Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13101-13200 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඡ පාචීනතො නින්නා ඡ ච නින්නා සමුද්දතො, එතෙ ද්වෙ ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපාචීනනින්නසූත්‍ර චතුෂ්ක සයෙකි. සමුද්දනින්නසූත්‍ර චතුෂ්ක සයෙකි. මේ දෙකොටස දොළොස් චතුෂ්කයෙක් වේ. එයින් වර්‍ගය යි කියනු ලැබේ. (සූත්‍ර මුළුල්ල අටසාලිසෙකි).
Pali BJT(විවෙකනිස්සිතාදිවසෙන රාගවිනයපරියොසානාදිවසෙන අමතොගධාදිවසෙන නිබ්බානනින්නාදිවසෙන ච එකෙකස්මිං චත්තාරො චත්තාරො කත්වා අට්ඨචත්තාලීසසුත්තන්තා විත්ථාරෙතබ්බා.)
Sinhala BJT(විවෙක නිස්සිතාදි වශයෙන් ද රාගවිනයපරියොසානාදි වශයෙන් ද අමතෝගධාදිවශයෙන් ද නිබ්බානනින්නාදි වශයෙන් ද එකෙක සතරක් සතරක් කොට අටසාලිස් සුත්‍රාන්තයෝ විතර කට යුතු වෙත්.)
Pali BJT7. අප්පමාදවග්ගො
Sinhala BJT7. අප්පමාද වර්‍ගය
Pali BJT3. 7. 1-40.
Sinhala BJT3. 7. 1-40.
Pali BJTතථාගතාදි සුත්තානි
Sinhala BJTතථාගතාදි සූත්‍ර
Pali BJT1277-1316. යාවතා භික්ඛවෙ, සත්තා අපදා වා ද්විපදා වා චතුප්පදා වා බහුප්පදා වා -පෙ- බහුලීකරොතීති. (අප්පමාදවග්ගො සතිපට්ඨානවසෙන විත්ථාරෙතබ්බො.)
Sinhala BJT1277-1316. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිවුපා වූ ද බහුපා වූ ද යම්තාක් සත්ත්‍වයෝ වෙද්ද ... බහුල කෙරේ යි. (අප්පමාදවර්‍ගය සීවටන් විසින් විතර කට යුතු)
Pali BJTඅප්පමාදවග්ගො සත්තමො.
Sinhala BJTසත්වැනි අප්පමාදවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTතථාගතං පදං කූටං මූලං සාරෙන වස්සිකං, රාජා චන්දිමසූරියා ච වත්ථෙන දසමං පදන්ති.
Sinhala BJTතථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සුරිය, වත්‍ථ යී චතුෂ්ක දශයෙ කි. මුළුල්ල සාලිසෙකි යි.
Pali BJT(අත්රාපි එකෙකස්මිං චත්තාරො චත්තාරො කත්වා චත්තාලීසසුත්තන්තා විත්ථාරෙතබ්බා.)
Sinhala BJT(මෙහි ද එකෙක සතරක් සතරක් කොට සමසාලිස්සූත්‍රාන්තයෝ විතර කට යුතුහ).
Pali BJT8. බලකරණීයවග්ගො
Sinhala BJT8. බලකරණීය වර්‍ගය
Pali BJT3. 8. 1-48.
Sinhala BJT3. 8. 1-48.
Pali BJTබලාදිසුත්තානි
Sinhala BJTබලාදි සූත්‍ර
Pali BJT1317-1364. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කයිරන්ති -පෙ- බහුලීකරොති.
Sinhala BJT1317-1364. මහණෙනි, යම්සේ යම්කිසි බලකරණියකර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද ... බහුල කෙරේ යි.
Pali BJT(බලකරණීයවග්ගො සතිපට්ඨානවසෙන විත්ථාරෙතබ්බො.)
Sinhala BJT(බලකරණියවර්‍ගය ද සීවටන් විසින් විතර කට යුතු)
Pali BJTබලකරණීයවග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවැනි බලකරණියවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTබලං බීජඤ්ච නාගො ච රුක්ඛං කුම්භෙන සූකිනං, ආකාසෙන ද්වෙ මෙඝා නාවා ආගන්තුකා නදීති.
Sinhala BJTබල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූක, ආකාස, යන චතුෂ්ක සත ද මේඝචතුෂ්ක දෙක ද නාවා, ආගන්තුක, නදී, චතුෂ්ක තුන දැ යි මුළුල්ල දොළොසෙකි. සූත්‍ර අටසාලිසෙකි යි.
Pali BJT(අත්ර ච එකස්මිං චත්තාරො චත්තාරො කත්වා අට්ඨචත්තාලීසසුත්තන්තා විත්ථාරෙතබ්බා.)
Sinhala BJT(මෙහි දු එකෙක සතරක් සතරක් කොට අටසාලිස් සූත්‍රාන්තයෝ විතර කට යුතුහ.)
Pali BJT9. එසනාවග්ගො
Sinhala BJT9. ඒසනා වර්‍ගය
Pali BJT3. 9. 1-160.
Sinhala BJT3. 9. 1-160.
