Pali BJTකථං භාවිතා ච කුණ්ඩලිය, සත්ත බොජ්ඣඞ්ගා කථං බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්ති? ඉධ කුණ්ඩලිය, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො කුණ්ඩලිය, සත්ත බොජ්ඣඞ්ගා එවං බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්තීති. එවං වුත්තෙ කුණ්ඩලියො පරිබ්බාජකො භගවන්තං එතදවොච: “අභික්කන්තං භො ගොතම -පෙ- පාණුපෙතං සරණං ගත”න්ති.
Sinhala BJT“කුණ්ඩලිය, සත්ත බොජ්ඣඞ්ගයෝ කෙසේ වඩන ලදහු කෙසේ බහුල කරන ලදහු අර්‍හත්මාර්‍ගවිද්‍යාව හා එල විමුක්තිය පිරිපුන් කෙරෙද්ද යත්: කුණ්ඩලිය, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. කුණ්ඩලිය, සත්ත බොජ්ඣඞ්ගයෝ මෙසේ වඩන ලදහු මෙසේ බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති පිරිපුන් කෙරෙති” යි.මෙසේ වදාළ කල්හි කුණ්ඩලිය පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය. “භවත් ගෞතමයන් වහන්ස, ඉතා මැනවි ... දිවිහිමියෙන් සරණ ගිය (මා උවසු කොට දරන සේක්වා)” යි.
Pali BJT2. 1. 7.
Sinhala BJT2. 1. 7.
Pali BJTකූටාගාරසුත්තං
Sinhala BJTකූටාගාර සූත්‍රය
Pali BJT553. සෙය්යථාපි භික්ඛවෙ, කූටාගාරස්ස යා කාචි ගොපානසියො සබ්බා තා කූටනින්නා කූටපොණා කූටපබ්භාරා, එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙන්තො සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙන්තො සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො? ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු{1} සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙන්තො සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJT553. මහණෙනි, යම්සේ කුළුගෙයක යම්කිසි ගොනැස්හු වෙද්ද ඒ සියල්ලෝ මුදුනට නැමුණාහු මුදුනට නැඹුරු වූවාහු මුදුනට බර වූවාහු වෙති. මහණෙනි, එසෙයින්ම මහණ තෙමේ සත් බොජඟ වඩන්නේ සත් බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ සත් බොජඟ වඩන්නේ සත් බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සති සම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ සත් බොජඟ වඩන්නේ සත් බොජඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යි.
Pali BJT2. 1. 8.
Sinhala BJT2. 1. 8.
Pali BJTඋපවානසුත්තං
Sinhala BJTඋපවාන සූත්‍රය
Pali BJT554. එකං සමයං ආයස්මා ච උපවානො ආයස්මා ච සාරිපුත්තො කොසම්බියං විහරන්ති ඝොසිතාරාමෙ. අථ ඛො ආයස්මා සාරිපුත්තො සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා උපවානො තෙනුපසඞ්කමි. උපසංකමිත්වා ආයස්මතා උපවානෙන සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො ආයස්මා සාරිපුත්තො ආයස්මන්තං උපවානං එතදවොච: “ජානෙය්ය නු ඛො ආවුසො උපවාන, භික්ඛු පච්චත්තං යොනිසො මනසිකාරා{2} එවං සුසමාරද්ධා මෙ සත්ත බොජ්ඣඞ්ගා ඵාසුවිහාරාය සංවත්තන්තී”ති.
Sinhala BJT554. එක් කලෙක ආයුෂ්මත් උපවාන තෙරණුවෝත් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝත් කොසඹෑනුවර සමීපයෙහි ඝෝසිතාරාමයෙහි වැඩ වෙසෙති. එකල්හි ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සවස්කල විවේකයෙන් නැගී සිටියාහු ආයුෂ්මත් උපවාන තෙරණුවන් වෙත එළඹියහ. එළඹ ආයුෂ්මත් උපවාන තෙරණුවන් සමග සතුටු වූහ. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස්ව වැඩ හුන්හ. එකත්පස්ව වැඩ හුන් ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ආයුෂ්මත් උපවාන තෙරණුවනට මෙය කීහ: “ඇවැත්නි උපවානයෙනි, මහණ තෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන් මෙසේ මා විසින් මොනවට අරඹන ලද සප්ත බොජ්ඣඞ්ගයෝ පහසු විහරණය පිණිස පවතිත් යි තෙමේම දැනගන්නේදැ?” යි.
Pali BJTජානෙය්ය ඛො ආවුසො සාරිපුත්ත භික්ඛු පච්චත්තං යොනිසො මනසිකාරා එවං සුසමාරද්ධා මෙ සත්ත බොජ්ඣඞ්ගා ඵාසුවිහාරාය සංවත්තන්තීති. සතිසම්බොජ්ඣඞ්ගං ඛො ආවුසො, භික්ඛු ආරබ්භමානො පජානාති “චිත්තං ච මෙ සුවිමුත්තංථිනමිද්ධං ච මෙ සුසමූහතං. උද්ධච්ච කුක්කුච්චඤ්ච මෙ සුප්පටිවිනීතං. ආරද්ධං ච මෙ විරියං අට්ඨිකත්වා මනසිකරොමි. නො ච ලීනන්ති” -පෙ- උපෙඛා සම්බොජ්ඣඞ්ගං ආවුසො භික්ඛු ආරභමානො පජානාති චිත්තඤ්ච මෙ සුවිමුත්තං. ථීනමිද්ධඤ්ච මෙ සුසමූහතං, උද්ධච්චකුක්කුච්චඤ්ච මෙ සුප්පටිවිනීතං, ආරද්ධා ච මෙ විරියං අට්ඨිකත්වා{3} මනසිකරොමි නො ච ලීනන්ති. එවං ඛො ආවුසො සාරිපුත්ත, භික්ඛු ජානෙය්ය පච්චත්තං යොනිසො මනසිකාරා සුසමාරද්ධා මෙ සත්ත බොජ්ඣඞ්ගා ඵාසු විහාරාය සංවත්තන්තීති.
Sinhala BJTඇවැත්නි ශාරිපුත්‍රයෙනි, මහණ තෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන් “මෙසේ මා විසින් මොනවට අරඹන ලද සප්ත බොජ්ඣඞ්ගයෝ පහසු විහරණය පිණිස පවතිත්” යි තෙමේම දැනගන්නේය. ඇවැත්නි, මහණ තෙමේ සති සම්බොජ්ඣඞ්ගය අරඹනුයේ “මාගේ සිතද මැනවින් මිදුණේය. ථිනමිද්ධය ද මවිසින් සහමුලින්ම නසන ලද්දේය. උද්ධච්චකුක්කුච්චය ද මවිසින් මැනවින් දුරුකරන ලද්දේය. වීර්‍ය්‍යය ද මවිසින් අරඹන ලද්දේ නො ද සැඟවුණේ ය. අර්‍ත්‍ථවත් කොට (ප්‍රයෝජන සලකා) මෙනෙහි කරමි යි දැනගනී. ... ඇවැත්නි, මහණ තෙමේ උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය අරඹනුයේ “මාගේ සිතද මැනවින් මිදුණේය. ථිනමිද්ධය ද මවිසින් සහමුලින්ම නසන ලද්දේය. උද්ධච්චකුක්කුච්චය ද මවිසින් මැනවින් දුරුකරන ලද්දේ ය. වීර්‍ය්‍යය ද මා විසින් අරඹන ලද්දේ නො ද සැඟවුණේ ය. අර්‍ත්‍ථවත් කොට මෙනෙහි කරමි යි. ඇවැත්නි,සාරිපුත්තයෙනි, මහණ තෙමේ නුවණින් මෙනෙහි කිරීමෙන් මෙසේ මා විසින් මැනවින් අරඹන ලද සප්ත බොජ්ඣඞ්ගයෝ පහසු විහරණය පිණිස පවති යි මෙසේ දැනගන්නේ” යි.
