රඥාවත් දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසේ යි.
Pali BJTමුදුතරවග්ගො දුතියො.
Sinhala BJTදෙවෙනි මුදුතර වර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTපටිලාභො තිසඞ්ඛිත්තා විත්ථාරා අපරෙ තයො පටිපන්නො ච සම්පන්නො දසමො ආසවක්ඛයොති.
Sinhala BJTපටිලාභ සූත්‍රය, සඞ්ඛිත්ත සූත්‍ර තුන ය, අනෙක් විත්‍ථාර සූත්‍ර තුන ය, පටිපන්නසම්පන්නසූත්‍ර දෙක ය. දශවන ආසවක්ඛයසූත්‍ර ය යි දශසූත්‍රාන්ත කෙනෙකි යි.
Pali BJT3. ඡළින්ද්රියවග්ගො
Sinhala BJT3. ඡළින්‍ද්‍රිය වර්‍ගය
Pali BJT4. 3. 1.
Sinhala BJT4. 3. 1.
Pali BJTපුනබ්භවසුත්තං
Sinhala BJTපුනබ්භව සූත්‍රය
Pali BJT1705. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. යාවකීවාහං{1} භික්ඛවෙ, ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නාබ්භඤ්ඤාසිං. නෙව තාවාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො පච්චඤ්ඤාසිං. යතො ච ඛො’හං භික්ඛවෙ, ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං අබ්භඤ්ඤාසිං, අථාහං භික්ඛවෙ, සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො පච්චඤ්ඤාසිං. ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි, අකුප්පා මෙ චෙතොවිමුත්ති, අයමන්තිමා ජාති, නත්ථිදානි පුනබ්භවොති.
Sinhala BJT1705. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යී. මහණෙනි, මම යම්තාක් මේ පසිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයක් නිස්සරණයත් තතුසේ නො දත්තෙම් ද, මහණෙනි, ඒතාක් මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර වූ සම්මාසම්බෝධිය (=බුද්ධත්‍වය) අවබෝධ කෙළෙමැ යි නො ම පිළිණ කෙළෙමි. මහණෙනි, මම යම් කලෙක මේ පසිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයක් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දත්තෙම් ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙව්මිනිසුන් සහිත ප්‍රජායෙහි අනුත්තර වූ සම්මාසම්බෝධිය අවබෝධ කෙළෙමැ යි පිළින කෙළෙමි. මට පස්විකුම්නැණ ද පහළ විය. මාගේ අරහත්ඵලවිමුක්තිය නො සැලේ (නො පිරිහේ). මේ අන්තිම ඉපැද්ම යි. දැන් පුනර්‍භවයෙක් නැතැ යි.
Pali BJT4. 3. 2.
Sinhala BJT4. 3. 2.
Pali BJTජීවිතින්ද්රියසුත්තං
Sinhala BJTජීවිතින්‍ද්‍රිය සූත්‍රය
Pali BJT1706. තීණිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි තීණි: ඉත්ථින්ද්රියං, පුරිසින්ද්රියං, ජීවිතින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, තීණි ඉන්ද්රියානීති.
Sinhala BJT1706. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය තුනෙකි. කවර තුනෙක් ද යත්: ඉත්‍ථින්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය ජීවිතින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු තුන් ඉඳුරෝ යි.
Pali BJT4. 3. 3.
Sinhala BJT4. 3. 3.
Pali BJTඅඤ්ඤින්ද්රියසුත්තං
Sinhala BJTඅඤ්ඤින්‍ද්‍රිය සූත්‍රය
Pali BJT1707. තීණිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි තීණි: අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං, අඤ්ඤින්ද්රියං, අඤ්ඤාතාවින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, තීණි ඉන්ද්රියානීති.
Sinhala BJT1707. මහණෙනි, ඉන්‍ද්‍රිය තුනෙකි. කවර තුනෙක් ද යත්: අඤ්ඤතඤ්ඤස්සාමිතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු තුන් ඉඳුරෝ යි.
Pali BJT4. 3. 4.
Sinhala BJT4. 3. 4.
Pali BJTඑකබීජීසුත්තං
Sinhala BJTඒකබීජී සූත්‍රය
Pali BJT1708. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති. තතො මුදුතරෙහි අන්තරා පරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි උපහච්චපරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි අසංඛාර පරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි සසඞ්ඛාරපරිනිබ්බායී හොති. තතො මුදුතරෙහි උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි එකබීජී හොති තතො මුදුතරෙහි කොලංකොලො හොති. තතො මුදුතරෙහි සත්තක්ඛත්තුපරමො{1} හොති. තතො මුදුතරෙහි ධම්මානුසාරී හොති. තතො මුදුතරෙහි සද්ධානුසාරී හොතීති.
Sinhala BJT1708. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි, මහණෙනි, මොහු පසිඳුරෝ ය. මහණෙනි, මේ පසිඳුරන් මුළුමනින් පිරිපුන් බැවින් රහත් වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අන්තරාපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් උපහච්චපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සසඞ්ඛාරපරිනිබ්බායී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් අකනිට්ඨගාමී උද්ධංසෝත වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් සකදාගාමී වේ. එයට වඩා මොළොක් වූවන්ගෙන් ඒකබීජී (=එක් පිළිසඳක් ඇත්තේ) වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් කොලංකොල (=දෙතුන් පිළිසඳක් ඇත්තේ) වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සත්තක්ඛත්තුපරම (=සත්වන පිළිසඳ කෙළවරකොට ඇත්තේ) වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වේ යි.
Pali BJT4. 3. 5.
Sinhala BJT4. 3. 5.
Pali BJTසුද්ධකසුත්තං
Sinhala BJTසුද්ධක සූත්‍රය
Pali BJT1709. ඡයිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි ඡ: චක්ඛුන්ද්රියං, සොතින්ද්රියං, ඝානින්ද්රියං, ජිව්හින්ද්රියං, කායින්ද්රියං, මනින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, ඡ ඉන්ද්රියානීති.
Sinhala BJT1709. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය සෝතින්‍ද්‍රිය ඝානින්‍ද්‍රිය ජිව්හින්‍ද්‍රිය කායින්‍ද්‍රිය මනින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු සඉඳුරෝ යි.