Pali BJTඑසනාදිසුත්තානි
Sinhala BJTඒසනාදි සූත්‍ර
Pali BJT1365-1524. තිස්සො ඉමා භික්ඛවෙ, එසනා. කතමා තිස්සො: කාමෙසනා, භවෙසනා, බ්රහ්මචරියෙසනා. -පෙ- භාවෙතබ්බොති.
Sinhala BJT1365-1524. මහණෙනි, මේ ඒසනා තුනෙ කි. කවර තුනෙක් ද යත්: කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා යි ... වැඩිය යුත්තේ යි.
Pali BJT(එසනාවග්ගො සතිපට්ඨානවසෙන විත්ථාරෙතබ්බො.)
Sinhala BJT(ඒසනාවර්‍ගය ද, සීවටන් විසින් විතර කට යුතු)
Pali BJTඑසනාවග්ගො නවමො.
Sinhala BJTනවවැනි ඒසනාවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඑසනා විධා ආසවො භවො දුක්ඛතා ච තිස්සො, ඛිලං මලඤ්ච නීඝො ච වෙදනාතණ්හාහි චාති.
Sinhala BJTඒසනා විධා ආසව භව දුක්ඛතා ඛීල මල නීඝ වේදනා තණ්හා යි ෂෝඩශක දශයෙ කි. සූත්‍ර මුළුල්ල එක්සිය සැටෙකි.
Pali BJT(වුත්තනයෙන ච තානි අභිඤ්ඤාය පරිඤ්ඤාය පරික්ඛයාය පහානායාති චතුධා විභජන්තෙන ච එකෙකස්මිං සොළස සොළස කත්වා එකසතසට්ඨි සුත්තන්තා විත්ථාරෙතබ්බා.)
Sinhala BJT(කියන ලද සිවුනයින් ද, නැවත ඔවුන් අභිඤ්ඤා ය පරිඤ්ඤා ය පරික්ඛයාය පහානාය යි සිවුනයින් ද බෙදන්නහු විසින් එකෙක සොළස සොළස කොට එක්සියසැට සූත්‍රාන්තයෝ විතර කට යුතු හ.)
Pali BJT10. ඔඝවග්ගො
Sinhala BJT10. ඕඝ වර්‍ගය
Pali BJT3. 10. 1-159.
Sinhala BJT3. 10. 1-159.
Pali BJTඔඝාදිසුත්තානි
Sinhala BJTඕඝාදි සූත්‍ර
Pali BJT1525-1683. චත්තාරො මෙ භික්ඛවෙ ඔඝා. කතමෙ චත්තාරො: කාමොඝො, භවොඝො, දිට්ඨොඝො, අවිජ්ජොඝො. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ඔඝා. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ඔඝානං අභිඤ්ඤාය චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බා. කතමෙ චත්තාරො: -පෙ- භාවෙතබ්බොති.
Sinhala BJT1525-1683. මහණෙනි, මේ ඕඝ සතරෙකි. කවර සතරෙක් ද යත්: කාමෝඝ භවොඝ දිට්ඨොඝ අවිජ්ජොඝ යි. මහණෙනි, මේ ඕඝසතර යි. මහණෙනි, මේ චතුරෝඝයන් වෙසෙසින් දැනීම පිණිස සිවුසීවටන් වැඩිය යුතු. කවර සතරෙක් ද යත්: ... වැඩිය යුත්තේ යි.
Pali BJT3. 10. 160.
Sinhala BJT3. 10. 160.
Pali BJTඋද්ධම්භාගියසුත්තං
Sinhala BJTඋද්ධම්භාගිය සූත්‍රය
Pali BJT1684. පඤ්චිමානි භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච: රූපරාගො, අරූපරාගො, මානො, උද්ධච්චං, අවිජ්ජා. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං පහානාය ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බාති.
Sinhala BJT1684. මහණෙනි, මේ උද්ධම්භාගියසංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස යි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස පැහීම පිණිස සිවුසීවටන් වැඩිය යුතු. කවර සිවුසීවටන්හු ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ උද්ධම්භාගියසංයෝජන පස පැහීම පිණිස මේ සිවුසීවටන්හු වැඩිය යුතුහ යි.
Pali BJT(ඔඝවග්ගො සතිපට්ඨානවසෙන විත්ථාරෙතබ්බො)
Sinhala BJT(ඕඝ වර්‍ගය ද, සීවටන් විසින් විතර කට යුතු)
Pali BJTඔඝවග්ගො දසමො.
Sinhala BJTදශවැනි ඕඝවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඔඝො යොගො උපාදානං ගන්ථං අනුසයෙන ච, කාමගුණා නීවරණා ඛන්ධා ඔරුද්ධම්භාගියාති. (අත්රා’පි යථා එසනාවග්ගො එකසතසට්ඨි සුත්තන්තා විත්ථාරෙතබ්බා.)
Sinhala BJTඕඝ, යෝග, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යී ෂෝඩශක දශයෙකි. (සූත්‍ර එක්සියසැටෙකි) යි. (මෙහි දු එසනාවර්‍ගයෙහි මෙන් එක්සියසැටසූත්‍රාන්තයෝ විතර කට යුතුහ.)
Pali BJTසතිපට්ඨානසංයුත්තං සමත්තං.