Pali BJT2. 1. 9.
Sinhala BJT2. 1. 9.
Pali BJTඋප්පාදසුත්තං
Sinhala BJTඋප්පාද සූත්‍රය
Pali BJT555. සත්තිමෙ භික්ඛවෙ, බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්ස. කතමෙ සත්ත සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති, නාඤ්ඤත්ර තථාගතස්ස පාතුභාවා අරහතො සම්මාසම්බුද්ධස්සාති.
Sinhala BJT555. මහණෙනි, මේ සප්ත බොජ්ඣඞ්ග කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිති. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගයයි. මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් අන් කල්හි නූපන්නාහු නූපදිති.
Pali BJT2. 1. 10.
Sinhala BJT2. 1. 10.
Pali BJTදුතිය උප්පාදසුත්තං
Sinhala BJTදුතිය උප්පාද සූත්‍රය
Pali BJT556. සත්තිමෙ භික්ඛවෙ, බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති නාඤ්ඤත්ර සුගතවිනයා. කතමෙ සත්ත සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා අනුප්පන්නා උප්පජ්ජන්ති නාඤ්ඤත්ර සුගතවිනයාති.
Sinhala BJT556. මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ග කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු බුදුසසුනෙන් අන්තන්හි නූපදනාහු නූපදිති. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යි. මහණෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු බුදුසසුනෙන් අන්තන්හි නූපන්නාහු නූපදිති යි.
Pali BJTපබ්බතවග්ගො පඨමො.
Sinhala BJTපළමුවැනි පබ්බතවර්‍ගයයි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTහිමවන්තං කායො සීලං වත්ථං භික්ඛු ච කුණ්ඩලීකූටාගාරමුපවානං උප්පාදෙ අපරෙ දුවෙති.
Sinhala BJTහිමවන්ත, කාය, සීල, වත්‍ථ, භික්ඛු, කුණ්ඩලී, කූටාගාර,උපවාන සූත්‍රය ,අනෙක් උප්පාදසූත්‍ර දෙක ය යි දශ සූත්‍ර කෙනෙකි.
Pali BJT2. ගිලානවග්ගො
Sinhala BJT2. ගිලාන වර්‍ගය
Pali BJT2. 2. 1.
Sinhala BJT2. 2. 1.
Pali BJTපාණසුත්තං
Sinhala BJTපාන සූත්‍රය
Pali BJT557. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි පාණා චත්තාරො ඉරියාපථෙ කප්පෙන්ති කාලෙන ගමනං කාලෙන ඨානං කාලෙන නිසජ්ජං කාලෙන සෙය්යං, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය එවමෙතෙ චත්තාරො ඉරියාපථෙ කප්පෙන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති. සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොති? ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොතීති.
Sinhala BJT557. මහණෙනි, යම් සේ යම් කිසි ප්‍රාණීහු කලෙක ගමන ද කලෙක සිටුම ද කලෙක හිඳුම ද කලෙක ශයනය දැ යි සිවු ඉරියවු කෙරෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා එසේ ඒ සිවු ඉරියවු කෙරෙති. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත් බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද? යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරුකළ නිවනට පිරිනැමුණු සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරෙ යි.
Pali BJT2. 2. 2.
Sinhala BJT2. 2. 2.
Pali BJTසූරියසුත්තං
Sinhala BJTසුරිය සූත්‍රය
Pali BJT558. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං අරුණග්ගං. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො සත්තන්නං බොජ්ඣඞ්ගානං උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං, යදිදං කල්යාණමිත්තතා. කල්යාණමිත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙස්සති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරිස්සති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොති ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු කල්යාණමිත්තො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොතීති.
Sinhala BJT558. මහණෙනි, යම් මේ අරුණෝදයෙක් වේ ද, උදාවන හිරුට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ කලණ මිතුරන් ඇති බවෙක් වේ ද, මහණහට සත් බොජඟ ඉපදීම පිණිස මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, සත් බොජඟ වඩන්නේ ය සත්බොජඟ බහුල කරන්නේ ය යන මෙය කලණ මිතුරන් ඇති මහණහු විසින් කැමති විය යුතු. මහණෙනි, කෙසේ නම් කලණ මිතුරන් ඇති මහණ තෙමේ සත් බොජඟ වඩා ද, සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ කලණ මිතුරන් ඇති මහණ තෙමේ සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරෙයි.
Pali BJT2. 2. 3.
Sinhala BJT2. 2. 3.
Pali BJTදුතියසුරියසුත්තං
Sinhala BJTදුතිය සුරිය සූත්‍රය
Pali BJT559. සුරියස්ස භික්ඛවෙ, උදයතො එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං අරුණග්ගං. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො සත්තන්නං බොජ්ඣඞ්ගානං උප්පාදාය එතං පුබ්බඞ්ගමං එතං පුබ්බනිමිත්තං යදිදං යොනිසොමනසිකාරො. යොනිසොමනසිකාරසම්පන්නස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙස්සති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරිස්සතීති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොති? ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු යොනිසොමනසිකාරසම්පන්නො සත්ත බොජ්ඣඞ්ගෙ භාවෙති, සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොතීති.
Sinhala BJT559. මහණෙනි, යම් මේ අරුණ නැගීමෙක් වේ ද උදාවන හිරුට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, එසෙයින් ම යම් මේ යෝනිසෝමනසිකාරයෙක් වේ ද, මහණහට සත් බොජඟ ඉපදීමට මෙය පෙරටු ය, මෙය පෙරනිමිත්ත ය. මහණෙනි, සත් බොජඟ වඩන්නේය, සත් බොජඟ බහුල කරන්නේ ය යන මෙය යෝනිසෝමනසිකාරයෙන් යුත් මහණහු විසින් කැමති විය යුතු. මහණෙනි, කෙසේ නම් යෝනිසෝමනසිකාරයෙන් යුත් මහණ තෙමේ සත්බොජඟ වඩා ද සත් බොජඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙ මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි.මහණෙනි, යෝනිසෝමනසිකාරයෙන් යුත් මහණ තෙමේ මෙසේ සත් බොජඟ වඩයි. සත් බොජඟ බහුල කෙරේ යි.
Pali BJT2. 2. 4.
Sinhala BJT2. 2. 4.
Pali BJTගිලානසුත්තං
Sinhala BJTගිලාන සූත්‍රය
Pali BJT560. එවං මෙ සුතං. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාකස්සපො පිප්ඵලි{1}ගුහායං විහරති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාකස්සපො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං මහාකස්සපං එතදවොච: “කච්චි තෙ කස්සප, ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා? පටික්කමන්ති නො අභික්කමන්ති? පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති? ති න මෙ භන්තෙ, ඛමනීයං, න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමො”ති.
Sinhala BJT560. මවිසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි ඇවැත් මහසුප් තෙරණුවෝ රෝගී ව දුකට පැමිණ දැඩිගිලන් ව පිප්ඵලිගුහාවෙහි වැඩවෙසෙති. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටිසේක් ඇවැත් මහසුප් තෙරණුවන් වෙත එළඹිසේක. එළඹ පැනවූ අසුන්හි වැඩහුන්සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ ඇවත් මහසුප් තෙරණුවනට මෙය වදාළසේක: “කස්සපයෙනි, කිම තොපට ඉවසිය හැකි ද? කිම යැපිය හැකි ද? කිම දුක් වේදනාවෝ අඩු වෙද් ද? වැඩි නො වෙද් ද? මොවුන් ගේ අඩුවීමෙක් පෙනේ ද? වැඩිවීමෙක් නො පෙනේ දැ?” යි. “වහන්ස, මට ඉවසිය නො හැකි ය, යැපිය නො හැකිය. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්, අඩු නො වෙත්, ඔවුන්ගේ වැඩි වීම පෙනේ. අඩු වීම නො පෙනේ” යි.
