Saṁyutta Nikāya

Connected Discourses

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12101-12200 න් 15088

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT1. 11. 12.
Sinhala BJT1. 11. 12.
Pali BJTඡට්ඨ සමුද්දනින්නසුත්තං
Sinhala BJTඡට්ඨ සමුද්දනින්න සූත්‍රය
Pali BJT126. සෙය්යථාපි භික්ඛවෙ, යා කාචි මහානදියො සෙය්යථිදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, සබ්බා තා සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති අමතොගධං අමතපරායනං අමතපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJT126. මහණෙනි, යම්කිසි මහානදීහු වෙත් ද ඔහු කවරහ යත්: ගඞ්ඟා යමුනා අචිරවතී සරභූ මහී නදීහු යි. යම්සේ ඒ සියල්ලෝ මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, කෙසේ නම් මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙහි මහණ නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්‍යග්දෘෂ්ටිය වඩයි … නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
Pali BJTතතිය ගඞ්ගාපෙය්යාලො
Sinhala BJTතතිය ගඞ්ඟා පෙය්‍යාලය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමාවලිය:
Pali BJTඡ පාචීනතො නින්නා ඡ ච නින්නා සමුද්දතො, එතෙ ද්වෙ ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපාචීනනින්නසූත්‍ර සයෙකි. සමුද්දනින්නසූත්‍ර ද සයෙකි. මේ ඡක්ක දෙක දොළොස් සූත්‍ර කෙනෙක් වෙත්. එයින් වර්‍ග යයි කියනු ලැබේ යි.
Pali BJT12. චතුත්ථ ගඞ්ගාපෙය්යාලො
Sinhala BJT12. චතුත්‍ථ ගඞ්ගාපෙය්‍යාලය
Pali BJT1. 12. 1.
Sinhala BJT1. 12. 1.
Pali BJTපාචීනනින්නසුත්තං
Sinhala BJTපාචීනනින්න සූත්‍රය
Pali BJT127. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං -පෙ- සම්මාසමාධිං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJT127. මහණෙනි, යම්සේ ගඞ්ගා නම් ගඟ පැදුන්දිගට නැමුණී පැදුන් දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බරවූ සම්‍යග්දෘෂ්ටිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩනුයේ, අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 12. 2.
Sinhala BJT1. 12. 2.
Pali BJTදුතිය පාචීනනින්නසුත්තං
Sinhala BJTදුතිය පාචීනනින්න සූත්‍රය
Pali BJT128. සෙය්යථාපි භික්ඛවෙ, යමුනා නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT128. මහණෙනි, යම්සේ යමුනා නදිය පැදුන්දිගට නැමුණී පැදුන්දිගට නැඹුරු වූවා පැදුන්දිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 12. 3.
Sinhala BJT1. 12. 3.
Pali BJTතතිය පාචීනනින්නසුත්තං
Sinhala BJTතතිය පාචීනනින්න සූත්‍රය
Pali BJT129. සෙය්යථාපි භික්ඛවෙ, අචිරවතී නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT129. මහණෙනි, යම්සේ අචිරවතී නදිය පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 12. 4.
Sinhala BJT1. 12. 4.
Pali BJTචතුත්ථ පාචීනනින්නසුත්තං
Sinhala BJTචතුත්‍ථ පාචීනනින්න සූත්‍රය
Pali BJT130. සෙය්යථාපි භික්ඛවෙ, සරභූ නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT130. මහණෙනි, යම්සේ සරභූ නදිය පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 12. 5.
Sinhala BJT1. 12. 5.
Pali BJTපඤ්චම පාචීනනින්නසුත්තං
Sinhala BJTපඤ්චම පාචීනනින්න සූත්‍රය
Pali BJT131. සෙය්යථාපි භික්ඛවෙ, මහී නදී පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT131. මහණෙනි, යම්සේ මහී නදිය පෙරදිගට නැමුණී පෙරදිගට නැඹුරු වූවා පෙරදිගට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 12. 6.
