Pali BJTකො ච භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා: අත්ථි භික්ඛවෙ, සතිසම්බොජ්ඣඞ්ගට්ඨානියා ධම්මා. තත්ථ අමනසිකාර බහුලීකාරො, අයමනාහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා: අත්ථි භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා, සාවජ්ජානවජ්ජා ධම්මා, හීනප්පණීතා ධම්මා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා. තත්ථ අමනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, කුශලාකුශලධර්‍මයෝ සාවද්‍ය අනවද්‍ය ධර්‍මයෝ හීනප්‍රණීතධර්‍මයෝ කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ ඇතියහ. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා විරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා විරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා: අත්ථි භික්ඛවෙ, ආරම්භධාතු නික්ඛමධාතු පරක්කමධාතු. තත්ථ අමනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප්පන්නස්ස වා විරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා විරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් විරියසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, පළමු ඇරඹුණු වීර්‍ය්‍යයෙක් මැලිබැවින් නික්මෙන වීර්‍ය්‍යයෙක්, මතු මතු තැන් ඇක්මෙන වීර්‍ය්‍යයෙක් ඇත. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විරියසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා: අත්ථි භික්ඛවෙ, පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානියා ධම්මා. තත්ථ අමනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, පීතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා: අත්ථි භික්ඛවෙ, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි. තත්ථ අමනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධි සම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, කයෙහි සැහැල්ලු බවෙක් සිතෙහි සැහැල්ලු බවෙක් ඇත. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත්, මේ අනාහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා: අත්ථි භික්ඛවෙ, සමථනිමිත්තං, අබ්යග්ගනිමිත්තං. තත්ථ අමනසිකාරබහුලීකාරො. අයමනාහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් සමාධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, සමථනිමිත්තෙක් අබ්‍යග්ගනිමිත්තෙක් ඇත. එහි ලා නො මෙනෙහි කිරීම බහුලකිරීමෙක් වේ ද, නූපන් සමාධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා: අත්ථි භික්ඛවෙ, උපෙඛාසම්බොජ්ඣඞ්ගට්ඨානියා ධම්මා. තත්ථ අමනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප්පන්නස්ස වා උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියාති.
Sinhala BJTමහණෙනි, නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නො මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ අනාහාරවේ යි.
Pali BJT2. 6. 2.
Sinhala BJT2. 6. 2.
Pali BJTපරියායසුත්තං
Sinhala BJTපරියාය සූත්‍රය
Pali BJT598. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං. යන්නූන මයං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යාමා”ති. අථ ඛො තෙ භික්ඛූ යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං: “සමණො ආවුසො, ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති. “එථ තුම්හෙ භික්ඛවෙ, පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ සත්තබොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙථා”ති. මයම්පි ඛො ආවුසො, සාවකානං එවං ධම්මං දෙසෙම. “එථ තුම්හෙ ආවුසො, පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ සත්තබොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙථා”ති. ඉධ නො ආවුසො කො විසෙසො, කො අධිප්පායො{1}, කිං නානාකරණං, සමණස්ස වා ගොතමස්ස අම්හාකං වා යදිදං ධම්මදෙසනාය වා ධම්මදෙසනං අනුසාසනියා වා අනුසාසන්ති”
Sinhala BJT598. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති ඒ භික්‍ෂූන්ට මෙබඳු සිතෙක් විය; “සැවතෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම කල් වැඩි ය අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළැඹෙන්නමෝ නම් මැනවැ” යි. එකල්හි ඒ භික්‍ෂූහු අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹියහ. එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමඟ සතුටු වුහ. සතුටු විය යුතු සිහිකට යුතු කථා කොට නිමවා එකත් පස්ව හුන්හ. එකත් පස් ව හුන් ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ: ඇවැත්නි, “මහණ ගොයුම් සව්වන්ට මෙසේ දහම් දෙසයි “මහණෙනි, එව, තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි. ඇවැත්නි, අපිදු සව්වනට මෙසේ දහම් දෙසමු.”ඇවැත්නි, එව. තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් මේ ධර්‍මදේශනාව හා සමග ධර්‍මදේශනාවක් හෝ අනුශාසනාව හා සමග අනුශාසනාවක් ඇද්ද, අප දෙදෙනාගේ මේ පැනවීමෙහි ලා විශේෂ කීම? අධික ප්‍රයෝග කිම? නානාත්‍ව කිමැයි.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිංසු, නප්පටික්කොසිංසු. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිංසු, “භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමා”ති. අථ ඛො තෙ භික්ඛූ සාවත්ථියං පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: “ඉධ මයං භන්තෙ පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිම්හ. තෙසං නො භන්තෙ, අම්හාකං එතදහොසි: “අතිප්පගො ඛො තාව සාවත්ථියං පිණ්ඩාය චරිතුං. යන්නූන මයං යෙනඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යාමා”ති.
Sinhala BJTඉක්බිති ඒ භික්‍ෂූහු ඒ අන්තොටු පිරිවැජ්ජන්ගේ දෙසුම නො ම පිළිගත්හ, නොම පිළිකෙව් කළහ. නො පිළිගෙන නො පිළිකෙව් කොට “භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ දෙසුම්හි අරුත දැන ගන්නමෝයි හුනස්නෙන් නැඟිට ගියහ. ඉක්බිති ඒ භික්‍ෂූහු සැවතෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළහ: “වහන්ස, මෙහි අපි පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියෙමු. වහන්ස, ඒ අපට මේ සිතවිය: “සැවතෙහි පිඬු පිණිස හැසිරෙන්නට තවම කල් වැඩිය. අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹෙන්නමෝ නම් මැනවැ” යි.
Pali BJTඅථ ඛො මයං භන්තෙ, යෙනඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිම්හ. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිම්හ. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිම්හ. එකමන්තං නිසින්නෙ ඛො අම්හෙ භන්තෙ, තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං: “සමණො ආවුසො ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති. “එථ තුම්හෙ භික්ඛවෙ, පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ සත්ත බොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙථා”ති.
Sinhala BJTවහන්ස, ඉක්බිති අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමඟ සතුටු වූමු. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හුන්නෙමු. වහන්ස, එකත්පසෙක හුන් අපට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ; “ඇවැත්නි, මහණ ගොයුම් සව්වන්ට මෙසේ දහම් දෙසයි: “මහණෙනි එව, තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි.
Pali BJTමයම්පි ඛො ආවුසො, සාවකානං එවං ධම්මං දෙසෙම: “එථ තුම්හෙ ආවුසො, පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ, සත්තබොජ්ඣඞ්ගෙ යථාභූතං භාවෙථා”ති. ඉධ නො ආවුසො, කො විසෙසො කො අධිප්පායො කිං නානාකරණං සමණස්ස වා ගොතමස්ස අම්හාකං වා යදිදං ධම්මදෙසනාය වා ධම්මදෙසනං, අනුසාසනියා වා අනුසාසනින්ති. අථ ඛො මයං භන්තෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිම්හ, නප්පටික්කොසිම්හ. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිම්හ. “භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමා”ති.
Sinhala BJTඇවැත්නි, අපිත් සව්වනට මෙසේ දහම් දෙසමු: “ඇවැත්නි, එව තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පස්නීවරණ පහ කොට සත්බොජඟ තතු සේ වඩව” යි. ඇවැත්නි, ශ්‍රමණ ගෞතමයන්ගේ හා අපගේ යම් මේ ධර්‍මදේශනාව හා සමග ධර්‍මදේශනාවක් හෝ අනුශාසනාව හා සමග අනුශාසනාවක් ඇද්ද, අප දෙදෙනාගේ මේ පැනවීමෙහි ලා විශේෂකිම, අධික ප්‍රයෝග කීම නානාත්‍වකිමැ’ යි. වහන්ස, ඉක්බිති අපි ඒ අන්තොටු පිරිවැජ්ජන්ගේ දෙසුම නො ම පිළිගතුම්හ. නො ම පිළිකෙව් කළම්හ. නො පිළිගෙන නො පිළිකෙව් කොට භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මෙ වදනෙහි අරුත දැනගන්නමෝ යි හුනස්නෙන් නැඟිට පිටත් ව ගියෙමු.
Pali BJTඑවං වාදිනො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා. අත්ථි පනාවුසො පරියායො යං පරියායං ආගම්ම පඤ්චනීවරණා දස හොන්ති. සත්ත බොජ්ඣඞ්ගා චතුද්දසාති? එවං පුට්ඨා භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා න චෙව සම්පායිස්සන්ති{1}. උත්තරිඤ්ච විඝාතං ආපජ්ජිස්සන්ති. තං කිස්ස හෙතු: යථා තං භික්ඛවෙ, අවිසයස්මිං. නාහං තං භික්ඛවෙ, පස්සාමි{2} සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය, යො ඉමෙසං පඤ්හානං වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්ය, අඤ්ඤත්ර තථාගතෙන වා තථාගතසාවකෙන වා ඉතො වා පන සුත්වා.
Sinhala BJTමහණෙනි, මෙසේ කියන ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කිව යුතු වන්නාහ; “ඇවැත්නි, යම් නයකට පැමිණ පඤ්චනීවරණ දසයෙක් වේ නම්, සත්බොජඟ තුදුසෙක් වේ නම් එබඳු නයෙක් ඇත්දැ” යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජෝ (පිළිතුරු) සපයා කියන්නට නො ද හැකි වන්නාහ. මතු දුකටත් පැමිණෙන්නාහ. ඒ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය කරුණෙහි ලා (පුළුවුස්නා ලද්දේ) යම් සේ නම් එහෙයිනි. මහණෙනි, තථාගත කෙනෙකුන් විසින් හෝ තථාගත සව්වකු විසින් හෝ මෙයින් (-මාගේ සස්නෙන්) අසා (-ඉගෙන) හෝ හැර යමෙක් මේ පැන විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණ බමුණන් සහිත දෙව් මිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දකු මම නො ම දකිමි.
Pali BJTකතමො ච භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම පඤ්චනීවරණා දස හොන්ති: යදපි භික්ඛවෙ, අජ්ඣත්තං කාමච්ඡන්දො තදපි නීවරණං, යදපි බහිද්ධා කාමච්ඡන්දො තදපි නීවරණං. කාමච්ඡන්ද නීවරණන්ති ඉතිහිදං උද්දෙසං ගච්ඡති.{3} තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
Sinhala BJTමහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් ඒ නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත (සිය පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්‍දයකුත් වේ නම් එද නීවරණයෙකි. පිටත (මෙරමා පස් කඳ ඇරබ) යම් කාමච්ඡන්‍දයකුත් වේ නම් එද නීවරණයෙකි. මෙසේ මෙය කාමච්ඡන්‍දනීවරණය යි ගණයට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ.
Pali BJTයදපි භික්ඛවෙ, අජ්ඣත්තං බ්යාපාදො තදපි නීවරණං, යදපි බහිද්ධා බ්යාපාදො තදපි නීවරණං. බ්යාපාදනීවරණන්ති ඉතිහිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
Sinhala BJTමහණෙනි, ඇතුළත යම් ව්‍යාපාදයෙකුත් වේ නම් එ ද නීවරණයෙකි. පිටත යම් ව්‍යාපාදයෙකුත් වේ නම් එ ද නීවරණයෙකි. මෙසේ මෙය ව්‍යාපාදනීවරණය යි උදෙසීමට යෙයි. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ.
Pali BJTයදපි භික්ඛවෙ, ථිනං තදපි නීවරණං, යදපි මිද්ධං තදපි නීවරණං. ථිනමිද්ධනීවරණන්ති ඉති හිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
Sinhala BJTයම් ථීනයකුත් වේ නම් එ ද නීවරණයෙකි. යම් මිද්ධයකුත් වේ නම් එද නීවරණයෙකි. මෙසේ මෙය ථීනමිද්ධනීවරණය යි උදෙසීමට යෙයි. ඒ මෙනයිනුදු දෙකෙක් වේ.
