Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13001-13100 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTලොකසුත්තං
Sinhala BJTලෝක සූත්‍රය
Pali BJT1206. කණ්ටකීවනෙ:
Sinhala BJT1206. කණ්ටකීවනයෙහි:
Pali BJTකතමෙසං ආයස්මා අනුරුද්ධො{1} ධම්මානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං පත්තොති? “චතුන්නං ඛො ආවුසො, සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං පත්තො. කතමෙසං චතුන්නං: ඉධාහං ආවුසො, කායෙ කායානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො ආවුසො චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා මහාභිඤ්ඤතං පත්තො. ඉමෙසඤ්ච ඛො පනාහං ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා සහස්සං ලොකං අභිජානාමී”ති.
Sinhala BJTආයුෂ්මත් අනුරුද්ධයෝ කවර දහම් වැඩූ බැවින් බහුල කළ බැවින් මහාභිඥ (මහනුවණැති) බවට පැමිණියෝ දැ යි. ඇවැත්නි, සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහනුවණැති බවට පැමිණියෙමි යි. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙහි මම කයෙහි කය අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇතිව සිහි ඇතිව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මහනුවණැති බවට පැමිණියෙමි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් මම දහසක් ලොව වෙසෙසින් දනිමි යි.
Pali BJT3. 3. 9.
Sinhala BJT3. 3. 9.
Pali BJTසිරිවඩ්ඪසුත්තං
Sinhala BJTසිරිවඩ්ඪ සූත්‍රය
Pali BJT1207. එකං සමයං ආයස්මා ආනන්දො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන සිරිවඩ්ඪො ගහපති ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො සිරිවඩ්ඪො ගහපති අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: “එහි ත්වං අම්භො පුරිස, යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කම, උපසඞ්කමිත්වා මම වචනෙන ආයස්මතො ආනන්දස්ස පාදෙ සිරසා වන්ද, සිරිවඩ්ඪො භන්තෙ, ගහපති ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. සො ආයස්මතො ආනන්දස්ස පාදෙ සිරසා වන්දතී”ති. එවඤ්ච වදෙහි:{2} සාධු කිර භන්තෙ, ආයස්මා ආනන්දො යෙන ච සිරිවඩ්ඪස්ස ගහපතිනො නිවෙසනං තෙනුපසඞ්කමතු අනුකම්පං උපාදායා”ති.
Sinhala BJT1207. එක්සමයෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවෙසෙති. එසමයෙහි සිරිවඩ්ඨ ගැහැවි හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. එකල්හි සිරිවඩ්ඨ ගැහැවි එක්තරා පුරුෂයකු ඇමතී ය. එම්බල පුරුෂය, එව. තෝ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹෙව. එළඹ “වහන්ස, සිරිවඩ්ඨ ගැහැවි හටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි සේ ගිලන් වූයේ වෙයි. හෙතෙමේ ආනන්‍ද ආයුෂ්මතුන් වහන්සේගේ පා හිසින් වඳී” යි මා වදනින් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ගේ පා හිසින් වඳුව, මෙසේත් කියව: වහන්ස, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අනුකම්පා පිණිස සිරිවඩ්ඨ ගැහැවිහුගේ නිවෙස වෙත එළඹෙන සේක් නම් මැනවැ යි.
Pali BJT“එවං භන්තෙ”ති ඛො සො පුරිසො සිරිවඩ්ඪස්ස ගහපතිස්ස පටිස්සුත්වා යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො පුරිසො ආයස්මන්තං ආනන්දං එතදවොච: “සිරිවඩ්ඪො භන්තෙ, ගහපති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො, සො ආයස්මතො ආනන්දස්ස පාදෙ සිරසා වන්දති. එවඤ්ච වදෙති: “සාධු කිර භන්තෙ, ආයස්මා ආනන්දො යෙන සිරිවඩ්ඪස්ස ගහපතිස්ස නිවෙසනං, තෙනුපසඞ්කමතු, අනුකම්පං උපාදායා”ති. අධිවාසෙසි ඛො ආයස්මා ආනන්දො තුණ්හීභාවෙන.
Sinhala BJT“එසේ ය හිමියනි” යි ඒ පුරිස් සිරිවඩු ගැහැවිහට පිළිතුරු දී ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වැඳ එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ පුරිස් ආයුෂ්මත් ආනන්‍දතෙරණුවන්ට මෙය සැලකෙළේ ය: වහන්ස, සිරිවඩු ගැහැවි තෙමේ හටගත් ආබාධ ඇත්තේ ය. දුකට පැමිණියේ ය. දැඩි සේ ගිලන් වූයේ ය. හෙතෙමේ ආනන්‍ද ආයුෂ්මතුන් වහන්සේගේ පා හිසින් වඳියි. මෙසේත් කියයි: “වහන්ස, ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ අනුකම්පා පිණිස සිරිවඩු ගැහැවිහුගේ නිවෙස වෙත එළඹෙන සේක්නම් මැනවැ” යි. ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ නිහඬබැවින් ඉවසූහ.
Pali BJTඅථ ඛො ආයස්මා ආනන්දො පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය යෙන සිරිවඩ්ඪස්ස ගහපතිස්ස නිවෙසනං තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො ආයස්මා ආනන්දො සිරිවඩ්ඪං ගහපතිං එතදවොච: කච්චි තෙ ගහපති ඛමනීයං, කච්චි යාපනීයං, කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති නො අභික්කමන්ති, පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති? න මෙ භන්තෙ, ඛමනීයං න යාපනීයං බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති නො පටික්කමන්ති, අභික්කමොසානං පඤ්ඤායති නො පටික්කමොති. තස්මාතිහ තෙ ගහපති, එවං සික්ඛිතබ්බං: “කායෙ කායානුපස්සී විහරිස්සාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරිස්සාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සන්ති”. එවං හි තෙ ගහපති, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ පෙරවරු හැඳ පෙර ව පාසිවුරු ගෙන සිරිවඩු ගැහැවිහුගේ නිවෙස වෙත එළඹියහ. එළඹ පැන වූ අස්නෙහි වැඩහුන්හ. වැඩහිඳ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ සිරිවඩු ගැහැවිහට මෙය වදාළහ: ගැහැවි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද් ද? ඔවුන්ගේ අඩු වීම පැනේ ද? වැඩි වීමෙක් නො පැනේ දැ? යි. වහන්ස, මට ඉවසිය නො හැක්ක. යැපිය නො හැකි. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙති. අඩු නො වෙත්. ඔවුන්ගේ වැඩි වීම පැනෙයි, අඩු වීමෙක් නො පැනේ යි. ගැහැවි, එහෙයින් මෙහි ලා තොප විසින් මෙසේ හික්මිය යුතු: “කයෙහි කය අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇතිව සිහි ඇතිව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නෙමි. වේදනා ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනාදැනුම් ඇතිව සිහි ඇතිව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නෙමි” යි. ගැහැවි, මෙසේ ම තොප විසින් හික්මිය යුතු යි.