Pali BJT4. 3. 6.
Sinhala BJT4. 3. 6.
Pali BJTසොතාපන්නසුත්තං
Sinhala BJTසෝතාපන්න සූත්‍රය
Pali BJT1710. ඡයිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි ඡ: චක්ඛුන්ද්රියං -පෙ- මනින්ද්රියං. යතො ඛො භික්ඛවෙ, අරියසාවකො ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති.
Sinhala BJT1710. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක අරිසවු මේ සයිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දනී ද, මහණෙනි, මේ අරිසවු සිවුඅපාහි නොහෙන සැහැවි ඇති නියත් වූ මතු තුන්මඟ නමැති සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් පුඟුල් යි කියනු ලැබේ යි.
Pali BJT4. 3. 7.
Sinhala BJT4. 3. 7.
Pali BJTඅරහන්තසුත්තං
Sinhala BJTඅරහන්ත සූත්‍රය
Pali BJT1711. ඡයිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි ඡ: චක්ඛුන්ද්රියං -පෙ- මනින්ද්රියං. යතො ඛො භික්ඛවෙ, භික්ඛු ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමුත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤාවිමුත්තොති.
Sinhala BJT1711. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කලෙක මහණ මේ සයිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දැන උපාදාන රහිත ව මිදුනේ වේ ද, මහණෙනි, මේ මහණ ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹවර ඇති කළ සිවුමඟ කටයුතු ඇති බහා තැබූ කෙලෙස් බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාත්‍ථිය ඇති ක්‍ෂය කළ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැයි කියනු ලැබේ යි.
Pali BJT4. 3. 8.
Sinhala BJT4. 3. 8.
Pali BJTබුද්ධසුත්තං
Sinhala BJTබුද්ධ සූත්‍රය
Pali BJT1712. ඡයිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි ඡ: චක්ඛුන්ද්රියං -පෙ- මනින්ද්රියං. යාවකීවාහං භික්ඛවෙ, ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නාබ්භඤ්ඤාසිං -පෙ- ඤාණඤ්ච පන මෙ දස්සනං උදපාදි. අකුප්පා මෙ චෙතොවිමුත්ති. අයමන්තිමා ජාති. නත්ථිදානි පුනබ්භවොති.
Sinhala BJT1712. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, මම යම්තාක් මේ සඉඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දත්තෙම් ද ... මට පස්විකුම් නැණ ද පහළ විය. මාගේ අර්‍හත්ඵල විමුක්තිය නො සැලේ. මේ කෙළවර ඉපැද්ම ය. දැන් පුනර්‍භවයෙක් නැතැ යි.
Pali BJT4. 3. 9.
Sinhala BJT4. 3. 9.
Pali BJTසමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTසමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT1713. ඡයිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි ඡ: චක්ඛුන්ද්රියං -පෙ- මනින්ද්රියං. යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං ඡන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති -පෙ- පජානන්ති -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJT1713. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය සයෙකි. කවර සයෙක් ද යත්: චක්ඛුන්‍ද්‍රිය ... මනින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ සයිඳුරන්ගේ සමුදයයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ නො දනිත් ද ... දනිත් ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
Pali BJT4. 3. 10.
Sinhala BJT4. 3. 10.
Pali BJTදුතිය සමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTදුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT1714. යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා චක්ඛුන්ද්රියං නප්පජානන්ති, චක්ඛුන්ද්රියසමුදයං නප්පජානන්ති, චක්ඛුන්ද්රියනිරොධං නප්පජානන්ති, චක්ඛුන්ද්රියනිරොධගාමිනීපටිපදං නප්පජානන්ති. සොතින්ද්රියං නප්පජානන්ති -පෙ- ඝානින්ද්රියං නප්පජානන්ති -පෙ- ජිව්හින්ද්රියං නප්පජානන්ති -පෙ- කායින්ද්රියං නප්පජානන්ති -පෙ- මනින්ද්රියං නප්පජානන්ති, මනින්ද්රියසමුදයං නප්පජානන්ති, මනින්ද්රියනිරොධං නප්පජානන්ති, මනින්ද්රියනිරොධගාමිනීපටිපදං නප්පජානන්ති -පෙ- පජානන්ති -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJT1714. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ චක්ඛුන්‍ද්‍රියය නො දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය සමුදය නො දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධය නො දනිත්ද, චක්ඛුන්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත්ද, සෝතින්‍ද්‍රිය නො දනිත්ද ... ඝානින්‍ද්‍රිය නො දනිත් ද ... ජිව්හින්‍ද්‍රිය නො දනිත්ද ... කායින්‍ද්‍රිය නො දනිත්ද ... මනින්‍ද්‍රිය නො දනිත්ද, මනින්‍ද්‍රිය සමුදය නො දනිත්ද, මනින්‍ද්‍රිය නිරෝධය නො දනිත් ද, මනින්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත්ද ... දනිත්ද තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
Pali BJTඡළින්ද්රියවග්ගො තතියො.
Sinhala BJTතෙවැනි ඡළින්‍ද්‍රියවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTපුනබ්භවො ජීවිතඤ්ඤා එකබීජී ච සුද්ධකං, සොතාපන්නො’රහං බුද්ධො ද්වෙ ච සමණබ්රාහ්මණාති.
Sinhala BJTපුනබ්භව, ජීවිතින්‍ද්‍රිය, අඤ්ඤින්‍ද්‍රිය, ඒකබීජී, සුද්ධක, සෝතාපන්න, අරහන්ත, බුද්ධ යි සූත්‍ර අටෙක් ද සමණබ්‍රාහ්මණ සූත්‍ර දෙකෙක් ද වෙති යි.
Pali BJT4. සුඛින්ද්රියවග්ගො
Sinhala BJT4. සුඛින්‍ද්‍රිය වර්‍ගය
Pali BJT4. 4. 1.
Sinhala BJT4. 4. 1.
Pali BJTසුද්ධකසුත්තං
Sinhala BJTසුද්ධික සූත්‍රය
Pali BJT1715. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සුඛින්ද්රියං, දුක්ඛින්ද්රියං, සොමනස්සින්ද්රියං, දොමනස්සින්ද්රියං, උපෙක්ඛින්ද්රියං, ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානීති.
