Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12701-12800 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT2. 7. 25-30.
Sinhala BJT2. 7. 25-30.
Pali BJTඋද්ධුමාතකසුත්තානි
Sinhala BJTඋද්ධුමාතක සූත්‍ර
Pali BJT627-632. උද්ධුමාතකසඤ්ඤා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT627-632 මහණෙනි, උද්ධුමාතක සඤ්ඤාව … පවතී යි.
Pali BJT2. 7. 31-36.
Sinhala BJT2. 7. 31-36.
Pali BJTමෙත්තාසුත්තානි
Sinhala BJTමෙත්තා සූත්‍ර
Pali BJT633-638. මෙත්තා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT633-638 මහණෙනි, මෛත්‍රිය … පවතී යි.
Pali BJT2. 7. 37-42.
Sinhala BJT2. 7. 37-42.
Pali BJTකරුණාසුත්තානි
Sinhala BJTකරුණා සූත්‍ර
Pali BJT639-644. කරුණා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT639-644 මහණෙනි, කරුණාව ... පවතී යි.
Pali BJT2. 7. 43-48.
Sinhala BJT2. 7. 43-48.
Pali BJTමුදිතාසුත්තානි
Sinhala BJTමුදිතා සූත්‍ර
Pali BJT645-650. මුදිතා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT645-650 මහණෙනි, මුදිතාව … පවතී යි.
Pali BJT2. 7. 49-54.
Sinhala BJT2. 7. 49-54.
Pali BJTඋපෙඛාසුත්තානි
Sinhala BJTඋපේඛා සූත්‍ර
Pali BJT651-656. උපෙඛා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT651-656 මහණෙනි, උපේක්‍ෂාව … පවතී යි.
Pali BJT2. 7. 55-60.
Sinhala BJT2. 7. 55-60.
Pali BJTආනාපානසතිසුත්තානි
Sinhala BJTආනාපානසති සූත්‍ර
Pali BJT657-662. ආනාපානසති භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT657-662 මහණෙනි, ආනාපානසතිය … පවතී යි.
Pali BJTආනාපානවග්ගො සත්තමො.
Sinhala BJTසත්වැනි ආනාපානවර්‍ග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඅට්ඨි පුළව විනීල විච්ඡිද්දකොද්ධුමාතකා මෙත්තා කරුණා මුදිතොපෙඛානාපානෙන චාති.
Sinhala BJTඅට්ඨික, පුළවක, විනීලක, විච්ජිද්දක, උද්ධුමාතක, මෙත්තා, කරුණා, මුදිතා, උපේඛා, ආනාපාන යී ෂට්ක දශයෙකි. සූත්‍ර මුළුල්ල සැටෙකි.
Pali BJT8. නිරොධවග්ගො
Sinhala BJT8. නිරෝධ වර්‍ගය
Pali BJT2. 8. 1-6.
Sinhala BJT2. 8. 1-6.
Pali BJTඅසුභසුත්තානි
Sinhala BJTඅසුභ සූත්‍ර
Pali BJT663-668. අසුභසඤ්ඤා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT663-668. මහණෙනි, අසුභසඤ්ඤාව ... පවතී යි.
Pali BJT2. 8. 7-12.
Sinhala BJT2. 8. 7-12.
Pali BJTමරණසුත්තානි
Sinhala BJTමරණ සූත්‍ර
Pali BJT669-674. මරණසඤ්ඤා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT669-674. මහණෙනි, මරණසඤ්ඤාව ... පවතී යි.
Pali BJT2. 8. 13-18.
Sinhala BJT2. 8. 13-18.
Pali BJTආහාරෙ පටික්කූලසුත්තානි
Sinhala BJTආහාරේ පටික්කූල සූත්‍ර
Pali BJT675-680. ආහාරෙ පටික්කූලසඤ්ඤා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT675-680. මහණෙනි, ආහාරේ පටික්කූලසඤ්ඤාව ... පවතී යි.
Pali BJT2. 8. 19-24.
Sinhala BJT2. 8. 19-24.
Pali BJTසබ්බලොකෙ අනභිරතසුත්තානි
Sinhala BJTසබ්බලෝකේ අනභිරත සූත්‍ර
Pali BJT681-686. සබ්බලොකෙ අනභිරතසඤ්ඤා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT681-686. මහණෙනි, සබ්බලොකෙ අනභිරතසඤ්ඤාව ... පවතී යි.
Pali BJT2. 8. 25-30.
Sinhala BJT2. 8. 25-30.
Pali BJTඅනිච්චසුත්තානි
Sinhala BJTඅනිච්ච සූත්‍ර
Pali BJT687-692. අනිච්චසඤ්ඤා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT687-692. මහණෙනි, අනිච්චසඤ්ඤාව ... පවතී යි.