Sinhala BJTසතිපට්ඨානසංයුත්තය නිමියේ යි.
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ගනාමාවලිය:
Pali BJTඅම්බපාලි ච නාලන්දො සීලට්ඨිත්යානනුස්සුතා අමතො ගඞ්ගාප්පමාදා බලකරණීයෙසනොඝාති.
Sinhala BJTඅම්බපාලි, නාලන්‍ද, සීලට්ඨිති, අනනුස්සුත, අමත, ගඞ්ගාපෙය්‍යාල, අප්පමාද, බලකරණිය, ඒසනා, ඕඝ යි (සතිපට්ඨානසංයුත්තයෙහි වර්‍ග දශයෙකි යි.)
Pali BJT4. ඉන්ද්රියසංයුත්තං
Sinhala BJT4. ඉන්‍ද්‍රිය සංයුත්තය
Pali BJT1. සුද්ධකවග්ගො
Sinhala BJT1. සුද්ධික වර්‍ගය
Pali BJT4. 1. 1.
Sinhala BJT4. 1. 1.
Pali BJTසුද්ධ{1}කසුත්තං
Sinhala BJTසුද්ධික සූත්‍රය
Pali BJT1685. සාවත්ථියං:
Sinhala BJT1685. සැවැත්නුවර:
Pali BJTපඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං, ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච ඉන්ද්රියානීති.
Sinhala BJTමහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි, කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මේ පස ඉන්‍ද්‍රියෝ යි.
Pali BJT4. 1. 2.
Sinhala BJT4. 1. 2.
Pali BJTසොතසුත්තං
Sinhala BJTසෝත සූත්‍රය
Pali BJT1686. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං, විරියින්ද්රියං, සතින්ද්රියං, සමාධින්ද්රියං, පඤ්ඤින්ද්රියං. යතො ඛො භික්ඛවෙ, අරියසාවකො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං{2} අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති.
Sinhala BJT1686. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය විරියින්‍ද්‍රිය සතින්‍ද්‍රිය සමාධින්‍ද්‍රිය පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කලෙක අරිසවු මේ පසිඳුරන්ගේ රස විඳගැන්මත් දොසත් නික්ම යෑමත් තතුසේ දනී ද: මහණෙනි, මේ අරීසවු නිරෑහි නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න යි කියනු ලැබේ යි.
Pali BJT4. 1. 3.
Sinhala BJT4. 1. 3.
Pali BJTදුතිය සොතසුත්තං
Sinhala BJTදුතිය සෝත සූත්‍රය
Pali BJT1687. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. යතො ඛො භික්ඛවෙ, අරියසාවකො ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානාති. අයං වුච්චති භික්ඛවෙ, අරියසාවකො සොතාපන්නො අවිනිපාතධම්මො නියතො සම්බොධිපරායණොති.
Sinhala BJT1687. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්; සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කලෙක අරීසවු මේ පසිඳුරන්ගේ හටගැන්මත් වැනසුමත් රස විඳගැන්මත් දොසත් නික්ම යෑමත් තතුසේ දනී ද; මහණෙනි, මේ අරීසවු නිරෑහි නොහෙනසුලු නියත වූ සම්බෝධිය පිහිට කොට ඇති සෝතාපන්න යි කියනු ලැබේ යි.
Pali BJT4. 1. 4.
Sinhala BJT4. 1. 4.
Pali BJTඅරහන්තසුත්තං
Sinhala BJTඅරහන්ත සූත්‍රය
Pali BJT1688. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. යතො ච ඛො භික්ඛවෙ, භික්ඛු{3} ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමුත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤාවිමුත්තොති.
Sinhala BJT1688. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක මහණ, මේ පසිඳුරන්ගේ ආස්වාදයත් ආදීනවයත් නිස්සරණයත් තතුසේ දැන උපාදාන රහිත ව මිදුණේ වේ ද; මහණෙනි, මේ මහණ ක්‍ෂයවූ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ කටයුතු ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි රහත්බැව් ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ යි.
Pali BJT4. 1. 5.
Sinhala BJT4. 1. 5.
Pali BJTදුතිය අරහන්තසුත්තං
Sinhala BJTදුතිය අරහන්ත සූත්‍රය
Pali BJT1689. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. යතො ඛො භික්ඛවෙ, භික්ඛු ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමුත්තො හොති. අයං වුච්චති භික්ඛවෙ, භික්ඛු අරහං ඛීණාසවො වුසිතවා කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසංයොජනො සම්මදඤ්ඤා විමුත්තොති.
Sinhala BJT1689. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම් කලෙක මහණ, මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දැන උපාදාන රහිත ව මිදුණේ වේ ද; මහණෙනි, මේ මහණ ක්‍ෂය වූ ආස්‍රව ඇති වැස නිම වූ බඹසර ඇති කළ සිවුමඟ කිස ඇති බහා තැබූ බර ඇති පිළිවෙළින් පැමිණි ස්වාර්‍ත්‍ථ ඇති ක්‍ෂය වූ භවසංයෝජන ඇති මැනවින් දැන මිදුණු රහතැ යි කියනු ලැබේ යි.
Pali BJT4. 1. 6.
Sinhala BJT4. 1. 6.