Pali BJT“සත්තිමෙ කස්සප බොජ්ඣඞ්ගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො ඛො කස්සප, මයා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො. අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො ඛො කස්සප, මයා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො. අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. විරියසම්බොජ්ඣඞ්ගො ඛො කස්සප, මයා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො. අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. පීතිසම්බොජ්ඣඞ්ගො ඛො කස්සප, මයා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො. අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො ඛො කස්සප, මයා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො. අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. සමාධිසම්බොජ්ඣඞ්ගො ඛො කස්සප, මයා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො. අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. උපෙඛාසම්බොජ්ඣඞ්ගො ඛො කස්සප, මයා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. ඉමෙ ඛො කස්සප, සත්ත බොජ්ඣඞ්ගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තීති.
Sinhala BJTකස්සපයෙනි, මේ සත් බොජඟ කෙනෙක් මවිසින් මැනෙවින් පවසන ලදහු වඩන ලදහු බහුල කරන ලදහු වෙසෙසින් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතිත්. කවර සතෙක් ද? යත්: කස්සපයෙනි, සතිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනෙවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, ධම්මවිජයසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, විරියසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ, බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, පීතිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනෙවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, සමාධිසම්බොජ්ඣඞ්ගය මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, උපේඛාසම්බොජ්ඣඞ්ගය, මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. කස්සපයෙනි, මේ සත්ත බොජ්ඣඞ්ගයෝ මවිසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතිත්.” යි.
Pali BJTතග්ඝ භගව,{2} බොජ්ඣඞ්ගා, තග්ඝ සුගත, බොජ්ඣඞ්ගාති.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තයහ. සුගතයන් වහන්ස, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තයහ” යි.
Pali BJTඉදමවොච භගවා. අත්තමනො ආයස්මා මහාකස්සපො භගවතො භාසිතං අභිනන්දි. වුට්ඨාහි{3} චායස්මා මහාකස්සපො තම්හා ආබාධා. තථා පහීනො ච ආයස්මතො මහාකස්සපස්ස සො ආබාධො අහොසීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඇවැත් මහසුප් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව සතුටින් පිළිගත්හ. ඇවැත් මහසුප් තෙරණුවෝ ඒ ආබාධයෙන් ද නැගී සිටියහ. ඇවැත් මහසුප් තෙරණුවන්ගේ ඒ ආබාධය එසේ පහවූයේ ම විය.
Pali BJT2. 2. 5.
Sinhala BJT2. 2. 5.
Pali BJTදුතිය ගිලානසුත්තං
Sinhala BJTදුතිය ගිලාන සූත්‍රය
Pali BJT561. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන ආයස්මා මහාමොග්ගල්ලානො ගිජ්ඣකූටෙ පබ්බතෙ විහරති ආබාධිකො දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො භගවා සායන්හසමයං පටිසල්ලානා වුට්ඨිතො යෙනායස්මා මහාමොග්ගල්ලානො තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා පඤ්ඤත්තෙ ආසනෙ නිසීදි. නිසජ්ජ ඛො භගවා ආයස්මන්තං මහාමොග්ගල්ලානං එතදවොච: කච්චි තෙ මොග්ගල්ලාන, ඛමනීයං? කච්චි යාපනීයං? කච්චි දුක්ඛා වෙදනා පටික්කමන්ති, නො අභික්කමන්ති? පටික්කමොසානං පඤ්ඤායති නො අභික්කමොති? න මෙ භන්තෙ ඛමනීයං න යාපනීයං. බාළ්හා මෙ දුක්ඛා වෙදනා අභික්කමන්ති, නො පටික්කමන්ති. අභික්කමොසානං පඤ්ඤායති, නො පටික්කමොති.
Sinhala BJT561. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වූ වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මහමුගලන් තෙරණුවෝ රෝගී ව හටගත් දුක් ඇති ව දැඩි ගිලන් ව ගිජිකුළුපව්වෙහි වැඩවෙසෙති. එකල්හි භාග්‍යවතුන් වහන්සේ සවස් කල පලසමවතින් නැගී සිටිසේක් ආයුෂ්මත් මහමුගලන් තෙරණුන් වෙත එළඹි සේක. එළඹ පැනවූ අස්නෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහමුගලන් තෙරණුවනට මෙය වදාළ සේක. “මොග්ගල්ලානයෙනි, කිම තොපට ඉවසිය හැකි ද? කීම? යැපිය හැකි ද? කිම දුක්වේදනාවෝ අඩු වෙද්ද? වැඩි නො වෙද්ද? මොවුන්ගේ අඩුවීම පෙනේ ද? වැඩිවීමෙක් නො පෙනේ ද?” යි. “වහන්ස, මට ඉවසිය නො හැක්ක. යැපිය නො හැක්ක. මාගේ දැඩි දුක් වේදනාවෝ වැඩි වෙත්. අඩු නො වෙත්. මොවුන්ගේ වැඩිවීම පෙනේ. අඩුවීමෙක් නො පෙනේ” යි.
Pali BJTසත්තිමෙ මොග්ගල්ලාන, බොජ්ඣඞ්ගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො ඛො මොග්ගල්ලාන, මයා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො ඛො මොග්ගල්ලාන, මයා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. ඉමෙ ඛො මොග්ගල්ලාන, සත්ත බොජ්ඣඞ්ගා මයා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තීති.
Sinhala BJT“මොග්ගල්ලානයෙනි, මේ සත් බොජඟ කෙනෙක් මවිසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: මුගලන, සිහිසම්බොජඟ මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතී ... මුගලන, උපේසම්බොජඟ මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. මුගලන, මේ සත් බොජඟ මවිසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතී” යි.
Pali BJTතග්ඝ භගව, බොජ්ඣඞ්ගා තග්ඝ සුගත, බොජ්ඣඞ්ගාති.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්ස, සත් බොජඟ ඒකාන්තය, සුගතයන් වහන්ස, සත් බොජඟ ඒකාන්ත ය” යි.
Pali BJT“ඉදමවොච භගවා. අත්තමනො ආයස්මා මහාමොග්ගල්ලානො භගවතො භාසිතං අභිනන්දි. වුට්ඨාහි චායස්මා මහාමොග්ගල්ලානො තම්හා ආබාධා. තථා පහීනො චායස්මතො මහාමොග්ගල්ලානස්ස සො ආබාධො අහොසීති.
Sinhala BJTභාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටුසිත් ඇති ඇවැත් මහමුගලන් තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව සතුටින් පිළිගත්හ. ඇවැත් මහමුගලන් තෙරණුවෝ ද ඒ ආබාධයෙන් නැගී සිටියහ. ඇවැත් මහමුගලන් තෙරණුවන් ගේ ඒ ආබාධය එසේ පහවූයේ ම වී ය.
Pali BJT2. 2. 6.
Sinhala BJT2. 2. 6.