Pali BJT2. 8. 31-36.
Sinhala BJT2. 8. 31-36.
Pali BJTඅනිච්චෙ දුක්ඛසුත්තානි
Sinhala BJTඅනිච්චේ දුක්ඛ සූත්‍ර
Pali BJT693-698. අනිච්චෙ දුක්ඛසඤ්ඤා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT693-698. මහණෙනි, අනිච්චේ දුක්ඛසඤ්ඤාව ... පවතී යි.
Pali BJT2. 8. 37-42.
Sinhala BJT2. 8. 37-42.
Pali BJTදුක්ඛෙ අනත්තසුත්තානි
Sinhala BJTදුක්ඛෙ අනත්ත සූත්‍ර
Pali BJT699-704. දුක්ඛෙ අනත්තසඤ්ඤා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT699-704. මහණෙනි, දුක්ඛෙ අනත්ත සඤ්ඤාව ... පවතී යි.
Pali BJT2. 8. 43-48.
Sinhala BJT2. 8. 43-48.
Pali BJTපහානසුත්තානි
Sinhala BJTපහාන සූත්‍ර
Pali BJT705-710. පහානසඤ්ඤා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT705-710. මහණෙනි, පහානසඤ්ඤාව ... පවතී යි.
Pali BJT2. 8. 49-54.
Sinhala BJT2. 8. 49-54.
Pali BJTවිරාගසුත්තානි
Sinhala BJTවිරාග සූත්‍ර
Pali BJT711-716. විරාගසඤ්ඤා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT711-716. මහණෙනි, විරාගසඤ්ඤාව ... පවතී යි.
Pali BJT2. 8. 55.
Sinhala BJT2. 8. 55.
Pali BJTනිරොධසුත්තං
Sinhala BJTනිරෝධ සූත්‍රය
Pali BJT717. නිරොධසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච භික්ඛවෙ, නිරොධසඤ්ඤා කථං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා: ඉධ භික්ඛවෙ, භික්ඛු නිරොධසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- නිරොධසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, නිරොධසඤ්ඤා එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසාති.
Sinhala BJT717. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත්ඵල මහානිසංස වේ. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට නිරෝධසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසංඥාව මහත්ඵල මහානිසංස වේ යි.
Pali BJT2. 8. 56.
Sinhala BJT2. 8. 56.
Pali BJTදුතිය නිරොධසුත්තං
Sinhala BJTදුතිය නිරෝධ සූත්‍රය
Pali BJT718. නිරොධසඤ්ඤාය භික්ඛවෙ, භාවිතාය බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා. කථං භාවිතාය භික්ඛවෙ, නිරොධසඤ්ඤාය කථං බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා. ඉධ භික්ඛවෙ, භික්ඛු නිරොධසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- නිරොධසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතාය ඛො භික්ඛවෙ, නිරොධසඤ්ඤාය එවං බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති.
Sinhala BJT718. මහණෙනි, නිරෝධ සඤ්ඤාව වැඩූ කල්හි බහුල කළ කල්හි ඵලදෙකින් එක්තරා ඵලයක් කැමති වියයුතු: දිටුදැමියෙහි රහත්බව හෝ උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව හෝයි. මහණෙනි, නිරෝධසඤ්ඤාව කෙසේ වැඩූ කල්හි, කෙසේ බහුල කල කල්හි දිටුදැමියෙහි ම රහත්බව හෝ උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව හෝ යන ඵලදෙකින් එක්තරා ඵලයක් කැමති විය යුතු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට නිරෝධසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, නිරෝධසඤ්ඤාව මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි දිටුදැමියෙහි ම රහත්බව හෝ උපාදාන සේස ව ඇති කල්හි අනගැමිබව හෝ යනඵල දෙකින් එක්තරා ඵලයක් කැමති වියයුතු යි.
Pali BJT2. 8. 57.
Sinhala BJT2. 8. 57.
Pali BJTතතිය නිරොධසුත්තං
Sinhala BJTතතිය නිරෝධ සූත්‍රය
Pali BJT719. නිරොධසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහතො අත්ථාය සංවත්තති. කථං භාවිතා ච භික්ඛවෙ, නිරොධසඤ්ඤා කථං බහුලීකතා මහතො අත්ථාය සංවත්තති: ඉධ භික්ඛවෙ භික්ඛු නිරොධසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- නිරොධසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ නිරොධසඤ්ඤා එවං බහුලීකතා මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJT719. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් වැඩ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤා මහත් වැඩ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට නිරෝධ සඤ්ඤාව සමඟ යෙදුණු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාව සමඟ යෙදුනු උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් වැඩ පිණිස පවතී යි.