Pali BJTසමණ සුත්තං
Sinhala BJTසමණ සූත්‍රය
Pali BJT1690. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං නප්පජානන්ති, න මෙතෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා. න ච පන තෙ{1} ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJT1690. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්; සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතුසේ නොදනිත් ද; මහණෙනි, ඒ මේ මහණහු හෝ බමුණුහු හෝ මහණුන් කෙරෙහි හෝ මහණහ යි සම්මත නො වෙති. බමුණන් කෙරෙහි හෝ බමුණ හයි සම්මත නො වෙති. ඒ ආයුෂ්මත් හු මහණබවෙහි අරුත හෝ බමුණු බවෙහි අරුත හෝ දිටුදැමියෙහි තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ නො ද වෙසෙත්.
Pali BJTයෙ ච ඛො කෙචි{2} භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා ඉමෙසං පඤ්චන්නං ඉන්ද්රියානං සමුදයඤ්ච අත්ථගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං පජානන්ති, තෙ ඛො, මෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා{3} සමණසම්මතා බ්රාහ්මණෙසු වා{4} බ්රාහ්මණසම්මතා. තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙවධම්මෙ සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTමහණෙනි, යම්කිසි මහණකෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ මේ පසිඳුරන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිඃශරණයත් තතුසේ දනිද්ද; මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහිත් මහණහ යි සම්මතහ. බමුණන් කෙරෙහිත් බමුණ හ යි සම්මතහ. ඒ ඇවැත්හු ද (මාර්‍ගඵල සඞ්ඛ්‍යාත) ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය බ්‍රහ්මණ්‍යාර්‍ත්‍ථය දිටුදැමියෙහි තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
Pali BJT4. 1. 7.
Sinhala BJT4. 1. 7.
Pali BJTදුතිය සමණසුත්තං
Sinhala BJTදුතිය සමණ සූත්‍රය
Pali BJT1691. යෙ හි කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සද්ධින්ද්රියං නප්පජානන්ති, සද්ධින්ද්රියසමුදයං නප්පජානන්ති, සද්ධින්ද්රියනිරොධං නප්පජානන්ති, සද්ධින්ද්රියනිරොධගාමිනීපටිපදං නප්පජානන්ති. විරියින්ද්රියං නප්පජානන්ති -පෙ- සතින්ද්රියං නප්පජානන්ති -පෙ- සමාධින්ද්රියං නප්පජානන්ති -පෙ- පඤ්ඤින්ද්රියං නප්පජානන්ති, පඤ්ඤින්ද්රියසමුදයං නප්පජානන්ති, පඤ්ඤින්ද්රියනිරොධං නප්පජානන්ති, පඤ්ඤින්ද්රියනිරොධගාමිනීපටිපදං නප්පජානන්ති. නමෙතෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු වා සමණසම්මතා බ්රාහ්මණෙසු වා බ්රාහ්මණසම්මතා. න ච පන තෙ ආයස්මන්තො සාමඤ්ඤත්ථං වා බ්රහ්මඤ්ඤත්ථං වා දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්ති.
Sinhala BJT1691. මහණෙනි, යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සද්ධින්‍ද්‍රිය නො දනිත් ද, සද්ධින්‍ද්‍රිය සමුදය නො දනිත්ද, සද්ධින්‍ද්‍රිය නිරෝධය නො දනිත්ද, සද්ධින්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත්ද, විරියින්‍ද්‍රිය නො දනිත්ද, ... සතින්‍ද්‍රිය නො දනිත්ද, ... සමාධින්‍ද්‍රිය නො දනිත්ද, ... පඤ්ඤින්‍ද්‍රිය නො දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය සමුදය නො දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය නිරෝධය නො දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව නො දනිත් ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි හෝ මහණ යයි යම්මත නො වෙත්. බමුණන් කෙරෙහි හෝ බමුණු යයි සම්මත නො වෙත්. ඒ ඇවැත්හු ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය හෝ බ්‍රහ්මණ්‍යාර්‍ත්‍ථය හෝ දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ නො ද වෙසෙත්.
Pali BJTයෙ ච ඛො කෙචි භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සද්ධින්ද්රියං පජානන්ති, සද්ධින්ද්රියසමුදයං පජානන්ති, සද්ධින්ද්රියනිරොධං පජානන්ති, සද්ධින්ද්රියනිරොධගාමිනීපටිපදං පජානන්ති. විරියින්ද්රියං පජානන්ති -පෙ- සතින්ද්රියං පජානන්ති -පෙ- සමාධින්ද්රියං පජානන්ති -පෙ- පඤ්ඤින්ද්රියං පජානන්ති, පඤ්ඤින්ද්රියසමුදයං පජානන්ති, පඤ්ඤින්ද්රියනිරොධං පජානන්ති, පඤ්ඤින්ද්රියනිරොධගාමිනීපටිපදං පජානන්ති, තෙ ඛො’මෙ භික්ඛවෙ, සමණා වා බ්රාහ්මණා වා සමණෙසු චෙව{1} සමණසම්මතා බ්රාහ්මණෙසු ච{2} බ්රාහ්මණසම්මතා. තෙ ච පනායස්මන්තො සාමඤ්ඤත්ථඤ්ච බ්රහ්මඤ්ඤත්ථඤ්ච දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤාසච්ඡිකත්වා උපසම්පජ්ජ විහරන්තීති.
