Pali BJTතණ්හාසුත්තානි
Sinhala BJTතණ්හා සූත්‍ර
Pali BJT371-386. තිස්සො ඉමා භික්ඛවෙ, තණ්හා. කතමා තිස්සො: කාමතණ්හා. භවතණ්හා. විභවතණ්හා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො තණ්හා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං තණ්හානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං තණ්හානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT371-386. මහණෙනි, මේ තණ්හා තුනෙකි. කවර තුනෙක යත්: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා යි. මහණෙනි, මොහු තුන් තණ්හාවෝ යි. මහණෙනි, මේ තුන් තණ්හාවන් වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් තණ්හාවන් වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT(යථා එසනාසුත්තානි තථා සබ්බං විත්ථාරෙතබ්බං)
Sinhala BJT(ඒසනා සූත්‍ර මෙන් සියල්ල විතර කටයුතු)
Pali BJTඑසනාවග්ගො පණ්ණරසමො.
Sinhala BJTපසොළොස්වැනි ඒසනාවර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTඑසනා විධා ආසවා භවා දුක්ඛතා ච තිස්සො ඛිලා මලානි නීඝා ච වෙදනාහි තණ්හාහි චාති.
Sinhala BJTඒසනා, විධා, ආසව, භව, ත්‍රිවිධ දුක්ඛතා, ඛීල, මල, නීඝ, වේදනා, තණ්හා යී ෂොඩසක දශයෙකි. හෙවත් සූත්‍ර එක්සිය සැටෙකි යි.
Pali BJT16. ඔඝවග්ගො
Sinhala BJT16. ඕඝ වර්‍ගය
Pali BJT1. 16. 1-16.
Sinhala BJT1. 16. 1-16.
Pali BJTඔඝසුත්තානි
Sinhala BJTඕඝ සූත්‍ර
Pali BJT387-402. චත්තාරොමෙ භික්ඛවෙ, ඔඝා. කතමෙ චත්තාරො: කාමොඝො භවොඝො දිට්ඨොඝො අවිජ්ජොඝො. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ඔඝා. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ඔඝානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ඔඝානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT387-402 මහණෙනි, මේ ඕඝ (සැඩදියපහර) සතරෙකි. කවර සතරෙක යත්: කාමෝඝ (කාමගුණයන්හි දැඩි රාගය) භවොඝ (රූපාරූපභවයන්හි දැඩිරාගය) දිට්ඨොඝ (දෙසැටදිටු) අවිජ්ජෝඝය. මහණෙනි, මොහු සිවු ඕඝයෝ යි. මහණෙනි, මේ සිවුඔඝයන්ගේ වෙසෙස් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු ඕඝයන් වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT(යථා එසනා සොළසසුත්තන්නානි තථාවිත්ථාරෙතබ්බානි)
Sinhala BJT(ඒසනාසූත්‍ර මෙන් සොළොස් සූත්‍රාන්ත විතරකටයුතුයි.)
Pali BJT1. 16. 17-32.
Sinhala BJT1. 16. 17-32.
Pali BJTයොගසුත්තානි
Sinhala BJTයෝග සූත්‍ර
Pali BJT403-418. චත්තාරොමෙ භික්ඛවෙ, යොගා. කතමෙ චත්තාරො: කාමයොගො භවයොගො දිට්ඨියොගො අවිජ්ජායොගො. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො යොගා. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං යොගානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං යොගානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT403-418. මහණෙනි, මේ යෝග (යෙදීම්) සතරෙකි. කවර සතරෙක යත්: කාමයෝග භවයෝග දිට්ඨියෝග අවිජ්ජායෝග යි. මහණෙනි, මේ යෝග සතර යි. මහණෙනි, මේ යෝග සතර වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු යෝගයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 16. 33-48.
Sinhala BJT1. 16. 33-48.
Pali BJTඋපාදානසුත්තානි
Sinhala BJTඋපාදාන සූත්‍ර
Pali BJT419-434. චත්තාරිමානි භික්ඛවෙ, උපාදානානි. කතමෙ චත්තාරි: කාමූපාදානං දිට්ඨූපාදානං සීලබ්බතූපාදානං අත්තවාදූපාදානං. ඉමානි ඛො භික්ඛවෙ, චත්තාරි උපාදානානි. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං උපාදානානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං උපාදානානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT419-434. මහණෙනි, මේ උපාදාන (දැඩි ගැනුම්) සතරෙකි. කවර සතරෙක යත්: කාමූපාදාන, දිට්ඨූපාදාන, සීලබ්බතූපාදාන, අත්තවාදූපාදාන යි. මහණෙනි, මේ උපාදාන සතර යි. මහණෙනි, මේ උපාදාන සතර වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු උපාදානයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේඅරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 16. 49-64.
Sinhala BJT1. 16. 49-64.
Pali BJTගන්ථසුත්තානි
Sinhala BJTගන්‍ථ සූත්‍ර
Pali BJT435-450. චත්තාරොමෙ භික්ඛවෙ, ගන්ථා. කතමෙ චත්තාරො: අභිජ්ඣා කායගන්ථො ව්යාපාදා කායගන්ථො සීලබ්බතපරාමාසො කායගන්ථො ඉදංසම්මාභිනිවෙසො කායගන්ථො. ඉමෙ ඛො භික්ඛවෙ, චත්තාරො ගන්ථා. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ගන්ථානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, චතුන්නං ගන්ථානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT435-450. මහණෙනි, මේ ගන්‍ථ (ගෙතීම්) සතරෙකි. කවර සතරෙක යත්: අභිජ්ඣාකායගන්‍ථ ව්‍යාපාදකායගන්‍ථ සීලබ්බතපරාමාසකායගන්‍ථ ඉදංසච්චාගිනිවේසකායගන්‍ථ යි. මහණෙනි, මේ ගන්‍ථ සතර යි. මහණෙනි, මේ ගන්‍ථසතර වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස .... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සිවු ගන්‍ථයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 16. 65-80.
Sinhala BJT1. 16. 65-80.
Pali BJTඅනුසයසුත්තානි
Sinhala BJTඅනුසය සූත්‍ර
Pali BJT451-466. සත්තිමෙ භික්ඛවෙ, අනුසයා. කතමෙ සත්ත: කාමරාගානුසයො පටිඝානුසයො දිට්ඨානුසයො විචිකිච්ඡානුසයො මානානුසයො භවරාගානුසයො අවිජ්ජානුසයො. ඉමෙ ඛො භික්ඛවෙ, සත්ත අනුසයා. ඉමෙසං ඛො භික්ඛවෙ, සත්තන්නං අනුසයානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, සත්තන්නං අනුසයානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT451-466. මහණෙනි, මේ අනුසය (නිදිගත්කෙලෙස්) සතෙකි. කවර සතෙක යත්: කාමරාගානුසය පටිඝානුසය දිට්ඨානුසය විචිකිච්ඡානුසය මානානුසය භාවරාගානුසය අවිජ්ජානුසය යි. මහණෙනි, මොහු සත් අනුසයයෝ යි. මහණෙනි, මේ සත් අනුසයයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ සත් අනුසයයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 16. 81-96.
Sinhala BJT1. 16. 81-96.
Pali BJTකාමගුණසුත්තානි
Sinhala BJTකාමගුණ සූත්‍ර
Pali BJT467-482. පඤ්චිමෙ භික්ඛවෙ, කාමගුණා. කතමෙ පඤ්ච: චක්ඛුවිඤ්ඤෙය්යා රූපා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. සොතවිඤ්ඤෙය්යා සද්දා -පෙ- ඝානවිඤ්ඤෙය්යා ගන්ධා -පෙ- ජිව්හාවිඤ්ඤෙය්යා රසා -පෙ- කායවිඤ්ඤෙය්යා ඵොට්ඨබ්බා ඉට්ඨා කන්තා මනාපා පියරූපා කාමූපසංහිතා රජනීයා. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්ච කාමගුණා. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං කාමගුණානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං කාමගුණානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT467-482 මහණෙනි, මේ කාමගුණ පසෙකි. කවර පසෙක යත්: ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රියස්වරූප වූ කාමෝපසංහිත වූ රජනීය වූ ඇසින් දතයුතු රූපයෝ ය … කණින් දතයුතු ශබ්දයෝ ය ... නැහැයෙන් දතයුතු ගන්‍ධයෝ ය … දිවින් දතයුතු රසයෝ ය. ඉෂ්ට වූ කාන්ත වූ මනවඩන ප්‍රියස්වභාව වූ කාමයෙන් යුත් ඇලුම් කටයුතු කයින් දතයුතු ස්පර්‍ශයෝ යි. මහණෙනි, මොහු පස්කම් ගුණයෝ යි. මහණෙනි, මේ පස්කම් ගුණයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … ප්‍රහාණය පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ පස්කම් ගුණයන් වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 16. 97-112.