Sinhala BJT1. 12. 6.
Pali BJTඡට්ඨ පාචීනනින්නසුත්තං
Sinhala BJTඡට්ඨ පාචීනනින්න සූත්‍රය
Pali BJT132. සෙය්යථාපි භික්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්යථිදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, සබ්බා තා පාචීනනින්නා පාචීනපොණා පාචීනපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං -පෙ- සම්මාසමාධිං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJT132. මහණෙනි, යම් කිසි මහානදීහු ඇද්ද ඔහු කවරහ: ගඞ්ඟා යමුනා අචිරවතී සරභූ මහී යන නදීහු යි. යම්සේ ඒ සියල්ලෝ පෙරදිගට නැමුණාහු පෙරදිගට නැඹුරු වූවාහු පෙරදිගට බර වූවාහු වෙද්ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරුවූයේ නිවනට බරවූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරනුයේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 12. 7.
Sinhala BJT1. 12. 7.
Pali BJTසමුද්දනින්නසුත්තං
Sinhala BJTසමුද්දනින්න සූත්‍රය
Pali BJT133. සෙය්යථාපි භික්ඛවෙ, ගඞ්ගා නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං -පෙ- සම්මාසමාධිං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJT133. මහණෙනි, යම්සේ ගඞ්ඟා නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 12. 8.
Sinhala BJT1. 12. 8.
Pali BJTදුතිය සමුද්දනින්නසුත්තං
Sinhala BJTදුතිය සමුද්දනින්න සූත්‍රය
Pali BJT134. සෙය්යථාපි භික්ඛවෙ, යමුනා නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT134. මහණෙනි, යම්සේ යමුනා නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 12. 9.
Sinhala BJT1. 12. 9.
Pali BJTතතිය සමුද්දනින්නසුත්තං
Sinhala BJTතතිය සමුද්දනින්න සූත්‍රය
Pali BJT135. සෙය්යථාපි භික්ඛවෙ, අචිරවතී නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT135. මහණෙනි, යම්සේ අචිරවතී නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 12. 10.
Sinhala BJT1. 12. 10.
Pali BJTචතුත්ථ සමුද්දනින්නසුත්තං
Sinhala BJTචතුත්‍ථ සමුද්දනින්න සූත්‍රය
Pali BJT136. සෙය්යථාපි භික්ඛවෙ, සරභූ නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT136. මහණෙනි, යම්සේ සරභූ නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 12. 11.
Sinhala BJT1. 12. 11.
Pali BJTපඤ්චම සමුද්දනින්නසුත්තං
Sinhala BJTපඤ්චම සමුද්දනින්න සූත්‍රය
Pali BJT137. සෙය්යථාපි භික්ඛවෙ, මහී නදී සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු -පෙ- නිබ්බානපබ්භාරොති.
Sinhala BJT137. මහණෙනි, යම්සේ මහී නදිය මුහුදට නැමුණී මුහුදට නැඹුරු වූවා මුහුදට බර වූවා වේ ද, මහණෙනි, එසෙයින් ම මහණ … නිවනට බර වූයේ වේ යයි.
Pali BJT1. 12. 12.
Sinhala BJT1. 12. 12.
Pali BJTඡට්ඨ සමුද්දනින්නසුත්තං
Sinhala BJTඡට්ඨ සමුද්දනින්න සූත්‍රය
Pali BJT138. සෙය්යථාපි භික්ඛවෙ, යා කාචි මහානදියො, සෙය්යථිදං: ගඞ්ගා යමුනා අචිරවතී සරභූ මහී, සබ්බා තා සමුද්දනින්නා සමුද්දපොණා සමුද්දපබ්භාරා. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරො: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං -පෙ- සම්මාසමාධිං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙන්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොන්තො නිබ්බානනින්නො හොති නිබ්බානපොණො නිබ්බානපබ්භාරොති.
