Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12901-13000 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස වෙදනාසු වෙදනානුපස්සිනො විහරතො වෙදනාරම්මණො වා උප්පජ්ජති කායස්මිං පරිළාහො -පෙ- පජානාති.
Sinhala BJTආනන්‍ද, නැවත අනෙකක් ද කියමි: මහණ වේදනාවන් හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව වේදනාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාවන් හි වේදනා අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුට වේදනා අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී … දැනගනී.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු චිත්තෙ චිත්තානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස චිත්තෙ චිත්තානුපස්සිනො විහරතො චිත්තාරම්මණො වා උප්පජ්ජති කායස්මිං පරිළාහො -පෙ- පජානාති.
Sinhala BJTආනන්‍ද, නැවත අනෙකක් ද කියමි: මහණ සිත්හි සිත් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව සිත්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. සිත්හි සිත් අනුව දක්නාසුලු ව වෙසෙන ඔහුට සිත් අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී … දැනගනී.
Pali BJTපුන චපරං ආනන්ද, භික්ඛු ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස ධම්මෙසු ධම්මානුපස්සිනො විහරතො ධම්මාරම්මණො වා උප්පජ්ජති කායස්මිං පරිළාහො, චෙතසො වා ලීනත්තං, බහිද්ධා වා චිත්තං වික්ඛිපති. තෙනහානන්ද, භික්ඛුනා කිස්මිචිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහිතබ්බං. තස්ස කිස්මිචිදෙව පසාදනීයෙ නිමිත්තෙ චිත්තං පණිදහතො පාමුජ්ජං ජායති, පමුදිතස්ස පීති ජායති, පීතිමනස්ස කායො පස්සම්භති, පස්සද්ධකායො සුඛං වෙදෙති, සුඛිනො චිත්තං සමාධියති. සො ඉති පටිසඤ්චික්ඛති: “යස්ස ඛො’හං අත්ථාය චිත්තං පණිදහිං, සො මෙ අත්ථො අභිනිප්ඵන්නො. “හන්දදානි පටිසංහරාමී”ති. සො පටිසංහරති චෙව න ච විතක්කෙති, න ච විචාරෙති, අවිතක්කොම්හි අවිචාරො, අජ්ඣත්තං සතිමා සුඛිතස්මී”ති පජානාති. එවං ඛො ආනන්ද, පණිධාය භාවනා හොති.
Sinhala BJTආනන්‍ද, නැවත අනෙකක් ද කියමි: මහණ දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුට දහම් අරමුණු කොට ඇති කයෙහි දැවිල්ලෙක් හෝ උපදී. සිතේ සැඟවුණු බවෙක් හෝ වේ. පිටත හෝ සිත විසිරේ. ආනන්‍ද, ඒ මහණහු විසින් පැහැදිය යුතු කිසියම් නිමිත්තෙක සිත පිහිටුවියයුතු. පැහැදියයුතු කිසියම් නිමිත්තෙක සිත පිහිටුවන ඔහුට ප්‍රමුදිත භාවය උපදී. හටගත් ප්‍රමෝද ඇත්තහුට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සැහැල්ලු වේ. සැහැල්ලු කය ඇත්තේ සුව විඳී. සුව ඇත්තහුගේ සිත එකඟ වේ. හේ මම යමක් පිණිස සිත පිහිටුවෙම් නම් ඒ අරුත මට නිපන. ඒකාන්තයෙන් දැන් ආපසු හැර ගනිමි”යි මෙසේ නුවණින් සලකා බලයි. හේ ආපසු හැර ගැනීමත් කෙරෙයි. විතර්‍ක නො ද කෙරෙයි. විචාර නො ද කෙරෙයි. විතර්‍ක නැත්තෙම් විචාර නැත්තෙම් ඇතුළත සිහි ඇත්තෙම් හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී. ආනන්‍ද, මෙසේ (සිත) පිහිටුවා වැඩීම වේ.
Pali BJTකථඤ්චානන්ද , අප්පණිධාය භාවනා හොති: බහිද්ධා ආනන්ද, භික්ඛු චිත්තං අප්පණිධාය “අප්පණිහිතං මෙ බහිද්ධා චිත්තන්ති” පජානාති. අථ පච්ඡා පුරෙ අසඞ්ඛිත්තං විමුත්තං අප්පණිහිතන්ති පජානාති. අථ ච පන කායෙ කායානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා සුඛිතස්මී{1}ති පජානාති.
Sinhala BJTආනන්‍ද, (සිත) නොපිහිටුවා වැඩීම කෙසේ වේ ද යත්: ආනන්‍ද, මහණ පිටත සිත නොපිහිටුවා මාගේ සිත පිටත නො පිහිටුවන ලදැ යි දැනගනී. නැවත පසුව පෙර නො හැකුළුනේ මිදුණේ නො පිහිටුවන ලද්දේ ය යි දැනගනී. එසේ වතුදු කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව වෙසෙමි. හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී.
Pali BJTබහිද්ධානන්ද, භික්ඛු චිත්තං අප්පණිධාය “අප්පණිහිතං මෙ බහිද්ධා චිත්තන්ති” පජානාති. අථ පච්ඡා පුරෙ අසඞ්ඛිත්තං විමුත්තං අප්පණිහිතන්ති පජානාති. අථ ච පන වෙදනාසු වෙදනානුපස්සී විහරාමි, ආතාපී සම්පජානො සතිමා සුඛිතස්මීති පජානාති.
Sinhala BJTආනන්‍ද, මහණ පිටත සිත නො පිහිටුවා මාගේ සිත පිටත නො පිහිටුවන ලදැ යි දැනගනී. නැවත පසුව පෙර නො හැකුළුනේ මිදුණේ නො පිහිටුවන ලද්දේ ය යි දැනගනී. එසේ වතු දු වේදනාවන්හි වේදනා අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව වෙසෙමි, හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී.
Pali BJTබහිද්ධානන්ද, භික්ඛු චිත්තං අප්පණිධාය “අප්පණිහිතං මෙ බහිද්ධා චිත්තන්ති” පජානා’ති. අථ පච්ඡා පුරෙ අසඞ්ඛිත්තං විමුත්තං අප්පණිහිතන්ති පජානාති. අථ ච පන චිත්තෙ චිත්තානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා සුඛිතස්මීති{1} පජානාති.
Sinhala BJTආනන්‍ද, මහණ පිටත සිත නො පිහිටුවා මාගේ සිත පිටත නො පිහිටුවන ලදැ යි දැනගනී. යළි පසු ව පෙර නො හැකුළුනේ මිදුණේ නො පිහිටුවන ලද්දේ ය යි දැනගනී. එසේ වතුදු සිත්හි සිත් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව වෙසෙමි, හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී.
Pali BJTබහිද්ධානන්ද, භික්ඛු චිත්තං අප්පණිධාය “අප්පණිහිතං මෙ බහිද්ධා චිත්ත”න්ති පජානාති. අථ පච්ඡා පුරෙ අසඞ්ඛිත්තං විමුත්තං අප්පණිහිතන්ති පජානාති. අථ ච පන ධම්මෙසු ධම්මානුපස්සී විහරාමි ආතාපී සම්පජානො සතිමා සුඛිතස්මීති පජානාති. එවං ඛො ආනන්ද, අප්පණිධාය භාවනා හොති.
Sinhala BJTආනන්‍ද, මහණ පිටත සිත නො පිහිටුවා මාගේ සිත පිටත නො පිහිටුවන ලදැයි දැනගනී. යළි පසු ව පෙර නො හැකුළුනේ මිදුණේ නො පිහිටුවන ලද්දේ ය යි දැනගනී. එසේ වතුදු දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇතියෙම් මනාදැනුම් ඇතියෙම් සිහි ඇතියෙම් වෙසෙමි, හටගත් සුව ඇත්තෙම් වෙමි යි දැනගනී. ආනන්‍ද, මෙසේ (සිත) නො පිහිටුවා වැඩීම වේ.
Pali BJTඉති ඛො ආනන්ද, දෙසිතා මයා පණිධාය භාවනා, දෙසිතා අප්පණිධාය භාවනා. යං ආනන්ද, සත්ථාරා කරණීයං සාවකානං හිතෙසිනා අනුකම්පකෙන අනුකම්පං උපාදාය, කතං වො තං මයා: එතානි ආනන්ද, රුක්ඛමූලානි, එතානි සුඤ්ඤාගාරානි, ඣායථානන්ද, මා පමාදත්ථ, මා පච්ඡා විප්පටිසාරිනො අහුවත්ථ, අයං වො අම්හාකං අනුසාසනීති.
Sinhala BJTආනන්‍ද, මෙසේ මා විසින් සිත පිහිටුවා වැඩීම දේශනා කරන ලදී. සිත නො පිහිටුවා වැඩීම දේශනා කරන ලදී. ආනන්‍ද, සව්වන්ට වැඩ කැමති අනුකම්පා කරන ශාස්තෘවරයකු විසින් අනුකම්පාව නිසා යමක් කටයුතු නම් මා විසින් එය තොපට කරන ලදී. ආනන්‍ද, තෙල රුක්මුල් ඇත. තෙල ශුන්‍යාගාර ඇත. ආනන්‍ද, ධ්‍යාන කරවු. නහමක් පමාවවු. පසුව නහමක් විපිළිසර ඇත්තෝ වවු. මේ තොපට අපගේ අනුශාසනා යි.
Pali BJTඅම්බපාලිවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි අම්බපාලිවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTඅම්බපාලි සතො භික්ඛු සාලා කුසලරාසි ච සකුණග්ඝි මක්කටො සූදො ගිලානො භික්ඛුනුපස්සයොති.
Sinhala BJTඅම්බපාලි, සතෝ, භික්ඛු, සාලා, කුසලරාසි, සකුණග්ඝි, මක්කට, සූද, ගිලාන, බික්ඛුනූපස්සය යී දශසූත්‍රාන්තකෙනෙකි යි.
Pali BJT2. නාලන්දාවග්ගො
Sinhala BJT2. නාලන්‍දා වර්‍ගය
Pali BJT3. 2. 1.
Sinhala BJT3. 2. 1.
Pali BJTමහාපුරිසසුත්තං
Sinhala BJTමහාපුරිස සූත්‍රය
Pali BJT1189. සාවත්ථියං:
Sinhala BJT1189. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: “මහාපුරිසො මහාපුරිසොති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො: භන්තෙ, මහාපුරිසො හොතී”ති: විමුත්තචිත්තත්තා ඛො’හං සාරිපුත්ත, මහාපුරිසොති වදාමි. අවිමුත්තචිත්තත්තා නො මහාපුරිසොති වදාමි. කථඤ්ච සාරිපුත්ත, විමුත්තචිත්තො හොති: ඉධ සාරිපුත්ත, භික්ඛු කායෙ කායානුපස්සී විහරති. ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස කායෙ කායානුපස්සිනො විහරතො චිත්තං විරජ්ජති, විමුච්චති අනුපාදාය ආසවෙහි. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. තස්ස ධම්මෙසු ධම්මානුපස්සිනො විහරතො චිත්තං විරජ්ජති, විමුච්චති, අනුපාදාය ආසවෙහි. එවං ඛො සාරිපුත්ත, විමුත්තචිත්තො හොති. විමුත්තචිත්තත්තා ඛො’හං සාරිපුත්ත, මහාපුරිසොති වදාමි. අවිමුත්තචිත්තත්තා නො මහාපුරිසොති වදාමීති.