Sinhala BJT1. 16. 97-112.
Pali BJTනීවරණසුත්තානි
Sinhala BJTනීවරණ සූත්‍ර
Pali BJT483-498. පඤ්චිමානි භික්ඛවෙ, නීවරණානි. කතමානි පඤ්ච: කාමච්ඡන්දනීවරණං ව්යාපාදනීවරණං ථීනමිද්ධනීවරණං උද්ධච්චකුක්කුච්චනීවරණං විචිකිච්ඡානීවරණං. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්ච නීවරණානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං නීවරණානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං නීවරණානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT483-498. මහණෙනි, මේ නීවරණ පසෙකි. කවර පසෙක යත්: කාමච්ඡන්‍දනීවරණ ය ව්‍යාපාදනීවරණ ය ථීනමිද්ධනීවරණ ය උද්ධච්චකුක්කුච්චනීවරණ ය විචිකිච්ඡානීවරණ ය යි. මහණෙනි, මේ නීවරණ පස යි.මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නීවරණ පස වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරන පිණිස … ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 16. 113-128.
Sinhala BJT1. 16. 113-128.
Pali BJTඋපාදානක්ඛන්ධසුත්තානි
Sinhala BJTඋපාදානක්ඛන්‍ධ සූත්‍ර
Pali BJT499-514. පඤ්චිමෙ භික්ඛවෙ, උපාදානක්ඛන්ධා. කතමෙ පඤ්ච: රූපූපාදානක්ඛන්ධො වෙදනූපාදානක්ඛන්ධො සඤ්ඤූපාදානක්ඛන්ධො සඞ්ඛාරූපාදානක්ඛන්ධො විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ ඛො භික්ඛවෙ, පඤ්චූපාදානක්ඛන්ධා. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උපාදානක්ඛන්ධානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උපාදානක්ඛන්ධානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT499-514 මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පසෙකි. කවර පසෙක යත්: රූපූපාදානක්ඛන්‍ධය වේදනූපාදානක්ඛන්‍ධය සඤ්ඤූපාදානක්ඛන්‍ධය සඞ්ඛාරූපාදානක්ඛන්‍ධය විඤ්ඤාණූපාදානක්ඛන්‍ධ යි. මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පස යි. මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පස වෙසෙසින් දැනීම පිණිස … පිරිසිඳ දැනීම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නම්‍යවූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ උපාදානස්කන්‍ධ පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරන පිණිස … ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 16. 129-144.
Sinhala BJT1. 16. 129-144.
Pali BJTඔරම්භාගියසංයොජනසුත්තානි
Sinhala BJTඕරම්භාගියසංයෝජන සූත්‍ර
Pali BJT515-530. පඤ්චිමානි භික්ඛවෙ, ඔරම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසො කාමච්ඡන්දො ව්යාපාදො. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චොරම්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT515-530. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක යත් සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාස කාමච්ඡන්‍ද ව්‍යාපාදය යි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස යි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ගෙවීම පිණිස … පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරනු පිණිස … ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 16. 145-160.
Sinhala BJT1. 16. 145-160.
Pali BJTඋද්ධම්භාගියසංයොජනසුත්තානි
Sinhala BJTඋද්ධම්භාගියසංයෝජන සූත්‍ර
Pali BJT531-546. පඤ්චිමානි භික්ඛවෙ, උද්ධම්භාගියානි සංයොජනානි. කතමානි පඤ්ච: රූපරාගො අරූපරාගො මානො උද්ධච්චං අවිජ්ජා. ඉමානි ඛො භික්ඛවෙ, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, පඤ්චන්නං උද්ධම්භාගියානං සංයොජනානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT531-546 මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසෙකි. කවර පසෙක් ද යත්: රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජා යි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පසයි. මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පස වෙසෙසින් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස … ක්‍ෂය කරනු පිණිස … ප්‍රහාණය පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙසස්නෙහි සමණ විවේකනිඃශ්‍රිත වූ විරාගනිඃශ්‍රිත වූ නිරෝධනිඃශ්‍රිත වූ නිර්‍වාණයට නම්‍ය වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ පඤ්චඋද්ධම්භාගිය සංයෝජනයන්ගේ අභිඥාව පිණිස ... පරිඥාව පිණිස ක්‍ෂය කරන පිණිස ... ප්‍රහාණය පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT(යථා එසනා සුත්තන්තා තථා සබ්බෙසු පෙය්යාලෙසු සොළස සොළස සුත්තන්තා විත්ථාරෙතබ්බා.)
Sinhala BJT(ඒසනා සූත්‍ර මෙන් සියලු පෙය්‍යාලයන්හි සූත්‍ර සොළස සොළස විතර කටයුතු යි.)
Pali BJTඔඝවග්ගො සොළසමො.
Sinhala BJTසොළොස් වැනි ඕඝවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඔඝා යොගො උපාදානා ගන්ථා අනුසයාපි ච කාමගුණ නීවරණා ඛන්ධා ඔරුද්ධම්භාගියාති.
Sinhala BJTඕඝ, යොඝ, උපාදාන, ගන්‍ථ, අනුසය, කාමගුණ, නීවරණ, ඛන්‍ධ, ඕරම්භාගිය, උද්ධම්භාගිය යි ෂොඩශක දශයෙකි. සූත්‍ර එක්සිය සැටෙකි යි.
Pali BJTමග්ගසංයුත්තං සමත්තං.
Sinhala BJTමග්ගසංයුත්තය නිමියේ යි.
Pali BJTතත්ර වග්ගුද්දානං:
Sinhala BJTඑහි වර්‍ගනාමාවලිය:
Pali BJTඅවිජ්ජාවග්ගො පඨමො දුතියො විහාරො වුච්චති. මිච්ඡත්තවග්ගො තතියො චතුත්ථො පටිපපත්ති ච. අඤ්ඤතිත්ථියො පඤ්චමො ඡට්ඨො සුරියපෙය්යාලො, එකධම්මා දුවෙ ගඞ්ගා පෙය්යාලාපි චත්තාරො. අප්පමාදො තෙළසමො බලවග්ගො ච චුද්දසො, එසනා පණ්ණරසමො ඔඝවග්ගො සොළසමොති.
Sinhala BJTපළමුවැන්න අවිජ්ජාවර්‍ගය යි. දෙවැන්න විහාරවර්‍ගය යි කියනු ලැබේ. තෙවැන්න මිච්ඡත්තවර්‍ගය යි. සිවුවැන්න පටිපත්ති වර්‍ගය යි. පස්වැන්න අඤ්ඤතිත්‍ථිවර්‍ගය යි. සවැන්න සූරියපෙය්‍යාල යි. ඒකධම්මවර්‍ග දෙකෙකි. ගඞ්ගාපෙය්‍යාල ද සතරෙකි. තෙළෙස්වැන්න අප්පමාදවර්‍ගය යි. තුදුස්වැන්න බලකරණීයවර්‍ගය යි. පසළොස්වැන්න ඒසනාවර්‍ගය යි. සොළොස්වැන්න ඕඝවර්‍ගය යි.
Pali BJT2. බොජ්ඣඞ්ගසංයුත්තං
Sinhala BJT2. බොජ්ඣඞ්ග සංයුත්තය
Pali BJT1. පබ්බතවග්ගො
Sinhala BJT1. පබ්බත වර්‍ගය
Pali BJT2. 1. 1.
Sinhala BJT2. 1. 1.
Pali BJTහිමවන්තසුත්තං
Sinhala BJTහිමවන්ත සූත්‍රය
Pali BJT547. සාවත්ථියං:
Sinhala BJT547. සැවැත්නුවර:
Pali BJTහිමවන්තං භික්ඛවෙ, පබ්බතරාජානං{1} නිස්සාය නාගා කායං වඩ්ඪෙන්ති බලං ගාහෙන්ති. තෙ තත්ථ කායං වඩ්ඪෙත්වා බලං ගාහෙත්වා කුස්සුබ්භෙ ඔතරන්ති. කුස්සුබ්භෙ ඔතරිත්වා මහාසොබ්භෙ ඔතරන්ති. මහාසොබ්භෙ ඔතරිත්වා කුන්නදියො ඔතරන්ති. කුන්නදියො ඔතරිත්වා මහානදියො ඔතරන්ති. මහානදියො ඔතරිත්වා මහාසමුද්දං සාගරං ඔතරන්ති. තෙ තත්ථ මහන්තත්තං වෙපුල්ලත්තං ආපජ්ජන්ති කායෙන. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය සත්තබොජ්ඣඞ්ගෙ භාවෙන්තො සත්තබොජ්ඣඞ්ගෙ බහුලීකරොන්තො මහන්තත්තං වෙපුල්ලත්තං පාපුණාති ධම්මෙසු.