Sinhala BJTමහණෙනි, යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ සද්ධින්‍ද්‍රිය දනිත් ද, සද්ධින්‍ද්‍රිය සමුදය දනිත් ද, සද්ධින්‍ද්‍රිය නිරෝධය දනිත් ද, සද්ධින්‍ද්‍රිය නිරෝධගාමිනීපටිපදාව දනිත් ද, විරියින්‍ද්‍රිය දනිත් ද, ... සතින්‍ද්‍රිය දනිත් ද ... සමාධින්‍ද්‍රිය දනිත් ද ... පඤ්ඤින්‍ද්‍රිය දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය සමුදය දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය නිරෝධය දනිත් ද, පඤ්ඤින්‍ද්‍රිය නිරොධගාමිනී පටිපදාව දනිත් ද, මහණෙනි, ඒ මේ මහණෝ හෝ බමුණෝ හෝ මහණුන් කෙරෙහි ත් මහණ යයි යම්මත හ. බමුණන් කෙරෙහිත් හෝ බමුණු යයි සම්මත හ. ඒ ඇවැත්හු ද ශ්‍රාමණ්‍යාර්‍ත්‍ථය ද, බ්‍රහ්මණ්‍යාර්‍ත්‍ථය ද, දිටුදැමියෙහි ම වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ වෙසෙති යි.
Pali BJT4. 1. 8.
Sinhala BJT4. 1. 8.
Pali BJTදට්ඨබ්බසුත්තං
Sinhala BJTදට්ඨබ්බ සූත්‍රය
Pali BJT1692. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. කත්ථ ච භික්ඛවෙ, සද්ධින්ද්රියං දට්ඨබ්බං: චතූසු සොතාපත්තිඅඞ්ගෙසු.{3} එත්ථ සද්ධින්ද්රියං දට්ඨබ්බං. කත්ථ ච භික්ඛවෙ, විරියින්ද්රියං දට්ඨබ්බං: චතූසු සම්මප්පධානෙසු. එත්ථ විරියින්ද්රියං දට්ඨබ්බං. කත්ථ ච භික්ඛවෙ, සතින්ද්රියං දට්ඨබ්බං: චතූසු සතිපට්ඨානෙසු. එත්ථ සතින්ද්රියං දට්ඨබ්බං. කත්ථ ච භික්ඛවෙ, සමාධින්ද්රියං දට්ඨබ්බං: චතූසු ඣානෙසු. එත්ථ සමාධින්ද්රියං දට්ඨබ්බං. කත්ථ ච භික්ඛවෙ, පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං: චතූසු අරියසච්චෙසු. එත්ථ පඤ්ඤින්ද්රියං දට්ඨබ්බං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානීති.
Sinhala BJT1692. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, සද්ධින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්; සිවුසොවත්අඟෙහිය. මෙහි ලා සද්ධින්‍ද්‍රිය දතයුතු. මහණෙනි, විරියින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්: සිවුසම්පදහන්හි ය. මෙහි ලා විරියින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, සතින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්: සිවුසීවටන් හි ය. මෙහි ලා සතින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, සමාධින්‍ද්‍රිය කොහි ලා දත යුතු ද යත්: සිවුදැහැන් හි ය. මෙහි ලා සමාධින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කොහි ලා දත ද යත්: සිවුඅරීසස් හි ය. මෙහි ලා පඤ්ඤින්‍ද්‍රිය දත යුතු. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
Pali BJT4. 1. 9.
Sinhala BJT4. 1. 9.
Pali BJTවිභඞ්ගසුත්තං
Sinhala BJTවිභඞ්ග සූත්‍රය
Pali BJT1693. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, සද්ධින්ද්රියං: ඉධ භික්ඛවෙ, අරියසාවකො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො විජ්ජාචරණසම්පන්නො සුගතො ලොකවිදූ අනුත්තරො පුරිසදම්මසාරථි{4} සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ඉදං වුච්චති භික්ඛවෙ, සද්ධින්ද්රියං.
Sinhala BJT1693. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, සද්ධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු සැදැහැ ඇත්තේ වේ, “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු අර්‍හත් හ. සම්මාසම්බුද්ධහ. විජ්ජාචරණ සම්පන්නහ. සුගත්හ. ලෝකවිදූහ. අනුත්තරපුරිසදම්මසාරථිහ. දෙවි මිනිසුන්ට ශාස්තෘහ. බුද්ධහ. භගවත්හ” යි තථාගතයන් වහන්සේගේ බුදුබව හදහ යි. මහණෙනි, මේ සද්ධින්‍ද්‍රියයි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, විරියින්ද්රියං: ඉධ භික්ඛවෙ, අරියසාවකො ආරද්ධවිරියො විහරති, අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය{5} ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. ඉදං වුච්චති භික්ඛවෙ, විරියින්ද්රියං.