Sinhala BJT138. මහණෙනි, යම් කිසි මහානදීහු ඇද්ද ඔහු කවරහ: ගඞ්ඟා යමුනා අචිරවතී සරභූ මහී යන නදීහු යි. යම්සේ ඒ සියල්ලෝ මුහුදට නැමුණාහු මුහුදට නැඹුරු වූවාහු මුහුදට බර වූවාහු වෙත් ද, මහණෙනි, එසෙයින් ම මහණ අරීඅටඟිමඟ වඩනුයේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වෙයි. මහණෙනි, මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බරවූයේ වේ ද යත්: මහණෙනි, මෙ සස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ අරීඅටඟිමඟ වඩන්නේ අරීඅටඟිමඟ බහුල කරන්නේ නිවනට නැමුණේ නිවනට නැඹුරු වූයේ නිවනට බර වූයේ වේ යයි.
Pali BJTචතුත්ථ ගඞ්ගාපෙය්යාලි
Sinhala BJTදොළොස්වැනි චතුත්‍ථ ගඞ්ඟා පෙය්‍යාලය යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍රනාමමාලාව:
Pali BJTඡ පාචීනතො නින්නා ඡ ච නින්නා සමුද්දතො, එතෙ ද්වෙ ද්වාදස හොන්ති වග්ගො තෙන පවුච්චතීති.
Sinhala BJTපාචීනනින්න සුතුරු සයෙකි. සමුද්දනින්න සුතුරු ද සයෙකි. මේ ඡක්ක දෙක දොළොස්සුතුරෙක් වේ. එයින් වර්‍ග යයි කියනු ලැබේ යයි.
Pali BJT13. අප්පමාදවග්ගො
Sinhala BJT13. අප්පමාද වර්‍ගය
Pali BJT1. 13. 1.
Sinhala BJT1. 13. 1.
Pali BJTතථාගතසුත්තං
Sinhala BJTතථාගත සූත්‍රය
Pali BJT139. සාවත්ථියං:
Sinhala BJT139. සැවැත්නුවර:
Pali BJTයාවතා භික්ඛවෙ, සත්තා අපදා වා දිපදා{1} වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤීනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධො. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි කුසලා ධම්මා, සබ්බෙ තෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා, අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති. අප්පමත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතීති.
Sinhala BJTමහණෙනි, පා නැත්තා වූ ද දෙපා ඇත්තා වූ ද සිවුපා ඇත්තා වූ ද බොහෝ පා ඇත්තා වූ ද රූ ඇත්තා වූ ද රූ නැත්තා වූ ද සඤ්ඤා ඇත්තා වූ ද සඤ්ඤා නැත්තා වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤි වූ ද යම්තාක් සත්‍වයෝ වෙද්ද තථාගත වූ අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි.
Pali BJTකථඤ්ච භික්ඛවෙ, භික්ඛු අප්පමත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අප්පමත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති. අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJTමහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යග්දෘෂ්ටිය වඩයි ... විවේකය ඇසුරු කළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට නැමෙනසුලු සම්‍යක්සමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
Pali BJT1. 13. 2.
Sinhala BJT1. 13. 2.
Pali BJTදුතිය තථාගතසුත්තං
Sinhala BJTදුතිය තථාගත සූත්‍රය
Pali BJT140. යාවතා භික්ඛවෙ, සත්තා අපදා වා දිපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤීනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධො. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති. අප්පමත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං: අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති. අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතීති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අප්පමත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං -පෙ- සම්මාසමාධිං භාවෙති රාගවිනයපරියොසානං දොසවිනයපරියොසානං මොහවිනයපරියොසානං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අප්පමත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJT140. මහණෙනි, පා නැත්තා වූ ද දෙපා ඇත්තා වූ ද සිවුපා ඇත්තා වූ ද බොහෝ පා ඇත්තා වූ ද රූ ඇත්තා වූ ද රූ නැත්තා වූ ද සඤ්ඤා ඇත්තා වූ ද සඤ්ඤා නැත්තා වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤි වූ ද යම්තාක් සත්‍වයෝ වෙත් නම් තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ රාගවිනය පර්‍ය්‍යවසාන වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසාන වූ මෝහවිනය පර්‍ය්‍යවසාන වූ සම්මාදිට්ඨිය වඩයි ... රාගවිනය පර්‍ය්‍යවසාන වූ ද්වේෂවිනය පර්‍ය්‍යවසාන වූ මෝහ විනය පර්‍ය්‍යවසාන වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
Pali BJT1. 13. 3.