Sinhala BJTමහණෙනි, හිමවත් පවුරජ නිසා නාගයෝ කය වඩත්, බල ගන්වත්. ඔහු එහි කය වඩා, බල ගන්වා කුඩා හෙබ්වලට බසිති. කුඩා හෙබ්වලට බැස මහ හෙබ්වලට බසිති. මහ හෙබ්වලට බැස කුඩා ගඞගාවලට බසිති. කුඩා ගඞගාවලට බැස මහා ගඞගාවලට බසිති. මහා ගඞගාවලට බැස මහමුහුදට සයුරට බසිති. ඔහු එහි කයින් මහත්ත්‍වයට විපුලත්‍වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින්ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සප්තබෝධ්‍යඞ්ගයන් වඩන්නේ සප්තබෝධ්‍යඞ්ගයන් බහුල කරන්නේ දහම්හි මහත්ත්‍වයට විපුලත්ත්‍වයට පැමිණේ.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය සත්තබොජ්ඣඞ්ගෙ භාවෙන්තො සත්ත බොජ්ඣඞ්ගෙ බහුලීකරොන්තො මහන්තත්තං වෙපුල්ලත්තං පාපුණාති ධම්මෙසු: ඉධ භික්ඛවෙ, භික්ඛු සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. විරියසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. පීතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. සමාධිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය සත්තබොජ්ඣඞ්ගෙ භාවෙන්තො සත්තබොජ්ඣඞ්ගෙ බහුලීකරොන්තො මහන්තත්තං වෙපුල්ලත්තං පාපුණාති ධම්මෙසූති.
Sinhala BJTමහණෙනි, කෙසේ නම් මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සප්තබෝධ්‍යඞ්ගයන් වඩන්නේ සප්තබෝධ්‍යඞ්ගයන් බහුල කරන්නේ දහම්හි ලා මහත්ත්‍වයට විපුලත්‍වයට පැමිණේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වු විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ විරියසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ පීතිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකනිස්සිත විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරැ කළ විරාග ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සමාධිසම්බොජ්ඣඞ්ගය වඩයි. විවේකය ඇසුරු කළ විරාගය ඇසුරැ කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා සත්බොජඟ වඩන්නේ සත්බොජඟ බහුල කරන්නේ දහම්හි ලා මහත්ත්‍වයට විපුලත්‍වයට පැමිණේ යි.
Pali BJT2. 1. 2.
Sinhala BJT2. 1. 2.
Pali BJTකායසුත්තං
Sinhala BJTකාය සූත්‍රය
Pali BJT548. සාවත්ථියං:
Sinhala BJT548. සැවැත්නුවර:
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, අයං කායො ආහාරට්ඨිතිකො, ආහාරං පටිච්ච තිට්ඨති, අනාහාරො නො තිට්ඨති. එවමෙව ඛො භික්ඛවෙ, පඤ්ච නීවරණා ආහාරට්ඨිතිකා ආහාරං පටිච්ච තිට්ඨන්ති, අනාහාරා නො තිට්ඨන්ති.
Sinhala BJTමහණෙනි, යම්සේ ආහාර ප්‍රත්‍යයයෙන් සිටුනා මේ කය අහර නිසා පවතීද, අහර නැති ව නො පවතී ද, මහණෙනි, එසෙයින්ම ආහාර ප්‍රත්‍යයයෙන් සිටුනා පඤ්ච නීවරණයෝ අහර නිසා පවතිත්, අහර නැතිව නො පවතිත්.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භිය්යොභාවාය වෙපුල්ලාය. අත්ථි භික්ඛවෙ, සුභනිමිත්තං. තත්ථ අයොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස උප්පාදාය, උප්පන්නස්ස වා කාමච්ඡන්දස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
Sinhala BJTමහණෙනි, නූපන් කාමච්ඡන්‍දය ඉපදීම පිණිස ද උපන් කාමච්ඡන්‍දයාගේ බහුල බව විපුල බව පිණිස ද ප්‍රත්‍යය කවරේද යත්: මහණෙනි, ශුභ නිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද නූපන් කාමච්ඡන්‍දය ඉපදීම පිණිසත්, උපන් කාමච්ඡන්‍දය බොහෝ වීම පිණිසත් විපුලත්‍වය පිණිසත් මේ ප්‍රත්‍යයයි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා බ්යාපාදස්ස උප්පාදාය, උප්පන්නස්ස වා බ්යාපාදස්ස භිය්යොභාවාය වෙපුල්ලාය: අත්ථි භික්ඛවෙ, පටිඝනිමිත්තං. තත්ථ අයොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා බ්යාපාදස්ස උප්පාදාය, උප්පන්නස්ස වා බ්යාපාදස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
Sinhala BJTමහණෙනි, නූපන් ව්‍යාපාදය ඉපදීම පිණිසත් උපන් ව්‍යාපාදයාගේ බහුල බව විපුල බව පිණිසත් ප්‍රත්‍යය කවරේ ද යත්: මහණෙනි, ප්‍රතිඝනිමිත්තෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් ව්‍යාපාදය ඉපදීම පිණිසත්, උපන් ව්‍යාපාදයේ බොහෝ බව පිණිසත් විපුලත්‍වය පිණිසත් මේ ප්‍රත්‍යයයි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්යොභාවාය වෙපුල්ලාය: අත්ථි භික්ඛවෙ, අරති තන්දි විජම්භිතා භත්තසම්මදො චෙතසො ලීනත්තං. තත්ථ අයොනිසො මනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා ථිනමිද්ධස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ථිනමිද්ධස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
Sinhala BJTමහණෙනි, නූපන් ථිනමිද්ධය ඉපදීම පිණිසත් උපන් ථිනමිද්ධයාගේ බහුල බව විපුලත්‍වය පිණිසත් ප්‍රත්‍යය කවරේද යත්: මහණෙනි, (ප්‍රාන්ත සේනාසනයන්හි හා අධිකුශල) ධර්‍මයන්හි නො ඇල්මෙක් තෙමරියෙක් (මැලිබවෙක්) මැලි හැරීමෙක් (කායවිජුම්භණයෙක්) බත් මතයෙක් සිතේ මැලිබවෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේද, නූපන් ථිනමිද්ධය ඉපදීම පිණිසත්, උපන් ථිනමිද්ධයාගේ බොහෝ බව විපුලත්ත්‍වය පිණිසත් මේ ප්‍රත්‍යයයි.
Pali BJTඅත්ථි භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්යොභාවාය වෙපුල්ලාය. අත්ථි භික්ඛවෙ, චෙතසො අවුපසමො. තත්ථ අයොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උද්ධච්චකුක්කුච්චස්ස භිය්යොභාවාය වෙපුල්ලාය.
Sinhala BJTමහණෙනි, නූපන් උද්ධච්චකුක්කුච්චය ඉපදීමටත් උපන් උද්ධච්චකුක්කුච්චයාගේ බොහෝ බවටත් විපුලත්‍වයටත් ප්‍රත්‍යය කවරේද යත්: මහණෙනි, සිතේ නොසන්හිදුමෙක් ඇත. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් උද්ධච්චකුක්කුච්චයාගේ ඉපදීමටත්, උපන් උද්ධච්චකුක්කුච්චයාගේ බොහෝ බවටත් විපුලත්‍වයටත් මේ ප්‍රත්‍යයයි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්යොභාවාය වෙපුල්ලාය? අත්ථි භික්ඛවෙ, විචිකිච්ඡාඨානියා ධම්මා. තත්ථ අයොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය, උප්පන්නාය වා විචිකිච්ඡාය භිය්යොභාවාය වෙපුල්ලාය. සෙය්යථාපි භික්ඛවෙ, අයං කායො ආහාරට්ඨිතිකො, ආහාරං පටිච්ච තිට්ඨති. අනාහාරො නො තිට්ඨති. එවමෙව ඛො භික්ඛවෙ, ඉමෙ පඤ්ච නීවරණා ආහාරට්ඨිතිකා ආහාරං පටිච්ච තිට්ඨන්ති. අනාහාරා නො තිට්ඨන්ති.
Sinhala BJTමහණෙනි, නූපන් විචිකිච්ඡාව ඉපදීමටත් උපන් විචිකිච්ඡාවගේ බොහෝ බවටත් විපුලත්‍වයටත් ප්‍රත්‍යය කවරේ ද යත්: මහණෙනි, විචිකිච්ඡාවට හිත වු ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුනුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේද, නූපන් විචිකිච්ඡාව ඉපදීමටත්, උපන් විචිකිච්ජාවේ බොහෝ බවටත් විපුලත්‍වයටත් මේ ප්‍රත්‍යය යි. මහණෙනි, යම්සේ මේ කය ප්‍රත්‍යයස්ථිතික වේ ද, ප්‍රත්‍යය නිසා පවතිත් ද, ප්‍රත්‍යය නැති ව නො පවතිත් ද, මහණෙනි, එසෙයින් ම මේ පඤ්ච නීවරණයෝ ප්‍රත්‍යයස්ථිතිකයහ. ප්‍රත්‍යය නිසා පවතිත්, ප්‍රත්‍යය නැතිව නොපවතිත්.