Pali BJTයෙ’මෙ භන්තෙ, භගවතා චත්තාරො සතිපට්ඨානා දෙසිතා, සංවිජ්ජන්ති තෙ ධම්මා{1} මයි. අහඤ්ච තෙසු ධම්මෙසු සන්දිස්සාමි. අහං භන්තෙ, කායෙ කායානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යානි චිමානි භන්තෙ, භගවතා පඤ්චොරම්භාගියානි සංයොජනානි දෙසිතානි, නාහං තෙසං කිඤ්චි අත්තනි අප්පහීනං සමනුපස්සාමීති. ලාභා තෙ ගහපති, සුලද්ධං තෙ ගහපති, අනාගාමිඵලං තයා ගහපති, බ්යාකතන්ති.
Sinhala BJTවහන්ස, යම් මේ සිවුසීවටන්හු භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාහු ද, ඒ දහම්හු මා කෙරෙහි ඇතියහ. මම ද ඒ දහම්හි මැනවින් දිස්වෙමි. වහන්ස, මම කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනාදැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනාදැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වහන්ස, යම් මේ පඤ්ච ඕරම්භාගියසංයෝජන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දාහු නම් ඔවුනතුරෙන් ප්‍රහීණ නො වූ කිසිවක් තමා කෙරෙහි මම නො ම දකිමි යි. ගැහැවි, තොපට ලාභයෙකි. ගැහැවි, තොපට මනා ලැබීමෙකි. ගැහැවි, අනාගාමි ඵලය තොප විසින් පවසන ලදැ යි.
Pali BJT3. 3. 10.
Sinhala BJT3. 3. 10.
Pali BJTමානදින්නසුත්තං
Sinhala BJTමානදින්න සූත්‍රය
Pali BJT1208. එකං සමයං ආයස්මා ආනන්දො රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන මානදින්නො ගහපති ආබාධිකො හොති, දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො මානදින්නො ගහපති අඤ්ඤතරං පුරිසං ආමන්තෙසි: -පෙ- එවරූපාය චාහං භන්තෙ, දුක්ඛාය වෙදනාය ඵුට්ඨො සමානො කායෙ කායානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යානි චි’මානි භන්තෙ භගවතා පඤ්චොරම්භාගියානි සංයොජනානි දෙසිතානි, නාහං භන්තෙ, තෙසං කිඤ්චි අත්තනි අප්පහීනං සමනුපස්සාමී”ති. ලාභා තෙ ගහපති, සුලද්ධං තෙ ගහපති, “අනාගාමිඵලං තයා ගහපති, බ්යාකතන්ති.”
Sinhala BJT1208. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාස නම් වේළුවනාරාමයෙහි වැඩ වෙසෙති. එසමයෙහි මානදින්න ගැහැවි ගටගත් ආබාධ ඇත්තේ දුකට පැමිණියේ දැඩි යේ ගිලන් වූයේ වෙයි. එකල්හි මානදින්න ගැහැවි එක්තරා පුරුෂයකු ඇමතී ය ... වහන්ස, මම මෙබඳු දුක්වේදනාවකිනුදු පහස්නා ලද්දෙම් කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනා දැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇත්තෙම් මනාදැනුම් ඇත්තෙම් සිහි ඇත්තෙම් දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙමි. වහන්ස, යම් මේ පඤ්ච ඕරම්භාගිය සංයෝජන කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් දෙසන ලදහු නම් වහන්ස, ඔවුනතර අප්‍රහීණ කිසිවක් තමා කෙරෙහි මම නො ම දක්මි යි. ගැහැවි, තොපට ලාභයෙකි. ගැහැවි, තොපට මනා ලැබීමෙකි. ගැහැවි, තොප විසින් අනගැමිඵලය පවසන ලදැ යි.
Pali BJTසීලට්ඨිතිවග්ගො තතියො.
Sinhala BJTතෙවැනි සීලට්ඨිතිවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTසීලං ඨිති පරිහානං සුද්ධකං බ්රාහ්මණෙන ච පදෙසං සමත්තං ලොකො සිරිවඩ්ඪො මානදින්නොති.
Sinhala BJTසීල, ඨිති, පරිහාණ, සුද්ධක, බ්‍රාහ්මණ, පදෙස, සමත්ත, ලෝක, සිරිවඩ්ඪ, මානදින්නයි සූත්‍රාන්ත දශයෙකි යි.
Pali BJT4. අනනුස්සුතවග්ගො
Sinhala BJT4. අනනුස්සුත වර්‍ගය
Pali BJT3. 4. 1.
Sinhala BJT3. 4. 1.
Pali BJTඅනනුස්සුතසුත්තං
Sinhala BJTඅනනුස්සුත සූත්‍රය
Pali BJT1209. සාවත්ථියං:
Sinhala BJT1209. සැවැත්නුවර:
Pali BJTඅයං කායෙ කායානුපස්සනාති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. සා ඛො පනායං කායෙ කායානුපස්සනා භාවෙතබ්බා’ති මෙ භික්ඛවෙ -පෙ- භාවිතාති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. අයං වෙදනාසු වෙදනානුපස්සනා’ති -පෙ- අයං චිත්තෙ චිත්තානුපස්සනා’ති -පෙ- අයං ධම්මෙසු ධම්මානුපස්සනා’ති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදි. සා ඛො පනායං ධම්මෙසු ධම්මානුපස්සනා භාවෙතබ්බා’ති මෙ භික්ඛවෙ -පෙ- භාවිතාති මෙ භික්ඛවෙ, පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාදි, විජ්ජා උදපාදි, ආලොකො උදපාදී’ති.