Pali BJTයදපි භික්ඛවෙ, උද්ධච්චං තදපි නීවරණං, යදපි කුක්කුච්චං තදපි නීවරණං. උද්ධච්චකුක්කුච්චනීවරණන්ති ඉතිහිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
Sinhala BJTමහණෙනි, යම් උද්ධච්චයකුත් වේ නම් එ ද නීවරණයෙකි. යම් කුක්කුච්චයකුත් වේ නම් එ ද නීවරණයෙකි. මෙසේ මෙය උද්ධච්චකුක්කුච්චනීවරණය යි උදෙසීමට යෙයි. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ.
Pali BJTයදපි භික්ඛවෙ, අජ්ඣත්තං ධම්මෙසු විචිකිච්ඡා තදපි නීවරණං, යදපි බහිද්ධා ධම්මෙසු විචිකිච්ඡා තදපි නීවරණං. විචිකිච්ඡා නීවරණන්ති ඉතිහිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති. අයං ඛො භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම පඤ්චනීවරණා දස හොන්ති.
Sinhala BJTමහණෙනි, ඇතුළත (සිය පස්කඳෙහි) යම් විචිකිච්ඡාවකුත් වේ නම් එ ද නීවරණයෙකි. පිටත (අන්තැන්හි) යම් විචිකිච්ඡාවකුත් වේ නම් එ ද නීවරණයෙකි. මෙසේ මෙය විචිකිච්ඡානීවරණය යි උදෙසීමට යේ. ඒ මෙ නයිනුදු දෙකෙක් වේ. මහණෙනි, යම් නයකට පැමිණ පස්නීවරණ දසයෙක් වේ නම් මේ (ඒ) නයයි.
Pali BJTකතමො ච භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම සත්ත බොජ්ඣඞ්ගා චතුද්දස හොන්ති: යදපි භික්ඛවෙ, අජ්ඣත්තං ධම්මෙසු{1} සති තදපි සතිසම්බොජ්ඣඞ්ගො, යදපි බහිද්ධා ධම්මෙසු සති තදපි සතිසම්බොජ්ඣඞ්ගො. සතිසම්බොජ්ඣඞ්ගොති ඉතිහිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
Sinhala BJTමහණෙනි, යම් නයකට පැමිණ සත්බොජඟ තුදුසෙක් වේ නම් (ඒ) නය කවරේ ද යත්: මහණෙනි, ඇතුළත දහම්හි (-ආධ්‍යාත්මිකසංස්කාරයන්හි) යම් සිහියකුත් වේ නම් එ ද සතිසම්බොජ්ඣඞ්ගයෙකි. පිටත දහම්හි (-බාහිර සංස්කාරයන්හි) යම් සිහියකුත් වේ නම් එ ද සතිසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය සතිසම්බොජ්ඣඞ්ගයයි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.
Pali BJTයදපි භික්ඛවෙ, අජ්ඣත්තං ධම්මෙසු{1} පඤ්ඤාය පවිචිනති පවිචරති{2} පරිවීමංසමාපජ්ජති තදපි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො. යදපි බහිද්ධා ධම්මෙසු පඤ්ඤාය පවිචිනති පවිචරති{2} පරිවීමංසමාපජ්ජති තදපි ධම්මවිචය සම්බොජ්ඣඞ්ගො. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගොති ඉතිහිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
Sinhala BJTමහණෙනි, ඇතුළත දහම්හි නුවණින් සොයයි, පරීක්‍ෂා කෙරෙයි හාත්පසින් විමසීමට පැමිණෙයි යන යමක් වේ නම් ඒ ද ධම්මවිචයසම්බොජ්ඣඞ්ගයෙකි. පිටත දහම්හි නුවණින් සොයයි, පරීක්‍ෂා කෙරෙයි හාත්පසින් විමසීමට පැමිණෙයි යන යමක් වේ නම් ඒ ද ධම්මවිචය සම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය ධම්මවිචයසම්බොජ්ඣඞ්ග ය යි උදෙසීමට යෙ යි. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.
Pali BJTයදපි භික්ඛවෙ, කායිකං විරියං තදපි විරියසම්බොජ්ඣඞ්ගො, යදපි චෙතසිකං විරියං තදපි විරියසම්බොජ්ඣඞ්ගො. විරියසම්බොජ්ඣඞ්ගොති ඉතිහිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
Sinhala BJTමහණෙනි, යම් කායික වීර්‍ය්‍යයෙකුත් වේ නම් එ ද විරියසම්බොජ්ඣඞ්ගයෙකි. යම් චෛතසික වීර්‍ය්‍යයෙකුත් වේ නම් එ ද විරියසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය විරියසම්බොජ්ඣඞ්ග ය යි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.
Pali BJTයදපි භික්ඛවෙ, සවිතක්කසවිචාරා පීති තදපි පීතිසම්බොජ්ඣඞ්ගො. යදපි අවිතක්කඅවිචාරා පීති තදපි පීතිසම්බොජ්ඣඞ්ගො. පීතිසම්බොජ්ඣඞ්ගොති ඉතිහිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
Sinhala BJTමහණෙනි, යම් සවිතර්‍කසවිචාර ප්‍රීතියෙකුත් වේ නම් එ ද ප්‍රීතිසම්බොජ්ඣඞ්ගයෙකි. යම් අවිතර්‍කඅවිචාර ප්‍රීතියෙකුත් වේ නම් එ ද පීතිසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය පීතිසම්බොජ්ඣඞ්ගය යි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.
Pali BJTයදපි භික්ඛවෙ, කායපස්සද්ධි තදපි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො, යදපි චිත්තපස්සද්ධි, තදපි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගොති ඉතිහිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
Sinhala BJTමහණෙනි, යම් කායපස්සද්ධියෙකුත් වේ නම් එ ද පස්සද්ධිසම්බොජ්ඣඞ්ගයෙකි. යම් චිත්තපස්සද්ධියෙකුත් වේ නම් එ ද පස්සද්ධිසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය යි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.
Pali BJTයදපි භික්ඛවෙ, සවිතක්කො සවිචාරො සමාධි තදපි සමාධිසම්බොජ්ඣඞ්ගො, යදපි අවිතක්කො අවිචාරො සමාධි තදපි සමාධිසම්බොජ්ඣඞ්ගො. සමාධිසම්බොජ්ඣඞ්ගොති ඉතිහිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති.
Sinhala BJTමහණෙනි, යම් සවිතර්‍කසවිචාර සමාධියෙකුත් වේ නම් එ ද සමාධිසම්බොජ්ඣඞ්ගයෙකි. යම් අවිතක්කඅවිචාර සමාධියෙකුත් වේ නම් එ ද සමාධිසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය සමාධිසම්බොජ්ඣඞ්ගය යි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ.
Pali BJTයදපි භික්ඛවෙ, අජ්ඣත්තං ධම්මෙසු උපෙඛා තදපි උපෙඛාසම්බොජ්ඣඞ්ගො: යදපි බහිද්ධාධම්මෙසු උපෙඛා තදපි උපෙඛාසම්බොජ්ඣඞ්ගො. උපෙඛාසම්බොජ්ඣඞ්ගොති ඉතිහිදං උද්දෙසං ගච්ඡති. තදමිනාපෙතං පරියායෙන ද්වයං හොති. අයං ඛො භික්ඛවෙ, පරියායො යං පරියායං ආගම්ම සත්ත බොජ්ඣඞ්ගා චතුද්දසාති.
Sinhala BJTමහණෙනි, ඇතුළත දහම්හි යම් මැදහත් බවෙකුත් වේ නම් එ ද උපේඛාසම්බොජ්ඣඞ්ගයෙකි. පිටත දහම්හි යම් මැදහත්බවෙකුත් වේ නම් එ ද උපේඛාසම්බොජ්ඣඞ්ගයෙකි. මෙසේ මෙය උපේඛාසම්බොජ්ඣඞ්ගයයි උදෙසීමට යේ. ඒ මේ නයිනුදු දෙකෙක් වේ. මහණෙනි, යම් නයකට පැමිණ සත්බොජඟ තුදුසෙක් වේ නම් මේ (ඒ) නය යි.
Pali BJT2. 6. 3.
Sinhala BJT2. 6. 3.
Pali BJTඅග්ගිසුත්තං
Sinhala BJTඅග්ගි සූත්‍රය
Pali BJT599. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය සාවත්ථිං පිණ්ඩාය පවිසිංසු -පෙ- (පරියායසුත්තන්තෙවණ්ණිතක්කමොඑව) එවංවාදිනො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා: “යස්මිං ආවුසො, සමයෙ ලීනං චිත්තං හොති, කතමෙසං තස්මිං සමයෙ බොජ්ඣඞ්ගානං අකාලො භාවනාය, කතමෙසං තස්මිං සමයෙ බොජ්ඣඞ්ගානං කාලො භාවනාය: යස්මිං පනාවුසො සමයෙ උද්ධතං චිත්තං හොති, කතමෙසං තස්මිං සමයෙ බොජ්ඣඞ්ගානං අකාලො භාවනාය, කතමෙසං තස්මිං සමයෙ බොජ්ඣඞ්ගානං කාලො භාවනායා”ති. එවං පුට්ඨා භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා න චෙව සම්පායිස්සන්ති, උත්තරිඤ්ච විඝාතං ආපජ්ජිස්සන්ති. තං කිස්ස හෙතු: යථා තං භික්ඛවෙ, අවිසයස්මිං. නාහං තං භික්ඛවෙ, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය යො ඉමෙසං පඤ්හානං වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්ය අඤ්ඤත්ර තථාගතෙන වා තථාගතසාවකෙන වා ඉතො වා පන සුත්වා.
Sinhala BJT599. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන සැවතට පිඬු පිණිස පිවිසියහ … (පරියාය සූත්‍රයේ වර්‍ණනා කළ ක්‍රමය මැ යි) මහණෙනි, මෙබඳු වාද ඇති අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කිව යුතු වන්නාහු: ඇවැත්නි, යම් කලෙක සිත සැඟවුණේ වේ නම් එසමයෙහි කවර බොජ්ඣඞ්ගයන් වැඩීමට නො කල් ද? එසමයෙහි කවර බොජ්ඣඞ්ගයන් වැඩීමට කල් ද? ඇවැත්නි, යම් කලෙක සිත නොසන්සුන් වූයේ වේ නම් එසමයෙහි කවර බොජ්ඣඞ්ගයන් වැඩීමට නො කල් ද? එසමයෙහි කවර බොජ්ඣඞ්ගයන් වැඩීමට කල් දැ යි. මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජෝ (පිළිතුරු) සපයා කියන්නට නො හැකි වන්නාහ. මතු දුකටත් පැමිණෙන්නාහ. ඒ කවර හෙයින් යත්: මහණෙනි, අවිෂය කරුණෙහි ලා යම් සේ නම් එමෙනි. මහණෙනි, තථාගත කෙනකුන් විසින් හෝ තථාගත සව්වකු විසින් හෝ මෙයින් අසා හෝ හැර යමෙක් මේ පැන විසඳීමෙන් සිත සතුටු කරන්නේ නම් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෙව්හි මහණ බමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජායෙහි එබන්දකු මම නොම දකිමි.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ ලීනං චිත්තං හොති, අකාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. අකාලො සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. අකාලො උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. තං කිස්ස හෙතු: ලීනං භික්ඛවෙ චිත්තං. තං එතෙහි ධම්මෙහි දුස්සමුට්ඨාපයං හොති. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො පරිත්තං අග්ගිං උජ්ජාලෙතුකාමො අස්ස. සො තත්ථ අල්ලානි චෙව තිණානි පක්ඛිපෙය්ය, අල්ලානි ච ගොමයානි පක්ඛිපෙය්ය, අල්ලානි ච කට්ඨානි පක්ඛිපෙය්ය, උදකවාතඤ්ච දදෙය්ය, පංසුකෙන ච ඔකිරෙය්ය. භබ්බො නු ඛො සො පුරිසො පරිත්තං අග්ගිං උජ්ජාලෙතුන්ති? නො හෙතං භන්තෙ. එවමෙව ඛො භික්ඛවෙ, යස්මිං සමයෙ ලීනං චිත්තං හොති, අකාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. අකාලො සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. අකාලො උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. තං කිස්ස හෙතු: ලීනං භික්ඛවෙ, චිත්තං තං එතෙහි ධම්මෙහි දුස්සමුට්ඨාපයං හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක සිත සැඟවුණේ වේ නම් එසමයෙහි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමට නො කලී. සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමට නො කලී. උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමට නො කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් නො නගාලිය හැක්කේ වේ. මහණෙනි, යම්සේ පුරුෂයෙක් මද ගින්නක් දල්වනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ එහි අමු තණත් බහාලන්නේ නම් අමුගොමත් බහා ලන්නේ නම් අමු දරත් බහා ලන්නේ නම් සිහිල් සුලඟත් දෙන්නේ නම් වැලිත් ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මඳ ගින්න දල්වන්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නොවේ ම ය. මහණෙනි, එසෙයින් ම යම් කලෙක සිත සැඟවුණක් වේ නම් එසමයෙහි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩන්නට නො කලි. සමාධිසම්බොජ්ඣඞ්ගය වඩන්නට නො කලි. උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩන්නට නො කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් නො නගාලිය හැක්කේ වෙයි.
Pali BJTයස්මිං ච ඛො භික්ඛවෙ, සමයෙ ලීනං චිත්තං හොති. කාලො තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො විරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. කාලො පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. තං කිස්ස හෙතු: ලීනං භික්ඛවෙ චිත්තං. තං එතෙහි ධම්මෙහි සුසමුට්ඨාපයං හොති. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො පරිත්තං අග්ගිං උජ්ජාලෙතුකාමො අස්ස. සො තත්ථ සුක්ඛානි චෙව තිණානි පක්ඛිපෙය්ය. සුක්ඛානි ගොමයානි පක්ඛිපෙය්ය. සුක්ඛානි කට්ඨානි පක්ඛිපෙය්ය, මුඛවාතං ච දදෙය්ය. න ච පංසුකෙන ඔකිරෙය්ය භබ්බො නු ඛො සො පුරිසො පරිත්තං අග්ගිං උජ්ජාලෙතුන්ති. එවං භන්තෙ. එවමෙව ඛො භික්ඛවෙ, යස්මිං සමයෙ ලීනං චිත්තං හොති, කාලො තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. කාලො විරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. කාලො පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. තං කිස්ස හෙතු: ලීනං භික්ඛවෙ චිත්තං, තං එතෙහි ධම්මෙහි සුසමුට්ඨාපයං හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක සිත සැඟවුණේ වේ ද; එසමයෙහි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. විරියසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. ඒ කවර හෙයින යත්, මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් මැනැවින් නගාලිය හැක්කේ වෙයි. මහණෙනි, යම් සේ පුරුෂයෙක් මඳ ගින්නක් දල්වනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ එහි වියලි තණත් බහා ලන්නේ නම් වියලි ගොමත් බහාලන්නේ නම් වියලි දරත් බහා ලන්නේ නම් මුවසුලඟත් දෙන්නේ නම් වැලි නො ද ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මඳ ගින්න දල්වන්නට සුදුසු දැ යි. වහන්ස, එසේ ය. මහණෙනි, එසෙයින් ම යම් කලෙක සිත සැඟවුණේ වේ නම් එසමයෙහි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩනට කලී. විරියසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත සැඟවුණේ ය. එය මේ දහමින් මැනැවින් නගාලිය හැක්කේ වෙයි.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ උද්ධතං චිත්තං හොති, අකාලො තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. අකාලො විරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. අකාලො පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. තං කිස්ස හෙතු? උද්ධතං භික්ඛවෙ චිත්තං, තං එතෙහි ධම්මෙහි දුවූපසමයං හොති. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො මහන්තං අග්ගික්ඛන්ධං නිබ්බාපෙතුකාමො අස්ස. සො තත්ථ සුක්ඛානි චෙව තිණානි පක්ඛිපෙය්ය. සුක්ඛානි ච ගොමයානි පක්ඛිපෙය්ය, සුක්ඛානි ච කට්ඨානි පක්ඛිපෙය්ය, මුඛවාතඤ්ච දදෙය්ය, න ච පංසුකෙන ඔකිරෙය්ය. භබ්බො නු ඛො සො පුරිසො මහන්තං අග්ගික්ඛන්ධං නිබ්බාපෙතුන්ති? නො හෙතං භන්තෙ. එවමෙව ඛො භික්ඛවෙ, යස්මිං සමයෙ උද්ධතං චිත්තං හොති, අකාලො තස්මිං සමයෙ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. අකාලො විරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, අකාලො පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. තං කිස්ස හෙතු? උද්ධතං භික්ඛවෙ, චිත්තං තං එතෙහි ධම්මෙහි දුවූපසමං හොති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක සිත නොසන්සුන් වේ ද; නම් එසමයෙහි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. විරියසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත නො සන්සුන් ය. එය මේ දහමින් නොසන්සිඳුවිය හැක්කේ වෙයි. මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහත් ගිනිකඳක් නිවනු කැමැත්තේ වන්නේ ද; හෙතෙමේ එහි වියළි තණත් බහාලන්නේ නම් වියලි ගොමත් බහා ලන්නේ නම් වියලි දරත් බහා ලන්නේ නම් මුවසුළගත් දෙන්නේ නම් වැලි නො ද ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මහත් ගිනිකඳ නිවන්නට සුදුසු දැ යි. වහන්ස, මෙය නො වේ ම ය. මහණෙනි, එසෙයින් ම යම්කලෙක සිත නොසන්සුන් වේ නම් එසමයෙහි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. විරියසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. පීතිසම්බොජ්ඣඞ්ගය වඩනට නො කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත නොසන්සුන් ය. එය මේ දහමින් නො සන්සිඳුවිය හැකි වෙයි.
Pali BJTයස්මිං භික්ඛවෙ, සමයෙ උද්ධතං චිත්තං හොති, කාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. තං කිස්ස හෙතු, උද්ධතං භික්ඛවෙ චිත්තං. තං එතෙහි ධම්මෙහි සුවූපසමං හොති. සෙය්යථාපි භික්ඛවෙ, පුරිසො මහන්තං අග්ගික්ඛන්ධං නිබ්බාපෙතුකාමො අස්ස. සො තත්ථ අල්ලානි චෙව තිණානි පක්ඛිපෙය්ය, අල්ලානි චෙව ගොමයානි පක්ඛිපෙය්ය, අල්ලානි ච කට්ඨානි පක්ඛිපෙය්ය, උදකවාතඤ්ච දදෙය්ය, පංසුකෙන ච ඔකිරෙය්ය, භබ්බො නු ඛො සො පුරිසො මහන්තං අග්ගික්ඛන්ධං නිබ්බාපෙතුන්ති? එවම්භන්තෙ. එවමෙව ඛො භික්ඛවෙ, යස්මිං සමයෙ උද්ධතං චිත්තං හොති, කාලො තස්මිං සමයෙ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය, කාලො උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය. තං කිස්ස හෙතු, උද්ධතං භික්ඛවෙ චිත්තං. තං එතෙහි ධම්මෙහි සුවූපසමං හොති. සතිං ඛ්වාහං{1} භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමීති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක සිත නොසන්සුන් වේ නම් එසමයෙහි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. සමාධිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. ඒ කවර හෙයින යත්: මහණෙනි, සිත නොසන්සුන් ය. එය මේ දහමින් මැනැවින් සන්සිඳු විය හැක්කේ වෙයි. මහණෙනි, යම් සේ පුරුෂයෙක් මහත් ගිනිකඳක් නිවනු කැමැත්තේ වන්නේ ද, හෙතෙමේ එහි අමු තණත් බහා ලන්නේ නම් අමු ගොමත් බහා ලන්නේ නම් අමු දරත් බහා ලන්නේ නම් සිහිල් සුළඟත් දෙන්නේ නම් වැලිත් ඉසින්නේ නම් ඒ පුරිස් තෙමේ මහත් ගිනිකඳ නිවන්නට සුදුසු දැ යි. වහන්ස, එසේ ය. මහණෙනි, එසෙයින් ම යම් කලෙක සිත නොසන්සුන් වේ නම් එසමයෙහි පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. සමාධිසම්බොජ්ඣඞ්ගය වඩනට කලි. උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩන්නට කලි. ඒ කවර හෙයින යත්; මහණෙනි, සිත නො සන්සුන් ය. එය මේ දහම්වලින් මැනැවින් සන්සිඳු විය හැක්කේ වෙයි. මහණෙනි, සිහිය වූ කලී සියලු තන්හි ම කැමති විය යුතු යයි මම කියමි යි.
Pali BJT2. 6. 4.
Sinhala BJT2. 6. 4.
Pali BJTමෙත්තසුත්තං
Sinhala BJTමෙත්ත සූත්‍රය
Pali BJT600. එකං සමයං භගවා කොලියෙසු විහරති හලිද්දවසනං නාම කොලියානං නිගමො. අථ ඛො සම්බහුලා භික්ඛූ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය හලිද්දවසනං පිණ්ඩාය පවිසිංසු. අථ ඛො තෙසං භික්ඛූනං එතදහොසි: “අතිප්පගො ඛො තාව හලිද්දවසනෙ පිණ්ඩාය චරිතුං. යන්නූන මයං යෙනඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යාමා”ති. අථ ඛො තෙ භික්ඛූ යෙනඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිංසු. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නෙ ඛො තෙ භික්ඛූ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං:
Sinhala BJT600. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ කෝලිය දනව්වෙහි හලිද්දවසන නම් කෝලියයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්‍ෂූහු පෙරවරු හැඳ පෙරව පාසිවුරු ගෙන හලිද්දවසන නියම්ගමට පිඬු පිණිස පිවිසියහ. ඉක්බිති ඒ භික්‍ෂූන්ට මේ සිත විය: හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරෙන්නට තවම කල් වැඩි ය. අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම වෙත එළඹෙන්නමෝ නම් මැනවැ” යි. එකල්හි ඒ භික්‍ෂූහු අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹියහ. එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමඟ සතුටු වූහ. සතුටු විය යුතු සිහිකට යුතු කථා කොට නිමවා එකත්පස්ව හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූන්ට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහු:
Pali BJTසමණො ආවුසො, ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති: “එථ තුම්හෙ භික්ඛවෙ, පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මෙත්තාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අව්යාපජ්ජෙන{1} ඵරිත්වා විහරථ. කරුණාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං කරුණාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන{1} ඵරිත්වා විහරථ. මුදිතාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං මුදිතාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන{2} ඵරිත්වා විහරථ. උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ, තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන{1} ඵරිත්වා විහරථා”ති.
Sinhala BJTඇවැත්නි, “මහණ ගොයුම් සව්වන්ට මෙසේ දහම් දෙසයි: “මහණෙනි, එවු, තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පඤ්චනීවරණ පහ කොට මෙත්සහගිය සිතින් එක්දිගක් පතුරුවා වෙසෙව. එසේ දෙවන දිග ද එසේ තෙවන දිග ද එසේ සිවුවන දිග ද (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහත් බවට පැමිණි නො පමණ වූ වෙර නැති දොම්නස් රහිත මෙත්සහගිය සිතින් පතුරුවා වෙසෙව, කුළුණුසහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙව. එසේ දෙවන දිග ද එසේ තෙවන දිග ද එසේ සිව්වන දිග ද (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තැන්හි සර්‍වාත්මයෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහත් බවට පැමිණ නො පමණ වූ වෙර නැති දොම්නස් රහිත කුළුණුසහගිය සිතින් පතුරුවා වෙසෙව. මුදිතා සහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙව. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිව්වන දිග ද, (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියල්ලෙන් යුත් ලොව විපුල වූ මහත්බවට ගිය නොපමණ වූ වෙර නැති දොම්නස් රහිත මුදිතා සහගත සිතින් පතුරුවා වෙසෙව. මැදහත් බව සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසව. එසේ දෙවන දිග ද, එසේ තෙවන දිග ද, එසේ සිව්වන දිග ද (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව පැතුරුණු මහත්බවට ගිය නොපමණ වූ වෙර නැති දොම්නස් රහිත උපේක්‍ෂා සහගත සිතින් පතුරුවා වෙසෙව යි.
Pali BJTමයම්පි ඛො ආවුසො, සාවකානං එවං ධම්මං දෙසෙම: “එථ තුම්හෙ ආවුසො, පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ -පෙ- කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං, ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරථා”ති. ඉධ නො ආවුසො, කො විසෙසො කො අධිප්පායො කිං නානාකරණං සමණස්ස වා ගොතමස්ස අම්හාකං වා යදිදං ධම්මදෙසනාය වා ධම්මදෙසනං අනුසාසනියා වා අනුසාසනින්ති.
Sinhala BJTඇවැත්නි, අපි දු සව්වනට මෙසේ දහම් දෙසමු: “ඇවැත්නි එව තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන නීවරණ පහ කොට මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසව … කරුණා සහගත සිතින් ... මුදිතා සහගත සිතින් … උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙවු. එසේ දෙවන දිග ද එසේ තෙවන දිග ද එසේ සිවුවන දිග ද (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව පැතිරුණු මහත්බවට ගිය නො පමණ වූ වෙර නැති, දොම්නස් රහිත උපේක්‍ෂාසහගත සිතින් පතුරුවා වෙසෙව” යි. ඇවැත්නි, මෙහි මහණ ගොයුම්හුගේ හා අපගේ යම් මේ ධර්‍මදේශනාව හා සමග ධර්‍මදේශනාවක් හෝ අනුශාසනාව හා සමග අනුශාසනාවක් ඇද්ද, අප දෙදෙනාගේ මේ පැනවීමෙහි ලා විශේෂ කීම, අධික ප්‍රයෝග කිම, නානාත්‍වකිමැ’ යි.
Pali BJTඅථ ඛො තෙ භික්ඛූ තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිංසු, නප්පටික්කොසිංසු. අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිංසු, භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමාති. අථ ඛො තෙ භික්ඛූ හලිද්දවසනෙ පිණ්ඩාය චරිත්වා පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තා යෙන භගවා තෙනුපසඞ්කමිංසු. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදිංසු. එකමන්තං නිසින්නා ඛො තෙ භික්ඛූ භගවන්තං එතදවොචුං: ඉධ මයං භන්තෙ, පුබ්බන්හසමයං නිවාසෙත්වා පත්තචීවරමාදාය හලිද්දවසනං පිණ්ඩාය පවිසිම්හ. තෙසං නො භන්තෙ, අම්හාකං එතදහොසි: “අතිප්පගො ඛො තාව හලිද්දවසනෙ පිණ්ඩාය චරිතුං. යන්නූන මයං යෙන අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමෙය්යාමා”ති.
Sinhala BJTඑකල්හි ඒ භික්‍ෂූහු ඒ අන්තොටු පිරිවැජ්ජන්ගේ භාෂිතය නො ම පිළිගත්හ. නොම පිළිකෙව් කළහ. නොපිළිගෙන නොපිළිකෙව් කොට “මේ භාෂිතයේ අරුත භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි දී දැනගන්නෙමු”යී හුනස්නෙන් නැගිට පිටත්ව ගියහ. ඉක්බිති ඒ භික්‍ෂූහු හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිර පසුබත පිණ්ඩපාතයෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙක හුන් ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළහ; වහන්ස, මෙහි අපි පෙරවරු හැඳපෙරව පාසිවුරු ගෙන හලිද්දවසනයට පිඬු පිණිස පිවිසියෙමු. වහන්ස, ඒ අපට මෙබඳු සිතෙක් විය: “හලිද්දවසනයෙහි පිඬු පිණිස හැසිරෙන්නට තව ම කල් වැඩිය, අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළැඹෙන්නමෝ නම් ඉතා යෙහෙකැ”යි.
Pali BJTඅථ ඛො මයං භන්තෙ, යෙනඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං ආරාමො තෙනුපසඞ්කමිම්හ. උපසඞ්කමිත්වා තෙහි අඤ්ඤතිත්ථියෙහි පරිබ්බාජකෙහි සද්ධිං සම්මොදිම්හ. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදිම්හ. එකමන්තං නිසින්නෙ ඛො අම්හෙ භන්තෙ, තෙ අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එතදවොචුං:
Sinhala BJTවහන්ස, එකල්හි අපි අන්තොටු පිරිවැජ්ජන්ගේ අරම කරා එළඹුණෙමු. එළඹ ඒ අන්තොටු පිරිවැජ්ජන් සමඟ සතුටු වූමු. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත් පසෙක හිඳගත්තෙමු. වහන්ස, එකත්පසෙක හුන් අපට ඒ අන්තොටු පිරිවැජ්ජෝ මෙය කීහ:
Pali BJTසමණො ආවුසො, ගොතමො සාවකානං එවං ධම්මං දෙසෙති: “එථ තුම්හෙ භික්ඛවෙ, පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ -පෙ- කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරථා”ති.
Sinhala BJTඇවැත්නි, මහණ ගොයුම් සව්වන්ට මෙසේ දහම් දෙසයි; “මහණෙනි එව, තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පඤ්චනීවරණ පහ කොට මෙත්සහගිය සිතින් ... එක් දිගක් පතුරුවා වෙසෙව … කුළුණු සහගිය සිතින් ... මුදිතා සහගත සිතින් … උපේක්‍ෂා සහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙව, එසේ දෙවන දිග ද එසේ තෙවන දිග ද එසේ සිවුවන දිග ද (පතුරුවා වෙසෙව). මෙසේ උඩ යට සරස සර්‍වාත්මතායෙන් සියලු ලොව පැතිරුණු මහත්බවට ගිය නො පමණ වූ වෙර නැති දොම්නස් රහිත උපේක්‍ෂාසහගත සිතින් පතුරුවා වෙසෙව” යි.
Pali BJTමයම්පි ඛො ආවුසො, සාවකානං එවං ධම්මං දෙසෙම: “එථ තුම්හෙ ආවුසො, පඤ්ච නීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ මෙත්තාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ -පෙ- කරුණාසහගතෙන චෙතසා -පෙ- මුදිතාසහගතෙන චෙතසා -පෙ- උපෙඛාසහගතෙන චෙතසා එකං දිසං ඵරිත්වා විහරථ. තථා දුතියං, තථා තතියං, තථා චතුත්ථිං. ඉති උද්ධමධො තිරියං සබ්බධි සබ්බත්තතාය සබ්බාවන්තං ලොකං උපෙඛාසහගතෙන චෙතසා විපුලෙන මහග්ගතෙන අප්පමාණෙන අවෙරෙන අබ්යාපජ්ජෙන ඵරිත්වා විහරථා”ති. ඉධ නො ආවුසො, කො විසෙසො කො අධිප්පායො කිං නානාකරණං, සමණස්ස වා ගොතමස්ස අම්හාකං වා යදිදං ධම්මදෙසනාය වා ධම්මදෙසනං අනුසාසනියා වා අනුසාසනින්ති.
Sinhala BJTඇවැත්නි, අපි දු සව්වනට මෙසේ දහම් දෙසමු. “ඇවැත්නි, එව තෙපි සිත කෙලෙසන නුවණ දුබල කරන පඤ්චනීවරණ පහ කොට මෙත් සහගිය සිතින් එක් දිගක් පතුරුවා වෙසෙව, … කුළුණු සහගිය සිතින් ... මුදිතා සහගත සිතින් … උපේක්‍ෂාසහගත සිතින් එක් දිගක් පතුරුවා වෙසෙව. එසේ දෙවන දිග ද එසේ තෙවන දිග ද එසේ සිවුවන දිග ද (පතුරුවා වෙසෙව) මෙසේ උඩ යට සරස සියලු තන්හි සර්‍වාත්මතායෙන් සියලු ලොව පැතිරුණු මහත් බවට ගිය නො පමණ වූ වෙර නැති දොම්නස් රහිත උපේක්‍ෂාසහගත සිතින් පතුරුවා වෙසෙව” යි. ඇවැත්නි, මෙහි මහණ ගොයුම්හුගේ හා අපගේ යම් මේ ධර්‍මදේශනාව හා සමග ධර්‍මදේශනාවක් හෝ අනුශාසනාව හා සමග අනුශාසනාවක් හෝ ඇද්ද, අප දෙදෙනාගේ මේ පැනවීමෙහි ලා විශේෂ කිම, අධික ප්‍රයෝග කිම, නානාත්‍ව කිමැ යි.
Pali BJTඅථ ඛො මයං භන්තෙ, තෙසං අඤ්ඤතිත්ථියානං පරිබ්බාජකානං භාසිතං නෙව අභිනන්දිම්හ නප්පටික්කොසිම්හ, අනභිනන්දිත්වා අප්පටික්කොසිත්වා උට්ඨායාසනා පක්කමිම්හ, “භගවතො සන්තිකෙ එතස්ස භාසිතස්ස අත්ථං ආජානිස්සාමා”ති. එවංවාදිනො භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා එවමස්සු වචනීයා: “කථං භාවිතා පනාවුසො මෙත්තාචෙතොවිමුත්ති කිංගතිකා හොති කිංපරමා කිම්ඵලා කිම්පරියොසානා? කථං භාවිතා පනාවුසො, කරුණාචෙතොවිමුත්ති කිංගතිකා හොති කිංපරමා කිම්ඵලා කිංපරියොසානා? කථං භාවිතා පනාවුසො, මුදිතාචෙතොවිමුත්ති කිංගතිකා හොති කිංපරමා කිම්ඵලා කිංපරියොසානා? කථං භාවිතා පනාවුසො, උපෙඛාචෙතොවිමුත්ති, කිංගතිකා හොති කිංපරමා කිම්ඵලා, කිංපරියොසානා”ති. එවං පුට්ඨා භික්ඛවෙ, අඤ්ඤතිත්ථියා පරිබ්බාජකා න චෙව සම්පායිස්සන්ති, උත්තරිඤ්ච විඝාතං ආපජ්ජිස්සන්ති. තං කිස්ස හෙතු: යථා තං භික්ඛවෙ, අවිසයස්මිං. නාහං තං භික්ඛවෙ, පස්සාමි සදෙවකෙ ලොකෙ සමාරකෙ සබ්රහ්මකෙ සස්සමණබ්රාහ්මණියා පජාය සදෙවමනුස්සාය, යො ඉමෙසං පඤ්හානං වෙය්යාකරණෙන චිත්තං ආරාධෙය්ය, අඤ්ඤත්ර තථාගතෙන වා තථාගතසාවකෙන වා ඉතො වා පන සුත්වා.
Sinhala BJTවහන්ස, ඉක්බිති අපි ඒ අන්තොටුපිරිවැජ්ජන්ගේ වදන් නොම පිළිගතුම්හ. නො ම පිළිකෙව් කළම්හ. නො පිළිගෙන නො පිළිකෙව් කොට මේ වදනෙහි අරුත භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි දී දැනගන්නෙමු යි හුනස්නෙන් නැඟි පිටත්ව ගියෙමු යි. මහණෙනි, මෙබඳු වාද ඇති අන්තොටු පිරිවැජ්ජෝ මෙසේ කියයුතු වන්නාහ: ඇවැත්නි, කෙසේ වඩනලද මෛත්‍රීචිත්තවිමුක්තිය (අර්‍පණාසමාධිය) කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද? ඇවැත්නි, කෙසේ වඩන ලද කරුණාචිත්තවිමුක්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද? ඇවැත්නි, කෙසේ වඩනලද මුදිතා චිත්තවිමුක්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද? ඇවැත්නි, කෙසේ වඩනලද උපේඛාචිත්තවිමුත්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ දැ යි? මහණෙනි, මෙසේ පුළුවුස්නා ලද අන්තොටු පිරිවැජ්ජෝ සපයා කියන්නට නො ද හැකි වන්නාහ. මතු දුකටත් පැමිණෙන්නාහ. හේ කවර හෙයින යත්: මහණෙනි, අවිෂය කරුණෙහිලා යම්සේ නම් එමෙනි. මහණෙනි, තථාගත කෙනෙකුන් විසින් හෝ තථාගත සව්වකු විසින් හෝ මෙයින් අසා හෝ හැර යමෙක් මේ පැන විසඳීමෙන් සිත් ගන්නේ නම් දෙවියන් සහිත මරුන් බඹුන් සහිත ලෙව්හි මහණබමුණන් සහිත දෙවිමිනිසුන් සහිත ප්‍රජාවෙහි එබන්දකු මම නො ම දකිමි.
Pali BJTකථං භාවිතා ච භික්ඛවෙ, මෙත්තාචෙතොවිමුත්ති කිංගතිකා හොති, කිංපරමා, කිංඵලා, කිංපරියොසානා: ඉධ භික්ඛවෙ, භික්ඛු මෙත්තාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- මෙත්තා සහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සො සචෙ ආකඞ්ඛති අප්පටිකූලෙ පටික්කූල{1}සඤ්ඤී විහරෙය්යන්ති, පටිකූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අප්පටික්කූලඤ්ච පටික්කූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙඛකො විහරෙය්යං සතො සම්පජානොති, උපෙඛකො තත්ථ විහරති සතො සම්පජානො. සුභං වා ඛො පන විමොඛං උපසම්පජ්ජ විහරති. සුභපරමාහං භික්ඛවෙ, මෙත්තා චෙතොවිමුත්තිං වදාමි, ඉධ පඤ්ඤස්ස භික්ඛුනො උත්තරිං විමුත්තිං අප්පටිවිජ්ඣතො.
Sinhala BJTමහණෙනි, කෙසේ වඩන ලද මෛත්‍රීචිත්තවිමුක්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද යත්; මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට මෙත්තාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... මෙත්තාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ඉදින් හෙතෙමේ ඉටුඅරමුණෙහි අනිටු හැඟීම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටු හැඟීම් ඇතිව වෙසෙයි. ඉදින් අනිටු අරමුණෙහි ඉටුහැඟීම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති නම් එහිලා ඉටුහැඟීම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණෙහිත් අනිටු අරමුණෙහිත් ඉටු හැඟීම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා ඉටුහැඟීම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණෙහිත් අනිටු අරමුණෙහිත් අනිටු හැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටුහැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණත් අනිටු අරමුණත් යන දෙක දුරු කොට උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසේ. ශුභවිමෝක්‍ෂයට හෝ පැමිණ වෙසේ. මහණෙනි, ලෞකිකප්‍රඥා ඇති මතු විමුක්තිය (අර්‍හත්‍වය) අවබෝධ නොකරන මහණහට මෛත්‍රීචිත්තවිමුක්තිය ශුභය කෙළවර කොට ඇත්තීයයි මම කියමි.
Pali BJTකථං භාවිතා ච භික්ඛවෙ, කරුණාචෙතොවිමුත්ති කිංගතිකා හොති කිංපරමා කිංඵලා කිං පරියොසානා: ඉධ භික්ඛවෙ, භික්ඛු කරුණාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- කරුණාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සො සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති. පටික්කූලසඤ්ඤී තත්ථ විහරති, සචෙ ආකඞ්ඛති පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති. අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, පටික්කූලසඤ්ඤී තත්ථ විහරති, සචෙ ආකඞ්ඛති පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, අප්පටික්කූලසචඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අප්පටික්කූලං ච පටික්කූලං ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙඛකො විහරෙය්යං සතො සම්පජානොති, උපෙඛකො තත්ථ විහරති සතො සම්පජානො. සබ්බසොවා රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. ආකාසානඤ්චායතනපරමාහං භික්ඛවෙ, කරුණාචෙතොවිමුත්තිං වදාමි, ඉධ පඤ්ඤස්ස භික්ඛුනො උත්තරිං විමුත්තිං අප්පටිවිජ්ඣතො.
Sinhala BJTමහණෙනි, කෙසේ වඩන ලද කරුණාචේතොවිමුත්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට කරුණා සහගතසතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... කරුණා සහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ඉදින් හෙතෙමේ ඉටු අරමුණෙහි අනිටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටු හැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් අනිටු අරමුණෙහි ඉටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති නම් එහිලා ඉටු හැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණෙහිත් අනිටු අරමුණෙහිත් අනිටු හැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටු හැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් අනිටු අරමුණෙහිත් ඉටු අරමුණෙහිත් ඉටු හැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා ඉටුහැඟුම් ඇතිව වෙසෙයි. ඉදින් ඉටු අරමුණත් අනිටු අරමුණත් යන දෙක දුරු කොට උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසේ. සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන් ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්‍වසංඥාවන්ගේ නොමෙනෙහි කිරීමෙන් ආකාසය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ හෝ වෙසේ. මහණෙනි, ලෞකිකප්‍රඥා ඇති මතු විමුක්තිය අවබෝධ නොකරන මහණහට කරුණාචිත්තවිමුත්තිය ආකාසානඤ්චායතනය පරම කොට ඇත්තී ය යි මම කියමි.
Pali BJTකථං භාවිතා ච භික්ඛවෙ, මුදිතා චෙතොවිමුත්ති කිංගතිකා හොති කිංපරමා කිංඵලා කිංපරියොසානා: ඉධ භික්ඛවෙ, භික්ඛු මුදිතාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- මුදිතාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සො සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, පටික්කූලසඤ්ඤී තත්ථ විහරති -පෙ- සචෙ ආකඞ්ඛති අප්පටික්කූලඤ්ච පටික්කූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙඛකො විහරෙය්යං සතො සම්පජානොති, උපෙඛකො තත්ථ විහරති සතො සම්පජානො. සබ්බසො වා පන ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. විඤ්ඤාණඤ්චායතනපරමාහං භික්ඛවෙ, මුදිතාචෙතොවිමුත්තිං වදාමි, ඉධපඤ්ඤස්ස භික්ඛුනො උත්තරිං විමුත්තිං අප්පටිවිජ්ඣතො.
Sinhala BJTමහණෙනි, කෙසේ වඩන ලද මුදිතාචිත්තවිමුත්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද යත්; මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට මුදිතාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... මුදිතාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ඉදින් හෙතෙමේ ඉටු අරමුණෙහි ඉටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහි ලා ඉටු හැගීම් ඇතිව වෙසෙයි ... ඉදින් ඉටු අරමුණත් අනිටු අරමුණත් යන දෙක දුරු කොට උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති වේ නම් එහි ලා උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසේ. සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ හෝ වෙසේ. මහණෙනි, ලෞකිකප්‍රඥා ඇති මතු විමුක්තිය අවබෝධ නොකරන මහණහට මුදිතාචේතෝවිමුත්තිය විඤ්ඤාණඤ්චායතනය පරම කොට ඇත්තී ය යි මම කියමි.
Pali BJTකථං භාවිතා ච භික්ඛවෙ, උපෙඛාචෙතොවිමුත්ති කිංගතිකා හොති කිංපරමා කිංඵලා කිංපරියොසානා: ඉධ භික්ඛවෙ, භික්ඛු උපෙඛාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙඛාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සො සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති පටික්කූලෙ අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, අප්පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති අප්පටික්කූලෙ ච පටික්කූලෙ ච පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, පටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති පටික්කූලෙ ච අප්පටික්කූලෙ ච අප්පටික්කූලසඤ්ඤී විහරෙය්යන්ති, අප්පපටික්කූලසඤ්ඤී තත්ථ විහරති. සචෙ ආකඞ්ඛති, අප්පටික්කූලඤ්ච පටික්කූලඤ්ච තදුභයං අභිනිවජ්ජෙත්වා උපෙඛකො විහරෙය්යං සතො සම්පජානොති, උපෙඛකො තත්ථ විහරති සතො සම්පජානො. සබ්බසො වා පන විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. ආකිඤ්චඤ්ඤායතනපරමාහං භික්ඛවෙ, උපෙඛාචෙතොවිමුත්තිං වදාමි, ඉධ පඤ්ඤස්ස භික්ඛුනො උත්තරිං විමුත්තිං අප්පටිවිජ්ඣතොති.
Sinhala BJTමහණෙනි, කෙසේ වඩන ලද උපේක්‍ෂාචිත්තවිමුක්තිය කිනම් ගති ඇත්තී කුමක් උතුම් කොට ඇත්තී කිනම් අනුසස් ඇත්තී කුමක් කෙළවර කොට ඇත්තී වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට උපේඛාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපේඛාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. ඉදින් හෙතෙමේ ඉටු අරමුණෙහි අනිටු හැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා අනිටු හැඟුම් ඇතිව වෙසේ. ඉදින් අනිටු අරමුණෙහි ඉටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති නම් එහිලා ඉටුහැඟුම් ඇතිව වෙසේ. ඉදින් ඉටුඅරමුණෙහිත් අනිටුඅරමුණෙහිත් අනිටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති වේ නම් එහිලා අනිටුහැඟුම් ඇතිවවෙසේ. ඉදින් අනිටුඅරමුණෙහිත් ඉටුඅරමුණෙහිත් ඉටුහැඟුම් ඇතිව වෙසෙන්නෙමියි කැමති වේ නම් එහිලා ඉටුහැඟුම් ඇතිව වෙසේ. ඉදින් ඉටුඅරමුණත් අනිටුඅරමුණත් යන දෙක දුරු කොට උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනා දැනුම් ඇතිව වෙසෙන්නෙමි යි කැමති වේ නම් එහිලා උපේක්‍ෂා ඇතිව සිහි ඇතිව මනාදැනුම් ඇතිව වෙසේ. සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ හෝ වෙසේ. මහණෙනි, ලෞකිකප්‍රඥා ඇති මතු විමුත්තිය අවබෝධ නොකරන මහණහට උපේක්‍ෂා චිත්තවිමුක්තිය ආකිඤ්චඤ්ඤායතනය පරම කොට ඇත්තී ය යි මම කියමියි.
Pali BJT2. 6. 5.
Sinhala BJT2. 6. 5.
Pali BJTසඞ්ගාරවසුත්තං
Sinhala BJTසඞ්ගාරව සූත්‍රය
Pali BJT601. අථ ඛො සඞ්ගාරවො බ්රාහ්මණො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සඞ්ගාරවො බ්රාහ්මණො භගවන්තං එතදවොච: කො නු ඛො භො ගොතම, හෙතු කො පච්චයො යෙනෙකදා දීඝරත්තං සජ්ඣායකතා පි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා? කො පන භො ගොතම, හෙතු කො පච්චයො යෙනෙකදා දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති. පගෙව සජ්ඣායකතාති.
Sinhala BJT601. එකල්හි සඞ්ගාරව බමුණු භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථා කොට නිමවා එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන් සඞ්ගාරව බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය. භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් ඇතැම් දිනෙක දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නොවැටහේ ද, එයට හේතු කිම? ප්‍රත්‍ය කිම? භවත් ගෞතමයෙනි, යම් හෙයෙකින් ඇතැම් දිනෙක දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර තබා නො හදාළ මන්ත්‍ර පවා වැටහේ ද, එයට හේතු කිම? ප්‍රත්‍ය කිමැ යි.
Pali BJTයස්මිං ඛො බ්රාහ්මණ, සමයෙ කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන. උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති{1}. අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති{2} න පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති. දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති. පගෙව අසජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො සංසට්ඨො ලාඛාය වා හලිද්දියා වා නීලාය{3} වා මඤ්ජෙට්ඨාය වා, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං න ජානෙය්ය න පස්සෙය්ය. එවමෙව ඛො බ්රාහ්මණ, යස්මිං සමයෙ කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං නජානාති න පස්සති. පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති. දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති පගෙව අසජ්ඣායකතා.
Sinhala BJTබමුණ, යම් කලෙක කාමරාගයෙන් මඩනා ලද කාමරාගය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් කාමරාගය දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. නො හදාළ මන්ත්‍ර කැල මැ නො වැටහෙයි. බමුණ, යම්සේ දියබඳුනෙක් ලතුයෙන් හෝ කහ පැහැයෙන් හෝ නිලපැහැයෙන් හෝ මදටිය පැහැයෙන් හෝ මුසු වූයේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුවසටහන බලන්නේ තතුසේ නො දන්නේය, නො දක්නේ ය. බමුණ, එසෙයින් ම යම් කලෙක කාමරාගයෙන් මඬනාලද කාමරාගය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද: උපන් කාමරාගය දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්‍ත්‍ථයත් … එසමයෙහි, උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. නො හදාළ මන්ත්‍ර කැල මැ නො වැටහෙයි.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති බ්යාපාදපරෙතෙන. උප්පන්නස්ස ච බ්යාපාදස්ස නිස්සරණං යථාභූතං න ජානාති. අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති. පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති. දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති. පගෙව අසජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො අග්ගිනා සන්තත්තො උක්කට්ඨිතො{4} උස්සදකජාතො{5}, තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං න ජානෙය්ය න පස්සෙය්ය. එවමෙව ඛො බ්රාහ්මණ, යස්මිං සමයෙ බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති බ්යාපාදපරෙතෙන. උප්පන්නස්ස ච බ්යාපාදස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති. පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති. දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති. පගෙව අසජ්ඣායකතා.
Sinhala BJTබමුණ, නැවත අනෙකක් ද කියමි. යම්කලෙක ව්‍යාපාදයෙන් මඬනා ලද ව්‍යාපාදය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් ව්‍යාපාදය දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නො හදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. බමුණ, යම්සේ දියබඳුනෙක් ගින්නෙන් තැවුණේ කැකෑරුණේ හටගත් උණුසුම් ඇත්තේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් සිය මුවසටහන බලන්නේ තතු සේ නො දන්නේය, නො දක්නේ ය. බමුණ, එසෙයින්ම යම්කලෙක ව්‍යාපාදයෙන් මඬනා ලද ව්‍යාපාදය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද උපන් ව්‍යාපාද දුරු කිරීමත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නො වැටහේ.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ ථිනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති ථිනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථීනමිද්ධස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති. පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති. පගෙව අසජ්ඣායකතා. සෙය්යථාපි, බ්රාහ්මණ, උදපත්තො සෙවාලපණකපරියොනද්ධො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං න ජානෙය්ය, න පස්සෙය්ය. එවමෙව ඛො බ්රාහ්මණ, යස්මිං සමයෙ ථිනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති ථිනමිද්ධපරෙතෙන, උප්පන්නස්ස ච ථිනමිද්ධස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස්සති, පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති න පස්සති, දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
Sinhala BJTබමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක ථීනමිද්ධයෙන් මඩනා ලද ථීනමිද්ධය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් ථීනමිද්ධයාගේ නිස්සරණයත් තතු සේ නො දනී ද එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නොවැටහේ. නො හදාළ මන්ත්‍ර කියනු කිම? බමුණ, යම්සේ දියබඳුනෙක් පණක සෙවෙලින් හාත්පසින් වැසුනේ වේ ද; ඇස් ඇති පුරුෂයෙක් සිය මුවසටහන බලන්නේ තතුසේ නො දන්නේය. නො දක්නේ ය. බමුණ, එසෙයින් ම යම්කලෙක ථීනමිද්ධයෙන් මඩනා ලද ථීනමිද්ධය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද; උපන් ථීනමිද්ධයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නො වැටහෙයි. නො හදාළ මන්ත්‍ර කියනු ම කීම?
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති උද්ධච්චකුක්කුච්චපරෙතෙන. උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති. න පස්සති. පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති. න පස්සති. දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො වාතෙරිතො චලිතො භන්තො ඌමිජාතො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං න ජානෙය්ය, න පස්සෙය්ය. එවමෙව ඛො, බ්රාහ්මණ, යස්මිං සමයෙ උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති උද්ධච්චකුක්කුච්චපරෙතෙන. උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස්සති. පරත්ථම්පි -පෙ- උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා.
Sinhala BJTබමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් මඬනා ලද උද්ධච්චකුක්කුච්චය අනුව ගිය සිතින් යුතුව වෙසේද; උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. බමුණ, යම්සේ දියබඳුනෙක් සුළගින් කම්පිත වූයේ සැලුණේ බැමුණේ හටගත් රළ ඇත්තේ වේ ද; ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුවසටහන බලන්නේ තතුසේ නො දන්නේය, නො දක්නේ ය. බමුණ, එසෙයින්ම යම්කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් මඬනා ලද උද්ධච්චකුක්කුච්චය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. පරාර්‍ත්‍ථයත් ... එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නොවැටහේ.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන, උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො ආවිලො ලුළිතො කලලීභූතො අන්ධකාරෙ නික්ඛිත්තො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං න ජානෙය්ය, න පස්සෙය්ය. එවමෙව ඛො බ්රාහ්මණ, යස්මිං සමයෙ විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන. උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං නප්පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං න ජානාති, න පස්සති. දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති, පගෙව අසජ්ඣායකතා. අයං ඛො බ්රාහ්මණ, හෙතු අයං පච්චයො යෙනෙකදා දීඝරත්තං සජ්ඣායකතාපි මන්තා නප්පටිභන්ති පගෙව, අසජ්ඣායකතා.
Sinhala BJTබමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාව අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් විචිකිච්ඡාවගේ දුරු කිරීමත් ඇතිසැටියෙන් නො දනී ද; එකල්හි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. එකල්හි පරාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. එකල්හි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. දිගු කලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. නොහදාළ මන්ත්‍ර කියනුම කිම? බමුණ, යම්සේ දියබඳුනෙක් කැලැඹුණේ නොසන්හුන්නේ මඩවූයේ අඳුරෙහි තබන ලද්දේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුවසටහන බලන්නේ ඇතිසැටියෙන් නො දන්නේ ය, නො දක්නේ ය. බමුණ, එසෙයින්ම විචිකිච්ඡාවෙන් මඩනා ලද විචිකිච්ඡාව අනුව ගිය සිතින් වෙසේ ද; උපන් විචිකිච්ඡාවගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතුසේ නො දනී. නො දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ නො දනී, නො දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර පවා නො වැටහේ. නො හදාළ මන්ත්‍ර කියනු කිම? බමුණ, යම්හෙයෙකින් ඇතැම් දිනෙක දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර තබා හදාළ මන්ත්‍ර පවා නො වැටහේ නම් එයට මේ හේතුයි, මේ ප්‍රත්‍යයයි.
Pali BJTයස්මිං ච ඛො බ්රාහ්මණ සමයෙ න කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං පජානාති. අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං ජානාති පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො අසංසට්ඨො ලාඛාය වා හලිද්දියා වා නීලාය වා මඤ්ජෙට්ඨාය වා. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං ජානෙය්ය, පස්සෙය්ය. එවමෙව ඛො බ්රාහ්මණ, යස්මිං සමයෙ න කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති න කාමරාගපරෙතෙන. උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං පජානාති. අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා.
Sinhala BJTබමුණ, යම්කලෙක වූකලි කාමරාගයෙන් නොමඩනා ලද කාමරාගය අනුව නොගිය සිතින් යුතුව වෙසේ ද; උපන් කාමරාගය දුරු කිරීමත් ඇතිසැටියෙන් දනී ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකි. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර තබා නො හදාළ මන්ත්‍ර පවා වැටහේ. බමුණ, යම්සේ දියබඳුනෙක් ලතුයෙන් හෝ කහපැහැයෙන් හෝ නිල් පැහැයෙන් හෝ මදටිය පැහැයෙන් හෝ නුමුසු වූයේ වේ ද; ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුවසටහන බලන්නේ ඇතිසැටියෙන් දන්නේ ය, දක්නේ ය. බමුණ, එසෙයින් ම යම්කලෙක කාමරාගයෙන් නො මඬනා ලද කාමරාගය අනුව නොගිය සිතින් යුතුව වෙසේ ද; උපන් කාමරාගය දුරු කිරීමත් ඇතිසැටියෙන් දනී ද; එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි, උභයාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. දිගුකලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර තබා නො හදාළ මන්ත්‍ර පවා වැටහේ.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ න බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති, න බ්යාපාදපරෙතෙන. උප්පන්නස්ස ච බ්යාපාදස්ස නිස්සරණං යථාභූතං පජානාති. අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො න අග්ගිනා සන්තත්තො න උක්කට්ඨිතො න උස්සදකජාතො -පෙ- පගෙව සජ්ඣායකතා.
Sinhala BJTබමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක ව්‍යාපාදයෙන් නොමඩනා ලද ව්‍යාපාදය අනුව නොගිය සිතින් වෙසේ ද, උපන් ව්‍යාපාදයාගේ නිස්සරණයත් ඇතිසැටියෙන් දනී ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතු සේ දනී, දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර පවා වැටහේ. හදාළ මන්ත්‍ර කියනු ම කීම? බමුණ, යම්සේ දිය බඳුනෙක් ගින්නෙන් නොතැවුණේ නොකැකෑරුණේ නොහටගත් උණුසුම් ඇත්තේ වේ ද, ... හදාළ මන්ත්‍ර කැල මැ වැටහෙයි.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ න ථිනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති න ථිනමිද්ධපරෙතෙන. උප්පන්නස්ස ච ථිනමිද්ධස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති. පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති. පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති. පගෙව සජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො න සෙවාලපණකපරියොනද්ධො -පෙ- පගෙව සජ්ඣායකතා.
Sinhala BJTබමුණ, නැවත අනෙකක් ද කියමි: යම් කලෙක ථීනමිද්ධයෙන් නොමඩනා ලද ථීනමිද්ධය අනුව නොගිය සිතින් යුතුව වෙසේ ද, උපන් ථීනමිද්ධයාගේ නිස්සරණයත් ඇතිසැටියෙන් දනී ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර පවා වැටහේ. හදාළ මන්ත්‍ර කියනු කිම? බමුණ, යම්සේ දියබඳුනෙක් සෙවෙල්පෙණින් හාත්පසින් නො වැසුනේ වේද ... හදාළ මන්ත්‍ර කැල මැ වැටහෙයි.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ න උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති, න උද්ධච්චකුක්කුච්චපරෙතෙන, උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං පජානාති, අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති, පගෙව සජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො න වාතෙරිතො, න චලිතො, න භන්තො, න ඌමිජාතො. -පෙ- පගෙව සජ්ඣායකතා.
Sinhala BJTබමුණ, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් නොමඩනා ලද උද්ධච්චකුක්කුච්චය අනුව නොගිය සිතින් යුතුව වෙසේ ද; උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිස්සරණයත් ඇති සැටියෙන් දනී ද ; එකල්හි ආත්මාර්‍ත්‍ථයත් තතුසේ දනී, දකී. එකල්හි පරාර්‍ත්‍ථයත් තතුසේ දනි, දකී. එකල්හි උභයාර්‍ත්‍ථයත් තතුසේ දනී. දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර පවා වැටහේ. හදාළ මන්ත්‍ර කියනු ම කිම? බමුණ, යම්සේ දියබඳුනෙක් සුළඟින් කම්පිත නොවූයේ නොසැලුණේ නොබැමුණේ නොහටගත් රළ ඇත්තේ වේ ද ... හදාළ මන්ත්‍ර කැල මැ වැටහෙයි.
Pali BJTපුන චපරං බ්රාහ්මණ, යස්මිං සමයෙ න විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති. න විචිකිච්ඡාපරෙතෙන. උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාති. අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති. පගෙව සජ්ඣායකතා. සෙය්යථාපි බ්රාහ්මණ, උදපත්තො අච්ඡො විප්පසන්නො අනාවිලො ආලොකෙ නික්ඛිත්තො. තත්ථ චක්ඛුමා පුරිසො සකං මුඛනිමිත්තං පච්චවෙක්ඛමානො යථාභූතං ජානෙය්ය, පස්සෙය්ය. එවමෙව ඛො බ්රාහ්මණ, යස්මිං සමයෙ න විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති. න විචිකිච්ඡාපරෙතෙන. උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං පජානාති. අත්තත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. පරත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. උභයත්ථම්පි තස්මිං සමයෙ යථාභූතං පජානාති, පස්සති. දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති. පගෙව සජ්ඣායකතා. අයං ඛො බ්රාහ්මණ, හෙතු. අයං පච්චයො. යෙනෙකදා දීඝරත්තං අසජ්ඣායකතාපි මන්තා පටිභන්ති. පගෙව සජ්ඣායකතා.
Sinhala BJTබමුණ, නැවත අනෙකක් ද කියමි: යම් කලෙක විචිකිච්ඡාවෙන් නො මඬනා ලද විචිකිච්ඡාව අනුව නො ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් විචිකිච්ඡාවගේ නිශ්ශරණයත් තතු සේ දනී ද, එසමයෙහි ආත්මාර්‍ත්‍ථයත් තතු සේ දනී දකී. එසමයෙහි පරාර්‍ත්‍ථයත් තතු සේ දනී දකී. එසමයෙහි උභයාර්‍ත්‍ථයත් තතු සේ දනී දකී. දිගුකලක් මුළුල්ලෙහි නො හදාළ මන්ත්‍ර පවා වැටහේ. හදාළ මන්ත්‍ර කියනුම කීම? බමුණ, යම් සේ පහන් වූ වෙසෙසින් පහන් වූ නො කැලඹුණු දියබඳුනෙක් එලියෙහි තබන ලද්දේ වේ ද, ඇස් ඇති පුරුෂයෙක් එහි සිය මුව සටහන බලන්නේ තතු සේ දන්නේය. දක්නේ ය. බමුණ, එසෙයින් ම යම් කලෙක විචිකිච්ඡාවෙන් නොමඬනා ලද විචිකිච්ඡාව අනුව නො ගිය සිතින් වෙසේ ද, උපන් විචිකිච්ඡාවගේ නිශ්ශරණයත් ඇති සැටියෙන් දනී ද, එකල්හි ආත්මාර්‍ත්‍ථයත් තතු සේ දනී, දකී. එකල්හි පරාර්‍ත්‍ථයත් තතු සේ දනී, දකී. එකල්හි උභයාර්‍ත්‍ථයත් තතු සේ දනී, දකී. දිගුකලක් මුළුල්ලෙහි නොහදාළ මන්ත්‍ර පවා වැටහේ. හදාළ මන්ත්‍ර කියනු ම කිමැ යි. බමුණ, යම් හෙයෙකින් ඇතැම් දිනෙක දිගු කලක් මුළුල්ලෙහි හදාළ මන්ත්‍ර තබා නොහදාළ මන්ත්‍ර පවා වැටහේ නම් (එයට) මේ හේතුයි. මේ ප්‍රත්‍යයයි.
Pali BJTසත්තිමෙ බ්රාහ්මණ, බොජ්ඣඞ්ගා අනාවරණා අනීවරණා චෙතසො අනුපක්කිලෙසා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ සත්ත? සතිසම්බොජ්ඣඞ්ගො ඛො බ්රාහ්මණ, අනාවරණො අනීවරණො චෙතසො අනුපක්කිලෙසො භාවිතො බහුලීකතො විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො ඛො බ්රාහ්මණ, අනාවරණො අනීවරණො චෙතසො අනුපක්කිලෙසො භාවිතො බහුලීකතො විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තති. ඉමෙ ඛො බ්රාහ්මණ, සත්ත බොජ්ඣඞ්ගා අනාවරණා අනීවරණා චෙතසො අනුපක්කිලෙසා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්තී ති. එවං වුත්තෙ සංගාරවො බ්රාහ්මණො භගවන්තං එතදවොච: අභික්කන්තං භො ගොතම -පෙ- අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතන්ති.
Sinhala BJTබමුණ, මේ සත්තබොජ්ඣඞ්ගයෝ (සිත) නො අවුරන්නෝය. නොවසන්නෝය. සිත නො කෙලෙසන්නෝය. වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුක්තිඵල පසක් කිරීම පිණිස පවතිත්. කවර සතෙකැයත්: බමුණ, සතිසම්බොජ්ඣඞ්ගය (සිත) නොඅවුරන්නෙකි. නොවසන්නෙකි. සිත නොකෙලෙසන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී ... බමුණ, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය නො අවුරන්නෙකි. නො වසන්නෙකි. සිත නො කෙලෙසන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුක්තිඵල පසක් කිරීම පිණිස පවතී. බමුණ, මේ සත්තබොජ්ඣඞ්ගයෝ නො අවුරන්නෝය; නො වසන්නෝය. සිත නො කෙලෙසන්නෝය. වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිතැ යි . මෙසේ වදාළ කල්හි සඞ්ගාරව බමුණු භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... අද පටන් දිවිහිමියෙන් සරණ ගිය මා උවසුවකු කොට දරනසේක් වා යි.
Pali BJT2. 6. 6.
Sinhala BJT2. 6. 6.
Pali BJTඅභයසුත්තං
Sinhala BJTඅභය සූත්‍රය
Pali BJT602. එකං සමයං භගවා රාජගහෙ විහරති ගිජ්ඣකූටෙ පබ්බතෙ. අථ ඛො අභයො රාජකුමාරො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො අභයො රාජකුමාරො භගවන්තං එතදවොච: පූරණො භන්තෙ, කස්සපො එවමාහ: “නත්ථි හෙතු නත්ථි පච්චයො අඤ්ඤාණාය අදස්සනාය. අහෙතුඅප්පච්චයා{1} අඤ්ඤාණං අදස්සනං හොති. නත්ථි හෙතු නත්ථි පච්චයො ඤාණදස්සනාය{2} අහෙතු අප්පච්චයා ඤාණදස්සනං{3} හොතීති. ඉධ භගවා කිමාහා”ති. අත්ථි රාජකුමාර, හෙතු අත්ථි පච්චයො අඤ්ඤාණාය අදස්සනාය.
Sinhala BJT602. එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි ගිජිකුළුපව්වෙහි වැඩවසනසේක. එකල්හි අභය රාජකුමාර භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස් ව හුන්නේය. එකත්පස් ව හුන් අභයරාජකුමාර භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කළේය: වහන්ස, පුරණකස්සපයෝ මෙසේ කියති: නො දැන්මට නො දැක්මට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැත. අහේතුක ව අප්‍රත්‍යය ව නො දැන්ම නො දැක්ම වේ. දැන්මට දැක්මට හේතුවෙක් නැත. ප්‍රත්‍යයෙක් නැත. අහේතුක ව අප්‍රත්‍යය ව දැන්ම දැක්ම වේ” යි. මෙහිලා භාග්‍යවතුන් වහන්සේ කුමක් වදාරනසේක් දැ යි ... රාජකුමාරය, නො දැන්මට නො දැක්මට හේතුවෙක් ඇත. ප්‍රත්‍යයෙක් ඇත.
Pali BJTසහෙතු, සප්පච්චයා{1} අඤ්ඤාණං අදස්සනං හොති. අත්ථි රාජකුමාර හෙතු අත්ථි පච්චයො ඤාණදස්සනාය. සහෙතු සප්පච්චයා ඤාණදස්සනං හොතීති. කතමො පන භන්තෙ, හෙතු කතමො පච්චයො අඤ්ඤාණාය අදස්සනාය. කථං සහෙතු සප්පච්චයා අඤ්ඤාණං අදස්සනං හොතීති.
Sinhala BJTසහේතු සප්‍රත්‍යය ව නොදැන්ම නොදැක්ම වේ. රාජකුමාරය, දැන්මට දැක්මට හේතුවෙක් ඇත. ප්‍රත්‍යයෙක් ඇත. සහේතු සප්‍රත්‍යයව දැන්ම දැක්ම වේ” යි. වහන්ස, නොදැන්මට නොදැක්මට හේතුව කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? කෙසේ සහේතු සප්‍රත්‍යය ව නො දැන්ම නො දැක්ම වේ දැ යි.
Pali BJTයස්මිං ඛො රාජකුමාර, සමයෙ කාමරාගපරියුට්ඨිතෙන චෙතසා විහරති කාමරාගපරෙතෙන, උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං න ජානාති න පස්සති. අයම්පි ඛො රාජකුමාර, හෙතු අයං පච්චයො අඤ්ඤාණාය අදස්සනාය. එවං සහෙතු සප්පච්චයා අඤ්ඤාණං අදස්සනං හොති. පුන චපරං රාජකුමාර, යස්මිං සමයෙ බ්යාපාදපරියුට්ඨිතෙන චෙතසා විහරති බ්යාපාදපරෙතෙන. උප්පන්නස්ස ච බ්යාපාදස්ස නිස්සරණං යථාභූතං න ජානාති න පස්සති. අයම්පි ඛො රාජකුමාර, හෙතු අයං පච්චයො අඤ්ඤාණාය අදස්සනාය. එවම්පි සහෙතුසප්පච්චයා අඤ්ඤාණං අදස්සනං හොති. පුන චපරං රාජකුමාර, යස්මිං සමයෙ ථීනමිද්ධපරියුට්ඨිතෙන චෙතසා විහරති ථීනමිද්ධපරෙතෙන. උප්පන්නස්ස ච ථීනමිද්ධස්ස නිස්සරණං යථාභූතං න ජානාති න පස්සති. අයම්පි ඛො රාජකුමාර, හෙතු අයං පච්චයො අඤ්ඤාණාය අදස්සනාය. එවම්පි සහෙතුසප්පච්චයා අඤ්ඤාණං අදස්සනං හොති. පුන චපරං රාජකුමාර, යස්මිං සමයෙ උද්ධච්චකුක්කුච්චපරියුට්ඨිතෙන චෙතසා විහරති උද්ධච්චකුක්කුච්චපරෙතෙන. උප්පන්නස්ස ච උද්ධච්චකුක්කුච්චස්ස නිස්සරණං යථාභූතං න ජානාති න පස්සති. අයම්පි ඛො රාජකුමාර, හෙතු අයං පච්චයො අඤ්ඤාණාය අදස්සනාය. එවම්පි සහෙතුසප්පච්චයා අඤ්ඤාණං අදස්සනං හොති. පුන චපරං රාජකුමාර, යස්මිං සමයෙ විචිකිච්ඡාපරියුට්ඨිතෙන චෙතසා විහරති විචිකිච්ඡාපරෙතෙන. උප්පන්නාය ච විචිකිච්ඡාය නිස්සරණං යථාභූතං න ජානාති, න පස්සති. අයම්පි ඛො රාජකුමාර, හෙතු අයං පච්චයො අඤ්ඤාණාය අදස්සනාය. එවං සහෙතුසප්පච්චයා අඤ්ඤාණං අදස්සනං හොතීති.
Sinhala BJTරජකුමර, යම්කලෙක කාමරාගයෙන් මඬනා ලද කාමරාගය අනුව ගිය සිතින් යුතු ව වෙසේද; උපන් කාමරාගය දුරු කිරීමත් තතුසේ නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවකි. මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේ සහේතු සප්‍රත්‍ය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක ව්‍යාපාදයෙන් මඬනා ලද ව්‍යාපාදය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද; උපන් ව්‍යාපාදයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවකි, මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේත් සහේතුසප්‍රත්‍ය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක ථීනමිද්ධයෙන් මඬනා ලද ථීනමිද්ධය අනුව ගිය සිතින් යුතුව වෙසේ ද, උපන් ථීනමිද්ධයාගේ නිස්සරණයත් තතුසේ නො දනී ද, නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවෙකි. මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේත් සහේතු සප්‍රත්‍යය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක උද්ධච්චකුක්කුච්චයෙන් මඬනා ලද උද්ධච්චකුක්කුච්චය අනුව ගිය සිතින් වෙසේ ද; උපන් උද්ධච්චකුක්කුච්චයාගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නො දැක්මට මෙ ද හේතුවකි. මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේත් සහේතු සප්‍රත්‍යය ව නොදැන්ම නොදැක්ම වේ. රජකුමර, නැවත අනෙකක් ද කියමි: යම්කලෙක විචිකිච්ඡාවෙන් මඬනා ලද විචිකිච්ඡාව අනුව ගිය සිතින් යුතුව වෙසේ ද; උපන් විචිකිච්ඡාවගේ නිස්සරණයත් ඇතිසැටියෙන් නො දනී ද; නො දකී ද; රජකුමර, නොදැන්මට නොදැක්මට මෙ ද හේතුවකි. මේ ද ප්‍රත්‍යයෙකි. මෙසේ සහේතුසප්‍රත්‍ය ව නොදැන්ම නොදැක්ම වේ යි.
Pali BJTකො නාමොයං භන්තෙ, ධම්මපරියායොති. නීවරණා නාමෙතෙ රාජකුමාරාති. තග්ඝ භගව නීවරණා, තග්ඝ සුගත නීවරණා. එකමෙකෙනපි ඛො භන්තෙ, නීවරණෙන අභිභූතො යථාභූතං න ජානෙය්ය න පස්සෙය්ය, කො පන වාදො පඤ්චහි නීවරණෙහි. කතමො පන භන්තෙ, හෙතු කතමො පච්චයො ඤාණදස්සනාය කථං සහෙතුසප්පච්චයා ඤාණදස්සනං හොතීති.
Sinhala BJTවහන්ස, මේ දහම්නය කිනම් දැ යි. රජකුමර, මොහු නීවරණ නම්හ යි. භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් නීවරණයහ. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන් නීවරණයහ. වහන්ස, එක්එක් නීවරණයෙනුදු මඬනා ලද්දේ තතුසේ නො දන්නේය, නො දක්නේය. පඤ්චනීවරණයන්ගෙන් (මඬනා ලද්දේ) කවර කථා ද? වහන්ස, දැන්මට දැක්මට හේතු කවරේ ද? ප්‍රත්‍යය කවරේ ද? කෙසේ සහේතුසප්‍රත්‍යය වැ දැනීම දැකීම වේ දැ යි.