Sinhala BJTඑකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත් පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මහාපුරිස මහාපුරිස” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් මහාපුරිස වේ දැ?” යි. සාරිපුත්ත, මිදුණු සිත් ඇති බැවින් මහාපුරිස ය යි මම කියමි. නො මිදුණු සිත් ඇති බැවින් මහාපුරිස නො වේ ය යි කියමි. සාරිපුත්ත කෙසේ නම් මිදුණු සිත් ඇත්තේ වේ ද යත්: සාරිපුත්ත, මෙසස්නෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. කයෙහි කය අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුගේ සිත නො ඇලේ. උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. දහම්හි දහම් අනු ව දක්නාසුලු ව වෙසෙන ඔහුගේ සිත නො ඇලේ. උපාදාන රහිත ව කෙලෙසුන්ගෙන් මිදේ. සාරිපුත්ත, මෙසේ මිදුණු සිත් ඇත්තේ වෙයි. සාරිපුත්ත, මිදුණුසිත් ඇති බැවින් මහාපුරිස ය යි මම කියමි. නොමිදුණු සිත් ඇති බැවින් මහාපුරිස නො වේ ය යි කියමි යි.
Pali BJT3. 2. 2.
Sinhala BJT3. 2. 2.
Pali BJTනාලන්දාසුත්තං
Sinhala BJTනාලන්‍දා සූත්‍රය
Pali BJT1190. එකං සමයං භගවා නාලන්දායං විහරති පාවාරිකම්බවනෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො භගවන්තං එතදවොච: “එවංපසන්නො’හං භන්තෙ, භගවති ‘න චාහු න ච භවිස්සති, න චෙතරහි විජ්ජති, අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා භගවතා භිය්යො’භිඤ්ඤතරො යදිදං සම්බොධිය”න්ති.
Sinhala BJT1190. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ නාලන්‍දානුවර සමීපයෙහි පාවාරික අඹවෙනෙහි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... එකත්පස් ව හුන් සැරියුත් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, යම් මේ සව්නේ නුවණෙහි හෝ රහත්මඟ නුවණෙහි ලා භාග්‍යවතුන් වහන්සේට වඩා උත්තරීතර නුවණ ඇති අන් මහණෙක් හෝ බමුණෙක් හෝ නො ද වී ය. නො ද වන්නේ ය. දැනුදු නැත්තේ ය” යි මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිණිමි” යි.
Pali BJTඋළාරාත්යත්රායං{1} සාරිපුත්ත, ආසභී වාචා භාසිතා, එකංසො ගහිතො, සීහනාදො නදිතො, එවංපසන්නො’හං භන්තෙ, භගවති: “න චාහු න ච භවිස්සති න චෙතරහි විජ්ජති අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා භගවතා භිය්යොභිඤ්ඤතරො යදිදං සම්බොධිය”න්ති. කින්නු තෙ සාරිපුත්ත, යෙ තෙ අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා සබ්බෙ තෙ භගවන්තො චෙතසා චෙතො පරිච්ච විදිතා. එවංසීලා තෙ භගවන්තො අහෙසුං ඉති වා, එවංධම්මා තෙ භගවන්තො අහෙසුං ඉති වා, එවංපඤ්ඤා තෙ භගවන්තො අහෙසුං ඉති වා, එවංවිහාරිනො තෙ භගවන්තො අහෙසුං ඉති වා එවංවිමුත්තා තෙ භගවන්තො අහෙසුං ඉති වාති? නොහෙතං භන්තෙ,
Sinhala BJTසාරිපුත්ත, සව්නේ නුවණෙහි හෝ රහත්මඟ නුවණෙහි ලා භාග්‍යවතුන් වහන්සේට වඩා උත්තරීතර ඤාන ඇති අන් මහණෙක් හෝ බමුණෙක් හෝ නො ද වී ය, නො ද වන්නේ ය, දැනුදු නැත්තේ ය යි මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිණිමි” යි යන මේ ශ්‍රේෂ්ඨය අකම්ප්‍ය වචනයෙක් මෙහි ලා කියන ලදී. ඒකාන්තයෙන් ගන්නා ලද සිංහනාදයෙක් පවත්වන ලදී. සාරිපුත්ත, කිම? ඉකුත්කල යම් ඒ අර්‍හත් සම්මාසම්බුදුවරයෝ පහළ වූ සේක් නම් ඒ සියලු සම්බුදුවරයෝ “තොප විසින් ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු සිල් ඇත්තෝ වූ සේකැයි හෝ ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු දහම් ඇත්තෝ වූ සේකැ යි හෝ ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නුවණ ඇත්තෝ වූ සේකැ යි හෝ ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විහරණ ඇත්තෝ වූ සේකැ යි හෝ ඒ භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විමුක්ති ඇත්තෝ වූ සේකැ” යි හෝ සිතින් සිත පිරිසිඳ දන්නා ලද්දෝ දැ? යි වහන්ස මෙය නැත් ම ය.
Pali BJTකිම්පන තෙ සාරිපුත්ත, යෙ තෙ භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, සබ්බෙ තෙ භගවන්තො චෙතසා චෙතො පරිච්ච විදිතා: “එවංසීලා තෙ භගවන්තො භවිස්සන්ති ඉති වා, එවංධම්මා තෙ භගවන්තො භවිස්සන්ති ඉති වා, එවංපඤ්ඤා තෙ භගවන්තො භවිස්සන්ති ඉති වා, එවංවිහාරිනො තෙ භගවන්තො, භවිස්සන්ති ඉති වා, එවංවිමුත්තා තෙ භගවන්තො භවිස්සන්ති ඉති වාති? නො හෙතං භන්තෙ.
Sinhala BJTසාරිපුත්ත, කිමෙක් ද? මතුකල යම් ඒ අර්‍හත් සම්මාසම්බුදුවරයෝ පහළ වන සේක් නම් ඒ සියලු සම්බුදුවරයෝ තොප විසින් “ඒ සියලු භාග්‍යවතුන් වහන්සේ ලා මෙබඳු සිල් ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්‍යවතුන් වහන්සේ ලා මෙබඳු දහම් ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු නුවණ ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්‍යවතුන් වහන්සේ ලා මෙබඳු විහරණ ඇත්තෝ වන්නාහ යි හෝ ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා මෙබඳු විමුක්ති ඇත්තෝ වන්නාහ” යි හෝ සිතින් සිත පිරිසිඳ දන්නා ලද්දාහු දැ? යි වහන්ස, මෙය නැත් ම ය.
Pali BJTකිං පන තෙ{2} සාරිපුත්ත, එතරහි අරහං සම්මාසම්බුද්ධො චෙතසා චෙතො පරිච්ච විදිතො: “එවංසීලො භගවා ඉති වා, එවංධම්මො භගවා ඉති වා, එවංපඤ්ඤො භගවා ඉති වා, එවංවිහාරී භගවා ඉති වා, එවංවිමුත්තො භගවා ඉතිප්පවා”ති? නො හෙතං භන්තෙ. එත්ථ ච තෙ සාරිපුත්ත, අතීතානාගතපච්චුපන්නෙසු අරහන්තෙසු සම්මාසම්බුද්ධෙසු චෙතොපරියඤාණං{3} නත්ථි. අථ කිඤ්චරහි තයා{4} සාරිපුත්ත, උළාරා ආසභී වාචා භාසිතා, එකංසො ගහිතො, සීහනාදො නදිතො: “එවං පසන්නොහං භන්තෙ, භගවති නචාහු නච භවිස්සති න චෙතරහි විජ්ජති අඤ්ඤො සමණො වා බ්රාහ්මණො වා භගවතා භිය්යොභිඤ්ඤතරො යදිදං සම්බොධිය”න්ති.
Sinhala BJTසාරිපුත්ත, කිමෙක් ද? තොප විසින් දැන් අර්‍හත් සම්මාසම්බුදුරජ “භාග්‍යවතුන් වහන්සේ මෙබඳු සිල් ඇති සේකැ යි හෝ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු දහම් ඇති සේකැ යි හෝ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු ප්‍රඥා ඇති සේකැ යි හෝ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු විහරණ ඇති සේකැ යි හෝ භාග්‍යවතුන් වහන්සේ මෙබඳු විමුක්ති ඇති සේකැ යි හෝ සිතින් සිත පිරිසිඳ දන්නා ලද්දාහු දැ? යි. වහන්ස, මෙය නැත් ම ය. සාරිපුත්ත, මෙහි ලා තොපට අතීතානාගතපච්චුප්පන්න අර්‍හත් සම්මාසම්බුදුවරයන් කෙරෙහි චේතෝපරියඤාණයෙක් (=සිතින් සිත පිරිසිඳ දැනීමේ නුවණෙක්) නැත. එකල්හි කුමක් හෙයින් තොප විසින් “වහන්ස, යම් මේ සව්නේ නුවණෙහි හෝ රහත්මගනුවණෙහි ලා භාග්‍යවතුන් වහන්සේට වඩා උත්තරීතර නුවණ ඇති අන් මහණෙක් හෝ බමුණෙක් නො ද වීය. නොද වන්නේ ය. දැනුදු නැතැ යි මෙසේ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි පැහැදිණිමි” යි ශ්‍රේෂ්ඨ අකම්ප්‍ය වචනයෙක් කියන ලද ද: ඒකාන්තයෙන් ගන්නා ලද සිංහනාදයෙක් පවත්වන ලද දැ? යි.
Pali BJTන ඛො මෙ{1} භන්තෙ, අතීතානාගතපච්චුප්පන්නෙසු අරහන්තෙසු සම්මාසම්බුද්ධෙසු චෙතොපරියඤාණං අත්ථි. අපි ච ධම්මන්වයො විදිතො. සෙය්යථාපි භන්තෙ, රඤ්ඤො පච්චන්තිමං නගරං දළ්හුද්දාපං{2} දළ්හපාකාරතොරණං එකද්වාරං. තත්රස්ස දොවාරිකො පණ්ඩිතො ව්යත්තො මෙධාවී අඤ්ඤාතානං නිවාරෙතා ඤාතානං පවෙසෙතා. සො තස්ස නගරස්ස සමන්තා අනුපරියායපථං අනුක්කමමානො න පස්සෙය්ය පාකාරසන්ධිං වා පාකාරවිවරං වා, අන්තමසො බිළාලනික්ඛමනමත්තම්පි. තස්ස එවමස්ස, යෙ කෙචි ඔළාරිකා පාණා ඉමං නගරං පවිසන්ති වා නික්ඛමන්ති වා සබ්බෙ තෙ ඉමිනාව ද්වාරෙන පවිසන්ති වා නික්ඛමන්ති වාති.
