Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12201-12300 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT180. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කරීයන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය. එවමෙතෙ බලකරණීයා කම්මන්තා කරීයන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං -පෙ- සම්මාසමාධිං භාවෙති. රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJT180. මහණෙනි, යම්සේ කාය බලයෙන් කළයුතු යම් කිසි කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩාද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ රාගවිනය පර්‍ය්‍යාවසාන වූ දෝසවිනය පර්‍ය්‍යාවසාන වූ මෝහවිනය පර්‍ය්‍යාවසාන වූ සම්මාදිට්ඨිය වඩයි ... රාගවිනය පර්‍ය්‍යාවසාන දෝසවිනය පර්‍ය්‍යාවසාන වූ මෝහවිනය පර්‍ය්‍යාවසාන වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරිඅටඟිමග බහුල කෙරේ යයි.
Pali BJT1. 14. 3.
Sinhala BJT1. 14. 3.
Pali BJTතතියබලසුත්තං
Sinhala BJTතතිය බල සූත්‍රය
Pali BJT181. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කරීයන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය එවමෙතෙ බලකරණීයා කම්මන්තා කරීයන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති. අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති. අමතොගධං අමතපරායනං අමතපරියොසානං -පෙ-
Sinhala BJT181. මහණෙනි, යම්සේ කායබලයෙන් කළයුතු යම් කිසි කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩාද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට ඇතුළත් වූ නිවන පිහිටකොට ඇති, නිවන කෙළවර කොට ඇති සම්මාදිට්ඨිය වඩයි ...
Pali BJTසම්මාසමාධිං භාවෙති අමතොගධං අමතපරායනං අමතපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති. අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJTනිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි, අරිඅටඟිමග බහුල කෙරේ යයි.
Pali BJT1. 14. 4.
Sinhala BJT1. 14. 4.
Pali BJTචතුත්ථබලසුත්තං
Sinhala BJTචතුත්‍ථබල සූත්‍රය
Pali BJT182. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කරීයන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය, එවමෙතෙ බලකරණීයා කම්මන්තා කරීයන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති. අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං -පෙ- සම්මාසමාධිං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති. අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJT182. මහණෙනි, යම් සේ යම් කිසි බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩාද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණු, නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ, නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරිඅටඟිමග බහුල කෙරේ යයි.
Pali BJT1. 14. 5-8.
Sinhala BJT1. 14. 5-8.
Pali BJTබීජසුත්තානි
Sinhala BJTබීජ සූත්‍ර
Pali BJT183-186. සෙය්යථාපි භික්ඛවෙ, යෙකෙචි බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියා පතිට්ඨාය, එවමෙතෙ බීජගාමභූතගාමා වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං ආපජ්ජන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසු: ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො වුද්ධිං විරූළ්හිං වෙපුල්ලං පාපුණාති ධම්මෙසූති.
Sinhala BJT183-186. මහණෙනි, යම්සේ යම් කිසි ඇටවර්‍ග පැලවර්‍ගයෝ වැඩීමට ස්ථීරත්‍වයට විපුලත්‍වයට පැමිණෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ ඇටවර්‍ග පැලවර්‍ගයෝ වැඩීමට ස්ථීරත්‍වයට විපුලත්‍වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරි අටඟි මග බහුල කරන්නේ දහම්හි ලා වැඩීමට ස්ථීරත්‍වයට විපුලත්‍වයට පැමිණේ. මහණෙනි, මහණ තෙමේ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා වැඩීමට ස්ථීරත්‍වයට විපුලත්‍වයට පැමිණේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා වැඩීමට ස්ථීරත්‍වයට විපුලත්‍වයට පැමිණේ යයි.
Pali BJT1. 14. 9-12.
Sinhala BJT1. 14. 9-12.
Pali BJTනාගසුත්තානි
Sinhala BJTනාග සූත්‍ර
Pali BJT187-190. සෙය්යථාපි භික්ඛවෙ, හිමවන්තං{1} පබ්බතරාජං නිස්සාය නාගා කායං වඩ්ඪෙන්ති, බලං ගාහෙන්ති. තෙ තත්ථ කායං වඩ්ඪෙත්වා බලං ගාහෙත්වා කුස්සුබ්භෙ{2} ඔතරන්ති, කුස්සුබ්භෙ{2} ඔතරිත්වා මහාසොබ්භෙ ඔතරන්ති. මහාසොබ්භෙ ඔතරිත්වා කුන්නදියො ඔතරන්ති, කුන්නදියො ඔතරිත්වා මහානදියො ඔතරන්ති, මහානදියො ඔතරිත්වා මහාසමුද්දං සාගරං ඔතරන්ති. තෙ තත්ථ මහන්තත්තං වෙපුල්ලත්තං{3} ආපජ්ජන්ති කායෙන. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො මහන්තත්තං වෙපුල්ලත්තං{3} පාපුණාති ධම්මෙසු. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො මහන්තත්තං වෙපුල්ලත්තං{3} පාපුණාති ධම්මෙසු: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො මහන්තත්තං වෙපුල්ලත්තං{3} පාපුණාති ධම්මෙසූති.
Sinhala BJT187-190. මහණෙනි යම්සේ හිමවත් පර්‍වතරාජයා නිසා නාගයෝ කය වඩද්ද, බල ගනිද්ද, ඔහු එහි කය වඩා බල ගෙන කුඩා හෙබ්වලට බසිත්. කුඩා හෙබ්වලට බැස මහහෙබ්වලට බසිත්. මහහෙබ්වලට බැස කුඩාගඩ්ගාවලට බසිත්. කුඩාගඩ්ගාවලට බැස මහාගඩ්ගාවලට බසිත්. මහාගඩ්ගාවලට බැස මහමුහුදුසයුරට බසිත්. ඔහු එහි කයින් මහත්‍වයට විපුලත්‍වයට පැමිණෙත්. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ, අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්‍වයට විපුලත්‍වයට පැමිණෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්‍වයට විපුලත්‍වයට පැමිණේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ දහම්හි ලා මහත්‍වයට විපුලත්‍වයට පැමිණේ යයි.
Pali BJT1. 14. 13-16.
Sinhala BJT1. 14. 13-16.