Sinhala BJT1. 13. 3.
Pali BJTතතිය තථාගතසුත්තං
Sinhala BJTතතිය තථාගත සූත්‍රය
Pali BJT141. යාවතා භික්ඛවෙ, සත්තා අපදා වා දිපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤීනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධො. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි කුසලා ධම්මා, සබ්බෙ තෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති. අප්පමත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං “අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතී”ති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අප්පමත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති අමතොගධං අමතපරායනං අමතපරියොසානං -පෙ- සම්මාසමාධිං භාවෙති අමතොගධං අමතපරායනං අමතපරියොසානං. එවං ඛො භික්ඛවෙ,{1} භික්ඛු අප්පමත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJT141. මහණෙනි, අපා වූ ද දෙපා වූ ද සිව්පා වූ ද බහුපා වූ ද රූපී වූ ද අරූපී වූ ද සඤ්ඤි වූ ද අසඤ්ඤා වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤි වූ ද යම්තාක් සත්‍වයෝ වෙත් නම් තථාගත අර්‍හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම්කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්මාදිට්ඨිය වඩයි ... නිවනට ඇතුළත් වූ නිවන පිහිට කොට ඇති නිවන කෙළවර කොට ඇති සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
Pali BJT1. 13. 4.
Sinhala BJT1. 13. 4.
Pali BJTචතුත්ථ තථාගතසුත්තං
Sinhala BJTචතුත්‍ථ තථාගත සූත්‍රය
Pali BJT142. යාවතා භික්ඛවෙ, සත්තා අපදා වා දිපදා වා චතුප්පදා වා බහුප්පදා වා රූපිනො වා අරූපිනො වා සඤ්ඤිනො වා අසඤ්ඤිනො වා නෙවසඤ්ඤීනාසඤ්ඤිනො වා, තථාගතො තෙසං අග්ගමක්ඛායති අරහං සම්මාසම්බුද්ධො. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි කුසලා ධම්මා සබ්බෙ තෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා. අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති. අප්පමත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං: “අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතී”ති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අප්පමත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං -පෙ- සම්මාසමාධිං භාවෙති නිබ්බානනින්නං නිබ්බානපොණං නිබ්බානපබ්භාරං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අප්පමත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJT142. මහණෙනි, අපාදක වූ ද දෙපා වූ ද සිව්පා වූ ද බහුපා වූ ද රූපී වූ ද අරූපී වූ ද සඤ්ඤි වූ ද අසඤ්ඤි වූ ද නේවසඤ්ඤිනාසඤ්ඤී වූ ද යම්තාක් සත්ත්‍වයෝ වෙත් නම් තථාගත අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම යම්කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි. මහණෙනි, නොපමා මහණ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බරවූ සම්මාදිට්ඨිය වඩයි ... නිවනට නැමුණු නිවනට නැඹුරු වූ නිවනට බර වූ සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
Pali BJT1. 13. 5-8.
Sinhala BJT1. 13. 5-8.