Sinhala BJTවහන්ස, අතීතානාගතපච්චුප්පන්න වූ අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි චේතෝපරිය ඤාණයෙක් මට නැත. එසේ වුව ද, දහම් අනුව දන්නා ලදී. වහන්ස, යම්සේ රජකුට දැඩිපවුරු ඇති දැඩිපවුරු තොරන් ඇති එක් දොරක් ඇති පසල්නුවරෙක් වේ ද: එහි පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණ ඇති නො අඳුනන්නවුන් වළක්වන අඳුනන්නවුන් ඇතුළු කරන දොරටුපල්ලෙක් වන්නේ ය. හේ ඒ නුවර හාත්පස පවුර අවට මඟ අනුව යන්නේ යටත් පිරිසෙයින් බළලුන් නික්මෙන පමණ වූත් පවුරුසන්‍ධියක් (=ගඩොළු දෙකක් ඉවත් වූ තැනක්) හෝ පවුරු සිදුරක් (=සුන්තැනක්) හෝ නොදක්නේ ය. ඔහුට මෙසේ සිත් වන්නේ ය. යම්කිසි ඖදාරික ප්‍රාණීහු මේ නුවරට පිවිසෙත් නම් හෝ නික්මෙත් නම් හෝ ඒ සියල්ලෝ මේ දොරින් ම පිවිසෙත් හෝ නික්මෙත් හෝ යි.
Pali BJTඑවමෙව ඛො මෙ{3} භන්තෙ, ධම්මන්වයො විදිතො: “යෙපි තෙ භන්තෙ, අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා. සබ්බෙ තෙ භගවන්තො පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ චතූසු සතිපට්ඨානෙසු සුපට්ඨිතචිත්තා{4} සත්තබොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣිංසු. යෙපි තෙ භන්තෙ, භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා සබ්බෙ තෙ භගවන්තො පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ චතූසු සතිපට්ඨානෙසු සුපට්ඨිතචිත්තා{4} සත්තබොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙත්වා අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුජ්ඣිස්සන්ති. භගවාපි භන්තෙ, එතරහි අරහං සම්මා සම්බුද්ධො පඤ්චනීවරණෙ පහාය, චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, චතූසු සතිපට්ඨානෙසු සූපට්ඨිතචිත්තො, සත්තබොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙත්වා, අනුත්තරං සම්මාසම්බොධිං අභිසම්බුද්ධො”ති.
Sinhala BJTවහන්ස, එසෙයින් ම මා විසින් දහම් අනු ව දන්නා ලද්දේ ය. වහන්ස, ඉකුත්කල යම් ඒ අර්‍හත් සම්මාසම්බුදුවරයෝ පභළ වූ සේක් ද; ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති සේක් සත්බොජඟ තතු සේ වඩා අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක. වහන්ස, මතුකලදු යම් ඒ අර්‍හත් සම්මාසම්බුදුවරයෝ පහළවන සේක් නම් ඒ සියලු භාග්‍යවතුන් වහන්සේලා සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇති සේක් සත්බොජඟ තතුසේ වඩා අනුත්තර සම්මාසම්බෝධිය අවබෝධ කරන සේක. වහන්ස, මෙකල අර්‍හත් සම්මා සම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ ද සිත කෙලෙසන නුවණ දුබල කරණ පස්නීවරණ පහ කොට සිවුසීවටන්හි මැනවින් එළඹ සිටි සිත් ඇතිසේක් සත්බොජඟ තතුසේ වඩා අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ සේකැ යි.
Pali BJTසාධු සාධු සාරිපුත්ත, තස්මාතිහ ත්වං සාරිපුත්ත, ඉමං ධම්මපරියායං අභික්ඛණං භාසෙය්යාසි{5}, භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං. යෙසම්පි හි සාරිපුත්ත, මොඝපුරිසානං භවිස්සති තථාගතෙ කඞ්ඛා වා විමති වා තෙසම්පිමං ධම්මපරියායං සුත්වා යා තථාගතෙ{6} කඞ්ඛා වා විමති වා සා පහීයිස්සතී ති.
Sinhala BJTසාරිපුත්ත, මැනවි, මැනවි, සාරිපුත්ත, එහෙයින් මෙහි ලා තෙපි මේ දහම්නය මහණුනට මෙහෙණනට උවසුනට උවැසියනට එක්වන් කියන්නහු. සාරිපුත්ත, යම් හිස්පුරුෂයනට දු තථාගතයන් කෙරෙහි යම් සැකයෙක් හෝ විමතියෙක් හෝ වන්නේ නම් මේ දහම්නය අසා ඔවුන්ගේත් තථාගතයන් කෙරෙහි වූ යම් සැකයෙක් හෝ විමතියෙක් හෝ වේ ද; එය ප්‍රහීණ වන්නේ යි.
Pali BJT3. 2. 3.
Sinhala BJT3. 2. 3.
Pali BJTචුන්දසුත්තං
Sinhala BJTචුන්‍ද සූත්‍රය
Pali BJT1191. එකං සමයං භගවා සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා සාරිපුත්තො මගධෙසු විහරති නාළකගාමකෙ{1}, ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. චුන්දො ච සමණුද්දෙසො ආයස්මතො සාරිපුත්තස්ස උපට්ඨාකො හොති. අථ ඛො ආයස්මා සාරිපුත්තො තෙනෙව ආබාධෙන පරිනිබ්බායි. අථ ඛො චුන්දො සමණුද්දෙසො ආයස්මතො සාරිපුත්තස්ස පත්තචීවරං ආදාය යෙන සාවත්ථි ජෙතවනං අනාථපිණ්ඩිකස්ස ආරාමො, යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මන්තං ආනන්දං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො චුන්දො සමණුද්දෙසො ආයස්මන්තං ආනන්දං එතදවොච:
Sinhala BJT1191. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවත සමීපයෙහි අනේපිඬු සිටුහුගේ දෙව්රම්හි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මගදදනව්වෙහි නාළකගම්හි හටගත් ආබාධ ඇත්තාහු දුකට පැමිණියාහු දැඩිසේ ගිලන් වූවාහු වැඩවෙසෙති. චුන්‍දහෙරණ තෙමේත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ට උවටැන් කරන්නේ වේ. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ඒ ආබාධයෙන් ම පිරිනිවියහ. ඉක්බිති චුන්‍ද හෙරණ ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ පාසිවුරු ගෙන සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ දෙව්රම්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වෙත එළඹියේ ය. එළඹ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන් වැඳ එකත්පසෙක හුන්නේ ය. එකත්පසෙක හුන් චුන්‍ද හෙරණ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට මෙය කී ය.
Pali BJT“ආයස්මා භන්තෙ, සාරිපුත්තො පරිනිබ්බුතො. ඉදමස්ස පත්තචීවර”න්ති. අත්ථි ඛො ඉදං ආවුසො කථාපාභතං භගවන්තං දස්සනාය. ආයාමාවුසො චුන්ද, යෙන භගවා තෙනුපසඞ්කමිස්සාම. උපසඞ්කමිත්වා භගවතො එතමත්ථං ආරොචෙස්සාමාති. එවං භන්තෙ’ති ඛො චුන්දො සමණුද්දෙසො ආයස්මතො ආනන්දස්ස පච්චස්සොසි. අථ ඛො ආයස්මා ච ආනන්දො චුන්දො ච සමණුද්දෙසො යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා ආනන්දො භගවන්තං එතදවොච: “අයං භන්තෙ, චුන්දො සමණුද්දෙසො එවමාහ. ආයස්මා භන්තෙ, සාරිපුත්තො පරිනිබ්බුතො, ඉදමස්ස පත්තචීවර”න්ති. අපි ච මෙ භන්තෙ, මධුරකජාතො විය කායො, දිසාපි මෙ න පක්ඛායන්ති. ධම්මාපි මං නප්පටිභන්ති. ආයස්මා සාරිපුත්තො පරිනිබ්බුතො’ති සුත්වාති.
Sinhala BJTවහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පිරිනිවියහ. මේ උන්වහන්සේගේ පාසිවුරු යි ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දකිනු වස් මේකතාපඬුරෙක් ඇත. ඇවත චුන්‍ද, යමු. භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹෙන්නෙමු. එළඹ භාග්‍යවතුන් වහන්සේට මෙ අරුත සැලකරන්නෙමු යි. වහන්ස, එසේ ය යි චුන්‍දහෙරණ ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවන්ට පිළිතුරු දිනි. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝත් චුන්‍දහෙරණුවෝත් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: වහන්ස, මේ චුන්‍ද හෙරණ මෙසේ කියයි: “වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පිරිනිවියහ. මේ උන්වහන්සේගේ පාසිවුරු” යි. වහන්ස, තව ද ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ පිරිනිවියහ යි අසා මාගේ සිරුර තද වූවාක් මෙනි. දිශාවෝ ද මට පැහැදිලි නො වෙත්. දහම් ද මට නොවැටහේ යි.
Pali BJTකින්නු ඛො තෙ ආනන්ද, සාරිපුත්තො සීලක්ඛන්ධං වා ආදාය පරිනිබ්බුතො, සමාධික්ඛන්ධං වා ආදාය පරිනිබ්බුතො, පඤ්ඤාක්ඛන්ධං වා ආදාය පරිනිබ්බුතො, විමුත්තික්ඛන්ධං වා ආදාය පරිනිබ්බුතො, විමුත්තිඤාණදස්සනක්ඛන්ධං වා ආදාය පරිනිබ්බුතොති? න ච ඛො මෙ භන්තෙ.{2} ආයස්මා සාරිපුත්තො සීලක්ඛන්ධං වා ආදාය පරිනිබ්බුතො -පෙ- විමුත්තිඤාණදස්සනක්ඛන්ධං වා ආදාය පරිනිබ්බුතො. අපි ච භන්තෙ, ආයස්මා සාරිපුත්තො ඔවාදකො අහොසි, විඤ්ඤාපකො සන්දස්සකො සමාදපකො සමුත්තෙජකො සම්පහංසකො අකිලාසු ධම්මදෙසනාය, අනුග්ගාහකො සබ්රහ්මචාරීනං. තං මයං ආයස්මතො සාරිපුත්තස්ස ධම්මොජං ධම්මභොගං ධම්මානුග්ගහං අනුස්සරාමාති.
Sinhala BJTආනන්‍ද, කිමෙක් ද? සැරියුත් තොපගේ ශීලස්කන්‍ධය හෝ රැගෙන පිරිනිවියේ ද? සමාධිස්කන්‍ධය හෝ රැගෙන පිරිනිවියේ ද? ප්‍රඥාස්කන්‍ධය හෝ රැගෙන පිරිනිවියේ ද? විමුක්තිස්කන්‍ධය හෝ රැගෙන පිරිනිවියේ ද? විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය හෝ රැගෙන පිරිනිවියේ දැ?යි. වහන්ස, ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මාගේ ශීලස්කන්‍ධය හෝ රැගෙන නො පිරිනිවියහ ... මාගේ විමුක්තිඥානදර්‍ශනස්කන්‍ධය හෝ රැගෙන නො ම පිරිනිවියහ. වහන්ස, එතෙකුදු වුවත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ අවවාද කරන්නෙක් කරුණු අඟවන්නෙක් කරුණු දක්වන්නෙක් සමාදන් කරවන්නෙක් තෙද ගන්වන්නෙක් සතුටු කරවන්නෙක් දම්දෙසුම්හි නො පසුබස්නෙක් සබ්‍රම්සරුන්ට අනුග්‍රහ කරන්නෙක් වූහ. අපි ආයුෂ්මත් සැරියුත් තෙරණුවන්ගේ ඒ ධර්මොජස ධර්‍මභොගය ධර්‍මානුග්‍රහ සිහි කරමු යි.