Sinhala BJT1715. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය දුක්ඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
Pali BJT4. 4. 2.
Sinhala BJT4. 4. 2.
Pali BJTසොතාපන්නසුත්තං
Sinhala BJTසෝත සූත්‍රය
Pali BJT1716. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සුඛින්ද්රියං, දුක්ඛින්ද්රියං, සොමනස්සින්ද්රියං, දොමනස්සින්ද්රියං, උපෙක්ඛින්ද්රියං. යතො ඛො භික්ඛවෙ, අරියසාවකො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති, අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති.
Sinhala BJT1716. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය දුක්ඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක අරීසවු තෙමේ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ දනී ද, මහණෙනි, මේ අරීසවු තෙමේ සිවුඅපායෙහි නො හෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් යි කියනු ලැබේ යි.
Pali BJT4. 4. 3.
Sinhala BJT4. 4. 3.
Pali BJTඅරහන්තසුත්තං
Sinhala BJTඅරහන්ත සූත්‍රය
Pali BJT1717. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සුඛින්ද්රියං -පෙ- උපෙක්ඛින්ද්රියං. යතො ඛො භික්ඛවෙ, භික්ඛු ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමුත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤාවිමුත්තොති.
Sinhala BJT1717. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක මහණ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත්, ආදීනවයත් නිස්සරණයත් තතුසේ දැන මිදුණේ වේ ද, මහණෙනි, මේ මහණ ක්‍ෂය කළ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති සහමුලින් ක්‍ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ යි.
Pali BJT4. 4. 4.
Sinhala BJT4. 4. 4.
Pali BJTසමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTසමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT1718. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සුඛින්ද්රියං -පෙ- උපෙක්ඛින්ද්රියං. යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති -පෙ- පජානන්ති -පෙ- සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJT1718. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තගමයත් ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතු සේ නො දනිත්ද ... දනිත්ද ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
Pali BJT4. 4. 5.
Sinhala BJT4. 4. 5.
Pali BJTදුතිය සමණබ්රාහ්මණසුත්තං
Sinhala BJTදුතිය සමණබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT1719. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සුඛින්ද්රියං -පෙ- උපෙක්ඛින්ද්රියං. යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සුඛින්ද්රියං නප්පජානන්ති, සුඛින්ද්රියසමුදයං නප්පජානන්ති, සුඛින්ද්රියනිරොධං නප්පජානන්ති, සුඛින්ද්රියනිරොධගාමිනීපටිපදං නප්පජානන්ති. දුක්ඛින්ද්රියං නප්පජානන්ති -පෙ- සොමනස්සින්ද්රියං නප්පජානන්ති -පෙ- දොමනස්සින්ද්රියං නප්පජානන්ති -පෙ- උපෙක්ඛින්ද්රියං නප්පජානන්ති. උපෙක්ඛින්ද්රියසමුදයං නප්පජානන්ති, උපෙක්ඛින්ද්රියනිරොධං නප්පජානන්ති, උපෙක්ඛින්ද්රියනිරොධගාමිනීපටිපදං නප්පජානන්ති -පෙ- පජානන්ති -පෙ- සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJT1719. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සුඛින්‍ද්‍රිය නො දනිත් ද සුඛින්‍ද්‍රියසමුදයය නො දනිත් ද සුඛින්‍ද්‍රියනිරෝධය නො දනිත් ද සුඛින්‍ද්‍රියනිරොධගාමිනීපටිපදාව නො දනිත් ද දුක්ඛින්‍ද්‍රිය නො දනිත් ද ... සෝමනස්සින්‍ද්‍රිය නො දනිත් ද ... දෝමනස්සින්‍ද්‍රිය නො දනිත් ද ... උපෙක්ඛින්‍ද්‍රිය නො දනිත්ද ... උපෙක්ඛින්‍ද්‍රියසමුදය නො දනිත්ද ... උපෙක්ඛින්‍ද්‍රියනිරොධය නො දනිත් ද ... උපෙක්ඛීන්‍ද්‍රියනිරොධගාමිනීපටිපදව නො දනිත් ... දනිත් ... තුමූ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
Pali BJT4. 4. 6.
Sinhala BJT4. 4. 6.
Pali BJTවිභඞ්ගසුත්තං
Sinhala BJTවිභඞ්ග සූත්‍රය
Pali BJT1720. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සුඛින්ද්රියං -පෙ- උපෙක්ඛින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, සුඛින්ද්රියං: යං ඛො භික්ඛවෙ, කායිකං සුඛං, කායිකං සාතං, කායසම්ඵස්සජං සුඛං සාතං වෙදයිතං, ඉදං වුච්චති භික්ඛවෙ, සුඛින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛින්ද්රියං: යං ඛො භික්ඛවෙ, කායිකං දුක්ඛං, කායිකං අසාතං, කායසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, සොමනස්සින්ද්රියං: යං ඛො භික්ඛවෙ, චෙතසිකං සුඛං චෙතසිකං සාතං මනොසම්ඵස්සජං සුඛං සාතං වෙදයිතං. ඉදං වුච්චති භික්ඛවෙ, සොමනස්සින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, දොමනස්සින්ද්රියං: යං ඛො භික්ඛවෙ, චෙතසිකං දුක්ඛං චෙතසිකං අසාතං මනොසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච්චති භික්ඛවෙ, දොමනස්සින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, උපෙක්ඛින්ද්රියං: යං ඛො භික්ඛවෙ, කායිකං වා චෙතසිකං වා නෙවසාතං නාසාතං වෙදයිතං, ඉදං වුච්චති භික්ඛවෙ, උපෙක්ඛින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානීති.
Sinhala BJT1720. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, සුඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදය වස්තු කොට ඇති සුව වූ කායප්‍රසාදය වස්තු කොට ඇති මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ සුඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදය වස්තු කොට ඇති දුක් වූ කායප්‍රසාදය වස්තු කොට ඇති අමිහිරි වූ කාපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ දුක්ඛින්‍ද්‍රිය කියනු ලැබේ. මහණෙනි, සෝමනස්සින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ සුව වූ සිත පිළිබඳ මිහිරි වූ මනපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ සෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දෝමනස්සින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ දුක් වූ සිත පිළිබඳ අමිහිරි වූ මනපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ දෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, උපෙක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, චක්ඛු සෝත ඝාන ජිව්හාප්‍රසාද වස්තු කොට ඇත්තා වූ හෝ සිත පිළිබඳ වූ හෝ නො ම මිහිරි වූත් නොම අමිහිරි වූත් යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ උපෙක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
Pali BJT4. 4. 7.