Pali BJTතතිය ගිලානසුත්තං
Sinhala BJTතතිය ගිලාන සූත්‍රය
Pali BJT562. එකං සමයං භගවා රාජගහෙ විහරති වෙළුවනෙ කලන්දකනිවාපෙ. තෙන ඛො පන සමයෙන භගවා ආබාධිකො හොති දුක්ඛිතො බාළ්හගිලානො. අථ ඛො ආයස්මා මහාචුන්දො යෙන භගවා තෙනුපසඞ්කමි, උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නං ඛො ආයස්මන්තං මහාචුන්දං භගවා එතදවොච:
Sinhala BJT562. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දකනිවාප නම් වේළුවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ හටගත් ආබාධ ඇතිසේක් දුක් ඇතිසේක් දැඩි ගිලන් වූ සේක් වෙති. එකල්හි ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පස්ව හුන්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවනට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක:
Pali BJTපටිභන්තු තං චුන්ද, බොජ්ඣඞ්ගාති. සත්තිමෙ භන්තෙ, බොජ්ඣඞ්ගා භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො ඛො භන්තෙ, භගවතා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො ඛො භන්තෙ, භගවතා සම්මදක්ඛාතො භාවිතො බහුලීකතො අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තති. ඉමෙ ඛො භන්තෙ, සත්ත බොජ්ඣඞ්ගා භගවතා සම්මදක්ඛාතා භාවිතා බහුලීකතා අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තීති.
Sinhala BJT“චුන්‍දයෙනි, තොපට බොජ්ඣඞ්ගයෝ වැටහෙත්වා” යි. “වහන්ස, මේ සත්තබොජ්ඣඞ්ග කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතිත්. කවර සතෙක් ද? යත්: වහන්ස, සතිසම්බොජ්ඣඞ්ගය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී ... වහන්ස, උපේඛාසම්බොජ්ඣඞ්ගය භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දේ වඩන ලද්දේ බහුල කරන ලද්දේ වෙසෙස් දැනුම පිණිස මනා අවබෝධය පිණිස නිවන පිණිස පවතී. වහන්ස, මේ සත් බොජ්ඣඞ්ගයෝ භාග්‍යවතුන් වහන්සේ විසින් මැනවින් පවසන ලද්දාහු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු වෙසෙස් දැනුම පිණිස මනාඅවබෝධය පිණිස නිවන පිණිස පවතිත්” යි.
Pali BJTතග්ඝ චුන්ද, බොජ්ඣඞ්ගා තග්ඝ චුන්ද, බොජ්ඣඞ්ගාති.
Sinhala BJT“චුන්‍දයෙනි, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තහ. චුන්‍දයෙනි, බොජ්ඣඞ්ගයෝ ඒකාන්තහ” යි.
Pali BJTඉදමවොචායස්මා මහාචුන්දො, සමනුඤ්ඤො සත්ථා අහොසි. වුට්ඨාහි ච භගවා තම්හා ආබාධා. තථා පහීනො ච භගවතො සො ආබාධො අහොසීති.
Sinhala BJTආයුෂ්මත් මහාචුන්‍ද තෙරණුවෝ මෙය වදාළහ: ශාස්තෲන් වහන්සේ පිළිගත්සෙක් වූහ. භාග්‍යවතුන් වහන්සේ ඒ ආබාධයෙන් නැගී සිටි සේක. භාග්‍යවතුන් වහන්සේගේ ඒ ආබාධය එසේ පහවූයේ ම වී ය.
Pali BJT2. 2. 7.
Sinhala BJT2. 2. 7.
Pali BJTඅපාරසුත්තං
Sinhala BJTඅපාර සූත්‍රය
Pali BJT563. සත්තිමෙ භික්ඛවෙ, බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත්තන්ති. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ ඛො භික්ඛවෙ, සත්තබොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා අපාරා පාරං ගමනාය සංවත්තන්තීති. ඉදමවොච -පෙ- සත්ථා.
Sinhala BJT563. මහණෙනි, මේ සත් බොජඟ කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිත්. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය … උපේඛාබොජ්ඣඞ්ග යි. මහණෙනි, මේ සත්බොජඟ දහම්හු වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු මෙතෙරින් එතෙරට යෑම පිණිස පවතිති යි. මෙය වදාළ සේක ... ශාස්තෲන් වහන්සේ:
Pali BJT1. අප්පකා තෙ මනුස්සෙසු, යෙ ජනා පාරගාමිනො, අථායං ඉතරා පජා තීරමෙවානුධාවති.
Sinhala BJT1. “යම් ජනකෙනෙක් පරතෙරට යනසුලු වෙද්ද මිනිසුන් අතර ඔහු අල්පය. වැඩි මේ ඉතිරි ප්‍රජාව ඉවුර අනුවම (-සසරෙහිම) දුවයි.
Pali BJT2. යෙ ච ඛො සම්මදක්ඛාතෙ ධම්මෙ ධම්මානුවත්තිනො, තෙ ජනා පාරමෙස්සන්ති මච්චුධෙය්යං සුදුත්තරං.
Sinhala BJT2. යම් කෙනෙකුත් මොනවට වදහළ දහම්හි දහම් අනුව පවතිනසුලු වෙද්ද ඒ ජනයෝ සුදුස්තර වූ මාරධෙයය (-සසර) හැර පරතෙරට යන්නාහ.
Pali BJT3. කණ්හං ධම්මං විප්පහාය සුක්කං භාවෙථ පණ්ඩිතො, ඔකා අනොකං ආගම්ම{1} විවෙකෙ යත්ථ දූරමං.
Sinhala BJT3-4. පණ්ඩිත තෙමේ අකුසල් දහම් දුරු කොට කුසල් දහම් වඩන්නේ ය. නිවන ඇරබ සසරින් කාමයන් අත්හැර පලිබෝධ නැති ව යම් විවේකයෙක දුෂ්කරසේ ඇලිය යුතු නම් එහි ඇලීම කැමති වන්නේ ය. පණ්ඩිත තෙමේ කෙලෙසුන්ගෙන් සිත පිරිසිදු කරන්නේ ය.
Pali BJT4. තත්රාභිරතිමිච්ඡෙය්ය හිත්වා කාමෙ අකිඤ්චනො, පරියොදපෙය්ය අත්තානං චිත්තක්ලෙසෙහි පණ්ඩිතො.
Sinhala BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Pali BJT5. යෙසං සම්බොධිඅඞ්ගෙසු{2} සම්මා චිත්තං සුභාවිතං, ආදානපටිනිස්සග්ගෙ අනුපාදාය යෙ රතා. ඛීණාසවා ජුතිමන්තො තෙ ලොකෙ පරිනිබ්බුතාති.
Sinhala BJT5. යම් කෙනෙකුන්ගේ සිත බොජ්ඣඞ්ගයන්හි මැනැවින් වඩන ලද ද, යම් කෙනෙක් උපාදාන රහිත ව නිවනෙහි ඇලුණාහු ද ලොව්හි බැබළීම් ඇති ඒ රහත්හු පිරිනිවියාහු යි.
Pali BJT2. 2. 8.
Sinhala BJT2. 2. 8.
Pali BJTආරද්ධසුත්තං
Sinhala BJTආරද්ධ සූත්‍රය
Pali BJT564. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා විරද්ධා විරද්ධො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමී. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා ආරද්ධා ආරද්ධො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමී. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො යෙසං කෙසඤ්චි භික්ඛවෙ, ඉමෙ සත්ත බොජ්ඣඞ්ගා විරද්ධා. විරද්ධො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමී. යෙසං කෙසඤ්චි භික්ඛවෙ, ඉමෙ සත්ත බොජ්ඣඞ්ගා ආරද්ධා, ආරද්ධො තෙසං අරියො මග්ගො සම්මා දුක්ඛක්ඛයගාමීති.
Sinhala BJT564. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සත් බොජ්ඣඞ්ගයෝ වරදනලද නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය වරදන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් සත් බොජ්ඣඞ්ගයෝ අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය අරඹන ලද්දේ ය. කවර සතෙක් ද? යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් මේ සත් බොජ්ඣඞ්ගයෝ වරදන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය වරදන ලද්දේ ය. මහණෙනි, යම් කිසි කෙනකුන් විසින් මේ සත් බොජ්ඣඞ්ගයෝ අරඹන ලද්දාහු නම් ඔවුන් විසින් මැනවින් දුක් ගෙවීමට යන ආර්‍ය්‍යමාර්‍ගය අරඹන ලද්දේ යි.