Pali BJTනනු තං ආනන්ද, මයා පටිගච්චෙව අක්ඛාතං: “සබ්බෙහි පියෙහි මනාපෙහි නානාභාවො විනාභාවො අඤ්ඤථාභාවො, තං කුතෙත්ථ ආනන්ද, ලබ්භා යං තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං තං වත මා පලුජ්ජීති, නෙතං ඨානං විජ්ජති, සෙය්යථාපි ආනන්ද, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො සො මහන්තතරො ඛන්ධො සො පලුජ්ජෙය්ය, එවමෙව ඛො ආනන්ද, මහතො භික්ඛුසඞ්ඝස්ස තිට්ඨතො සාරවතො සාරිපුත්තො පරිනිබ්බුතො. තං කුතෙත්ථ ආනන්ද, ලබ්භා, යං තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං තං වත මා පලුජ්ජීති, නෙතං ඨානං විජ්ජති. තස්මාතිහානන්ද, අත්තදීපා විහරථ, අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා.
Sinhala BJTආනන්‍ද, සියලු ප්‍රියමනාප වස්තුවලින් වෙනස්වනබව වෙන්වන බව අන්අයුරකට පැමිණෙනබව මා විසින් පළමු කොට ම කියන ලද්දේ නො වේ ද? ආනන්‍ද, ඒ යමක් උපන්නේ ද වූයේ ද හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ ද වැනසෙන සැහැවි ඇත්තේ ද; එය ඒකාන්තයෙන් විනාශ නො වේවා යන ඒ කරුණ මෙහි ලා කොයින් ලැබිය හැකි ද මේ කරුණ නැත්තේ ය. ආනන්‍ද, යම්සේ පවත්නා හර ඇති මහත්රුකෙක යම් ඉතාමහත් කඳෙක් වේ ද; එය නැසෙන්නේ ය. ආනන්‍ද, එසෙයින් ම පවත්නා හර ඇති මහත් බික්සඟන පිළිබඳ සැරියුත් පිරිනිවියේ ය. ආනන්‍ද, යමක් උපන්නේ ද වූයේ ද හේතුප්‍රත්‍යයෙන් හටගත්තේ ද වැනසෙන ස්වභාව ඇත්තේ ද; එය ඒකාන්තයෙන් නො නැසේ වා යන ඒ කාරණය මෙහි ලා කොයින් ලැබිය හැකි ද මේ කාරණය නැත්තේ ය. ආනන්‍ද, එහෙයින් මෙහි ලා තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙවු.
Pali BJTකථඤ්චානන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො. ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණා: ඉධානන්ද, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො ආනන්ද, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො. යෙහි කෙචි ආනන්ද, එතරහි වා මමච්චයෙ වා අත්තදීපා විහරිස්සන්ති අත්තසරණා අනඤ්ඤසරණා ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා. තමතග්ගෙ මෙ තෙ ආනන්ද, භික්ඛූ භවිස්සන්ති යෙ කෙචි සික්ඛාකාමා”ති.
Sinhala BJTආනන්‍ද, කෙසේ නම් මහණ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ ද යත්; ආනන්‍ද, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ආනන්‍ද, මෙසේ මහණ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසේ. ආනන්‍ද, යම්කිසි භික්‍ෂු කෙනෙක් දැන් හෝ මාගේ ඇවෑමෙහි හෝ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම් පිහිට කොට දහම් සරණ කොට අනෙකක් පිහිට නො කොට වෙසෙන්නාහු නම් ආනන්‍ද, යම්කිසි භික්‍ෂු කෙනෙක් ශික්‍ෂාකාමී වන්නාහු නම් ඒ මේ භික්‍ෂූහු අග්‍රතම වෙති යි.
Pali BJT3. 2. 4.
Sinhala BJT3. 2. 4.
Pali BJTඋක්කචෙලසුත්තං
Sinhala BJTඋක්කචෙල සූත්‍රය
Pali BJT1192. එකං සමයං භගවා වජ්ජීසු විහරති උක්කචෙලායං නදියා තීරෙ මහතා භික්ඛුසඞ්ඝෙන සද්ධිං අචිරපරිනිබ්බුතෙසු සාරිපුත්තමොග්ගල්ලානෙසු. තෙන ඛො පන සමයෙන භගවා භික්ඛුසඞ්ඝපරිවුතො අබ්භොකාසෙ නිසින්නො හොති. අථ ඛො භගවා තුණ්හීභූතං භික්ඛුසඞ්ඝං අනුවිලොකෙත්වා භික්ඛූ ආමන්තෙසි:
Sinhala BJT1192. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැරියුත්මුගලන් දෙනම පිරිනිවී නො බෝකල් ඇති සමයෙහි වැදෑදනව්වෙහි උක්කචෙලා නුවර සමීපයෙහි ගඞ්ගා ගංඉවුරෙහි මහත් බික්සඟන සමග වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ බික්සඟන විසින් පිරිවරන ලද සේක් එලිමහන්හි වැඩහුන් සේක් වෙති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිහඬ බික්සඟන දෙස බලා භික්‍ෂූන් ඇමතූ සේක:
Pali BJT“අපි ච ඛ්වායං{1} භික්ඛවෙ, පරිසා සුඤ්ඤා විය ඛායති පරිනිබ්බුතෙසු සාරිපුත්තමොග්ගල්ලානෙසු අසුඤ්ඤා මෙ{2} සා භික්ඛවෙ, පරිසා{3} හොති අනපෙඛා තස්සං දිසායං හොති, යස්සා දිසායං සාරිපුත්තමොග්ගල්ලානා විහරන්ති. යෙ’පි තෙ භික්ඛවෙ, අහෙසුං අතීතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙසම්පි භගවන්තානං එතපරමං යෙව සාවකයුගං අහොසි, සෙය්යථාපි මය්හං සාරිපුත්තමොග්ගල්ලානා. යෙ’පි තෙ භික්ඛවෙ, භවිස්සන්ති අනාගතමද්ධානං අරහන්තො සම්මාසම්බුද්ධා, තෙසම්පි භගවන්තානං එතපරමං යෙව සාවකයුගං භවිස්සති, සෙය්යථාපි මය්හං සාරිපුත්තමොග්ගල්ලානා. අච්ඡරියං භික්ඛවෙ, සාවකානං අබ්භුතං භික්ඛවෙ, සාවකානං සත්ථුසමානා ච{4} සාසනකරා භවිස්සන්ති ඔවාදපතිකරා චතුන්නඤ්ච පරිසානං පියා භවිස්සන්ති මනාපා ගරුභාවනීයා ච. අච්ඡරියං භික්ඛවෙ, තථාගතස්ස, අබ්භුතං භික්ඛවෙ, තථාගතස්ස එවරූපෙපි නාම සාවකයුගෙ{5} පරිනිබ්බුතෙ නත්ථි තථාගතස්ස සොකො වා පරිදෙවො වා. තං කුතෙත්ථ භික්ඛවෙ, යං තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං, තං වත මා පලුජ්ජීති නෙතං ඨානං විජ්ජති.
Sinhala BJTමහණෙනි, සැරියුත්මුගලන් දෙනම පිරිනිවී කල්හි මේ මුළු පිරිස ම හිස් වූවාසේ වැටහේ. මහණෙනි, යම් දිගෙක සැරියුත් මුගලන් දෙනම වෙසෙත් නම් මාගේ ඒ පිරිස නො සිස් වේ. ඒ දික්හි පුනපුනා අපේක්‍ෂාව වේ. මහණෙනි, අතීතකාලයෙහි යම් ඒ අර්‍හත් සම්මාසම්බුදුවරයෝ වූ නම් ඒ භාග්‍යවතුන්ට ද දැන් මට සැරියුත්මුගලන් දෙනම යම්සේ නම් එබඳු වූ ම සවුයුවලෙක් වී ය. මහණෙනි, අනාගතකාලයෙහි යම් ඒ අර්‍හත්සම්මාසම්බුදුවරයෝ වන්නාහු නම් ඒ භාග්‍යවතුන්ට ද දැන් මට සැරියුත්මුගලන් දෙනම යම්සේ නම් එබඳු වූ ම සවුයුවලෙක් වන්නේ ය. මහණෙනි, සව්වන්ගේ අසිරියෙකි. මහණෙනි, සව්වන්ගේ පුදුමයෙකි. ශාස්තෘසම වූවෝ ම සස්න කරන්නෝ අවවාදය අනු ව ක්‍රියා කරන්නෝ වන්නාහ. සිවුපිරිසට ප්‍රිය වූවෝ ද මන වඩන්නෝ ද ගරු කටයුත්තෝ ද වන්නාහ. මහණෙනි, තථාගතයන්ගේ අසිරියෙකි. මහණෙනි, තථාගතයන්ගේ පුදුමයෙකි. මෙබඳු වූ ම ශ්‍රාවකයුග්මයක් පිරිනිවිකල්හි දු තථාගතයන්ට ශෝකයෙක් හෝ වැලපීමෙක් හෝ නැති මහණෙනි, ඒ යමක් උපන්නේ ද පහළ වූයේ ද හේතුයෙන් හටගත්තේ ද වැනසීම ස්වභාව කොට ඇත්තේ ද; එය ඒකාන්තයෙන් නො වැනසේවා යන මේ කාරණය මෙහි ලා කොයින් ලැබිය හැකි ද, මේ කාරණය නැත්තේ ය.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, මහතො රුක්ඛස්ස තිට්ඨතො සාරවතො යෙ මහන්තතරා ඛන්ධා තෙ පලුජ්ජෙය්යුං, එවමෙව ඛො භික්ඛවෙ, මහතො භික්ඛුසඞ්ඝස්ස තිට්ඨතො සාරවතො සාරිපුත්තමොග්ගල්ලානා පරිනිබ්බුතා. තං කුතෙත්ථ භික්ඛවෙ, ලබ්භා, යං තං ජාතං භූතං සඞ්ඛතං පලොකධම්මං, තං වත මා පලුජ්ජීති නෙතං ඨානං විජ්ජති. තස්මාතිහ භික්ඛවෙ, අත්තදීපා විහරථ අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා.