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, අයං කායො ආහාරට්ඨිතිකො, ආහාරං පටිච්ච තිට්ඨති, අනාහාරො නො තිට්ඨති. එවමෙව ඛො භික්ඛවෙ, සත්ත බොජ්ඣඞ්ගා ආහාරට්ඨිතිකා, ආහාරං පටිච්ච තිට්ඨන්ති. අනාහාරා නො තිට්ඨන්ති. කො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා: අත්ථි භික්ඛවෙ, සතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
Sinhala BJTමහණෙනි, යම්සේ මේ කය ප්‍රත්‍යයස්ථිතික වේද, ප්‍රත්‍යය නිසා පවතී ද, ප්‍රත්‍යය නැති ව නො පවතී ද, මහණෙනි, එසෙයින් ම සප්ත බොජ්ඣඞ්ගයෝ ප්‍රත්‍යයස්ථිතිකයහ, ප්‍රත්‍යය නිසා පවතිත්, ප්‍රත්‍යය නැති ව නො පවතිත්. මහණෙනි, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපදීමටත් උපන් සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද යත්: මහණෙනි, සතිසම්බොඡ්ඣඞ්ගයට හිත වූ ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් සතිසම්බොජ්ඣඞ්ගය ඉපදීමටත් උපන් සතිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා: අත්ථි භික්ඛවෙ, කුසලාකුසලා ධම්මා සාවජ්ජානවජ්ජා ධම්මා හීනපණීතා ධම්මා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා. තත්ථ යොනිසො මනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා ධම්මවිචයසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, කුශලාකුශලධර්‍මයෝ සාවද්‍යානවද්‍යධර්‍මයෝ හීනප්‍රණීතධර්‍මයෝ කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය ඉපැද්මටත් උපන් ධම්මවිචයසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා විරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා විරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා: අත්ථි භික්ඛවෙ, ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා විරියසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා විරියසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් විරියසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් විරියසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, පළමු ඇරඹුණු වීර්‍ය්‍යයෙක්, මැලිබැවින් නික්මුණු වීර්‍ය්‍යයෙක්, මතු මතු තැන් ඇක්මෙනා වීර්‍ය්‍යයෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීම බහුල කිරීමෙක් වේ ද, නූපන් විරියසම්බොඡ්ඣඞ්ගයේ ඉපැද්මටත් උපන් විරියසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමෙන් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා: අත්ථි භික්ඛවෙ, පීතිසම්බොජ්ඣඞ්ගට්ඨානීයා ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පීතිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් පීතිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපැද්මටත් උපන් පීතිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, පීතිසම්බොඡ්ඣඞ්ගයට හිත වූ ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක්, බහුල කිරීමෙක් වේ ද, නූපන් පීතිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් පීතිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා: අත්ථි භික්ඛවෙ, කායපස්සද්ධි, චිත්තපස්සද්ධි. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො, අයමාහාරො අනුප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා පස්සද්ධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් පස්සද්ධිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපැද්මටත් උපන් පස්සද්ධිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: (වේදනා, සඤ්ඤා, සඞ්ඛාර යන) නාම කයෙහි බර හැරීමෙක්, සිතෙහි බර හැරීමෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් පස්සද්ධිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපැද්මටත් උපන් පස්සද්ධිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා: අත්ථි, භික්ඛවෙ, සමථනිමිත්තං{1} අබ්යග්ගනිමිත්තං. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා සමාධිසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා.
Sinhala BJTමහණෙනි, නූපන් සමාධිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත්, උපන් සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, සමථනිමිත්තයෙක් ඒකාළම්බනනිමිත්තයෙක් ඇත. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේද, නූපන් සමාධිසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපදීමටත් උපන් සමාධිසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි.
Pali BJTකො ච භික්ඛවෙ, ආහාරො අනුප්පන්නස්ස වා උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා: අත්ථි, භික්ඛවෙ, උපෙඛාසම්බොජ්ඣඞ්ගට්ඨානියා{2} ධම්මා. තත්ථ යොනිසොමනසිකාරබහුලීකාරො අයමාහාරො අනුප්පන්නස්ස වා උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස උප්පාදාය, උප්පන්නස්ස වා උපෙඛාසම්බොජ්ඣඞ්ගස්ස භාවනාය පාරිපූරියා. සෙය්යථාපි භික්ඛවෙ, අයං කායො ආහාරට්ඨිතිකො, ආහාරං පටිච්ච තිට්ඨති, අනාහාරො නො තිට්ඨති. එවමෙව ඛො භික්ඛවෙ, ඉමෙ සත්ත බොජ්ඣඞ්ගා ආහාරට්ඨිතිකා, ආහාරං පටිච්ච තිට්ඨන්ති, අනාහාරා නො තිට්ඨන්තීති.
Sinhala BJTමහණෙනි, නූපන් උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගයාගේ ඉපැද්මටත්, උපන් උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගයාගේ වැඩීමටත් පිරීමටත් ප්‍රත්‍යය කවරේ ද: මහණෙනි, උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගයට හිත වූ ධර්‍මයෝ ඇතියහ. එහි ලා නුවණින් මෙනෙහි කිරීමෙක් බහුල කිරීමෙක් වේ ද, නූපන් උපෙක්ඛාසම්බොඡ්ඣංගයාගේ ඉපැද්මටත්, උපන් උපෙක්ඛාසම්බොඡ්ඣංගයාගේ වැඩීමටත් පිරීමටත් මේ ප්‍රත්‍යයයි. මහණෙනි, යම්සේ මේ කය ප්‍රත්‍යයස්ථිතික වේ ද, ප්‍රත්‍යය නිසා පවතී ද, ප්‍රත්‍යය නැති ව නො පවතී ද, මහණෙනි, එසෙයින්ම මේ සප්ත බෝධ්‍යඞ්ගයෝ ප්‍රත්‍යයස්ථිතිකයහ. ප්‍රත්‍යය නිසා පවතිත්. ප්‍රත්‍යය නැති ව නො පවතිත් යි.
Pali BJT2. 1. 3.
Sinhala BJT2. 1. 3.
Pali BJTසීලසුත්තං
Sinhala BJTසීල සූත්‍රය
Pali BJT549. යෙ තෙ භික්ඛවෙ, භික්ඛූ සීලසම්පන්නා සමාධිසම්පන්නා පඤ්ඤාසම්පන්නා විමුත්තිසම්පන්නා විමුත්තිඤාණදස්සනසම්පන්නා. දස්සනම්පහං{1} භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං{2} වදාමි. සවනම්පහං භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං වදාමි. උපසඞ්කමනම්පහං භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං වදාමි. පයිරුපාසනම්පහං භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං වදාමි. අනුස්සතිම්පහං භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං වදාමි. අනුපබ්බජ්ජම්පහං භික්ඛවෙ, තෙසං භික්ඛූනං බහුකාරං වදාමි. තං කිස්ස හෙතු: තථාරූපානං භික්ඛවෙ, භික්ඛූනං ධම්මං සුත්වා ද්වයෙන{3} වූපකට්ඨො විහරති කායවූපකාසෙන ච චිත්තවූපකාසෙන ච. සො තථා වූපකට්ඨො විහරන්තො තං ධම්මං අනුස්සරති අනුවිතක්කෙති.
Sinhala BJT549. මහණෙනි, යම් භික්‍ෂු කෙනෙක් ශීලසම්පන්න වෙත් ද, සමාධිසම්පන් වෙත් ද, ප්‍රඥාසම්පන්න වෙත් ද, විමුක්තිසම්පන්න වෙත් ද, විමුක්තිඥානදර්‍ශනසම්පන්න වෙත් ද, මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ දැක්මත් බොහෝ උපකාර යැ යි මම කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන්ගේ (වදන් ) ඇසීමත් බොහෝ උපකාර යැයි මම කියමි. මහණෙනි, ඒ භික්‍ෂූන් වෙත එළඹීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ භික්‍ෂූන් ඇසුරු කිරීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ භික්‍ෂූන් සිහි කිරීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ භික්‍ෂූන් අනුව පැවිදිවීමත් බොහෝ උපකාර යැයි මම කියමි. ඒ කවර හෙයින යත්: මහණෙනි, එබඳු භික්‍ෂූන්ගේ දහම් අසා කායවිවේකය, චිත්තවිවේකය යන උභයවිවේකයෙන් යුතු වැ වෙසේ. හෙතෙමේ එසේ වෙන් ව වසන්නේ ඒ දහම සිහිකරයි, පුනපුනා සිතයි.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු යථා{4} වූපකට්ඨො විහරන්තො තං ධම්මං අනුස්සරති අනුවිතක්කෙති. සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ තස්ස භික්ඛුනො ආරද්ධො හොති. සතිසම්බොජ්ඣඞ්ගං යස්මිං සමයෙ භික්ඛු භාවෙති, සතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. සො තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසමාපජ්ජති.