Sinhala BJTමහණෙනි, මේ කයෙහි කය අනුව දැක්ම ය යි මා විසින් පෙර නො ඇසූවිරූ දහම්හි ඇස පහළ විය, නැණ පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ කයෙහි කය අනුව දැක්ම වැඩිය යුතු ය යි මා විසින් ... මහණෙනි, වඩන ලදැ යි මා විසින් පෙර නො ඇසූවිරූ දහම්හි ඇස පහළ විය, නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මේ වේදනාවන්හි වේදනා අනු ව දැක්ම යයි ... මේ සිත්හි සිත් අනුව දැක්ම යයි ... මහණෙනි, මේ දහම්හි දහම් අනුව දැක්ම යයි මා විසින් පෙර නො ඇසූ විරූ දහම්හි ඇස පහළ විය. නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ විය. මහණෙනි, ඒ මේ දහම්හි දහම් අනුව දැක්ම වැඩිය යුතු යයි මා විසින් … මහණෙනි, වඩන ලදැ යි මා විසින් පෙර නො ඇසූවිරූ දහම්හි ඇස පහළ විය. නැන පහළ විය. පැන පහළ විය. විදු පහළ විය. එළිය පහළ වී යයි.
Pali BJT3. 4. 2.
Sinhala BJT3. 4. 2.
Pali BJTවිරාගසුත්තං
Sinhala BJTවිරාග සූත්‍රය
Pali BJT1210. චත්තාරො මෙ භික්ඛවෙ, සතිපට්ඨානා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තීති.
Sinhala BJT1210. මහණෙනි, මේ සිවුසීවටන්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය ක්ලේශව්‍යපශමය විශිෂ්ටඥානය චතුස්සත්‍යාවබෝධය නිර්‍වාණය පිණිස පවතිත්. කවර සිවුසීවටන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සිවුසීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු ඒකාන්ත නිර්වේදය විරාගය නිරෝධය ක්ලේශව්‍යපශමය විශිෂ්ටඥානය චතුස්සත්‍යාවබෝධය නිර්‍වාණය පිණිස පවතිත් යි.
Pali BJT3. 4. 3.
Sinhala BJT3. 4. 3.
Pali BJTවිරද්ධසුත්තං
Sinhala BJTවිරජ්ජ සූත්‍රය
Pali BJT1211. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා විරද්ධා විරද්ධො තෙසං අරියො{1} මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමී. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා ආරද්ධා, ආරද්ධො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමී. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානා විරද්ධා, විරද්ධො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමී. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, ඉමෙ චත්තාරො සතිපට්ඨානා ආරද්ධා, ආරද්ධො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමීති.
Sinhala BJT1211. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සිවුසීවටන්හු වරද්දන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග වරද්දන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සිවුසීවටන්හු අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග අරඹන ලද්දේ ය. කවර සිවුසීවටන්හු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ කයෙහි කය අනුව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් මේ සිවුසීවටන්හු වරද්දන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග වරද්දන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සිවුසීවටන්හු අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන අරීමග අරඹන ලද්දේ යි.
Pali BJT3. 4. 4.
Sinhala BJT3. 4. 4.
Pali BJTභාවිතසුත්තං
Sinhala BJTභාවිත සූත්‍රය
Pali BJT1212. චත්තාරො මෙ භික්ඛවෙ, සතිපට්ඨානා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත්තන්ති. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී -පෙ- වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත්තන්තීති.
Sinhala BJT1212. මහණෙනි, මේ සතරසතිපට්ඨානයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යාම පිණිස පවතිත්, කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව ... වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ සතරසතිපට්ඨානයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත් යි.
Pali BJT3. 4. 5.
Sinhala BJT3. 4. 5.
Pali BJTසතොසුත්තං
Sinhala BJTසතෝ සූත්‍රය
Pali BJT1213. සතො භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය සම්පජානො. අයං වො අම්හාකං අනුසාසනී. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සතො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී -පෙ- වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සතො හොති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සම්පජානො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛුනො විදිතා වෙදනා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. විදිතා විතක්කා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. විදිතා සඤ්ඤා උප්පජ්ජන්ති, විදිතා උපට්ඨහන්ති, විදිතා අබ්භත්ථං ගච්ඡන්ති. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සම්පජානො හොති. සතො භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය සම්පජානො. අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJT1213. මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නේය. මෙය තොපට අපගේ අනුසාසනා යි. මහණෙනි, කෙසේ නම් මහණ සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව … විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ මනා දැනුම් ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණහට වේදනාවෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. විතර්‍කයෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. සංඥාවෝ දන්නා ලද්දාහු උපදිත්. දන්නා ලද්දාහු එළඔ සිටිත්. දන්නා ලද්දාහු වැනසීමට යෙත්. මහණෙනි, මෙසේ මහණ මනා දැනුම් ඇත්තේ වෙයි. මහණෙනි, මහණ සිහි ඇති ව මනා දැනුම් ඇති ව වෙසෙන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.
Pali BJT3. 4. 6.
Sinhala BJT3. 4. 6.
Pali BJTඅඤ්ඤාසුත්තං
Sinhala BJTඅඤ්ඤා සූත්‍රය
Pali BJT1214. චත්තාරො මෙ භික්ඛවෙ, සතිපට්ඨානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී -පෙ- වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: “දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා”ති.
Sinhala BJT1214. මහණෙනි, මේ සතිපට්ඨාන සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව ... විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සතර සතිපට්ඨාන වැඩූ බැවින් බහුල කළ බැවින් උභය ඵලයන් ගෙන් එක්තරා ඵලයක් කැමති විය යුතු යි. දිටුදැමියෙහි රහත්බව හෝ උපාදානශේෂ ව ඇති කල්හි අනගැමි බව හෝ යි.
Pali BJT3. 4. 7.
Sinhala BJT3. 4. 7.
Pali BJTඡන්දසුත්තං
Sinhala BJTඡන්‍ද සූත්‍රය
Pali BJT1215. චත්තාරො මෙ භික්ඛවෙ, සතිපට්ඨානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස කායෙ කායානුපස්සිනො විහරතො යො කායස්මිං ඡන්දො සො පහීයති. ඡන්දස්ස පහානා අමතං සච්ඡිකතං හොති. වෙදනාසු -පෙ- යො වෙදනාසු{1} ඡන්දො සො පහීයති. ඡන්දස්ස පහානා අමතං සච්ඡිකතං හොති. චිත්තෙ -පෙ- යො චිත්තම්හි ඡන්දො සො පහීයති. ඡන්දස්ස පහානා අමතං සච්ඡිකතං හොති. ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස ධම්මෙසු ධම්මානුපස්සිනො විහරතො යො ධම්මෙසු ඡන්දො සො පහීයති. ඡන්දස්ස පහානා අමතං සච්ඡිකතං හොතීති.