Pali BJTරුක්ඛසුත්තානි
Sinhala BJTරුක්ඛ සූත්‍ර
Pali BJT191-194. සෙය්යථාපි භික්ඛවෙ, රුක්ඛො පාචීනනින්නො පාචීනපොණො පාචීනපබ්භාරො. සො මූලෙ{4} ඡින්නො කතමෙන පපාතෙන පපතෙය්යාති{5} යෙන භන්තෙ, නින්නො යෙන පොණො යෙන පබ්භාරොති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො, නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJT191-194. මහණෙනි, යම්සේ රුකෙක් පැදුන්දිගට නැමුණේ පැදුන්දිගට නැඹුරු වූයේ පැදුන්දිගට බරවූයේ වේද, එය මුල සිඳින ලද්දේ කවර ප්‍රපාතයකට වැටෙන්නේ දැ යි. වහන්ස, යම්දිගකට නැමුණේ යම්දිගකට නැඹුරු වූයේ යම් දිගකට බර වූයේ නම් (එදිගට) ය. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාග නිස්සිත වූ නිරෝධනිස්සිතවූ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරුවූයේ නිවනට බරවූයේ වේ යයි.
Pali BJT1. 14. 17-20.
Sinhala BJT1. 14. 17-20.
Pali BJTකුම්භසුත්තානි
Sinhala BJTකුම්භ සූත්‍ර
Pali BJT195-198. සෙය්යථාපි භික්ඛවෙ, කුම්භො නික්කුජ්ජො වමතෙව උදකං නො පච්චාවමති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො වමතෙව පාපකෙ අකුසලෙ ධම්මෙ නො පච්චාවමති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො වමතෙව පාපකෙ අකුසලෙ ධම්මෙ නො පච්චාවමති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො වමතෙව පාපකෙ අකුසලෙ ධම්මෙ නො පච්චාවමතීති.
Sinhala BJT195-198. මහණෙනි, යම්සේ කළය යටිහුරු වූයේ දිය වගුරුවන්නේ, මැ වේ, නො ම පෙරළා ගනී ද මහණෙනි, එසෙයින් ම මහණ අරිඅටඟිමග වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ ලාමක අකුසල් දහම් වමාරනුයේ නො ම පෙරළා ගනී. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ, අරිඅටඟිමග බහුල කරන්නේ ලාමක අකුසල් දහම් වමාරනුයේ නො ම පෙරළා ගනී ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ ලාමක අකුසල් දහම් වමාරා ම ය නොම පෙරළා ගනී යි.
Pali BJT1. 14. 21-24.
Sinhala BJT1. 14. 21-24.
Pali BJTසූක සුත්තානි
Sinhala BJTසූඛ සූත්‍ර
Pali BJT199-202. සෙය්යථාපි භික්ඛවෙ, සාලිසූකං වා යවසූකං වා සම්මාපණිහිතං හත්ථෙන වා පාදෙන වා අක්කන්තං හත්ථං වා පාදං වා හෙච්ඡති ලොහිතං වා උප්පාදෙස්සතීති ඨානමෙතං විජ්ජති. තං කිස්ස හෙතු: සම්මාපණිහිතත්තා භික්ඛවෙ, සූකස්ස. එවමෙව ඛො භික්ඛවෙ, සො වත{1} භික්ඛු සම්මා පණිහිතාය දිට්ඨියා සම්මාපණිහිතාය මග්ග භාවනාය අවිජ්ජං හෙච්ඡති{2} විජ්ජං උප්පාදෙස්සති, නිබ්බානං සච්ඡිකරිස්සතීති ඨානමෙතං විජ්ජති. තං කිස්ස හෙතු: සම්මා පණිහිතත්තා භික්ඛවෙ දිට්ඨියා. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සම්මා පණිහිතාය දිට්ඨියා සම්මා පණිහිතාය මග්ගභාවනාය අවිජ්ජං භින්දති විජ්ජං උප්පාදෙති නිබ්බානං සච්ඡිකරොති: ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මා සමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සම්මා පණිහිතාය දිට්ඨියා සම්මා පණිහිතාය මග්ගභාවනාය අවිජ්ජං භින්දති විජ්ජං උප්පාදෙති නිබ්බානං සච්ඡිකරොතීති.
Sinhala BJT199-202. මහණෙනි, යම්සේ හැල්නණ්ඩුවක් හෝ යවනණ්ඩුවක් හෝ මැනැවින් තබන ලද්දේ අතින් හෝ පයින් හෝ ඇක්මුණේ අත හෝ පය හෝ බිඳින්නේ ය, ලේ හෝ උපදවන්නේ ය යන මේ කරුණ ඇද්ද, ඒ කවර හෙයින යත්: මහණෙනි, නණ්ඩුව තමා මැනවින් තබන ලද බැවිනි. මහණෙනි, එසෙයින් ම ඒ මහණ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනැවින් පිහිටු වන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳින්නේ ය, විද්‍යාව උපදවන්නේ ය, නිවන පසක් කරන්නේ ය යන මෙකරුණ ඇත. ඒ කවර හෙයින යත්: මහණෙනි, දෘෂ්ටිය මැනවින් පිහිටුවන ලද බැවිනි. මහණෙනි, කෙසේ නම් මහණ මැනැවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනැවින් පිහිටුවන ලද මාර්‍ගභාවනායෙන් අවිද්‍යාව බිඳී ද, විද්‍යාව උපදවා ද, නිවන පසක් කෙරේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සම්මාදිට්ඨිය වඩයි … සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ මැනවින් පිහිටුවන ලද දෘෂ්ටියෙන් මැනැවින් පිහිටුවන ලද මාර්‍ග භාවනායෙන් අවිද්‍යාව බිඳියි විද්‍යාව උපදවයි නිවන පසක් කෙරේ යයි.
Pali BJT1. 14. 25-28.
Sinhala BJT1. 14. 25-28.
Pali BJTආකාස සුත්තානි
Sinhala BJTආකාස සූත්‍ර
Pali BJT203-206. සෙය්යථාපි භික්ඛවෙ, ආකාසෙ විවිධා වාතා වායන්ති පුරත්ථිමාපි වාතා වායන්ති. පච්ඡිමාපි වාතා වායන්ති. උත්තරාපි වාතා වායන්ති. දක්ඛිණාපි වාතා වායන්ති. සරජාපි වාතා වායන්ති. අරජාපි වාතා වායන්ති. සීතාපි වාතා වායන්ති. උණ්හාපි වාතා වායන්ති. පරිත්තාපි වාතා වායන්ති. අධිමත්තාපි වාතා වායන්ති.