Sinhala BJTමහණෙනි, විරියින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු අකුසල්දහම් පැහීම පිණිස කුසල්දහම් රැස්කිරීම පිණිස පිරිපුන් වැර ඇත්තේ කුසල්දහම්හි තිර වැර ඇත්තේ දැඩි පැරකුම් ඇත්තේ නො බහා තැබූ ධුර ඇත්තේ වෙසෙයි. මහණෙනි, මේ විරියින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, සතින්ද්රියං: ඉධ භික්ඛවෙ, අරියසාවකො සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. ඉදං වුච්චති භික්ඛවෙ, සතින්ද්රියං.
Sinhala BJTමහණෙනි, සතින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු තෙමේ සිහි ඇත්තේ උතුම් බලවත් සිහියෙන් යුතු වූයේ ඉතා පෙර කරන ලද්ද කියන ලද්ද පවා සිහි කරනුයේ පුනපුනා සිහි කරනු යේ වෙයි. මහණෙනි, මේ සතින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, සමාධින්ද්රියං: ඉධ භික්ඛවෙ, අරියසාවකො වොස්සග්ගාරම්මණං{1} කරිත්වා ලභති සමාධිං, ලභති චිත්තස්ස එකග්ගතං. ඉදං වුච්චති භික්ඛවෙ, සමාධින්ද්රියං.
Sinhala BJTමහණෙනි, සමාධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු නිවන අරමුණු කොට සමාධිය ලබයි. සිත්හී එකඟබව ලබයි. මහණෙනි, මේ සමාධින්‍ද්‍රියයි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, පඤ්ඤින්ද්රියං: ඉධ භික්ඛවෙ, අරියසාවකො පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො, අරියාය නිබ්බෙධිකාය සම්මාදුක්ඛක්ඛයගාමිනියා. ඉදං වුච්චති භික්ඛවෙ, පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානීති.
Sinhala BJTමහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු පැණ ඇතියේ උදයව්‍යය පිරිසිඳ දක්නා ආර්‍ය්‍ය වූ නිර්වේදයට සමත් වූ, මැනවින් දුක් ගෙවීමට පමුණුවන නුවණින් යුතු වූයේ වෙයි. මහණෙනි, මේ පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
Pali BJT4. 1. 10.
Sinhala BJT4. 1. 10.
Pali BJTදුතිය විභඞ්ගසුත්තං
Sinhala BJTදුතිය විභඞ්ග සූත්‍රය
Pali BJT1694. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි: කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. කතමඤ්ච, භික්ඛවෙ, සද්ධින්ද්රියං? ඉධ, භික්ඛවෙ, අරියසාවකො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං. “ඉතිපි සො භගවා -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ඉදං වුච්චති භික්ඛවෙ, සද්ධින්ද්රියං.
Sinhala BJT1694. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක්ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, සද්ධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු සැදැහැත්තේ වෙයි. “ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනු දු ... දෙව්මිනිසුන්ට ශාස්තෘහ, බුද්ධහ, භගවත් හ යි තථාගතයන් වහන්සේගේ බුදුබව හදහයි. මහණෙනි, මේ සද්ධින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, විරියින්ද්රියං: ඉධ භික්ඛවෙ අරියසාවකො ආරද්ධවිරියො විහරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය, ථාමවා දළ්හපරක්කමො අනික්ඛිත්තධුරො කුසලෙසු ධම්මෙසු. සො අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. උප්පන්නානං කුසලානං ධම්මානං ඨිතියා{2} අසම්මොසාය භීය්යොභාවාය වෙපුල්ලාය භාවනාය පාරිපූරියා ඡන්දං ජනෙති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති. ඉදං වුච්චති භික්ඛවෙ, විරියින්ද්රියං.
Sinhala BJTමහණෙනි, විරියින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු අකුසල්දහම් පැහීම පිණිස කුසල්දහම් රැස් කිරීම පිණිස ඇරැඹුණු වැර ඇතියේ කුසල්දහම්හි තිරවැර ඇතියේ දඩිපැරකුම් ඇතියේ නොබහා තැබූ වැර ඇතියේ වෙසෙයි. හේ නූපන් ලාමක අකුසල්දහම් නොඉපැද්ම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙ යි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. උපන් ලාමක අකුසල්දහම් පැහීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. නූපන් කුසල්දහම් ඉපැත්ම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. උපන් කුසල්දහම් පැවැත්ම පිණිස නොමුළා බව පිණිස බොහෝ බව පිණිස විපුලබව පිණිස වැඩීම පිණිස පිරීම පිණිස සඳ දනවයි. වෑයම් කෙරෙයි. වැර අරඹයි. සිත දැඩි කොට ගනියි. පදහන් වැර කෙරෙයි. මහණෙනි, මෙය විරියින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, සතින්ද්රියං: ඉධ භික්ඛවෙ, අරියසාවකො සතිමා හොති පරමෙන සතිනෙපක්කෙන සමන්නාගතො චිරකතම්පි චිරභාසිතම්පි සරිතා අනුස්සරිතා. සො කායෙ කායානුපස්සී විහරති -පෙ- වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉදං වුච්චති භික්ඛවෙ, සතින්ද්රියං.