Sinhala BJT1215. මහණෙනි, මේ සතිපට්ඨාන සතරකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට කයෙහි යම් තෘෂ්ණාඡන්‍දයෙක් වේ නම් එය ප්‍රහීණ වේ. ඡන්‍දය ප්‍රහීණ වීමෙන් නිවන පසක් කරන ලද්දේ වේ. වෙදනාහි ... වේදනායෙහි යම් තෘෂ්ණාඡන්‍දයෙක් වේ නම් එය ප්‍රහීණ වේ. ඡන්‍දය ප්‍රහීණ වීමෙන් නිවන පසක් කරන ලද්දේ වේ. සිත්හි ... සිත්හි යම් තෘෂ්ණාඡන්‍දයෙක් වේ නම් එය ප්‍රහීණ වේ. ඡන්‍දය ප්‍රහීණ වීමෙන් නිවන පසක්කරන ලද්දේ වේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට දහම්හි යම් තෘෂ්ණාඡන්‍දයෙක් වේ නම් එය ප්‍රහීණ වේ. ඡන්‍දය ප්‍රහීණ වීමෙන් නිවන පසක්කරන ලද්දේ වේ යි.
Pali BJT3. 4. 8.
Sinhala BJT3. 4. 8.
Pali BJTපරිඤ්ඤාතසුත්තං
Sinhala BJTපරිඤ්ඤාත සූත්‍රය
Pali BJT1216. චත්තාරොමෙ භික්ඛවෙ, සතිපට්ඨානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස කායෙ කායානුපස්සිනො විහරතො කායො පරිඤ්ඤාතො හොති. කායස්ස පරිඤ්ඤාතත්තා අමතං සච්ඡිකතං හොති. වෙදනාසු -පෙ- වෙදනා පරිඤ්ඤාතා හොන්ති. වෙදනානං{1} පරිඤ්ඤාතත්තා අමතං සච්ඡිකතං හොති. චිත්තෙ -පෙ- චිත්තං පරිඤ්ඤාතං හොති. චිත්තස්ස පරිඤ්ඤාතත්තා අමතං සච්ඡිකතං හොති. ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස ධම්මෙසු ධම්මානුපස්සිනො විහරතො ධම්මා පරිඤ්ඤාතා හොන්ති. ධම්මානං පරිඤ්ඤාතත්තා අමතං සච්ඡිකතං හොතීති.
Sinhala BJT1216. මහණෙනි, මේ සතිපට්ඨාන සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි කය අනුව දක්නාසුලු ව වෙසෙන ඔහු විසින් කය පිරිසිඳ දන්නා ලද්දේ වෙයි. කය පිරිසිඳ දත් බැවින් නිවන පසක් කරන ලද්දේ වේ. වේදනාහි ... වේදනාව පිරිසිඳ දන්නා ලද්දී වේ. වේදනාව පිරිසිඳ දත් බැවින් නිවන පසක් කරන ලද්දේ වේ. සිත්හි ... සිත පිරිසිඳ දන්නා ලද්දේ වේ. සිත පිරිසිඳ දත් බැවින් නිවන පසක්කරන ලද්දේ වේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනුව දක්නාසුලු ව වෙසෙන ඔහු විසින් දහම්හු පිරිසිඳ දන්නා ලද්දාහු වෙති. දහම් පිරිසිඳ දත් බැවින් නිවන පසක්කරන ලද්දේ වේ යි.
Pali BJT3. 4. 9.
Sinhala BJT3. 4. 9.
Pali BJTභාවනාසුත්තං
Sinhala BJTභාවනා සූත්‍රය
Pali BJT1217. චතුන්නං භික්ඛවෙ, සතිපට්ඨානානං භාවනං දෙසිස්සාමි. තං සුණාථ. කතමා ච භික්ඛවෙ, චතුන්නං සතිපට්ඨානානං භාවනා: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං ඛො භික්ඛවෙ{1}, චතුන්නං සතිපට්ඨානානං භාවනාති.
Sinhala BJT1217. මහණෙනි, සිවු සීවටන් වැඩීම දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සිවු සීවටන් වැඩීම කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සිවුසීවටන් වැඩීම යි.
Pali BJT3. 4. 10.
Sinhala BJT3. 4. 10.
Pali BJTවිභඞ්ගසුත්තං
Sinhala BJTවිභඞ්ග සූත්‍රය
Pali BJT1218. සතිපට්ඨානඤ්ච වො භික්ඛවෙ, දෙසිස්සාමි සතිපට්ඨානභාවනඤ්ච සතිපට්ඨානභාවනාගාමිනිඤ්ච පටිපදං. තං සුණාථ. කතමඤ්ච භික්ඛවෙ, සතිපට්ඨානං: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉදං වුච්චති භික්ඛවෙ, සතිපට්ඨානං.
Sinhala BJT1218. මහණෙනි, සතිපට්ඨානයත් සතිපට්ඨාන වැඩීමත් සතිපට්ඨාන වැඩීමට යන පිළිවෙතත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සතිපට්ඨාන කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සතිපට්ඨාන යයි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, සතිපට්ඨානභාවනා: ඉධ භික්ඛවෙ, භික්ඛු සමුදයධම්මානුපස්සී කායස්මිං විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වයධම්මානුපස්සී කායස්මිං විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සමුදයවයධම්මානුපස්සී කායස්මිං විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සමුදයධම්මානුපස්සී වෙදනාසු විහරති -පෙ- සමුදයවයධම්මානුපස්සී වෙදනාසු විහරති -පෙ- සමුදයධම්මානුපස්සී චිත්තස්මිං
Sinhala BJTමහණෙනි, සතිපට්ඨාන වැඩීම කවරේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි හටගැනුම් ස්වභාවය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි වැනසුම් සැහැවි පුනපුනා දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. කයෙහි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාවන්හි හටගැනුම් ස්වභාවය අනුව දක්නාසුලු ව ... වෙසේ. වේදනාවන්හි වැනසුම් ස්වභාවය අනු ව දක්නාසුලු ව ... වෙසේ. වේදනාවන්හි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය අනුව දක්නාසුලු ව ... වෙසේ ... සිත්හි හටගැනුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව ...