Sinhala BJT203-206. මහණෙනි, යම්සේ අහසෙහි විවිධවාතයෝ හමද්ද පෙරදිගිනුදු වාතය හමයි, පෑළදිගිනුදු වාතය හමයි. උතුරු දිගිනුදු වාතය හමයි, දකුණු දිගිනුදු වාතය හමයි. රජස් සහිත වාතය ද හමයි, රජස් රහිත වාතය ද හමයි, සිහිල් වාතය ද හමයි. උණුසුම් වාතය ද හමයි, මද වූ වාතය ද හමයි, බොහෝ වූ වාතය ද හමයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයතො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතො චත්තාරොපි සතිපට්ඨානා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, චත්තාරොපි සම්මප්පධානා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, චත්තාරොපි ඉද්ධිපාදා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. පඤ්චපි ඉන්ද්රියානි භාවනා පාරිපූරිං ගච්ඡන්ති. පඤ්චපි බලානි භාවනා පාරිපූරිං ගච්ඡන්ති. සත්තපි බොජ්ඣඞ්ගා භාවනා පාරිපූරිං ගච්ඡන්ති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛුනො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයතො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතො චත්තාරොපි සතිපට්ඨානා භාවනාපාරිපූරිං ගච්ඡන්ති. චත්තාරොපි සම්මප්පධානා -පෙ- චත්තාරොපි ඉද්ධිපාදා -පෙ- පඤ්චපි ඉන්ද්රියානි -පෙ- පඤ්චපි බලානි -පෙ- සත්තපි බොජ්ඣඞ්ගා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයතො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතො චත්තාරොපි සතිපට්ඨානා භාවනා පාරිපූරිං ගච්ඡන්ති, චත්තාරොපි සම්මප්පධානා -පෙ- චත්තාරොපි ඉද්ධිපාදා -පෙ- පඤ්චපි ඉන්ද්රියානි -පෙ- පඤ්චපි බලානි -පෙ- සත්තපි බොජ්ඣඞ්ගා භාවනාපාරිපූරිං ගච්ඡන්තීති.
Sinhala BJTමහණෙනි, එසෙයින් ම අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සතරසතිපට්ඨානයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. සතරසම්මප්පාධානයෝත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. සතර ඍද්ධිපාදයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. පඤ්ච ඉන්‍ද්‍රියයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. පඤ්ච බලයෝත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. සත්ත බොජ්ඣඞ්ගයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙති. මහණෙනි, කෙසේ නම් අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සතර සතිපට්ඨානයොත් භාවනායෙන් පිරිපුන් බවට යෙත් ද, සතර සම්මප්පධානයොත් ... සතර ඉද්ධිපාදයෝත් ... පඤ්ච ඉන්‍ද්‍රියයොත් ... පඤ්ච බලයෝත් ... සත්ත බොජ්ඣඞ්ගයොත් භාවනායෙන් පිරීමට යෙත්ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ අරීඅටඟිමඟ වඩන අරිඅටඟිමග බහුල කරන මහණහුගේ සතර සතිපට්ඨානයොත් භාවනායෙන් පිරිපුන් බවට යති. සතර සම්මප්පධානයොත් ... සතර ඉද්ධිපාදයොත් ... පඤ්ච ඉන්‍ද්‍රියයොත්, පඤ්ච බලයෝත් ... සත්ත බොජ්ඣඞ්ගයොත් භාවනායෙන් පිරීමට යෙති යි.
Pali BJT1. 14. 29-32.
Sinhala BJT1. 14. 29-32.
Pali BJTමෙඝසුත්තානි
Sinhala BJTමේඝ සූත්‍ර
Pali BJT207-210. සෙය්යථාපි භික්ඛවෙ, ගිම්හානං පච්ඡිමෙ මාසෙ උග්ගතං{1} රජොජල්ලං. තමෙනං මහාඅකාලමෙඝො ඨානසො අන්තරධාපෙති වූපසමෙති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති, වූපසමෙති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ ඨානසො අන්තරධාපෙති වූපසමෙතීති.
Sinhala BJT207-210 මහණෙනි, යම්සේ ග්‍රීෂ්ම ඍතුවෙහි පැසුළුමස (ඇසළමස) උඩට නැගුනු ඒ මේ රජස්දැල්ල මහත් නොකල්වැස්සෙක් සහමුලින් අතුරුදහන් කෙරේ ද, සන්හිඳුවා ද; මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් සහමුලින් අතුරුදන් කෙරෙයි. සන්හිඳුවයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම් සහමුලින් අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරිඅටඟිමග වඩන්නේ අරිඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම් සහමුලින් අතුරුදන් කෙරේ, සන්හිඳුවා යයි.
Pali BJT1. 14. 33-36.
Sinhala BJT1. 14. 33-36.
Pali BJTදුතියමෙඝසුත්තානි
Sinhala BJTදුතිය මේඝ සූත්‍ර
Pali BJT211-214. සෙය්යථාපි භික්ඛවෙ, උප්පන්නං මහාමෙඝං, තමෙනං මහාවාතො අන්තරායෙව අන්තරධාපෙති වූපසමෙති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ
Sinhala BJT211-214 මහණෙනි, යම්සේ උපන් ඒ මේ මහාමේඝය මහා වාතය අතරමග ම අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද, මහණෙනි, එසෙයින් ම මහණතෙමේ අරීඅටඟිමග වඩන්නේ අරීඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම්
Pali BJTඅන්තරායෙව අන්තරධාපෙති, වූපසමෙති. කථඤ්ච භික්ඛවෙ භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ අන්තරායෙව අන්තරධාපෙති වූපසමෙති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො උප්පන්නුප්පන්නෙ පාපකෙ අකුසලෙ ධම්මෙ අන්තරායෙව අන්තරධාපෙති වූපසමෙතීති.
Sinhala BJTඅතරමග ම අතුරුදන් කෙරෙයි. සන්හිඳුවයි. මහණෙනි, කෙසේ නම් මහණ තෙමේ අරීඅටඟිමග වඩන්නේ අරීඅටඟිමග බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල් දහම් අතරමගම අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමුණු සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ තෙමේ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ උපනුපන් ලාමක අකුසල්දහම් අතරමග ම අතුරුදන් කෙරේ ද, සන්හිඳුවා යයි.