Pali BJT2. 8. 58.
Sinhala BJT2. 8. 58.
Pali BJTචතුත්ථ නිරොධසුත්තං
Sinhala BJTචතුත්‍ථ නිරෝධ සූත්‍රය
Pali BJT720. නිරොධසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහතො යොගක්ඛෙමාය සංවත්තති. කථං භාවිතා ච භික්ඛවෙ, නිරොධසඤ්ඤා කථං බහුලීකතා මහතො යොගක්ඛෙමාය සංවත්තති: ඉධ භික්ඛවෙ, භික්ඛු නිරොධසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- නිරොධසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ නිරොධසඤ්ඤා එවං බහුලීකතා මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJT720. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත් යෝගක්‍ෂේමය (නිවන) පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් යෝගක්‍ෂේමය පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට නිරෝධ සඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. ... නිරෝධසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් යෝගක්‍ෂේමය පිණිස පවතී යි.
Pali BJT2. 8. 59.
Sinhala BJT2. 8. 59.
Pali BJTපඤ්චම නිරොධසුත්තං
Sinhala BJTපඤ්චම නිරෝධ සූත්‍රය
Pali BJT721. නිරොධසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහතො සංවෙගාය සංවත්තති. කථං භාවිතා ච භික්ඛවෙ, නිරොධසඤ්ඤා කථං බහුලීකතා මහතො සංවෙගාය සංවත්තති: ඉධ භික්ඛවෙ, භික්ඛු නිරොධසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- නිරොධසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ නිරොධසඤ්ඤා එවං බහුලීකතා මහතො සංවෙගාය සංවත්තතීති.
Sinhala BJT721. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත් සංවේගය පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් සංවේගය පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ග පරිණාමි කොට නිරෝධසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩනලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් සංවේගය පිණිස පවතී යි.
Pali BJT2. 8. 60.
Sinhala BJT2. 8. 60.
Pali BJTඡට්ඨ නිරොධසුත්තං
Sinhala BJTඡට්ඨ නිරෝධ සූත්‍රය
Pali BJT722. නිරොධසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහතො ඵාසුවිහාරාය සංවත්තති. කථං භාවිතා ච භික්ඛවෙ, නිරොධසඤ්ඤා කථං බහුලීකතා මහතො ඵාසුවිහාරාය සංවත්තති: ඉධ භික්ඛවෙ භික්ඛු නිරොධසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- නිරොධසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ නිරොධසඤ්ඤා එවං බහුලීකතා මහතො ඵාසුවිහාරාය සංවත්තතීති.
Sinhala BJT722. මහණෙනි, නිරෝධසඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් පහසුවිහරණ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද නිරෝධ සඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට නිරෝධසඤ්ඤාව සමඟ යෙදුණු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... නිරෝධසඤ්ඤාව සමඟ යෙදුනු උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද නිරෝධසඤ්ඤාව මහත් පහසු විහරණය පිණිස පවතී යි.
Pali BJTනිරොධවග්ගො අට්ඨමො.
Sinhala BJTඅටවැනි නිරෝධ වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඅසුභමරණාහාර පටික්කූලානභිරතා අනිච්චදුක්ඛානත්තපහාන විරාගනිරොධෙනාති.
Sinhala BJTඅසුභ, මරණ, ආහාරේ පටික්කූල, අනභිරත, අනිච්ච, දුක්ඛ, අනත්ත, පහාන, විරාග, නිරෝධ යි ෂට්ක දශයෙකි. සූත්‍ර මුළුල්ල සැටෙකි.
Pali BJT9. ගඞ්ගාපෙය්යාලො
Sinhala BJT9. ගඞ්ගාපෙය්‍යාල වර්‍ගය
Pali BJT2. 9. 1-12.
Sinhala BJT2. 9. 1-12.
Pali BJTගඞ්ගාදිසුත්තානි
Sinhala BJTගඞ්ගාදි සූත්‍ර
Pali BJT723-734. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගානදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙන්තො සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති, නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙන්තො සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සත්තබොජ්ඣඞ්ගෙ භාවෙන්තො සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති. -පෙ- නිබ්බානපබ්භාරොති. (ද්වාදසසුත්තානි විත්ථාරෙතබ්බානි.)
Sinhala BJT723-734. මහණෙනි, යම්සේ ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙර දිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වේ. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ, නිවනට නැඹුරු වූයේ, නිවනට බර වූයේ යි … නිවනට බර වූයේ යි. (දොළොස් සූත්‍රාන්තයෝ විස්තර කට යුත්තාහ)
Pali BJTගඞ්ගාපෙය්යාලො නවමො.