Pali BJTපදසුත්තානි
Sinhala BJTපද සූත්‍ර
Pali BJT143-146. සෙය්යථාපි භික්ඛවෙ, යානි කානිචි ජඞ්ගමානං{2} පාණානං පදජාතානි, සබ්බානි තානි හත්ථිපදෙ සමොධානං ගච්ඡන්ති. හත්ථිපදං තෙසං අග්ගමක්ඛායති යදිදං මහන්තත්තෙන. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි කුසලා ධම්මා, සබ්බෙ තෙ අප්පමාදමූලකා, අප්පමාදසමොසරණා. අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති. අප්පමත්තස්සෙතං භික්ඛවෙ, භික්ඛුනො පාටිකඞ්ඛං: අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතීති -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT143-146. මහණෙනි, යම්සේ ඇවිදිනසතුන්ගේ යම් කිසි පා සටහන්හු වෙද්ද, ඒ සියල්ලෝ ඇත්පියෙහි ඇතුළත්වීමට යෙත්, ඇත්පිය මහත් බැවින් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙත් නම් ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහු අප්‍රමාදය ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතු යි … බහුල කෙරේ යයි.
Pali BJT(යථා තථාගතසුත්තානි තථා විත්ථාරෙතබ්බානි)
Sinhala BJT(තථාගත සූත්‍ර මෙන් විස්තර කටයුතු යි)
Pali BJT1. 13. 9-12.
Sinhala BJT1. 13. 9-12.
Pali BJTකූටසුත්තානි
Sinhala BJTකූට සූත්‍ර
Pali BJT147-150. සෙය්යථාපි භික්ඛවෙ, කූටාගාරස්ස යා කාචි ගොපානසියො සබ්බා තා කූටඞ්ගමා කූටනින්නා කූටසමොසරණා, කූටං තාසං{1} අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි කුසලා ධම්මා -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT147-150 මහණෙනි, යම්සේ කුළුගෙයක යම් කිසි ගොනැස්හු (-පරාල) වෙත් නම් ඒ සියල්ලෝ මුදුනට ගියාහු මුදුනට නැමුණාහු මුදුන සමග පවත්නාහු වෙති. මුදුන ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු … බහුල කෙරේ යයි.
Pali BJT1. 13. 13-16.
Sinhala BJT1. 13. 13-16.
Pali BJTමූලසුත්තානි
Sinhala BJTමූල සූත්‍ර
Pali BJT151-154. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි මූලගන්ධා, කාලානුසාරි{2} තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT151-154. මහණෙනි, යම්සේ යම්කිසි මුල්ගඳහු වෙද්ද කළුඅගිල් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
Pali BJT1. 13. 17-20.
Sinhala BJT1. 13. 17-20.
Pali BJTසාරසුත්තානි
Sinhala BJTසාර සූත්‍රය
Pali BJT155-158. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි සාරගන්ධා, ලොහිතචන්දනං තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT155-158. මහණෙනි, යම්සේ යම් කිසි හර ගඳහු වෙද්ද, රත්සඳුන් ඔවුන්ට අග්‍ර ය යි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
Pali BJT1. 13. 21-24.
Sinhala BJT1. 13. 21-24.
Pali BJTවස්සිකසුත්තානි
Sinhala BJTවස්සික සූත්‍ර
Pali BJT159-162. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි පුප්ඵගන්ධා, වස්සිකං තෙසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT159-162. මහණෙනි, යම්සේ යම් කිසි මල්ගඳහු වෙද්ද දෑසමන් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.
Pali BJT1. 13. 25-28.
Sinhala BJT1. 13. 25-28.
Pali BJTරාජසුත්තානි
Sinhala BJTරාජ සූත්‍ර
Pali BJT163-166. සෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි කුඩ්ඩරාජානො{3} සබ්බෙ තෙ රඤ්ඤො චක්කවත්තිස්ස අනුයන්තා{4} භවන්ති. රාජා තෙසං චක්කවත්ති අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT163-166. මහණෙනි, යම්සේ යම් කිසි කුඩාරජහු වෙද්ද, ඒ සියල්ලෝ සක්විතිරජුට අනුව යන්නෝ වෙති සක්විති රජ ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම … බහුල කෙරේ යයි.
Pali BJT1. 13. 29-32.
Sinhala BJT1. 13. 29-32.