Sinhala BJTමහණෙනි, යම්සේ හර ඇති සිටුනා මහත්රුකෙක යම් ඉතා මහත් කඳහු වෙත් නම් ඔහු වැනසෙන්නාහ. මහණෙනි, එසෙයින් ම හර ඇති සිටුනා මහත්බික්සඟනගේ සැරියුත්මුගලන්හු පිරිනිවියහ. මහණෙනි, ඒ යමක් උපන්නේ ද පහළ වූයේ ද හේතුයෙන් හටගත්තේ ද වැනසීම ස්වභාව කොට ඇත්තේ ද; එය ඒකාන්තයෙන් නො වැනසේවා යන මේ කාරණය මෙහි ලා කොයින් ලැබිය හැකි ද, මේ කාරණය නැත්තේ ය. මහණෙනි, එහෙයින් මෙහි ලා තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වෙසෙවු.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අත්තදීපො විහරති අත්තසරණො අනඤ්ඤසරණො, ධම්මදීපො ධම්මසරණො අනඤ්ඤසරණො. යෙ හි කෙචි භික්ඛවෙ, එතරහි වා මමච්චයෙ වා අත්තදීපා විහරිස්සන්ති අත්තසරණා අනඤ්ඤසරණා, ධම්මදීපා ධම්මසරණා අනඤ්ඤසරණා. තමතග්ගො මෙ තෙ භික්ඛවෙ, භික්ඛූ භවිස්සන්ති යෙ කෙචි සික්ඛාකාමාති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වෙසේ ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව බලනසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මහණ මෙසේ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වෙසේ. මහණෙනි, යම්කිසි භික්‍ෂු කෙනෙක් දැන් හෝ මාගේ ඇවෑමෙහි හෝ තමා පිහිට කොට තමා සරණ කොට මෙරමා පිහිට නො කොට දහම පිහිට කොට දහම සරණ කොට අනිකක් පිහිට නො කොට වසන්නාහු ද, මහණෙනි, යම්කිසි කෙනෙක් ශික්‍ෂාකාමී වන්නාහු ද, මහණෙනි, ඒ මේ භික්‍ෂූහු අග්‍රතම වෙති යි.
Pali BJT3. 2. 5.
Sinhala BJT3. 2. 5.
Pali BJTබාහියසුත්තං
Sinhala BJTබාහිය සූත්‍රය
Pali BJT1193. අථ ඛො ආයස්මා බාහියො{1} යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා බාහියො භගවන්තං එතදවොච: “සාධු මෙ භන්තෙ භගවා සඞ්ඛිත්තෙන ධම්මං දෙසෙතු, යමහං භගවතො ධම්මං සුත්වා එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරෙය්යන්ති”.
Sinhala BJT1193. ඉක්බිති ආයුෂ්මත් බාහිය භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය ... එකත්පසෙක හුන් ආයුෂ්මත් බාහිය භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “වහන්ස, මම භාග්‍යවතුන් වහන්සේගේ යම් දහමක් අසා එකලා වූයෙම් ගණයා කෙරෙන් වෙන් වූයෙම් නොපමා වූයෙම් කෙලෙස් තවන වැර ඇතියෙම් කායචිත්තදෙක්හි අපේක්‍ෂා රහිතයෙම් වසන්නෙම් නම් එබඳු දහමක් මට සැකෙවින් දෙසන සේක්වා” යි.
Pali BJTතස්මාතිහ ත්වං බාහිය, ආදිමෙව විසොධෙහි කුසලෙසු ධම්මෙසු. කොචාදි කුසලානං ධම්මානං: සීලඤ්ච සුවිසුද්ධං, දිට්ඨි ච උජුකා. යතො ඛො තෙ බාහිය, සීලඤ්ච සුවිසුද්ධං භවිස්සති, දිට්ඨි ච උජුකා. තතො ත්වං බාහිය, සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය චත්තාරො සතිපට්ඨානෙ භාවෙය්යාසි. කතමෙ චත්තාරො: ඉධ ත්වං බාහිය, කායෙ කායානුපස්සී විහරාහි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරසි ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යතො ඛො ත්වං බාහිය, සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙස්සසි, තතො තුය්හං බාහිය, යා රත්ති වා දිවසො වා ආගමිස්සති, වුද්ධියෙව පාටිකඞ්ඛා කුසලෙසු ධම්මෙසු, නො පරිහානී”ති.
Sinhala BJTබාහිය එහෙයින් මෙහි ලා තෙපි කුසල්දහම්හි මුල ම පිරිසිදු කරවු. කුසල්දහමුන්ගේ මුල කවරේ ද යත්: ඉතා පිරිසිදු වූ සීලයත් ඉතා ඍජු වූ දෘෂ්ටියත් ය. බාහිය, යම් කලෙක තොපගේ ශීලය ඉතා පිරිසිදුත් දෘෂ්ටිය ඉතා ඍජුත් වන්නේ නම් බාහිය, එකල්හි තෙපි සීලය ඇසුරු කොට සීලයෙහි පිහිටා සිවුසීවටන් වඩන්නහු ය. කවර සිවු දෙනෙක් ද යත්: බාහිය, මෙහි තෙපි කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙවු. බාහිය, යම් කලෙක තෙපි සීලය ඇසුරු කොට සීලයෙහි පිහිටා මේ සිවුසීවටන් මෙසේ වඩන්නහු ද, බාහිය, එකල්හි තොපට යම් රැයෙක් හෝ දවාලෙක් හෝ පැමිණෙන්නේ නම්, කුසල්දහම්හි වැඩීමෙක් ම කැමැති වියයුතු, පිරිහීමෙක් නො කැමැති වියයුතු යි.
Pali BJTඅථ ඛො ආයස්මා බාහියො භගවතො භාසිතං අභිනන්දිත්වා අනුමොදිත්වා උට්ඨායාසනා භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිණං කත්වා පක්කාමි. අථ ඛො ආයස්මා බාහියො එකො වූපකට්ඨො අප්පමත්තො ආතාපී පහිතත්තො විහරන්තො න චිරස්සෙව යස්සත්ථාය කුලපුත්තා සම්මදෙව අගාරස්මා අනගාරියං පබ්බජන්ති, තදනුත්තරං බ්රහ්මචරියපරියොසානං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහාසි. ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායාති අබ්භඤ්ඤාසි. අඤ්ඤතරො ච පනායස්මා බාහියො අරහතං අහොසීති.
Sinhala BJTඉක්බිති ආයුෂ්මත් බාහිය භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව පිළිගෙන අනුමෝදන් ව හුනස්නෙන් නැඟී භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට පිටත් ව ගියේ ය. ඉක්බිති ආයුෂ්මත් බාහිය තෙරණුවෝ එකලා ව ගණයා කෙරෙන් වෙන් ව නො පමා ව කෙලෙස් තවන වැර ඇති ව නිවන් පිණිස මෙහෙයූ සිත් ඇති ව වෙසෙන්නාහු නො බෝකලකින් ම යමක් පිණිස කුලපුත්තු මැනවින් ම ගිහිගෙන් නික් ම සස්නෙහි පැවිදි වෙත් නම් අනුත්තර වූ මඟබඹසර කෙළවර වූ ඒ අර්‍හත්‍වය දිටුදැමියෙහි ම තෙමේ වෙසෙසින් දැන පසක් කොට එයට පැමිණ විසූහ. ඉපැද් ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී කටයුතු කරන ලදී. මේබැව් පිණිස අනෙකක් නැතැ යි දැනගත්හ. ආයුෂ්මත් බාහිය තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.
Pali BJT3. 2. 6.
Sinhala BJT3. 2. 6.
Pali BJTඋත්තියසුත්තං
Sinhala BJTඋත්තිය සූත්‍රය
Pali BJT1194. අථ ඛො ආයස්මා උත්තියො{2} යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- තතො ත්වං උත්තිය, ගමිස්සසි මච්චුධෙය්යස්ස පාරන්ති. -පෙ- අඤ්ඤතරො ච පනායස්මා උත්තියො අරහතං අහොසීති.
Sinhala BJT1194. එකල්හි ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ ... උත්තිය, එකල්හි තෙපි සසර පරතෙරට යන්නහු යි ... ආයුෂ්මත් උත්තිය තෙරණුවෝ රහතුන් අතුරෙන් එක්තරා කෙනෙක් ද වූහ යි.
Pali BJT3. 2. 7.
Sinhala BJT3. 2. 7.
Pali BJTඅරියසුත්තං
Sinhala BJTඅරිය සූත්‍රය
Pali BJT1195. චත්තාරො මෙ භික්ඛවෙ, සතිපට්ඨානා භාවිතා බහුලීකතා අරියා නිය්යානිකා නිය්යන්ති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා අරියා නිය්යානිකා නිය්යන්ති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති.
Sinhala BJT1195. මහණෙනි, වඩන ලද බහුල කරන ලද ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ සිවුසීවටන්හු ඒ අනු ව පිළිපන්නහු මැනවින් දුක් ගෙවීම පිණිස පමුණුවත්. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇතිව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. මහණෙනි, ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ සිවුසීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු ඒ අනු ව පිළිපන්නහු මැනවින් දුක් ගෙවීම පිණිස පමුණුවති යි.
Pali BJT3. 2. 8.
Sinhala BJT3. 2. 8.
Pali BJTබ්රහ්මසුත්තං
Sinhala BJTබ්‍රහ්ම සූත්‍රය
Pali BJT1196. එකං සමයං භගවා උරුවෙලායං විහරති නජ්ජා නෙරඤ්ජරාය තීරෙ අජපාලනිග්රොධෙ පඨමාභිසම්බුද්ධො. අථ ඛො භගවතො රහොගතස්ස පතිසල්ලීනස්ස එවං චෙතසො පරිවිතක්කො උදපාදි: “එකායනො’යං මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: කායෙ වා භික්ඛු කායානුපස්සී විහරෙය්ය, ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වා භික්ඛු -පෙ- චිත්තෙ වා භික්ඛු -පෙ- ධම්මෙසු වා භික්ඛු ධම්මානුපස්සී විහරෙය්ය ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එකායනො’යං මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය, යදිදං චත්තාරො සතිපට්ඨානා”ති.
Sinhala BJT1196. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ බුදු ව පළමු කොට උරුවෙල් දනව්වෙහි නේරඤ්ජරා ගංඉවුරෙහි අජපල් නුගරුකමුල වැඩවසන සේක. එකල්හි රහසිගත ව විවේකයෙන් යුතුව වැඩවෙසෙන භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්තවිතර්‍කයෙක් පහළ විය: යම් මේ සිවුසීවටන්හු වෙද් ද; සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්මවීම පිණිස දුක්දොම්නස් දුරු කිරීම පිණිස අරිඅටඟිමඟ අවබෝධ කිරීම පිණිස නිවන පසක් කිරීම පිණිස මේ එක ම මඟ ය. කවර සතරෙක් ද යත්: මහණ කයෙහි හෝ කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. මහණ වේදනාහි හෝ ... මහණ සිත්හි හෝ ... මහණ දහම්හි හෝ දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. යම් මේ සිවුසීවටන්හු වෙත් නම් සත්ත්‍වයන්ගේ විශුද්ධිය පිණිස ශෝකපරිදේවයන් ඉක්ම වීම පිණිස දුක්දොම්නස් දුරු කිරීම පිණිස අරිඅටඟිමඟ අවබෝධ කිරීම පිණිස නිවන පසක් කිරීම පිණිස මේ එක ම මඟ වේ යි.
Pali BJTඅථ ඛො බ්රහ්මා සහම්පති භගවතො චෙතසා චෙතො පරිවිතක්කමඤ්ඤාය. සෙය්යථාපි නාම බලවා පුරිසො සම්මිඤ්ජිතං වා බාහං පසාරෙය්ය, පසාරිතං වා බාහං සම්මිඤ්ජෙය්ය, එවමෙවං බ්රහ්මලොකෙ අන්තරහිතො භගවතො පුරතො පාතුරහොසි. අථ ඛො බ්රහ්මා සහම්පති එකංසං උත්තරාසඞ්ගං කරිත්වා යෙන භගවා තෙනඤ්ජලිං පණාමෙත්වා භගවන්තං එතදවොච:
Sinhala BJTඑකල්හි සහම්පතී බ්‍රහ්ම සියසිතින් භාග්‍යවතුන් වහන්සේගේ චිත්තපරිවිතර්‍කය දැන යම් සේ බලවත් පුරුෂයෙක් හැකුළු අතක් හෝ දිගු කරන්නේ ද; දිගුකළ අතක් හෝ හකුළුවන්නේ ද එසෙයින් ම බඹලොව අතුරුදන් ව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ විය. ඉක්බිති සහම්පති බ්‍රහ්ම උතුරුසඟ එකස් කොට ඇඳිලිබැඳ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ” ය.