Sinhala BJTනවවැනි ගඞ්ගාපෙය්‍යාල වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඡ පාචීනතො නින්නා ඡ නින්නා සමුද්දතො එතෙ ද්වෙව ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපාචීනනින්න සූත්‍ර සයෙකි. සමුද්දනින්න සූත්‍ර සයෙකි. මේ ෂට්ක දෙක සූත්‍ර දොළසෙක් වේ. එයින් වර්‍ග යි කියනු ලැබේ.
Pali BJT10. අප්පමාදවග්ගො
Sinhala BJT10. අප්පමාද වර්‍ගය
Pali BJT2. 10. 1-10.
Sinhala BJT2. 10. 1-10.
Pali BJTතථාගතාදි සුත්තානි
Sinhala BJTතථාගතාදි සූත්‍ර
Pali BJT735-744. යාවතා භික්ඛවෙ, සත්තා අපදා වා ද්විපදා වා චතුප්පදා වා බහුප්පදා වා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT735-744. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිව්පා වූ ද බහුපා වූ ද යම් තාක් සත්ත්‍වයෝ වෙද්ද … බහුල කෙරේ යි.
Pali BJT(බොජ්ඣඞ්ගවසෙන දස සුත්තන්තානි විත්ථාරෙතබ්බානි)
Sinhala BJT(බොජ්ඣඞ්ග වශයෙන් දශසූත්‍රාන්තයෝ විතර කටයුතු.)
Pali BJTඅප්පමාදවග්ගො දසමො.
Sinhala BJTදශවැනි අප්පමාද වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTතථාගතං පදං කූටං මූලං සාරෙන වස්සිතං රාජා චන්දිමසූරියා ච වත්ථෙන දසමං පදන්ති.
Sinhala BJTතථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සූරිය, වත්‍ථ යී සූත්‍ර දශයෙකි.
Pali BJT11. බලකරණීයවග්ගො
Sinhala BJT11. බලකරණීය වර්‍ගය
Pali BJT2. 11. 1-12.
Sinhala BJT2. 11. 1-12.
Pali BJTබලාදිසුත්තානි
Sinhala BJTබලාදි සූත්‍ර
Pali BJT745-756. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කාරීයන්ති -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT745-756 මහණෙනි, යම්සේ යම්කිසි බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද, … බහුල කෙරේ යි.
Pali BJT(බොජ්ඣඞ්ගවසෙන ද්වාදසසුත්තා විත්ථාරෙතබ්බා).
Sinhala BJT(බොජ්ඣඞ්ග වශයෙන් දොළොස් සූත්‍රාන්තයෝ විතර කටයුතු.)
Pali BJTබලකරණීයවග්ගො එකාදසමො.
Sinhala BJTඑකොළොස්වැනි බලකරණීයවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTබලං බීජඤ්ච නාගො ච රුක්ඛං කුම්භෙන සූකෙන ආකාසෙන ච ද්වෙ මෙඝා නාවා ආගන්තුකා නදීති.
Sinhala BJTබල, බීජ, නාම, රුක්ඛ, කුම්භ, සූක, ආකාස සූත්‍ර ද මේඝ සූත්‍ර දෙක ද නාවා, ආගන්තුක, නදී සූත්‍ර දැ යි දොළසෙකි.
Pali BJT12. එසනාවග්ගො
Sinhala BJT12.ඒසනා වර්‍ගය
Pali BJT2. 12. 1-40.
Sinhala BJT2. 12. 1-40.
Pali BJTඑසනාදිසුත්තානි
Sinhala BJTඑසනාදි සූත්‍ර
Pali BJT757-796. තිස්සො ඉමා භික්ඛවෙ, එසනා. කතමා තිස්සො: කාමෙසනා, භවෙසනා, බ්රහ්මචරියෙසනා -පෙ- භාවෙතබ්බොති.
Sinhala BJT757-796 මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක් ද යත්: කාමේසනා, භාවේසනා, බ්‍රහ්මචරියේසනා යි. … වැඩිය යුත්තේ යි.
Pali BJT(මග්ගසංයුත්තස්ස එසනාවග්ගො විය විත්ථාරෙතබ්බො)
Sinhala BJT(මග්ග සංයුත්තයෙහි ඒසනාවර්‍ගය මෙන් විතර කටයුතු)
Pali BJTඑසනාවග්ගො ද්වාදසමො.
Sinhala BJTදොළොස්වැනි ඒසනා වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය: