Pali BJTසො ඛ්වාහං භන්තෙ, සුඤ්ඤාගාරගතො ඉමෙසු පඤ්චසු උපාදානක්ඛන්ධෙසු{5} උක්කුජ්ජාවකුජ්ජං සම්පරිවත්තෙන්තො ඉදං දුක්ඛන්ති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛසමුදයොති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛනිරොධොති යථාභූතං අබ්භඤ්ඤාසිං, අයං දුක්ඛනිරොධගාමිනීපටිපදාති යථාභූතං අබ්භඤ්ඤාසිං. ධම්මො ච මෙ භන්තෙ, අභිසමිතො{6} මග්ගො ච මෙ පටිලද්ධො{7}, යො මෙ භාවිතො බහුලීකතො තථා තථා විහරන්තං තථත්තාය උපනෙස්සති. යථාහං “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායා”ති පජානිස්සාමි. සතිසම්බොජ්ඣඞ්ගො මෙ භන්තෙ, පටිලද්ධො, යො මෙ භාවිතො බහුලීකතො තථා තථා විහරන්තං තථත්තාය උපනෙස්සති, යථාහං “ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායා”ති පජානිස්සාමි -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො ඛො මෙ භන්තෙ, පටිලද්ධො යො මෙ භාවිතො බහුලීකතො තථා තථා විහරන්තං තථත්තාය උපනෙස්සති, යථාහං “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායා”ති පජානිස්සාමි. අයං ඛො මෙ භන්තෙ, මග්ගො පටිලද්ධො, යො මෙ භාවිතො බහුලීකතො තථා තථා විහරන්තං තථත්තාය උපනෙස්සති, යථාහං “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා”ති පජානිස්සාමීති.
Sinhala BJTවහන්ස, ඒ මම් ශුන්‍යාගාරයට ගියෙම් මේ පඤ්චෝපාදානස්කන්‍ධයෙහි උදයව්‍යය සම්මර්‍ශන කෙරෙමින් මේ (පඤ්චස්කන්‍ධය) දුක’යි තතුසේ දැනැගතිමි. මේ (තෘෂ්ණාසමුදය) දුඃඛසමුදයැ”යි තතු සේ දැනැ ගතිමි. මේ (තෘෂ්ණානිරෝධය) දුඃඛනිරෝධැයැ’යි තතුසේ දැනැ ගතිමි. මේ ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගමාර්‍ගය) දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදා යැ’ යි තතුසේ දැනැගතිමි. වහන්ස, මා විසින් (විදර්‍ශනා) ධර්‍ම ද අවබෝධ කරන ලද යැ. (විදර්‍ශනා) මාර්‍ගය ද ලබන ලදි. මා විසින් යම් ධර්‍ම මාර්‍ගයෙක් භාවිත බහුලීකෘත වේ ද (හෙ) ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාතිය ක්‍ෂය විය. මඟබඹසර වැස නිමවන ලද, කරණී කරන ලද, මෙ අත්බව පිණිස අන් කිසෙක් නැති” යි මම දනිම් නම් තථාභාවයට පමුණුවන්නේ යැ: වහන්ස, මා විසින් ස්මෘතිසම්බොධ්‍යඞ්ග ලබන ලද යැ. යම් බෝධ්‍යඞ්ගයෙක් මා විසින් භාවිත බහුලීකෘත වූයේ ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාති ක්‍ෂය විය. මඟබඹසර වැසැ නිමවන ලද, කරණී කරනලද, මෙ අත්බව පිණිස අන් කිසෙක් නැති”යි මම දනිම් නම් තථාභාවයට පමුණු වන්නේ යැ. … වහන්ස, මා විසින් උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග ලබන ලද. යම් බෝධ්‍යඞ්ගයෙක් මා විසින් භාවිත බහුලීකෘත වූයේ ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාතිය ක්‍ෂය විය. මඟබඹසර වැසැ නිමවන ලද, කරණී කරන ලද, මෙ අත්බවට අන් කිසෙක් නැති”යි මම දනිම් නම් තථාභාවයට පමුණුවන්නේ යැ. වහන්ස, මා විසින් මේ මාර්‍ගය ලබන ලද. මා විසින් යම් මාර්‍ගයෙක් භාවිත බහුලීකෘත වූයේ ඒ ඒ අයුරින් වාස කරන්නහු යම්සේ “ජාති ක්‍ෂය විය. මඟබඹසර වැසැ නිමවන ලද, කරණී කරන ලද මෙ අත්බවට අන් කිසෙක් නැතැ” යි මම දනිම් නම් තථාභාවයට පමුණු වන්නේ යැ” යි.
Pali BJTසාධු සාධු උදායි, එසො හි තෙ උදායි, මග්ගො පටිලද්ධො, යො තෙ භාවිතො බහුලීකතො තථා තථා විහරන්තං තථත්තාය උපනෙස්සති යථා ත්වං “ඛීණා ජාති, වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායා”ති පජානිස්සසීති.
Sinhala BJTඋදායි, මැනවි, මැනවි. උදායි, මේ මග තොප විසින් පිළිලදී. යමෙක් තොප විසින් වඩන ලද ද, බහුල කරන ලද ද, (එය) “ඉපැද්ම ගෙවිණ බඹසර වැස නිමවන ලදී, කටයුතු කරන ලදී. මේ බැව් පිණිස අනිකක් නැත” යි යම්සේ තෙපි දැනගන්නහු නම් එසේ එසේ වෙසෙන තොප ඒ බැව් පිණිස පමුණුවන්නේ යි.
Pali BJTඋදායීවග්ගො තතියො.
Sinhala BJTතෙවෙනි උදායීවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTබොධාය දෙසනා ඨානා යොනිසො’පරිහානියා, ඛයො නිරොධො නිබ්බෙධො එකධම්මො උදායි චාති.
Sinhala BJTබෝධාය, දේසනා, ඨාන, යෝනිසෝ, අපරිහානිය, ඛය, නිරෝධ, නිබ්බේධ, ඒකධම්ම, උදායි ය යි සූත්‍ර දසයකි යි.
Pali BJT4. නීවරණවග්ගො
Sinhala BJT4. නීවරණ වර්‍ගය
Pali BJT2. 4. 1.
Sinhala BJT2. 4 .1.
Pali BJTකුසලසුත්තං
Sinhala BJTකුසල සූත්‍රය
Pali BJT577. යෙ කෙචි භික්ඛවෙ, ධම්මා කුසලා කුසලභාගියා කුසලපක්ඛියා, සබ්බෙ තෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති. අප්පමත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙස්සති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරිස්සති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අප්පමත්තො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අප්පමත්තො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොතීති.
Sinhala BJT577. මහණෙනි, යම්කිසි දැහැමි කෙනෙක් කුසල් ද, කුසල් කොටස්හි වූවෝ ද කුසල් පස්හි වූවෝ ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇත්තෝ ය. අප්‍රමාදයෙහි ඇතුළත් වූවෝ ය. අප්‍රමාදය ඒ ධර්‍මයනට අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි, “සත්බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය” යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් සත්බොජඟ වඩා ද සත්බොජඟ බහුල කෙරේ ද යත් ; මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සිහිසම්බොජඟ වොස්සග්ගපරිණාමි කොට වඩයි … උපේසම්බොජඟ වඩයි. මහණෙනි, මෙසේ නොපමා මහණ තෙමේ සත්බොජඟ වඩයි. සත්බොජඟ බහුල කෙරේ යි.
Pali BJT2. 4. 2.
Sinhala BJT2. 4. 2.
Pali BJTදුතියකුසලසුත්තං
Sinhala BJTදුතිය කුසල සූත්‍රය
Pali BJT578. යෙ කෙචි භික්ඛවෙ, ධම්මා කුසලා කුසලභාගියා කුසලපක්ඛියා, සබ්බෙ තෙ යොනිසොමනසිකාරමූලකා යොනිසොමනසිකාරසමොසරණා යොනිසොමනසිකාරො තෙසං ධම්මානං අග්ගමක්ඛායති. යොනිසොමනසිකාරසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙස්සති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරිස්සති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙඛා සම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොතීති.