Pali BJTඉධ රාජකුමාර, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සො සතිසම්බොජ්ඣඞ්ගං භාවිතෙන චිත්තෙන යථාභූතං ජානාති පස්සති. අයම්පි ඛො රාජකුමාර, හෙතු අයං පච්චයො ඤාණදස්සනාය. එවං සහෙතු සප්පච්චයා ඤාණදස්සනං හොති. -පෙ- පුන චපරං රාජකුමාර, භික්ඛු උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සො උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවිතෙන චිත්තෙන යථාභූතං ජානාති පස්සති. අයම්පි ඛො රාජකුමාර, හෙතු, අයං පච්චයො ඤාණදස්සනාය. එවම්පි සහෙතුසප්පච්චයා ඤාණදස්සනං හොතීති.
Sinhala BJTරජකුමර, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. හේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් තතුසේ දනී, දකී. රජකුමර, දැකීමට දැනීමට මෙ ද හේතුවෙකි. මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේ සහේතු සප්‍රත්‍යය ව දැනීම දැකීම වේ ... රජකුමර, නැවත අනෙකක් ද කියමි; මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. හෙතෙමේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩූසිතින් තතුසේ දනී, දකී. රජකුමර, දැනීමට දැකීමට මෙ ද හේතුවෙකි. මෙ ද ප්‍රත්‍යයෙකි. මෙසේත් සහේතුසප්‍රත්‍යව දැන්ම දැක්ම වේ යි.
Pali BJTකොනාමොයං භන්තෙ, ධම්මපරියායො’ති. බොජ්ඣඞ්ගා නාමෙතෙ රාජකුමාරාති. තග්ඝ භගව බොජ්ඣඞ්ගා, තග්ඝ සුගත බොජ්ඣඞ්ගා. එකමෙකෙනපි ඛො භන්තෙ, බොජ්ඣඞ්ගෙන සමන්නාගතො යථාභූතං ජානෙය්ය පස්සෙය්ය, කො පන වාදො සත්තහි බොජ්ඣඞ්ගෙහි. යො’පි මෙ භන්තෙ, ගිජ්ඣකූටපබ්බතං ආරොහන්තස්ස කායකිලමථො චිත්තකිලමථො, සො’පි මෙ පටිප්පස්සද්ධො, ධම්මො ච මෙ අභිසමිතොති.
Sinhala BJTවහන්ස, මේ දහම්නය කිනම් දැ යි. රජකුමර, මොහු බොජ්ඣඞ්ග නම්හ යි. භාග්‍යවතුන් වහන්ස, ඒකාන්තයෙන් බොජ්ඣඞ්ගයහ. සුගතයන් වහන්ස, ඒකාන්තයෙන් බොජ්ඣඞ්ගයහ. වහන්ස, එක් එක් බොජ්ඣඞ්ගයෙනුදු යුතු වූයේ තතුසේ දන්නේය, දක්නේය. සත්තබොජ්ඣඞ්ගයෙන් යුතු වූයේ කවර කථා ද? වහන්ස, ගිජුකුළුපව්වට නැගෙන මාගේ කයෙහි යම් විඩාවක් සිතෙහි විඩාවක් වී ද, හෙ ද සන්සිඳුනේය. මා විසින් දහම ද අවබෝධ කරන ලද්දේ යි.
Pali BJTබොජ්ඣඞ්ගවග්ගො පඨමො.
Sinhala BJTසවැනි බොජ්ඣඞ්ගවර්‍ග ය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTආහාරපරියායග්ගි මෙත්තං සඞ්ගාරවෙන ච අභයො පුච්ඡිතො පඤ්හං ගිජ්ඣකූටම්හි පබ්බතෙති.
Sinhala BJTආහාර, පරියාය, අග්ගි, මෙත්ත, සඞ්ගාරව යන සූත්‍ර පස ද ගිජුකුළුපව්වෙහි අභයරාජකුමරුන් ප්‍රශ්න විචාළ සූත්‍රය වූ අභය සූත්‍රය දැ යි සූත්‍රසයෙකි.
Pali BJT7. ආනාපානවග්ගො
Sinhala BJT7. ආනාපාන වර්‍ගය
Pali BJT2. 7. 1.
Sinhala BJT2. 7. 1.
Pali BJTඅට්ඨිකසුත්තං
Sinhala BJTඅට්ඨික සූත්‍රය
Pali BJT603. අට්ඨිකසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසා. කථං භාවිතා ච, භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා කථං බහුලීකතා මහප්ඵලා හොති, මහානිසංසා: ඉධ භික්ඛවෙ, භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං -පෙ- අට්ඨිකසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා එවං බහුලීකතා මහප්ඵලා හොති මහානිසංසාති.
Sinhala BJT603. මහණෙනි, අස්ථිකසංඥාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත්ඵල මහත් අනුසස් ඇති වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත්ඵල මහානිසංස වේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැඹුරු වූවක් කොට අස්ථික සංඥාවෙන් යුක්ත සති සම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැඹුරු වූවක් කොට අස්ථිකසංඥාවෙන් යුක්ත උපෙක්ඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත් ඵල ඇත්තී මහත් අනුසස් ඇත්තී වේ යි.
Pali BJT2. 7. 2.
Sinhala BJT2. 7. 2.
Pali BJTදුතිය අට්ඨිකසුත්තං
Sinhala BJTදුතිය අට්ඨික සූත්‍රය
Pali BJT604. අට්ඨිකසඤ්ඤාය භික්ඛවෙ, භාවිතාය බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා. කථං භාවිතාය ච ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤාය කථං බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතා. ඉධ භික්ඛවෙ, භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- අට්ඨිකසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතාය ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤාය එවං බහුලීකතාය ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාටිකඞ්ඛං: දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා, සති වා උපාදිසෙසෙ අනාගාමිතාති.
Sinhala BJT604. මහණෙනි, අස්ථිකසංඥාව වඩන ලද කල්හි බහුල කරන ලද කල්හි ඵල දෙකින් එක්තරා ඵලයක් කැමති වියයුතු යි. දිටුදැමියෙහි ම රහත්බව හෝ උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව හෝ යි. මහණෙනි, අස්ථිකසංඥාව කෙසේ වැඩූ කල්හි කෙසේ බහුල කළ කල්හි දිටුදැමියෙහි රහත්බව ද උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව ද යන ඵල දෙකින් එක්තරා ඵලයක් කැමැති වියයුතු ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤාසහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, අස්ථිකසංඥාව මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කළ කල්හි දිටුදැමියෙහි ම රහත් බව ද උපාදාන සේස ව ඇති කල්හි අනගැමි බව ද යන ඵල දෙකින් එක්තරා ඵලයක් කැමති විය යුතු යි.
Pali BJT2. 7. 3.
Sinhala BJT2. 7. 3.
Pali BJTතතිය අට්ඨිකසුත්තං
Sinhala BJTතතිය අට්ඨික සූත්‍රය
Pali BJT605. අට්ඨිකසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහතො අත්ථාය සංවත්තති. කථං භාවිතා භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා කථං බහුලීකතා මහතො අත්ථාය සංවත්තති: ඉධ භික්ඛවෙ, භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- අට්ඨිකසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා එවං බහුලීකතා මහතො අත්ථාය සංවත්තතීති.
Sinhala BJT605. මහණෙනි, අස්ථිකසංඥාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් වැඩ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත් වැඩ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ග පරිණාමි කොට අට්ඨිකසඤ්ඤා සහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤා සහගත උපේඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් වැඩ පිණිස පවතී යි.
Pali BJT2. 7. 4.
Sinhala BJT2. 7. 4.
Pali BJTචතුත්ථ අට්ඨිකසුත්තං
Sinhala BJTචතුත්‍ථ අට්ඨික සූත්‍රය
Pali BJT606. අට්ඨිකසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහතො යොගක්ඛෙමාය සංවත්තති. කථං භාවිතා ච භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා කථං බහුලීකතා මහතො යොගක්ඛෙමාය සංවත්තති: ඉධ භික්ඛවෙ භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- අට්ඨිකසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා එවං බහුලීකතා මහතො යොගක්ඛෙමාය සංවත්තතීති.
Sinhala BJT606. මහණෙනි, අට්ඨිකසඤ්ඤාව වඩන ලද්දී, බහුල කරන ලද්දී මහත් යෝගක්ඛේමය (නිවන) පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් යෝගක්ඛේමය පිණිස පවතී ද යත්: මහණෙනි මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤා සහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤා සහගත උපේඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් යෝගක්ඛේමය පිණිස පවති යි.
Pali BJT2. 7. 5.
Sinhala BJT2. 7. 5.
Pali BJTපඤ්චම අට්ඨිකසුත්තං
Sinhala BJTපඤ්චම අට්ඨික සූත්‍රය
Pali BJT607. අට්ඨිකසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහතො සංවෙගාය සංවත්තති. කථං භාවිතා ච ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා කථං බහුලීකතා මහතො සංවෙගාය සංවත්තති: ඉධ භික්ඛවෙ, භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- අට්ඨිකසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා එවං බහුලීකතා මහතො සංවෙගාය සංවත්තතීති.
Sinhala BJT607. මහණෙනි, අට්ඨික සඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් සංවේග පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අස්ථිකසංඥාව මහත් සංවේග පිණිස පවතී ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤාසහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... අට්ඨිකසඤ්ඤා සහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත්සංවේගය පිණිස පවතී යි.
Pali BJT2. 7. 6.
Sinhala BJT2. 7. 6.
Pali BJTඡට්ඨ අට්ඨිකසුත්තං
Sinhala BJTඡට්ඨ අට්ඨික සූත්‍රය
Pali BJT608. අට්ඨිකසඤ්ඤා භික්ඛවෙ, භාවිතා බහුලීකතා මහතො ඵාසුවිහාරාය සංවත්තති. කථං භාවිතා ච ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා කථං බහුලීකතා මහතො ඵාසුවිහාරාය සංවත්තති: ඉධ භික්ඛවෙ, භික්ඛු අට්ඨිකසඤ්ඤාසහගතං සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- අට්ඨිකසඤ්ඤාසහගතං උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, අට්ඨිකසඤ්ඤා එවං බහුලීකතා මහතො ඵාසුවිහාරාය සංවත්තතීති.
Sinhala BJT608. මහණෙනි, අට්ඨිකසඤ්ඤාව වඩන ලද්දී බහුල කරන ලද්දී මහත් පහසු විහරණ පිණිස පවතී. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට අට්ඨිකසඤ්ඤා සහගත සතිසම්බොජ්ඣඞ්ගය වඩයි -පෙ- අට්ඨික සඤ්ඤා සහගත උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද අට්ඨිකසඤ්ඤාව මහත් පහසු විහරණ පිණිස පවතියි.
Pali BJT2. 7. 7-12.
Sinhala BJT2. 7. 7-12.
Pali BJTපුළවකසුත්තානි
Sinhala BJTපුළවක සූත්‍ර
Pali BJT609-614. පුළවකසඤ්ඤා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT609-614 මහණෙනි, පුළවකසඤ්ඤාව ... පවතී යි.
Pali BJT2. 7. 13-18.
Sinhala BJT2. 7. 13-18.
Pali BJTවිනීලකසුත්තානි
Sinhala BJTවිනීලක සූත්‍ර
Pali BJT615-620. විනීලකසඤ්ඤා භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT615-620 මහණෙනි, විනීලක සඤ්ඤාව … පවතී යි.
Pali BJT2. 7. 19-24.
Sinhala BJT2. 7. 19-24.
Pali BJTවිච්ඡිද්දකසුත්තානි
Sinhala BJTවිච්ඡිද්දක සූත්‍ර
Pali BJT621-626. විච්ඡිද්දකසඤ්ඤා, භික්ඛවෙ -පෙ- සංවත්තතීති.
Sinhala BJT621-626 මහණෙනි, විච්ඡිද්දක සඤ්ඤාව … පවතී යි.