Pali BJT2. 2. 9.
Sinhala BJT2. 2. 9.
Pali BJTඅරියසුත්තං
Sinhala BJTඅරිය සූත්‍රය
Pali BJT565. සත්තිමෙ භික්ඛවෙ, බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා අරියා නිය්යානිකා නීයන්ති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයාය. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා අරියා නිය්යානිකා නීයන්ති තක්කරස්ස සම්මා දුක්ඛක්ඛයායාති.
Sinhala BJT565. මහණෙනි, ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ (නිවන කරා පමුණුවන) මේ සත් බොජඟ කෙනෙක් වඩන ලදහු බහුල කරන ලදහු ඒ අනුව පිළිපදින්නහු මැනවින් දුක් ගෙවීමට පමුණුවත්. කවර සතෙක් ද යත්: සිහිබොජඟ … උපේසම්බොජඟ යි. මහණෙනි, ආර්‍ය වූ නෛර්‍ය්‍යාණික වූ මේ සත් බොජ්ඣඞ්ගයෝ වඩන ලදහු බහුල කරන ලදහු ඒ අනුව පිළිපදින්නහු මැනවින් දුක් ගෙවීමට පමුණුවති යි.
Pali BJT2. 2. 10.
Sinhala BJT2. 2. 10.
Pali BJTනිබ්බිදාසුත්තං
Sinhala BJTනිබ්බිදා සූත්‍රය
Pali BJT566. සත්තිමෙ භික්ඛවෙ, බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්ති. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා එකන්තනිබ්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ්ඤාය සම්බොධාය නිබ්බානාය සංවත්තන්තීති.
Sinhala BJT566. මහණෙනි, මේ සත්බොජ්ඣඞ්ග කෙනෙක් වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස විශිෂ්ට ඥානය පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවතිත්. කවර සතෙක්ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය … උපේඛාසම්බොජ්ඣඞ්ගයයි. මහණෙනි, මේ සත් බොජ්ඣඞ්ගයෝ වඩන ලද්දාහු බහුල කරන ලද්දාහු ඒකාන්ත නිර්වේදය පිණිස විරාගය පිණිස නිරෝධය පිණිස ව්‍යුපශමය පිණිස විශිෂ්ට ඥානය පිණිස සම්බෝධිය පිණිස නිර්‍වාණය පිණිස පවතිත් යි.
Pali BJTගිලානවග්ගො දුතියො.
Sinhala BJTදෙවෙනි ගිලානවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTපාණො ද්වෙ සුරියූපමෙ ගිලානා අපරෙ තයො,අපාරමාරද්ධොති ච අරියො නිබ්බිදාය චාති.
Sinhala BJTපාණසූත්‍රය ද සුරියූපම සූත්‍ර දෙක ද අනෙක් ගිලාන සූත්‍ර තුන ද අපාර, ආරද්ධ, අරිය, නිබ්බිදා සූත්‍ර සතර දැ යි දශ සූත්‍ර කෙනෙකි යි.
Pali BJT3. උදායිවග්ගො
Sinhala BJT3. උදායි වර්‍ගය
Pali BJT2. 3. 1.
Sinhala BJT2. 3. 1.
Pali BJTබොධායසුත්තං
Sinhala BJTබෝධාය සූත්‍රය
Pali BJT567. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවන්තං අභිවාදෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: “බොජ්ඣඞ්ගා බොජ්ඣඞ්ගාති” භන්තෙ, වුච්චන්ති. කිත්තාවතා නු ඛො භන්තෙ, බොජ්ඣඞ්ගාති වුච්චන්තීති. බොධාය{1} සංවත්තන්තීති ඛො භික්ඛු තස්මා බොජ්ඣඞ්ගාති වුච්චන්ති. ඉධ භික්ඛු{2} භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. බොධාය සංවත්තන්තීති ඛො භික්ඛු තස්මා බොජ්ඣඞ්ගාති වුච්චන්තීති.
Sinhala BJT567. ඉක්බිති එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ කරා එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: “වහන්ස, බොජ්ඣඞ්ගයෝ යැ බොජ්ඣඞ්ගයෝයැ යි කියනු ලැබෙත්. වහන්ස, කෙතෙකින් බොජ්ඣඞ්ගයෝ යි කියනු ලැබෙද්දැ” යි. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි. එහෙයින් බොජ්ඣඞ්ගයෝ යි කියනු ලැබෙත්. මහණ, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සතිසම්බොජ්ඣඞ්ගය වොස්සග්ගපරිණාමි කොට වඩ යි … උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩ යි. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි. එහෙයින් බොජ්ඣඞ්ගයෝ යි කියනු ලැබෙති යි.
Pali BJT2. 3. 2.
Sinhala BJT2. 3. 2.
Pali BJTදෙසනාසුත්තං
Sinhala BJTදේසනා සූත්‍රය
Pali BJT568. සත්තිමෙ{3} භික්ඛවෙ, බොජ්ඣඞ්ගෙ දෙසිස්සාමි, තං සුණාථ. කතමෙ ච භික්ඛවෙ, සත්තබොජ්ඣඞ්ගා: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො. ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගාති.
Sinhala BJT568. මහණෙනි, මේ සත් බොජඟ දේශනා කරමි. එය අසව. මහණෙනි, සත් බොජඟහු කවරහු ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණෙනි, මොහු සත් බොජඟ යි.
Pali BJT2. 3. 3.
Sinhala BJT2. 3. 3.
Pali BJTඨානසුත්තං
Sinhala BJTඨානි සූත්‍රය
Pali BJT569. කාමරාගට්ඨානියානං භික්ඛවෙ, ධම්මානං මනසිකාරබහුලීකාරා අනුප්පන්නො චෙව කාමච්ඡන්දො උප්පජ්ජති, උප්පන්නො ච කාමච්ඡන්දො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. බ්යාපාදට්ඨානියානං භික්ඛවෙ, මනසිකාරබහුලීකාරා අනුප්පන්නො චෙව බ්යාපාදො උප්පජ්ජති, උප්පන්නො ච බ්යාපාදො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. ථිනමිද්ධට්ඨානියානං භික්ඛවෙ, ධම්මානං මනසිකාරබහුලීකාරා අනුප්පන්නඤ්චෙව ථිනමිද්ධං උප්පජ්ජති, උප්පන්නඤ්ච ථිනමිද්ධං භිය්යොභාවාය වෙපුල්ලායං සංවත්තති. උද්ධච්චකුක්කුච්චට්ඨානියානං භික්ඛවෙ, ධම්මානං මනසිකාරබහුලීකාරා අනුප්පන්නඤ්චෙව උද්ධච්චකුක්කුච්චං උප්පජ්ජති, උප්පන්නඤ්ච උද්ධච්චකුක්කුච්චං භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. විචිකිච්ඡාඨානියානං භික්ඛවෙ, ධම්මානං මනසිකාරබහුලීකාරා අනුප්පන්නා චෙව විචිකිච්ඡා උප්පජ්ජති, උප්පන්නා ච විචිකිච්ඡා භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති.
Sinhala BJT569. මහණෙනි, කාමරාගයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් කාමච්ඡන්‍දයත් උපදී. උපන් කාමච්ඡන්‍දයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. මහණෙනි, ව්‍යාපාදයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් ව්‍යාපාදයත් උපදී. උපන් ව්‍යාපාදයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. මහණෙනි, ථීනමිද්ධයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් ථීනමිද්ධයත් උපදී. උපන් ථීනමිද්ධයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. මහණෙනි, උද්ධච්චකුක්කුච්චයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. මහණෙනි, විචිකිච්ඡාවට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් විචිකිච්ඡාවත් උපදී. උපන් විචිකිච්ඡාවත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී.