Sinhala BJT578. මහණෙනි, යම්කිසි දහම් කෙනෙක් කුසල් ද, කුසල් කොටස්හි වූවෝ ද කුසල්පස්හි වූවෝ ද ඒ සියල්ලෝ නුවණින් මෙනෙහි කිරීම මුල් කොට ඇතියහ. නුවණින් මෙනෙහි කිරීමෙහි ඇතුළත්හ. නුවණින් මෙනෙහි කිරීම ඒ දහමුන්ට අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි, “සත්බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය” යන මෙය නුවණින් මෙනෙහි කිරීමෙන් යුත් මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ කෙසේ නම් සත්බොජඟ වඩා ද සත්බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සිහිසම්බොජඟ වොස්සග්ගපරිණාමි කොට වඩයි … උපේසම්බොජඟ වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ සත්බොජඟ වඩයි. සත්බොජඟ බහුල කෙරේ යි.
Pali BJT2. 4. 3.
Sinhala BJT2. 4. 3.
Pali BJTකිලෙසසුත්තං
Sinhala BJTකිලේස සූත්‍රය
Pali BJT579. පඤ්චිමෙ භික්ඛවෙ, ජාතරූපස්ස උපක්කිලෙසා යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං ජාතරූපං න චෙව මුදු හොති, න ච කම්මනියං න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මා උපෙති කම්මාය. කතමෙ පඤ්ච: අයො භික්ඛවෙ, ජාතරූපස්ස උපක්කිලෙසො, යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨං ජාතරූපං න චෙව මුදු හොති න ච කම්මනියං න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මා උපෙති කම්මාය. ලොහං භික්ඛවෙ, ජාතරූපස්ස උපක්කිලෙසො -පෙ- තිපු භික්ඛවෙ, ජාතරූපස්ස උපක්කිලෙසො -පෙ- සීසං භික්ඛවෙ, ජාතරූපස්ස උපක්කිලෙසො -පෙ- සජ්ඣු භික්ඛවෙ, ජාතරූපස්ස උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨං ජාතරූපං න චෙව මුදු හොති, න ච කම්මනියං න ච පභස්සරං පභඞ්ගු ච- න ච සම්මා උපෙති කම්මාය. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ජාතරූපස්ස උපක්කිලෙසා, යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං ජාතරූපං න චෙව මුදු හොති න ච කම්මනියං න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මා උපෙති කම්මාය.
Sinhala BJT579. මහණෙනි, යම් කෙලෙසුන්ගෙන් කෙලෙසුණු ස්වර්‍ණය මෘදුත් නො වේ ද කර්‍මණ්‍යත් නො වේ ද ප්‍රභාස්වරත් නො වේ ද බිඳෙනසුලුත් වේ ද කර්‍ම පිණිස (-ආභරණ ආදිය තැනීම සඳහා) මැනැවින් නො ද පැමිණේ (සුදුසු නො වේද) ද ස්වර්‍ණයට මේ (එබඳු) කෙලෙස් පසෙකි:- කවර පසෙක් ද යත්: මහණෙනි, යම් කෙලෙසුමෙකින් කෙලෙසුණු ස්වර්‍ණය මෘදුත් නො වේ ද කර්‍මණ්‍යත් නො වේ ද ප්‍රභාස්වරත් නො වේ ද බිඳෙනසුලුත් වේ ද කර්‍ම පිණිස මැනැවින් නො ද පැමිණේ ද, යකඩ ස්වර්‍ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … ලොහො ස්වර්‍ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … කළුතුඹු ස්වර්‍ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … සුදුතුඹු ස්වර්‍ණයට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, යම් කෙලෙසුමෙකින් කෙලෙසුණු ස්වර්‍ණය මෘදුත් නො වේ ද කර්‍මණ්‍යත් නො වේ ද බබළනසුලුත් නො වේ ද බිඳෙනසුලුත් වේ ද කර්‍ම පිණිස නො ද පැමිණේ ද රිදී ස්වර්‍ණයට (එබඳු) කෙලෙසුමකි. මහණෙනි, යම් කෙලෙසුන්ගෙන් කිලිටි වූ ස්වර්‍ණය මෘදුත් නො වේ ද, කර්‍මණ්‍යත් නො වේ ද බබළන සුලුත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, කර්‍ම පිණිස නො ද පැමිණේ ද මේ පස ස්වර්‍ණයට එබඳු කෙලෙසුම් ය.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, පඤ්චිමෙ චිත්තස්ස උපක්කිලෙසා යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං චිත්තං න චෙව මුදු හොති න ච කම්මනියං න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මාසමාධියති ආසවානං ඛයාය. කතමෙ පඤ්ච: කාමච්ඡන්දො භික්ඛවෙ, චිත්තස්ස උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨං චිත්තං න චෙව මුදු හොති න ච කම්මනියං න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මාසමාධියති ආසවානං ඛයාය. ව්යාපාදො භික්ඛවෙ, චිත්තස්ස උපක්කිලෙසො -පෙ- ථීනමිද්ධං භික්ඛවෙ, චිත්තස්ස උපෙක්කිලෙසො -පෙ- උද්ධච්චකුක්කුච්චං භික්ඛවෙ, චිත්තස්ස උපක්කිලෙසො -පෙ- විචිකිච්ඡා භික්ඛවෙ, චිත්තස්ස උපක්කිලෙසො යෙන උපක්කිලෙසෙන උපක්කිලිට්ඨං චිත්තං න චෙව මුදු හොති න ච කම්මනියං න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මා සමාධියති ආසවානං ඛයාය. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච චිත්තස්ස උපක්කිලෙසා, යෙහි උපක්කිලෙසෙහි උපක්කිලිට්ඨං චිත්තං න චෙව මුදු හොති න ච කම්මනියං, න ච පභස්සරං පභඞ්ගු ච, න ච සම්මාසමාධියති ආසවානං ඛයායාති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම යම් කෙලෙසුන්ගෙන් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්‍මණ්‍යත් නො වේ ද, ප්‍රභාස්වරත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, ආස්‍රවක්‍ෂය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, සිතට මේ (එබඳු) කෙලෙස් පසෙකි. කවර පසෙක් ද යත්: මහණෙනි, යම් කෙලෙසුමෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්‍මණ්‍යත් නො වේ ද, ප්‍රභාස්වරත් නො වේද, බිඳෙනසුලුත් වේ ද, ආස්‍රවක්‍ෂයය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, කාමච්ඡන්‍දය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … ව්‍යාපාදය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … ථීනමිද්ධය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, … උද්ධච්චකුක්කුච්චය සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, යම් කෙලෙසුමෙකින් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්‍මණ්‍යත් නො වේ ද, ප්‍රභාස්වරත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, ආස්‍රවක්‍ෂය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, විචිකිච්ඡාව සිතට (එබඳු) කෙලෙසුමෙකි. මහණෙනි, යම් කෙලෙසුන්ගෙන් කිලිටි වූ සිත මෘදුත් නො වේ ද, කර්‍මණ්‍යත් නො වේ ද, ප්‍රභාස්වරත් නො වේ ද, බිඳෙනසුලුත් වේ ද, ආස්‍රවක්‍ෂයය පිණිස නො ද මැනවින් එකඟ වේ ද, මොහු පස සිතට එබඳු කෙලෙස් යි.
Pali BJT2. 4. 4.
Sinhala BJT2. 4. 4.
Pali BJTඅනාවරණසුත්තං
Sinhala BJTඅනාවරණ සූත්‍රය
Pali BJT580. සත්තිමෙ භික්ඛවෙ, බොජ්ඣඞ්ගා අනාවරණා අනීවරණා චෙතසො අනුපක්කිලෙසා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො ඛො භික්ඛවෙ, අනාවරණො අනීවරණො චෙතසො අනුපක්කිලෙසො භාවිතො බහුලීකතො විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො ඛො භික්ඛවෙ, අනාවරණො අනීවරණො චෙතසො අනුපක්කිලෙසො භාවිතො බහුලීකතො විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තති. ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා අනාවරණා අනීවරණා චෙතසො අනුපක්කිලෙසා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්තීති.
Sinhala BJT580. මහණෙනි, මේ සත්බොජඟ කෙනෙක් නො අවුරන්නෝ ය. නො වසන්නෝ ය. සිත නො කෙලෙසන්නෝ ය. වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: මහණෙනි, සිහිසම්බොජඟ නො අවුරන්නෙකි. නො වසන්නෙකි. සිත නො කෙලෙසන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී … මහණෙනි, උපේසම්බොජඟ නො අවුරන්නෙකි. නො වසන්නෙකි. සිත නො කෙලෙසන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී. මහණෙනි, මේ සත්බොජඟ නො අවුරන්නෝය. නො වසන්නෝ ය. සිත නො කෙලෙසන්නෝ ය. වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක්කිරීම පිණිස පවතිත් යි.
Pali BJT2. 4. 5.
Sinhala BJT2. 4. 5.
Pali BJTයොනිසොසුත්තං
Sinhala BJTයෝනිසෝ සූත්‍රය
Pali BJT581. අයොනිසො භික්ඛවෙ, මනසිකරොතො අනුප්පන්නො චෙව කාමච්ඡන්දො උප්පජ්ජති, උප්පන්නො ච කාමච්ඡන්දො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අනුප්පන්නො චෙව ව්යාපාදො උප්පජ්ජති, උප්පන්නො ච ව්යාපාදො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අනුප්පන්නඤ්චෙව ථිනමිද්ධං උප්පජ්ජති, උප්පන්නඤ්ච ථිනමිද්ධං භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අනුප්පන්නඤ්චෙව උද්ධච්චකුක්කුච්චං උප්පජ්ජති, උප්පන්නඤ්ච උද්ධච්චකුක්කුච්චං භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අනුප්පන්නා චෙව විචිකිච්ඡා උප්පජ්ජති, උප්පන්නා ච විචිකිච්ඡා භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තතීති.
Sinhala BJT581. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නූපන් කාමච්ඡන්‍දයත් උපදී. උපන් කාමච්ඡන්‍දයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් ව්‍යාපාදයත් උපදී. උපන් ව්‍යාපාදයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් ථීනමිද්ධයත් උපදී. උපන් ථීනමිද්ධයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් විචිකිච්ඡාවත් උපදී. උපන් විචිකිච්ඡාවත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී.
Pali BJTයොනිසො ච භික්ඛවෙ, මනසිකරොතො අනුප්පන්නො චෙව සතිසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති; උප්පන්නො ච සතිසම්බොජ්ඣඞ්ගො භාවනාපාරිපූරිං ගච්ඡති -පෙ- අනුප්පන්නො චෙව උපෙඛාසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති; උප්පන්නො ච උපෙඛාසම්බොජ්ඣඞ්ගො භාවනාපාරිපූරිං ගච්ඡතීති.
Sinhala BJTමහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නූපන් සිහිසම්බොජඟත් උපදී. උපන් සිහිසම්බොජඟත් වැඩීමෙන් පිරීමට යේ … නූපන් උපේසම්බොජඟත් උපදී, උපන් සම්බොජඟත් වැඩීමෙන් පිරීමට යේ යි.
Pali BJT2. 4. 6.
Sinhala BJT2. 4. 6.
Pali BJTබුද්ධිසුත්තං
Sinhala BJTබුද්ධි සූත්‍රය
Pali BJT582. සත්තිමෙ භික්ඛවෙ, බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා බුද්ධියා අපරිහානාය සංවත්තන්ති. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා බුද්ධියා අපරිහානාය සංවත්තන්තීති.
Sinhala BJT582. මහණෙනි, මේ සත්බොජඟ කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු බුද්ධිය නො පිරිහීම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: සතිසම්බොජඟ … උපේසම්බොජඟ යී. මහණෙනි, මේ සත්බොජඟහු වඩන ලදහු බහුල කරන ලදහු බුද්ධිය නො පිරිහීම පිණිස පවතිත් යි.
Pali BJT2. 4. 7.
Sinhala BJT2. 4. 7.
Pali BJTආවරණසුත්තං
Sinhala BJTආවරණ සූත්‍රය
Pali BJT583. පඤ්චිමෙ භික්ඛවෙ, ආවරණා නීවරණා චෙතසො උපක්කිලෙසා පඤ්ඤාය දුබ්බලීකරණා. කතමෙ පඤ්ච: කාමච්ඡන්දො භික්ඛවෙ, ආවරණො නීවරණො චෙතසො උපක්කිලෙසො පඤ්ඤාය දුබ්බලීකරණො. ව්යාපාදො භික්ඛවෙ, ආවරණො නීවරණො චෙතසො උපක්කිලෙසො පඤ්ඤාය දුබ්බලීකරණො. ථිනමිද්ධං භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො උපක්කිලෙසං පඤ්ඤාය දුබ්බලීකරණං. උද්ධච්චකුක්කුච්චං භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො උපක්කිලෙසං පඤ්ඤාය දුබ්බලීකරණං. විචිකිච්ඡා භික්ඛවෙ, ආවරණා නීවරණා චෙතසො උපක්කිලෙසා පඤ්ඤාය දුබ්බලීකරණා. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආවරණා නීවරණා චෙතසො උපක්කිලෙසා පඤ්ඤාය දුබ්බලීකරණාති.
Sinhala BJT583. මහණෙනි, මේ අවුරන්නෝ වසන්නෝ සිත කෙලෙසන්නෝ නුවණ දුබල කරන්නෝ පස් දෙනෙකි. කවර පස්දෙනෙක් ද යත්: මහණෙනි, කාමච්ඡන්‍දය (කුසල්සිත) අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ව්‍යාපාදය අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ථීනමිද්ධය අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, උද්ධච්චකුක්කුච්චය අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, විචිකිච්ඡාව අවුරන්නෙකි, වසන්නෙකි, සිත කෙලෙසන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, මේ පස අවුරන්නෝ ය, වසන්නෝ ය, සිත කෙලෙසන්නෝ ය, නුවණ දුබල කරන්නෝ යි.
Pali BJT2. 4. 8.
Sinhala BJT2. 4. 8.
Pali BJTඅනීවරණසුත්තං
Sinhala BJTඅනීවරණ සූත්‍රය
Pali BJT584. යස්මිං භික්ඛවෙ, සමයෙ අරියසාවකො අට්ඨිකත්වා මනසිකත්වා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති. පඤ්චස්ස නීවරණා තස්මිං සමයෙ න හොන්ති. සත්ත බොජ්ඣඞ්ගා තස්මිං සමයෙ භාවනාපාරිපූරිං ගච්ඡන්ති. කතමස්ස පඤ්චනීවරණා තස්මිං සමයෙ න හොන්ති: කාමච්ඡන්දනීවරණං තස්මිං සමයෙ න හොති. ව්යාපාදනීවරණං -පෙ- ථිනමිද්ධනීවරණං -පෙ- උද්ධච්චකුක්කුච්චනීවරණං -පෙ- විචිකිච්ඡානීවරණං තස්මිං සමයෙ න හොති. ඉමස්ස පඤ්චනීවරණා තස්මිං සමයෙ න හොන්ති.
Sinhala BJT584. මහණෙනි, යම් කලෙක අරීසවු තෙමේ බලාපොරොත්තු සහිත ව මෙනෙහි කොට මුළුහිතින් මෙහෙයා යොමු කළ කන් ඇති ව දහම් අසා ද එසමයෙහි ඔහුට පඤ්චනීවරණයෝ නො වෙත්. එසමෙයෙහි සත් බොජ්ඣඞ්ගයෝ වැඩීමෙන් පිරීමට යෙත්. කවර පඤ්චනීවරණයෝ එසමයෙහි ඔහුට නො වෙද් ද කාමච්ඡන්‍දනීවරණය එසමයෙහි ඔහුට නො වේ. ව්‍යාපාද නීවරණය … ථීනමිද්ධනීවරණය … උද්ධච්චකුක්කුච්චනීවරණය … විචිකිච්ඡානීවරණය එසමයෙහි ඔහුට නො වේ. මේ පස් නීවරණයෝ එසමයෙහි ඔහුට නො වෙත්.
Pali BJTකතමෙ සත්ත බොජ්ඣඞ්ගා තස්මිං සමයෙ භාවනාපාරිපූරිං ගච්ඡන්ති: සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භාවනාපාරිපූරිං ගච්ඡති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භාවනාපාරිපූරිං ගච්ඡති. යස්මිං භික්ඛවෙ, සමයෙ අරියසාවකො අට්ඨිකත්වා මනසිකත්වා සබ්බචෙතසො සමන්නාහරිත්වා ඔහිතසොතො ධම්මං සුණාති. ඉමස්ස පඤ්චනීවරණා තස්මිං සමයෙ න හොන්ති. ඉමෙ සත්ත බොජ්ඣඞ්ගා තස්මිං සමයෙ භාවනාපාරිපූරිං ගච්ඡන්තීති.
Sinhala BJTඑසමයෙහි ඔහුගේ කවර සත් බොජ්ඣඞ්ගයෝ වැඩීමෙන් පිරීමට යෙද්ද: සතිසම්බොජ්ඣඞ්ගය එසමයෙහි වැඩීමෙන් පිරීමට යේ … උපේඛාසම්බොජ්ඣඞ්ගය එසමයෙහි වැඩීමෙන් පිරීමට යේ. මහණෙනි, යම් කලෙක අරීසවු තෙමේ අර්ත්‍ථී ව මෙනෙහි කොට මුළුසිතින් මෙහෙයා යොමු කළ කන් ඇති ව දහම් අසා ද එසමයෙහි මේ පස් නීවරණයෝ ඔහුට නො වෙත්. එසමෙයෙහි මේ සත් බොජ්ඣඞ්ගයෝ වැඩීමෙන් පිරීමට යෙති යි.
Pali BJT2. 4. 9.
Sinhala BJT2. 4. 9.
Pali BJTමහාරුක්ඛසුත්තං
Sinhala BJTමහාරුක්ඛ සූත්‍රය
Pali BJT585. සන්ති{1} භික්ඛවෙ, මහාරුක්ඛා අණුබීජා මහාකායා රුක්ඛානං අජ්ඣාරුහා, යෙහි රුක්ඛා අජ්ඣාරූළ්හා ඔභග්ගවිභග්ගා විපතිතා සෙන්ති. කතමෙ ච භික්ඛවෙ, මහාරුක්ඛා අණුබීජා මහාකායා රුක්ඛානං අජ්ඣාරුහා, යෙහි රුක්ඛා අජ්ඣාරූළ්හා ඔභග්ගවිභග්ගා විපතිතා සෙන්ති සෙය්යථිදං: අස්සත්ථො නිග්රොධො පිලක්ඛො උදුම්බරො කච්ඡකො කපිත්ථනො. ඉමෙ ඛො භික්ඛවෙ, මහාරුක්ඛා අණුබීජා මහාකායා රුක්ඛානං අජ්ඣාරුහා, යෙහි රුක්ඛා අජ්ඣාරූළ්හා ඔභග්ගවිභග්ගා විපතිතා සෙන්ති{2}.
Sinhala BJT585. මහණෙනි, ගස් මැඩගෙන වැඩුණු වෘක්‍ෂයෝ යම් මහගස්වලින් හාත්පසින් බිඳුනා ලද්දෝ සරස වැටී හොවිද් ද, බීජයෙහි පටන් ක්‍රමයෙන් වැඩෙන මහසිරුරු ඇති ගස් මැඩගෙන වැඩෙන එබඳු මහගස් ඇත. මහණෙනි, ගස් මැඩගෙන වැඩෙන වෘක්‍ෂයෝ යම් මහගස්වලින් හාත්පසින් බිඳුනාලද්දෝ සරස වැටී හොවිත් නම් බීජයෙහි පටන් ක්‍රමයෙන් වැඩෙන මහසිරුරු ඇති ගස් මැඩ ගෙන වැඩුණු ඒ මහාවෘක්‍ෂයෝ කවරහු ද ඒ මෙසේ යි: ඇසතු, නුග, පුලිල, දිඹුල්, ඇටකසුක්, ගිවුළු යන මොහු යි. මහණෙනි, ගස් මැඩගෙන වැඩෙන වෘක්‍ෂයෝ යම් මහගස්වලින් හාත්පසින් බිඳුනා ලද්දෝ සරස වැටී හොවිත් නම් බීජයෙහි පටන් ක්‍රමයෙන් වැඩෙන මහසිරුරු ඇති ගස් මැඩගෙන වැඩෙන මහාවෘක්‍ෂයෝ මොහු යි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, ඉධෙකච්චො කුලපුත්තො යාදිසකෙ කාමෙ ඔහාය අගාරස්මා අනගාරියං පබ්බජිතො හොති, සො තාදිසකෙහි වා කාමෙහි තතො වා පාපිට්ඨතරෙහි ඔභග්ගවිභග්ගො විපතිතො සෙති.
Sinhala BJTමහණෙනි, එ සෙයින් ම මෙහි ඇතැම් කුලපුත්‍රයෙක් යම්බඳු කාමයන් හැරදමා ගිහිගෙයින් නික්ම සසුනෙහි පැවිදි වූයේ වේ ද, හෙතෙමේ එබඳු වූ කාමයන්ගෙන් හෝ එයිනුදු ඉතා පවිටු වූ කාමයන් ගෙන් හෝ හාත්පස බිඳුනා ලද්දේ සරසට (-අපායට) වැටී හොවී.
Pali BJTපඤ්චිමෙ භික්ඛවෙ, ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා. කතමෙ පඤ්ච: කාමච්ඡන්දො භික්ඛවෙ, ආවරණො නීවරණො චෙතසො අජ්ඣාරුහො පඤ්ඤාය දුබ්බලීකරණො ව්යාපාදො භික්ඛවෙ, ආවරණො නීවරණො චෙතසො අජ්ඣාරුහො පඤ්ඤාය දුබ්බලීකරණො. ථිනමිද්ධං භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො අජ්ඣාරුහං පඤ්ඤාය දුබ්බලීකරණං. උද්ධච්චකුක්කුච්චං භික්ඛවෙ, ආවරණං නීවරණං චෙතසො අජ්ඣාරුහං පඤ්ඤාය දුබ්බලීකරණං. විචිකිච්ඡා භික්ඛවෙ, ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච ආවරණා නීවරණා චෙතසො අජ්ඣාරුහා පඤ්ඤාය දුබ්බලීකරණා.
Sinhala BJTමහණෙනි, මේ පස්දෙනෙක් අවුරන්නෝ ය, වසන්නෝ ය, සිත යටපත් කරන්නෝ ය, නුවණ දුබල කරන්නෝ ය. කවර පසෙක් ද යත්: මහණෙනි, කාමච්ඡන්‍දය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ව්‍යාපාදය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, ථීනමිද්ධය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, උද්ධච්චකුක්කුච්චය අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, විචිකිච්ඡාව අවුරන්නෙකි, වසන්නෙකි, සිත යටපත් කරන්නෙකි, නුවණ දුබල කරන්නෙකි. මහණෙනි, මොහු පස් දෙන අවුරන්නෝ ය, වසන්නෝ ය, සිත යටපත් කරන්නෝ ය, නුවණ දුබල කරන්නෝ ය.
Pali BJTසත්තිමෙ භික්ඛවෙ, බොජ්ඣඞ්ගා අනාවරණා අනීවරණා චෙතසො අනජ්ඣාරුහා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්ති. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො භික්ඛවෙ, අනාවරණො අනීවරණො චෙතසො අනජ්ඣාරූහො භාවිතො බහුලීකතො විජ්ජාවිමුත්ති ඵලසච්ඡිකිරියාය සංවත්තති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො භික්ඛවෙ, අනාවරණො අනීවරණො චෙතසො අනජ්ඣාරුහො භාවිතො බහුලීකතො විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තති. ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා අනාවරණා අනීවරණා චෙතසො අනජ්ඣාරුහා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිඵලසච්ඡිකිරියාය සංවත්තන්තීති.
Sinhala BJTමහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නො අවුරන්නෝ ය. නො වසන්නෝ ය. සිත යටපත් නො කරන්නෝ ය, වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගය නො අවුරන්නෙකි, නො වසන්නෙකි, සිත යටපත් නො කරන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී … මහණෙනි, උපේඛාසම්බොජ්ඣඞ්ගය නො අවුරන්නෙකි, නො වසන්නෙකි, සිත යටපත් නො කරන්නෙකි. වඩන ලද්දේ බහුල කරන ලද්දේ විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතී. මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නො අවුරන්නෝ ය, නො වසන්නෝ ය, සිත යටපත් නො කරන්නෝ ය, වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු විජ්ජාවිමුත්තිඵල පසක් කිරීම පිණිස පවතිත් යි.
Pali BJT2. 4. 10.
Sinhala BJT2. 4. 10.
Pali BJTනීවරණසුත්තං
Sinhala BJTනීවරණ සූත්‍රය
Pali BJT586. පඤ්චිමෙ භික්ඛවෙ, නීවරණා අන්ධකරණා අචක්ඛුකරණා අඤ්ඤාණකරණා පඤ්ඤානිරොධියා විඝාත පක්ඛියා අනිබ්බානසංවත්තනිකා. කතමෙ පඤ්ච: කාමච්ඡන්දනීවරණං භික්ඛවෙ, අන්ධකරණං අචක්ඛුකරණං අඤ්ඤාණකරණං පඤ්ඤානිරොධියං විඝාතපක්ඛියං අනිබ්බානසංවත්තනිකං. ව්යාපාදනීවරණං භික්ඛවෙ -පෙ- ථීනමිද්ධනීවරණං භික්ඛවෙ -පෙ- උද්ධච්චකුක්කුච්චනීවරණං භික්ඛවෙ -පෙ- විචිකිච්ඡානීවරණං භික්ඛවෙ, අන්ධකරණං අචක්ඛුකරණං අඤ්ඤාණකරණං පඤ්ඤානිරොධියං විඝාතපක්ඛියං අනිබ්බානසංවත්තනිකං. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්චනීවරණා අන්ධකරණා අචක්ඛුකරණා අඤ්ඤාණකරණා පඤ්ඤානිරොධියා විඝාතපක්ඛියා අනිබ්බානසංවත්තනිකා.
Sinhala BJT586. මහණෙනි, මේ පස්නීවරණ කෙනෙක් අඳබව කරන්නෝ ය. නුවණැස නො කරන්නෝ ය. මෝහය කරන්නෝ ය. නුවණ වළකන්නෝ ය. දුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස නො පවත්නෝ ය. කවර පසෙක් ද යත්: මහණෙනි, කාමච්ඡන්‍දනීවරණය අඳබව කරන්නෙකි. නුවණැස නො කරන්නෙකි. මෝහය කරන්නෙකි. නුවණ වළකන්නෙකි. දුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස නො පවත්නෙකි. මහණෙනි, ව්‍යාපාද නීවරණය … මහණෙනි, ථීනමිද්ධනීවරණය … මහණෙනි, උද්ධච්චකුක්කුච්චනීවරණය … මහණෙනි, විචිකිච්ඡානීවරණය අඳබව කරන්නෙකි. නුවණැස නො කරන්නෙකි. මෝහය කරන්නෙකි. නුවණ වළකන්නෙකි. දුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස නො පවත්නෙකි. මහණෙනි, මේ පස් නීවරණයෝ අඳබව කරන්නෝ ය. නුවණැස නො කරන්නෝ ය. මෝහය කරන්නෝ ය. නුවණ වළකන්නෝ ය. දුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස නො පවත්නෝ ය.
Pali BJTසත්තිමෙ භික්ඛවෙ, බොජ්ඣඞ්ගා චක්ඛුකරණා ඤාණකරණා පඤ්ඤාවුද්ධියා අවිඝාතපක්ඛියා නිබ්බානසංවත්තනිකා. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො භික්ඛවෙ, චක්ඛුකරණො ඤාණකරණො පඤ්ඤාවුද්ධියො අවිඝාතපක්ඛියො නිබ්බානසංවත්තනිකො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො භික්ඛවෙ, චක්ඛුකරණො ඤාණකරණො පඤ්ඤාවුද්ධියො අවිඝාතපක්ඛියො නිබ්බානසංවත්තනිකො. ඉමෙ ඛො භික්ඛවෙ සත්තබොජ්ඣඞ්ගා චක්ඛුකරණා ඤාණකරණා පඤ්ඤාවුද්ධියා අවිඝාතපක්ඛියා නිබ්බානසංවත්තනිකාති.
Sinhala BJTමහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නුවණැස කරන්නෝ ය. නුවණ කරන්නෝ ය. නුවණ වැඩීම පිණිස වූවෝ ය. නොදුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස පවත්නෝ ය. කවර සතෙක් ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගය නුවණැස කරන්නෙකි. නුවණ කරන්නෙකි. නුවණ වැඩීම පිණිස වූවෙකි. නො දුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස පවත්නෙකි … මහණෙනි, උපේඛාසම්බොජ්ඣඞ්ගය නුවණැස කරන්නෙකි. නුවණ කරන්නෙකි. නුවණ වැඩීම පිණිස වූවෙකි. නොදුක්පසෙහි වූවෙකි. නිවන් පිණිස පවත්නෙකි. මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ නුවණැස කරන්නෝ ය. නුවණ කරන්නෝ ය. නුවණ වැඩීම පිණිස වූවෝ ය. නො දුක්පසෙහි වූවෝ ය. නිවන් පිණිස පවත්නෝ යි.
Pali BJTනීවරණවග්ගො චතුත්ථො.
Sinhala BJTසිවුවැනි නීවරණ වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTද්වෙ කුසලා කිලෙසො ච අනාවරණඤ්චයොනිසො, බුධ්යාවරණානීවරණා මහාරුක්ඛනීවරණාති.
Sinhala BJTකුසල සූත්‍ර දෙක ද, කිලේස, අනාවරණ, යෝනිසෝ, බුද්ධි, ආවරණ, අනීවරණ, මහාරුක්ඛ, නීවරණ යන අට දැ යි දශ සූත්‍ර කෙනෙකි යි.
Pali BJT5. චක්කවත්තිවග්ගො
Sinhala BJT5. චක්කවත්ති වර්‍ගය
Pali BJT2. 5. 1.
Sinhala BJT2. 5. 1.
Pali BJTවිධාසුත්තං
Sinhala BJTවිධා සූත්‍රය
Pali BJT587. යෙහි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා තිස්සො විධා පජහිංසු, සබ්බෙ තෙ සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවිතත්තා බහුලීකතත්තා. යෙහි කෙචි භික්ඛවෙ, අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා තිස්සො විධා පජහිස්සන්ති සබ්බෙ තෙ සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවිතත්තා බහුලීකතත්තා. යෙ හි කෙචි භික්ඛවෙ, එතරහි සමණා වා බ්රාහ්මණා වා තිස්සො විධා පජහන්ති, සබ්බෙ තෙ සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවිතත්තා බහුලීකතත්තා. කතමෙසං සත්තන්නං{1}: සතිසම්බොජ්ඣඞ්ගස්ස -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස. යෙහි කෙචි භික්ඛවෙ, අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා තිස්සො විධා පජහිංසු -පෙ- පජහිස්සන්ති -පෙ- පජහන්ති, සබ්බෙ තෙ ඉමෙසං ව සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවිතත්තා බහුලීකතත්තාති.
Sinhala BJT587. මහණෙනි, ඉකුත්කල යම්කිසි මහණකෙනෙක් හෝ බමුණුකෙනෙක් හෝ ත්‍රිවිධ මානය හළාහු ද, ඒ සියල්ලෝ සත්බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් ත්‍රිවිධ මානය හළහ. මහණෙනි, මතුකල යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ත්‍රිවිධ මානය දුරු කරන්නාහු ද ඒ සියල්ලෝ සත්බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් ත්‍රිවිධ මානය දුරුකරන්නාහ. මහණෙනි, මෙකල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ත්‍රිවිධ මානය දුරු කෙරෙද් ද ඒ සියල්ලෝ සත් බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් දුරු කෙරෙති. කවර සතෙක් ද යත්: සිහිසම්බොජඟ … උපේසම්බොජඟ යි. මහණෙනි, ඉකුත්කල යම්කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ ත්‍රිවිධ මානය දුරු කළාහු ද ... දුරු කරන්නාහු ද … දුරු කෙරෙද් ද ඒ සියල්ලෝ මේ සත් බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් ත්‍රිවිධ මානය දුරු කෙරෙති.