Sinhala BJT4. 4. 7.
Pali BJTදුතිය විභඞ්ගසුත්තං
Sinhala BJTදුතිය විභඞ්ග සූත්‍රය
Pali BJT1721. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සුඛින්ද්රියං -පෙ- උපෙක්ඛින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, සුඛින්ද්රියං: යං ඛො භික්ඛවෙ, කායිකං සුඛං, කායිකං සාතං, කායසම්ඵස්සජං සුඛං සාතං වෙදයිතං, ඉදං වුච්චති භික්ඛවෙ, සුඛින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, දුක්ඛින්ද්රියං: -පෙ- කතමඤ්ච, භික්ඛවෙ, උපෙක්ඛින්ද්රියං: යං ඛො, භික්ඛවෙ, කායිකං වා චෙතසිකං වා නෙව සාතං නාසාතං වෙදයිතං, ඉදං වුච්චති භික්ඛවෙ, උපෙක්ඛින්ද්රියං. තත්ර භික්ඛවෙ, යඤ්ච සුඛින්ද්රියං යඤ්ච සොමනස්සින්ද්රියං, සුඛා සා වෙදනා දට්ඨබ්බා. යඤ්ච දුක්ඛින්ද්රියං යඤ්ච දොමනස්සින්ද්රියං, තත්ර භික්ඛවෙ, දුක්ඛා සා වෙදනා දට්ඨබ්බා. තත්ර, භික්ඛවෙ, යමිදං{1} උපෙක්ඛින්ද්රියං, අදුක්ඛමසුඛා සා වෙදනා දට්ඨබ්බා. ඉමානි ඛො, භික්ඛවෙ, පඤ්චින්ද්රියානීති.
Sinhala BJT1721. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, සුඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදය වස්තු කොට ඇති සුව වූ කායප්‍රසාදය වස්තු කොට ඇති මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ ද, මහණෙනි, මෙය සුඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්: ... මහණෙනි, උපෙක්ඛින්‍ද්‍රිය කවරේද යත්: මහණෙනි, චක්ඛු සෝත ඝාන ජිව්හාප්‍රසාදවස්තුක වූ හෝ චෛතසික වූ හෝ නො ම මිහිරි වූ ත් නො ම අමිහිරි වූත් යම් වේදනාවක් වේ ද, මහණෙනි, මේ උපෙක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, එහි යම් සුඛින්‍ද්‍රියයකුත් යම් සෝමනස්සින්‍ද්‍රියයකුත් වේ නම් එය සුවවේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් දුක්ඛින්‍ද්‍රියයකුත් යම් දෝමනස්සින්‍ද්‍රියයකුත් වේ නම් එය දුක් වේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් මේ උපෙක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නොදුක් නොසුවවෙදනා යි දැක්කයුතු. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
Pali BJT4. 4. 8.
Sinhala BJT4. 4. 8.
Pali BJTතතිය විභඞ්ගසුත්තං
Sinhala BJTතතිය විභඞ්ග සූත්‍රය
Pali BJT1722. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සුඛින්ද්රියං -පෙ- උපෙක්ඛින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, සුඛින්ද්රියං: යං ඛො භික්ඛවෙ, කායිකං සුඛං, කායිකං සාතං, කායසම්ඵස්සජං සුඛං සාතං වෙදයිතං, ඉදං වුච්චති භික්ඛවෙ, සුඛින්ද්රියං. කතමඤ්ච, භික්ඛවෙ, දුක්ඛින්ද්රියං: යං ඛො භික්ඛවෙ, කායිකං දුක්ඛං කායිකං අසාතං, කායසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං, ඉදං වුච්චති භික්ඛවෙ, දුක්ඛින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, සොමනස්සින්ද්රියං: යං ඛො භික්ඛවෙ, චෙතසිකං සුඛං චෙතසිකං සාතං, මනොසම්ඵස්සජං සුඛං සාතං වෙදයිතං, ඉදං වුච්චති භික්ඛවෙ, සොමනස්සින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, දොමනස්සින්ද්රියං: යඤ්ච භික්ඛවෙ, චෙතසිකං දුක්ඛං චෙතසිකං අසාතං, මනොසම්ඵස්සජං දුක්ඛං අසාතං වෙදයිතං. ඉදං වුච්චති භික්ඛවෙ, දොමනස්සින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, උපෙක්ඛින්ද්රියං: යං ඛො භික්ඛවෙ, කායිකං වා චෙතසිකං වා නෙවසාතං නාසාතං වෙදයිතං, ඉදං වුච්චති භික්ඛවෙ, උපෙක්ඛින්ද්රියං.
Sinhala BJT1722. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය ... උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, සුඛින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, කායප්‍රසාදවාස්තුක සුව වූ කායප්‍රසාදවාස්තුක මිහිරි වූ කාපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ සුඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දුක්ඛින්‍ද්‍රිය කවරේ ද යත්; මහණෙනි, කායප්‍රසාදවාස්තුක දුක් වූ කායප්‍රසාදවාස්තුක අමිහිරි වූ කාපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ දුක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, සෝමනස්සින්‍ද්‍රියය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ සුව වූ සිත පිළිබඳ මිහිරි වූ මනපහසින් හටගත් සුව වූ මිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ සෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, දෝමනස්සින්‍ද්‍රියය කවරේ ද යත්: මහණෙනි, සිත පිළිබඳ දුක් වූ සිත පිළිබඳ අමිහිරි වූ මනපහසින් හටගත් දුක් වූ අමිහිරි වූ යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ දෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, උපෙක්ඛින්‍ද්‍රියය කවරේ ද යත්: මහණෙනි, චක්‍ෂුරාදිචතුඃප්‍රසාදවාස්තුක වූ හෝ චෛතසික වූ හෝ නො ම මිහිරි වූ ත් නො ම අමිහිරි වූත් යම් වේදනාවක් වේ නම් මහණෙනි, මේ උපෙක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJTතත්ර භික්ඛවෙ, යඤ්ච සුඛින්ද්රියං යඤ්ච සොමනස්සින්ද්රියං, සුඛා සා වෙදනා දට්ඨබ්බා. තත්ර භික්ඛවෙ, යඤ්ච දුක්ඛින්ද්රියං යඤ්ච දොමනස්සින්ද්රියං, දුක්ඛා සා වෙදනා දට්ඨබ්බා. තත්ර භික්ඛවෙ, යමිදං උපෙක්ඛින්ද්රියං, අදුක්ඛමසුඛා සා වෙදනා දට්ඨබ්බා. ඉති ඛො භික්ඛවෙ, ඉමානි පඤ්චින්ද්රියානි පඤ්ච හුත්වා තීණි හොන්ති. තීණි හුත්වා පඤ්ච හොන්ති පරියායෙනාති.