Sinhala BJTමහණෙනි, මහණ යම්කලෙක යම්සේ වෙන් ව වසන්නේ ඒ ධර්‍මය සිහි කෙරේ ද පුනපුනා සිතා ද එසමයෙහි ඒ මහණහු විසින් සතිසම්බොජ්ඣඞ්ගය පටන් ගන්නා ලද වෙයි. යම්කලෙක මහණ සතිසම්බොජ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ සතිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. එසේ සිහි ඇති ව වෙසෙන්නේ ඒ දහම නුවණින් සොයයි. නුවණ හසුරුවයි. විමසීමට පැමිණේ.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු තථා සතො විහරන්තො තං ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචරති පරිවීමංසමාපජ්ජති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. ධම්මවිචයසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ තස්ස භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. තස්ස තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචරතො පරිවීමංසමාපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං.
Sinhala BJTමහණෙනි, මහණ යම්කලෙක එසේ සිහි ඇති ව වෙසෙන්නේ ඒ දහම නුවණින් සොයාද, නුවණ හසුරුවා ද, විමසීමට පැමිණේ ද, එසමයෙහි ඒ මහණහු විසින් ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය පටන් ගන්නා ලද වෙයි. මහණ යම් සමයක ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වඩා ද එසමයෙහි ඒ මහණහුගේ ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඒ දහම නුවණින් සොයන නුවණ හසුරුවන විමසීමට පැමිණෙන ඔහුගේ වීර්‍ය්‍යය අරඹන ලද වෙයි, සංලීන නො වේ.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො තං ධම්මං පඤ්ඤාය පවිචිනතො පවිචරතො පරිවීමංසමාපජ්ජතො ආරද්ධං හොති විරියං අසල්ලීනං, විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. විරියසම්බොජ්ඣඞ්ගං යස්මිං සමයෙ භික්ඛු භාවෙති. විරියසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති. ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා.
Sinhala BJTමහණෙනි, යම් කලෙක ඒ දහම නුවණින් සොයන නුවණ හසුරුවන විමසීමට පැමිණෙන මහණහුගේ වීර්‍ය්‍යය අරඹන ලද වේ ද අසංලීන වේ ද, එසමයෙහි මහණ විරියසම්බොජ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ විරියසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඇරඹූ වැර ඇත්තහුට නිරාමිස ප්‍රීතිය උපදී.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො ආරද්ධවිරියස්ස උප්පජ්ජති පීති නිරාමිසා, පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. පීතිසම්බොජ්ඣඞ්ගං තස්මිං සමයෙ භික්ඛු භාවෙති, පීතිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනා පාරිපූරිං ගච්ඡති. පීතිමනස්ස කායොපි පස්සම්භති චිත්තම්පි පස්සම්භති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක ඇරඹූ වැර ඇති මහණහුට නිරාමිස ප්‍රීතිය උපදී ද එසමයෙහි මහණහු විසින් පීතිසම්බොඡ්ඣඞ්ගය අරඹන ලද වේ. යම් කලෙක මහණ තෙමේ පීතිසම්බොඡ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ පීතිසම්බොඡ්ඣඞ්ගය භාවනාවෙන් පිරීමට යේ. ප්‍රීති සිත් ඇත්තහුගේ නාම කයත් සැහැල්ලු වේ, සිතත් සැහැල්ලු වේ.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො පීතිමනස්ස කායොපි පස්සම්භති චිත්තම්පි පස්සම්භති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. පස්සද්ධිසම්බොජ්ඣඞ්ගං යස්මිං{1} සමයෙ භික්ඛු භාවෙති, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනා පාරිපූරිං ගච්ඡති. පස්සද්ධකායස්ස සුඛං හොති සුඛිනො චිත්තං සමාධියති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක ප්‍රීති සිත් ඇති මහණහුගේ කයත් සැහැල්ලු වේ ද සිතත් සැහැල්ලු වේ ද එසමයෙහි මහණහු විසින් පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද වෙයි. යම් කලෙක මහණ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය වඩා ද එසමයෙහි මහණහුගේ පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය භාවනාවෙන් පිරීමට යේ. සැහැල්ලු කාය ඇතියහුට සුවය වේ. සුව ඇතියහුගේ සිත එකඟ වේ.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛුනො පස්සද්ධකායස්ස සුඛිනො චිත්තං සමාධියති, සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. සමාධිසම්බොජ්ඣඞ්ගං යස්මිං සමයෙ භික්ඛු භාවෙති, සමාධිසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනා පාරිපූරිං ගච්ඡති. සො තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති.
Sinhala BJTමහණෙනි, යම් සමයෙක සැහැල්ලු කය ඇති මහණහුගේ සිත එකඟ වේ ද එසමයෙහි මහණහු විසින් සමාධිසම්බොජ්ඣඞ්ගය අරඹන ලද වෙයි. යම් සමයෙක මහණ සමාධිසම්බොජ්ඣඞ්ගය වඩා ද, එසමයෙහි මහණහුගේ සමාධිසම්බොජ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ. ඒ මහණ එසේ එකඟ වූ සිත මැනවින් මැදහත් ව බලන්නේ වෙයි.
Pali BJTයස්මිං සමයෙ භික්ඛවෙ, භික්ඛු තථා සමාහිතං චිත්තං සාධුකං අජ්ඣුපෙක්ඛිතා හොති, උපෙඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො ආරද්ධො හොති. උපෙඛාසම්බොජ්ඣඞ්ගං යස්මිං සමයෙ භික්ඛු භාවෙති, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගො තස්මිං සමයෙ භික්ඛුනො භාවනාපාරිපූරිං ගච්ඡති.
Sinhala BJTමහණෙනි, යම් කලෙක මහණ එසේ එකඟ වූ සිත මනා කොට මැදහත් ව බලන්නේ වේ ද එසමයෙහි මහණහු විසින් උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය අරඹන ලද වෙයි. යම් කලෙක මහණ උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය වඩා ද, එසමයෙහි මහණහුගේ උපෙක්ඛාසම්බොඡ්ඣඞ්ගය වැඩීමෙන් පිරීමට යේ.
Pali BJTඑවං භාවිතෙසු ඛො භික්ඛවෙ, සත්තසු බොජ්ඣඞ්ගෙසු එවං බහුලීකතෙසු සත්ත ඵලා සත්තානිසංසා පාටිකඞ්ඛා. කතමෙ සත්ත ඵලා සත්තානිසංසා: දිට්ඨෙව ධම්මෙ පටිගච්ච{2} අඤ්ඤං ආරාධෙති. නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, අථ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති. නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති. නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති, අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා උපහච්චපරිනිබ්බායී හොති. නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා උපහච්ච පරිනිබ්බායී හොති, අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අසංඛාරපරිනිබ්බායී හොති.
Sinhala BJTමහණෙනි, සප්ත බොජ්ඣඞ්ගයන් මෙසේ වැඩූ කල්හි මෙසේ බහුල කල කල්හි සත් පල කෙනෙක් සත් අනුසස් කෙනෙක් කැමති වියය යුතුය. කවර සත් පල කෙනෙක් ද කවර සත් අනුසස් කෙනෙක් ද, යත්: දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් එකල්හි මැරෙන කළ රහත් බව ලබයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම් එකල්හි ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් (බඹ ලොව ඉපිද ආයු අඩක් නො ගෙවා) අතර පිරිනිවෙනසුලු වෙයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම් ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අතර පිරිනිවෙනසුලු නො වේ නම් එකල්හි ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් (බඹ ලොව ඉපිද ආයු අඩක් ගෙවා කෙළවර) ළගට පැමිණ පිරිනිවෙනසුලු වෙයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම් ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම් ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අතර පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් ආයු කෙළවර ළගට පැමිණ පිරිනිවෙනසුලු නො වේ නම් එකල්හි ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ රහිත ව පිරිනිවෙනසුලු වෙයි.