Pali BJT2. 5. 2.
Sinhala BJT2. 5. 2.
Pali BJTචක්කවත්තිසුත්තං
Sinhala BJTචක්කවත්ති සූත්‍රය
Pali BJT588. රඤ්ඤො භික්ඛවෙ, චක්කවත්තිස්ස පාතුභාවා සත්තන්නං රතනානං පාතුභාවො හොති. කතමෙසං සත්තන්නං: චක්කරතනස්ස පාතුභාවො හොති, හත්ථිරතනස්ස පාතුභාවො හොති, අස්සරතනස්ස පාතුභාවො හොති, මණිරතනස්ස පාතුභාවො හොති, ඉත්ථිරතනස්ස පාතුභාවො හොති, ගහපතිරතනස්ස පාතුභාවො හොති, පරිනායකරතනස්ස පාතුභාවො හොති. රඤ්ඤො භික්ඛවෙ, චක්කවත්තිස්ස පාතුභාවා ඉමෙසං සත්තන්නං රතනානං පාතුභාවො හොති. තථාගතස්ස භික්ඛවෙ, පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස සත්තන්නං බොජ්ඣඞ්ගරතනානං පාතුභාවො හොති. කතමෙසං සත්තන්නං{2}: සතිසම්බොජ්ඣඞ්රතනස්ස{3} පාතුභාවො හොති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගරතනස්ස{4} පාතුභාවො හොති. තථාගතස්ස භික්ඛවෙ, පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස ඉමෙසං සත්තන්නං බොජ්ඣඞ්ගරතනානං පාතුභාවො හොතීති.
Sinhala BJT588. මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් සත්රුවනෙක පහළවීම වේ. කවර සතෙක් ද යත්: සක්රුවනෙහි පහළ වීම වේ. ඇත්රුවනෙහි පහළවීම වේ. අස්රුවනෙහි පහළවීම වේ. මිණිරුවනෙහි පහළවීම වේ. ඉතිරි රුවනෙහි පහළවීම වේ. ගැහැවිරුවනෙහි පහළ වීම වේ. පුත් රුවනෙහි පහළවීම වේ. මහණෙනි, සක්විති රජුගේ පහළවීමෙන් මේ සත් රුවනුන්ගේ පහළවීම වේ. මහණෙනි, තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පහළවීමෙන් සත් බොජඟරුවනුන්ගේ පහළවීම වේ. කවර සතෙක යත්: සිහිසම්බොජඟරුවනෙහි පහළවීම වේ ... උපේසම්බොජඟරුවනෙහි පහළවීම වේ. මහණෙනි, තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් මේ සත්බොජඟරුවනුන්ගේ පහළවීම වේ යි
Pali BJT2. 5. 3.
Sinhala BJT2. 5. 3.
Pali BJTමාරසුත්තං
Sinhala BJTමාර සූත්‍රය
Pali BJT589. මාරසෙනප්පමද්දනං වො භික්ඛවෙ, මග්ගං දෙසිස්සාමි. තං සුණාථ. කතමො ච භික්ඛවෙ, මාරසෙනප්පමද්දනො මග්ගො යදිදං සත්තබොජ්ඣඞ්ගා. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො. අයං ඛො භික්ඛවෙ, මාරසෙනප්පමද්දනො මග්ගොති.
Sinhala BJT589. මහණෙනි, මරසෙන් මඩින මඟ තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, මරසෙන් මඩින මග කවරේ ද යත්: මේ සත්බොජඟ යි. කවර සතෙක් ද යත්: සිහිසම්බොජඟ … උපේසම්බොජඟ යි. මහණෙනි, මේ මරසෙන් මඩින මඟ යි.
Pali BJT2. 5. 4.
Sinhala BJT2. 5. 4.
Pali BJTදුප්පඤ්ඤසුත්තං
Sinhala BJTදුප්පඤ්ඤ සූත්‍රය
Pali BJT590. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “දුප්පඤ්ඤො එළමූගො දුප්පඤ්ඤො එළමූගො”ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, “දුප්පඤ්ඤො එළමූගොති වුච්චතී”ති? සත්තන්නං ඛො භික්ඛු, බොජ්ඣඞ්ගානං අභාවිතත්තා අබහුලීකතත්තා “දුප්පඤ්ඤො එළමූගො”ති වුච්චති. කතමෙසං සත්තන්නං: සතිසම්බොජ්ඣඞ්ගස්ස -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස. ඉමෙසං ඛො භික්ඛු සත්තන්නං බොජ්ඣඞ්ගානං අභාවිතත්තා අබහුලීකතත්තා “දුප්පඤ්ඤො එළමූගො”ති වුච්චතීති.
Sinhala BJT590. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය: වහන්ස, “අනුවණ කෙළතොලු ය, අනුවණ කෙළතොලු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “අනුවණ කෙළතොලු ය”යි කියනු ලැබේ දෝ යි. මහණ, සත්බොජඟ නොවැඩු බැවින් නො බහුල කළ බැවින් “අනුවණ කෙළතොලු ය” යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණ, මේ සත්බොජඟ නොවැඩු බැවින් නොබහුල කළ බැවින් “අනුවණකෙළතොලු ය” යි කියනු ලැබේ.
Pali BJT2. 5. 5.
Sinhala BJT2. 5. 5.
Pali BJTපඤ්ඤවසුත්තං
Sinhala BJTපඤ්ඤව සූත්‍රය
Pali BJT591. “පඤ්ඤවා අනෙළමූගො පඤ්ඤවා අනෙළමූගො”ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, “පඤ්ඤවා අනෙළමූගො”ති වුච්චතීති? සත්තන්නං ඛො භික්ඛු, බොජ්ඣඞ්ගානං භාවිතත්තා බහුලීකතත්තා “පඤ්ඤවා අනෙළමූගො”ති වුච්චති. කතමෙසං සත්තන්නං සතිසම්බොජ්ඣඞ්ගස්ස -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස. ඉමෙසං ඛො භික්ඛු, සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවිතත්තා බහුලීකතත්තා “පඤ්ඤවා අනෙළමූගො”ති වුච්චතීති.
Sinhala BJT591. වහන්ස, “නුවණැති නොකෙළතොලු ය, නුවණැති නොකෙළතොලු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “නුවණැති නොකෙළතොලු ය”යි කියනු ලැබේ දෝ යි. මහණ, සත්බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් නුවණැති නොකෙළතොලු ය යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණ, මේ සත් බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් “නුවණැති නොකෙළතොලු ය” යි කියනු ලැබේ යි.
Pali BJT2. 5. 6.
Sinhala BJT2. 5. 6.
Pali BJTදළිද්දසුත්තං
Sinhala BJTදළිද්ද සූත්‍රය
Pali BJT592. “දළිද්දො දළිද්දොති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, දළිද්දො”ති වුච්චතීති? සත්තන්නං ඛො භික්ඛු, බොජ්ඣඞ්ගානං අභාවිතත්තා අබහුලීකතත්තා දළිද්දොති වුච්චති. කතමෙසං සත්තන්නං: සතිසම්බොජ්ඣඞ්ගස්ස -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස. ඉමෙසං ඛො භික්ඛු, සත්තන්නං බොජ්ඣඞ්ගානං අභාවිතත්තා අබහුලීකතත්තා දළිද්දොති වුච්චතීති.
Sinhala BJT592. වහන්ස, “දිළිඳු ය දිළිඳු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “දිළිඳු ය” යි කියනු ලැබේ දෝ යි. මහණ, සත්බොජඟ නොවැඩු බැවින් නොබහුල කළ බැවින් “දිළිඳු ය” යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපෙක්ඛාසම්බොජඟ යි. මහණ, මේ සත්බොජඟ නොවැඩූ බැවින් නොබහුල කළ බැවින් “දිළිඳු ය” යි කියනු ලැබේ යි.