Pali BJT1. 14. 37-40.
Sinhala BJT1. 14. 37-40.
Pali BJTනාවාසුත්තානි
Sinhala BJTනාවා සූත්‍ර
Pali BJT215-218. සෙය්යථාපි භික්ඛවෙ, සාමුද්දිකාය නාවාය වෙත්තබන්ධන බන්ධාය ඡම්මාසානි උදකෙ පරියාතාය{1} හෙමන්තිකෙන ථලං{2} උක්ඛිත්තාය වාතාතපපරෙතානි බන්ධනානි තානි පාවුස්සකෙන මෙඝෙන අභිප්පවුට්ඨානි{3} අප්පකසිරෙන පටිප්පස්සම්භන්ති{4}. පූතිකානි භවන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයතො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතො අප්පකසිරෙනෙව සංයොජනානි පටිප්පස්සම්භන්ති. පූතිකානි භවන්ති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛුනො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයතො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතො අප්පකසිරෙනෙව සංයොජනානි පටිප්පස්සම්භන්ති{4} පූතිකානි භවන්ති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛුනො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවයතො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතො අප්පකසිරෙනෙව සංයොජනානි පටිප්පස්සම්භන්ති පූතිකානි භවන්තීති.
Sinhala BJT215-218 මහණෙනි, වේවැල්බැඳුමින් බඳනා ලද සමසක් මුළුල්ලෙහි දියෙහි ඔබිනොබ ගමන් කළ හේමන්තවාතයෙන් ගොඩ නගන ලද මුහුදෙහි වූ නැවක් පිළිබඳ අවුසුළඟින් මඬනා ලද (යම්) බන්‍ධනයෝ වෙත් ද ඔහු වැසිකල්හි වූ වැස්සෙන් හාත්පසින් තෙමුණාහු නිතැතින් ම යම්සේ ලිහෙද්ද, කුණුවූවාහු වෙත් ද, මහණෙනි, එසෙයින් ම අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සංයෝජනයෝ නිදුකින් ම සන්හිඳෙත්. ක්‍ෂය වෙත්. මහණෙනි, කෙසේ නම් අරීඅටඟිමඟ වඩන, අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සංයෝජනයෝ නිදුකින් ම සන්හිඳෙද්ද ක්‍ෂය වූවාහු වෙද්ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකය ඇසුරු වූවක් විරාගය ඇසුරු වූවක් නිරෝධය ඇසුරු වූවක් නිවනට නැමෙනසුල්ලක් කොට සම්‍යක්දෘෂ්ටිය වඩයි ... සම්‍යක් සමාධිය වඩයි. මහණෙනි, මෙසේ අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහුගේ සංයෝජනයෝ නිදුකින් ම සන්හිඳෙත් ක්‍ෂය වූවාහු වෙති යී.
Pali BJT1. 14. 41-44.
Sinhala BJT1. 14. 41-44.
Pali BJTආගන්තුකසුත්තානි
Sinhala BJTආගන්තුක සූත්‍ර
Pali BJT219-222. සෙය්යථාපි භික්ඛවෙ, ආගන්තුකාගාරං, තත්ථ පුරත්ථිමාය{5} දිසාය ආගන්ත්වා වාසං කප්පෙන්ති. පච්ඡිමාය දිසාය ආගන්ත්වා වාසං කප්පෙන්ති. උත්තරාය දිසාය ආගන්ත්වා වාසං කප්පෙන්ති. දක්ඛිණාය දිසාය ආගන්ත්වා වාසං කප්පෙන්ති. ඛත්තියාපි ආගන්ත්වා වාසං කප්පෙන්ති. බ්රාහ්මණාපි ආගන්ත්වා වාසං කප්පෙන්ති. වෙස්සාපි ආගන්ත්වා වාසං කප්පෙන්ති. සුද්දාපි ආගන්ත්වා වාසං කප්පෙන්ති.
Sinhala BJT219-222. මහණෙනි, ආගන්තුක ගෘහය යම්සේ ද, එහි පෙරදිගින් ද අවුත් වාස කෙරෙති. පැළදිගින් ද අවුත් වාස කෙරෙති. උතුරු දිගින් ද අවුත් වාස කෙරෙති. දකුණුදිගින්ද අවුත් වාස කෙරෙති. ක්‍ෂත්‍රියෝද අවුත් වාස කෙරෙති. බ්‍රාහ්මණයෝ ද අවුත් වාස කෙරෙති. වෛශ්‍යයෝ ද අවුත් වාස කෙරෙති ශුද්‍රයෝ ද අවුත් වාස කෙරෙත්.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො යෙ ධම්මා අභිඤ්ඤා{1} පරිඤ්ඤෙය්යා තෙ ධම්මෙ අභිඤ්ඤා පරිජානාති. යෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා, තෙ ධම්මෙ අභිඤ්ඤා පජහති. යෙ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා, තෙ ධම්මෙ අභිඤ්ඤා සච්ඡිකරොති. යෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා, තෙ ධම්මෙ අභිඤ්ඤා භාවෙති.
Sinhala BJTමහණෙනි, එපරිද්දෙන් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් පිරිසිඳ දත යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් පිරිසිඳ දනී. යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් ප්‍රහාණය කටයුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් ප්‍රහාණය කරයි. යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් පසක් කළ යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස් නුවණින් පසක්කෙරෙයි. යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් වැඩිය යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස් නුවණින් වඩයි.