Pali BJTසතිසම්බොජ්ඣඞ්ගට්ඨානියානං භික්ඛවෙ, ධම්මානං මනසිකාරබහුලීකාරා අනුප්පන්නො චෙව සතිසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති, උප්පන්නො ච සතිසම්බොජ්ඣඞ්ගො භාවනාපාරිපූරිං ගච්ඡති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගට්ඨානියානං භික්ඛවෙ, ධම්මානං මනසිකාරබහුලීකාරා අනුප්පන්නො චෙව උපෙඛාසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති, උප්පන්නො ච උපෙඛාසම්බොජ්ඣඞ්ගො භාවනාපාරිපූරිං ගච්ඡතීති.
Sinhala BJTමහණෙනි, සතිසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් සතිසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් සතිසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යේ … මහණෙනි, උපෙඛාසම්බොජ්ඣඞ්ගයට කරුණු වූ දහම් මෙනෙහි කිරීම බහුල කිරීමෙන් නූපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යේ යි.
Pali BJT2. 3. 4.
Sinhala BJT2. 3. 4.
Pali BJTයොනිසොසුත්තං
Sinhala BJTයෝනිසෝ සූත්‍රය
Pali BJT570. අයොනිසො භික්ඛවෙ, මනසිකරොතො අනුප්පන්නො චෙව කාමච්ඡන්දො උප්පජ්ජති, උප්පන්නො ච කාමච්ඡන්දො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති, අනුප්පන්නො චෙව ව්යාපාදො උප්පජ්ජති, උප්පන්නො ච ව්යාපාදො භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අනුප්පන්නඤ්චෙව ථිනමිද්ධං උප්පජ්ජති, උප්පන්නඤ්ච ථිනමිද්ධං භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අනුප්පන්නඤ්චෙව උද්ධච්චකුක්කුච්චං උප්පජ්ජති, උප්පන්නඤ්චෙව උද්ධච්චකුක්කුච්චං භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අනුප්පන්නා චෙව විචිකිච්ඡා උප්පජ්ජති, උප්පන්නා ච විචිකිච්ඡා භිය්යොභාවාය වෙපුල්ලාය සංවත්තති. අනුප්පන්නො ච සතිසම්බොජ්ඣඞ්ගො නුප්පජ්ජති, උප්පන්නො ච සතිසම්බොජ්ඣඞ්ගො නිරුජ්ඣති -පෙ- අනුප්පන්නො ච උපෙඛාසම්බොජ්ඣඞ්ගො නුප්පජ්ජති, උප්පන්නො ච උපෙඛාසම්බොජ්ඣඞ්ගො නිරුජ්ඣති.
Sinhala BJT570. මහණෙනි, නුනුවණින් මෙනෙහි කරන්නහුට නූපන් කාමච්ඡන්‍දයත් උපදී. උපන් කාමච්ඡන්‍දයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් ව්‍යාපාදයත් උපදී. උපන් ව්‍යාපාදයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් ථීනමිද්ධයත් උපදී. උපන් ථීනමිද්ධයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් උද්ධච්චකුක්කුච්චයත් උපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් විචිකිච්ඡාවත් උපදී. උපන් විචිකිච්ඡාවත් බොහෝ බව පිණිස විපුලත්‍වය පිණිස පවතී. නූපන් සතිසම්බොජ්ඣඞ්ගය නූපදී. උපන් සතිසම්බොජ්ඣඞ්ගයත් නිරුද්ධ වෙයි ... නූපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් නූපදී. උපන් උපෙඛාසම්බොජ්ඣඞ්ගයත් නිරුද්ධ වෙයි.
Pali BJTයොනිසො භික්ඛවෙ, මනසිකරොතො අනුප්පන්නො චෙව කාමච්ඡන්දො නුප්පජ්ජති, උප්පන්නො ච කාමච්ඡන්දො පහීයති. අනුප්පන්නො චෙව ව්යාපාදො නුප්පජ්ජති, උප්පන්නො ච ව්යාපාදො පහීයති. අනුප්පන්නඤ්චෙව ථිනමිද්ධං නූප්පජ්ජති, උප්පන්නඤ්ච ථිනමිද්ධං පහීයති. අනුප්පන්නඤ්චෙව උද්ධච්චකුක්කුච්චං නූප්පජ්ජති, උප්පන්නඤ්ච උද්ධච්චකුක්කුච්චං පහීයති. අනුප්පන්නං චෙව විචිකිච්ඡා නූප්පජ්ජති, උප්පන්නා ච විචිකිච්ඡා පහීයති. අනුප්පන්නො ච සතිසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති, උප්පන්නො ච සතිසම්බොජ්ඣඞ්ගො භාවනාපාරිපූරිං ගච්ඡති -පෙ- අනුප්පන්නො ච උපෙඛාසම්බොජ්ඣඞ්ගො උප්පජ්ජති, උප්පන්නො ච උපෙඛාසම්බොජ්ඣඞ්ගො භාවනාපාරිපූරිං ගච්ඡතීති.
Sinhala BJTමහණෙනි, නුවණින් මෙනෙහි කරන්නහුට නූපන් කාමච්චන්‍දයත් නූපදී. උපන් කාමච්චන්‍දයත් ප්‍රහීණ වෙයි. නූපන් ව්‍යාපාදයත් නූපදී. උපන් ව්‍යාපාදයත් ප්‍රහීණ වෙයි. නූපන් ථීනමිද්ධයත් නූපදී. උපන් ථීනමිද්ධයත් ප්‍රහීණ වෙයි. නූපන් උද්ධච්චකුක්කුච්චයත් නූපදී. උපන් උද්ධච්චකුක්කුච්චයත් ප්‍රහීණ වෙයි. නූපන් විචිකිච්ඡාවත් නූපදී. උපන් විචිකිච්ඡාවත් ප්‍රහීණ වෙයි. නූපන් සතිසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් සතිසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යෙයි ... නූපන් උපේඛාසම්බොජ්ඣඞ්ගයත් උපදී. උපන් උපේඛාසම්බොජ්ඣඞ්ගයත් වැඩීමෙන් පිරීමට යේ යි.
Pali BJT2. 3. 5.
Sinhala BJT2. 3. 5.
Pali BJTඅපරිහානියසුත්තං
Sinhala BJTඅපරිහානිය සූත්‍රය
Pali BJT571. සත්ත වො භික්ඛවෙ, අපරිහානියෙ ධම්මෙ දෙසිස්සාමි, තං සුණාථ. කතමෙ ච භික්ඛවෙ, සත්ත අපරිහානියා ධම්මා: යදිදං සත්ත බොජ්ඣඞ්ගා. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත අපරිහානියා ධම්මාති.
Sinhala BJT571. මහණෙනි, සත්අපරිහානිය (නො පිරිහීමට කරුණු වූ) දහම් තොපට දේශනා කරන්නෙමි. එය අසවු. මහණෙනි, සත්අපරිහානිය දහම් කවරහු ද යත්: මේ සත්තබොජ්ඣඞ්ගයෝ යි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ය ... උපේඛාසම්බොජ්ඣඞ්ගය ය යි. මහණෙනි, මොහු සත්අපරිහානිය දහම්හු යි.
Pali BJT2. 3. 6.
Sinhala BJT2. 3. 6.
Pali BJTඛයසුත්තං
Sinhala BJTඛය සූත්‍රය
Pali BJT572. යො භික්ඛවෙ, මග්ගො යා පටිපදා තණ්හක්ඛයාය සංවත්තති{1}, තං මග්ගං තං පටිපදං භාවෙථ. කතමො ච භික්ඛවෙ, මග්ගො කතමා ච පටිපදා තණ්හක්ඛයාය සංවත්තති: යදිදං සත්තබොජ්ඣඞ්ගා. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගොති. එවං වුත්තෙ ආයස්මා උදායී භගවන්තං එතදවොච: කථං භාවිතා නු ඛො භන්තෙ, සත්ත බොජ්ඣඞ්ගා කථං බහුලීකතා තණ්හක්ඛයාය සංවත්තන්තීති.