Pali BJTවිහරති -පෙ- වයධම්මානුපස්සී චිත්තස්මිං විහරති -පෙ- සමුදයවයධම්මානුපස්සී චිත්තස්මිං විහරති -පෙ- සමුදයධම්මානුපස්සී ධම්මෙසු විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වයධම්මානුපස්සී ධම්මෙසු විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. සමුදයවයධම්මානුපස්සී ධම්මෙසු විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අයං වුච්චති භික්ඛවෙ, සතිපට්ඨානභාවනා.
Sinhala BJTවෙසේ. සිත්හි වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව ... වෙසේ. සිත්හි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව වෙසේ. දහම්හි හටගැනුම් ස්වභාවය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි වැනසුම් ස්වභාවය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි හටගැනුම් ස්වභාවය හා වැනසුම් ස්වභාවය පුනපුනා දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ සතිපට්ඨාන වැඩීමය යි කියනු ලැබේ.
Pali BJTකතමා ච භික්ඛවෙ, සතිපට්ඨානභාවනාගාමිනී පටිපදා: අයමෙව අරියො අට්ඨඞ්ගිකො මග්ගො. සෙය්යථිදං: සම්මාදිට්ඨි -පෙ- සම්මාසමාධි. අයං වුච්චති භික්ඛවෙ, සතිපට්ඨානභාවනාගාමිනී පටිපදාති.
Sinhala BJTමහණෙනි, සතිපට්ඨාන වැඩීමට යන පිළිවෙත කවරේද යත්: මේ අරිඅටඟිමඟ මැ යි. එනම්: සම්මාදිට්ඨි ... සම්මාසමාධි යි. මහණෙනි, මේ සතිපට්ඨාන වැඩීමට යන පිළිවෙතැ යි කියනු ලැබේ යි.
Pali BJTඅනනුස්සුතවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි අනනුස්සුතවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඅනනුස්සුතං විරාගො ච විරද්ධං භාවිතො සතො අඤ්ඤා ච ඡන්දො පරිඤ්ඤාතො භාවනා විභඞ්ගෙන චාති.
Sinhala BJTඅනනුස්සුත, විරාග, විරද්ධ, භාවිත, සතෝ, අඤ්ඤා, ඡන්‍ද, පරිඤ්ඤාත, භාවනා යන සූත්‍ර නවය විභඞ්ග සූත්‍රයෙන් දසයෙක් වේ යි.
Pali BJT5. අමතවග්ගො
Sinhala BJT5. අමත වර්‍ගය
Pali BJT3. 5. 1.
Sinhala BJT3. 5. 1.
Pali BJTඅමතසුත්තං
Sinhala BJTඅමත සූත්‍රය
Pali BJT1219. චතූසු භික්ඛවෙ, සතිපට්ඨානෙසු සුපට්ඨිතචිත්තා විහරථ. මා වො අමතං පනස්ස. කතමෙසු චතූසු: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසු භික්ඛවෙ, චතූසු සතිපට්ඨානෙසු සුපට්ඨිතචිත්තා විහරථ. මා වො අමතං පනස්සාති.
Sinhala BJT1219. මහණෙනි, සිවු සීවටන්හි එළඹ සිටි සිත් ඇති ව වෙසෙවු. තොපට නිවන නො නැසේවා. කවර සිවු සීවටන්හි ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, මේ සිවු සීවටන්හි එළඹ සිටි සිත් ඇති ව වෙසෙවු. තොපට නිවන නො නැසේවා යි.
Pali BJT3. 5. 2.
Sinhala BJT3. 5. 2.
Pali BJTසමුදයසුත්තං
Sinhala BJTසමුදය සූත්‍රය
Pali BJT1220. සාවත්ථියං:
Sinhala BJT1220. සැවැත්නුවර:
Pali BJTචතුන්නං භික්ඛවෙ, සතිපට්ඨානානං සමුදයඤ්ච අත්ථගමඤ්ච දෙසිස්සාමි. තං සුණාථ. කො ච භික්ඛවෙ, කායස්ස සමුදයො. ආහාරසමුදයා කායස්ස සමුදයො{1}, ආහාරනිරොධා කායස්ස අත්ථගමො. ඵස්සසමුදයා වෙදනානං සමුදයො.{2} ඵස්සනිරොධා වෙදනානං අත්ථගමො. නාමරූපසමුදයා චිත්තස්ස සමුදයො. නාමරූපනිරොධා චිත්තස්ස අත්ථගමො. මනසිකාරසමුදයා ධම්මානං සමුදයො. මනසිකාරනිරොධා ධම්මානං අත්ථගමොති.
Sinhala BJTමහණෙනි, සිවුසීවටන් හි සමුදයත් අත්‍ථගමයත් දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, කයෙහි සමුදය කිමෙක් ද යත්: ආහාරසමුදයයෙන් කයෙහි හට ගැනීම වේ, ආහාරනිරෝධයෙන් කයෙහි අස්තඞ්ගමය වේ. ඵස්ස සමුදයයෙන් වේදනාවන්ගේ හට ගැනීම වේ. ඵස්ස නිරෝධයෙන් වේදනාවන්ගේ අස්තඞ්ගමය වේ. නාමරූපසමුදයයෙන් සිතේහටගැනීම වේ. නාමරූපනිරෝධයෙන් සිතේ අස්තඞ්ගමය වේ. මනසිකාරසමුදයයෙන් ධර්‍මයන්ගේ හටගැනීම වේ. මනසිකාරනිරෝධයෙන් ධර්‍මයන්ගේ අස්තඞ්ගමය වේ යි.
Pali BJT3. 5. 3.
Sinhala BJT3. 5. 3.