Pali BJT“එවමෙතං භගවා, එවමෙතං සුගත, එකායනො’යං භන්තෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං චත්තාරො සතිපට්ඨානා. කතමෙ චත්තාරො: කායෙ වා භන්තෙ, භික්ඛු කායානුපස්සී විහරෙය්ය, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු වා භන්තෙ, භික්ඛු -පෙ- චිත්තෙ වා භන්තෙ, භික්ඛු -පෙ- ධම්මෙසු වා භන්තෙ, භික්ඛු ධම්මානුපස්සී විහරෙය්ය, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එකායනො’යං භන්තෙ, මග්ගො සත්තානං විසුද්ධියා සොකපරිද්දවානං සමතික්කමාය දුක්ඛදොමනස්සානං අත්ථගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සච්ඡිකිරියාය යදිදං{1} චත්තාරො සතිපට්ඨානා”ති. ඉදමවොච බ්රහ්මා සහම්පති. ඉදං වත්වා අථාපරං එතදවොච:
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, මෙය එසේ ය. සුගතයන් වහන්ස, මෙය එසේ ය. වහන්ස, යම් මේ සිවු සීවටන්හු වෙත් නම් සත්ත්‍වයන්ගේ විසුද්ධියට සෝකපරිදේවයන් ඉක්මවීමට දුක්දොම්නස් දුරු කිරීමට අරිඅටඟිමඟ අවබෝධ කිරීමට නිවන පසක් කිරීමට මේ එක ම මඟ ය. කවර සතරෙක්ද යත්: වහන්ස, මහණ කයෙහි හෝ කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. වහන්ස, මහණ වේදනාහි හෝ ... වහන්ස, මහණ සිත්හි හෝ ... වහන්ස, මහණ තෙමේ දහම්හි හෝ දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙන්නේ ය. වහන්ස, යම් මේ සිවුසීවටන්හු වෙත් නම් සත්ත්‍වයන්ගේ විසුද්ධියට සෝකපරිදේවයන් ඉක්මවීමට දුක්දොම්නස් දුරු කිරීමට ඤායය අවබෝධ කිරීමට නිවන පසක් කිරීමට මේ එක ම මඟ වේ යි. සහම්පතී බ්‍රහ්ම මෙය කිය: මෙය කියා යළි මතු ද මෙය කී ය:
Pali BJTඑකායනං ජාතිඛයන්තදස්සී මග්ගං පජානාති හිතානුකම්පී එතෙන මග්ගෙන අතරිංසු පුබ්බෙ තරිස්සන්ති යෙ ච තරන්ති ඔඝන්ති.
Sinhala BJTනිවන දක්නා වූ හිතානුකම්පා ඇති (භාග්‍යවතුන් වහන්සේ) එක ම මඟ දන්නාසේක. යම් කෙනෙක් චතුරෝඝය පෙර තරණය කළාහු ද, මතු තරණය කරන්නාහු ද, දැන් තරණය කෙරෙද්ද (ඔහු) මේ මගින් තරණය කළහ. කරන්නාහ. කෙරෙති යි.
Pali BJT3. 2. 9.
Sinhala BJT3. 2. 9.
Pali BJTසෙදකසුත්තං
Sinhala BJTසේදක සූත්‍රය
Pali BJT1197. එකං සමයං භගවා සුම්භෙසු{2} විහරති සෙදකං නාම සුම්භානං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: භූතපුබ්බං භික්ඛවෙ, චණ්ඩාලවංසිකො චණ්ඩාලවංසං උස්සාපෙත්වා මෙදකථාලිකං අන්තෙවාසිං ආමන්තෙසි: “එහි ත්වං සම්ම මෙදකථාලිකෙ, චණ්ඩාලවංසං අභිරූහිත්වා මම උපරික්ඛන්ධෙ තිට්ඨාහීති. එවං ආචරියාති ඛො භික්ඛවෙ, මෙදකථාලිකා අන්තෙවාසී චණ්ඩාලවංසිකස්ස පටිස්සුත්වා චණ්ඩාලවංසං අභිරූහිත්වා ආචරියස්ස උපරික්ඛන්ධෙ අට්ඨාසි. අථ ඛො භික්ඛවෙ, චණ්ඩාලවංසිකො මෙදකථාලිකං අන්තෙවාසිං එතදවොච: “ත්වං සම්ම මෙදකථාලිකෙ, මමං රක්ඛ. අහං තවං රක්ඛිස්සාමි. එවං මයං අඤ්ඤමඤ්ඤගුත්තා අඤ්ඤමඤ්ඤරක්ඛිතා සිප්පානි චෙව දස්සෙස්සාම, ලාභෙ ච ලච්ඡාම, සොත්ථිනා ච චණ්ඩාලවංසා ඔරොහිස්සාමාති. එවං වුත්තෙ භික්ඛවෙ, මෙදකථාලිකා අන්තෙවාසී චණ්ඩාලවංසිකං එතදවොච: “න ඛො නාමෙනං ආචරිය, එවං භවිස්සති. ත්වං ආචරිය, අත්තානං රක්ඛ, අහං අත්තානං රක්ඛිස්සාමි. එවං මයං අත්තගුත්තා අත්තරක්ඛිතා සිප්පානි චෙව දස්සෙස්සාම, ලාභඤ්ච ලච්ඡාම, සොත්ථිනා ච චණ්ඩාලවංසා ඔරොහෙස්සාමා”ති.
Sinhala BJT1197. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සුහ්ම දනව්වෙහි සුහ්මයන්ගේ, සේදක නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූසේක. මහණෙනි, පෙර චණ්ඩාලවංශිකයෙක් සැඩොල්හුණගස ඔසොවා “යහළු මේදකථාලිකාවනි, එවු තෙපි සැඩොල්හුණගසට නැඟී මාගේ කඳ මතුයෙහි සිටිවු” යි. මේදකථාලිකා නම් අතැවැස්සා ඇමතී ය. මහණෙනි, ඇදුර, එසේ ය යි මේදකථාලිකා අතැවැසි චණ්ඩාලවංශිකයාට පිළිතුරු දී චණ්ඩාලවංසයට නැඟී ඇදුරාගේ කඳමතුයෙහි සිටියේ ය. මහණෙනි, එකල්හි චණ්ඩාලවංසික මේදකථාලිකා අතවැස්සාට මෙය කී ය: යහළු මේදකථාලිකාවනි, තෙපි මා රකිවු. මම තෙපි රකින්නෙමි. මෙසේ අපි ඔවුනොවුන් විසින් ගෝපනය කරන ලද්දමෝ ඔවුනොවුන් විසින් රක්නා ලද්දමෝ ශිල්ප ද දක්වන්නෙමු ලාභ ද ලබන්නෙමු. සුවසේ සැඩොල්හුණගසින් ද බසින්නෙමු” යි. මහණෙනි, එසේ කී කල්හි මේදකථාලිකා අතැවැසි චණ්ඩාලවංසිකයාට මෙය කී ය: ඇදුර, මෙය එසේ නො ම වන්නේ ය. ඇදුර, තෙපි තමා රකිවු. මම ද තමා රක්නෙමි. මෙසේ අපි තමා විසින් ගෝපනය කරන ලද්දමෝ තමා විසින් රක්නා ලද්දමෝ ශිල්ප ද දක්වන්නෙමු ලාභ ද ලබන්නෙමු, චණ්ඩාලවංසයෙන් ද සුවසේ බසින්නෙමු” යි.
Pali BJT“සො තත්ථ ඤායොති භගවා අවොච: යථා මෙදකථාලිකා අන්තෙවාසී ආචරියං අවොච. අත්තානං භික්ඛවෙ, රක්ඛිස්සාමීති සතිපට්ඨානං සෙවිතබ්බං. පරං රක්ඛිස්සාමීති සතිපට්ඨානං සෙවිතබ්බං. අත්තානං භික්ඛවෙ, රක්ඛන්තො පරං රක්ඛති. පරං රක්ඛන්තො අත්තානං රක්ඛති. කථඤ්ච භික්ඛවෙ, අත්තානං රක්ඛන්තො පරං රක්ඛති, ආසෙවනාය භාවනාය බහුලීකම්මෙන. එවං ඛො භික්ඛවෙ, අත්තානං රක්ඛන්තො පරං රක්ඛති. කථඤ්ච භික්ඛවෙ, පරං රක්ඛන්තො අත්තානං රක්ඛති. ඛන්තියා අවිහිංසාය මෙත්තචිත්තතාය අනුද්දයතාය. එවං ඛො භික්ඛවෙ, පරං රක්ඛන්තො අත්තානං රක්ඛති. “අත්තානං භික්ඛවෙ, රක්ඛිස්සාමී”ති සතිපට්ඨානං සෙවිතබ්බං, පරං රක්ඛිස්සාමීති සතිපට්ඨානං සෙවිතබ්බං. අත්තානං භික්ඛවෙ, රක්ඛන්තො පරං රක්ඛති, පරං රක්ඛන්තො අත්තානං රක්ඛතීති.
Sinhala BJT“මේදකථාලිකා අතැවැසි තෙමේ ඇදුරාට යම්සේ කීයේ නම් එය එහි න්‍යායය”, යී භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. “මහණෙනි, තමා රක්නෙමි” යි සීවටන් සෙවියයුතු යි. මෙරමා රක්නෙමි යි සීවටන් සෙවියයුතු යි. මහණෙනි, තමා රක්නේ මෙරමා රකියි. මහණෙනි, කෙසේ නම් තමා රක්නේ මෙරමා රකී ද යත්: කමටහන් සෙවුමෙනි, වැඩීමෙනි, බහුල කිරීමෙනි, මෙසේ තමා රක්නේ මෙරමා රකී. මහණෙනි, කෙසේ නම් මෙරමා රක්නේ තමා රකී ද යත්: ඉවසීමෙනි, කරුණායෙනි, මෙත්සිත් ඇති බැවිනි, මුදු බැවිනි. මහණෙනි, මෙසේ මෙරමා රක්නේ තමා රකියි. මහණෙනි, තමා රක්නෙමී යි සීවටන් සෙවියයුතු යි. මෙරමා රක්නෙමි යි සීවටන් සෙවියයුතු යි. මහණෙනි, තමා රක්නේ මෙරමා රකියි. මෙරමා රක්නේ තමා රකී යි.
Pali BJT3. 2. 10.
Sinhala BJT3. 2. 10.