Sinhala BJTමහණෙනි, සතින්‍ද්‍රිය කවරේද යත්: මහණෙනි, මෙහි අරීසවු සිහි ඇතියේ උතුම් බලවත් සිහියෙන් යුතු වූයේ ඉතා පෙර කරන ලද්ද කියන ලද්ද පවා සිහි කරනුයේ පුනපුනා සිහි කරනුයේ වෙයි. හෙ කයෙහි කය අනු ව දක්නාසුලු ව … වෙසෙයි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දෙම්නස දුරු කොට වෙසෙ යි. මහණෙනි, මේ සතින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, සමාධින්ද්රියං: ඉධ භික්ඛවෙ, අරියසාවකො වොස්සග්ගාරම්මණං කරිත්වා ලභති සමාධිං, ලභති චිත්තස්සෙකග්ගතං. සො විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමජ්ඣානං උපසම්පජ්ජ විහරති. විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියජ්ඣානං -පෙ- තතියජ්ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙව සොමනස්සදොමනස්සානං අත්ථගමා අදුක්ඛං අසුඛං උපෙඛාසතිපාරිසුද්ධිං චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති. ඉදං වුච්චති භික්ඛවෙ, සමාධින්ද්රියං.
Sinhala BJTමහණෙනි, සමාධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු නිවන අරමුණු කොට සමාධිය ලබයි. සිතෙහි එකඟබව ලබයි. හේ කාමයන්ගෙන් වෙන් ව ම අකුසල්දහමුන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත විචාර සහිත විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුවය ඇති පළමුවන දැහැනට පැමිණ වෙසෙයි. විතර්‍කවිචාරයන් සන්හිඳීමෙන් ... දෙවන දැහැනට ... තෙවන දැහැනට පැමිණ වෙසෙයි, සුවත් පැහීමෙන් දුකත් පැහීමෙන් පළමු ම සොම්නස් දොම්නසුන්ගේ අස්තඞ්ගමයෙන් නොදුක් වූ නොසුව වූ මැදහත් බැවින් හා සිහියෙන් හටගත් පිරිසුදුබැව් ඇති සිවු වන දැහැනට පැමිණ වෙසෙයි. මහණෙනි, මේ සමාධින්‍ද්‍රිය යි කියනු ලැබේ.
Pali BJTකතමඤ්ච භික්ඛවෙ, පඤ්ඤින්ද්රියං: ඉධ භික්ඛවෙ, අරියසාවකො පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. සො ‘ඉදං දුක්ඛන්ති’ යථාභූතං පජානාති, ‘අයං දුක්ඛසමුදයො’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛනිරොධො’ති යථාභූතං පජානාති. ‘අයං දුක්ඛනිරොධගාමිනීපටිපදා’ති යථාභූතං පජානාති. ඉදං වුච්චති භික්ඛවෙ, පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානීති.
Sinhala BJTමහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරිසවු පැණැතියේ උදයව්‍යය පිරිසිඳ දන්නා ආර්‍ය වූ නිර්වේදයට සමත් වූ මැනැවින් දුක් ගෙවීමට පමුණුවන නුවණින් යුතු වූයේ වෙයි. හේ මේ දුකැයි තතුසේ දනියි. මේ දුක්ඛසමුදය යි තතුසේ දනියි. මේ දුක්ඛනිරෝධය යි තතුසේ දනියි මේ දුක්ඛනිරෝධගාමිනී පටිපදාය යි තතුසේ දනියි. මහණෙනි, මේ පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
Pali BJTසුද්ධකවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි සුද්ධක වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTසුද්ධකඤ්ච ද්වෙ සොතා අරහන්තො පරෙ දුවෙ, ද්වෙ සමණා ච දට්ඨබ්බං විභඞ්ගා අපරෙ දුවෙති.
Sinhala BJTසුද්ධක සූත්‍රය ද සෝත සූත්‍ර දෙක ද අනෙක් අරහන්ත සූත්‍ර දෙක ද සමණ සූත්‍ර දෙක ද දට්ඨබ්බසූත්‍රය ද අනෙක් විභඞ්ග සූත්‍ර දෙකදැ යි (මුළුල්ල දශයෙකි) යි.
Pali BJT2. මුදුතරවග්ගො
Sinhala BJT2. මුදුතර වර්‍ගය
Pali BJT4. 2. 1.
Sinhala BJT4. 2. 1.
Pali BJTපටිලාභසුත්තං
Sinhala BJTපටිලාභ සූත්‍රය
Pali BJT1695. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, සද්ධින්ද්රියං: ඉධ භික්ඛවෙ, අරියසාවකො සද්ධො හොති, සද්දහති තථාගතස්ස බොධිං: “ඉතිපි සො භගවා අරහං සම්මාසම්බුද්ධො -පෙ- සත්ථා දෙවමනුස්සානං බුද්ධො භගවා”ති. ඉදං වුච්චති භික්ඛවෙ, සද්ධින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, විරියින්ද්රියං: යං ඛො භික්ඛවෙ, චත්තාරො සම්මප්පධානෙ ආරබ්භ විරියං පටිලභති, ඉදං වුච්චති භික්ඛවෙ, විරියින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, සතින්ද්රියං: යං ඛො භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානෙ ආරබ්භ සතිං පටිලභති, ඉදං වුච්චති භික්ඛවෙ, සතින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, සමාධින්ද්රියං: ඉධ භික්ඛවෙ, අරියසාවකො වොස්සග්ගාරම්මණං කරිත්වා ලභති සමාධිං, ලභති චිත්තස්ස එකග්ගතං, ඉදං වුච්චති භික්ඛවෙ, සමාධින්ද්රියං. කතමඤ්ච භික්ඛවෙ, පඤ්ඤින්ද්රියං: ඉධ භික්ඛවෙ, අරියසාවකො පඤ්ඤවා හොති උදයත්ථගාමිනියා පඤ්ඤාය සමන්නාගතො අරියාය නිබ්බෙධිකාය සම්මා දුක්ඛක්ඛයගාමිනියා. ඉදං වුච්චති භික්ඛවෙ, පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානීති.