Sinhala BJT572. මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් තෘෂ්ණාක්‍ෂයය පිණිස පවතී නම් ඒ මඟ ඒ පිළිවෙත වඩවු. මහණෙනි, කවර මඟෙක් කවර පිළිවෙතක් තෘෂ්ණාක්‍ෂයය පිණිස පවතී ද: මේ සත්තබොජ්ඣඞ්ගයෝ යි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකළේ ය. “වහන්ස, සත්බොජ්ඣඞ්ගයෝ කෙසේ වඩන ලද්දාහු කෙසේ බහුල කරන ලද්දාහු තෘෂ්ණාක්‍ෂයය පිණිස පවතිද්දෝ යි.
Pali BJTඉධූදායි, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං විපුලං{2} මහග්ගතං අප්පමාණං අබ්යාපජ්ඣං. තස්ස සතිසම්බොජ්ඣඞ්ගං භාවයතො විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං විපුලං මහග්ගතං අප්පමාණං අබ්යාපජ්ජං. තණ්හා පහීයති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං විපුලං මහග්ගතං අප්පමාණං අබ්යාපජ්ජං. තස්ස උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවයතො විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං විපුලං මහග්ගතං අප්පමාණං අබ්යාපජ්ජං තණ්හා පහීයති. තණ්හාය පහානා කම්මං පහීයති. කම්මස්ස පහානා දුක්ඛං පහීයති. ඉති ඛො උදායි, තණ්හක්ඛයා කම්මක්ඛයො, කම්මක්ඛයා දුක්ඛක්ඛයොති.
Sinhala BJTඋදායි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට පැතුරුණක් මහත් බවට පැමිණියක් අප්‍රමාණ වූවක් නිදුක් වූවක් කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අබ්‍යාපජ්ඣ කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩන ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වෙයි ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්පමාණ අබ්‍යාපජ්ඣ කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අබ්‍යාපජ්ඣ කොට උපේඛාසම්බොජ්ඣඞ්ගය වඩන ඔහුගේ තෘෂ්ණාව ප්‍රහීණ වේ. තෘෂ්ණාව ප්‍රහීණ වීමෙන් කර්‍මය ප්‍රහීණ වේ. කර්‍මය ප්‍රහීණ වීමෙන් දුක ප්‍රහීණ වේ. උදායි, මෙසේ තෘෂ්ණාක්‍ෂයයෙන් කර්‍මක්‍ෂය වේ. කර්‍මක්‍ෂයයෙන් දුඃඛක්‍ෂය වේ යි.
Pali BJT2. 3. 7.
Sinhala BJT2. 3. 7.
Pali BJTනිරොධසුත්තං
Sinhala BJTනිරෝධ සූත්‍රය
Pali BJT573. යො භික්ඛවෙ, මග්ගො යා පටිපදා තණ්හානිරොධාය සංවත්තති, තං මග්ගං තං පටිපදං භාවෙථ. කතමො ච භික්ඛවෙ, මග්ගො කතමා පටිපදා තණ්හානිරොධාය සංවත්තති: යදිදං සත්ත බොජ්ඣඞ්ගා. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො. කථං භාවිතා ච භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා කථං බහුලීකතා තණ්හානිරොධාය සංවත්තන්ති: ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා එවං බහුලීකතා තණ්හානිරොධාය සංවත්තන්තීති.
Sinhala BJT573. මහණෙනි, යම් මඟෙක් යම් පිළිවෙතෙක් තෘෂ්ණානිරෝධය පිණිස පවතී නම් ඒ මඟ ඒ පිළිවෙත වඩවු. මහණෙනි, කවර මඟෙක් කවර පිළිවෙතෙක් තෘෂ්ණානිරෝධය පිණිස පවතී ද? මේ සත් බොජ්ඣඞ්ගයෝ යි, කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ග ය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි.මහණෙනි, සත් බොජ්ඣඞ්ගයෝ කෙසේ වඩන ලද්දාහු කෙසේ බහුල කරන ලද්දාහු තෘෂ්ණානිරෝධය පිණිස පවතිත් ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... උපේඛා සම්බොජ්ඣඞ්ගය වඩයි. මහණෙනි, සත් බොජ්ඣඞ්ගයෝ මෙසේ වඩන ලද්දාහු මෙසේ බහුල කරන ලද්දාහු තෘෂ්ණානිරෝධය පිණිස පවතිත් යි.
Pali BJT2. 3. 8.
Sinhala BJT2. 3. 8.
Pali BJTනිබ්බෙධසුත්තං
Sinhala BJTනිබ්බේධ සූත්‍රය
Pali BJT574. නිබ්බෙධභාගියං වො භික්ඛවෙ, මග්ගං දෙසිස්සාමි. තං සුණාථ. කතමො ච භික්ඛවෙ, නිබ්බෙධභාගියො මග්ගො යදිදං සත්ත බොජ්ඣඞ්ගා. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගොති. එවං වුත්තෙ ආයස්මා උදායී භගවන්තං එතදවොච: කථං භාවිතා නු ඛො භන්තෙ, සත්ත බොජ්ඣඞ්ගා කථං බහුලීකතා නිබ්බෙධාය සංවත්තන්තීති.
Sinhala BJT574. මහණෙනි, නිබ්බේධභාගිය (කෙලෙස් නැසීමට හිත) මාර්‍ගය තොපට දේශනා කරන්නෙමි, එය අසවු. මහණෙනි, නිබ්බේධභාගිය මාර්‍ගය කවරේ ද: මේ සත් බොජ්ඣඞ්ගයෝ යි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ග ය ... උපේඛාසම්බොජ්ඣඞ්ග යි. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් උදායි ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේ ය. “වහන්ස, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සත් බොජ්ඣඞ්ගයෝ කෙලෙස් නැසීම පිණිස පවතිද් දැ යි.”
Pali BJTඉධූදායි, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං විපුලං මහග්ගතං අප්පමාණං අබ්යාපජ්ඣං. සො සතිසම්බොජ්ඣඞ්ගං භාවිතෙන{1} චිත්තෙන අනිබ්බිද්ධපුබ්බං අප්පදාලිතපුබ්බං ලොභක්ඛන්ධං නිබ්බිජ්ඣති, පදාලෙති. අනිබ්බිද්ධපුබ්බං අප්පදාලිතපුබ්බං දොසක්ඛන්ධං නිබ්බිජ්ඣති පදාලෙති. අනිබ්බිද්ධපුබ්බං අප්පදාලිතපුබ්බං මොහක්ඛන්ධං නිබ්බිජ්ඣති පදාලෙති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං විපුලං මහග්ගතං අප්පමාණං අබ්යාපජ්ඣං. සො උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවිතෙන චිත්තෙන අනිබ්බිද්ධපුබ්බං අප්පදාලිතපුබ්බං ලොභක්ඛන්ධං නිබ්බිජ්ඣති පදාලෙති. අනිබ්බිද්ධපුබ්බං අප්පදාලිතපුබ්බං දොසක්ඛන්ධං නිබ්බිජ්ඣති පදාලෙති. අනිබ්බිද්ධපුබ්බං අප්පදාලිතපුබ්බං මොහක්ඛන්ධං නිබ්බිජ්ඣති පදාලෙති. එවං භාවිතා ඛො උදායි, සත්ත බොජ්ඣඞ්ගා එවං බහුලීකතා නිබ්බෙධාය{2} සංවත්තන්තීති.