Pali BJTජනපදකල්යාණීසුත්තං
Sinhala BJTජනපදකල්‍යාණී සූත්‍රය
Pali BJT1198. එකං සමයං භගවා සුම්භෙසු විහරති සෙදකං නාම සුම්භානං නිගමො. තත්ර ඛො භගවා භික්ඛූ ආමන්තෙසි: “සෙය්යථාපි භික්ඛවෙ, ජනපදකල්යාණී, “ජනපදකල්යාණී”ති ඛො භික්ඛවෙ, මහාජනකායො සන්නිපතෙය්ය. සා ඛො පනස්ස ජනපදකල්යාණී පරමපාසාවිනී{1} නච්චෙ, පරමපාසාවිනී ගීතෙ. ජනපදකල්යාණී නච්චති ගායතීති ඛො භික්ඛවෙ, භිය්යොසොමත්තාය මහාජනකායො සන්නිපතෙය්ය. අථ පුරිසො ආගච්ඡෙය්ය ජීවිතුකාමො අමරිතුකාමො සුඛකාමො දුක්ඛපටික්කූලො. තමෙනෙවං{2} වදෙය්යුං: අයං තෙ අම්භොපුරිස, සමතිත්තිකො තෙලපත්තො අන්තරෙන{3} මහාසමයං{4} අන්තරෙන ජනපදකල්යාණියා පරිහාරෙතබ්බො{5}. පුරිසො චෙකො{6} තෙ උක්ඛිත්තාසිකො පිට්ඨිතො පිට්ඨිතො අනුබන්ධිස්සති. යත්ථෙව නං ථොකම්පි ඡඩ්ඩෙස්සති තත්ථෙව තෙ සිරො පාතෙස්සතීති. තං කිං මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො පුරිසො අමුං තෙලපත්තං අමනසිකරිත්වා බහිද්ධා පමාදං ආහරෙය්යාති?{7} නො හෙතං, භන්තෙ.
Sinhala BJT1198. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සුහ්මදනව්වෙහි සුහ්මයන්ගේ සේදක නම් නියම්ගම්හි වැඩවසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්‍ෂූන් ඇමතූ සේක: මහණෙනි, ජනපදකල්‍යාණිය යම්සේ ද: මහණෙනි, ජනපදකල්‍යාණි යයි (ඇසූකෙණෙහි) මහජන සමූහයා රැස්වන්නේ ය. ඒ ජනපදකල්‍යාණි තොමෝ නැටුමෙහි ඉතා උතුම් පැවතුම් ඇත්තී ගැයුමෙහි ඉතා උතුම් පැවතුම් ඇත්තී වන්නී ය. මහණෙනි, දනවුකලණ නටයි, ගයයි ඇසූ කෙණෙහි බෙහෙවින් ම මහජනසමූහයා රැස්වන්නේ ය. එකල්හි ජීවත්වනු කැමති නො මැරෙනු කැමති සුව කැමති දුක පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේ ය. ඒ මොහුට මෙසේ කියන්නාහු ය: “එම්බල පුරුෂය, මුවටිට සම කොට පිරුණු මේ තෙල් බඳුන මහාසමූහයා අතරෙන් දනවුකලණ අතරෙන් ගෙන යායුතු. ඔසවා ගත් කඩු ඇති පුරුෂයෙක් පසුපස ලුහුබඳනේ ය. යම් මැ තැනෙක එයින් ස්වල්පයකුදු ඉවතලන්නේ නම් එහි ම තාගේ හිස කපා හෙළන්නේ” යි. මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද? ඒ පුරුෂ තෙමේ ඒ තෙල් බඳුන නො මෙනෙහි කොට බැහැර පමාවට එළඹෙන්නේ ද? වහන්ස, එය නො වේ ම ය.
Pali BJTඋපමා ඛො ම්යායං භික්ඛවෙ, කතා අත්ථස්ස විඤ්ඤාපනාය. අයං චෙත්ථ අත්ථො: “සමතිත්තිකො තෙලපත්තොති ඛො භික්ඛවෙ, කායගතාය එතං සතියා අධිවචනං. තස්මාතිහ භික්ඛවෙ, එවං සික්ඛිතබ්බං කායගතා නො සති භාවිතා භවිස්සති බහුලීකතා යානීකතා වත්ථුකතා අනුට්ඨිතා පරිචිතා සුසමාරද්ධාති.” එවං හි වො භික්ඛවෙ, සික්ඛිතබ්බන්ති.
Sinhala BJTමහණෙනි, අරුත් දන්වනු පිණිස මා විසින් මේ උපමාවක් කරන ලද. මේ එහි අර්‍ත්‍ථ යි: මහණෙනි, “මුවවිට සම කොට පිරුණු තෙල්බඳුනැ” යි කාගියසිහියට මේ නමෙකි. මහණෙනි, එහෙයින් මෙහි ලා මෙසේ හික්මියයුතු යි: අප විසින් කායගතාසතිය වඩන ලද්දී බහුල කරන ලද්දී යානයක් මෙන් කරන ලද්දී වස්තුවක් මෙන් කරන ලද්දී දැඩිසේ පිහිටුවන ලද්දී පුරුදු කරන ලද්දී මැනවින් අරඹන ලද්දී වන්නී ය” යි. මහණෙනි, තොප විසින් මෙසේ ම හික්මිය යුතු යි.
Pali BJTනාලන්දවග්ගො දුතියො.
Sinhala BJTදෙවැනිනාලන්‍ද වර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTමහාපුරිසො ච නාලන්දං චුන්දො චෙලො ච බාහියො උත්තියො අරියො බ්රහ්මා සෙදකං ජනපදෙන චාති.
Sinhala BJTමහාපුරිස, නාලන්‍ද, චුන්‍ද, උක්කචෙල, බාහිය, උත්තිය, අරිය, බ්‍රහ්ම යන සූත්‍ර අට ය. සේදක ජනපදකල්‍යාණි ය යි සූත්‍ර දශයෙකි.
Pali BJT3. සීලට්ඨිතිවග්ගො
Sinhala BJT3. සීලට්ඨිති වර්‍ගය
Pali BJT3. 3. 1.
Sinhala BJT3. 3. 1.
Pali BJTසීලසුත්තං
Sinhala BJTසීල සූත්‍රය
Pali BJT1199. එකං සමයං ආයස්මා ච ආනන්දො ආයස්මා ච භද්දො පාටලිපුත්තෙ විහරන්ති කුක්කුටාරාමෙ. අථ ඛො ආයස්මා භද්දො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා ආනන්දො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා ආයස්මතා ආනන්දෙන සද්ධිං සම්මොදි. -පෙ- ආයස්මන්තං ආනන්දං එතදවොච: “යානිමානි ආවුසො ආනන්ද, කුසලානි සීලානි වුත්තානි භගවතා, ඉමානි කුසලානි සීලානි කිමත්ථියානි වුත්තානි භගවතා”ති. සාධු සාධු ආවුසො භද්ද, භද්දකො ඛො තෙ ආවුසො භද්ද, උම්මග්ගො,{1} භද්දකං පටිභානං, කල්යාණී පරිපුච්ඡා. “එවං හි ත්වං ආවුසො භද්ද, පුච්ඡසි: යානිමානි ආවුසො ආනන්ද, කුසලානි සීලානි වුත්තානි භගවතා, ඉමානි කුසලානි සීලානි කිමත්ථියානි වුත්තානි භගවතා”ති. එවමාවුසොති.
Sinhala BJT1199. එක්කලෙක ආයුෂ්මත් ආනන්‍ද තෙරණුවෝ ද ආයුෂ්මත් භද්දතෙරණුවෝ ද පැළලුප්නුවර කුක්කුටාරාමයෙහි වැඩවෙසෙති, එකල්හි ආයුෂ්මත් භද්දතෙරණුවෝ සවස්කල විවේකයෙන් නැඟි සිටියෝ ආයුෂ්මත් ආනන්‍දතෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් ආනන්‍දතෙරණුවන් සමග සතුටුවූහ ... ආයුෂ්මත් අනඳ තෙරණුවන්ට මෙය කීහ: ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් මේ කුසල්සිල් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද ද, මේ කුසල්සිල් කුමක් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි. ඇවැත්නි, භද්දයෙනි, මැනවි මැනවි: ඇවැත්නි භද්දයෙනි, තොපගේ ප්‍රශ්න විමර්‍ශනය යහපති. ප්‍රතිභානය යහපති. පරිපුච්ඡාව මැනවි. ඇවැත්නි, භද්දයෙනි, මෙසේ තෙපි පුළුවුසුහු ද? ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් මේ කුසල්සිල් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම් මේ කුසල්සිල් කුමක් පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද දැ යි. ඇවැත්නි, එසේ යි.
Pali BJTයානිමානි, ආවුසො භද්ද, කුසලානි සීලානි වුත්තානි භගවතා, ඉමානි කුසලානි සීලානි යාවදෙව චතුන්නං සතිපට්ඨානානං භාවනාය වුත්තානි භගවතා. කතමෙසං චතුන්නං: ඉධාවුසො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. යානිමානි ආවුසො භද්ද, කුසලානි සීලානි වුත්තානි භගවතා, ඉමානි කුසලානි සීලානි යාවදෙව ඉමෙසං චතුන්නං සතිපට්ඨානානං භාවනාය වුත්තානි භගවතාති.
Sinhala BJTඇවැත්නි, භද්දයෙනි, යම් මේ කුසල්සිල් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම් මේ කුසල්සිල් සිවුසීවටන් වැඩීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදී. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙසස්නෙහි මහණතෙමේ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි භද්දයෙනි, යම් මේ කුසල්සිල් භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නම් මේ කුසල්සිල් මේ සිවුසීවටන් වැඩීම පිණිස ම භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලදැ යි.
Pali BJT3. 3. 2.
Sinhala BJT3. 3. 2.
Pali BJTඨිතිසුත්තං
Sinhala BJTඨිති සූත්‍රය
Pali BJT1200. කුක්කුටාරාමෙ:
Sinhala BJT1200. කුක්කුටාරාමයෙහි:
Pali BJTකො නු ඛො ආවුසො ආනන්ද, හෙතු කො පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති. කොපනාවුසො ආනන්ද, හෙතු කො පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතීති? සාධු සාධු ආවුසො භද්ද, භද්දකො
Sinhala BJTඇවැත්නි ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවිකල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? ඇවැත්නි ආනන්‍දයෙනි, යම් හෙයෙකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ යි? ඇවැත්නි,
Pali BJTඛො තෙ ආවුසො භද්ද, උම්මග්ගො, භද්දකං පටිභානං, කල්යාණීපරිපුච්ඡා. එවං හි ත්වං ආවුසො භද්ද, පුච්ඡසි: “කො නු ඛො ආවුසො ආනන්ද හෙතු, කො පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති. කො පනාවුසො ආනන්ද, හෙතු කො පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතී”ති. එවමාවුසොති.
Sinhala BJTභද්දයෙනි, මැනවි, මැනවි. ඇවැත්නි භද්දයෙනි, තොපගේ ප්‍රශ්න විමර්‍ශනය යහපති. ප්‍රතිභානය යහපති. පරිපුච්ඡාව මැනවි. ඇවැත්නි, භද්දයෙනි, මෙසේ තෙපි පුළුවුසුහු ද? “ඇවැත්නි ආනන්‍දයෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් හෙයකින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ නම් ඊට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍ය දැ”යි. ඇවැත්නි, එසේ යි.