Sinhala BJTමහණෙනි, එහි යම් සුඛින්‍ද්‍රියයෙකුත් යම් සෝමනස්සින්‍ද්‍රියයෙකුත් වේ නම් එය සුවවේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් දුක්ඛින්‍ද්‍රියයෙකුත් යම් දෝමනස්සින්‍ද්‍රියයෙකුත් වේ නම් එය දුක්වේදනා යි දැක්කයුතු. මහණෙනි, එහි යම් මේ උපෙක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නොදුක් නොසුව වේදනා යි දැක්කයුතු. මහණෙනි, මෙසේ මේ පසිඳුරෝ පස් අයුරු ව ත්‍රිවිධ වෙති, තුන් අයුරු ව පඤ්චවිධ වෙති යි.
Pali BJT4. 4. 9.
Sinhala BJT4. 4. 9.
Pali BJTකට්ඨොපමසුත්තං
Sinhala BJTකට්ඨොපම සූත්‍රය
Pali BJT1723. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සුඛින්ද්රියං, සොමනස්සින්ද්රියං, දුක්ඛින්ද්රියං, දොමනස්සින්ද්රියං, උපෙක්ඛින්ද්රියං. සුඛවෙදනියං භික්ඛවෙ, ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛින්ද්රියං. සො සුඛිතො ව සමානො සුඛිතොස්මීති පජානාති. තස්සෙව සුඛවෙදනීයස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං, සුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පන්නං සුඛින්ද්රියං තං නිරුජ්ඣති. තං වූපසම්මතීති{1} පජානාති. දුක්ඛවෙදනියං භික්ඛවෙ, ඵස්සං පටිච්ච උප්පජ්ජති දුක්ඛින්ද්රියං. සො දුක්ඛිතොව සමානො දුක්ඛිතොස්මීති පජානාති. තස්සෙව දුක්ඛවෙදනීයස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං දුක්ඛවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නං දුක්ඛින්ද්රියං තං නිරුජ්ඣති, තං වූපසම්මතීති පජානාති.
Sinhala BJT1723. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සුඛින්‍ද්‍රිය දුක්ඛින්‍ද්‍රිය සෝමනස්සින්‍ද්‍රිය දෝමනස්සින්‍ද්‍රිය උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, සුව වේදනාවට හිත වූ පහස නිසා සුඛින්‍ද්‍රිය උපදි. හෙතෙමේ හටගත් සුව ඇත්තේ ම සුඛිතයෙමි යි දැනගනී. සුවවේදනාව ට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, සුවවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් සුඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්හිඳේ යි දැනගනී. මහණෙනි, දුක්වේදනාවට හිත වූ පහස නිසා දුක්ඛින්‍ද්‍රිය උපදී. හෙතෙමේ හටගත් දුක් ඇත්තේ ම දුක්ඛිතයෙමි යි දැනගනී. දුක්වේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, දුක්වේදනාවට හිත වූ පහස නිසා උපන් යම් දුක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යි දැනගනී.
Pali BJTසොමනස්සවෙදනියං භික්ඛවෙ, ඵස්සං පටිච්ච උප්පජ්ජති සොමනස්සින්ද්රියං. සො සුමනොව සමානො සුමනොස්මීති පජානාති. තස්සෙව සොමනස්සවෙදනීයස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං සොමනස්සවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නං සොමනස්සින්ද්රියං, තං නිරුජ්ඣති. තං වූපසම්මතීති පජානාති. දොමනස්සවෙදනියං භික්ඛවෙ, ඵස්සං පටිච්ච උප්පජ්ජති දොමනස්සින්ද්රියං. සො දුම්මනොව සමානො දුම්මනොස්මීති පජානාති. තස්සෙව දොමනස්සවෙදනීයස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං දොමනස්සවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නං දොමනස්සින්ද්රියං තං නිරුජ්ඣති. තං වූපසම්මතීති පජානාති. උපෙඛාවෙදනියං භික්ඛවෙ, ඵස්සං පටිච්ච උප්පජ්ජති උපෙක්ඛින්ද්රියං. සො උපෙඛකොව සමානො උපෙඛකොස්මීති පජානාති. තස්සෙව උපෙඛාවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං උපෙඛාවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නං උපෙක්ඛින්ද්රියං තං නිරුජ්ඣති. තං වූපසම්මතීති පජානාති.