Pali BJT2. 5. 7.
Sinhala BJT2. 5. 7.
Pali BJTඅදළිද්දසුත්තං
Sinhala BJTඅදළිද්ද සූත්‍රය
Pali BJT593. “අදළිද්දො අදළිද්දො”ති භන්තෙ, වුච්චති. කිත්තාවතා නු ඛො භන්තෙ, “අදළිද්දොති වුච්චතී”ති? සත්තන්නං ඛො භික්ඛු බොජ්ඣඞ්ගානං භාවිතත්තා බහුලීකතත්තා “අදළිද්දො”ති වුච්චති. කතමෙසං සත්තන්නං? සතිසම්බොජ්ඣඞ්ගස්ස -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස. ඉමෙසං ඛො භික්ඛු, සත්තන්නං බොජ්ඣඞ්ගානං භාවිතත්තා බහුලීකතත්තා “අදළිද්දො”ති වුච්චතීති.
Sinhala BJT593. වහන්ස, “නොදිළිඳු ය නොදිළිඳු ය” යි කියනු ලැබේ. වහන්ස, කෙතෙකින් “නොදිළිඳු ය” යි කියනු ලැබේ දෝ යි.මහණ, සත් බොජඟ වැඩු බැවින් බහුල කළ බැවින් නොදිළිඳු ය යි කියනු ලැබේ. කවර සතක් ද යත්: සිහිසම්බොජඟ ... උපෙක්ඛාසම්බොජඟ යි. මහණ, මේ සත් බොජඟ වැඩූ බැවින් බහුල කළ බැවින් “නොදිළිඳු ය” යි කියනු ලැබේ යි.
Pali BJT2. 5. 8.
Sinhala BJT2. 5. 8.
Pali BJTආදිච්චසුත්තං
Sinhala BJTආදිච්ච සූත්‍රය
Pali BJT594. ආදිච්චස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං අරුණග්ගං. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො සත්තන්නං බොජ්ඣඞ්ගානං උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං කල්යාණමිත්තතා. කල්යාණමිත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙස්සති සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරිස්සති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොතීති.
Sinhala BJT594. මහණෙනි, යම් මේ අරුණෝදයක් වේ ද, උදාවන හිරුට මේ පෙරටු ය, මේ පෙරනිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ කල්‍යාණමිත්‍රත්‍වයෙක් වේ ද, මහණහට සත්බොජඟ ඉපදීමට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, සත්බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ කෙසේ නම් සත්බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත සිහිසම්බොජඟ විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට වඩයි … උපේසම්බොජඟ වඩයි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ තෙමේ මෙසේ සත් බොජඟ වඩයි, සත් බොජඟ බහුල කෙරේ යි.
Pali BJT2. 5. 9.
Sinhala BJT2. 5. 9.
Pali BJTඅඞ්ගසුත්තං
Sinhala BJTඅඞ්ග සූත්‍රය
Pali BJT595. අජ්ඣත්තිකං භික්ඛවෙ, අඞ්ගන්ති කරිත්වා නාඤ්ඤං එකඞ්ගම්පි සමනුපස්සාමි සත්තන්නං බොජ්ඣඞ්ගානං උප්පාදාය යථයිදං භික්ඛවෙ, යොනිසොමනසිකාරො. යොනිසොමනසිකාරසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙස්සති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරිස්සති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොති. ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොතීති.
Sinhala BJT595. මහණෙනි, මේ යෝනිසෝමනසිකාරය යම් බඳු ද, මහණෙනි, සත්බොජඟ ඉපදීමට ඇතුළත වූ අවයවයක් කොට අන් එක් අවයවයකුදු නො ම දකිමි. මහණෙනි, සත්බොජඟ වඩන්නේ ය, සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය යොනිසොමනසිකාරසම්පන්න මහණහු විසින් කැමති විය යුතු. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ තෙමේ කෙසේ නම් සත්බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සිහිසම්බොජඟ වඩයි ... උපේසම්බොජඟ වඩයි. මහණෙනි, යොනිසොමනසිකාරසම්පන්න මහණ මෙසේ සත්බොජඟ වඩයි, සත්බොජඟ බහුල කෙරේ යි.
Pali BJT2. 5. 10.
Sinhala BJT2. 5. 10.
Pali BJTදුතිය අඞ්ගසුත්තං
Sinhala BJTදුතිය අඞ්ග සූත්‍රය
Pali BJT596. බාහිරං භික්ඛවෙ, අඞ්ගන්ති කරිත්වා නාඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි සත්තන්නං බොජ්ඣඞ්ගානං උප්පාදාය. යථයිදං භික්ඛවෙ, කල්යාණමිත්තතා කල්යාණමිත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙස්සති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරිස්සති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොතීති.
Sinhala BJT596. මහණෙනි, මේ කල්‍යාණමිත්‍රත්‍වය යම්බඳු නම් මහණෙනි, සත්බොජඟ ඉපදීම පිණිස බාහිර වූ අවයවයක් කොට අන් එක් දහමකුදු නො ම දකිමි. මහණෙනි, සත්බොජඟ වඩන්නේය, සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය කලණමිතුරන් ඇති මහණහු විසින් කැමති වියයුතු. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ තෙමේ කෙසේ නම් සත්බොජඟ වඩා ද සත්බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සිහිසම්බොජඟ වඩයි ... උපේසම්බොජඟ වඩයි. මහණෙනි, කලණමිතුරන් ඇති මහණ මෙසේ සත්බොජඟ වඩයි, සත්බොජඟ බහුල කෙරේ යි.
Pali BJTචක්කවත්තිවග්ගො පඤ්චමො.
Sinhala BJTපස්වැනි චක්කවත්ති වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTවිධා චක්කවත්තිමානෙ දුප්පඤ්ඤො පඤ්ඤවෙන ච දළිද්දො අදළිද්දො ච ආදිච්චඞ්ගෙහි තෙදසාති.
Sinhala BJTවිධා, චක්කවත්ති, මාර, දුප්පඤ්ඤ, පඤ්ඤව, දළිද්ද, අදළිද්ද, ආදිච්ච සූත්‍ර අටෙකි. අඞ්ග සූත්‍ර දෙකෙකි. ඔහු (මුළුල්ල) දශයෙකි යි.
Pali BJT6. බොජ්ඣඞ්ගවග්ගො
Sinhala BJT6. බොජ්ඣඞ්ග වර්‍ගය
Pali BJT2. 6. 1.
Sinhala BJT2. 6. 1.
Pali BJTආහාරසුත්තං
Sinhala BJTආහාර සූත්‍රය
Pali BJT597. පඤ්චන්නං ච වො භික්ඛවෙ, නීවරණානං සත්තන්නං ච බොජ්ඣඞ්ගානං ආහාරං ච අනාහාරං ච දෙසිස්සාමි. තං සුණාථ. කො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භිය්යොභාවාය වෙපුල්ලාය: අත්ථි භික්ඛවෙ, සුභනිමිත්තං. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
Sinhala BJT597. මහණෙනි, පස්නීවරණයන්ගේ ද සත් බොජ්ඣඞ්ගයන්ගේ ද ආහාරයත් අනාහාරයත් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, නූපන් කාමච්ඡන්‍දය ඉපදීම පිණිසත් උපන් කාමච්ඡන්‍දයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර (-ප්‍රත්‍යය) කිමෙක් ද යත්; මහණෙනි, සුභනිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් කාමච්ඡන්‍දය ඉපදීම පිණිසත්, උපන් කාමච්ඡන්‍දයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා ව්යාපාදස්ස උප්පාදාය උප්පන්නස්ස වා ව්යාපාදස්ස භිය්යොභාවාය වෙපුල්ලාය: අත්ථි භික්ඛවෙ, පටිඝනිමිත්තං. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා ව්යාපාදස්ස උප්පාදාය උප්පන්නස්ස වා ව්යාපාදස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
Sinhala BJTමහණෙනි, නූපන් ව්‍යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්‍යාපාදයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, ප්‍රතිඝනිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද; නූපන් ව්‍යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්‍යාපාදයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්යොභාවාය වෙපුල්ලාය: අත්ථි භික්ඛවෙ, අරති තන්දි විජම්භිතා භත්තසම්මදො චෙතසො ච ලීනත්තං. තත්ථ අයොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
Sinhala BJTමහණෙනි, නූපන් ථීනමිද්ධය ඉපදීම පිණිසත් උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්; මහණෙනි, (අධිකුශලධර්‍මයන්හි) නො ඇල්මෙක් තෙමරියෙක් මැලිකැඩීමෙක් බත් මතයෙක් සිතේ සැඟැවුණු බවෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ථීනමිද්ධයේ ඉපැද්ම පිණිසත්, උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා උද්ධච්ච කුක්කුච්චස්ස උප්පාදාය උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්යොභාවාය වෙපුල්ලාය: අත්ථි භික්ඛවෙ, චෙතසො අවූපසමො. තත්ථ අයොනිසොමනසිකාර බහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
Sinhala BJTමහණෙනි, නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැදීම පිණිසත් උපන් උද්ධච්චකුක්කුච්චයේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, සිතේ නො සන්සුන් කමෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද: නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැද්ම පිණිසත්, උපන් උද්ධච්චකුක්කුච්චයේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්යොභාවාය වෙපුල්ලාය: අත්ථි භික්ඛවෙ, විචිකිච්ඡාට්ඨානියා ධම්මා. තත්ථ අයොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්යොභාවාය වෙපුල්ලාය.