Pali BJTකතමෙ ච භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා{1} පරිඤ්ඤෙය්යා: පඤ්චුපාදානක්ඛන්ධාතිස්ස වචනීයා. කතමෙ පඤ්ච, සෙය්යථිදං: රූපුපාදානක්ඛන්ධො -පෙ- විඤ්ඤාණුපාදානක්ඛන්ධො. ඉමෙ ඛො භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා. කතමෙ ච භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පහාතබ්බා: අවිජ්ජා ච භවතණ්හා ච. ඉමෙ භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා පහාතබ්බා. කතමෙ ච භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා: විජ්ජා ච විමුත්ති ච, ඉමෙ භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා. කතමෙ ච භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා: සමථො ච විපස්සනා ච. ඉමෙ භික්ඛවෙ, ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො, යෙ ධම්මා අභිඤ්ඤා පරිඤ්ඤෙය්යා, තෙ ධම්මෙ අභිඤ්ඤා පරිජානාති -පෙ- යෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා, තෙ ධම්මෙ අභිඤ්ඤා භාවෙති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො, යෙ ධම්මා අභිඤ්ඤා{1} පරිඤ්ඤෙය්යා, තෙ ධම්මෙ අභිඤ්ඤා පරිජානාති. යෙ ධම්මා අභිඤ්ඤා පහාතබ්බා, තෙ ධම්මෙ අභිඤ්ඤා පජහති. යෙ ධම්මා අභිඤ්ඤා සච්ඡිකාතබ්බා, තෙ ධම්මෙ අභිඤ්ඤා සච්ඡිකරොති. යෙ ධම්මා අභිඤ්ඤා භාවෙතබ්බා, තෙ ධම්මෙ අභිඤ්ඤා භාවෙතීති.
Sinhala BJTමහණෙනි, කවර දහම් කෙනෙක් වෙසෙස්නුවණින් පිරිසිඳ දත යුත්තාහු ද: පඤ්චෝපාදානස්කන්‍ධ යයි කිව යුතු වෙයි. කවර පසෙක්ද යත්: රූපෝපාදානස්කන්‍ධය ... විඥානෝපාදානස්කන්‍ධ යි. මහණෙනි, මේ දහම්හු වෙසෙස්නුවණින් පිරිසිඳ දත යුත්තාහු ය. මහණෙනි, කවර දහම් කෙනෙක් වෙසෙස්නුවණින් ප්‍රහාණයකට යුත්තාහු ද: අවිද්‍යාවත් භාවතෘෂ්ණාවත් ය. මහණෙනි, මේ දහම්හු වෙසෙස්නුවණින් ප්‍රහාණය කළ යුත්තාහු ය. මහණෙනි, කවර දහම් කෙනෙක් වෙසෙස්නුවණින් පසක්කළ යුත්තාහු ද: විද්‍යාවත් විමුක්තියත් ය. මහණෙනි, මේ දහම්හු වෙසෙස්නුවණින් පසක්කළ යුත්තාහු ය. මහණෙනි, කවර දහම් කෙනෙක් වෙසෙස්නුවණින් වැඩිය යුත්තාහු ද: සමථයත්, විදර්‍ශනාවත් ය. මහණෙනි, මේ දහම්හු වෙසෙස් නුවණින් වැඩිය යුත්තාහු ය. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ යම් දහම් කෙනෙක් වෙසෙස්නුවණින් පිරිසිඳ දත යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් පිරිසිඳ දනී ද … යම් දහම් කෙනෙක් වෙසෙස්නුවණින් වැඩිය යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් වඩා ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත වොස්සග්ගපරිණාමි කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ, අරීඅටඟිමඟ බහුල කරන්නේ යම් දහම් කෙනෙක් වෙසෙස්නුවණින් පිරිසිඳ දත යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් පිරිසිඳ දනී. යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් ප්‍රහාණය කළ යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් ප්‍රහාණයකරයි. යම් දහම් කෙනෙක් වෙසෙස්නුවණින් පසක්කළ යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස්නුවණින් පසක් කෙරෙයි. යම් දහම් කෙනෙක් වෙසෙස් නුවණින් වැඩිය යුතු වෙත් නම් ඒ දහම් වෙසෙස් නුවණින් වඩා යි.
Pali BJT1. 14. 45-48.
Sinhala BJT1. 14. 45-48.
Pali BJTනදීසුත්තානි
Sinhala BJTනදී සූත්‍ර
Pali BJT223-226. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. අථ මහාජනකායො ආගච්ඡෙය්ය, කුද්දාලපිටකං ආදාය මයං ඉමං ගඞ්ගානදිං{2} පච්ඡානින්නං කරිස්සාම පච්ඡාපොණං පච්ඡාපබ්භාරන්ති. තං කිම්මඤ්ඤථ භික්ඛවෙ, අපි නු සො මහාජනකායො තං ගඞ්ගානදිං පච්ඡානින්නං කරෙය්ය පච්ඡාපොණං පච්ඡාපබ්භාරන්ති? නො හෙතං භන්තෙ. තං කිස්ස හෙතු? ගඞ්ගා භන්තෙ, නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. සා න සුකරා පච්ඡානින්නං කාතුං පච්ඡාපොණං පච්ඡාපබ්භාරං. යාවදෙව ච පන සො මහාජනකායො කිලමථස්ස විඝාතස්ස භාගී අස්සාති.
Sinhala BJT223-226. මහණෙනි, යම්සේ ගඞ්ගා නදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, ඉදින් මහා ජනසමූහයෙක් උදලුපැහි රැගෙන අපි මේ ගඞ්ගානදිය පෑළදිගට නැමුණක් පෑළදිගට නැඹුරු වූවක් පෑළදිගට බර වූවක් කරන්නෙමු යි එන්නේ ද, මහණෙනි, ඒ කිමැ යි හඟිවු ද, ඒ මහාජනසමූහයා ඒ ගඞ්ගානදිය පෑළදිගට නැමුණක් පෑළදිගට නැඹුරු වූවක් පෑළදිගට බර වූවක් කරන්නේ ද? වහන්ස, එය නො වේ ම ය. ඒ කවර හෙයින යත්: වහන්ස, ගඞ්ගානදිය පෙරදිගට නැමුණි පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා ය. ඒ ගඟ පෑළදිගට නැමුණක් පෑළදිගට නැඹුරු වූවක් පෑළදිගට බර වූවක් කරන්නට පහසු නො වෙයි. ඒ මහජනසමූහයා හුදෙක් විඩාවට පෙළීමට භාජන වන්නේ යයි.