Pali BJTනො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති. නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරා පරිනිබ්බායී හොති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා උපහච්ච පරිනිබ්බායී හොති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අසංඛාරපරිනිබ්බායී හොති, අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා සසංඛාරපරිනිබ්බායී හොති. නො චෙ දිට්ඨෙව ධම්මෙ පටිගච්ච අඤ්ඤං ආරාධෙති, නො චෙ මරණකාලෙ අඤ්ඤං ආරාධෙති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අන්තරාපරිනිබ්බායී හොති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා උපහච්ච පරිනිබ්බායී හොති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා අසංඛාරපරිනිබ්බායී හොති, නො චෙ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා සසඞ්ඛාරපරිනිබ්බායී හොති, අථ පඤ්චන්නං ඔරම්භාගියානං සංයොජනානං පරික්ඛයා උද්ධංසොතො හොති අකනිට්ඨගාමී. එවං භාවිතෙසු ඛො භික්ඛවෙ, සත්තසු බොජ්ඣඞ්ගෙසු එවං බහුලීකතෙසු ඉමෙ සත්ත ඵලා සත්තානිසංසා පාටිකඞ්ඛාති.
Sinhala BJTඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම්, ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අතර පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් ආයු කෙළවර ළගට පැමිණ පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ රහිත ව පිරිනිවෙනසුලු නො වේ නම්, එකල්හි ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ සහිතව පිරිනිවෙනසුලු වෙයි. ඉදින් දිටුදැමියෙහි ම මරණින් පෙර රහත් බව නො ලබා නම්, ඉදින් මැරෙන කල රහත් බව නො ලබා නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අතර පිරිනිවෙනසුලු නොවේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් ආයු කෙළවර ළගට පැමිණ පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ රහිතව පිරිනිවෙනසුලු නො වේ නම්, ඉදින් ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් උත්සාහ සහිත ව පිරිනිවෙනසුලු නොවේ නම්, එකල්හි ඕරම්භාගිය සංයෝජන පස ගෙවීමෙන් අකනිටා යනසුලු උද්ධංසෝතයෙක් වෙයි. මහණෙනි, සප්ත බොජ්ඣඞ්ගයන් මෙසේ වැඩූ කල්හි සත් ඵලයෝ සත් අනුසස්හු කැමති විය යුත්තාහු යි.
Pali BJT2. 1. 4.
Sinhala BJT2. 1. 4.
Pali BJTවත්ථසුත්තං
Sinhala BJTවත්‍ථ සූත්‍රය
Pali BJT550. එකං සමයං ආයස්මා සාරිපුත්තො සාවත්ථියං විහරති ජෙතවනෙ අනාථපිණ්ඩිකස්ස ආරාමෙ. තත්ර ඛො ආයස්මා සාරිපුත්තො භික්ඛූ ආමන්තෙසි “ආවුසො භික්ඛවො”ති. “ආවුසො”ති ඛො තෙ භික්ඛූ ආයස්මතො සාරිපුත්තස්ස පච්චස්සොසුං. ආයස්මා සාරිපුත්තො එතදවොච:
Sinhala BJT550. එක් කලෙක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එහි දී ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ ‘ඇවැත්නි’ මහණෙනි’යි භික්‍ෂූන් ඇමතූහ. ඒ භික්‍ෂූහු ‘ඇවැත්නි’ යි ආයුෂ්මත් සැරියුත් තෙරණුවනට පිළිවදන් ඇස්වූහ. ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ මෙය වදාළහ:
Pali BJTසත්තිමෙ ආවුසො, බොජ්ඣඞ්ගා. කතමෙ සත්ත: සතිසම්බොජ්ඣඞ්ගො ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො විරියසම්බොජ්ඣඞ්ගො පීතිසම්බොජ්ඣඞ්ගො පස්සද්ධිසම්බොජ්ඣඞ්ගො සමාධිසම්බොජ්ඣඞ්ගො උපෙඛාසම්බොජ්ඣඞ්ගොති. ඉමෙ ඛො ආවුසො සත්තබොජ්ඣඞ්ගා. ඉමෙසං{1} ආවුසො, සත්තන්නං බොජ්ඣඞ්ගානං යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි පුබ්බණ්හසමයං විහරිතුං. තෙන තෙන බොජ්ඣඞ්ගෙන පුබ්බණ්හසමයං විහරාමි. යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි මජ්ඣන්තිකං{2} සමයං විහරිතුං, තෙන තෙන බොජ්ඣඞ්ගෙන මජ්ඣන්තිකං සමයං විහරාමි. යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි සායන්හසමයං විහරිතුං, තෙන තෙන බොජ්ඣඞ්ගෙන සායන්හසමයං විහරාමි.
Sinhala BJT“ඇවැත්නි, මේ බොජ්ඣඞ්ග සතෙකි. කවර සතෙක් ද යත්: සතිසම්බොජ්ඣඞ්ගය, ධම්මවිචයසම්බොජ්ඣඞ්ගය, විරියසම්බොජ්ඣඞ්ගය, පීතිසම්බොජ්ඣඞ්ගය, පස්සද්ධිසම්බොජ්ඣඞ්ගය, සමාධිසම්බොජ්ඣඞ්ගය, උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය යි. මහණෙනි, මොහු සත් බොජ්ඣඞ්ගයෝ යි. ඇවැත්නි, මේ සත් බොජ්ඣඞ්ගයන් අතුරෙන් යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව පෙරවරු වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව පෙරවරු වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව මැදියම වෙසෙන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව මැදියම වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව සවස් කල වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව සවස් කල වෙසෙමි.
Pali BJTසතිසම්බොජ්ඣඞ්ගො ඉති චෙ මෙ ආවුසො, හොති අප්පමාණොති මෙ හොති. සුසමාරද්ධොති මෙ හොති. තිට්ඨන්තං{1} තිට්ඨතීති පජානාමි. සචෙපි මෙ චවති, ඉදප්පච්චයා මෙ චවතීති පජානාමි -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො ඉති චෙ මෙ ආවුසො හොති. අප්පමාණොති මෙ හොති. සුසමාරද්ධොති මෙ හොති. තිට්ඨන්තං තිට්ඨතීති පජානාමි. සචෙපි මෙ චවති, ඉදප්පච්චයා මෙ චවතීති පජානාමි. සෙය්යථාපි ආවුසො, රඤ්ඤො වා රාජමහාමත්තස්ස වා නානාරත්තානං දුස්සානං දුස්සකරණ්ඩකො පූරො අස්ස. සො යඤ්ඤදෙව{2} දුස්සයුගං ආකඞ්ඛෙය්ය පුබ්බන්හසමයං පාරුපිතුං. තන්තදෙව දුස්සයුගං පුබ්බන්හසමයං පාරුපෙය්ය. යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය මජ්ඣන්තිකං සමයං පාරුපිතුං. තන්තදෙව දුස්සයුගං මජ්ඣන්තිකං සමයං පාරුපෙය්ය. යඤ්ඤදෙව දුස්සයුගං ආකඞ්ඛෙය්ය සායන්හසමයං පාරුපිතුං තන්තදෙව දුස්සයුගං සායන්හසමයං පාරුපෙය්ය.
Sinhala BJTඇවැත්නි, ඉදින් සතිසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම් නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවත්නේ යයි දැන ගනිමි. ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි ... ඇවැත්නි, ඉදින් උපෙක්ඛාසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම්, නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවතී යයි දැන ගනිමි. ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි. ඇවැත්නි, යම් සේ රජකුගේ හෝ රජමහඇමතියකුගේ හෝ නොයෙක් වර්‍ණයෙන් රඳනා ලද වතින් පිරුණු වත්කරඬුවෙක් වන්නේ ද හෙතෙමේ පෙරවරු යම් යම් වත්යුවලක් පොරවන්නට කැමති වන්නේ නම් ඒ ඒ වත්යුවලම පෙරවරු පොරවන්නේය. යම් යම් වත්යුවලක් මැදියම පොරවන්නට කැමති වන්නේ නම් ඒ ඒ වත්යුවලම මැදියම පොරවන්නේය. යම් යම් වත්යුවලක් පස්වරු පොරවන්නට කැමති වන්නේ නම් ඒ ඒ වත්යුවලම පස්වරු පොරවන්නේය.
Pali BJTඑවමෙව ඛො’හං ආවුසො, ඉමෙසං සත්තන්නං බොජ්ඣඞ්ගානං යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි පුබ්බන්හසමයං විහරිතුං, තෙන තෙන බොජ්ඣඞ්ගෙන පුබ්බන්හසමයං විහරාමි. යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි මජ්ඣන්තිකං සමයං විහරිතුං, තෙන තෙන බොජ්ඣඞ්ගෙන මජ්ඣන්තිකං සමයං විහරාමි. යෙන යෙන බොජ්ඣඞ්ගෙන ආකඞ්ඛාමි සායන්හසමයං විහරිතුං, තෙන තෙන බොජ්ඣඞ්ගෙන සායන්හසමයං විහරාමි. සතිසම්බොජ්ඣඞ්ගො ඉති චෙ මෙ ආවුසො, හොති අප්පමාණොති මෙ හොති. සුසමාරද්ධොති මෙ හොති. තිට්ඨන්තං තිට්ඨතීති පජානාමි. සචෙපි මෙ චවති ඉදප්පච්චයා මෙ චවතීති පජානාමි -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගො ඉති චෙ මෙ ආවුසො හොති, අප්පමාණොති මෙ හොති, සුසමාරද්ධොති මෙ හොති. තිට්ඨන්තං තිට්ඨතීති පජානාමි. සචෙපි මෙ චවති, ඉදප්පච්චයා මෙ චවතීති පජානාමීති.