Sinhala BJTමහණෙනි, සෝමනස්සවේදනාවට හිත වූ පහස නිසා සෝමනස්සින්‍ද්‍රිය උපදී. හෙතෙමේ සුඛිත සිත් ඇත්තේ ම සුමනස්මි යි දැනගනී. සෝමනස්සවේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, සොම්නස් වේදනාවට හිත වූ පහස නිසා උපන් යම් සෝමනස්සින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යි දැනගනී. මහණෙනි, දොම්නස්වේදනාවට හිත වූ පහස නිසා දෝමනස්සින්‍ද්‍රිය උපදී. හෙතෙමේ දුක්ඛිත සිත් ඇත්තේ ම දුර්‍මනස්මි යි දැනගනී. දොම්නස් වේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, දොම්නස් වේදනාවට හිත වූ පහස නිසා උපන් යම් දෝමනස්සින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යී දැනගනී. මහණෙනි, මැදහත්වෙදනාවට හිත වූ පහස නිසා උපෙක්ඛින්‍ද්‍රිය උපදී. හෙතෙමේ මැදහත් බැව් ඇත්තේ ම උපේක්‍ෂකයෙමි යි දැනගනී. උපේක්‍ෂා වේදනාවට හිත වූ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, උපේක්‍ෂාවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් උපෙක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්හිඳේ යී දැනගනී.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, ද්වින්නං කට්ඨානං සඞ්ඝට්ටනසමොධානා උස්මා ජායති. තෙජො අභිනිබ්බත්තති. තෙසං යෙව කට්ඨානං නානාභාවා විනික්ඛෙපා{1} යා තජ්ජා උස්මා සා නිරුජ්ඣති. සා වූපසම්මති, එවමෙව ඛො භික්ඛවෙ, සුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පජ්ජති සුඛින්ද්රියං. සො සුඛිතොව සමානො සුඛිතොස්මීති පජානාති. තස්සෙව සුඛවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං, සුඛවෙදනීයං ඵස්සං පටිච්ච උප්පන්නං සුඛින්ද්රියං තං නිරුජ්ඣති, තං වූපසම්මතීති පජානාති. දුක්ඛවෙදනියං -පෙ- සොමනස්සවෙදනියං -පෙ- දොමනස්සවෙදනියං -පෙ- උපෙඛාවෙදනියං භික්ඛවෙ, ඵස්සං පටිච්ච උප්පජ්ජති උපෙක්ඛින්ද්රියං. සො උපෙක්ඛකොව සමානො උපෙඛකොස්මීති පජානාති. තස්සෙව උපෙඛාවෙදනියස්ස ඵස්සස්ස නිරොධා යං තජ්ජං වෙදයිතං, උපෙඛාවෙදනියං ඵස්සං පටිච්ච උප්පන්නං උපෙඛින්ද්රියං. තං නිරුජ්ඣති, තං වූපසම්මතීති පජානාතීති.
Sinhala BJTමහණෙනි, යම්සේ ගිනිගානා දඬු දෙකෙක ගැටීමෙන් හා එක්වීමෙන් උණුසුම උපදී ද, ගින්න හටගනී ද, ඒ දඬු දෙකේ ම වෙන් වීමෙන් වෙන් කොට තැබීමෙන් එයින් හටගත් යම් උණුසුමෙක් වේ නම් එය නිරුද්ධ වේ ද, එය සන්හිඳේ ද, මහණෙනි, එසෙයින් ම සුවවේදනාවට හිත වූ පහස නිසා සුඛින්‍ද්‍රිය උපදී. හෙතෙමේ හටගත් සුව ඇත්තේ ම සුබිතයෙමි යි දැනගනී. සුවවේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් හටගත් යම් වේදනාවක්, සුවවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් සුඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ, එය සන්හිඳේ යී දැනගනී. දුක්වේදනාවට හිත වූ ... සොම්නස්වේදනාවට හිත වූ ... දොම්නස්වේදනාවට හිත වූ ... මැදහත්වේදනාවට හිත වූ පහස නිසා උපෙක්ඛින්‍ද්‍රිය උපදී. හෙතෙමේ උපේක්‍ෂා ඇත්තේ ම උපේක්‍ෂකයෙමි යී දැනගනී. උපේක්‍ෂාවේදනාවට හිත වූ ඒ පහසෙහි ම නිරෝධයෙන් එයින් ගටගත් යම් වේදනාවක්, උපේක්‍ෂාවේදනාවට හිත වූ පහස නිසා උපන් යම් උපෙක්ඛින්‍ද්‍රියයෙක් වේ නම් එය නිරුද්ධ වේ. එය සන්හිඳේ යි දැනගනි යි.
Pali BJT4. 4. 10.
Sinhala BJT4. 4. 10.
Pali BJTඋප්පටිපාටිකසුත්තං
Sinhala BJTඋප්පටිපාටික සූත්‍රය
Pali BJT1724. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: දුක්ඛින්ද්රියං දොමනස්සින්ද්රියං සුඛින්ද්රියං සොමනස්සින්ද්රියං උපෙක්ඛින්ද්රියං. ඉධ භික්ඛවෙ, භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති දුක්ඛින්ද්රියං. සො එවං පජානාති: “උප්පන්නං ඛො මෙ ඉදං දුක්ඛින්ද්රියං, තඤ්ච ඛො සනිමිත්තං සනිදානං සසඞ්ඛාරං සප්පච්චයං. තං වත{2} අනිමිත්තං අනිදානං අසඞ්ඛාරං අප්පච්චයං දුක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතී”ති නෙතං ඨානං විජ්ජති. සො දුක්ඛින්ද්රියඤ්ච පජානාති. දුක්ඛින්ද්රියනිරොධඤ්ච පජානාති, යත්ථ චුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති තඤ්ච පජානාති. කත්ථ චුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති: ඉධ භික්ඛවෙ, භික්ඛු විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති. එත්ථ චුප්පන්නං දුක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අඤ්ඤාසි දුක්ඛින්ද්රියස්ස නිරොධං තථත්තාය{3} චිත්තං උපසංහරති.{4}
Sinhala BJT1724. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: දුක්ඛින්‍ද්‍රිය, දෝමනස්සින්‍ද්‍රිය, සුඛින්‍ද්‍රිය, සෝමනස්සින්‍ද්‍රිය, උපෙක්ඛින්‍ද්‍රිය යි. මහණෙනි, මෙහි, නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට දුක්ඛින්‍ද්‍රිය උපදී. හේ මෙසේ දැනගනී. මට මේ දුක්ඛින්‍ද්‍රිය උපන, හෙ ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය, ඒ දුක්ඛින්‍ද්‍රිය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්‍රත්‍යය රහිත ව උපදනේය යන මෙකරුණ ඒකාන්තයෙන් නැත. හේ දුක්ඛින්‍ද්‍රියයත් දැනගනී. දුක්ඛින්‍ද්‍රිය සමුදයයත් දැනගනී. දුක්ඛින්‍ද්‍රියනිරෝධයත් දැනගනී. යම් තැනක උපන් දුක්ඛින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් එ ද දැනගනී. කොහි උපන් දුක්ඛින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කාමයන්ගෙන් වෙන්ව ම අකුසල් දහමුන්ගෙන් වෙන්ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසේ. මෙහි උපන් දුක්ඛින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණ දුක්ඛින්‍ද්‍රියයේ නිරෝධය දත්තේ ය, ඒ බැව් පිණිස සිත එළවා යි කියනු ලැබේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති දොමනස්සින්ද්රියං. සො එවං පජානාති: “උප්පන්නං ඛො මෙ ඉදං දොමනස්සින්ද්රියං. තඤ්ච ඛො සනිමිත්තං, සනිදානං සසඞ්ඛාරං සප්පච්චයං. තං වත අනිමිත්තං අනිදානං අසඞ්ඛාරං අප්පච්චයං දොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතී”ති නෙතං ඨානං විජ්ජති. සො දොමනස්සින්ද්රියඤ්ච පජානාති, දොමනස්සින්ද්රියසමුදයඤ්ච පජානාති, දොමනස්සින්ද්රියනිරොධඤ්ච පජානාති, යත්ථ චුප්පන්නං දොමනස්සින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති තඤ්ච පජානාති. කත්ථ චුප්පන්නං දොමනස්සින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති: ඉධ භික්ඛවෙ, භික්ඛු විතක්කවිචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. එත්ථ චුප්පන්නං දොමනස්සින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අඤ්ඤාසි දොමනස්සින්ද්රියස්ස නිරොධං තථත්තාය චිත්තං උපසංහරති.