Sinhala BJT1695. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, සද්ධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු සැදැහැතියේ වෙයි. ඒ භාග්‍යවතුන් වහන්සේ මෙකරුණෙනුදු අර්‍හත්හ. සම්මාසම්බුද්ධහ ... දෙවිමිනිසුන්ට ශාස්තෘහ. බුද්ධහ. භගවත්හ යි. තථාගතයන් වහන්සේගේ බුදුබව හදහයි. මහණෙනි, මේ සද්ධින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, විරියින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, සිවුසම්පදහන් ඇරබ යම් වැරක් පිළිලබා නම් මහණෙනි, මේ විරියින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, සතින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, සිවුසීවටන් ඇරබ යම් සිහියක් පිළිලබා නම් මහණෙනි, මේ සතින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, සමාධින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු නිවන අරමුණු කොට සමාධිය ලබා නම් සිතේ එකඟකම ලබා නම් මහණෙනි, මේ සමාධින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, පඤ්ඤින්‍ද්‍රිය කවරේ ද යත්: මහණෙනි, මෙහි අරීසවු පැණැතියේ උදයව්‍යය පිරිසිඳ දන්නා ආර්‍ය්‍ය වූ නිර්වේදයට සමත් වූ මැනවින් දුක් ගෙවීමට පමුණුවන නුවණින් යුතු වූයේ වේ නම් මහණෙනි, මේ පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ. මහණෙනි, මොහු පසිඳුරෝ යි.
Pali BJT4. 2. 2.
Sinhala BJT4. 2. 2.
Pali BJTසංඛිත්තසුත්තං
Sinhala BJTසඞ්ඛිත්ත සූත්‍රය
Pali BJT1696. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති. තතො මුදුතරෙහි අනාගාමී හොති. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි සොතාපන්නො හොති. තතො මුදුතරෙහි ධම්මානුසාරී හොති. තතො මුදුතරෙහි සද්ධානුසාරී හොතීති.
Sinhala BJT1696. මහණෙනි, මේ ඉන්‍ද්‍රිය පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් රැස්කළ බැවින් පිරූ බැවින් රහත් වෙයි. එයට වඩා මොළොක් ඉඳුරන් හේතු කොට ගෙන අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන් හේතු කොට ගෙන සද්ධානුසාරී වේ යි.
Pali BJT4. 2. 3.
Sinhala BJT4. 2. 3.
Pali BJTදුතිය සංඛිත්තසුත්තං
Sinhala BJTදුතිය සඞ්ඛිත්ත සූත්‍රය
Pali BJT1697. පඤ්චිමානි භික්ඛවෙ, ඉන්ද්රියානි. කතමානි පඤ්ච: සද්ධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චින්ද්රියානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඉන්ද්රියානං සමත්තා පරිපූරත්තා අරහං හොති. තතො මුදුතරෙහි අනාගාමී හොති. තතො මුදුතරෙහි සකදාගාමී හොති. තතො මුදුතරෙහි සොතාපන්නො හොති. තතො මුදුතරෙහි ධම්මානුසාරී හොති. තතො මුදුතරෙහි සද්ධානුසාරී හොති. ඉති ඛො භික්ඛවෙ, ඉන්ද්රියවෙමත්තතා ඵලවෙමත්තතා [හොති, ඵලවෙමත්තතා පුග්ගලවෙමත්තතා{*}]ති.
Sinhala BJT1697. මහණෙනි, මේ ඉඳුරෝ පසෙකි. කවර පසෙක් ද යත්: සද්ධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය යි. මහණෙනි, මොහු පසිඳුරෝ යි. මහණෙනි, මේ පසිඳුරන් සවාරෙන් පිරිපුන් බැවින් රහත් වෙයි. එයට චඩා මොළොක් ඉඳුරන්ගෙන් අනගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෙදගැමි වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සෝවාන් වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් ධම්මානුසාරී වෙයි. එයට වඩා මොළොක් වූවන්ගෙන් සද්ධානුසාරී වෙයි. මහණෙනි, මෙසේ ඉන්‍ද්‍රියනානාත්‍වයෙන් ඵලනානාත්‍වය ද [ඵලනානාත්‍වයෙන් පුද්ගලනානාත්‍වය ද] වේ යි.
Pali BJT4. 2. 4.
Sinhala BJT4. 2. 4.