Sinhala BJTඇවැත්නි, එසෙයින් ම මේ සත් බොජ්ඣඞ්ගයන් අතුරෙන් යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව පෙරවරු වසන්නට මම කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව පෙරවරු වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව මැදියම වසන්නට වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙකින් යුතුව මැදියම වෙසෙමි. යම් යම් බොජ්ඣඞ්ගයෙකින් යුතුව පස්වරු වසන්නට වසන්නට කැමති වෙම් නම් ඒ ඒ බොජ්ඣඞ්ගයෙන් යුතුව පස්වරු වෙසෙමි. ඇවැත්නි, ඉදින් සතිසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම් නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවතී යයි දැන ගනිමි. ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි ... ඇවැත්නි, ඉදින් උපෙක්ඛාසම්බොජ්ඣඞ්ග යයි මට සිත් වේ නම් නො පමණ යයි මට සිත් වේ. මැනවින් පිරුණේ යයි මට සිත් වේ. පවත්නා බොජ්ඣඞ්ගය පවතී යයි දැන ගනිමි . ඉදිනුදු මාගේ බොජ්ඣඞ්ගය ච්‍යුත වේ නම් මේ හේතුවෙන් මාගේ බොජ්ඣඞ්ගය චුත වේ යයි දැන ගනිමි යි.
Pali BJT2. 1. 5.
Sinhala BJT2. 1. 5.
Pali BJTභික්ඛුසුත්තං
Sinhala BJTභික්‍ෂූ සූත්‍රය
Pali BJT551. අථ ඛො අඤ්ඤතරො භික්ඛු යෙන භගවා තෙනුපසඞ්කමි -පෙ- එකමන්තං නිසින්නො ඛො සො භික්ඛු භගවන්තං එතදවොච: බොජ්ඣඞ්ගා බොජ්ඣඞ්ගාති භන්තෙ, වුච්චන්ති. කිත්තාවතා නුඛො භන්තෙ, බොජ්ඣඞ්ගාති වුච්චන්තී?ති බොධාය සංවත්තන්තීති ඛො භික්ඛු තස්මා බොජ්ඣඞ්ගාති වුච්චන්ති. ඉධ භික්ඛු, භික්ඛු{3} සතිසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං -පෙ- උපෙඛාසම්බොජ්ඣඞ්ගං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං.
Sinhala BJT551. එකල්හි එක්තරා මහණෙක් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය ... එකත්පස්ව හුන් ඒ මහණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. වහන්ස, “බොජ්ඣඞ්ග බොජ්ඣඞ්ග” යයි කියනු ලැබෙත්. වහන්ස, කොතෙකින් “බොජ්ඣඞ්ග”යි කියනු ලැබෙද්දෝ?යි. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි එහෙයින් බොජ්ඣඞ්ගහ යි කියනු ලැබෙත්. මහණ, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට සතිසම්බොජ්ඣඞ්ගය වඩයි ... විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට උපෙක්ඛාසම්බොජ්ඣඞ්ගය වඩයි.
Pali BJTතස්සිමෙ සත්තබොජ්ඣඞ්ගෙ භාවයතො කාමාසවාපි චිත්තං විමුච්චති. භවාසවාපි චිත්තං විමුච්චති. අවිජ්ජාසවාපි චිත්තං විමුච්චති. විමුත්තස්මිං විමුත්තමිති ඤාණං හොති. ඛීණා ජාති වුසිතං බ්රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්ථත්තායාති පජානාති. බොධාය සංවත්තන්තීති ඛො භික්ඛු, තස්මා බොජ්ඣඞ්ගාති වුච්චන්තීති.
Sinhala BJTමේ සත් බොජඟ වඩන ඔහුගේ සිත කාමාස්‍රවයෙනුදු මිදෙයි. භවාස්‍රවයෙනුදු සිත මිදෙයි. අවිද්‍යාස්‍රවයෙනුදු සිත මිදෙයි. මිදුණු කල මිදුණේ යයි දැනීම වෙයි. ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බව පිණිස අනෙකක් නැතැයි දැනගනී. මහණ, අවබෝධය පිණිස පවතිත් නු යි එහෙයින් බොජ්ඣඞ්ග යි කියනු ලැබෙති යි.
Pali BJT2. 1. 6.
Sinhala BJT2. 1. 6.
Pali BJTකුණ්ඩලියසුත්තං
Sinhala BJTකුණ්ඩලිය සූත්‍රය
Pali BJT552. එකං සමයං භගවා සාකෙතෙ විහරති අඤ්ජනවනෙ මිගදායෙ. අථ ඛො කුණ්ඩලියො පරිබ්බාජකො යෙන භගවා තෙනුපසඞ්කමි. උපසඞ්කමිත්වා භගවතා සද්ධිං සම්මොදි. සම්මොදනීයං කථං සාරාණීයං වීතිසාරෙත්වා එකමන්තං නිසීදි. එකමන්තං නිසින්නො ඛො කුණ්ඩලියො පරිබ්බාජකො භගවන්තං එතදවොච: අහමස්මි භො ගොතම, ආරාමනිසාදී{1} පරිසාවචරො. තස්ස මය්හං භො ගොතම, පච්ඡාභත්තං භුත්තපාතරාසස්ස අයමාචාරො{2} හොති: ආරාමෙන ආරාමං උය්යානෙන උය්යානං අනුචඞ්කමාමි, අනුවිචරාමි. සො තත්ථ පස්සාමි: “එකෙ සමණබ්රාහ්මණෙ ඉතිවාදප්පමොක්ඛානිසංසඤ්චෙව කථං කථෙන්තෙ උපාරම්භානිසංසඤ්ච.” භවං පන ගොතමො කිමානිසංසො විහරතීති. විජ්ජාවිමුත්තිඵලානිසංසො ඛො කුණ්ඩලිය, තථාගතො විහරතීති. කතමෙ පන භො ගොතම, ධම්මා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්තී?ති සත්ත ඛො කුණ්ඩලිය, බොජ්ඣඞ්ගා භාවිතා බහුලීකතා විජ්ජාවිමුත්තිං පරිපූරෙන්තීති.
Sinhala BJT552. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි මිගදාය නම් අඳුන්වෙනෙහි වැඩ වසන සේක. එකල්හි කුණ්ඩලිය පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේ ය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතු සිහි කටයුතු කථාව කොට නිමවා එකත්පස් ව හුන්නේය. එකත්පස් ව හුන් කුණ්ඩලිය පිරිවැජි තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය: “භවත් ගෞතමයෙනි, මම අරම් නිසා වෙසෙන (මෙරමා මතම මැඩලා ස්වමතය තිර කිරීමට සමත්) පිරිස්හි හැසිරෙන්නෙක් වෙමි. භවත් ගෞතමයෙනි, උදයබත වැළඳූ ඒ මාගේ පසුබත මෙබඳු සිරිතෙක් වෙයි: අරමින් අරම උයනෙන් උයන අනුව සක්මන් කරමි. අනුව හැසිරෙමි. ඒ මම “වාදය මෙසේය, වාදයෙන් මිදීම මෙසේය” යි මෙය අනුසස් කොට ඇති කථා කියන ඇතැම් මහණබමුණන් එහි දකිමි. භවත් ගෞතම තෙමේ කුමක් අනුසස් කොට ඇතිව වෙසේදැ?” යි. කුණ්ඩලිය, තථාගත තෙමේ විද්‍යාවිමුක්තිඑල අනුසස් කොට ඇතුව වෙසෙයි. භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති සම්පූර්‍ණ කෙරෙද්දැ? යි. කුණ්ඩලිය, සත් බොජ්ඣඞ්ගයෝ වඩන ලදහු බහුල කරන ලදහු විජ්ජාවිමුත්ති සම්පූර්‍ණ කෙරෙතියි.
Pali BJTකතමෙ පන භො ගොතම, ධම්මා භාවිතා බහුලීකතා සත්තබොජ්ඣඞ්ගෙ පරිපූරෙන්තී?ති චත්තාරො ඛො කුණ්ඩලිය, සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්තීති.
Sinhala BJT“භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු කෙරෙද්දැ?” යි, කුණ්ඩලිය, සිවුසීවටන්හු වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පිරිපුන් කෙරෙති යි.
Pali BJTකතමෙ පන භො ගොතම, ධම්මා භාවිතා බහුලීකතා චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙන්තී?ති තීණි ඛො කුණ්ඩලිය, සුචරිතානි භාවිතානි බහුලීකතානි චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙන්තීති.