Sinhala BJTමහණෙනි, මෙහි නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට දෝමනස්සින්‍ද්‍රිය උපදී. හෙතෙමේ මෙසේ දැනගනී. මට මේ දෝමනස්සින්‍ද්‍රිය උපන. එ ද නිමිති සහිත ය. නිදාන සහිත ය. සංස්කාර සහිත ය. ප්‍රත්‍යය සහිත ය. ඒ දෝමනස්සින්‍ද්‍රිය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්‍රත්‍යය රහිත ව උපදනේය යන මේ කරුණ ඒකාන්තයෙන් නැත. හෙතෙම දෝමනස්සින්‍ද්‍රියත් දැනගනී. දෝමනස්සින්‍ද්‍රියසමුදයයත් දැනගනී. දෝමනස්සින්‍ද්‍රියනිරෝධයත් දැනගනී. යම් තැනෙක උපන් දෝමනස්සින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ නම් එ ද දැනගනී. කොහි උපන් දෝමනස්සින්‍ද්‍රියය නිරවශේෂ ව නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විතර්‍ක විචාරයන් සන්හිඳීමෙන් තම සිත්හි පැහැදීම ඇති සිතේ එකඟ බැව් ඇති විතර්‍කරහිත විචාර රහිත සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති දෙවන දැහැනට පැමිණ වෙසෙයි. මෙහි උපන් දෝමනස්සින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණ දොමනස්සින්‍ද්‍රියයේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා’යි කියනු ලැබේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති සුඛින්ද්රියං. සො එවං පජානාති: “උප්පන්නං ඛො මෙ ඉදං සුඛින්ද්රියං තඤ්ච ඛො සනිමිත්තං සනිදානං සසඞ්ඛාරං සප්පච්චයං. තං වත අනිමිත්තං අනිදානං අසඞ්ඛාරං අප්පච්චයං සුඛින්ද්රියං උප්පජ්ජිස්සතී”ති නෙතං ඨානං විජ්ජති. සො සුඛින්ද්රියඤ්ච පජානාති, සුඛින්ද්රියසමුදයඤ්ච පජානාති, සුඛින්ද්රියනිරොධඤ්ච පජානාති, යත්ථ චුප්පන්නං සුඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති තඤ්ච පජානාති. කත්ථ චුප්පන්නං සුඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති: ඉධ භික්ඛවෙ, භික්ඛු පීතියා ච විරාගා උපෙඛකො ච විහරති, සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික්ඛන්ති උපෙඛකො සතිමා සුඛවිහාරීති තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. එත්ථ චුප්පන්නං සුඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අඤ්ඤාසි සුඛින්ද්රියස්ස නිරොධං තථත්තාය චිත්තං උපසංහරති.
Sinhala BJTමහණෙනි, මෙහි නොපමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට සුඛින්‍ද්‍රිය උපදී. හේ මෙසේ දැනගනී. මට මේ සුඛින්‍ද්‍රිය උපන. එ ද නිමිති සහිත ය. නිදාන සහිත ය. සංස්කාර සහිත ය. ප්‍රත්‍යය සහිත ය. ඒ සුඛින්‍ද්‍රියය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්‍රත්‍යය රහිත ව උපදනේ ය යන මේ කරුණ ඒකාන්තයෙන් නැත. හෙතෙම සුඛින්‍ද්‍රියයත් දැනගනී. සුඛින්‍ද්‍රියසමුදයත් දැනගනී. සුඛින්‍ද්‍රියනිරෝධයත් දැනගනී. යම් තැනෙක උපන් සුඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ නම් එ ද දැනගනී. කොහි උපන් සුඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ ප්‍රීතියෙහිත් නො ඇල්මෙන් උපේක්‍ෂක ව වෙසෙයි. සිහි ඇත්තේත් මනා දැනුම් ඇත්තේත් කයින් සුවත් විඳියි. ආර්‍ය්‍යයෝ යම් ඒ දැහැනක් උපේක්‍ෂා ඇත්තේ ය සිහි ඇත්තේ ය සුව විහරණ ඇත්තේ යයි කියත් නම් (ඒ) තෙවන දැහැනට පැමිණ වෙසෙ යි. මෙහි උපන් සුඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වෙයි. මහණෙනි, මේ මහණ සුඛින්‍ද්‍රියයේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා යි කියනු ලැබේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති සොමනස්සින්ද්රියං. සො එවං පජානාති “උප්පන්නං ඛො මෙ ඉදං සොමනස්සින්ද්රියං. තඤ්ච සනිමිත්තං සනිදානං සසඞ්ඛාරං සප්පච්චයං. තං වත අනිමිත්තං අනිදානං අසඞ්ඛාරං අප්පච්චයං සොමනස්සින්ද්රියං උප්පජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති. “සො සොමනස්සින්ද්රියඤ්ච පජානාති. සොමනස්සින්ද්රියසමුදයඤ්ච පජානාති. සොමනස්සින්ද්රියනිරොධඤ්ච පජානාති. යත්ථ චුප්පන්නං සොමනස්සින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති, තඤ්ච පජානාති. කත්ථ චුප්පන්නං සොමනස්සින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති: ඉධ භික්ඛවෙ, භික්ඛු සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙඛාසතිපාරිසුද්ධිං චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති. එත්ථ චුප්පන්නං සොමනස්සින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අඤ්ඤාසි සොමනස්සින්ද්රියස්ස නිරොධං, තථත්තාය චිත්තං උපසංහරති.