Sinhala BJTමහණෙනි, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත්, උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුල බව පිණිසත් ආහාර කිමෙක් ද යත්; මහණෙනි, විචිකිච්ඡාවට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත්, උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුල බව පිණිසත් මේ ආහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා අත්ථි භික්ඛවෙ සතිසම්බොජ්ඣඞ්ගට්ඨානියා ධම්මා. තත්ථ යොනිසොමනසිකාර බහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් සතිසම්බොජ්ඣඞ්ගයේ ඉපැද්මටත්, උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා. අත්ථි භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා සාවජ්ජානවජ්ජා ධම්මා හීනප්පණීතා ධම්මා, කණ්හසුක්කසප්පටිභාගා ධම්මා. තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ධම්මවිචය සම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාර කිමෙක් ද යත්: මහණෙනි, කුශලාකුශල ධර්‍මයෝ සාවද්‍ය අනවද්‍ය ධර්‍මයෝ හීනප්‍රණීත ධර්‍මයෝ කෘෂ්ණ ශුක්ල සප්‍රතිභාග ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා විරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා විරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා. අත්ථි භික්ඛවෙ, ආරම්භධාතු නික්ඛමධාතු පරක්කමධාතු. තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා විරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා විරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් විරියසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්; මහණෙනි, පළමු ඇරඹුණු වීර්‍ය්‍යයෙක් මැළිබැවින් නික්මෙනවීර්‍ය්‍යයෙක් මතු මතු තැන් ඇක්මෙන වීර්‍ය්‍යයෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විරියසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනා පාරිපූරියා. අත්ථි භික්ඛවෙ, පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානියා ධම්මා. තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, පීතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුලකිරීමෙක් වේ ද නූපන් පීතිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් පීතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනා පාරිපූරියා: අත්ථි භික්ඛවෙ, කායපස්සද්ධි,{1} චිත්තපස්සද්ධි{2}. තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, කයෙහි සැහැල්ලු බවෙක් සිතෙහි සැහැල්ලු බවෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද නූපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා අත්ථි භික්ඛවෙ, සමථනිමිත්තං{3} අබ්යග්ගනිමිත්තං. තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් සමාධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, සමථ නිමිත්තෙක් අව්‍යග්ග නිමිත්තෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් සමාධිසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා: අත්ථි භික්ඛවෙ, උපෙඛාසම්බොජ්ඣඞ්ගට්ඨානියා ධම්මා. තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාපාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත්, උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් ආහාරය කිමෙක් ද යත්: මහණෙනි, උපෙඛාසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම්හු ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය ඉපැදීමටත්, උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමටත් මේ ආහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භිය්යොභාවාය වෙපුල්ලාය: අත්ථි භික්ඛවෙ, අසුභනිමිත්තං. තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො. අයමනාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
Sinhala BJTමහණෙනි, නූපන් කාමච්ඡන්‍දයේ ඉපැද්ම පිණිසත් උපන් කාමච්ඡන්‍දයේ බොහෝ බව විපුලත්‍වය පිණිසත් කිමෙක් අනාහාර (ප්‍රත්‍යය නොවේ) ද යත්: මහණෙනි, අසුබ නිමිත්තෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක්වේ ද, නූපන් කාමච්ඡන්‍දයේ ඉපැද්ම පිණිසත් උපන් කාමච්ඡන්‍දයේ බොහෝ බව විපුලබව පිණිසත් මේ අනාහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා ව්යාපාදස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ව්යාපාදස්ස භිය්යොභාවාය වෙපුල්ලාය: අත්ථි භික්ඛවෙ, මෙත්තාචෙතොවිමුත්ති. තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප්පන්නස්ස වා ව්යාපාදස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ව්යාපාදස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
Sinhala BJTමහණෙනි, නූපන් ව්‍යාපාදයේ ඉපැද්ම පිණිසත් උපන් ව්‍යාපාදයේ බොහෝ බව විපුලත්‍වය පිණිසත් කිමෙක් අනාහාර ද යත්; මහණෙනි, මෛත්‍රීචිත්තවිමුක්තියෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ව්‍යාපාදයේ ඉපැද්ම පිණිසත් උපන් ව්‍යාපාදයේ බොහෝ බව විපුලබව පිණිසත් මේ අනාහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්යොභාවාය වෙපුල්ලාය: අත්ථි භික්ඛවෙ, ආරම්භධාතු නික්ඛකමධාතු පරක්කමධාතු. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය , උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
Sinhala BJTමහණෙනි, නූපන් ථීනමිද්ධයේ ඉපැද්ම පිණිසත් උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුලත්‍වය පිණිසත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, පළමු ඇරඹුණු වීර්‍ය්‍යයෙක් මැලි බැවින් නික්මුණු වීර්‍ය්‍යයෙක් මතු මතු තැන් ඇක්මෙන වීර්‍ය්‍යයෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් ථීනමිද්ධයේ ඉපැද්ම පිණිසත් උපන් ථීනමිද්ධයේ බොහෝ බව විපුලබව පිණිසත් මේ අනාහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්යොභාවාය වෙපුල්ලාය: අත්ථි භික්ඛවෙ, චෙතසො වූපසමො. තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
Sinhala BJTමහණෙනි, නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැද්ම පිණිසත් උපන් උද්ධච්චකුක්කුච්චයේ බොහෝ බව විපුලබව පිණිසත් කිමෙක් අනාහාර ද යත්; මහණෙනි, සිතේ සංසිඳීමෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීම වේ ද, නූපන් උද්ධච්චකුක්කුච්චයේ ඉපැද්ම පිණිසත් බොහෝ බව විපුලබව පිණිසත් මේ අනාහාර යි.
Pali BJTකො ච භික්ඛවෙ, අනාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්යොභාවාය වෙපුල්ලාය: අත්ථි භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා, සාවජ්ජානවජ්ජා ධම්මා, හීනප්පණීතා ධම්මා, කණ්හසුක්කසප්පටිභාගා ධම්මා, තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො, අයමනාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්යොභාවාය වෙපුල්ලාය.
Sinhala BJTමහණෙනි, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත් උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුලබව පිණිසත් කිමෙක් අනාහාර ද යත්: මහණෙනි, කුශලාකුශලධර්‍මයෝ සාවද්‍ය අනවද්‍ය ධර්‍මයෝ හීනප්‍රණීතධර්‍මයෝ කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විචිකිච්ඡාවේ ඉපැද්ම පිණිසත් උපන් විචිකිච්ඡාවේ බොහෝ බව විපුලබව පිණිසත් මේ අනාහාර යි.