Pali BJTචතුන්නං ඛො ආවුසො, සතිපට්ඨානානං අභාවිතත්තා අබහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති. චතුන්නඤ්ච ආවුසො, සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොති. කතමෙසං චතුන්නං: ඉධාවුසො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො ආවුසො චතුන්නං සතිපට්ඨානානං අභාවිතත්තා අබහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති. ඉමෙසඤ්ච ඛො ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතීති.
Sinhala BJTඇවැත්නි, සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවී කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වෙයි. ඇවැත්නි, සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවී කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. ඇවැත්නි, මේ සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වෙයි. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් වහන්සේ පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ යි.
Pali BJT3. 3. 3.
Sinhala BJT3. 3. 3.
Pali BJTපරිහානසුත්තං
Sinhala BJTපරිහාන සූත්‍රය
Pali BJT1201. කුක්කුටාරාමෙ:
Sinhala BJT1201. කුක්කුටාරාමයෙහි:
Pali BJTකො නු ඛො ආවුසො ආනන්ද, හෙතු කො පච්චයො යෙන සද්ධම්මපරිහානං හොති, කො පනාවුසො{1} ආනන්ද, හෙතු කො පච්චයො යෙන සද්ධම්මඅපරිහානං හොතීති? සාධු සාධු ආවුසො භද්ද, භද්දකො ඛො තෙ ආවුසො භද්ද, උම්මග්ගො, භද්දකං පටිභානං, කල්යාණී පරිපුච්ඡා එවං හි ත්වං ආවුසො භද්ද, පුච්ඡසි: “කො නු ඛො ආවුසො ආනන්ද, හෙතු කො පච්චයො යෙන සද්ධම්මපරිහානං හොති, කො පනාවුසො ආනන්ද, හෙතු කො පච්චයො යෙන සද්ධම්මඅපරිහානං හොතීති. එවමාවුසොති.
Sinhala BJTඇවැත්නි, ආනන්‍දයෙනි, යම් හෙයකින් සදහම් පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් හෙයකින් සදහම් නො පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ? යි. ඇවැත්නි භද්දයෙනි, මැනවි මැනවි. ඇවැත්නි භද්දයෙනි, තොපගේ නුවණ සෙවීම යහපති. වැටහීම යහපති. පිළිවිසුම මැනවි. ඇවැත්නි භද්දයෙනි, තෙපි මෙසේ පුළුවුසුහු ද? “ඇවැත්නි ආනන්‍දයෙනි, යම් හෙයකින් සදහම් පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය ද, ඇවැත්නි, ආනන්‍දයෙනි, යම් හෙයකින් සදහම් නො පිරිහීම වේ නම් එයට කිමෙක් හේතු ද, කිමෙක් ප්‍රත්‍යය දැ” යි. ඇවැත්නි, එසේ යි.
Pali BJTචතුන්නං ඛො ආවුසො, සතිපට්ඨානානං අභාවිතත්තා අබහුලීකතත්තා සද්ධම්මපරිහානං හොති. චතුන්නඤ්ච ඛො ආවුසො සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා සද්ධම්මඅපරිහානං හොති. කතමෙසං චතුන්නං: ඉධාවුසො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො ආවුසො, චතුන්නං සතිපට්ඨානානං අභාවිතත්තා අබහුලීකතත්තා සද්ධම්මපරිහානං හොති. ඉමෙසඤ්ච ඛො ආවුසො, චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා සද්ධම්මඅපරිහානං හොතීති.
Sinhala BJTඇවැත්නි, සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් සදහම් පිරිහීම වෙයි. ඇවැත්නි, සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් සදහම් නො පිරිහීම වේ. කවර සතරෙක් ද යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වෙර ඇතිව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මේ සිවු සීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් සදහම් පිරිහීම වේ. ඇවැත්නි, මේ සිවුසීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් සදහම් නො පිරිහීම වේ යි.
Pali BJT3. 3. 4.
Sinhala BJT3. 3. 4.
Pali BJTසුද්ධකසුත්තං
Sinhala BJTසුද්ධක සූත්‍රය
Pali BJT1202. සාවත්ථියං:
Sinhala BJT1202. සැවැත්නුවර:
Pali BJTචත්තාරො මෙ භික්ඛවෙ, සතිපට්ඨානා. කතමෙ චත්තාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො සතිපට්ඨානාති.
Sinhala BJTමහණෙනි, මේ සතිපට්ඨාන සතරෙකි. කවර සතරෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. මහණෙනි, මොහු සතර සතිපට්ඨානයෝ යි.
Pali BJT3. 3. 5.
Sinhala BJT3. 3. 5.
Pali BJTබ්රාහ්මණසුත්තං
Sinhala BJTබ්‍රාහ්මණ සූත්‍රය
Pali BJT1203. සාවත්ථියං:
Sinhala BJT1203. සැවැත්නුවර:
Pali BJTඅථ ඛො අඤ්ඤතරො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “කො නු ඛො භො ගොතම, හෙතු කො පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති, කො පන භො ගොතම, හෙතු කො පච්චයො යෙන තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතී”ති.
Sinhala BJTඑකල්හි එක්තරා බමුණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කතා කොට නිමවා එකත්පස් ව හුන්නේ ය. එකත්පස් ව හුන් ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය: “භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය ද? භවත් ගෞතමයෙනි, යම් හෙයකින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ නම් එයට කිමෙක් හේතු ද? කිමෙක් ප්‍රත්‍යය දැ? යි.”
Pali BJTචතුන්නං ඛො බ්රාහ්මණ, සතිපට්ඨානානං අභාවිතත්තා අබහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති. චතුන්නඤ්ච ඛො බ්රාහ්මණ, සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොති. කතමෙසං චතුන්නං: “ඉධ බ්රාහ්මණ, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො බ්රාහ්මණ, චතුන්නං සතිපට්ඨානානං අභාවිතත්තා අබහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො න චිරට්ඨිතිකො හොති. ඉමෙසඤ්ච ඛො බ්රාහ්මණ චතුන්නං සතිපට්ඨානානං භාවිතත්තා බහුලීකතත්තා තථාගතෙ පරිනිබ්බුතෙ සද්ධම්මො චිරට්ඨිතිකො හොතී”ති. එවං වුත්තෙ සො බ්රාහ්මණො භගවන්තං එතදවොච: “අභික්කන්තං භො ගොතම -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගත”න්ති.
Sinhala BJTබමුණ, සිවු සීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වෙයි. බමුණ සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ. කවර සතරෙක් ද යත්: බමුණ, මෙහි මහණ කයෙහි කය අනුව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. වේදනාහි ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසේ. බමුණ, මේ සිවුසීවටන් නො වැඩූ බැවින් නො බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික නො වෙයි. බමුණ, සිවු සීවටන් වැඩූ බැවින් බහුල කළ බැවින් තථාගතයන් පිරිනිවි කල්හි සද්ධර්‍මය චිරස්ථිතික වේ යි. මෙසේ වදාළ කල්හි ඒ බමුණු භාග්‍යවතුන් වහන්සේ ට මෙය සැලකළේ ය; “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි, ... අද පටන් දිවිහිම් කොට සරණ ගිය (මා උවසුවකු කොට දරන සේක්වා)” යි.
Pali BJT3. 3. 6.
Sinhala BJT3. 3. 6.
Pali BJTපදෙසසුත්තං
Sinhala BJTපදෙස සූත්‍රය
Pali BJT1204. එකං සමයං ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො ආයස්මා ච අනුරුද්ධො සාකෙතෙ විහරන්ති, කණ්ටකීවනෙ{1}. අථ ඛො ආයස්මා ච සාරිපුත්තො ආයස්මා ච මහාමොග්ගල්ලානො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතා යෙනායස්මා අනුරුද්ධො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා ආයස්මතා අනුරුද්ධෙන සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං අනුරුද්ධං එතදවොච: “සෙඛො සෙඛොති{2} ආවුසො අනුරුද්ධ, වුච්චති. කිත්තාවතා නු ඛො ආවුසො, සෙඛො හොතී”ති.
Sinhala BJT1204. එක්කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවෝත් සාකේතනුවර සමීපයෙහි කණ්ටකී වනයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝත් සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කට යුතු කතා කොට නිමවා එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් අනුරුද්ධ තෙරණුවන්ට මෙය වදාළහ: “ඇවැත්නි, අනුරුද්ධයෙනි, සේඛ ය සේඛ ය යි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙකින් සේඛ වේ දැ?” යි.
Pali BJTචතුන්නං ඛො ආවුසො, සතිපට්ඨානානං පදෙසං භාවිතත්තා සෙඛො හොති. කතමෙසං චතුන්නං: ඉධාවුසො භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං, වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො ආවුසො චතුන්නං සතිපට්ඨානානං පදෙසං භාවිතත්තා සෙඛො හොතීති.
Sinhala BJTඇවැත්නි, සිවු සීවටන් පිළිබඳ කොටසක් වැඩූ බැවින් සේඛ වෙයි. කවර සතරක ද? යත්: ඇවැත්නි, මෙහි මහණ කයෙහි කය අනු ව දක්නා සුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනා ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇති ව සිහි ඇති ව දහම් ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. ඇවැත්නි, මේ සිවු සීවටන් පිළිබඳ කොටසක් වැඩූ බැවින් සේඛ වේ යි.
Pali BJT3. 3. 7.
Sinhala BJT3. 3. 7.
Pali BJTසමත්තසුත්තං
Sinhala BJTසමත්ත සූත්‍රය
Pali BJT1205. කණ්ටකීවනෙ:
Sinhala BJT1205. කණ්ටකීවනයෙහි:
Pali BJTඅසෙඛො අසෙඛොති ආවුසො අනුරුද්ධ, වුච්චති. කිත්තාවතා නු ඛො ආවුසො, අසෙඛො හොතීති: චතුන්නං ඛො ආවුසො, සතිපට්ඨානානං සමත්තං භාවිතත්තා අසෙඛො හොති. කතමෙසං චතුන්නං: ඉධාවුසො, භික්ඛු කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා, විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. ඉමෙසං ඛො ආවුසො, චතුන්නං සතිපට්ඨානානං සමත්තං භාවිතත්තා අසෙඛො හොතීති.
Sinhala BJTඇවැත්නි අනුරුද්ධයෙනි, අසේඛ ය අසේඛ යයි කියනු ලැබේ. ඇවැත්නි, කෙතෙකින් අසේඛ වේ දැ යි. ඇවැත්නි, සිවුසීවටන් මුළුමනින් වැඩූ බැවින් අසේඛ වේ. කවර සතරෙක් ද? යත්: ඇවැත්නි, මෙහි මහණතෙමේ කයෙහි කය අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව කාලෙව්හි දැඩිලොබ හා දොම්නස දුරු කොට වෙසෙයි. වේදනා ... සිත්හි ... දහම්හි දහම් අනු ව දක්නාසුලු ව කෙලෙස් තවන වැර ඇති ව මනාදැනුම් ඇති ව සිහි ඇති ව දහම්ලෙව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ. ඇවැත්නි, මේ සිවු සීවටන් මුළුමනින් වැඩූ බැවින් අසේඛ වේ යි.
Pali BJT3. 3. 8.
Sinhala BJT3. 3. 8.