Pali BJTමග්ගසුත්තං
Sinhala BJTමග්ග සූත්‍රය
Pali BJT1221. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි. එකමිදාහං භික්ඛවෙ, සමයං උරුවෙලායං විහරාමි, නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධෙ පඨමාභිසම්බුද්ධො. තස්ස මය්හං භික්ඛවෙ, රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි:
Sinhala BJT1221. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, මම බුදු ව පළමු කොට එක්සමයෙක උරුවෙල්දනවුහි නේරඤ්ජා ගංඉවුරෙහි අජපල්නුගරුක මුල්හි වෙසෙමි. මහණෙනි, එකලා වූ විවේකයෙන් යුත් ඒ මට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය:
Pali BJTඑකායනොයං{1} මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං{2} සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: කායෙ වා භික්ඛු කායානුපස්සී විහරෙය්ය, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වා භික්ඛු වෙදනානුපස්සී විහරෙය්ය -පෙ- චිත්තෙ වා භික්ඛු චිත්තානුපස්සී විහරෙය්ය -පෙ- ධම්මෙසු වා භික්ඛු ධම්මානුපස්සී විහරෙය්ය ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එකායනො’යං මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා”ති.{3}
Sinhala BJT“යම් මේ සතරසතිපට්ඨාන කෙනෙක් වෙත් නම් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවීම පිණිස දුක් දොම්නස් දුරු කිරීම පිණිස අරිඅටඟිමඟ අවබෝධ කරනු පිණිස නිවන පසක්කිරීම පිණිස මේ එක ම මඟය. කවර සතරෙක් ද යත්: මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතිව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. මහණ විඳුම්හි හෝ විඳුම් අනුව දක්නාසුලු ව ... වෙසෙන්නේ ය. මහණ සිත්හි හෝ සිත් අනුව දක්නාසුලු ව වෙසෙන්නේ ය. මහණ දහම්හි හෝ දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. යම් මේ සතරසතිපට්ඨාන කෙනෙක් වෙත් නම් සත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවනු පිණිස දුක් දොම්නස් දුරු කරනු පිණිස අරිඅටඟිමඟ අවබෝධ කරනු පිණිස නිවන පසක්කරනු පිණිස මේ එක ම මඟ වේ” යි.
Pali BJTඅථ ඛො භික්ඛවෙ, බ්රහ්මා සහම්පති මම චෙතසා චෙතොපරිවිතක්කමඤ්ඤාය සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං බ්රහ්මලොකෙ අන්තරහිතො මම පුරතො පාතුරහොසි. අථ ඛො භික්ඛවෙ, බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙනාහං තෙනඤ්ජලිං පණාමෙත්වා මං එතදවොච:
Sinhala BJTමහණෙනි, එකල්හි සහම්පති බ්‍රහ්මතෙමේ මාගේ චිත්තවිතර්‍කය සියසිතින් දැන යම්සේ බලවත් පුරුෂයෙක් හැකුළූ අතක් හෝ දිගු කරන්නේද; දිගු කළ අතක් හෝ හකුලුවන්නේද: එසෙයින් ම බඹලොව අතුරුදන් ව මා ඉදිරියෙහි පහළ විය. මහණෙනි, ඉක්බිති සහම්පති බ්‍රහ්ම උතුරුසඟ එකස් කොට මා වෙත එළඹැ ඇඳිලි බැඳ මට මෙසේ සැලකෙළේ ය:
Pali BJTඑවමෙතං භගවා, එවමෙතං සුගත, එකායනො’යං භන්තෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: කායෙ වා භන්තෙ, භික්ඛු කායානුපස්සී විහරෙය්ය ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, වෙදනාසු වා භන්තෙ භික්ඛු වෙදනානුපස්සී විහරෙය්ය -පෙ- චිත්තෙ වා භන්තෙ භික්ඛු චිත්තානුපස්සී විහරෙය්ය -පෙ- ධම්මෙසු වා භන්තෙ, භික්ඛු ධම්මානුපස්සී විහරෙය්ය ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එකායනො’යං භන්තෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානාති. ඉදමවොච භික්ඛවෙ, බ්රහ්මා සහම්පති. ඉදං වත්වා අථාපරං එතදවොච:
Sinhala BJTභාග්‍යවතුන් වහන්ස, මෙය එසේ ය. සුගතයන් වහන්ස, මෙය එසේය. වහන්ස, යම් මේ සතරසතිපට්ඨාන කෙනෙක් වෙත් නම් සත්ත්‍වයන්ගේ විශුද්ධියට ශෝකපරිදේවයන් ඉක්මවීමට දුක් දොම්නස් දුරු කිරීමට ඤායය අවබෝධ කිරීමට නිවන පසක්කිරීමට මේ එක ම මඟ ය. කවර සතරෙක් ද යත්: වහන්ස, මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. වහන්ස, මහණ විඳුම්හි හෝ විඳුම් අනුව දක්නාසුලු ව ... වෙසෙන්නේ ය. වහන්ස, මහණ සිත්හි හෝ සිත් අනුව දක්නාසුලු ව ... වෙසෙන්නේ ය. වහන්ස, මහණ දහම්හි හෝ දහම් අනුව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේය. වහන්ස, යම් මේ සතර සතිපට්ඨානකෙනෙක් වෙත් නම් සත්ත්‍වයන්ගේ විශුද්ධියට ශෝකපරිදේවයන් ඉක්මවීමට දුක් දොම්නස් දුරු කිරීමට ඤායය අවබෝධ කිරීමට නිවන පසක් කිරීමට මේ එක ම මඟ වේ යි. මහණෙනි, සහම්පති බ්‍රහ්ම තෙමේ මෙය කී ය. මෙය කියා යළි මේ ගය ද කී:
Pali BJTඑකායනං ජාතිඛයන්තදස්සී{4} මග්ගං පජානාති හිතානුකම්පී එතෙන මග්ගෙන අතංසු{5} පුබ්බෙ තරිස්සන්ති යෙ ච තරන්ති ඔඝන්ති.
Sinhala BJTනිවන දක්නාසුලු වූ හිතානුකම්පා ඇති භාග්‍යවතුන් වහන්සේ ඒකායනමාර්‍ගය (-සිවුසීවටන්) දන්නා සේක. යම් කෙනෙක් (දැන් යම් මඟකින්) චතුරෝඝ තරණය කෙරෙත් නම් පෙරත් මේ මඟින් තරණය කළහ. (මතුත්) තරණය කරන්නාහ යි.
Pali BJT3. 5. 4.
Sinhala BJT3. 5. 4.
Pali BJTසතොසුත්තං
Sinhala BJTසතෝ සූත්‍රය
Pali BJT1222. සතො භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය. අයං වො අම්හාකං අනුසාසනී. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සතො හොති: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සතො හොති. සතො භික්ඛවෙ, භික්ඛු විහරෙය්ය. අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJT1222. මහණෙනි. මහණ සිහි ඇති ව වෙසෙන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි. මහණෙනි, කෙසේ නම් මහණ සිහි ඇත්තේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මෙසේ මහණ සිහි ඇත්තේ වේ. මහණෙනි, මහණ සිහි ඇතිව වෙසෙන්නේ ය. මේ තොපට අපගේ අනුශාසනා යි.
Pali BJT3. 5. 5.
Sinhala BJT3. 5. 5.