Pali BJTඑවමෙව ඛො භික්ඛවෙ, භික්ඛුං{1} අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තං{2} අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තං{3} රාජානො වා රාජමහාමත්තා වා මිත්තා වා අමච්චා වා ඤාතී වා සාලොහිතා වා භොගෙහි අභිහට්ඨුං පවාරෙය්යුං. එහම්භො{4} පුරිස, කින්තෙ ඉමෙ කාසාවා අනුදහන්ති, කිං මුණ්ඩො කපාලමනුසඤ්චරසි. එහි. හීනායාවත්තිත්වා භොගෙ ච භුඤ්ජස්සු. පුඤ්ඤානි ච කරොහී’ති. සො වත භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො සික්ඛං පච්චක්ඛාය හීනායාවත්තෙය්යාති{5}. නෙතං ඨානං විජ්ජති. තං කිස්ස හෙතු: යං හි තං භික්ඛවෙ, චිත්තං දීඝරත්තං විවෙකනින්නං විවෙකපොණං විවෙකපබ්භාරං. තං වත හීනායාවත්තිස්සතීති නෙතං ඨානං විජ්ජති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJTමහණෙනි, එසෙයින්ම අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන මහණහු රජවරු හෝ රජමහඇමතියෝ හෝ මිතුරෝ හෝ සහචරයෝ හෝ නෑයෝ හෝ සහලේ නෑයෝ හෝ එම්බල පුරුෂය, “එව මේ කහවත් කුමකට තා විසින් හඳිනු (දරනු) ලැබේද? කීම මුඬු වැ කබලෙකින් යුක්ත ව හැසිරෙහි ද? එව ගිහිබවට පෙරළී භෝගයන් ද අනුභව කරව පින් ද කරව”යි භෝගයෙන් එළවා පවරන්නාහු නම් මහණෙනි, අරීඅටඟිමඟ වඩන අරීඅටඟිමඟ බහුල කරන ඒ මහණ තෙමේ ඒකාන්තයෙන් ශික්‍ෂා ප්‍රතික්‍ෂේප කොට ගිහිබවට පෙරළෙන්නේ ය යන මෙකරුණ නැත්තේ ය. ඊට හේතු කීම? මහණෙනි, යම් හෙයෙකින් ඒ සිත බොහෝ කලක් විවේකයට නැමුණේ විවේකයට නැඹුරු වූයේ විවේකයට බර වූයේ වේ නම් ඒ සිත ඒකාන්තයෙන් ලාමකබවට පෙරළෙන්නේ ය යන මෙකරුණ නැත්තේ ම ය. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩාද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යි.
Pali BJT(යථා බලසුත්තානි සබ්බානි තථා විත්ථාරෙතබ්බානි.)
Sinhala BJT(බලසූත්‍ර මෙන් සියලු සූත්‍ර විස්තර කටයුතු යි.)
Pali BJTබලකරණීයවග්ගො චුද්දසමො.
Sinhala BJTතුදුස්වැනි බලකරණීයවර්‍ගය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTබලං බීජං ච නාගො ච රුක්ඛං කුම්භෙන සූකිනාආකාසෙන දුවෙ මෙඝා නාවා ආගන්තුකා නදී ති.
Sinhala BJTබල, බීජ, නාග, රුක්ඛ, කුම්භ, සූඛ, ආකාස යී චතුෂ්ක සතෙකි. මේඝසූත්‍ර චතුෂ්ක දෙකෙකි. නාවා ආගන්තුක නදී යි චතුෂ්ක තුනෙකි. (සූත්‍ර මුළුල්ල අටසාළිසකි).
Pali BJT15. එසනාවග්ගො
Sinhala BJT15. ඒසනා වර්‍ගය
Pali BJT1. 15. 1.
Sinhala BJT1. 15. 1.
Pali BJTඑසනාසුත්තං
Sinhala BJTඒසනා සූත්‍රය
Pali BJT227. තිස්සො ඉමා භික්ඛවෙ එසනා. කතමා තිස්සො: කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො එසනා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං අභිඤ්ඤාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො. ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං අභිඤ්ඤාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.{*}
Sinhala BJT227. මහණෙනි, මේ ඒසනා (-සෙවුම්) තුනෙකි. කවර තුනෙක යත්; කාමේසනා (-කම්සැප සෙවුම්), භවේසනා (-භවසෙවුම්), බ්‍රහ්මචරියේසනා (-මිසදිටු බඹසර සෙවුම්) යි. මහණෙනි, මේ ඒසනා තුනයි. මහණෙනි, මේ ඒසනා තුන වෙසෙසින් දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතුයි. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිශ්‍රිත විරාගනිශ්‍රිත නිරෝධනිශ්‍රිත ව්‍යවසර්‍ගයට නැඹුරු වූ සම්‍යග්දෘෂ්ටිය වඩයි … සම්‍යග්සමාධිය වඩයි. මහණෙනි, මේ ඒසනා තුන පිරිසිඳ දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 15. 2.
Sinhala BJT1. 15. 2.
Pali BJTදුතිය එසනාසුත්තං
Sinhala BJTදුතිය ඒසනා සූත්‍රය
Pali BJT228. තිස්සො ඉමා ඛො භික්ඛවෙ එසනා. කතමා තිස්සො: කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො එසනා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං අභිඤ්ඤාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං අභිඤ්ඤාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT228. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්: කාමේසනා භවේසනා බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මේ ඒසනා තුනයි. මහණෙනි, මේ ඒසනා තුන වෙසෙසින් දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ රාගය දුරලීමේ කෙළවර කොට ද්වේෂය දුරලීමේ, කෙළවර කොට මෝහය දුරලීමේ කෙළවර කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ඒසනා තුන වෙසෙසින් දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 15. 3.
Sinhala BJT1. 15. 3.
Pali BJTතතිය එසනාසුත්තං
Sinhala BJTතතිය ඒසනා සූත්‍රය
Pali BJT229. තිස්සො ඉමා ඛො භික්ඛවෙ එසනා. කතමා තිස්සො: කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො එසනා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං අභිඤ්ඤාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති, අමතොගධං අමතපරායනං අමතපරියොසානං. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං අභිඤ්ඤාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT229. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්; කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු මේ තුන් ඒසනාවෝ යී. මහණෙනි, මේ තුන් එ්සනාවන් වෙසෙසින් දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ නිවනට ඇතුළත් වූවක් නිවන පිහිට කොට ඇත්තක් නිවන කෙළවර කොට ඇත්තක් කොට සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 15. 4.
Sinhala BJT1. 15. 4.