Sinhala BJT“භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු සිවුසීවටන් පිරිපුන් කෙරෙද්දැ?” යි. කුණ්ඩලිය, ත්‍රිවිධ සුචරිතයෝ වඩන ලදහු බහුල කරන ලදහු සිවුසීවටන් පිරිපුන් කෙරෙතියි.
Pali BJTකතමෙ පන භො ගොතම, ධම්මා භාවිතා බහුලීකතා තීණි සුචරිතානි පරිපූරෙන්තී?ති, ඉන්ද්රියසංවරො ඛො කුණ්ඩලිය, භාවිතො බහුලීකතො තීණි සුචරිතානි පරිපූරෙතීති.
Sinhala BJT“භවත් ගෞතමයෙනි, කවර දහම්හු වඩන ලදහු බහුල කරන ලදහු තුන් සුසිරිත් පිරිපුන් කෙරෙද්දැ?” යි. කුණ්ඩලිය, ඉන්‍ද්‍රියසංවරය වඩන ලද්දේ බහුල කරන ලද්දේ තුන් සුසිරිත් පිරිපුන් කෙරේ යි.
Pali BJTකථං භාවිතො ච කුණ්ඩලිය, ඉන්ද්රියසංවරො කථං බහුලීකතො තීණි සුචරිතානි පරිපූරෙති? ඉධ කුණ්ඩලිය, භික්ඛු චක්ඛුනා රූපං දිස්වා මනාපං නාභිජ්ඣති{3} නාභිහංසති{4}, න රාගං ජනෙති. තස්ස ඨිතො ච කායො හොති, ඨිතං චිත්තං, අජ්ඣත්තං සුසණ්ඨිතං{5}, සුවිමුත්තං. චක්ඛුනා ඛො පනෙව රූපං දිස්වා අමනාපං න මඞ්කු හොති, අපතිත්ථිනචිත්තො{6} අදීනමනසො{7} අබ්යාපන්නචෙතසො. තස්ස ඨිතො ච කායො හොති, ඨිතං චිත්තං, අජ්ඣත්තං සුසණ්ඨිතං, සුවිමුත්තං.
Sinhala BJTකුණ්ඩලිය, ඉන්‍ද්‍රියසංවරය කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ තුන් සුසිරිත් පිරිපුන් කෙරේද? යත්: කුණ්ඩලිය, මෙහි මහණ තෙමේ ඇසින් දැක ඉටු අරමුණු නො පතයි. සාමිස සතුටින් නො පෙළෙයි. රාගය නූපදවයි. ඔහුගේ නාම කයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ (කමටහන් වශයෙන්) මැනවින් සිටියේ (කමටහනින් මිදීමෙන්) මැනවින් මිදුණේ වෙයි. ඇසින් ම අනිටු රූ දැක ද මකු නොවෙයි (නො හැකිලෙයි). නො සන්සුන් සිත් නැත්තේ බැගෑපත් සිත් නැත්තේ දුෂ්ට සිත් නැත්තේ වෙයි. ඔහුගේ නාමකයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වෙයි.
Pali BJTපුන චපරං කුණ්ඩලිය, භික්ඛු සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය මනාපං නාභිජ්ඣති, නාභිහංසති, න රාගං ජනෙති. තස්ස ඨිතො ච කායො හොති, ඨිතං චිත්තං, අජ්ඣත්තං සුසණ්ඨිතං, සුවිමුත්තං. මනසා ඛො පනෙව ධම්මං විඤ්ඤාය අමනාපං න මඞ්කු හොති අපතිත්ථිනචිත්තො අදීනමනසො අබ්යාපන්නචෙතසො. තස්ස ඨිතො ච කායො හොති, ඨිතං චිත්තං, අජ්ඣත්තං සුසණ්ඨිතං, සුවිමුත්තං. යතො ඛො කුණ්ඩලිය, භික්ඛුනො චක්ඛුනා රූපං දිස්වා මනාපාමනාපෙසු රූපෙසු ඨිතො ච කායො හොති, ඨිතං චිත්තං, අජ්ඣත්තං සුසණ්ඨිතං, සුවිමුත්තං. සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය මනාපාමනාපෙසු ධම්මෙසු ඨිතො ච කායො හොති, ඨිතං චිත්තං, අජ්ඣත්තං සුසණ්ඨිතං, සුවිමුත්තං. එවං භාවිතො ඛො කුණ්ඩලිය, ඉන්ද්රියසංවරො එවං බහුලීකතො තීණි සුචරිතානි පරිපූරෙති.
Sinhala BJT“කුණ්ඩලිය, නැවත අනෙකක්ද කියමි. මහණ තෙමේ කනින් හඬ අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවින් රස විද … කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන ඉටු අරමුණ නොපතයි. සාමිස සතුටින් නො පෙළෙයි. රාගය නූපදවයි. ඔහුගේ නාමකයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වෙයි. සිතින් දහම් දැන අනිටු අරමුණෙහි මකු නො වෙයි. නො සන්සුන් සිත් නැත්තේ බැගෑපත් සිත් නැත්තේ දුෂ්ට සිත් නැත්තේ වෙයි. ඔහුගේ නාම කයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වෙයි. කුණ්ඩලිය, යම් කලෙක පටන් මහණහුගේ සිත ඇසින් රූ දැක ඉටු අනිටු රූහි නාම කයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වේද, කනින් හඬ අසා ... නැහැයෙන් ගඳ ගෙන ... දිවින් රස විඳ … කයින් පහස් පැහැස ... සිතින් දහම් දැන ඉටු අනිටු දහම්හි නාමකයත් අරමුණෙහි සිටියේ සිතත් සිටියේ මැනවින් සිටියේ මැනවින් මිදුණේ වේ ද, කුණ්ඩලිය, ඉන්‍ද්‍රියසංවරය මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ තුන් සුසිරිත් පිරිපුන් කෙරේ” යි.
Pali BJTකථං භාවිතානි ච කුණ්ඩලිය, තීණි සුචරිතානි කථං බහුලීකතානි චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙන්ති? ඉධ කුණ්ඩලිය, භික්ඛු කායදුච්චරිතං පහාය කායසුචරිතං භාවෙති, වචීදුච්චරිතං පහාය වචීසුචරිතං භාවෙති, මනොදුච්චරිතං පහාය මනොසුචරිතං භාවෙති. එවං භාවිතානි ඛො කුණ්ඩලිය, තීණි සුචරිතානි එවං බහුලීකතානි චත්තාරො සතිපට්ඨානෙ පරිපූරෙන්ති.
Sinhala BJT“කුණ්ඩලිය, තුන් සුසිරිත් කෙසේ වඩන ලද්දේ කෙසේ බහුල කරන ලද්දේ සිවු සීවටන් පිරිපුන් කෙරේද? යත්: කුණ්ඩලිය, මෙහි මහණ තෙමේ කාය දුශ්චරිතය හැර කාය සුචරිතය වඩයි. වාග් දුශ්චරිතය හැර වාක් සුචරිතය වඩයි. මනෝ දුශ්චරිතය හැර මනඃසුචරිතය වඩයි. කුණ්ඩලිය, තුන් සුසිරිත් මෙසේ වඩන ලද්දේ මෙසේ බහුල කරන ලද්දේ සිවු සීවටන් පිරිපුන් කෙරේ” යි.
Pali BJTකථං භාවිතා ච කුණ්ඩලිය, චත්තාරො සතිපට්ඨානා කථං බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්ති? ඉධ කුණ්ඩලිය, භික්ඛු කායෙ කායානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. වෙදනාසු -පෙ- චිත්තෙ -පෙ- ධම්මෙසු ධම්මානුපස්සී විහරති. ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. එවං භාවිතා ඛො කුණ්ඩලිය, චත්තාරො සතිපට්ඨානා එවං බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්තීති.
Sinhala BJT“කුණ්ඩලිය, සිවු සීවටන්හු කෙසේ වඩන ලදහු බහුල කරන ලදහු සත් බොජඟ පිරිපුන් කෙරේද? යත්: කුණ්ඩලිය, මෙහි මහණ තෙමේ කයෙහි කය අනුව බලමින් කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම ඇතිව සිහි ඇතිව කාලොව්හි දැඩි ලොබ හා දොම්නස දුරු කොට වෙසේ, විඳුම්හි ... සිත්හි ... දහම්හි දහම් අනුව බලමින් කෙලෙස් තවන වැර ඇති ව මනා දැනුම් ඇතිව සිහි ඇතිව දහම්ලොවහි දැඩි ලෝභ හා දොම්නස දුරු කොට වෙසේ. කුණ්ඩලිය, සිවු සීවටන්හු මෙසේ වඩන ලදහු මෙසේ බහුල කරන ලදහු සත් බොජඟ පිරිපුන් කෙරෙති” යි.