Sinhala BJTඋදායි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සතිසම්බොජ්ඣඞ්ගය වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අඛ්‍යාපජ්ඣ කොට වඩයි. හෙතෙමේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් නොනැසුවිරූ නොපැලුවිරූ ලෝභසමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ ද්වේෂසමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ මෝහසමුහය නසයි, පලයි ... විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත උපේඛාසම්බොජ්ඣඞ්ගය වොස්සග්ගපරිණාමි කොට විපුල මහග්ගත අප්‍රමාණ අඛ්‍යාපජ්ඣ කොට වඩයි. හෙතෙමේ උපේඛාසම්බොජ්ඣඞ්ගය වැඩූ සිතින් නොනැසුවිරූ නොපැලුවිරූ ලෝභසමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ ද්වේෂ සමූහය නසයි, පලයි. නොනැසුවිරූ නොපැලුවිරූ මෝහසමූහය නසයි, පලයි. උදායි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජ්ඣඞ්ගයෝ කෙලෙස් නැසීම පිණිස පවතිත් යි.
Pali BJT2. 3. 9.
Sinhala BJT2. 3. 9.
Pali BJTඑකධම්මසුත්තං
Sinhala BJTඒකධම්ම සූත්‍රය
Pali BJT575. නාහං භික්ඛවෙ, අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යෙ{3} එවං භාවිතා බහුලීකතා{4} සංයොජනීයානං ධම්මානං පහානාය සංවත්තන්ති{5}. යථයිදං භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො. කථං භාවිතා ච භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා කථං බහුලීකතා සංයොජනීයානං ධම්මානං පහානාය සංවත්තන්ති. ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං භාවිතා ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා එවං බහුලීකතා සංයොජනීයානං ධම්මානං පහානාය සංවත්තන්ති. කතමෙ ච භික්ඛවෙ, සංයොජනියා ධම්මා: චක්ඛුං භික්ඛවෙ, සංයොජනියො ධම්මො. එත්ථෙතෙ උප්පජ්ජන්ති සංයොජනවිනිබද්ධා අජ්ඣොසානා. -පෙ- ජිව්හා සංයොජනියො ධම්මො. එත්ථෙතෙ උප්පජ්ජන්ති සංයොජනවිනිබද්ධා අජ්ඣොසානා. -පෙ- මනොසංයොජනියො ධම්මො. එත්ථෙතෙ උප්පජ්ජන්ති සංයොජනවිනිබද්ධා අජ්ඣොසානා. ඉමෙ වුච්චන්ති භික්ඛවෙ, සංයොජනියා ධම්මාති.
Sinhala BJT575. මහණෙනි, යම් දහම් කෙනෙක් මෙසේ වඩන ලදහු මෙසේ බහුල කරනු ලදහු සංයෝජනයන්ට කරුණු වූ දහම් ප්‍රහාණ පිණිස පවතිද්ද මහණෙනි, මේ සත්බොජඟ යම්බඳු නම් එබඳු එක් දහමකු දු මම නො ම දකිමි. කවර සතෙක් ද යත්: සිහිසම්බොජඟ ... උපේසම්බොජඟ යි. මහණෙනි, කෙසේ වඩන ලද කෙසේ බහුල කරන ලද සත්බොජඟ සංයෝජනයන් ට කරුණු වූ දහම් ප්‍රහාණ පිණිස පවතී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත සිහිසම්බොජඟ වොස්සග්ගපරිණාමි කොට වඩයි ... උපේසම්බොජඟ වඩයි. මහණෙනි, මෙසේ වඩන ලද මෙසේ බහුල කරන ලද සත් බොජඟ සංයෝජනයන් ට කරුණු වූ දහම් ප්‍රහාණ පිණිස පවතී. මහණෙනි, සංයෝජනයන් ට කරුණු වූ දහම් කවරහු ද යත්: මහණෙනි, ඇස සංයෝජනයන් ට කරුණු වූ දහමෙකි. මෙහි තෙල සංයෝජනයන් විසින් බඳනාලද අධ්‍යවසානයෝ (බැසගැනීම්) උපදනාහ ... දිව සංයෝජනයන්ට කරුණු වූ දහමෙකි. මෙහි තෙල සංයෝජනයන් විසින් බඳනාලද අධ්‍යවසානයෝ (බැසගැනීම්) උපදනාහ ... සිත සංයෝජනයන්ට කරුණු වූ දහමෙකි.මෙහි තෙල සංයෝජනයන් විසින් බඳනාලද අධ්‍යවසානයෝ (බැසගැනීම්) උපදනාහ. මහණෙනි, මොහු සංයෝජනයන්ට කරුණු වූ දහම්හු යි කියනු ලැබෙත් යි.
Pali BJT2. 3. 10.
Sinhala BJT2. 3. 10.
Pali BJTඋදායීසුත්තං
Sinhala BJTඋදායි සූත්‍රය
Pali BJT576. එකං සමයං භගවා සුම්භෙසු විහරති සෙතකං{1} නාම සුම්භානං නිගමො. අථඛො ආයස්මා උදායී යෙන භගවා තෙනුපසඞ්කමි. -පෙ- එකමන්තං නිසින්නො ඛො ආයස්මා උදායී භගවන්තං එතදවොච: අච්ඡරියං භන්තෙ, අබ්භුතං භන්තෙ, යාව බහුකතං ච{2} මෙ භන්තෙ, භගවති පෙමං ච ගාරවො ච හිරි ච ඔත්තප්පඤ්ච. අහං හි භන්තෙ, පුබ්බෙ අගාරිකභූතො සමානො අබහුකතො අහොසිං ධම්මෙන. අබහුකතො සඞ්ඝෙන. සො ඛ්වාහං භන්තෙ, භගවති පෙමං ච ගාරවං ච හිරිං{3} ච ඔත්තප්පඤ්ච සම්පස්සමානො අගාරස්මා අනගාරියං පබ්බජිං{4}. තස්ස මෙ භගවා ධම්මං දෙසෙසි: “ඉති රූපං, ඉති රූපස්ස සමුදයො, ඉති රූපස්ස අත්ථගමො, ඉති වෙදනා -පෙ- ඉති සඤ්ඤා -පෙ- ඉති සඞ්ඛාරා -පෙ- ඉති විඤ්ඤාණං, ඉති විඤ්ඤාණස්ස සමුදයො, ඉති විඤ්ඤාණස්ස අත්ථගමො”ති.
Sinhala BJT576. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සුමන දනව්වෙහි ශෙවතක නම් සුම්හයන්ගේ නියම්ගම්හි වැඩවසන සේක. එකල්හි ආයුෂ්මත් උදායී ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස් ව හුන් ආයුෂ්මත් උදායී ස්ථවිර භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේ ය: වහන්ස, අසිරියෙකි. වහන්ස, පුදුමයෙකි. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි වූ මාගේ ප්‍රේමයත් ගෞරවයත් හිරිඔතප් දෙකත් කෙතෙක් බුහුමන් කරන ලද ද, වහන්ස, මම පෙර ගිහි වූයෙම් ම දහමින් බුහුමන් නො කරන ලද්දෙම් වීමි. සඟන විසින් බුහුමන් නො කරන ලද්දෙම් වීමි. වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ප්‍රේමයත් ගෞරවයත් හිරිඔතප් දෙකත් දකිමින් ගිහිගෙන් නික්ම සස්නෙහි පැවිදිවීමි. ඒ මට භාග්‍යවතුන් වහන්සේ “රූපය මෙසේ ය, රූපයේ හටගැන්ම මෙසේ ය, රූපයේ අස්තඞ්ගමය මෙසේ ය, වේදනාව මෙසේ ය ... සංඥාව මෙසේ ය ... සංස්කාරයෝ මෙසේ ය ... විඥානය මෙසේ ය ... විඥානයේ හටගැන්ම මෙසේ ය ... විඥානයේ අස්තඞ්ගමය මෙසේ ය යි දහම් දෙසූ සේක.