Pali BJTචන්දිමසුත්තානි
Sinhala BJTචන්‍දිම සූත්‍ර
Pali BJT167-170. සෙය්යථාපි භික්ඛවෙ, යා කාචි තාරකරූපානං පභා, සබ්බා තා චන්දිමප්පභාය{5} කලං නාග්ඝති සොළසිං චන්දප්පභා තාසං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT167-170. මහණෙනි, යම්සේ තරු පිළිබඳ යම් කිසි එළියක් වේ ද, ඒ සියල්ල සඳඑලියෙහි සොළොස්වෙනි කලාවෙන් කලාවකුත් නො අගී. සඳරැස් ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.
Pali BJT1. 13. 33-36.
Sinhala BJT1. 13. 33-36.
Pali BJTසුරියසුත්තානි
Sinhala BJTසුරිය සූත්‍ර
Pali BJT171-174. සෙය්යථාපි භික්ඛවෙ, සරදසමයෙ විද්ධෙ විගතවලාහකෙ දෙවෙ ආදිච්චො නභං අබ්භුසසුසක්කමානො සබ්බං ආකාසගතං තමගතං අභිවිහච්ච භාසතෙ ච තපතෙ ච විරොචති ච. එවමෙව ඛො භික්ඛවෙ, -පෙ- බහුලීකරොතීති.
Sinhala BJT171-174. මහණෙනි, ශරත්කල්හි පහ ව ගිය වලාකුළු ඇති වැස්ස නැවති කල්හි හිරු අහසට නැගෙනුයේ අහසෙහි වූ සියලු අඳුර වෙසෙසින් නසා යම්සේ දිලිසේ ද, තවා ද, බබළා ද, මහණෙනි, එසෙයින් ම ... බහුල කෙරේ යයි.
Pali BJT1. 13. 37-40.
Sinhala BJT1. 13. 37-40.
Pali BJTවත්ථසුත්තානි
Sinhala BJTවත්‍ථු සූත්‍ර
Pali BJT175-178. සෙය්යථාපි භික්ඛවෙ, යානි කානිචි තන්තාවුතානං වත්ථානං කාසිකං වත්ථං අග්ගමක්ඛායති. එවමෙව ඛො භික්ඛවෙ, යෙ කෙචි කුසලා ධම්මා, සබ්බෙ තෙ අප්පමාදමූලකා අප්පමාදසමොසරණා. අප්පමාදො තෙසං ධම්මානං අග්ගමක්ඛායති. අප්පමත්තස්සෙතං භික්ඛවෙ භික්ඛුනො පාටිකඞ්ඛං අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙස්සති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරිස්සතීති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු අප්පමත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු අප්පමත්තො අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJT175-178. මහණෙනි, යම්සේ නූලින් වියන ලද යම් කිසි වස්ත්‍ර වේ ද, කසීවත ඔවුන්ට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම් කිසි කුසල්දහම්හු වෙද්ද, ඒ සියල්ලෝ අප්‍රමාදය මුල් කොට ඇතියහ. අප්‍රමාදය සමග පවත්නාහ. අප්‍රමාදය ඔවුනට අග්‍ර යයි කියනු ලැබේ. මහණෙනි, අරීඅටඟිමඟ වඩන්නේ ය, අරීඅටඟිමඟ බහුල කරන්නේ ය යන මෙය නොපමා මහණහු විසින් කැමති වියයුතුයි. මහණෙනි, නොපමා මහණ තෙමේ කෙසේ නම් අරීඅටඟිමඟ වඩා ද, අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකනිස්සිත වූ විරාගනිස්සිත වූ නිරෝධනිස්සිත වූ නිවනට නැමෙන සම්මාදිට්ඨිය වඩයි ... සම්මාසමාධිය වඩයි. මහණෙනි, නොපමා මහණ තෙමේ මෙසේ අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරේ යයි.
Pali BJT(සබ්බමෙව සාවත්ථිනිදානං යථා තථාගතසුත්තානි සබ්බානි තථා විත්ථාරෙතබ්බානි.)