Pali BJTකුසලරාසිසුත්තං
Sinhala BJTකුසලරාසි සූත්‍රය
Pali BJT1223. කුසලරාසීති භික්ඛවෙ, වදමානො චත්තාරො සතිපට්ඨානෙ සම්මාවදමානො වදෙය්ය. කෙවලො චායං{1} භික්ඛවෙ, කුසලරාසි යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී -පෙ- වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. කුසලරාසීති භික්ඛවෙ, වදමානො ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ සම්මා වදමානො වදෙය්ය. කෙවලො හයං භික්ඛවෙ, කුසලරාසි. යදිදං චත්තාරො සතිපට්ඨානාති.
Sinhala BJT1223. මහණෙනි, කුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ සතිපට්ඨානසතර කියන්නේ ය. මහණෙනි, යම් මේ සතිපට්ඨාන සතරෙක් වේ නම් මෙය හුදු කුසල් රැසෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව ... විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙ යි. මහණෙනි, කුසල්රැසැ යි කියන්නෙක් මැනවින් කියන්නේ මේ සතරසතිපට්ඨාන කියන්නේය. මහණෙනි, යම් මේ සතිපට්ඨාන සතරෙක් වේ නම් මෙය හුදු කුසල් රැසෙකි යි.
Pali BJT3. 5. 6.
Sinhala BJT3. 5. 6.
Pali BJTපාතිමොක්ඛසුත්තං
Sinhala BJTපාතිමොක්ඛ සූත්‍රය
Pali BJT1224. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.”
Sinhala BJT1224. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පස් ව හුන්නේය. එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැලකළේය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගෙන් යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වැර ඇතියෙම් නිවන පිණිස මෙහෙයූ සිත් ඇතියෙම් වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ (එබඳු) දහමක් සැකෙවින් මට දේශනා කරනු මැනවි”’ යි.
Pali BJTතස්මාතිහ ත්වං භික්ඛු, ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම්මෙසු. කො ච ආදි කුසලානං ධම්මානං: ඉධ ත්වං භික්ඛු, පාතිමොක්ඛසංවරසංවුතො විහරාහි ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛසි{1} සික්ඛාපදෙසු. යතො ඛො ත්වං භික්ඛු, පාතිමොක්ඛසංවරසංවුතො විහරිස්සසි ආචාරගොචරසම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛිසි සික්ඛාපදෙසු, තතො ත්වං භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය චත්තාරො සතිපට්ඨානෙ භාවෙය්යාසි. කතමෙ චත්තාරො: ඉධ ත්වං භික්ඛු, කායෙ කායානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යතො ඛො ත්වං භික්ඛු, සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙස්සසි, තතො තුය්හං භික්ඛු, යා රත්ති වා දිවසො වා ආගමිස්සති වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු. නො පරිහානීති. අථ ඛො සො භික්ඛු භගවතො භාසිතං -පෙ- අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
Sinhala BJTමහණ, එහෙයින් මෙහි ලා තෙපි කුසල්දහම්හි මුල ම පිරිසිදු කරවු. කුසල්දහමුන්ගේ මුල කිමෙක් ද යත්: මහණ තෙපි මෙහි ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව ආචාරගෝචරසම්පන්න ව අණුමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නාසුලු ව වෙසෙවු. සිඛපදෙහි සමාදන් ව හික්මෙවු. මහණ, යම්කලෙක තෙපි ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් සංවෘත ව ආචාරගෝචරසම්පන්න ව අණුමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නාසුලු ව වෙසෙන්නහු නම් සිඛපදෙහි සමාදන් ව හික්මෙවු නම් මහණ, එකල තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා සිවුසීවටන් වඩාන්නහු. කවර සිවුසීවටන් හු ද යත්: මහණ, මෙහි තෙපි කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. මහණ, යම් කලෙක තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා මේ සිවුසීවටන් මෙසේ වඩන්නහු නම් මහණ, එකල තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණේ ද, කුසල්දහම්හි වැඩීම ම කැමති විය යුතු. පිරිහීම නොකැමති විය යුතු. එකල්හි ඒ මහණ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව ... ඒ මහණ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක්ද වූහ යි.
Pali BJT3. 5. 7.
Sinhala BJT3. 5. 7.
Pali BJTදුච්චරිතසුත්තං
Sinhala BJTදුච්චරිත සූත්‍රය
Pali BJT1225. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “සාධු මෙ භන්තෙ, භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති.”
Sinhala BJT1225. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා ව ගණයා කෙරෙන් වෙන් වූයෙම් නො පමා ව කෙලෙස් තවන වැර ඇතියෙම් කාදිවිදෙක්හි නිරපේක්‍ෂකයෙම් වෙසෙන්නෙම් නම් භාග්‍යවතුන් වහන්සේ (එබඳු) දහමක් සැකෙවින් මට දේශනා කරන සේක් නම් මැනැවි” යි.
Pali BJTතස්මාතිහ ත්වං භික්ඛු, ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම්මෙසු: කො ච ආදි කුසලානං ධම්මානං. ඉධ ත්වං භික්ඛු, කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙස්සසි. වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙස්සසි. මනොදුච්චරිතං පහාය මනොසුචරිතං භාවෙස්සසි. යතො ඛො ත්වං භික්ඛු, කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙස්සසි, වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙස්සසි, මනොදුච්චරිතං පහාය මනොසුචරිතං භාවෙස්සසි, තතො ත්වං භික්ඛු, සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය චත්තාරො සතිපට්ඨානෙ භාවෙය්යාසි. කතමෙ චත්තාරො: ඉධ ත්වං භික්ඛු, කායෙ කායානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යතො ඛො ත්වං භික්ඛු, සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙස්සසි, තතො තුය්හං භික්ඛු, යා රත්ති වා දිවසො වා ආගමිස්සති වුද්ධි යෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු නො පරිහානීති. -පෙ- අඤ්ඤතරො ච පන සො භික්ඛු අරහතං අහොසීති.