Sinhala BJTමහණෙනි, මෙහි නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට සෝමනස්සින්‍ද්‍රිය උපදී. හෙතෙමේ මෙසේ දැනගනි: මට මේ සෝමනස්සින්‍ද්‍රිය උපන. එ ද නිමිති සහිත ය. නිදාන සහිත ය. සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය. ඒ සෝමනස්සින්‍ද්‍රිය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්‍රත්‍යය රහිත ව උපදනේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් නැත්තේ ය. හෙතෙමේ සොමනස්සින්‍ද්‍රියත් දැන ගනී. සෝමනස්සින්‍ද්‍රියසමුදයයත් දැන ගනි. සෝමනස්සින්‍ද්‍රියනිරෝධයත් දැනගනි. යම් තැනෙක උපන් සෝමනස්සින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ නම් එයත් දැනගනි. කොහි උපන් සෝමනස්සින්‍ද්‍රියය නිරවශේෂයෙන් නිරුද්ධ වේ ද යත්: මහණෙනි,මෙහි මහණ තෙමේ සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පළමු ම සොම්නස්දොම්නසුන්ගේ අස්තගමයෙන් නොදුක් වූ නොසුව වූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසුදු බැව් ඇති සිවුවන දැහැනට පැමිණ වෙසෙයි. මෙහි උපන් සෝමනස්සින්‍ද්‍රිය නිරවශේෂයෙන් නිරුද්ධ වේ. මහණෙනි, මේ මහණ සොමනස්සින්‍ද්‍රියයේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා යී කියනු ලැබේ.
Pali BJTඉධ පන භික්ඛවෙ, භික්ඛුනො අප්පමත්තස්ස ආතාපිනො පහිතත්තස්ස විහරතො උප්පජ්ජති උපෙක්ඛින්ද්රියං. සො එවං පජානාති. ‘උප්පන්නං ඛො මෙ ඉදං උපෙක්ඛින්ද්රියං. තඤ්ච ඛො සනිමිත්තං සනිදානං සසඞ්ඛාරං සප්පච්චයං’ තං වත අනිමිත්තං අනිදානං අසඞ්ඛාරං අප්පච්චයං උපෙක්ඛින්ද්රියං උප්පජ්ජිස්සතීති නෙතං ඨානං විජ්ජති, සො උපෙක්ඛින්ද්රියඤ්ච පජානාති, උපෙක්ඛින්ද්රියසමුදයඤ්ච පජානාති, උපෙක්ඛින්ද්රියනිරොධඤ්ච පජානාති. යත්ථ චුප්පන්නං උපෙක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති තඤ්ච පජානාති. කත්ථ චුප්පන්නං උපෙක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති: ඉධ භික්ඛවෙ, භික්ඛු සබ්බසො නෙවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, එත්ථ චුප්පන්නං උපෙක්ඛින්ද්රියං අපරිසෙසං නිරුජ්ඣති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අඤ්ඤාසි උපෙක්ඛින්ද්රියස්ස නිරොධං, තථත්තාය චිත්තං උපසංහරතීති.
Sinhala BJTමහණෙනි, මෙහි නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන මහණහට උපෙක්ඛින්‍ද්‍රිය උපදී. හෙතෙමේ මෙසේ දැනගනි. මට මේ උපෙක්ඛින්‍ද්‍රිය උපන. එ ද නිමිති සහිත ය, නිදාන සහිත ය, සංස්කාර සහිත ය, ප්‍රත්‍යය සහිත ය. ඒ උපෙක්ඛින්‍ද්‍රිය නිමිති රහිත ව නිදාන රහිත ව සංස්කාර රහිත ව ප්‍රත්‍යය රහිත ව උපදනේ ය යන මෙකරුණ ඒකාන්තයෙන් නැත. හෙතෙමේ උපෙක්ඛින්‍ද්‍රියයත් දැනගනී. උපෙක්ඛින්‍ද්‍රියසමුදයයත් දැනගනී, උපෙක්ඛින්‍ද්‍රියනිරොධයත් දැනගනි, යම් තැනෙක උපන් උපෙක්ඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ නම් එ ද දැනගනි. කොහි උපන් උපෙක්ඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ සර්‍වප්‍රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිතනිරෝධයට පැමිණ වෙසේ. මෙහි උපන් උපෙක්ඛින්‍ද්‍රිය නිරවශේෂ ව නිරුද්ධ වේ. මහණෙනි, මේ මහණ උපෙක්ඛින්‍ද්‍රියයේ නිරෝධය දත්තේ ය. ඒ බැව් පිණිස සිත එළවා යී කියනු ලැබේ යි.
Pali BJTසුඛින්ද්රියවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි සුඛින්‍ද්‍රිය වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඵභි සූත්‍ර නාමාවලිය:
Pali BJTසුද්ධකං සොතො අරහං දුවෙ සමණබ්රාහ්මණා, විභඞ්ගෙන තයො වුත්තා කට්ඨො උප්පටිපාටිකන්ති.
Sinhala BJTසුද්ධක, සෝතාපන්න, අරහන්ත යී සූත්‍ර තුනෙකි. සමණබ්‍රාහ්මණ සූත්‍ර දෙකෙකි. විභඞ්ග නමින් තුනෙක් කියන ලදී. කට්ඨොපම, උප්පටිපාටික යි සූත්‍ර දෙකෙකි යි මුළුල්ල දශයෙකි.
Pali BJT5. ජරාවග්ගො
Sinhala BJT5. ජරා වර්‍ගය
Pali BJT4. 5. 1.
Sinhala BJT4. 5. 1.