Sinhala BJT(සියල්ල සැවත ම නිදාන කොට ඇත.) (සියලු සූත්‍ර තථාගතසූත්‍ර මෙන් විස්තර කටයුතු).
Pali BJTඅප්පමාදවග්ගො තෙළසමො.
Sinhala BJTතෙළෙස්වැනි අප්‍රමාද වර්‍ග යි.
Pali BJTතත්රුද්දානං:
Sinhala BJTඑහි සූත්‍ර නාමාවලිය:
Pali BJTතථාගතං පදං කූටං මූලං සාරෙන වස්සිකං, රාජා චන්දිමසුරියා ච වත්ථෙන දසමං පදන්ති.
Sinhala BJTතථාගත, පද, කූට, මූල, සාර, වස්සික, රාජ, චන්‍දිම, සූරිය යී චතුෂ්ක නවයෙකි. වත්‍ථ නමින් දශවන චතුෂ්ක පදය වේ. (වර්‍ගයෙහි සූත්‍රමුළුල්ල සාලිසෙකි)
Pali BJT14. බලකරණීයවග්ගො
Sinhala BJT14. බලකරණීය වර්‍ගය
Pali BJT1. 14. 1.
Sinhala BJT1. 14. 1.
Pali BJTබලසුත්තං
Sinhala BJTබල සූත්‍රය
Pali BJT179. සාවත්ථියං:
Sinhala BJT179. සැවැත්නුවර:
Pali BJTසෙය්යථාපි භික්ඛවෙ, යෙ කෙචි බලකරණීයා කම්මන්තා කරීයන්ති, සබ්බෙ තෙ පඨවිං නිස්සාය පඨවියං පතිට්ඨාය එවමෙතෙ බලකරණීයා කම්මන්තා කරීයන්ති. එවමෙව ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති. කථඤ්ච භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති: අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොති: ඉධ භික්ඛවෙ, භික්ඛු සම්මාදිට්ඨිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං -පෙ- සම්මාසමාධිං භාවෙති විවෙකනිස්සිතං විරාගනිස්සිතං නිරොධනිස්සිතං වොස්සග්ගපරිණාමිං. එවං ඛො භික්ඛවෙ, භික්ඛු සීලං නිස්සාය සීලෙ පතිට්ඨාය අරියං අට්ඨඞ්ගිකං මග්ගං භාවෙති, අරියං අට්ඨඞ්ගිකං මග්ගං බහුලීකරොතීති.
Sinhala BJTමහණෙනි, යම්සේ කායබලයෙන් කළ යුතු යම් කිසි කර්‍මාන්තයෝ කරනු ලැබෙද්ද, ඒ සියල්ලෝ පොළොව නිසා පොළොවෙහි පිහිටා මෙසේ මේ බලකරණීය කර්‍මාන්තයෝ කරනු ලැබෙත්. මහණෙනි, එසෙයින් ම මහණ තෙමේ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමඟ බහුල කෙරෙයි. මහණෙනි, මහණ කෙසේ නම් ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩා ද අරීඅටඟිමඟ බහුල කෙරේ ද යත්: මහණෙනි, මෙසස්නෙහි මහණ විවේකය ඇසුරු කළ විරාගය ඇසුරුකළ නිරෝධය ඇසුරුකළ නිවනට පිරිනැමෙන සම්මාදිට්ඨිය වඩයි. විවේකය ඇසුරුකළ විරාගය ඇසුරු කළ නිරෝධය ඇසුරු කළ නිවනට පිරිනැමෙන සම්මාසමාධිය වඩයි. මහණෙනි, මෙසේ මහණ ශීලය නිසා ශීලයෙහි පිහිටා අරීඅටඟිමඟ වඩයි. අරීඅටඟිමග බහුල කෙරේ යයි.
Pali BJT1. 14. 2.
Sinhala BJT1. 14. 2.
Pali BJTදුතියබලසුත්තං
Sinhala BJTදුතියබල සූත්‍රය