Sinhala BJTමහණ, එසේ නම් තෙපි මෙහිලා කුසල්දම්හි මුල ම පිරිසිදු කරවු. කුසල්දහමුන්ගේ මුල කිමෙක් ද යත්: මහණ මෙහි තෙපි කාය දුශ්චරිතය හැර කායසුචරිතය වඩන්නහු වාග්දුශ්චරිතය හැර වාක්සුචරිතය වඩන්නහු. මනෝ දුශ්චරිතය හැර මනඃසුචරිතය වඩාන්නහු. මහණ, තෙපි යම් කලෙක කායදුශ්චරිතය හැර කායසුචරිතය වඩන්නහු නම් වාග්දුශ්චරිතය හැර වාක්සුචරිතය වඩන්නහු නම් මනෝදුශ්චරිතය හැර මනඃසුචරිතය වඩාන්නහු නම් මහණ, එකල්හි තෙපි සීලය නිසා සීලයෙහි පිහිටා සිවුසීවටන් වඩන්නහු. කවර සිවුසීවටන්හු ද යත්: මහණ, මෙහි තෙපි කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇතිව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. මහණ, තෙපි යම් කලෙක සීලය නිසා සීලයෙහි පිහිටා මේ සිවුසීවටන් මෙසේ වඩන්නහු ද; මහණ, එකල්හි තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණෙන්නේ නම් කුසල්දහම්හි පිරිහීමෙක් නොව වැඩීමෙක්ම කැමති විය යුතුයි ... ඒ මහණ ද රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් වූහ යි.
Pali BJT3. 5. 8.
Sinhala BJT3. 5. 8.
Pali BJTමිත්තසුත්තං
Sinhala BJTමිත්ත සූත්‍රය
Pali BJT1226. යෙ භික්ඛවෙ, අනුකම්පෙය්යාථ, යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං, මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා, තෙ වො භික්ඛවෙ, චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බා. කතමෙසං චතුන්නං: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යෙ භික්ඛවෙ, අනුකම්පෙය්යාථ, යෙ ච සොතබ්බං මඤ්ඤෙය්යුං, මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා තෙ වො භික්ඛවෙ, ඉමෙසං චතුන්නං සතිපට්ඨානානං භාවනාය සමාදපෙතබ්බා, නිවෙසෙතබ්බා, පතිට්ඨාපෙතබ්බාති.
Sinhala BJT1226. මහණෙනි, මිතුරු වූ හෝ ඇමති (යහළු) වූ හෝ නෑ වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනෙකුන්ට අනුකම්පා කරන්නහු නම් යම් කෙනෙක් ඇහුම්කන් දිය යුතු කොට හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවුසීවටන් වැඩීමෙහි සමාදන් කරවිය යුතු හ. වැස් විය යුතු හ. පිහිටු විය යුතු හ. කවර සිවුසීවටන් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලුව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මිතුරු වූ හෝ ඇමති වූ හෝ සහලේ නෑ වූ හෝ යම් කෙනකුන්ට අනුකම්පා කරන්නහු නම් යම් කෙනකුත් ඇහුම්කන් දිය යුතු කොට හඟනාහු නම් මහණෙනි, තොප විසින් ඔහු සිවුසීවටන් වැඩීමෙහි සමාදන් කරවිය යුතුහ. වැස්විය යුතුහ. පිහිටු විය යුතුහ යි.
Pali BJT3. 5. 9.
Sinhala BJT3. 5. 9.
Pali BJTවෙදනාසුත්තං
Sinhala BJTවේදනා සූත්‍රය
Pali BJT1227. තිස්සො ඉමා භික්ඛවෙ, වෙදනා. කතමා තිස්සො: සුඛා වෙදනා, දුක්ඛා වෙදනා, අදුක්ඛමසුඛා වෙදනා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො වෙදනා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං වෙදනානං පරිඤ්ඤාය චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී -පෙ- වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං වෙදනානං පරිඤ්ඤාය ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බාති.
Sinhala BJT1227. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුවවේදනා යි. මහණෙනි, මොහු තුන්වේදනාවෝයි. මහණෙනි, මේ තුන්වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස සිවුසීවටන් වැඩිය යුතු. කවර සිවුසීවටන්හුද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව ... විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ තුන්වේදනාවන් පිරිසිඳ දැනීම පිණිස සිවුසීවටන්හු වැඩිය යුතුහ යි.
Pali BJT3. 5. 10.
Sinhala BJT3. 5. 10.
Pali BJTආසවසුත්තං
Sinhala BJTආසව සූත්‍රය
Pali BJT1228. තයො’මෙ භික්ඛවෙ ආසවා. කතමෙ තයො: කාමාසවො, භවාසවො, අවිජ්ජාසවො. ඉමෙ ඛො භික්ඛවෙ, තයො ආසවා. ඉමෙසං ඛො භික්ඛවෙ, තිණ්ණන්නං ආසවානං පහානාය චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො භික්ඛවෙ, තිණ්ණන්නං ආසවානං පහානාය ඉමෙ චත්තාරො සතිපට්ඨානා භාවෙතබ්බාති.
Sinhala BJT1228. මහණෙනි, මේ ආස්‍රව තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමාස්‍රවය, භවාස්‍රවය, අවිද්‍යාස්‍රවය යි. මහණෙනි, මේ ආස්‍රව තුන යි. මහණෙනි, මේ ආස්‍රව තුන පැහීම පිණිස සතිපට්ඨාන සතර වැඩිය යුතු. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි … දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මේ ආස්‍රව තුන පැහීම පිණිස මේ සතිපට්ඨාන සතර වැඩිය යුතු යි.
Pali BJTඅමතවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි අමත වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඅමතං සමුදයො මග්ගො සතො කුසලරාසි ච, පාතිමොක්ඛං දුච්චරිතං මිත්තො වෙදනා’සවෙනාති.
Sinhala BJTඅමත, සමුදය, මග්ග, සතෝ, කුසලරාසි, පාතිමොක්ඛ, දුච්චරිත, මිත්ත, වේදනා, ආසව යී දශසූත්‍රාන්තකෙනෙකි යි.
Pali BJT6. ගඞ්ගාපෙය්යාලවග්ගො
Sinhala BJT6. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
Pali BJT3. 6. 1-48.
Sinhala BJT3. 6. 1-48.
Pali BJTගඞ්ගාදිසුත්තානි
Sinhala BJTගඞ්ගාදි සූත්‍ර
Pali BJT1229-1276. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT1229-1276. මහණෙනි, යම්සේ ගඞ්ගානදිය පෙරදිගට නැමුනී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද ... නිවනට බර වූයේ වේ යි.
Pali BJT(ගඞ්ගාපෙය්යාලං සතිපට්ඨානවසෙන විත්ථාරෙතබ්බං)
Sinhala BJT(ගඞ්ගාපෙය්‍යාලවර්‍ගය සතිපට්ඨාන වශයෙන් විස්තර කට යුතු)
Pali BJTගඞ්ගාපෙය්යාලවග්ගො ඡට්ඨො.
Sinhala BJTසවැනි ගඞ්ගාපෙය්‍යාලවර්‍ගය යි.