Pali BJTචතුත්ථ එසනාසුත්තං
Sinhala BJTචතුත්‍ථ ඒසනා සූත්‍රය
Pali BJT230. තිස්සො ඉමා ඛො භික්ඛවෙ, එසනා. කතමා තිස්සො: කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො එසනා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං අභිඤ්ඤාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති, නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං අභිඤ්ඤාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT230. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්: කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු තුන් ඒසනාවෝ යි. මහණෙනි, මේ තුන් ඒසනාවෝ පිරිසිඳ දැනීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් ඒසනාවන් වෙසෙසින් දැනීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 15. 5-8.
Sinhala BJT1. 15. 5-8.
Pali BJT5-8 එසනාසුත්තානි
Sinhala BJT5-8 ඒසනා සූත්‍ර
Pali BJT231-234. තිස්සො ඉමා භික්ඛවෙ, එසනා. කතමා තිස්සො: කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො එසනා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං පරිඤ්ඤාය -පෙ- අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT231-234. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙක යත්; කාමේසනා භවේසනා බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු මේ තුන් ඒසනාවෝ යි. මහණෙනි, මේ තුන් ඒසනාවන් පිරිසිඳ දැනීම පිණිස … මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT(යථා අභිඤ්ඤාවාරො තථා විත්ථාරෙතබ්බො.)
Sinhala BJT(අභිඤ්ඤාවාරය මෙන් විස්තර කටයුතු)
Pali BJT1. 15. 9-12.
Sinhala BJT1. 15. 9-12.
Pali BJT9-12 එසනාසුත්තානි
Sinhala BJT9-12 ඒසනා සූත්‍ර
Pali BJT235-238. තිස්සො ඉමා භික්ඛවෙ, එසනා. කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො එසනා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං පරික්ඛයාය -පෙ- අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT235-238. මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙකයත්; කාමේසනා, භවේසනා, බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු මේ තුන් ඒසනාවෝයි. මහණෙනි මේ තුන් ඒසනාවෝ ක්‍ෂය කිරීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතුය. කවර අරීඅටඟිමඟෙක් යත්: මහණෙනි, මෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරුවූ නිවනට බරවූ සම්මාදිට්ඨිය වඩයි. සම්මාසමාධිය වඩයි. මහණෙනි මේ තුන් ඒසනාවන් ක්‍ෂය කිරීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේය.
Pali BJT(යථා අභිඤ්ඤාවාරො තථා විත්ථාරෙතබ්බො.)
Sinhala BJT(අභික්ඥාවාරය මෙන් විස්තර කටයුතු)
Pali BJT1. 15. 13-16.
Sinhala BJT1. 15. 13-16.
Pali BJT13-16 එසනාසුත්තානි
Sinhala BJT13-16 ඒසනා සූත්‍ර
Pali BJT239-242. තිස්සො ඉමා භික්ඛවෙ, එසනා. කාමෙසනා භවෙසනා බ්රහ්මචරියෙසනා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො එසනා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති. -පෙ- සම්මාසමාධිං භාවෙති, විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං එසනානං පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.(යථා අභිඤ්ඤාවාරො තථා විත්ථාරෙතබ්බො.)
Sinhala BJT239-242 මහණෙනි, මේ ඒසනා තුනෙකි. කවර තුනෙකයත්: කාමේසනා භවේසනා, බ්‍රහ්මචරියේසනා යි. මහණෙනි, මොහු තුන් ඒසනාවෝ යි. මහණෙනි, මේ තුන් ඒසනාවන් පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි මේ තුන් ඒසනාවන් පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 15. 17-32.
Sinhala BJT1. 15. 17-32.
Pali BJTවිධාසුත්තානි
Sinhala BJTවිධා සූත්‍ර
Pali BJT243-258. තිස්සො ඉමා භික්ඛවෙ, විධා. කතමා තිස්සො: “සෙය්යො හමස්මී”ති විධා, “සදිසො හමස්මී”ති විධා, “හීනො හමස්මී”ති විධා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො විධා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං විධානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං විධානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT243-258. මහණෙනි, මේ විධා (-මාන) තුනෙකි. කවර තුනෙක යත් “මම ශ්‍රේෂ්ඨයෙමි”යි මානයෙකි. “මම සදෘශයෙමි”යි මානයෙකි. “මම හීනයෙමි”යි මානයෙකි. මහණෙනි, මේ මානතුනයි. මහණෙනි, මේ මාන තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ක්‍ෂය කිරීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ මාන කොටස් තුන වෙසෙසින් දැනීම පිණිස පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT(යථා එසනාසුත්තානි තථා විත්ථාරෙතබ්බානි.)
Sinhala BJT(ඒසනා සුතුරු මෙන් විතර කටයුතු)
Pali BJT1. 15. 33-48.
Sinhala BJT1. 15. 33-48.
Pali BJTආසවසුත්තානි
Sinhala BJTආසව සූත්‍ර
Pali BJT259-274. තයො මෙ භික්ඛවෙ, ආසවා. කතමෙ තයො: කාමාසවො භවාසවො අවිජ්ජාසවො. ඉමෙ ඛො භික්ඛවෙ, තයො ආසවා. ඉමෙසං ඛො භික්ඛවෙ, තිණ්ණන්නං ආසවානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො? ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමාසං ඛො භික්ඛවෙ, තිණ්ණන්නං ආසවානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT259-274. මහණෙනි, මේ ආස්‍රව තුනෙකි. කවර තුනෙක යත්: කාමාස්‍රව භවාස්‍රව අවිද්‍යාස්‍රව යි. මහණෙනි, මේ ආස්‍රව තුන යි. මහණෙනි, මේ ආස්‍රව තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් ද යත්: මහණෙනි, මෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ආස්‍රව තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 15. 49-64.
Sinhala BJT1. 15. 49-64.
Pali BJTභවසුත්තානි
Sinhala BJTභව සූත්‍ර
Pali BJT275-290. තයො මෙ භික්ඛවෙ, භවා. කතමෙ තයො: කාමභවො රූපභවො අරූපභවො. ඉමෙ ඛො භික්ඛවෙ, තයො භවා. ඉමෙසං ඛො භික්ඛවෙ, තිණ්ණන්නං භවානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ භික්ඛු සම්මාදිට්ඨිං -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, තිණ්ණන්නං භවානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT275-294. මහණෙනි, මේ භව තුනෙකි. කවර තුනෙක යත්: කාමභව රූපභව අරූපභව යි. මහණෙනි, මේ භව තුන යි. මහණෙනි, මේ භවත්‍රය වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ භවත්‍රය වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහුම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 15. 65-80.
Sinhala BJT1. 15. 65-80.
Pali BJTදුක්ඛතාසුත්තානි
Sinhala BJTදුක්ඛතා සූත්‍ර
Pali BJT291-306. තිස්සො ඉමා භික්ඛවෙ, දුක්ඛතා. කතමා තිස්සො: දුක්ඛදුක්ඛතා සඞ්ඛාරදුක්ඛතා විපරිණාමදුක්ඛතා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො දුක්ඛතා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං දුක්ඛතානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං දුක්ඛතානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT291-306. මහණෙනි, මේ දුක්ඛතා (දුක්බැව්) තුනෙකි. කවර තුනෙක යත්: දුක්ඛදුක්ඛතා සඞ්ඛාරදුක්ඛතා විපරිණාමදුක්ඛතා යි. මහණෙනි, මේ දුක්ඛතා තුන යි. මහණෙනි, මේ ත්‍රිවිධ දුඃඛතාවන්ගේ වෙසෙස් දැනුම පිණිස … පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මා සමාධිය වඩයි. මහණෙනි, මේ ත්‍රිවිධ දුඃඛතාවන්ගේ වෙසෙස් දැනුම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 15. 81-96.
Sinhala BJT1. 15. 81-96.
Pali BJTඛිලසුත්තානි
Sinhala BJTඛීල සූත්‍ර
Pali BJT307-322. තයොමෙ භික්ඛවෙ, ඛිලා. කතමෙ තයො: රාගො ඛිලො දොසො ඛිලො මොහො ඛිලො. ඉමෙ ඛො භික්ඛවෙ, තයො ඛිලා. ඉමෙසං ඛො භික්ඛවෙ, තිණ්ණන්නං ඛිලානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, තිණ්ණන්නං ඛිලානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT307-322. මහණෙනි, මේ ඛීල (හුල්) තුනෙකි. කවර තුනෙක යත්: රාගඛීල දෝසඛීල මෝහඛීල යි. මහණෙනි, මේ ඛීල තුන යි. මහණෙනි, මේ ත්‍රිවිධ ඛීලයන්ගේ වෙසෙස් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ ත්‍රිවිධ ඛීලයන්ගේ වෙසෙස් දැනුම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 14. 97-112.
Sinhala BJT1. 15. 97-112.
Pali BJTමලසුත්තානි
Sinhala BJTමල සූත්‍ර
Pali BJT323-338. තීණිමානි භික්ඛවෙ, මලානි. කතමානි තීණි: රාගො මලං. දොසො මලං. මොහො මලං. ඉමානි ඛො භික්ඛවෙ, තීණි මලානි. ඉමෙසං භික්ඛවෙ, තිණ්ණන්නං මලානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, තිණ්ණන්නං මලානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT323-338. මහණෙනි, මේ මල (කිලිටි) තුනෙකි. කවර තුනෙක යත්: රාගමල යැ දෝසමල යැ මොහමල යැ යි. මහණෙනි, මේ මල තුන යි. මහණෙනි, මේ මල තුන වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු යි. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමි වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මා සමාධිය වඩයි. මහණෙනි, මේ තුන්මල වෙසෙසින් දැනීම පිණිස ... පිරිසිඳ දැනීම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 15. 113-128.
Sinhala BJT1. 15. 113-128.
Pali BJTනීඝසුත්තානි
Sinhala BJTනීඝ සූත්‍ර
Pali BJT339-354. තයොමෙ භික්ඛවෙ, නීඝා{1}. කතමෙ තයො: රාගො නීඝො. දොසො නීඝො. මොහො නීඝො. ඉමෙ ඛො භික්ඛවෙ, තයො නීඝො. ඉමෙසං ඛො භික්ඛවෙ තිණ්ණන්නං නීඝානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමෙසං ඛො භික්ඛවෙ, තිණ්ණන්නං නීඝානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT339-354. මහණෙනි, මේ නීඝ (දුක්) තුනෙකි. කවර තුනෙක යත්: රාගනීඝ, දෝසනීඝ, මෝහනිඝ යි. මහණෙනි, මේ නීඝ තුන යි. මහණෙනි, මේ නීඝතුන වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක් යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ නීඝතුන වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස ... මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 15. 129-144.
Sinhala BJT1. 15. 129-144.
Pali BJTවෙදනාසුත්තානි
Sinhala BJTවේදනා සූත්‍ර
Pali BJT355-370. තිස්සො ඉමා භික්ඛවෙ, වෙදනා. කතමා තිස්සො: සුඛා වෙදනා. දුක්ඛා වෙදනා. අදුක්ඛමසුඛා වෙදනා. ඉමා ඛො භික්ඛවෙ, තිස්සො වෙදනා. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං වෙදනානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බො. කතමො අරියො අට්ඨඞ්ගිකො මග්ගො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති. විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. ඉමාසං ඛො භික්ඛවෙ, තිස්සන්නං වෙදනානං අභිඤ්ඤාය -පෙ- පරිඤ්ඤාය -පෙ- පරික්ඛයාය -පෙ- පහානාය අයං අරියො අට්ඨඞ්ගිකො මග්ගො භාවෙතබ්බොති.
Sinhala BJT355-370. මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක යත් සුවවේදනා දුක්වේදනා නොදුක්නොසුවවේදනා යි. මහණෙනි, මොහු තුන් වේදනාවෝ යි. මහණෙනි, මේ තුන් වේදනාවන් වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස ... පැහීම පිණිස අරීඅටඟිමඟ වැඩිය යුතු. කවර අරීඅටඟිමඟෙක යත්: මහණෙනි, මෙහි මහණ තෙමේ විවේකනිස්සිත විරාගනිස්සිත නිරෝධනිස්සිත වොස්සග්ගපරිණාමී වූ සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, මේ තුන් වේදනාවන් වෙසෙසින් දැනුම පිණිස ... පිරිසිඳ දැනුම පිණිස ... ගෙවීම පිණිස … පැහීම පිණිස මේ අරීඅටඟිමඟ වැඩිය යුත්තේ යි.
Pali BJT1. 15. 145-160.
Sinhala BJT1. 15. 145-160.